අනේ.....සුදු....මහත්තයෝ.....අයියෝ....අයි...යෝ....සුදු මහත්තයෝ...අයියෝ.....
මම බිත්තියට හේත්තු වෙලා අම්මගෙ අදෝනාව අහන් උන්නා.....වෙලාවෙ හැටියට ගින්න පත්තු වෙලා....
සුදු මහත්තයා ....
අම්මා කෑ ගහනවා ...අම්මගෙ ලතෝනියට අත්තම්මා කෑ ගහනවා....මම අම්මා කෑ ගහනවා ඇහි ඇහිම අත්තම්මගෙ කාමරේට ගියා....වයසක ගෑනිගෙ පපුව අවුලවන්න ..
සුදු ....මහත්තයා...අනේ...අම්මා....අම්මා..ලතෝනි ගහන්නෙ ඇයි....පුතේ ....
අත්තම්මා පොඩී දම්වැල ලිහන් ගිහින්ලු...කෙල්ල පාරටවත් ගියාද දන්නෙ නෑ මාත් හොයන්න පුලුවන් හැම තැනම හෙව්වා.....
අයියෝ....අයි...අයෝ.....හ්හ්...මාව...ඉන්දපල්ලා...මාව...මාව....
මම ලාවට ගින්න අවිලුවා විතරයි අත්තම්මා කටු ගැහුන පපුවට දඩ..දඩ ගාලා ගහනකොට මම මල කදක් වගේ උන්න උන්දව අහන්න් බලන්නෙ නැතුව රෝද පුටුවෙන් ඉන්දෙව්වා ....මිනිබිරීගෙ මල කද ඇස් දෙකෙම්ම දකින්න එපැයි .... ..
අනී....තා...කැහ්...කැහ්....අනී.....තා....අයි...යෝහ්...පොඩී ..පොඩි...කෙලී.....
අනේ....අම්මා....පොඩී...පොඩීව වැවට වැටිලා...අනේ දෙයියනේ ....සුදු මහත්තයා ...සුදු මහත්තයා .....
මම අත්තම්මව රෝද පුටුවෙන් ගෙනත් වලව්ව ඉස්සරහිම්ම තිබ්බා ....අම්මා පපුවට ගගහ වැල පෙනකොට අත්තම්මා කොර උන ඇගිලි නමාගන පපුවට ගහගත්තා වගේම අම්මා නොන්ඩි කොට කොටම.වැව පැත්තට දිව්වා විතරයි මලකද ගෙනියන්න...මල කද පරික්ශා කරන්න පොලිසියෙන් එනකොට අත්තම්මා අහස පොලව හෙළ වෙන්න කෑ ගැහුවා .....එක අතකට.....නරකද....ලොකු අම්මවත් පෙන්නුවොත් . ..නෑනෙ.....ඕන් නෑ....ඒක රස වෙන්න තියමු...එක පාර මල ගෙවල් දෙකක් ගත්තම එක පාරනෙ අඩන්නෙ.....
අත්තම්මා ...අනේ...ඔයා මෙතන ඉන්නවද ....මං බලලා එන්නම්...අම්මා තනියෙන් ගියේ ...ඔහොම්ම ඉන්න අත්තම්මා....අයියෝ....මේ කෙල්ල කරගත්තු දෙයක් දෙයියනේ....කොහොම පන ගියාද දන්නෙ නෑ...වතුර යට පන යනකොට මොනවා හිතුනද දන්නෙ නෑ....අයියෝ....තට්ට තනියම....
අනෙ....අම්මෙ.....පොඩී.....
අත්තම්මා පොඩී...පොඩී ගගා කෙස් නැති ඔලුවට ගහ ගන්නකොට මම එකිව බලලා එන්නම් කියන ගමන් මැරුන්න විදපු දුක කිඹුල් කදුලු හලන ගමං කියවනකොට මම හිතුවා අත්තම්මහෙ පන මේ දැන් යයි කියලා .....
අයියෝ.....පොඩී.....උඹට...මේ...සුදු අයියා එනකන්වත් ඉන්න බැරු උනාද....පොඩී....අයියෝ....වතුර යට පන යනකොට උඹ කෑ ගැහුවද මගෙ පොඩී...
මම හිත යටින් හිනා උනා...මට හිනා ගියා ...අත්තම්මා හොටු වක්කරන් අඩනකොට මමත් අඩ අඩම වැව පැත්තට අත්තම්මට පේන්න දුවලා ඉතුරු ටික ගානක් නැතුව පයින් ඇවිදන් ගියා ....
අනේ...මොන මගුලටද.....
අයියෝ....සුදු මහත්තයා ...මේන්...බලපල්ලා.....මේන්...බලපල්ලා....උඹලගෙ පොඩී...
මම යනකොට අම්මගෙ කටේ සද්දෙට අහල පහල උන් එකතු වෙලා වැව වටකරන් උන්න වගේම මිනිය වහන්න සුදු රෙද්දක් ගෙනියන්නවත් සිහියක් තිබුන් නැති හින්දදෝ මල කද පොල් අත්තකින් වහලා තිබ්බා....
පොල් අත්තෙන් වහපු මිනියෙ අතක් පයක් එලියට පැනලා තිබුනා ..වැඩි වෙලාවක් වතුරෙ නොතිබුන මිනිය පෙගිලා තිබුන් නැති උනත් සැරව බැදුන තුවාල වලට වතුර උරාගන පැසවපු පාටට තියනකොට මට මතක් උනේම පාන් වලට වතුර වැටුනම කැද වෙලා යන හැටි වෙනකොට මං අතින් කට වහගත්තා .....
අම්මා පොඩී පොඩී.....අනේ පුතේ නැගිටපන් කිය කිය අඩනකොට මං හැම පවටම ණය ගෙවපු පොඩීගෙ මලකදට එයින් එහා කිසිම අඩත්තේටමක් වෙන්න නොදී ආව මනුස්සයන්ට වැඩ කරගන්න දීලා පොලවෙ පස් කන අම්මව අල්ලගත්තා ....
නාඩා ඉන්න අම්මා.....පොඩී ගෙවන්න තිබුන පවක් ඔය ගෙවන්නෙ....අම්මට එදා මැනිකගෙ කෙලී වතුරට වැටුන වෙලේ මේ වෙව්දනාව දැනුනද ....අහලා තියනවද ....කරුම පඩිසන් දෙනවා කියලා අන්න ඒ වගේ දෙයක් තමා මේ වෙන්නෙත්....වලව්වට වස් කාලෙ පටන් අරන්...දැන් ඉතින් ප්‍රවේසමෙන් අනීතා මැනිකේ...
නි....තේ...ශ්.....
මම අම්මා දිහා බලන් ඉදල කට කොනකින් හිනා වෙලා නැගිට්ටා ...මොකද.....දවස් හතක් ඇතුලත මුලු වලව්වම නැත්තටම නැති වෙනවා කියන එක මගෙ හිත දන්නකොට මම අම්මට ඉඟියක් දෙන ගමං නැගිට්ටා ...
මේ ආත්මෙ කරපු පව් වලට මේ ආත්මම ණය ගෙවපු පොඩී අවසානෙදි යන්න යනකොට මම කොල්ලො කුරුට්ටො ටිකක් අල්ලගත්තා ....
අනේ හාමු....ලොකු මැනිකෙ දෙස් තියාවි....
ලොලු මැනිකෙට දෙස් තියන්ඩ තියා පාන් කියා ගන්ඩ බෑ ලමයො...මෙන්න මෙහෙ එන්න....
අත්තම්මලාගෙ උද්දච්ච ගති හින්දා වලව් වත්තට පවා පය ගහන්ඩ බය උන් මගෙ කට වචනෙට නැවතිලා ඉටිකොල කපන්න හට් ගහන්න ගන්නකොට මං බලාගන නාද්‍යා කොල්ලො කුරුට්ටො එක්ක දුක කියනවා....අනේ ඉතින්....දුක අහන අයියලා වැහි වැහැලා.....මෙච්චර දවස් අම්මා සීයා තාත්තට තේ එකක් හදන්න.....හැන්දෑවට තේ එකක් හදව ගන්න ඕකිගෙ පුකට වැන්දෙ නැති ටික විතරයි .....ඒකි මේ විගහට බන්දේසියකුත් අරන් එක එකා ගාවින් යන්නෙ හරියටම ශ්‍රී ලංකන් එකේ එයා හොස්ට කෙනෙක් වගේ....ඒ තරම් කැටයම....
සුදු මහත්තයා ....
ම්න්.....
ඔයාට මොනවද ඕනෙ
මොකුත් එපා ..තමුසෙ ගිහින් ඔය කකුල් වැහෙන්න ඇදුමක් ඇද ගන්නවා...මගුල එන උන් හැමෝම දන්නවා තමුසෙ මගෙ ගෑනි කියලා මටයි ඕයි ලැජ්ජාව යනවකො....
මේකෙ මොනවද පේන්නෙ...
ගිහින් බලපන් මොනවද නොපෙනෙන්නෙ කියලා කතුරු පාර නොකා පල ගෙට....
එක එකා ගාවට ගිහින් දුක කියලා අගර දගර පාපු නාද්‍යට මගෙ පිටිපස්සෙන් උන්න කොල්ලො කුරුට්ටො එක එක මගුල් කුටු කුටු ගාලා කියවනකොට මටම අහන් ඉන්න ලැජ්ජා හිතුනා...මොන.මගුල උනත් උන් කියන්නෙ මගෙ ගෑනි කියලනෙ...මේ යකින්නට ලැජ්ජාවක් නැති උනාට මට තියනවනෙ.....මම නාද්‍යට සැර කෙරුවා .....
යක්කු ගස් නගින වෙලාවෙ වැව් පතුලෙ හැංගුන පොඩීව අරන් යනකොට තුවාල වලට කිලි අහුවෙයි කියලා අම්මා අත්තම්මව කහ වතුර වලින් පිහලා තිබ්බා ..කහ වතුර නෙවෙ කහවතුර බේසමක බස්සලා තිබුනත් අත්තම්මගෙ ඇගෙ ඉන්න පෙරේතයො උන්දගෙ සාරෙ උරනකොට පලිගු මැනිකෙව බලාගන ඉන්නකොට ඇට ගැහිලා ගියා.....
අම්මා ඇඩූ කදුලින් එහා මෙහා ගියා..අම්මට ලොකු අම්මව මතක නෑ.....වෙලාවකට විකාර කියෙව්වා ...අත්තම්මා බලාගත්තු අත බලන් උන්නා...මුත්‍රා අමාරුව කියපු සීයා තාත්තා ගෙර ආවෙ වෙනම වෙදනාවක් හිර කරන් වෙනකොට ගෙදර සුදු කොඩි දැකලා ඊට වඩා නහිනන් හැදුවා ....
සුදු මහත්තයා ...
මම උන්නෙ මිනිකොල අලවන්න පාප්ප ගගා වෙනකොට එයාලා නොදන්නවා උනාට ප්‍රෙස් එකට දෙන්න මම එයාලගෙත් ඵොටො තේරුවා...අම්මගෙ....අත්තම්මගෙ....සීයා තාත්තගෙ.....ලොකු අම්මගෙ....නාද්‍යගෙ ...මේ හැමෝගෙම ඵොටෝ මම වෙනම පැත්තකින් තිබ්බා..මොකද ...මොල්ලිගොඩ උන්ට ජීවිතේ ගෙවන්න තියන අවසානම දවස් මේක හින්දා ....
මං අටමාසයක් පිස්සෙක් වගේ ජීවත් උනා...ඌ මගෙ ගාව නැති බව දැන ගත්තම්ම මම ඊට වඩා පිස්සෙක් උනා....මගෙ අප්පච්චිගෙ හැටි දැක්කම මම කබලෙන් ලිපටම වැටුනා....අවංකවම මට..මගෙ විතේන්ට උන දේවල් වෙන එකෙක්ට උනා නම්...මේ වෙනකොට මැරිලා
නොන්ඩි කොට කොට ආව අම්මා මගෙ ගාව නවතිනකොට මම ඇයි අහන්න ඔලුව ඉස්සුවා ...
සුදු මහත්තයා ඔය නෙස්කෙෆෙ මැශින් දෙකතුනක් වත් ගෙන්නපන්.....ගෙදර වැඩට ඉන්න එකී....
මම බලාගන උන්නා...අම්මා පපුවට අත තියා ගත්තා .....තියාගන එහෙම්ම පුටුව උඩට කඩන් වැටුනා....
නිතේශ් ...ගෙදර....වැඩට ඉන්න එකී...මගෙ තියන....සබ්බ...සකල...මනාවම...සූරන්.....පැන.....ලා...ගිහි....ල්ලා.....
අම්මගෙ ඇස් දෙක උඩ ගිහින් වගේ තිබුනා...කොරේ පිටට මරේ කියලා ගෙදර වැඩට උන්න කෙල්ල අම්මගෙ අල්මාරියෙ තිබුන රත්තරන් බඩු ඔක්කොම සූරන් ගිහින් තියනකොට අම්මා පපුවට අත තියාගන හුස්ම ඇද්දා .....
අම්මා....අප්පච්චිට එන්න කියන්නකො....මට මේ ඔක්කොම.කරන්න අමාරුයි ....පිරිමි පරානයක් නෑ....ඒකිට එක මිනිහෙක් වෙනුවට මිනිස්සු දෙකක් බැන්දුවා ඒත් එකෙක් වත් නෑනෙ අම්මා....අප්පච්චිට එන්ඩ කියන්නකො අම්මා.....
අප්පච්චි ට...එන්න....විදිහක් නෑලු...නිතේශ් ...ඒ මනුස්සයගෙ ඔලුවටත් උඩින් වැඩ...ඇරත් පොඩීගෙ මිනිස්සු ඉන්නෙ නමට....තූ....රන්දෙනිගල වලව්ව ගගා කියෙව්වට මුන් අමු කාලකන්නෙ.....පේනෙන් නැද්ද උඹේ ගෑනි....අයියෝ...මට නම්..බෑ අප්පා....මේ කකුලෙ වේදනාව එහෙන්....සීවරන් දෙයි හාන්දුරුවනෙ ...මේ මොන කරුමයක්ද පඩිසන් දෙන්නෙ...
මන් අහන් උන්නා අම්මා මේමොහොතෙත් මගෙ අප්පච්චි ගැන බොරු කියනවා ....අම්මා රන්දෙනිගල වලව්වට සාප කරනවා .....අනිත් පැත්තෙන් මගෙ අප්පච්චි නැහැ කියලා තව බොරු කරනවා ...මං පාප්ප අනන එක පැත්තකට දැම්මා....දාලා අම්මා දිහා බැලුවා ....
අම්මා....අම්මට හොදටම විශ්වාසද අප්පච්චි මෙහෙ නෑමයි කියලා ....?
ඔව් දරුවෝ ඔව්.....අප්පච්චි රට.....මට මේ දැනුත් කතා කෙරුවා ....
ඇත්තට ..මොනවද කිව්වෙ . .
මං අත් දෙක පිටිපස්සට බැදන් අම්මා කට හද හද බොරු කියන හැටි බලන් උන්නා .....මං අහන අහන හැම වතාවෙම කිව්වෙ අප්පච්චි නෑම කියලා ...නෑමයි කියලා ...
අම්මට ඇත්තටම විශ්වාසද.....
ඔව් ලමයො..උඹ මොකද මේ හාර හාරම ඕක අහන්නෙ නිතේශ් ...ඒ මිනිහා එහෙ .
ඒත් මං අප්පච්චිව දැක්කා....
නෑ....ඒක වෙන්ඩ බෑ!!!
මං අම්මා දිහා ...ඒ මූනෙ තියන හැගීම් දිහා බලන් උන්නා....අප්පච්චි නෑ නෑ නෑ කියපු අම්මට මං අප්පච්චිව දැක්කා කියනකොටම අම්මගෙ මූන බලන් ඉන්නකොට කලු උනා වගේම එයා බෙරිහන් දුන්නා .....
ඒක වෙන්ඩ බැ....ඒක වෙන්ඩ බෑ ....ඌ....ඌ කොහෙ ඉන්ඩද.....ඌ...කොහෙ ඉන්ඩද....
අම්මා.....
කියපන් නිතේශ් ....කොහෙදිද උඹ අප්පච්චිව දැක්කෙ...
අම්මා....ඇයි මේ....ඇයි මේ කෑ ගහන්නෙ...අප්පච්චි නෙවෙ කියලා අම්මම කියනවා නම් ඇයි මේ තරහා ගන්නෙ ....
අම්මා කොර ගගහා එහෙට ගියා මෙහෙට ගියා...අප්පච්චි නෙවෙ ගගා මැරෙන්ඩ හැදුවා ....තමන්ගෙම මිනිහට මැරෙන්න වැටෙන්න හූනියම් කරලු ගෑනියෙක් උන අනීතා තවමත් මට්ටු වෙලා නැතිවෙනකොට මං මොකුත් නොකියම උන්නා .....
පැයෙන් පැය ගෙවෙනවා ....පැයෙන් පැය ගෙවෙනවා ..මල කද ගේන්නෙම වලලන්න බලාගන වෙනකොට මං බලාගන රන්මලියා කැරකෙනවා ...මා දිහා බලනවා ... .
මං හිමීට කාටත් සැක නොහිතෙන්ඩ ඒ පැත්තට ගියා ...
රන් මලී ....
උඹට අද රෑත්....වලක් කපන්ඩ වෙයි බේබි හාමු...
ලොකු අම්මටද....
නෑ....
ලොකු අම්මට අමතරව ....තව එකක්.....
කාටද.....
උඹේ ගෑනිට....
නාද්‍යට ...
ම්ම්ම්ම්.....නාද්‍යට....
රන්මලියා කිව්වා මට තව වලක් කපන්න වෙයි කියලා ...ඒක නාද්යටලු....ඒකියන්නෙ....ලොකු අම්මගෙන් පස්සෙ නාද්‍යට.....ම්ම්ම්.....ම්ම්ම්....ඒ කියන්නෙ මට බොහෝම ඉක්මනට වැන්දඹු වෙන්න වෙනවා .....
සුදු මහත්...තයා ....
මේකි මැරෙනවා මැරෙනවා කිව්වට මැරෙන් නෑ....රන් මලියා ඇවිත් ගියා විතරයි නාද්‍යා ආවා....
ඇයි...
අනේ නිතේශ් ....මේහ්.....අත්තම්මා වගේම මගෙ ඇගෙත් බිබිල් දාලනෙ....කැහ්....කැහ්...ඊටත්...කටෙත් එක්ක....
හවස හොදට උන්නනෙ....
ඒක තමයි....අනේ....සුදු මහත්තයා .....මාව කසනවා ඉවරයක් නෑ....මට උන වගේ.....සර්වාංගෙම ...කැක්කුමයි ...නිතේශ් ....අම්මා ජරා වතුර එක ඔලුවට හලපු හින්දද නිතේශ් ...අනේ....මාව කසනවා....
ඇත්ත ...ඒකිගෙ ඇගේ බලන් ඉන්නකොට ගෙඩි දාන්න ගත්තා ....ඒකි කසනවා ....මුලු මූනම රතු වෙලා...මාලු කොරපොතු හැලෙනවා වගේ ඒකි කසනකොට ඇගෙන් පොතු පොතු සුදු පාට කුඩක් හැලෙන්න ගත්තා...මෙච්චර වෙලාම කොල්ලො කුරුට්ටන්ගෙ ඇහට කනට පේන්න රගපු නාද්‍යා ඊලග පාර කසනවා කසනවා ගගා අඩ අඩ කසන්න ගත්තා...
ගිහින් සෙට්රසින් එකක් වත් බොන්න ඔයාට මොකක් හරි ඇලජික් වෙලාද දන්නෙ නෑ...අත්තම්මගෙ බෙත් ගොඩේ ඇති ...
මං ඉස්සරහා ඉදන් කස කස ඒකිව බෙහෙත් අරගන්න එක්කන් යන්න කිව්ව නාද්‍යට මම අත්තම්මගෙන් බෙහෙත් බොන්නයි කියලා ආපිට යැව්වා....මං බලන් ඉන්නකොට මග දුරක් ගියපු ඒකි හිමින් යන්න බැරි කමටද කොහෙද දුවනකොට මම වට පිට ඉන්න මිනිස්සු දිහා බැලුවා .....
අවංකවම උන්නෙ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්..මිනිස්සුන්ට මගුල් ගෙදරකට ආරදනා කෙරුවට...කවදාවත් මලගෙදරකට ආරාධනාවක් කර්ස්න්නෙ නෑ ..මොකද සතුට පිරුන තැනට වඩා මිනිස්සු යන්නෙ වේදනාව පිරුන තැනට වේදනාව බෙදා ගන්න.....ඒත්...වලව්වෙ ඉලව්වට ඒ න්‍යාය නැති උනා....මිනිස්සුනට අඩ ගැහුවත් එන්න බහැයි කියලා මූනටම කියනවා .උන් වලව්වෙන් මූන හංග ගන්නවා.....ගිය පාර වෙච්ච දේ දන්න හින්දම මම නගර සභාවෙ කුනු ට්‍රැක්ටර් එකේ කුනු ගෙනියන මනුස්සයො පස් හය දෙනෙක්ට සල්ලි මිටි මොලවලා පෙට්ටිය කරගහන්න එන්න කිව්වා...
මෙච්චර දවස් වලව්වෙ දේවල් වලට ..විශේශෙම්ම මගෙ දේවල් වලය විස පුරවන්න උන්න අනිත් බෑනලා ආ ගිය අතක් නැතු උනා...උන්ගෙ ගෑනු මැරිලා වලලන එක වත් දන්නෙ නැති උනා...පොඩීගෙ අප්පච්චි ආගිය අතක් නෑ..බිනරිගෙ අප්පච්චි ආගිය අතක් නෑ..නමට මගෙ අප්පච්චි රට ගියාය කියලා කිව්වත් මගෙ අප්පච්චි ඉන්නවා කියලා මම හිත හදා ගත්තා ...
මම කලවම් කරපු පාප්ප බාල්දිය එක්ක ප්‍රෙස් එකෙන් ගෙනල්ලා දුන්න කොල දහය පහලව කොල්ලෙක් අතට දුන්නා...දුප්පත් මිනිහගෙ මිනි කොලේ පවා මුලු නුවරම ඇලවෙනකොට මොල්ලිගොඩ උන්ගෙ මිනි කොල ලයිට් කනු දෙක තුනකින් එහා ඇලවුන් නෑ....කවුරු කියලා එන්නද.....තව පැය කීයද...අඩුම ගානෙ බැදපු මිනිස්සු පවා ඒකිගෙ මල කද බලන්න ආවෙ නැති කොට දවස් ගනන් තියාගන මොකටද ....
සමහර මිනිස්සුන්ගෙ මිනි වලට එලා ගානෙ පස් මිට මිට දැම්මත් වල වහගන්න පුලුවන් උනාට මොල්ලිගිඩ මිනිස්සුන්ට සවල් පාරයි උදලු පාරයි ඇරුනම පස් මිටක් දාන්ම එකෙක් උන්නෙ නැති උනා ....
උන්ට එකතු කෙරුවෙ වස්තුව ...තාන්න මාන්න නම්බුව විතරක් වෙනකොට දුප්පතා පොත පිරෙන්න සල්ලි නැති උනත් හිත පිරෙන්න මිනිස්සු එකතු කරගත්තා .....
මං බලන් උන්නා...අත්තම්මා වැලහින්න වගේ අඩාගන ඉන්නවා....අම්මා කොර ගගහා එහා මෙහා යනවා.....යටි බඩේ කොරේ අල්ලපු සීයා තාත්තා කෙලින් වෙන්න වත් බැරිව මිනිබිරීගෙ අවමගුල වෙනුවෙන් අඩනකොට හෙට අනිද්දා වැන්දඹු වෙන්න බලන් උන්න මම පවක් ගෙවන්න බැදගත්තු ගෑනි කස කස බෙගෙත් හොය හොය දුවන හැටි බලන් උන්නා...
මගෙ මැනිකෙ....
මට මගෙ විතේන්ව මතක් උනා.....ඉන්නෙ කොහෙද කියලා පනිවිඩයක් තවටත් නැති කොට මං ශෙනෝන්ට ගන්න ගන්න පාර ඇහුවෙ මගෙ විතේන්ව .අප්පච්චි ගෙ අම්මව හම්බ උනාද කියලා වෙනකොට උන් දෙන්නට මට දෙන්න උත්තර නැතිව හැමදාම ගොලු උනා....
උඹ ඉන්නෙ කොහෙද මගෙ විතේන් ...මං උඹ වෙනුවෙන් මේ හැම දේම කරන්නෙ.....සාදරයක් නැතිවම හුස්ම ඇරපු උන් වෙනුවෙන් මේ දේවල් කරන්නෙ.....මට උඹව මතක් වෙනවා මගෙ මැනිකෙ....අනෙ....උඹ ඉන්නෙ කොහෙද ....අඩුම ගානෙ හීනෙකින් වත් ඇවිත් කියපන්කො තේශී මං බලන් ඉන්නවා කියලා .....
උඹ මා එක්ක තරහද මගෙ විතේන් .....අනේ රත්තරන් ගහ මරා ගත්තා උනත් කමක්නෑ....මං දැකපු හීනේ ඇත්තක් නම් කරන්න එපා....එච්චරයි මං කියන්නෙ...උඹ මගෙ ඔලුවෙ අත ගහලා දවුරුවලු....උඹම කියපන් මෙච්චර අඩව් අල්ලලා මම උඹව හොයා ගන්නකොට උඹ වෙන එකෙක්ගෙ වෙලා උන්නොත්මට මොනවා වෙයිද කියලා ...මං දන්නෙ නෑ විතේන් උඹ මාව.දකින අවසානම දවස එදා වෙයි ...එදයින් පස්සෙ අපෙ කතාව ඉවර වෙයි...මොකද මට එතනින් එහා මාවත් නැතිවෙලා යනකොට මට මගෙයි කියල කිසිම දෙයක් නැතුව ජීවත් වෙන්න බැරි වෙයි.....
මං උඹට ආදරෙයි මගෙ විතේන් .....මං උඹට ආදරෙයි මං උඹගෙන් වැදලා හරි සමාව ගන්නම් ...මං ගාවින් ඉදින් මගෙ විතේන් ...මට එච්චරයි ඕනෙ...උඹ නැතුව කොච්චර පාලුද...මට උඹව කොච්චර මතක් වෙනවද දන්නෙ මම විතරයි .....
මම හිස් වෙච්ච අහස දිහ බලාගන එයා ගැන හිත හිත හීල්ලුවා.....පැයෙන් පැය ගෙවිලා ගිහින් මල ඉර බහින්ඩ ඔන්න මෙන්න තියලා හුස්ම ඇරපු පොඩීව ගේනකොට අම්මා අත්තම්මා හූ තිබ්බා .ඉතින් පොඩීගෙ කතාව මෙතනින් ඉවරයි....පාංශු කුලේ දෙනකොට .....හාමුදුරු නමට ඒකි වෙනුවෙන් ගුන කතණයක් කරන්න වත් වචන නැති උනා.. ..
මම බලන් උන්නා.....සර්වාංගෙම වහගත්තු තුවාල ෆෝමලීන් සැරටද කොහෙද කරකුට්ටන් වෙලා මිනිය සම්පූරනම උම්මලකඩයක් වෙලා ගිහින් තිබුනා....ඒකො වෙනුවෙන් අඩන්නවත් මගෙ ඇස් වලට කදුලක් ආවෙ නැති උනත්.....පොඩි කාලෙ අපි හැමෝම හැදුනෙ එක ගොඩේ නේද....ඒකිව කෑවෙත් වලව්වෙ උන්ම නේද මතක් වෙනකොට අවංකවම මට දුක හිතුනා...
අත්තම්මා තුවාල වැහෙන්න ඇගම පොරවන් ඉන්නකොට නාද්‍යා සැරින් සැරේම ගහක් මුලට ගිහින් වමනෙ කරන්න ගත්තා ...අම්මගෙ කකුලෙ කැක්කුම එන්න අන්නම.වැඩි වෙනකොට සීයා තාත්තා ඉදගන ඉදලා නගිටිනකොට මං බලාගන් සුදු පාට සරමෙ පිටිපස්සෙ ලේ පැල්ලමක් තිබුනා ...මුත්‍රා අමාරුවට ලේ යනවද....නෑනේද.....එක්කො මුත්රාවල ගල් ද....
මම පොඩීගෙ මිනිය දිහා බලන් උන්නා...ඒකි දන්නෙ නෑ ඒකිහෙ අම්මගෙ මල කද සුදූගෙ බාල්කෙ එල්ලෙනවා කියලා .....අම්මා දන්නෙ නෑ දුව මැරුනා කියලා ..දුව දන්නෙ නෑ අම්මා මරුනා කියලා ...ඒ කොහොම උනත්....මෙතන පලිය ගියේ සුදු අක්කා වෙනුවෙනුයි...රන් මලී වෙනුවෙනුයි වෙනකොට ඊලගට යන්න ඉන්න නාද්‍යා ඇවිත් මගෙ ගාවින් ඉදගන ඔලුව පුපුරන්න කැක්කුමයි කියලා මගෙ අත් ගොබෙට ඔලුව ගහගනකොට මට ඒකිගෙ නලල ගිනි කබලක් වෙලා තියනවා දැනුනා...
මට හේත්තු උනේ නාද්‍යා .....ඒත්..මතක් උනේ මගෙ මැනිකව....ඒකටත් මේ වගේම ගින්දර වගේ උන ගත්තා ...
සුදු මහත්තයා ...අනෙ ඔලුව කැක්කුමයි....සුදු මහත්තයා මගෙ ඇගට අමාරුයි ගගා කොච්චර නම් ඇඩුවද....ඔලුව පුපුරන්න එනවා කිය කිය කොච්චර කිව්වද ...ඒ ඇස් ගින්දර වගේ රතූ උන හැටි ..උන වැඩි කමට වෙවන්න ගත්තු හැටි....කව්න කවන කැද හැන්ද අපහු එලියට දාපු හැටි ....වමනෙ හලපු හැටි.... මගෙ විතේන් දුක් විදපු හැටි මතක් වෙනකොට මට නාද්‍යා ගැන කෙස් ගහකවත් අනුකම්පාවක් දැනුන් නෑ වගේම වචන වලට පෙරලන්න අමාරු....වචන තිබ්බා උනත් ඒ වචන පවා මදිවෙන තරහවක් මගෙ පපුවෙ තියනකොට මං නාද්යව පැත්තට කෙරුවා ....
උඹලා අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනා....උඹලා අනිවාර්යයෙන්ම මැරෙන්නම ඕනා...මගෙ හිත කෑ ගහනකොට අවසානම පාරට පොඩීගෙ මලකද දිහා බලපු අම්මා සීයා තාත්තා කදුලු හල හල පැත්තට වෙනකොට මං කුලියට ගෙනාව මිනිස්සු එක්ක මලකදට කරගහන් ඒකිව වලව් වත්තෙම පැත්තක තිබ්න කැරකොප්පුවට අරන් ගියා ....මේ වෙනකන්...අන්තිම තත්පරේ වෙනකන්වත් රන්දෙනිගල වලව්වෙන් ආවෙ නැති උනා වගේම අම්මා නාද්‍යගෙ පලු ඇරියා .....
උඹලගෙ අයියලාගෙ ගෑනිනේද...ඒ තරම් එන්න බැරි උනාද ...මහ ලොකු වලව් කාරයොලු...උඹ මගෙ කොල්ලව බැදගන ඌව කෑවා ....තොපෙ මහ එකාලා දෙන්න මේකිව බැදගන මේකිට වද දුන්නා ...ළමයා නැති උනත් හරි....තොපෙ වලව්වෙන් එකෙක් වත් ආවද....
මිනිය කරගහන් යන මට හිනා යන්න ආවා..
හට් එක ඇතුලෙන් මල මිනිය ගන්නවා එක්කම මිනි පෙට්ටිය තව තව බරවෙනකොට කෙලින් යන්න ඕන එක අපි ගියේ පැත්තට ..ඒ තරමට පෙට්ටිය බරයි.....ඒකිගෙ ආත්මෙ අරන් යන්න ආව යක්කු මල පෙරේත රැල පෙට්ටිය කැරකොප්පුවට තල්ලු කරනකොට අපි ගියා නෙවේ අපිව යැවුනා...
අම්මා....
අයියෝ.....පොඩී....පොඩියෝ....උඹට වෙච්ච අපරාදෙ .....මේ ලොකු අම්මා කොහොමද ඉවසන්නේ.....අයියෝ.....පොඩී...උඹව බලන්ඩ උන් ආවෙ නෑ පොඩී...අයියෝ...උඹට වෙච්ච අපරාදෙ .....
මං අම්මට කතා කෙරුවා . මමම කපපු මිනි වලට මිනිපෙට්ටිය බස්සවලා මම වැලහින්නක් වගෙ අඩන අම්මට පලවෙනි පස් මිට දාන්න කතා කරනකොට මං බලාගන අත්තම්මාගෙ විරූපි වෙලා ගියපු මූනෙ කදුලු වැක්කෙරෙනවා ....
පස් මිටෙන් මිට වැටුනා....කුලියට ගෙනාව මිනිස්සු අතින් වැටුන පස් මිටවල් පෙට්ටිය උඩට වැටිලා අවසානෙදි සවලෙන් පස් අරන් මිනිපෙට්ටිය උඩට දානකොට ඉලව් රකින්නවත් බලු බල්ලෙක් නැති වලවේ ඉලව් ගෙයක් ඒ විදිහට ඉවර උනා....
අත්තම්මා බලාගත්තු අත බලන් ඉන්නවා ....රෝද පුටුවෙ උන්න අත්තම්මා කසනවා වෙල්සවකටඇග දනවා කියලා අඩනකොට මං හුලගට වැනෙන කොඩි වැල් දිහා බලන් උන්නා ....අම්මා කොර ගගහා එහාටත් යනවා මෙහාටත් යනවා ....සිය පාරක් විතර සුදු අක්කගෙ කාමරේ පහු කෙරුවා ...එත් අම්මා දන්නෙ නෑනෙ ඔය කාමරේ අස්සෙ තවත් මලකදක් එල්ලෙනවා කියලා ...
නිතේශ් ...
ම්න්....
මං නිදා ගන්න යනවා ..අනෙ මගෙ සර්වාංගෙම කැක්කුමයි නිතේශ් ඔලුව පුපුරු ගහනවා ...මගෙ සර්වාංගෙම දැවිල්ලයි නිතේශ් ....
දවල් වරුවෙ එක බිබිලක් දෙකක් විතරක් තිබුන නාද්‍යගෙ සර්වාංගෙම පුරාවටම බැලිමැක්කො බෝවෙනවා වගේ බිබිල් දාලා පුපුර පුපුර ගිහින් තිබ්බා කසලා කසලම ඒකිව රතු වෙලා තියනකොට අත්තම්මගෙ තුවාල කුයිලෙ උඩු හුලගෙවේ මේ අත ගියා ....
මට අද රෑට මිනිවල් දෙකක් කපන්න වෙනවා.....
ඉලව් ගෙයක් උනත් ඉලව් රකින්න බල්ලෙක් නැති වලව්වෙ නෙස්කෙෆෙ මැශින් දෙක පාලුවට ගිහින් තියනකොට මං එකා එකා නිදාගන්න යනකන් බලන් උන්නා....
සුදු මහත්තයා ...
ම්ම්ම්ම්ම්ම්
අනේ අත්තම්මව ඇදට දාලා දීපන්කො....අනෙ.....අම්මෝ.....මේ..කකුලෙ වේදනාව දෙයියනේ.....
අම්මට අඩියක් උස්සලා අඩියක් තියන්න බැරි තරමට කකුලෙ කැක්කුම වැඩි උනා.....ඉලව්.අස්සෙ කකුලට කිලි අහුවෙලාද කොහෙද නොන්ඩි කොටපු කකුල දැන් අද්ද අද්ද යනගමන් කකුල ඇතුලෙන් ඇදුම් කනවා ගගා මැරෙන්න හදනකොට මං අත්තම්මව ගිහින් ඇදට දැම්මා...අත්තම්මා තනිකරම දර හැවක් වගෙ වෙනකොට අත් වල ඇගිලි පිච්චුන එකෙක් හා සමානවම.ඇලිලා ගියා...
සස්.....සස්...
පොඩීව වලලපු මිනිකන්ද උඩ ඇවිල්න ඉටිපන්දම් ව්ලිය දිහා බලාගන මම නාද්‍යගෙ මිනි වල කැපුවා ....රන්මලියා වේලුන කොල පාගගගන එහාටත් ඇවිද්දා මෙහාටත් ඇවිද්දා ....වලව්වෙම උන් ඇගපත වේදනාවයි ගගා කෙදිගාගා නිදියන්න යනකොට මම උන්ට සදහටම නිදා ගන්න තැන් හැදුවා ....
බේබි හාමු....
ම්ම්ම්.....
හෙට අනිද්දා ගෙදර බට ලයින් එක වහපන්.....
ගෙදර බට ලයින් එක.....
ම්ම්ම්ම්....
ඒ ඇයි.....
උඹට පන්ඩිත කම් වලින් වැඩක් නෑනෙ හාමු....වහන්න කිව්වම වහපන්කො.....
මම බලන් උන්නා...පොඩීගෙ මිනිකන්ද උඩ ඉදගන ඇවිලෙන ඉටිපන්දම් දිහා බලාගන උන්න රන්මලියා මට අන දෙනකොට ඒකිගෙන් හරස් ප්‍රශ්න අහන්න ගියපු මම බැනුම් අහන් වලවල් දෙකම කපලා ගෙදර ආවා.....
සුදු මහත්තයා .....
ම්ම්ම්හ්හ්...
සුදු මහහත්තයා ...අනේ...නැගිටපන්කො ....
රැයෙන් බාගයක් මිනි වලවල් කපපු මම ගෙදර ඇවිත් පැදුරක් එලන් බිම නිදා ගත්තා නාද්‍යා මුලු ඇදම අයිති කරගන තියනකොට මට උනේ පැදුරක් එලන් බිම නිදියන්න වෙනකොට මම ඔලුවෙ ඉදන් පොරවන් නිදා ගත්තා.....
වෙලාව කීයද...එලි වෙලාද නොදන්න මම උන්නෙ සැප නින්දක වෙනකොට අම්මගෙ අදෝනාවත් එක්ක මම නැගිට්ටා ....මං දන්නවා ඔය දැන් මැරෙන්න හදන්නෙ ලොකු අම්මා නෑ කියලා .....
ඒ පාර ඇයි අම්මා....මොකද...
අනේ සුදු මහත්තයා ලොකු අම්මා නෑ....ලොකු අම්මා නෑ.....
මොන මගුලක්ද අම්මා..පිස්සො දෙන්නෙක්ව ගෙදර ගෙනල්ලා කර ගත්තෙ .....අම්මා දොස්තරද.....ඇයි යකො සැනසීමක් නෑනෙ....මලගෙයක් උනහම මිනිඅසු ඉන්නව සූ ගාන්ඩ මෙහෙ මැස්සෙක් හොයා ගන්ඩ නෑ...ඔක්කොම මගුල් මම කරන්ඩ ඕනා....
අනේ.....පුතේ....
අනේ පුතේ...අනේ පුතේ නෙවෙ මෙව්වා ඔයාලගෙ වැරදි උද්දච්ච කම ඉහට ගහලා උන්නෙ මිනිස්සුන්ව පිලිකුල් කෙරුවා වලව් මාන්නෙ ඔලුවෙ තිබුනෙ අද....අද....මිනිස්සුන්ට අඩු කුලේ පර හැත්ත ගගා බැනපු අත්තම්මා ගාව එන කුනු ගන්දස්සාරෙට ඖ කුලේ එකෙක් වත් ලන් වෙන්නෙ නෑ....මේ ඔක්කොම ඔයාලාගෙ වැරදි...මිනියට කරගහන්න සල්ලි දෙන්න ඕනා මිනිස්සු හොයන්න ඕනා.....මේකි රෑ එලිවෙනකම්ම නින්දෙන් කෑ ගැහුවා....හූ තිබ්බා.....උඹලා ඔක්කොටෝම හොරි හැදිලා වගේ කහනවා...තුවාල දානවා...මිනිස්සුන්ට කියපු කරපුවා තමා ආපිට පඩිසන් දෙන්නෙ....
මම නිදි පැදුරෙ ඉදන් කෑ ගැහුවා නාද්‍යා උන විකාරෙන් කියවනවා.....හීනෙන් බය වෙලා එපා එපා ගානවා...මේ ක්කෝම අල්ලලා මම කෑගහනකොට අම්මා අඩන්න ගත්තා ....
දැන්වත් අප්පච්චිට අඩ ගහන්න....ඔය සල්ලි හම්බ කෙරුවා වගේ නෙවෙනෙ දැන් වත් අඩගහන්න....
මම උඹට සැරයක් කිව්වනෙනි තේශ් අප්පච්චිට කතා කරලා එන්න කියන්නවත් වෙලාවක් නෑ....
මම අම්මා දිහා බලන් උන්නා මෙච්චර හරියක් වෙලත් බොරු කියනවා.....මම දිගින් දිගටම අප්පච්චි ගැන කියවනකොට කොච්චර බැරිඋනත් අම්මා ආයම අර පරන චන්ඩ ගතියම එලියට දාලා කෑගහන ගමන් අමාරුවෙන් හිට ගත්තා ....
අම්මා ඔයාටත් බෑ මට මෙච්චර නැහෙන්න බෑ...මම වත් අප්පච්චිට අඩගහනවා මට මේ මගුල කරන්ඩ බෑ ඇයි යකො...මාත් දමලා ගහලා යනවා යන්න....
නිතේශ් මම උඹට සැරයක් කිව්වනෙ නේද...ආ...මම උඹට කිව්වනෙ නේ .....අප්පච්චිට මම අද උදෙත් ගත්තා මේ දැනුත් ගත්තා.....අප්පච්චිට හෙලවෙන්න විදිහක් නෑලු...
අනීතා...
අ..ප්පච්චී....ඔයා....
ද්....ද් ....ද....හ....ම්....
🙂ජැක්කනේ....!!!
ගුම් මෝනිම්...මුව පැතියා නැගිත්තා.....🙈🤭
හිහි....ආයම එන්නම් ඈ.....
මම
Ferdeesha ❤️💚😘 ....