Cherreads

Chapter 20 - 20

හැලුනනෙ නිතේස් ....කමක් නැද්ද ඒයි ....

කමක් නෑ...

කුඩුවෙලා ගියපු කිරි වීදුරුව දිහා බලාගන අත් දෙකෙම්ම ඔලුව කසපු ඩියෝන් මගෙ දිහාවට හෙන දුක හිතෙන මූනක් දාලා හැලුනනෙ කිව්වා...එයාගෙ මූන කොහොම උනත් මට එහා පැත්තෙ උන්න විතේන්ගෙ මූන අත්තම්මගෙ වගේ වෙලා තිබුනා...මට දැන් අරූට මොකුත් කියන්නත් බෑ...විතේන්ට මොකුත් කියන්නත් බෑ.....කැඩුන බිදුන වීදුරු කටු දිහා බලන් උන්න ඩියෝන් ඊලග පාර ආයම මගෙ කකුල් දෙක උඩට ඇවිත් ඉදගන ඒකගෙ කකුල් දෙක මෑ කරල් දෙකක් වගේ අඹරන් මගෙ මූන දිහා බැලුවා වගේම ඌට ඈනුමක් ගිහින් තලු මැරුවා 

 

සෙනෝන්...

කියන්න බබා....

ම්ම්ම්ම්ම්....දොයිය මතක් හැදිලනෙ ඩියෝන් බබාට

තත්පරයක් දෙන්න බබා....මං ඔයාව ගන්නම්...

අරූ මගෙ කකුල් දෙක උඩ ඉදන් නිදි කිරා වැටුනා වගේම එහෙම්ම මගෙ උරහිසට ඔලුව ගහගත්තා ...පාන්දර ජාමෙ මායන් වෙලා ඒකට කරමත ගහලා තියනකොට මෙතන කාටත් නොපෙනෙන්න ඇවිලෙන ගින්න නොදැකපු ශෙනෝන් ඵෝන් එක කකා උන්න වගේම මං බලාගන විතේන් මං දිහා ඇහි බැම රැලි කරන් බලන් උන්නා....

ශෙනෝන්.....මූව ගනින් නින්ද යන්න යන්නෙ...

රැලි වැටුන ඇහිබැම දෙක වගේම දැනටමත් රතු උන ඇස් කොන් දැකපු මම මොන හේතුවටද කියන්න දන්නෙ නැ මගෙ ගාව නිදාගන්න එක කවදාවත් ප්‍රශ්නයක් නොවුන ඩියෝන්ව ඉක්මනට ශෙනෝන්ගෙ ඇගට ගහන්න හැදුවා .....

ඩියෝන්....හුරතල් කියන වචනෙට සමාන පදයක් තිබුන නම්...ඒ ඩියෝන්ම උනා....නිදි මත උනාම නින්ද යනකන් මං ලව්වා ඔලුව අත ගාව ගන්න....වෙලාවකට ඒකගෙ මිනිහගෙන් හොයන දේවල් මගෙන් හොයලා ගුටි කාගන අඩාගන යන ඩියොන් හුරතල් උනා.....

ඒ උනත් ...ඩියෝන්ට වගේම මෙතන තව කෙනෙක්ට හුරතල් වෙන්න ඕනා වෙලා තිබුනා....එයාගෙ මුනෙ තිබුනෙම එයාට අයිති දෙයක් වෙනකෙනෙක් අයිති කරගත්තම දැනෙන තරහව වෙනකොට මම දැක්කත් නොදැක්කා වගෙ උන්නට කාටත් හොරෙන් මම මගෙ හිතෙන් ඒ හැගීම් වින්දා....

සුදු අප්පො...සුදු මහත්තයා ..මැනික.....ඒ හැම වචනයක් ඇතුලටම විතේන් ආදරේ පිරෙව්වා...ඩියෝන් කියන්නෙ හුරතලේට කියන නමක් වෙනෙකොට ....විතේන් කිය්න්නෙම ආදරනීයම හදවතක් තියන කෙනෙක් කියන එක මම ඒ වෙනකොට කාටත් හොරෙන් පිලි ගත්තා ....

ඩියෝන්...මගෙ චූට් මැනිකට නින්ද ගිහින්නෙ....

ගනින් මූව නැත්තන් කෙදිරි ගාන් උඹෙන් හොයන ඒවා මගෙන් හොයයි...

හුම්..හුම්...ඉස්සර...නම්...බයක්..හැකක්..නැතිව...දෙන්න පුලුවන් කමක්...තිබ්බා...ඉතින්.....දැන්...එහෙමබෑනෙ...නේද....විතේ...න්න්න්න්.....

ආ..ඔව්....ඒක ..තමයි...සොරි...ඔයා මොකක්ද කිව්වෙ ශෙනෝන්..මට තේරුන් නෑ.....

නෑ මොකුත් නෑ..මං කිව්වෙ ඔච්චර රවන් ඉන්න එපා මං මගෙ කොල්ලව ඔයාගෙ මිනිහගෙ ඇගෙන් ගන්නම් කියලා.....නිතේශයා මං යනවා මූට කන්න නිල්කටරොලු ද මොනාද මගුලෙ බතක් ඉල්ලුවා දවල්ට කන්න වරෙන් ඔය බිබික්කම එක්ක.....

මගෙ කන් දෙක රතු වෙලා ගියා....මම දැක්කෙ නෑ....ඒ උනාට මට දැනුනා....විතේන් මන් දිහා රවන් උන්න විදිහ ශෙනෝන් දැකලා තිබ්බා වගේම ඌ ඇගට පතට නොදැනි ගහපු හින්ට් එකට මාව කරකවලා ඇතෑරියා උනත් මොන මොහොතෙ මූනෙ හැගීම් කොයි විදිහට වෙනස් කරගන්නවද හිතා ගන්න බැරි විතේන් ආයම අර මිස්ටර් විතේන්ට පන දීලා තිබුනා....

මගෙ ගාව උන්න ඩියෝන්ව ශෙනෝන් වඩාගන්නකොට ඒකා නින්දෙම්ම ශෙනෝන්ගෙ බෙල්ල අස්සට මූන ගහගත්තා වගේම අරූ උගෙ දරුවව නලවනවා වගේ පොඩ්ඩක් දෙපැත්තට පැද්දුනා...ඌ ආදරෙයි ....ඒ ආදරෙ රෝමාන්තිකයි කියනවට වඩා හරි හුරතල් .....මේ ලෝකෙ හැම ඩියෝන් කෙනෙක්ටම හම්බෙන්න ඕනෙ ශෙනෝන් කෙනෙක්...

ඒවගේම...හැම විතේන් කෙනෙක්ටම හම්බෙන්න ඕනේ.....

මං එයා දිහා බැලුවා...

එයාගෙ මුන තරහෙන් පිපිරෙන්න ඔන්න මෙන්න.....

මගෙන් ඔයාට වරදක් උනාද විතේන් ....

මං හිතන්නෙ නෑ ඔයා මට වරදක් කෙරුවා කියලා මිස්ටර් නිතේශ් ....හැබැයි....ඔයා මගෙ හැගීම් තරහා ගැස්සුවා....

එයාට තරහා ගිහින්.....ඩියෝන්ලා යන්න ගියා උනත් එයාට තරහා ගිහින් උන්නා...මගෙ මැනික....පන....සුදු මහත්තයා සුදු අප්පො කියපු එයා ආයම මට මිස්ටර් නිතේශ් කිව්වා....එයා නොදැක්කට මගෙ හැගීම් ගැස්සුනා...බිදුන වීදුරු කටු වගේම ඉහිරුන කිරි එක දිහා බලන් උන්න එයා ගානක් නැතිව යන්න හැරුනා...ඒඋනත් එයාටම අමතක වෙලා වීදුරු කටුවකට එයා අඩිය තියලා.....

ආ...හ්ව්.....

විතේන් ....

එයා ආව්හ් ගාන් කකුල උස්ස ගන්නකොට මම ඇදෙන් බැස්සා....නෑ....මං හිතන්නෙ මාව ඇදෙන් බැස්සුනා වෙන්න ඕනා...මම එයාගෙ හැගීම් තරහා ගැස්සුවා.....දෙවනි පාරට මම එයාගෙ හැහීම් රිද්දුවා.....ඉතින්.....එයාගෙ වේදනාව එක්ක මාව එකපාර ඇදෙන් බැස්සුනා...

සුදු මහත්තයා .....

යටි පතුලට වීදුරු කටුවක් ඇනිලා තිබුන එයාගෙ කකුලෙන් ලේ බිංදු සුදු පාට ටයිල් පොලවට වැටෙනකොට මම එයාව හරහට උස්සාගත්තා....ඒ උනාට එයා දන්නෙ නෑ දැනටමත් මගෙ යටිපතුලට වීදුරු කටු දෙක තුනක්ම ඇනිලා කියලා .....

ඇයි...කල්පනාවක් නැතුව වැඩ කරන්නෙ....

ඒමගෙ වචන....

එයාව උස්සගත්තු මම එයාගෙන් ඇයි කල්පනාවක් නැතිව වැඩ කරන්නෙ අහනකොට එයා මගෙ මුන දිහා බලන් උන්නා...ඒ ඇස් අස්සෙ හැගීම් ගොඩක් තිබුනා.....එයාගෙ ඇස් හැම වෙලාවෙම කතාවක් කිව්වා ..

කල්පනාවක් නැතිව වැඩ කරන තරමට මගෙ හැගීම් තරහ ගැස්සුනා නම්....මගෙ වේදනාව දැනුන වෙලාවට ඔයාගෙත් කල්පනාව නැති වෙලා යන්නෙ ඇයි සුදු අප්පො....

ව්...තේ...න්.

මම මිමිනුවා.....

කටින් නොකිව්වත්....ඔය ඇස් ගැස්සෙන හැටි මම දැක්කා තවත් මාව උස්සන් උන්නොත්....යටි පතුලට ඇනුන වීදුරු කටුව තව ඇතුලට බහීවි මැනික....උඹට රිදෙනකොට මටත් රිදෙනවා තේශි...

මට කියන්න...මං මෙවෙලේට මොනවද කියන්න ඕනේ කියලා .....මම වචනෙකින් වත් මගෙ වේදනාව පිට නොකෙරුවත් එයාට මගෙ වේදනාව දැනිලා තිබුනා.....

සුදු අප්පො.....උඹ දැන දැනම තවමත් මාව උස්සන් ඉන්නෙ ඇයි නිතේශ් .....

ගගක ගැඹුර බලන්නම්....ගගට බහින්නම ඕනෙ කිව්ව වගෙම...ඔයාගෙ හැගීම් රිදෙන්න කොහොමද කියලා බලන්න...මාත් පය ගැහුවට කමක් නෑ නේද ...

මම මිමිනුවා.....එයාම මගෙ වේදනාව එක්ක අත්දැක්ක....ඉතින්...මට පුලුවන්ද එයාගෙ වේදනාව එයා එක්ක විදින් නැතිව ඉන්න....

මං එහෙම්ම එයාව ඇදෙන් තිබ්බා වගේම කටුව ඇනුන කකුල දිහා බැලුවා....

එච්චර ඇනිලා නැ....පොඩි එකක්....

මම මුමුනකොට එයා හිනා උනා.....

මට රිදෙන් නෑ ගලවලා දාන්න.....

එයා ගානක් නැතිවම ගලවලා දාන්න කියනකොට මම බලන් උන්නා.....රිදෙන් නෑ කියන්නෙ කොහොමද ...එයාට රිදෙනවනෙ...

සුදු අප්පො....මට රිදෙන් නෑනෙවෙ....උඹ මට රිදවන්නෙ නෑ...ඒකයි හරි වචනේ...එහෙම නේද මගෙ මැනික....

එයා ආයම මට කතා කරනකොට මම ඇත්තටම එයාට රිදෙයි කියලා බයෙන් විදුරු කටුව හිමින් ඇදලා ගත්තා ...ඒත් මම හිතන්නෙ නෑ...මගෙ කකුලෙ එක මේ තරම් ලේසි වෙයි කියලා....මම මගෙ කකුල දිහා බැලුවා.....උකුම උකු ලේ බින්දු පොලව පුරාවටම තියනකොට මම එයා දිහා බලලා හම කපා ගන එන්න හරි ඇදලා දැම්මා....

එතනින් එහාට උනේ මමම නොන්ඩි ගගහා ගිහින් මමම එයාගෙ කකුලට බෙහෙත් දැම්මා වගෙම එයත් මගෙ කකුලට බෙහෙත් දාපු එක උනා...

තේශි ...

එයා උන්නෙ මගෙ ඇද උඩ...මම උන්නෙ එක කෙරවලක ඉදන් එලිය දිහා බලාගන වෙනකොට මගෙ නිරුවත් පිටට දැනුන උනුසුම් වගේම හිරි වැටීම එක්ක මම එයාගෙ පැත්තට හැරිලා ඒ මුන දිහා බැලුවා ....

එයා මගෙ පිටට හාදුවක් තියලා තිබුනා ...

කවදම හරි...දවසක උඹ මට ආදරේ දේවි නේද.....මැනික.....

එයා මගෙන් ප්‍රශ්නයක් අහනකොට මම උත්තරයක් නොදීම ඇදේ දිගා උනා...මගෙන් ප්‍රශ්නයක් අහපු එයා උත්තරයක් නැති උනත් මගෙ අත දිගෑරලා මගෙ අත් ගොබේ උඩින් ඔලුව තියාගන එක කකුලක් ඇගට දාගත්තා වගේම එක අතක් පපුව උඩින් තියා ගත්තා ....

මට දැනෙනවා...එයා මා දිහා බලන් ඉන්නවා.....ඒ උනත් මම කෙරුවෙ සිවිලිම දිහා බලන් ඉන්න එක වෙනකොට එයා අනිත් පැත්තට හැරුනා....එයා ඵෝන් එක ඔබනවා....මං දන්නවා...එයා රිදුන වෙලාවට කරන්නෙ එයාගෙ හැගීම් අකුරු කරන එක කියලා.....එයා එහෙන් ඒ පැත්තට හැරෙන කොට මම අනිත් පැත්ත හැරුනා...

තරුවකට පුලුවනි නම්

හද පායන බව දැන දැන පායන්න....

මලකට පුලුවනින් නම්

මැලවෙන දැන දැන පූදින්න.....

මට බැරි ඇයි නොලැබෙන බව

දැන දැන උඹවම ඉල්ලන්න....

සුදු අප්පො මම නම්....

මම තවම හොයනවා උන් මගෙන් උදුර ගත්තු නිමල්ව....

දැක්කොතින් කවුරුන්ම හරි

උන් මගෙන් උදුර ගත්තු නිමල්ව....

ගිහින් කියපන්

මම තවමත් ගල්වල ගාව බව.....

මොකද ආසයි මට ආයමත්

ඉපදෙන්න මුල ඉදන්ම.....

මග ඇරුන නිමල් එක්කම.....

වලව්වක නැතිව 

වෙන ඕනම තැනක.....

අමතක නොකර කියපන් තව,

උන් උදුරගත්තු සුදු අප්පොව

ආයමත් දෙන්න පුලුවන් ඒ නිමල්ටම විතරක්ම වග...

තත්පරයක් ඇතුලත vithen de silva ගෙ එකවුන්ට් එකෙනුයි.....nithesh dissanayake ගෙ එකවුන්ට් එකෙනුයි පෝස්ට් දෙකක් අප්ලොඩ් වෙලා තිබුනා.....

හැගීම් දෙකක් අකුරු වෙලා තිබුනා...එයා මගෙන් ආදරේ ඉල්ලනකොට .....මම එයාගෙන් ජීවිතේ ඉල්ලලා තිබුනා....මොකද...මට මුල ඉදන් මාව උදුර ගත්තු උන්ගෙන් මාවම ඉල්ලන්න ඕනා උනා....මට යාලුවෙක් ඕනා උනා...එක පොත බෙදාගන කියවන්න...එක කෑම පෙට්ටිය බෙදාගන කන්න...වහින දාකට ජනෙල් කූරුවල එල්ලිලා නොයිද එලියට පැනලා කෑ ගහන්න...මට ආයම උන් මගෙන් උදුර ගත්තු මාවම ඕනා උනා...මොකද මට පුලුවන් මමම වෙලා අවසානෙදි .....එයා ඉල්ලන දේ කවදම හරි දෙන්න....

හෙලො.....මිස් අමාලි...මම ඔයාට ලිස්ට් එකක් දැම්මා....මට පැයක් යන කොට ඔය ලිස්ට් එක මිස්ටර් නිතේශ් ගෙ සැලෝන් එකට ඒවන්න පුලුවන්ද .....

......

ඔව්....එතන තියන පොඩි දේ පවා මට ඕනා...

මම අහන් උන්නා...එයා මොන මොනවා හරි ඉල්ලුවා...ඒත් ඒ මොනවද කියන්න මම දන්නෙ නෑ..එයා මගෙ සැලෝන් එකට මොනව හරි ගේන්න කිව්වා....

මම අනිත් පැත්තට හැරිලා ඔහේ උන්නා....එයාගෙ බරම බර සුසුම් වල සද්දෙ ඇරුනම ඔරලෝසුවෙ කටු දුවන සද්දෙ විතරක් මුලු කාමරේ පුරාවටම ඇහෙනකොට මම වීදුරුවෙන් පිටත බලාගන අනන්තයක් නැති දේවල් කල්පනා කරනකොට මට ආයමත් මගෙ නිරුවත් පිටට එයාගෙන් හම්බුන හාදුවත් එක්ක මගෙ සර්වාංගෙම හිරිවැටිලා යනකොට මම අහන්න බලාපොරොත්තුවෙන් උන්නා...මොකද මම ආසයි අහන් ඉන්න...වරුගානක් උනත්.....

සුදු අප්පො....

එයා මට කෙදිරුවා ...මම සද්ද නැතිව අහන් උන්නා..මොකද මම ආස උනා එයාගෙන් ඒ වචනෙ ආයම අහන්න....නිතේශ් උඹ ආත්මාර්තකාමියි.....මගෙ හිත මට අනන්තවත් දෙස් තිබ්බා...ඒ උනත් මම ඒ කටහඩ අහන්න ආසාවෙන් මීක් නොගා උන්නා.....

සුදු අප්පො.....හැරෙන්න මැනික....

එයා කොදුරනවා.....එයාගෙ අත ඊලග පාර වැටුනෙ මගෙ බද හරහා වෙනකොට එයාම මාව හරවගත්තා ....

එයයි මායි උන්නෙ හුස්මක් දුරින් ...නෑ...ඊටත් වඩා ලගද මන්දා.....

හාදුවක් .....

ඇහීමක් බැලිල්ලක් නැති හාදුවක් මගෙ නලල මැද නවතින කොට මටත් නොදැනිම මගෙ ඇස් පියවෙලා ඇස් කොන්වලට කදුලක තෙත් ගතියක් දැනුනා.....

යලි දිනෙක හමුවන්න

මම පතනෙමි....

බොද වෙච්ච හිත අස්සෙ නුඹ...

සගවමී.....

රැකගත්තු අපෙ මතකේ මම

සුරකමී....

පුරවන්න බැරිවේවි....

නුඹ නැති තනි......

තේශි ...මගෙ මැනික....

එයා කතා කරනවා ...එයාගෙ අත් දෙක තිබුනෙ මගෙ පපුව මැද වෙනකොට ඇයි කියන්න වචනෙන් නාහා මම ඇස්වලින් ඇයි ඇහුවා...

උඹ හොයන්නෙ....නිමල් කෙනෙක් නම්.....මට පුලුවන් උඹට ආයම නිමල් කෙනෙක් ගෙනත් දෙන්න..

උඹ හොයන්නෙ...උඹට මග ඇරුන ජීවිතේ නම්...සුදු අප්පො..මට පුලුවන් ....උඹට ඒ ජීවිතේ ගෙනත් දෙන්න....උන් මරපු...පොඩි නිතේශ්ව ආයම ගෙනත් දෙන්න.....

උඹ ඉන්නෙ ගල් වල ගාවනම්

මට පුලුවන් උඹව හොයන් එන්න...

උඹ ඉන්නෙ තවමත්...පැටලුන තඹ ගාලකනම්.....මගෙ මැනික මට පුලුවන් උඹව නිදහස් කරන්න...

සුදු අප්පො...උඹ මගෙන් හොයන්නෙ....මග ඇරුන ජීවිතේ.....

මම උඹෙන් හොයන්නෙ.....මට ගිලිහුන ආදරෙ.....

ආදරෙ නැතිව ජීවත් වෙන්නත් බෑ....ජීවත් නොවී ආදරේ දෙන්නත් බෑ....

ඒ උනත්....තේශි...මම ඉල්ලන්නෙ...මට නොදෙන ආදරේ වගේම....උඹ මගෙන් හංගන්නෙ.....එයාට දීපු ආදරේ.....

ගෑනු පපුවක තියන මෘදු බව කවදාවත් පිරිමි පපුවක නෑ තේශි.....ගෑනු ඇගක තියන තෙත් බව...කවදාවත් පිරිමි ඇගක නෑ....ඒ උනත්...ගෑනු හිත් වගේමයි.....පිරිමි හිතත් ...ආදරේට ලෝභයි...ජීවිතේට ලෝභයි....

උඹ පිලි ගත්තෙ නැති උනත්.....උඹ වචනෙන් නොකිව්වත්....මම නොදන්නවා නෙවෙ මැනික උඹේ හිතෙ එක අංශු මාත්‍රයක් හරි මගෙ ගැන.....ආදරයක් තියනවා කියන්න...

තේශි දන්නවද...ඇහි පිල්ලමක් වැටෙන වාරයක් පාසාම මට මතක් වෙන්නෙ උඹව.....ඒ හැම වෙලාවකම මට කියන්න අමාරු වේදනවක් දැනෙනවා.....අමාරුවෙන් හුස්ම අල්ලන හැටි මතක් උනාම...පපුව පැලෙන්න එනවා....උඹ උඹව ඉල්ලන හැටි දැක්කම....පපුවම පීරි ගානවා වගේ දැනෙනවා.....

තේශි ...මම දන්නෙ නෑ...සුදු අප්පො....උඹ අයිති මටද කියලා....ඒත්....මේ ටික දවසට.....මේ විදිහට ඉන්නකොට ....වෙන කෙනෙක්ව සනසවපු උඹේ පපුවට තුරුල් වෙනකොට මට...උඹ මගෙමයි කියලා දැනෙනවා...සමහර වෙලාවට....මට කෑ ගහලා කියන්න හිතෙනවා.....සුදු අප්පො...මම උඹට පැලෙන්න ආදරෙයි ...තවත් ඔය ආදරෙ හංගන්න එපා කියලා....ඒ උනත්....ඒ උනත්...මාව සමහර තැන්වලදි....ගොලුවෙනවා...උඹ...කොයි.තරම් නොකිව්ව උනත්...සමහර හීන ඇස් පනාපිට මැරිලා යනකොට උඹට ඕනෙ ආයම ඒ හීනෙ එක්ක ජීවත් වෙන්න කියන එක මම නොදන්නවා නෙවෙ...මිනිස්සු කොහොම කතා කිව්වා උනත්...සමහර දේවල් තියනවා අයිතියක් නැති බව දැන දැනත් ඒක මහ නපුරු හීනයක් කියලා හිතන් මතක එක්ක ජීවත් වෙන්න හදන....ඒකට...උඹ වැරදි නැ....ඒකට උඹ කොහොමත් වැරදි නෑ තේශි.....

ඒ උනත්...උඹ මට ආදරේ නොකිවත්...මං ආදරේ කරනවා ....උඹ මට ආදරේ නොදුන්නත් ආදරෙ කරනවා...

මොකද උඹ අයිති මට කියලා හිතින් මවන් ඉන්න එකත් මට සැනසීමක්.....

උඹ මගෙ කියන එක දැනෙන එකත් මට නිවීමක් .....මට රිදෙනකොට උඹට දැනෙනවා කියන එකත් ඇති මට සැනසෙන්න ...

සුදු අප්පො...

"ආදරේ තියෙන්නෙ දෙන්න මිසක් ගන්න නෙවෙ...කවුරුත් කියන්නෙ ආදරේ දෙන්න මිසක් ආපහු බලාපොරොත්තු නොවෙන්න.....උඹ ඉන්නෙ තවම එක තැනක හිර වෙලා උනත් කවදම හරි දවසක....උඹම මාව හොයන් ඒවි....කියන දේ මාව ජීවත් කරවනවා නිතේශ් ....

උඹ...මගෙද කියලා හරියටම දන්නෙ නැති උනත්....උඹ මගෙද කියලා අහන්න පුලුවන් උනත්...උඹෙන් උත්තරයක් නැති වෙද්දි ...උඹ මගෙයි කියලා මාවම රවට්ටගන්න උත්තරේ එක්ක....මේ විතේන් හුස්ම ගන්නවා.....

සුදු අප්පො.....කවදමහරි දවසක...මගෙ අකුරෙන් ...මම දවසක ලියාවි.....අදටත් මට හමු උන හොදම කෙනා උඹයි කියලා .....

අදින් පස්සෙ ....මම උඹෙන් ආදරෙයිද අහන්නෙ නෑ මැනික.....හැබැයි.....උඹ හොයන නිමල්ව මම උඹට ගෙනත් දෙන්නම්.....

මොකද....ලබා ගන්න බැරි තැන බලා සැනසෙන එකම ප්‍රේමයක් සුදු අප්පො..

අවසානය වෙනකම්ම ධර්මා කවදාවත් ඇහුවෙ නෑ චාලිගෙන් චාලි උඹ මට ආදරේද කියලා ....හැබැයි...ධර්මා දැනන් උන්නා චාලි ආදරෙයි කියලා....චාලි උනත් කවදාවත් ඇහුවෙ නෑ....ධර්මා උඹ මට ආදරේද කියලා...හැබැයි චාලි දැනන් උන්නා ධර්මා ආදරෙයි කියලා....වචනෙන් කියනවට වඩා....නොකියම ආදරේ දෙනඑකත්...හිතට දැනෙනවා තේශි.....

ඒ කොහොම උනත්.....ආදරේ ගාවදි.....මේ විතේන් හැමදාම අසරනයි තේශී.....

මම උඹ ගාවදි හැම වෙලාවෙම ප්‍රාර්තනා කෙරුවෙ උඹ ගාවදි තනි මලක් වෙන්න...මගෙන් විතරක් උඹට සුවද දැනෙන්න දෙන්න.....ඒ උනත්...උබට මාව තවමත් මල් පොකුරක මලක් උනත්....ඒකත් ඇති මට නිවෙන්නෙ....මොකද....මලක් උනත්..මල් පොකුරක උනත්....අවසාන කෙරවලේදි හරි....උඹටමන් එක්ක බැදීමක් ඇතිවෙයි කියලා හිත හදාගන්න.....

උස අත්තක මලක් උනේ ගව් ගනනක් දුරින් ඉන්න....

අවසානෙදි උරුම උනෙ මල් පොකුරක

එකක් වෙන්න....

මට නුඹ විතරක් උනාට.....

නුඹට ඉන්නෙ මං විතරද....

එයා කියවනවා...එය කියවන වාරයක් වාරයක් ගානෙම මම ඒ මුන ඒ ඇස් දිහා බලන් උන්නා.....එයා ආදරේ දිදී ආදරේ හෙව්වා.....මහන්සී කිය කිය කිය ආදරේ හෙව්වා...

සුදු මහත්තයා .....

මම නෙවෙ කතා කෙරුවෙ....එයා කතා කරලා කරලා අවසානෙදි තේශි කිව්වා....

මට.....හාදුවක් තියන්න දෙනවද.....

මම මොකුත් කිව්වෙ නෑ...මොකද නිහඩ බව කියන්නෙම උත්තරයක් වෙනකොට මම ඇස් දෙක පියා ගත්තා .....මම දන්නෙ නෑ එයා ඒ හාදුව කොතනට තියන්න යනවද කියන්න....

ඒ කොතනට තිබ්බා උනත්....ආත්මාර්තකාමී මම ඒක විදින්න බලන් උන්නා.....

එයා මගෙ මුන පුරාවටම ඇගිලි ගෙනිච්චා වගේම මගෙ අවසානෙදි මගෙ දෙතොල් ගාවදි එයා නැවතුනා.....ඒ ඇගිලි මගෙ දෙතොල් ගාව යනකොට මම උන්නෙ තදින්ම කට පියාගන වෙනකොට ඊලග තත්පරේදි එයා මගෙ නලලට මෘදු හාදුවක් තිබ්බා...

මම ඇස් පියාගනම උන්නා....ආත්මාර්තකාමී මම ඇස් දෙක පියාගනම ඉදලා අවසානෙදි ආයම ඇස් දෙක ඇරියා...එයා ඉන්නවා...මොකුත් නොකියම ඔහේ ඉන්නවා.....

මම දැක්කා ඒ ඇස් තෙත් වෙලා තියනවා....එයා නැකිටින්න හැදුවා .....එයා මාව තියලා නැකිටින්න හැදුවා වගේම මම එයාව ඇදලා ගත්තා .....ඇයිද කියන්න මම දන්නෙ නෑ...මගෙ හිත මට දොස් කිව්වා.....ඇදලා ගත්තු පාරට එයා මාදිහා පුදුම වෙලා වගේ බලන් උන්නා...

විතේන් ....

තේශී.....

ඔයාට...මං කවුරු කියලද කතා කරන්න ඕනෙ....

එයාගෙ ඇස් ලොකු උනා...එයා මගෙ දිහා ඇස්පිල්ලම් නොගහම බලන් උන්නා.....

ඔයාට හිතන්න අමාරුද....

සුදු මහත්තයා ...උඹ මට ආදරෙද.....

එයා ආයම ඇහුවා මම එයාට ආදරෙද කියලා ...මගෙන් ආයම උත්තරයක් නැති තැන එයා යන්න නැකිට්ටා ...ඒත් ආයම මා දිහා බැලුවා ....

පුලුවන් නම් මාව තුරුල් කර ගන්නවද....

එයාගෙ වචන වලට මගෙන් උත්තරයක් පිට වෙන්න කලින් මගෙ අත් දෙක දෙපැත්තට උනා....එයා මට තුරුල් උනා නිකන් නෙවෙ මම සම්පූරනම එයාව මගෙ ඇග උඩට අරගත්තා ...වෙනදට දෙපැත්තට වැටෙන අත් දෙක අද එයා වටේ එතෙනකොට එයා පපුව පිරෙන්න ලොකු හුස්මක් ගත්තා

සුදු...අප්පො.....

.......

මට තෙහෙට්ටුයි ...

ලොකුම ලොකු හුස්මකට පස්සෙ මගෙ පපුව මැද මූන තියන් උන්න එයා එයාට තෙහෙට්ටුයි කියලා ඇස් පියා ගත්තා වගේම අදරෙයි නොකියපු මම එයාගෙ ඔලුව අතගෑවා..... ....

.

එයා නිදි....එයාට මගෙ පපුව උඩම නින්ද ගියා....එයා හුස්ම ගන්නවා....ඒක මගෙ පපුවටම දැනෙනවා...මං කල්පනා කෙරුවා .....එයාව මගෙ අත් දෙකෙම්ම තුරුල් කරන් මම කල්පනා කෙරුවා ...

එයාට පුලුවන් නම් මට ජීවිතෙ දෙන්න මට බැරි ඇයි එයාට අදරේ දෙන්න.....

එයාගෙ සිනිදු කෙස් මූන පුරාවටම තියන කොට මම එයාට ඇහැරෙන්නෙ නැතිව යන්න එයාටත් හොරාවට මගෙ මුල්ම හාදුව තිබ්බා.....

විතේන් .....මේ දවස මෙහෙම්ම ගෙවෙන්න දෙන්න.....හෙට පායන ඉර එක්ක....මට පුලුවන් උඹට මං වෙනුවෙන් හුස්ම අල්ලන්න හේතුවක් දෙන්න...

නිතේස්.....

එයාගෙ සුවද එක්ක පපුව පිරෙන්න හුස්මක් ගත්තු මම පැත්තකින් තියන්න ලෝබ කම හින්දම ඇග උඩ තියන් අත් දෙකෙම්ම තුරුල් කරන් ඇස් පියන් ඉන්නකොට මෙච්චර වෙලාම තිබුන අර හැම දේම එකම එක ටකරමක් හින්දා නැති වෙලා ගියා.....

ශ්ශ්ශ්...එයා දොයි ...

වෙනදට මගෙ ගේ දෙවනත් වෙන්න ඩියෝන් කෑ ගැහුවත් මීක් නොගාපු ඩියෝන්ට මං එයා දොයි ගානකොට මගෙ පපුව උඩ උන්න එයාව දැකලා එයාගෙ චූටි මුන අමුතු උනා....

මිනිස්සු ලොබයි.....ආදරේට ලෝබයි ....ජීවිතේට ලෝබයි....අඒ විතේන් අයියා....අපේ විතේන් අයියා ගාලා කොච්චර කියෙව්වා උනත් ඩියෝන්ගෙ මුන අමුතු වෙනකොට මං බලාගන ඒකා ඇස් දෙක කරකව කර කව බලන් ඉන්නවා.....මොනවා උනත්....ඉස්සරහට සෑහෙන්න ප්‍රශ්න මතු වේවි.....

නිතේ....ස්

ම්ම්ම්....

මගෙ ඔලුව කැක්කුම හැදිලනෙ...

ඔය බොරු .....අම්මෙක්ගෙ ආදරෙ බෙදාගන්න ලෝබ වෙන දරුවෙක් වගෙ එයා ලෝබ උනා.....මන් දන්නවා...ඌට ඕනෙ කොහෙ හරි මුල්ලකින් ඇවිත් ඇගේ ඇලෙන්න.....ඇත්ත....ඒකා මට වඩා කොච්චර පොඩි ද....

යටට ජංගියක් විතරක් ඇදන් දනහිස් වලටත් පහලට එල්ලෙන සකර මොටන් රෝස පාට මිකි මවුස් ඉන්න ඩිස්නි ටීශර්ට් ඇදන් උන්න ඩියෝනයා හොරා වගේ ඇදට නැග්ගා .....

නිතේස් ....

.මගෙ ගාව නිදාගන උන්න එයාගෙ නහයට ඇගිල්ලකින් ඇන්න ගඩාපියා කුනු කුනු ගෑවා..

දැන්....ඔයා විතේන් අයියා එක්ක යාලු වෙලා ඉවරත නිතේස්....

ම්ම්ම්ම්.....තාම නෑ....

අම්මෝ....ඇති යාන්තන් ....

ඒ මොකො....

මට....චුට්ටක් ඊරිසියා හිතුනනෙ නිතේස් ...

ඒ මොකෝ....ඔයාට මිනිහෙක් ඉන්නෙ...

හුහ්....ඒ උනාට සෙනෝනයා මට කොයි වෙලෙත් ගහනවනේ එයි....ඒ ඉතින් ඩියෝන් බබා කියන දේ නාහන හින්දනේ....ඒ උනාට අපේ අම්මා කියනවනෙ ලමයව ගහලා කරලා හදන්න බෑ කියලා .....ඒ උනාට අපෙ සෙනෝනයා මට කරන්නෙම ගහන එකනෙ.....

මං දැන් අහන් උන්නා....වෙස්සන්තර වගෙ විතේන්ව කර ගහනකම්ම කියවපු ගඩාපියට දැන් ඊරිසියා හිතෙන කොට මං ඒකට පේන්නම විතේන්ගෙ හිස් මුදුනට හාදුවක් තියනකොටම මූ මගෙ අත හැපුවා වගේම එයා ඇහැරෙයි කියන බයට මං යටි තොල හපා ගත්තා ....

ඌව්....හ් මෝඩයා....

නිතේස් .....මට ඊරිසියා හැදීගනනෙ එන්නෙ.....

කොහෙද ඔය අතගාන්නෙ ඌරො.....

දැන් ඉතින් මේකත් විතේන් අයියගෙනෙ...අනෙ..මගෙ චුම්චුව

උඹ මහ ඌරෙක් ඩියෝන්ට ...

ඒ උනාට එහෙම කියන්න එපා ඒයි.....මෙච්චර දවසක් ඒක මගෙනෙ...දැන් ඉතින්....ඩියෝන් බබාට ඒක නැතිවෙනවනෙ...අනෙ...ඒයි....චුට්ටක් බොන්නම්කෝ...

ඩියෝන් මේ දත් ටික ගලවගන්නෙ නැතිව යනවකො....

අනේ...අනේ .....

ඩියෝන් ගුටි කන්න ආසද.....

ඇත්තමයි ඒයි මට දැන් දුක හිතීගන එන්නෙ.....

ඒකගෙ චූටි මුන රතුම රතු වෙලා තිබුනා....මගෙ දුකේදි මටත් වඩා දුක් උන ...මගෙ කරදේදි මටත් වඩා වද උන ඒකගෙ හුරතලේ අස්සෙ තිබුන ආදරෙ මම දන්නවා...

හා..හැබැයි....එක විනාඩියයි ආ....අවසානම පාර ....

අහක බලන් අඩන්න කට හදන ඩියෝනයගෙ මම කනක් අදිනකොට මු ඉක්මනට ඇදේ පෙරලුනා මම දැන් ලමයි දෙන්නෙක් ඉන්න අම්මෙක් වගේ...

අනේ...ඒයි...මේක ලුනුරසයිනෙ.....

අතින් පිහ පිහ මොන මොනවදො දොඩවපු ගඩාපියගෙ දත් පාරවල් වදින කොට මාව වැක්කෙරිලා දිය වෙලා යන්න ආවා උනත් මම කටවහන් සද්ද නැතිව උන්න වගේම කෙල නාවලා නාවලා හිතෙ තිබුන තරහවටද දුකට ද නැතිනම් මාව බෙදා ගන්න බැරිව ඊරිසියාවටමද කොහෙද ඉස්සරහා තිබුන ලේන් දත් වලිනුත් ඇදලා අවසානෙදි නැකිට ගත්තා ...

නිතේස් ....

ම්ම්ම්

දැන් මට හරි දුකයිනෙ අප්පා...

ඒ මොකද ...

නෑ ඉතින්...දුකමත් නෑ...ඒ උනාට දැන් අපේ නිතේස්ටත් කවුරු හරි ඉන්නවනෙ....නැත්තන් ඔයා ගැන කල්පනා කරලා මගෙ ඔලුව පුපුරන්න එනවනෙ නිතේස් ...

ඇත්තට....

ඔව් ඒයි....මොනා උනත්.....ඔයා පව්නෙ ඒයි.....ඔය විතේන් අයියා නැති වෙලාවට චුට්ටක් දුන්නත් කමක් නෑ ඉතින්....

ඇත්තද....ගුටි කන්නද උඹ..

බබා....ඩියෝන් .....මං හිතුවා ආයෙත් මෙහෙ.....අර මගුලට මොනවද දාන්නෙ කියපන්කො මගුල මට මේ ඉවිල්ලයි ළමයි බැලිල්ලයි එපා වෙලා තියෙන්නෙ ඇත්තමයි මං උඹව ආයම අම්මලට බාර දෙනවා මට බෑ කියලා

අනෙ අම්මො සෙනෝන්.....මං දැන් කිව්වනෙ මිනියො....අසූ පස් වෙනිපිටුවෙ තියන විදිගට ඒක රන්වන් පාට වෙනකන් බැදගන්න කියලා ...එක අතකට හොද වැඩෙ මටත් පොඩි කාලෙම මගුල් විසෙ ගහලා ගෙදරිනුත් ගුටි කාලා උඹ එක්ක ආවට....

පොල් කටු හැන්ද අතට අරන් ආව ශෙනෝන් වගේම මෙතන උන්න ඩියෝනයා කා ගන්නකොට එයා ඇහැරෙයි කියලා මං එයාගෙ කන් දෙක අත් දෙකෙන් වහගත්තා .....

මෙහෙ වර යන්න ....පුක පුපුරන්න ගහන්න කලින් ...ඇයි බන් උයපන්කො ඩියෝන්....

හා ඒයි හා....කෑ නොගහා ඉදින්කො සෙනෝන් මේ විතේන් අයියා දොයිනේද.....අපි යනවා නිතේස් ඔය ලමය ඇහැරුනාම එන්න මං නැතුව සෙනෝන්ට තේ එකක් වත් හදාහන්න බෑ මන්ම කරන්න එපැයිනෙ.....

වැස්සක් වැහැල පෑව්වා වගෙ උනා.....උන් දෙන්නම යන්න යනකොට නින්ද ගිහින් උන්න එයා දෙපාරක් තුන් පාරක්ම නින්දෙම්ම කෙදිරි ගානකොට මං.පස්සට තට්ටු කෙරුවා ...

විතේන් .....හැගීම් ගොඩක එකතුවක්....

ආදරනීයම පපුවක් විතේන් මේ තරම් ආදරේ දෙනකොට අදීශ් එයාව දාලා යන්න කොහොම හිත හදාගත්තද කියන්න මට හිතන්නවත් බැරි වෙනකොට මං එයාව තුරුල් කරන්ම උන්නා වගේම සෑහෙන වෙලාවකට පස්සෙ එයා ඇහැරුනා.....

ඔයාට බඩගිනී නේද ...

තවමත් නින්දෙන් ඉදන් ඈනුම් අරින එයා දිහා බලන් මම බඩගිනී නේද අහනකොටත් එයා හිනා උනා....

මූන චුට්ටක් සෝදගන්න.....

මං එයාට මූන හෝදගන්න කිව්වා...ඒ උනත් මට අමතක උනා එයාගෙ කකුල තුවාල වෙලා කියලා ..

නෑ ඔහොම ඉන්න...

ඇදෙන් බහින්න හදපු එයාව නවතපු මම නොන්ඩි ගගහම ගිහින් පොඩි වතුර බේසමක් ගෙනත් එයාගෙ ලගට දෙනකො එයා හිනා උනා..

ආදරේ කරනකොට මිනිස්සුන්ව මෝඩයො වෙනවද මැනික...

ඒ..ඇයි...

එයා මගෙන් අහනවා ආදරේ කරනකොට මිනිස්සුන්ව මෝඩයො වෙනවද කියලා ...සමහර විට වෙන්න ඇති...

මං ආයම එයා දිහා බැලුවා ...

මට රිදෙයි කියලා උඹ නොන්ඩි ගගහා යනකොට මගෙ හිත රිදෙනවනෙ තේශි...උඹට තිබුනා මට වාරු වෙන්න...මට තිබුනා උඹට වාරු වෙන්න....එතකොට කාටත් වේදනාවක් නෑනෙ...මගෙ සුදු අප්පො....උඹමහ මෝඩයි වස්තුව .....

එයා කියවනවනවා....එයා ආයම කියවනකොට මම එයාදිහා බලලා හිනාවක් දුන්නා වගේම මගෙම ඇදුමක් පලවෙනිම පාරට ඇදපු එයා දිහා මම හුස්ම හිරකරන් බලන් උන්නා.

එන්න යන්න...

මම එයාට අත දුන්නා....එයා මගෙ අතට වාරු වෙලා හිනා උනා.....

හැමදාමත් මිනිස්සුන්ට අඩන්න වෙන්නෙ නෑ තේශි.....කවදම දවසක හරි හිනාවෙන දවසක් ඒවි...

මං පොරොන්දු වෙනවා....මට උඹව නැති උනත්....උඹට නැති උන උඹවම ආයම ගෙනත් දෙනවා කියලා තේශි...

මන් එයාට උත්තර බැන්දෙ නැතිව ඔහේ බලන් ඉන්නකොට එයා මට කිව්වා ආයම මට මාව ගෙනල්ලා දෙනවා කියලා ඒ වගේම මට කියන්න ඕනා උනා එයාව මම ආයම කවදාවත් අඩවන්නෙ නෑ කියලා මම කට අරින්නත් කලින් මගෙ ඵෝන් එක ඉස්සර වෙනකොට අපි දෙන්නම ඵෝන් එකේ ස්ක්‍රින් එක දිහා බැලුවා....

අම්මා...

ආන්ස්වර් කරන්න...මං ඉන්නවා....

මම අසරන විදිහට එයාදිහා බලනකොට එයා මට ආන්ස්වර් කරන්න කිව්වා ..මං ආන්ස්වර් කෙරුවා ...

හෙලෝ ...

සුදු මහත්තයා .....හෙට පොඩීව බලන්න වලව්වෙන් එනවා ....

ඉතින්....

ඉතුන් කියන්නෙ....උඹ අයියා නේද නිතේශ් ???උඹ අනිවාර්යයෙන්ම එන්න ඕනා.....ඒවගෙම පිලිවලට ඇදගන වරෙන් ඔය කන් වල කරාබු නැතිව.....මොකද ඒ මිනිස්සු එන්නෙ...උඹව බලන්නත් එක්ක උඹගෙ අප්පච්චි උඹේ පැත්ත අරන් කෑ ගහලා උඹව යැව්වට මේ අම්මා ලේසියෙන් එහෙම අතාරින්නෙ නෑ....උඹගෙ අප්පච්චිට මේවල වටිනා කමක් නෑ.....

අම්මා කරුනා කරලා මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න...මං ආය ආය කියන්නෙ නෑ....හරිද.....මනමාලයා එන්නෙ පොඩීව බලන්න මිසක් මාව බලන්න නෙවෙනෙ.....මොන මගුලටද මාව බලන්න එන්නෙ.....

මං උඹට අමුතුවෙන් කියන්න ඕන් නෑනෙ පුතේ නේ.....වලව්වෙන් එන්නෙ උඹෙ කටයුත්තත් බලන්න කියන එක මම කියන්න ඕන් නෑනෙ නේ....අත්තම්මා උඹේ වෙලාව බලවලා උඹට අපලයිලු...

ඔව්..ඔව්...මට ඉන්න ලොකුම අපලේ ඒ ගෑනි.....වෙන කවුරුත් නෙවෙ ඔය මහ ගෑනියි උඹයි.....

මට කෑ ගැස්සුනා.....එයාව එක අතකින් මිරිකගත්තු මට කෑ ගැස්සුනා...

නිතේශ් ...උඹගෙ නැටිලි අපි බොහෝම ඉක්මනින් ඉවර කරන්නම්....උඹ හෙට අනිවාර්යයෙන්ම මෙහෙ එන්න ඕනා...

මං එන්නෙ නෑ....මම එන්නෙ නැ...

උඹ නාවොත්...සීයා තාත්තා හෙට උදේ වෙනකොට ඔතන ඉදීවි...අන්න ඒක හොදට මතක තියාගනින් නිතේශ් උඹ නාවොත් ...ඒක බලාගමු.....

මෙච්චර වෙලාම තිබුන හැම සතුටක්ම හේදිගන යනකොට මම එහෙම්ම ඇද උඩින් ඉදගත්තා .....

.🙂ආය හෙට එන්නම්...

🙂කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

මම ferdeesha 😘

More Chapters