ඇබිත්තම...කව්ද එයාගෙ ඇබිත්තම...මන් හොරා වගෙ එයාගෙ මූන දිහා බලන් උන්නා....එයාගෙ නපුරු ඇස්වල වේදනාවක් තිබුනා ....නපුරු මූන ඇතුලෙ වේදනාවක් තිබුනා....
ඕ...ඔයාගෙ....ඇබිත්තම ක්...කව්ද....?
මං හිතන්නෙ මම වැරදි දෙයක් ඇහුවද කොහෙද .....ඇහුනත් නෑහුනා වගෙ ඉන්නෙ නැතිව මම කෙරුවෙ වැරද්දක්ද කොහෙද .....එයා ටොෆි කොලෙ පැත්තක තියලා මා දිහා බැලුවා.....

ඒමූනෙ තියන නපුරු පාට ...කරගන්න දෙයක් නැති උන මම එයා පැත්තකට කරපු ආප්පෙ කන්න ගත්තා...
ඒක ඊටත් හපන්.....
මට නම් පේන්නෙ මම අද ඇදේ වැරදි පැත්තෙන් නැගිට්ටා වගේ....ඉවරයක් නැතිවම මම කෙරුවෙ මෝඩ වැඩ...ඒ මනුස්සයගෙන් සල්ලිත් අරගන ඒ මනුස්සයගෙම ආප්ප කෑවා...
කෝපි බොනවද ....?
ඒ එයා....හොරා වගෙ අප්පෙට කොටන මා දිහා බලන් ඉදලා කෝපි බොනවද අහනකොට මම වෙලාව බැලුවා....
ම්ම්..මහත්තයා.....ම...මං...යන්න ඕනා....
වෙලාව හතත් පහු වෙලා.....අද නම් තනකොල නෙවෙ ටොයිලට් පෝලිමත් හෝදන්න වෙනවා.....
කොට කොට උන්න ආප්පෙ පැත්තකට දාපු මම අනිත් පාර එතන තිබුන ටිශූ එකකින් අතපිහිදගන එලියට දුවන්න් හදනවා එක්කම එයා මගෙ බෑග් එකෙන් ඇදලා අල්ල ගත්තා...
ඇ..ඇයී...
කට පිහිදගන්නවා....
.....ක්ක්...කට....
අනුනගෙන් කෑවා මදිවට ඔහොමද යන්නෙ ?
එයා මගෙ මුන දිහා බලාගන කට පිහිදගනවා කිව්වා....හොද වෙලාවට මමකාලා තියෙන්නෙ නිකන් ආප්පයක් ..බිත්තර ආප්පයක් උනා නම්මම මේකට සල්ලි දෙන්න එපැයි....ඇයි ඉතින් බිත්තරයක් කීයද...මම මගෙ සාක්කුවට අත දාලා ලේන්සුව අරන් කට පිහිදගන ආප්පෙට රුපියල් විස්ස එයාගෙ මෙසේ උඩින් තියලා ඒ ආප්පෙ මම ගත්තා.....
ද්ද්...දැන්...අනුන්...ගෙ ..නෙවෙනෙ....මගෙනෙ.....
එයාහෙ ඇහිබැම ඇකිලුනා....මගෙ වීරක්‍රියාව ඉදිරියෙ පප්පා මහත්තයගෙ ඇස් දෙක හීනි වෙලා ගියා....දැන් නම් වෙස්මූනක් වගෙ....ආප්පෙත් දෙකට නවලා කටේ ගහගත්තු මම කෙලිම්ම එලියට දිව්වා. .....දිව්වා කියන්නෙ කෙලිම්ම සයිකල් එක ගාවටම දිව්වා.....
මි ...යෑව්.....
දත් වලින් හපාගන උන්න කොටස කටේ ඉතුරු කරන් කටින් එලියෙ තිබුන ටික අර වරත්තුවට දුන්න මම හතයි විස්සට පටන් ගන්න ඉස්කෝලෙට හතයි දහයට දුවන ගත්තා .. .
අරකට අතපය නැද්ද .....
මට එන්න දුන්නා නම්මොකද....
එක්කො තව කීයක් හරි ඉල්ල ගන්න ඕනා ලමා මෙහෙකාර සේවය කියලා වත්...
