Cherreads

Chapter 37 - 37

ලමයෝ...සංජාන ....

මම උන්නෙ මගෙ කාමරෙ....ඉස්පිරිතාලෙන් ටිකට් කපන් ආව වෙලාවෙ ඉදලම මම කෙරුවෙ කාමරේ අස්සට වෙලා දොර වහන් අල්මාරියෙ කොනකම තිබුන මතක ගොඩක් හංගන් ඉන්න මට අමතක මතක එක්ක.....

මල් මල් වැටුන පුංචි කොන්ඩ කටුවක්...පොල්ගෙඩි අකුරු තියන පොතක්.....

යෙවීන් සංජාන...තුන වසර රෝස පන්තිය...

මම රෝස පන්තියෙද ඉදලා තියෙන්නෙ...අපරාදෙ නිල්කටරොලු වගේ එකකට වැටෙන්න තිබුනෙ....

මම පොතේ කවරෙ දිහා බලන් උන්නා ....ඒත් ඒ පොතේ ලොකූ දෙයක් නෑ බාප්පයි නලුවයි විතරයි .....නලුවෝ...නලුවෝ ..නලුවෝ ගාලා ලියලා තිබ්බා .. ඒත් නලුවට කියපු දේවල් නෑ....බාප්පට කියපු දේවල් නෑ....

ඇත්තටම මට බාප්පා කෙනෙක් ඉදලද ??අනේ ඒ බාප්පා කොහෙ ඉන්නවා ඇතිද 

වැඩි හරියක්ම හිස් පිටු තිබුන පොත දිහා බලන් උන්න මම අම්මගෙ කටහඩත් එක්ක පොත වහලා දැම්මා...වෙනමොකටවත් නෙවෙ...අම්මා සංධීර් ගාව අත් එකතුකරන් අඩපු හැටි මතක් උනා....

අමතක මතක ආවට කමක් නෑ මගෙ අම්ම්ගෙ ඇස් නොතෙමා.....

පුතා.....

ඔ...ඕ.....හ්....

මම පොත වහලා ආයම තිබ්බ තැනට දාලා ඉකමනට ගිහින් දොර ඇරියා ..

ඇ ඇයි අම්මා....

මොකද කරන්නෙ දොර වහන්.....එන්න කන්න කාල් රෑට බෙහෙත් ටික බොන්න.....

බෙහෙත්.....

ඒව්....ඒව්....එව්ව්ව් 

බෙහෙත් කියන නම ඇහෙනකොටත් මගෙ බඩ කැලතෙන්න ආවා.....කැලතෙන්න ආවා නෙවෙ...කැලතුනා. රවුම්ම රවුම් අර තඩි පීසීඑම් පෙත්තෙන් දෙකක් බිව්වම ආය වේල් දෙකකට කන්න ඕන් නෑ බඩ පිරෙනවා...

අ...අම්...මෙ....

ම්ම්ම්

ඔය....බ්බ්..බෙහෙත්....ව්ව් ..වලින්....ඕ...ඕනම...කරන බෙහෙත්....ටික...ව්....විතරක් ද්ද්...දෙන්නෙකො....අනෙ.....

ඕනම කරන පෙත්ත විතරක් දෙන්න කියන්නෙ...ඔක්කොම ඕනා තමයි නැත්තන් ඒ ටික නැතුව දෙනවනෙ....

කන්න ඉදගන්න කලිම්ම මම නහයෙන් අඩන්න ගත්තා....මට මෙච්චර හරියක් වෙලා තියනකොටත් ගානක් නැතුව අපිනොදන්න ලයිව් බලනවා....ඇයි යකො.....

මම කෑම මේසේ ඉදගන නියපොත්තකින් මේසේ සූරන්න ගත්තා අද අලුත් කස්ටමර් ...සංධීර් කෑම ඉල්ලලා නෑ...මිනිහට පාටියක්ද දන්නෙ නෑ....නැත්තන් කොත්තුවක් වත් ගේනවද දන්නෙ නෑ....ලෙඩ ගානෙ ඉන්න එලානෙ කියලා මටත් කොත්තුවක් ඉල්ලන්න තිබ්බා...ඒත් කොත්තුකෑව වෙලේ ඉදන් හිතන්නත් කලින් බඩ යනවනෙ...සමහර කොත්තු තියනවා කෝපි වලටත් පදිරි නෑ අප්පා....

අනේ...ඔයාට හොදි දාන්නද....

ම්ම්....වටේටෙම නොදා මැදට දාන්න...පතෝල නම් දාන්නත් එපා....

ඒ අපේ තාත්තා ..හොදි දාන්නද විතරයි ඇහුවෙ...ඒ උනාට ඵෝන් එකේ සිහියෙන් තව හුගාක් ජාති කිව්වා...අද හම්බෙයි ගැරජ් ආනන්දට....."පතෝලා එපා කියන්නෙ ඇතිලියම මම කන්නද" කියන එක අම්මා නෑහැව්ව්වොත් මම හෙලුවෙන් ලයිව් යනවා.... 

ආ....

යෝ මොකක්ද සුදු පතෝලා එපා කිව්වානෙ...

මම හොරා වගේ අම්මගෙ මූන දිහා බලලා තාත්තගෙ බට් පිගාන බැලුවා...හරියටම " බලන්න අම්මෙ දෙන එක කන්න බෑනෙ " කියන්න වගේ වෙනකොට අම්මගෙ කටින් මම බලාපොරොත්තු උන වචන ටික ඉස්පිලි පාපිලි අඩු නැතුවම එලියට පැන්නා.....

පතෝලා එපා කියන්නෙ ඇතිලියම මම කන්නද?

එ...ඒකනෙ....ත්ත්....තාත්තෙ....ප්ප්...ප්ප්..

උඹත් කටවහපන්.....ආව මෙතන උඹත් කාල ගිහින් වේලාසන නිදියපන් හෙට ඉස්කෝලෙනෙ....ඵෝන් කකා ඉන්නෙ නැතුව බුදියන්ඩ ඕනා තේරුනාද උඹට...

මං හිතන්නෙ මට කොහේ හරි තැනක් වැරදුනා....ඒකනෙ තාත්තෙ පරිප්පුත් දාලා තියන එකේ කියන්න කටහදනකොටම "මිනිසුන් කන කිඹුලා" කියලා හෙන බැනර් එකක් ගහලා කිඹුල් බනිසක් පිගානක් උඩ තියාගන මිනිස්සුන්ට මැජික් පෙන්න චූටි මල්ලියි පොඩි මල්ලියි දිහා බලන් උන්න තාත්තා පතෝල තරහව මගෙන් යවන්න ගත්තා ....

මම කොහෙ ඉස්කෝලේ යන්නද....

" ඔපරේශන් එකක් කරලනෙ ඉන්නෙ"....ඉස්පිරිතාලෙට ඇතුල් උන මොහොතේ ඉදන් මෙ මොහොත වෙනකම්ම මට දෙයක් කිව්වොත් මම කියන්නෙම ඕක...අනික ඉස්කෝලේ ගියා උනත් පෑනක් වත් අල්ලන්න බෑනෙ....ඇගිලි නවන්න එහෙම හරි අමාරුයිනෙ.....ස්ටඩී ලීව් කියලා හිතාගන වත් නිවාඩුවක් ගන්න වෙනවා

ඵෝන් එක කකා ඉන්නෙ නැතුව බුදියපන් කියන තාත්තා දිහා බලාගන පපඩම කෑල්ලාක් කටේ ඔබාගත්තු මම කරස් ගාලා එක හක්කකින් හපලා කුරුස් ගාලා අනිත් පැත්තෙන් හපන ගමන් නිදහසට හේතු කියන්න මම වචන ගලපන් ඉදල කට ඇරියා....

