Cherreads

Chapter 104 - 104

මං සුදු අක්කගෙ කාමරේ මලකඩ නොබැදුනත් කාලෙකින් ඇරිය නැති දොරවල් වල සරනේරුවලට තෙල් දැම්මා...මොකද දෙවනි ස්විප් එක

...ලොකු අම්මා ...

මං හිමීට බෙල්ල හරවලා ලොකු අම්මා ඉන්න දිහාව බැලුවා ..කොන්ඩෙත් කඩාගන තනීයම කියවනවා....හිනා වෙනවා .. ....අප්පුඩි ගහනවා .....

සුදු මහත්තයා .....නිතේශ් ....

මං තෙල් එක දාලා ඉවර වෙලා පිස්සු කියවන ලොකු අම්මා දිහාවට යන්න හැදුවා විතරයි ..මගෙ ආදරනීයම බිරිද ....නාද්‍යා මට කතා කෙරුවා ....මවාගත්තු හිනාවක් එක්ක ඒකි දිහා බලපු මම තෙල් බෝතලේ ඒකිට නොපෙනෙන්ඩ සාක්කුවෙ දාගන ඒකි ගාවට හිමින් හිමින් අඩිය තිබ්බා...

කෝ මැනිකෙ පොඩී ...අම්මා කිව්වනෙ මෙතන කියලා ....

අනේ මන්දන්නෙ නෑ නිතේශ් ...අනෙ ඔයා ආවෙ මාව එක්ක යන්න නේද. ...

ම්හුක්...නෑ....අපි ගිහින් කොහොමද .....අත්තම්මට බෑ....අම්මට බෑ....සීයා තාත්තටත්....අත්තම්මා නැතුව මොකුත් කරගන්න බෑ.....එහෙම එකෙ.....ම්ම්ම්ම්ම්....ඔයා නොගිහින් කොහොමද .....වයසට ගියාම අතේ හයියෙන් හැම වෙලේම පදින්න බෑනෙ මැනිකෙ....

නිතේ .....ශ්....

මං ගාව ඇතිල්ලෙන නාද්‍යා එක්ක මට තිබුනෙ එසෙ මෙසේ තරහවක් නොවුන කොට මම වටින් ගොඩින් ඒකිට වේස ගෑනි නොකියා ආයම වේස ගෑනි කිව්වා....ඒකිට දැනෙන නොදැනෙන ගානට මහ කුකුලා වෙච්ච මොල්ලිගොඩයට පාවා දුන්නා ...ඒකිගෙ මූන වෙනස් උනා...ඇත්ත වෙනස් වෙන්න ඕනා ....රෑට රෑවෙලා ගෙට එන්නෙ කීදෙනෙක් එක්ක ලැගලද කියන්න බෑනෙ....ඒ අස්සෙන් මේකි බුදිය බුදිය ඉන්න එකට අම්මා ළමයෙක් හම්බෙන්නදත් අහනවා...මරුවට හිටීවි මේකි එක්ක බුදියෑවොත් මට ගොනෝරියා තමා...එත න් බේරුනොත් ඇති...අම්මට සිරි වෙනවා.....ගොනෝරියා වගේ ඇවිත් ඕක උඩ පොඩි පොඩි බිබිල් දැම්මොත්....කැට බනිස් වගේ වෙයි....

චිහ් ....කැට බනිසුත් එපා වෙන වැඩක් ඒක නම්.....

මම නාද්‍යා දිහා බලන් ඉදලා ආයම ලොකු අම්මා දිහා බැලුවා....ලොකු අම්මා හූ තිය තිය හිනා වෙනවා...අයම යටි බඩ අල්ලන් මැරෙන්න හදනවා.....දැවිල්ලයි....ගගා පොලවෙ පස් කනවා...උන්ව අවසානෙදි බල්ලො ගානටම වැටුනා...කල කම් පල දෙනවා කියලා කියන්නෙ නිකන් නෙවෙ කියනවනෙ.....

නිතේශ් .....

ම්ම්ම්....

මම උන්නෙ ඇස් දෙක හීනි කරගන.....රෑට එක එකා එක්ක ලැගලා එන නාද්‍යා මගෙ ගාව හුරතල් වෙනකොට මට මේකිගෙ මූන කට සම්බෝලා වෙලා යන්න දෙන්න හිතුනත් මැනිකා කියපු දේ ආය ආයම ඔලුවට වද දෙන හින්දා මම සෑහෙන්න ඉවසුවා.....නිතේශ් ...නිතේශ් ...මට ඒකිගෙ කටින් මගෙ නම කියවෙන වාරයක් ගානෙම මට මගෙ නම පවා එපා වෙලා යනකොට ඒකි ඇස් පියාගන්න දවස වෙනකන් මම ඉවසන් උන්නා...

අනේ නිතේශ් අපි යන්කො...මට මෙහෙ ඉන්න බෑ නිතේශ් අම්මා අත්තම්මව නාවන්න අඩගහනවා..මට ඒ ගෑනිව දැක්කම වමනෙය යන්න එනවා...ඊට හපන් ගද අනේ ...

නාද්‍යා කියවනවා අත්තම්මා අරහෙමයි මෙහෙමයි ගගා කියවනකොට මන් බලාගන අම්ම අත්තම්මව තෙමපු කිලිටි වතුර බේසමත් උස්සන් කොරගගහා එනවා...ඒත් මම නෙවෙ නාද්‍යට නවත්තන්න කිව්වෙ මම කෙරුවෙ කතා නොකර ඇස් වලින් උල්පන්දම් දීපු එක...මොකද....අම්මට මේ කතා ඇහුන ගමන් නාද්‍යට කන පුපුරන්න ඩෑස් වදින හින්දා මම කෙරුවෙ ඒකිට බනින්න දීලා කට පියාගන උන්න එක.....

අම්මගෙ කටිම්ම අපූරු කෙලී කියකිය වර්නනා කරපු එකිට ඒ කටිම්ම වේස පද කියල බනිනකොට මට හිතට පුදුමාකාර සහනයක් දැනුනා ...මගෙ විතේන්ට කියපු කරපුවා ආපිට කැපි කැපි එනකොට මම ඇස් කන් ඇරන් කර්මය පලදෙන හැටි බලන් උන්නා....

අනේ නිතේශ් ...අදවත් රෑවෙලා යමු නිතේශ් අම්මගෙ වැඩේම අර මල කුන එක්ක ඔට්ටු වෙන එක....ඒ ගැනිටත් ඇදට වැටිලා කියලා නෑ.කටට නම් පන තියනවා.....එක්කො මැරිලා යන්න ඕනා...අනේ නිතේශ් මට නම් බෑ නිතේශ් ඒ ගෑනිගෙ ඇගේ තියන මල ජරහන්ත හෝදන්න යන්න.... වමනෙට වගේ මගෙ ඔලුව කරකවනවා...ඇරත් ඔයාලගෙ අම්මගෙත් ඇගේ දද දාලා...මේ මිනිස්සුන්ට හොරිද නිතේශ් .....

මං බලන් උන්නා...නාද්‍යා කියවනවා....අම්මා අහන් ඉන්නවා.....අම්මගෙ මූන දැන් දැන් පුපුරන්න....හොටන් ඉන්නෙත් තනි කකුලකොන් වෙනකොට කකුලෙ නොන්ඩිය මදිවට කකුලට ඇනේකුත් ඇනගන අම්මා උන්නෙ එක කකුලක් බාගෙට තියාගන....ඇනේ ඇනුන කකුලට ගොම්බෙට්ටකුත් පෑගුන නම්...සුපිරි ..ආය.....සු....පි....රි....

මට මෙලෝ දුකක් හිතුන් නෑ....මම විදපු අපාදුකෙ හැටියට යස අපූරුවට උන්න අප්පච්චි දර හැවක් ගානට වැටිලා අබ්බගාත වෙලා ගොලුවෙක් වෙලා යන තැනට වැඩ කෙරුවෙ අම්මයි කියන දේ මතක් වෙනකොට ..මගෙ විතේන් මට නැති උනේ අම්මයි කියන දේ මතක් වෙනකොට අවංකවම මට අම්මා ගැන එකම අංශුමාත්‍රයක් වත් දුක හිතුන් නෑ...

අනේ සුදු මහත්තයා ...ගෙදර යමුකො.....

ඇයි ඉතින් ගෙදර යමු කියන්නෙ...එහෙම යන්න බෑනෙ නාද්‍යා අම්මට අමාරුයි ...සීයා තාත්තටත් බෑ. ....පොඩිඔ ලොකු අම්මයි හොද සිහියෙන් නෙවෙ ඉන්නෙ...එහෙම එකේ ඔයා ගෙදර යන්න අහන්නෙ කොහොමද මාත් ආවෙ නවතින්න..අම්මට බැරි උන වෙලාවෙ යන්නෙ කොහොමද මොලේ කොයන දේ නැද්ද ....

මොලේ කියන දේ නැද්ද අහන්නෙ නිතේශ් තමුසෙ මාව බැන්දෙ මුන්ගෙ දාස කමට ගන්ඩඩ....ආ....එහෙන් අර ගෑනිට කොයි වෙලේ හරි පනුවො ගහනවා ඒ ගහලා හරි මැරිලා යන්නෙ නෑනේ ..තමුසෙගෙ අම්මා නොන්ඩි කොට කොට උන්නත් මගෙ පස්සෙන් එනවා...යන්නෙ කොහෙද එන්නෙ කීයටද....ඔව්වා ඔක්කොම හොයනවා මගෙ ගැන හොයන වෙලේ ගෙදරට තව වැඩට කෙල්ලෙක් ගෙනාව නම් ආහ්හ්හ්....ආ....ව්ව්ව්...

මං බලන් උන්නා...අම්මා දැන් මොනවා හරි කරයි...දැන් මොනවා හරි කරයි කියලා .....අම්මට බැන බැන...අම්මා පිටිපස්සෙ ඉන්නකොටම අත්තම්මට මැරියන් කියකිය සාප කරන නාද්‍යාව ඊලග තත්පරේදි අම්මා අත්තම්මගෙ තුවාල හෝදපු ජරා වතුර එක ඔලුවෙ ඉදන් හලලා බේසමෙන්ම නෙලනකොට මම ගහන්න ඉඩ දීලා අඩි දෙක තුනක් පස්සට උනා....

ආව්..හ්...නිතේශ් ....අම්මා....තමුන්ට පිස්සු හැදිලද ...අර ගෑනිව හෝදපු ජරා වතුර ඔලුවට හලන්න...නිතේශ් ...මේ බලන්නකො....

නිතේශ් .....නිතේශ් ....ආ බොල බොන්ඩියේ තෝව මෙහෙ ගෙන්න ගත්තෙ තොට බුදිය බුදිය ඉන්ඩයි ආපයිම්ම ගෙදර යන්ඩද.....ආ යකො...තෝ පට්ට වේස කෙල්ල...රෑ රෑ ගානෙ මගුලෙ ගිහින් ගිහින්.....

අව්හ්...ආව්...හ් ..අතෑරපන් ගෑනියෙ....අතෑරපන් ...

මං බලන් උන්නා ..අම්මා බැරි බැරි ගාතෙ උනත් අපූරු කෙලි පොඩිත්ත ගගා ඔලුවෙ තියන් උන්න නාද්‍යට බේසමේ කෑලි ගැලවෙනකන් ගහන හැටි ගුටි කන කන පාර නාද්‍යා කටු බැල්ලි වගේ පැන්නත් ඒකිට සිද්දෙ උනේ මූන පුරවලා කන එක වෙනකොට මම උන්ගෙ ඇස්වහලා ගිහින් සුදු අක්කගෙ කාමරේ දොර ඇරලා ඇතුලට ගිහින් අල්මාරියෙන් බෙඩ්ශීට් දෙකක් අරන් එකට ගැට ගහලා ආයම එලියට ආවා....

අම්මා...ඇති අම්මා..මේකිට කොච්චර ගැහුවත් වැඩක් නෑ...ගහේ කටු උල්කරන්ඩ ඕන් නෑ....

අතෑරපන් සුදු මහත්තයා ..මේකි බැදගන්නකන් උන්නෙ කොහොමද ...මේකි උන්නෙම දෙකට ගනින්න බෑ වගේ...තොට මම....වේසි...මගෙ කොල්ලව කෑවා තෝ....