පැඩල් එක පාගන කකුලට වඩා වේගෙන් මගෙ හිත කියවන්න ගත්තා....කාපු ආප්ප කෑල්ල හිර වෙනකොට ශීට් එකේ ඉදගන්නෙ වත් නැතිවම මම අනිත් පාර හිටගනම පදින්න ගත්තා
හතයි දාහතයි ....
අනේ ..අනේ....අනේ ...ගේට්ටුව නම් වහන්න එපා.....එපා...අයියෝ...එපා....
හුස්මක් වත් නොගෙන පැදගන පැදගන ආව මම කහ ඉර ගාවදි පාර පනින්න බල බල ඈතින් තිබුන ඉස්කෝලේ ගේට්ටුව වගේම හෙඩ් ෆ්‍රිෆෙක්ට් "මොඩස්ටස්.... " දිහා බල බල අනෙ වහන්න නම් එපා එපා ගෑවා...
තද නිල් පාට බ්ලේසර් එක ඇදන් උන්න මොඩස්ටස් ගේට්ටුව ගාව එහා මෙහා යන එක බල බල මෙහෙන් උරුන් පූට්ටු උනා.....
බස් එනවා එනවා එනවා.....ඉවරයක් නෑ....අද නම් ව්නය බාර සිසිරයා අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම කුනුගොඩ සුද්ද කරන්න දානවමයි.....
මම බයිසිකල් එකත් අල්ලගන කොකා වගේ පාර දෙපැත්ත බැලුවා..ඇමතියෙක් වගෙ ගේට්ටුව ගාව එහා මෙහා ගියපු මොඩස්ටස් තව ෆ්‍රිෆෙක්ට් ලා දෙන්නෙක් එක්ක ඇතුලට ගියා විතරයි ගේට්ටුව වහලා දැම්මා....ඒ එක්කම ඉස්කෝලේ පටන් ගන්න ගහන බෙල් එක වැදුනා....
අයිසෝ...සාමි...නී එනක....වේ....නා....
බෙල් එක වදිනවා එක්කම මට සංසාරෙම කලකිරිලා යනකොට මෙච්චර වෙලාම තිබුන තදියම නැති උනා...දැන් ඉතින් කොහොමත් තනකොල ගලවන්න වෙන බව දැකපු මම ජන්ද කොල අලවපු තාප්පයක් දිහා බලන් උන්නා...අලි සාටක....මාලිමා අස්සෙ සජිත් ප්‍රේමදාසත් උන්නා....
ඒ එක්කම අපේ පන්තියේම තවත් නහර කාරයෝ දෙන්නෙක් දුවගන එනවා දැකපු මට කට කොනකින් හිනාවක් ගියා.....
ඔබ දකිනකොට පුදුම ශතියක් මට එන්නෙ.....
ආ...මේ ...සංජානයත් අද අහුවෙලා...ඇති යාන්තන්....
එන ඒමටම එකෙක් මගෙ පිටට ගැහුවා...සමහර විට උන්ටත් සතුටු ඇති මාව දැක්කම...නැත්තන් දැනගැස්සුවමත් ලැජ්ජාවනෙ....
අරකි ඉස්කෝලෙ ආවද දන්නෙ නෑ...ඒකි මාව ඊයෙ ඔක්කොම වලින් බ්ලොක් කරානෙ බන්...අර කොන්වන්ට් එකේ එකී කියලනෙ මම ඒකිට ලයින් කියලා .....
මම කිව්වනෙ උඹට ගානට කරන එක කරපන් කියලා ....අනික අරකිව හම්බෙන්නෙ සතියට එක දවසයි.....
ම්ම්ම්ම්...අපරාදෙ ...ඕකිට ගිහින් කියපන්කො මාව අන්බ්ලොක් කරන්න කියලා .....
අනේ මේ නහින් නැතුව ඉදපන්....තොපි රන්ඩු වෙන හැමදාම මට එහාටයි මෙහාටයි පනිවිඩ කියලා එපා වෙලා.....