..ක්ක්..කොහෙ..ඉස්කෝලේ ය්ය්..යන්න්ද.....මට ඔ...ඔපරේශන්...එකක්...ක්ක්....කරලනෙ...

කව්ද කියන්නෙ.....හිරිවට්ටලා ගහන්න ඕන මැහුම් දෙක තුන උඹට සිහි නැති කරල ගැහුවෙ අඩන හින්දා...ඒකටද උඹ ඔය ඔපරේශන් කරල කියන්නෙ...ගුටි නොකා ඉස්කෝලේ පලයන්....

ඇයි අනෙ ළමයා ලියන්නෙ කරන්නෙ කොහොමද ඇගිලි වත් නවන්න පුලුවන්ද ?ඔයාටත් පිස්සු අකිල

ආ...ඇයි ඌට කන්දෙකක් තියෙන්නෙ අහන් ඉන්න ලියන්න ඕන් නෑ අහන් ඉදලා ආවදෙන් .....

වැඩක් නෑ තාත්තා එලෝ එලෝ පලිගන්නවා ...මං හරී විඩාබර මූනක් මවාගන පපුවට අත තියන් පොඩ්ඩක් කැස්සත් එක්ක....

කැහ් ..කැහ්....

කැස්සට කමක් නෑ....උඹ හෙට ඉස්කෝලේ යන්න ඕනා ගෙදර ඉදන් මොනවා කරන්නද ..මා එක්ක යකඩ තලන්ඩද...උඹත් ඉගන නොගත්තොත් වෙන්නෙ උඹලගෙ සීයා තාත්තා වගෙ ගම්මිරිස් ඇට අස්සෙ ගස්ලබු ඇට දාලා එකාට එකාට විකුනන්න....

අකිල!!!නිකන් බොරු කතා නොකියා ඉන්න අකිල....

එ ....ඒක ත්ත්...තමයි....ස්ස්...සීයා ත්ත්...තාත්තා කවදද එව්වා කෙරුවෙ .....

ඔයා කාල ගිහින් නිදා ගන්න ඔය අනිත් උන්කෑවත් එකයි නැතත් එකයි....

අම්මා යුද්දෙ ප්‍රකාශ කරන්න ගත්තා ...තාත්තා අදත් අම්මව මඩවන්න ගන්නකොටම මං අම්මගෙ පැත්තෙන් හිටගත්තා වගේම අම්මා මට කාලා ගිහින් නිදියන්න කියනකොට මං තවත් පපඩම් කෑල්ලක් කටේ ඔබාගන හොදි චුට්ටක් ගන්න නැගිට්ටා විතරයි තාත්තා ආයම කට ඇරියා ....

දැක්කනෙ ...දෝනියටයි දෝනියගෙ පුතුකියටයි හරී අමාරුයි තාත්තගෙ හපන් කම් කියවනකොට ...ගැස්සිලි පැද්දිලි වැඩක් නෑ දෝනියෝ ..පුතුකියව වහාම ඉස්කෝලේ යවන්ඩ ඕනා. ....

යෝ....හ්හ්...ත්ත්...තාත්තෙ ක්ක්..කට ප්ප්..පියා ගන්ඩකො...ල්ල්...ලෙඩෙක්ටවත් ස්ස්. සැනසීමක් නෑනෙ.....

තාත්තගෙ කන්දොස්කිරියාව අස්සෙ කොහොම හරි අතින් කන්න බැරි මම ගෑරුප්පුවෙන් කන්න ගත්තා උනත් ඒකෙනුත් බැරි වෙනකොට තාත්තා ලව්වම කවාගත්තා

කෝ ආ ගාපන්....ලොකුවට හූනු බිජ්ජක් වගෙ කට ඇරියම බත් ඇට දෙකයි තුනයි කටට යන්නෙ...කතා කරගන්ඩ බැරි උනාට ඇගේම හයිය කටට යනවා...උඹටත් දෙනවා මං කොයිවෙලේ හරී....

අ...අප්ප්...පෝ....ත්ත්....තාත්තෙ....පතෝ....ල...

ආ ගාපිය.....

මගෙ මූන දෙක උනා.....තාත්තට ගිල්ලවන්න හදපු පතෝල ටික මට කැවෙනකොට මන් නහයෙන් ඇඩුවා ..ඔට කොච්චර කිව්වා උනත් මාව හෙට ඉස්කෝලෙ යවන්නෙ නැති බව දන්න මං කාලා විරෝගෙනම බෙහෙත් ටිකත් බිව්වා ඔක්ක්කොම හොදයි තුවාල වෙලෙන්න දෙන කරල් වල ගද වගේම පෙතිවල සයිස් එකට මට කාපුවා ආපහු උඩට එන්න එනකොට සූප්පු කරන්නවත් ටොපියක් නැති තැන මං නෙස්ටමෝල්ට් හැන්දක් කටේ ඔබාගන දිව්වා .....

"වෙයියින්....."

මං උන්නෙ කාමරේ.....ප්‍රබීත්ගෙන් ආව මැසේජ් එකට මං හොදින් කියලා රිප්ලයි එක දාපු මං ඇදේ පෙරලීගන TU බලන්න ගත්තා ...

මං දන්නෙ නෑ මේක බලන කීවෙනි වතාවද කියලා ...එකපාරින් ආය ආයම බලවන්න තරම් පිස්සුවක් ඇති කරපු ටීයූ තනිකරම වංකගිරියක් වගෙ උනා....ඇතුලට යාමක් මිසක් ආපහු එලියට ඒමක් නැතිවෙනකොට මං අම්මටත් බලන්න කියලා වද දුන්නා .....තාත්තා බලන්න ගත්තු වෙලේ ඉදන්ම අහන්නෙ උන් දෙන්නා යාලුවොද බන් යාලුවොද බන් කිය කිය සියවතාවක් විතර අහනවා .....

මං බලන් උන්නා...වංජි දනගහන් ඉන්නවා .....සුදුම සුදු හිම ගොඩක් උඩ....නෑ....හින ඇවිදින් එයාව වටකරන්.....

කවෘ කොහොම කිව්වත්....වංජි කොහොම වෙයියින්ව අතාරින්නද.....

පපුව ඇදුම් කන්න ගත්තා ....මගෙ වයසෙ...මගෙ පංතියෙ බාගෙට බාගයක් උන්ට කෙල්ලො කොල්ලො ඉන්නකොට ආදරේ කරනවා තියා ක්‍රශ් එකක් වත් විහිලුවටවත් නැති මට වංජිගෙ විරහව දැනෙන්න ගත්තා...

කොහොමද මනුස්සයෙක් ඔය තරම් ආදරේ කරන්නෙ???

මං මගෙම්ම ඇහුවා ....අම්මා තාත්තට පිටින් ආදරයක් ඇපි හැමෝම හොයනවා සමහරු විදිනවා....

මන් දන්නෙ නෑ....මට විස්වාසත් නැහැ...ආදරයක් විදින්න වෙයිද කියලා .....ඒත්.....වංජිව දැක්ක දා ඉදන් ...මන් වංජි කෙනෙක් හැමෝටම හොරාවට ප්‍රාර්තනා කෙරුවා ...

ඇත්ත....

වංජිලා අඩුයි....

යතාර්තයෙන් නොසෑහෙන්න ඈතයි....

