Cherreads

Chapter 31 - 31

මං දන්නෙ නෑ...මට කියන්න තේරෙන්නෙ නෑ මොකක් උනාද කියලා මං එයාට එක පාරම අම්මෙ කිව්වා ....අඩන්න එපා අම්මෙ කිව්වා ....මම කිව්වෙ නෑ මට ඒක කිය උනා...මට එයාට අඩන්න එපා අම්මෙ කියලා කිය උනා.....

එතනින් එහාට උනේ ඊටත් වඩා එයා අඩන්න ගත්තු එක වෙනකොට අනේ මට කරගන්නම දෙයක් නැතුව මං ඒ අත් තද කරලා අල්ල ගත්තා .....

ද...න්නවද ...මට...මට.....අවුරුදු ....දහයකින්....කවුරුත් අම්මෙ කියලා නෑ.....මට....එයා ඇරෙන්න..කවදාවත් ...කවුරුත් අම්මෙ කියලා නෑ.....මගෙ යෙවීන්.....අම්මට ...අම්මට සමා වෙන්න යෙවීන්....අම්ම එදා අලුත්....අලුත්.....

මට අහන් ඉන්න බැරි උනා....එයා අඩන්න ගත්තා ....අවුරුදු දහයකින් එයාට කවුරුත් අම්මෙ කියලා නෑ කියනකොට මගෙ පපුව මොකක්ද උනා...යෙවීන් අම්මට සමා වෙන්න...අම්මයි එක්ක ගියේ ගගා එයා ඉකි ගහන්න ගත්තා .....

මට බත් කන එක එපා උනා .....මං යන්න නැගිට්ටා ....

එපා...යන්න.....

එයා මං යන්න යන හින්දමද කොහෙද ඉක්මනට කදුලු පිහිදගත්තා....පිහිදගන මාව ඉක්මනට ඉන්දෙව්වා ....

ඔයා කන්න....ඔයා කන්න...

කදුලු පිහ පිහ එයා එක දිගටම ඔයා කන්න කියනකොට අනේ මං ආයම ඉදගත්තා ...ඵොටෝ එකෙ ඉන්නෙ පොඩි කොල්ලෙක්.....කව්ද මේ ළමයා...අනේ පව්.....

මං බත් හැන්දක් කටේ දාගන්න ගමන් එයා දිහා බලන් උන්නා ....අපේ ගෙදර ආසාවට මගෙ ඵොටො එකක් නෑ....මං මැරුනොත් අපේ අම්මට අතින් තමා මිනි කොලේ අන්දවන්න වෙන්නෙ...හේතුවක් දන්නෙ නෑ....මං ඒ ෆ්ලෑශර් එකට බයයි...

එයා යන්න ගියා....එදා තිබුන රසම අදත් බත් එකෙන් එනකොට මන් සැරින් සැරේම එයා දිහා බල බල බත් කටින් කට කටේ දාගන්නකොට ජන්දෙ කාරයො තව තව මොනවද ඉල්ලුවා ඒත් ඒ එකක්වත් තිබුන් නැතිවෙනකොට උන් ෆ්‍රිජ් එක ඇර ඇර එක එක දේවල් අරගන්නකොට අර ගෑනු කෙනා බලන් උන්නා හැබැයි වචනයක් වත් කිව්වෙ නෑ....එකක් එයා බය ඇති...මුන් ජන්දෙ කාලෙට හැසිරෙන්නෙ මේ හැම දේම උන්ගෙ වගේ...ජන්දෙ මුවාවෙන් මුන් පුද්ගලිකවත් තරහා පිටදාන්න පුලුවන් ...

මං හිමින් සැරෙ ඒ පැත්ත බලන් ඉදලා අහක බලන්න යනවත් එක්කම කෑ කෝ ගගහා හිටපු උන්ටික සට සට ගාලා කටවල් වහ ගත්තා ....නොදන්න හේතුවකට උන් එක පාරම සංවර වෙනවත් එක්කම කඩේ ඉස්සරහිම්ම කැබ් එකක් නැවැත්තුවා ...ඇමතියවත් ද?

වෙන්න බෑ ....ඇමතියා එන්නෙ නෑ....ඒකා එන්නෙ ජන්ද රැස්වීම තියන වෙලේට මිසක් අනිත් වෙලේට එන්නෙ නෑ.....

ඇරත් ඒකා එනවා නම් ගම කැලඹෙනවා....

එක අතකට ඒක හෙන බොරු වැඩක්නෙ....ගාඩ්ලා පුරෝගන යනකොට පාරෙ යන ඕන එකෙක් බලනවා...තනියෙන් ගියෝතින් අඩුම ගානෙ පාරෙ යන වරත්තු බල්ලෙක් වත් බලන් නෑ ... ...ඒ මිනිහා හිතලම රිස්ක් එකක් ගන්නවද මන්දා ....පඩ ශෝ එක.....

මන් කටට දාගත්තු කැරට් කෑල්ල දත් වලින් හපාගන වාහනේ දිහා බලන් උන්නා....ඒ එක්කම වාහනේටත් කලින් බැහැපු එකෙක් පිටිපස්සෙ දොර අරිනවත් එක්කම ටයිපොල්ලක් බැදපු කෝට් කාරයෙක් බහිනකොට අර ජන්දෙට ගොටු අල්ලන්න යන උන් ටික ඉක්මනට නැගිටගත්තා...

හරියටම ධනුශ් එනකොට කට්ටිය එහා මෙහා වෙනවා වගෙ ...හරියටම තලපති විජේ එනකොට කට්ටිය තක්කු මුක්කු වෙනවා වගෙ ..

අශාන් මහත්තයා ...