මම අහන් උන්නා....මෙච්චර වෙලාම වාහන එකාකාරෙට තිබුන පාර අපිට මාරුවෙන්න ඉඩක් දෙනකොට මට ඉස්සරහින් ගියපු උන් දෙන්නා ඒකගෙ තරහා වුන කෙල්ල ගැන කියවන්න ගත්තා ...අනංගයො තමයි....අනික මුන්ට ඉතින් කෙල්ලො බෑ කියයිද ... එකෙක් ෆුට් බෝල් ටීම් එකෙ කැප්ටන් අනිකා ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්....ඉතින් අකමැති වෙයිද අනික මුන් දිහා ලොකූවට බලන්නෙත් නෑ....ඉස්කෝලේ බබලවන්න ඉන්නෙ උන්නෙ....
මම වගේ එකෙක් දිහා බැලුවොත් අනිවාර්යයෙන්ම උදව්වක් කරගන්න...ඩෙස්ක් එකක් ඇදගන්න....ඔය වගේ දේකට තමයි...ඇරත් ඔය කිව්වට අපේ පන්තියෙ ලස්සන කෙල්ලො නෑ...ඕලෙවල් පාස් වෙලා ආව එකියක් නම් ඉන්නවා..ඒත් ඒකිත් අර බෝයිස් ස්කූල් එකේ කොල්ලෙක් එක්ක යාලුයි කියලා කියන්නෙ.....
උන් දෙන්නගෙ පස්සෙන් ගියපු මම කෙලිම්ම පරක්කුවෙලා ආව උන්ගෙ නම් ලියන ෆ්‍රිෆෙක්ට් ගාවට ගියා...
මොකද මල්ලි පරක්කු...?
අරුන් දෙන්නගෙන් අහනකොට උන් දෙන්නා එක එක බොරු මවන්න ගත්තා....දැන් ඉතින් මට කියන්න බොරුවක් නෑ...අරුන් දෙන්නා රටේ නැති බොරු මැව්වත් උන් දෙන්නට යන්න උනෙත් තනකොල ගලවන්න වෙනකොට සංජාන කියලා නම කියපු මම කියන්නත් කලිම්ම තනකොල ගලවන්න යන්න හදනවත් එක්කම මට කාගෙ හරි ගැඹුරු කටහඩක් ඇහුනා...
සංජාන....
සංජාන.....ඔව්...ඒ මගෙ නම.....ඒමගෙ නම නේන්නම්....මොඩස්ටස් වෙන්න බෑ....මොඩස්ටස්ගෙ ඇගේ හැටියට නෙවෙ කටහඩ තියෙන්නෙ ...හෙඩ් ෆ්‍රිෆෙක්ට් වෙන්න ඇත්තෙ ඇග මහත නිසා...
මම හැරිලා බැලුවා...

අර මනුස්සයා.....අපේ අලුත් කස්ටමර් .....සංජාන කියල.කතාකරපු පාරට මොඩස්ටසුත් සැලැන්ඩර් වෙලා ගියාද මන්දා.....එයා මා දිහා බලලා ඇස් දෙකෙන් අඩගහනකොට මම මීයා වගේ එයා ගාවට ගියා එයා ලගට අඩි දෙක තුනක් තියනකොට එයා මාව පරඩැල වගේ ලගට ඇදලා අරගත්තා ....
කිව්වා නේද මාස්ක් එක දාගන්න කියලා ...
ම්ම්...මාස්ක්...එක....ඒ....
ශ්ශ්...
මේ මොකද මේ...මට මාස්ක් දාන්නෙ...මට කොරෝනා කියලා හිතයි .
එයා මාව ඇදලා අරන් ශ්ශ් ගාන ගමන් මාස්ක් එක දාලා නලලට අත තියලා බලලා තවම ඇගේ උන තියනවා කියලා කියන ගමන් මොඩස්ටස් දිහාවට හැරුනා.....
මෙයාට සනීප නෑ අදට යවන්න පුලුවන්ද ?
.එයා එච්චරයි ඇහුවෙ .....වෙන මොකුත් නාහා ආව කෝල් එකකට ආන්ස්වර් කරනකොට හෙඩ් ෆ්‍රිෆෙක්ට් කාරයා ඔයා යඥ්ඥ මල්ලි කිව්වා....එතකොටම මාත් පොඩ්ඩක් පපුවට අත තියන් කැස්සා...නැත්තන් අසාදාරනයි....
කැහ්....කැහ්....