අවුරුදු දාසයක් ...

මතකයක් එක්ක විතරක් තනිවෙනවා කියන්නෙ....

ආශියෑන් ....ආශියෑන් ....මෝඩයා.....ඇයි ඒ ආදරේ තේරුම් ගන්න අමාරු උනෙ...

අහේතුවකට මගෙ ඇස්වලට කදුලු ඉනුවා ....

මං ආශියෑන් උනෝතින් ....

වංජිකෙනෙක් ඉදීද මං වෙනුවෙන් ...??

හිම වැටෙන හැටි බලන්න බැරි උනත්...උදේ පායන ඉර හවස බැහැන් යන හැටි බලන්නවත් ....

මං එහෙම්ම ost එක ප්ලේවෙන්න දාලා පොරවගත්තා .....

කලුපාට අහසෙ සුදුපාට හද පායලා ...ඒ හඳ එලියම ජනෙල් පියන් ලහු කරන්...ජනෙල් තිර පහුකරන් ඇවිත් මගෙ ඇද තෙමුවා ....මට වංජිගෙ ජින්ශිය මතක් උනා....

වංජි....අධිරජ මදහස පවා ගෙනල්ලා හංගගන්න තරම් ....රතුපීත්ත පටිය පරිස්සම් කරන්න තරම් ....

ආශියෑන් මට ඊරිසියයි.....

මට උඹත් එක්ක නොසෑහෙන්න ඉඊරිසියයි ආශියෑන් ....

මං ඇස්පියාගත්තා ....පියාගන ඔහේ සින්දුව අහන්න ගත්තා .....මම විරහව විදින්න ගත්තා ...මටත් නොදැනිම මගෙ ඇස්වලට වංජි නින්ද ගේනකොට මං වංජි කෙනෙක් ප්‍රාර්තනා කරන ගමන් නින්දට වැටුනා.....

*

*

*.......

සන්තාන සුසුම් දවටා...

හන්තාන සුළග හැමුවා.....

මං ගාව රැළිති නඟවා...

ගංගාව ඔහේ ගැලුවා.....

ඉරපායලා ....මල් පිපිලා...වෙනදා වගේමයි.....අලුත් දවසක් පටන් අරන් .....උදෙ ඇස් ඇරෙන පමාවට ඇහුන සින්දුව එක්ක ආයමත් වේදනාවක් ....කටහඩ නිකන් අමරසිරි පීටිස් මහත්තයගෙ වගෙ....ඒත් ඒ එයා නෙවෙ.....ගැඹුරුයි ...පැහැදිලියි.....හැගීම්.පිරුන කටහඩක් ....

මන් එහෙම්ම අතපත ගාලා ඵෝන් එක ගත්තා ....

අටහමාරයි...!!!

සංධීර්ට කෑම.....

මම ඉද්ද ගහකා වගෙ නැගිට්ටා නැගිටලා ඉදගත්තා .....අම්මා කතා කෙරුවෙ නෑ....තාත්තා ගිහින් දීලාවත් ද???

අම්මගෙන් ගිහින් අහන්නත් බෑ...යන්න බෑ ගගා යන ගෙදර ගැන හේතුනැතිව අහන්නෙ කොහොමද ...

එයා මාව දන්නවලු....

ආයමත් අර කතාව උදේ පාන්දර මතක් වෙනකොට මට අම්මගෙන් සංධීර් ගැන අහන්න බෑ...අම්මා ඇඩුවා මාව ගෙනියන්න එපාය කියලා .....මට පැති දෙකක් හිතන්න වෙනවා...අම්මගෙ ඇස්වලට කදුලු නොදී...මාව මතක මට අමතක එයා කව්ද කියලා මට හොයා ගන්න ඕනා....

මං ඇදෙන් බැස්සා ....සීතලයි .....සීතලම සීතලයි ....රතුපාට සිමෙන්ති පොලව යටිපතුලෙන් මුලු සර්වාංගෙම සීතල කරනකොට මං හිමින් හිමින් බාතෲම් එකට ගියා.....

දැන් කොහොමද මූන හෝදන්නෙ.....පස්සට නම් හෑන්ඩ් ශවර් එකවත් අල්ලන්න පුලුවන් ...එක්කො අත් වලට රබර් මේස් දෙකක් වත් දාගන්න වෙනවා .....

ඊහ්හ්.....ප්ප්.....

සීතලයි ....

රබර් අත්මේස් දෙකක් හොයලා හොයලා දාගත්තු මම අදත් බෙරිහන් දීගනම ඇග හෝදලා කුසියට ගිහින් ඉදගන්නකොට අම්මා දවල්ට දාන්න කෑම හදනවා ...

අම්මෙ.....

ඇයි.....

උදේට කන්න තිබුනෙ පාන්....ධනවත්තු තමයි....ඇයි ඉතින් පාන් කනවා කියන්නෙ නිකන්ද ...මං තෙල් වාටිය අරගන ඊයෙ ඉතුරු හොදි එකට එබුවා ..ඒකත් එබුවා කියන්නෙ මාලු හොද්ද ආයම උදේට රත් කරනකොට මැටි හට්ටියෙ කරවෙන කොටසෙ ඇතිල්ලුවා ...ආය ඉතින්....කියලා වැඩක් නෑ ඒ රස ගැන නම්...

අම්මට කතා කරපු මට සංධීර්ට කෑම ගෙනිච්චද අහන්න ඕනා උනා...ඒත් නිකන් එහෙම අහන එකත් මොකක්ද වගේ හිතෙනකොට මං ටික වෙලාවක් ඉදලා හොරාවගෙ අම්මගෙ ඵෝන් එක අරන් ඉන්කමින් කෝල් බැලුවා . .

.ම්හුක්.....

ඊයෙන් පස්සෙ නෑනෙ.....

ඇයි ඒ...

එයා අද වෙන කොහෙන් හරි කාලද නැත්තන් ....කොහෙ හරි ගිහින්ද ????

මං පාන් කෑල්ල කටෙ තියාගන කල්පනා කරන්න ගත්තා ...

අනෙ මන්දා ...

.

...

ටික්.....ටික්...ටික්.....ටික්

ලමයෝ.....

....ඇ....ඇයි.....

තාත්තට මෙ තේ එක ගිහින් දෙන්න.....

මං උන්නෙ පුක කඩියො කාපු එකෙක් වගෙ.....අම්මගෙ ඵෝන් එක ගාවින් මම දැන් සිය පාරක් ගියා.....එයාගෙන් කෝල් එකක් නෑ....මට මගෙ එකෙන් අරන් බලන්නත් මොකක්ද වගේ....අම්මගෙන් අහන්නත් බෑ...ඒක ඊටත් වඩා ලොකු අවුලක් ...

අම්මා කිව්වොත් එහෙයන්න ඕන් නෑ කියලා ???

ඇත්තටම අම්මා කිව්වොත් එයාට මෙහෙන් කෑම දෙන්න බැහැයි කියලා .....??

අම්මා එහෙම කරන්නෙ නෑ ඒක මං දන්නවා හැබැයි මට සංධීර් එක්ක කතාවට යන්න එපාය කිව්වොත්.....??

මට අම්මට බනින්න බෑ....මොකද...අම්මගෙ පැත්තෙන් ඒක සාදාරනයි ...අම්මා බයයි....අම්ම බය ඇති අවුරුදු ගානකට පස්සෙ කෙනෙක් ඇව්ත් මගෙ අයිතිවාසිකම් කියනකොට .....අම්ම බය ඇති මාව අරන් යයි කියලා .....

