Cherreads

Chapter 56 - 56

මගෙ...මැනිකේ....හ්හ්හ්හ්හ්

සෙංකඩගල අහසෙ හෙන හතක් පිපිරුවා.....මම තවමත් මඩ පෙරාගන දියබත් උන රන්මලිගෙ මලකද බදන් උන්නා....

මැනිකගෙ විලාපය මිහිපිට හිතක් පපුවක් තියන මනුස්සයෙක්ට අහන් ඉන්න බැරි වෙනකොට මම ගස්කොලන් අස්සෙන් පේන කහපාටින් දිලිහුන දලදාව දිහා බලන් උන්නා...

ඒකිගෙ හුස්ම යනකොටවත් ඒ හුස්ම උදුරගන්න හොද නෑ කියලා හිතුන් නැතිද දලදා හාමුදුරුවනේ.....

මල් කඩන්න වැවට ගිය ඒකිගෙ කෝටු අත්වල හයිය ගැන දැන දැනමන් ඔරුව මුනින් අත ගහනකොට ඔරු කදෙ පොඩි ඔලුව වදිනකොට මාව බේරගන්න කියලා කෑගහන්න ඇරපු කටටම වතුර පිරෙනකොටවත්....කරුනාවෙන් අඩවන් උන ඇස් ඇරුනෙ නැතිද හාමුදුරුවනෙ.....

හතර පෝයටම සිල් ගන්න නාවත්.....ගෙදර තිබුන පහන් පැලේ පහනක් තියලා කප්පරක් දේවල් නොයිල්ල ලාබෙට පහනක් පත්තු කෙරුවටද හාමුදුරුවනේ මේ හුස්ම උදුර ගත්තෙ...

එතනා මැරෙන්න හදනවා...මිනිස්සු ඒකිව වත්තම් කරගන්නවා...සිහිය පත නැති උන මැනිකගෙ සිහිය එනවා යනවා....එනවා යනවා....."ගැට දෙක හොලව හොලව දුවනවා" කියලා විහිලු කරපු මටම තවමත් යට ඇදුමක් නොඇන්ද වතුරෙන් පෙගුන කැකුලු දෙතන මගෙ පපුවට හිර වෙනකොට මට කෑ ගහලා කියන්න හිතුනා මම ආයම කවදාවත් විහිලු කරන් නෑ මැනිකේ ඇහැරියන් කියලා ...උඹට විහිලුවක් කෙරුවත් මෙ හිතේ කවදාවත් අහිතක් තිබුන් නෑ කියන්න හිතුනා...මම ඒකිව පපුවටම තුරුල් කරන් උන්නා....වතුරෙන් පෙගුන මුන සුදු මැලිවෙලා ඇස්දෙක බාගෙට ඇරිලා තිබුනා.....

දැන් ඉතින්...කව්ද...මට..බේබි...හාමු..කියන්නෙ...මැනිකේ....අල්ලට ගත්තු සීනි අහුරට ආය මම කවදා කියලා බලෙන් එබෙන්නද...ඇහැරියන් රත්තරන් ...කියපන්....බේබි..හාමු...මේක හීනයක්...කියලා ...මට...කියපන්...බේබි....හාමු.....මේක....හීනය...ක්....විතර...මයි...කියලා......අනේ...කියපන්.....මැනිකේ.....අදින්...පස්සෙ...කව්ද...මං....ආවම....එබිකන්..කරන්නෙ....මගෙ

..බේබි...හාමුට....දලදා....හාමුදු...රුවන්ගෙ....පිහිටයි....කියන්නෙ.....මට..බැරි...උනා...මට...බැරි...උනානෙ...උඹව....එක්ක...යන්න.....

තේශී...අනේ...එකිව..දීපන්....ඒකිව...

අර....න්...යන්න.දියන්...නිතේශ් ....

උඹ..ගත්තු...නත්තල්..ගහ කාටද...විතේන් දෙන්නෙ...අනේ...ඒකිට කියපන්.....ඒකිට..කියපන්....විතේන්...

මට...ඒකිව ගවුමට....වඩා....වටිනවා කියලා....මට...ඒකිව...ගවුමට වඩා වටිනවා කියපන්...විතේන්....ආයම පෙති පාන් ඕනා නම් නැකිටින්න කියපන්...ඒකි බොරු කරනවා විතේන් .....

නිතේ...ස්.....නිතේස්....නාඩා...ඉදින්කෝ....නංගි...බබා....ගිහිල්ල....ඉවරනෙ...

මම ඒකිව කාටවත්ම දුන්නෙ නෑ.... මලකද බලන්න ආව....උදව්වට ආව උන් මේ අඩන්නෙ මොල්ලිගොඩ වලව්වෙ එකම මුනුබුරා කියලා දැන දැන උනත් පපුවට අත ගහන් හීල්ලුවෙ මම වලව් කාරයෙක්ද කියලා හිතන්න බැරි විදිහට වෙනකොට මැනිකා කෙල්ලව ඉල්ල ඉල්ල අහසට පලිගැහුවා....

මම ඒ මුනම පිහ දැම්මා.....අලුවා කෑල්ලක අස්කොන්වල රස කියලා දුන්න.....කොළඹ ගැන කට ඇරන් අහන් ඉන්න...අනේ හාමුට තිස් තුන්කෝටියකගෙ දෙවිපිහිටයි කියපු එකීට අමතක උනා ඒකිවත් ඒ තිස්තුන්කෝටියටම රකින්න කියන්න.....

මඩපිටින් ඒකිව තුරුල් කරන් උන්න මම ඇඩුවත් උන් මගෙ අත් බුරුල් කරලා කෙල්ලව අරන් ගියා වැව් ඉවුර පුරාවටම ඇහුනෙ අනේ අපොයි කියන නම විතරක් වෙනකොට වරදට අයිති චූදිතයො වෙන කොහෙවත් උන්නා.....

මගෙ...මැනිකේ....දැන්...ඉතින්....මම....කාටද ..අම්මෙ....බිත්තරයක්...හරි...හංග.. හංග....තම්බන්නෙ...ඉදුල්...හෝදලා හරි...මං උඹව ලොකු...කෙරුවෙ...මේකටද.....අම්මෙ...දලදා....හාන්දුරුවනේ...ඒකිව..ගත්තෙ ....ඇයි...දෙයියෝ...මට....උන්නෙ....

