ඕඩි හෙලෙයි
ඕඩි හෙලෙයි හෙලෙයියා.....
ඕඩි හෙලෙයි
ඕඩි හෙලෙයි හෙලෙයියා
මගෙ ඔරු කදත් දිරාලා
කොල්ලෑවෙ ලණු කැඩීලා
නමුත් මුහුදු යායුතු රැක ගන්න ජීවිතේ
මගෙ බිරිද නිදි මරා සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නෙ හදපුරවාගෙන පැතුම්!!

20×× වෙසක්
අතට ගත්තු පෑන මං ආපිට පොත් මේසෙ උඩට දැම්මා...මෙච්චර කල් ලියාගන ආව ඩයරියෙ අද මේ පිටුව ගාව මාව හිරවෙලා....
මෙච්චර කල් ලියපු මට අද වචන නැතිව මාව හිස්වෙලා....බන්ඩාරවෙල.....
මීදුමෙන් සීතලෙන් පිරුන බණ්ඩාරවෙල ,
සුන්දරතම බණ්ඩාරවෙල ඩේලියා මල් ඉර එලියටත් හොරාවට පිපෙන හැටි ආය නම් කවදා කියලා දකින්නද.....
එක පැත්තකින් හිස් වෙච්ච පොත් මේසෙ.....තව පැත්තකින් හිස් වෙච්ච ඩයරිය....අනිත් පැත්තෙන් බාගෙට ඉවර උන ඇට්ලස් චූටි නිල්පෑන....මේ ඔක්කොමත් එක්ක උපන්තේකට හැබැහින් නොදැකපු නිල් මහසයුර ගැන කියවෙන සින්දුව....
ඒ ඔක්කොම එක්ක ඔලුවට වද දෙන අප්පච්චි ගෙ දඩුවම් මාරුව.....මන්දන්නෙ නෑ අම්මා කියන විදිහට අප්පච්චිට දඩුවම් මාරුවක් දීලා බේරුනා ඇතිලු ...මොකක්ද ඒකෙ ඇතිය....අකුරට වැඩකරන මනුස්සයෙක් විදිහට අප්පච්චි ගෙ පැත්තෙන් අප්පච්චි සර්වසාධාරනයි...ඒත් ඉතින් නීතිය උනත් සමහරක් වෙලාවට ඇමති කකුල් සූප්පු කරනකොට අප්පච්චි ලා වගේ අවංක නිලධාරීන් ට කොහොමත් උපන් ගම්බිම් දාලා යන්න වෙන්නෙ නිකන් නෙවෙ කියන්නෙත් කට කහනවට නෙවෙ...
මට යන්න බෑ වගේ....දහ අවුරුදු උන්න මේ ගෙදර දාලා යන්නෙ කොහොමද .....අට අවුරුදු හුස්ම ගත්ත කන්ද උඩරටට යන්නම් කියලා බන්ඩාරවෙලට ආවෙත් අප්පච්චි හන්දා.....දැන් ආපිට මේ ඔක්කොම දාලා ලංකා සිතියමෙ පහලටම යන්න වෙන්නෙත් අප්පච්චි හන්දා...දකුනට....සුලුපටු දුරක්ද....???දික්වැල්ලෙ ඕ අයි සී විදිහට අප්පච්චි ආපහු වැඩට යයි....ඒත් අනේ මන්දා මට කිසි හොදක් දැනෙන්නෙ නෑ...
අප්පච්චි එක්කො උන්ට ඕන මගුලක් කරගන්න දීලා අප්පච්චි අට පහ කරලා හරි ගෙදර එන්න කියල කට කොකියෑවා උනත් මේ මොහොතෙ මේ තත්පරෙ කතා කරන මේ " මම"කියන මනුස්සයා කියන්නෙ වචනයෙපරිසමාප්තියෙන්ම අහිංසක මනුස්ස ප්‍රානියෙක් වෙනකොට අදටත් මං අප්පච්චි ගෙ මූන දිහා කෙලින් බලන් කතා කරපු කාලයක් මට මතක නෑ....ඒ තරමටම මං අප්පච්චි කියන චරිතෙට බයයි...තනි බයක්ද...නෑ...අනෙ මන්දා...බයට වඩා ඒක බය මුහු උන ගෞරවයක් කිව්වා නම් ඒත් හරි...
අනික අප්පච්චි ගෙ කාකි ඇදුමෙ පවර් එක සීමා උනෙ ස්ටේශන් එකට විතරක් නෙවෙ....ගෙදරටත් තිබුනෙ පොලිස් නීතිය.....අප්පච්චි ගෙ වචනෙන් නම් වචනෙමයි ..ආය සක්කරයගෙ පුතා වයිමා ආවත් වයිමට වෙන්නෙත් එහෙමයි ලොකු මහත්තයා කියලා කරබාගන්න .....
මට නිකන් හුස්ම හිරවෙන්න වගේ.....ගෙදර එකම කාලගෝට්ටිය ...ආයම අලුත් ඉස්කෝලයක් කියන්නෙ...ඒක ඔක්කොටම හපන්....ආය ආයම අලුත් මිනිස්සුන්ට මුහුවෙනවා කියන්නෙ මන්දා...මට කාලෙ ඇති වෙයිද....අප්පච්චි අද වෙනකන් උඹ මෙ රස්සාව කරන්න ඕන පුතා කියලා වචනවලින් කියල නැති උනත් මට උගන්නන්න අතපය දිගෑරලා වියදම් කරන වියදම් කෙරිල්ලත් මට හිසරදයක් .....මූනට නොකියා අප්පච්චි කරන්නෙ මාව වටෙන් හිරකරන එක....ලොකු පුතා උඹ අරක කරපන්...මේක කරපන් කියන්නෙ නෑ...මාව ඒ තැනට අප්පච්චි වට වන්දනා කරලවල හරි පත්කරනවා...
ඒ තුනක් ඉල්ලුවෙ නැති උනත් අප්පච්චිගෙ බැල්ම කියන්නෙ උඹ ඒ තුනක් ගන්න ඕන කියන එක...කටින් කියන වචන වලට වඩා මේ බැල්මවල් පුදුමාකාර දරුනු වෙද්දි මගෙ ජීවිතේම පොතට ඇලුනා...
කොච්චර හිතුවත් ලියාගන්න දෙයක් නැතිම තැන මං ඩයරිය වහනවත් එක්කම ලී බඩු මුට්ටු පටවගත්ත කැන්ටර් ලොරි දෙක තුනක් පිටත් වෙනවත් එක්කම මං බලාගන මං ඉපදිලත් සෑහෙන කාලෙකට පස්සෙ ආව "කානුවෙන් ඇහිදන් ආව එකා" මොනවට හරි අප්පච්චි ගෙන් ගේම ඉල්ලනවා....
ඌට නම් මොකද ඌ ඉන්නෙ අප්පච්චි ගෙ කරෙ ....ඌ තාම එකවසර....බරක් පතලක් නෑ.....උගෙ කට ගාව අප්පච්චි ගෙ පොලිස් නීතිත් වෙලාවකට දුවනවා...මට බෙදන හැන්දට හාත්පසම වෙනස් හැන්දක්....එකක් ඌ තාම පොඩි හන්දා...අනික ඌ දන්න මගුලකුයි නොදන්න මගුලකුයි නැති හන්දා...