එයා නෙවෙ ආයම මා දිහා බැලුවෙ.....ඒ තියා යන්නම් කිව්වෙ වත්....ආව කෝල් එකත් එක්ක යන්න යනකොට මමත් කැහැ කැහැ පන්තියට ගිහින් හරී අමාරුවෙන් ඉදන් උන්නා ඇයි ඉතින් මට සනීප නෑනෙ.....
හරි...ළමයි ලියා ගන්න....මැකියාවේලිගෙ කුමාරයා පොතේ....
නින්ද යන්න එනවා...පලවෙනි පීරියඩ් දෙකේම තිබුනෙ සුද්දගෙ බාසාව වෙනකොට හදන්න දීපු පොතකට මම හැදුවෙ කලින් අවුරුද්දෙ අක්කෙක් හදපු මහගම සේකර ගැන අඩු වැඩි කරලා ලියලා ගිහින් දීපු එක වෙනකොට අවසානෙදි ඉන්ටර්වල් එකට කලින් පීරියඩ් දෙකේ මට නිදිමතක් ඇල්ලුවා...
මුලු පීරියඩ් දෙකටම තියෙන්නෙ ලියන්න ලියන්න ලියන්න විතරමයි....
ලියනවා...ලියනවා...ඉවරයක් නෑ.....මුල් දවස් වල නම් මූලික සිද්ධාන්ත.....දේශපාලන විද්‍යාවෙ පියා අරයා මෙයා ..ඇරිස්ටෝටල් ප්ලේටෝ....සොක්රටීස් ගැන අයියා වගේ ලියාගන ගියා උනත් පහු පහු වෙනකොට මට නිකන් එපා වෙන්න එපා වෙන්න ආවා....
කට පුරාවටම ඈනුමක් යවපු මම ලියාගන ලියාගන ගිහින් අනිත් පාර ආයම සර් කියපු කෑල්ල ලියලා කොන්ද කෙලින් කරනවත් එක්කම බෙල් එක ගහනකොට සර් යන්නත් කලියෙන් මම පොත වහලා පෑන පැත්තටකට දානවත් එක්කම ඒ ගුරු භවලතා අපේ ඉන්ටර්වල් එකෙන් විනාඩි පහක් උදුර ගත්තා....
ලමයි.....අවසානෙට කලින් තුන ලියාගන්න...
යෝ....සෑර්...බඩ ..ගිනී....
පිටිපස්සෙ උන්න එකා බඩගිනී ගානකොට සර් අපි දිහා බලන් ඉදලාපොත වහලා එලියට යන්න ගියා වගේම නහයෙන් අඩපු උන් කැන්ටින් එකට දිව්වා ....
මම ආසම නැති වෙලාව.....තනියෙන් කන්න වෙන වෙලාව....කොච්චර කොහොම උනත් මේ අවුරුදු ගානම මම කෑවෙ තනියම...පන්තියට ගේන ලොකුම බත් මුල වටේ කට්ටියම අත දාන දවසක මම කෙරුවෙ මාරු වෙන එක.....බැන්නෙ නැති උනත්...අඩගහන්නෙ නැති වෙනකොට මට වේදනාවක් දැනුනා...
මම එහෙම්ම කැන්ටින් එකට ගියා...අනිත් උන් පොර කකා කෑගහනවා.....ඒත් ඉතින් මම කොහේ කෑගහන්නද....මම තලල්ලු වෙවී ඉදල ඉතුරු උන දෙයක් ගන්නවා ඇරෙන්න මට කවදාවත් අයියේ අරකෙන් එකක්.....අයියෙ මේකෙන් එකක් ගාන්න බැරි උනා...
කැන්ටිමට යන්න ආව මම ආයම නැවතුනා...එක්කො දවල්ටම කනවා....
මම අතට ගත්තු සල්ලි එක ආයම සක්කුවට දාගන ආපිට පන්තියට හැරුනා....හැරිලා ගිහින් දවල්ට යන්න තියන සිංහල පන්තියේ රසාස්වාදෙ ලියන්න ගත්තා.....
රත්නාවලී දිහා බලපු මම කල්පනා කර කර ලියන්න ගත්තා....