මට හිනා යන්න ආවා..නිකන් නෙවෙ මට පුකෙනුත් හිනා..මගෙ ජීවිතේ උන්ගෙ අත්වලින් කාලා අද ඒ වැරද්ද වෙන උන් පිට දානකොට මට හිනා යන්න ආවා ....රතු පාට ප්ලාස්ටික් බේසම කෑලි වලට කැඩිලා තියනකොට බේසම් පාර කාපු නාද්‍යා මූන අල්ලන් බිම ඉදගන උන්නා.

නිතේශ් ....තමුසෙට මාව අරන් යන්න බැරි නම්...

ඇයි...මොනවා කරන්නද.....ආ නාද්‍යා ....උඹ මොනවා කරන්නද...උඹ මගෙ ගෑනි නම්....මගෙ අම්මා උඹෙත් අම්මනෙ ....ඇයි තෝ උඩ දාගන පොරොන්දු උනා නේද.....ආ...දුකේදි සැපේදි ඉන්නවා ගගා එහෙම කියලනෙ තෝ අත්සන් කෙරුවෙ ...දැන් ඒවා රැකපන් නාද්‍යා .....

ඔව්...මං පොරොන්දු උනා...ඒ උඹට මිසක් උඹේ අම්මා ගාව ඉන්න....ආව්.....හ්.....නිතේශ් ....අත.....අත..දෙයියනේ....අත...

නැකිටපන්...නැකිටලා.....මාව මාරයා අරන්නෙ නැතුව අම්මා එක්ක ගෙදර වැඩ කරපන් නාද්‍යා....උඹගෙ කෙරුවාව තාම තොපේ ගෙදරින් දන්නෙ නෑ...හැබැයි ඒ කිව්වොත්....වෙඩි කාලා මැරෙන්ඩ වෙන්නෙ....ඒක හින්දා....නැගිටපන්...නැගිටලා අම්මට උදව් වෙයන් ..මං උඹව මරලා ගේ අස්සෙම වලලනවා ආය කට ගහන් ආවොත් හරි....

ගුටි කාගන උනත් නාද්‍යා කටු බැල්ලියක් වගේ ඇමිනෙන්න ආවා...ඔය අත් වලිම්මයි ඕකි මගෙ විතේන්ව හැදි ගෑවිලා යන්න මිරිස් අඹරලා තියෙන්නෙ...ඔය අත් වලිම්මයි මගෙ විතේන්ව හැදි ගෑවියන් කියලා පොල් ගහලා තියෙන්නෙ.....මට ඒකිගෙ අත් දෙක එක්ක තිබුන තරහව කොයි තරම්ද කියනවා නම් මං ඒකිට ගැහුවෙම අත් වලට වෙනකොට ඒකි ලතෝනි ගැහුවා....

නාද්‍යා....පලයන්....කුස්සියෙ පොල් ඇති ගාපන්....අත්තම්මට කන්ඩ දීලා බෙහෙත් පොවන්ඩ තියනවා...පලයන්...ගිහින් පොල් ගාපන්.....

ඇයි මම.....ඇයි මම විතරක් ....උඹලා මගෙන්ම වැඩ ගන්නෙ...ඇයි මේ ගෙදර වැඩට කවුරුත් නැද්ද ....

උඹමේ ගෙදර ලේලිනෙ....අනික මේකව බදින්ඩ කලින්මෙහෙ රින්ගන් උඹ හැම වැඩක්ම කෙරුවනෙ...ඇයි දැන් බැරි....පලයන්...නාද්‍යා ..මං එනකන් පලයන්...උඹව එල්ලගත්තට වඩා හොදයි...

ඇයි...මාව එල්ලගන්ඩ ඕනා උනේ තොපිටනෙ.....දේපල ගැන කිව්වා විතරයි උඹයි අර ඇදට වැටිලා ඉන්න මහ එකියි තොපි නේන්නම් රැයක් දවාලක් නැතුව මෙහෙ අපේ වලව්වට රිංගුවෙ....මමද...මමද මූව ඕනා කිව්වෙ ...මූගෙ හිත ගන්ද තොපිම නේන්නම් මට මෙහෙ ඇවිත් නතර වෙන්ඩ කිව්වෙ.....

කටවහපිය....කටවහපිය .....තෝත් මෙකට එක පයින්ම කැමති උනානෙ .....ඒකනෙ අර යාලුවෙලා උන්න එකාව අතෑරලා මේකට කර ගැහුවෙ.....කොහෙද ....අපිත් ඒකාල හිතුවෙ නෑ..මේකි එකෙක් එක්ක බුදියලා කියලා දැනගත්තත් අපි එච්චර හිතුවෙ නෑ...තෝ මගෙ කකුල් ගාව වැද කිව්වෙ මොකක්ද.....සුලු වැරද්දක් උනා කිය කිය...දැන් ඔය කොරගන තියෙන්නෙ සුලු වැරද්ද...අපේ එකාව දැක්කා විතරයි....තෝත් ඌව අතෑරලා ආවෙ නැහැදුන එකී.....

මම අහන් උන්නා...මොකද....ජවනිකාවෙ හැටියට මට අහන් ඉන්න විතරයි ඉතිරි වෙලා තිබුනෙ.....එකාට එකා කරපු කියපු දේවල් වමාරිනකොට කෙස් වලු පටලවගන්න කොට මම පැත්තක ඉදන් වීඩියෝ කරගත්තා ..මොකද මිනිස්සු මැරුනට...මතක මැරෙන් නෑනෙ.....මේවා මගෙ විතේන් දකින්න ඕනා.....ඌ ඉන්නෙ කොයි ලෝකෙ උනත්....මේ හැම දේම ඌ දවසක දකින්න ඕනා....

මන් එන්න හැරුනා ..අම්මලා ලේලිලා ගහ මරාගන්නකොට මං අත්තම්මගෙ කාමරේට බෙල්ල දැම්මා ..අමුම අමු මස්වැදල්ලක් උන අත්තම්මා කෙදිරි ගගා කස කස දගලනකොට මං අත්තම්මගෙ අතට පනාවක් දුන්නා .....වෙන මොකටත් නෙවෙ ...පනාවෙන් කසනකොට ඔය තුවාල තව තව ගැඹුරට හෑරෙන හින්දා ..

සුදු....මහත්තයා .....අයියෝ.....මට....ඉන්ඩ..බෑ.....කසනවා...ඇගපත...දනවා....අනේ.....කොල්ලො...

අත්තම්මා ඔය නියපොතු වලින් කසන්ඩ එපා....හොද නෑනෙ....

අනේ.....පුතේ..සර්වාංගෙම කසනවා.....මට මොකක් හරි දියන්....මොන සාපයක් වැටුනාදෝ මන්දා...එහෙන්...අර ගෑනි අනීතා එක්ක මරා ගන්නවා....මේකි නම්...අපේම....කරුමෙට ආව එකියක්.....විලිසංගෙ නැති ඇදුම් ඇදන් ඕකි මොන ජවුසමේද යන්නෙ බලපන් නිතේශ් ...හෙලු වැලි ඇදුම් ඇද ඇද ඒකි අපේ මූනෙ දැලිගානවා.....අයියෝ.....මගෙ ඇගට ගුනයක් තිබ්බ නම්..අන් ඕකිව....මකනවා.....

හරි....අත්තම්මා කෑ නොගහා ඉන්ඩකො...අත්තම්මට ඉක්මනට සනීප වෙයි....ඔය නියපොතු වලින් කසලා තව විස බීජ යන්ඩද...මෙන්න මේ පනාවෙන් කසා ගන්ඩ....ආ...

මම අතතම්මගෙ අතට පනාව දීලා එයාදිහා බලන් උන්නා....ඉස්සර ඔලුව පුරාවටම කොන්ඩෙ තිබුන අත්තම්මගෙ ඔලුවෙ කොන්ඩෙන් බාගයක්ම.නැත්තටම නැති වෙනකොට මුලු ඔලුවම තුවාල වලින් වැහිලා තිබුනා...කසලා කසලම ඔලුවෙ හම වීදුරු කටු වලින් සීරුවා හා සමාන වෙනකොට කොච්චර බෙහෙත් කෙරුවත් තුවාල වල සැරව කුයිලෙන් ජීවත් වෙන පෙරේතයො හින්දා මොන බෙහෙත ගෑවත් අත්තම්මට මේ ආත්මෙට ඔය තුවාල වේල ගන්න බැරි බව මම දැනන් උන්නා...

මගෙ අහිංසකයට කරපුවට අත්තම්මය ඇදෙම පනුවො ගහන තැනට වට්ටනවා කියලා මැනිකා අහස පොලව පල්ලයි කියලා දිව්රපු හැටි මතක් වෙනකොට මගෙ ඇස් දෙක අත්තම්මගෙ කුනු වෙවී හැලෙන නියපොතු ගාව නැවතිලා තිබුනා...

අහංකාරෙට උද්දච්චෙට උන්න මොල්ලිගොඩ මැනිකෙ අද තනිකරම මල කුනක් වගේ.....

අත්තම්මා කෙදිරි ගගා ඇග දනවා ගගා මැරෙන්න හැදුවා ....ෆෑන් එක දාන්න කිව්වා.....ජනෙල් අරින්ඩ කිව්වා....අවසානෙදි ඇගට තෙත රෙද්දක් දාන්ඩ කිය කියෝම කෑගැහුවා...මම එයා කියන්නෙ මොනවද එ ඔක්කොම කෙරුවා .....

අනේ....සුදු මහත්තයා ...අයියෝ.....වතුර බේසමක් වත් ගෙනත් මගෙ ඇගේ හලපන්...ඉන්ඩ බෑ...දෙයියනෙ.....දැවිල්ලයි ....අයියෝ....හ්...අනීතාහ්....මාව.....වෙද මහත්තයා ගාවට එක්ක යමන් අනීතා ....හ්....

දනහිස් කැක්කුමයි.....අයියෝ.....මහෙ සර්වාංගෙම කැක්කුමයි...

අත්තම්මා මැරෙන්ඩ හදනවා මම දැවිල්ලයි ගගා උන්න අත්ටම්මගෙ ඇගට සර්ජිකල් ස්ප්‍රිට් වල පොගවපු රෙද්දක් දාලා එලියට එනකොට ඇගදැවිල්ලෙන් උන්න අත්තම්මා ලතෝනි ගැහුවා....පනාවෙන් කසලා කසලා තුවාල වෙලා තුවාල ඉස්ම ගලන අත්තම්මට සර්ජිකල් ස්ප්‍රිට් වදිනකොට පන යන්න ආවා....

උඹලා ඔව්වා ගෙවන්නම ඕනා....ඔව්වා උඹලා ගෙවන්නම ඕනා.....

අත්තම්මා වේදනාවයි දැවිල්ලයි කිය කිය නහිනකොට මං රතු පාට ගාපු සිමෙන්ති පඩි දෙක තුනම බැහැලා මිදුලට ඇවිත් අත් දෙක පිටිපස්සට කරන් බැදගන ඈතින් තිබුන කැරකොප්පුව දිහා බලන් උන්නා ..මේ වෙනකොට පොඩී වතුරට වැටෙන්න කාලෙ හරි ...අම්මගෙ ඔලුව අස්සෙ අත්තම්මා වගේම නාද්‍යගෙ ප්‍රශ්න එක්ක පොඩීව අමතක වෙලා ගිහින් ඇති.....

මම වට පිට බැලුවා..මහ එකා නෑ .....උදෙම්ම කෝට් බෑග් එකක් පොරවන් කොහෙ මගුලෙ ගියාද දන්නෙ නෑ ගෑනිට අමාරු හින්දා වෙන එකියෙක් හොයන් ගියාවත්ද ....

සුදු මහත්තයා .....

මම අත් දෙකත් පිටිපස්සට බැදගන මිදුල පුරාවටම කැරකි කැරකි අම්මා කොයි වෙලේ ලතෝනි ගහයිද කියලා ඇගිලි ගැන ගැන ඉන්නකොට නාද්‍යා ආවා....අත්තම්මා ගෙ ජරා වතුර නාපු ඒකි නාලා...ඇදුම් මාරු කරන්.....වැඩක් නෑ....ඒකිව කෝවක දාලා මකන්ඩවත් බෑ ...නැවුනොත් තංගල්ල බ්‍රාන්ච් එක එලියෙ...ඉදගත්තොත් යටියන් තොට එලියෙ...

ඒකි ඇවිත් මට ආයම සුදු මහත්තයා කියලා කතා කෙරුවා ....මං හැරිලා බැලුවා ....කම්මුල් පාරවල් වලටද...බේසම් පාරටද දන්නෙ නෑ ඒකීගෙ කම්මුලක් රතුවෙලා තඩිස්සි වෙලා තිබුනා ..

තේ හැදුවා ....

ඒකිගෙ අතේ තිබුන තේ කෝප්පෙ මගෙ අතට දෙන ගමන් මං බලාගන ගෑනි කම්මුල අත ගානවා ...අපෙ...අප්පො....පවූ...වූ...මගෙ මැනිකෙට රිදිලා....හරී...යට...

මං නාද්‍යා දිහා බලන් ඉදලා උගුර පෑදුවා .මොනවා උනත් මං කසාද මිනිහනෙ...ම්ම්ම්.....

මැනිකෙ . ..

මං කතා කෙරුවා .....ඇල්වතුරත් නිමලා බොන එකෙක් හා සමානවම .....මැනිකෙ කිව්වා විතරයි නාද්‍යා ලගට එනකොට මං ඒකි දීපු තේ එක අනිත් අතට මාරු කරලා එක අතකින් ඒකිව මගෙ ලගට ගත්තා ....

රිදෙනවද . ....

මං මගෙ පිට අල්ලෙන් නාද්‍යගෙ රතු වෙලා තඩිස්සි වෙලා තියන කම්මුල පිරිමදිනකොට ඒකි මගෙ ඉන වටේ අත් පටලවන් සසරම කල කිරුන ගෑනි වගෙ පපුව මැදට මූන ගහගන්නකොට ලබන අවුරුද්දෙ ඔස්කාර් සම්මානෙට නිර්දේශ වෙන්න බලාගනම මාත් එයාගෙ ඉන වටේ මගෙ අත යවලා තුරුල් කර ගත්තා ....අපෙ...අප්පො.....ඉතින්...නේ....

නිතේශ් ....

ම්න්...

අනේ...අපි යමුකො.....මට මෙහෙ ඉන්න බෑ සුදු මහත්තයා ...අම්මා චුට්ට බැරි වෙනකොට කෑ ගහනවා ...අනික මං අම්මට අත්තම්මට බදින්න කලින් කිව්වනෙ සුදු මහත්තයා .....මගෙ සම්බන්දයක් තියනවා කියලා .....

ම්ම්ම්....

අනික ...නිතේශ් ..මේක.....හැත්තැවෙ දශකෙ නෙවේනෙ නිතේශ් ....යාලු වෙනවා...කෙල්ලො කොල්ලො....ඊට එහා වෙන දේවල් මම අමුතුවෙන් කියන්න ඕන් නෑනෙ සුදු මහත්තයා ....

ඒකනෙ...මොකද මම නොදන්නෙ....ඒවා ලොකූ දේවල් නෙවෙ මැනිකේ....ආ මේක බොන්නකො...මට තේ බොන්න බෑ උගුර දනවා...ඔහොම ඉන්න ඔහොම ඉන්න මමම පොවන්නන්...

නාද්‍යා මගෙ ඇගේ එල්ලීගන පාපොච්චාරනෙ කරනකොට මම ඒ ඔක්කෝටම ඒකිගෙ හිත හැදෙන්න උත්තර දෙන ගමන් මට පොවන්න ගෙනාව තේ එක ඒකිට මගෙ අතිම්ම මං කටින් පිඹ පිඹ හෙමින් පෙව්වා....පව්...මැරෙන්න ඉන්න ගෑනිනෙ .....

මම හැම දේම කියලා තියෙද්දි ඇයි සුදු මහත්තයා ආය ආයම පරන දේවල් අදින්නෙ....පොඩ්ඩ බැරි වෙනකොට මාව කන්න හදන්නෙ .....අනික...මට මේ ගෙවල් වලවැඩ පුරුදු නෑ නිතේශ් ....

ම්ම්ම්.....ඒකනෙ....අතට පයට වැඩකාරියො ඉන්නකොට බිබික්කන්වගේ හැදුන කෙල්ලෙක්නෙ ඉතින් මගෙ මැනිකෙ ...

අනේ නිකන් ඉන්න මහත්තයා....විහිලු නොකර .හරි නරකයි....

ඉද්දකින්...හුත්තිගෙ හුරතලේ...මට එන තරහවට මේකිට තේ එක ඔලුවෙ ඉදන් හලන්න හිතුනා උනත්...ගෑනිට කොයි වෙලෙත් බැන්නොත් සැක හිතෙන හින්දා මම ගොනා වගේ උන්නා....

නාද්‍යා ..

මම ඒකිට මුලු තේ එකම පෙව්වා .....නිකන් නෙවෙ...හිතින් වස් කවියක් කිය කිය...."උගුරෙන් පහලට යන උගුරක් ගානෙම විදවපන්.....ඇගට වැටෙන කිසි කෑමක් නොහිටියන්.....විසි හතර පැයම කැහි කිලියෙම ඇනතියන් කාපු බීපු හැම දේම පහ වෙන තුරු තටමපන්..." ගගා මම ඒකිට හෙන ඉල්ල ඉල්ල තේ එක පොවලා මම ඒකිගෙ අතින් අල්ලගත්තා ...වෙන්දා වගේ නෙවෙ ඒකිගෙ අතට මගෙ අත පටලව ගත්තා ....

සුදු මහත්තයා .....

මම ඒකිගෙ අත අල්ලන් මිදුල පුරාවටම ඇවිද්දා ...

එතකොට ...උඹ මගෙ අතිනුයි ගෑනියෙක් උනේ කිව්වෙ බොරුවද....මැනිකෙ .....

මගෙ ඇස් පුදුමාකාර තරම් හැගීම් බර උනා....ඒකි නැවතුනා..මාත් එක්කම ඇවිද ඇවිද උන්න ඒකි නැවතුනා ....

.මං බනින් නෑ...අනික...මං ඔව්වා බලන්නෙත් නෑ ....

නිතේශ් ....මං ..බොරු කිව්වෙ .....මට ඔයාව නැති වෙයි කියල බය හිතුනා...අම්මා...කොහොම මොනවා කිව්වත්...මං උඹට ආදරෙයි නිතේශ් ....

ඒකද කලින් උන්න එකාවත් අතෑරලා මං ගාවට ආවෙ .....

අනේ එහෙම කියන්න එපා සුදු මහත්තයා ...මං උඹට ආදරෙයි නිතේශ් ....මට බය හිතුනා උඹව මට නැති වෙයි කියලා .....ඇරත්...උඹ අඑඅ කොහෙවත් යන පඩංගු කොල්ලෙක් කරේ ගහන් කියල දැනගත්තම මගෙ පපුව පැලෙන්න ආවා...ඔව්වා ලැජ්ජ නැතිවැඩ නිතේශ් ..මිනිස්සු ගල් ගහයි....අපි...කොච්චර වැදගත් මිනිස්සුද නිතේශ් ....

ඇත්තදූ....ඒ හින්දද උඹ වේසකමේ යන්නෙ.....ම්ම්ම්

මොකක්ද ...

මොකුත් නෑ....

මම යටි තොල හපාගන ඒකිගෙ වැදි බන අහන ගමන් ඒකිටත් නොදැනෙන්න මුලු මිදුල පුරාවටම ඇවිද්දවලා අවසානෙදි කැරකොප්පුවට එක්ක ආවා....පොඩීග් වල ඒකිගෙ ඇස් වලින් වහන් කරල මම ඒකිව කැර කොප්පුව ඇතුලට එක්ක ආවා.....ඒකි කියවනවා....ඒකි මට ආදරෙයි ...මං නැතුව බෑ කිය කිය පරසක්වල ගැහුවා විතරක් නෙවෙ ..ඒකි හැම වැරද්දම හදාගන්නම්...අපි ආයම මුල ඉදන් හැමදේම පටන් ගමුයි කියනකොට මම එයා ඉස්සරහා පුදුමාකාර ලස්සන ලෝකයක් මවලා අවසානෙදි හැම ප්‍රශ්නෙම අමතක වෙන්න ජීවිතේ අලුතින් පටන් ගන්න ලමයෙකුත් හදමුයි කිව්වා.....

අනේ....ඇත්තමද නිතේශ් ....

ම්ම්ම්....හැමදාම ගහ මරාගන්න නෙවෙ මං උඹව කසාද බැන්දෙ ...

අනේ නිතේශ් මට ඕනෙත් එච්චරයි නිතේශ් .....මේ වගෙ හැම දාම ආදරෙන් ඉමුකො නිතේශ් ....

මං ඉතින් උඹට ආදරෙයිනෙ නාද්‍යා ....

මං ඒකිට ආදරෙයි කිව්වා ....ඒ වචනෙ ඇහුනත් ඇති ඒකිග්ව් ඇස් දිලිසන්න ගත්තා විතරක් නෙවෙ ඒකි මගෙ බෙල්ලෙත් එල්ලුනා...

අනේ...නිතේශ් .....මං මේ වචනෙ අහන්න කොච්චර කල් බලන් උන්නද නිතේශ් .....

හරි..හරි.....ඇති දරුවො....

ඒකි සන්තෝසෙට මගෙ බෙල්ලෙ එල්ලීගන උඩ පනිනකොට මම ඒකිව මගෙන් පැත්තට කෙරුවා වගේම ඒකි වටපිට බැලුවා...මගෙ බොරු මායන් වලට අහු වෙලා මාත් එක්කම කැරකොප්පුවට ආව නාද්‍යා තුශ්නිම්භූත වෙලා වගෙ වටපිට බලනකොට මං කට කොනකින් හිනාවෙනගමන් බලන් උන්නා .....

යක්කු ගස් නගින්න තව හෝරාවක් ඇති..මූසල පාටට ගියපු කැරකොප්පුවෙ තිබුන ගස් එකට එක ඇතිල්ලෙනකොට ආව සද්දෙත් එක්ක ඒකි බය වෙලා මගෙ ඇගේ එල්ලුනා....

අනේ...නිතේශ් .....ඇයි අපි මෙතන...ට ආවෙ.....

මෙතන විතරයි සැනසීම තියෙන්නෙ නාද්‍යා...වලව්වෙ ඉන්නකොට එහෙන් අත්තම්මා කෑ ගහනවා...මෙහෙන් අම්මා ඔයාට බනිනවා....මට අම්මා ඉස්සරහ මොනවත් කියන්නත් බෑ.....මට සමාවෙන්න...මං දන්නවා.....ඔයා මෙහෙට කැමති නෑ කියලා ....අපි ඉක්මනට යමු....

අනේ ඔය ඇත්තද නිතේශ් ....

ම්ම්ම්ම්...

අනේ....ඔයා තේරුම් ගත්ත එක ලොකු දෙයක් සුදු මහත්තයා ...

මට හැම දේම තේරෙනවා නාද්‍යා ....ඒත් මම තේරෙන්නෙ නෑ වගේ ඉන්නවා...එහෙම නැතුව අම්මා එක්ක ඉන්න බෑ....මං ඔයගෙ පැත්ත ගත්තා නම්...ඔයාට තව කෑ ගහනවනෙ.....

අනෙ....ඔව් සුදු මහත්තයා ...

අනික...අම්මට උදව් කරන්න සීයා තාත්තා ඉන්නෙ.....

එකනෙ.....

සීයා තාත්තා කියනකොට මතක් උනේ...කෝ මැනිකෙ සීයා තාත්තා ....

මම ඒකි එක්ක මායමෙන් කතා කරන ගමන් එහා මෙහා අවිද්දා...මීට කලින් බයයි කියපු ගෑනි දැන් මම ඒකිව එක්කන් යන්නම්...ඒකිට ආදරෙයි කියපු හින්දා ඒ සිහියෙන් ඉන්න ගමන් ගානක් නැතුව මගෙ පස්සෙන් මට උත්තර බැද බැද එනකොට මට මහ නාකියට මොකද උනේ කියලා හොයා ගන්න ඕනා උනා.....

සීයා තාත්තා උදෙම්ම ඉස්පිරිතාලෙ ගියා....

ඒ මොකද .....

දැන් දවස් ගානකට කලින් යටි බඩ කොරවෙනවා කිව්වා ....තැබිලි වල්ලක් විතරම බිව්වා .ඒත් අඩුවක් නෑ ...ඊයෙ රෑ චූ දානකොට මුත්‍රා එක්ක සෑහෙන්න ලේ ගිහින් තිබුනා...

අනේ දෙයියනේ.....ඉතින්.....

ඉතින් කියන්නෙ අම්මා කෑ ගැහුවා බෙහෙත් ගන්න යන්න කියලා ...එ අහලා තමා අද උදෙම්ම ගියේ...ඒකත් දෙකට නැවීගන ගියේ කෙලින් වෙන්න බෑ යටි බඩ කොර වෙනවා කියලා ...

මම හිනා උනා...ඒකිට නොපෙනෙන්න හිනා උනා...උන් අපිට මතුරපු තැඹිලි පොවලා අවසානෙදි උන්ටත් බඩේ කොරේට තැඹිලි බොන්න වෙනකොට මම හිනා උනා...මම කොයි වෙලේ අම්මා ලතෝනි ගහයිද කියලා හිත හිත වලව්ව පැත්ත බලලා කැරකොප්පුවෙ එක කොනක තිබුන ලොකු මහෝගනි ගහයටට ගියා.....

මෙතන පුදුම සනීපයි...

මම නාද්‍යා දිහා බැලුවා....ඒකි මා දිහා බලලා හිනා වෙන ගමන් මා ගාවට එනකොට මම ඒකිව නැවැත්තුවා ....

ඔයා ආස කොයි හරියද....මං මෙතනට චූටිම කාලෙත් එනවා....අනිත් තැන් වලට වඩා මෙතන සනීපයි...

මම මහෝගනි ගහ යට සනීපයි කියලා ..ඒකි ආස කොයි හරියටද අහනකොට ඒකි හිතට හරියන තැනක් හොයන්න කැරකුනා ...

මෙතන...මෙතනට පහල වැවත් ලස්සනට පේනවා...මේ බලන්න....වැව වහගත්තු මල් හොදට පේනවා.....

ඇත්තට.....

ඔව්.....බොරු නම් මේ බලන්න....

නාද්‍යා කොනක ඉදන් පහලින් පේන වැව දිහා බලන් මෙතන ලස්සනයි...මෙතනට ආසයි කියන ගමන් මටත් එන්න කියනකොට මම ඒකි ගාවට ගියා ....ගිහින් ඒකිව පිටිපස්සෙන් තුරුල් කරගත්තා .....

ඔව් මයි....ඉස්සර මෙච්චර ලස්සනට වැව පෙනුන් නෑ...ඔයා මෙතනට ආසද.....ම්ම්ම්..

ඔව්...මං ආස මෙතනට ..මෙතන සනීපයි.....වැව පේනවා ...මල් පේනවා ...නිස්කලන්කයි...

මං ඇස් හීනි කරන් වැව දිහා බලන් උන්නා....වැවෙ මාලු අල්ලන්න ආව මනුස්සයෙක්ගෙ ජායාවක් ලාවට පේනකොට මං මේ තැනට ආසයි කියපු නාද්‍යගෙ කනට පහත් උනා...

ඔයා මේ තැනට ආස නම්...congratulations ....මෙතන ඔයාට දෙන්නම්...

සුදු මහත්තයා ...අනේ....සුදු...මහත්තයා .....

උඹ කොහෙද සුදු මහත්තයා

මං ඒකිගෙ උරහිස උඩ නිකට ගහන් ඇස් දෙක වහන් මං බලාපොරොත්තුවෙන් උන්න අම්මගෙ ලතෝනියට කන් දුන්නා ...අම්මගෙ කටහඩ ඇහෙන වාරයක් ගානෙම මගෙ මුනය මහ කුරිරු හිනාවක් මතු වෙනකොට මම හැරිලා බැලුවා.....

අම්මා නොන්ඩ් ගගහම මාව හොයනකොට මම මොකුත් නොදන්න එකා වගේ නාද්‍යා දිහා බැලුවා...බලලා ඇහිබැම උඩ ඇරියා...

මොකක් හරි කරදරයක් වගේ....

මම ඒකි එක්කම කැරකොප්පුවෙන් එලියට ඇවිත් අම්මා ගාවට දුවනකොට මං බලාගන වලව්වෙ ඉස්සරහා බිත්ති කන්ද උඩ රන්මලියා ඉදන් ඉන්නවා.....

අම්මා....ඇයි අම්මා...මේ...ඇයි....

අනේ...අනේ...සුදු මහත්තයා පොඩී නෑ...පොඩී නෑ.....

මොකක්...

පොඩී නෑ..අනේ ඒකිව හොයපන්කො...කොහෙ දිව්වද දන්නෙ නෑ.....

හා...අම්මා කලබල නොවී ඉන්න මං බලන්නම්.....

අනෙ මේකි වත්ත පහලට දිව්වා ද....

මං බලන්නම්....නාද්‍යා ඔයා අම්ම එක්ක බලන්නමන් මේ පැත්ත බලන්නම්....

මම ලතෝනි ගහන අම්ම එක්ක නාද්‍යව එක පැත්තකට යවලා.මාත් එකිව හොයන්න එනවා වගේ වෙන පැත්තකට ගිහින් සාක්කුවෙ තිබුන ඵෝන් එක අරගන මල් ශාලාවෙ නම්බර් එක ඩයල් කෙරුවා ....

මොල්ලිගොඩ වලව්වට එන්න.....

බේබි හාමු.....ඔන්න....කිව්වා වගේ....ඒකිගෙ වැඩෙ අහවරයි ....තව එකක් ඉතිරියි...ඒකිවත් ලෙහලා දාලා පොඩීගෙ කාමරේට අරන් පලයන් ....අද මැරුනයි කියලා ....අදම වලදාන්න....කියලා නියමයක් නෑනෙ...ඇරත්...ගෙවලයො බන්දපු මේ ගෙදර අස්සෙ තව මලකුනක් තියනකොට .....මං උඹට කොයන්න ඕන් නෑන් හාමු.....

රන් මලියා හිනා උනා....ඒකි සන්තෝසෙ වැඩිකමටද කොහෙද හුරුවමකුත් බාලා මට ලොකු අම්මව ලෙහලා දාන්න කිව්වා ...

අම්මා ලතෝනි ගගහා ගිරිය කඩාගන පොඩීට අඩගහනකොට මං අත්තම්මාත් ඇදේ ඉදන් බැරි බැරි ගාතෙ පොඩීට අඩගහනවා අහගන තවත් දම්වැලකින් ගැටගහලා උන්න ලොකු අම්මා ගාවට ගිහින් කකුල් වල තිබුන දම්වැල් ලෙහනකොට උමතුවෙන් උන්න ලොකු අම්මා කොන්ඩෙත් වන වන කටින් සෙම පෙරාගන හූ තිය තිය එහා මෙහා දුවන්න ගත්තා .....කසලා කාසලා සර්වාංගෙම පුරාවටම දද දාලා තිබුන ලොකු අම්මා පිස්සුවෙන්ම සුදූ ගෙ කාමරේ දොරට ගහ ගහ ඇරගන්න දගලනකොට මං දොර ඇරලා දුන්නා විතරයි ලොකු අම්මා හූ තියාගන ඇතුලට යද්දි මාත් ඇතුලට ගිහින් දොර වහගත්තා ....

එලියෙ උන්න රන්මලියා ඊලග පාර වහලෙ මුදුන් ලීය උඩ ඉදන් ඉන්නකොට මම ඇද උඩ තිබුන එකට ගැට ගහපු බෙඩ්ශීට් එක අතට ගන්නකො ලොකු අම්මා හිනා වෙවි මා ගාවට දුවගන ආවා .....

ඕක දියන් .....ඕක.....දියන් මට.....

උඹට තමයි මේක...ඉදා ගනින්....කෝ එක කොනක් බෙල්ලට දාගන ඇදට නැගපන්කො.....

මෙහෙමද.....මෙහෙමද ...බෙල්ලට....

දාගන්නෙ..මෙහෙමද.....

නෑ..නෑ....සුදු අක්කා දාගත්තෙ....අර....සුදු අක්කා දාගත්තෙ....අන්න එහෙම ...

මං බෙඩ්ශීට් එකේ එක කොනක් ලොකු අම්මගෙ අතට දීලා බෙල්ලට දාගනින් කියලා බලන් උන්නා...මගෙ හිත ගලක් වෙලා තිබුනා....මම විදපු දුකය වග කියන්න ඕනා වලව්වෙ උන් විතරයි කියන දේ හිතේ තියාගන උන්න මගෙ පපිව ගලක් වෙලා යනකොට සුදු අක්කා දාපු විදිහට දාගන්න කියනකොට පිස්සු පෝරුවට උනත් පෙරේතයො වහන් උන්න ලොකු අම්මා හිනා වෙවි ...කෑ ගගහා..හූ තිය තිය සෙවල පෙරාගන බෙල්ලට තොන්ඩුව දාල ගැටේ තද කරගත්තා වගේම මම ඇගිල්ල දික් කරලා ඇද පෙන්නනකොට ලොකු අම්මා ඇදට නැග්ගා වගේම මං බලාගන ඉන්නකොටම බෙඩ් ශීට් එකේ අනිත් කොන ඉබේටම බේල්කෙ ගැට ගැහුනා....

ලොකු අම්මා බෙල්ලට ගැටගහන් උන්න තොන්ඩුව වගේම බෙඩ් ශීට් එක අත ගගා හිනා වෙනකොට මම බලගන බාල්කෙ උඩ උන්න රන්මලියා ඊලග පාර ඇද විට්ටම උඩ ඉදන් බලන් ඉන්නවා....

අවුරුද්දකට කලින් මේ කාමරේම මේ බාල්කෙම මගෙ සුදු අක්කා එල්ලුනා .....උන් හැමෝම ඒකිට එල්ලෙන තැනට වැඩ කෙරුවා කියන එක මතක් වෙනකොට මම මගෙ හිත ගල් කරන් ලොකු අම්මා මගෙ ඇස් පනා පිටම මැරෙන හැටි බලන්න ලැහැස්ති වෙන ගමන් මම දොර ගාව හිටගන ලොකු අම්මට මග් ගාවට එන්න කියලා අත් දෙක දෙපැත්තට දික් කරලා හිනා උනා...

ලොකු අම්මෙ...එන්න සුදු මහත්තයා ගාවට...

එච්චරයි ....

උමතුවෙන් උන්න ලොකු අම්මා උස ඇදෙන් බිමට පැන්නා.....එක්කම බෙල්ලට දාලා තිබුන තොන්ඩුවෙ ගැටේ තද උනා...

කකුල් දෙක පොලවෙන් අඩි තුනක් විතර උඩ තියනකොට ඒ කකුල් දෙක එහා මෙහා වෙන හැටි මම බලන් උන්නා...අත පය ගහන හැටි මම බලන් උන්නා....කට ඇරිලා දිව එලියට එන හැටි ....සෙවල පෙරෙන හැටි ....ඇස් දෙක බාගෙට ඇරිලා කලු ඉන්ගිරියාව උඩ පහල වෙන ගමන් ගැහෙන හැටි.....

හුස්ම හිර වෙලා...මරන වේදනාව දැනෙනකොට අවසානම හුස්ම පොද පිට කරගන්න දගලන හැටි....කකුල් දිගෙ මල මුත්‍රා වැක්කෙරෙන හැටි මං බලන් උන්නා විතරක් නෙවෙ වීඩියෝ කරගත්තා ....අත පය ගහහා අවසානම හුස්ම එකතු කරන හැටි මං වීඩියෝ කර ගත්තා ...

විනාඩි ගානක්....අත පය ගසලා ගසලා දගලපු ලොකු අම්මගෙ දිව එලියට ඇවිත් සෙවල වැක්කෙරිලා අවසානෙදි ඇස් වල කලු ඉංගිරියාව සම්පූරනම උඩ ගිහින් අවසානම හුස්ම දගලලා දගලලා නාස් පුඩුවලින් පිට කරන හැටි මගෙ ඇස් දෙකෙම්ම බලන් උන්න මං මලකද වගේම ආත්මෙ ඇදගන යන්න එන පෙරේතයන්ට බාර දීලා කාමරෙන් එලියට ඇවිත් දොර වහලා දැම්මා....

ම්ම්ම්....තව දවස් දෙකකින්....ආයමත් මල ගෙයක්.....

🙄ජැක්කනේ.....ජැක්කනේ ...

😒ආය එන්නම් ඈ.....පයිස්සමින් ඉන්න...මේ ළමයා හරි වසයි ජැක්කනෙ....හුහ්..

🙈🙈🤭🤭🤭😘😘😘චුක් චුක්....චුක්.....

Ferdeesha ....🙈

More Chapters