Cherreads

Chapter 35 - 35

යෙවීන්...යෙවීන්...සංජාන .....

ෆර්නැන්ඩොපුල්ලෙ....???

එයාගෙ ඇස් ලොකු උනා ....ඇස් ගෙඩි දෙක එලිය පනින තරමට ලොකු උනා විතරක් නෙවෙ ....එයා සෑහෙන්න වෙලා හුස්මත් හිර කරගත්තා .. ඒ ඔක්කොමත් හරි මගෙ සම්පූරනම නමත් කිව්වා ...

"මගෙ ....ඇබිත්තම....."

අ...අ...ආ...මොකක්ද කිව්වෙ.....?

මොකුත් නෑ.....

එයා මොකක් හරි කිව්වා .. ...බොත්තමක් ගැනද මන්දා.....ඇස් දෙක තාමත් ලොකුයි ඒ අස්සෙන් මගෙ මූන දිහා කන්න වගේ බලාගනත් ඉන්නවා ...කතා කරන්න බැරි උනාට මන් ලස්සනයි ඒක ඇත්ත ඒත් එහෙමයි කියලා ඔහොම බලන් ඉන්න ඕනද නෑනෙ ... එක්කො එහෙම කියන්න හොද නෑ ඒ මනුස්සයගෙ පුතා මං වගේද කව්ද දන්නෙ.....

යෙවීන්...ඔයා....යෙවීන් .....?

ඔ...ඔව්...ඔව්.....යෙ..යෙවීන්....ත්තමයි....අප්පා....කට...ර්‍ර..රිදෙනවා .....

එයා සිය වෙනි පාරටත් මං යෙවීන්ද ඇහුවා ... .දැන් දැන් මට තරහා යාගන එනකොට මම රවා ගත්තා . .....ඒත් එයා නෙවෙ ආපිට රැව්වෙ....එයා වෙනස් උනා...

ඔයාට බඩගිනිද ??

එයා මගෙ මූන දිහා බලාගන බඩගිනිද ඇහුවා . බඩගිනී නේන්නම්...ඔපරේශන් එකකුත් කරලනෙ ඉන්නෙ.....කන්න නැතුව මට කලන්තෙටත් වගෙ.....

ඔ...ඔව්නෙ ....

ම්න්.....මොනවා හරි ගෙනත් දෙන්නද ....

හ්...හාකො....අම්මා...ආ..ආවම...ස්ස්...

මට ඕන සල්ලියක් නෑ...

ඔන්න.. ඔන්න පටන් ගත්තා ...ඔන්න පටන් ගත්තා ...මූ මට කතා කරන්න දෙන්නෙම නෑනෙ මොන මගුලක්ද මන්දා .....

මට ඕන සල්ලියක් නෑ කිව්ව එයා අඩියට දෙකට එලියට යන්න හැදුවා එකත් යට බැනියම පිටින්....යෝ....හ්...මේ අලුත් කස්ටමර් මගෙ ඔලුව හොද නැති කරනවා .....

එයා දිව්වා.....මගෙන් බඩගිනිද අහපු එයා ඊලග තත්ත්පරේදී දිව්වා ...එයා මොකටද මගෙ සම්පූරනම නම දැනගත්තම ඔය තරම් කලබල උනේ ???

මම ජනේලෙන් පිට බැලුවා....

අනේ මන්දා එයා අමුතුයි .....ඒ ලොකු උන හැටියට ඇස් දෙක එලියට පනියීමයි කියලා හිතුනා වනසරා වගේ ඇග පුරාවටම ලප...අනේ එක්කො එයාට එයාගෙ මැරිච්ච ලමයෙක් වත් මතක් උනාද දන්නෙ නෑ.....

