Cherreads

Chapter 31 - 31

දොදොලිට තරු විසි උනා...ඇගිකි තුඩු වලට ගත්තු සිද්දාලේප තලිය මං නලල පුරාවටම අතුල්ලපු පාරට ඇස් වලටත් සැර ගැහුවා...වෙන මොකටත් නෙවෙ.....මට කේන්තිය.....ඒකිගෙ පුතා විතරයි ලමයා...ඒකිගෙ පුතාගෙ දරුවො ලමයි නෙවෙ උන් හිගන්නො....එන්න හිතලවත් නැති නොදරුවන්ට පවා මේකි වින කරපු හැටියට මට බය හිතුනා....

මේකි මගෙ වතුර එකට පවා වහ දායිද හිතුන ඒ තරම් එකියෙක් සුගලා...අ.අ.අ.අ

අනේ...අම්...මේහ්...මයෙ ...පුතා.....හ්....

අඩගහපන්...අඩගහපන් තව.....උඹගෙ පුතාවත්...උඹගෙ වාහෙවත් නෑ.....උඹට ඕනෙ මාවයි ඉන්ධර්වයි වෙන් කරන්න නම්...උඹට තමයි තොලෝන්චි වෙලා යන්න වෙන්නෙ.....උඹ පිටින් ඇවිත් රජ සැප විද විද...උරුමෙ තියන මගෙ අම්මව තොගෙ වහලි කෙරුවෙ මක්කටද බොල...අම්මව එලෙව්වෙ සීයා උනත්..තෝ මොකීද අම්මව මරව මරව වැඩ ගන්ඩ.....

මං සුගලගෙ කම්මුල් දෙක මගෙ ගොරෝසු අතින් මිරිකගන දත් මිටි කනකොට හයිය හත්තිය තියන දොදොලිත් දනි පනි ගාලා නැගිටන් මාව තල්ලු කරලා ඇරල අර සිද්දාලේප තලිය පිහදගත්තා...

පාහරයා. ..මෙච්චර කල් කිනිතුල්ලා වගෙ ඉදලා ඉදලා තෝ දැන් එනවද පියාඹන්ඩ . පුලුවන් නම්...වදලා පෙන්නපිය.....මේ වලව්වෙන් තියා මහ වලව්වෙන් වත් තොපිට එක වැලිකැටයක තරම් යන්ඩ දෙන්නෙ නෑ...බලන් හිටපිය...ධර්මසේන අයියන්ඩි තොපෙ අම්මව එලෙව්වෙ ආපිට ගෙට ගන්ඩ නෙවෙ බොල.....මහ හාමු ඒකිගෙ පින්තූරෙට පවා මල් මාලා දැම්මෙ ආය ගන්ඩ නෙවෙ ...තොපි වහල්ලු..

තෝ හොයන උරුමෙ ඒකයි....තොපිට උරුම හැමදාම අපෙ පය පාමුල වැටෙන එක මිසක් වෙන මොකුත් නෙවෙ තෝ ඇවිදින් හැමදාම ඉරුගල්බන්ඩාර වලව්වෙ ඉදුලා මිසක්..මයෙ පුතාගෙ මායියා නෙවෙ බොල...බලන් ඉදපිය....පුලුවන් නම්.....ඔය ලෑලි බඩ පුම්බලා පෙන්නපිය....මං තොට යහතින් ඉන්ඩ දෙයිද කියලා .....ධර්මසේන අයියන්ඩිලා තොපෙ මහ එකාට අඹරපු ගුලියට එහා එකක් මං අඹරන්නෙ...තෝයි තොගෙ හිගන බඩයි ඔක්කොම ඇකිලා යන්ඩ

සුගලා...!

අපෙ අම්මා....!!!!

මං උන්නෙ බිම බලාගන.....මොන හේතුවට හරි දෙයියො ඇවිදින් මගෙ මූන දිහා බලලා තිබුනා...බහින් බස් වීමෙ උච්චෙ කියන්නෙ සුගලා නූපන් දරුවන්ට පවා හෙන ඉල්ලන්න ගත්තු එක වෙනකොට දත් මිටි කාගන බිම බලාගන උන්න මට ආපිට උත්තර බදින්න වෙලාවක් තිබුන් නෑ ....මට කට අරින්නවත් වෙලාවක් තිබුන් නෑ...හැබැයි.....ඒක මගෙ වාසනාව...උඩ ඉන්න තිස්තුන් කෝටිය මං වෙනුවෙන් පෙනී ඉදලද කොහෙද ...ඇදෙන් බැහැලා උන්න අම්මන්ඩි අත පය වන වන කෑගහනකොට සාප කරනකොට වෙද්දු හොයන් ගියපු මහ තැනයි මගෙ තැනයි ඉංග්‍රීසි වෙදයි දැන්ම ඇවිදින් තිබුනා වගේම මහ හාමුගෙ ගිගිරිල්ල එක්ක මන් හිතන්නෙ වලව්වෙ මුදුන් ලීය පුපුරලා ගියා.....

මෙච්චර වෙලාම පුපුර පුපුර උන්න මං මගෙ පාට මාරු කෙරුවා .....හිත අස්සෙ පැහෙන තරහව උඩට මං තෙත ගෝනියක් දානග ගමන් ඇස් වලට කදුලු අර ගන්න ගමන් පිටිපස්ස හැරිලා බැලුවා....

ඉන්ධර් ඉන්නවා...දෙයි හාමුදුරුවනේ...ඉන්ධර්ගෙ මූන.....ඒ මූන දිහා බලන්නත් මට බය හිතුනා...ඒ තරම් තරහවක් ඒ ඇස් වල තිබුනෙ...ආදරේ පිටාර ගලන ඇස් අස්සේ සියුම් නහරයක් නහරයක් පාසාම තිබුනෙ ඉහවහ ගියපු තරහව වෙනකොට ...ඇවිදින්න පුලුවන් කම ඕනාවත් වඩා තිබුනත් මහන්තත්ත කමයි.....උජාරුව වගේම විලාසිතාව පෙන්නන්න අරන් යන මහ හාමුවගෙ කැටයම් කපාපු බස්තම තදිම්ම මිරිකන් උන්න මහ එකා අඩියක් දෙකක් ඉස්සරහට ආවා....

අපෙ මැනිකෙ.....මොකක්ද මේ නටන නාඩගම කිව්වා නම්...

අපෙ මහත්තයා.....මේ වලව්වෙ ඉදුල් කා

මං අහන්නෙ උඹගෙන් මක්කද උඹ කියාපු කතාව කියලා බොල....ඉදුල් කාපු එකා ඉදුල් කාපු එකා කියන්නෙ...ඒකා තවදුරටත් වහලෙක් නෙවෙ කියන්ඩ මේ වලව්වෙ පොඩි හාමුමම කිව්ව නම්...අපෙ මැනිකෙ ආය මොනවද කියන්නෙ කිව්වා නම්...

මහ තැන බස්තමෙන් පොලවට ඇන්නා....වෙච්ච කෙරිච්ච දේ අහනකොට දොදොලි කෙරුවෙ අර ඉංග්‍රීසි දොස්තර මහත්තයා ඉස්සරහම මාව පාතට දාපු එක වෙනකොට මොන හේතුවට හරි මහ හාමු මගෙ පැත්ත අරන් සුගලට ගෝරනාඩු කර කර අතේ තිබුන බස්තම පොලවට ඇනපු පාර අරකිව ඉබේටෙම ඇදේ ඉන්දවුනා....

අතපත්තු මහත්තයා .....

පොඩි හාමු

මං හිතන්නෙ මයෙ අම්මට ඉහින් බහින රෝගයක් නෑ...වෙන රෝගයක්ද කොහෙද තියෙන්නෙ.....සමාවෙන්ඩ ඕනා තකහනක් එක්ක ආවට....

එ..ඒකට...කාරි....නෑ....පොඩි හාමු මං ගිහින් එන්නම්.....

ඩිංගක් උන්නා නම්.....මනාපයි දරු මල්ලෙක් හදන්ඩ.....ආව එකෙ මගෙ මැනිකෙව ටිකක් බැලුවා නම්...

ඉන්..ධර්....

ඇසල ඔහොම ඉදගත්තා නම්...

මගෙ ඔලුවත් එක්ක කැක්කුම් කරන්ඩ ගත්තා...ඉන්ධර් ඉන්නෙ යකා ආවේස වෙලා හා සමාන වෙනකොට මහ උන් දෙන්නගෙ ඇද පෙන්නලා මට ඉදගන්න කියද්දි මං තක්කු මුක්කු උනා.....අරහෙන් අරකි කෑ ගහනවා ලමයෙක් හදන්ඩ දෙන්නෙ නෑය කියලා මෙහෙන් ඉන්දර් කියනවා දරු මල්ලෙක් හදන්ඩ ඕනයි කියලා ....ඔක්කොටම වඩා ඉන්ධර්ගෙ තරහව තනිකරම තනකොල පවා එක තත්පරෙන් වේලවලා අරින කාස්ට අව්වක් තරම් සැර වෙනකොට ඒ තරහවටම මාව කෙහෙල් දල්ල ගින්දරට මැලවෙන්නාක් හා සමානව මැලවිලා ගියා...

ඉන්ධ....ර්

මන් හිතන්නෙ ආය මං කියන්ඩ ඕන් නෑ....සෙමක් ලෙඩක් දුකක් තියනවද බලන්ඩ ඇදෙන් ඉදගන්ඩ කිව්වා මිසක් මං ඒ ඇරෙන්ඩ දෙයක් උඹලට කිව්වෙ නෑ ඇසල...

මං ඉදගත්තා ...මහ හාමුවා බස්තම මිරිකන් බලන් ඉන්නකොට අරකි සිද්දාලේප තලිය අතුල්ලපු නලල පිහ පිහ ඇද කනුවක් බදාගන බොරුවට ඉකි ගහන්න ගත්ත

ඇහේ මුනෙ තියන් හදාපු මගෙ කොල්ලව...රවට්ටගන....