ආව එකා අරුන්ව තඹෙකට මායිම් නොකලා උනත් අරුන් නම් කොදු කඩාගන අශාන් මහත්තයා කිව්වා ....

අශාන්.....අශාන් සිල්වා...එහෙනන් සිල්වා ඇමතියගෙ පුතා.....මේ ඉන්නෙ....

මං අර ගෑනු කෙනා දිහා බැලුවා ...මොකද එයා මීට කලිනුත් උන්නෙ ටිකක් ගැස්මෙන් ... ඒත් එයා මෙවෙලේ උන්නෙ රවාගත්තු මූනකින් ....ඇයි ඒ...

මල්ලි....කොහෙද ඉන්නෙ.....?එන්නකො

පන්ති තියනවා කියලා ගානක්වත් නැතිව උන්න මං ඇමති පුතාව වටකරන් උන්න පන්දම් කාරයො දිහා බලන් ඉන්නකොට කඩේ දාලා තිබුන ටීවි එකේ මාරි ටූ ෆිල්ම් එක යනකොට මං අහගන අර ගෑනු කෙනා කාටහරි කතා කරලා එන්න කියනවා ...

අක්කෙ....කිරි තේ එකක් බොමුද .....

හෙන්චයියෙක් දුවගන ඇවිත් මේ ගිනි මද්දහනෙ අක්කෙ කිරි තේ එකක් බොමුද ඇහුවා ....බොමුද අහන්නෙ උඹ බීපන්කො ...

කිරි තේ එකක් බොමුද අහනකොට අර ගෑනු කෙනා ලාවට ඔලුව වනලා යන්න යනකොට අර ආව ඇමති පුත්‍රයා කා එක්කදෝ කෝල් එකකින් කතා කර කර උන්නා වගේම තවත් එක්කෙනෙක් ඇතුලට ආව.....ආ....ඒ නම් අර එදා මේ ගෑනු කෙනා කලන්තෙ දාපු වෙලේ උන්න අනිත් එක්කෙනා වෙනකොට එයා නම් එතන උන්න උන්ව ගානකටවත් නොගෙන එහෙම්ම ඇතුලට ගියා ගිහින් කැශියර් එක ගාව තිබුන පුටුවෙ ඉදගත්තා ...ඉදගන වෙන කොහේවත් නොයා අර ඇමති පුත්‍ර රත්නෙ දිගා කන්න වගෙ බලන් උන්න වගේම ඇමති පුතා ඵෝන් එකෙන් කතා කර කර මුලු කඩේ පුරාවටම ඇවිද ඇවිද යන්න තැනක් නැතිවද කොහෙද මං උන්න ටේබල් එකට ඇවිත් ඉදගත්තා ...

ම්හුක්...ෆුල් සූට් ගහලා උන්නට මූ ගාව සිගරට් ගද ....ඊටත් මූනෙ තියන මදාවි පාට.....මං මිනිහගෙ මූන ස්කෑන් කරන්න ගත්තා ..මූන විතරක් නෙවෙ ඒකගෙ සර්වාංගෙම .....

අතක කැලලක්.....නිකට ගාවත් කැලලක්...

මූ නම් මදාවියෙක් වෙන්න ඇති...ඇයි ඉතින් තාත්තා ඇමතියනෙ....

මං චිලිපේස්‍ට් ටිකක් බත් කටකට හාමු කරන් කටේ ඔබා ගන්නකොට ඒකා අතේ දාගන උන්න මුද්ද ඇගිල්ලකින් කරකව කරකව කතා කරන්න ගත්තා ....

මන්දිරා.....හැම වෙලේම මොකක්ද තමුන් ඔය අහන්නෙ....මට ඒක කියනවා ....තමුන් හොදටම දන්නවා ඉලෙක්ශන් එකට තව දින කීයද කියලා ....ඩැඩීගෙ දේවල් වලට එහා මෙහා දුවන්නෙ මම කියලා දන්නවා ...ඒක නිසා පොඩ්ඩක් පාඩුවෙ පැත්තට වෙලා ඉන්නවා මගෙ ඔලුව නොකා .....

.....

ඉතින්....ඉතින් අයිසෙ....තමුසෙට මා එක්ක ඉන්න එක ඔය තරම් වදයක් නම් අයින් වෙනවකො....

ඌට ලව් හුටපටයක් වගේ...ඇමතියලගෙ පුත්තුනෙ...

මං ආයම ටීවි එක දිහා බලනකොට මාරි මොකක් හරි මගුලකට එන්ටර් වෙන සීන් එකක් යනගමන් තිබුනා වගේම මෙච්චර වෙලාම රවාගන වගෙ බලන් උන්න අර පිරිමි කෙනා දත්මිටි කාගන වගෙ ඇවිත් කිරි තේ එක ගෙනත් ටේබල් එක උඩින් තිබ්බා....

එයත් හරිටයටම මාරි වගේ...

ඒ මූනෙ තිබුනෙත් නිකන් කිරි එක ඔලුවට වක්කරන්න පුලුවන් නම් ඒකත් කරනවා වගෙ බැල්මට් එකක් වෙනකොට මාරි එකේ උන්න ධනුශ්...if your bad im your dad කියන දෙබස යනවත් එක්කම අර පිරිමි කෙනත් අනිත් පැත්තට හැරිලා යන්න ගියා ....

සංධීරයා මැරුනේ ඕකා හින්දා ...අපේ එකා ඉස්පිරිතාල ගානෙ දුක් වින්දේ ඕකා හින්දා ...

මල්ලි....

ඌ කොහොමද අද ජීවත් වෙන්නෙ.....අපේ උන්ව වලපල්ලට යවලා උන් කොහොමද රජ සැප ගන්නෙ...