.මාව දරු කමට හදාගන්නවත් ගනීද???අම්මගෙන් ඉල්ලයිද.....??දෙයි අපේ තාත්තා...අලුත් කස්ටමර් ගෙ ඇට ගලවයි වාහනවල නට් ගලවනවා වගේ....ඔහොම උන්නට හරි වස මිනිහෙක්නෙ .....අපේ අම්මා කියන්නෙ කොල්ලා කාලෙ මදාවි කම් කරලා අම්මා තමා හදා ගත්තෙ කියලා .....

ඒත් ඉතින් සුදු අම්මියලා කාලෙ සුදු තාත්තිලා කියන දේ අහන්නම එපැයිනෙ .... 

ඔලුව කස කස කල්පනා කර කර උන්න මම මගෙ අත් දෙක දිහා බැලුවා ....දැන් ඉතින් ඉස්කෝලේ ගිහින් ලියලත් හමාරයි.....

යෙවීන්....

...

අත් දෙක දිහා බලන් උන්න මගෙ කන ගාවින් ඇහුන කටහඩත් එක්ක මම ඔලුව උස්සලා බැලුවා හත් ඉලව්වෙ...අලුත් කස්ටර්මර් .....මේ බලපියකො....බෑග් එකක් පිරෙන්ඩ මොනවද ගෙනත් තියෙන්නෙ කියලා.....

.ම්ම්... ම්මේ...ඔ..ක්කොම ම්ම්..මටද??

ම්න්....

.එයා හති දානවා.....බෑග් එක පුරවලා තිබුනෙම කඩචෝරු ...මයිලෝත් තිබුනා....මට හිනාවක් ගියා උස්වත්ත ටිපිටිප් පවා තිබුනා ..ඒ ඔක්කොටම කලියෙන් මගෙ අත ගියෙ මයිලෝ එකට වෙනකොට එයා එක පාරම අර උරෙ ඇදලා ගත්තා ...

අ ඇ...යී....

එකම එක පාරක් නම කියන්න....

යෝහ් ..මේ මොන මගුලක්ද...ඒකා ආයම නම අහනවා..මේකට ඇනසයිමද මන්දා...මේ කියන එක මේ මතක නෑ...මේ මතක නෑ...මේ....මතක නෑ....අර ඇස් දෙක ඊටත් ආයම හීනි වෙලා තිබුනා...කරනන් දෙයක් නෑ...මට හරි මහන්සී.....ඇයි ඉතින් මාව ඔපරේශන් කරලනෙ.....

.

එයා නම අහනවා..මට මයිලෝ එක ඕනා.....කරන්න දෙයක් නෑ...මේක ගනුදෙනුවක් වගේ...අනික වයසක මිනිස්සුන්ව කොලොප්පමට ගන්නත් හොද නෑනෙ.....මම නම කියන්න තීරනේ කෙරුවා ....

.යෙ..යෙවීන්....භ්භ්....භ්භ්.....භ්.....ම්ම්...ම්හ....භ්...ම්ම්...මහ....භ්.....

මගෙ ඇබිත්තම...උඹ ඉන්නවා....

.ම...කැහ්...කැහ්....ම්...මැරෙයි....ය්....ය...කො.....හ්..කැහ් .....!!!!

ස්ස්....සමාවෙන්න....ආ...මේ ඔක්කොම ඔයාට...

මට නම කියලා කට වහන්න හම්බුන් නෑ...එයා මාව මී කතුරට අහු කරගත්තාහා සමානවම එයාගෙ අත් වලට හිර කරගත්තා මදිවට මාව ඉම්බත් එක්ක....ඒ අස්සෙන් මගෙ ඇබිත්තම කිව්වා.....ඒ මොන බොත්තමක්ද ඒ කිව්වෙ.....ඒව්ව්....ළමයි උස්සන එකෙක්ද මන්දා....ඇයි ඉතින් ඇහැට කනට පේන්න ඉන්නවනෙ....

.ම්ම්..මහත්...තයා....ම්...මාව...මර...

කන්න....

වචනයක් සම්පූරන කරන්න දෙන්නෙම නෑනෙ යකො....මේ මොන මගුලක්ද.....???