ඉතින් මම අම්මා එක්ක කොහොම රන්ඩු කරන්නද?

ලමයො...

ඇ ඇ ...ඇයි....

මොන සිහියෙන්ද ඉන්නෙ මේ තේ එක තාත්තට ගිහින් දෙන්න.....අද අර මනුස්සයා කතා කෙරුවෙත් නෑ....අද කෑම එපාද දන්නෙ නෑ..උදෙ ඉල්ලුවෙත් නෑ...අර පහල ලේන් එකේ ගෙදරට ඉල්ලුවා.....

සංධීර් ගැන කල්පනාවෙන් උන්න අම්මා මගෙ උරහිසට ගැහුවා...ගහලා තාත්තගෙ තේ එක අතට දුන්නා.....එයා කතා කලේ නෑලු....

මුකුනුවැන්න මිටිය අතට ගත්තු අම්ම සංධීර් ගැන කියනකොට යන්න ගියපු මම හැරිලා බැලුවා. ..ඒ කියන්නෙ එයා නෑ...එයා කතා කරලා නෑ....එයාට කරදරයක් වත් උනාද ...??

එක්කො ගෑනු දරුවො බලන්නවත් ගියාද.....???

කියන්න බෑ....මගෙ වයසටවත් ළමයි ඇති.....කව්ද දන්නෙ මෙහෙ ඉන්නෙ කුලියටද කියලා ....එක්කො...ගෑනි එක්ක රන්ඩු වෙලා ආවද දන්නෙ නෑනෙ....ඔය හිටපු ගමන් අපේ තාත්තත් මහගෙදර යනවා කියලා යන්නෙ...හැබැයි හැමදාම රෑට දොර වහන වෙලාවට එනවා අත්තම්මගෙ ඇදයක් කුදයක් කියාගන බොරුව...බොරුව....දෝනියා නැතුව බෑ ගැරජ් ආනන්දයට ....

.ඒ වගේ සංධීරුත් එහෙම ගියා වත්ද???

මම අතේ තිබුන තාත්තගෙ තේ එකෙන් ටේ උගුරක් බිව්වා ..එව්ව් කෝ සීනි...

අ...අම්මෙ ..මේකට...ස්ස්...සීනි...දලා නෑනෙ....

සීනි දාල තියෙන්නෙ ඔය මදිද...දිය වැඩියාවට එන්නද....

සීනි දාලලු....මට පේන්නෙ කොලේක සීනි කියලා ලියලා ඒක ඔබල වගේ...සීනි නෑ...යෝහ්...මේ දෝනියා ආයම අවුලගන වගේ....

ත්ත්....තාත්තේ ...

අම්මගෙ සීනි නැති කසාය තේ එක අරගන මම තාත්තව හොයන් ගියා. ඒ යනකොට තාත්තා කාර් ශීට් එකක් හයි කරනවා.....

මොකද....

ම්ම්...මේ අම්මා තේ දුන්නා....

මට ඕන තේ එකක් නෑ කියපන්....

......

මම හිතුවා...දැන් ඉතින් මේ තේ එක ආයම අම්මා ගාවට ගෙනියන්න එපැයිනෙ....යෝහ්.....අද ඉස්කොලේ ගියා නම් මේ මොකුත් නෑ අප්පා.....

තේ එක දිහා බලන් උන්න මම හැරුනා...මොකද දෙවනි පාරට ඇහුවම ආයම හම්බෙන්නෙ පලවෙනි උත්තරෙම හින්දා...

අම්මෙ.....

.....

අම්මෙ....ත්තා...ත්තට ඕන ත්තේ එකක් නෑ කිව්වා....

ඕක බොන්න කියපන් ලමයො මට වැඩ තියනවා.....

.....

තාත්තේ ... මේක බොන්න ක්ක්.. කියන්න කිව්වා...අම්මට....ව්ව් ..වැඩ තියනවා කියලා ....

මං දැන් සැරයක් කිව්වනෙ මට ඕන තේ එකක් නෑ කියපන්....

ය්ය්...යෝ....ත්ත්...තාත්තේ...ම්ම්..මේ මොන වදයක්ද...ම්ම්..මට බෑ.....ත්ත්...තෝල්කයා වෙන්ඩ....බ්බ්..බොනවනවා නම්...බ්බ්..බොන එකයි...න්න්...නැත්තන්...න්න්..නිකන්...ඉන්න එකයි....ඇ.ඇ...ඇ..ඇයි...

ඇ..ඇ..ඇ තමා.....ඔහොම තියපන්....දෝනියගෙම බිබික්කමනෙ.....මට අටේ යතුර අරන් දියන්...

තේ එක බොන්න බෑ කියපු තාත්තට මම අනිත් පාර කෑගැහුවා...පොඩ්ඩ බැරි වෙනකොට ආවේස වෙන මට දෙන්නගෙ පනිවිඩ අරන් එහෙට යන්නයි මෙහෙට යන්නයි ගියහම මට කොහොමත් ආවේස වෙන හින්දම දෙවනි වටෙම්ම මම තාත්තට කෑගහනකොට තේ එක පැත්තකින් තියපු තාත්තා අටේ යතුර ඉල්ලලා ඊලග පාර ටෝර්ච් එක අතට ගන්නකොට මට අර පැත්තකින් තියපු තේ එක අරන් අම්මා ගාවට දුවන්න හිතුනා...

ඕක හරියට අල්ලපන්කො...වෙව්ලන්නෙ සික් එකද?

ඌ..ඌයි....ත්ත්...අනේ ..හ්...

සංධීර් ගැන හිතන්න ගිහින් දෙවනි වතාවටත් පාරක් කාපු මම අනිත් පාර අත්දෙකෙම්ම සාපකාර ටෝර්ච් එක අත් දෙකෙම්ම අල්ලන් බලන් උන්නා... මොකද ඊලග පාර මොකක් හරි උනොත් අලගිය මුල ගිය ඒවා ඉදම්ම අල්ලන් කෑ ගහනවා....

ජිමී.....අහකට ...කෝ...අහකට වෙයල්ලකො අප්පා....මේ පොල් ටික ගාගන්ඩ...කෝ...අහකට යමන්කො...අම්මා උයන්නෙ නැද්ද...දොන්ත මූන දැම්මට වැඩක් නෑ..යමන් අර අයියා ගාවට.....

ටෝර්ච් එක අල්ලන්ඩ ගිහින් තාත්තගෙන් ගුටි කාලා බැනුම් අහපු මම උන්නෙ කුසියෙ පැන්ට්‍රිය උඩ ඉදගන.....

Sandeer

Sandheer

Sandir

Sandhir

මම එෆ් බී එකෙ එයාගෙ නම හැම විදිහටම සර්ජ් කෙරුවා...ඒත් ආවෙ නෑ...එයා එෆ්බී නැතුව වත්ද....එහෙම උන්නා නම්..මට ඵොටෝ එකක් වත් බලන්න තිබුනා...එයා කව්ද කියලා හොයා ගන්නවත් තිබුනා....

මම එහෙන් සංධීර් පස්සෙ පන්නන කොට අම්මා මට ජිමියව කොටුවට දාන්න ගගා කැ ගැහුවා.. ඒ අනිත් එකා.....පොල්ම ගිලිනවා...පොල්ම ගිලිනවා.....

..ඇයි ලමයො ඔය ඵෝන් එක පැත්තට දාලා මේ බල්ලව කූඩුවට දාපන්කො...කන් ඇහෙන් නෑනෙ එකෙක්ටවත්...