ඇමති හෙන්චයියො ටික යන්න යන්න යනවත් එක්කම කොට කොට කාපු මම බිල් එක ගෙවන්න යනකොට අර මනුස්සයා වාහනේට නගින ඇමති පුතා දිහා බලන් දත්මිටි කනකොට අර ගෑනු කෙනා එයාව පාලනෙ කරගන්න හැදුවා .....

අනේ...මල්ලි....මේ ජන්ද කාලෙ මල්ලි...

ඉතින්....?ජන්දෙ කාලෙ තමා අරූව ඇද පිටින් ගිනි තිබ්බෙ...කෝ....කව්ද ආවෙ....?,

......

ජන්දකාලෙ තමයි කතා කරගන්ඩත් බැරි පොඩි එකාගෙ දත් හැලෙනකන් ගහලා තිබ්බෙ.....අනක් ගුනක් නැතුව ඇනලා තිබ්බෙ....මං මැරෙන්ඩ කලින් ඕකව මරනවා ...

දෙයියනෙ.....මල්ලි ඇති මල්ලි ඇති මේ ළමයත් බය වෙනවා....

මැරෙන්ඩ කලොන් මරනවලු...එහෙනම් ඒක එසේ මෙසේ තරහවක් නම්.නෙවෙ වගෙ...

ග්ග් ...ගාන කීයද ඇ...ඇන්ටී....

මං කාපු බත් එකටයි බීපු මයිලෝ එකටයි ගාන අහනකොට එයා හිනා උනා....

සල්ලි ඕන නෑ ...ඒකට කමක් නෑ....

එයා සල්ලි ඕන නෑ කිව්වා....ඒත් ඉතින් එහෙම කියලා කොහොමද නේ.....මම මගෙ වොලට් එක අතට ගත්තා ...

අයියො සල්ලි එපා දරුවො....සල්ලි ගෙවන්නම ඕනා නම් ආය දවසක එන්න...එතකොට හොදට කාල ගෙවන්නකො...හොදද ...

එයා සල්ලි එපාම කිව්වා සමහර විට වත් එකේ විශේශ මොකුත් තිබුන් නැතිම හින්දා වෙන්න ඇති...පව්.....මම මොකුත් නොකියම එන්න හැරුනා ...අර පිරිමි කෙනා උන්නෙ එසේ මෙසේ තරහකින් නොවෙනකොට ගෑනු කෙනෙත් අනේ මල්ලි අනේ මල්ලි ගගා උන්නා...

.මොකක් හරි ලොකු දෙයක් වෙලා ඇති නැත්තන් ඉතින් ඔහොම තරහා ගනීද මරනවා කිව්වා යකොඩෝ...ඒක නම් යකෙක්....යක්ඛ පුතෙක්...

මම කඩෙන් එලියට බැස්සා...තුනට කාලයි...කාර්ඩ් ලකුනු කරනවා ඇති ..තුනට පටන් ගන්නවා.....ඇමතියගෙ වාහන වලට ජෙට් හයි කරලා වගේ එහෙන් යනවා මෙහෙන් යනවා.....දුම දාගන යනවා හෝන් ගහගන යනවා...

බලන්න සහෝදරවරුනී අපේ පුංචි අම්මගෙ කියලා පටන් ගන්න උන්ගෙ පක්සෙනුත් එහෙන් යනවා.....

සිල්වා කාරයා සාටකෙන් ඉල්ලන්නෙ.....සමහර විට සාටකෙ දාන්නෙ පැරදුනොත් එල්ලිලා මැරෙන්නවත්ද දන්නෙ නෑ....

හතර වටේටම එල්ලලා තිබුන බැනර් වල සිල්වගෙ විරිත්තන් ඉන්න මූන විතරක් නෙවෙ අනාගාරික ධර්මපාල තුමාවත් ඔබ්බලා තිබ්බා...එහෙනම් මතින් තොර රටක් හදන්න වෙන්න ඇති නේ....නැත්තම් ඔහොම දාන්නෙ නෑනෙ.....

මම වට පිටේ තිබුන බැනර් දිහා ඇමතියගෙ වාහන දිහා බලන් ගියා මිසක් පාර දිහා බලන් නොගියකොට මාව ගලක හැප්පිලා හොම්බෙන් යන්න ගියා වගේම කවුරු හරි මාව අල්ලගත්තා ....

ප්‍රවේසමෙන් ...

ස්ස්...සමාවෙන්න....

මෙන්න මේ ලමයටත් ඔතනින් පොතක් දෙකක් දෙන්න....ඉස්කෝලේ යන ලමයිට තමා අපි අත හිත දෙන්න ඕනා.....

අද වහී.....

මාව හැප්පිලා තියෙන්නෙ ආයමත් ර ඇමති පුත්‍රයගෙ ඇගේ වෙනකොට ඒකගෙ තාත්තගෙ මූන ගහපු එක්සයිස් පොත් තුනහතරක් එක්ක සිල්වා පදනම කියලා ගහපු නිල් පෑන් දෙකතුනකුත් තිබ්බ ඒ මනුස්සයා මගෙ ඔලුව අත් දෙකෙම්ම අත ගෑවා....උදේට පැත්තට කරලා පීරපු කොන්ඩෙ කොච්චර පිලිවලට තිබ්බද කියනවා නම් එකම ගහක් වත් හෙලවිලා තිබුන් නැති වෙනකොට මේ යකා අතගැවා විතරයි මගෙ මූන පුවක් බඩිල්ලෙක් වගේ මොට්ට පාට උනා....

ඒ තරම්ම ආදරේ අනේ උඹලට කතිරෙ ගන්න නෙ ....