මගෙ ඇද උඩින් ඉදගත්තු එයා ආයම මට කන්න කිව්වා...දැන් මට කීයක් වචන කියන්න දුන්නෙ නැද්ද ....එරමිනියා ගොතාගන උන්න මගෙ කකුල් මැදින් එයා අර උරේ තියලා ආයම කන්න කියනකොට මම මයිලෝ එක ගන්න අතදානකොට එයත් අත දැම්මා.....

.මයිලෝ එක.....එයා මයිලෝ එක අතට ගත්තා....සමහර විට මට පොවන්න වෙන්න ඇති...ඇයි ඉතින් මට ඔපරේශන් එකක් කරලනෙ....හරි අමාරුයි...කොච්චර උනත් හරි හොද මනුස්සයා...

.මම බලන් උන්නා...එයා මයිලෝ එක අරගන බටේ අරන් ඒකට ගහනකොට මම කට ඇරියා...හැබැයි. . එතනින් එහාට උනේ වෙන දෙයක්....මයිලෝ එක ඒකා බොන්න ගත්තා....ඇයි යකො.....මේ මොන මගුලක්ද???

මට තරහ ගියා...කට ඇරියට පාඩු උන මට තරහා ගියා....

ම්ම්..ම්හත්...තයා....

ම්න්...

ද්...දැන්....මේ..මේවා ගෙනාවෙ...මට...න්න්...නෙවෙද...?

.ඔයාට...

එ...එහෙනම්...ඔ..ඔයා....ඕක...

මං කිව්වෙ කන්න....බොන්න කිව්වෙ නෑ.....අනික.....ඔයාට මෙව්වා බිව්වම....බඩ වේලවනවා.....

..න්...න්න්...නෑ.....මට...මට.....ඊහ්...මට...ව්....ව්.....

මහන්සි වෙන්න එපා...ඔයාටයි අමාරු . ....

නෑ...නෑ...මට ඒක නම් කියන්නම ඕනා.....මට කියන්නම ඕනා...වේලන්නෙ නෑ කියලා මට කියන්නම ඕනා...

මට .. බ්බ්...බඩ....ව්ව් ...ව්වෙ....

මුරන්ඩු කම...

###$%%%$

මගෙ කටට එයා ක්‍රීම් බනිස් කෑල්ලක් එබුවා ..මුරන්ඩු කම කියන ගමන් එයා මගෙ කට වහල දැම්මා.....ක්‍රීම් බනිස්.....එව්ව්.....එව්ව්....මං ආස නෑ...ආස නෑ.....අස නෑ...හ්හ්හ්

මගෙ මූන දැන් තරහට පිපිරෙන්න ඔන්න මෙන්න...ඒත් එයාට නෙවෙ ඒක ගානක් උනේ එයා කෙරුවෙ ලාවට හිනා වෙන ගමන් ජනේලෙන් එලිය බලාගන අර මයිලෝ එක උරවපු එක වෙනකොට මම මොකාද වගේ ක්‍රීම් බනිසෙ ක්‍රීම් ටික ලෑටි ගාන්න ගත්තා වගේම සැරින් සැරේම බෑග් එකට බෙල්ල එබුවා ..

හී....මේ...පොතක් ...ඇට්ලස් චිත්‍ර පොතක්....මේ මොකටද මේ...මෙයා හිතුවද දන්නෙ නෑ මම මේ මාස ගනන් මෙතන ලගින්න ආවා කියලා .....පිස්සු...

ම්ම්..මහත්තයා ....

ම්න්....

ඇ ඇයි...මේ....ප්ප්....

අදින්න.....