ඔච්චරයි .....අප්පා...නැති...එකී...අප්පා ..නැති...එකී කිව්වට ඒකිගෙ අප්පා ...ඉහල අත්තක උන්න එකෙක් වෙනකොට .....උන්ගෙ...උදහසට....ඉදුල් හෝදපු ....අපි හැමදාම.....තැලුනා.....

මං....විහින්...බඩ....උනේ නැ...දෙයියෝ....මං....එතනත්...ඉවසුවා....මට..මාව...නැති උනදාත්....ඉවසුවා....අප්පා මොකාද කියලා කට ඇරලා කියාගන්න බැරි ඒකි බඩට එනකොටත්...මං ඉවසුවා ...ගිල්ලපු...අන්නාසි....

ගැටවලට වත් මැරුන් නැති එකීව ගත්තෙ ඇයි...අප්පා ....

දෙයි...හාන්දුරුවනේ.....අනේ ...දෙයි..

හාන්දුරුවනේ.....හ්හ්හ්

මන් අහන් උන්නා....මඩ නාගන වැවි ඉවුරෙ ඉදන් මම පිස්සෙක් වගෙ අහන් උන්නා....මැනිකා තනිකරම පටාචාරාවක් වෙනකොට හිමි උන දේට වඩා අහිමි උන දේ වැඩී කියන දේ ඒ විලාප වලින් ඇහෙනකොට අහසටත් උහුලන් ඉන්න බැරිම තැන අහසත් අඩන්න ගන්නකොට වැහි වතුරට මඩ හෝදන් යන්න ගියා ....

ගෙවුන රබර් සෙරෙප්පු දෙක මෙච්චර වෙලාම වැව් වතුරෙ පාවෙලා අවසානෙදි ඉවුරට ගෙනත් දානකොට වැව් වතුරෙ මුනින් අතට වැටුන ඔරු කදෙ ලාබාලම තොටියා උන ඒකි මැරිලා ගිහින් තිබ්බා...

බේබි...හාමු....අනේ...දෙයියෝ.....ඒක හීනයක්...කියපන්...මගෙ...හාමු....ඒකි උඹට ..පන ඇරලා අපෙ හාමු.....ඒකි උඹට පන ඇරලා....උඹලා නොදන්නවා උනාට උගුරෙන් පහලට ගියපු බත් කටක් ගානෙම පින් දෙනවා....උඹල දුන්න මොනරුන්ගෙන් කාපු දවසෙ ඒකි වරුවක් තිස්සෙ උඩ ඉන්න දෙයියන්ට පින් දුන්නා.....අනේ....එහෙව් එකීටම දෙයියෝ මෙහෙම කෙරුවෙ ඇයි අහපන් බේබි..හාමු...

වරුවක් තිස්සෙම ගවුම ඇදන් හැඩ බැලුවා.....අම්මෙ.....බෙබි හාමු මාව නත්තල් බලන්ඩ කොළඹ රටේ එක්ක යනවා කිව්වා දෙයියෝ.....සිරියාවන්ත ...මහත්තයා ගහකුත් අරන් දෙන්නම් කිව්වම...අයියෝ....මගෙ පපුවට වාවන් නැ....ගහ තියන්ඩ කියලා...ඒකි වරුවක් ගෙයි පිල පොල්කුඩුවලින් මැද්දා.....ඇයි....හාමු...ඇයි...හාමූ...

අනෙ....සන්තෝ...ඇයි.....ඇයි....අයියො...මට...අඩාගන්න...කදුලු...නෑ.....දෙයියො.....

වහින වැස්ස නෙවෙ ඒකිගෙ කට වැහුවෙ....කෙල්ලගෙ මලකද අරන් ගිහිල්ලා අවසානෙදි වැව් ඉවුරෙම ආයම මැනිකට සිහි නැතිවෙනකොට ඇදිවත පවා ගැලවිලා ගියපු මැනිකෙව මන් උස්ස ගත්තා ...මගෙ හයියට උන්නෙ මගෙ විතේන් විතරක්ම වෙනකොට අනිත් හැමෝම කාත් කවුරුත් නැති මැනිකගෙ ගෙදර ඉලව් අල්ලන්න ගිහින් උන්නා...

මෙච්චර කාලෙකට ආසාවට ලයිට් එලියක් නොතිබුන කෙල්ලගෙ පැල්කොටේට වලව්වෙන් කරන්ට් අද්දලා ප්ලෑශර් ගස්සවපු අප්පච්චි අනීතා මැනිකෙව ආපයිම්ම එලවලා දැම්මා...

අප්පච්චි ...

ඇදක් වත් නොතිබුන සන්තකේටම පැදුරු කඩමාල්ලක් දෙකක් තිබුන පැල්කොටේ අස්සෙන් සිහියක් පතක් නැතිව උන්න මැනිකව තිබ්බ මං එහා මෙහා දුවන අප්පච්චි ගාවට ගිහින් හිටගත්තා ...

අප්පච්චි අපි මොකද කරන්නෙ අප්පච්චි....

මට අහන්න දෙයක් නැති කමට මම අප්පච්චිගෙන් මොකද කරන්නෙ අහනකොට ඒකිට නාන තැනට කොටු කරන්න ගෙනාව පරාල කනුම මලගෙදර මඩු ගහන්න අරන් යනකොට මගෙ අත ඉබේටම පපුව ගාවට ගියා.....

සුදු පුතා ගෙදර ගිහින් නාපන්....නාලා වරෙන් උඹ ගාව මඩ ගද, උඹ අසනීප වෙයි...

කරන්න ඕනා දේ කියන්න කලින් අප්පච්චි මට නාගන එන්න කියනකොට මටත් නොකියම මගෙ විතේන් මහ වැස්සෙම ශෙනොන්ලා එක්ක නාගන අප්පච්චිගෙම සරම් පටලවන් තිබුනා සරමක් ඇදගන්න දන්නෙ නැති උන් තුන්දෙනා සරම් ඉනට ගැට පන්සීයක් ගැටගහන් උන්නා...වෙන වෙලාවක නම් ඕකට වරු ගානක් හිනා වෙන්න තිබුනත් මැනිකෙගෙ පොඩි එකි අපි හැමෝගෙම හිනාව උදුරන් ගිහින් තිබුනා....

