මගෙ ....තෙ...හස්.....
මං හරි අමාරුවෙන් හුස්ම ඇල්ලුවා......කිරි මූදෙ ගිලිනු මට වක්කඩ ගාව නටන තිත්ත පැටවුන්ට පාර පෙන්නලම බාගෙට පන ගිහින් තියෙද්දි මගෙ ඉන්ධර්ට ස්වර්න විමානෙට එහා ලෝකෙට යන පාර හොයා ගන්න බැරි වෙයි කියල පාර පෙන්නන්න එලිය දුන්න ලාම්පුවට පවා අවසානෙදි හති වැටුනා...ඇයි පාර පෙන්නලම.....
කහපාට ලාම්පු දැල්ල සුදු පාට හුනු ගාපු බිත්තියෙ රටා ඇදලම පන ගිහින් උන්නා....ඇයි දෙයියනේ කී වංගියක්ද.....මගෙ ඉන්ධර්ගෙ හයේ හතරෙ සර්වාංගෙ ඉහල පහල යන හැටි ඇදපු බිත්තියටයි ලාම්පු දල්ලටයි පන නොයයිද....
මං හිතන්නෙ...ඉන්ධර්ගෙ රූපෙ දරාගත්තු හුනු ගාපු බිත්තියයි....ස්වර්ගලෝකෙ හීනි පෙත්තටම වදින හබල් පාරෙන් එන ඉවසන්න බැරි හැගීම් කෑ ගහලා පිට කරගන්න බැරි තැන මම හුනු ගාපු බිත්තිය සූරපු සීරිලි එක්ක...සීගිරියෙ කැටපත් පවුර මගෙ දුප්පත් මාලිගාවට පරාද උනාද කොහෙද ....
මං ඇස් දෙක පියාගත්තා...මොකද මං උන්නෙ හෙම්බත් වෙලා....දෙතුන් වංගියක්ම වෙව්ල වෙව්ල මගෙ සර්වාංගෙ උඩට කඩන් වැටුන ඉන්ධර්ව උහුලලම මං හෙම්බත් වෙලා...
ඉන්ධර්ව උහුලන එකත් කරගන්ඩ පුලුවන් ...ඒත් දෙයියනේ ඒ කටින් මුමුනන වචන...මං හිතන්නෙ ඒ වචනත් එක්ක...මං දැනටත් බඩ වෙලාද කොහෙද ... .ඉන්ධර් කියන්නෙම ඉපදෙනකොටම ගුලි කරන් ආව අර පුංචි අත් අස්සෙ...ආදරේ පරිසමාප්තියයි....සෘංගාරෙට අධිපති කමයි අරන් ආව මනුස්ස පරානයක් වෙනකොට ..මං හිතන්නෙ....ඒ වචන වලට..අන් දැන්ම බඩ උනාද කොහෙද ....
මනුස්ස හර්ද වස්තුවකට උහුලන්න පුලුවන් වචනෙ නෙවෙ ඒ මනුස්සයා මේ හද එලිය යට මගෙ කනට කෙරුවෙ...කව්ද දන්නෙ...උඹ ගඟක් නම් මැනික මං තොටියෙක් වෙන්නම් කියාපු තොටියගෙ හබල් පාර මගෙ ස්වරන විමානෙ කුඩුපට්ටම් කරයි කියලා....මගෙ ඇහල මල දන්නවද කවියො නිදි වැද්දෙම හඳ එක්කලා කිව්වට....ඉන්ධර් මෙච්චර කාලෙකට ඒ ගෙවුන රමනෙදි මට පෙන්නුවෙ කවියෙක්ගෙ හෙවනැල්ලක් මිසක හරිම කවියව නෙවේ වෙද්දි මං අද ඇස් පනාපිට කවියෙක් හදක් එක්ක නැහෙන හැටි අමු අමුවෙම වින්දා.....
මම් හුස්ම ඇල්ලුවා....ඉන්ධර්ව තාම ගැහෙනවා....වෙනදට අඩ හෙලුව රහයි ගාන ඉන්ධර්ට අද අඩ හෙලුව අමතක උනා...කිරි පාට හද එලිය ඉරුගල්බන්ඩාර වලව්වෙ පොඩි හාමුගෙ කාමරේට පෙරිලා ආවෙ ඇහල ගස් පහු කරන්...ඇහැල මල් අස්සෙන් රිංගන් විතරක් නෙවෙ....යකඩ කූරුත් පහු කරන් වෙනකොට හතර වියන අස්සෙ මං රෙදි මිරිකන හැටි පෙනුනෙම අඩමානෙට....කෝපි මල් පෙති දිග අරින හැටි....නාඹර කෝපි මල් කොටහලු වෙන හැටි දැක්කෙම අඩමානෙට ....ඒ විතරක් නෙවෙ....වියපත් බඹරගෙ ඝන රැවුල් හන්දා මල් පෙති තැලෙන හැටි මං දැක්කෙම අඩ මානෙට...ඒත්...අද...අද ඒකෙ අනිත් පැත්ත.....
නන්දා නම් වෙච්ච වැඩකාරිගෙ පුතා උන.....මගෙ දුප්පත් පැල් කොටේට හද එලිය වැක්කෙරුනෙ මදී නොකියන්න වෙනකොට සමහර තැන්වලදි මට බය හිතුනා මාව ඒ හද එලිය අස්සෙ ගිලේවි කියලා ...පහු කරන් එන්න ඇහල ගහක් වත්...ඇහැල මල් වත්....යකඩ කූරු වත්...හතර වියන් වත්....මේ මොන මගුලක් වත් නැතිව කෙටි බිත්ති කන්දක් විතරක් පරහට හිටපු පිල්කඩෙ උඩ තිබුන ඇදට හද එලිය ආවෙ ලෝභ කමක් වත් නැතිව වෙද්දි පරහට හිටපු කෙටි බිත්තිය පවා අවසානෙදි මගෙ පැත්තෙන් හිට ගත්තා.....
අද නාස්ති වෙන්න ඇඹුල් කිරි තිබුන් නෑ....අද මග මැරිලා යන්න දෙපැරන්ද මැද තිත්ත පැටව් ඉතිරි උනේ නෑ...කොටිම්ම එදා ඉතිරි උන ලා කහට පාට පැල්ලම් මොකුත් තිබුන් නෑ.....ඇද රෙදි අද තෙත් කෙරුවෙම ඉන්ධර්ගෙ සර්වාංගෙ තමාපු දහඩියයි....මගෙ ඇස් වලින් වැටුන කදුලුයි විතරක් වෙනකොට ...කවියෙක් කියන්නෙ තව පැත්තකින් හොද සංගීත කාරයෙක් ...සිතාර් වයන්නෙක් කියන්න මට ඔප්පු කරාපු ඉන්ධර් ඒ අත් අස්සෙ තත් භාන්ඩයක් උන මගෙන් හැඩතල ගානකට සංගීත මවන්න ගත්තා....
කහපාට ලාම්පු දැල්ලට කැටපත් පවුරෙ ඇදුන රූ සිතුවම් වල හැඩතල පවා මට ගනින්න බැරි තරම් උනා...සමහර වෙලාවට මගෙ ඇස් වලට ඉහලින් ඉහල පහල ඉන ඉන්ධර්ගෙ ඇස් දෙක සමහර තැන් වල මට හොයන්න බැරි උනා...ඒ වෙනුවටමන් දැක්කෙ කිරි මඩපාට මිදුලට වැටුන හද එලිය වගේම හද එලියට දිලිසුන කෝපි මල් පොකුරු වෙනකොට මට ඉන්ධර්ගෙ උරහිස් මිරිකගන්නවා වෙනුවට ඇද පත්තෙ කොන මිරිකගන්න උනා.....
මගෙ බෙල්ලට මූනට වැදුන උනුසුම් හුස්ම පාරවල් වැදුනෙම මගෙ බෙල්ල පිටිපස්සට වෙනකොට හබල් ගහන පාරවල් මීට කලින් ඇහුන යටි බඩට නිවාඩු දීලා පිරුන් තට්ටම් ඒ හබල් පාර දරා ගත්තා .....
ආදරෙයි මගෙ ඇහල මලට....
අන් ආදරෙයි මගෙ මැනිකෙට.....
මං ආදරෙයි මගෙ හෝපලුවට.....
කීයක් ජාති නම් මේ මනුස්ස පරානෙ මගෙ කනට කෙදිරුවද.....
ඉතින් දෙයියනෙ මෙච්චර නම් ජාති කිය කිය හබල් ගානකොට ගං පතුලට රිදුනත්...ආදරේ ගාවදි තව තව හබල් ගාන්න ඉඩ දෙනවා ඇර මං මක්ක කරන්නද...
මං ඇස් පියා ගත්තා...හොරාවක් තිස්සෙ...හෝරා දෙකක් තිස්සෙ විදපු රමනෙක රූප පේලි යටි හිත අස්සෙ හොල්මන් කරනකොට තොටියටත් ආපිට හබල අතට ගන්න අමතක වෙලා ගං පතුලෙම හැංගිලා තියන වෙලාවක අපි දෙන්නම ආයම ඒ රූප පේලි අස්සෙ අතරමන් උනා...
සමහර තැන් වල මං රතු උනා...සමහර තැන් වල මං දිය උනා...සමහර තැන්වල මගෙ ඇස් අඩන්න කදුළු හෙව්වා.....ඒත්.....ඉන්ධර්ගෙ ආදරේ තරම දැක දැක ඇස් කොන් වලින් පහලට පෙරුන කදුලුත් අවසානෙදි කොට්ටෙට ඉනුවෙ උන්ටම දොස්කියාගන විතරක් නෙවෙ....අපිට උඹ එක්කල හරි ඊරිසියයි ඇසල කියාගන වෙනකොට මං ඇස් වලින් වැටුන කදුලු වලටත් අවසානෙදි රැව්වා....
මොකද...ඉන්ධර් ඉරුගල්බණ්ඩාරට යට වෙන එකම මනුස්ස පරානෙ මං විතරක් හන්දා.....ඉන්ධර්ගෙ සරම් ගැටේ ලිහන අයිතිය මට විතරක් හන්දා.....
මගෙ ඇහල මල...උඹ.....
මෙච්චර වෙලාම මාව යටකරන් වෙව්ලපු ඉන්ධර් අවසානෙදි හරි අමාරුවෙන් වගේ මගෙ කනට කෙදිරුවා...ඒ විතරක් නෙවෙ.....හරි හිමීට උඩ කද උස්සලා මගෙ මූන දිහා බැලුවා....සුදු මූන දාඩියෙන් නෑවිල.....දරන්න අමාරුම තැන්වලදි ඒ උරහිස් වල එල්ලුන මං ආපහු ඒවා අත ඇරලා තිබුනෙ මගෙ දත් ඇන්දෙ කටු සටහන් ඒ උරහිස් වල ඉතිරි කරලා වෙනකොට මං ඒ පලල් උරහිස් අත ගෑවා....පිරුන අත් ගොබ අත ගෑවා.....
ඉන්ධර්ගෙ නලලෙන් මතු උන දාඩිය බින්දුවක් මගෙ මූන උඩට වැටෙන්න බලාගන පෙරුම් පුරනකොට පෙති දිගෑරිලා කොටහලු උන කෝපි මල් අද හරි උජාරුවට නැගිටන් උන්නා.....
දන්නවද..මයෙ ඇසල....අන් උඹට....නොසෑහෙන්න ආදරෙයි...මේ ලෝකෙ මොන වචනෙ මට අමතක උනත්...මං උඹට ආදරෙයි කියන වචනෙ නම්..මට අමතක කරන්ඩ බෑ මයෙ අම්මෙ...
බෙල්ල ගාවට වැවුන කොන්ඩෙ දාඩිය හන්දම අක්බමරු වෙලා ගිහින් තියෙද්දි හද එලිය දෙගොඩ තලපු පපුව දාඩිය හන්දම දිලිසුනා.....මූන වැහෙන්න වැටුන කෙස් අහුරු මං කන පිටිපස්සට කරනකොට ඉන්ධර් මගෙ නලලට හාදුවක් තියන ගමන් ගං පතුලෙ හැංගුන හබල ආපිට ඔරුවට ගත්තා...මට කෙදිරි ගෑවුනා...
තෙ...හ.....ස්
කෝ..මූන උස්සහන්කො....ඔහොම නිදියන්ඩ බෑනෙ මයෙ ඇසල....ම්ම්ම්...බත හීල් බත උනාට කාරි නෑ.....හිස් බඩ ඇහැපියවලා මයෙ අම්මටෙ හෙට කෙලින් කටින් ඉන්න බැරි වේවි....කෝ....වරෙල්ලකො ඩිංගිත්තක් මූන පිහන්ඩ.....
මං උන්නෙ තවමත් හෙලුවෙන්....හද එලියෙ ගිලිලා ගිලිලම අවසානෙදි මට ජලසන්නියට එද්දි ඇද වියල උඩට වැටුන ඉන්ධර්ගෙ සරම ආපහු ඇදගත්තු මගෙ බේබි හාමු තෙත් රෙදිකඩක් ගෙනල්ලා මගෙ මූන අත පය වගේම තිත්ත පැටවුන්ගෙන් තෙත් නොවුනත් උනාපු දාඩිය හන්දා තෙත් උන දෙපරැන්ද වගේම සර්වාගෙම පිහදපු ඉන්ධර් ඇද වියලට කොට්ට දෙක තුනක් හේත්තු කරලා මාව හානන්සි කෙරෙව්වා...
ආයමත් මාව තනියෙන් දාලා කුසියට ගියා....මං දන්නවා...ඔය යන්නෙ මගෙ බෙලෙක් පිගානට හරි මඩක්කුවට හරි බත් බෙදන් එන්න.....
මන් එහෙම්ම ඉදන් මගෙ ගොරෝසු අත් දෙකදිහා බැලුවා ..නේ මේ දාපු කරගැට හන්දා චූටි අතපයට රිදේවිදෝ...
දැන් මගෙ ඔලුවෙ ප්‍රශ්න කෝටියයි.....හීනි හීනි හුලන් රැලි සර සරගාන සද්දෙත් එක්ක කෝපි මල් සුවද අරන් එහා මෙහා යනකොට හැන්දෑ වරුවෙම ඇවිලුන බුදු පහන නිවිලා හෝරා දෙකකුත් පහු වෙලා තිබුනා.....
බූමිතෙල් දාලා අවුලපු කුප්පි ලාම්පුවෙන් එන සුවදට ඉව අල්ලපු මං සුදු හුණු ගාපු බිත්තියෙ ඇදුන මගෙ හෙවනැල්ල දිහා බැලුවා...
.උඹට ඒ හීනෙ ඇත්තක් කරන්නම වෙනව ඇසල....උඩ ඉන්න තිස්තුන් කෝටියට කියාපන්.....පාලු උලුවහු වල බාලගිරි දෝසෙ අද නෙවෙ හෙට කියලා ලියන්ඩ වරම් ලැබෙන්ඩය කියලා .....
වෙලහට මහ දොදොලි දැන් ඉතින් රෑ දවල් නොබලා වස් ඉල්ලනවා ඇති....නින්ද යන්ඩත් නැතුව ඇති මහ එකීට.....
අපෙ මැනිකෙ
මගෙ හෙවනැල්ල දිහා බලාගන උන්න මං එහෙම්ම ඉන්ධර් දිහා බැලුවා.... කමිසයක් වත් නැතිව සරම පිටින් උන්න ඉන්ධර්ගෙ අතෙ තිබුනෙ මඩක්කුව වත්.....මගෙ බෙලෙක් පිගාන වත් නෙවෙ....කෙලිම්ම නෑඹිලිය...
වලව්වෙ බේබි හාමු දුප්පත් පැලට ඇවිදින් බත් පත බෙදන් තියෙන්නෙ නෑඹිලියට...වලව්වෙ ඉන්නකොට මහ තැන ඉන්ධර්ට බෙදන්න ගන්නෙම හොදම පිගාන.....පිගන් මැට්ටෙම හැඩ කපාපු මල් වැල් ගියපු වික්ටෝරියා මහ රැජිනගෙ කාලෙ තරන් පරන ඉස්තරම්ම පරන පිගන්...එක වතාවට සිය වතාවක් මං ලව්වා හෝදවන...එකම වතුර බිදක් ඉතිරි නොවෙන්න කපු රෙදි කඩින් පිහල බත් පත බෙදන පිගාන වෙනුවට ඉන්ධර් අතේ තියන් උන්නෙ දාර වටේම කඩතොලු හිටපු නෑඹිලිය...මහ එකී දැක්කා නම් පපුව පැලිලා මැරෙනවා....
කෝ වරෙල්ලා ඉතින්...
කෝ වරෙල්ලා කිව්ව්ත් මොකද.....ඉන්ධර්ම තමයි මගෙ ගාවට ලන් උනේ තව....ඇගිලි තුඩු වලින් ඇනන බත් කටට බිත්තර කහ මදෙ ඔබන ගමන් බැදුන හාල් මැස්සෙක්ව ගත්තු ඉන්ධර් ඒක මගෙ කටට ලන් කෙරුවා....
කෝ...ආ.....
ආ....
මට ආ කියලා කියවුනත් එක්ක....
ඉන්ධර්.....
ම්න්....
අම්මන්ඩි...මෙහෙ එනකොට....
අම්මන්ඩිගෙ කියවිල්ල ඉතින් අඩුවක් වෙන කියවිල්ලක් නෙවෙනෙ ඇසල....අනික....ඔය ගෑනුන්ගෙ හැටියක්මනෙ එකම දේ වරු ගනන් මාස ගනන් අදින එක....මයෙ මැනිකෙ ඔව්වා හිතට අරන් නිස්කාරනෙ දුක් වෙන්ඩ තියා ගන්නවා නෙවෙ ම්ම්ම්ම්ම්..උඹලා හන්දයි මං මගෙ රස්සාවට තානාන්තරේට පයින් ගැහුවෙ...මං නැති තැන මයෙ රත්තරන්‍ට අම්මන්ඩි අංචි අදි....අච්චු කරයි කියලයි මං නැවතුනෙ...ම්ම්ම්....මං මනාප නැ...උදේ ඉදන් නැහිලා ගෙදර එන ටිකට අම්මයි මැනිකෙයි කේලන් කනේ තියන්ඩ මග බලන් ඉන්නවට.....
මට ඕනෙ ගෙදර ආවම උඹගෙ අතින් කහට උගුරක් බීලා උඹලා එක්ක සතුටින් ඉන්ඩ...නැතුව..අවුරුදු පනහට ලන් වෙලත් අම්මන්ඩිව හුරතල් කර කර ඒ ඔඩොක්කෙ ඉදගනඩ නෙවෙ මයෙ අම්මෙ.....කෝ...ආ ගාපල්ල්කො....ඔන්න ඉතින් හුරුතල් වෙන්ඩ ගත්තනෙ.....කෝ...ඉතින්...ආ කියපල්ලකො.....බනින්ඩ නම් කට ඇරෙනවා...ම්ම්ම්...
මං මීක් නොගා අහන් ඉදලා ඉන්ධර් කටට ලන් කරාපු බත් ගුලියට ලාවට වගේ කට අරිනකොට බනින්ඩ නම් කට තියනවා කියාපු ඉන්ධර්ගෙ ඇස් මග ඇරල අහක බලාගත්තා....
ඉතින් තරහ යනවා නේන්නම්..ම්හුක්...මහ එකිත් මට බැන්නෙ...එයත් මට රැව්වනෙ.....එතන ඔක්කොම හාමුලා මැනිකෙලා වට උනාම මන් තනියෙන්නෙ...
ඔන්න ඉතින් අහක බලාගත්තා.....මයෙ අම්මට තරහත් යනවා නේ ම්ම්ම්...පෙනේද...මං හිතන් උන්නෙ මේක මුව පැටියෙක් වගේ කියලනෙ...අදනෙ දන්නෙ...මයෙ මුව පැටියටත් තරහා යනවා කියලා .....ම්ම්ම්ම්ම්...පෙනේද .....අයිතිය තියන හන්දා ඉන්ධර් ඉන්ධර් ගගා මටත් කියවපු කියවිල්ල.....ම්ම්ම්...කාරි නෑ....ඉතින්.....බුදු හාමුදුරුවො පවා අර මුර්ගයට කිව්වා කියනවානෙ ඉදලා හිටලා හරි පෙනේ පුප්පපන් නැතිනම් ගෑනු ජාතිය උඹගෙන් දර මිටි බදීවිය කියලා ම්ම්ම්ම්....
මනාපයි. .ඉදලා හිටලා මට තියන බලතල අරන් හරි උඹ ඔහොම ආවේස වෙනවා බලන්ඩ...වැරද්දක් නැති නම් මයෙ අම්මන්ඩිට උනත් උඹලා නැවෙන්ඩ ඕන් නෑ..කට ගැහුවට කාරි නෑ...හැබැයි ඉතින්...අර....
අනේ..ඉන්ධර්.....
මොකද.....ම්ම්...මං නොදැක්කා නෙවෙනෙ චන්ඩ කමට සිද්දාලේප තලියක් උලලා මීයා වගේ උන්න ලස්සන...මක්ක කරන්ඩද.....උඹගෙ කොලු හිතනෙ....ම්ම්ම්ම්ම් මහ වගකීම් වලට උර ගැහුවට....උඹ ඇවිදින් මට නොදරුවෙක් මයෙ ඇසල....ඒත් ඉතින්...කටින් කට ගියාට...උබලා...ඒ වගෙ චන්ඩ කම් නොකර ඉදිල්ලා ම්ම්ම්ම්....මං දන්නවා....මයෙ කොල්ලගෙ හිත තාම ලාමකයි....මං උඹට නොසෑහෙන්න ආදරෙයි මයෙ ඇසල.....සම්මතෙන් පිට පැන්නත්.....මට ඕනා උනෙ....අපලෙ පිට දම්මලා ...හරි...මට උඹලව මයෙ මැනිකෙ කරගන්ඩ...සම්මතයක් රැක රැක....හිතින් දුක විදලා මැරිලා යන එකේ....රාමුවෙන් පිට පැනලා ආදරේ කරලා මැරිලා යන එක කාරි නැද්ද මයෙ රත්තරනේ....
මං....උඹ ගාව හරි අසරනයි මැනිකෙ ....මේ වයසක මනුස්සයට ආය...රකින්ඩ සීලයක් නැති වෙන්ඩම...මයෙ මල ඇවිදින් මාව පිස්සු වැට්ටෙව්වා...ඒක ආසාවක් නම් නෙවෙ...ඇසල....ඒක ආදරයක් ...ආසාවක් උනා නන්....උඹට බලහත්කාර කමක් කරලා අතාරින්ඩ තිබ්බා...
මගෙ .තෙහ...ස්...අනේ...මට....සමා....
මං බිම බලාගත්තා....මට මහ වේදනාවක් දැනුන...ඉන්ධර් ආදරේ අකුරු කරන තැන් වලදි මං හැමදාම අසරනයි....අන්තෙටම අසරනයි....මං බිමබලාගන අහගන උන්නා....
මගෙ ඉන්ධර් නෙවෙ ආය පරන කුනු උඩට අරන් වචනෙකින් වත් මගෙ හිත පෑරුවෙ...හිතේ තියන ආදරෙන් අවුසෙ අවුසෙ ඇගිලි තුඩු දකින් අනන බත් කටට ඔබ ඔබා මගෙ බඩ පුරවන ඉන්ධර් මට ආදරේ කරන තරම ගැන කියනකොට අනේ මං මේ තරම් මට ආදරේකරන පිරිමි පරානෙ ගෙ එකම හීනෙ හැබෑවක් වෙන්ඩ කියලා කිරි අම්මලාට යාතිකා කිව්වා....
ඇයි උඹලා සමාව ඉල්ලන්නෙ ම්ම්ම්...මං නොදන්නවා නෙවෙ....කොලු කම හංගන්නෙ කොහොමද මයෙ ඇසල....ම්ම්ම්ම්...කාරි නෑ...උඹ මතක තියා ගන්ඩ ඕනෙ මෙච්චරයි.....මහ උන්දලා මක්ක කිව්වත්....උඹගෙ වාහෙ මයෙ රත්තරන්ට යල මහ කන්න උතුරන්ඩ ආදරෙයි කියලා.....මං උඹලට වහ වැටිලා ඇසල.....
මං මේ වහ වැටෙන හැටියට...සාලිය අසෝකමාලට වහ වැටුන එක වත්...ඔය පුරානෙ කියන විදිහට ආදරේ හන්දා මිනිස්සු රජකමට පයින් ඇනපු එක ගැනත් පුදුම වෙන්ඩ කාරනාවක් නෑ මයෙ අම්මෙ.....මං උඹලට ආදරෙයි.....කිව්වත්...වගේ.....ඊලග කන්නෙත් උඹමගෙ වෙයන්.....ඒ හොදටම ඇති මට...
කෝ....ආගපන්කො...
මං ඇස්වල කදුලු පිටිම්ම කට අරිනකොට ට ඉන්දර් බත් ගුලිය කටට ඔබල අනිත් අතෙන් මගෙ ඇස් පිහ දැම්මා...
කෝ....නාඩා ඉදින් මයෙ පැටියා.....රන්කදනෙ මගෙ ම්ම්ම්....ආන්...අර වහනෙ අස්සෙ කඩචෝරු මල්ලක් ඇති...ම්ම්ම්ම්
මං ඉන්දර් දිහා බැලුවා..කඩචෝරු .....ජීවිතේට කඩෙකින් තේ එකක් වත් නොබොන මනුස්සයෙක් උන ඉන්ධර් කඩචෝරු ගෙනත්.....
ඉ..ඉන්ධර්....ඔයා මට....
ම්ම්ම්.....බය හිතුනා ....ගස්සන් ගියපු විදිහට ආය මයෙ මායියව හාද කරගන්ඩ බැරි වේවි කියලා ....ඒත් එක අතකට බැලුවම උඹලට තියෙන්නෙත් ලාමක හිතක් වෙච්ච එකෙ...මට හිතුනා උඹල කඩචෝරු වලට වත් නැවෙයි කියලා....ඇරත්.....දෙන්නා දෙමහල්ලන්ගෙ රන්ඩු බත ඉදෙනකන් විතරනෙ ම්ම්ම්ම්...
අනේ...තෙහස්....මහ...නරකයි...
මං එයාගෙ අත් ගොබේට හිමීට පාරක් ගැහුවා....බත් පතෙන් වැඩිම කොටසක් මට කවාපු ඉන්දර් මාව යාලු කර ගන්ඩ කඩචෝරු උස්සන් ආවා කිව්වම අනෙ ඉතින් මේ වයසක ආදරවන්තයා ගැන මට ලෝබ හිතුනා.....
තුරුල් වෙයන් ඉතින්....මෙච්චරත් හරියක් කරගන තනියෙන් ඇහැ පියවන්ඩද ඕනෙ ම්ම්ම්.....කෝ...ලගට වරෙන් .....
මං උන්නෙ ආපහු ඇද රෙද්ද යට....ඉන්ධර් කියන්නෙ ඒ උනුහුමෙන් එකම දශමයක් වත් ඈතට යන්න නොදෙන මනුස්සයෙක් වෙනකොට ආයමත් මාව අත් ගොබේ උඩ නිදි කරවගත්තා....
මක්කද බලන් ඉන්නෙ ම්ම්ම්ම්.....
ඇස් දිහා....
මං මිමිනුවා...ඉන්ධර්ට තියෙන්නෙ හරි ඝණ ඇහිබැමක් ....ආදරේ පිරුනත් නපුරු ඇස් දෙකක්.....ඒ සර්වාංගෙ කොහෙන් බැලුවත් මට අඩුවක් කියන්න නැති වෙනකොට ඒ කඩවසම් රූපෙ හැඩ මන් හද එලිය අස්සෙන් හරි ලෝභ කමින් බලාගන උන්නා...ඒ රූපෙ මං හරීලෝබ කමින් විදින්න ගත්තා.....
ඇස් දෙක අස්සෙ ඉන්නෙ ඉතින් වෙන කවුරුත් නෙවෙ...මයෙ ඇහල මල උඹම තමයි ....වෙන කවුරු ඉන්නද මේ ඇස් වල.....දැන් ඔය ඇස් පිල්ලමක් වත් නොගහා මක්කද මයෙ රත්තරන් බලන් ඉන්නෙ කිව්වා නම්.....ම්ම්ම්ම්ම්ම්...මොකද ....ඉන්ධර් වගෙ පැටියෙක් ඕනෙ කියලද මේ හිතන්නෙ...?හ්ම්...අම්මන්ඩිලා කොහොමත් ඔය කාලෙදි අප්පච්චිලා දිහා බලාගන ඉන්නවයි කියනවලුනෙ....ඒකනෙ ඔය ගැටිස්සියොත් දිගෙට යන්ඩ කලියෙන් කියන්නෙ ඔයා වගෙ පැටියෙක් ඕනයි කියලා .....දැන් මයෙ ඇහල මලත් මෙ තටමන්නෙ ඒක කියාගන්ඩ බැරිවද.....ම්ම්ම්ම්ම්ම්...කාරි නැ....කාරි නෑ...මනාපයක් ඉතින්...බලන් ඉදපල්ලා ඉතින්.....ආසාවනෙ මයෙ පනගෙ.....
මගෙ මූන රතු උනා...ඉන්ධර් හින්දා මාව දැන් මැරෙනවා...මොන හේතුවටද මන්දා අද කරමත අහලකට වත් නෑ.....පායපු හද එලියයි....පායපු තරුයි ..පිපුන මල් වල සුවදයි....ඉන්ධර්ගෙ උනුහුමයි කියන්නෙම දිව්‍ය සැප විමානයක් වෙනකොට ලැජ්ජාවෙන් රතු වෙවී උනත් මං වේදනාව ඉහට ගහන කලවයක් හරි අමාරුවෙන් එහා මෙහා කරද්දි ඉන්ධර්ම ඒ කලවෙ හරි පරිස්සමින් අරන් එයාගෙ ඇග උඩින් දාගන මාව තවත් චුට්ටක් ලගට ගන්නකොට මට කෝපි පාට ඇස් තියන පැටියෙක් ඕනා ඉන්ධර් කියලා කියා ගන්න ඕනා උනත්...අනේ මන්දාමට ලැජ්ජා හිතුනා....
මක්කද ඔය රතු වෙවී කල්පනා කරන්නෙ ම්ම්ම්.... මයෙ ඇසල අද රෑ එලිවෙනකම්ම ඇහැරන් ඉන්නද කල්පනාව....
..බ්..බේබි.....හාමු.....
හ්ම්....මක්කද ම්ම්ම්...දෙන්න හිතෙනවා ඉතින් උඹට ගුටියක් බේබි හාමුවෙක් ගානවා ආයමත්...ඒත් ඉතින් උඹගෙත් හුරුතලේනෙ.....කියාපන්කො.....කට උල් කරන් හොරගල් අහුලන්නෙ මක්කද ම්ම්ම්....
.බැරි....වෙලාවත් ....ඒ...පැටියගෙ ඇස් දෙක කෝපි පාට උනොත්.....
කෝපි පාට උනෝතින්....ද.....ඇස් විතරක් නෙවෙ.....කොල්ලම කෝපි පාට උනත් කාරි නෑ මට...ඒකගෙ අප්පා මන්නෙ රත්තරනෙ...උඹලා දන්නවද මයෙ අම්මෙ .....අම්ම අප්පලාට....පාටෙන් වැඩක් නෑනෙ.....ම්ම්ම්...ලේ වලට ලේ දැනෙන්නෙ...වින්නඹු කාමරෙන් ඇහෙන කෑ ගැහිල්ලත් එක්ක....එලියට එනකන්....කොච්චර හීන දැක්කත්...ඒකගෙ හරි ...ඒකිගෙ හරි....අර පලවෙනි ඇඩුම ඇහුවම අප්පච්චිලාගෙ පපුවෙත් කිරි එරෙනවයි කියනවනෙ ම්ම්ම්....කෝපි පාට ඇස් දෙකකට නම්...මනාප....ඉතින්.....මගෙ ඇස් දිහා බලපන්...උඹ මගෙ කපටි කොලුවා....වාහෙගෙ ඇස් දෙක දිහා බලන් ඉදලා...ඉදලා....පැටියගෙ ඇස් කෝපි පාට උනොත් ඇහුවා.....ඇයි ඉතින් ඕක කෙලින් කියන්ඩ බැරි....ම්ම්ම්ම්ම්
මන්දා මයෙ මැනිකෙ.....මට මේ උඹලගෙ ලද බොලද හුරුතල් වැඩ නම්....තේරෙන්නෙ නෑ.....ම්ම්ම්ම්....තව මක්කද ඕනෙ...අප්පච්චි වගේ හය හතර හොද ඇගපත තියන එකෙක් වෙනවට මනාප නැතුවද. . . .....ම්ම්ම්ම්ම්ම්.....
ඉන්ධර් මගෙ ඇහිබැමක් උඩින් ඇගිල්ලක් ගෙනියන ගමන් අප්ප වගේ හයහතරෙ එකෙක් වෙනවට මනාප නැද්ද අහනකොට මං හූ මිටි තිබ්බා....ඉන්දර් වචන නවයක් පිට දැම්මොත්....එතනින් පහ හයක්ම හාදු වලින් පිට දාන වචන වෙනකොට හුස්මක තරන් දුරින් උන්න මගෙ ඇස් වලට ඉන්ධර් හාදුවක් තිබ්බා....
.මං ඒකට සිංහල හටන් කලාව උගන්නනවා..අගම්පොර සාස්තරේ.....උගන්නවා....ඒකගෙ අප්පච්චි විදිහට...මට ඕනෙ..මයෙ කොලුවා හොද පිරිමි පරානයක් වෙන්ඩ...ඒකා දන්නෙ නැතුව ඇති ඒකගෙ අප්පා මෙහෙ ඉදන් පෙරුම් පුරන තරන්.....හ්ම්...මයෙ ඇහල මල....උඹලට මා එක්ක හදි ගැහිලම තෙහෙට්‍ටුයි...කෝ....වරෙන් මයෙ පනව නිදි කරවන්ඩ...
මෙච්චර වෙලාම ඉන්ධර්ගෙ ලමාතැනී උන මන් දැන් පොඩි දරුවෙක් ගානයි....අර හයිය හත්තිය පිරුන අත් අස්සට හිර උන මගෙ මූන තිබුනෙ දෙකට බෙදුන පපුකද මැද වෙනකොට ඉන්ධර් පොඩි එකෙක් නලවන ගානට මගෙ තට්ටමකට හිමින් තට්ටු කරනකොට මං ඇස් පියාගත්තා....ඒ එක්කම ඉන්ධර් මොනවදො මිමිනුවා....
මයෙ මැනික උඹ.....ඉක්මනටම ඇඹුල් පස්සෙ දුවන දවස ආවොත්...කාටත් කලියෙන් ඒක මයෙ කනට කරහන් රත්තරන් .....එදාට මං ඔක්කොටම කලියෙන් කරන්නෙ....දලදා හාමුදුරුවන්ට පඩුරක් ගැටගහලා..... ප්‍රාර්තනා කරනවා.....මොන දේ උනත්...මටත්...බෝසත් පුතෙක් දෙන්ඩය කියලා....ඒකා මගෙ කුලුදුලේ දරුවා මැනිකෙ....
මට විස්වාසයි....කවුරු උනත්....එන්න ඉන්න පැටියා නම්...ඉන්ධර් වගෙ අප්පච්චි කෙනෙක් ලබන්ඩ නොසෑහෙන්ඩ පින් කරලා ඇති....
මොකාද මෙ කිරි හදාපු එකා....සීනි බෝතලේ හරියට වහල නැ....ආ....යි දෙයියනේ....ඕන් බලපියව්....කෙරුවාව....කිරි ටින් එක වහල නෑ...ඔව් ඉතින් වලව්වෙන් පෙලවහක් කරගත්තා කියන්න හාගත මල්ල කොයි වෙලෙත් පිරිලා කියන එකනෙ.....කහන සල්ලි තියනවනෙ නාස්ති වෙන නාස්ති ඒන පාර ගෙනත් පුරවන්ඩ....
අපෙ මැනිකේ....මක්කද මේ උඹලා ඉර එලිය වැටෙන්ඩත් කලියෙන් නහින්නෙ....
නෑ අපෙ මහත්තයා..මේවයි අගයක් නැති එකෙක් මොකෙක් හරි මේවා වහලා නෑ....හිගන හැත්තට ඉතින් දැන් රජ මගුල්නෙ....මේක දැන් හාමුලා ඉන්න වලව්වක් නෙවෙ...රොඩී කුප්පෑයමක් වෙලා අහවරයි...කාලා බීලා ආයම පුකට එලිය වැටෙනකන් බුදියනවා....අනේ මෙහෙමත් උන්....ඇයි ඉතින්...දැන් ඉතින් බුදියන්ඩත් කරුනු කාරනා බෝමයිනෙ....
සුගලා....!කට පියවපන්.....උඹට මගෙ කහට එක හදන්ඩ බැරි නම් කියාපන් මං වත් හදාගන බොන්ඩ.....උදේ පාන්දරම අන්කරේ අල්ලන්ඩ තියාගත්තා.. ...
අපෙ මහත්තයටත් දැන් වෙස් පෙරලෙනවා වගේ නෙ
මං උන්නෙ ඇද කනුව මිරිකගන.... කුසියට රිංගපු මහ දොදොලි උදෙම්න නහින්ඩ හදනවා.....
අම්මා සුද්දියා ඇහැරිලි අපිව දකින්ඩ කලියෙන් ඉන්ධර් මාවත් අරන් ගෙදර ආවෙ පහෙ කනිසම පහු වෙලා විනාඩි දෙක තුනක් ගියාට පස්සෙ .....වලව්වට ආව මන් ආයමත් කෙරුවෙ ඉන්ධර්ට තුරුලු වෙලා හෝරාවක් එකහමාරක් නිදා ගත්තු එක වෙනකොට ඇහරවන්ඩත් ලෝබයි ගගා පර සක්වල ගහපු ඉන්ධර් මාව ඇහැරෙව්වෙ අටෙ කනිසටමට වෙනකොට ඇගපත හෝදන්න ගියපු ඉන්ධර්ට මං කිරි එකක් හදාගන ආපිට කාමරේට ඇවිදින් දොර වහගත්තා.....
අනේ...මං සීනි බෝතලෙ වැහුවා .....අපෙ මහත්තයා.....
.මං නොදන්නවා නෙවෙ මැනිකෙ....ඔය හදන්නෙ උඹලගෙත් ලේ පුච්ච්න්ඩ...මයෙ මැනිකෙ ගිහින් ඇගපත හෝදන් ආවා නම්....දවල් බතට කලියෙන් යාගන්ඩ තිබුනා....අද රෑට ලොකු අප්පච්චිගෙ වලව්වෙ ඉදලා...මං උඹලව මහ වලව්වට එක්ක යන්නම් ම්ම්ම්.....ඒවා උඹලා දකින්ඩ ඕනෙ....හ්ම්.....හ්ම්.....සුනංගු නොවී....ඉක්මන් උනා නම්....
මං මගෙ අතේ තිබුන කිරි එක ඉන්ධර්ගෙ අතට තිබ්බෙ මං වැරදි නෑ කියාගනම වෙනකොට මං මාව විස්වාස කරන්ඩ ඉන්ධර් කියන්න කලින් එයා මගෙ හිත හදන්න ගත්තා....අම්මන්ඩි කියවන්නෙ බොරුවට බව දන්න එයා මගෙ ලේ පුච්චගන්න එපා කියන ගමන් මට ඇගපත හෝදන් එන්න කියනකොට එලියෙ ලිදට යන එකට තිත තියාපු මං ඇතුලෙ කාමරේට යන්න හිතාගන තුවායත් අරන් එලියට එද්දි දොදොලි මෙ උදෙම්ම ඵෝන් එකේ
එල්ලිලා...
වෙලහට...අපෙ අම්මගෙ අම්මා උන ...අනුලා මැනිකෙගෙ ඔලුවට විස පුරවනවා ඇති...අනිවාර්යයෙන්ම .....
තාමත් රෑ ඇදුම පිටින් උන්න දොදොලි කතා කරන්නෙ කටින් විතරක් නෙවෙ...ඇස් වලිනුයි අතපයෙනුයිත් වෙනකොට නාගන්න එක පැත්තකට තියලා මං ඒකිගෙ කතාවට කන් දෙන්න ගත්තා...
ඔව් අක්කන්ඩී....අනේද කියන්නෙ.....නන්දව පවුලෙන් අයින් කෙරුවෙ අර රතනපාලයා හන්දනෙ....අයින් කරාපු උන්ව ආය මක්කටද...
මයෙ කොල්ලව රවට්ටගන අක්කන්ඩී..මයෙ කොල්ලව රවට්ටගන...අගේට උන්න කොල්ලනෙ....අයියො සංසාරෙ....මගෙ වචනෙට පිටින් නොගිය එකානෙ....රත්නපාලයගෙම හොර ලේනෙ ඕකගෙ ඇගේ දුවන්නෙ....ඒ කපටිකම්ම තමයි....
අනේ අම්මගෙ රෙද්ද තමයි....ඇයි රත්නපාලයගෙ ලේ කියලා..මගෙ අප්පච්චිගෙ ලේ වල වෙන මොනවා හරි තියනවද...හොර අරක්කු කාරි.....මේකි පෝරුවට නම් නැගලා තියනවා ඒකට මොකද...අෂ්ඨක කිව්වෙ මොකාද දන්නෙ නෑ .....ගෙන්නපු එකා හොරෙක් වෙන්ඩ ඇති.....නැත්තන්..අර මහ හාමුවා කිව්ව වගේ මේකිගෙත් ඔය තියෙන්ඩ ඕනයි කියන එක තිබ්බෙ නැති නම් ගෙම්බි පොලවෙ ගැහුවා වගේ වැටෙන්ඩ ගියානෙ...
.අනේ...ලපටියා....උඹ කියන දේ අහන් ඉන්ඩ ඕනෙ නම් මක්කටද ගෑනියෙක් ....මේක හරි මගුලක් උනානෙ...කොයි වෙලෙත් මගෙ දරුවා..මගෙ දරුවා....දරුවගෙ දරුවා හොර දරුවා....ඇයි ඉතින් ඒකට රත්නපාලයගෙ ලේත් කලවම් වෙනවනෙ...
හිටපන්කො...හිටපන්කො...උඹගෙ බිබිකම ලව්වා මං අදත් රෑට හබල් ගාවගන්නම්කො...නිකන් නෙවෙ...මයෙ අම්මගෙ වලව්වෙ ඉදම්ම.....උඹ නටපන් සුගලා....එක අතකට මහ දොදොලා පිට තම්මැට්ටන් ගහන එක සාදරනයි....ඇයි ඉතින් මේකට තලනවා තලනවා..කොච්චර තැලුවත් බලු හතිය විතරනෙ ඉතුරු වෙන්නෙ..මහ දොදොලිව මැරෙන්නෙ මහ එකාගෙ දරු පැටව් මෙහෙට ආව දාකට...
ධර්මසේන අයියන්ඩිටත් කියන්ඩ අක්කන්ඩි.....අපේ ළමයා ඇවිත් ඔව්වා ගැන කතා බස් කෙරුවොත් හා හුම් නොගා පාඩුවෙ ඉන්ඩ කියලා ...හිතෙ ඇති මේවල රජ වෙන්ඩ...
ඔව්...රජ වෙන්ඩ තමයි හිත...රජ වෙන්ඩ නෙවෙ..රජ කරවන්ඩ එකෙක් හදලා උඹව මං එලි බස්සන්නම්කො.....
අපරාදෙ .... ..අර බස්නායක නිලමෙ....කොයි තරම් නම් මේකිගෙන් කැමැත්ත ඇහුවද....එදා මේකි බහ දුන්නා නම් අද රජ සැපනෙ...ඒකිට පින නෑ....මට බය...අපි නැති කාලෙක මයෙ එකාටත් ඒ කලම යයිද කියලා අක්කන්ඩී...ඊයෙ රෑ...එලිවෙනකම්ම නින්දක් නෑ... කොච්ච්රවාත් මතක් වෙන්නෙ රජසැපට හැදුන මගෙ කොලුව ගැන....මේකා ඊයෙ ගියානෙ අක්කඩි අරකලගෙ අර හිගන මඩුවට ලගින්ඩ...
මං ඇස් හීනි කර ගත්තා.....ඉදල්ගස් හින්නට යන එක නවතලා මට මේකිගෙ බොටුව මිරිකන්ඩ හිතෙනවා.....ඇරත්....තොට බස්නායක නිලමෙ ගැන ඔච්චර රුදාව නම් බැදගන්කො....අනේ..අනේ.....ඒ නිලමේට මේකිගෙ තම්මැට්ටම දැකලා නහර ගහලා යයි....
උඹ ඔහෙන් ගින්දර පිඹපන්කො...කොහොමත් අම්ම අද එන්නෙ නෑ....ඉන්ධර් කියනවා කිව්වනෙ යමින් ගමන් වලව්වෙ වැඩට අද ඉදන් අපි එන දවස වෙනකන් යන්ඩට එපා කියනවා කියලා ...
අපෙ මහත්තයා.....
ම්න්...අපෙ මැනිකෙ තාම ගියෙ නැද්ද....මක්කද කරන්නෙ තවත්.....
මට කාර් එකෙ යතුර දෙන්නකො ඩිංගකට....
දොදොලිගෙ ගින්නට කන් දීගන උන්න මං ආපිට කාමරේට දුවලා ඉන්දර්ගෙ කාර් එකෙ යතුර ඉල්ලන් ගිහින් ඒකෙ තිබුන ඉන්ධර් මට ගෙනාව කඩචෝරු මල්ල උස්සන් ආවා...
රන්ඩු කරන්න ගෙනවා උනත්...දෙයියනේ...අනේ ඒකෙ තිබුන කඩචෝරු ගොඩ...අර පොඩි උන්ව යාලු කරගන්න වගේ ....අනේ මේක යන ගමන් අම්මට දීගන යන්න ඕනෙ සුද්දියට දෙන්න කියලා ..ඒකි කොච්චර නම් මේවට ආසද...හැමදාම ගාන බලලා ආපහු රාක්කේන් තියලා එනවා.....
මං මල්ල උස්සන් කෙලිම්ම උඩ කුසියට ආවා...අරකි තාම කතාව...හිටපන්....අම්මත් එන්නෙ නැති එකේ කරන්නම්....
වටපිට බලපු මං කෝපි බෝතලේ අරගන කෝපි බාගයක්ම හලලා ඒකට කලු කුඩු කලවම් කෙරුවා...සීනි බෝතලේ අඩකටම ලුනු කුඩු කලවම් කෙරුවා...
දැන් බීපියව්කො.....හිතේ ඇති...තවත් දාගන පාගන්න...නේ...බලන් ඉදින් මහ එකී...බලන් ඉදින්කො....
හහ්.....ආ....මේ ලමාතැනි කුසියට වැඩම කරලා තියෙන්නෙ.....බොහෝම අපූරුයි නැගිටින වෙලාව.....කොහෙද ...දැන් ඉතින් රජ සැපනෙ....අර කට්ට පොලවෙ බුදියලා....මුන්ට සැප ඇදන් උඩ නැග්ගම සැපට නින්ද යනවා ඇති.....
ඇයි අම්මන්ඩි...උඹලා මං එනකන් බලන් උන්නෙ මාව හරහට ගන්ඩ වත්ද....
යුද්දෙ පටන් ගත්තා...ඉදල්ගස් හින්නෙ යන එක යකාට ගියදෙන් කියලා මං මහතැන එක්ක අන්කරේට පැටලෙන්න හැදුවා....
උඹ අර මනුස්සයගෙ ඔලුවට විසබීජ දැම්මා වගෙ නෙවෙ මං දැන් උඹගෙ ඔලුවට අතාරින හෙනෙ.....මන් ගානට අවුලන්නම්කො....දොදොල් පත්ත ගෙවෙන්ඩම මං අද හැදි ගාන්නම්....
හරහට ගන්ඩ.....ඇයි තෝ හිතුවද මට මොකක් හරි මේනියාවක් ගහලා කියලා .... ලමාතැනි වෙන්ඩ කතාව..... එකට මොකද නැගිටිනකොට ඉර මුදුන් වෙලා....අර කොච්චර උනත්...කූඩැල්ලන්ව මෙට්ටෙ තියන්ඩ බෑ කියනවන්.....
මේනියාව ගැන නම් දන්නෙ නෑ අපෙ අම්මන්ඩි ....උදෙම්ම නැගිටින්ඩ තිබ්බා..අපෙ මහත්තයා මට වේල පහ ඇහැ පියවන්ඩ දුන්නා නම්...අපේ...අප්පෙ...මගෙ සර්වාංගෙ නෑ වගේ...මහත්තයා එක්ක ඔට්ටු වෙලා.....ඇරත්.....ඉන්ධර් කියන්නෙම.....දත් තියන කාලෙ නොකන මස් දත් වැටුන කාලෙට මොකටද මැනිකෙ කියලා ....
අම්මන්ඩිත් ඉතින් ..මහ හාමුගෙ රගේ දන්න එකේ.....මයෙ ඉන්දර්ගෙ විසේ ගැන කියන්ඩ ඕන් නෑනෙ...ඉතින්...
තුහ්....තෝ...කඩප්පුලි කට තොගෙ....අද අරකිත් නෑ....ඒකිටත් අද එලිය වැටෙනකන් බුදියන්ඩ ඕනෙ ඇති .....ඇයි ඉතින් පුතන්ඩියත් එල්ලුනෙ බර අත්තක වෙනකොට ඒකිලාටත් දැන් සැප...හහ්...අනෙ අනිච්ච්ණ්.....මෙහෙමත් එකීලා.....
මං හිතලම කඩප්පුලි කතා කියන්න පටන් ගත්තා....මගෙ කටින් එලියට පැන්න වචනයක් වචනයක් පාසම දොදොලිගෙ තම්මැට්ටම් ඉහල පහල යන වේගෙ වැඩි වෙනකොට මං ඒ අල්ල පනල්ලෙ තිබුන හැම තුනපහ බෝතලේකම මූඩි පුලුවන් තරම් කිටි කිටියට තද කෙරුවා..අද මහ දොදොලත් නැති එකෙ...අම්මත් නැති එකේ බෝතල් පොලවෙ ගගහා හරි උයන්නෙ නැතෑ.....
මක්කද අම්මන්ඩි ඒකෙ තියන කඩප්පුලි කම...ඇරත්.....මං මයෙ වාහෙව සතුටු නොකර උඹගෙ වාහෙ එක්ක ලගින්ඩද....ලමා තැනී කිව්වට නමට ලමා තැනී වෙලා බෑ බොල...කොච්චර වාත් බහිරවයා වගෙ මයෙ වාහෙ පස්සෙන් පන්න වෙලේ නරකද අම්මන්ඩිට අප්පච්චි ගැන බැලුවා නම්....නැත්තන් ඉතින්...යාය අටෙන් තව තව අප්පච්චිගෙ මූනුවර තියන පැටව් ඉහේ කෙස් ගානට මතු වේවි ඕන්.....
මං ඇදලා අරන් කනටම පාර දුන්නා.....මහ එකීගෙ මුන බලාගන ඉන්නකොට දෙක වෙලා ගියා...මිරිස් කුඩු බෝතලේ මූඩිය නප්පියටම තද කරපු මං ඉන්ධර් ගෙනල්ලා දුන්න කඩචෝරු මල්ල බදාගන්නකොට මං බලාගන දොදිලිගෙ ඇස් ගෙඩි දෙක පුපුරන්ඩ එනවා....
.
මොකක්ද බොල පරයො තෝ ඒ කියාපු හරුපෙ යාය අටෙ කෑල්ලෙන් මහහාමුගෙ මොකක්....තොගෙ කට මං බිත්තියෙ උලනව දැනගන්....දහදුරාවෙ ගිය එකෙක්ට ජාතක වෙච්ච එකා මගෙ කොල්ලගෙ කරේ එල්ලුනා මදිවට කියන කතා...
දහදුරාවෙ...උඹලා ඔය කියන දහදුරාව කොහෙද තියෙන්නෙ දන්නවද කිව්වා නම් අම්මන්ඩි ඇරත්....උඹ මෙතන ගිරිය පුප්පන් කෑ ගහන්ඩ තියා ගන්ඩ එපා....මොකද....උඹගෙ කෙරුවාවෙ තරමත්...ඊයෙ මහ හාමුගෙ කටින් පැන්නනෙ...නේ අපෙ අම්මන්ඩි.....
ඇසල....උඹ ගානට වැඩී....
අම්මන්ඩි....මමද ගානට වැඩි උඹලද කිව්වා නම්....ඇරත්...මං දහදුරාවෙ ගිය එකෙක්ට ජාතක උනත්..මගෙ අම්මා අප්පච්චි එක්ක ගියේ නම්බුව රැකන් බොල....මං දහදුරාවෙ ගිය එකෙක්ගෙ කියන්ඩ...එහෙනම් උඹත් මගෙ අප්පච්චි එක්ක ලැගපු එකියෙක් වෙන්ඩ ඕනා....
ඇසල....!!!
මහ එකීව පුපුරන්ඩ ආවා....ඒත් මමත් නෙවෙ නිකන් උන්නෙ..බෙබද්ද උනත් මගෙ අප්පච්චි ගෑනු පෙරෙතයෙක් නෙවෙ කියන්ඩ අහසෙඋන්න දෙයියො පවා දිවුරුම් දේවි...ඇරත්...අප්පච්චි කියන්නෙ කොඩි විනේකින් බේබද්දෙක් උන එකෙක් මිසක්....නැතුව අම්මව ගෙනාව දා ඉදන් බිව්ව එකෙක් නෙවෙ කියන්ඩ අම්ම අදටත් දිවුරනවා ...අපි කොහොම නැන්නා උනත්...පිට උන් බනිනකොට කට පියන් ඉන්ඩ තරම් දැන් ඉන්නෙ ඉස්සර ඇසල නෙවෙ වෙනකොට මං මහ තැන ගාවට කිට්ටු උනා...
සුගලා මැනිකෙ.....මෙන්න මේක හොදට ඇස් කන් ඇරලා අහගන්...වාහෙ ඉන්නකොට තාමත් පුතාගෙ මත්ත්ව් නැහි නැහි ගියෝතින්....උඹට යාය අටෙන් විතරක් නෙවෙ.....මේ හතර දිග් බාගෙම්ම ධර්මේන්ද්‍රන් හාමුගෙ මූනුවර ගත්තු උන් හම්බෙයි....මගෙ එකා ගැන බලන්ඩ දැන් මං ඉන්නවා....දහ දුරාවෙ එකෙක්ට ජාතක උනත්...මං පොඩි හාමුගෙ මායියා බොල...ඇරත්...මට ඉරුගල්බන්ඩාර පරම්පරාවෙ ලේ අවුසයක් හරි කලවම් වෙලා ඇති.....මගෙ අම්මා මැනිකෙක් බොල.....එහෙව් ගෑනිට අරක්කු රේන්දකාරයගෙ දුව උන උඹ මක්කද කියන්නෙ කිව්වා නම්.....
උඹ කිව්වා මයෙ අප්පච්චි දහදුරාවෙ ගියාය කියලේ ..බේබදු කම ඇරුනම...මයෙ අප්පච්චි වෙන වෙන උන් වගේ පිට පරිප්පු රහ බලන්ඩ ගියෙ නෑ බොල...අන්න ඒකත් මතක තියාගත්තා නම්...මං බොහෝම මනාපයි ම්ම්ම්....උඹලා ආය මා එක්ක හැප්පෙන්ඩ එනකොට ...ඔය විලි වහන් ඉන්න රෙදි හොදට තද කරන් වරෙන් අම්මන්ඩි...මොකද.....හිගන්නා උනත්...මගෙ නෑකම් වල ගැට ලෙහලා ගත්තොත්...උඹලව මගෙ පයට පෑහෙන දූවිලි ගානයි අම්මන්ඩි ..අන්න ඒක මතක තියාගන්....
මං දත් මිටි කාගන වගේ රවාගන ඉදල ඉදලා අවසානෙදි කඩ චෝරු මල්ලත් අරන් එන්න හදලා ආයම නැවතිල පිට පරිප්පු කිව්ව් වෙලේ ඉදන් ආත බූත වෙලා උන්න දොදොලි දිහා බැලුවා....
මං එදත් උඹට කිව්වා...පිට ගැස්ම ගහන්ඩ කලින් ඔය පෙකනිවැල කපපන් කියලා ..මොකද...උඹ ඕක තියන් ඉන්නකොට මට මගෙ පැටව්ගෙ අප්පච්චි එක්ක දුර්ගමනක් යන්ඩ බැරි වෙනවා....මං මේ කියන්නෙ දෙවනි වතාව...ආය ආය කියන්ඩ තියාගන්ඩ එපා....උඹලා අම්ම විතරයි...මායියා නෙවෙ.....ඒක දැන් වත් ඔය ඔලුවට දාගනින් අම්මන්ඩි....මොකද.....මගෙ මනාපයක් නෑ....මගෙ එකාව මගෙන් පිට රහ බලන තැනට වැටෙනවා දකින්ඩ....තේරුනාද උඹට...දැනගනින්..මං ඒකගෙ මැනිකෙ බොල ...අතනට මෙතනට කතා කර කර මගෙ දරුවව අල්ල ගත්තා ගගා වදුරු බන නොකිය හිටපිය.....උබගෙ දරුව මටත් මාමෙක්....එහෙව් එකේ උඹ හිතන් ඉන්නෙ ඉන්ධර්ගෙ මොලේ මෝරලා නැහැ කියලද....?? ඒකා මාව සහේට ගත්තෙ ඒකා මට ආදරේ හන්දා කියන එක...අකමැත්තෙන් හරි පිලිගනින් මැනිකෙ ...
මං එන්න ආවා කෙලින්ම ඇතුලෙ නාන කාමරේට....අතේ තිබුන කඩචෝරු මල්ල පැත්තකින් එල්ලපු මං කන්නාඩියෙ උන්න මා දිහා බලාගන උන්නා...
දහදුරාවෙ ගිය එකා....
නෑ...අප්පච්චි....උඹට ඔහොම උනෙ....මේ ඉරුගල්බන්ඩාරලා හන්දා...නන්දට පුලුවන් නම්....මැනිකෙ වෙන්ඩ...උඹට බැරි මොකද හාමු වෙන්ඩ.....ඔව් අප්පච්චි...උන් වඩම්මන්න හදාපු බස්නායක නිලමෙට වඩා හොද හාමුවෙක් විදිහය මං උඹව අරුන්ධති මැනිකෙ ගාවින් ඉන්දවනවා.....
හිස් මුදුනට වැටුන වතුර බින්දු පහලට වැටුනේම ලෝදිය වෙවී වෙනකොට මං මහ අම්මන්ඩිහෙ වචන මතක් කර කර හිත යටින් පුපුරලා පුපුරලා අවසාදි කාමරේට ආවා...ඒනකොට මගෙ ඉන්ධර් ඇදගන රෙදි පෙරෙදි ටික දිහා බලන් උන්නා.....
අපෙ මහත්තයා ....
ඉනට විතරක් නෙවෙ...ඉන්ධර්ගෙ තුවායෙන් උඩ ඇගත් වහන් උන්න මං ඉන්ධර්ගෙ අත් දෙකෙන් අල්ලගන මගෙ පැත්ත හරවනකොට ඉන්ධර් මා දිහා සෑහෙන්න වෙලාවක් බලාගන උන්නා....
මල්වලට කේන්ති ගියහම හරි කැතයි මැනිකෙ....මක්කද කාරනාව කිව්වා නම්.....ම්ම්ම්ම්ම්ම්.....ඒ පාර අල්ලපු අන්කරේ මොකක්ද කිව්වා නම්...
බෙබද්දා උනත්...ඒ මගෙ අප්පච්චි....මහ මැනිකෙගෙ වෙට්ට කතා අහන්නඩත් එකම හේතුව..උන්ම කරාපු කොඩිවිනයක්.....බේබද්දා උනත්...මයෙ අප්පච්චි ගෑනු පෙරේතයෙක් නෙවෙ තෙහස්...
ඔච්චර නහින වෙලේ මට කාරනාව කිව්ව නම්...ඇසල....මක්කද කියන්නෙ...මොනවද උඹට මගෙන් ඕනෙ.....කියාපන්...ඉර හද දෙනවා කියලා බොරු කියන්ඩ බෑ...හැබැයි උඹලා වෙනුවෙන් මං නොකරන දෙකුත් නෑ පොඩි මැනිකෙ.....
නන්දව අරුන්ධතී පොඩි මැනිකෙ කරනවා වගේ.....රත්නපාලව...පොඩි..හාමු කෙනෙක් කරන්න බැරි නම්...නම්බු තියන මනුස්සයෙක් කරවපන්..මගෙ....තෙහස්....
ඇසල...
අනේ....මගෙ....ඉල්ලීමක්.....බේබි...හාමු.......මං ...උඹගෙ හීනෙට පන දෙන්නම්මගෙ ඉන්ධර් ....හත් දොහක් මගුල් කාලා.....ඒ වලව්වෙන් මේ වලව්ව මගුල් දෝලාවෙන් එනකොට ..මගෙ අප්පච්චිගෙ තැනට..නියම පිරිමියෙක් හිටවපන්...රත්තරන් ...
මං අත් දෙක එකතු කරලා....ධර්මසේන හාමුලා විනකරපු අප්පච්චිව ගොඩ දාලා දෙන්න කියලා ඉල්ලනකොට ඉන්ධර් මගෙ අත් දෙක අල්ල ගත්තා.....
මැනිකගෙ මනාපෙ ඕක නම්.....ඒක එහෙම්ම ඉශ්ට උනා කියලා හිතා ගනින්..මට ඕනෙ...මේ සංසාර කන්නෙ දුකක් නොවිද අහවර කරන්න....ම්ම්ම්....කෝ...ඔය කදුලු කැට පිහන් ලෑස්ති වෙයන්කො...ම්ම්.....මං ඉන්නවනෙ....නාඩා ඉදින්...මං ඉන්නවනෙ...
මං ගිහින් හිමින් සැරේ ඇදහත්තා...ඉස්සර වගේ බාච්චු නෙවෙ...අනුන්ගෙ ඇදුම් නෙවෙ.....ඉඩ වැඩි තැන් වලට කටු ගහපුවා නෙවෙ...මගෙ ඉන්ධර්ම අරන් දුන්න අලුත් සුවද වත් නොගියපු ඇදුමක්...මං හිනා උනා...කන්නාඩියෙන් ඇදුන මගෙ රූපෙ එක්කම මං හිනා උනා....ඉන්ධර් අරන් ඇවිත් තිබුන ඔක්කොම ලාපාට ඇදුම් වෙනකොට මං මහෙ දිහාම බලන් ඉද්දි ඉන්ධර් ඇවිදින් මගෙ පිටිපස්සෙන් හිටගත්තා...

හැඩයි.....
....
ඇස් වහක් වදින්ඩ එපා මයෙ මැනිකට...උඹම කියපන්...මං උඹට හුස්ම ගන්න චිත්‍රයක් කියන්නෙ නිකමටද කියලා ම්ම්ම්ම්ම්....උඹව මගෙ ගාවින් හිටගස්සගන්න එකත්..මට ආඩම්බරයක් ඇසල.....බලාපන්...මං එක්ක ඉන්නෙ තනිකරම මලක්.....
මහෙ පිටිපස්සෙ උන්න ඉන්ධර් කනට මුමුනලා මුමුනලා මාව ඒපැත්තට හරවගන තත්පර ගානක් මගෙ මූන දිහා බලාගන උන්නා.....
පින්න මල මගෙ...උඹව...මං අරන් එන්නෙ ආය මැනිකක් වගේ.....හැමදේම හෙමි හෙමීට විසදේවි....ම්ම්ම්ම්ම්...මං උඹට නොසෑහෙන්න ආදරේ වග විතරක් මතක තියාගනින්.....ඒ ඇරෙන්න මොකුත් එපා.....
....
කෝ...ලගට වරෙන්....හාදුවක් තියන්ඩ.....කොච්චර ළඟ උන්නත්.....උඹ කියන්නෙ මට හැගීම් උල්පතක්....ආදරේ උනන උල්පතක්....සිහියක් පතක් නැති වෙනකන් බලන් ඉන්න පුලුවන් හුස්ම වැටෙන චිත්‍රයක්...
ටික දොහකට...මහ වලව්වෙ ඉදලා එමු ම්ම්ම්ම්...මෙහෙ ආවත්...අම්මන්ඩිගෙන් සැනසීමක් නෑ.....උඹලගෙ ගෙදර ගියත්....පොඩි එකී කොහෙන් හරි පනී කියලා හිතට නිවනකුත් නෑ...ඇරත්...මං උඹගෙ ගෙදරට එන වාරයක් ගානෙ...ඒකෙ තරහව පිට කරන්නෙ උඹගෙ හිත තලලා....මනාප නෑ...උඹ අඩනවට....ඒක හන්දා ...ටික දොහක් ඉදලා එමු ම්ම්ම්ම්...
හ්ම්ම්ම්ම්ම්.....
අපෙ අම්මා...
මයෙ පුතා....උඹලා මේ හිස් බඩම යන්ඩද...ආන් මං බත් ඉව්වා....කඩ කෑම කන්නෙත් නැති එකේ....ඇසල.....යන ගමනක්....කාල ගියා නම්.....මයෙ පුතාට කඩ කෑම හුරු නෑ....
මහ එකී ඉව්වයි කියන්නෙ....මන් තුන පහ බෝතල් තද කෙරුවනෙ...මේකි කොහොමද උයා ගත්තෙ...ඇරත් මටත් එන්ඩලු...
මං හිමීට ඉන්ධර් දිහා බැලුවා....
කකා ඉන්ඩ වෙලාවක් නෑ අපෙ අම්මා...අප්පච්චිගෙන් මහ වලව්වෙ යතුර ඉල්ලා දුන්නා නම්....
අනේ මයෙ පුතා....කකා ඉන්ඩ වෙලාවක් නෑ කියන්නෙ....ආන් මං කැකුලු බතට දැලියො කරවල තෙල් දාලාපොල් ගෑවා...ඇසල.....බේබි හාමු එක්ක ගියා නම්.....
නෑ...කාරියක් නෑ...මේ උදෙම්ම් දැලි කරවල කන්ඩ...බඩ දැවිල්ල ගන්ඩද.....ලොකු අම්මගෙ ගෙදර ගිහින්ම කන්නම්...අම්මා මට සුනංගු නොකර යතුර දුන්නනම්.....
ඇත්තනෙ...මේ උදෙම්ම දැලි කරවල කාලා බඩේ කොරේ අල්ලනද...මේ ගෑනිට ඔල්මොරොම්දම්ද මන්දා.....ආයාම පාරක් කන්ඩ එපාය කියපු ඉන්ධර් දෙවනි පාරත් යතුර ඉල්ලනකොට මහ තැන මූනත් පුලුටු කරන් පද්ද පද්ද යනවා එක්කම ඉන්ධර් මාව පැත්තකට අඩගහන් ආවා...
.ඉන්ධර් ....
.ඇසල...කන බොන කොට...බොහෝම කල්පනාවෙන්...මං නැතිව උඹ මොනවත් කටෙ දාගන්නවා නෙවෙ තේරුනාද...
.එහෙමයි...අපෙ මහත්තයා
ම්ම්ම්...මං හිතනවා...අපෙ මැනිකෙ මං ඇයි එහෙම කියන්නෙ කියලා තේරුන් ගත්තයි කියලා....බඩ ඌස්න කරවන ජාති කකා...මට පැටව් ගැන හිතන්ඩ බෑනෙ ...ම්ම්ම්.....ඇග නිවෙන කෑම බීම කාපන්...තේරුනාද මැනිකෙට...
මං ඔලුව වැනුවා ..ඒ එක්කම මහ තැන යතුරු කැරැල්ල අරන් ඇවිදින් ඉන්ධර්ගෙ අතට මිට මොලවලා යනවත් එක්කම අම්මත් ආවා...ඒ මොකටද.....අම්මට අද එන්ඩ එපා කිව්වනෙ...
අම්මා....
පුතේ...මේ...කොහෙ යන්ඩද.....
මං නන්දට එනඩ එපාය කියලා කිව්වනෙ....ම්ම්ම්ම්...මක්කටද ආවෙ කිව්වා නම්...
බේබි හාමු....කරපිංචා අත්තක් කඩන් යන්ඩ කියලා....අහම්බෙන් වගේ....කොල්ල දැකලා ආවෙ හාමු...
ඉන්ධර් කිව්වා අපි යන තැන අම්මට කියන්න එපාය කියලා ..අනේ ඒත් අම්මගෙ මුන දැක්කම පව් කියලත් හිතෙනවා...අම්මයි ඉන්ධර්වයි එතනම තියල මන් ආපිට කාමරේට දිව්වා....අර කඩචෝරු මල්ල අරන් එන්න...ඒ අරන් එනකොට අම්මගෙ අත තිබුන කරපිංචා අත්ත බිම තිබ්බා....අමමගෙ මූන සුදු මැලි ගහලා තිබුනා.....
නෑ..නෑ....බේබි...හාමු...කීයටවත් නෑ...මයෙ කොල්ලව අරන් කොහෙ ගියත්....එහෙ අරන් යන්ඩ දෙන්ඩ බෑ ඉන්ධර් හාමු...
නන්දා...මේ ඉන්නෙ උඹගෙ කොල්ලා උනාට.....දැන් මගෙ....ඒක මගෙ මැනිකෙ.....ඇරත්...කසාදෙන් පස්සෙ තනියම නෑ ගම් යන සිරිතක් නෑ නන්දා...මන් යන්නෙ මයෙ මැනිකෙව පේන්නල ටික දොහක්...ධර්මසේන ලොකු අප්පච්චිගෙ ගෙදර ඉදලා එන්ඩ...
මෙතනදි මට කතා කරගන්ඩ දෙයක් නැති වෙන්කොට මගෙ ඇස් දෙක තිබුනෙම අම්මා ගාවට වෙද්දි අම්මා මාව එක පාරම ඇදලා ගත්තා .....
යනගමනක් තනියෙන් ගිහින් ආවා නම්...මං කොල්ලව දෙන්නෙ නෑ....ඒ ගෙදර පසක්වත් පාගන්ඩ මං මයෙ කොල්ලව එවන් නෑ ....
අරුන්ධති!!!.....
අපෙ අයියන්ඩි...!!මෙකා උඹගෙ මැනිකෙ...ඒත්...මෙ මගෙ කොල්ලා....මයෙ කොල්ලා කොහෙවත් යන්නෙ නෑ...ඒ මූනු මයෙ කොල්ලව ආය දකින්ඩ ඕන් නෑ....වදනකොට ලගට නාව උන් හැදුවට පස්සෙ මොකද අයියන්ඩි...
මං බලාගන උන්නා...ජීවිතෙ පලවෙනි පාරට....මගෙ ඉන්ධර් අම්මට අරුන්ධති කියනකොට.....අම්මා අයියන්ඩි කිව්වා විතරයි ඉන්ධර් මගෙ අම්මගෙ අත ගල්ල ගත්තා....
අරුන්ධතී...මේ විදවන නිස්සාර කන්නෙ අහවර කරන්ඩ දියන්.....සරුසාර කන්නෙට අස්වද්දන්ඩ....හොද වී තියන වෙලෙ....බොල් වී ඉහ ඉහ....අලුත් කන්නෙ පාලු නොකර .....අලුතෙන් පන ගහන්ඩ බලන් ඉන්න මගෙ ළපටි ගොයමට උන්ගෙ උරුම ගන්ඩ දියන් අරුන්ධති...
අනේ අයියන්ඩි ...
බයනොවී ඉදින්. ..මේ ඉන්නෙ මගෙ පන....මේකව රකිනවා මං....මෙකව මුලින්ම අතට ගත්තෙ උගෙ අප්පට කලින් මම...අඩුම ගානෙ....මෙකගෙ ඇගේ ලේ ටික වත් පිහල නැති වෙලේකෙ....එහෙව් තුරුලු කරගත්තු පැටියා දැන් මයෙ මැනිකෙ උන එකේ....මං ඒකව
රකින්නෙ ඇස් දෙකෙ තියන් අරුන්ධති .....මං යන්නෙ.....ආපිට උඹලගෙ උරුම අරන් දෙන්ඩ...අපල පිට දාලා බැදගත්තත්...මට ඕනෙ.....උඹලා නියම මැනිකෙලා විදිහට මයෙ මැනිකෙව ඒ වලව්වෙන් නියම විදිහට මගෙ ගාවට ආයම එවනවා දකින්ඩ....මොකද.....අම්මන්ඩිගෙ කට වහන්ඩ නම්...මට හත් දොහක් මගුල් කාලා...මෙ වලව්වෙන් ඒ වලව්වට දෝලාව යවන්ඩම වෙනවා...ඒ හන්දා...නගා උඹ බය නොවි ගෙදර පලයන් ....
මෙ වලව්වට නන්දා උන කාලෙ අහවරයි.....දැන් පටන් ගන්නෙ අලුත් කන්නෙ...උඹට පුලුවන් ආයම....පරන අරුන්ධති පොඩි මැනිකෙ විතරක් නෙවෙ...මයෙ පැටව්ගෙ අත්තම්මා වෙන්ඩත් ..බොහෝම නම්බු කාර විදිහට...ම්ම්ම්ම්ම්ම්ම්ම්.....ඒක හන්දා...යමන්...
අයියන්ඩි...මගෙ...කොලුවා.....
ම්න්.....මං ආපිට එන්නෙ. ..සුභ ලකුනු දෙකක් එක්ක....ලෑස්ති පිට ඉදපන් අරුන්ධති.....එකක්...උඹ ආපිට අගස්තිමාල දාන මැනිකෙක් වෙන ලකුන වගෙම...අනික....
මං බිම බලාගත්තා...මං දන්නව...ඉන්ධර් ඉල්ලන ඊලග ලකුන මොකක්ද කියලා....අම්මට ආපිට අගස්ති මාල දාන්ඩ කියාපු ඉන්ධර් මගෙ පැත්ත හැරෙනකොට මං බිම බලාගත්තා.....
.මයෙ මැනිකෙට දොල දුක් කෑම ඉල්ලන කාර්තුවෙ ලකුනු එක්ක මං එනකන්...උඹලා පරිස්සමින්....!
🌼ගුඩ්ම්!!!....නොතරු..පැංචා ජොයි....
ආයම කොටසකින් එනකන්...පයිස්සමින් ඉන්සො....
ආතරෙයි අනේ.....
මම ජොබි
Nedeesha