අම්මටත් මල පැනලා...අපරාදෙ මට ඉස්කෝලේ යන්න්ම තමා තිබුනෙ....එක අතකට ඕන් නෑ...ඔය ගියා කියලා අද එච්චර උගන්නන එකකුත් නෑ.....

කරන්න දෙයක් නැති කමට මම මගෙ හිත රවට්‍ටගන්න බොරුවක් හිතන ගමන් පාන් නහට්ටක් අරන් බල්ලව කූඩුවට දාන්න එක්ක ගියා 

බල්ලව ඉඹින්නෙ නෑ.....

හ්හ්..හරි හරි...අනේ ...ම්ම්...ම...මගු...ල....

කූඩුවට දාන්න ගියපු බල්ලගෙ නහය ඉඹින්න හදනකොටම අම්මා කුසියෙ ඉදන් ආයම කෑ ගැහුවා....ඒකොහොම උනත් මම ඒකගෙ හොම්බට උම්මා එකක් දීලා පාන් නහට්ට කටේ ඔබලා කූඩුවට තල්ලු කරලා ගෙට ආවා....

.අම්මා අරුන් දෙන්නගෙ කෑම එක ගීන් දෙන්න කිව්වොත්....මම යනවා .ගිහින් බලලා එනවා....

ඇදේ පෙරලිලා උන්න මම සියවෙනි වතාවටත් මටම කියා ගත්තා. .. .....

එයා මගෙ අම්මව දන්නවා ඇතිද ???

ඇදේ උන්න මට එකින් එක ප්‍රශ්න ඔලුවට වැටෙන්න ගත්තා ලා නිල් පාට අහසෙ සුදුපාට වලාකුලු එක තැන ගල්වෙලා තිබුනා...ඉදහිටක වලාකුලක් පහු කරන් වලාකුලකට පහලින් පියාඹන් යන කාක්කෙක් ඇරුනම වෙන කිසීම දෙයක් නැතිවෙනකොට මුළු අහසම පාලුවට ගිහින් තිබුනා ...

මං ජනෙල් ග්‍රීල් අස්සෙන් ඔහේ බලන් උන්නා .....අරලිය ගහෙ කොල සමහරක් කහ වෙලා සමහරක් වේලිලා ....පරවෙලා නැති උනත් සමහර මල් නටුවෙන් ගැලවිලා බිමට වැටෙනවා අවසානෙදි බිම ඉදන්ම පරවෙලා යනවා ...

එකොලහයි....එකොලහමාරයි.....දොලහයි...

කරන්න දෙයක් නැතිම කමට මම සැරින් සැරේම් ඔරලෝසුව දිහා බැලුව....වෙලාව යන්නෙත් නැ....කොහෙ හරි යන්න ඕන කරන දවසට වෙලාව යන්නෙම නෑ...ඉස්කෝලේ පන්තියෙ ඉන්නකොට නම්....වෙලාව එක තැනද මන්දා....

එයාව බලන්න යන්න ඕනා....ගෑනි එක්ක තරහ වෙලා ආව එකෙක් නම්....යන්න යයි ඒත් කව්ද දන්නෙ...වෙන මොකක් හරිද කියලා ....නේ....

කියන්න බෑ...ඔය ගෑනුන්ව විස්වාස කරන බෑ...යක්සනියො.....ඒ මනුස්සයව එලෙව්වද දන්නෙ නෑනෙ ...නැත්තන් තුන්වේලම කන්න ඉල්ලන්නෙ...

ඇදෙන් නැගිටපු මම අල්මාරිය ඇරලා ඇදන් උන්න පරන පාට ටී ශර්ට් එක වෙනුවට කලුපාට එකක් ඇදගත්තා...ඇදුම හොයනකොට ආයමත් අර පොතයි කොන්ඩකටුවයි එලියට ආවා.....

යෙවීන්....යෙවීන්...ඇත්තටම සංජානට වඩා...යෙවීන් ලස්සනයිනෙ.....රෝස පන්තිය.....

.මම ආයම පොල්ගෙඩි අකුරු දිහා බැලුවා....කොන්ඩ කටුව දිහා බැලුවා.....

සමහර විට...සංධීර් මේ ගැන දන්නවා ඇති...

මම කොන්ඩ කටුව සාක්කුවෙ දාගන පොත කලිසම් ඉනේ ගහගත්තා...දැන් පේන්නෙ නෑ...මේ ඔක්කොමත් කෙරුවට අම්මා යන්න දුන්නෙ නැත්තන් ..තාත්තව යැව්වෝත්....ඒක ඊටත් හපන්.....

නැ...නෑ...යන්න ඕනා...සංධීර්ගෙ ගෙදරට යන්නම ඕනා....

මම මටම කියාගන්න ගමන් කාමරෙන් එලියට ඇවිත් එහෙම්ම කුසියට ගියා.....

ලමයො....

ම්ම්ම්....

අම්මා බත් බදිනවා....තනි සුදු කොල.....ආයම අර සුදු පාට පෙට්ටි....අනිත් ඇන්ටිත් ඇවිල්ලා...ඒ ඇන්ටි තමයි අනිත් බාගෙ හදන්නෙ.....එලවලු බත් දාන පෙට්ටි වලට කට්ලට් එකකුත් දානවා...අර ගොයියො දෙන්නා මොනවද් දන්නෙ නෑ ඉල්ලුවෙ.....

ලොකු ඉස්සො ඩෙවල් කරලා....ආයම කුකුල් අඩු තියනවා....බිත්තර තම්බපුවා ආය බැදලා.....ම්ම්ම්...සාමාන්‍ය කැම වලට් නම්...පපඩම් සුදු බත්...කුකුල්ලු මැල්ලුන්...රතු අල....මාලුත් අඹගම්මිරිස් වලට හදපුවා තිබ්බා....ඔව්වා ඉතින් දාන පරක්කුව විතරයි.....සින් සින් ගානකොට යනවා...අම්මො ඒක ලොකු දෙයක් නැත්තන් අම්මා පව්....ඇයි යකො...උයලා උයලා ඉතුරු උනාම පව්නෙ...මට වෙලාවකට හිතෙනවා කෑම කඩේ ඉස්සරහින් යන උන්ට අල්ලන් ගහලා අඩේ අස්සට එලවන්න...ගිහින් කාපියව් කියලා බලෙන් ගිල්ලවන්න...යෝහ්...මටත් හිතෙන දේවල්....තාත්තගෙ කොල්ලනෙ ඉතින්.....

ලමයෝ....

ඇ...ඇ...ඇයි.....අම්.....මා....

අම්මා ආයම කතා කෙරුවා ...මම දන්නවා ඔය ඇයි කියලා ...හැබැයි මම නිකන් ඇහුන් නැ වගේ උන්නා ..මොකද මම ඉන්නෙත් යන්න තදියමෙ...ඒ උනත් හිතේ හංගන් උන්න සමහරක් දේවල් එලියට පනී කියන බයට මම පුලුවන් තරම් සාමාන්‍ය වෙන්න බැලුවත් අද වෙනදටත් වඩා මට ගොත ගැහුනා....

.මේ දෙක අර පහල ලේන් එකේ ගෙදරට...එකක් ඉස්සො...අනික චිකන්.....

ම්ම්.....

මම මාකර් එකක් අරන් ලිව්වා....ලියන්න ඕනෙත් නෑ...ඒ උනාට ලිව්වා.....උන් දෙන්නට මාරු කරන් කන්න බැරිකමක් නෑනෙ....ඒත් මම ලිව්වා....ලිව්වා කිව්වට කුකුලෙක්වයි ඉස්සෙක්වයි ඇන්දා...

පයින් යන්න.....බයිසිකලේ යන්න බෑනෙ

හ්හ්...හා.....

ඒක හොදයි.....එතකොට වෙලා ගියත් ගානක් නෑනෙ....මම.බත් එක අරන් සාමාන්‍ය විදිහටම එලියට ආවා....ඒත් තියන අඩියක් ගානෙම පපුව ගැහෙන්න ගත්තා...හොර වැඩක් කරන්න යන හැම වෙලාවෙම මේක මෙහෙමයි...මේක මෙහෙමයි.....එලියට පනින්න හදනවා...

තාත්තා කෝල් එකක...තාත්තා අහන්න කලින් මම ගේට්‍ටුවෙනුත් එලියට පැනලා අඩියක් දෙකක් සාමාන්‍ය ගමනින් ඇවිත් ඉතුරු ටික දුවන්න ගත්තා...පෙට්ටි දෙකේ තියන බත් මික්ස් රයිස් වෙයි කියන බයට මම ඒ දෙක තද කරන් දිව්වා...

පාරෙ වාහන....මේක නිකන් කුරුදු වත්ත වගේ.....එහෙන් යනවා මෙහෙන් යනවා....කොළඹ හතේ උන් ඉන්නවා වගෙ...ඒ උනාට වැඩිපුරම එහා මෙහා යන්නෙ ත්‍රීවිල් .....සිල්වගෙ මුන ගහපු කේ ඩීඑච් එකක් මාවපහු කරනවා එක්කම මම පාර පැන්නා.....එහෙ බැලුවත් සිල්වා මෙහෙ බැලුවත් සිල්වා....සිල්වා රට අල්ලන්න යනවා...

පාර පැනපු මම දිව්වා...දැන් ඉතින් පඩි පෙල නැගපනකො.....

එතන ඉදන් මම පඩි දෙක දෙක තියලා පඩි පෙල නගින්න ගත්තා....යෝ....මුන් දෙන්නගෙ ගෙදරට ඇවිල්ලා ආයම ගිරිය කඩාගන කෑගහන්න වෙයිද දන්නෙ නෑ...

මම නගින පඩියක් පඩියක් ගානෙම එහෙම හිතුවා.....

මට හති...සංධීර්ගෙ ගෙදර යන්න වෙලාව ඉතුරු කරගන්න ආව මට දැන් හොදටම හති ...

දොර ගාව හිටන් උන්න මම දොරට තට්ටු කෙරුවා.....

අනෙ ඉක්මනට වරෙන්.....ඉක්මනට වරෙන්......

මගෙ හිත කෑ ගහනවා...

මට තිබුන තදියම කොයිතරම්ද කියනවා නම් මම ආයම දොරට ගැහුවා....

එනවා එනවා

ඇති යාන්තන්....ඇති යාන්තන්....එනවලු....

අවුල් උන කොන්ඩෙත් හදාගත්තු මම කෑම දෙක අල්ලන් බලන් උන්නා....දොර අගුලු පැන්නා...දොර ඇරුනා.....බෙල්ලක් විතරක් එලියට ආවා....

පොලිස් කාරයා...!!!

එලියට ඇවිදින් උන්නෙ පොලිස් කාරයා...

ආ බොසා.....කෑම දෙක....

ම්ම්....

අම්මට කියන්න ඉරිදට සල්ලි දෙන්නම් කියලා .....

දඩස්....!!!

ය්ය්...යකො....මේක...මේ බලපියව්කො.....මුන් දෙන්නා...මොකක් හරි වෙනවා වgay...ම්ම්ම්...

වහලා දාපු දොර දිහ බලපු මම හැරෙන තැපෑලෙන් පඩිපෙල බහින්න ගත්තා....මට සංධීර්ව හොයන් යන්න ඕනා...මට සංධීර්ව හොයන් යන්න ඕනා....

මගෙ හිත සංධීර් සඞධීර් ගානකොට කලිසම අස්සෙ හංගන් උන්න පොත එක දුවාගන්න අමාරු හින්දා පොතත් එලියට ඇදලා ගත්තු මම සංධීර්ගෙ ගෙදර දුවන්න ගත්තා....

අනේ ගෙදර ඉදපන් සංධීරයෝ...ගෙඩ්බර ඉදපන්...ගෙදර ඉදපාන්....

තියන අඩියක් අඩියක් පාසාම මම මිමිනුවෙ එකම වචනයයි....සංධීර් ගෙදර ඉදපන් කියන එක වෙනකොට මම තව තව වේගෙන් දිව්වා.....දුවන වාරයක් ගානෙම මගෙ සිනිදු කොන්ඩේ එහාටත් වැනෙන්න ගත්තා මෙහාටත් වැනෙන්න ගත්තා.. 

හති....මට බලු හති...

හුස්මක් ගන්නවත් ඉන්නෙ නැතුව එකම පිම්මට දුවන් ආව මම සංධීර්ගෙ ගෙදර ගේට්ටුව ගාව ඉදන් හති ඇරියා.....ඇරලා වෙනදා ඇතුල් වෙන පොඩි ගේට්ටුවම තල්ලු කරගන මම ඇතුලට ආවා.....

සරස්...බරස්...සර....ස්.බරස්.....

තියන අඩියක් ගානෙම වේලුන කොල රබර් සෙරෙප්පුවට පෑගි පෑගි සර බර ගානකොට මම හැමදාම වගේ වැලි පිරුන මඩ පාරවල් තිබුන පෝටිපෝ කෑල්ලට ඇවිත් දොරට තට්ටු කෙරුවා .....

ස්....සංධීර්...

.....

ස්ස්ස්....සංධීර්...

.....

ස්ස් ...සංධීර් ඔයා ඉ..ඉ...ඉන්නවද....ම්...ම...මම..යෙ...යෙ..යෙවීන්.....

මම දොරකොඩ ඉදන් එයාට කතා කෙරුවා ....ඒත් මීක් නෑ.....මම දහපාරක් විතර දොරට තට්ටු කෙරුවා .....අවසානෙදි ගේ වටේ වටේකුත් ගියා....එයාගෙ වාහනේ තියනවා...මඩ නාලා...මේකා මඩ කරියෙක්ද මන්දා.....කලු ජීප් එක පුරාවටම මඩ....

මම ආයම දොර ගාවට ආවා....මගෙ හිත කියන්නෙම එයාට මොකක් හරි කරදරයක් කියලා වෙනකොට දොරේ අගුලත් මම දෙපාරක් තුන්පාරක්ම හෙලෙව්වා....ඒත් නෑ...

ම්ම්ම්....ජනේලයක්වත් ඇරලා තිබ්බා නම්...කොහෙද ඔක්කොම වහන් ඉන්නවා මිසක් ඇරන් ඉන්නවද නෑනෙ.....

මම ආයම ගේ වටේ කැරකුනා...මට ඇතුලට යාගන්න ඕනා.. ජනෙල් පියනක් නිකමටව්ත් ඇරලා ඇති කියලා හැම තැනටම තට්ටුව දදා යනකොට මම අබෙන් වගේ බාතෲම් එකේ අර හිච්චි ජනෙල් පියන ඇරලා තියනව දැක්කා...

අර ති‍යෙන්නෙ....ඒත් නගින්නෙ කොහොමද .....ගස්ලබු ගහක්නෙ තියෙන්නෙ....