.මචන් ....අපි වලව් අස්සෙ රිංගන්න ගියෙ නෑ බන්.....අර පහල ලිදෙන් නෑවා....වැස්ස නැති එකේ ගෙදර ගිහින් නාපන්.....පුලුවන් නම් ලොකු උදව්වක්...ඔය ගෙදර තියන තේකොල සීනි ටිකක් අරන් වරෙන් මෙතන ණැහෙන්නෙත් ඇට පෑදුන මිනිස්සු.....

ඩියෝන්....

අප්පච්චියො.....

මෙහාට ආවා නම්....

සෙනෝන්චුට්ටක් ඉන්න ඒයි.....

අපි තුන් හතර දෙනාගෙ කතාව මැදින් අප්ප්ච්චිගෙ කට හඩ ඇහුනා වගේම ඩියොන් අප්පච්චි ගාවට දිව්වා.....

වෙන්නෙ මොනවද...කියන්නෙ මොනවද...හෙට මොනවා වෙයිද හිතන්න අමාරුන්වෙනකොට මම ගල් ගිලලා වගේ බලන් උන්නා....

සේනෝන්...අප්පච්චියා මේක දීලා කිව්වා ඔය හුත්තියන්ගෙන් ලුනු කැටයක් වත් එපා කියල මේකට බඩු ගේන්න කියලා...

....

අද නම් මට මොකුත් එපා සෙනෝන්....

...

මට අද මුරුක්කුවක් වත් එපා.....

...

අඩුම ගානෙ සීනි බෝලයක්වත් එපා..මගෙ හිත කැක්කුමයි....උන්ට තිබුනා.....උන්ට තිබුනා මල් ටිකක් පන්සල ගාවින් ගන්න.....උන්ට ඕනා උනෙ අපේ නිතේස් ආදරෙ හින්දා කෙල්ලගෙන් මරව මරව වැඩ ගන්න.....කියන්න පව් තමයි...ඒ උනාට....ඔව්වලට බඩේ ඉන්න ලමයිට පවා වස් වදිවි .....

මම බලාගන අප්පච්චිගෙ කාර්ඩ් එක ඌ ශෙනෝන් අතට දීලා දුක කියවනවා...වලව්වෙන් බලුබල්ලෙක් නාවකොට අපි විතරක් උන්ගෙ හයියට ඉතිරි උනා....ශෙනෝන් ඩියෝන්ව එක්කන් කෝප් සිටියට යන්න යනකොට මගෙ විතේන් මා ගාව හිටන් උන්නා....

ශෙනෝන්....

මම යන්න යන ශෙනෝන්ව නැවැත්තුවා ....

කියපන්...

පුලුවන් ..නම්....පෙති...පාන්...එකක්....අරන්...වරෙන්.....සුදු පිටිපෙට්ටියක් එක්ක....

මගෙ පපුව හත් අට පලකට කැඩිලා ගියා.....ඒකි පෙති පාන් වලට ආස උනා....එදා කාපු බීපුවල ගුන කියනකොට සීයා තාත්තගෙම ඇස් දෙක තිබුන ඒකිගෙ ඇස් දිලිහෙන හැටි මං බලන් උන්නා...මට ඒක අද වගේම මතකයි...

දහම් හාමු කෙලීගෙ කොලටික...උපත විපත ....කොහොමැයි දැන්නෙ....ප්‍රෙස් එකට දෙන්ට එපැයි....

අපි හතර දෙනාම බලන් ඉද්දි අප්පච්චි මා දිහා බැලුවා ....

කොලේට නම දීපන්..මොල්ලිගොඩ ආරච්චිලාගෙ රන්මලි මොල්ලිගොඩ ...

හ්හ්..හ්හා...මු.....

ඇයි...තොට සිංහල බැරිද ..ඒකිගෙ අප්පා තමා අර වලව්වෙ ඉන්නෙ...දුප්පත් වෙලා ඉපදුනාට ඒක වරදක් නෙවෙ...හැබැයි උඹ දුප්පත් වෙලාම මැරුනොත් ඒක වරදක් ...අවජාතක පට්ටම අරන් ඉපදුන එක උන්ට වරදක් නෙවෙ...හැබැයි...ඒ පට්ටම පිටිම්ම මැරුනොත් ...ඒක කෙලීගෙ වරදක් ...ගිහින් දීපන් ඔය නම..

මං එන්න හැරුනා ...අප්පච්චි ඒකිට සීයා තාත්තගෙ නම දුන්නා ...

තේශී...

උඹ ඉදින් මැනිකෙ..මං ඉන්නෙ හොදින් නෙවෙ එතනදි උඹට මොකක් හරි කිව්වොත් මට බයයි මගෙ අතින් එකෙක් මැරුම් කයි කියලා ....

මම මගෙ පස්සෙන් එන්න ආව විතේන්ව නැවැත්තුවා....මට තව දුරටත් හිතක් පපුවක් නෑ වගේ දැනෙනකොට මම මාරයවත් අතේ ගුලි කරන් මහ රෑ උනත් ගොරකා කැලේ මැදින් වලව්වට තනිපංගලමෙම ගෑටුවා.....ලිද පහු වෙලා පරන කුසියෙ බංකුව ගාවදි මගෙ බඩ පපුව ඇවිලිලා ගියා....

මම බංකුව ගාවට ගියා.....

ආය ඉතින්...මං කවදා උඹ එක්ක මෙතනට වෙලා කහට එකක් බොන්නද.....උන් උඹව මරා ගත්තා .....බැරි බව දැන දැන උණ් උඹව වැවට යැව්වා...මේවට වස් ඉල්ලපන් මගෙ මැනිකේ....මේවල උන් හැදි ගෑවෙන්නම වස් ඉල්ලපන් රන්මලි.....

මම මිමිනුවා....වලව්වෙ උන් හැදි ගාවපන් කියලා .....මං සාප කෙරුවා ....අහිතක් නැතිවම.....අහස සැරින් සැරේම ගෙරෙව්වා ....වප් මහෙ මලවුන්ට සුසානෙන් නැකිටින්න කදු බුරුල් වෙන්න වහින වැස්සම ඉල් මහටත් වහිනකොට සැරින් සැරේම ගොරවන අහසත් කෙලීගෙ ගතු කියනකොට මම මඩ ගසන්නෙ නැතුවම වල්ව්වෙ ඉස්සරහින්ම එනකොට මං බලාගන පොඩ්ඩි පහන් පැල ගාව අත් දෙක එකතුකරන් බුදුහාමුදුරුවන්ට ගැබ රකින්ඩ කියනවා...

උඹ බඩෙ එකාව රකින්න නැහුනට.....අරකිව වැවට යවනකොට ඒකිගෙ අම්මත් ඒකි රකින්න නහිනවා කියල හිතන්ඩ නැතුව ඇති නේ....

සුදු මහත්තයා

ඇයි....මේකි ඔය අත් අල්ලන් වදින්නෙ වදන්න ඉන්න එකාව රකින්න කියලා වෙන්න ඇති...තොපි පර හැත්ත....වලව්වෙ ලේ විතරයි ලේ.....අනිත් උන්ට හෙන ගැහුවත් කම් නෑ....

සීවරන් දෙයියෝ...සුදුමහත්තයා ...පැන් ඉහපු මල් ටික..දෙයියනේ වස් වදීවි....

අරකි වචනයක් නොකියා වැදගන ඉන්නකොට මම උන් අහන් ඉන්නකොටම ඒකිට දෙස් තිබ්බා වගේම පැන් ඉහලා තිබ්බ මල් උරේ අල්ලා මිදුලට විසික් කෙරුවා...ඇතුලෙ තිබුන වතුසුද්ද අරලියා මල් සීසීකඩ යනකොට මහ මැනිකෙ විස්සෝප වෙන්න ගත්තා .....

වස් වදීවි...උඹලට ආයම අමුතුවෙන් වස් වදින්න තියනවද...අරකි ගැබ්බරි ගැබ්බරි කිව්වට කරලා තියන තුප්පහි වැඩෙන් වෙන්නෙ බඩේ එකාටත් වස් වදින එක...

දෙයියනෙ සුදු අයියෙ...

තෝ කටවහපිය පරට්ටි....බඩ දරු හන්දා ඉවසනවා මිසක්කා නැතිනම් මං තෝව අච්චු කරනවා නිකිනි ඒක හොදට මතක තියා ගන්...තොට වලව්වෙම මල් මදි වෙලාද අරිකිගෙ අතෙ පනිවිඩ යැව්වෙ වැවට ගිහින් මල් කඩන්ඩ කියලා ....ආ බොල....උත්තර බැදපිය මෙව්වට....

සුදු මහත්තයා ....ඒකි ...ඒකිගෙ ඔරුව පෙරලුවෙ මේකි නෙවෙනෙ....

එතකොට අත්තම්ම කියන්නෙ මේකි බඩ උනෙත් ඒකි අතෙන් කියලද ..කෝ අර වාහෙලා දෙන්නා...ඔය හම්බෙන්න ඉන්න එකාට අප්පලා දෙන්නෙක් ඇතිනෙ...අඹුවට පන්සල් යන්ඩ මල් කඩන්න ඕනා උන් මිසක් අර අහිංසකීද??ආ මැනිකෙ...උත්තර බැදපන් මෙව්වට...

මං ආවෙ මඩ හෝදන්ඩ උනත් අවසානෙදි උනෙ වලව් මිදුලෙ ඉදන් නඩු විසදපු එක වෙනකොට නිලමෙලා දෙන්නම යන්න ගිහින් තිබුනෙ නගා පොඩ්ඩව මෙහෙ තියලා උනා...ගහපු පාරට ඒකිගෙ කම්මුල ඉදිමිලා තොල පුපුරලා තිබුනා....

සුදුමහත්තයා ...සුදු මහත්තයා ...නැවතියන් ..උඹ ඒකිව මරන්න හදන්නෙ....අපිට වග උත්තර බදින්න වේවි.....

මම අතක් ඉස්සුවම උඹලා බයයි ඒ වලව්වට වග උත්තර බදින්න වෙයි කියලා එතකොට මේකි අර කෙල්ලව මල් කඩන්න කියලා බල කරලා වැවට ඇරලා ඒකි මැරිලා ගියහම ඒ අම්මට වග උත්තර බදින්න මේ වලව්වෙ උන්ට බයක් හැකක් නෑ...එහෙමනෙ.....මහ මැනිකේ...උත්තර බැදපන් මේවට.....අරකිව මගෙ කරේ ගහන්න හැදුවට ගැහුවෙ නැති එක ගැන සතුටු වෙයල්ලා...නැතිනම් ඕකි මගෙ අතින් මැරෙන්නෙ ගුටිකාලා...ලිපක් අවුලගන්න දන්නෙ නෑ....වතුර මුට්ටියක් රත් කරගන්න දන්නෙ නෑ...මේකිලා නමට මැනිකෙලා...බැන්දම රෙද්ද උස්සලා කකුල පලල් කරලා පහුවදාට තොපිට රෙද්ද පෙන්නුවම ඇති...එහෙමනෙ....තොපිට වස් වදිනවා අද හෙටම.....

කටින් පිට උන වචන අමු තිත්ත කුනු හර්ප වෙනකොට මම අත්තම්මව තල්ලු කරන් ගෙට ගියා වගේම නාද්‍යා මට බයේ අහක බලන් උන්නා.....අහක බලන් උන්නා නෙවේ ඇඩුවා....

අඩන්න ..අඩන්න නෙවෙ ඕකි මැරෙන්න ඕනේ...පරට්ටියන්ට .....හෙන ගහන්න.....

මම සාප ඉල්ලුවා...මෙච්චර කාලෙකට මොන දුක් කන්ද ඉහිලුවත් කාටත් සාප නොකරපු මම වලව්වටම හෙන් ඉල්ලන ගමන් පාලුවට ගියපු වහලා දාපු සුදූගෙ කාමරේ පහුකරන් නානකාමරේට ගියා ...

සුදු අක්කෙ.....උඹ ගිය තැනටම ඒකිත් එනවා සුදු අක්කෙ....උඹලා දෙන්නම ඉන්න තැනක ඉදන් මුන්ට වස් වද්දපන් අක්කෙ...

මම වතුර මල යට ඉදන් ගලන කදුලු වලට ඔහේ ගලන්න ඉඩ දීලා අවසානෙදි ටවල් එක ඉන්ට පටලවන් නානකාමරෙන් එලියට ආවා වගේම වහලා දාල තිබුන සුදු අක්කගෙ කාමරේ ගාවදි නිකමට නැවතුනා.....

අපි ගාව සැන් පවුඩර් නෑ බේබි හාමු

මට ඒ වචනයක් ගානේම කන් දෙක පුරාවටම ඇහෙනකොට මම සුදු අක්කගෙ වහලා දාපු කාමරෙ ඇරියා...

සරා....ස්....

පලු දෙකේ කැටයම් කපපු දොර පලු දෙක සරාස් ගාලා ඇරෙන කොට මාස ගානක් වැහුන කාමරේ උඩ වියන් බැදපු ඇදේ ඒකි නිදියපු කොට්ටෙ තනියම ඉකිගහනවා වගේ ඇහුනා.....

ඒකිගෙ දුක අහපු කොට්ටෙ...ඒකිගෙ කදුලු බීපු කොට්ටෙ....

සුදු අක්කෙ....ඒකිට ස්නෙට් පව්ඩර් නෑලු.....උඹ මැනිකෙක්...උඹට පුලුවන්ද අවසානම මොහොතේ ඒකි වෙනුවෙන් අගස්ති මාලයක් දෙන්න...ඒකි වෙනුවෙන් හවඩියක් දෙන්න...

මම කලුවර ලීයෙන් හදපු අල්මාරිය ඇරියා.....කට මට්ටමට තිබුනෙ අතින් වියපු ඔසරි වෙනකොට මම සුදු අක්කගෙ ඉනට දැපු හවඩියක් එක්ක අගස්ති මාලයක් අරගත්තා ....

ඒත් මැරුනෙ අයිතියක් නොදුන්නත් මැනිකේ කෙනෙක් වෙනකොට මම බයක් හැකක් නැතුවම සුදූගෙ බර දරපු බාල්කෙ දිහා බැලුවා....

උන්ට මේවට ගෙවන්නම වෙයි සුදූ...

මගෙ පපුවෙ ඇවිලෙන ගින්දරත් එක්ක පපුවටත් බර හුස්මක් මගෙන් පිටවෙනකොට මම ආයම එන්න හැරුනා වගෙම කාමරේ එක බිත්තියක තිබුන මැනිකෙලාගෙ ඵොටෝ දෙක දැක්කා....

හිතේ තිබුන තරහව දුක වෛරෙ කොයිතරම්ද කියනවා නම් මම ඒ ඵොටෝ දෙකම ගලවල කුඩු කරලා දැම්මා.....කුඩුකරල දාලා දොරවහලා මගෙ කාමරේට ගියා....

ටවල් එක පිටින්ම මම යටට කලිසම ඇදන් ටවල් එක ගලවලා ඇදට දැම්මා විතරයි මගෙකාමරෙ දොරඇරුනා...මං හිතුවෙ මගෙ විතේන් කියල උනත් එයාව මේ වෙලේ තනිපන්ංගලමේ කොහොමත් අප්පච්චි එවන්නෙ නැති හින්දා මම හැරිලා බැලුවා වගේම පිටිපස්සෙන් උන්නෙ පොඩී වෙනකොට මම ආයම ටවල් එක ඔතා ගත්තා ...

උඹලට පිරිමින්ගෙ කාමර වලට එබෙනකොට තට්ටු කරලා යන්න කියලා මහ එකීලා උගන්නල නැද්ද පොඩී....??අනික උඹගෙ වාහෙද මම ?හිතුන හිතුන වෙලේ මේකට රිංගන්නෙ....

සුදූ....

සුදු... සුදූ නෙවෙ බොල...සුදු අයියෙ කියාපිය...තෝ දැන් බැදපු එකියක්..නම්බු තියාපිය කතා කරනකොට .....තොට ඒත් අමාරුනම් කතාකරපිය දිසානායක හාමු කියලා ...

මම යටට ශෝටක් ගහන් අරුන් තුන්දෙනාටත් මගෙම කලිසන් තුනක් ඇද උඩට දාලා අත් දෙක පිටිපස්සට බැදගන මගෙ උගුර පෑදුවා.....වැවුන උඩ රැවුල මගෙ මැනිකෙ කපන්න තහනම් කරනකොට බැදපු කොන්ඩෙත් එක්ක මම හාමුකෙනෙක්ම වෙනකොට පුරුද්දට වගේ අප්පච්චි හා සමානවම තවම කරකවන්න බැරි උනත් මම උඩුරැවුල පොඩ්ඩක් උඩට කැරකෙව්වා.....

කියාපිය බලන්ඩ කාමරේට රිංගපු කාරනාව..

මම කෙලිම්ම ඒකිට පිටිපස්ස හැරෙව්වා....ගැබ්බරී උන ඒකි ඉල්මහ පෝය හන්දම අමාරුවෙන් අඩි ගහනකොට කන්දඋඩරට මොල්ලිගොඩ වලව්වට හෙන වැදියන් කියලා හිතින් වස් ඉල්ලනකොට මං බලාගන ඈත ආකාහෙ හෙනයක් පිපිරුවා ගැබ්බරි ගැස්සිලා හිච්චව අත් දෙකෙම්ම අල්ල ගත්තා ...

වදන්ඩ කලින් උඹ ඔච්චර

ප්‍රවේසන් නන්....වැදුවට පස්සෙ ඊට වඩා ප්‍රවේසන් කරගන්ඩ වෙයි.....උඹට ඕකව රකින්ඩ පුලුවන් උනාට උඹට බැරි උනා තවත් එකෙක්ගෙ දරුවෙක් රකින්ඩ .....තොපි දෙන්නම කෙරුවෙ පලි ගත්තු එක ..

මගෙ ඇස් දෙක තත්පර ගානෙන් රතු උනා...ගැබ්බරී කියලා වත් නොබලම මං ඒකිගෙ කොන්ඩ ගෙඩියෙන් අල්ලන් මගෙ ගාවට ඇදලා ගන්නකොට ඒකි බයවෙලා හුස්ම අල්ලන වේගෙට කිරෙන් බර උන ඇගට බර දෙතනම හැට්ට කරෙන් පනින්න දැගලුවා ...

ඇයි...උඹහිතුවෙ මං හීන් බබා කියලද??කර හාරවපු හැට්ටා ඇදන් මෙහෙ රිංගන්නෙ....?

ඒකි නොහිතපු දෙයක් මගෙ කටින් පිට වෙනකොට ඒකි කලබල උනාවගේම මං ඒකිව තවත් මගෙ ගාවට ඇදලා ගත්තා ...

ඒකි වැව් පතුලට බහිනකොට හුස්ම ගන්ඩ බැරිව කෑගහන්ඩ ඇති.....එකිගෙ ඇස්වලින් වැටෙන කදුලු වැව් වතුර ගිලගන්ඩ ඇති....

පොඩි අත්වලට ඔරුකද ආන්බාන් කරන්ඩ බැරි බව දැන දැනම උඹයි අරකියි දෙන්නම එකතුවෙලා කෙල්ලව වැවට ගොම්මනේම යැව්වෙ හිතේ තිබුන කුහක කමට කියන්ඩ මං නොදන්නවා නෙවෙයි බොලව් ..

බලන් හිටපියව්....තොපිට වස් වදින්ඩ මහ කාලයක් යන්නෑ...තෝ මේ අවේලාවෙ මගෙ කාමරේට රිංගුවෙ ලියුන් කඩදහියෙ ලියලා කපපු වචන ටික ඇත්ත කරගන්ඩ වෙන්ඩැති.....

ස්..ස්..සුදු...අයි...

ඇයි....තෝ අර ලියලා වහලා තිබ්බෙ...දවසකට හරි තොගෙ වාහෙ කරගන්ඩ හීන දැක්කා කියලා ....දන්නවද එදා මට තෝ ගැන දුකක් හිතුනා....ඒත්....අම්මන්ඩිලගෙම පඩත්තර ගතිමයි ගිහින් තියෙන්නෙ කියන එක දැනුනම මට තෝව චී කියලා හිතුනා ...

නි...තේ...

තොට කාගෙ හයියක්ද බොල මගෙ නම මුන ඉස්සරහටම කියන්ඩ ....බිම බලාපිය බවලත්තු ඉන්ඩ ඕනෙ අපිට ඕන විදිහට මතක තියා ගන් ඒක .... ..තෝ මගෙ හැටි තාම දන්නෙ නෑ...

මං කෑ නොගහා කෑ ගහනකොට ඒකි බයටම බිම බැලුවා ...මටවත් නොතේරෙන මගෙ චරිතෙ සම්පූරනම හාමු කෙනෙක් වෙලා තියනකොට ඒකිට කර කියා ගන්ඩ දෙයක් නැතුව කට වහනකොට මං ඒකිව අතෑරියා ....

වැරදිලාවත් ...ඔය වදන්ඩ ඉන්න හිච්චව ඇලක් දොලක ගගක වැවක යවනවා නෙවෙ....ඕකගෙ අප්පා මහ එකා නම්....ඔය වදන එකා තුන්කුලුදුලෙක්...බිත්තරයක් එහෙම මතුරලා තියන් ඉදින්....මොකද ඒකිගෙ පනකෙන්ද ගත්තට...තොපිට වස්,වදීවි.....තොපි දන්නවනෙ තුන්කුලුදුලන්ට මොකද වෙන්නෙ කියලා ..නේහ්.....

මං ඒකිගෙ මූනට එබිලා මිමිනුවා ....ඒකිගෙ බඩෙ ඉන්නඑකා මහ හාමුවගෙ නම්....ඒකත් කුලුදුල්....මේකිත් කුලුදුල් වදන එකත් කුලුදුල් වෙනකොට මං ඒකිව බය කෙරුවා .....

ඒකි බයෙන් බයෙන් පස්සෙන් පස්සට යනකොට කම්බායෙන් වැහුන බඩ ගෙඩිය අත් දෙකෙම්ම ඒකි.අල්ල ගත්තා උනත් මං ආයම ඒකි ඉස්සරහට ගිහින් හිට ගන්නකොට ඒකි දාඩියෙන් පෙගිලා ගියා ...

තොපිලගෙ අම්මන්ඩි....බලෙන් බඩ හෑල්ලු කරවපු මැනිකෙගෙත් වස් උඹට වදීවි.....

ස්..සු...දු...අයියෙ ..

ඇයි...උඹලා ඔහොම නෙවෙ...කොහොම කෑ ගැහුවත්...වදින්ට තියන වස්....සක්කරයගෙ පුතා වයිමටවත් නවත්තන්ඩ බෑ බොලව්.....ඒකි මැරුනෙත් බදාදාවක....තොපි දෙන්න මේකිව මරාගත්තෙත් බදාදාවක.....බදාදාව බර දවසක්.....තොපිම දන්නවා....වලව්වෙ පැත්තක් දේව පාදෙකට අහු වෙනව කියලා .....දන්න යන්ත්‍ර මන්ත්‍ර ඔක්කොම දාන් ඉදපියව් .....

සී..සීවරන් ...දෙ...යිය..නේ....අත්...අම්...මා.....අනේහ්...

උඹ...මොකාට අඩගැහුවත්.....ඒකිගෙ කිල්ලට අහුවෙලා ඉවරයි නිකිනි....වැදුම් ගෙට යනකොට ප්‍රවේසමෙන්....මේ හාමු මොනවද කිව්වෙ කියන එක අමතක නොකර ඉදින්....

මං බයෙන් වෙව්ලන ඒකිගෙ කම්මුල් වලට තට්ටුවක් දාලා අරුන් තුන්දෙනාගෙ ඇදුන් තුනත් අරන් කාමරෙන් එලියට එනකොට බය උන නිකිනි ඉතිපිසෝ ගාතාව කියනවා මට ලාවට ඇහෙනකොට හිනාවක් ගියා ....

නිතේස්....නිතේස්....ම්හුක්...කොහෙද නිතේස් ගියෙ....ම්හුක්..මේක ඇදන් ඇවිදින්න බෑනෙ ඒයි...පෙනවනෙ .....යට සායක් වත් නැද්ද ඒයි මේ සරමට යටින් අදින්න ..අපෙ සෙනෝන්ට තරහ යනවනෙ මේ ළමයා සරම උස්සනකොට ...