...(ඇයි යකො මටත් කතා කරන්න්න් දීපන්කෝ...ව්ව්")මගෙ හිත කැ ගහනවා. දෙයක් අහන්න කලින් මේකා පනින්නෙ ටෙලිපති ද මන්දා.....මම එයා දිහා බලන් උන්නා තැනින් තැන සුදු ගස් තිබුනත් එයාගෙන් හරි අමුතු කඩවසම් කමක් තිබුනා.....තලතුනා පාටයි....ඒ උනත් ..ඒ වයස අස්සෙ කඩවසම් කමක් තිබුනා....මම බලන් උන්නා ඇත්තටම එයා ඇයි එක පාර වෙනස් උනේ....

මම බෑග් එකේ තිබුන පොත අතට ගත්තා . ... කෝ අදින්න දේවල්....මොකුත් නෑ රතුපාට වයිට් බෝර්ඩ් මාර්කර් එකක් විතරයි.... 

.ම්ම්...මහත්...තයා....

ම්න්.....

මෙතන...ත්ත් ..තියෙන්නෙ....එක....පාට...ක්ක්..කූරනෙ...

...

චිත්....රයක්....පා....ට ..ක්..කරන්න...එක...පාටක් ඇතිද ....?

මම රතුපාට මාකර් එක අතේ තියාගන එයාගෙන් චිත්‍රයක් පාට කරන්න එක පාටක් ඇතිද අහනකොට මෙච්චර වෙලාම එලිය බලන් උන්න එයා මගෙ පැත්තට හැරුනා ....

හිනාවක්.....

ඒ නපුරු මූනෙ ...උද්දච්ච බැල්ම අස්සෙ හිනාවක් තිබුනා එයා මගෙ අතේ තිබුන පාට කූර්ව් දිහා බලලා ලාවට ඔලුව හෙල්ලුවා ....

එකක් විතරක් හොදටම ඇති ...උවමනාම තැන විතරක් පාට කරලා අනිත් තැන් අතාරින්න.....

එයා මගෙ අතේ තිබුන මාකර් එක අරගන මට කිව්වා උවමනාම තැන් විතරක් පාට කරලා අදාල නැති තැන් අතාරින්න කියලා....රූපෙක වැදගත්ම තැන මොකක්ද...???

යෙවීන්....

ම්ම්...මහත්තයා....

හිස්පිටුව දිහා බලන් උන්න මට එයා ආයම කතා කෙරුවා ....හැබැයි එයා සංජාන කියනවට වඩා යෙවීන් කියන නමට ආසයිද කොහෙද ...එයා මට යෙවීන් කිව්වා..ඒකත් අර පොඩි ලමයිට කිනවා වගේ යෙවී...ඊ....ඊ...න්...ගාල පොඩ්ඩක් ඇද්දා...

රූපෙක වැදගත්ම තැන දන්නෙ නැද්ද....??

ම්ම්...මිනිස්....ර්‍ර්...රූපෙකද....

ම්න්....

.....

එයා මගෙන් ඇහුවා රූපෙක වැදගත්ම තැන දන්නෙ නැද්ද කියලා .....මහ අමුතුයි.....වේදනාවක් නොවන වේදනාවක්...අනේ මන්දා...මට උත්තරෙ දැනන් ඉදලවත් කියන්න බැහැ වගේ ගතියක් දැනෙනකොට එයා ආයම මගෙ ඔලුව අතගෑවා.....

හදවත...

හ්...හ...දවත....

ම්න්...

ඒක ඇත්ත.....වටිනම තැන හදවත නේන්නම්.....එයා ආයම අහක බලාගත්තා හැබැයි අහක බලන් සාක්කුවට අත දාලා මොක හරි හෙව්වා....

ම්ම්ම්....

ම්ම්ම්...සාක්කුවට අත දාපු එයා ඊලග පාර මගෙ දිහාවට අත දික් කරලා ම්ම්ම්...ගෑවා. හරියටම අර ඉදා මේක ....ආ මේක....කියන්න වගේ වෙනකොට මම එයාගෙ අත දිහා බැලුවා .....ටොපියක් ....රත්තරන් පාට දිලිසෙන කවරෙක ඔතපු ටොපියක් අනිවාර්යයෙන්ම මේක රට ටොපියක්ද කොහෙද .....මම එක අරගත්තා ....අරගන ලෙහුවා.....එයාටත් කෑල්ලක් දෙන්න වෙයි නේද...නැත්තන් හරි නෑනෙ.....

අ...ආ...මහත්තයා ....

එපා....

එයා එපා කිව්වා....එපා කියලා ලාවට හිනා වෙනකොට මම කටේ දාගත්තු ටොපිය එක හක්කක තියාගන අරකෙන් සමනලයෙක් හදන්න ගත්තා....ඒක පුරුද්දක් ....කරන්න දෙයක් නැති උනත් මම සමනලයෙක් හදනවා...

තව චුට්ටකින් අම්මා ඒවි.....තාත්තා ඒවි ...අලුත් කස්ටමර් ට කන්න නැතිවේවි....අපි අද වහලනෙ....අනේ පව්නෙ....

ම්ම්..මහත්තයා...

ම්න්.....

එයා මගෙ අතේ තිබුන සමනලයව මගෙන් නාහම අරගත්තා ...අරගන ඒක දිහා බලන් උන්නා...හැබැයි ආපිට දුන්නෙ නෑ..... එයා ඒක සාක්කුවෙ ඔබා ගත්තා එයා සමනලයන්ට ආස ඇති . ....එක්කො එයත් සමනලයෙක්ද දන්නෙ නෑ ....

..මගෙ මූන රතු උනා....මිනිස්සු සමනලයන්ට ආදරේ උනාට.. . සමනල්ලු වගෙ පාට පාටට ඉන්න මිනිස්සුන්ට වෛර කෙරුවා ....

මිනිස්සු දේදුන්නට ලස්සනයි කිව්වට.....දේදුන්නට ආදරෙ කෙරුවට...දේදුන්නෙ පාට මිනිස්සුන්ට වෛර කෙරුවා ...

පව්...ඒක හොද නෑ....ඒක හොදම නෑ....ඒක පොඩ්ඩක් වත් හොද නෑ ... මිනිස්සු කවදාවත් හිතලා සමනල්ලු වෙන්නෙ නෑනෙ... අපේ අම්මත් ඕක කියනවා....අපේ තාත්තා භූමිට ආසයි ...භූමි ඉන්න හැම ප්‍රෝග්‍රෑම් එකක්ම බලනවා ..අභිශේකගෙ අර භූමි ඉන්න සින්දුව...අනේ ඒක පුදුම විදිහට හිත රිදවනවා... 

ඇත්තටම එහෙම මිනිස්සුන්ටත් පන තියනවා.....

.මම එයා දිහා බැලුවා.... . එයාට අද කන්න නැති වෙයි....ඒත් අම්ම නොදී ඉන්නෙත් නෑ...ඒ උනාට අපි වහලනෙ....අනික මටත් දැන් කරදරයක් උන වෙලාවෙ .....අපේ ගෙදරත් කරදරයක් වෙලා තියන වෙලාවෙ .. ...

.මහත්තයා...අ ..අද ....ප්ප්....පෝය...නෙ...අද අ...පි.....ව්ව්....

එලවලු කෑම විතරයිද දාන්නෙ....කමක් නෑ.....

යෝහ් .....අසනීපෙන් ඉන්න ලමයටනෙ මේ මිනිහා මෙහෙම කරන්නෙ ....අද අපි වහලා. .අපි වහල ...අපි වහලා...යකෝ...අපි වහලා ...යෝහ් ...මට කඩචෝරු ගෙනාවට කමක් නැ...උඹ අද බඩගින්නෙ ඉදපන් මහත්තයා ... .....

තරහ ගියපු මම එක හක්කක තිබුන ටොපිය අනිත් හක්කට මාරු කරගත්තා .... කරගන මම අර හිස් කොලේ කුරුටු ගාන්න ගත්තා ...හිතේ තරහවට චිත්‍රයක් අදින එක වෙනුවට මම කෙරුවෙ කුරුටු ගාන එක වෙනකොට එයා බලන් උන්නා...