මෙච්චර වෙලාම හිස් වෙච්ච මේසෙ ගාව් ඉදන් උන්න මං ඇරලා තිබුන ජනෙලෙ ගාවට ගිහින් දිග අතට ගහල තිබුන ග්‍රීල් කූරුවල එල්ලෙනවත් එක්කම බඩුපටවන මනුස්සයෙක් ඇවිත් මගෙ පාඩම් මේසෙත් ගලවන් යන්න ගියා විතරයි මෙච්චර කල් උන්න මගෙ කාමරෙ හිස්වෙලා ගියා...බිත්තු හතරක් ඇරෙන්න කිසිම දෙයක් ඉතිරි නැතිව හිස් වෙලා ගියා...
හිස් උන කාමරෙ හතරවටම ඇස් කරකවපු මං බඩු පටවන මනුස්සයො දිහා බලන් උන්න අප්පච්චි පස්සෙ දුවන කානුවෙන් ඇහිදන් ආව එකා දිහා බැලුවා.....
අප්පිච්චි සාගරිකට බොන්න ජෝ තිබ්බද අප්පිච්චි ....
හ්ම්.....
එතෝට සුසංගතාට කන්න මෑ ඇට දුන්නද අප්පිච්චි
හ්ම්....ඔය ඔතනින් අහකට වෙයන් ලමයා
දැන් හැප්පෙනවා....
ඇයි අප්පච්චි අපිට සාගරිකව අපි එක්ක අරන් යන්න බැරි....ඔව්....ඇයි ඒ තේජක
කොල්ලන්ටයි බල්ලන්ටයි ඔක්කොටම එකට යන්ඩ බෑ දැන් සැරයක් කිව්වනෙ?බලුමයිල් එකාකාරෙට .....
ඇයි යන්ඩ බැරි....පුලුවන්නෙ...ඔය යන්නෙ අපූරුවට.....ඌට අව්වෙ ගියාම අම්මට වගේ ඔලුව පුපුරන්ඩ එනවනෙ අප්පච්චි ...
චූටි පුතා දැන් සැරයක් කිව්ව නේද යන්ඩ ලෑස්තිවෙන්ඩ කියලා .....අනික ඒකා බල්ලෙක් මිසක් බැල්ලියෙක් නෙවෙ දැන් කී දවසක් කිව්වද ?බල්ලන්ට සාගරිකා කියලා දානවද....?
ඉතින් ඔය දාලා තියෙන්නෙ....
......විහාරා...විහාරා මෙන්න මේකව අන්දනවා මෙතන කියො කියො මායන් වෙනවා ....මගෙ කට කැඩෙන්ඩ එනවා...සමනල් යනවා යනවා ගිහින් අම්මට කියලා අන්දවගන ලෑස්ති වෙනවා...
චූටි පුතා....
.....මන් මායන් උනේ නෑ අම්මියෙ...තේජකයගෙ බොරුනෙ....

(විහත් සමනල් සෝලංගආරච්චි -6)
සාගරිකා සුසංගතා....මං අදටත් කල්පනා කරනවා ගෙදර බල්ලටයි වැහිදාක ඇහිදපු ලිහිනියටයි කිරි අත්තා සාගරිකා-සුසංගතා කියලා දැම්මෙ මොන එහෙකටද කියලා ...අනික ඒකා බල්ලෙක්....හොද ජාතියෙ බල්ලෙක්ට සාගරිකා? ඊටත් උන් දෙන්නම පිරිමි සත්තු.....
ඔලුව චුට්ටක් දෙපැත්තට වනපු මන් තවමත් දිරාපු ඔරුකදත් එක්ක ධීවර ජීවිතෙ ගැන කියපු සින්දුව අහන ගමන් කවදාවත් නොවින්ද කසිංජි සුවදට ඉව කරන ගමන් ඵෝන් එකෙ කැම් එකෙන් මගෙ දිහා බලාගන විස්තර කරන්න අමාරු හැගීමක් එක්ක හිනා උනා ..ඒ එක්කම අප්පච්චි කාමරේට ආවා...ඒ පසෙම්ම අම්මත් ආවා

(සිහත් අමාකර සෝලංගආරච්චි -18)

(විහාරා-තේජක සෝලංගආරච්චි )
ලොකු පුතා,
අප්පච්චි ....
මං අප්පච්චි දිහා බලාගන උන්නා...මං හිතන්නෙ මේ ගෙදර දොර ජනෙල් වැහිලා යන නැකත ඇවිල්ලා.....අප්පච්චි මට කිව්වෙ ලොකු පුතා කියන වචන විතරයි ....ඉන් එහා හැම දේම ලියවිලා තිබුනෙ ඒ ඇස් වල.....අප්පච්චි කියන්න හදන්නෙ එක්කො අලුත් වටපිටාව ගැන....අලුත් ඉස්කෝලේ ගැන....අලුත් මිනිස්සු ගැන.....ජීව්තෙ ජීවිතෙ පලවෙනි පාරටම මූනට මුනගැහෙන මහ සාගරෙ ගැන වෙනකොට අප්පච්චි මගෙ කනෙ තිබුන එක හෑන්ඩ්ෆ්‍රී එකක් ගලවන් අප්පච්ච්ගෙ කනට ගහගන තත්පර ගානක් අහන් ඉදලා ආපහු ගලවලා මගෙ උරහිසට තට්ටුවක් දැම්මා....
......මේ කියනවටත් වඩා ධීවර ජීවිතෙ අමාරුයි සිහත්.....මන් දන්නවා මල්ලිට වඩා මේක ඔයාට අමාරුයි කියලා ....මං කවදාවත් තමුන්ට බත් කටක් වත් බොරු කියලා කවලා නෑනෙ.....ජීවිතෙ කියන්නෙ මේකට...අමාරු කම් එනවා...ප්‍රශ්න එනවා...මට ඉන්නෙ පුතෙක්නෙ...ම්ම්ම් අප්පච්චි වගේ හයිය පුතෙක් මිසක් මුන ඇඹුල් කරන් මුලු මුලු ගානෙ ඉදන් කල්පනා කරන පුතෙක් නෙවෙනෙ.....මොකුත් නොහිතා වාහනේට නගින්ඩ අපි යන්ඩ ඕන දැන්.....
.......හ්ම්....
තේජක.....
.....?
තේජක...දෙයක් කියන්න තියනවා.....
විනාඩියක් දෙන්නම් කියන්න...
තේජක දෙයියන්ගෙ නාමෙට මට ඔය වෙලාව දෙන එක නවත්තන්න මේක ඔයාගෙ පොලිසිය නෙවෙ...කරුනාකරලා පොලිසිය ගෙදර තියලා එන්න.....මට ඔයාගෙ නෝනා විදිහට ...දරුවන්ගෙ අම්මා හැටියට කතා කරන්න ඕන
විහාරා......දැනටමත් විනාඩිය ගෙවෙන්න ලගයි....පරක්කු කරන විනාඩියක් ගානෙ හෙට දවසෙ කරන්ඩ තියන රාජාකරි වලට පවා බලපානවා ...කියන්න දෙයක් නැත්තන් රන්ඩු වෙන්න පොටක් හොයන්නෙ නැතුව එලියට යන්ඩ පුලුවන්..අනික මගෙ නෝනව මහත්තයා උස්සන්න කලින්ම කියලනෙ එක්ක ආවෙ මහත්තයා මෙහෙමයි කියලා .....යකාගෙ විමානෙ හැටි මේකයි කියන්න දන්නෙ අදක ඊයෙක නෙවෙනෙ මගෙ නෝනයි...මගෙ දරුවන්ගෙ අම්මයි නේද.....
කිසි දෙයක් නොහිතා වාහනේට නගින්න කිව්වත් මොකද යන්න හදපු මාව අම්ම අල්ලගත්තා.....නිකන් නෙවෙ මගෙ මැනික් කටුව ගාවින් මිරිකලම.....මන්දා මගෙ අම්මා කියන්නෙ වෙලාවකට අප්පච්චි වත් දෙකට නමන්න හදන ගෑනියක්.....දොලොස් අවුරුදු බාල උනත් මං වගෙ නෙවෙ අප්පච්චි ට කියන්න ඕන මොනාද මූනටම කියන අම්ම කියන්නෙ අර පොලිස් නීතිය ගෙදරට ගේන අප්ච්චිව වෙලාවකට හිරකූඩුවට යවන්න තරම් කෑගහන අම්මෙක් වෙනකොට අප්පච්චි යකාගෙ විමානෙ ගැන කිව්වත් අවසානෙදි අම්මගෙ මූන දිහා බලන් ඉදලා ලාවට හිනා වෙලා මොනාද මිමිනුවා...
මේ ගෑනි මාව කටින් බයකරන්න හදනවා....මොනවද කියනවා ඉතින්....
තේජක.....මං මේක මේ ගෙයින් එලි බහින්න කලින් කියන්නෙ....දෙයියො බුදුන් වදින අත් වලින් මං වැදලා ඉල්ලන්නෙ...මට තව දුරටත් මගෙ ළමයි දෙන්නව උස්සන් අලුත් ගෙවල් වලට යන වැඩකරන්න එපා තේජක....මට මහන්සියි .....මගෙ ලමයිට මහන්සියි...අවංක වෙනවා කියලා ඕනාවට වඩා රාජකාරියට අවංක වෙන්න එපා...මං කියන්නෙ..දෙයියන්ගෙ නාමෙට ඔය දියවන්නාවෙ එවුන්ගෙ දේවල් හොයන්න යන්න එපා....මට මගෙ ළමයි දෙන්නට හැමදාම මෙ ගින්න උහුලන්න අමාරුයි....කාට කොහොම උනත් මේ ගෙදරට ඔයා ලමයිගෙ අප්පච්චි ..මට මහත්තයා ...ඒක අමතක කරන්න එපා තේජක...මං මේක ඉවසලා...ඉවසලා හුගාක් දුර හිතලා කියන්නෙ....අනික සුදු මහත්තයා වගේ නෙවෙ සුදු පුතාට හිතු මනාපෙට ඉස්කෝල මාරු කරන්න බෑ තේජක.....කරුනාකරලා ඕන එකෙක් ඕන එකක් කරපු දෙන් ඔයා කරබාගන ඉදල එන්න...අපිට උන් එක්ක හැප්පෙන්න බෑ තේජක...අපි සාමාන්‍ය මිනිස්සු.....
එතකොට මගෙ නෝනා මට කියන්නෙ ඇස් පනාපිට වැරදි වෙනකොට මං ඇස් කන් පියන් ඉන්න ඕන කියලද....මට ඉන්නෙ කොල්ලො දෙන්නෙක් හන්දා මට බයක් නෑ විහාරා....හැබැයි මට ඉන්නෙ කෙල්ලො දෙන්නෙක් උනොත්....තමුසෙගෙ මහත්තයා වටලපු ගනිකාමඩම අස්සෙ මගෙ ලොකු දුව උන්නොත්.....???අද සමාජෙ මොකක්ද කියන්න මගෙ නෝනා දන්නවනෙ නේ..මොකද මට ඉන්නෙ බත් තම්බ තම්බ ඉන්න නෝනෙක් නෙවෙනෙ....කොල්ලො උනත් අතුරුදහන් වෙන රටක් මේක.....මං මගෙ ඇස් දෙකෙන් හැමෝවම දකින්නෙ මගෙ දරුවො වගේ.....මගෙ කොල්ලා එතන උන්නා නම්.....එතකොට ??
තේජක!!
ශ්ශ්.....මොකද...මගෙ නෝනට රිදුනද දැන්...අන්න ඒ වගේ මගෙ බෙල්ල ගහලා ගියත් මට අයිති කොටසෙ වැරද්දක් උනොත් ඇමති නෙවෙ ජනාධිපති උනත් මං හිරේ අරිනවා දවසකට හරි....දැන් කියන්න ඕන දේවල් කිව්වා එහෙමනෙ යන්න පුලුවන් ...
මං නෙවෙ මීක් කිව්වෙ...ඒත් මගෙ ඇස් පවා කිව්වෙ අම්මා කියපු දේවල් ඇත්ත අප්පච්චි කියන වචන වෙනකොට මං අප්පච්චි දිහාව බලාගන ඉන්නකොට අප්පච්චි අදත් සුපුරුදු මුරන්ඩු උත්තරේම දීලා අම්මට දුන්න වෙලාව අහවරයි කියනකොට අම්මා සෑහෙන වෙලා අප්පච්චි දිහා බලන් ඉදලා අවසානෙදි මගෙ අත අතෑරලා ඇදන් උන්න ඩෙනිම් සායෙ සාක්කුවට අත දාලා අප්පච්චි අතට මොකක්ද මිටමෙලෙව්වා ....
මේ මොකක්ද විහාරා...
මොකක්ද කියලා දිගෑරලා බලන්න තේජක...දැන් ඉතින් ඔයාට මං කියපු දේවල් අහන්නම වෙනවා තේජක...
අප්පච්චි අර කොලෙ දිගෑරලා ඒකෙ ඇතුලෙ තිබුන හීන් පටිය දිහා බලන් ඉදල අම්මා දිහා බැලුවා...
විහාරා තමුසෙට කොරෝනා පොසිටිව්ද??
දෙයියන්ගෙ නාමෙට මං තමුන් එක්ක ආවෙ ඇයි තේජක??මට එක හොද හේතුවක් දෙනවද???
අම්මා...ඔයාට...
මං අම්මා දිහා බලාගන උන්නා....ඉන් එහා එක වචනයක් වත් සම්පූරන කෙරුවෙ නෑ හැබැයි අප්පච්චි ගෙ මූනෙ හීන් හිනාවක් මතු වෙලා අහල බලාගන ඇගිලි තුඩු වලින් කොන්ඩෙත් හදලා ආපිට අම්මා දිහාවට හැරුනා....
එහෙනම් ඉතින් මට මීට වඩා වැඩකරන්න වෙයි...මේ පාරවත් දුවෙක් වෙයිද....නැත්තන් අරකට හපන් යකෙක් වෙයිද??කමක් නෑ...කමක් නෑ මොනවා උනත් තමුසෙ වදකාර ගෑනියෙක් විහාරා.....ඒත් තමුසෙ මගෙනෙ....ආදරෙයි හොදද ....ආය මෝඩ කතා අහන්න නවතින්නෙ නැතුව පරිස්සමින් යනවා.....මං කොල්ලා එක්ක එන්නම්.....
............
අම්මා යන්න ගියා....මට ආය මොනවත් කියන්න ඉතුරු නෑ...අම්මට ආයම බබෙක් හම්බෙන්න...මේ ගෙවල් මාරුවෙන අස්සෙ.....මට දහ අටයි....මගෙන් අහන්න එපා මෙවෙලෙ මට මොනවද දැනෙන්නෙ කියලා ...මොකද මේ මොහොත ඇතුලත මගෙ හැගීම් මොනවද කියලා මටවත් ලෙහාගන්න බැරිව මං ඉන්නෙ...තනිකරම මාව වංකගිරියක් අස්සට වීසි කෙරුව වගෙ මට දැන් දැනෙන්නෙ....මට දහඅටයි ලමයි මට විහිලු කරයිද....උඹගෙ අම්මා අප්පච්චි තවම ඩිස්ටිඩිඩින් කරනවා වගේ නේද අහයිද....ඔය වගේ කියක් ජාති කියයිද.....
සිහත්.....අප්පච්චි දිහා බලනවා...මොකද තමුසෙට ලැජ්ජද??සුදු පුතා මං දැන් කිව්වෙ අප්පච්චි දිහා බලන්ඩ කියලා...ඔලුව උස්සලා මා දිහා බලනවා අයිසෙ
මං මගෙ කකුලෙ ඇගිලි දහයෙම්ම සෙරෙප්පුව තද කරගත්තා...චුට්ට ඇත්නම් කලබල වෙනමට නියපොතු හැපෙන එක ඉබේම වෙනදෙයක් වෙනකොට මම හිත හිත උන්න මාතෘකාවම එකපාරම අප්පච්චි උඩට අදිනවා එක්කම මගෙ මූන රතුවේගන රතුවෙගන ගිහින් අත්වලට දාඩිය දාන්න ගන්නවත් එක්කම අප්පච්චි මගෙ නිකටින් අල්ලන් මූන කෙලින් කෙරුවා ...
කෙලින් ඉන්නවා...
හ්..හරි අප්පච්චි ...
කියනවා තමුසෙට ලැජ්ජද දැන්...??
අප්..පච්චි....මට....
මට උත්තර නෑ....මට ලැජ්ජයි කියන්නත් ඕනෙ...ඒත් ඒ ලැජ්ජාව අස්සෙන් අප්පච්චි මේ පාර දුවෙක්ද අහපු වචන මට හීන් සතුටක් ගෙනාව කිව්වොත් හරි...ඒත් මගෙ හරිම හැගීම් ලෙහුවොත් මට ලැජ්ජයි....මට මැරෙන්න තරම් ලැජ්ජයි...ලිංගිකත්වෙ නෙවෙ.....ඒත් මට මගෙ මේ වයසෙ ඉද්දි තව නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි බාරගන්න බෑ දෙයියනෙ...ඒ ළමයා මගෙ දරුවෙක් වගේ ඉදී ..අනික....මිනිස්සු මූනට හිනා වෙල අනේ ඇත්තද අපිට හරි සතුටුයි කිව්වත් යන්න් ඇරලා කියන්නෙ දීග යන වයසෙ ඉදලත් මුන්ට විසේ කියලා ....මේ කතා මගෙ කනට අනන්තත් ඇහිලා තියනවා...
අයිසෙ ගොත නොගහා මට උත්තර දෙනවා සුදුපුතා තමුසෙට ලැජ්ජද....
ඔව් ලැජ්ජයි....
හරි...තමුසෙට ලැජ්ජා නම් අපි බබාව අයින් කරමු...
දෙයියනෙ අප්පච්චි !විකාරද??පව් වැඩකරන්නෙ....අ..අප්ප....ච්චි ඒක පව්නෙ.....ස්..සමාවෙන්න අප්පච්චි ....වැරදි නොකර දඩුවම් ලබන එක වැරදියි....අප්පච්චිම නේද ඉගැන්නුවෙ?
එහෙනම් මං හිතුවා හරි තමුසෙට තියෙන්නෙ තමුන් හන්දා විතරක් ඇතිවෙන ලැජ්ජාවක් නෙවෙ සුදු පුතා.....තමුසෙට තියෙන්නෙ තමුසෙගෙ මේ පවුලෙන් පිට මිනිස්සුන්ගෙ වචන වලට ෆේස් කරන්න බය එක්ක ලැජ්ජාව..ඒහෙමනෙ.....තමුසෙට බබාව මරන්න තරම් දරුනු හිතක් තිබ්බා නම් මට පිලිගන්න තිබ්බා මේක තමුසෙට විතරක් ආව ලැජ්ජාවක් කියලා .....
මං ඔලුව වැනුවා...මගෙ පපුවත් එක්ක මොකක්ද උනා...අප්පච්චි ගෙන් විකාරද අහපු මං ඒ තත්පරෙම සමාව ගත්තා....මොකද මේ තාක් මං අප්පච්චි ගෙ කටහඩ උඩින් කතා කරලා තිබුන් නැති හන්දා මං සමාව ගත්තා....ලැජ්ජාවක් කියලා උත්තර දුන්නත් මොකද බබාව අයින් කරනවා කියනවත් එක්කම මාව ගැස්සුනා....අවසානෙදි මගෙ දිහා බලන් උන්න අප්පච්චි ලාවට හිනා වෙලා මගෙ කරට අතදාගත්තා.....
සිහත්.....තමුසෙගෙ අප්පච්චි කවදාවත් තමුසෙලාට ලැජ්ජ කරල නෑ.....ඇරත් ඕක අහම්බයක් නෙවෙ.....පුතාලම දෙන්නෙක් ඉන්න මං දුවෙක් ඉල්ලන එක වැරදිද.....?අනික වටේ උන්ගෙ කතා අහලා ලැජ්ජා වෙන්න තමුසෙට අත දිගෑරලා වියදම් කරන්නෙ මම මිසක් උන් නෙවෙ....අනික තමුසෙගෙ අම්මා මගෙ කසාද ගෑනි.....ඒ මගෙ ගෑනි...උඹලා කවදා හරි ගෑනු අරන් උඹලගෙ ජීවිතේම ගෑනුන්ට සින්නකර කරයි .හරියටම මේ තේජක සෝලංගආරච්චි වගේ...
සුදු පුතා...තමුසෙගෙ අප්පච්චි ගෙ ලෝකෙ මෙන්න මේ තරම් ...ඒක අස්සෙ ඉන්නෙ තමුසෙගෙ අම්මයි...තමුසෙයි මල්ලියි....හරි....අප්පච්චි කෙනෙක් හැටියට මං කොහොමත් තද මනුස්සයෙක් . ඒත් තමුසෙව ගෙනාව දවසෙ මං රෑ එලිවෙනකන් තමුසෙගෙ හැඩ බැලුවා...සුවද බැලුවා.....තමුසෙව යටවෙයි කියන බයට මං ඇහැරන් උන්නා.....සුදු පුතා තමුසෙ දන්නෙ නෑ අප්පච්චි කියන පට්ටම මේ මොන පට්ටමටත් වඩා හරි බරයි.....
මං පිරිමියෙක් විදිහට දෙයක් කියන්නම් සුදුපුතා....ඕනම මිනිහෙක් ගෑනියෙක් ගත්තම...දරු මල්ලො ආවම උන්ට උන්ගෙ අම්මා අප්පච්චි ව එක දශමෙකින් හරි අමතක වෙනවා..යුතුකම් වගකීම් අමතක වෙනවා...මං මේ කියන්නෙ අත්දැකීම් එක්ක...තමුසෙගෙ අම්මව ගන්නකොට අම්මා දහාටක පොඩි කෑල්ල...අප්පච්චි ට තිහයි.....හිතනවා තමුසෙහෙ අප්පච්චි කොහොම ලව් කරන්න ඇතිද...මට මගෙ අම්මා අප්පච්චි ව මග ඇරුනා සිහත්.....මං හිතලා කෙරුවෙ නෑ..ඒත් තමුසෙගෙ අම්මා හන්දා ...පස්සෙ තමුසෙ එන්න ඉන්නෙ කිව්වට පස්සෙ මේ අප්පච්චි ට මගෙ අම්මා අප්පච්චිව අතෑරෙන්න ගත්තා.....
ඒත් තමුසෙගෙ අම්මා...මගෙ නෝනා....අදටත් ඒ අම්මා අප්පච්චිගෙ දුව දුවමයි...පිරිමින්ගෙ ජීව්තෙ ගෑනු ආව ගමන් වෙනස් වෙනවා...ඒත් ගෑනුන්ගෙ ජීවිතෙට පිරිමියෙක් ආවට උන් හැමදාම අප්පච්චි ලාගෙ දුවලමයි .....
ඉතින්...මං දුවෙක් ඉල්ලන එක වැරදිද....ලැජ්ජද...?උඹට දහ අටයි.....අනිවාර්යයෙන්ම තව අවුරුද්දකින් දෙකකින් තමුසෙත් මොකෙක් හරි එල්ලගනී....අරුත් තව කාලෙකින් ගෑනියෙක් උස්සන් එයි .උගෙ හැටියට මට ඌව ශුවර්ම නෑ....ඌ මාවත් නටවන්න එන්නෙ...අන්න එදාට උඹලගෙ ලෝකෙන් මාවයි අම්මවයි සීමාවෙන්න ගන්නවා...එහෙව් අප්පච්චි දුවෙක් ඉල්ලන එක වැරදිද සිහත්....උඹ මගෙ පුතා.....අප්පච්චි උඹගෙ අම්මට පිස්සෙක් වගේ ආදරෙ කෙරුවා නම්...මට මගෙ පුතා ගැන ආය කියන්න දෙයක් නෑ...ඉතින් කියනවා.....තමුසෙගෙ අප්පච්චි ආයම දුවෙක් ඉල්ලපු එක වැරදිද?
න්..නෑ අප්පච්චි...
හ්ම්...ගුඩ් ....ලැජ්ජා නොවි ඉන්නවා....තමුසෙ මගෙ පුතානෙනේ ... මොකෙක් හරි මොකක් හරි කිව්වොත් කන පලල ගෙදර ඇවිත් අප්පච්චි මන් අරූට ගැහුව කියලා කියපන් අප්පච්චි ගිහින් අනිත් කනත් පලලා සර්වරාත්‍රික පිරිත්සජ්ජායනයකුත් දීලා යවන්නම්...යනවා මල්ලි එක්ක ගිහින් වාහනේට නගිනවා.....
...........
මගෙන් හුස්මක් පිට උනා....ලැජ්ජාව පැත්තකින් තිබ්බොත් අප්පච්චි ගෙ ඉල්ලීම මොන තරම් මානුශීයද...ඇරත් අප්පච්චි කිව්වා වගේ මාව හදන්නෙ වටපිට උන්ද....හැබැයි මොනවා හරි කිව්වොත් අප්පච්චි කිව්වා වගෙ මට කන පලලා එන්න නම් බැරි වෙයි...මට කනපලාගන ගෙදර ඇවිත් අප්පච්චි අරූ මගෙ කනපැලුවා කියල තමයි කියන්න වෙන්නෙ....
චූටි.....නැගිටපන් මෝඩයා උඹමඩ නානවනේද....
ගෙයින් එලිබැහැපු මට තරු පෙනුනා...මල්ලි එක්ක වාහනේට නගින්න කිව්වට මොකද අරූ ඩේලියා පදුරු අස්සෙ රිංගන් මඩ හාර හාර කෝම්පිට්ටු ගහන්න අරන් ....ඒකට අන්දවලා තිබ්බ සූට් එක ජොහොර වෙලා.....සෙල්ලම් ඩෝසරෙ පුරාවටම මඩ වෙනකොට මූ කටින් ඩෲ ඩෲ ගගා අර කෝම්පිට්ටු උඩින් උගෙ ඩෝසරෙ ගෙනියන ගමන් මා දිහා බලලා මටත් එන්න කිව්වා
අයියෙ ...මේ.....
නැගිටපන්....නැගිටපිය අප්පච්චි දැක්කොත් හම ගහයි නැගිටපිය...යන්න තියනව දැන දැන මඩේ ලගින්නෙ තමුසෙට විකාරද චූටි....
..අ..අ.ආ....හ්.....අත ..අදින්නෙ මට බෑ....මට යන්න බෑ...මට ඩෝසර් එලවන්න දීපල්ලකො.....අනෙ කිරි අත්තෙ මහ එකා ගහනවනෙ....ආ.....හ්...මූ ගහනවා...කිරි අම්මෙ...හ්....අත්තෙ.....මහ එකා ගහනවා....
ඩෝසර් එලවන්න..උඹව ඩෝසරේකට දාල යට කරයි අප්පච්චි දැක්කොත්..බෙරිහන් නොදි නැගිටපන්කො සමනල් නැගිටපන්....
මට බෑ...මාව දාලා යමල්ලකො....මට ඩෝසර් එලවන්න දිලා යමපියව්කො...
හිටපන් ඔහොම්ම හිටපිය මං ගිහින් පොල්කොලයක් කඩන් එන්නම්...හිටපන්කො
අරක මඩ නානවා...මීදුමත් එක්ක නිතර දෙවෙලේ තෙත ගතිය තියන පොලව හාරගන අරකා පුලුවන් තරම් උගෙ ප්ලාස්ටික් බැකෝ කෑලි එලෝ එලෝ නහින්න හදනකොට ඒකව දාලා යන්ඩ කියලා බෙරිහන් දෙනවත් එක්කම ඌව අතෑරපු මං පොල්කොලයක් හොයන්න යන මුවාවෙන් මගක් ගිහිනුත් හැරිලා බලනකොට මූ අර මඩනාපු ඇගිල්ලක් නාහෙට ගගහගන නාහෙ හාර හාර ඉදල ඒ අත ආයම ඇදුමෙ පිහාගන්නවා එක්කම අප්පච්චි එලියට ආවා....
අද හරි කයිතන් අප්පුවට...හම්බෙයි ඕකට
සමනල්!!!අප්පච්චි මොනවද කිව්වෙ ...සිහත්...මං දැන් මොනවා කියලද එව්වෙ.....මේකා මඩනානවා නේද...
අප්පච්චි ඩෝසරයක් එලවමු
ඩෝසරයක් එලවන්ඩ...නැගිටපන් නැගිටපන් ගුටි නොකා...නැගිටපිය එන්ඩම උඹ නරක් වෙනවා...නැගිටලා දුවපිය ...විහාරා...විහාරා....මේ යක්ස කොල්ල මඩනාලා අයිසෙ ...
ආහ්.....අනෙ...අම්මියෙ.....ඌයි...යා...ඔහෙ පිහන්ඩ එපා....අනේ...අප්පිච්චි ....එපා....
අමාකරයො.....එපානෙ....අනේ....කිරි අත්තෙ....තේජකයා...මරනවා....පොඩි එකාව..මරනවනෙ....කිරි අත්තෙ.....හ්
උස්සපිය මූන....මුනෙන් එකයි නාවර...මේ බලපන් ඇදුම ඉවරනෙ...උඹව මං...හප්...කට..කට වහන්ඩ නේද කිව්වෙ බොරුවට අඩන්න ගත්තා....
දෙයියනේ....සුදු මහත්තයා ...
දෙයියනෙ සුදුමහත්තයා තමයි....පින්සිද්ද වෙයි විහාරා තමුසෙ මට ආය කොල්ලො නම් අරන් එන්ඩ එපා...මෙන්න මේකව පිහනවා මූ මඩනාලා...ශිහ්....උඹව මන්
අනේ....ආහ්....අම්මියෙ...හ් ගහනවා...ඌයියා...ගැහුවා...අමාකරයො....අනේ...සුදු පුතා අයියෙ.....ඌයියා.....ම්හුක්.......
තේජක එපා....
තමුසෙගෙ හුරතලෙ වැඩි හන්දයි මූ මෙහෙම...ලොකු එකාගෙ අහලකින් තියන්න බෑ....සිහත් නගිනව වාහනේට...
අරකටත් පුක රත්වෙන්න දෙක තුනක් කන්නම ඕනා...නැත්තන් ඌට නින්ද යන්නෙ නැද්ද කොහෙද මඩ නනා උන්න පොඩි අප්පුව වඩාගත්ත අම්ම ඒකව පිහ පිහ ජීප් එකට යනකොට වචනයක් වත් අකුරු කරගන්න බැරිව වචන නැතුව හිස්වෙච්ච මම ඩයරිය පපුවට තුරුල් කරන් උන්න මං අවසාන පාරට මගෙ ඉහට මෙච්චර කල් හෙවන දුන්න ගේ දිහා බලාගන ඉන්නවත් එක්කම මගෙ ඇස් වල හීන් කදුලු පටලයක් බැදෙනවත් එක්කම මං අර හිස් න ඩයරි පිටුව හැගීම් පිරුන පුංචි වචන දෙකතුනකින් පුරවලා ඒ හැගීම් වල තනි නොතනියට ඩේලියා මලක් කඩාගන ඒ පිටු අස්සෙ හංගල එන්න ආවා....
ස්තූතියි අනෙක වාරයක් ආදරනීය මතක පිරුන වහලක හෙවනට!
සුදු පුතා මල්ලිට නින්ද ගියාද?
ඔව් අප්පච්චි .....
මං උන්නෙ අහස එක්ක ගනුදෙනුවක.....රෑ බෝවෙන්න ඔන්න මෙන්න තියන අහස කියන්නෙ එක්තරා පිස්සුවක්.....අවංකවම කිව්වොත් මම කියන මනුස්සයා අසීමාන්තිකව අහසට ප්‍රේමකරන මනුස්සයෙක්....අහස් ගැඹරෙ ප්‍රේමයෙන් ආතුර උන එකෙක්...සුදු පුලුන් කැටි හැන්දැ යාමෙ දම්පාය වෙනකොට .....නිල් අහසය සීනුපුලුන් පාට එකතු වෙනකොට .....ආයම හෝරාවකින් දෙකකින් ඒ සීනිපුලුන් අහසම කට්ට අන්දකාර පාටක් වෙලා ඒ අන්දකාර අහස පුරාවටම අරවින්ද පොකුරු දිලිසෙන්න ගන්නකොට හැමදාමත් මං මේ අහසෙ ආදරෙන් ඔත්පල වෙනවා.....
ඉතින් මේ මොහොතෙත් එහෙමයි....මන් උන්නෙ ප්‍රේමසජ්ජායනේක ගිලිලා.....මගෙ කුලුදුල් ප්‍රේමෙ වෙච්ච අහස් ගැබ එක්ක තොරතෝංචියක් නැතුවම හිතින් දොඩමලු වෙනගමං වෙනකොට සීනි පුලුන් පාට වලා කැටියක් පහු කරන් ගියපු කාක් රෑන මගෙ අහසට රිදවන්නෙ නැතුව පියාඹන් යන හැටි බලන් ඉන්නවත් එක්කම අප්පච්චි මගෙ නිකැලල් ප්‍රේමෙන් මාව ගලවගත්තා.....

හොරාගානක් ගෙවිලා....කියවලා කියවලා.....කන්ඩ පුලුවන් හැම කඩචෝරුවක්ම ගිලලා අන්දවලා තිබ්බ ටී ශර්ට් එක විතරක් නෙවෙ කොට කලිසමත් ගලවලා දාපු පොඩි අප්පුවට මගෙ උකුලෙම නින්ද ගිහින් තිබුනා....ඌට මහන්සි ඇති ....මොන තරම් දුරගමනක්ද.....කී වතාවක් නම් මගෙත් තට්ටම් හිරි වැටුනද.....සින්දු අහල අහලත් මගෙ කන් පව හිරිවැටිලා තිබුනා උනත් කරන්න දෙයක් නැති කමට මාත් කෙරුවෙ අප්පච්චි තව දුරද කියලා දෙතුන් වතාවක් අහලා කට පියාගත්ත එක වෙනකොට නින්ද ගිහින් උන්න ගෙදරම ඇම්ඩව තව චුට්ටක් උඩට අරන් මං අහ අහ උන්න සින්දුව චූට්ටක් විතර වැඩි කරගන ආපිට ඔලුව ශීට් එකට ඔලුව ගහන් යන එන වාහන දිහා බලාගන ඉන්නවත් එක්කම තෙහෙට්ටුව හන්දම මං ඉක්මනටම දකින්න ප්‍රාර්තනා කරාපු අකුරු ටික දැක්කා...!නිකන් නෙවෙ ආත්මා ලියනගේ එක්කම

ගාල්ලට⬆️
සුදු පුතා ඔන්න තියනවා.....
උකුලට ඔලුව තියාගන උන්න පොඩි එකාව අනිත් පාර සම්පූරනම උකුලට ගත්ත මං ශටර් එක ගාවට රූටලා බලාගන උන්නා.....කන්නාඩි දෙක පිටිපස්සෙන් තිබුන මගෙ අලු ඇස් ලොකු උනා...ඒ විතරක් නෙවෙ මගෙ කටත් චුට්ට ඇරුනා...දෙවියනෙ මේතරම් ලස්සනද මහමුහුද.....?
අප්පච්චි ...ඒසි එක වහන්න....
ශටර් එක ඇරගන්න ඕන උන මං ඒසි එක වහන්න කියනවත් එක්කම මේතාක් වෙනකන් ඩිජිටල් තිර හරහා දැකපු නිල්වන් කරිජ්ජ කද දැකපු මගෙපපුව නවතින්න ආවා.....වෙනමොකටවත් නෙවෙ මෙච්චර කල් හිත අස්සෙ තියාගන ලෝබකම ඉහවහ යන ආදරයක් දුන්න නිල් අහස මටත් හොරාවට මහ මුහුදට හාදු තියන හැටි දැකලා...
ලස්සනයි...පුදුමාකාර තරම් ලස්සනයි....එකපාර්ශවීක ප්‍රේමෙක කොටස්කාරයෙක් උන මම මගෙ ප්‍රේමවන්තියගෙ උරුමක්කාරයා උන මහ මුදුහුද නිල් අහස දෑතින්ම වැලදගන්න හැටි බලාගන උන්නා....."ක්සිතිජය..."නිල් අහසෙ අවසානයත්.....නිල් මුහුදෙ පටන් ගැන්මත්....ඉතින් ඒ ආදරේට තුන්වෙනියෙක් මොකටද....?
ඈත අහසෙ හුලන් පාරත් එක්ක පියාඹන කාක්කො පේලි ගෙවල් වලට පියාඹනකොට දවල් දවසෙම ඇවිලුන ඉර අවසානෙදි වැඩමුරේ අහවර කරලා මහමුහුද ඇතුලෙ ගිලෙන හැටි ...සුදු පාටට පුංචි පුංචි පෙනකැටි පිරුන රල පේලි ඇවිදින් වෙරලට හාදු තියනකොට මං ඒ හැම දේම ඇහිපිල්ලමක් නොගහම බලාගන ඉදල...ඉදලා අවසානෙදි කසිංජි සුවදට මගෙ හදවතෙ දොරපියන් අරිනවත් එක්කම අප්පච්චි ගෙ ජිප් එකෙ වේගෙ එන්න එන්නම ස්ලෝ වෙලා අවසානෙදි නැවතිලා ගියා.....නැවතිලා ගියානම් මදැයි.....කන් අඩ හිල් කරන්න එන තරම් ගෝසාවක් එක්ක මං අප්පච්චි දිහා බැලුවා....
අප්පච්චි ...ඇයි අප්පච්චි
තේජක....
ම්හ්...ම්ම්ම්හ්.....
මට අමතක උනා ,ශිහ්....තව ටිකක් ඉස්සර උනානම්.....
ඇයි අප්පච්චි මේ බ්ලොක් එක මෙච්චර ?ඇක්සිඩන්‍ට් එකක්ද...
නැ....එලියට බැහැල එනවකො
මල්ලි....
ඇහැරවන් වරෙන්.....විහාරා එනවද....?
තදබදෙ එකාකාරෙට.....ඇක්සිඩන්‍ට් එකක්ද අප්පච්චි කියලා ඇහුවත් මොකො අප්පච්චි කෙරුවෙ එලියට බහින්න කියන එක වෙද්දි නින්දෙන් උන්න චූටියව මං උගෙ යටකලිස පිටින්ම වඩාගන එලියට බැස්සා....
මුස්ලිම් වීදිය පිරිලා...පපරෙ සද්දෙ විතරමයි.....මිනිස්සු එකාකාරෙට ...වෙන්නෙ මොකක්ද....මේ ඇයි...මේ කිසිම දේකට හේතුවක් නොදන්න මං සෙනග ගොඩෙ තෙරපි තෙරපි අප්පච්චි පස්සෙන් අරකවත් එල්ලගන ගිහින් අවසානෙදි කඩපිලකට අමාරුවෙන් ගොඩ උනා විතරයි අතෙ උන්න අප්පුවට සද්දෙටම ඇහැරුනා විතරයි ඒකා අත් දෙකෙම්ම කන්දෙක වහගත්තා...
අප්පච්චි මේ මොකක්ද අප්පච්චි ....
කාවඩි....වැවුරුකන්නල පෙරහැර
කා වා ඩි...? අප්පච්චි ගෙ උත්තරෙම ආපිට අකුරෙන් අකුර රිපීට් කරනවත් එක්කම පාර පිරෙන්නම පාට සරුන් ඇදපු කොල්ලො කුරුට්ටො රොතු පපරෙ සද්දෙත් එක්ක පාර අරක් ගන්නවත් එක්කම ඉන්නෙ යටකලිසම පිටුන් කියන එකත් අමතක කරපු සමනල් පැටියා හැදුවෙ උගෙ තටු කඩාගන බිමට පියාඹන්න වෙනකොට කඩපිලේ උන්න්න් අප්පච්චි ත් අම්මගෙ අත මිරිකන් පාර අයිනට යනවත් එක්කම ජංගිය පිටින් උන්න සමනලයා මගෙ අතින් බිමට පියාඹනවත් එක්කම මාත් මිනිස්සු අස්සෙ හැප්පි හැප්පි ඒ පස්සෙම පාර අයිනට ගියා.....
දෙවියනෙ .....මේ සද්දෙ.....
..කන් අඩි පුපුරන්න එනවා...පපරෙ විතරමයි.....ඒ විතරක්ද පාට සරුම් විතරමයි....පාට පාට සරුම් ඇදපු කොලු රංචු මොනර පිල් අතේ තියන් කාවඩි නටනකොට උන්ගෙ පිටවල් පුරාවටම මොන මොනවදො ලියල තිබුනා...

අයියෙ අර....අර...අරකක්...අරකක් ඉල්ලා දෙන්නකො....
ඔව්වා ඉල්ලන්න ගිහින් ගුට් කන්න වෙයි චූටියා.....
අනේ...අනේ.....අනේ....ඒකක්....පිහාට්ටක්...පිහාට්ටක්...අනෙ...ඉල්ලා....ඉල්ලා...ඉල්ලා...දියල්ලකො....අනේ.....හ්...ම්හුක්....
අනෙ...අප්පිච්චි ....චූටියට...
සද්දෙ එකාකාරෙට....තෙරපුම එකා කාරෙට....නටන සරුම් කාරයො මුලු පාරම අයිති කරගන තියනකොට තෙරපි තෙරපි උන්න මගෙන් අරකා නටන කොල්ලන්ගෙන් මොනර පිලක් ඉල්ලා දෙන්න කිය කිය නහින්න හැදුවා.....
මොන මොනරපිල්ද ඔව්වා ඉල්ලන්න ගිහින් ගුටි කන්නද.....උන් නටන නැටිලි එක්ක නටන එකෙක් නවත්තන් අයියෙ මොනරපිලක් දෙන්නකො කිව්වොත් මට ගහයි මොනරු පේන්න.....
පාට පාට සරම් පුරාවටම තිබුනෙම ජාති ජාති චිත්‍ර වෙනකොට ඒ හැමෝටම නමක් තිබුනා..සමහරක්ගෙ සරමෙ town boys ද මොකක්ද තිබුන....පිටවල් පුරාවටම එක එක වදන් තිබුනා....මොනර පිල් අරන් පපරෙ තාලෙට උන් නැටුවෙම පිස්සු හැදිලා වගෙ වෙනකොට මොනරපිලක් ඉල්ල ඉල්ල මා ගාව වෙන කාවඩියක් නටන ඇටයගෙ බේරුමක් නැති තැන මං ඌව වඩාගන්නවා එක්කම මගෙ ගාවොන් නිල් පාට සරම් කාරයො රොත්තක් නාටාගන ගියා විතරයි මං අරකවත් මිරිකගනම පස්සට පැන්නා....
අනේ මන්දා කොහොම උනත් එකෙක් දෙන්නෙක් ගාවින් මට අරක්කු සැරකුත් ආවා...මුන් නටන්නෙ ලෙසටම ගසලද මන්දා.....ඊටත් මොනවද අප්පා අර පිටවල් පුරාවටම ලියාගන තියෙන්නෙ....


අනේ මොනර පිලක්...ඉල්ලා දියල්ලකො...ඉල්ලා දීපියො.....අනෙ.....අනේ...අමාකරයො...අනේ...ඉල්ලා දීපල්ලකො....කිරි අත්තෙ...පොඩි එකාට මොනරපිහාට්ටක් ඉඔලා දීපියෝ......
මං කනක් වහගත්තා...පපරෙ ඉවසුව හැකි මුගෙ කරච්චලෙ තමයි ඉවසන්නම බැරි.....උකුල් ඇටෙ උඩ ඉන්දවන් අත් දෙකෙම්ම මිරිකන් උන්න මං බලාගන උන්නෙ පපරෙට නටන කොල්ලො රොත්ත දිහා වෙනකොට මටත් නොදැනිම අර පපරෙ සද්දෙට තාලෙ ට මගෙත් කකුලක් තාලෙ අල්ලන්න ගත්තා....පාට පාට සරුම් කාරයො රොත්තකට පස්සෙ සදර්න් බෝයිස් කියලා ලියවුන තනි සුදු සරමට ශිව රූපයක් ඇදුන මොනරපිල් අහුරු පිටින් අතට ගත්ත තවත් කොලු නඩයක් අපිගාවින් යනවත් එක්කම මං වඩාගන උන්න පොඩු ඇම්ඩට සන්නිය ගැහුවා වගේ උනා....
ඒකා බහින්න හැදුවා.....බස්සපියො...බස්සපියො ගගා නහිනකොට මූව පරක් කරගන්න බැරිම තැන මං අප්පච්චි හෙව්වා.....
අප්පච්චි කියලා කොහෙ කතා කරනන්ද....බෙර සද්දෙ එකාකාරෙට....පපරෙ සද්දෙ එකාකාරෙට....නටන උන් එකාකාරෙට වෙනකොට මං කොහෙන් කියලා මේ තෙරපෙන මිනිස්සු ගොඩෙ අප්පච්චි හොයන්නද
අනේ...ඉල්ලා දියල්ලකො එක්කො බස්සපල්ලකො .....
උඹට මං දැන් ඉල්ලා දෙනව හොද ගුටි පූජාවක් ...චූටි දගලන්නෙ නැතුව ඉදින්කො...උඹ මාවත් වට්ටවන් වැටෙන්න හදන්නෙ....ඇරත් උඹ ඉන්නෙත් ජංගිය පිටින් ලැජ්ජ නැද්ද සමනල් දගලන්න.....නිකන් ඉදින්කො
බෑහ්....ම්හුක් ....ලැජ්ජා නෑනෙ .....අනේ..එකක්....එකක්....අර ගොඩක් තියනවනෙ...මාවත් බස්සපල්ලකො නටන්න...අනෙ...කිරි අම්මෙ ...නටන්න දියල්ලකො....නටන්න දීපල්ලා...මටත් මොනරපිහාට්ටක් එක්ක නටන්න දියල්ලකො අමාකරයො...
කටවහන් ඉදින්කො සමනල් උඹ ඔය දගලලා දගලලා මාවත් වට්ටවන්න හදන්නෙ ....
අප්පච්චි ගෙන් බැනුම් ඇහුවත් කමක් නෑමට මූව කානුවට වීසි කරන්න ඇත්නම් ...
මගෙ මූනත් එක්ක නරක් උනා...එකෙක් දෙන්නෙක් අපි දෙන්නා දිහා බලන් ඉන්නකොට කෙල්ලෙක් දෙන්නෙක් ජංගිය පිටින් ඉන්න මේකව් පෙන්න පෙන්න හිනා වෙද්දි ඒ ගැන වගේ වගක් නැති මේකා අත් උස්සන් නට නට යන කොල්ලන්ගෙන් කෑ ගගහා මොනර පිහාටු ඉල්ලන්න ගත්තා ව්තරයි ගහන්න බැරි කමට මං ඒකවත් කොනිත්ත කොනිත්ත අනිත් අතට එන්න හැරුනා විතරයි යන්න බෑ ගගා නහින්ඩ හදපු ඇටයා පස්සට බර උනා මගෙ කකුලකුත් අනිත් අතට ගිහින් කාගෙ හරි ඇගකත් හැප්පිලා ඒකත් එක්කම වැටෙන්න ගියා.....මට කැ ගැස්සුනා.....හිත ගැස්සුන පාර මගෙ ඇසුත් වැහිලා ගියා
අප්පච්චි .....!
එච්චරයි ... ඇසුත් වැහුන මට කිය උනෙ අප්පච්චි කියලා විතරයි ...වැටෙන්න ගියත් මොකද මං තවමත් උන්නෙ මහපොලවෙන් උඩ වගේම මගෙ ඉන කාගෙ හරි හයිය අතකට හිර වෙලා තිබුනා ....ඒ එක්කම මං හීන් සීරුවට ඇස් ඇරියා....මොනරපිල් අහුරක් ගත්ත සුදු සරුම් කාරයෙක් හීනියට ආව අරක්කු සුවදකුත් එක්ක.....!
ඒ මුනෙන් එකයි දාඩිය...නටපු නැටිලි වලටද කොහෙද හති දදා නහයෙන් මදිවට කටෙනුත් හුස්ම ගන්න රතු වෙච්ච ඇස් තිබුන නපුරු මූන!
මොකද නැගිටින්න කල්පනාවක් නැද්ද ඔහෙට?
ස්...ස්...
මාව ගැස්සිලා ගියා.....මොනරපිල් අහුර අරන් නට නට උන්න එයා වැටෙන්න ගියපු මාව හැප්පිලා තිබුනෙ එයාගෙ ඇගේ වෙනකොට නැගිටින්න කල්පනාවක් නැද්ද අහනවත් එක්කම එයාගෙ නලල පුරාවටම මතුවෙලා තිබුන දා බින්දු අහුරෙන් දාඩිය බින්දුවක් මගෙ නලල උඩට වැටෙනවත් එක්කම මම ගොත ගගහම කෙලින් වෙනවත් එක්කම මෙච්චර හරියක් වෙලත් අපෙ එකා මොනර පිහාට්ටක් ඉල්ලුවා.....මට කට උත්තර නැති උනා...
අනේ....ඕකක් දෙන්නකො....ඕකක්...අනෙ...
පිහාට්ටක්.....අයියො පිහාට්ටක් දෙන්නකො ....
හිච්චට එකක් ඇතිද ම්න්?
මදිනෙ....අත් දෙකට දෙකක් දෙන්නකො
අපෙ අමාකරයටත් එකක් දෙන්නකො....අපේ අප්පිච්චිටයි අම්මටත් දෙන්නකො.....අපේ සාගරිකටයි සුසංගතාටත් දෙන්නකො.....
සමනල් ඕක නවත්තනවා!එ...එපා අයියෙ....සමාවෙන්න...
මං අරූව කෙනිත්තුවා...එකක් මදිවට අත්දෙකටම දෙකක් ඉල්ලලා අවසානෙදි මුලු හත්මුතුපරම්පරාවටම මොනරපිහාටු ඉල්ලනවත් එක්කමඅන් අරකව කොනිත්තනවත් එක්කම අපිගාව හිටන් උන්නත් නට නට උන්න එයා නට නටම මොනර පිල් හතරක් අරන් දෙකක් ඇටයට දීලා අනිත් දෙක මගෙ අතට මිටිමොලවලා කලින්ටත් වඩා හයියෙන් නට නට අර කොලු නඩෙ එක්ක ඉස්සරහට ගියා වගේම මං ඒ ලාවට අරක්කු සුවදක් ආව රතු ඇස් තිබුන කාවඩි කාරයගෙ නැටිල්ල දිහා බලාගන උන්නා...පිස්සු හැදෙන නැටිල්ලක් ඒක.....කරන්ට් වැදිලා වගේනෙ....අනික ඒකා.දිහා බලාගන් ඉන්න.ගියහම බලන් ඉන්න උන්වත් නැටවෙනවනෙ....
මං මටම මුමුනගත්තා...නටන නැටිල්ලට බලන් ඉන්න මගෙත් අත පය කැක්කුම් ඇල්ලුවත් මොකද මං ඇහිපිල්ලමක් නොගහම සදර්න් බෝයිස් සරම ඇදන් මොනරපිහාටු අතේ තියන් නටන එයා දිහා බලාගන උන්නා...
අනිත් උන් වගේම ඒ පිටෙත් මොනවදො ලියල තිබුනා වගේම කන්නාඩිය
දාගන උන්න මන් ඇස් හීනි කරලා එ සුදු පොටෙ මොනර පිලට උඩින් ලියවිලා තිබුන දෙ අමාරුවෙන් කියවගත්තා....
."කුක්කුත් නෑ පිටිත් නෑ...."


(සමුද්‍ර ඉන්ධීවර් හැන්නදිගෙ-27)