මහ මැනිකෙ නිස්කාරනෙ කදුලු වියදම් නොකර ඉන්නවා නම් මනාපයි...උඹලගෙ කටින් පැනපු වචන එකක් නෑර කනට වැටිලා තියන වෙලේ..... කිඹුල් කදුලු හලලා තවත් උඹ ලේ කෝප කරවන්ඩද හදන්නෙ.....

මගෙ ගාවට ආව වයසක ඉන්ග්‍රීසි දොස්තර කලුපාට බෑග් එකෙන් එලියට ගත්තු වෙද නලාව මගෙ පිටට පපුවට තියනකොට මං බලාගන ඒ මනුස්සයත් බය වෙලාද කොහෙද ලාවට වගේ අත වෙව්ලනවා...

මක්කද....සෙම ගතියක්.මොකුත් නෑනෙ....

න්..නෑ පොඩි හාමු...

වෙද ගාස්තුව කිව්වා නම්...මට පුලුවන් අතපත්තු මහත්තයව ආපිට බෙහෙත් සාප්පුවට ගිහින් අරින්ඩ...

ඉංග්‍රීසි වෙදා ආපිට වෙද් නලාව දාගන නහයෙන් පහලට රූටපු කන්නඩි කුට්ටමත් හදාගන වෙද ගාස්තුත් එපා ආපිට පයින්ම යන්නම් කියලා දහවංගියකට වඩා කියලා කියලා ආපහු යන්ඩ යනකොට මායි ඉන්ධර් වගේම මහ උන් දෙන්නා කාමරේ ඉතිරි උනා.....

අපෙ අම්මා.....උඹල ඔය ගිරිය පුප්පන් කියපු කතාවල තේරුම කිව්වා නම්.....

මයෙ පුතා මේකා...මේකා අහිංසක මූන දාගන උඹව රවට්ටන් ඉන්නෙ මයෙ පුතා.....අන් උඹලගෙ අම්මා මයෙ පුතා.....

මං අහන්නෙ උඹ මගෙ අම්මාද නැද්ද කතාව නෙවෙ අපෙ අම්මා...උඹලා ඔය කරනවයි කියාපු කතාවල තේරුම ගැන...මක්කද උඹලා ඔය හති දදා කියවපුවල තේරුම.....

මයෙ පුතා.....

උඹට දෙන්ඩ හරි උත්තර නැතුවද අපෙ අම්මා...අන් හිතන්නෙ මං කලිනුත් උඹලට කිව්වා..මං පාඩුවෙ ඉන්නකොට මං කතා කරලා අහවර කරාපු ප්‍රශ්නෙ ආපිට අදින්ඩ එපාය කියලා .....මං හිතන්නෙ මයෙ අප්පච්චිට දැන් මායියව ආම්බාන් කරගන්ඩම බෑ වගෙ...වස්තු තන්හාව ගාව සිංහල කියන දේත් දැන් තේරෙන්නෙ නෑ වගේ නේ...

උඹලට ඇහෙන්නෙ මං කෑගහන ඒවා විතරද මයෙ පුතා...මේකා මගෙ නලල පුරාවටම සිද්දාලේප තලියක් අතුල්ලලා මගෙ ඇස් පොට්ට කරවන්ඩ හදපුවා ව දකින්ඩ උඹලා උන්නද.....??නෑ....ඒවා අහන්ඩ උඹ උන්නද...??නෑ...ඒකා.කුටු කුටු ගගා මට බනින ඒවා...ඒවා අහන්ඩ කොහෙද උඹට සිහියක් ...වදාපු අම්මට වඩා දැන් උඹට ලොකු මායියවනෙ...

මට කෙල ගිලුනා...ඉන්ධර් ඉන්නෙ තරහෙන් බව දැනගත්තු අම්මන්ඩි ඒ උඩට මගෙ වැරදිත් කියනකොට මගෙ උගුර කටත් එක්ක වේලිලා ගියා.....

බේබි...හ්

පලයන් කාමරේට...

ලොකු මැනි....

මං හිතන්නෙ අප්පච්චි ට විතරක් නෙවෙ....මටත් දැන් මගෙ මායියව ආම්බාන් කරගන්ඩ එකම දේ දහපාරකට වඩා කියන්ඩ වෙයි වගේ....මං පොල්පිත්ත්කින් කපපු එකෙක් නෙවෙ බොල...දෙයක් කිව්වම එක පාර කරපිය.....

මං නැගිට්‍ටා.....ඉන්ධර් ඉන්නෙ ඉහවහ ගිය තරහකින් වෙනකොට තවත් උන්නොත් අනිවාර්යයෙන්ම මගෙ කන රත් කරයි කියන බයටම මං කාමරේට යන්න ගියා උනත්....ආපිට බිත්තියට පිට දීලා මහ දොදොලි මගෙ මනුස්සයගෙ ඔලුව කන හැටි මං අහන් උන්නා.....

හරි...දැන් අම්මනිඩ් ඔය කියාපුවා වගේ වැරදි මගෙ එකා කෙරුවා කියමුකො.....හැබැයි....උඹලා දැන් හැට හැත්තෑව පැනපු උන්.....එතකොට මගෙ එකා...යන්තන් දහනවය උනා විතරයි ....ඒකව මට මගෙ දරුවෙක් දගෙ බොලව් ...මං එහා මෙහා වෙනකන් ඉදලා උඹලා ඒකගෙ හිතට විසබීජ දදා ඌව පාරනකොට උඹලට ඒකා ඔහොම කතා කරන එක සාදාරනයි .....

ඇරත්....ඒකගෙ අම්මා මැනිකෙක්....ඒක අපෙ අම්මන්ඩි හොදාකාරවම දන්නවා...උඹට ඇති මැනිකෙ පට්ටමක් නෑ...අප්පා හන්දා හම්බුඅන මිසක්කා.....උඹ කියන විදිහට මයෙ එකා උඹලගෙ නලලට සිද්දාලේප තලියක් ඉලුවා නම්.....ඒකට මම අච්චු කරනවා මිසක්කා...උඹලට අයිතියක් නෑ....

ඇරත්....ඒකා මක්කටද නිස්කාරනේ උඹලගෙ නලලට සිද්දාලේප අතුලන්නෙ....??පිලි ජාති එක්ක බත් නොකන බව දැන දැන.....මයෙ මැනිකෙ බෙදාපු බත් පතෙන් උඹලා පිලිහිඩ්ඩ හොරා ගත්තා...මක්කටද...මයෙ එකා වැරදි කියන්ඩ...එහෙම බලන් ගියහම උඹලා එක්ක මට ගෑනියෙක් ගෙනාවත් ඔච්චර තමයි අම්මන්ඩි ...

ගැනියෙක් උනාම ලැජ්ජා බයට හැදියන් අම්මන්ඩි ..උඹ තව ටික දොහකින් අත්තම්මෙක් වෙන්ඩ ඉන්න ගෑනියෙක්...එහෙවෙ එකේ...කා කොටා ගන්න එක සීමාවකට කරපන් .....මං එදත් කිව්වනෙ ...මගෙ වැඩ රාජකාරි ඇසල කරාවි....ඒක ඒකගෙ අයිතිය....මන් ඒකගෙ වාහෙ බොල.....වහෙගෙ දේවල්.මැනිකෙ නොකර සදා කාලිකව අම්මම කරන්ඩ නම්....මක්කටද ගෑනියක්.....

මගෙ ඇස්වලට කදුලු පිරුනා...මං දන්නවා.....මහ එකී ගාව කොච්චර මගෙ පැත්තට සාදාරනේ කෙරුවත් ඉන්ධර් ඔය විදිහටම මටත් අච්චු කරනවා.....මටත් දොස්තියනවා..ඒත් දෙයියනෙ මං පාඩුවෙ උන්නනෙ.....ඒකිනෙ අර කිව්වත්වගේ මගෙ හිත පාරන්නෙ...ඉවසනවා ඉවසනවා කියලා මං හැමදාම ඉවසන්නද.....?

මයෙ පුතා ..උඹකා හදන්නෙ.....උඹකා හදන්නෙ මේ වලව්වට හිගන්නො බෝ කරන්ඩද.....ඒව නම්.....ඒ වා නම් මේ කපේට වෙන්නෙ නෑමයෙ පුතා...මං බලාගන්නම් කො....බඩ වෙන හැටිය

සලාන්...

අම්මන්ඩි !!!!!

අනේ ...සීවරන්....දෙයියනෙ...අපෙ...

මහත්...තයා...

කට පියවපන් සුගලා...මක්කද බොල ඒ කියාපු පඩත්තර කතාව....??

මං අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා ...මහ තැනගෙ කාමරේ ඇතුලෙන් එක පාරම සරබරාන් ගාන සද්දයක් එක්ක මහ හාමුගෙ ගොරනාඩුව ඇහුනා...මං හිතන්නෙ මේපාර නම් අර පුපුරාපු මුදුන් ලීය අනිවාර්යයෙන්ම දෙකඩ උනා වෙන්න ඕනා.....

හිගන පැටව්....ජාතක වෙන්නෙ මගෙ ලේ වලින් නම්....කොහොමද අම්මන්ඩි හිගන පැටව් වෙන්නෙ.....??? ඇත්ත...උඹලගෙ ඔය හිතේ තියන විසේ හැටියට ගැබ සරු නොවි කරකුට්ටන් උන එකේ ධර්මේන්ද්‍රන් හාමු පිටින්.....

ඉන්ධර්....!!

මාව ගැස්සිලා ගියා....ඉන්ධර් කෑ ගැහුවා....ඒ විතරක් නෙවෙ...මහ හාමුවා කන පිට පරිප්පුව ගැන විතරක් නෙවෙ...මහ හාමුවට ජාතක උනායි කියන වලව්වෙ උරුම නැති ධර්මේන්ද්‍රන් ලේ ගැන කියන්න හදනවත් එක්කම මහ එකා කට ඇරියා.....

හාමුලා හාමුලා මරාගන්නවා....එහෙන් මහ එකී ගොලු වෙලා....

අපෙ අප්පච්චි .....මගෙ ඉවසීම නම් අන්තීම නරකයි ..ඒක උඹලා හැමෝම හොදටෝම දන්න කාරනාවක්.....එකක් උඹලා හොදට මතක තියා ගනන් අම්මන්ඩි.....උඹලා මොන නාටකෙ නැටුවත්....ආයමත් ඔය කතාව මගෙ කනට ඇහෙන්ඩ කියලවත්...මගෙ එකාට පිටකාරනා කරලවත් අහු උනොත්.....අම්මපා මං තොපි ඔක්කො මරාගම මැරෙනවා බොලව්..ආය මේ පොඩි හාමු නරක මිනිහා කියන්ඩ ලෑස්ති වෙන්ඩ එපා....

මං කටට අත තියාගත්තා ....ඉන්ධර් කෑගහපු විදිහට මටත් හුස්ම හිර උනා...මං දන්නවා...අනිවාර්යයෙන්ම ඒ මුන යකා වෙලා ඇති.....

අප්පච්චි ...මට මහ වලව්වෙ යතුරු කැරැල්ල දුන්න නම්.....

මහ වලව්වෙ යතුරු කැරල්ල....ඒ මක්කටද.....

මක්කටද අහන්නෙ.....අම්මන්ඩි වෙලත් කියන කාරනා ඇහුවම...මට හිතෙන්නෙ මට මයෙ මැනිකෙ එක්ක.මහ වලව්වෙ පදිංචියට ගියා නම් හොදයි කියලා ...දරුවෙක් මල්ලෙක් ගැන හීන දැක්කට වැඩක් තියනවද...දෙයියනේ කියලා කුලුදුලේම බඩට එන එකාව හෝදලා ඇරියොත් එහෙම....මට යතුරු කැරල්ල දුන්නා නම් ...ඇරත්...මට ආය අමුතුවෙන් වැඩට ගන්ඩ උන් ඕන් නෑනෙ.....වලව්ව බලන ඇලිසයි...උන්දගෙ වාහෙයි ඉන්නවානෙ...සුනංගු නොකර ඔය අම්මන්ඩිගෙන් මහවලව්වෙ යතුර ඉල්ලා දුන්නා නම් මට පුලුවන් මෙහෙන් යන්ඩ....!

අනෙ එතකොට අම්මයි සුද්දියයි...ඉන්ධර් හදන්නෙ මාවත් අරගන මහ වලව්වට යන්න....ඒකත් ඉදල්ගස් හින්නට....

මට කරකියා ගන්න දෙයක් නැති උනා....මෙ හැම මගුලටම හේතුව මහ දොදොලි.....මට මගේ මනුස්සයා එක්ක පාඩුවෙ ජීවත් වෙන්න නොදි අවකැපෙන කතා කිය කිය මගෙ ඔලුව කෑවෙ මහ දොදොලි...

අනේ..මයෙ පුතා.....උඹලා මේ අම්මව දාල කොහෙ යන්ඩද ....අපෙ මහත්තයා ...අනේ...අපෙ මහත්තයා...

සුගලා....නිස්කාරනේ නාඩා උන්නා නම්....උඹලගෙ වැරදි හන්දනෙ මේ ඔක්කොම.....ඒකා වලව්වෙ ඉදුල් හේදුවා නැතා.....ඒකගෙ ජාතකෙ ගැන උඹ දන්නෙ නැතුව නෙවෙනෙ...ඇරත්...ඉන්ධර් කිව්වා වගේ...අරුන්ධති ඇවිත් පොඩි මැනිකෙ....උඹලා ගාව දෙකට නැවීගන උන්නෙ ඒකිගෙ අසරන කමට මිසක්කා.....ඒකිගෙ තත්වෙ නැතුව නෙවෙයිනෙ .....ඔක්කොම දැන දැන.....අරකව පහත් කරනකොට ඒකගෙ වාහෙ උන ඉන්ධර්ට මක්ක හිතෙයිද....ඇරත්...අයියන්ඩිගෙ මැනිකෙ කැප්පැටිපොල පරම්පරාවෙ....උඹ...උඹලා අරක්කුරේන්ද කාරයො.....සල්ලි වකාරෙ ඇරුනම උඹට අඩුම ගානෙ....ගෑනු කම වත් තිබ්බද බොල...

ධර්මේන්ද්‍රන් .....කට පරිස්සමින් අපෙ මහත්තයා ...අමතක කරන්ඩ එපා...මෙතන අම්මා කම දුන්න මගෙ පුතන්ඩියා ඉන්නවා කියලා ...ඒවා උඹගෙයි මගෙයි ප්‍රශ්න මිසක්කා...දරුවො දැනගන්ඩ ඕනා

කාරනා නෙවෙ අපෙ හාමු.....

එහෙනම් ඒක දැනගන වැඩ කරපන්...ආය ආය කියවන්ඩ තියාගන ...අපෙ මැනිකෙ හදන්නෙ මේ නහින දෙහින කාලෙ..මට පිට ඇදන් වල ගිහි නිදියන තැනට වැඩ සලස්සන්ඩ...

ඒක ඊටත් හපන්.....මේ දොදොලි නටන්න පුලුවන් ඔක්කොම කස්තිරන් නටාපු එකියක් එතකොට ...යකො බලන් ගියාහම තම්මැට්ටමී ඇවිත් ඉදුලා කියන අපිටත් අන්තයිනෙ .මේකිව මරන්ඩ වටිනවනෙ....ඇරත් කුඹුල් කදුලු හලන හැටි...වෙලහට තම්මැට්ටම ගස්ස ගස්ස අඩනව ඇති.....

උඹ හැමදාම අපිව තැලුවට වෙන්ඩ ඇති මේ ඔක්කොම පඩිසන් දෙන්නෙ මහ තැනට....දැන් ඉතින් උඹට වෙන්නෙ මාව දැකත් මූන නොදී පුක දෙන්න තමයි.....ශිහ්...දොදොල....එක අතකට මහ එකා පිට පරිප්පු හොදි තෙම්පරාදුවට ගියෙ මේකිගෙ මේ මස් පර්වතේ එක්ක ඉහල පහල ගිහින් පපු කැවුත්ත මගින් නවතින්ඩ එන හින්දද දන්නෙ නෑ.....ඔය කියන විදිහට මේකට ගුලි චූර්න කල්දේරමක් වත් පොවන්ඩ වෙනවා නැත්තන් කල්දේරමක බැහලා නාන්ඩ වෙනවා.....පුස් ඊරි....

හ්ම් හ්ම් ...අප්පච්චි මට යතුරු කැරැල්ල දුන්නා නම්...මට තවත් නම් මේ වහල යට ඉන්ඩ බෑ.....

අනෙ අපෙ මහත්තයා . ..මට මයෙ කොල්ලව නොදැක ඉන්ඩ බෑ...මගෙ පපුව පැලෙයි මහත්තයා ...මගෙ කොල්ලට නවතින්ඩ කියන්ඩ අපෙ මහත්තයා.....අනෙ ඒකා ගියහම මං ඉන්නෙ කොහොමද අපෙ මහත්තයා

ඉන්ඩ බැරි නම් නටපම් උඹ කොදිච්චිය හැදිලා වගෙ දැන් නහින්නෙ උඹ හන්දා මමත් බැනුම් අහන්ඩ ඕනෙ මොලෙ නැති ගොන් නෑම්බි...

මයෙ පුතා....ඔය තීරනෙ ඩිංගකට පස්සට කරගත්තොත් නරකද...

පස්සට කරගන්ඩ....එහෙනම් අප්පච්චි උඹලා මේ මායියව පරක් කරගනින් මගෙ ඉවසීම නැති නොකර.....මං දැන් පවුලක් උන මිනිහෙක් හෙට අනිද්දා අප්පච්චි කෙනෙක් වෙන්ඩ බලන් ඉන්න එකෙක්....උඹලගෙ මායියා කරන්නෙ මේ ගෙදර දොරෙ කිරි සුවදක් වත් වදින්ඩ නොදි පාලුවට යවන්ඩ නම් මට සිද්ද වෙනව මගෙ රෙදි පෙරෙදි අරන් මහ වලව්වට යන්ඩ....ඇරත් මගෙ එකා තාම නොදරුවා ...අප්පච්චි කෙනෙක්ගෙ ආදරෙ ලැබුන් නෑ ගගා තාම අඩන එකා...ඒකත් මට දරුවෙක් ගානයි....මං මෙ බොහොම හොදින් කියන්නෙ...උඹලා කා ගනින් අම්මන්ඩි.හැබැයි ඉතින් මගෙ කෝප නිල තද නොකර...මං අප්පච්චි හන්දා පස්ස ගැහුවා මිසක් .....නැත්තන් ගිහින් වෙලහකටත්...

........

හ්ම්..හෙට උදෙම්ම මං අපෙ මැනිකෙ එක්ක ඉදල්ගස් හින්නට යනවා අප්පච්චි .....

ඒ මක්කටද....

ලොකු අප්පච්චි මුන ගැහෙන්ඩ.....උන් දැනගන්ඩ ඕනා සීයා තාත්තා නැති එකේ...නන්දගෙ... නෑ...ඒකි නන්දා උනෙ මේ ගෙදරටනෙ.....අරුන්ධතීගෙ උරුමෙ ආපිට ඒකිට දෙන්ඩ...මට තවත් මේ කතා අහන් ඉන්ඩ බෑ....අටෙ කෑල්ලෙදිත් මට අල්පෝන්සුවගෙයි අප්පුවගෙයි බෙල්ල කඩලා අතට ගන්ඩ හිතුනා....

ඉන්ධර් .....

උඹලා කියන්නෙ මගෙ එකාට මං ඉස්සරහා ඉදුලා වහලා කියනකොට කට පියන් බලන් ඉන්ඩ කියලද අපෙ අප්පච්චි ....මං පොල් පිත්තකින් කපපු එකෙක් නම් කියාපු දෙන්....හැබැයි මේ ඉන්ධර් ඉරුගල්බන්ඩාර කියන්නෙ අම්මා අප්පට උනත් නැවෙන එකෙක් නෙවෙ අපෙ අප්පච්චි .....ආන් ඒක ඔය ලමාතැනීට අමතක නොවෙන්ඩ උගන්නපන් අප්පච්චි ...අම්මන්ඩි අම්මන්ඩි කිය කිය පස්ස ගහලා අම්මන්ඩිට හිතු මනාපෙට වැඩ කරන්ඩ නම් ඉතින් ආපිට පාත රටට යන්ඩ පුලුවන්.....

අනිත් කාරනාව ....අප්පච්චි මහ වලව්වෙ සම අයිතිය අරුන්ධතීට.....ඒකෙ දෙකක් නෑ...වලව්වක් කිව්වට..එතන වලව් දෙකක්....හත්මුතු පරම්පරාවක් උන්න අඩවියක්.....එහෙව් වස්තු තියන එකී දහදුරා දුක් විදිනවට මගෙ මනාපයක් නෑ...මං බලන් උන්නා මේ තාක් වෙනකන්...මං ගිහින් කිව්වා ලොකු අප්පච්චිට මේ තාක් වෙනකන්...උන් කනකට ගත්තෙ නෑ....දැන් ඉතින් මට ඔව්වා ගිහින් තේ බිබී කතා කරලා එන්ඩ පුලුවන් දේවල් නෙවෙනෙ.....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...මනාපයි ..ඇසලගෙ බඩට දරුවෙක් එන්ඩ කලින් හෝ නැතා....හොරාවට නැතුව ආපිට මගුල ගන්ඩ.. .නිකන් නෙවෙ මට ඕනෙ හත් දොහක් මගුල කන්ඩ ....

මොකද ...උඹලා ඔක්කොම එකම රෙද්ද හෝද හෝද මඩේ දානවා වගෙ...මයෙ මැනිකෙගෙ හිත තලනවා...මට ඕනෙ ඇසලගෙ නියම අයිතිය.....ධර්මසේන හාමුගෙ මුනුබුරා විදිහට බොහෝම ගරු නම්බු ඇතුව මගෙ මැනිකෙව අරන් එන්ඩ්...

අම්මන්ඩි .....උඹලා මූන පුලුටු කරන් උන්නට කාරි නෑ...දැන් ඉතින් ඔය හවඩියෙ ගහන් එන්න යතුරු කැරල්ලට අත ගහන්ඩ මයෙ මායියා ඉන්නවා කියලා සිහි තියාගත්තොත් හොදයි....මහ වලව්ව ගැන කියනව නම්.....ඒ පිලිවලට ඒ උරුමෙ බෙදිලා යයි....උඹලට වත්...ආය ලොකු අප්පච්චි ලාටවත් බූදලයක් බෙදෙන්නෙ නෑ.....මොකද...උඹලගෙ සරු කාලෙ අහවර එකේ.....දරු මල්ලො එනවයි කියලද .....ම්ම්ම්...

හ්ම්..හ්ම්.....හවහට මට යතුරු කැරැල්ල ලෑස්ති කරලා තියාපන් අප්පච්චි .....

.ඉන්ධර් එන්න හදන්නෙ.....ඉරුගල්බන්ඩාර මහ වලව්වයි වතු පිටි ගැන හෙන හෑල්ලක් දොඩාපු ඉන්දර් එන්න යන්නෙ කියන්න තේරුන මම ආපිට කාමරේට දිව්වා..දුවලා ගිහින් ඇදේ ඉදගන්නත් බය වැඩි කමට ජනෙල් කූරුවල එල්ලීගන ඇහල පිපුන ඇහල ගහ දිහාවයි ...ඈතින් පේන මගෙ දුප්පත් පැලයි දිහාව බලන් උන්නා...

සරස්.....සරස් ....

ඉන්ධර්ගෙ කොස්පට්ටා සෙරෙප්පු දෙකෙ සද්දෙ ....

උගුර පාදන සද්දෙ...ඒ වගෙම දොර පියන වැහෙන අගුල වැටෙන සද්දෙ ඉන්ධර් ආව බව දැනුම් දෙනකොට මගෙ තොල කට වේලිලා ගියා විතරක් නෙවෙ....කොදු නාරටිය දිගේ හීනියට වගේ හිරියකුත් ගියා .....

අපෙ මැනිකෙ.....හැරුනා නම් බලන්ඩ.....

අනෙ දෙවියනේ...මාව බේරගන්න....

මං හිතන්නෙ මං තව පාරක් කතා කරන්ඩ ඕනෙ නැතුව ඇති ම්ම්ම්ම්ම්ම්ම්ම්

මං උන්නෙ ග්‍රීල් කූරු කිටි කිටියට මිරිකගන වෙනකොට ඊලග පාර නම් හැරුන් නතුව උන්නොත් බැනුම් අහන්න වෙන බව දන්න හන්දා හිමින් සීරුවෙ ඉන්ධර් දිහාවට හැරුනා....

එයා ඉන්නවා...දුම් පයිප්පෙට දුම් කුඩු පුරවන ගමන්.....හැබැයි එයගෙ පැත්තට හැරුනා කියන්න තේරුන හින්දද කොහෙදො ඉන්ධර් දුම් කුඩු පුරුවන ගමන් මා දිහා අඩ මානෙට හැරිලා බැලුවා විතරයි...ඒ ඇස් ඒ මූන දැක්කම මට මැරෙන්න හිතුනා.....

මට කතා කරගන්නත් පන නෑ වගේ....අඩුම හුස්ම ගන්නවත්....

මං දෙයක් අහන්නෙ එක පාරයි...උත්තරේ එක පාරින් දෙන්න ඕනෙ....හැබැයි...ඇත්ත මිසක් බොරුව නැතුව ම්ම්ම්ම්ම්ම්....උඹලා අම්මන්ඩි ගෙ ඇස්වලට එක්ක සිද්දාලේප ඉලුවද....?

මං මගෙ කකුලෙ ඇගිලි දහයෙම්ම මහ පොලව බදාගත්තා....කට පුරාවටම මයෙ අම්මා...මයෙ පන...මයෙ පින්න මල....ඇහල මල...කියන ආදර වදන් මොකුත් නෑ....ඒ ඇස් වල..ඒමූනෙ තිබුනෙ තනිකරම තරහවක් විතරක් වෙනකොට මම මිමිනුවා...

අපෙ...මහත්...තයා

ඔව් නම්...ඔව්.....නැ නම්...නෑ.....මට වෙන කත ඕන් නැ...කියපන්...ම්ම්ම්ම්....

කරන්න දෙයක් නෑ...බැන්නොත් බනී...ගැහුවොත් ගහයි...එච්චරයි ....

බිම බලාගන උන්න මං ඉන්ධර් දිහා බැලුව...ඇස්වල කදුලු පිටින්ම...හැබැයි ඉන්ධර් කියාපු කෙටි උත්තරයක් නෙවෙ...මාගලක් තරම් උත්තරයක් එක්ක....

ඔව්...මං ඇස්වලට හිටම්ම ඉලුවා...මම මනුස්සයෙක් ....බේබින්හාමුමයි කිව්වෙ තවත් කොන්ද අකුලන් ඉදල ලැජ්ජා කරන්ඩ එපාය කියලා ...උරුමෙ කියන්නෙ උරුමෙටම කියලා .... පෝරුවක නැග්ගෙ නැති උනාට....මගුල් තැලි නොබැන්දට.....මං ආවෙ අපලෙකට නය ගෙවන්ඩ උනාට....හාමුමයි මගෙ දුප්පත් පපුවටත් උහුලන්ඩ බැරි තරන් ආදරයක් දීලා මාව නම්ම ගත්තෙ...

මං ඉදුලා...වලව්වෙන් කාලා හැදුන එකා...අනුන්ගෙන් ඇදපු එකා.....එහෙමයි කියන්න හාමු විතරක් නෙවෙ මෙ මුලු ගමම දන්නවා.....ඒ බව දැන දැනමයි හාමු මට ආදරේ කෙරුවෙ ..නොදන්න නෑ කම් වල ගැට ලෙහලා මට ආපහු නැගිටින්ඩ ඉනිමන් බැන්දෙ උඹයි හාමු...

මං හාමුගෙ මායියා වෙන්නෙ ඇදට විතරද හාමු....කුසියට ගියත් ආඩපාලියක් ....ඉදගත්තත් ආඩපාලියක්....කහට එකක් හැදුවත් ආඩපාලියක් ...මං ඒකත් ඉවසුවා...වලව්වෙ වහලි උනත් මයෙ අම්ම ගැන මට කැක්කුමයි හාමු....නර දුක් විදින්ඩබැරි හන්දයි මම දුක් විදලා හරි ගල් වැලි එක්ක හැප්පෙන්ඩ ගුනේ මාමා එක්ක ගියෙ...උඹලා ඇවිදින් ඒකත් නැවැත්තුවා.....

උඹ මට සුර සැප දුන්නත්...උඹලා නැති වෙලෙ මහ මැනිකෙ කරන්නෙම මගෙ හිත කඩන එක...මට අම්මට විතරක් නෙවෙ...නූපන් දරුවන්ට පවා වස් ඉල්ලනවා....

මම කියවගන ගියා.....පයිප්පෙ කටේ ගහන් උන්න ඉන්ධර් මගෙ මූන.කට දිහා ඇස් පිල්ලමක් වත් නොගහම අර පුරුදු නපුරු කමින්ම බලන් ඉන්නකොට ඉකි ගගහම මගෙ දුක තරහව පිට කෙරුවා .....

උඹලම කියපන් බේබි හාමු....දරුවෙක් හිටින්ඩ දෙන්නෙ නෑය ගගා පරසක්වල ගහලා වද වෙන්ඩ වස් ඉල්ලන ලොකු ම්ණිකෙගෙ ඇස් වලට සිද්දාලේප උලන්ඩ තරම් තරහවක් මට එන්නෙ නැද්ද...???

උඹ නම් හොය හොය නැහුනට වැඩක් නෑ බේබි හාමු...දරුවෙක් බඩට ආවත් මහ මැනිකෙ මගෙ බඩ පාලු කරනවා....ඊට වඩා හොදයි හාමු....ලමයි නොහද ඉන්නවා...සමාවෙයන් මට බෑ...මට ඕන දරුවෙක් නෑ....

ඇසල.....!!!!!!

ඉන්ධර් අතේ තිබුන දුම් පයිප්පෙ පොලවෙ ගැහුවා....ඒක මොන තරම් වේගෙකින් ගැහුවාද කියනවා නම් දෙකට මැදින්ම පයිප්පෙ කඩලා යනකොට ඉන්ධර් මගෙ අත් ගොබෙන් මිරිකලා අල්ලගන මාව ඇදලා ලගට ගත්තා.....

වේදනාවයි.....ඒ අල්ලන් උන්න ඇල්ලිල්ලට මගෙ අත වේදනා දුන්නා...

මක්කද බොල කියන්නෙ.....මෙන්න මේක හොදට අහගන්....හදනවද...නැද්ද තීරනේ කරන්නෙ මම මිසක් තෝ නෙවෙ.....හදන්නෙ එකක්ද දෙකක්ද තුනක්ද තීරනේ කරන්නෙත් මම මිසක් තෝවත් අම්මන්ඩිවත් නෙවෙ.....තොට තියෙන්නෙ පරිස්සම් වෙන්ඩ...මං ඉන්නෙ තෝව පරිස්සම් කරන්ඩ....මාව නිකමෙක් ගානට දාලා කතා කරන්ඩ ලෑස්ති වෙන්ඩ එපා ඇසල...අම්මා අප්පා කියලා බලන්නෙ නෑ ආය.....කම්මුතු කරනවා හත්මුතු පරම්පරාවම.....

මගෙ ඇස් වලට කදුලු පිරුනා.....කදුලු කැට කම්මුල් දිගේ බේරි බේරි පහලට වැටෙනකොට ඉන්ධර් මාව අත ඇරියා...

බේබි හාමු....ට දැනෙන තරහව මට එන්න හොද නැද්ද හාමු.... ඒ කියාපු වචන වලට සිද්දාලේප තලි පිටුන් ඇතිල්ලුවත් මදි නැද්ද හාමු...???

ඇත්ත මට වැරදුනා....මට වැරදුනා බේබි හාමු.....මේ ලෝකෙ වනසිංහලා වගෙ ගෑනු ඉන්නතාක් කවදාවත් සිරියාවතීලා වගේ උන්ට ඉස්සරහට එන්ඩ ඉඩක් නෑ ඉන්ධර්....උන්ට වෙන්නෙ හැමදාම මට්ට තලන අම්මා ගාවට වෙලා කටු අලේකට ලුනු ඉහන් කන්ඩ....

මහ මැනිකෙ වනසිංහ කෙනෙක් නම්..මං සිරියාවතී කෙනෙක් තෙහස්.....හැමදාම කටු අල කන්ඩ වෙන....

මං එන්න හැරුනා.....ඉන්ධර් ගෙ ඇස්වල ආදරේ වෙනුවට තියෙන්නෙ තරහවක් බව පෙනි පෙනි තවත් මේ කාමරෙ ඉන්න බැරි බව දැනුන මට හෙදර දුවන්න හිතුනා...

ඉන්ධර් වහපු දොර ඇරපු මං ආපිට පස්ස දොරෙම්ම පොල් වත්ත දිගේ මගෙ දුප්පත් පැලට දිව්වා....මොන දුක හිතේ තිබුනත් පුරුද්දට වගේ ජනේලෙ දිහා බලනකොට මොන යකා වැහිල උන්නත් ඉන්ධර් ජනෙලෙ ගාවට වෙලා පුරුදු විදිහටම මගෙ දිහාව බලන් ඉන්නකොට මම කම්මුල් දිගේ පෙරෙන කදුලු පිහ දදා වත්ත මැදින් ගෙදර දිව්වා...

බේබි හාමුද අම්මෙ මේවා ගෙනත් දාලා තියෙන්නෙ .....

සනීපයි අම්මෙ ....

යෝ....මට මේවයි නිදියන්ඩත් ලෝභයිනෙ අප්පා...

එක්කො.....අපි ඇදන් දෙක රෙද්දකින් වහලා අපි පුරුදු විදිහටම බිම බුදියමුද අම්මෙ

මට බය ඔය කොච්චර එලෙව්වා උනත් රත්නපාලයා ආපහු එයි කියලා ....ලැජ්ජාවකුත් නෑනෙ.....අනික අපේ අයියා අප්පච්චිව එලවපු කීවෙනි වතාවද....යනවා කිය කිය ගිහින්...මේන් ආපහු එනව ටික දොහකින් වේලුන ලූලෙක් හරි උස්සගන...

ඒ ආවොත්...මේ ඇදන් ආයම ගෙනියයිද අම්මෙ.....පෙට්ටගමත් කඩපු එකේ...මට දුක මෙච්චර සනීපෙට තියන ඇදනුත් කඩයි කියලා ...

දැන් අම්මෙ....අපේ අයියත් බුදියනවා ඇත්තෙ මේ බිබික්කමගෙ ඇදේද....?

මොනවද කෙල්ලෙ උඹ ඔය අහන්නෙ....

නෑ ඉතින්...මං ඇහුවෙ ...බිබික්ක්මාටත් තියෙන්නෙ සැප ඇදන් නෙ. ..නැතුව ඇතිනෙ...පව්...අයියා බිම වෙන්ඩෑ බුදියන්නෙ.....

කොහොම උනත්....බිබික්කමාට හරියන්ඩ ඕනෙ....ඇදක් ගෙනත් දුන්නට....

අම්මෙ.....

ඇයි බන් සුද්දියෙ ඇයි...උඹ දැන් කීයෙ ඉදන්ද කියපන් ඔය හාල්මැස්සො ඔලු කඩන්නෙ....අත ඉක්මන් කරලා කඩකො....බේබි හාමු අට වෙනකොට කන මනුස්සයා...ඔන ඕක කඩපිය...බලියක් වගෙ කට තියාගන.....කියවනකොට නම් කියෝගන ඉන්නවා පොතක් පතක් අල්ලන්ඩ කිව්ව ගමන් කරමත ගහනවා....කඩපන් ඕක.....

න...ඉතින්...මං කියන්න ගියෙ....මෙච්චරත් කරාපු බේබි හාමුට....බිත්තරයක් වත් තම්බලා දෙමුද අහන්න.....පව්නෙ...උඹල මහ නරකයි නන්දො....කොයි වෙලෙත් බනින්නෙ මටමනෙ...ඇසලයට බනින්නෙ නෑ කවුරුත් ...ඌයියා.....හ්..ගහන්නෙ....

කටවහන් කරපිය ඕක...ඌ බැනුම් අහන තරම මදිද අර නාකි අම්මන්ඩිගෙන්

කාගෙන්....අර සුගලගෙන්.....?ඇයි...ඒ උන්ද අපෙ අයියට දැන් හුගක් බනිනවද...අනෙ මන්දා.....මේ හිපපොටෙමස් කවදා කට පියවයිද කියලා ....නේ අම්මෙ...ම්ම්..මං නම් කියන්නෙ ඔය ඉබ්බි නිදාගන ඉන්නකොට හූනෙක් වත් කටට චූ කෙරුවා නම් ඉදිමෙන්න ගියා..... ...නැත්තන් අර අපේ පිටිපස්සෙ පරාලෙ උන්න හුජ්ජ දෙබරකූඩෙ කඩන් ගිහින් ඕකිගෙ...අව්ව්හ්....ම්හුක්

මට හිනා යන්න ආවා...මෙච්චර වෙලාම අඩ අඩ දුවන් ආව මට අරකිගෙ වක්කඩ කටට හිනා යන්න ආවා....පව්...ඒකිලා මොන සතුටකින්ද ඉන්නෙ.....සනීපෙටම නිදාගන්න ලෝබයි කියනකොට මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා.... 

පොල් වත්ත දිගෙ දුවන් ආව මම නැවතුනෙ කුසිය පිටිපස්සෙ වෙනකොට අම්මා අරකිට බැන බැන උයනවා ඇහුනා...අරකි වරුවක් තිස්සෙ හාල්මැස්සො ඔලු කඩනවලු...

අටවෙනකොට ගිල්ලන්න...පන්සලේ හාමුදුරුව නෙවෙනෙ ආව දෙන්කො මං අද යයිද බලන්න....හරි ආසා ඇති නැවෙන් බඩු බානවා වගෙ ලමයි හදන්ඩ....ඔව් ඉතින් හාමුවට මොකද...දමාගන ඇනලා ඇනලා හති අරින එකනෙ...මං එපැයි එතනින් එහාට සුම්මක්කරේම කරන්ඩ ඕනෙ.....

ආව දෙන්...මං උන්දට කියන්න්න්ම්....දොදොලිට හදලා දියන් කියන්ඩ...නැත්තන්...උඹත් අප්පා වගේ පිට පරිප්පු කාපන් කියන්ඩ.....

මගෙ බල්ල වත් යයි අද නම්.....හද පායන්ඩ බැරි නම්.....ඕන මගුලක්....හිටපන්කො...අද කෝපි මල් ගාන් ආවොත්...පොවන්නම් කෝපිම...ඇයි අර ඉන්නෙ...අඹේවෙල එළදෙනක් වලව්වෙ.....තාම පෙකනි වැල කපාගන නෑ....මේක මහ පුදුම කරුමයක් උනානෙ...

අම්මේ....හ්...මෙ අයියා ඇවිල්ලා...ආ....නෙ....උඹ...හොරා වගේ ඉන්නවා නෙ....අපි වැඩ ටික ඉවර කරනකන්.....

මාව ගැස්සිලා ගියා ඉන්දර්ට හිතින් බැන බැන උන්න මාව සුද්දියගෙ කටහඩත් එක්ක ගැස්සිලා යනකොට මං හිමින් සැරේ කුසියට රිංගුවා..මනාපයි කිව්වෙ මගෙ අත් වලින් කන්න....හිටපන් ලපටියට අද කවන්න.....

අපෙ අම්මා....

උඹලා මේ දැම්ම ආවද පුතෙ

ආ...නෑ...ඉන්ධර් ආවෙ නෑ...

ඉනධර්....ඈ අයියෙ උඹ දැන් බිබියට ඉන්ධර් කියලද කියන්නෙ ඒ ඇයි ඒ.....

සුද්දි.....පලයන් පොතක පතක වැඩක් බලාගනින්....

මං හට්ටි වලට බෙල්ල දාන ගමන් අම්මට උත්තර බදිනකොට ළඟ උන්න සුද්දියා මං බිබික්කමට ඉන්ධර් කිව්ව ගමන් නහින්ඩ ගියා....

අම්මා මේ පොලොස්....

මොන හේතුවටද මන්දා බන්...මං ඊයෙ රෑ ඕක ඉව්වා...ගහේ පාතම තිබුන ලපටි ගෙඩිය . . ...

මං මැටි හට්ටියෙ තිබුන රැයක් පරන පොලොස් කුට්ටි දිහා ලාම්පු එලියෙන් බලන් උන්නා..කලුකුඩු මිරිස් තුනපහ පදමට අල්ලගත්තු පොලොස් එක තෙල් පෑයවැටිලා තිබුනා...

බතුයි පොලොසුයි...වේලුන හාල් මැස්සොයි....ගලේ අඹරපු පොල් සම්බෝලයි...බිබික්කමට බිත්තරයි...

ඔය මදිද....

ඒ අස්සෙ කටට කෙලත් ඉනුවා...

පොඩි කුසියෙ උන්න අම්මා එහා මෙහා කියව කියව යනකොට මං මඩක්කුවට දාගත්තු වේලුන හාල්මැස්සො එකෙ පිලී යනකන් හෝදලා හෝදලා අවසානෙදි මුලිම්ම හාල් මැස්සන් ටික රත් උන තෙලට දාලා බැදෙන්න ඇරියා....

දැන් ඉතින් මුලු කුසියම පිලි සුවදයි . .

අද බදාදා කෙම්මුරක්....මේ තියන කරදර මදිවට ගස්වල වහල ඉන්න යක්කු පෙරේතයොත් ඇදෙයි

මාලු මිරිස් කරල් තුනහතරක් අරන් හතරට පලාපු මං ලිපෙ තිබුන හට්ටියෙන් බාගෙට බැදුන හාල්මැස්සෙක් අරන් එලියට විසි කෙරුවා.....

සුගලා එක්ක බලනකොට යක්කු පෙරේතයො හොදයි තව.... .

ආ පුතේ . .

ම්ම්ම්...

මං උන්නෙ පිලී කන්නෙ ඉදගන...සම්බෝලෙ ඇඹරුවෙත් මම... හාල්මැස්සො බැදුම හැදුවෙත් මම....මුන කට විතරක් නෙවෙ..සම්පුරනම ඇගම හෝදගත්තු මං බුදු පහනත් තියලා පිල්කඩ උඩ ඉදගන ඔහේ බලන් ඉන්නකොට අම්මා ඇවිත් මගෙ ගාවින් ඉදගත්තා.....හතත් පහුවෙලා...ඉන්ධර් තාම නෑ.....එන්නෙ නැතුව වත්ද....

බඩගිනී බඩගිනී ගගා නහිනන් හදාපු සුද්දියා අනේ වේලාසන කාලා නිදා ගත්තා....උදේට ඉස්කෝලේ ගිහින් තිබුනෙ කහට එක පිටින්ලු...දවල්ට මං එවාපු බත කෑවෙම ඒකි කන කටක් ගානටම පින් දිදිලූ...

වෙන ගෙවල් වල ලමයිට වගේ රෑ දෙගොඩ ජාමක් වෙනකන් බලන්න ටීවිත් නැති ලාම්පු එලියෙම්ම පාඩන් කරලා...ඉස්කෝලේ යන සුදු ගවුමට උඩින් පැදුර එලලා නිදාගන්න ඒකි ගැන මට දුක හිතුනා..... 

සුද්දියා ඇදේද අම්මෙ.....

අනේ ඔව් පුතේ....අනේ ඒකි ලෝභයි ලෝභයි ගගා නිදියෑවෙ.....

ම්ම්ම්....

මං මගෙ ඔලුව කනුවට හේත්තු කරගත්තා... හත පහුවෙලා අටටත් කිට්ටු උනා....ඉන්ධර් තාම නෑ .එක්කො එන්නෙ නැද්ද.....

අම්මට බඩගිනි නම් කාලා නිදාගන්න...ඉන්ධර් එන්න වෙලා යයිද දන්නෙ නෑනෙ...

ද...මහ අම්මන්ඩි හින්දා එන්නෙ නැතිව යයිද පුතේ.....

බොරු කියන්න ඕන් නෑ..අම්මගෙ වචන එක්ක මගෙ තුන් හිතම ඇවිලුවා ...කිව්වත් වගේ ඉන්ධර් නෑවිදින් ඉදීද.......මං ආවා උනත්...මාව නවත්තන්නවත් එයා ආවෙ නෑ....අඩුම ගානෙ...කොහෙද යනවා කිව්වා ඒ ගමන් වත් ආවෙ නෑ... .

මං පිල්කඩ උඩින් නැගිටලා එහෙම්ම වැට කඩුල්ල ගාවට ගියා.....වෙන මොකටත් නෙවෙ...මට බය හිතුනා අම්මා ඉන්න තැන මට ඇඩෙයි කියලා ...

ඉන්ධර්....අනේ උඹ නෑවිදින් ඉන්නවද ඉන්ධර්....අම්මා කියනවා උඹ එන්නෙ නැතිවෙයි කියලා ...

අම්මෙ....අම්මා කාල නිදා ගන්න මාත් කාලා නිදාගන්නම්.....

අටෙ කනිසමේ තියා නාවයෙ කනිසමෙත් කෑලි හොයන්න බැරි වෙනකොට පිල්කඩ උඩට වෙලා නිදිකිරන අම්මව දැකපු මට දුක හිතෙද්දි මං අම්මව ඇතුලට යැව්වා....

පුතේ....

මං උන්නෙ කෝපි මල් දිහා බලාගන...හද එලිය උතුරන්න තිබුනත් ඉන්ධර් නෑ...ආදරේ උතුරන්න තිබුන ඒ ඇස් අස්සෙ අද තිබුනෙ පිටාර ගලන්න තරන් තරහවක් ...

ඉන්ධර්....දහයෙ කනිසමත් පැනල ඉන්ධර්.....අම්මත් කාලා කරලා ගෙට උනා... අනේ මං තවම මේ වැට කඩුල්ල ගාව....උඹ එන්නම් කිව්වා...මගෙ අතින් බත් කටක් කවාගන්න....අනේ උඹ එනවා කිව්වා අපෙ මහත්තයා ....

පායපු හද එලියයි.....කෝපි මල් සුවදයි කෙරුවෙම ඉන්ධර්ව මතක් කර කර වැට කඩුල්ලෙ එල්ලීගන උන්න මාව නොසෑහෙන්න අඩවපු එක වෙනකොට දිය වෙන්න තරම් ආදරයක් දුන්න ඉන්ධර්ම අද මාව දිය වෙනකම්ම ඇඩෙව්වා.....

දහයෙ කනිසම පහු උන.....නිදිවදින්න තියා....පපුවට තුරුල් කරගන්නවත් කවියෙක් නැතිව ඈත අහසෙ පායපු හද අද දන්න කියන වලාකුලු අස්සෙමමන් මුලා වෙලා උන්නා.....

පපුවට දැනෙන වේදනාවෙ තරම වාන් දැම්මෙ ඇස් වලින් විතරක් වෙනකොට වරුවක් තිස්සෙ අඩාපු මං නිස්කාරනේ නාස්ති වෙලා යන කෝපි මල් සුවදට වගේම...කෝපි මල් වලට මගෙ දුක කියලා එන්න හැරුනා.....

අද...මං තනියෙන්.....ඉතින් මොකටද බන්...කෝපි සුවදවත්....හඳ එලියවත්...?

කව්ද කියන්නෙ....මැනික තනියෙන් කියලා...

ඉ..න්ධර්...

මාව ගැස්සිලා ගියා.....හද එලිය වැටුන මල් කිනිත්ත දිහා බලාගන දුක කියාපු මගෙ කන පිටිපස්සෙන් ඇහුන සද්දෙත් එක මාව ගැස්සිලා යනකොට මං හිමින් සැරේ පස්ස හැරිලා බැලුවා.....

ම්..මගෙ.....තෙ....හස්...

උඹලා ඇඩුවද රත්තරනෙ...

අන්...හිතුව...අන්..හිතුවා....

ම්ම්...දන්නවා...මගෙ මේ චන්ඩ කොල්ලා හිතුවා....මං නෑවිත් ඉදී කියලා ....හිත පපුව නැති එකෙක්ට ඇරුනම.....උඹට පිස්සුවෙන් ආදරෙ කරන මට පුලුවන්ද මැනික නෑවිදින් ඉන්නා ම්ම්ම්ම්.....

ඉන්ධර් උන්නා...අත් දෙකත් පිටිපස්සට බැදගන මා දිහා බලාගන ඉන්නකොට මගෙ ඇස් වලට කදුලු පිරුනා

ඇයි මයෙ අම්මෙ මේ ආයම අඩන්නෙ.....මං ආවනෙ....කෝ වරෙල්ලා....වරෙල්ලා ඉතින්.....තරහා උනේ නෑනෙ මගෙ රත්තරන් එක්ක....මේ ආවා විතරයි මැනිකෙ.....ආව ගමන් ඇගපත හෝදන් එලියවක් වත් නැතුව කට්ට කලුවරේම ආවෙ මයෙ අම්මව බලන්ඩනෙ ම්ම්ම්.....

දාලා...යන්න..එපා...ඉන්ධර්...අනේ....මට....

කෝ.....ඔලුව උස්සපල්ලකො....

ඉන්ධර් මාව තුරුල් කරගත්තා...මගෙ හිස්මුදුනට ගනින්න බැරු තරම් හාදු කෝටියක් දුන්න ඉන්දර් පපුවට මූන ගහන් උන්න මගෙ නිකටින් අල්ලලා මගෙ මුන කෙලින් කරනකොට ...තරහව පිරෙන්න තිබුන ඇස් දෙකෙ ආයම ආදරෙ වාන දාන ගමන් තිබුනා. 

උඹව මට දාල යන්න පුලුවන්ද ඇසල.....ම්ම්ම්ම්.....මගෙ මැනික උඹ....මගෙ පන....මගෙ හැම දේම උන උඹව මං කොහොමද රත්තරනේ දාලා යන්නෙ...මයෙ අම්මත් ඉතින් නොහොබිනා වැඩක් කරලනෙ රත්තරනේ.....ඉතින්...අම්මන්ඩිට උඹට බනින්ඩත් හේතු කාරනාවක් ඉතුරු කරාපුවාම...මට තරහා නොයා ඉදීද ම්ම්ම්.....

කෝ ඉතින්.....මදැයි ඔය ඇඩුවා....හිනා වෙන්න උරුම ඇස් අඩවන්න එපා මගෙ ඇසල....පව්...මහ අම්මන්ඩි කියන කතා මේ කනින් අහලා...මෙ කනින් පිට කරපන්....උඹගෙ ඇගෙ හීරුමක් වත් ඇති වෙන්ඩ මං ඉඩක් තියන් නෑ ඇසල....මං තීරනයක් ගත්තා...තව ටික දොහක් බලලා....මයෙ අම්මව අරගන මහ වලව්වට යන්ඩ..... මේවා...පරම්පරා වලින් එන උරුම හන්දා.....මට තනි තීරන ගන්ඩ බෑනෙ මයෙ අම්මෙ....ම්ම්ම්...එතකන් ඩිංගක් ඉවසපන්.....ම්ම්ම්...මන් උඹවයි...මගෙ පැටියවයි....ඇහේ මුනෙ තියන් රකිනවා ඇසල...මහ මැනිකෙට තියෙන්නෙ ඊරිසියාව.....මගෙ ආදරෙ උඹට බෙදුනට තියන ඊරිසියාව..... උඹ මගෙ පන වෙච්ච කොට ...මං උඹට ආදරෙ නොකර කොහොමද ඇසල...මෙ ඇස් වලට ආදරෙ කරන තරම දන්නෙ මම ව්තරක් උනත්...මගෙ ඇස් වලින් ආදරෙ පිටාර දාන එක නවත්තන්න මං දන්නෙ නෑ ඇසල....ඒකයි මේ ඔක්කොටම මුල.....

මං මීක් නොගා අහගන උන්නා.....මගෙ අත් දෙකම තිබුනෙ ඉන්දර්ගෙ මගෙ පපුවලට මැද ගුලි වෙලා වෙනකොට අඩන මාව නලවන ඉන්ධර් මගෙ ඇස් දෙක පිහදැම්මා.....

නාඩා ඉදින්කො ....මගෙ නොදරුවනෙ උඹ.....

මට දුක හිතුනා.....

හ්ම්....දැන් ඒවා අමතක කරපල්ලකො...මං ආවනෙ...හද එලියයි....මල් සුවදයි අහක දාන එක හරි අපරාදෙ මැනික... මයෙ රත්තරන්ව වඩා ගන්නද ම්ම්ම්ම්...

ඉන්...ධර්.....අ..නේහ්.....

ඇයි...මක්ක වෙනවද ම්ම්ම්....මගෙ ඇහල මල උඹ...

මට හා වත්...එපා වත් කියාගන්න කාලයක් නැති උනා....තුරුල් කරන් උන්න මගෙන් මයෙ රත්තරන්ව වඩා ගන්නද අහපු ඉන්ධර් මාව හරහට ගත්තෙ මේ ලෝකෙ තියන සැහැල්ලුම දේ අතට ගන්නාක් හා සමාන වෙනකොට මෙච්චර වෙලාම දන්න කියන අහසෙ මන්මුලා වෙලා උන්න හදට අවසානෙදි එයාගෙ කවියව හම්බවෙලා තිබුනා....

ඉන්ධර්ගෙ ඇස් දිලීසනවා.....හද එලිය යට මාව හරහට උස්සන උන්න ඉන්ධර් මා දිහා බලන් උන්නෙ මේ ලෝකෙ තියන වටිනම වස්තුව දිහා බලන් ඉන්නවා හා සමාන වෙනකොට ඉන්ධර් නැති තැන මම දුක කියනකොට අයාලෙ ගියපු හුලන් රැලි දැන් කෝපි මල් සුවද අරන් අපි දෙන්නා වටේ කැරකෙනකොට ලාම්පු එලියක් විත්රක් තිබුන පිල්කඩේ තිබුන ඇද දිහාවට මගෙ ඇස් ගියා...

ඇසල...

....

ඉන්ධර් මාව තාම වඩා ගන...හිටපු තැනම.....ආදරෙ උතුරන ඇස් මහ මුහුද වගේ ගැඹුරු ඇස් මගෙ ඇස් එක්ක බර කතාවකට වැටෙනකොට ....හැමදාම කලබල වෙන උගුරු ගැටෙ ඉහල පහල ගියා...

මට ආදරෙයිද කියපන් මයෙ අම්මෙ........

ඉන්ධර් ඇහුවෙ එකම ප්‍රශ්නයයි.....ඒ මට ආදරේද කියන එක විතරක් වෙනකොට මං ඒ ඇස් දෙක දිහා බලාගන ඉදලා ඉදලා අවසානෙදි ආදරේ ගැඹුරුම තැන....සුරක්ශාවක පටන් ගැන්ම උන..... නලලට හාදුවක් තිබ්බා....ඉන්ධර්ගෙ ඇස් පිය උනා.....

මං....ආදරෙයි මගෙ තෙහස්...මං ආදරෙයි ...උතුරන්න තරම් ආදරෙයි ....සංසාර කන්න සාරාසංඛ්‍ය කල්පලක්ශ්‍යකට එහාත් මං ආදරෙයි .....මන් හැමදාම ප්‍රාර්තනා කරන්නෙත්.....උඹවමයි මගෙ තෙහස්....

මගෙ පින්න මල.....ලැජ්ජද ම්ම්ම්ම්....

මන් මගෙ මූන හැංගුවා .....

මගෙන් ආදරෙයි කියන වචනෙ ඇහුවට පස්සෙ ඉන්ධර් මාව කෙලින්ම අරගන ආවෙ ලාම්පු එලියෙන් හැඩ උන අනංග දෙවොලට වෙනකොට මාව හරි පරිස්සමින් තියාපු ඉන්ධර් මගෙ ගාවින් දිහා උනා.....

පුංචි පුංචි හාදු කෝටියක් .....පුංචි පුංචි ආදර වදන් කෝටියක් ....ඉන්ධර්ගෙ අකීකරු ඇගිලි තුඩු මාව නොසෑහෙන්න නොසංසුන් කරනකොට ඇද රෙද්ද යට....ඉන්ධර්ට තුරුලු වෙලා උන්න මගෙන් ඇදිවත ටිකෙන් ටික ගැල වෙන්න ගත්තා .....

මගෙ රත්තරන් උඹ...

ආයමත් හාදුවක් ...බෙල්ල පුරාවටම තියපු හාදු වලින මං හෙම්බත් වෙලා උන්නා.....කෝපි මල් සුවදට වහ වැටුන ඉනදර් අවසානෙදි මල්වල රස බලන්න හදනකොට මං ඒ අඩ නිරුවත් පලල් උරහිස මිරිකගත්තා ....

අනේ ඉන්ධර්.....මට දැම්ම හති....ඉන්ධර්.....

මැනික දන්නවද.....මගෙ ඇහල මල කියන්නෙ ගගක් නම්.....මම තොටියෙක්...දවස පුරාවටම එහා මෙහා යන......උඹ කියන්නෙම හැගීම් මන්ජුසාවක් ඇසල....දෙන හාදුවට නිමාවක් දෙන්න නොහිතන...උඹ කියන්නෙම මෝහනයක් ඇසල....

පිටාර ගලන හද එලිය කියන්නෙ. .. .....හැගීම් මරන්න හොද නැති දවසක් මැනික...ඉතින් කියාපන්...තාම පිපෙන්න හිතලා නැති....කෝපි මල්වල පෙති මම දිගාරින්නද ම්ම්ම්ම්ම්ම්.....අදින් පස්සෙ ..ගෙවෙන....හැම රැයක්ම...මට...හරි.....විශේශයි.....මැනික....මං..බලන්..ඉන්නවා....උඹ..දුවන් එනකන්....ඇවිදින්...මගෙ කනට කරල රහස් මුමුනනකන්...මේ..නහින්නෙ.....වෙන දේකට නෙවෙ...ඇසල....මන් බලන් ඉන්නවා...මේ මූන රතුකරන් මගෙන් වහං වෙනකන්....ඉතින් කියාපන්...පිපෙන්න බලන් ඉන්න...කෝපි මල් තලන්න....මට අවසරද රත්තරනෙ ම්ම්ම්ම්.....

මට කෙල ගිලුනා....මෙච්චර දවසක් පිටාර ගලාපු මහ වැලිය වෙනුවට...ඉණ්ධර් මාව නමක් නැති ගගක් කෙරුවා මදිවට.....තොටියගෙ හබලෙ තරම පෙන්නන්නද කොහෙද දැනෙන නොදැන ගානට මගෙ දෙපරැන්ද මැදට තද වෙන ගමන් කෝපි පොහොට්ටුවෙ පෙති දිගාරින්න ඇහුවා .....

මන් කොහොම නම් එපා කියන්නද.....තොරතෝංචියක් නැතිව කියවන ඇස් දෙක ඉවරයක් නැතිව ගෙවෙන හෝරා ගැන මට ඉගිදෙනකොට...

අවුලලා තිබුන ලාම්පුවෙ දැල්ල හිමි හිමීට නටන්න ගන්නකොට ආදරේ පරිසමාප්තිය උන...සෘංගාරෙක රස දැනෙන්න කියලා දෙන ආදරනීයම පිරිමි ආත්මෙ උන ඉන්ධර්ගෙ මධු රෑක හතියෙ කෙලවර තිබුනෙම කිරි හීනයක් විතරක්ම වෙනකොට මගෙන් අවසර ඉල්ලපු ඉන්ධර්ට මං අවසර දුන්නෙම නලලට තියාපු හාදුවකින් වෙනකොට ....මං බලාගන අතු පුරාවටම වහන් උන්න කෝපි මල් ඉන්ධර් අතින් තැලෙන මල් එක්ක ඊරිසියාවෙ පැලෙන්න හැදුවා ....

මං යටි තොල් හපා ගත්තා....ලපටි

වීදුරුමහකට අයිතිය දෙන්න කලියෙන් අප්පච්චි ගෙ උඩු ඝන රැවුල හන්දම කෝපි මල්වල පෙත්තෙන් පෙත්ත දිගෑරෙන්න ගන්නකොට මං යටි බඩ අකුලවන් කෙදිරුවා .....ආදරේ කියන්නෙ සින්දුවක් නම්.... ඒ සින්දුවෙ උච්චෙ කියන්නෙම සෘංගාරෙ වෙනකොට ස්වර්ග දොරටු ඉන්ධර් හන්දම හෙම්බත් වෙන්න පටන් ගත්තා ...ස්වර්න විමානෙට මෙහා අසිනි වැහි වගෙ හාදු වලින් තෙමි තෙමි යනකොට ස්වරන විමානෙට එහා ලෝකෙ අකුනු පිට අකුනු පුපුරන්න ගත්තා. ...අද වාන් දන්න ගත්තෙ මහ වැලිය වෙනුවට නමක් නොදන්න වෙනත් ගගක් වෙනකොට ලෝබ කමක් නැතිවම පහලට පෙරෙන හද රැස් වලින් ඉනෙන් පහල ලෝකෙ ක්ශීර සාගර කැලතෙන්න ගත්තා....

මගෙ....තෙ....හස්....

කියාපන්...මැනික....මක්කද....ඕනෙ...මයෙ....අම්මට.....ම්ම්ම්ම්...

මං උනෙන් හෙම්බත් වෙලා...අනංගයගෙ දෙවොලෙ උන්න මං උන්නෙ අන්තෙටම හෙම්බත් වෙලා වෙනකොට විලි වහපු රෑ ඇදුම් එකින් එක ඉන්ධර්ගෙ ඇගිලි වලින් ගැලවිලා ගිහින් අඩ හෝරාවකට වඩා වැඩිවෙනකොට පිපුන කෝපි මල් වල හෙවැනැලි පවා මං ඇද රෙද්ද අස්සෙන් දැක්කා...

ඉන්ධර්ගෙ කැරලි ගැහුන කොන්ඩෙ කන් දෙපැත්‍තෙන් අහුරු පිටින් පහලට වැටෙනවා.....ආදරෙන් මත් උන රතී දිව්‍යාංගනාවගෙයි අනන්ගයගෙයි පුතා උන ඉන්ධර් ගෙ ආදරේ හන්දා මටත් අලු වෙලා යන්න වෙයි කියලා මං බයේ ගැහුනා..... මොකද....ඒ අදරේ උනුහුම අද මට දරන්න බැරි තරන් සැර උනා.....

මයෙ මැනික උඹ.....දන්නවද.....මයෙ රත්තරන්ට අදරෙ තරම කොච්චරද කියලා ...ම්ම්ම්ම්...මට...ඒ ආදරේ අකුරු කරන්න...මේ ලෝකෙම වචනත් මදි මයෙ පන.......මගෙ නොදරුවා උඹ කියලා ආදරේට කිව්වත්...මෙතනදි මං කොහොම නම්...නොදරුවා කියන්නද....ම්ම්ම්ම්ම්...ගැහෙන පපුව කියන්නෙම මගෙ සිහි නරක් කරන තැන් වෙනකොට ...මට කියාපන් මැනික.....ස්වර්ග දොරටුවෙන් එහාට දැනෙන වේදනා එක්ක උඹ අමනාපද මා එක්ක.....ම්ම්ම්...අමානප වෙන්නෙ එපා ඇසල....මං....උඹව තලන්නෙ....ආදරෙන් මිසක්...පෙරේතයෙක් වැහුන ගානට නෙවෙනෙ....ම්ම්.....දන්නවා..මයෙ අම්මට රිදෙන බව....ඒත්...අම්මෙ..ඒකනෙ...ඉතින් පිරිමි ඇගක තද ....හදක් උනත්...දැනගන්න එපැයි....කවියෙ කියන්නෙ....නිකම්ම නිකන් එකෙක් නෙවෙ වග....

මට හුස්මක් පිට උනා...මම උන්නෙ අමු නිරුවතින් උනත්.....ඉන්දර් උන්නෙ තවම අඩ හෙලුවෙන් වෙනකොට මගෙ ඇස් ගිහින් නතර උනේ තද කරලම ගැටහපු සරම් ගැටේ ළඟ වෙනකොට ...ස්වර්ග දොරටුවෙන් එහා ලෝකෙට හැගීම් කවනකොට දැනෙන වේදනාවට අමනාප වෙන්න එපාය කියපු ඉන්ධර් මගෙ නලලට හාදුවක් තියනකොට මං අහම්බෙන් වගේ අහස දිහා බැලුවා.....

හද විතරක් නෙවෙ....තරුත් පායපු මහ රෑ.....කෝපි මල් සුවදට ඉහලින්....හද එලියට කිට්ටුවෙන් තිබුන පුංචිම පුංචි තරුවක් කඩාගන වැටෙනකොට මම ඒ දිහා බලන් උන්නා ...හැබැයි..මගෙ ඇස් පස්සෙ පන්නන....ඉන්ධර්ගෙ ඇසුත් ඒ තරුව දැක්කා.....

දන්නවද.....මැනිකෙ...තරුවකට විතරයි පුලුවන් කඩා වැටෙනකොටත්...මනුස්සයෙක්ගෙ ප්‍රාර්තනාවක් ඉශ්ට කරන්න.....කියාපන්.....මගෙ දාඩියට.....මගෙ ධාතුවට..... මයෙ පනගෙ වේදනාවට සාදාරනයක් කරන්නය කියලා ...ඉල්ලපන්....මයෙ අම්මගෙ පපුව බර වෙන දවස් ලන් කරන්න කියලා ...හතර වියන මැද.....තවත් ඉරුගල්බන්ඩාර කෙනෙක්‍ට සැපට නිදන්න වරම් දෙන්ඩ කියලා ...ඇහෙ මුනෙ තියන් රකින අප්පච්චි කෙනෙක්ගෙ ගාව හැදෙන්ඩ...කිරි කැටියෙක්ට වඩින්ඩ කියලා ....බාලගිරිදෝසෙ අද නෙවෙ...හෙටයි කියල ලියවුන කොල වලින් උලුවහුවල පාලු යවන්ඩ වරම් දෙන්නයි කියලා ....

කඩන් වැටුන තරුව දිහා බලාගන උන්න මං අවසානෙදි මගෙ පාලු ගෙදරට කිරිසුවද වඩම්මපන් ...මගෙ ඉන්ධර්ගෙ හීනෙට හුස්ම පිඹපන් කියල පපුව ගැඹුරින්ම ප්‍රාර්තනා කරපු මං ඉන්ධර් දිහා බලනකොට .... මගෙ ඉන්ධර් මා දිහා බැලුවා....

අවසර තියනවා.....ගැටෙ ලෙහන්න.....ගලවපන් ඉතින් ...මගෙ අයිතිය උඹටනෙ....ම්ම්ම්...මගෙ ඉරුගල්බන්ඩාර මැනිකෙ උඹ....ඉන්ධර්ගෙ පනනෙ....ම්ම්ම්ම්....හ්ම්...ගලවපන්.....පමා උනෝතින්... හද එලිය අපරාදෙ .....

අඩ කදකින් මාව යට කරන් උන්න ඉන්ධර් මගෙ කනට ඇහෙන නෑහෙන ගානට සරම් ගැටේ ලෙහන්න අවසර තියෙන්නෙ අයිතිය තියෙන්නෙ මට විතරයි කියනකොට මං ගැහෙන ඇගිලි වලින් ඉන්ධර්ගෙ සරම් ගැටේ ලෙහල දැම්ම විතරයි ...ඉනෙන් පහල කිරි මුහුද රැලි හිමි හිමීට ගොඩ ගහන්න ලක ලැහැස්ති උනා.....ඉන්ධර් හරි සීරුවට මගෙ නග්න කද ඒ නග්නෙන් යටකරගන්නකොට මෙච්චර වෙලාම අගුල් දාපු ස්වර්ග දොරටු හරි හිමින් දෙපැත්තට වෙනකොට .... කවියෙක් ඇවිදින් හදක් සෘංගාරෙන් රිදවන ගමන්....කිරිහීනෙකට පන ගහන්න හුස්ම පිඹින්න පටන් ගත්තා....

ම...ගෙ....තෙහස්.....

ඉතින්...ප්‍රාර්තනා කරපන්....රත්තරන් ....ඇඹුල් රස පස්සෙ දුවන දවස් වැඩි ඈතක නොවෙන්ඩය කියලා ...!!

.

..

🌼හුම්...ප්‍රාර්තනා කරපල්ලා ඕන්...ඇයි වදේ....මේක මං විතරක්.ප්‍රාර්තනා කරලා හරියනවතේ.....

🌼 ආයම කොටසකින් එනකන්.....පයිස්සමින් ඉදිල්ලා මයෙ රත්තරනේ....මං උඹලව රකින්නෙ ඇහේ මූනෙ.තියාගන..ආය නොකිව්වා කියන්න එපා....

ආතරෙයි යල මහ කන්න උතුරුරන්න.....!!

මම ජොබි පුතුකියා....

Nedeesha !!!

More Chapters