ඒකා මගෙ ඔලුව අතගාලා අම්මටයි තාත්තටයි සිල්වට කතිරෙ ගහන්න කියන්න කියනකොට මම හා කියන්න දෙපාරක් තුන්පාරක්ම ඔලුව වනනකොට එයා මට හරී...ලස්සන ජනහිත කාමි හිනාවක්....

ම්ම්...පරාර්තකාමි මිනිසුන් ලෝකය ලස්සන කරයි....කමර්ශල් ක්‍රෙඩිට්....!!!

හොම්බෙන් යන්න ගියපු මම පොත් ටිකත් තුරුල් කරන් ඔරලෝසු කනුව ගාව ඉදන් අනිත් පැත්තට පනින්න ඉන්නකොට පාරෙන් එපිට රීගල් ෆිල්ම් හෝල් එක ඉස්සරහා කවුරු හරි හිටන් උන්නා.....හිටන් උන්නා කියන්නෙ කලු පොරවගත්තු කෙනෙක්....

අව් කාස්ටකෙ හින්දම මම ඇස් දෙක පොඩ්ඩක් චූටි කරල බැලුවා...

අප්පට සිරි අලුත් කස්ටමර් ....!!ඒකා මොකද මෙහෙ...හන්දිපත් රුදාවකට බෙහෙත් ගන්නවත් ආවද දන්නෙ නෑ....කලු කුමාරයා වගේ කලු පොරවන්

.

මම හිමීට උන්න තැන ඉදන් අඩි දෙක් තුනක් හරහට ඇවිද්දා... මාව දැක්කොත් ආයමත් අඩගහලා තුස්නිම්භූත වෙන කතාවක් කියයි.....

එයා මාව දැක්කද??

පාර පනින්න ගිහින් අහු මුලුගානෙ රිංගපු මම අනිත්පාර එයා මාව දැක්කද කල්ප්නා කෙරුවා ....නෑ ..එයා මාව දැක්කෙ නෑ...එයාගෙ ඇස් දෙක තිබුනෙ වෙන දිහාවක....එයා බලන් උන්නෙ ඇමතියගෙ නඩේ දිහා...එයා ගාවටත් එකෙක් ඇවිත් කොලයක් දීලා යනකොට එයා ඒක අතට අරන් කොලේ බලලා ඔලුව හෙලෙව්වා...

මහ බකපන්ඩිත ලයින් එක...

කලුවට කලු ඇදන්....බලපියකො අඩේ...ශර්ලොක් හෝම්ස් වගේ....

එයා මහ අමුතුයි....

ගුපතයි .....

.නපුරුයි.....

අප්‍රබ්‍රංසයි...

කොලේ අතේ තියාගන උන්න එයා අනිත් පාර මට දැම්මා වගෙම මාස්ක් එකක් දාන් මේ පැත්තට පනින හදනකොට මෙච්චර වෙලාම පැත්ත ඇවිදපු මම කක්කුට්ටා වගේ පැත්තට පැත්තට පැත්‍තට ගිහින් කොරනේශන් සැලුන් එක ගාවින් පාර පැනලා පස්ස නොබලා පන්තියට දිව්වා....

ටික්...ටි...ක්....ටික්.....ටි...ක්....

ස්ටේජ් එකේ උන්න සර් මයික් එක අරන් එහාට යනවා...ආයම මෙහාට යනවා....

අතේ තිබුන පන්ති කාර්ඩ් එක දිහා බලපු මම ආයම පන්තිය දිහා බැලුවා....කාර්ඩ් එක පන්සීයයි...

එතකොට මෙතනම ඇති ළමයි පන්සීයකටත් වැඩිය ....අඩුම හයසීයක් කියමු... විතර.....පන්සීය හයසීයෙන් වැඩි කරපුවාම...ඇයි අඩේ ගම්පහ එක.....???එක පන්තියද කරන්නෙ නැනෙ....ඒලෙවල් මුල උන් ..අග උන්...??ගම්පහ ඇරුනම තව ඒවත් තියනවනෙ...ම්ම්ම්ම්....මාසික ආදායම.....

මයික් එක අතේ තියන් උන්නග ගුරු මහතා අශෝක මාලා හෝපලු ගහක් ඉඩ නැගන් මල් කඩන හැටි සාලිය කුමාරයා දකින හැටි විස්තර කරනවා....ඒ අස්සෙන් මම සර්ගෙ මාසික ආදායම ගනිනවා...මම එහෙන් එකක් හිතනකොට සර් අශෝකමාලගෙ දනහිස් පොල්කටු දෙක කිරි ඉබ්බෙක්ට සමාන කෙරුවා විතරක් නෙවෙ යට ඉදන් බලනකොට කොහොමද කියල අහනකොට මුලු පන්තියේම උන් සද්දෙට ඌ.. .ඌ ...ගෑවා...

ලමයි කතාවක් තියනවා....හෝපලු ගහක මල් පිපෙන්න නම්....රූමත් කාන්තාවක් ගහට පයින් ගහන්න ඕනා කියලා .....

නිකන් නෙවෙ සර් ඒක කරලත් පෙන්නුවා.....

ම්ම්ම්....ඔය වගේ කෑලි තමා රසාස්වාදයක් ලියන්න කරකවලා ගන්න පුලුවන් .....

මට එහාපැත්තෙ උන්න හරිස්චන්ද්‍ර එකේ කොල්ලා මට ඇනලා නිල්පෑනක් තියනවද අහනකොට තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල් හිතපු මම සිල්වා පදනමේ පෑනක් දෙනකොට ලමයිට නින්ද යයි කියලා හිතලද කොහෙද සර් අශෝක මාලා මමයි ස්වාමිනි....අශෝක මල් වනයේ කියනගමන් කෙල්ලන්ට පුලුවන් තරන් පින් කරන්න කිව්වා එහෙම උනාම ලස්සන රූප සම්පත්තියක් ලැබෙනවා කියලා .. ..