.ඒ ටිකෛම්ම මම ආයම ඔලුව ඉස්සුවා....

.මහත්ත...යා.....

ම්න්....

අ අර...මනුස්සයා.....අ..අනේ. එයාව...ම්ම්...මැරෙන ..එකක්...න්න්...නෑනේද....ම්..මහත්තයා ....එ එහෙම...උනොත්...ඇ...ඇමතියා....අ...අපිව.....ග්ග්...ගිනි.....ත්....තියයිනෙ....

...ම්න්...

මම බය උනා. ..මෙච්චර වෙලා අමතක වෙලා තිබුන දෙයක් වතුර යටට ඔබපු ප්ලාස්ටික් බෝලයක් උඩට එනවා හා සමානව උඩට මතු වෙනකොට මම බය උනා මට බය හිතුනා...ඇමතියගෙ හෙංචයියට මොකක් හරි උනෝතින් නෙ ජන්දෙ කාලෙ අපිව ගිනි තියයිනෙ කියනකොට එයා ම්න් ගෑවා...මමබය උනා....

යෙවීන්...ඔයා හිතනවද....ඇමති තුමාට....ඔය මැරුන.....නෑ...නෑ...මැරෙන්න ඉන්න....එක්කෙනාගෙ ජීවිතේ වටී කියලා ම්ම්ම්ම්...?

මගෙ ඇගත් එක්ක සීතල උනා....මම මෙතන මගෙ හිතින් දහ අතේ දෙයියන්ට කිව්වා ඒ මනුස්සයගෙ ජීවිතේ බේරන්න කියලා ...ඒත් එයා කිව්වා මැරෙන්න ඉන්න කියලා ....ඇයි එයා එහෙම....ඇයි එයා ඔච්චර නපුරු...ඇයි එයාට හිතන්න බැරි....??ඒ ඔක්කොමත් කියලා එයා අහනවා ඇමති තුමාට ඒ ජීවිතෙ වටීද කියලා ...

ඇත්තටම නෑ...අවංකෙම්ම නෑ....උන්ට ඒ දන්ඩ ඕනා එගොඩට යනකන් විතරයි ..උන්ට ඉනිමග ඕනා උඩට යනකන් විතරයි ....

මම එයා දිහා බලන් නෑ කියලා කියන්න ඔලුව හෙලෙව්වා ....

උන්ට කවදාවත් මිනිස්සුන්ව වටින් නෑ යෙවීන්.....ඔය මනුස්සයා මැරුනම ගෙදරට ලක්ශ පහක් දෙයි...වටිනම මිනිපෙට්ටියක් අරන් දෙයි....තුන් මාසෙ දානෙ වෙනකන් දාන දෙයි... ඇයි ඒ....ආදරේටද...ඇමතියගෙ පක්කඩි වැඩ කෙරුවටද. . නෑ.....ගෙදර ජන්ද ටික ගන්න....හොද මුන පෙන්නන්න.....ඔය ඇමතිලා කෑගහන තරම් රටට සේවයක් උනා නම්.....ඇයි අද තුන් වේලම ඇල්වතුර බොන උන් ඉන්නෙ.....ම්ම්ම්ම්....මෙ රට කවදාවත් හැදෙන එකක් නෙවෙ පුතා ...උඹත් පොඩි කාලෙ රචනාවට ලියන්න ඇති ශ්‍රී ලංකාව සංවර්ධනය වෙන රටක් කියන රචනාව.....ඕකම මාත් ලිව්වා...ඕකම තාත්තත් ලියන්න ඇති....ඕකම...කවදා හරි....උඹලගෙ දරුවෙකුත් ලියයි....කවදාවත් ඒ වචන වෙනස් වෙනෙ නෑ....හැමදාම එකම තැන.....

.ඒ වගේම ඒ මිනිහා මැරුනත්...උන් දන්න එකම දේ ගිනි තියන එක උනත්.....ගිනි තියන්න එන්නෙ නෑ...මොකද ජන්ද කඩා ගන්න බැරි හින්දා.....බය නොවි ඉන්න.....

එයා ලොකු වේදනාවක් හංගන් කතා කෙරුවා ....

මම එහෙම්ම මගෙ කකුල් උඩ තිබුන කඩචෝරු මල්ල අහකට කෙරුවා ....කරල කොලේ අතට ගත්තා ....

ම්ම්...මහ...ත්තයා...

ම්න්....

මට අහන්න ඕනා උනා එයා යන්නෙ නැද්ද කියලා ....මට අහන්න ඕනා උනා එයා තනියෙන්ද ඉන්නෙ කියලා ....ඒත්....එයා යනවට වඩා එයා ඉන්නවා නම් හොදයි කියලා හිතුනා.....

ම්ම්...මහත්තයා....ය්ය්....යන්නෙ....න්න්...නෑ....

යනවා.....

ක්ක්..කොයි වෙලාවට.....ද....

එයා යනවා කිව්වා.....කොයි වෙලාවටද අහනකොට ඔරලෝසුව දිහා බලපු එයා එහෙම්ම එයාගෙ අත් දිහා බැලුවා .තැන් තැන් වල හම ඇකිලිලා.....අනේ එයාව පිච්චිලාද කොහෙද .....

මට වෙන්න ඕන දේ උනාට පස්සෙ...

...??

වෙන්න ඕන දේ උනාට පස්සෙ ...මොනවද එයාට වෙන්න ඕනා.....මොනවද එයාට වෙන්න ඕනා....එයා අතේ තිබුන කැලලක් උඩ ඇගිල්ල ගෙනියන ගමන් එයාට වෙන්න ඕන දේ උනාට පස්සෙ එයා යනවා කියනකොට මම එයාගෙ පිච්චුන කැලලක් උඩින් ඇගිල්ලක් තියනකොට එයා මගෙ දිහා බැලුවා... රිදෙන්නෙ නැති උනත්...මට රිදෙනවද අහන්න ඕනා වෙනකොට මම ඔලුව චුට්ටක් ඇල කෙරුවා .....හැබැයි.....ඊට කලින් එයා මට කතා කෙරුවා ....

යෙවීන්...

ඇ..ඇයි.....

මට පොඩි උදව්වක් කරනවද.....???

මො...මොකක්ද.....

එයා මගෙන් උදව්වක් ඉල්ලුවා ....සල්ලි හදිස්සියක් වත්ද දන්නෙ නෑ....නැතුව ඇති නේ....ඒත් ඉතින් ...පුලුවන් උදව්වක් තිබුනොත් බෑ නොකියා කරන්න ඕනා ..මොකද එයයි මාව උස්සන් ආවෙ...

මට...මහත්තයා කියන නවත්තන්න....

ම්ම්...ම්හත්.....

....

හ්හ්..හරි....මම...ක්ක්..කවුරු...ක්කියලද...ක්ක්..කතා කරන්න ඕනා...?අ...අංකල්.....ම්ම්...මාමා....අ...අයියා...ක්ක්..කියන්න...නම්...බ්බ්...බෑ.....අනෙ...ඔ..ඔයා....අපේ.....ත්ත්....තාත්තා....ව්ව්....වගේනෙ.....?

.....

මි..මිස්ටර් ...ක්ක්...කියන්නද.....

එපා....

එ..එහනම්.....

සංධීර් කියන්න.....

ස්..ස්ස්...සංධීර් .....????

ම්න්.....

ස්ස්....සංදීධීර්...

🙂ජොබීත නිදහාස්ස්.....

ආයම සෑට එන්නම්.....

මුවපැතියා බුජි...ඔය ලමයිනුත් බුජියන්න...

මම

Ferdeesha ❤️💚😘 ..

More Chapters