මං එනකොට ගඩපි පැටියා සරම අත් දෙකෙම්ම උස්සන් මගෙ ගාවට එනකොට ඇදන් ඇවිදගන්න පුරුදු නැති විතේන් ඩෙනිමෙ බෙල්ට් එක ඉනට ඔත ඔත උන්නා...

මේ ඇදුන් ගෙනාවා

මං ඒ තුන්දෙනාටම ඇදුම් දීලා මැනිකගෙ ගේ කෑල්ලට රිංගුවා ....ගෙයි සන්තකේටම තිබුනෙ වලව්වෙ විසි කරලු පුටු කබලක් දෙකක් වෙනකොට මැනිකා තවමත් අවසිහියෙන් හූල්ලන ගමන් උන්නා...

අයියො....එකී ..නැතුව...අපි...කොහොමද ඉන්නෙ ....

මගෙ ගාවට ඇවිත් කවදාවත් නැතුව මූනත් ඉඹලා වැවට දිව්වෙ...ආය එන්නෙ නැති හින්දමද මගෙ මැනිකේ...මේවා දෙයියො...බුදුන්ම බලාගන්ඩ ඔනා...අයියො ....අයි...යෝහ්....

මං අහන් උන්නා...මොකද මට අහන් ඉන්නවා ඇර කරන්ඩ දෙයක් නැති හින්දා ...පුලුවන් උනා නම් නොමලගේකින් ගේන්ඩ අබ මිටක්...සත්තයි සක්වල ගලින් එහා ගිහින් හරි මං අබමිටක් ගෙනත් බුදු හාමුදුරුවො අතට දීලා ඒකිගෙ හුස්ම ගන්නවා ....

මැනික අඩලා අඩලම උගුර බැරැන්ඩි වෙලා..ඒකි පටාචාරට අන්තයි...කිසාගෝතමීට අන්තයි ...මං මොකුත් නොකියම ගිහින් කෙල්ලගෙ ට්‍රන්කා පෙට්ටිය ඇරියා ....මගෙ පපුව නෑ වගෙ ...ඒකි ගවුමට කපුරු ඔබලා...මං මටම සාපකරගත්තා ....ඇයි මං ඒකිට සුදුම ගෙනාවෙ කියලා ...

තේශී...

මන් උන්නෙ කෙල්ලගෙ ගවුම ඉවකරන ගමන් ...ඒකිගෙ කොන්ඩ ගහක් ගවුමෙ පබලුවක ඇමිනිලා තිබුනා...

මැනිකෙ මේක දීපන් මිනී සාප්පුවට ඒකිට අන්දන්ඩ කියලා .....මගෙම කරුමෙට මං ඒකිට සුදු ගත්තා ...ඇයි විතේන් මං එහෙම කෙරුවෙ...මේ පපුව පැලෙන්ඩ වගෙ මැනිකෙ....මං ඒකිට කොච්චර ආදරේද ....

අනෙ සුදු අප්පො.....නාඩා ඉදින්න්කො....උඹත් ඇඩුවම අපි කොහොමද කෙලින් ඉන්නෙ...

මන් සුදූගෙන් ගෙනාව අගස්ති මාලෙයි හවඩියයි සෙන්ට් බෝතලෙයි ගවුමයි අතට දුන්නා..

මාලෙ විතරක් දාන්න කියන්න...හවඩිය පැත්තකින් තියන්න කියන්න...

සුදු මහත්තයා ...අපි ඒකිට ඔසරියක් අන්දවමු...නොකිව්වට....ඒකිත් මැනිකෙ කෙනෙක් තේශී....ගවුමත් අපි පැත්තකින් තියමු....

එයා මගෙ හිත හදනවා....මන් ඒ හැම එකටම ඔලුව වනලා කපුරු සුවද වහගත්තු ට්‍රන්කා පෙට්ටිය වහලා දාන්න හැරුනා ඒ උනත් ඇදුම්.ගොඩේ තිබුන නිල්පාට පරන උන එක්සයිස් පොත දැකපු මං ඒ පොත අරන් එතනම තිබුන ලාම්පුව ගාවට කිට්ටු උනා..

අද සුදු මැනිකෙ යන්ඩ ගියා...අනෙ බුදු හාන්දුරුවනෙ...සුදු මැනිකෙ අක්කා මට අම්මෙක් වගෙ... කාටත් හොරාවට බත් ගුලියක් කවන ඒ උත්තමාවිව දිවිය ලෝකෙටම ගන්ට ඕනෙ....

මට දුකයි..... වලව්වෙ කාමරේ අස්සෙ ඉදන් මට අකුරු කරපු සුදු මැනිකෙ අක්කා කිව්වා මාත් මැනිකෙක් කියලා ...

ඒත් ඉතින්...අපෙ අප්පා උන ඔය වලව්වෙ හාන්දුරුවො මා දිහා බලන්නෙවත් නෑ නොවෑ...මාත් ආසයිනෙ උන්දැගෙ අතින් අල්ලන් අප්පච්චි කියන්ට ..

අනේ ඉතින් ඉදුල් කන අපිට මොන අප්පච්චිලද ...

සුදු මැනිකෙ අක්කට තිස්තුන්කෝටියෙම පිහිට ලැබෙන්ට ඕනා මට අකුරක් හරි කියලා දෙනවට...

පපුවට වේදනයි හාමුදුරුවනෙ . .

අනෙ ඒකි කුරුමිනි අඩු වගෙ අකුරු වලින් ලියලා ...

මන් කදුලු පුරවන් තවත් පිටක් පෙරලුවා ..

අපෙ හාන්දුරුවනෙ.....වලව්වෙ හාන්දුරුවො ඉන්නෙත් ඔබවහන්සෙට ඉහලින්ද...බුද්ධ පූජාව නම් ඉදුල් කරන්ට අකැපයි....බඩගින්න උහුලන්ටම බැරි තැන කෑම මේසෙන් ඉදි අප්පයක් කටේ ඔබා ගත්තා කියලා ලොකු මැනිකෙ මට ඉගුරු කෝටුවක් කැඩෙනක්කම්ම තඩි බෑවා...

ඇග පතම වේදනයි ....මැනිකෙ මා එක්කළ වෛරයි හාන්දුරුවනෙ...අපි අවජාතකයිලුනෙ....ඒ උනාට කාරි නෑ...දහම් හාමු මට මොකක්දෝ බෙහෙත් ජාතියක් ගාලා ලොකු මැනිකෙට හොදටෝම දෙස් තිබ්බා ...

හැන්දෑ දොහේක මට නුවර හෝටලේකින් ඉදිආප්ප මුලකුත් ගෙනත් දුන්නා...

උදේ ගුටි කෑවත් කමක් නෑ හාන්දුරුවනෙ හවහා මන් බඩ පිරෙන්න ඉදි ආප්ප කැවා....අනෙ දහම් හාමුගෙ රත්තරන් අත්වලට තුරුනුවන්ගෙම සරනයි...

මගෙ පපුව හිර උනා ඒකිගෙ මේ වචනවලට .....මට ඒකිගෙ පොඩි දවස් වල තිබුන චූටි අහිංසක මූන මැවි මැවි පේනකොට මන් කදුලු අස්සෙන් අහුවෙන තවත් පිටක් පෙරලුවා...

බේබි හාමු ගෙදර ආවා ...

ඒ මූන කලු වෙලා...වලව්වම එකතුවෙලා බේබි හාමුට දෙස් තිබ්බා...මන් බලාගන හාමු වරූවක් තිස්සෙ ඔලුව බදාගන තනියම අඩනවා ...

බේබි හාමු කෙල්ලෙක්ට ආදරේ කරනවලු...

වලව්වෙ උදවියට ආදරෙ කරන්ඩ අකැපද හාන්දුරුවනේ...ඒ කෙල්ල මැනිකෙක් නෙවේලු...

පව්...බේබි හාමු මැරේවි කියලා මටත් බයයි ....

අනෙ දලදා හාමුදුරුවනෙ .....හුස්ම ටික යනකොට වේදනයිලු...බේබි හාමුට එපා එහෙම කරන්ට....අපෙන්දුක දකින්නෙ ඒ උත්තමයා විතරයි නෙවෙ.....

මට කියවන්නත් ඕනා....කියවන් නැතිවත් බැහැ.....මන් පිලිවලකට නැතිව අහු මුලුවලින් පොත බැලුවා ඇස්වල කදුලු පුරවගන....

බේබි හාමු ඉන්නෙම මග මැරිලා....අනෙ එහෙම කරන්ට එපා හාන්දුරුවනෙ...වෙනදට අපි වෙනුවෙන් හිනාවක් දෙන ඒ උත්තමයට මතු බුදුවෙන සමන්දෙයිහාන්දුරුවන්ගෙම පිහිටයි.....

අදත් මන් ඇදගත්තු ඉස්කෝලේ ඇදුම ගලවලා දාලා ඉදුල් හෝදන්ඩ ගියා ..අපිට පොත පත අකැපලු සාදු...

කාලෙකට පස්සෙ බේබි හාමුගෙ මූන පාට වැටිලා...

අනේ වාසනාවන්...

මෙච්චර කල් අඩපු හූල්ලපු හාමු හිනා වෙනවා ....

කව්ද මන්දා තවත් හාමු කෙනෙක් ඇවිදින්..

සීදේවි මහත්තයා .....මන් වතුර කලේ අරන් බැරි බැරි ගාතෙ එනකොට ඒ හාමු ඇවිත් මගෙ අතෙන් කලෙ ගත්තා ...හැබැයි නුහුරට ...

යන්න යනකොට ඒ හාමු මගෙ අතට මොනරෙක් දීලා ගියා කාටත් කියන්ඩ එපා කිව්වා .....

අනෙ සාදු ඒ මොනරගෙන් අත්තම්මගෙ පපුවෙ අමාරුවට අපි බෙහෙත් ගෙනාවා...හුස්ම ඇද,ඇද උන්න උන්දට හොද උනා....

සිරියාවන්ත හාමුට පින් සිද්ද වෙන්ට ඕනා....සංසාරෙ කිසිම තැනක ලෙඩක් දුකක් එන්න එපා.....

අනෙ ඒකී මගෙ විතේන්ට පින් දීලා දෙයියනෙ ....

අද නිකිනි මැනිකෙගෙ මගුල....අපිට කොයින්ද මගුල් ගෙවල් වලින් බත් පිඩක්....ඒකට කාරි නෑ....බත්.පිඩට වඩා මට තව තෑග්ගක් හම්බුනා ...

බේබි හාමුගෙ යාලු මහත්තයෙක් මට දවසකට බලා ගන්න කික්කියක් දුන්නා...අනේ ඒ මහත්තයා හරි කරුනාවයි...මට නංගි බබා කිව්වා හාන්දුරුවනෙ...

නිතේශ් හාමුට පින් අයිති වෙන්න අපි අද පෙතිපාන් කෑවා....අත්තම්මා සුදු පිටි හැන්දක් බිව්වා...අම්මා අර බෝතල් කරපු චොකලට් හැන්දක් කාලා ඇඩුවා....අනේ....ඒ උත්තමයට සීවලි හාන්දුරුවන්ගෙ පිහිටෙන් බඩගින්නක් නම් දැනෙන්න එපා.....

අපෙ හාන්දුරුවනෙ මාත් නත්තල් බැලුවට කාරි නෑ නේද....බේබි හාමුලා මාව කොළඹ රටට එක්ක යන්න හරි වටින ගව්මක් ගෙනල්ලා දීලා....

ගැට දෙක වන වන දුවන්න එපා කිව්වට...මන් දන්නවා හාන්දුරුවනෙ...බේබි හාමු පින් කදක් කියලා...අනේ ඒ උත්තමයට වලව්වෙ මැනිකෙලගෙන් හරියට කරදර....

අපෙ හාමුව දෙයියො බුදුන්ම රකින්න ඕනා හාමුදුරුවනෙ....

මට තව නම් අකුරක් වත් කියන්න පුලුවන් උන් නෑ....පපුව හිරකරන අකුරු එක්ක මට කියවන්න හයියක් නැති වෙනකොට මම පැන්සල් කොටයක් අතට ගත්තා .....

උඹ අපි හැමෝටම බුදු සරන ඉල්ලුවට උඹට එ සරන ඉල්ලන්න අමතක වෙලා....

ඉන්න තැනකක පරිස්සමින් ඉදපන් මැනිකේ.....

.

.

🥺ආයම එන්නම්...

මම ferdeesha ..

More Chapters