Cherreads

Chapter 22 - 22

තේශි.....

එයා මගෙ උරහිසට අත තිබ්බා....

ඔයාට පුලුවන්ද මාව එක විනාඩි පහකට තනි කරන්න...

තේ ....ශී.....

ඉල්ලීමක්...ඔයාමම නිමපු හිත ඔයාම ඇවිලුවොත් මට දරාගන්න බෑ.....මොකද මම තව දුරටත් ඉන්නෙ දරාගන්න පුලුවන් තැනක නෙවෙ....ඉල්ලීමක් විතේන් ...

මම එයාගෙ ඇස් දෙක දිහා බලන් මට තනියෙන් ඉන්න දෙන්න කියනකොට මං බලාගන ඒ ඇස් ගැස්සුනා...මන් දන්නවා මං මෙතන ඉන්නකොට එයාට එක බත්කටක් වත් උගුරෙන් පහලට නොයාවි...වේදනාව බෙදා ගන්නවා උනත් මට ඒ අහිංසක හිත තව රිදවන්න බැරි කමට මං එයාට යන්න කිව්වා....

නිතේශ් ....

ඇදෙනුත් පහතට රූටගන බිම ඉදගත්තු මම ආයම ඔලුව උස්සලා බලනකොට ඒ ඉස්සරහා උන්නෙ ඩියෝන් ...ඒ උනාට මං වෙනදා දකින ඩියෝන් එතන උන්නෙ නෑ....එයාගෙ අර පොඩි මූන තරහෙන් පුපුරන්නඔන්නමෙන්න තියනකොට ශෙනෝන් කෑ ගහන ආවා ...

ඩියෝන්.....මං ආය කියන්නෙ නෑ ඩියෝන් කරුනාකරලා ගෙදර යනවා...

ශෙනෝන් ...මං හිතන්නෙ තමුන් එක තත්පරේකට කට පියාගත්තොතින් හොදයි...එකම තත්පරේකට....

විස්වාස කරන්න පුලුවන්ද ශෙනෝන්ට ඒ සැර උනේ ඩියෝන් කියලා ....මීට කලින් හුරතලේට කතා කරපු ඩියෝන් සම්පූරනම කන පිට ගගල තිබ්බා..

ඩියෝන් මං උඹෙ මිනිහා ....උඹට මං කියන දේඅහන්න බැරිද..

උඹ මිනිහා උනාට හොදට මතක තියාගනින් ශෙනෝන් මං ගෑනියෙක් නෙවේ කියලා ...කරුනාකරලා පාඩුවෙ පැත්තකට වෙනවා ..මට මෙයා එක්ක විසදගන්න දෙයක් තියනවා .....

මං හිතන්නෙ මට එයාලා කියන කරන දේවල් ඒ තරමට පැහැදිලිව ඇහුන් නෑ

...මා දිහා බලන් ඉන්න විතේන් වගේම කෑගහ ඩියෝන්, ඩියෝන්ව ඇදන් යන්න යන ශෙනෝන්...මේ තුන් දෙනාම මගෙ ඔලුවට දරන්න අමාරු පීඩනයක් දෙනකොට කෑ ගහපු ඩියෝන් මගෙ මූනට රිපෝර්ට්ස් වගයක් විසික්කරලා ගැහුවා 

මම බලන් උන්නා ...කොළඹ මහ රෝහල කියලා ගහපු රිපෝර්ට්ස් සීසීකඩ යනකොට මම ඔහේ හැගීමක් නැති දැනීමක් නැති උන්මන්තකයෙක් හා සමානව බලන් උන්නා....

විතේන් .....විතේන් ....දනන්වද...දන්නවද ....වලවෙ හාමුලා . උඹේ මිනිහව පිස්සෙක් කරලා ඉවරයි...

ඒ ඩියෝන්....මෙච්චර වෙලාම නිතේස් අයියේ විතේන් අයියෙ ගාපු ඩියෝන් ....මට හරි ඊරිසියයි කියපු ඩියෝන් ....මටත් නොදැනි මගෙ ඇස්වල කදුළු නාලිකා ඇරිලා තියනකොට විශාදයේ මූලික පඩිය නැගලා තිබුන මගෙ හංගපු රිපෝර්ට්ස් ඩියෝන්ගෙ අතට හම්බෙලා වගේම ඩියෝන්ගෙ කදුලු වේදනා විලාප ගාව ශෙනෝන් වගේම විතේන් නිරුත්තර වෙනකොට මම ඔහේ බලන් උන්නා...

වි...තේ...න්...

මං එයාට කතා කෙරුවා ....වෙනදට මන් කතා කරන්න කළින් ඇයි අහන එයා අද ගොලුවෙලා උන්නා...."පිස්සෙක්ට ආදරේ කරන්නෙ කව්ද ??"මගෙ හිත මටම හිනාවෙනකොට මං ඔහේ ඉදන් ඉන්නකොට ඩියෝන් මගෙ ගාව දන ඔබා ගත්තා ..

මහ රෑක උන ගන්නකොට ශෙනෝන්ට වඩා රිදුනෙ උඹට නම්....මගෙ නහර පහු කරන් සේලයින් කටු ගහන්න හදනකොට ලමයට රිදවන්න එපා කිව්වෙත් උඹමනම්.....යන්න එන්න තැනක් නැති තැන...කන්න බොන්න තැනකන් ...නැති තැන ජාතියක් ජම්මයක් නොබලම ඉන්න හිටින්න තැනක් දෙන්න තරම් උඹට අපිව දැනුනා නම්....එකම... එක පාරක් උඹ මේ තරම් විදවනවා කියලා කියන්න බැරි උනාද මගෙ නිතේශ් අයියෙ....

එදා අත්තම්මා මට වගේම ශෙනෝන්ට ගරහනකොට අපි වෙනුවෙන් කම්මුල් පාරවල් කාගන පැත්තකට උනත් රිදුන මගෙ හිත හදන්න උඹ උඹේ වේදනාව අමතක කරලා මාව ළඟින් තියා ගන්න තරම් මාව උඹට උඹගෙ වගෙ දැනුනා නම්....එකපාරක් මට කියන්න තිබුනා නේද නිතේශ් . . .

නිතේශ් ....අපි...තුන්දෙනාම පවුලක්...එක පවුලක් කියලා උඹම නේද කිව්වෙ නිතේශ් .....

පොඩි ගඩාපියා දුක කියනවා .....පොඩි ගඩාපියා ඉවරයක් නැතිවම දුක කියනකොට මං ඇඩුවෙ නැති උනත් මගෙ ඇස් දෙක අඩන්න පටන් අරන් තිබුනා ...වලව්වෙ මිනිස්සු එක දිගට දෙන වේදනාව එක්ක මටම දරාගන්න බැරි තැනක උන්න මං අවසානෙදි පිස්සෙක් වෙන්න පටන් අරන් තිබුනා.....පැනලා යන්න හේතු දාහක් තිබ්බත් පිස්සෙක් වෙන තරම් දරාගන උන්නෙ රත්තරන් අප්පච්චිව අසරන කරන්න බැරි නිසා වෙනකොට මේ නිතේශ් කාටත් නොකිව්වට නිතේශ්වම මරාගන තිබුනා ..

මං ඩියෝන්ගෙ මූන දිහා බැලුවා ඌ නෙවෙ මගෙ මුන දිහා බලන්නෙ බිම බලාගන ඉකි ගහන ඩියෝ ගෙ චූටි මූනෙ මම කදුලු පිහදනකොට විතේන් වෙනම ලෝකෙක උන්නා....

මම නැකිට්ටා.....මට හිටගන්නවත් මග් කකුල් වාරි නැති වෙනකොට විතේන් මාව දාලා යන්න හැරුනා....එයාට මාව එපා වෙලා.....

ඇත්ත.....පන ඇරගන ආදරේ කරන්නෙ පිස්සෙක්ට කියලා දැනගත්තම ඕන කෙනෙක් අතාරිනවා නේන්නම්.....

විතේන් .....

මාද දාලා යන්න හදපු විතේන්ගෙ මම අතින් අල්ල ගත්තා ...

මාව දාලා යන්න කලින්....මට එකම එක බත් කටක් කවලා යනවද....ඉල්ලීමක්....

ඒ මගෙ වචන ...ඒ අන්තෙටම අසරන උන මගෙ වචන....එයා මාව දාලා යන්න යන්නෙ කියන එක මට මගෙ පපුවටම දැනෙනකොට මට එයාගෙ ගාවට වෙලා බත් කටක් කවා ගන්න ඕනා උනා....සමහර විට මගෙ බඩ පිරෙන අන්තීම දවස අද වෙන්න පුලුවන් කියන එක මගෙ හිත මටම කියනකොටම මම එයාගෙන් ඉල්ලුවා...මාව දාලා යන්න කලින් මට එක බත් කටක් කවන්න කියලා....

ඇගිලි තුඩු වලින් ගුලි උන බත් කටක් මට කවා ගන්න ඕන වෙනකොට එයා මට උත්තරයක් නොදි බලන් ඉදලා පෙනෙන නොපෙන ගානට ඔලුව වනනකොට මම හිනා උනා....මෙච්චර කල්ම හිනාවක් නොදුන්න මම අද එයා වෙනුවෙන් හිනා වෙනකොට එයා සද්ද නොකර මාව දාලා ඩියෝන්ලගෙ ගෙදරට ආවා.....

ගෙදර මලගෙයක් හා සමානයි...වෙනදට ඉවරයක් නැතිවම කච කච ගාන ඩියෝන් ඒකගෙ මල් පපඩම් වලට හුලන් ගියත් කමක් නෑ කියල ඔහේ උන්නා...මෙච්චර දවසක් සුදු අප්පො...තේශි කියපු මගෙ මැනික කියපු එයා ගොලුවෙලා උන්නා...

ආ ගාන්න වත් නොකියම කටට ලන් කරන බත් ගුලියක් ගානෙම මම කට අරිනකොට ඒ හැම බත් කටක්ම මගෙම කදුලු වලින් පෙගිලා ලුනු කායම් වෙනකොට එයා නැකිටලා හිට ගත්තා ...

ඉතින්...ඇතිද...මදිද...තව ඕනෙද මේ මොකුත් නෑ....එයා ගිහින් අත් දෙක හෝදගත්තා ...

මං දන්නවා ....එයා යන්න යන්නෙ...එක අතකට හැගීම් හංගපු මම සාදාරනයි .....වේදනයි.....පපුවට උහුලන්න අමාරු තරම් වේදනාවයි.....

එයා ඵෝන් එක දිහා බලන් උන්නා ...හැබැයි පෝස්ට් මුකුත් නෑ...මන් රීෆ්‍රෙශ් කරලා බැලුවා ....

ඉතින් පිස්සෙක් වෙනුවෙන් කොහෙද නිසදැස්.....

මම එයා දැන් මට කතා කරයි කියලා බලන් උන්නා ...ඒත් එයා කතා කෙරුවෙ නෑ...එයා එහෙම්ම ඉන්නකොට මාව දාලා යන්න හදන දිහා බලපු මං මගෙ කාමරේට ආවා.....ඇවිත් එහෙම්ම ඇද උඩ ඉදගත්තා ...

මගෙ හිතේ ගින්න අහසටත් උහුලන්න බැරි තරම් වෙනකොට අහස පවා කලු කරලා තිබුනා ...

දරන්නට බැරි තැන්

ජීවිතේ තිබුනා බොහෝමයි....

තිබුනත් කතාවක් කියන්නට

වරුගනන් අහන්නට

කෙනෙක් උන්නෙ නෑ සත්තමයි....

තැලුන පොඩිඋන හිතෙ කවුලුව

බලෙන් ඇරියෙත් ඔබමයි....

ඉතින් සබද පලයන් නුඹ

පැලීගන කෙරුවත් ආදරේ වැඩක් නැත

මා ඉතින් හැගීම් මැරුන

පිස්සෙක්මයි.....

එයාට වගෙ මට ලියාගන්න බෑ ...එයාට් වගේ මට ලියාගන්න කොහොමටත් බැරි වෙනකොට මගෙ ජීවිතේ හා සමාන පිලිවලක් නැති අකුරු කන්දරාවක් ලියලා දාපු මම අවසානෙදි ඵෝන් එක අතට දාලා කාටත් හොරාවට බොන බේත් වේල ගිලලා දැම්මා...

දුන්නොත් දෙවියො වරමක්...මං අනිවාර්යයෙන්ම ඉල්ලනවා පඩි දහතුනෙ පඩිපෙලක්....දහතුන් වෙනි පඩියෙදි මැරිලා ගියත් කමක් නෑ.....පන කෙන්ද තිබුනොතින් මන් ඉල්ලනවා සාතන්ගෙන් වරමක් .....මොල්ලිගොඩ මැනිකෙලාට හදන්න කියලා වෙනම අපායක් ....මාව පිස්සෙක් කෙරුවට...මාවම මරලා දැම්මට...මොකද කවුරුත් නොදන්නවා උනාට නිතේශ් ගෙ හුස්මෙ තිබුනෙම ගින්දරක් ...

.

මං ඔහේ උන්නා....කිසිම කෙනෙක් ආවෙ නෑ....මම ඔහේ උන්නා...කිසිම කෙනෙක් බලන්න ආවෙත් නෑ....

ඇදන් උන්න ටී ශර්ට් එක ගලවපු මම ඈතින් පෙනුන එයාගෙයි අදීශ්ගෙයි පාලුවට ගියපු ගේ දිහා බලන් උන්නා.....ඒ දෙන්නා ආදරෙන් ඉන්න ඇති .....

අදීශ් ආදරේ දෙන්න ඇති හුගක්....නිතේනුත්....ආදරේ දෙන්න ඇති හුගක් .....ඒත්...හැමදාමත්.....සමහර

වෙලාවට...හොදම ආදර කතා අසම්පූර්නයි හැම පැත්තෙම්ම.....පැලෙන්න ආදරේ තිබුන කතා ආසම්පූර්නයි....වේදනාත්මකයි හැම පැත්තෙම්ම.....එහෙම නොවුනා....අදීශ් එක්ක විතේන් ඉන්න ගියා හැමදාමත්...

එහෙම බලන් ගියහම....විතේන් උඹ නෙවෙ වාසනාවන්ත.....උඹේ ආදරේ නොසෑහෙන්න විදලා මැරුන අදීශයි වාසනාවන්තම කෙනා මම දැක්ක...

මම එහෙම්ම ඇදේ පෙරලුනා.....කියා ගන්න දේවල් දාහක් හිබුනා උනත්....මම ඔහේ උන්නා...අඩාගන්න ඕන තරම් හිත කිව්වා උනත් මම ඔහෙ ඇදේ පෙරලිලා බලන් උන්නා....

ටික්....ටික්...ටික්.....ටික්.....ටික්....

බිත්ති ඔරලොවෙ කටු ඇරුනම මෙලෝ දෙයක් ඇහෙන්න නැති වෙනකොට මම උන්නෙ කැරකොප්පුවක හා සමාන උනා...ඒ උනත්...මට කැරකොප්පුවෙ වත් සැනසීමක් නෑ කියන්නද කොහෙද කනගාව තිබුන ඵෝන් එක රින්ග වෙනකොට මම ආන්ස්වර් කෙරුවා .....

සුදුපුතා.....

අම්මා....අම්මා ආයමත් මට කතා කරනකොට ඔහේ අහන් උන්නා...

අම්මෙ....මගෙ....වෙලාව බලන තැන තිබුනෙ මට අපලයි කියලද.....

ඔව් උඹට අපලයිලු නොසෑහෙන්න...

ඒකෙ....මම මැරෙන දවස තිබුන් නැතිද ...මට...මහන්සී.....නොසෑහෙන්න...උඹලට...ඕනේ....මාව ගෙන්න ගන්නම්... මම එන්නම්.....ඒකිගෙ අයියා...විදිහට මම එන්නම්...පුලුවන් නම්....මං වෙනුවෙන් මොල්ලිගොඩ කැරකොප්පුවෙන් අඩිහයක් පහලට කපන්න....මොකද මට හයිය නෑ තව හුස්ම ගන්න....

මගෙ අතින් ඵෝන් එක ඇදට වැටෙද්දී අම්මා එක දිගටම මගෙ නම කිය කිය මොනවදෝ කියවනකොට මෙලෝ සිහියක් නැති මම ඇස් දෙක පියාගත්තා ...ඇස් කොන් වලින් කදුලු වැක්කෙරුනා.....

පපුව වේදනා දෙනවා...

පුපුරු ගහන ඇස් යට කදුලු උතුරනකොට වේදනා දෙන පපුව ඇදුම් කෑවා...

සුදු අප්පො.....

සෑහෙන්න වෙලාවකට පස්සෙ .....එයාගෙ කට හඩ ආයම මට ඇහුනා.....මම නිදි වගේ ඔහේ උන්නා.....ඇදේ පැත්තක් බරවෙනකොට මම ඔහෙ උන්නා වගේම එයාගෙ ඇගිලි මගෙ මූන පුරාවටම යනකොට මම ඇස් දෙක ඇරියා....

පිස්සෙක් බව දැන දැන...මට ආදරෙ දෙන්න.... එපා විතේන් ...මාව මැරිලා යයි...

මම අකුරු ඇහින්දා...එයාගෙ ඇස් දෙකම මගෙ මූන පුරාවටම යනකොට එයා මගෙ අතින් අල්ලන් නැකිටින්න කිව්වා....

මං නැකිට්ටා...ඇයි කියලා නාහම මම නැකිට්ටා.....දාලා යනවා කියන එක දැන දැන මම නැකිට්ටා...එයා මොකුත් නොකියම මගෙ අතට ටී ශර්ට් එක දෙනකොට මම ඇදගත්තා ...

සුදු අප්පො.....තවමත්.....නැති උන නිමල්ව ඕනෙද....සුදු අප්පොට නැති උන සුදු අප්පොව ඕනෙද...

එයා මගෙන් නැති උන නිමල්ව ඕනෙද ඇහුවා.....මට නැති උන මාව ඕනෙද ඇහුවා...අවසානෙදි මට ඉතිරි වෙන්නෙ මම කියන එක දන්න නිසාම මම ඔලුව වැනුවා....

එයා මගෙ අතින් අල්ලගත්තා ....අල්ලන් එහෙම්ම කුසියට ගියා....

ඇරලා බලන්න.....

මේසෙ උඩ තිබුනෙ ශොපින් උර ගොඩක් වෙනකොට එයා අත් දෙක බැදන් මං දිහා බලන් උන්නා වගේම මම පොඩි දරුවෙක් වගේ අර ශොපින් උර ලෙහන්න ගත්තා ....

ගඩා ගෙඩි....ඒක පිරෙන්න තිබ්බෙම ගඩා ගෙඩි වෙනකොට එයා මට පිහියක් දුන්නා .....

අත කපාගන්නෙ නැතිව කන්න...

මම අඹ ගැටයක් කපන්න ගත්තා ...කහ පාට නෙල්ලි වලු ගොඩයි ..බාගෙට ඉදුන ගැට දිවුල් ඒ...අස්සෙන් ඇබිත්තකට නැති වලන් සෙට් එකක් පවා තිබ්බා....

විස්වාස කරන්න මම ඒ වලන් සෙට් එක මගෙ අත් දෙකෙම්ම තුරුල් කර ගත්තා ...තවමත් අලුත් සුවද ගහන සුදු පාට රටා ඇදපු වලන් සෙට් එක මාව සම්පූරනම අවුරුදු හතක විතර කොලු ගැටයෙක් කරනකොට මං අර වලන් සෙට් එක අත් දෙකෙම්ම බදාගන විතේන් දිහා බැලුවා...

වි...තේ..න්..මේක මට නේද ....

කවදාවත් ආසාවට සෙල්ලම් බත් කියන්නෙ මොනවද නොදන්න මං එයාගෙන් නොදරුවෙක් ගානට මේක මට නේද අහනකොට එයා ඔලුව වැනුවා.....රතු පාට ගල් තුනක්...තලපු පොල්කටු කෑලි පොල්කොල පොඩියට කපපු හනසු කෑලි ටිකක් බෑග් එකක තියනකොට එයා මට තහඩු කෑල්ලක් බිමට එලලා දුන්නා....නැතිනම් ටයිල් එක පිච්චෙනවා .....

එයා බලන් ඉන්නකොට මං අර වලදෙන් වලද අත ගගා බැලුවා.....ගාපු පොල් චුට්ටක් පරිප්පු මිටක් හාල් තුනපහ ගොඩක් තියන කොට එයා මගෙ දිහා බැලුවා ...

සුදු අප්පො....ඔයාට පුලුවන් උයන්න.....

එයා මට උයන්න කිව්වා ....

ලූනු බෑවක් කරපිංචා කොල දෙක තුනක් මිරිස් කරලක්.....කහ චුට්ටක් ....එයා එකින් එක පෙන්නකොට අවුරුදු හතක සුදු අප්පො සෙල්ලම් බත් උයන්න ලෑස්ති උනා...

සුදු අප්පො කවදාවත් අච්චාරු කාලා තියනවද ...

අඹ ගැටයකට ලුනු කැටයක් තියලා කෑවට බඩ රිදෙනවා කියලා මට කවදාවත් අච්චාරුවක් කටේ තියන්න දුන්නෙ නෑ...උන්ගෙ කටවහටමද කොහෙද අසාවට හොරාවට කාපු වෙරලු අච්චාරුවක එක වෙරලු ගෙඩියක් මට රැයක් එලිවෙනකන් බඩ යන්නම අජීර්නෙ වෙනකොට වෙරලු විකුනපු එදා වේල කන්නවත් නැති නාකි උන්දට වලව්වෙ හාමුදුරුවො යනඑනමන් නැති වෙන තැනට අච්චු කරපු දා ඉදන් අච්චාරු කියන්නෙ බේබිහාමුට අකැප දෙයක් වෙද්දි එයා මගෙ අතට බාගෙට ඉදුන දිවුල් ගැටයක් දුන්නා.....

මේක..

බිදින්න....බිදලා ගාන්න....ගාලා ලුනුවතුරෙන් මිරිකන්න නැතිනම් උගුරෙ කහට බැදෙයි මැනික...

එයා මට වචනෙන් වචනෙ කියලා දෙනවා ....අනෙ ඉතින් මං නොදරුවා වගෙ එයා කියන කියන එක කරනකොට දුම් කාගන අවුලපු ලිපේ පරිප්පුව උතුරනකොට එයා මට මැටි මඩක්කුවට අත තියලා කිරි ටික දාන්න කිව්වා

ලුනු ඇතිද ....

එයා මගෙන් අහනවා .....මං ලුනු බලනවා ...ඇබිත්තන් ඇතිලියෙ පරිප්පු මිටක් උනත් විශ්වාස කරන්න මට ඒක ලෝකයක් තරම් වෙනකොට මං ආයම ආසාවට ලුනු බැලුවා ....ආයම.....

මේකෙ....ලුනු ඇතිද.....

ඇති මැනික....ඔයා දැන් හුගක් වෙලා ලුනු බැලුවනෙ....

එයා හිනා උනේ නෑ...එයා මගෙ මේ විකාර වලට හිනා උනේ නෑ .ඒඋනත් එයාගෙ ඇස් දෙක තෙත් වෙලා තිබුනා....අවුරුදු තිහක මනුස්සයෙක් සෙල්ලම්බත් උයනව කිව්වම මොකාද හිනා නොවෙන්නෙ.....ඒ උනාට ඔය හිනා වෙන එකම මනුස්සයෙක් වත් හිනා වෙන්නෙ ඇයි කියන එක හිතන්නෙ නෑ...නොදරුවෙක් ගානට වැටිලා සෙල්ලම් බත් උයන මගෙ මානසික මට්ටමට වැටුනා නම්...මම හිතන්නෙ නෑ මිනිස්සු හිනා වෙයි කියලා....එයාලා අඩයි....අනිවාර්යයෙන්ම අඩයි...

ඕනම මනුස්සයෙක් ඇතුලෙ පොඩි දරුවෙක් ජීවත් වෙනකොට උන් මගෙ ලමා කාලෙම ඒ චරිතෙත් මරලා දාලා තිබුනා...අවසානෙදි මිනී වලෙන් උඩට ගත්තු ඒ චරිතෙට විතේන පන දෙනකොට එයා මං දිහා බලන් උන්නා....අර ලිප ගාව බඩගාගන නැවීගන දුම් කාගන ලිපට පිඹින මං දිහා බලන් උන්නා.... ...

මූන ඇඹුල් කරගන නෙල්ලි හපන මං දිහා බලන් උන්නා.....එයා මට කියලා දුන්නා... නෙල්ලි ගෙඩියක් තම්බලා ලුනු සීනී මිරිඅ කුඩු දාලා හදන අච්චාරුවක රස....එයා මට කියලා දුන්නා උගුරෙ කහට බැදුනත් දිවුල් කුඩු අච්චාරුවක තිබුන රස එයා මට කියලා දුන්නා නඩ බුරුලට ගියා උනත් සියඹලා චට්නියක රස .එයා මට කියලා දුන්නා වංගෙඩියෙ දාලා කොටපු ඇඹරැල්ල ගෙඩියෙ රස දත් හිරිවට්ටන් උනත් අඹරැල්ලා ඇටේ සූප්පන් කනකොට රස...කජු කිරි නාගන අත්වල ඉස්ම බේරෙන්න කනකොට කජු පුහුලුමක රස...

හොදම දේ එයා මට මේ හැම දේටම කලින් සුදු පාට ටීශර්ට් එකක් අන්දවපු එක....මගෙ ටීශර්ට් එක පුරාවටම කජු කිරි පැල්ලම්....අච්චාරුවල ඉස්ම....දිවුල් කහට...පරිප්පු වල හොදි බින්දු ....දුම් ගද...මේ හැම දේම ඔය ටීශර්ට් එකේ ගෑවිලා තිබුනා.....

ඇබිත්තන් මුට්ටියෙ හාල්.මිට ඉදෙනකොට මම සිය පාරක් නෑබිලිය උස්සලා බැලුවා....බදින බදින පපඩම කටේ ඔබා ගත්තා ...ඒත් එය නෙවෙ මට වචනයක් කිව්වෙ....අවසානෙදි මගෙ සෙල්ලම් ඇතිලිවල ඉදුන බත් හැන්දයි පරිප්පුවයි එයා මටම කන්න දුන්නා එකම ඇටයක් වත් එයා නොකාම...අච්චරු කාලා ඉස්මුරුත්තාවට වගේ ආවා උනත් එයා මට මොකුත් නොකියම බඩ අච්චාඋ වෙනකන්ම කන්න දුන්නා..මොකද මෙතන උන්නෙ එයා ආදරේ කරන තේශිවත්....සැලෝන් නියෝ එක අයිති කාරයා නිතේශ් වත්....මොල්ලිගොඩ හාමුගෙ බේබි මහත්තයා වත් නෙවෙ....අවුරුදු හතක් වෙච්ච නිතේශ් කියන පොඩි කොලුවා වෙනකොට එයා මට ඕන දෙයක් කරගන්න දුන්නා....ලාවට කලු කරල තිබුන අහස අවසානෙදි හොදටම අඩන්න ගන්නකොට මම කුසියෙ පැදුරක් එලාගන අර උයපු එක තනීයම කෑවා...

ඇතිනෙ...

ඇතිද...අත හෝදගන්නකො....

එයා මට අත හෝදගන්න කිව්වා උනත් එයාම මගෙ අත හේදෙව්වා...ඒකත් අම්මා කෙනෙක් දරුවෙක්ගෙ අත් දෙක සබන් දාලා අතුල්ලනවා වගේ මගෙ අත් දෙකෙ එයාම හේදෙව්වා.....මගෙ කට එයාම පිහදැම්මා...

දැන් ..අපි මොකද කරන්නෙ....

මම අහනවා...මම බලන් ඉන්නවා...එයා මෙතනින් එහාට මොකද කරන්නෙ කියලා .....එලියෙ වහිනවා....වතුර බින්දු පොලවට වැටෙනැකොට ඒ වතුර උඩ සමන්නල්ලු මතු උනා....සමනල්ලු පියාඹනවා...මම ජනෙල් කූරුවල එල්ලීගන පහල බලන් උන්නා....

ආමේක ගන්න.....

මම වහින වැස්ස දිහා බලන් ඉන්නකොට එයා මගෙ අතට පත්තර කොල ගොඩක් දුන්නා. නිකන් නෙවෙ කලු පාට රතු පාට කොල පාට....ලොකු ප්ලැටිග්නම් කූරු ගොඩක් එක්ක...

බෝට්ටු හදන්න ....

එයා මට බෝට්ටු හදන්න කිව්වා...ඒ කියන්නෙ අපි බෝට්ටු යවන්නද යන්නෙ... ඔව් මයි.....මම බෝට්ටු හදන්න ගත්තා ...ඒවල අර ප්ලැටිගනම් කූරු වලින් බලි කුරුටු ලිව්වා ....අපි හැමෝම පුංචි කාලෙ කරන්නෙම බෝට්ටුව පුරාවටම නම ලියන එක වෙනකොට මම හැම බෝට්ටුවකම නිතේශි...නිතේශ් කියලා ලිව්වා..මොකද...මට තවම අවුරුදු හතයි ...මගෙ ජීවිතේ විතේන් කෙනෙක් නෑ තවම....

කෝ එන්නකො මැනික අපි මේක ගලවමු.....

බෝට්‍ටුවල බලි කුරුටු ඇදපු මගෙ ගාවට ආව එයා අර සුදු පාට ටීශර්ට් එක ගලවලා ගත්තා ....එයා මොකක්ද මේ කරන්න හදන්නෙ... මම දන්නෙ නෑ...ඒ උනත් මගෙ හිත තිබුනෙ කඩදාසි බෝට්ටු ගාව වෙනකොට මම බලි කුරුටු මල්...ඒ විතරක් නෙවෙ එකක ටයිටැනික් කියලත් ලිව්වා.....

එන්න.....

එයා මට කතා කෙරුවා .....

එතකොට...මේවා...

මගෙ කටහඩ අඩුම ගානෙ මටවත් ඇහෙන්නෙ නෑ.....මම එ තරම් හිමීට කතා කෙරුවෙ ...මොකද අපිව හැදුවෙම කනට නැහෙන ගානට කතා කරන්න වෙනකොට මම එයා දිහා බලලා බෝට්ටු පෙන්නුවා....

ඒ ටිකත් අරගන්න...

මගෙ මූනෙ හිනා මලක් පිපුනා...එයා මට කිව්වා ඒ ටික අරගන කියලා...ඉතින් මම අරගත්තා ...මගෙ අතේ බෝට්ටු ගොඩායි...

එයා මාවත් එක්කන් එහෙම්ම පහල තට්ටුවටම ආවා...

එතනින් එහා එයා මොකුත්ම කිව්වෙ නෑ...මම අර සමනල්ලු පියාඹන වැහිවතුර දිහා බලලා එයා දිහා බලනකොට එයා ඔලුව හෙලෙව්වා ...වතුර පිරුන කානු දිගේ කඩදාසි බෝට්ටු පාවෙනකොට මම වතුරට දිව්වා...උඩ පැන්නා.....මඩ නෑවා...පීල්ල යට හිට ගත්තා ....එයා බලන් උන්නා ....අත් දෙක උස්සන් අහස දිහා බලන් කෑ ගැහුවා.....

කවුරුත් උන්නෙ නෑ....වේවැලක් අරන් ඇතුලට එලවන්න වලව්වෙ කවුරුත් උන්නෙ නෑ.....සුදු මහත්තයා ඇතුලට පලයන් කියන්න කවුරුත් උන්නෙ නෑ.....මම අර කඩදාසි බෝට්ටු දිහා බලන් උන්නා. ඒවා තෙමුනා...දිය උනා සමහරක් වැස්සට ගහගන ගියා.... මම හිනා උනා....අවසානෙදි මම ඇඩුවා...මොකද...මට ඒ වැස්ස අස්සෙදි කෙනෙක් හම්බ උනා.....අවුරුදු හතක සුදු අප්පොව මට වැස්ස අස්සෙදි හම්බ උනා...වැස්ස අස්සෙදි මට නිමල්ව හම්බ උනා . ....වලව්වෙ තහංචි මැද හැදුන ජීව්තේ මෙලෝ හසරක් නොදන්න සුදු අප්පොට අවසානෙදි නිමල්ව.....ජීවිතේට එක පාරක් හම්බ වෙන හොදම යාලුවෙක්ව...නිමල්ව හම්බ උනා.....මට මාව හම්බ උනා....

කටු අකුලේ මල් ඇහැරෙ....

රලු අහසේ තරු හිනැහෙ.....

රලු අහසේ තරු හිනැහේ....

කටු අකුලෙ මල් අහැරේ.....

තුඩින් තුඩේ ....රැව් නැගේ

කුරුළු ගී....ගායනා....

කුලින් කුලේ.. වැතිරෙති....

සුදු වලා පාවෙලා.....

ළමයින් සුවදයි....

කදුලක දිලිසෙයි....

අදුරු විමානේ.....

රන්මිනි පහනයි...

අවසානෙදි මම මාවම හොයා ගත්තා ...ගල්වලේ බන්ඩගෙ නිමල්ට පින් සිද්ද වෙන්න මම මැරිච්ච සුදු අප්පොව හොයා ගත්තා....වැහැපු වැස්ස මට සුදු අප්පොව ගෙනත් දෙනකොට මගෙඇස්වලින් කදුලු වැටුනා .....

ඉතින් නිමල්...ජාති ජාතිත් පින්....මට ආයම සුදු අප්පොව ගෙනත් දුන්නට .....

එයා මාව නෑව්වා .....එකම ඇදුමක් වත් ඉතිරි නොවෙන්න මගෙ ඇදුම් ඔක්කොම ගලවලා මාව නෑව්වා....අවසානෙදි එයාම මාව ඔතාගන ඇදට උස්සන් ආවා...මම නෙවෙ වචනයක් කිව්වෙ...මොකද මට ඒ හැම හැගිමක්ම විදින්න ඕනා වෙනකොට මම උන්නා...

කෝ ආ ගාන්න මැනික...

මේ මොනාද

මොරිසන්ස්....ඔයාගෙ බඩ රිදේවි නැත්තන් ..

මොරිස...න්ස්...

ඔව් මයි එයාගෙ අතෙ තිබුනෙ අම්මා කෙනෙක් බබෙක් වඩන් ඉන්න පින්තූරෙ තිබුන දුඹුරු පාට බෝතලේක එන මොරිසන්ස් ...පොඩි උන්ට බඩ රිදෙනවට දෙන මොරිසන්ස් ...එයා ඒකෙන් මට මූඩි දෙකක් පෙව්වා...ඔලුවට බේබි ශෙරමි ඕඩික්ලෝන් දාලා අවසානෙදි මූනට බේබි ක්‍රීමුත් ගෑවා....අවංකයෙම්ම මං ගාව පොඩි දරුවෙක්ගෙ සුවදයි....එයා ඒ ඔක්කොම මම වෙනුවෙන් කරලා අවසානෙදි එයත් නාගන මගෙම ඇදුමක් ඇදන් මගෙ ඇදේ මට එහා පැත්තෙන් නිදා ගත්තා වගේම එයාම මාව ඇදලා එයාගෙ අත උඩට අරගත්තා .....එයා මාව නිදි කරවන්න හදන්නෙ...උඩ බෙලි අතට උන්න මාව එයගෙ පැත්තට හරවගත්තු මගෙ ඔලුව අත ගෑව.....අත ගාලා එයා හැම වෙලේම කරනවා වගේ මගෙ නලල මැදට හාදුවක් තිබ්බා..නිකන් නෙවෙ....මගෙ සුදු අප්පො කියන නම හිමින් මුමුන ගමන්.....

අපි දොයියමු මැනික.....මගෙ සුදු අප්පොට මහන්සි .....

ඒ එයාගෙ වචන...මගෙ කකුලක් එයාම අරගන එයාගෙ ඇගට දාගත්තා වගේම මගෙ අතකුත් එයා එයාගෙ ඇග උඩින් දාගත්තා .....එයා මාව නිදි කරවන්න හදන්නෙ....

එයාගෙ අතේ පොතක් තිබුනා...තනි කොලපාට කවරෙ එක්ක ඉස්සරහම නිමල් වගේම සුදු අප්පො ඉන්න අඹ යහළුවො පොත .....මම බලන් උන්නා....එයා පිටු පෙරලන් හිමින් හිමින් වචනෙන් වචනේ හරි හිමින් කියනකොට මම අහන් උන්නා...වැහි අන්දකාරෙ එක්ක වට පිටාම අන්දකාරෙ වෙනකොට මගෙ ඇස් දෙක අවසානෙදි නිදිමතට බර වෙනකොට මගෙ අත මටත් නොදැනම එයාගෙ ටීශර්ට් එක ඇතුලට ගියා.....ඒත් එයා නෙවෙ වචනයක් කිව්වෙ.....එයා නෙවෙ කතාව නැවැත්තුවෙ....

සුදු අප්පො නිමල් එක්ක ලේන්නු කාපු අඹේකට මරා ගන්නවා....අවසානෙදි නිමල්ට තිබුන එකම ඇදුමත් ජරාවෙනවා.....ගල්වලේ උන්න බණ්ඩා ඉගුරු කෝටුවක් කැඩෙනකන් නිමල්ට ගහනවා...සුදු අප්පොව තනියම එව්වට.....

මගෙඇස් පිහාටු එන්න එන්නම බර උනා නිදා වැටෙනවා ඒ උනත් මට කතාව අහන්න ඕන කමට මම ඇහැරෙනවා...එයාගෙ පපුව උඩ තිබුන මගෙ අත නිදිමතත් එක්ක පහලට කඩා වැටෙනකොට නින්ද යාගන ආව මාව ගැස්සිලා ඇහැරෙනකොට එයා ආයම මගෙ පිට දිගෙ අතගෑවා.....

සුදු අප්පො ගහකට නැගලා මදේ රතු පේර ගොඩක් කඩාගන නිමල්ට ගිහින් දෙනව.....නිමල් එක්ක ගල් කඩනවා...

මම අහන් උන්නා.....අවසානෙදි මට තවත් අහන් ඉන්න තරම් පන නැති වෙනකොට මම එහෙම්ම එයාගෙ පපුව මැදට මගෙ මූන ඔබා ගත්තා ...මට මහන්සී....නොසෑහෙන්න...

ආදරේ නම් කවුරුන් වේදෝ

මා තරමින් ඔය හිත සෑදු.....

අවසානෙදි සුදු අප්පොට සැනසීමෙන් නින්ද ගියා....

වෙලාව කීයද කියන්න මං දන්නෙ නෑ...කොට්ටෙ යට තිබුන ඵෝන් එක ඉවරයක් නැතිවම අඩලා මගෙ නින්ද උදුර ගත්තා .....

මං ඇස් ඇරියෙ නෑ....මට ඒත් තනිකමක් දැනුනා...මට ඒ උනුහුම නැතිබව අඩ නින්දෙම්ම පවා දැනෙනකොට මං ඇස් ඇරියා...

වි....තේ...න්....

එයා නෑ.....ඒ ඇද හිස් ..මං එයා නිදා ගත්තු තැනට අත තියලා බැලුවා එතන සීතලයි.....එතන උනුසුම් නෑ.....එයා ඇදෙන් බැහැල හුගක් වෙලා..මං බාතෲම් එකට දිව්වා...එයා නෑ.....මං කතා කෙරුවා ....ඒත් නෑ.....මං දුවලා ගිහින් ජනෙලෙ එල්ලුනා....එයා නෑ.....එයා ගිහින්....

විතේන් ...එයා ඇත්තටම ගිහින්....

එයා....මාව දාලා ගිහින්....මගෙ ඇස්වලට කදුලු පිරුනා....

ඉවරයක් නැතිවම ඵෝන් එක අඩනකොට ඒ එයා වෙන්න ඇති කියලා හිතන් මම ඵෝන් එක ගන්න දිව්වා.....ඒ උනත් ඊයෙ රෑ එයා නිවපු හිත තත්පරෙන් ඇවිලුනා.....ඒ අම්මා...

මං ඉදගත්තා .....අත උඩ තිබුන ඵෝන් එක අඩනකොට ඉරවත් පායලා නෑ යන්තම් පහෙ කනිසම පහු උනා විතරක් වෙනකොට මං ආන්ස්වර් කරලා හෙලො නොකියා කනෙ තියා ගත්තා.....

සුදු මහත්තයා .....එන්න පිටත් උනාද.....

.....තා..ම නෑ...

පිලිවලකට එනවා නිතේශ් ඔය කන්වල අටවන් ඉන්න යකඩ කෑලි ගලවලා....තමුන්වත් බලන්න එක්ක එන්නෙ....

මං කටපියන් උන්නා...මට කෑ ගහන්නවත් බෑ රන්ඩු කරන්නවත් බෑ මගෙ ඔලුව පුපුරාවි කියලා මට බය හිතුනා.....ඊයෙ රෑ නිවපු හිත ගිනිගනී කියල මට බය හිතුනා ...

නිතේශ් උඹ අහගනද ඉන්නෙ...උඹ පොඩීගෙ මගුලත් කඩාගන උඹගෙ කටයුත්තත් කඩාගන්න තැනට වැඩකරන්න හදලා මේ අම්මා නරකයි කියන්න එපා නොතේශ්...තේරුනානෙ ....උඹ අනිවාර්යයෙන්ම එන්න ඕනා.....

එයා එහා පැත්තෙ ඉදන් කිවයවනකොට මම කෝල් එක කට් කරල දාලා මලමිනියක් වගේ ඔහේ උන්නා...මට ඒ ඔක්කොටම වඩා එයා මාව දාලා ගිහින් කියන වේදනාව පපුවට දැනුනා...

මම එහෙම්ම එයාගෙ වෝල් එකට ගියා.....මං දන්නවා...එයා පෝස්ට් දාන්නෙ මං වෙනුවෙන් ...මං හිතුවා වගේම මහ රෑ පෝස්ට් එකක් දාලා තිබුනා....

මියැදුන සුදු අප්පෙක්ට පන දුන්

නිමල් මම වෙමි.....ඉතින් සුදු අප්පො.....පොරොන්දු තියෙන්නෙ රකින්න ...

ඒ එයාගෙ වචන....එයා මගෙ පොරොන්දු රැක්කා...මගෙ විතේන්....උඹ ආයම නැති උන මාව මට හොයලා දුන්නා.....

මගෙ විතේන්....

මම පලවෙනිම පාරට එයාට මගෙ විතේන් කියලා මිමිනුවා...විතේන්...මං ඇහුවා...මම උඹට කවුරු කියලද කතා කරන්න ඕනෙ කියලා . .මම උඹේ මැනික නම්.....මන උඹගෙ සුදු.මහත්තයා නම්...උඹ කව්ද විතේන් ....උඹයි මට ජීවිතේ දුන්නෙ....උඹයි ආයම මට පන දුන්නෙ....උඹ අහසක් වගේ විතේන් ...හැම දේම හරි අපූරුවට දරා ගන්න උඹ අහසක් වගේ...ඇවිලුන ගින්න නිවපු උඹ මගෙ ජීවිතේ විතේන් .....

පෙනෙන නොපෙනන දුරක ඉදන්

නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ....

ආවට නොකියාම ජීවිතෙත් ...

නවතින්න හිතුවාද ආයමත් ආදරෙන්...

දකින හිමිවෙන හීනේ...

නුඹකොතැන සිටියා...

මතක සැමරුම් අතරේ...ජීවිතේ තිබුනා...

හඩන හිනැහෙන නෙතු නුඹේ 

උරහිසේ තිබුනා...

"ඇත්තමයි නුඹ අහසක්...වගේමයි....

හිතුනා....."

නුහුරු නුපුරුදු හීන අරන්...

ලගට ඇවිදින් තුරුලු වෙමින්...

ආවාට නොකියාම ජීවිතෙන්....

නවතින්න හිතුවාද.....

ආයමත් ආදරෙන්....

විතේන්.....මම උඹේ මැනික නම්.....

"උඹ මගෙ පන විතේන් .....විතේන් .....මං...උඹට ආදරෙයි ....මගෙ විතේන් ...."

හිතේ ගින්ර මැද ඇස්වලට ආදරනීයම කදුලක් මෝදු වෙනකොට මම එයාට කෝල් එකක් ගත්තා .....

"ඔබ ඇමතු ඩයලොග් දුරකතනය මේ මොහොතේ ක්‍රියා විරහිත කර ඇත..."

මගෙ පපුව නැවතුනා...

විතේන් ...පන....

මට කිය උනා.....එයාගෙ ඵෝන් එක ඕෆ්.....එයා කොහෙ ගිහින්ද.....එයාට මීටින් එකක්වත්ද....??

ඒත් මේ පාන්දර ...ඒත්...එයා මං වගේ නිකන් සැලොන් කාරයෙක් නෙවෙ .....

මම මගෙ හිත ඇතුලෙ ගින්න ආය ආය උඩට නගින්න ක්ලින් මමම නිවාගන්න හැදුවා ...

ඒහෙන් ඉවරයක් නැතිව වලව්වෙන් කෝල් එනකොට මාව හෙම්බත් වෙන්න ආවා....කියන වචනයක් ගානෙම මැනිකෙලා කිව්වෙම පිලිවලට එන්න කියලා වෙනකොට මම මගෙ කොන්ඩෙ සම්පූරනම ඩයි කෙරුවා...කහ පාට...මං දැන් කුකුල් පැටියෙක් වගෙ....

බාතෲම් එකේ වරුවක් උන්න මම මගෙ කොන්ඩෙ අනිත් පැත්තට හැරෙව්වා....

කොච්චර උනත් මට මතක් උනේම එයාව වෙනකොට මම සැරින් සැරේම එයාට ගත්තා .....එත් එයාගෙ ඵෝන් එක ඕෆ්.....

එයා ගැනම හිත හිත closet එක ඇරපු මගෙ ඇස්දෙක එකම තත්පරේකින් තෙමිලා ගියා...

එ වෙනමොකටවත් නෙවෙ....එයාම පන දුන්න සුදු අප්පොගෙ කහට අල්ලපු ටී ශර්ට් එක එයා හැගර් එකක එල්ලලා....

"මගෙ සුදු අප්පො....මං උඹට නැති උන සුදු අප්පොව ගෙනත් දුන්නා"

එයාගෙ අකුරු ලිය උන කඩදාසිය උඩ මගෙ කදුලු වැටෙනකොට මම එයාට කෝල් ගත්තා ...එක පිට එක දාහක් විතර ...අවසානෙදි එයාගෙ අඩුව වගේම වලව්වෙ කෝල් වලින් මට ආයම පිස්සු හැදිගන වගේ එනකොට මං උදේට බොන්න තියන බේත් වේල හිස් බඩම බිව්වා...මගෙ සෛල දුර්වල වෙලාලු....දරන්නම බැරි තැන මාව දුර්වල වෙලා ගිහින්ලු.....මට පිස්සෙක් වෙන්න බෑ....මට එයා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනා.....මට එයා එක්ක හුස්ම ගන්න ඕනා....හැම රෑකම ඒ පිරිමි පපුවට තුරුල් වෙන්න ඕනා ...තේශි ගාන එයා එක්ක මට ජීවත් වෙන්නම ඕනා....

මං ඇදගත්තා.....හිස්බඩ බෙහෙත් බිව්වම බඩ දනවා බව දැන දැනත් මං බෙහෙත් අහුර බිව්වා....නිදිමත එන බව දැන දැනත් මම බෙහෙත් අහුර බිව්වා... මොකද මට පිස්සෙක් වෙන්න බෑ.....මට පිස්සෙක් වෙලා ඇදක් උඩ මැරිලා යන්න බෑ....

ඈඩියාව ඉවරයක් නැති ඵෝන් එකත් අරන් මං පහලට එන්න ආවා...

නිතේස් ...

ඩියෝන් ....මම...මම....වලව්වට...යනවා...

නිතේස් ...එපානෙ...

මගෙ....විතේ..න්...ආවොත්.....මං එනකන් ඉන්න කියන්න...ඩියෝන්....

උඹට සනීප නෑ නිතේස්.....අනෙ...යන්න..එපානෙ ඒයි.....

ඊයෙ රෑ මට බැන්නත් මං නැතිව ඉන්න බැරි ඩියෝන් නහයෙන් අඩනකොට මං එන්න ආවා....

ඔබ ඇමතු ඩයලොග් දුරකතනය මේ මොහොතෙ ක්‍රියා විරහිත කර ඇත ...

ඔබ ඇමතු ඩයලොග් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නැත ...

ඔබ ඇමතු ඩයලොග් දුර කථනය ආවරන කලාපෙන් බැහැරව ඇත.....

මගෙ අතට සැනසීමක් නෑ....මං ඩ්‍රයිව් කරන ගමන් සිය පාරක් ගත්තා ....ඒත් එයාගෙන් කෝල් එකක් නෑ...

විතේන් .....අනෙ....උඹ..මාව දාලා ගියාද පන...

නුවරට වහිනවා...බක්මහ වැස්ස ඉවරයක් නැතිවම වහිනවා ....අඩන්න බැරි කමට මං දරාගන උන්නා....

විතේන් ...මට පිස්සෙක් වෙන්න බෑ මගෙ විතේන් .....

මං මිමිනුවා .....එයා නැ.....එයාට මීටින් එකක්ද....එයාට නින්ද ගිහින්ද .....මගෙ සිහිය කොහේවත් යනකොට පාරෙ තෙත් ගතියට ටයර් මාරු කරන්න වත් සිහියක් නැති කාර් එකෙ කට්ට ගෙවුන ටයර් පාරට ලෙස්සනකොට වංගුවෙන් ආව කන්ටේනර් එක නොදැකපු මාව හැප්පෙන්න ගියා වගේම කපපු පාරට කාර් එක අනිත් අතට ලෙස්සීගන ගියා බ්‍රේක් පෑගුවත් වදින් නැති තරමට.....

හෙලක්.....

මට කියවුනා ...මගෙ ඇස් දෙක ලොකු උනා....

එහෙන් ඵෝන් එක අඩනවා.....මට එයාව මතක් වෙනවා බෙහෙත් වලට නින්ද යාගන එනවා වලව්වෙ තර්ජ මේ ඔක්කොම එක්ක මං උන්නෙ මලකද ගානට වෙනකොට දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් මොන වාසනාවකට හරි වංගුවේ අවසාන කෙරවලේදි කාර් එක නැවතුනා නැවතුන පාරට මගෙ නලල ස්ටියරින් වීල් එකෙ වැදුනා....

ආයමත් අඩනවා.....ඉවරයක් නැති කරුමෙ ආයම වදිනකොට මන් බැලුවා...අප්පච්චි ...මට ඉන්න එකම හයිය ....

අප්පච්...චි.....මට...නින්....ද...යනවා.....

මට එච්චරයි කියන්න පුලුවන් උනේ....මාව නිකන් කරකවලා අතෑරියා වගෙ වෙනකොට මං සෑහෙන්න වෙලා ඔලුව ගහන් උන්නා.....

සුදු පුතා...සුදු පුතා...

අප්පච්චි ඉවරයක් නැතිවම කියෙව්වා.....මගෙන් සද්දයක් නැති තැන අප්පචිගෙ කට හඩ ඇහෙන් නැතිව ගියා...ඒ විනාඩි ගානයි ..ශෙනෝන්....ඩියෝන් ....අප්පච්චි මාරුවෙන් මාරුවට ගන්නවා....අනිවාර්යයෙන්ම ශෙනෝන්ලාට අප්පච්චි අරගන...මගෙ අප්පච්චි කවදාවත් උන්ට වචනෙකින් වත් වැරද්දක් කිව්වෙ නෑ වගේම උන් පවා අප්පච්චිට අප්පච්චි කිව්වා ....

සෑහෙන වෙලාවකට පස්සෙ මං අප්පච්ගෙ කෝල් එක ආන්ස්වර් කෙරුවා ..

මගෙ පුතේ....

අප්පචි....මං ...එනගම..න්...

අප්පච්චිගෙ කටහඩ පවා වෙනස් වෙලා තිබුනා.....ස්ටියරින් වීල් එකේ වැදුන පාරට නලල ගෙඩි ගැහිලා තියනකොට මං නින්ද යන ඇස් දෙක වතුරෙන් හේදුවා...

සුදු මහත්තයා....සීවරන් දෙයි හාමුදුරුවනෙ...උඹගෙ කොන්ඩෙ...අනීතා...අනීතා....

වාහන දෙක තුන පිරුන වලව් වත්තට කාර් එක දාලා එලියට බහින්න බැරි උනා අත්තම්මා ඔලුවෙ අතගහගත්තා ...ඉදිමුන මගෙ නලලට වඩා හෙම්බත් උන මගෙ මූනට වඩා උන් මගෙ කොන්ඩෙ දැක්කෙ වෙනකොට අත්තම්මා මිදුලෙ ඉදන් කෑ ගහනකො වලව් හැත්තම එලියට බැස්සා

සුදු පුතා .....නිතේශ් ...උඹ මොන විගඩමක්ද මේ කරන් ඇවිත් තියෙන්නෙ නිතේශ් .....උඹ ඔහොමද රන්දෙනිගල හාමු ඉස්සරහට යන්නෙ...

නිතේශ් .....දෙයියන්ගෙ නාමෙට ඔව්වා හෝදපන් නිතේශ් ....උඹ මොන නාඩගමක්ද මේ කරලා තියෙන්නෙ....රොඩියෙක් වගේ.....පලයන් නිතේශ් හෝදපන්...

මං කාර් එකට හේත්තු වෙලා තෝන්තුවෙන් වගේ උන්නා..

අනීතා.....

කොහෙ හරි ගිහින් ආව අප්පච්චිගෙ කාර් එක දූවිලි කාගන ඇවිත් මිදුලෙ නැවැත්තුවා වගේම මාව වටකරන් කන්න හදන මැනිකෙලා ගොඩේ උන්න අම්මට අප්පච්චි කතා කෙරුවා

දහම්...පේනවද ....පේනවද තමුන්ගෙ පුතාගෙ හපන් කම...

අනීතා.....දරුවව එක්කන් කාමරේට එන්න...

දරුවව එක්කන් කාමරෙට එන්න නෙවෙ....දහම් කියන්න මෙයාට මේවා හෝදගන්න කියලා....මෙහෙමද අර මිනිස්සු ගාවට යන්නෙ ..

අනීතා උඹට කියන සිංහල තේරෙනවද...නැතිනම්

දහම්...

සුදු පුතා කාමරේට ...

අප්පච්චිව වෙව්ලනවා....ඒ මූන කේන්තියෙන් පුපුරන්න එනවා මේ අවුරුදු තිස් ගානටම අප්පච්චිගෙ තරහවක් නොදැකපු මං අද ඒ තරහව දැක්කා.....මං කාමරේට යනකොට ඔසරි පොට අතට ගත්තු අම්මා වලව් මාන්නෙ කිය කිය දෙස් තිය තිය මගෙ පස්සෙන් ආවා වගේම කාමරේට ආව ගමන් අප්පච්චි දොර වහලා දැම්මා

දහම්....මොකක්ද නටන නාඩගම.....මෙතන කතා කර කර ඉන්න වෙලාවක් නෑ මෙන්න මූට ඔය විජාබහුව හෝදගන්න කියන්න....

අනීතා ...උඹට මේක ගැන මොනවා හරි තේරෙනවද....

අප්පච්චිගෙ අතේ තිබුනෙ ෆැක්ස් එකක්...

දහම් තමුන්ට ඔලුව හොද නැතිද...මෙවෙලාවෙ කොහෙවත් නැති කොලයක් අල්ලන් නටන්නෙ....නිතේශ් පලයන් ඔය මගුල් හෝදපන් මං කට කැඩෙනකන් කිව්වා නේද උඹ ගෑනු බලන්න යන්නෙ ඔහොමද නිතේශ් උඹ අපෙ නම්බුව කන්නද යන්නෙ නිතේශ් .....

අනීතා...

අම්මා ඉවරයක් නැතිවම කියෙව්වා.....මට ගැහැව්වා...මගෙ අත් ගොබේට ගගහ අම්මා මට දෙස් තිබ්බා ඒත් මං සිහි කල්පනාව නෑ වගෙ ඉන්නකොට වලව්ව දෙවනත් වෙන්න කැ ගහපු අම්මව ඇදලා අරන් පැත්තට තල්ලු කෙරුවා ...

දහම්.....තමුන් මූට බුරුල දෙන හින්දයි මෙච්චර මේ නටන්නෙ....දහම් තමුන්ම කියනවා....

අනීතා....උඹට මේ කොලේ මොකක්ද කියල තේරුමක් තියනවද .....ආ.....උඹට මේ කොලේ ගැන තේරුමක් තියනවද ...ආ අනීතා ....

අප්පචි අම්මගෙ මුනට කොලයක් දික් කර කර කෑ ගහනකොට අම්මා කෙරුවෙ මාව කන්න හදපු එක...

නිතේශ් තව ටිකෙන් වලව්වෙන් එයි නිතේශ් පලයන් ඔව්වා හෝදපන් උඹට ඕනෙ අත්තම්මලව ලැජ්ජ කරවන්නද....උඹ කොහොමද හාමුට මූන දෙන්නෙ රොඩීත් එක්කම ඉදලා උඹ....ආඅහ්හ්හ්හ්...ව්ව්...ආ...හ්...

කටවහපන් අනීතා .....කට.....

ද...හ...ම්....

මං හිතුවෙ නෑ....මං කවදාවත් හිතුවෙ නෑ අප්පච්චි අම්මට අත උස්සයි කියලා.....අම්මගෙ මූන පුරවලම අප්පචි ගහපු පාරට අම්මව ඇද වියලෙ හැප්පුනා වගේම අප්පච්චි අර කොලටික අම්මගෙ මූනට දමලා ගැහුවා .....

අනීතා ....උඹයි ..උඹගෙ වලව් හැත්තයි මගෙකොල්ලව පිස්සෙක් කරලා ....තොපි මගෙ දරුවව පිස්සෙක් කරලා...

දහම් තමුන්ට....මොන පිස්සුවක්ද....ආහ්ව්....අනේ...අප්පච්චී...දහම්...මගෙ..කොන්ඩේ....කොන්ඩේ....දහම්...

බලපන්....බලපන්....තොගෙ සුදුමහත්තයට තොපි කරලා තියන අපරාදෙ .....තොපි මගෙ කොල්ලව කාලා....

මං බලන් උන්නා...ගුටි කාපු අනීතා මැනිකෙගෙ කොන්ඩ ගෙඩියෙන් අල්ල ගත්තු අප්පච්චි පුලුවන් තරම් අර කොල ටික පෙන්න පෙන්න කෑ ගැහුවා ...මම හංගපු රිපෝට්ස් අරුන් අප්පච්චිට ෆැක්ස් කරලා .....වලව්ව ඇතුලෙ එකම යුද්දෙ ...මාරාවේස උන අප්පච්චි අතින් අම්මා කම්මුල් පිපිරෙන්න ගුටි කනකොට දොරින් එපිට උන්න මැනිකෙලා මැරෙන්න හැදුවා ....

මගෙ ඔලුවම කැරකීගන කැරකීගන කකුල් වලට පන නැතිවේගන යනකොට මම එහෙම්ම පරන මේසෙට හේත්තු උනා වගේම මම එයාට කෝල් එකක් ගත්තා.....

විතේ...න්...අනේ....රත්....රන්....ඵෝන්....එක....ආන්ස්වර් කරන්න.....

මම මිමිනුවා.....

එහෙන් අම්මා අප්පච්චි මරාගන්නකොට මම එයාට කෝල් එකක් ගත්තා ...එත් නෑ....බැරිම තැන මම එයාගෙ සෙකට්‍රි ට ගත්තා ....

හෙලෝ...මිස්ටර් විතේ....න්...

මගෙ අතේ තිබුන ඵෝන් එක බිමට වැටිලා කැඩිලා යනකොට මාව එහෙම්ම ඇදගන වැටුනා...

සුදු පුතා...

සුදු මහත්තයා .....

අප්...පච්...චිම්...මගෙ....විතේ.....න්.....

එයා....ෆ්‍රාන්ස් ...ගිහින්...

එච්චරයි මට කියන්න හම්බුනේ....

🙂ආය හෙට එන්නම්...

චටා.....

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters