Cherreads

Chapter 23 - 23

සුදු පුතා.....සුදු පුතා....සුදු පුතා...රත්තරනේ ....කතා කරපන්..මගෙ අම්මා...

අ...ප්...පච්.....

මට එච්චරම තමා කියන්න හම්බ උනේ.....මාද එහෙම්ම ඇදගන වැටුනා...හැබැයි මගෙ ඇස් පිය උනේ නෑ.....මගෙ ඇස්පියවෙනවා වෙනුවට උනේ මටත් නොදැනිම කදුලු නාලිකා ඇරුන එක වෙනකොට මගෙ හුස්ම පවා වැටුනද කියන්න මම දන්නෙ නෑ....මාව නිකන් කෝමා වේගන ආවා වගෙ උනා...හැගීම් දැනීම් මේ ඔක්කොම මැරිලා ගිහින් තියනකොට අප්පච්චි මලකදක් හා සමානව උන්න මාව උස්සලා ඇදට දැම්මා.....

සුදු පුතා නිතේශ් ...නිතේශ් .....

සුදු පුතා 

අනීතා...පලයන් වතුර එකක් ගෙනෙන්.....

සුදු පුතා

උඹට කියන සිංහල තේරෙනවද....නැතිනම් උඹ මේ ලෝකෙ එකෙක් නෙවෙද.....කියන සිංහලා අහලා වතුර එකක් අරන් වර ගෑනියෙ.....

සුදු පුතා....මගෙ රත්තරන්....කරපන්.....අනේ කොල්ලො කතා කරපන්කො.....

මගෙ අප්පච්චි මගෙ කම්මුල් වලට තට්ටු කර කර කෑ ගහනවා....මගෙ හුස්ම වැටෙනවද...නැතිද..අනේ මන් දන්නෙ නෑ...එයා මගෙ කම්මුල් වලට ගගහා කෑ ගැහූවා වගේම අම්මව වතුර එකක් ගේන්න යැව්වා...නෑ..නෑ....එලෙව්වා....මගෙ අප්පච්චි කියන්නෙ පුදුමාකාර විදිහට ඉවසන මනුස්සයෙක් වෙනකොට එයාගෙ ඇස් ඉස්සරහා කඩා වැටුන මාව දැකපු අප්පච්චි ගෙ ඉවසීම ඒ අහිංසක කම අද කොහෙදො යන්න ගිහින්....

මගෙ සුදු මහත්තයා....අප්පචි එක්ක කතා කරපන් මැනිකේ....මට ඔහොම කරන්න එපා නිතේශ් ....මට ඉන්නෙ උඹ විතරයි මගෙ පුතේ ..මේ අප්පච්චිට ඉතූරු උඹ විතරයි.....

සුදු මහත්තයා නිතේශ් ...කොල්ලට වලිප්පුව අල්ලලා දහම් කටට හැන්දක් ඔබන්න....

ඔසරි පොට ඉනේ ගහන් උන්න අත්තම්මා මගෙ කටට හැන්දක් ඔබන්න කියනකොට මගෙ අප්පච්චි ඒ මොකුත් නාහම මගෙ කටට කට තියලා හුස්ම පිම්බා....පොඩිකාලෙදි හෙම්බිරිස්සාව හැදිලා හුස්ම ගන්න බැරිව නහය තද වෙනකොට නහයට කට තියලා හිරිකිතයක් නැතිවම උරවපු මගෙ රත්තරන් අප්පච්චි වයස තිහක් වෙලත් මගෙ කටට කට තියලා හුස්ම පිම්බා....වලව්වෙ මැනිකෙලා කාමරේ වටකරනකොට අම්මා ගෙනාපු වතුර එක මූනට ගගා ගතාවක් කිව්වා.....ඒ උනත් අම්මගෙ ගාතාවට බල දෙන්න බුදු හාමුදුරුවො වත් අකමැති හින්දදො මට ගුනයක් නැති වෙනකොට මගෙ අප්පච්චි මාව ආයම ඉන්දවලා එයාගෙ පපුවට වාරු කරගන පුලුවන් තරම් පිටට තට්ටු කරකර අත ගෑවා .....වගේම කැස්සක් එක්ක මම හුස්ම අල්ලන්න ගත්තා

කැහ් ..කැහ්....

සුදු පුතා.....නිතේශ් උඹට අප්පච්චිව ඇහෙනවා නේ රත්තරනේ.....

කොලුවට වලිප්පුව ....මේ ඔක්කෝම උනේ අර පරට්ටි හින්දා හොදට උන්න කොලුවව කෑවා...අපූරුවට උන්න කොලුවව කෑවා....අනිතා ගුරුන් වහන්සෙට කියපන් තෙල් සාත්තුවක් කරගන ඉසකුඩිච්චියක් දම්මව ගන්න එනවා කියලා ....ඉහෙන් බහින රෝගයක් තිබුනද කොහේවත් යන පර බැල්ලියෙක් එක්ක එකතුවෙලා මුන්ට හුස්ම ඇරගන්න ...

මගෙ පුතේ....

මං හිමින් හුස්ම ඇල්ලුවා ....අප්පච්චි විතරක් මගෙ ගාව ඉන්නකොට මැනිකෙලා ඔක්කොම අත්තම්මගෙ පදේට නැටුවා මට වලිප්පුවලු.....ඉසකුඩිච්චියක් දම්මවන්න ඕනෙලු....

...අනීතා කොලුවව ලැහැස්ති කරපන්...අපේ අම්මා මුත්තා කාලෙවත් මේ වගේ නවනිංගිරා වැඩ උනේ නෑ..ගෑනු හින්දා මුන් නැහෙන නැහිල්ල....වලව්වෙ මැනිකෙක්ගෙ පුතෙක්ද නේද මේ...අඩු කුලේ සංකර බඩ්ඩව කරගහනකොටම මං කිව්වා...

දෙයියනෙගෙ නාමෙට උඹගෙ ඔය කක්කුසි කටවහන් මෙතනින් යනවද..මගෙ කොලුවට මෙච්චර හරියක් වෙලා තියනකොටත් වල්ව්වෙ පිත්තමක් කියවන්නෙ තොපිට සහලවලා පිස්සුද කියපියව්...ආ යකො...මගෙ කොලුවා මැරෙන්න වැටිලා ඉන්නවා....තොපේ මගුල් ගැන කියවන්නෙ තොපිට පිස්සුද....

දහම්.....තමුන් ඔය කෑ ගහන්නෙ මගෙ අම්මට....

අම්මට...අම්මට...තොගෙ අම්මා හින්දා තමා මම මෙච්චර කල් ඉවසන් උන්නෙ....මැනිකෙලාගෙ පුරාජේරුව කියන්නෙ ඇයි තොපේ බිබික්කම නලලෙද තියන් ඉන්නෙ ..ඇයි අනිත් ගෑනු ගෑනු නෙවෙද....ආ යකො.....කොයි වෙලෙත් මැනිකෙගෙ ගුනේ කියන්නෙ මගෙ දරුවා මැරෙන්ඩ වැටිලා ඉන්නවා එකෙක් කිව්වෙ නෑ දොස්තර කෙනෙක්ට කතා කරමු කියලා...කොහේවත් යන නාකි ගුරෙක් ගාවට ගිහින් ඉසකුඩිච්චිය දාන්න හදන්නෙ තොපෙ ඔය ඔලුව අස්සෙ ගොමද තියෙන්නෙ....ආ අනීතා....කියපන්.....

ද...හ...ම්...

උඹ...උඹ පරට්ටි...උඹ දැම්ම ලෑස්ති වෙයන් ගෙදර යන්න..මේ දැම්ම....ගන් ගන් රෙදි ටික...මම තොට බුරුල දුන්න හොදටම වැඩි...තෝ එන්න එන්න මගෙ කරේ නගිනවා.....අනිත් උන්ගෙ පිරිමි පොන්නයො වගේ උන්නට මං මගෙ කොල්ල්ව තොපිට මරාගන්න දෙන්නෙ නෑ..මේ බලපිය...ඇස් ඇරලා බලපිය.....දරුවගෙ මුලු මුනම නිල් වෙලා.....

දහම්....තමුන් ඔය උලු හොලවන්නෙ මගෙ වහල යට ඉදගන....

අවසිහියෙන් උනත් මේ අවනඩුව මං අහන් උන්නා....මම මැරෙන්න වැටිලා ඉන්නකොටත් මැනිකෙලා කෙරුවෙ පරන මලකදන් උඩට අදින එක වෙනකොට මම මගෙ හුස්ම එක්ක පොර බැදුවා...කනට නෑහෙන්න කතා කරපු අප්පච්චි අද උන්නෙ මාරාවෙසෙන් වෙනකොට අත්තම්මට පවා තුන් පදෙන් ඇමතුවා.....මේ අවනඩු මැද සීයා තාත්තත් අප්පච්චිට සද්දෙ දානකොට මාව වාරු කරන් මගෙ හුස්ම අරන් දෙන්න නහින්ස් එක පැත්තට දාලා අප්පච්චි සීයා තාත්තා ගාවට ගියා...

මොල්ලිගොඩ හාමුදුරුවන්ට බොහෝම අමාරු ඇති තමුන්ගෙ දුවට බනිනකොට ඒකි මගෙ කසාද ගෑනි...මගෙ කොල්ලගෙ අම්මා....ඌට ලෙඩක් දැනුනම ඒකිට රිදෙන්න ඕනෙ ඒකිගෙ ලේවලට දැනෙන්න ඕනෙ....ඒකි අම්මෙක් වෙලා තවම හිතන්නෙ කොහෙවත් යන ඉලව්වක් ගැන නම් ඒකි අම්මෙක්ද අප්පච්චි ආහ්???මූව කරේ තියන් නලවලා නින්ද ගියහම කාක්කෙක්ටවත් ගහක වහන්න නොදී එලෙව්වෙ කොල්ලා ඇහැරෙයි කියලා ....මම මගෙ කොල්ලව හැදුවෙ එහෙම ....උගෙ කරදඩු කොහොම උස් උනත් මම උගෙ අප්පච්චි .....උඹට අකුරු පුලුවන්නෙ නේ...මෙන්න රිපෝර්ට් ...මගෙ කොල්ලව මානසීකව වැටිලලු...උඹට දරු කැක්කුමක් තියනවා නම්....හොදට බලපන් මේවා ඇස් ඇරලා....

දහම්....දහම්...දෙයියන්ගෙ නාමෙන් ඕක නවත්තනවා දහම්...

අනීතා ...මාව අතෑරලා ගිහින් රෙදි ලෑස්ති කරගනින් මම ආය ආය කියන්නෙ නෑ...

අප්පච්චි මගෙ රිපෝර්ට්ස් සීයා තාත්තගෙ මූනට කර කර පෙන්නකොට මලපොතේ අකුරයි සිංහලයි අදුන අත්තම්මා ඉංග්‍රීසි රිපෝර්ට් වලට ඔලුව ඔබාගත්ත ....

දහම්....දැන් ඇති ඔය කෙරුවාව.....උඹලා කොලුවට බුරුල දීලා දීලා අවසානෙදි කරගත්තු හපන් කම තමයි ඔය.....

හපන් කම මොකක්ද අම්මෙ මගෙ කොලුවා කරපු හපන් කම ඌ ආදරේ කරපු එකද...ආ...ඌ වලව් කුමාරිකවකට නැතුව නිකන් කෙල්ලෙක්ට ආදරේ කරපු එකද....

ආදරේ කරන එක වරදක්ද ආ...???

දහම්...පෑහෙන්න ඕන තැන්නැති තැන් තියනවා.....අපිට ඉන්න එකම කොල්ලා ඌ පෙලවහක් කරගන්න ඕනෙ අපෙ කැමැත්තට...

උඹලට කියලා තේරුමක් නෑ උඹලට මගෙ දරුවගෙ කදුලු වලට වඩා තොපෙ මාන්නෙ ලොකු වෙලා.....තොපිට කියන කට ගලක උලා ගන්න ඕනා.....ගෙරි හැත්ත.....

දහම් දැන් මෙතන කෑ ගහල වැඩක් නෑ දහම් අම්මා අප්පච්චි කියන කතාව ඇත්ත....මෙව්වා මෙ විහින් කර ගන්න දේවල් ..තෙල්ටිකක් මතුරලා නූලක් දැම්මුවා නම් ඔය ඔක්කොම ලෙඩ දුක් අහවරයි කව්ද දන්නෙ අරකි මොන මොනවා කොල්ලට ගිල්ලෙව්වද කියලා හිගන හැත්ත..

සුනීතා ....කරුනාකරලා උඹ මේකට මැදිහත් නොවි පැත්තට වෙයන්...උඹට හිතක් පපුවක් නැති ගානට උඹගෙ කෙලීව මරා ගත්තට මගෙ කොල්ලව මං තොපි එකෙක්ට මරා ගන්න දෙන්නෙ නෑ... ඒකි මැරිලා හත් දොහක් යන්න කලින් පොඩි එකීට මගුල් තුල කතා කරන උඹලා මොක්කුද .....යකො මට මගෙ දරුවා ගැන කැක්කුමයි .....මූව මං වැදුවෙ නැති උනාට මූව ජාතක කෙරුවෙ මං මුගෙ ඇගෙ දුවන්නෙ තොපෙ අප්පච්චිගෙ ලේ නෙවෙ මගෙ ලේ..මගෙ කොල්ලට මෙහෙම වෙනකොට මට වෙදනයි....රෑ එලිවෙනකන් කරෙ තියන් නලවලා හදපු කොල්ලා....

මගෙ අප්පච්චි අඩනවා....අම්මෙක් ඇඩුවත් අප්පච්චි කෙනෙක්ගෙ ඇස්වලින් කදුලු වැටෙනවා කියන්නෙ උහුලන්න පුලුවන් දුකක් නොවුන කොට මන් හැගීම් ගොඩක හිර වෙලා වේදනා වින්දා ....

පපුව පුපුරන්න තරම් ...ඔලුව පුපුරන්න තරම් හුස්ම අල්ල ගන්න විදින දුක දන්නෙ මම වෙනකොට මං ඇද රෙද්ද මිරිකන් හුස්ම එකතු කෙරුවා ...එයා මාව දාලා ගිහිල්ලා....ගෙදරින් මෙහෙන් ප්‍රශ්න මේ ඔක්කොම මට මරනීය වේදනාවක් ගේනකොට මං වෙව්ලන අත් ගසලා අප්පච්චිට කතා කෙරුවා ..

අප්..පච්චි....

මට කතා කරගන්න ඕනෙ ඒ උනත් කතා කරගන්න බෑ මගෙ අප්පච්චිට අඩන්න එපා කියන්න ඕනෙ ඒ උනත් කියා ගන්න බෑ...

අනීතා....ලෑස්ති වෙයන්....

දහම්....මොලේ හොද නැතිද දහම් අපි ගිහින් කොහයන්නද...අනික තව ටිකෙන් වලව්වෙන් එයි...

අනීතා...උඹට වටින්නෙ අපේ ලමයවද...නැතිනම් ඔය කොහෙවත් යන හාමුවෙක්ද.....කන පුපුරන්න ගහන්න කලින් පලයන් ලෑස්ති වෙයන්

දහම්....තමුන් අද දවසට කෑ ගැහුවා හොදටම වැඩි...

අප්පච්චි ....අප්පච්චිට දරු දුක නැති උනාට මට තියනවා....දිසානායක හාමුලා ඔය හිතු මනාපෙට ගෑනු එක්ක බුදිය බුදිය ගිහින් මැස්සො වහපු නැති උද්දච්ච පතෝල මැසි කරගැහුවෙ නෑ...

දහම්.....!!!

කටවහන් ලෑස්ති වෙයන්...උඹව බලන්න නම් මනමාලයා එන්නෙ....උඹ නැවතියන් ..හැබැයි අනීතා...මේ දහම් හොදට හොදයි නරකට අන්තිම නරකයි අනීතා ...ඒක හොදට මතක තියාගනින්.....

මගෙ අප්පච්චි කවදාවත් නැතිව සීයා තාත්තට පවා කට ගැහුවා....සීයා තාත්තට අප්පච්චිට ගහගන්න බැරි කමට ඉවසනවා මිසක් වෙන එකෙක්ගෙ නම් කන පලලා

මගුල් තුලාවක් කතා කරන්න තිබුන ගේ මලගෙයක් වෙනකොට ගුටි කාලා උන්න අම්මා අවසානෙදි කම්මුල තවා ගත්තා වගේම මගෙ අප්පච්චි මගෙ ගාව උන්නා...දන්න දහම් ගැට දාලා දාලා අම්මා අප්පච්ව නවත්තගන්නකොට අවසානෙදි කියලා කියලා තේරුමක් නැති අප්පච්චි කට පියා ගත්තා ....

මම මලකදක් හැගීම් දැනීම් මැරුන මලකදක්...

උඹ කිව්වා වගෙම උඹට හති වැටුනද පන.....මගෙ හුස්ම යන්න කලින් එක පාරක් වරෙන් විතේන් ...මට තවත් මේ කරුමෙ උහුලන් ඉන්න අමාරුයි ....මම කියන්නෙ නෑ...මං ගාව ඉදපන් කියලා ...මේ පිස්සා මැරෙන්න කලින් එක පාරක් මගෙ මුන බලපන් රත්තරන් ...

මට ඕනෙ...."මම උඹට ආදරෙයි මගෙ පන" කියලා හුස්ම අරින්න විතරයි මගෙ රත්තරන් ....

වියෝ වූ පසුවයි දැනෙන්නෙ...

ප්‍රේමයෙ අභිමන්.....

හැඩු දා කදුලයි දකින්නෙ

සිනහවෙ සරදම් .....

මම ඇඩුවා....මගෙ පපුවට දරන්න අමරු වේදනාව එක්ක අප්පච්චි හැමෝවම එලවලා දාපු කාමරේ ඉදන් මම ඇඩුවා....එයාට ගත්තා...පිස්සෙක් වගේ කෝල් කෙරුවා ...ඒඋනත් ඒ හැම පාරම කිව්වෙ එයාගෙ දුරකතනය ප්‍රතිචාර නොදක්වයි කියලා වෙනකොට මම පිස්සා වගේ...නෑ...මම පිස්සෙක් තමයි ...මේ පිස්සා පිස්සුවෙන් ආය ආයම ගත්තා ...

මගෙ විතේන් .....උඹ හති වැටුනද රත්තරන් ...උඹ මට සුදු අප්පොව හොයල දීලා උඹ යන්න ගියාද විතේන් .....මට මේ වේදනාව උහුලන්න අමාරුයි....රත්තරන් ...අනේ....මාව දාලා යන්න එපා විතේන්...

මම එයාගෙ නම්බර් එක ඩයල් කර කර ඇඩුවා...මට දරා ගන්න අමාරුයි...මේ හිතට තව උහුලන් ඉන්න අමාරුයි...දරන්න පුලුවන් අවසානම සීමාව ඉක්මවලා ඉවසපු මං නැකිට්ටා ....ඈතින් පේන දලදාව දිහ්ස බලපු මං කදුලු පිහදගන්නෙ නැතිවම නැකිට්ටා...මාව විසිවෙනවා.....මට කෙලින් ඉන්නවත් බෑ...මගෙ පපුව ඇදුම් කනවා ...මගෙ සුදූ වගෙ ඉවසලා ඉවසලා බැරිම තැන මං අවසානෙදි හැම දේම අතාරින්න තීරනෙ කෙරුවා .....

මට...තවත් මේ දුක උහුලන්න අමාරුයි දළදා හාමුදුරුවනෙ....ඔබ වහන්සෙ ගිහිගේ අතෑරලා යනකොට යශෝදරාවටම උහුලගන්න බැරි ව ගියකොට මං කොහෙ උහුලන්නද.....මගෙ පපුව පැලෙන්න වගෙ හාමුදුරුවනෙ ....මට මහන්සී..උන් හැමදාම මාව නොමරා මැරුවා පින් අයිති වෙයි...මේ හුස්ම යන්න කලින් එකපාරක් මට මගෙ කොල්ලගෙ මූන දකින්න දෙන්න....

දලදාවට වදින අත් දෙක එකතු කරලා වදින්නෙ හාමුදුරුවනෙ.....මට එකපාරක් ඒ මූන දිකින්න දෙන්න.....

මං ඇඩුවා ..මං දලදාව දිහා බලන් අත් එකතු කරලා වැද වැද ඇඩුවා මගෙ ඔලුවම පුපුරන්න එනකොට මං පොත් මෙසෙ ගාවින් ඉදන් ලියන්න ගත්තා ...සාක්කුවෙ තිබුන බෙහෙත් කවර වල බෙහෙත් ටික කලවෙට තද වෙනකොට මං ලියන්න ගත්තා ...මගෙ අවසානම ලියමන...

අවසන් ලියුමයි ඔබට ලියන්නෙ...

විරහ කදුළු බැදි පෑනින්...

කියවා හැඩුවත් මට නම් කම්නෑ....

මගෙ හද අද තද නින්දේ....

පිස්සෙකුගෙ අවසානම පාපොච්චාරනය ...

මං ලියන්න ගත්තා .....වෙව්ලන ඇගිලි වලින් මගෙ අවසානම වචන ටික ...අවසානම හැගීම් ටික මං ලියන්න ගත්තා ...පොඩීගෙ මනමාලයා එන්න හෝරාවක් තියලා වහින්න ගන්නකොට මගෙ ඇස් ආයම තෙමුනා.....වැස්ස අස්සෙන් මට සුදු අප්පොව ගෙනත් දුන්න උඹ යන්නම යන්න ගිහින් මගෙ රත්තරන් ...

පෑනෙන් අකුරු ලියන්න කලින් මුලු පිටුවම කදුලු තෙමනකොට මං කදුලු උඩින් මගෙ වේදනාව අකුරු කරන්න ගත්තා ...

වෙන්වීම අන්තිමේ හොදයි කියලා

ඔබ මාව හඩවලා ඔබත් හැඩුවා...

ඔබ ආයෙ එනවා නම්....

මිහිදන් කල පෙම අරන්...

ආසයි ඔය නෙතු පියන්

දෙස ආදරයෙන් බලන්...

කියා දෙන්න ආදරේ තරම් ....

මගෙ විතේන් .....උඹගෙ මැනිකට මහන්සී....උඹගෙ සුදු අප්පොට දරන්න බැරි තරම් මහන්සී...උඹට පින් මගෙ විතේන් ...ජාති ජාතිත් උඹට පින්...මට අවසානම මොහොතෙ හරි ජීවිතෙ ගෙනත් දුන්නට .....උඹට පින් මගෙ විතේන් ...උඹගෙ පපුවෙ තුරුල් කරන් මාව නිදි කෙරුවට ...

මං ඇහැව්වා ....උඹගෙන් මම උඹට මොකක් කියලා කතා කරනවටද කැමති කියලා ....ඒත් උඹ උත්තරයක් දුන්නෙ නෑ මගෙ විතේන් ...

උඹ මගෙ පන විතේන් ...ඒත් මේ සුදු අප්පො ඒ තරම් වාසනාවන්ත නැතිව ඇති ඔය මූන දිහා බලන් මගෙ පන කියලා උඹට කතා කරන්න ..

උඹට අවසානෙදි හති වැටුනද මගෙ පන...

උඹ සාදාරනයි විතේන් .....පුස්සෙක් එක්ක ජීවත් වෙනවට වඩා පිස්සෙක් වෙනුවට වෙන කාට හරි ආදරේ කරන එක....හොදයි මගෙ විතේන් ....

විතේන් . ..චාලි අවසානෙදි ධර්මට....පුංචි චාර්ලි කෙනෙක් දීලා ගියා....ධර්මට චාලි නැතිව බැරි බව දන්න හින්දා .....ඒත්....මේ ධර්මව උඹ දාලා ගියෙ මගෙ පන කෙන්දත් අරගනමයි මගෙ විතේන්.....

උඹට ජාති ජාතිත් පින් ....

වැස්ස අස්සෙන් සුදු අප්පොව ගෙනත් දුන්නට...

නොදරුවෙක් ගානට වැටිල සෙල්ම්බතක් උයන්න ඉගැන්නුවට..

සිය පාරක් ලුනු බැලුවට...

ගඩා ගෙඩියක ඇත්ත රස පෙන්නලා දුන්නට...

මට නැති උන ..උන් මරා ගත්තු මාවම මට ගෙනත් දුන්නට...මගෙ විතේන් උඹට ජාති ජාතිත් පින් විතේන් ...

උඹ නොදන්නවා උනාට උඹ මට සුදු මහත්තයා කියනකොට මං ඒ හැගීම වින්දා....

උඹ මාව පපුවට තුරුල් කරගන්නකොට මං උඹගෙ පිරිමි පපුවෙ ආදරෙ වින්දා...

උඹ මගෙ මැනික කියන වාරයක් ගානෙම මට උඹව දැනුනා...

උඹ කිව්වා වගේම ....

අදටත් මට හමු උන හොදම හැගීම ...උඹයි මගෙ පන ..

උඹෙ සුදු මහත්‍තයට හම්බවෙච්ච හොදම හමු වීම උඹයි මගෙ චූටි මහත්තයා .....

විතේන් ..තව ලියන්න හයියක් නෑ පන.....උඹ ගිහින් ...මං කවදාවත් උඹට වරදක් කියන් නෑ....බුදුන් වදින මේ අත් වැදලා උඹට පින් දෙනවා මගෙ විතේන් අවසානම තත්පරේ හරි මට මාව දුන්නට....

මේ පිස්සට ආදරේ දුන්නට.....

මට මහන්සි මගෙ විතේන් ....

උඹෙ සුදු මහත්තයා යන්නම්...සංසාරෙ කොතනම හරි හමුවීමක් තිබුනොත් කවදාවත් මගෙ අත කවදාවත් මගින් අතාරින්න එපා විතේන්.....

විතේන් ...මං උඹට ආදරෙයි මගෙ පන...හැමදාම සතුටින් ඉදපන් රත්තරන් ....උන් උඹෙ සුදු අප්පොව මරා ගත්තා ...

මං උඹෙ පිස්සා .....

සුදු අප්පො.....

කදුලු කැට වැටුන ලියුම අවසානෙදි ඉවර කරපු මං කලු කරන් අඩන සෙංකඩගල අහස දිහා බැලුවා කදුලු බිංදු කම්මුල් තෙමනකොට මං අවසානම පාරට එයාට කෝල් එකක් ගත්තා ....

එයා ගිහින් ....දීපු පොරොන්දුව රැකපු එයා යන්නම යන්න ගිහින්...

මම එහෙම්ම එයාගෙ එකවුන්ට එකට ගියා කිසිම දෙයක් මං වෙනුවෙන් ලියවුන නැති එකවුන්ට් එකට ගිහින් එයාගෙ ඵොටෝ එකක් දිහා බලන් උන්නා....

මට උඹ තරම් හයිය නෑ විතේන් .....මේ පිස්සට උඹ තරම් හයිය නෑ...මට මහන්සි මගෙ විතේන් .. ....උඹ මාව පපුවට තුරුල් කරගත්තු දවස ඊයෙ දවස වේවො මගෙ පන...

මම ඒ මූන දිහා වේදනාදෙන් පුපුරු ගහන ඇස් වලින් ඒ මූන දිහා බලන් උන්නා...

උඹ හරි පින් පාටයි මගෙ චූටි මහත්තයා...උඹ හරි හයියයි මගෙ පන..

මගෙ පන.....ආදරෙ කියන්නෙ මොකක්ද කියන්න මම දන්නෙ නෑ රත්තරන් ...මොකද....මම දැකපු කිසිම තැනක ආදරේ එකතුවීමක් තිබුන් නෑ මගෙ විතේන් .....මං දන්න විදිහට....ආදරෙ ඇතුලෙ කවදාවත් එකතු වීමක් තිබුන් නෑ පන.....ඒ උනත්....උඹ මට දුන්න ආදරේට පින් විතේන් .....

එයාගෙ රූපේ....ඒ.ඇස් දිහා බලන් උන්න මම අවසානෙදි එයා වෙනුවෙන් මගෙ වෝල් එකේ වේදනාවෙ හැහීම් අකුරු කෙරුවා .....

නුඹ නොදන්නවා උනාට.....

නුඹේ හිතට...හිනාවට.....කතාවට..උඹේ උනුසුමට...ඇවිලුන හිතම නිවන ඔය හිතට ආදරේ නොකරනවා වගේ රගපෑවට...

මම කෙරුවෙම උඹට ආදරේ කර කර....නොකෙරුවා වගේ රගපාපු එක....

මං නැකිට්ටා....මගෙ කකුල් වාරු නැති උනත් මම නැකිට්ටා .....හැගීම් වලින් තෙමුන ලියුම මගෙ ජැකට් අස්සෙ හිර වෙනකොට මම හුස්මක් ගත්තා ...මට තවත් මේ වේදනාව උහුලන් ඉන්න අමාරුයි....මං මොනදේ කොහොම කිව්වා උනත් සුදූත් යන්න ගියෙ බැරිම තැන වෙනකොට මං කොහොම ඉවසන්නද.....

වැස්ස වහිනවා....බක්මහෙ අකුනු සැරින් සැරේම කන් බෙර පලනකොට පිපුන එරබදු මල් වැහිවතුරට පහතට බර වෙලා තිබුනා....මලකටත් වැස්ස දරන්න බෑ.....වැස්ස වහිනවද ....අහස අඩනවද මට හොයන්න බෑ...මං වේදනා දෙන පපුවට දෙපාරක් තුන් පාරක්ම ගගගත්ත වගේම මේසෙ උඩ තියන මගෙ ඵෝන් එක රින්ග් උනා.....

ඒ එයාද....ඒ එයාද.....

ඵෝන් එක අතට ගන්න කලින් මගෙ හිත කෑගැහුවා ඒ එයා වෙන්න කියලා ....ඒත්....ඒ එයා නෙවෙ .....එයා යන්න ගිහින්.....එයා කිව්වා වගේම මං ආදරේ කරන දවසට එයා මගින් නවතිනවා කිව්වා....

විතේන් ...දන්නවද පන.....උඹ මාව දාලා ගිය තැන....උඹේ තේශිට උඹව ඕනම තැන විතේන් ....

මං රින්ග් වෙන ඵෝන් එක දිහා බලන් උන්නා ....ඩියෝන් බබා...ඌම වෙනස් කරපු නම ඩිස්ප්ලේ එකේ තියනකොට මම ආන්ස්වර් කරා...

හෙ..ලො....ඩියෝන්..

අනේ ඒයි.....නිතේස්....ඔයා හොදින් නේත ඒයි.. 

මං ..හොදි...න් 

අනේ..නිතේස්....අයියෙ.....ඉක්මනට .එන්නකො....ඔහෙ ඉන්න එපානෙ ඒයි.....මං ඉතින්...ඔයා ගැන හිතන්නත් එපැයිනේ.....

ඩියෝ...න්.....දෙයක්...කියන්නම්...මගෙ....විතේ...න්ට කියනවද....

මොකක්...ද....නිතේස්....ඔයා අඩනවත ඒයි....අනේ...සෙනෝන්...මේ එනවකො...සෙනෝන්...අපේ නිතේස් අඩනවනෙ...

මං අහන් උන්නා....මගෙ බුරුල් උන නහයත් එක්ක කතා කරන වචනයක් ගානෙම මං අඩලා කියන එක දැනෙන කොට මම අහන් උන්නා ඒ එහෙන් කෑ ගහනවා....

නිතේස්....අනේ...ඒයි ඔලුව කකියනවත...අපි බෙහෙත් ගන්න යමුකො...මගෙ ඔලුව පැලෙන්න වගේ ඔයා ගැන කල්පනා කරලා...

ඩියෝ...න්.....මගෙ...විතේන්... ආවම....කියන්න...මං...කිව්වා...කියලා.....එයාගෙ....සුදු....අප්පො....එයාට....හුගක්....ආදරෙයි.....කිය...ලා.....

අනෙ..නිතේ.....ස්...ඉක්මනට ගෙදර වරෙන් ඒයි....මට බයයිනෙ.....අනේ....ඒයි...ඔහොම..කියනකොට ...ඩියෝන්...බබාට බය හිතෙනවනෙ...මං ආය බනින් නෑනෙ නිතේස්.....ගෙදර එන්නකො ඒයි....

ඩියෝන් පරිස්සමින් ඉන්න.....

මං එච්චරයි කිව්වෙ කෝල් එක කට් කරලා දැම්මා...එයින් එහා එක දෙයක් වත් නොකියපු මම ලියපු ලියුම සාක්කුවෙ දාගත්තා ...වැස්ස මැදම ඇහෙන පිගන් කෝප්ප වල සද්දෙ එක්ක මගුල කතා කරන්න ආව උන් තේ බොනවා කියන එක දැනනකොට මම වැස්සෙ උනත් නොඑන ගමන් යන්න ලෑස්ති වෙලා එන්න හැදුවා වගේම මගෙ අප්පච්චි ආවා ...

සුදු මහත්තයා .....උඹට කොහොමද පුතේ.....

අතේ තිබුනෙ අප්පච්චිගෙම කිරි මග් එක වෙනකොට මගෙ ගාවට ආව අප්පච්චි මගෙ මූන ඒ ගොරෝසු අතෙන් අත ගගා මගෙ අතට කිරි කෝපි එකක් දුන්නා.....

ඇයි අප්පච්චිට නොකිව්වෙ...උඹ මෙහෙම විදවනවා කියල දන්නවනම්...උඹගෙ අම්මා මීට කලින් මගෙම් ගුටි කාලා නිතේශ් ....අප්පච්චිට වේදනයි පුතේ...අප්පච්චිට වේදනයි.....

තවමත් දුම දාන කිරි කෝපිඑක ලුනු රසයි.....මගෙ කදුලු වැටුන කිරි එක ලුනු රස උනත් මම බිව්වා....අප්පච්චි අතින් අවසානම කිරි බින්දුව මම බිව්වා...

අප්..පච්චි...මං....යනවා.....

මං මගෙ අප්පච්චි දිහා බැලුවා...ඒ ඇස් රතු වෙලා තිබුනා...වේදනාවට රතු වෙලා...අතේ තිබුන හිස් කිරි මග් එක අප්පච්චිගෙ අතට දුන්න මම ඒ කකුල් දෙක ගාව දනගහැහුවා....

සුදු..මහත්තයා ...ඇයි මගෙ පුතේ මෙ....

අප්පච්චි ....මං...වෙනුවෙන් මෙච්චර ....ආදරයක් දුන්නට ස්තූතියි මගෙ අප්පච්චි .....ජාති...ජාතිත්...පින්...මගෙ....

හිත හැදුවට....මන් ..වෙනුවෙන් කතා...කරාට....පින් ...අප්පච්චි ...ජාති..

ජාතිත්...මගෙම අප්පච්චි වෙයන්....අප්පච්චි .....

සුදු මහත්තයා...නැකිටපන් මගෙ අම්මා....ඇයි රත්තරන් මේ...නැකිටපල්ලකො....

මම අවසානෙදි මගෙ අප්පච්චිගෙ කකුල් දෙක උඩින් නලල තියා ගත්තා .....අම්මෙක් උන්නෙ නමට .....මිනිහට දරුවට වඩා වලව්ව ගැන හිතපු අම්මා කෙරුවෙ මාව නොමරා මරපු එක....අප්පච්චි ව උනත් පාගගන්න හදපු එක වෙනකොට දස මාසයක් කුසේ නොදැරුවත්...ලේ කිරි කරලා පෙව්වෙ නැති උනත්....මගෙ අප්පච්චි අම්මාට වඩා මට අම්මෙක් වෙනකොට මම අම්මට අප්පච්චිට වදින ගාථා දෙකම අප්පච්චිගෙ කකුල් අල්ලල කිව්වා...මොකද අප්පච්චි වලව්වෙන් එහා ලෝකයක් දැක්කා....අම්මෙක් නොවි අම්මෙක් උනා...කරෙ තියන් නැලෙව්වා ....රෑ එලිවෙනකන් නිදිමැරුවා...ඒ පිනම ඇති මගෙ අප්පච්චි බුදුන් දැකලා නිවන් දකින්න....

දස මාසේ උරේ කත්වා

පොසේ සී උද්දි කාරණං

ආයු දීඝං වස්සතං

මාතු පාදං නමාමහං

උද්ධිකාරෝ ආලිංගිත්වා

චුම්බිත්වා පියපුත්තකං

රාජ මජ්ජං සුපටිත්තං

පීතුපාදං නමා මහං

අප්පච්චිගෙ කකුල් උඩට මගෙ කදුලු වැටෙනකොට මං අවසානෙදි නැකිට්ටා නැකිටලා එන්න ආවා...

මට සමා වෙයන් අප්පච්චි ...

සුදු මහත්තයා ....

සාලෙ උන්න රන්දෙනිගල හාමුලා බුලත් හෙප්පුව අරන් ආව පොඩීගෙ මූනෙ තිබුන වේදනාව වෙනුවට පාලොස් දොහෙ මලගෙදර දානෙ ගැනවත් නොකියා මගුල් මේසෙ ගැන කියවනකොට අත්තම්මගෙ ගෝරනාඩුව මැද මහ වැස්සෙම මං එලි බැස්සා .....

ගේ ඉස්සරහම තිබුන රත් කෙහෙල් ගස් ගොඩේ තිබුන මුලින්ම පීදුන කෙහෙල් ගහ මල්ත් එක්කම කඩාගන

උන් අපිව මරාගන්නවා දළදා හාමුදුරුවනෙ.....වදාපු අම්මලම දරුවො මරාගන්නවා...

වැස්ස වහිනවා ඉවරයක් නෑ.....උඹම මට වැස්සෙ අස්සෙන් මගෙ ජීවිතෙ දුන්නා විතේන් .....ඒත්.....ඒ වැස්සටම තෙමෙන ගමන් මං උඹ නැතිව ඉන්නවා විතේන් ...කමක් නෑ පන ....ඉන්න තැනක සතුටින් ඉදින් රත්තරන් .....

විතේන් ...මං උඹට ආදරෙයි පන.....

මහ වැස්සෙම යන්නෙ කොහෙද මොනවා වෙයිද නොදැන උනත්...මම යන්නෙ ආය කවදාවත් නොඑන්න බව විතරක් දැනගන මං කාර් එකට නැග්ගා...

මාගේ දෑසින් වැටෙනා හැම කදුලක්

පාසා මට සිහිවන්නෙ

ඔබගෙ ආදරේ මැවීලා අද ආයේ....

ඔබ නැති ශෝකෙන් මා දැවිලා

යනවා නම් මේ ලෝකෙන් මිදිලා....

නුවරට වහිනවා....ඉවරයක් නැතිවම නුවරට වහිනවා ....ඇස්වලින් ඉවරයක් නැතිවම කදුලු වැටෙනකොට මම ඔහේ ඩ්‍රයිව් කෙරුවා...මගෙ අවසානෙ....ගහක්ද....හෙලක්ද....මොකක්ද කියන්න මම්ම් දන්නෙ නෑ....වැහි සීතලට ආයම හතිය අල්ලන් එනකොට මට නුවර වැව රවුමෙදි එයාව මතක් උනා.....

මම මෙතනින් ඔලුව තියාගන්නද...

ඒ බෙන්ච් එක අනෝරා මහ වැස්සට තෙමෙනවා....මුලු වැව රවුමම පාලුයි.....

මට තෙමෙන්න ඕනා....උඹ නැතිව උඹ එක්ක.....මට මැරෙන්න ඕනා උඹ නැතිව උඹ එක්ක....

නුවර වැවෙ වතුර උඩ සමනල්ලු පීනනකොට මම කැහැ කැහැම කාර් එකෙන් බැස්සා....කදුලු එක්ක ලියපු ලියමන ශීට් එක උඩ තියනකොට මම පලවෙනි පාරට එයාගෙ පින්තූරයක් මගෙ ලොක් ස්ක්‍රින් එකේ දාලා තිබුනා....නෑ....එයාගෙයි මගෙයි....තේරුමක් නැති....තේරු ගොඩක් හංගපු ඵොටො එකක් ලොක් ස්ක්‍රීන් එකේ තියනකොට මම දොර වහලා එන්න ආවා.....

මාව තෙමෙනවා....කකුලට සෙරෙප්පුවක් වත් නැතිව ඇදිවත පිටින් මම යනකොට ටෙම්පරි ගහපු ඩයි එක පවා හේදීගන ගියා .... .

මට බලන් ඉන්න ඕනෙ...අවසානම හුස්ම අරින්න හරි එකම එක පාරක් එයා මගෙ ගාවට ඇවිත් මගෙ මැනික....මගෙ තේශි....සුදු අප්පො....සුදුමහත්තයා කියලා කතා කරනකන් බලන් ඉන්න ඕනෙ.....වෙන මොකටවත් නෙවෙ ...මට කියන්න ඕනෙ...

මගෙ විතේන් .....මම උඹට ආදරෙයි කියලා....මගෙ විතේන් ..මට සමාවෙන්න කියලා....මගෙ රත්තරන් ....මට උඹව දැනුනත්....පිලිගන්න බය උනා කියලා....මට ස්තූතියි කියන්න ඕනා....මට ආයම මාව ගෙනත් දුන්නට....

බිමින් ඉදගත්තා ....මට හයියක් තිබුන් නෑ....එයා නැතිව ඒ බෙංච් එකේ ඉදගන්න...

විතේන් ....මාව දාලා ගියේ ඇයි රත්තරන් ....මාව දාලා ගියේ ඇයි....විතේන් .... ...

මම ඈතින් පේන දලදාව දිහා බලන් උන්නා...

විතෙන් ..උඹ නොදන්නවා උනාට.....මම ප්‍රාර්තනා කෙරුවා...මට උඹ එක්ක ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියලා ...ඒ උනත්....ඒ උනත්...මම....පරක්කු වැඩි විතේන්.....මේ පිස්සා පරක්කු වැඩියි මගෙ විතේන් .....

මට....සමා .....වෙයන්....රත්....තරන්...

මං ප්‍රාර්තනා කෙරුවා....විතේ ...න්...උඹගෙ ..අත....අල්ලන්...පහනක් පත්තු කරන්න.....මම...ප්‍රාර්තනා කෙරුවා...විතේන් ...උඹ...ගෙ...අත...අල්ලන්.....මලක් පූජා කරන්න .....ඒත්.....ඒ ඔක්කොම....හීනයක්...විතේන් .....

මම බලන් උන්නා....වැස්සෙ තෙමීගන හුස්ම ඇල්ලුවා.....වැහි සීතලට මාව දිය බත් උනා....මිනිස්සු යනවා...කුඩේ යටින් යන සමහරු මේ පිස්සා දිහා බලන් ගියා. ...සමහරෙක් කිව්වා පිස්සෙක් කියලා...මට ඇහුනා...ඒත්....ඒ මිනිස්සු කතාව ඇත්ත...මම පිස්සෙක්...

ඉකිගසා හඩන අතීතයක....

කදුලු එක්ක ගනුදෙනු කරනා....

මට මගේ නොවන...

මගේම ආදරයක් තිබුනා...

මගෙ විතේන්.....උඹ හරියටම ....මුල හයිය ගහක් වගේ..දරාගන්න....අහසක් වගේ බර වෙච්ච වැහි වලාකුලු උහුලන....මහ පොලව වගේ.....හැම දේම දරන් ඉන්න...උඹ....පතොකක් වගේ...වසන්තයක් බලාපොරොත්තු නොවීම....ඉඩෝරෙට උනත් හුරුවෙච්ච.....

මං උඹට පන හා සමානවම ආදරෙ කරනවා විතේන්....

වැස්ස වැහැලා....වැහැලා....අවසානෙදි වැස්සටත් මහන්සි නැහැ කියන්නද මන්දා තවත් වැස්සා.....වැහි අන්දකාරෙ මුලු සෙංකඩගලම වහගන්නකොට මහ වැස්සෙ උනත් දලදාවෙ කහපාට ලයිට් පේනකොට මම මගෙ අත් දෙකම එකතු කරලා දලදාවට වැන්දා ....

මගෙ විතේන් .....මම උඹට ආදරෙයි මගෙ විතේන් ...

මම මුලු සෙංකඩගලට ඇහෙන්න එයාට ආදරෙයි කිව්වා.....ඇගේම හයිය එකතු කරලා මම කෑ ගැහුවා...

වේදනා දෙන ඔලුව පුපුරන්න එනකොට මම බෙංච් එකට වාරුවෙලා.නැකිටගත්තා .....වැහි වතුරට මාව ගැහෙනකොට මගෙ තොල කට මූන මේ ඔක්කොම වතුරටම තැම්බිලා ගිහිල්ලා තිබ්බා....

මම ජීවිතේ වින්දට වඩා කෙරුවෙ විදවපු එක වෙනකොට ගැහෙන කකුල් මටවාරු නැතිව ඇදගන වැටුනා.....මම නැකිට නැකිටගත්තා ....

නැති උන සුදු අප්පො...අවසානම පාරට හිනා උනෙ ඊයෙ වෙනකොට අද වෙනකොට සම්පූරනම මැරිලා උන්නා.....

විදවීම නුඹයි....

සැනසීම නුඹයි....

මට ඉන්න හිතක්

නුඹ ලගයි.....

ඉරණම එහෙමයි...

විසදුම නැහැමයි

හමු වීම නෙවෙයි

මෙ භවෙ.....

දුකක් ගෙනෙනා මතක රැදුනා

පෙමක් තිබුනා මගෙ නොවනා...

කලක් ගෙවුනා තනිව හිදිනා

නුඹත් නොඑනා දුරක දැනුනා...

මුලු සෙංකඩගල හෝදගනම වහින වැස්ස නුවර වැවත් පුරවනකොට මම මගෙ වෙව්ලන මටම වාරු නැති කකුල් වලින් වැව ගාවට ගියා....

වලාකුලු බැම්මට හේත්තු උන මම අවසානෙදි ඇස් දෙක පියා ගත්තා .....වැහුන ඇස් පියන් අස්සෙ උන්නෙත් එයා වෙනකොට මම එහෙම්ම බැම්මට නැග්ගා....

ආයමත් මේ සංසාරෙ කොතනකවත්...මෙ සුදු අප්පොව උඹ දකින එකක් නෑ....

සෙංකඩගලම හෝදන් වහින වැස්ස එක්ක මම ලොකු හුස්මක් ගත්තා...මගෙ අවසානම හුස්ම...

ඉතින්....මොල්ලිගොඩ වලව්ව අස්සෙ තවත් මලගෙයක් ...පාලොස් දොහක් ඉවර වෙන්න කලින් තවත් මලගෙයක් ...මම හිනා උනා....මම හිනා උනා...මේ පිස්සා කෑ ගහලා හිනා උනා....උහුලලා උහුලලා බැරිම තැන උහුලන්න ඕනම තැන උනත්...මට බැරිව ගියේ එතනම වෙනකොට මම අවසානෙදි නිදහස් වෙන්න හිතුවා.....

මම යනවා...

මම යන්නම...යනවා....

සුදු අප්පො....

ඇස් දෙක පියාගනත් හිනා උන මට එයාගෙ කටහඩ ඇහුනා ... වලකුලු බැම්මට වෙලා හිටන් උන්න මට එයාගෙ කටහඩ ඇහුනා.....

ඒ එයාද .....ඒ එයාද....

මම හැරිලා වත් බැලුවෙ නෑ....

මගෙ සුදු...අප්පො....වදින්නම්...

ඔව්....ඒඑයා.....මම හැරිලා බැලුවා....මගෙ විතේන් .....ඉහලගන ආව කුඩේ වැහි වතුරෙ ගහන් යනකොට එයා අත් දෙක එකතු කරල වැන්දා.....ඒත් මම හිනා උනා...

මම අතාරින්න තීරනෙ කරලා ඉවරයි...මට මහන්සි.....

මගෙ...සුදු...මහත්තයා...වදින්නම්...

රත්තරන්නෙ ...වදින්නම්...එපා....තේශි....අනේ ....

එයා...අඩ අඩ වදිනවා....මම හිනා වෙවි....අඩනවා.....

මගෙ ගාවට වරෙන්....නිතේශ් ...මගෙ...ගාවට වරෙන්කො...මගෙ..ගාවට වරෙන් මගෙ සුදු මහත්තයා ..මං උඹව දාලා ගියෙ නෑ....අනේ ....මං උඹව දලා ගියේ නෑමගෙ වස්තුවෙ....මාව මෙහෙම නොමරා මරන්න එපා...තේශී...මට හයියක් නෑ...

විතේ....න්...

මම කතා කෙරුවා ....එයා අඩනවා....අත් දෙක වැද වැද අඩනවා.....එත්...මට බැහැ.....මට අවසානම පාරට එයාට කියන්න ඕනා උනා...මම එයාට ආදරේ කෙරුවා කියලා .....එයා ඇහුවා..කවදම හරි දවසක මම එයාට ආදරේ කියයිනේද කියලා...ඉතින්....මම එයාගෙ ඒ බලාපොරොත්තුව යතාර්තයක් කෙරුවා...

වි.....තේ....න්...." මගෙ පන....."

උඹගෙ.....සුදු.....අප්පො.....උඹට....

ආදරෙයි.....රත්තරන් ...මට....සමා....වෙයන්...."

තේ....ශීහ්...අනේ..දළදා හාමුදුරුවනේ.....

එපාහ්...!!!!

ඉහික්....

ඒනම්...ආය....හෙච...ඈ....

ඊයෙ මං වෙනුවෙන් ඉවසන් බලන්.උන්න හැමෝටම...ස්තූතියි ගොඩක් ...

😘😘😘😘😘❤️....

BYE

More Chapters