ඔය පස්සෙන් නැගපු අය මැද පොල්ල අල්ලන් ඉස්සරහට යන්ඩ.....
ඔය නිල්පාට බෑග් එක දාන් ඉන්න මල්ලි.....ඔතනින් ඉස්සරහට යන්ඩ....ඔය බෑග් එක වාඩිවෙලා ඉන්න කාට හරි දෙන්ඩ...
කොන්දගෙ කන්දොස්කිරියාව .....
ඉස්කෝලේ ඇරුන මම පාරෙ අයිනෙ තිබුන කඩෙන් මයිලෝ එකක් අරන් බීලා දෙවනියට ආව බස් එකට නැග්ගා....කොන්වන්ට් එකේ උනුයි බෝයිස් එකේ උනුයි බස් එකෙන් බාගයක් පිරිලා ඉන්නකොට අපිත් නැග්ග සීටීබී එක කට මට්ටන් වෙලා තිබුනත් කොන්දා මැද පොල්ල අල්ලන් ඉස්සරහට යන්න කියනකොට මමත් මැද පොල්ල අල්ලන් ඉස්සරහට ගියා විතරයි මගෙ පපුව ගාවට තරම් උස කෙල්ලෙක් අල්ලගන්න ආතක් පාතක් නැතුව මගෙ මූන දිහා බලලා ඒකි මගෙ බෑග් එකේ අන්ඩක එල්ලුනා...යෝහ්..... මේ කෙල්ල....
.එතනින් එහාට බස් එකට ඇගිල්ලක් ගහන්න ඉඩක් නැති උනත් ඩ්‍රයිවර් උන්නැහැ අත දාන දාන හැම එකාවම.නග්ග ගන්නකොට මගෙ බෑග් එකේ එල්ලීගන උන්න කෙල්ලව සෙනග අස්සෙ චප්ප චිරිප්පන් වෙලා ගිහින් අවසානෙදි එකි වතුරෙ ගිලෙන්න යන එකෙක් වගේ මගෙ ඇගේ එල්ලීගන උන්නා.....
ඔය නැගපු අය පස්සෙන් සල්ලි ගන්න...පස්සෙන් සල්ලි ගන්න...
ආයමත් මල කන්දොස්කිරියාව මෙච්චර වෙලා කකුල් දෙකෙන් හිටගන උන්න මම අනිත් පාර තනි කකුලෙන් හිටගන ඉන්නකොට අරකා පස්සෙන් සල්ලි ගන්න ගගා අපිවත් පෙරලගන අවසානෙදි පිටිපස්සට බඩගාගත්තා.....
රෝද හතරෙන් යන්න ඕනා බස් එක රෝද දෙකෙන් යනකොට ගහන බ්රේක් පාරවල් වලට පොල්ල අල්ලන් උන්න අත ඇදිලා යද්දි මාරක ලිදේ ගියා හා සමාන හැගීමක් එක්ක අවසානෙදි බහින තැනින් බැහැගන්නකොට තුනටත් කිට්ටු වෙලා තිබ්බා...
බඩගිනී...
බස් එකෙන් බැහැලා බලපුවාම මුලු ටවුමෙම උන්නෙ යුනිෆෝම් ඇදපු ළමයි...බෞද්ධ මන්දීරෙ ...ජයනිය එක.....බෙතනි එක....මේ පැත්තෙම තිබුන පන්ති වලට හැම පැත්තෙම්ම ළමයි එනකොට ටවුමෙ බාගයක්ම ලමයිගෙන් වැහිලා තිබුනා.....
බාගෙට බාගයක් සයිවර් කඩ පිරිලා තිබුනෙම ඉස්කෝලේ ලමයිගෙන් වෙනකොට ....යාලුවො නැති උනත් මේ ටවුමෙ තනියෙන් ඇවිදින්න මම ආස උනා....මහජන බැංකුව ඉස්සරහා තිබුන බෞද්ධ මන්දීරේ ගාව එක දිගට උන්නෙ කඩචෝරු වෙලෙන්දො වෙනකොට අච්චාරු පුරවන් උන්න ගෑනු කෙනා දිහා බලාගන ආව මම එහෙම්ම දිනපතා පොල අස්සෙන් ඇතුලට ගිහින් එහෙම්ම ඔරලෝසුකනුව ගාවට මතු වෙලා ලාෆ් ෆුඩ් සිටි එක ගාව තිබුන නොයෝමීස් එකට ගියා ...
බත් ඉවරයි .....බිත්තර රෝල්ස්...මාලු පාන්...අපෝ...බෑ...මේවා එපා...මං උදේට කාලත් නෑ...යනකොට රෑ වෙනවා....බඩගිනී....
නයෝමීස් එකෙන් එලියට බැහැපු මම ආයමත් පාරෙන් අනිත් පැත්තට පනිනකොට පෙරේරා ඇන්ඩ් සන්ස් එක ගාව අලුතින් කෑමකඩයක් දාලා තිබුනා.....
මගෙ ඇස් දෙක ආයම ගැස්සුනා...හිතට ප්‍රශ්න ගොඩාක් ඉතුරු කරන නමක්....
..යෙවීන්.....
ආයමත් යෙවීන් ....යෙවීන් කියනකොට මතක් වෙන්නෙම අර මනුස්සයා වෙනකොට මාව කාන්දමකින් ඇදල ගන්නවා හා සමානවම මගෙ කකුල් ඒ කඩේ පැත්තට ඇදිලා ගියා .
සෙනග ඉන්නවා....
සෙනග කිව්වට මිනිස්සු ගොඩක්....
කඩේ තිබුන මේසේ තුන හතරකම සෑහෙන ගොඩක් උන්නා...තවත් මේසයක් පුරාවටම පෝස්ටර් ....පොඩි පොඩි කොල තිබුනා....
..ජන්දකාරයො...මේ යක්කු නැති තැනක් නෑ ....
.හවස වෙනකොට වැඩ ටික ඉවර උනොත් ඇති....ඇමති තුමා එන්න කලින් අර අනිත් පුටු ටිකත් ගෙන්න ගන්ඩ වෙයි....
උන් කනවා....උන් කනවට වඩා කෑගහනවා....
දොරකොඩ උන්න මම බලන් උන්නා....කඩේ අයිතිකාර ගෑනු කෙනාද කොහෙද කෑම තිබුන ශෝව් කේස් එකට පිටිපස්ස හැරිගන මොන මොනවදෝ කරනකොට මම අරුන්ගෙ කතා බහ වලට කන්දීගනම පිටිපස්ස හැරිලා උන්න ගෑනු කෙනා ගාවට ගියා ....
ඇ ...ඇන්ටී....
.
කාක්කො වගේ කෑ කෝ ගහන උන්ගෙ කටවල් අස්සෙ මගෙ ගොත ගහන කටහඩ එලියට ඇවිත් අතුරු දහන් වෙලා ගියා .....
ඇ...න්ටී.....
මං දෙවනි පාරටත් කතා කෙරුවා .....අවසානෙදි තට්ටුවකුත් දානවා එක්කම එයා හැරුනා ... මගෙ ඇස් දෙක ලොකු උනා.....
මේ ඉන්නෙ අර ගෑනු කෙනා....යෙවීන් කියලා මගෙ මූන අත ගාපු කෙනා .....
මොනවද දරුවෝ.....
එයා මගෙන් අහනවා මොනවද කියලා ....මට එයාව මතක උනාට එයාට මාව අදුනන්න බෑ...
ඇන්ටි බ්බ්...බත් තියනවද ....?
මං එයාගෙන් බත් තියනවද අහනකොට එයා වහලා තිබ්බ හොදි පිනි භාජබ ඇරියා ....
අනෙ සුදු බත් විතරයිනෙ ඉතුරු .....වෙන කිසිම දෙයක් නෑ.....
එයාගෙ මූන මැලවුනා...කිසිම දෙයක් නෑ කියනකොට මම හිනා උනත් එයාගෙ මූන මැල උනා...මම එන්න හැරුනා.....
දරුවො...
යන්න ගියපු මට එයා ආයම කතා කරන කොට මම හැරිලා බැලුවා.....
ඔයාට එලවලු බත් එකක් හදලා දෙන්නද.....
එයා මගෙන් හිතුවෙ වත් නැති විදිහට එලවලු බත් එකක් හදලා දෙන්නද අහනකොට යන්න ගියපු මම ආයම හැරුනා ...අඩියට දෙකට මම එයාගෙ ලගට යනකොට එයා හිනා උනා . .

ඉදගන්නකො.....විනාඩි පහෙන් හදලා දෙන්නම්...
මම ඉදගත්තා ...භාජනේකට සුදු බත් ගත්තු එයා හරි හරියට එහා මෙහා යනකොට මම එයාගෙ කඩේ පුරාවටම ඇස් යැව්වා .....
අර ඵොටෝ එක...
ආයමත් පොඩි ලමයෙක්ගෙ ඵොටෝ එකක්...මල්මාලයක් දාපු පොඩි එකෙක්ගෙ ඵොටෝ එකක්.....මගෙ ඔලුවට කරන්ට් එකක් වැදුනා වගේඋනා...මේ ලමයමයි...මේ ලමයමයි අර එදා පොලිස්කාර කපල් එකගෙ උන්නෙ ...
මගෙ ඔලුව මොකක්ද උනා. ...කොහෙන් ගියත් හැම පැත්තකිම්ම අවසානෙදි එකතු වෙන්නෙ එකම තැනකට වගේ වෙනකොට මගෙ ඔලුවත් එක්ක අවුල් උනා.....
ඒ ඵොටෝ එක යට තව සල්ලි එකතු කරන කැට ගොඩාරියක් තිබුනා මැටි කැට....ප්ලාස්ටික් .....එයා අර ළමයා වෙනුවෙන් පින් දෙන්න එකතු කරනවද දන්නෙ නෑ....
නහයට දැනුන සුදුළූනු සුවදට ඉව අල්ල අල්ල ඵොටෝ එක දිහා බලන් උන්න මගෙ ගාවින් දුම් දාන බත් එකක් තියපු එයා මගෙ දිහාවට නැවිලා කන්නයි කිව්වා...චිලි පේස්ටුත් තිබ්බා....බත් එකේ එලවලු වලට වඩා බිත්තර තිබ්බා...සමහර විට මස් කෑල්ලක් වත් නැති හන්ද වෙන්න ඇති...
එයා බත් එක තියනකොට මම කොටුවට කපපු කැරට් කෑල්ලක් කටේ දාගන්නකොට යන්න හදපු එයා ආයම නැවතිලා මගෙ දිහා බලලා හිනා උනා....
පව්....එයාගෙ පුතා එයයි...යෙවීන් කියන්නෙ එයාට...
ඔ...ඔයාගෙ....පුතාද අර.....
හැන්දට ගත්තු බත් එක කටේ නොදමා යන්න ගියපු මම එයාගෙන් අර ඉන්නෙ ඔයාගෙ පුතාද අහනකොට එයා ලමයගෙ ඵොටො එක දිහා බලලා හිනා උනා.....හිනා වෙලා ඔව් කිව්වා.....
ඔව්....ඒ ඉන්නෙ...මට උන්න එකම පුතා...
....
ඇයි ඒ.....
නෑ.....න්න්..නිකන් ... ....
මම නිකන් කියනකොට එයා හිනා උනා .හිනා වෙලා ඵොටෝ එක දිහා බැලුවා...
එයා උන්නා නම්....සමහර විට ඔයාගෙ වයසෙ වෙන්න ගියා...
එයා උන්නා නම් මගෙ වයසෙ වෙන්න ගියා කියපු ඒ ගෑනු කෙනා ඇස් වලට කදුලු පුරවගත්තා ....
මගෙ යෙවීන්...එයාව බලාගන්න මට සල්ලි නැති උනා...ඒත් ....අද මට සල්ලි තියනවා..එයා නෑ.....මගෙ....යෙවීන්.....නෑ....අද.....
එයා අඩනවා .....මගෙ පපුව මට නොතේරෙන ලොකූ වේදනාවකින් අදුම් කන්න ගත්තා....මම අතට ගත්තු බත් එක පැත්තකින් තියලා එයාගෙ අත අල්ලගත්තා .....
අ...අඩන්න...එපා...නෙ...
" අ...ම්...මෙ....."
🥺 ජොබී නිදහාස්ස්...
🙂ආයම එන්නාම්....
රෑට කා එක්ක හරි එන්නම්කො...හයිතේ...
මම
Ferdeesha ❤️💚😘 ...