චන්ඩාල කුලේ ඉපදුනත් අශෝකමාලා රූමත්ලු...කලින් ආත්මෙක අම්මට චන්ඩාලි කියපු පවට චන්ඩාලි උනාට පන්සල සුද්ද පවිත්‍ර කරපුනිසා...අරලිය මල් පූජා කරපු නිසා රූප සම්පත්තිය ලැබුනා කියනකොට මම හෙමීට අපිට අනිත් පැත්තෙ ඉන්න කෙල්ලො දිහා බැලුවා....

පෝ....මල යකින්නියො....!!!

ඉස්සරහා හෝල්ට් එක් බහිනවා....

නින්දයාගන එනකොටම කොන්දගෙ කන්කරච්චලෙ ඇහුන මම ඇස් ඇරියා ....උදේ ගෙදරින් ආව පාර ආයම ගෙදර යනකොට ඉරත් බැහැගන ගිහින් තියනකොට අද මගමැරුනත් කමක් නෑ හෙට හොදට හුස්ම ගන්නවා කියලා හිත හදාගන්න තිබුන ලොකුම හයිය හෙට පෝය වෙච්ච එක වෙනකොට තව හෝල්ට් තුනකින් මමත් බහින හන්දා මහන්සියට පහලට බර වෙන ඇස් දෙක මම හරි අමාරුවෙන් ඇරගන්නකොට දිනේශ්ගෙ සෙංකඩගල නුවරට යනවත් එක්කම වහින්න ගත්තා ....

දැන් හරිනෙ ඉතින්....!!

වහිනවා .....

චුරු චුරු වැස්ස එක්ක මම බස් එකෙන් බැහැලා ඔලුව අත් දෙකෙම්ම වහගන කඩපිලකට දිව්වා ....

වහිනවා.....

කුඩු පොත ලොකු වැහි බින්දු වෙනකොට මම සයිකල් එක අල්ලන් උන්නා...එක්කො හෙට නිවාඩු එකේ තෙමීගන හරි ගෙදර යනවා....

එන්න එන්නම වැස්ස තද වෙන බව දන්න මම අනිත් පාර දිනේශයගෙ වස් කවියට බැන බැන සයිකල් එක පදින්න ගත්තා.....

වහිනවා .....විදුලි කොට කොට වහිනවා.....සමහර විට හෙට පෝය නිසාවෙන්න ඇති....

සුදු ශර්ට් එක ඇගටම ඇලෙනකොට ශීට් එකේ ඉදගන්නෙ වත් නැතිව හිටගනම පැද්ද මම එක හුස්මටම ගෙදර ආවා....

අ...ම්මේ....හ්

වේව්ලනවා....වැහි සීතලට මාව වෙව්ලනවා....

ඒයි මෙන්න මේ කොල්ලා වැස්සෙම ගෙදර ඇවිල්ලා ..

.අනෙව් තාත්තා .....මගෙ බඩ පපුව මොකක්ද වෙලා ගියා .....උදේ ඉදන් තවමත් තාත්තා අර වාහනේ එක්ක ඔට්ටු වෙනවා ...යතුරක් අතේ තියාගන නට් එකක් තද කර කර උන්න තාත්තා කුකුල් පැටියා වගේ නාගන උන්න මාව දැකලා අම්මට කෑ ගහනකොට මම ආයම ගැරජ් එක අස්සට දිව්වා.....

උදේ ඉර පායන්නත් කලින් මජන් ඇදුමට බැහැපු තාත්තා ඉර බැහැගන ගිහිලත් තවම යකඩ කදන් එක්ක....

අනේ ඒයි ඔය ඇති දැන් යකඩ එක්ක ඔට්ටු උනා...මේ වහින වෙලේ දැන්වත් ගෙට එන්නකො..හෙට කරන්න....සැරින් සැරේම විදුලි කොටනවා.....

තාත්තගෙ කට හඩත් එක්ක මාව පිහන්න තුවාය අරන් ආව අම්මා අනිත් පාර තාත්තට ගෙට එන්න කියලා කෑ ගැහුවා....ඇත්තනේ...මේ වැස්සෙ මොන වාහනද...

අම්මගෙන් බැනුම් අහපු තාත්තා අනිත් පාර ගැරජ් එකෙ ලයිට් එකත් නිවාගන මාවත් එක්කම ගෙට එනකොට අම්මා මට බැන බැන මගෙ ඔලුව පිහින්න ගත්ත

එක්කො වැස්ස පායනකන් ඉන්න ඕනා.....කියන දෙයක් අහන්නෙ නෑ.....නාන්නෙහෙම නෑ දැන් තේරුනාද....ඇග හෝදගන හෙට නාන එකයි...

අම්ම බනින වේගෙ අඩුන් වැඩි වෙනකොට පිහන වේගෙත් අඩු වැඩි උනා.....එයා අස්සෙන් තාත්තට බනිනකොට මගෙ ඔලුව හයියෙන් ඔඉහ දැම්මා...ආයම අඩු වෙනකොට හිමින් පිහ දැම්මා....

අ...අම්මා.....

.ඇයි....තව හොදි ඕනෙද

එ ....එපා.....

එහෙනම්....මොනවද ඕනෙ....

ස්ස් ..සම්බෝල...ච්..චූට්ටක්....

හාල් පිටි ඉදිආප්ප වෙනුවට පාන් පිටි ඉදි ආප්ප...

තවමත් බාගයක් ලිපේ තැම්බෙනකොට තාත්තයි මායි දෙන්නම කකා උන්නා....වැස්සෙ නාලා ආව මම බැනුම් අහලා විසේ ගිහින් අවසානෙදි ඇගපත හෝදන් තාත්ත එක්ක කන්න ඉදගත්තා....අද තාත්තා කතා නෑ...තාත්තට මහන්සී හින්දද කොහෙද අද මීක් නොගා කෑවා...තාත්තා ගාව ඉදගන්න ජිමියා සැරින් සැරේම කෙදිරි ගගා තාත්තගෙ කකුල් උඩට කකුල තිය තිය ඉදිආප්පයක් ඉල්ලනකොට අම්මා ඒකට කන්න දුන්නා.....

ත්ත්...තාත්තෙ ...

ම්ම්ම්

අද...ස්ස්..සිල්වා...කරයගෙ....පුතා...පොත් වගයක් ද්..ද්..දුන්නා.....

අප්පටසිරි ..දීලා හොදට ඉගන ගනින් කිව්වද....

න්න්..නෑ අනේ...

.එහෙනම්....

අම්මටයි....ත්ත්...තාතටයි...ඌට ජන්දෙ දෙන්න ..ක්ක්..කිව්වා....

හා දෙන්නම් කිව්ව කියපන්කො...

රතුපාට සම්බෝල චුට්ටක් අරන් හොදි දාගත්තු ඉදිආප්පයක් මැදට තියපු මම ඇගිලි තුඩුවලින් අනනකොට කාලා ඉවර උන තාත්තා අත හෝදන් යන්න ගියා....තාත්තට අද මැරෙන්න තරම් මහන්සි ලූ...අරුන් හදිස්සි කරනවලු....අතේ තිබුන හනස්ස දෙකට ඉරපු අම්මා හෙට කඩේට කෑම දාන්නෙ නැති හන්දා තියන බඩු මූට්ටු අස් පස් කරනකොට මේසෙ උඩ තිබුන අම්මගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා....

අලුත් කස්ටමරයා 

කව්ද පුතා....

.ම්ම්..මුස්පේන්තුවා ....

.යෝ...කොල්ලො...

එ ඒකට ....හෙට...බ්බ්...බඩගින්නෙ....තමා ඉන්න ...ව්...වෙන්නෙ.....

මම රින්ග් වෙන ඵෝන් එක දිහා බලලා අම්ම දිහාවට හැරිලා ඒකට බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ කියනකොට පිගානක් පිරෙන්න කාපු ජිමියා සේප් එකේ පෝරනේ යටට රිංගුවා...මම අයියා වගෙ ඵොඉන් එක ආන්ස්වර් කෙරුවා .....

හ්හ්...හෙලෝ....

.....

අ...අපි...හ්..හෙට...ක්ක්...කෑම.....

නූඩ්ල්ස් එකක් එවන්න...වෙනදා වෙලාවටම....

.

බීප්....බීප්...බීප්...!!!!!

යකො....මුගෙ තියන ඝන කම....කියන්න කලින් නූඩ්ල්ස් එවන්න කිව්වෙ අපිහෙට කෑම දාන්නෙ නෑ... උඹ බඩගින්නෙ ඉදපන්...නාකි පප්පා....

ඇයි පුතා 

කෝල් එක කට් උන ඵෝන් එක දිහ බලන් උන්න මගෙන් අම්මා ඇයි අහනකොට මම අම්මගෙ ඵෝන් එක පැත්තකට දැම්මා...

හ්හ්..හෙට..නූඩ්ල්ස් ....එවන්න කියන්නෙ....අපි...හ්හ්..හෙට 

ඔන්න ආය ගන්නවා...!!!

ඒකා නූඩ්ල්ස් ඉල්ලපු දේ අම්මට කියනවා එක්කම මේකා ආයමත් ගන්නකොට අම්මට කලින් මමම ආය ආන්ස්වර් කෙරුවා...

අපි හෙට ....ව්ව්....වහ

බිත්තරයක් දාන්න....

බීප්....බීප්...බීප්...!!!!

මූ මට වහලා කියන්න දුන්නෙ නෑ....දෙවනි පාරටත් මූ මට ඒක කියන්න නොදී කට් කෙරුවා .....බිත්තරයක් දාන්නලු....ඇයි හිතුවද දන්නෙ නෑ අපේ අම්මා කිකිලියෙක් කියලා බිත්තරයක් දාන්න කියන්නෙ.....

ඇයි ....

බ්බ්...බ්බ්....බ්බ්...

බිත්තර ඉල්ලුවද....

තිබුන තරහව කොයි තරම්ද කියනවා නම් මට බිත්තරයක් ඉල්ලුවා තියා බිත්තර කියන්නවත් බැරි තරමට ගොත ගැහුනා...

.ද්ද්...දැන්...අම්මා....ඒකට...හ්හ්..හෙට....කෑම දෙනවද.....

පව්නෙ ලමයො....

ආ...ආ...ප්ප්...පව්.....එහෙනම්...අම්මම....

දීගන්න...මං....යන්නෙ ..නෑ...මම...ඕකගෙ.....ගෙදරට....යන්නෙ නෑ.....නෑ....ක්ක්...කිවෝත්...නෑ.නෑ...නෑ...

ම.....තමයි....!!!!

ඔය කොහෙද යන්නෙ ....කාල යමං ලමයො.....තියන වසකමක මහත....සංජාන....කන ඇහුනද...

ම්ම්..මට....ඔන්...නැහ්.....

..මම එන්න ආවා ....වෙනදට වරුවක් විතර කන ඵෝන් එකත් පැත්තට දාපු මම කොට්ටෙ අස්සට මූන ඔබා ගත්තා .... කොච්චර කිව්වත් මට ඒකගෙ ගෙදරට යන්න වෙන බව දන්න හන්දම මම කොට්ටෙටත් ගැහුවා.....මට තරහ නෑ....වහලා කියලා.කියන්න දුන්නා නම් මට තරහ නෑ...එක පාරක් නෙවෙ දෙපාරක් . ...ඊයෙ බිත්තර කියන්න දුන්නෙ නෑ...අද වහලා කියන්න දුන්නෙ නෑ...

මුස්පේන්තුවා !!!

ටාං.....ටාං...ටාං......

ම්ම්ම්...හුක්......

අනේ මේ කිරි එක....

ඔතනින් තියන්න....

යකඩ තලන සද්දෙ....අම්මගෙ තාත්තගෙ කටහඩ.....මේ ඔක්කොම එක්ක එලිවෙලා කියන දේ දැනෙනකොට අද පෝය හින්දම මම ආයම ඔලුවෙ ඉදන් පොරව ගත්තා .....

පුතා...

.....

සුදු මහත්තයා ....

.....

සංජාන.....

........

ලමයෝ .....

ඇ..ඇයි...ඇයි ..ඇයි ...අප්පා...ඇයි.....හ්හ්....ඇයී...ඇයී..ඇයි...ඇ...ඇ .අයි.....!!!

මම දන්නවා...මම දන්නවා...ඔය අම්මා කතා කරන හේතුව මම දන්නවා...අරූගෙ බංගලාවට යන්න.....

දොර ඇරුනා....

ඇතුලෙ ඉදන් බෙරිහන් දීපු මම තවත් ඔලුව කොට්ටෙ අස්සෙ ඔබා ගන්නකොට අම්මා දොර ඇරන් ඇතුලට ආවා....

අම්ම සිල් ගන්න යන්නෙ.....මගෙ පුතා අදට විතරක් මේක දීලා එන්න...තාත්තා පව්නෙ....අරුන් සැරින් සැරේම කතා කරනවනෙ.....

......

තාත්තා රෑ ඉදන් වැඩ...නිදා ගත්තෙ නෑනෙ.....අනෙ සංජාන....අම්මගෙ හොද පුතානෙ...තාත්තට සනීපත් නෑ...

මම හොරා වගේ උන්නා....අම්මා සිල්ගන්නලු යන්නෙ...අපේ අම්මා බෞද්ද .....තාත්තා .....කතෝලික ...පල්ලි යන්නෙ මාසෙට පෝයට ...අම්මා පල්ලි යන්න කියන හැම දාකම තාත්තා නිරාගමික වෙනවා....

ටාං ....ටාං.....ටාං....

තාත්තා පවු..... ඊයෙ නිදා ගත්තෙ නෑලු.....

අම්මා මගෙ කොන්ද හරිය අත ගගා....තාත්තාට සනීපත් නෑ කිය කිය කියන කොට මට දුක හිතුනා...මට ඇමතියගෙ හොම්බ තලන්න හිතුනා.....

.

පරිස්සමින් ....පාර බලලා මාරුවෙන්න ඕනේ.....තේරුනාද ...

උඩින් පලෙන් එහෙන් මෙහෙන් මූනකට හෝදගත්තු මම මුනත් කුන්ඩහට්ටියක් කරන් එලියට බහිනකොට යන්න ලෑස්ති වෙලා උන්න අම්මා මට පරිස්සමින් කිව්වා...

..ඒයි.....පන්සල් නේ යන්නෙ..... මගෙ පරන සෙරෙප්පු දෙක දාගන ගිහින් අලුත් දෙකක් දාන් එන්න බැරිද .. .

ඔන්න කිව්වා කතාවක්....

වාහනේ යට රිංගන් උන්න තාත්තා සිල් ගන්න ඉන්න අම්මගෙ සීලෙ ගෙදර ඉදම්ම කුඩු කරන්න හදනකොට මම අරුන්දගෙ කෑම එක අරන් එන්න ආවා...

හයයි විසි පහයි කමක් නෑ තට්ටු කරනවා.....

ගේට්ටුව ගාව ඉදන් ගෙයි දොරකොඩට යනකම්ම වේලුන කොල තිබුන ගෙදර දොරකොඩ ඉදන් මම දොරට තට්ටු කෙරුවා .... ...

.....

මීක් නෑ.....

ක්ක්...කෑම ගෙනාවා....

මම ඉස්තෝප්පුවට ආව වේලුන අරලිය කොලේකට පයින් අනින ගමන් කෑම ගෙනාවා ගාලා කෑ ගැහුවා....

ආයම තට්ටු කෙරුවා ...

මීක් නෑ...

මීක් ...නෑ....

හයයි විසි හතයි ...අනෙ මම මොකටද මැරෙන්නෙ....ඔය විනාඩි තුනෙන් පස්සෙ දොර අරීනෙ ... 

හයහා මාර වෙනකන් දොර අරින්නෙ නැති හන්දම මම වල් වැදුන මිදුල පුරාවටම ඇවිද්දා.....තියන අඩියක් පාසාම සර බර ගාලා කොල පොඩි වෙනකොට කොල ගොඩේ හැංගිලා තිබුන බලු බෙට්ටක් පෑගෙන්න ඔන්න මෙන්න ගිහින් මම කකුල උස්සගන්නවා එක්කම දොර අගුල පනින සද්දෙත් එක්ක මම දොර ගාවට දුවල අද අපි වහලා කියන්න දත කට මැදගත්තා.....

ක්ලික්....ක්ලික්....

දොර ඇරුනා ..

ග්ග්..ගුඩ් මෝර්නින්...අද අපි....ව්ව්..ව්...

ඇතුලට එන්න .....!!

.

....###$&&$$*$*$&&#

ආවේස උනා. ..ආවේස උනා.....මට නහරයක් පුපුරලා යන්න ආවා...තුන් වෙබි පාරටත් මට අද අපි වහල කියන්න ඉඩක් නොදුන්න එයා අඩුම ගානෙ ගුඩ්මෝර්නින්ග් වත් නොකියා ඇතුලට එන්න කියලා ගිහින් ටීවි එක ඉස්සරහින් ඉදගත්තා ...

යොවුන් සිතට දහම් සිසිල!!!

තියන මදාවි වැඩ ඔක්කොම කරලා බලන එක බලපියව්කො.....කෑම එකෙම්ම දමලා අරින්න හිතයි....

ඇතුලට එන්න කිව්වට ඉන් එහා මොකුත් නොකියා එයා ටීවි එක දිහා බලන් ඉන්නකොට මමත් අර මොකාද එකා වගේ ඉදන් එයාගෙ මුන දිහා බලන් පුලුවන් තරන් හිත අස්සෙන් බැන්නා. .....

කාලද ඉන්නෙ.....?

ක්ක්...කන්නෙ ක්ක්..කොහොමද .....ඔයා උදෙම්ම කන්න ඉල්ලුවනෙ....අනික....අද අපි....ව්ව්....

කෑවෙ නැත්තන් ගෙදර ගිහින් කන්න පුලුවන්

#@@@%...අනේ.....මගෙ....කටට....එනවා.....

මගෙ මූන දැන් අබ දැම්මොත් පුපුරන සයිස්.....කාලද ඉන්නෙ අහපු එයා මම නැ කියලා කියාගන යනකොටම ආයම මැදින් පැනලා කෑවෙ නැත්තන් ගෙදරින් කන්න පුලුවන් කියන ගමන් තවත් චැනල් එකක් මාරු කරනකොට මම අර නූඩ්ල්ස් එක "දග් " ගාලා මේසෙ උඩට අතෑරියා හුහ් ..සමහර විට ඊයෙ ආප්පෙ කාපු හින්දා වෙන්න ඇති...පෙරේතයා....!!!

ම්ම්...මම.... .යනවා....

ම්න්....

න්....නූඩ්ඩ්ලස් එකට ...බ්බ් ...

මම බලන්නම්...දැන් යන්න පුලුවන්

.......

උඹ ටීවි එකම කාපන්...ගහකට කොලේකට වතුර ටිකක් දාන්න එපා...

නූඩ්ල්ස් එක ගැන කියන්න ගියපු මට එයා බලන්නම් දැන් යන්න කියනකොට මලෙන් උන්න මම හිතින් බැන බැන එන්න හැරුනා.....ඒත් දොරකොඩ ගාවදි ආය නැවතුනා...ඇයි මම සෙකන්ඩ් වෙන්නෙ... 

.ම්ම්...මහත්තයා...

ම්න්.....

ඔය ...ට්ට්...ටීවි එක...කකා....ඉන්න වෙලේ...ගහකට...කොලේකට....වතුර...ට්ට්...ටිකක් දාන්නකො....ම්ම්...මුස්පේන්තු පාටයි.....

......

යන්න ගියපු මම ආයම ඇවිත් පන්ඩිත කතාවක් කියනකොට එයා ඉදන් උන්න තැනින් නැගිට්ටා....නැගිටල මා දිහා බැලුවා...බැලුවෙ නෑ එහෙම්ම මම ඉන්න පැත්තට ආවා.....මේකට තරහා ගියාද දන්නෙ නෑ.....

පුරුදු බැල්ම මයි...

රවාගත්තු මූන.....

නාකි වෙලා තියෙන්නෙ වසකමටමද මන්දා....ඇයි යකො....

මගෙ ගාවට ආව එයා කෙලිම්ම උලුවැස්ස ගාවට ඇවිත් හිට ගත්තා හිටගන වතුර නැතුව මැරිලා තියන ගස් වැල් දිහා බැලුවා....

ද්ද්....දැක්කනෙ....මහත්තයා...ම්ම්...මං...ක්..කිව්වෙ බොරු න්න්..නෙවෙනේ...

මැරුන ගස් දිහා ඇහිබැම අකුලන් බලන් උන්න එයා අත් දෙකම සාක්කුවට දාගන ඔහේ බලන් උන්නා....බලන් ඉදල මගෙ දිහා බැලුවා....

වැඩක් නෑ.. 

.ඇ ඇයි ...ඇයි ...වැඩක් නැත්තෙ...?

එයා වැඩක් නෑ කිව්වා...ඒ අස්සෙන් අදරෑ හතහ මාරට යන සිත නිවන කතා එකේ කෑල්ලකුත් යනවා...

මං ආස කරන ගහ මෙතන නෑ....

ම්ම්...මෙත...න....න්න්..නෑ.....

ම්න්....

ම්ම්..මොකක්ද....අ...ආසකරන ගහ.....

එයා දොරකොඩින් එලියට ආවා..ඇවිදින් එයා ආස කරන ගහ මෙතන නෑ කියලා එයාගෙ අතේ තිබුන කැලැල දිහා බලලා ආපහු මැරුන ගස් දිහා බැලුවා... 

......

ම්ම්...මොකක්ද...මහත්ත..යා....ආස....කරන...ගහ.....

එල්ලුම් ගහ....

.....!?!?

"සිත නිවන කතා......සිත නිවන කතා...."

🙂ජොබීත නිදහා...ස්ස්ස්

.

.මෙ ලමය බුජි....ඔයලමයිනුත් බුජියන්න...

සෑට අග්ගිය එක්ක එන්නම්.....

මම

Ferdeesha ...

More Chapters