Cherreads

Chapter 106 - 106

දහම්....ද්....දහම්...ඔ....ඔයා ....

ම්ම්ම්....ඔව්...මම තමයි...ඇයි අනීතා මෙච්චර දෙයක් වෙලත් මට කතා නොකලේ...ඔක්කොටම මගෙ කොල්ලව විතරක් අල්ල ගත්තෙ .....

ද් ..දහම්...කොහොම...ද....

මොනවද.....කොහොමද කියලා අහන්නෙ මොනවද.....මම ආවෙද....නැත්තන්....

මම බලන් උන්නා.....වීරයා මැරිලා වීරයා මැරිලා කියලා නාට්ටි පෙන්නුවට...වීරයා ආව කියලා එකක් පෙන්නලම නැතිහින්දා මම උදේ පාන්දර සරමත් කකුල් අස්සෙ ගහන් අප්පච්චි අම්මගෙ නාට්‍ටිය බලන් උන්නා....මෙච්චර දවසක් අතපය අකුලන් උන්න අප්පච්චිට රසානි අම්මා වැහිලද කොහෙද .....අම්මටම සිරි....කෑල්ල කරාබුවකුත් දාලා නේද ..මට පේන්නෙ අද හෙටම බඩු බනිස් වෙයි වගේ...

මම නියපොත්තක් කකා බලන් ඉන්න ගමන් ඇද උඩ ඉදන් කෙදිරි ගාන නාද්‍යටත් පයින් එකක් ඇන්නා..ඇයි මං විතරක් බලන්නෙ තෝත් බලපිය....

ආහ් ....

නැගිටපන්....අප්පච්චි ආවා ..දෝනිට අත තියන්න එපා වගේ නෙවෙ අපේ අප්පච්චි එක්ක සුදු පුතාට අත තියන්න බෑ හරිතේ. .....

මම කුටු කුටු ගගා උන විකාරෙන් කෙදිරි ගාන නාද්‍යව එහෙන් මෙහෙන් ඇනලා කූරු ගෑවා විතරයි නාද්‍යා හූ හතක් තියාගන නැගිට්ටා ...නැගිටලා ඇදේ ඉදගත්තා ....

නෑ....නෑ... අයියො..මං නෙවෙ මන් ..නෙවෙ ...අනේ මං නෙවෙ මන් නෙවෙ ඒකිව මරුවෙ...මං නෙවෙ..මං නෙවෙ....මම නෙවෙ.....මමනෙවේ.....හ්හ්හ්.....රන්...රන්...මලී....මම..නෙවෙ...මම...නෙවෙ.....

නාද්‍යා ඔලුව බදාගන කෑ ගහනවා.....ඒකී නෙවෙ කියනවා...ඒකි නෙවෙ රන්මලීව මැරුවෙ ගගා කෑ ගහපු නාද්‍යා පිස්සු වැටුන් එකෙක් වගේ මර ලතෝනි ගැහුවා ලගට එන්න එපා බයයි බයයි කිව්වා...අනේ එපා ගෑවා.....ඒකි අත් එකතු කර කරම වැද වැද මම නෙවෙ කියලා ඇද යටට රිංගලා හැංගුනා හූ තියල ඇඩුවා....ඒ විතරක් නෙවෙ...කරපු කියපු ඔක්කොම වමාරන්න ගත්තා ...

මම නෙවෙ මම නෙවෙ මැතිරුවෙ ...මම නෙවෙ මට...කරන්න කිව්වා ....ඔව් ...මට...කරන්න කිව්වා ..අනීතා...අනීතා ...අනීතා තමයි ..අනේ ...මං නෙවෙ ....මාව අරන් යන්න එපා මාව...මාව.....අරන් යන්න එපා .....

නාද්‍යා කෑ ගහනවා...ඒකිව අරන් යන්න එපා ගගා මර ලතෝනි ගහනවා....මං බලාගන උන්නා...අම්මගෙ මූන දැන් තනිකසරම පත්තර පිටුවක් වෙලා තියනකොට අම්මා පස්සෙන් පස්සට ගියා...අප්පච්චි දිහා බල බල පස්සෙන් පස්සට ගිහින් යන්න තැනක් නැතුව ගිහින් බිත්තියට හේත්තු වෙනකොට අප්පච්චි අත් දෙක පිටිපස්සට බැදන් අම්මා දිහා බලන් උන්නා...

අනීතා.....

අනේ...දහම්...දහම්...මහත්තයෝ....ද....

මම හිතන්නෙ ඊට පස්සෙ ඇහුනෙ චටාස් ගාන සද්දයක් ...අම්මට දහම්.කියන වචනෙ ඉතුරු ටික සම්පූරන කරන්න හම්බුන් නෑ.....අර ගොරෝසු අතෙන් වැදුන පාර එසෙ මෙසේ පාරක් නෙවෙ අප්පච්චි ගහපු පාරට අම්මගෙ කනේ තිබුන ජිස්පියක් කන ඉරාගන බිමට වැටෙනකොට කනෙන් බිමට වැටුනල් බින්දු දෙක තුන බලන් ඉන්නකොට හිදිලා ගියා . නාද්‍යා ඇද යට ඉදගන හූ තියනවා ගහන්න එපා.....ගානවා...

අප්පච්චි .....අනෙ එපා...එපා මගෙ අම්මට ගහන්න එපා අප්පච්චි ...

කන රත්වෙන්න ඩෑස් එකක් කාපු අම්මා භූමි නමස් කාරෙ කරන් ඉන්නකොට මහ ගෙදර එකේ වගේ එකම කම්මුල් ශොට් එක සිය පාරක් විතර එක එක ඈන්ගල් වලින් හිතින් චිත්ත රූප මව මව බලන් උන්නා....

චටාස්.../////!!!

ඒ එක්කම අප්පච්චි ආයම අම්ම ගාවට ලන් වෙනකොට මම නිකන් සටන් බිමේ වෙඩි වරුසා මැද බිම දිගේ පෙරලෙන සෙබලෙක් වගේ බල්ටියක් ගහල අම්මා ගාවට ගිහින් අප්පච්චි දිහා බලාගන එපා මගෙ අම්මට ගහන්න...එපා මගෙ අම්මට ගහන්න කියනකොට අප්පච්චි මා දිහා බලලා ඇස් හීනි කරගත්තා මම ඇහැක් ගැහුවා...මොකද ....අපි නිකන් පවු පුරවගන්න ඕන් නෑනෙ....එයාලට විදවන්න රිදෙන්න වෙනම ක්‍රම තියනවනෙ.....

අප්පච්චි ....එපා....

නිතේශ් අහකට වෙයන්....උඹ දන්නවද නිතේශ් ...උඹේ අම්මයි කියන මේ ගෑනි.....

අප්පච්චි ...එපා....මට මොකුත් අහන්න ඕන් නෑ..මගෙ අම්මට මොකුත් කරන්න එපා අප්පච්චි මෙච්චර දෙයක් වෙලත් ඔයා ආවෙ නෑ...

මං කැත නැතිව අම්මගෙ පැත්ත අරගත්තා ....මෙච්චර කාලයල් විදපු දුක් තව ටික දවසකින් ඉවරයි කියලා මතක් වෙනකොට මම අම්මගෙ පැත්ත අරන් තාත්තා දිහ බලන් උන්නා....

සුදු මහත්තයා ...අනේ...අප්පච්චිට එපා කියපන්.....අප්පච්චිට එපා කියපන්...

මං කියන්නම් අම්මා...මං කියන්නම්...

අම්මා අප්පච්චිට බයේ මගෙ ඇගේ එල්ලෙන ගමන් අප්පච්චිට කියන්න කියනකොට මම අප්පච්චිට පොඩ්ඩකින්න කියලා අම්මා දිහ බැලුවා ....

අම්මා.....මෙච්චර කල් අප්පච්චි උන්නෙ රටමද අම්මා...මෙච්චර කල්....අප්පච්චි රටම උන්නද නැත්තන් අම්මා අප්ප්ච්චිට මොනවා හරි කෙරුවද....

සුදු...මහත්තයා .....

ඔව්...මන් සුදු මහත්තයා තමයි...මෙච්චර කල් ගොනෙක් වගේ උන්න මම සුදු මහත්තයා තමයි...ගෙදර ආවට පස්සෙ දවස් දහයකට පස්සෙ ඇහැරුන මට මොනවද ඔයාලා කෙරුවෙ අම්මා....අම්මට හිතෙන් නැද්ද මේ පඩිසන් දෙන්න කරපු පව් කියලා ???ම්ම්ම් දවස් දහයක් විසි එක් වතාව ගානෙ මතුර මතුර තැබිලි පොවලා මාව පිස්සෙක් කරපුවයි මේ පලදෙන්නෙ කියලා හිතෙන් නැද්ද අම්මා...

ඔරුවක් ආම්බාන් කරන්න බැරි කෙල්ලෙක් වැවට යවලා මල් කඩවපුවල හෙනෙ තමයි පොඩීට ගැහුවෙ කියලා හිතෙන් නැද්ද අම්මා....

අත්තම්මව බලාගම ඉන්නකොට කුනු වෙලා යන්න ගත්තෙ...කස කස හොරි දාන්න ගත්තෙ අම්මලා එක එකාට.....නෑ...නෑ....වැරදුනා....මට වැරදුනා...මට නොසෑහෙන්න වැරදුනා....මගෙ විතේන්ට...මගෙ එකාට...මතුරපුවා කියලා හිතෙන් නැද්ද අම්මා...

නි....තේශ් ....

ඔව්...නිතේශ් තමයි.....නිතේශ් තමයි...මාව පිස්සෙක් කරලා වේසියක්ට බන්දලා දෙනකොට ඔය හිතට දරු කැක්කුම කියලා දෙයක් එක දශමෙකටවත් දැනුන් නැද්ද අම්මා.....??

අප්පච්චි රට කිව්වා ....අප්පච්චිව ගොලු කරලා ...පොල් ගහලා මතුරලා මතුරලා අවසානෙදි අබ්බගාතයෙක් කරලා ...රොදපුටුවකට වට්ටලා මහලු මඩමකට ගිහින් දාපු එකද අම්මා රට යනවා කියන එකේ තේරුම...ආ අම්මා....

නිතේ...ශ්...අනේ...

කට...කට අම්මා...කටක් අරින්ඩ එපා...හරි.....ඔය කටින් මගෙ නම කියන්ඩවත් එපා..මොකද මෙච්චර හූනියම් ගොඩක් අපේ ඔලුවට පාත් කරපු උඹට අපි දෙන්නව මරලා දාන එක මහ කජ්ජක් නෙවෙ...මම වත් මගෙ අප්පච්චි වත් අහන්නෙ නෑ ඇයි අපිට මෙහෙම කෙරුවෙ කියලා ...අපිට මෙහෙම වෙලා මදි කියලා අපි හිත හදාගත්තා ....හැබැයි ...

ඔයා හොදට හිතලා බලන්න අම්මා..අපිට දුන්න ගින්දර මොනවද කියලා .....එකින් එක එකින් එක ඔයා හොදට හිතල බලන්න...පොඩී මැරුන විදිහ එහෙම හොදට හිතලා බලන්න....වතුරෙ ගිලිලා...ඇහැට ඇහැ...දතට දත වගේ .....කරපු පව් වලට වාඩුව ගෙවන්න වෙනකොට ඒ ඔක්කොම ඒ විදිහටම සිද්ද වෙනකොට ඔයාලට මොනව වෙයිද හිතලා බලන්න....

ඉස්සරහට තියන අඩියක් පාසාම මගෙ කකුල් වලය කටු ඇනුනා වගේ දැනුනා ..හරියටම අම්මගෙ කකුල දැන් ඇදුම් කනවා වගේ.....දනහිස් නවන වාරයක් ගානෙම මට කෙදිරි ගෑ උනා...ඒකත් අම්මට වගේ..... අත්තම්මා හොරි ගොඩක් වෙලා රෝද පුටුවට වැටුනා..හරි මගෙ අප්පච්චි උන්නා වගේ..මගෙ විතේන් වින්දා වගේ....අම්මා...පව් කරනකොට ...ඒවා හරී රහයි ..

අම්මලා මොල්ලිගොඩ නම්බුව රකිනවා කියලා මොකක්ද කෙරුවෙ ...අම්මලා කෙරුවෙ පොල් ගගහා හූනියම් කරපු එක....රසානි අම්මට කරපු කියපු දේවල් මතකද.. .....

මතක නැත්තන්...දැන් එකින් එක මතක් වෙයි අම්මා..පාපිස්ස යට දාපු මතුරපු නූල් පන්නපු අපි දහ දුක් වින්දා....ඒ හැම දේම දැන් මතක් වෙයි අම්මා.....අපි මොකක් හරි පවක් කරලා තියනවා ඒකයි මේ.... අපි ගෙවන්න බැරි පවක් කරලා තියනවා ඒකයි අපි මෙච්චර හීල්ලුවෙ .....අම්මා....අපි අපේ පව් ගෙවලා ඉවරයි....අදින් පස්සෙ ....හැම දේම...උඩ ඉන්න දෙයියන්ගෙ අතේ...

අම්මට මතකද....රන්මලීව.....අම්මට හිතා ගන්න පුලුවන්ද ඒකි.වතුර යට හුස්ම ඇරපු විදිහ .....අම්ම දන්නවා...අම්මා හොදටම දන්නවා.....කව්ද ඒක කෙරුවෙ කියලා .....අවසනම හුස්ම ටික නාස් පුඩු වලින් යනකොට කොච්චර වෙදනයිද දන්නවද.....

හැඩයක් නැති...ලේ කැටියෙක් මරාගන්න උඹලා කොච්චර දේවල් කෙරුවද ...ඒකි එල්ලිලා මැරෙනකොට හුස්ම හිර වෙනකොට .....පන යනකොට ....කොච්චර දගලන්න ඇතිද කියලා අම්මට හිතා ගන්න පුලුවන්ද ...බෑනේද 

පපුව පැලෙන්න එන වේදනාව එක්ක යකඩ කඩන් ගොඩකට බෙල්ල තියනකොට සුදූගෙ කොල්ලට මොන තරම් දේවල් හිතෙන්න ඇතිද .

යටි බඩ හාරවගන ඇගේම ලේ එලියට එනකොට හිටගන්නවත් පනක් නැතුව....ඒ ගෑනි කොහොම දුක් විදින්න ඇතිද ....ඇගම කහ කහ.....සර්වාංගෙම එක තැනක් කියලා නොකියන්න වේදනා දෙනකොට මොන වෙදනාවක් දැනෙන්න ඇතිද මේ ඔක්කොම පව් ගෙවන්න වෙනකොට ...අම්මට හැංගෙන්න....අත්තම්මට ...සීයා තාත්තට හැංගෙන්න තැනක් තියනවද අම්මෙ....

නිතේශ් ...අනේ...අනේ...මාව...මාව....

අනේ...දහම්.....මං වදින්නම්....මං...වදින්නම්...මාව...බේර ගන්න...මං....වැරදී.....මං...වැරදි...අනේ...මං අම්මා පුතේ...මං උඹේ අම්මා....මමයි උඹේ අම්මා...මමයි...උඹේ අම්මා....අනේ.....දහම්.....අනේ ...

මම අහකට පැන්නා....මෙච්චර දවස් හිතේ තියන් උන්න වේදනාව එකින් එක...එකින් එක කියනකොට අම්මා අපි දෙන්නම ඉස්සරහා දනගහන් වැද වැද බේරගන්න කියනකොට අප්පච්චි මාව ආම්මගෙන් අහකට ගත්තා ....

අනීතා .....දැන් උඹ සමාව ගන්නෙ කාගෙන්ද අනීතා?මගෙන්.....මේ දරුවගෙන් අර දුක් විදපු දරුවගෙන්.....අර ගෑනිගෙන්... උඹලා හින්දා මැරුන උන්ගෙන් ....කාගෙන්ද???අනීතා මම කසාද මිනිහා වෙලා උඹ මට දුන්නෙ එසේ මෙසෙ දුකක්ද....මාව අතෑරපන් ....මේ දරුවා ....මේ උඹ වදපු එකානෙ ...උඹ වදපු එකාටම හිතක් පපුවක් නැතුවම මේ පවුකාර වැඩේ කෙරුවා .....ගෑනියෙක්ගෙ දුක දන්නෙ ගෑනියෙක්ම විතරයි කිව්වට උඹ මොන ජාතියෙ පව්කාර වැඩක්ද කෙරුවෙ අනීතා ???

නෑ...නෑ....උඹ ගැන කතා කරලා තේරුමක් නෑ.....උඹ සමාව අරන් තේරුමකුත් නෑ....අනික උඹව බේර ගන්න කිව්වට...අපි කාගෙන්ද උඹව බේරගන්න ඕනෙ අනීතා ?උඹට හැදෙන්න කල් තිබ්බා....හැබැයි ...උඹ හැදුන් නෑ...උඹට දැන් හැදෙන්න කාලෙකුත් නෑ...අපේ අත් වල උඹේ පවු වල ලේ නොගා ඒවා පියවපන්...

අප්පච්චි ආය ගහන්න අත උස්සනකොට මං අප්පච්චිගෙ අත අල්ල ගත්තා ...එයා කෑ ගැහුවෙ නෑ හැබැයි අම්මට කියන්න තිබ්බ ටික කියලා මාව එලියට එක්ක එනකොට මම අප්පච්චිගෙ ඇගෙ එල්ලුනා....

අප්පච්චි .....

මට අදහගන්න බැරි උනා....මගෙ අප්පච්චි උන්න විදිහට මගෙ අප්පච්චි දැන් ඉන්න විදිහ දැක්කම මට අදහගන්න බැරි උනා .මගෙ ඇස් වලට කදුලු ඉනුව.....වෙච්ච දේවල් මේ වෙනකන් ඉවසන් උන්න පපුවට අප්පච්චිව දැක්ක ගමන් මගෙ හැම හයියක්ම අප්පච්චි ගාව දිය වෙලා ගියා....කොච්චර කරදඩු උස් උනත්...ගහක් ගලක් වගේ උන්න මම අප්පච්චි ගාව දිය උනා.....

අප්පච්චි .....අනේ...අප්පච්චි ඔයා ආවා....අවසානෙදි ඔයා ආවා අප්පච්චි .....

නාඩා ඉදින් පුතේ....නාඩා ඉදින් අප්පච්චි ආවානෙ.....අප්පච්චි ආවනෙ.....දැන් ඉතින් වෙන්නෙ මොනවද කියලා දැන් බලන් ඉමු....උන් අපිට දීපු හැම වේදනාවක්ම ආපිට උන්ටම වදින හැටි අපි බලන් ඉමු ....

මං අප්පච්චි එක්ක එලියට එනකොට අම්මා පිස්සුවෙන් කියවන නාද්‍යගෙන් ගුටිකනවද කොහෙද මරලතෝනි ගහන සද්දයක් ඇහුනා....

අප්පච්චි ....

ම්ම්ම්..

එයාලා ගිහින්ලූ නේද අප්පච්චි.....?

ම්ම්ම්....බය නොවී ඉදින්.....හම්බවෙන්න තියනවා නම්.....ඒක හම්බ නොවී....නවතින් නෑ නිතේශ් ....දෛවය කියන්නෙ අන්න එහෙම දෙයක් උඹයි මායි කරපු පවක් වෙන්න ඇති මේ විදිහට ගෙවිලා යන්නෙ...උන් අපිට ගිනි දීලා උන්ට තව ගෙවන්න පව් එකතු කර ගත්තා ....ඇස් පියාගන්න එක මොහොතක් තියලා හරි ...." සැනසීම " කියන වචනේ හරිම තේරුම පපුවට දැනෙනවා නම්.....අන්න ඒකයි නිතේශ් සැනසීම...

මම පොඩීගෙ මරනෙට ඇදපු කොඩි වැල් දිහාව බැලුවා .....කොඩි වැල ඔහේ හුලගට එහා මෙහා වෙනකොට ඊයෙ රෑ කපපු මිනිවලවල් දෙකෙ හිස් තැන් අද දවස ඇතුලත වැහිලා යනවා කියන එක පපුවට දැනෙනකොට ....සතුටකුත් නැති...දුකකුත් නැති මහ හිස් හැගීමක් වලාකුලක් වගේ ඇවිත් මගෙ පපුව වහගත්තා .....

සුදු මහත්තයා .....

මම හැරිලා බැලුවා.....අම්මගෙ කොන්ඩෙ සම්පූරනම අවුක් වෙලා ගිහින්.....මුලු මූනම තඩිස්සි වෙලා තිබුනා හිතුවා වගේම නාද්‍යා අවසිහියෙන් කෑ ගගහා අම්මට ගහලා තිබුනා වගේම අඩියක් ඉස්සරහට ආව අම්මව එහෙම්ම ඇදගන වැටුනා...

අනීතා ...

මම බලන් උන්නා...කොච්චර කොහොමද කුරිරු කම් කෙරුවා උනත්...මගෙ අප්පච්චිගෙ කටින් අම්මගෙ නම කිය උනා...අම්මා අපි අසරන වෙලා ඉන්න වෙලාවෙදි අපි වෙනුවෙන් එකම එක දශමෙකින් වත් අනුකම්පා නොකරට අප්පච්චිට වත් මට වත් ඒ තරම් තිරිසන්නු වෙන්න බැරි උනා.....

අනීතා....

දහම්.....මගෙ...කකුල...මගෙ...කකුල.....මගෙ...කකුල වේදනාවයි...දහම්....මගෙ...කකුල....අනේ...අම්මා....හ්හ්.....අම්මා.....හ්හ්හ්....

අම්මා ඇනේ ඇනුන කකුල අල්ලගන මගෙ කකුල වේදනාවයි මගෙ කකුල වේදනාවයි කියනකොට අප්පච්චි අම්මව උස්සගත්තා ....වෙනමොකටවත් නෙවෙ....මිනිස්සු ජීවත් වෙනෙ ලෝකෙ මනුස්ස කම මැරිලා ගිහින් තිබ්බත්.....වසනාවකට වගෙ මගෙ අප්පච්චි ගාව මනුස්සකම තිබුන හින්දා ...

සුදු මහත්තයා ..කාර් එකෙ දොර ඇරපන්...

අප්පච්චි අම්මව උස්සගන්නවා එක්කම මං බලාගන සිමෙන්ති පොලව උඩ මොකක් හරි දෙයක් නලියනවා.....

පනුවෙක් .....

ඔව් මයි....අම්මට...පනුවො ගහලද.....අම්මගෙ කකුලට.....??මගෙ විතේන්ගෙ කකුල් වල නියපොතු පවා ගැලවි ගැලවි ගියා වගේම....මගෙ විතේන්ගෙ කකුලුත් නරක් වෙන්න ගත්තා වගේම...අම්මගෙත් කකුල් නරක් වෙන්න අරන්ද .....

මම බිම ඉදන් දගලන පනුවා දිහා බලන් කල්පනා කරනකොට අවසිහියෙන් උන්න නාද්‍යා ඒ පාර හොද සිහියට ඇවිත් මගෙ ඇගේ එල්ලුනා...වගේම අප්පච්චි ආයම වාහනේ දොර අරින්න කියලා කෑ ගැහුවා...

නිතේශ් ගිහින් දොර ඇරපන්....

මම දිව්වා....මාව කෑවෙ මේ ගෑනි කියන එක අමතක කරලා මම දිව්වා .....ආදරේ නැති උනත් ඇග මස ඉරාගන මාව මේ ලෝකෙට ගෙනාව ගුනේ තියලා මම දිව්වා .....මගෙ ජීවිතේ සම්පුර්ණයෙන්ම නැති කෙරුවෙ මේ ගෑනි කියන අමතක කරලා මං මට ලේ කිරි කෙරුවෙ මේ ගෑනි කියන එක විතරක් මතක් කරන් දොර ඇරියා.....

අප්පච්චි ....අම්මා ගාවට යන්න...

අම්මා කකුල හොලවගන්නවත් බෑ කැක්කුම ගගා මරලතෝනි ගහනකොට ඇනේ ඇනුන කකුලෙන් සට සට ගාලා පනුවො වැටෙන්න ගත්තා .....

මම බලන් උන්නා අම්මගෙ ඇගේම ලේ උන් බොනවද කොහෙද අම්මව පොල් කෑල්ලක් වගෙ සුදු වෙලා ගියා...එයා එසෙමෙසේ දුකක් නෙවෙ විදින්නෙ.....

මගෙ කකුල් වලට..මගෙ විතේන්ගෙ කකුල් වලට දීපු වේදනාවන් වලට අම්මට මගෙ ඇස් පනා පිට පව් පඩිසන් දෙනකොට මං අප්පච්චිව අම්මා ගාවින් ඉන්දවලා කාර් එකේ දොර අරින්න යනකොට මාව කවුරු හරි අදිනව වගේ දැනුනා .....මං පිටිපස්ස හැරුනා.....රන්මලී....ඒකි මා දිහා බලන් ඉන්නවා....අප්පච්චි මං කාර් එකට නගිනකන් බලන් ඉන්නවා ...අම්මා එහෙන් හූ තියනවා ....

පටන් ගන්නෙ එක මලගෙදරකින්....ඒත් ඉවර වෙන්නෙ මලගෙවල් හතකින් බේබි හාමූ.....උඹ යන තැනින් ඉක්මනට වරෙන් ..මොකද .....ඔය ගෑනිට වත්....අර ඇතුලෙ උන්ටත් තව කල් නෑ....ඇවිත් ඉතුරු වලවල් කපලා...උඹේ එකෙක් උඹේම එකාට දීපු පොරොන්දු රැකපන් ....

මං බලන් උන්නා...ඒ ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුන් නෑ.....මං කාර් එකට නැග්ගා ..වෙනකොහෙටවත්ම නෙවෙ....මහ ඉස්පිරිතාලෙට ...

අයියෝ.....ඉන්ඩ බෑ....ඇදුම් කනවා ....වේදනයි.....වේදනයි...

අම්මා අප්පච්චෙගෙ බෙල්ලෙ එල්ලීගන ඇදුම් කනවා වේදනයි වේදනයි කියනකොට මගෙ යටි පතුල් වලින් මට දැනුන වේදනාව මට ආය ආයම මතක් උනා....එක පාර හීනි තුඩ තියන යකඩ කූරු ගොඩක් එකට බස්සනවා හා සමාන වේදනාවක් මම විදපු හැටි මට මතක් උනා....

ඒ ඔක්කෝමත් එක්ක මට එන්න මොහොතක් තියලා රන් මලී කියපු කතාව මතක් උනා...එක මලගෙදරිකින් පටන් ගත්තට ඉවර වෙන්නෙ හතකින්....කව්ද හත් වෙනියා ...

ඉන්නෙ හයයිනෙ.....මොකාද හත් වෙනියා ...???

දෙයි හාමුදුරුවනේ....

ඇයි අප්පච්චි ...

මං උන්නෙ හත් වෙනියා මොකාද කියලා කල්පනා කරන ගමන් වෙනකොට අම්මගෙ වේදනාත්මක කෙදිරි ගෑම් මැද මට අප්පච්චිගෙ කට හඩ ඇහුනා වගේම මං කන්නාඩියෙන් අප්පච්චි දිහා බලලා ඇයි ඇහුවා ...

අර...ගුරුන්වහන්සෙ මාමා නේද ....

කෝ....

පාරෙ නෙවෙ දරුවො අර....බැනර් එක....

මං හිතන්නෙ....මං හත්වෙනියව හොයා ගත්තා .....අප්පච්චි ගුරුන්වහන්සෙ මාමා නේ කියලා කියන ගමන් ගස් දෙකක බැදලා තිබුන බැනර් එක මං දැක්කා...

වයධම්මා සංඛාරා ....

එහෙනම් ...හත් වෙනි නොම්බරෙ එයා ...

ඔය කකුල පොඩ්ඩක් තදින් අල්ල ගන්න....මෙයාව මෙච්චර දවස් ඇයි තියන් උන්නෙ...පේන විදිහට මේ කකුල ඇතුලෙන් සම්පූරනම නරක් වෙලා .....

අනේ....ඩොක්...ටර්....අයියෝ....

මට ඉවසන්න බෑ....දෙයි හාමුදුරුවනේ මේ වේදනාව .....මට ඉවසන්න බෑ....දෙයියනේ....අනේ...අම්මෝ....අම්මා....අම්මා.....හ්....

අම්මා ඉවසන්නම බැරි තැන හූ තියනකොට අම්මගෙ කකුල් දෙක අපි අල්ලගත්තා වගේම දොස්තර මහත්තයා මන් බලන් ඉන්නකොට ඇනේ ඇනුන තැන උඩ හම කැපුවා විතරයි යටි පතුල පුරාවටම පනුවො මිනි මිනි ගගා වැටෙනකොට මට ඒක බලන් ඉන්න බැරි උනා ....කකුලෙන් ආව කුනු ගන්දස්සාරෙ වගේම සැරව පිරුන යටි පතුලෙ පනුවො ගොජ ගොජ ගාලා නලියනකොට මගෙ බඩ කැලතෙන්න ගත්තා .....මට තවත් බලන් ඉන්න බැරි උනා වගේම මං ඔක්කාරෙ කර කර එතනින් අහකට දිව්වා ....

බ්වෑක්...බ්වෑක් ....

මට වමනෙට වගේ....බඩ බොකු එකට එක කැලතෙන්න ගත්තා හරියටම මහ මුහුදෙ රැලි ගහනවා වගේ ....මීට දවගානකට උඩින් උන් ගිල්ලපු ජරහන්ත ආපිට එලි දාන්න හෙම්බත් වෙනකන් වමබෙ දාන්න උන මට දැන් එක පාරක් වමනෙ යන්න ආවත් මාව පරඩැලක් වෙන්න ආවා ..

මං එලියට දිව්වා....ගිහින් බිත්තියක් අල්ල ගත්තා ....අම්මගෙ කකුල මතක් වෙන වාරයක් ගානෙම බඩ කැලතෙනකොට මං බිත්තිය අල්ලන් වමනෙ කෙරුවා .....වමනෙ කෙරුවා ඉවරයක්

නැතිවම වමනෙ කෙරුවා අවසානෙදි මං එහෙම්ම බිත්තියට පිට දීලා හිටගත්තා ...

සුදු මහත්තයා .....නිතේශ් ....

අප්පච්චි ....අම්මට.....

මං හිතන් නෑ...එයාට කකුල් දෙකෙන් හිටගන්න වෙයි කියලා ...

ඇයි ....

ඒ තුවාලෙ උඩු දුවලා....මුලු සර්වාංගෙටම විස ගහලා...මං හිතන් නෑ නිතේශ් ....

අම්මා ජීවත් වෙයි කියලද...

අප්පච්චි බිම බලන් උන්නා...අම්මගෙ මුලු කකුලම නරක් වෙලා ගිහින් තුවාල විස සර්වාංගෙටම ගහලලු.....අප්පච්චි කියන්න පහු බැස්සා උනත්....මම අප්පච්චි ගෙන් අම්මා ජීවත් වෙන එකක් නැද්ද අහනකොට එයා මගෙ මූන දිහා බැලුවා ...ඒත් ඉතින් ඇත්ත ඕකයි...අම්මා සර්වාංගෙම දැවිලලයි ගගා නැහුනෙ ඕකයි ..අනුන්ට උද්දච්ච කතා කියපු අම්මට ජීවත් වෙලා ඉන්නකොටම පනුවො ගැහුවා....

මනුස්සයෙක් ඉදගත්තු පුටුවක් පවා විසික් කරපු අම්මට පන පිටින් පනුවො ගැහුවා .....

මං බිත්තියට හේත්තු වෙලා කල්පනා කෙරුවා

සුදු මහත්තයා ....ලොකු අම්මට..

සුදූගෙ කාමරේ අප්පච්චි ...

මං උත්තර දුන්නා කිසිම හැගීමක් නැතුවම ....

එයාට මොකද උනේ...

වෙන්න ඕනෙ කොහොමද ...ඒ ණය ගෙවන්න ඕනා කොහොමද ...ඒ හැම දේම ඒ විදිහට ගෙවෙනව අප්පච්චි ...අම්මා ඩියෝන් ඉදගත්තා කියලා තරහටම පුටුවක් විසික් කෙරුවා .....අද අම්මට පන පිටින් ඉන්නකොටම පනුවො ගහලා .....නාද්‍යට වෙන්න යන දේ මං දන්නෙ නෑ අප්පච්චි ....ඒත්.....එයාට වෙන්න ඕනෙ කොහොමද ඒ දේවල් වෙයි අප්පච්චි ....අපිට තියෙන්නෙ බලන් ඉන්න විතරයි ....

මං අප්පච්චිට වැල් වටාරම් නොකිය උන්නා ....සුදූගෙ කාමරෙ එල්ලෙන ලොකු අම්මගෙ මලකද වගේම නාද්‍යා .....ඒ අතරට අම්මත් එකතු වෙනකොට මං බලන් උන්නා....

අප්පච්චි අම්මට රෙදි ඕනා නේද ....

රෙදි ගේන්න වත් ඔය ගෑනි ඉතිරි වෙයිද නිතේශ් .....

මං අප්පච්චි දිහා බලලා ආයම අහක බලාගත්තා ....

කමක් නෑ අරන් වරෙන්කො ....

අහක බලාගත්තු මගෙ පිටට තට්ටු කරපු අප්පච්චි මට කමක් නෑ කියනකොට මම ගෙදර එන්න ආවා ....

රන් මලියා හුස්මක් කටක් නොගෙනම ඒකිගෙ පලිය ගන්නකොට මට හුස්මක් කටක් නොගෙනම මිනි වලවල් කපන්න උනා.....ලොකු අම්මගෙ මලකද එක්ක තව දෙන්නෙක් පොලවට පස් වෙන්න බලන් ඉන්නකොට අත්තම්මා විතරක් අවසානෙට හුස්ම අරින්න බලන් ඉන්නකොට සීයා තාත්තා මොන විදිහෙන් මැරෙයිද කියන්න මට හිතා ගන්න බැරි උනා...

සුදු...මහත්තයා .....

කාර් එකෙන් බහින්නවත් හම්බුන් නෑ...නාද්‍යා මැරෙන්න හැදුවා ...වලව්ව පුරාවටම තිබුනෙ මහම මහ මූසල පාටක් වෙනකොට ඇදේ ඉන්න බැරිව පරසක්වල ගහපු අත්තම්මා රෝද පුටුවෙ වක ගැහිලා උන්නා වගේම බොන බෙහෙත් එකක් වත් ඇගට අල්ලන්නෙ නැති සීයා තාත්තා දෙකට නැවීගන වගෙ හාන්සි පුටුවෙ ඉදන් උන්නා...

සුදු මහත්තයා ...ලොකු අම්මා නෑ පුතේ ....

අත්තම්මා ...ලොකු අම්මා මේ ගෙයිම කොහෙ හරි ඇති අත්තම්මා .....

නාද්‍යා අවසිහියෙන් වගේ හිනා වෙවී අත් දෙකෙම්ම ඇග කසනගමන් බිත්ති කන්ද උඩ ඉදන් උන්නා...ඒකිගෙ කොන්ඩෙ පැත්තෙන් පැත්ත හැලිලා ගිහින් වගේම කට පුරාවටම වන දාලා තිබ්බා ...මං යනකොට උන්න නාද්‍යා නෙවෙ දැන් උන්නෙ....

නිතේශ් ...

ඇයි....

මට...නාගන්ඩ ඕනා ...මට නාගන්ඩ ඕනා....

ඉතින් දෙයියනේ....ගිහින් නාගනින්...මං අල්ලන් උන්නද ....නෑනෙ....

එහෙන් අත්තම්මා ලොකු අම්මව හොයලා දෙන්න කියනකොට හොරි කහන කොටියා වගේ නාද්‍යා කස කස නාන්න ඕනා කිට කිය මගෙ පස්සෙ කැරකුනා ..

වතුර නෑ....වතුර නෑ ගෙදර වතුර නෑ.....වතුර නෑ ගෙදර වතුර නෑ....වතුර නෑ....ඉන්ඩ බෑ....ඉන්ඩ බෑ...දැවිල්ලයි....දැවිල්ලයි...ඉන්ඩ බෑ....ඉන්ඩ බෑ...වතුර නෑ...වතුර නෑ.....අනේ.....හ්.....දෙයියෝ....ඉන්ඩ බෑ....ඉන්ඩබෑ.....මාව ගිනි ගන්නවා .....මාව....ගිනි ගන්නවා.....

නාද්‍යා කෑ ගහනවා....ඒකි විදවන හැටි මම ඇස් වලට දැක්කා....ඒකිට කට ඇරගන්න බැරි උනත් ඒකි කෑ ගැහුවා ....

නිතේශ් .....අයියෝ....හ්....අනේ....අම්මා.....හ්....දනවා....

ඇයි යකෝ එකම එක කියව කියව මැරෙන්න හදන්නෙ අර ලිදටවත් යමන් කෝ.....

මං රෝද පුටුවෙ ඉදන් උන්න අත්තම්ම ගාව් නැවතිලා රෝද පුටුවට අත තියනවා එක්කම නාද්‍යා එකම වචනෙ එකම වචනෙ සියපාරක් විතර කියව කියව දැවිල්ලයි ගගා උඩ පනිනකොට මං ඒකිට ලිදට පලයන් කියලා අත්තම්මා එක්ක ඇතුලට එන්න ආවා උනත් මං ආයම නැවතුනා ...

වතුර නෑ???වෙන්න බෑ...වතුර තිබුනා .....ර....න්..මලි....???

මගෙ ඇගේ හිරි ගඩු පිපීගන ගියා ...

මට බටලයින් වහන්න බැරි උනා....බැරි උනා නම් වතුර තියෙන්න එපැයි ....ඒත් වතුර නෑ.....

ඒකියන්නෙ....නාද්‍යා ....

මං අත්තම්මගෙ රෝද පුටුව අල්ලන් උන්න ඇගිලි වලින් මං හැඩල් දෙක තදින් මිරිකගන ඇස් දෙක වහගන මම පපුව පිරෙන්න ලොකු හුස්මක් ගත්තා ....

තව හෝරා ගානකින් මම වැන්දඹු මිනිහෙක්.....

සුදු..මහත් ..තයා.....මගෙ.....කෙල්..ල...කෝ....අයියෝහ්...

මම ආයම පියවි සිහියට ආවා....ගදාලෙකින් රැහැලා වගේ ඔලුව පුරාවටම තුවාල පිරුන අත්තම්මගෙ ඔලුව උඩ තනිකරම සිතියමක් වගේ...යටට හෑරුන පනා පාරවල් වගේම සර්වාංගෙම වහගත්තු තුවාල අලින් එන සැරව කුයිලෙට මම නහය වහගත්තා වගේම ලොකු අම්මව ඉල්ල ඉල්ල අඩන අත්තම්මව මම කොරිඩෝව දිගේ එක්ක එනකොට මට ඇහුනා දොරක අගුලක් ඇරෙන සද්දය වගේම කිරීස් ගාන සද්දෙන් දොර පියන් ඇරෙන සද්දයක් ...

සුදු අක්කගෙ කාමරේ....ඒක සුදු අක්කගෙ කාමරේ .....

සුදු...මහත්තයා.....කව්ද....අරකිගෙ...කාමරෙ....ඇරියෙ.....

දන්නෙ නෑ අත්තම්මා...නාද්‍යාද දන්නෙ නෑ...ගිහින් බලමු ....ඒකි මොන මගුල කරලද දන්නෙ නෑ...

සුදු අක්කගෙ කාමරේ දොර ඇරලා තියනව දකිනවා එක්කම අත්තම්මාගෙ කටට නැති පනත් එනකොට මම නාද්‍යව අහු කරන ගමන් ෆිල්ම් එකේ ඊලග ජවනිකාවට එන්ටර් වෙනගමං ලාදුරු හැදුන එකෙක් වගේ උන්න අත්තම්මගෙ රෝද පුටුව තල්ලු කරන් ඇතුලට යනවා එක්කම පොලවෙන් උඩටඑල්ලුන කකුල් දැකපු අත්තම්මා හූ තිබ්බා....

මං බලාගන උන්නා....අත්තම්මා කොර වෙච්ච අත පය ගහන්න ගිහින් රෝද පුටුවෙන් බිමට වැටුනා.....

ඊයෙ එල්ලුන පාරට ලොකු අම්මගෙ දිවම එලියට ඇවිත් තිබුනා වගේම මේ පැය ගානට ඉහද පනුවො ගහලා තිබුනා....

නහය කඩන් යන මීනි කුනුගද මෙච්චර වෙලාවක් නොතිබ්බට දැන් දැන් ගද දැනුනා වගේම අත්තම්මා ලතෝනි ගගහා බිම දිගේ බඩ ගගා වගේ ගිහින් පොලවෙන් උඩ එල්ලෙන කකුල් වල එල්ලීගන මගෙ දුවේ ගානකොට පන අදිනකොට ඇරුන ඇස්වල ඇස් බෝලයක් ගැලවිලා බිමට වැටුනා වගේම ඇස් කුහර අස්සෙ ගනින්න බැරි තරම් පනුවො උන්නා....

අයියෝ...මගෙ...දෙයියනේ.....මගෙ.....දෙයි....හාමුදු....රුවනේ.....හ්.....

අත්තම්මා මෙලෝ සන්සාරයක් නැතුව පපුවට ගහගන්නකොට මම ලොකු අම්මා දිහා බලන් උන්නා...සුදු අක්කගෙ ණය ලොකු අම්මා පියෙව්වා ...

කතාවෙ ඉන්න දුශ්ට චරිත එකි එක එකින් එක මැරි මැරි වැටෙනකොට පිච්චි ගුනාදරීව වදනකොට පටන් ගත්තු මගෙ කතාවත් පිච්චි මියපරලොව ගිහින් ටික දොහක් යනකොට අහවර වෙන්න ලන් වෙලා තිබුනා....

මෙච්චර කල් හයියරන් කාර කමට උන්න මොල්ලිගොඩ මැනිකෙලා එකා පිට එකා මැරි මැරි යන කොට මම උන්ට මිනිවල් කැපුවා ....

මොකද....ශෙනෝන් මගෙ මැනිකෙට පොරොන්දු වෙලා තිබුනා..මං ලව්වාම මිනිවලවල් කප්පනවා කියලා .....

කොරවෙලා වකුටු වෙලා ගියපු ඇගිලි වලින් ලොකු අම්මගෙ පහලට එල්ලෙන දම්පාට උන කකුල් වල එල්ලි එල්ලි අඩනකොට විලාප තියනකොට මං බලන් ඉන්නකොටම අනිත් ඇස් බෝලෙත් පහලට වැටුනා වගේම සාක්කුවෙ තිබුන ඵෝන් එක රින්ග් උනා 

අප්පච්චි ගෙන්.....

අත්තම්මා පොඩ්ඩක් ඉන්න ....

මං අඩන අත්තම්මව නැවැත්තුවා ...මොකද අප්පච්චිගෙ ඊලග පනිවිඩේ එක්ක අනිවාර්යයෙන්ම අත්තම්මාගෙ පන යනවා.....

අප්පච්චි .....

සුදු මහත්තයා .....අම්මා...

ඇයි අප්පච්චි .....

ඇයි...අයි...අනිතට....අනීතට මොකද ...

අප්පච්චි අම්මට.....

අම්මා නැති උනා.....

සීවරන් .....දෙ.....යි.....යනේ....අනී...තා.....

🤓ජෙයියනෙ...

🤓ජැක්කනෙ!!!

🤓ම්හුක්...මුව පැතියත ජොයිය මතක් අල්ලලුනෙ....හරි වැඩේ තමා....මේ ළමයා බුජි....ඔය ලමයිනුත් බුජියන්න....

ම්හු....ක්....

Ferdeesha ❤️💚😘 ..

More Chapters