Cherreads

Chapter 57 - 57

කැරම් බෝර්ඩ් එක ගාව කොල්ලො.කුරුට්ටො වටවෙලා...මලගෙයක් කියලා එකයි දෙන්නයි දැනගන්න ඕනා....බුලත් නැතිවම මිනිස්සු මලගෙට එනකොට කාටත් කියන්න ඕන් නෑ එනකොට කැරම් බෝර්ඩ් එකක් ගේන්න කියලා...කාටත් කියන්න ඕන් නෑ තනි රකින්න එන්න කියලා.....

බුලත් වට්ටිය ළඟ වට උන නාකි උන්දලාගෙ මූනවල් මම අදමයි දැක්කෙ...මේ කවුරුත් මැනිකෙලාගෙ නෑයො නම් නෙවෙ වෙන්න ඇති....ඇරත්..මැනිකෙලාට කොහෙන්ද නෑයො....

සන්තකේටම තියන කුසියට රිංගන්න පුලුවන් එකෙක්ට දෙන්නෙක්ට වෙනකොට කෝපි හදන්න එන ගෑනුන්ට කුසිය මදි උනා...මරනාදාර සමිතිවලින් ගෙනාව ලොකු වතුර මුට්ටි තියන්න ලිප්ගල් ගෙනාවෙ වලව්වෙන්ම වෙනකොට මේ වෙනකොට වලව්වෙ මහ මැනිකෙට අප්පච්චි පපුවෙ අමාරුව හදවලා තිබුනා පිගන් කෝප්පා ලොට් එකක් ගෙනාවට...

දහම්.....ඔව්වා දීලා බැ දහම්.....

උඹ මැරුනම මේවා පෙට්ටියෙ දාන් යනවද...අනික තොපේ එකීලා හින්දා තමා මේකිට මෙහෙම උනේ....කුම්මැහි හැත්ත නිස්කාරනේ පොඩි එකී මැරිලා ගිය් වෙලේ උඹලගෙ මහ එකී මැරිලා ගියෙ නෑනෙ...

මගෙ දෙයියනේ දහම්....

කරුනාකරලා අහකට වෙයන් අනීතා...මට උඹවත් දැන් තිත්ත වෙලා ඉන්නෙ....උඹලා මේ රටටත් සාපයක්..මේ බිමටත් සාපයක්.....සුදු පුතා කියන්න වගෙ ඒකිට වලව්වෙම මල් මදි උනාලුද...ඇරත් ඕකිගෙ මූන බලන්න වටින් නෑ ඒකිඅර ලියමනෙ ලියලා තියන දේවල් එක්ක.....වේසකම ජානවලින් නෙ යන්නෙ....අම්මලා දුවලා සීයලා ඔක්කොම තනිකරම අමුවේස පඩංගු තමයි....

දහම් කට පියා ගන්ඩ..මේක මලගෙයක් ...

මං කට පියාගන්නම්...දෙයියන්ගෙ නාමෙණ් උඹලා වලව්වෙම ඉදපල්ලා ඒ ගෑනිට තවත් වද දෙන්නෙ නැතිව....

මම අහන් උන්නා....අම්මා අප්පච්චි තැනක් නොතැනක් නැතිව රන්ඩු වෙනවා....අප්පච්චිගෙ ජීවිතේට විතේන්ගෙ අම්මා ආය අය ලන් වෙන්න ගත්තු දා ඉදන් අප්පච්චි වෙනස් වෙන්න ගත්තා .මට කියන්න තේරෙන්නෙ නෑ...අප්පච්චි චන්ඩ වෙන්න ගත්තා ...ඒක නිකන්...මම සෙනාරි එක්ක ඉන්නකොට කර බාගන උන්නට....විතේන් මගෙ ජීවිතේට ආවට පස්සෙ මම චන්ඩ වෙන්න ගත්තා හා සමාන දෙයක්...පිරෙන්න බලන් උන්න බෝම්බා දෙකක් එක පාරම පලාතම කුඩු කරන් පිපිරෙනව වගේ දෙයක් දහම් දිසානායකට වගේම විතේන් දිසානායකටත් උනා වගේ දෙයක් උනා වගේ හැගීමක් වෙනකොට මම ඔලුව අත්දෙකෙම්ම බදාගත්තා ....

විතෙන් ....

තේශී.....

මට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕනා....

කියන්න....

මා එක්ක වරෙන්....

තේශී....

බනින්න් නෙවෙ මැනිකේ...මට උඹගෙ උරහිසට ඔලුව තියාගන්න ඕනා....ඒකයි.....

එයා බය උනා....ඒ ඇස් එක තත්පරේකට ගැස්සිලා ගියා...

මම එයාට බනින්නෙ නෑ කිව්වම ආයම එයගෙ ඇස් දෙක සංසුන් වෙනකොට මට පව් කියලා හිතුනා....

මට ඔය තරම් බය වෙන්න එපා විතේන්....උඹ මගෙනෙ.....

කාත් කවුරුත් නැති තැනක පෙරලිලා ගියපු ගස් කොටයක් උඩ එයයි මමයි ඉදන් උන්නා....බෙල්ලට වහපු මදුරුවා විදිනකොට මං ඌට උගෙ බඩපිරෙනකන් ලේ බොන්න දුනන උනත් උගෙ ස්තූති කතාව අහන් ඉන්න බැරි තැන ඇදලා එකක් අතෑරියා ....

චටාස් .....!!

යෝහ් ...තේශී ...

වැදුනද ශොට් එක.....

ඔව්...චප්ප වෙලා...පත්තර පිටුවක් වගේ....

ආවා නම්...බිව්වා නම් යන්න ඕනා ස්තූති කතා කර කර උන්නෙ මොකටද.....

සුදු මහත්තයා ....

.

මම අහක බලන් ඔහේ කියෙව්වා.....කකුල් පුරාවටම මදුරුවො විද්දා ..ඒත් මම ගනන් ගත්තෙ නෑ....අත් ගොබේට විද්දා....ඒත් මං ගනන් ගත්තෙ නෑ....

පාන්දර එකේ කනිසමත් පහුවෙලා ...මගෙ ඇස් හෙව්වෙම ශ්‍රී සිරිපුරෙ හර්ස් එක වෙනකොට එයා බලෙන්ම මාව එයාගෙ පැත්තට හරව ගත්තා ....

සුදු මහත්තයා ..ඔහොම ණැහෙන්ඩ එපා උඹටත් තෙහෙට්ටුයිනෙ....අපිට ඒකිවෙනුවෙන් කරන්න තියන අවසානම දෙඩ් මේකනෙ...

එයා කියවනවා...ඇත්ත...අපිට ඉතිරි මේක විතරයි ....

තේශි...

ම්න්...

හැම වෙලේම ඔහොම තරහා ගන්න එපා ...උඹත් එහෙනමයි අප්පච්චිත් එහෙමයි....ලේ පුච්ච ගන්නවා...

එයා මට වගේම අප්පච්චිට දෙස් තියනවා...මගෙ අප්පච්චිත් දැන් පොඩ්ඩ බැරිවෙනකොට දුම්මල වරම අතට ගන්නවා ...

විතේන් ...මන් හිතන්නෙ...මන් උඹව හම්බ උනාට පස්සෙ වෙනස් උනා වගේම අප්පච්චිත් දැන් වෙනස් වෙලා.....පුලුවන් නන්...අම්මට කියපන්...එයාව....පොඩ්ඩක් සංසුන් කරවන්න කියලා මොකද මගෙ අම්මට අවුලලා මිසක් නිවලා පුරුද්දක් නෑ විතේන් .

මං එහෙම්ම එයාගෙ උරහිසට ඔලුව ගහගත්තා ...එයා කිව්ව වගේම මට් පුදුමාකාර තරම් තෙහෙට්ටුයි.....නිදි මරපු ගඩාපි පැටියට ඒකගෙ දෝනියව මතක් වෙලා මැරෙන්න හදලා අවසානෙදි නින්ද ගිහින් තිබ්බා...ඒකිදැන් ලොකුයි...ඕනා නම් අපි හෙට යනකොට සෝෆාවක් ඉරලා වීදුරු බඩුවක් දෙකක් කුඩු කරලා තියෙයි...

එයා දැනෙන නොදැනෙන ගානට මගෙ නලලට හාදුවක් තියලා මගෙ අත ඒ අතට පටලවගත්තා ....හාදුවකින් එහාට යන්න කොහොමටත් හිතක් නැතිවෙනකොට රෝමාන්තික හැගීම් පවා වැව් වතුරෙ ගිලිලා ගියා...

කෝපි හදන උන්දලා කෝපි හදාගන ඉන්නකොට බිස්කට් අල්ලන උන් ඉවරයක් නැතිවම බිස්කට් ඇල්ලුවා...මෙච්චර කල් නොයිදපු නෑදැයි මරනෙට එකතුවෙනකොට සිහියක් පතක් නැති එතනා වගේම මැනිකා කෙලීව දැන් ගේයි....දැන් ගේයි කියලා අවසිහියෙන් වගේබලන් උන්නා....

වෙලාව යන්න ගියා....මුලු ලෝකෙටම හොරෙන් කඩුපුලක් පිපිලා තිබුනා...ඒ උනත්....කවුරුත් ලස්සන නොදැකපු ඒ මල කාටත් හොරාවට පරවෙලා යාවි.. හරියටම රන් මලීවගේ....කාටත් හොරාවට පිපුන ඒකි....අවසානෙදි කාටත් හොරාවට පරවෙලා ගියා .....

මගෙ....අම්මා...මගෙ...කෙලී...මගෙ....සුදු.....මැනිකේ.....අයියෝ.....ඒකි එනවා...ඒකි එනවා...අයි...අයියෝ...හ්.....ඒකි....එනවා....මගෙ...මැනිකෙව.....රැජිනක්...

කරවලා ඇති.....මගෙ...කෙලීව...රැජිනක් කරලා ඇති...දෙයියෝ...

නිදි මරපු ඇස් දෙක එයගෙ උරහිස උඩ නිදා වැටෙනගමන් තිබුනා....සැරින්සැරේම එයාගෙ අත් වලින් මගෙ ඔලුව අතගානකොට මට තෙහෙට්ටුවටම නින්ද යන්න ආවා උනත් නින්ද කඩාගන ආව මැනිකගෙ විලාපෙ එක්ක අපි දෙන්නම ගැස්සිලා හොද සිහියට ආවා.....

කෙලීව ගෙනල්ල.....

නැ....ගෙන්නලා නෑ.....තවම බඩු....

එහෙනම්...මග වෙන්න ඇති.....

මගෙ හිතට අකුරු කරන්න අමාරු වේදනාවක් දැනුනා.....මලකදක් තියනවා තියා තුන් හතර දෙනෙක්ට ඉදගන්න වත් බැරි පැල් කොටෙ අස්සට කෙලීව ගෙනියන්න බැරි හින්දම අද ඒකි වෙනුවෙන් ගෙයින් එපිට උඩුවියන් බැදුනා.....

තවමත් හුස්ම අල්ලන ගමන් උන්නා නම් ඒකි අම්මගෙ චීත්තපොට පොරවන් අර පැදුරු කඩමාල්ලෙ ගුලිවෙලා නිදා ගන්න ගියානෙ.....

දෛවය කොයිතරම් නම් නපුරුයිද?

මැනිකා බඩු ගෙනාපු හර්ස් එකට පවා ගගහා වැලපුනා වගේම ඒකිව ආන්බාන් කරන්න කවුරුත් නැති කමටද කොහෙද අප්පච්චි මැනිකව අල්ලගන්නකොට ඒකි අප්පච්චිට ඒකිගෙ දුක කිය කිය විලාප තිබ්බා...

රතු පාට විල්ලුද බුමුතුරුනෙ උඩ ඇත්දල දෙක දෙපැත්තෙන් හිටවෙනකොට මිනිපහනක් හිස් මුදුන ගාවට හිටෙව්වා ....

ගේ ඉස්සරහා ඒකිගෙ බැනර් එකක් වදිනකොට උප්පැන්නෙ පියාගෙ නම ඉරක් වෙලා අවජාතක පට්ටම එක්ක ඉපදුන අහිංසකී මලගම් යන්නෙ වලව් පට්ටම එක්ක වෙනකොට ජීවත් වෙලා ඉද්දි නොදීපු ගරු නම්බු නාම....ජීවත් වෙලා ඉන්නකොට නොදීපු ආදරේ සෙනෙහස ඇස් වැහුව දාට මොකටද කියලා මගෙ හිත කෑගහනකොට මිනිකොල අලවන්න ගියපු කොල්ලො කුරුට්ටො හිස් පාප්ප බාල්දි අරන් මැනිකගෙ පැල්කොටේට එනකොට උන්ගෙ පස්සෙන් තනි කලු හර්ස් එක ආවා වගේම ඇගම හිරි වට්ටවන් බල්ලො උඩු බුරන්න ගත්තා .....

මගෙ...මැනිකේ...මගෙ....මැ...නි..කේ.....අනෙ...මගෙ....රත්තරනෙ...අම්මට...අඩන්න...කදුලු නෑ..මගෙ...පුතේ....කව්ද...දෙයියෝ.....

උඹව මගෙන් උදුර ගත්තෙ.....කව්ද...අනෙ....බේබී..හාමු.....

උඹලා..මේකිවද...කොළඹ රට බලන්ඩ එක්ක යනවා කිව්වේ...

කලු පාට මිනිපෙට්ටිය අස්සෙ කදුපුල් මලක් ....

කාටත් හොරාවට පිපිලා...කාටත් හොරාවට ඇස් පියපු කඩුපුල් මලක්.....

කැලෙ පිපුන මලක් කැලේටම පරවෙලා යනකොට බේබිහාමු බේබි හාමු කියපු එකීගෙ හුස්ම ගං පතුල උදුරන් තිබුනා....

මගෙ විතේන් මා ගාවම ඉන්නකොට තනි කලු මිනි පෙට්‍ටිය එක පාරකට නැතිව තුන් සැරේකට කඩින් කඩ ඇහෙනකොට පෙට්ටියෙ උන්න මැනිකෙක් නොවුන ම්නිකෙට....ඇස්වලින් නැතිව හදවතින් හැමදේම දැක්ක ගුනාදරීව දැකපු මැනිකෙ පපුවට ගහ ගත්තු ගහගැනිල්ලට පපුව ඉතුරු උනා පුදුමයක් උනා.....

ලා කහ ඔසරියට ඒකිට අගස්ති මාලයක් දම්මලා තිබුනා.....ඉනට බැදපු හවඩිය එක්ක චූටි මැනිකෙ කෙනෙක් සදහටම ඇස් පියන් උන්නා....

ගැට දෙක වන වන දුවනවා කියලා විහිලු කරනකොට මුන රතුවෙන ඒකිගෙ කැකුලු දෙතන අද පත්තර පිටුවක් වෙලා ගිහින් තිබුනා.....හෝරා ගානක් වැව් පතුල හංගන් උන්න ඒකිගෙ මුලු මූනම අද කලු වෙල ගිහින් තිබුනා.....

මැනිකගෙ වේදනාව සක්වල ගලටත් එහා ඇහෙනකොට ඒක අහන් ඉන්න බැරිව පිරිමි අපේ හිත් පවා ඇදුම් කෑවා....

මගෙ....රත්තරන්ට .....මැනිකෙක්ට...වාගෙ....අන්දලා...මගෙ....මැනිකට.....අයියෝ....මාලෙකුත් දම්මලා.....මගෙ...මැනිකේ...උඹට.....තිස්තුන්කෝටියක් දෙවි පිහිටවත් නැතිව ගියේ ඇයි...මගෙ මැනිකේ....මන් උඹට වේලක් ඇර වේලක් වත් කන්න දුන්නා...

බඩගින්න උහුලන බැරි දාකට ලුනුයි බතුයි ගිල්ලා...පොල් ටිකකට ලුනු ටිකක් ඉහන් බත් ගිල්ලා.....මට...උඹෙන්...කවදාවත් කරදරයක් තිබුන් නෑ....අයියො...උඹ අහිංසකයි.....හාමූ...බේබි...හාමු....ගිහින්....අහපන් ඇයි අහපන්....මට ඒකිව නැතිකලේ ඇයි අහපන්....ඇයි....අම්මා....මට ඒකිව නැති කලේ අහපන්.....මගෙ හාමු...ආය ඉතින් උඹල එනකන් මග බලන් ඉන්න ඒකි නෑ හාමු...

මැනිකා අත්දෙකෙම්ම මගෙ පපුවට ගගහා දුක කිව්වා.....ඩියෝනයා පොඩි දේටත් මහ හුගාක් අඩන එකා වෙනකොට ඌ ශෙනෝන්ගෙ පපුවට ඔලුව ගහන් උන්නා...මගෙ විතේන් දත් මිටිකාගන කදුලු හිරකරන් ඉන්නකොට මම හැගීම් මරපු කලු ගලක් උනා...

මැනිකට සිය පාරක් විතර කලන්තෙ දැම්මා.....සිය පාරක් විතර දලදාව දිහවට හැරිලා ඒකිගෙ හුස්ම ඉල්ලුවා....

දහස් වතාවක් විතර කෙල්ලගෙ මලකද බදාගන අඩනකොට මම එකිව උස්මහත් කරන්න මැනිකා විදපු දුක මතක් කරන් අහස දිහා බලන් උන්නා.....

ඉතින් ඒකි හෙට යන්න යනවා....

සුදු අප්පො.....

මට පොඩ්ඩක් බලන්න දෙන්න මැනික...

මම මගෙ විතේන්ට රහසක් කොදුරලා කෙල්ල ගාවට ගියා...අනේ....බේබි හාමු බේබි හාමු කියන කට සදහටම වැහිලා ගිහිල්ලා.... ...

බේබි හාමු මාව කොළඹ රටට එක්ක යනවද අහපු එකී සදහටම නිදාගන උන්නා.....

මේ පාර අපිටත් නත්තල් නේද අහපු උඹට සදහටම යන්න ගියහම....මගෙ එකාට නත්තලක් තියේවිද මැනික ...

මං දන්නවා...අමාරුවෙන් අල්ල ගත්තු සමහර දේවල්....අතෑරෙනකොට හරි අමාරුයි....මං කවදාවත් උඹ වලව්වෙ ඉදුල් හෝදන එකී ගානට දැම්මෙ නෑ.....මං උඹට හැමදාමත්...මගෙ කියලා හිතාගන සැලකුවා....

මොකද....වලව්වෙදි.....හම්බුන එකම සැනසීම උඹ විතරයි....

උඹගගෙ සිරියාවන්ත හාමු...මගෙ ආදරේ....උඹහැමදාමත් මාව රකින්න දෙයියන්ට කිව්වට....උඹට බැරි උනා උඹව රකින්න කියන්න...

සමහර වෙලාවට...සමහර තැන්වලදි දෙයියො පවා අසරන වෙනව ඇති....ඒකයි මේ හැම දේම....

ඉතින් සුදු මැනික...උඹ හෙට යන්නම යාවි....මට සමාවෙයන්...මට බැරි උනා "ආයම වැවට එහෙම බහින්නෙහෙම නෑ" කියලා උඹට කිව්වට..."ඒකිව වැවට එහෙම බස්සවන්න එපා "කියලා උන්ට කියන්න...

සීත අරා උදුවප් මහ එනකොට

නාඹර මල් පෙති ඇහැ ඇහැරුනා...

හිනා මොකො, හිත හීන දකිනවද

තහනම් යට පීදෙනවා....

එකම් ලෙයේ ඉව හුලගෙ හමනකොට

තමන්ගෙ කම හිත යට පැදෙනකොට

යදම් මොකො?ඉගිලෙන තටු නැතුවද

කිරිලිය නුඹ මුදවන්නට හිතුනා...

බැද්දෙ පිපුන මල් බැද්දට පරවුන

ගැතිකම් කල හිත් ගැතියට පේ වුන

පරයකු සේ මැනිකක් පැතිරූ විශ

බලන්න දෙවියන් අහසේ නැතුවද??

වැව් කොමලිය රූ මලින් වැසීගන

දිය රැලි මද සුලගට දග කෙරුවද....?

වාරු නැතත් ඔරු කද මහා දියඹට

ගෙනියණ්නට උන් අණ කර ඒව්වද...??

නත්තල් සීනුව හැඩවෙනු ආසයි

අහන් ඉදින් සිත තුටු උතුරාලයි...

හීන දකින ඇස් නුඹ මට අකැපයි

මල බෙර පද ගයනා ගී ඒකයි...

(මේ වචන වලට ගොඩාක් ස්තූතියි shenun මල්ලි.....😢❤️)

තේශි ....

මම සෑහෙන්න වෙලාවක් අත් දෙක බැදගන මලලද ගාව තනි රැක්කා..ඇස්වල කදුලු බින්දු අන්තෙටම හිදිලා ගිහින් තිබුනා.....කියන්න දේවල් හුගාක් තිබුනත්....අද.අහන් ඉන්න ඒකි නැති බව දැනුනා.....

මැනිකෙ...අර නත්තල් ගහ ගේමුද....

සුදු මහත්තයා ...තවම මහ පාන්දරනෙ.....

මම එයාගෙන් නත්තල් ගහ ඉල්ලුවා...ඒකි කොදු කඩාගන බිම ඇතිල්ලුවලු.....කොළඹ බලන්න ආසාවෙන් උන්නලු...මැනිකට පුලුවන් තරම් වද දුන්නලු....

අවසානෙදි ....ඒ හීන ඔක්කොම වැව් පතුල උදුර ගද්දි හෝරා ගානකට පස්සෙ ඒකිගෙ හුස්ම උදුරපු වැවටත් ඉර එලිය දෙන ගමන් සෙන්කඩගලටම ඉර පෑයුවා...

සුදු පුතා ...වලව්වෙන් සුදු රෙදි ටිකක් අරන් වරෙන්...පාංසු කුලේ.දෙන්න එන හාමුදුරු නමලට....

මම ඔලුව හෙල්ලුවා...මැනිකගෙ මලගෙදරදි මැනිකගෙ සිහිය මලගම් යනකොට අප්පච්චිගෙ කකුල් වලට නිවනක් නැති උනා..... ..

තේශී....

උඹට මා එක්ක එන්න ඕනෙද....

මට උඹව තනියම යවන්න බයයි සුදු මහත්තයා ...මලගෙවවල තනි රැකලා...ගොරකා කැලේ අස්සෙ....මාත් එන්නම්...

මැරුන මිනිස්සුන්ට නෙවෙ විතේන් බය වෙන්න ඕනා.....හිතක් පපුවක් නැතුව අමනුස්ස ආත්ම අරක් ගත්තු උන්ටයි බය වෙන්න ඕනා...

මං එයා එක්ක වලව්වට ගියා වෙනදට වලව්වට ගේන කිරි බෝතල් අද ඔක්කොම හිස් වෙලා ..නොදන්න මගුල් කරන්න ගියපු මහ මැනිකෙට වැස්සි පයින් ඇනපු පාරට ඇහැක් නිල්වෙලා තිබුනා ..තන බුරුල්ල වෙනුවට කොහෙ මිරිකුවද කියන්න දන්නෙ මහ වැස්සිම විතරක් වෙනකොට මං මොල්ලිගොඩ හාන්දුරුවන්ගෙ කාමරේට ගියා...

මොල්ලිගොඩ හාමුදුරුවො ජනෙල් ග්‍රීල් වල එල්ලිලා එලිය බලන් උන්නා....මං ලගට ගියා ...මට බලන්න ඕනා උනා ඒ මූනෙ හැගීම්....මට අහන්න ඕනා උනා උන්ට සතුටුයිද කියලා ...

ලොකු හාමු...

මං සීයා තාත්තා වත් නොකියා කෙලිම්ම ලොකු හාමු කියනකොට සීයා තාත්තා මගෙ දිහාවට හැරුනා ..

ඒකි උඹෙ ...පොඩිවත් දුකක් තියනවද ....?වලව්වෙ මැනිකෙලා එකතුවෙලා ඒකිට බනිනකොට අප්පච්චි උන උඹ අහන් උන්නෙ හිතකින්ද ??

මට උඹට කියන්න දේවල් නෑ සීයා තාත්තෙ ....හැබැයි ඒකි ඒකිගෙ පොතේ පිටුවක් ඒකිව කවදාවත් තුරුල් කර ගත්තු නැති අප්පච්චි වෙනුවෙන් වෙන්කරලා තිබ්බා....

කවදාවත් ඒකිව වඩා නොගත්තු අප්පච්චි වෙනුවෙන් වෙන් වෙලා තිබුනා.....

කවදාවත් දුවෙ කියපු නැති අප්පච්චි වෙනුවෙන් වෙන් වෙලා තිබුනා....

ලාවට හිරිකඩ වැටෙන්න ගත්තා ...මුලු අහසම කට්ටම කලුවර වෙලා ගිහින් තිබ්බා ...වප්.මහෙ වැස්ස කෙසේ වෙතත් ඉල් මහට නුවරම හෝදන්න හදනවා හා සමානවම අහස කලු කරලා තිබුනා වගේම දැනටමත් කිකිලි අම්මෙක් යාගන්න තැනක් නැතිව පොද වැස්සෙ තෙමි තෙමි කුකුලු පැටවුන්ව අත් තටු අස්සෙ හංගන් උන්නා...

මං ඒ කිකිලි අම්මා දිහා බලන් ඉදලා සීයා තාත්තා දිහා බැලුවා ..

සීයා තාත්තා මැනිකත්....අර කිකිලි වගෙ ..දරුවව හදාගන්න ඒකි තැලුනා....කිකිලිට පුලුවන් වලව්වෙ අගුපිලට එන්න...ඒත් එකී ගස් යට හැංගෙනවා උඹලා ගහයි කියලා ..හරියටම මැනිකලාටත් කුසියෙන් එහා තහනම් කෙරුවා වගේ....

අම්මෙක් මොන හෙනෙ ඔලුවට කඩා පාත් කෙරුවත් දරුවෙක් රකිනවමයි සීයා තාත්තා ...ඒත්...අවාසනාවකට ..උඹගෙ අඹුවටත්...දරුවන්ටවත් ඒ ගුනෙ ගිහින් නෑ ....හදවතක් එක්ක ඉපදුනෙ අවජාතක පට්ටම දුන්න ඒකි විතරක් උනත් ...අවසානෙදි සුජාත කියලා පට්ටම ගහපු උන්ගෙ සුජාත දරුවොම උඹගෙ අවජාතකීව මරා ගත්තා ....

අද ඒකිගෙ අවසානම දවස...ඒකි බලන් උන්න එක දවසක් හරි උඹ ඒකිට කතා කරාවි කියලා ...හැබැයි..මං ඒකිව රැක්කා..මොකද උඹ ලේ පවා අදුනන් නැතිව යාවි කියලා ..කකුල් මැද ඉන්න එකා ඇහැරුනොත් උඹ ඒකිවත් කයි කියලා මට බය හිතුනා ...

හැබැයි....මොන හේතුවටද කියන්න මං දන්නෙ නෑ....උඹ ඒකිට මොකුත් නොකර උන්නා ..ඒකිගෙ වෙලා පත්කඩෙ බැලුවා ....

මට කියපන් සීයා තාත්තා ඒකිගෙ වෙලා පත්කඩෙ ඒකිට අපලයි කියලා කොතනකන්වත් ලියලා තිබුන් නැද්ද...නැතිනම්....

නිතේශ් .....

මම මෙයිට වඩා කියන් නෑ.....උඹට කවදාවත් සමාවක් නම් නෑ...ඒත්...පුලුවන් නම්....ඒකි බලන් උන්නා.....ඒකිව කවදහරි උඹ බාර ගනී කියලා ...ඒකත් බැරි උන එකේ....උඹගෙ ලේ වලට ඇවිත් අද කරගහපන්...මොකද .....ඒකිත්...මොල්ලිගොඩ මැනිකක්....කැරකොප්ලුවට යනකන් වත්...ඒකිට කරහහපන්.....අදින් පස්සෙ ඒකි ආය නෑ.....

මම කියන්න ඕන ටික මූනට කියලා ජනේලෙන් එලිය බලා ගත්තා ....කිකිලි අම්මා වැස්සට තෙමෙනවා....පැට්ව්ව අත් අස්සෙ හංගගන...හරියටම මැනිකා එකීව රැක්කා හා සමානවම...

එත් ...අවසානෙදි ඒ පිච්චිට බැරි උනා....ඒ ගුනාදරීව නපුරු ඇස්වලින් රැක ගන්න...

"දවසක් පැල නැති හේනෙ....

අකාල මහ වැහි වැස්සා.....

තුරුලේ හංගාගන මා

ඔබ තෙමුනා....අම්මෙ....."

මම සුදු පිරුවට ගොඩක් අරන් මගෙ කාමරේට එනකොට මම ආයම රන්ඩුවක් අල්ලයි කියලා මගෙ විතේන් බය වෙලා උන්නා...

සුදුමහත්තයා ....අපි යමු...තව උන්නොත්...තව ලෙඩ.....

එයා බයටමද කොහෙදෝ යන්න හදිස්සි කරනකොට දොර රෙද්දෙන් ඇතුලට පොඩී එබුනා....

ඒකිගෙ මිනිය ගන්නෙ කීයට සුදු ....

ඇයි...උඹට සල්ලි දීලා ගන්ඩද....තොපෙ හුලගක්වත් එහෙට එපා..

මං පොඩීව මරන් කන්න හැදුවා ....බර උන බඩ අල්ලන් ඒකි යන්න යනකොට මගෙ විතේන් රවාගන උන්නා...

ලැජ්ජ නැති පරට්ටි ....

මොල්ලිගොඩ ආරච්චිලාගෙ රන්මලි මොල්ලි ගොඩ....

තනි කලු ලොකු අකුරෙන් බැනර් එකේ ලිය උන නම ඉලව් ගෙදර ආව උන්ගෙ ඔලුවට බරක් එකතු කෙරුවා ...

හෝරාවෙන් හෝරාව ගෙවිලා යනකොට මැනිකෙගෙ මලකදට අවසාන පාරට භුහුමන් දෙන්න මිනිස්සු එනකොට මැනිකා පිස්සියෙක් වෙලා උනා....එතනා අවසිහියෙන් උන්නා...අඩලා....අඩලා...අඩාගන්න බැරිම තැන උන්න මනිකා ඇත් දලේ බදාගන ඒකිගෙ මුන දිහා කන්න වගෙ බලන් උන්නා....

උන් උඹව මරා ගත්තා ....උන් උඹව මරාගත්තා .....

කටින් පිට උන හැම වචනෙකම තිබුනෙ වේදනාත්මක පලි ගැහිල්ලක් වෙනකොට මුදුන් උන ඉර බහින ජාමෙට හෝරා ගානක් තියලා මරනෙට වැඩපු කසාවත්තු කැලෑමලට නිවනට යන්න ඉනිමන් බැන්දා...

අනෙ උඹට ඉපදීමක් තිබ්බොත් හොද තැනක ඉපදියන්‍ රන්මලියෝ...

මගෙ හිත කෑ ගැහුවා .....

අනෙ...සෙනෝන්...නංගි බබාව අරන් ය්න්න ලගයි සෙනෝන්....අපේ දෝනියව බලා ගත්තු නංගි බබාව උන් මරා ගත්තා....අපි වෙනුවෙන් බත් පිඩක් දුන්න නංගි බබාව....උන් මරා ගත්තා....සෙනෝන්....

නාඩා ඉන්න මගෙ වස්තුව .....

ගඩාපි පැටියා ඌ වෙනුවෙන් ඒකි කරපු දෙවල් එකින් එක කියනකොට ශෙනෝන් ඌව නැලෙව්වා....මායි මගෙ මැනිකෙයි ඒකිගෙ මූන ඉස්සරහා හිත් ගල් කරගන පරවෙලා ගියපු මල දිහා බලන් උන්න වගේම ඒකිගෙ අම්මා පෙට්ටිය බදාගන විලාප තිබ්බා....

උඹ යන්න යනවා.....මැනිකේ....නත්තල් ලගලු දෙයියෝ ..නැකිටපන්..මගෙ.....රත්තරනේ.....නැකිටපා.....අම්මව ...දාලා යන්න...එපා...මගෙ...මැනිකේ...

මිනිස්සු මැනිකව වත්තම්.කෙරුවා ....එතනගෙ හොද සිහිය නැත්තටම නැතිවෙනකොට වහන්න හදන පෙට්ටියේ එල්ලි එල්ලි උන්න මැනිකා මගෙ කකුල් වල එල්ලුනා....

බුදු බව අත්වෙයි....බුදු බව අත්වෙයි...හාමු....බේබි...හාමු....මගෙ මැනිකෙව ගෙනියන්ඩ දෙන්ඩ එපා.....අනෙ...මගෙ එකී..මැරිලා ...නෑ.....මගෙ....හාමු....අනේ....මගෙ එකීව දීපියව්.....මගෙ කෙලීව දීපියව්....අමෙ...ළමයා...ඇයි...මට...මේ අපරාදෙ...කෙරුවෙ...ඇයි..දෙයියෝ...දලදා..හාන්දුරුවනෙ....මගෙ....පහනෙ...තෙල් මදි උනාදෝ...අව්ලපු හදුන් කූර සුවද මදි උනාදෝ....ඇයි..දෙයියෝ....ඒකිගෙ හුස්ම ගත්තේ....මගෙ....දරුවා.....

ඒකි මගෙ ඇගේ එල්ලි කෙල්ලව අරන් යන්න එපා කියනකොට මම පොඩි එකීගෙ සීතල මූන අවසානම වතාවට අතගෑවා...

ලොවම නිදනා රැයක ඉපදුන

පුංචි මල සේපාලිකාවෙ...

මලේ සුවදත් රැගෙන පරවුණේ

ඇයිද මූසල ගොම්මනේ....

බැන්ද දහසක් පැතුම් මල් පොදි

දිය කරලා හිම කිරමසේ

සැඟව ගියෙ ගං පතුලෙ ඇයි නුඹ

දෙමින් ළය ගිනි මේ ලෙසේ....

(XZhan_1005 ස්තූතියි ගොඩාක් මේ වචනවලට ....😢❤️....)

මගෙ....මැනිකේ.....යන්න....එපා..මේ...

අම්මව....දාලා. ..යන්න ...එපා....මගෙ...රත්තරනේ ...අනේ ....දීපියාව් ...මගෙ...කෙලීව...මට....දීලා පලයාව්.....

ජීවිතේ තිබුන අවසානම බලාපොරොත්තුව පවා කැඩිලා බිදිලා ගිය වෙලේක මැනිකගෙ විලාපෙ මැදම පපුව ගල් කරන් අපි ඒකිගෙ පෙට්ටිය වැහුවා ....

වැහුන පෙට්ටියට තඩි බාන මැනිකා කිව්වෙම කෙල්ලව දීලා යන්ඩ කියන එක වෙනකොට...අප්පච්චි එක කොනකට කර ගහනකොට මං අනිත් කොනට කර ගහනකොට මගෙ විතේන් වගේම ශෙනෝන් පිටිපස්සෙ කොන් වලට කර ගැහුවා වගේම ගඩාපි පැටියා අඩ අඩම පැත්තට කර තිබ්බා....

මගෙ....රන්මලියෝ...අම්මට....අවසානම පාරට...උඹව....කරගහන්ඩ දියන්...මගෙ.....මැනිකේ....ජාති....ජාතිත්..

..උඹට...මෙහෙම නම්...වෙන්ඩ...එපා....මගෙ....පුතේ...මේ...අම්මට ...උඹ නැති උනා..මගෙ පුතේ.....

අවසානම හරියෙදි තරවටු කරපු ඇස්වලටත් උහුලන්න බැරි වෙනකොට කැරකොප්පුවට අරන් යන්න හදන පෙට්ටියට ඒකිගෙ අම්මත් කර ගහනකොට කවුරු හරි මගෙ උරහිසට අත තිබ්බා වගේම මං හැරිලා බැලුවා ...

සීයා තාත්තා ....අවසානම තත්පරේදි අහිමි උන අප්පච්චි ගෙ ආදරෙ දෙන්න ඇවිත් තිබුනා....

මගෙ ඇස්වලින් වේදනාවෙ ලෝදිය වැටෙනකොට සීයා තාත්තා අවජාතක කියලා ලේබල් කරපු තම්නගෙ ලේවලට කරගැහුවා වගේම මිනිස්සු මූනට මූන බලා ගන්නකොට වෙනද ඒකි දුව පැනපු පාරෙම ඒකි අද අපේ කර උඩින් යනගමං උන්නා.....

පුරුදු පාරෙම අදත් යනවා...

ඒත් වෙන ගමනක් "අම්මෙ.."

හුගක් අය මගෙ පස්සෙ එනවා

තනිව ආ ගිය මගෙ

කවමදාවත් මගෙ බර

උඹා කරේ තිබ්බෙ නෑ "අම්මෙ..."

හුගක් බර නම්-බිමින් තියපන්

රිදෙනවා ඇති අත් උඹේ....

.

මගෙ මැනීකේ....ජාති....ජාතිත්...බුදුන් දැක නිවන් යමන් මගෙ පුතේ....මගෙ ...මැනිකෙ....උඹට.....

නිවන් ..සුව...මගෙ පුතේ....

අදින් පස්සෙ උඹේ අම්මා තනි උනා

මගෙ පුතේ ..

අවජාතකී...කියලා පට්ටා ගහපු

උඹ අවසානෙදි මැනිකෙක් වෙලා නොඑන ගමං ගියා...මගෙ පුතේ...

මොල්ලිගොඩ කැරකොප්පුවෙම සුදූගෙ වලට එහා කොනෙන් රන් මලියගෙ පෙට්ටිය බස්සවනකොට මැනිකෙ අත් එකතු කරකර කෙල්ලට නිවන පැතුවා .....

මිනියට කරගගපු සීයා තාත්තම පලවෙනි පස්පිඩ තමුන්ගෙම ලේ උඩට දානකොට අහන්නෙ බලන්නෙ නැතිවම නම ගත්තු මොල්ලිගොඩ කැලෑ මලේ පෙට්ටිය උඩට පස් මිටවල් එක දෙක වැටෙනකොට මගෙ කදුලුත් එක්ක පස් මිටක් ඒකිගෙ පෙට්ය උඩට වැටුනා...

සස්!!!!

ආය ඉපදීමක් තිබුනොත් කැලෑ මලක් නොවී පිපියන් මැනිකේ .....

මැනිකා.....උඹ මනාපද කොළඹ එන්ඩ ...

කැලෑ මල යන්න ගිහින් දවස් දෙකකුත් පහුවෙනකොට ඉලව් රැකපු අපි යන්න ලැහැස්ති උනා....

එතනා ඇඩු කදුලෙම්ම පිස්සියක් වගෙ නිදියන් ඉන්නකොට මැනිකා කෙල්ලගෙ ගවුමක් පපුවට තුරුල් කරන් උන්නා....

ඒකි නැතිවම නත්තල් ගහ පොල්කුඩු දාලා මැදපු බිම හිටන් ඉන්නකොට මම මැනිකා නම් වෙච්ච කිසාගෝතමී ගාවින් දන එබුවා.....අබ මිටක්.හොයාගන්න බැරි උන මැනිකා ගාවින් දන එබුවා....

මැනිකා...උඹ එනවද අපි එක්කලා යන්ඩ....තවත් වල්ව්වෙ ඉදුල්.හෝදන එකේ තේරුමක් නෑ...කඩයප්පන් ටිකක් තම්බන්න හරි උඹ එනවද මැනිකා.....

මං මැනිකගෙ ඔලුව ගෑවා.....ඒකිගෙ ඇස් දෙක තවමත් කදුලු හලනකොට ඒකි කදුලු පිටිම්ම මා දිහා බැලුවා.....

මාව හත් දොහෙන් පස්සෙ එක්ක යමන් බේබි හාමු...මගෙ කෙලීගෙ හත් දොහෙන් පස්සෙ මාව එක්ක යමන් හාමු...

සුදු මැනික...ඕක ඉවර නැද්ද.....

තව චුට්ටයි....

උඹ දැන් පැයකට කලිනුත් තව චුට්ටයි කිව්වා... බඩ ගිනී අප්පා...

අනෙ...සුදු අප්පො...මේ මේ එක විතරයි ...මං දැන් සතියකින් විතර ඔෆිස් ගියේ නැ....තේශී.....මං හින්ද බඩගින්නෙ ඉන්න එපා තේශි....

අනේ මේ නිකන් ඉදින්...මගෙ කෝලම...

මං දන්නවා ඒයි.....ඔයා මව දාලා යන් නෑ කියලා.....

වෙලාව රෑ අටට විතර ඇති.....මැනිකෙගෙ පොඩි එකී යන්න ගිහින්...හෙටට හත් දොහයි...

මේ දවස් ටිකටම මම සැලුන් එක පැත්ත පලාතෙ නොයා උන්නා වගේම මම නොයා උන්නා.....එයා ඔෆිස් නොයා ගෙදර ඉදන් වැඩ කෙරුවා ...

අවසානෙදි ඒකි යන්න ගිහිල්ලා....

නත්තලට දින ලන් වෙනකොට මුලු කොඹම සුවර්ගයක් වෙන තැනට බබලනකොට මහත්තයා ...මෙදා පාර අපිටත් නත්තල්නෙ අහපු මැනිකෙ නත්තලටත් කලින්ම ඇස් පියාගන දුර ගමනක් යන්න ගියා...

එයා ලැප් එකට බෙල්ල ඔබාගන ඉන්නකොට මම බලෙන් අතදාලා මගෙ දේවල් හොයන්න ගිහින් එයාගෙ ටීශර්ට් වල හැම එකකම කර් ඇදිලා තිබ්බා වගේම දැන් ඇදන් ඉන්න එකෙත් කර ඇදිලා තියනකොට මගෙ තියන ඕන් නැති කමට මම එයාව අවුස්සන්න හිතාගන ආයම අත ඔබා ගත්තා .....

ඔහෙ නෙවෙ වෙන තැනක් තියනවා අත්දාලා මිරිකන්න බැරිද....

උඹ මහ වලෙක්.....

ඇත්තනෙ....දැන් ඕක වැල වෙනවා....

ම්හුක්...වැල වෙන් නෑ...මං මේ බෝල කරනවා

යෝ....තේශීහ්...මට මේ මේල් එක ගහගන්න දියන්කො...

මම හිනා වෙලා අත එලියට අරන් එයාගෙ මූනට හාද්දක් දෙන්න පහත්වෙන්න හදනවා එක්කම මගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා....

අප්පච්චි ගෙන්.....

හෙලෝ අප්පච්චි ....

...........

දෙයියනේ.......කොයිවෙලේ...

තේශී.....ඇයි මේ....තේශී.....

අප්පච්චිගෙ කෝල් එකත් එක්ක මාව තක්කු මුක්කු වෙලා ගියා වගේම එයා මාව හොලව හොලව හේතුව ඇහුව...හේතුව කියන්නවත් ඉඩක් නොතියම අතේ තිබුන ඵෝන්එක ආයම රින්ග් උනා.....මං ආන්ස්වර් කෙරුවා ....

හෙලෝ.....

බේබි හාමු.....මාව කොළඹ එක්ක යන්ට..මං කැමතියි.....

මැ...නිකා.....

🙂ආයම කොටසකින් එන්නම්....

මම

.ferdeesha ....

More Chapters