ඇරලා තිබුන ජනේල් පියන දැකලා මට සැනසීමක් දැනුනා උනත් එතන තිබුන ගස්ලබු ගහ මට සැනසීම නැති කෙරුවා .....

ගහෙ කද මහත උනත් නගින්නෙ කොහොමද කඩන් වැටුනොත්...??අනික අත්වල තුවාල හන්දා හයියෙන් අල්ලන්නත් බෑ.....ඒත් එයට ඇතුලෙ කරදරයක් වත් වෙලා නම්....කව්ද දන්නෙ සීනි ප්‍රෙශර් වත් තියනවද කියලා ....

ආව්හ් ...ආව්හ්.....ආ....ව්හ්...

ගස්ලබු කදට තුවාල තද වෙන වාරයක් ගානෙම වේදනා දැනෙනකොට මම හරි අමාරුවෙන් ගස් බඩ ගාන්න ගත්තා ගහ කඩන් වැටෙයි කියලම ගහට වැඩි බරක් නොදී මම ගහ නැග නැග අමාරුවෙන් ඇරලා තිබුන ජනෙල් ගැට්ට අල්ලන් ගැට්ටට බඩගානවත් එක්කම ගස්ලබු ගහ ජර බරාස්ස්ස්ස් ගාගන මාවත් එක්කම බිත්තිය දිගාවට පාත් උනා වගෙම ගස්ලබු ගැට ගෙඩි මල් ඒ ඔක්කොම එක්ක මම ඇරලා තිබුන ජබෙල් පියනෙන් ඇතුලට මගෙ කද කොටස ඔබාගන ඉදලා හරි අමාරුවෙන් ආයම කෙලින් උනා.....

එතනම තියෙන්නෙ කොමඩ් එක වැටුනොත් මට ඔලුවක් ගේන්න වෙනවා....ඊටත් අර මනුස්සයා ලෙඩ මරගාතෙ ඉදන් හරි මාව දැක්කොත් මට මැරෙනකම්ම ගහයි.....

ඊහ්...ස්.....ස් ..සංධී....ර්...

මම අමාරුවෙන් කෙදිරි ගාගන පහලට රූට්ටලා කොමඩ් ගැට්ටට කකුල ගහගලා බැහැගත්තා....

ආව්හ් .....

ඔලුවෙ තිබුන ගස්ලබු මල් අනම් මනම් අඩ අන්දකාරෙ ඉදම්ම ගසලා දාලා අත් දෙක පිහදගන එන්න එනවත් එක්කම මගෙ කකුල් වල මොනවහරි පැටලුනා වගේම මම අතපත ගාලා ලයිට් එක දාගත්තා රෙදි....රෙදිගොඩක්...

මගෙ කකුල් වල පැටලිලා තියෙන්නෙ රෙදි ගොඩක්....තෙතම තෙත රෙදි ගොඩක්...

යෝ...හ්...ම්ම්..මේ...මනුස්ස්...සයා...ඌරෙක්....ම....ත්ත්...තමයි....ග්ග්...ගෑනි...

ගෙදරින්....එලියට...ද්ද්...දාන්නෙ...න්න්..නැතුව...ඉදීද.....

මම එයාට හිතින් බැන බැන මඩ තැවරුන් තෙත රෙදි ගොඩ එතනම තිබුන බේසමකට දැම්මා...

ය්ය්..යෝහ්....ජ්ජ්...ජොකාවත්....ද්..දාලනෙ...ග්ග්..ගෑනි...එලවන...එක..ස්...සාදාරනයි.....

ඇදුම් ගොඩේ තිබුන සංධීර්ගෙ ජොකාව දැක්ක මගෙ කනකුත් රත් උනා...ඒ උනත් ඉතින් අපේ තාත්තා වගේ මිනිහෙක්නෙ කියලා හිතපු මම බේසමට වතුර ඇරලා සබන් කුඩු හොයාගන්න බැරි තැන මඩගන්දස්සාරෙ යන්න එක්ක ඒකගෙ ඔලුවට උලන නිල්පාට ක්ලියර් ශැම්පු බෝතලේ හලලා දොරත් වහන් නානකාමරෙන් එලියට ඇවිත් අන්දකාර ගුහාව වටේට ඇස් යැව්වා...

සිගරට් ගද.. .

අඩ අන්දකාරයි ...සමහර තැන් හොදටම අන්දකාරයි....

මුලු ගෙදරම සිගරට් ගදයි... .

පිලිවලක් නෑ...පිලිවලක් නෑ...කිසීම පිලිවලක්නෑ...

තියන අඩියක් ගානෙම මාව එහාමෙහා හැප්පෙනකොට මම සංධීර් ගහා එයාට කතා කෙරුවා ..ඒත් නෑ.....අතපත ගාලා ලයිට් දාන්නත් බයයි...කොහෙන් හරි මතුවෙලා එදා ටොපිකොලේට වගේ යැයි යැයි ගායි කියලා....

ස්...සංධීර්...

මම බිත්ති අල්ලන් එයාට කතා කෙරුවා.....

ස්.....සංදීර් ...ඔයා ඉන්නවද...මම...යෙ...යෙවීන්.....සංධීර්...

මම යෙවී....න්.....

මීක් නෑ .....මීක් සද්දයක් නෑ.....

තවත් පාරක්...අවසානම පාරට කතා කරනවා කියල කට අරිනවත් එක්කම මට කහින සද්දයක් ආවා.....

කැහ් ...කැහ්....කැහ් ...කැහ්.....

ස්ස්....සංධීර්...සංධීර් ....

මම දිව්වා.හැප්ප හැප්පි...කහින සද්දෙ ආව පැත්තට දිව්වා....

කැහ්...කැ...හ්...

දෙයියනෙ...අ.ර ඉන්නෙ....අර ඉන්නෙ.....

ස්ස්...සංදීර් ....සංදීරයෝ...

මම කෑගහන් අවසරයක් නැතුවම එයාගෙ කාමරේට දිව්වා.....අන්දකාර ගුහාව අස්සෙ බෙඩ් ශීට් ගිඩක් අස්සෙ ඉදන් කහින සන්දීර් ගාවට දුවපු මම කාමරේ ලයිට් එක දැම්මා ...

ස්ස් .සංධීර් ...සංධීර් ....

එයා නෙවෙ ඇස් අරින්නෙ...මූනම සුදුමැලි වෙලා ගිහින්....එයා කහිනව...කහිනවා ...මම නලලට අත තියලා බැලුවා.....උණ...සහලවලා උන.....

ය්ය්..යෝ....උණ...ත්ත්...තියාගන...ප්ප්..

පොරවන්...ඉන්නෙ....ම්ම්..මොංගල්ද.....ල....ලමයෝ.....

මම ඇදට නැග්ගා....සහලවලා උන ගැනිකා උන්න සංධීර් මලකදක් වෙනකොට මම ඇදට නැගලා එයා පොරවන් උන්න හැම රෙද්දම අයින් කෙරනවත් එක්කම මට කෑගැස්සුනා ....

ද්ද් ..දෙවියනේ.....ස්....සංධීර් .....

අනෙ ..ස්....සංධීර්...

මට හිතා ගන්න බැරු උනා...ඇකිලිලා උන්න එයාගෙ පිට පුරාවටම ලොකු කැලලක් තිබුනා . බඩ ගාවත් කැලල් තිබුනා... අත පය පුරාවටම ....ඒ හැම කැලලක්ම පිච්චුන කැලල් ...

සමහර තැන්වල හම ඇකිලිලා...සමහර තැන්වල හම රෝස පාට වෙලා.....

එයාව....අනේ එයාව

මගෙ ඔලුවට කරන්ට එකක් වැදුනා වගෙ උනා...එයාව පිච්චිලද....න්න්..නැත්තන්....එයාවත්....

ආයමත් ආයමත් මගෙ ඔලුව විකාර වෙන්න ආවා.....ඉස්පිරිතාලෙදි එයා කියපු කතාමතක් උනා .

.ගිනි තියයි.....

ගිනි තියයි...

ගිනිතියයි.....

හිත ඇතුලෙන් කව්ද කෙනෙක්ගිනි තියයි. ..ගිනිතියයි කියළා කෑ ගහනකොට මම මගෙ කොන්ඩේ අත් දෙකෙම්ම ඇදගත්තා...

කැහ් ..කැහ්...

ස්ස් සංධීර් .. .. ...

ඔලුව විකාර වේගන ආව මම ආයම එයා කහින සද්දෙ එක්ක මම එයාව සම්පූරනම උඩ බෙලි අතට හරවන් එයාගෙ කම්මුල් වලට තට්ටු කෙරුවා....

ස්ස් ..සංධීර් .....ස්ස්...සංධීර් .....

එයා නෙවෙ ඔලුවක් ඉස්සුවෙ එයා නෙවෙ ඇහැක් ඇරියෙ. ...එයාට සන්නිය හැදිලා වගේ...කම්මුල් එකට තද වෙලා....

ස්ස් සංධීර් ..ඔ..ඔයාගෙ ...ග්ග් . ගෑනිට....වත්...ක්ක්..කියන්ඩ . ඇස් ඇරපන්...ස්ස් සංධීර්....

මම එයාගෙ කම්මුල් වලට ගගගහා එවෙලෙ ඔලුවට එන වචන කියවන්න ගත්තා...එහෙන් පිච්චුන කැලැල්.මාව අවුල් කරනකොට කෙදිරි ගාන සංධීර්ගෙ අතේ කොලයක් තිබුනා .....උන්ඩි වෙලා ගියපු සුදුපාට කොලයක්...

කාගෙ හරි නම්බර් එකක් වත් ලියපු කොලයක්ද ....??

සංධීර් ....

මම එයාගෙ අතේ තිබුන කොලේ ගන්න හැදුවා උනත් උන විකාරෙන් උන්නා උනත් එයා ඒ කොලේ තව තව තද කරගන්නකොට කොට්ටෙ අස්සෙ තිබුන එයාගෙ පෝන් එක එලියට ආවා...

ඇපලක්...යෝ..මං මේ ඇපල් මගුල් වල වැඩ දන්නෙ ත් නෑ.....

ඵෝන් එක අතට ගත්තු මට ඕනෙ එයාගෙ ගෑනිට හරි කාටහරි කතා කරලා එයාව ඉස්පිරිතාලෙ යවන්න වෙනකොට මම දත කාලා දත කාලා එයාගෙ ඇගිල්ල තියලා ලොක් එක ඇරගත්තා .....

ම්ම්...මේ ...අර....ප්ප්..පොලිසා...මේ....අර...ද්..දොස්තරයා....

මෙච්චර වෙලාම ඇද උඩ දනගහන් උන්න මාව එකපාරම ඉන්දවුනා....මම බලාපොරොත්තු උනේ එයාගෙ පවුලෙ ඵොටෝ එකක් උනත් ස්ක්‍රීන් එකේ උන්නෙ පිරිමිම තුන්දෙනෙක් එක්ක පොඩි කොල්ලෙක්....ඒකත් ඔලුවම විකාර කරවන්න ගත්තෙ මේ ඉන්නෙත් අර පහල ලේන් එකේ පිරිමි දෙන්නයි....අර කෑම කඩේ උන්න පිරිමි කෙනයි සංදීරුයි.....සංධීර්ගෙයි අර කෑම කඩේ ඉන්න කෙනාගෙයි අත්වල එල්ලිලා උන්නෙ පොඩි කොල්ලෙක්....

මගෙ ඔලුව කැරකෙන්න ගත්තා....සංධීර් තරුනයි...ඒ විතරක් නෙවෙ ...අර හැමෝම තරුනයි...

මේ ...මේ ඉන්න පොඩි එකාටමයිනේදමල්මාලෙත් දාලා තිබ්බෙ.....

න්න්..නෑ....නෑ....අනික...මේ ඉන්න සංධීර්ටමනෙ...මල්මාලෙ දාලා තිබුනෙ....

මගෙ ඔලුව යකාගෙ කම්මල වෙන්න ගත්තා. . .

මේ පොඩි එකා...මේ කොල්ලා...මේකා.....

..යෙ....යෙ....

මාව ගැස්සිලා ගියා....තරුන සංධීර් දිහා බලාගන සුදුමැලි වෙලා උන්න මාව වයසට ගියපු සංදීර් හින්දා ආයම ගැස්සිලා ගියා. .

එයා කෙදිරි ගානවා....යෙ යෙ....ගානවා...

යෙ..යෙ.....?

යෙ යෙ...කියන්නෙ...යෙ...වීනට....ද??

යෙවීන්...කියන්නෙ.....

මගෙ ඔලුව ආයම පුපුරන්න ආවා...එයාගෙ අතේ තිබුන කොල කෑල්ල ඇගිලිවලින් එලියට ඇවිදින් තිබුනා මම ඵෝන් එක පැත්තකට දාලා එයාගෙ අතේ තිබුන කොලේ ගත්තා.

චිත්‍රයක්.....

පොල්ගෙඩි අකුරු ගොඩක්...

නලුවො....බාප්පෙ.....බැට්මෑන්.....

මම කොලේ අනිත් පැත්ත හැරෙව්වා....

යෙවීන් සංජාන..

තුන වසර

රෝස පන්තිය...

මගෙ ඇස් වලට කදුලු උනන්න ගත්තා...මගෙ ඔලුවම විකාර වෙන්න ගත්තා....ඔලුව පුපුරන්න තරන් කැක්කුමක් එක්ක මම ඔලුවම බදාගත්තා ....මම ආයම කොලේ දිහා බැලුවා.....

නලුවා නලුවා...බැට්මෑන්........නලුවෝ අනෙ නලුවෝ මගෙ අම්මව....

කසාදෙ කටු ගාන්න එපා....

අම්මව....මගෙ...අම්මව..කසාදෙ.....කටු

ගාන්න එපා.....

මගෙ අත පය සම්පූරනම වෙව්ලන්න ගත්තා.....අතේ තිබුන කොලේ මගෙ අතින් වැටෙනවා කොලේ තිබුන වචන මගෙ ඔලුව සම්පූරනම අනිත් අතට ගහනකොට මගෙ නලලට දාඩිය දාන්න ගත්තා වගේම මගෙ සම්පූරනම උගුරකට වේලන්න ගත්තා සංධීර්ගෙ ඇගේ තිබුන පිච්චුන ලප එක්ක මගෙ ඔලුව අස්සෙන් සංධීර්....සංධීර්...සංධීර් ගගා විලාප තියන සද්දයක් අපැහැදිලිව ඇහෙනවත් එක්කම මාව දාඩිය දාගනම ඇද උඩට වැටුනා...

🙂 ජොබීව නිදහස් කරන්න...

ආයම එන්නා...ම්ම්ම්

.

.අග්ගියවත ඕනෙ...මේකමත ඕනෙද....

මේ ලමයා බුජි....ඔය ලමයිනුත් බුජියන්න...ජෝ වහිනවා හොදටෝම....

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters