Cherreads

Chapter 38 - 38

ස්නේහ රාහුල් මනමේන්ද්‍රන් ඉරුගල්බන්ඩාර...."

මං මිමිනුවා....මොකද....ඒ නම....ඒ නම එච්චරම හදවතට බරයි...රාහුල්.....මගෙ කුඩ රාහුල්.....ඒත්..ඉන්ධර් කවුරු කියලා කතා කරයිද...

ආදරේ තරම එන්න එන්න වැඩි වෙනකොට ඉන්ධර්ට එක නමකට සීමා වෙන්නම බෑ.....මුලින්ම ඇසල.....මගෙ ඇහල මල...රත්තරන්....රන්කද.....ඔක්කොමත් හරි.....මොනව හරි අහනකොට ඇයි මයෙ අම්මෙ කියලා අහන එක තරම් මගෙ හර්ද වස්තුව ගැලවෙන්න ආවා....

පිරිත් කියලා බැදපු නූලෙ බර අතට වඩා හදවතට බර වෙනකොට ලොකු හාමුදුරුවො එක්ක තව හුගාක් දේවල් ඉන්ධර්ට කතා කරගන්න තියනකොට මං හිමීට එලියට ඇවිදින් එක පාරක් ඉන්ධර් දිහා හැරිලා බැලුවා...

.ඇත්තටම මේ ඉන්නෙ මං දෙගිඩියාවක් එක්ක කුලගෙට ආව මනුස්සයෙක්....

හිතේ අසරන කමට කර කියා ගන්න දෙයක් නැති කමට ආව මනුස්සයෙක්.....

හිතේ තරහව තියාගන ආව මනුස්සයෙක්....

ඒත් තෙහස් උඹ කියන්නෙ මනුස්සයෙක් නෙවෙ...අහම්බෙන් මහපොලවට ආව දෙවියෙක්....

මේ තාක් දුක් වින්දෙ මගෙ කරුමෙකට උනත්.....මං උඹ එක්ක ආව දවසෙ ඉදලා මගෙ ජීවිතේ මෙච්චර කාලෙකට නොදැකපු දේවල් මං අත් විදිනව් ඉන්ධර්....

මං උඹට අද අසීමාන්තිකව ආදරේ කරනවා.....

කිව්වත් වගෙ....මේ සංසාර කන්නෙ අහවර කරන්න මට හරි ලෝබයි ඉන්ධර්....උඹ හන්දා මං සතුටු වෙනවා...

මං දන්නෙ නෑ...උඹ ගාව කොහොම මෙච්චර ආදරේ තියනවද කියලා...අනේ ඉන්ධර් උඹගෙ ආදරේ තනිකරම අධිමාත්‍රාවක් මගෙ ඉන්ධර්....

එහෙමයි අපෙ හාමුදුරුවනෙ...වහල තිබුන වලව්නෙ ...අයිතිය තියෙන්නෙ නගාට උනත්....අවුරුදු ගානක් පාලුවට ගියපු වලව්නෙ...මට ඕනෙ නගාවයි මයෙ කෙල්ලවයි හොද නැකතකින් ගෙට කරන්ඩ.....නගාගෙ පලවෙනියව මගෙ කරගත්තා උනත්....ඒ කෙලීට මන් මාමනෙ අපෙ හාමුදුරුවනේ...

මගෙ පපුව තදේට ඇදුම් කන්න ගත්තා....සුද්දි සුද්දි කිය කිය උන්න ඉන්ධර් මගෙ නංගිට මගෙ කෙල්ලවයි කියනකොට පපුවට දැනෙන හැගීම් ඉවසන්න බැරිම තැන මට ඇඩෙන්න ආවා.....මගෙ වාහෙ උනත්....මේ ඉන්නෙ මගෙ මාමනෙ.....ඒත්...වාහෙ මොකද....මාමා මොකද...මේ ආදරේ දෙවියනේ...

එහෙමයි හාමුදුරුවනෙ...මං නගාට කියන්නම්....අනික...කෙලීව දහම්පාසලට දාගන්නත් ඕනෙ.....ඒකි තාම පොඩි එකී....

මං එන්න හැරුනා....ඉන්ධර් තාත්තෙක් වගේ හැම දේම අකුරුරෙන් අකුර කියවනකොට මං එන්න ආවා වගේම පන්සල් එන්න ඕනයි කියලා නටාගන ආව අරකිලා දෙන්නා වාහනෙ ගාව උන්නා හරියටම දේවාලෙට යනකොට දෙපැත්තෙ ඉන්න බයිරවයො දෙන්නා වගේ....ඊටත් කැතරියට වෙරිත් එක්ක....ඉන්ධර් මාව මරනවා....මමයි බොන්න දුන්නෙ දැනගත්තොත්....

අනේ....මේ.....ඒවා නම් කොහෙද...නවසිය බර ගනන් වල මේ රටම පරයන්ට පාවා දුන්නෙ අරක්කු වලට...එහෙව් රටේ මන් අරක්කු දිදාලෙකට කැතරියව නම්මගත්තම මොකද.....අර යකින්න මා එක්ක කොයි වෙලෙත් එල්ලෙන්න බලාගන....

මං සුදුපාට බැම්මට හේත්තු වෙලා උන් දෙන්නා දිහා බලාගන උන්නා.....

ආ මයෙ දූ ...මක්කද බන් උඹට වෙලා තියෙන්නෙ...කෙලින් කටින් ඉන්ඩ බෑ.....උඹලා මටත් එක්ක ලැජ්ජා කරනවා.....

ආය ඉතින් මක්කට ලැජ්ජා වෙන්ඩද අපෙ නැන්දම්මා....අපෙ පරම්පරාවම අරක්කු කාරයො වෙනකොට .....ඇරත්...උඹලා දැන් මේ හැසිරෙන්නෙ ජීවිතේ කොහේදිවත් අරක්කු බිදක් කටෙස් නොතිබ්බ ගානටනෙ....ඔය මාමන්ඩියා හදි ගැහෙන්ඩ කලියෙන් උඹත් වඩිය තියන මඩුව අස්සෙ ඉදන් පදම බලපු ගෑනි කියලා කොච්චර වාත් මයෙ අම්මා ඔය කියන්නෙ...

චී.....හ්...කට උඹගෙ....කන මදීවගේ බීගන.....බොල බොන්ඩියෙ..මං තෝව ගෙනාවෙ අරකගෙ කසාදෙ කටු ගාවන්ඩ...තෝ ඒකගෙම පැත්තට හිටගත්තම හරියනවද...

නැන්දම්මට...විකාර...ඉන්ධර් අයියන්ඩී...මාව පඩෙට වත් තකන්නෙ නෑය බව උඹගෙ ඔය ඇස් වලට පේනවනෙ....එකට ලොකු අර ඒ කාලෙ මහ උජාරුවට අගස්තිමාල පටලන් උන්න කුමාරි හාමිව...ඒකි දැන් නැන්දම්මගෙ ගෙදර ඉදුලි උනත්.....ඒකිලා ඔසරි බොසරි...මාල අරුංගල් බෙරලියන්තු....සිප්පි කටු ඇදපු ගමන්...උඹලට වෙන්නෙ ආයම මයෙ අප්පොච්චා එක්ක තරගෙට වඩිය තියන්ඩ....

තූ...හ්....තෝ ..කට වහපිය....බේබද්දි...

මට හිනා යන්ඩ ආවා...ඒත් ඉන්නෙ පන්සලේ හන්දා හිනා වෙන්ඩ බැරිව මන් හරි අමාරුවෙන් මගෙ කට තද කරගත්තා....මොකද කැතරියා ඩෝප් වෙලා මහතැනගෙ රෙදි ගලවන හන්දා...බලන් ගියහම මේකි මේ ඔසරිය හන්දනෙ පපුව ඉස්සරහට දාන් ඉන්නෙ...නැත්තන් ඉතින් වඩියෙ රහ ටෙස්ට් කර කර උන්න එකක්නෙ...අනේ.....මේ පරිප්පුවා මොකට මේකව කරගහගත්තද මන්දා.....

සමහර විට මේකි අරකට පොවලා මොකක් හරි කරගත්තා වත්ද....

ශිහ්...අනෙ අම්මෙ....පන්සලේ ඉදන් මාත් හිතන දේවල්.....

තවත් එතන උන්නොත් පව් පිරෙන හන්දා මං එන්න හැරුනා උනත් කැතරියා වෙරි මරගාතෙ අහපු දේ එක්ක ආයම මගෙ කකුල් දෙක නැවතුනා....

ආ අපෙ නැන්දම්මෙ....දැන් අපෙ පොඩි මැනිකෙ මලයා ඉන්නෙ

මොකාද බොල පොඩි මැනිකෙ මලයා.....කැතරියා...තෝ ඒ පාර අරක්කු වලට රහ වැටුන පාරට ඒකට නෑ කමුත් කියනවද.....

නැන්දම්මා කොහොම කෑ ගැහුවත්...ඉන්ධර් මලයා....ඒකට දෙන්ඩ ඕන හැම බුහුමනම දෙනවනෙ.....එහෙව් එකේ.....මං ඉතින් ආය කිව්වා කියලා මක්ක වෙනවද...ඇරත් උඹලා වගෙ නෙවෙ නැන්දම්මා.....ඒකා රට ඉස්කාගාරෙන් ගෙන්නපු අරක්කු බෝතලෙම මගෙ අතට දුන්නා...උඹලාගෙ වලව්වට ආවම දිදාලයයි...එයින් එහා නෑ...අපෙ අප්පෙ....රට අරක්කු එකක් වගෙ... ඉස්කාගාරෙකින් ගෙන්නල බිව්ව පල වෙනි පාර....

උඹට ගිනි වතුරෙන් තොර ලෝකයක් නෑ..කසාදයක් වත් කරගන්ඩ පුලුවනිද.....අහපිය බලන්ඩ දැන් ඔය තටමපු එක...

කැතරියට දුන්නෙ එක අරක්කු බෝතලයයි...ඒත් ඒකෙ ගුන.....කැතරියය අරක්කු හන්දා සුගලවත් පේන්නෙ දැන් වැරදි විදිහට වෙනකොට ඒකි අහන්ඩ ගිය දේ මොකක්ද දැනගන්ඩ මං මගෙ හා කන දික් කෙරුවා....

ආ නැන්දම්මෙ....උඹලා දැන් අපෙ ඉන්ධර් අයියන්ඩිගෙ මායියට ඔය යතුරු කැරැල්ල දෙනවද....

තොට වෙරිය ඉහට ගහලද.....?එහෙමවත් අහන්ඩ....

ඉතින්...ඔය වලව්වල විලාසිතාව එහෙමනෙ නැන්දම්මෙ...බඩ දරු උනහම දෙන්ඩ එපැයිනෙ....මං නම් කියන්නෙ ඕන් ඕක දීලා දාපන් කියලා....ඒකා හොද එකා...ඇරත්....මට යනකොටත් අරන් යන්ඩ රට අරක්කු එකක් අරන් දෙන්නම්‍ය කිව්වා...

තොට සහලවලම පිස්සු...ඒක මගෙ වලව්ව බොල...ඒකට මේ යතුරට අත ගහන්ඩ නම් මං මැරෙන්ඩ ඕනෙ....

මං ඇස් හීනි කෙරුවා.....පන්සලේ හන්දා මට හිතට එන දේවල් කටින් පිට කරලා පව් පුරවගන්ඩ බැරි හන්දා මං එන්න ආවා...ඔය යතුර මට තිබුනත් එකයි....නැති උනත් එකයි...මට වෙන්න ඕන හැම යුතුකමම මගෙ ඉන්ධර් කෙරුවා....දෙයියනේ කියලා අර හිගන පැල්පතෙන් මගෙ අම්මයි නංගියි එනවා...අප්පච්චිගෙත් ඔය ඇගට කා වද්දපු වස විස අද්දලා ආපිට ආවා නම්.......

මහ යක්කු...උන්ට මගෙ අම්මව වලව්වෙන් එලව ගත්තා නම්....ඒ පාඩුවෙ ඉන්ඩ දෙන්ඩ තිබුනා....දුප්පතා උනත් අප්පච්චි මං බඩට එනකම්ම අප්පච්චිට පුලුවන් හැම විදිහටම අම්මගෙ මුනට හිනාවක් ගෙනල්ලා දුන්නලුනෙ දෙයියනේ...එහෙව් කරාපු අප්පච්චිටනෙ මුන් මෙහෙම කරලා තියෙන්නෙ.....

මං ගිහින් ආපහු බෝ ගහ යට ඉදගත්තා....තනි සුදු පාට හුනු ගාලා තිබුන තාප්පෙට හේත්තු උන මම බෝ ගහා දිහා බලාගන ඔහේ උන්නා....ඉන්ධර් තවමත් ඇතුලෙ....කතා කරගන්ඩ හුගාක් දේවල් ඇති...හෙට අම්මයි සුද්දියි එනවා....

මං හිතන්නෙ...මේ හැම දේම උඹගෙ වාසනාව පැටියො...උඹ මගෙ බඩට ආවත් හරි.....අම්මට උඹගෙ අප්පච්චි දෙන්ඩ ඕන හැම සතුටම දෙනවා පුතෙ....මේ ඔක්කෝම උඹගෙ වාසනාව....උඹගෙ පින.....උඹලා එනකන්.....උඹලගෙ අප්පච්චි ඇගිලි ගැන්නා...මයෙ පුතාට දැනෙනවද අප්පච්චිගෙ සතුට .....

දන්නවද මගෙ ස්නේහ....උඹ හරි පින්කාර පැටියෙක් ....උඹ එනකන්...බලන් උන්න අප්පච්චි.....උඹ ඉපදුනාම කොයි තරන් නම් ආදරේ කරාවිද....

උඹගෙ අප්පච්චි උඹලට විතරක් නෙවෙ මයෙ රත්තරන් ...උඹලගෙ අම්මටත් අප්පච්චි කෙනෙක්...එහෙම අප්පච්චි කෙනෙක්...මේ කන්නෙ විතරක් නෙවෙ මගෙ පුතේ උපදින ජාති ජාතිත් ප්‍රාර්තනා කරපන්.....සංසාර කන්නෙ ඉවර වෙන්නෙ මොන ඍතුවෙන්ද කියන්න අම්ම දන්නෙ නෑ මයෙ පුතේ....ඒත්....උඹ ප්‍රාර්තනා කරාපන්....ඒ හැම කන්නෙකම....උඹටයි මටයි...මේ රත්තරන් මනුස්සයව ලැබෙන්නය කියලා...

මං හිමින් හිමින් මගෙ ඇබිත්තන් සයිස් බඩ අතගෑවා...කිව්වත් වගේ මට නෙවෙ බඩ තියෙන්නෙ ඉන්ධර්ට.... ඒත්..මගෙ පපුව පිරෙන්න දරු සෙනෙහස....දවසෙන් දවස මේ ඇබිත්තන් ලේ කැටිය පන ගහාවි...දවස් ගෙවිලා..මාස ගෙවිලා...අලුත් ඍතු පටන් ගන්නකොට.....මේ බඩ ගෙඩිය මෝරාවි.....චූටි අතපය...නහය කට මූන...ඇස්....මේ හැම දේම චුට්ට චුට්ට හැදිලා ඉන්ධර්ගෙම රූපෙම අරගන පුංචි ස්නේහ....මගෙ ස්නේහ.....ඉන්ධර්ගෙ ස්නේහ....උඹ අප්පච්චිගෙයි අම්මගෙයි උනුහුම මැද ගුලි වෙලා නිදියාවි.....

ඉතින් එදයි පස්සෙ කල්ප කාලන්‍තරයක් යනකන්....අම්මටයි අප්පච්චිටයි ස්වර්න විමානෙට හබල් ගාන්න අමතක වේවි.....

අම්මගෙ අප්පච්චිගෙ ඇද රෙදි වල...වෙරළු මල් සුවද වෙනුවට....උඹගෙ කිරි සුවද තියේවි.....අප්පච්චිගෙ රැවුල් කොට ඇනෙනෙ කෝපි මල් වලට වඩා...මගෙ ස්නේහගෙ දත් නැති වීදුරු මහ ආදරේ ගැන කියල දේවි...

ස්නේහ....ඉන්ධර් කියන ආදරෙ පරිසමාප්තියට කියන තවත් නමක් පුතෙ උඹ.....

මයෙ මැනිකෙ....මොනාද අම්මෙ ඔය මයෙ කොලුවා එක්ක උඹලා හරි හරියට කියවන්නෙ ම්ම්ම්ම්ම්....

මං හරි ආදරෙන් මගෙ පොඩි බඩ ගෙඩිය අත ගගා එයාගෙ පැටියා එක්ක කතා කෙරුවා...ස්වර්න විමානෙට හබල් ගානවා වෙනුවට...මූදු පතුලෙ ඉදන් පෙන් කැටියක පා කරලා ආව ඉන්ධර්ගෙ වස්තු කදගෙ කිරි සුවද පිරුන ලෝකෙට මං හිමින් පීනනකොට මෙච්චර වෙලාම ලොකු හාමුදුරුවො එක්ක උන්න මගෙ ඉන්ධර් ඇවිදින් තිබුනෙ මටත් හොරාවට වෙනකොට ඒ කටහඩට මාව ගැස්සිලා ගියා....

ත් ....තෙහස්....

ම්ම්ම්ම්....ඉතින්....මක්කද මගෙ පැටියා කියන්නෙ...

මං හිනා උනා.....මගෙ අත් තවමත් බඩ උඩ වෙනකොට ඉන්ධර් මගෙ අත උඩිම්ම ඒ අත තිබ්බා...

අප්පච්චිගෙ රාහුල්....කිව්වත් වගේ....උඹ හරි පින්කාරයි මගෙ පුතේ....

..ඉන්ධර් එච්චරයි මිමිනුවෙ.....මට නැගිටින්න අත දීලා මාව හරි පරිස්සමට නැගිට්ටෙව්වා....

මක්කද තෙහස් හාමුදුරුවො කිව්වෙ....

හෙට නවයයි කාලට සුභ නැකතක් තියනවා කිව්වා.....පාලුවට ගියපු වලව්නෙ මැනිකෙ...මං කල්පනා කෙරුවෙ ....නගාට කිරි ටිකක් උතුරවන්න කියන්ඩ කියලා ...

මං බලාගන උන්නා....ඉන්ධර්ගෙයි මගෙයි අත් දෙක තිබුනෙම එකට පැටලිලා වෙනකොට ඉන්ධර් බෝ ගහ දිහා බලාගන හරි හිමීට උනත්.....කතා කරනකොට ඒ වචන අස්සෙ තිබුනෙ පුදුමාකාර ආදරයක්...පුදුමාකාර ලෙංගතු කමක් වෙනකොට මං ඉන්ධර් දිහා හරි ලෝභකමින් බලන් උන්නා.....

ඒකි අර පැල් කොටේ දුක් විදලා...විදලා....අවසානෙදි ආපිට මැනිකෙක්ට අදින ඉස් ඉස්සරෝම දවස මැයෙ මැනිකෙ...ඒකි උඹලගෙ අම්මා බව හැබෑව....ඒත් ඒකි මුලින්ම මගෙ නගා.....ඒකියි කෙලියි උඹලගෙ අප්පයි....ආයම අලුතෙන් ජීවිතේ පටන් ගන්න ඕනෙ මගෙ ඇසල...මේ පින් කාර මාසෙ.....මට ඕනෙ...හැම වස් දොසක්ම යවන්ඩ මගෙ ඇසල....

බුදුන්ගෙ පාමුල ගාව ඉන්ධර්ගෙ කටින් පිට වෙන වචන හන්දා මගෙ ඇස් තෙත් උනා....මොකද.....ඒ කටින් පිට පැනපු හැම වචනෙකම තිබුනෙ ඇත්ත හැගීම් හන්දා.....

මගෙ....තෙහස්.....

මං ඉන්ධර්ගෙ අත් දෙකම අල්ල ගත්තා...

උඹලා....ඔය තරම්ම අපිට ආදරේ කරන්න එපා තෙහස්...මේ පපුවට උඹලගෙ වචන උහුලලම දැන් හරි මහන්සි...අනෙ....තෙහස්...මනුස්ස හර්ද වස්තුවකට උහුලන්න පුලුවන් සීමාවක් තියනවා....

උඹගෙ ආදරේම අධිමාත්‍රාවක්.....ඒ ආදරේ උහුලන්ඩයි ....තව නම මහකින් එලි බහින දරු සෙනෙහෙස උහුලන්ඩයි දෙකම මේ පපුවට බෑ මගෙ තෙහස්....මට ලෝභයි....මට මං ගැනම හරි ලෝභයි ...උඹ ඇවිත්....ඇත්ත මනුස්ස ලෝකෙ ජීවත් වෙන මනුස්සයෙක්ද කියල මටම හිතා ගන්න බෑ තෙහස්....

මං කියෙව්වා...මිටත් වඩා නම් ආදරේ උහුලන්න අමාරුම තැන මං කියවනකොට ඉන්ධර් හිනා උනා . හරීම කලාතුරකින් කට පුරාවටම හිනාවෙන ඉන්ධර්ගෙ තිබුනෙ පුදුම ලස්සනක් වෙනකොට මං ඇස් පිල්ලමක් නොගහම බලාගන උන්නා ...

..මයෙ අම්මෙ.....අරුන්ධතීට....මං ඔය කරනවා මදි ඇසල....ඒකි මට දීලා තියන නිධනෙ හැටියට...ඒකිව අරන් එන්ඩ ඕනෙ දෝලාවකින් ඇසල....

උඹ ඇවිදින් තනිකරම පුන් කලසක් මයෙ ඇසල.....උඹලා හරි සාරුසාරයි.....උඹල හරි සස්‍රීකයි....යල කන්නෙද...මහ කන්නෙද නෙවෙ....ගෙවෙන හැම කන්නෙකදිම මට දියන් සරුසාරම අස්වැන්නක්.....හරියටම....මගෙ මුල්ම වී කරල දැන් උඹ දරන් ඉන්නවා වගේ...

මයෙ අම්මට වරදින් නෑ රත්තරනෙ කවදාවත්....කරාපු කරුම ගෙවෙනකොට...කොරාපු පින් බල මතු වෙනවා ඇසල.....නාඩා ඉදින් සතුටට උනත්....කාරි නෑ...නාඩා ඉදින්.....ම්ම්ම්..මට ඕනෙ මයෙ පන..හැමදාම හිනා වෙලා ඉන්නවා දකින්න.....හැමදාම කියන්නා වගේ....උඹ මගෙ ඇහල මල ඇසල...

ජීවිතේට මල් පිපුන් නැති උනාට මොකද ඇසල....ගස්වල හරි මල් පිපෙනවනෙ....කියලා මට කියන්න හිතුනත්....මයෙ අම්මෙ....දැන් ඉතින් ගස් වල නෙවෙ....උඹලගෙ මගෙ ජීවිත වලත් මල් පිපෙනවා...ඉතින් රත්තරනේ...උඹලා ගාව පන ගහන මයෙ ළපටි මල අපි ගාවට ආවෙම ඒ වාසනාව අරගන....දැන් ඉතින් තියෙන්නෙ හිනා වෙන්ඩ...ම්ම්ම්....සුභ නැකත් ඔක්කොම ඉල්ල ගත්තා.....ම්ම්....අම්මලත් ආවම...මයෙ මැනිකෙගෙයි මගෙයි මගුල් මේසෙ ලෑස්ති කොරන්ඩ තියෙන්නෙ...තේරුනාද..මං කිව්වනෙ රත්තරනේ ..හත් මාල නැතු උනත්. .පෝරු නැතු උනත්....මං උඹලව මගුල් මේසෙක ඉන්දනවා කියලා ම්ම්ම්ම්.....දැන් ඉතින් හිනා වෙයල්ලා...

මං හිනා උනා.....හිත අස්සෙ තියෙන්නෙ නිධානයක් හම්බුනා හා සමාන සතුටක් වෙනකොට මං ඉන්ධර් එක්ක කට පුරාවටම හිනා වෙනකොට අනේ ඉන්ධර් මා දිහා බලලා පපුව පුරවලම හුස්මක් ගත්තා ...

ලෝබ කමේ බෑ ඔය හිනාව දැක්කම...අප්පච්ච්ගෙ රූපෙ අරන් ආවට කාරි නෑ....ඇස් දෙක මේ වගේ තියන පැටියෙක් දියන් ...හිනා වෙන ඇස් කියන්නෙ කලු නික වගේ මැනිකෙ...

ඇහුනද අප්පච්චිගෙ රාහුල්.....උඹලා මං වගේ උනාට කාරි නෑ මයෙ රත්තරනේ....අප්පච්චි මනාප උඹලගෙ අම්මගෙ ඇස් වලට....තේරුනාද මයෙ අම්මට....ම්ම්ම්ම්.....

වරෙල්ලා මැනිකෙ යන්ඩ....රෑ බෝ වෙනවා....යමින් ගමන් කුඹල් ගෙදරට යන්ඩ ඕනෙ.....වලන් දෙකතුනක් ගන්ඩ...මයෙ මැනිකෙ හෙට උදේට ඉඹුල් කන්ඩ මනාපද.....

මං උන්නෙ ඉන්ධර් එක්ක පඩි පෙල බහින ගමන්...සුදුපාට පන්සලයි...බෝ ගහට උඩින් පායපු හදයි...තනිම සුදු සරමට නැශනල් ශර්ට් එක ඇදපු ඉන්ධරුයි .ඒ ආදරෙයි කියන්නෙ තව්තිසා දෙව්ලෝකෙ අංශුමාත්‍රයක් මිහිපිටට වැටිලා වගේ වෙනකොට කාර් එක ළඟ උන්න දොදොලිව දැකපු මට තව්තිසාවට පහලින් තියන අවීචි නරකාදිය මතක් වෙලා ඉක්මනට ඉන්ධර්ගෙ අත අල්ල ගත්තා.....

ඉන්ධර් අහනවා ඉඹුල් කන්ඩ මනාපද කියලා ..අනේ ඔව්නෙ...පැනිපොල් නිකන් ගිලින්ඩ දුන්නත් දැන් නම් එන පෙරේතකම්වල හැටියට ගිලින්ඩ පුලුවන් වෙනකොට මං ඉන්ධර් දිහා බැලුවා...

.අනෙ ඉන්ධර්...අහන්නකො.....

ම්ම්...කියාපල්ලකො....උඹල කියන දේ කවද්ද මං නාහ උන්නෙ...

ඇලිස් අම්මට කියන්නකො ඉඹුල් හදනකොට...වැඩියෙන් හදන්න කියලා...කිරිබත් අඩුවෙන් හදන්න කියලා.....

ආ....ඒ මොකද ඒ...ම්ම්..මයෙ අම්මට පැනිපොල් කන්ඩ හිතුනද....හා මං කියන්නම්කො ඇලිස් අම්මට මයෙ මැනිකෙට පැනිපොල් ගිලින්ඩ දොලදුක ඇවිල්ලා කියලා...උඹලා ඉල්ලනවා නම්...වත්තට උනත් පොල් ගාලා හදලා දෙන්නම් ඇසල.....

රතු මැනිකෙටත් එක්ක හාද අනේ....

තියන හුරුතලේ.....හ්ම්...හ්ම්...ඒකත් කියන්නම්කෝ....

මයෙ පුතා...වරෙල්ලකො.....උඹල තවමත් ගාටනවා.....දැන් කීයෙ ඉදන්ද....මයෙ කකුල් කඩිත්තුවත් අල්ලනවා දැන්...

ඉතින් අපෙ අම්මට තිබුනනෙ ආන් අර පඩියෙන් ඉදගන්ඩ...ඇරත් මේ මෙච්චර පඩි තියන පඩි තියාගන මං මයෙ මැනිකෙව අරන් ඉගිල්ලෙන්ඩද.....??

ඔය පඩි ගානෙ ලගින්ඩ මට බෑ මයෙ පුතා...ඇරපන් මේකෙ දොර...

මං ඉන්ධර්ගෙ අත අතෑරියා බහින පඩියක් පාසාම අපි දෙන්නගෙ පැටලුන අත් දෙක දිහා දොදොලි බලාගන උන්නෙ අවීචියෙ උන්න මහ යම වගේ වෙනකොට ඒ ඇස් දෙක කොයි වෙලාවෙ එලියට පනීද කියලා හොයා ගන්න බැරි උනා...

අපෙ අම්මා...අමනාපයක් නැති නම්..ආව විදිහටම පස්සට යන්ඩ පුලුවන්ද ....

අරමොකටද....මං ආයම පස්සට ගාටන්නෙ....මයෙ පුතා...ආයම මගෙ මේ කොන්ද ඇවිලිල්ල ඇවිදිල්ලා.....ඕන් ඕක ඇරලා මෙ පුටුව කඩාපන්...

අපෙ අම්මා.....

කමක් නෑ ඉන්ධර් අම්මගෙ ආසාවනෙ...

ආසාව...ආසාව නෙවෙ බොල...තෝ හිතුවද මං මේ ආසාවට මෙ ඉස්සරහ පුටුවෙ යන්ඩ හදනවය කියලා මන් මේ

දෙයියනෙගෙ නාමෙට...අපෙ අම්මා....මට පව් පුරවන්නෙ නැතුව ඉන්නවද...පන්සලට ආව එකෙන් ඇති වැඩකුත් නෑ....ආවෙ ඩිංගිත්තක් හිත නිවාගන හිතේ සන්තෝසෙට බුදුන් වැදලා මලක් පහනක් පූජා කරලා යන්ඩ...අම්මා මෙතන මට ආපිට පව් පුරවනවා .. ..

අපෙ මහත්තයා...එපා තරහා ගන්ඩ....කාරියක් නෑ....පිටිපස්සෙ ගියා කියලා මට අමාරුවක් නෑනෙ...කැතරින් අක්කන්ඩි....

අපෙ ඇසල මැනිකෙ....

ඔය දොර ඇරියා නම්.....

එහෙමයි....මෙ අරිනවා...

ම්ම්ම්....උඹලත් මා ගාවින්ම වාඩිවෙයන් අක්කන්ඩි .....

එහෙමයි....ඉන්ධර් අයියන්ඩි .. .බය වෙන්ඩ කාරි නෑ..මට පුලුවනි...වඩිය තියනවට වඩා පරිස්සමට මැනිකෙ මලවය රකින්ඩ.....

ම්න්.....

මට හිනා ගියා ....දොදොලිගෙ කුන්ඩ හ්ට්ටියක් වගෙ මූන දැකලා මට මහ සීතල විදිහට හිනා ගියා...

මං හිතන්නෙ මං දින්නා...මට ආයම අමුතුවෙන් දිනන්න දෙයක් තිබුන් නෑ....ඉන්ධර්ට ඕනෙ මාව ඇස් මායිමෙ තියා ගන්න උනත් පන්සලේ ඉදන් එකට එන අපි දෙන්නව දැකලා ඊරිසියාවෙ පැලුන දොදොලිට ඕන උනේ මාව පස්සට තල්ලු කරලා ඒකිට පාක්කුඩම වගේ ඉස්සරහින් යන්න වෙනකොට මං අරක්කු බෝතලයක් දීලා රවට්ට ගත්තු කැතරියා ලව්වා එකිගෙ ඇස් පනා පිටම මට දොර ඇරවගත්තා මා දිහා බලන් උන්න ඉන්ධර් ලාවට ඔලුව වැනුවා....

මගෙ බිබික්කමත් හිතන් ඉන්ඩ ඇති අඥෙ ඉන්ඥර් කමක් ඥෑ....පුචුව ජෙන්න කියන්නෙ මං හිත හොදින් කියලා...ඒවා ඉතින් වානා මා එක්ක...ගේම නම් ගේම.....

ආ මයෙ පුතා....

ම්ම්ම්....

මක්කද පන්සලේ හාමුදුරු නම කිව්වෙ...ඒකටත් එකටම නිට්ටාවටම පන්සලේ තියන අඩුපාඩු කියන්ඩ ඇති....සල්ලි කදක් දැක්කොත් ඔය හාමුදුරුවන්ට පන්සලේ ගාන්ටාරෙ සද්දෙ හරි බොල් වෙලා ඇහෙනවනෙ.....

නෑ..එහෙම ඉල්ලුවෙ නෑ.....මං නව මහක් දවල් දානෙ බාර ගන්ඩ පොරොන්දු දුන්නා.....

න්...නව මහක්...මයෙ පුතා..මේ හාල් පොල් ගනන් කාලෙ...

.ඇයි ....ඉරුගල්බන්ඩාරලාට හාල් පොල් අතින් අහේනියද මයෙ අම්මා.....නෑනෙ...

මට චී කියලා හිතුනා...මහ එකීගෙ හක්කෙ බුදු රස් බොක්කෙ දඩමස් වගේ ....ඒකට මොකද මේකි වැදගන උන්නෙ නම් කොහොමද....මේ දැන් නිවන් යන්ඩ වගේ ..මේකිට ඉතින් නිවන් යන්ඩ වෙන්නෙ පාරෙ තියන ලයිට් තමයි.....

ඒත් මයෙ පුතා...හාල් පොල්ගත්තා කියමු.....

මට සල්ලි බාගෙ අතින් අහේනියකුත් නෑ...අපෙ අම්මා නහින් නැතුව උන්නා නම්....මේක.මගෙ තීරනෙ..මේක මගෙ වචනෙ....මෙයින් එහා දෙයක් නෑ....ඇරත්...හෙට උදේ නගාගෙ ගෙට ගෙවැදිල්ල.....

මො...මොකක්.....නගාගෙ...මොන....

නන්දගේ ....

අ |රු |න් |ධ| තී| ගෙ....උඹලට මං දැන් මේක හැම වෙලේම මතක් කරන්ඩම ඕනා නෙ...

මොකීගෙ හරි....ඒකි කොහෙ ගෙට ගෙවදින්ඩද ...හහ්..මං හරකා වගේ උඹලගෙ මැනිකෙ බාර ගත්තට....ධර්මසේන අයියන්ඩි ඕකිව නම් මේ වලව් තුලානෙට වද්ද ගන්නෙ නෑ.....

ම්න්....අපෙ අම්මා අන් ගැන දන්නෙ තවම අල්පමාත්‍රයක් විතරයි වගේ එහෙනම්....හ්ම්.....මට අපෙ අම්ම එක්ක අන්කරේට එන්ඩ බෑ....ඒත්...මේන් මේක මතක තියා ගන්නවා නම්....මං බොහෝම මනාපයි...නගාගෙ ගෙට ගෙවැදිල්ලෙන් පස්සෙ...මගෙ මගුල් මේසෙ හදන්ඩ ඕනෙ.....

මයෙ පුතා....උඹලගෙ ඔලුව නරක් වෙලාද.....

මං හොද සිහියෙන්...මං නැකැත් බැලුවා....ඇසල පෝයෙන් පහුවදා....ගන්ඩ පුලුවන් ඉස්තරම්ම නැකත දුන්නෙ...ආය ඒ වගෙනැකතක් මාස ගානකට එන්නෙ නෑ ....උඹලට තනියෙන් නහින්ඩ අමාරු එකේ....මෝලෙ මායියෙ ගෙන්න ගනිල්ලා...මන් මයෙ මැනිකෙව ලොකු අප්පච්චිගෙ වලව්වට බාර කරනවා.....එක දොහකට.....දැඩි නීති ඇතිව....ආය ඒ නීති පදාසෙ උන්මාද චිත්‍රට වත් තියෙන්ඩ නැතිව ඇති...

මයෙ අම්මන්ඩි...උඹලා ආපිට හෙට වලව්වට යන්ඩ ඕනෙ.....යන්ඩම ඕනා කියන්නෙ..මයෙ වචනෙ ස්තීරයි ....මං බඩට ආව වෙලේ...උඹලට.....සීයගෙ පලවෙනි කුමාරි හාමි මහ වලව්වෙ යතුරු කැරැල්ල දුන්නා වගේ...එදාට මයෙ මැනිකෙට යතුරු කැරල්ල දෙන චාරිත්තරේ කරන්ඩ ඕනෙ...ගමකට කන්ඩ නැති උනත්...අංග සම්පූර්න මගුල් මේසයක් ඕනෙ....

උඹලටපිස්සු හැදීගන එනවද මයෙ පුතා...උඹලට විකාර වේගන එනවද.....යතුරු කැරැල්ල.....උඹලා හිතන් ඉන්නවා නම්...මං උඹලගෙ මේ පාක්කුඩම වතුර වීදුරු දීලා පිලි ගනී කියලා ඒවා ඉතින් හීන මයෙ පුතා...ඒවා....තමයි උඹලා දකින හීන...මේ යතුරු කැරල්ල මට දුන්නෙ මයෙ නැන්දම්මා....ඒ උඹලා ලැබෙන්ඩ ඉන්නකොට...ඉරුගල්බන්ඩාර පිරිසිදු උරුමෙ මගෙ ගාව ගැහෙනකොට...

මන් නම් මීක් නොගා උන්නා..මොකද බඩ දරු මට කුනුහර්ප පලලා මගෙ හිත දූශනේ කරගන්ඩ බැරි හන්දා.. 

ඒත් මං නම් කියන්නෙ මහබඹාට තිබුනා මිනිස්සු මවනකොට කටින් විතරක් නෙවෙ...පුකෙනුත් හිනා වෙන්න වරම් දෙන්න....

කට කොනින් හිනා වෙනවා වගෙම පුක කොනිනුත් නක්කලේට හිනා වෙන්න තිබුනා නම්....අනේ සත්තයි මේ ලෝකෙ මිනිස්සුන්ට කවදාවත් හිනාව කියන වචනෙ තේරුම වත් බලන්ඩ බැරි වෙන්න තිබුනා...ඇයි ඉතින් ඔක්කොම හිනා වෙන්නෙ පුකෙන් නෙ....

ඉන්ධර් උන්නෙ පුදූම ඉවසීමකින්.....මගෙ අම්මා වගේ උරුමෙ දෙන්නෙ නැත්තන් දුක් විදිනවා කියලා ඉදුල් හෝදන තැනට ඉන්ධර් වැටෙන්නෙ නැති මිනිහෙක් වෙනකොට වෙන්න ඕන වත් පිළිවෙත් හරි සීරුවට කියලා දෙනකොට අර ගැරඩි දෙන පුප්පන්න සූ ගාන්න විසිල් ගහන්න ගත්තා...

ඒ අස්සෙන් කැතරියටත් නොදැනිම ඒකි මගෙ අත මිරිකුවා.....ඒ විතරකුත් නෙවෙ මගෙ කනටත් මිමිනුවා.....

..ඈ....ඇසල මලයො...මේ ඉන්නෙ....අර පාත රටෙ අරක්කු පෙරාපු සුගල නැන්දම්මමද....අපෙ අප්පෙ...මෙහෙමත් වංසක්කාර කමක්....

කැතරියා මගෙ මූනටම කරලා කතා කරනකොට බඩ දරු මට වමනෙට ආවා...ඒ තරම් මේකි ගාව අරක්කු තැම්බුන් ගද.....

මං මයෙ අම්මට අමුතුවෙන් කියන්ඩ ඕන් නෑනෙ....මයෙ මැනිකෙ ගාව ගැහෙන්නෙත් ඉරුගල්බන්ඩාර ලේ තමයි.....එතකොට උඹලා ඔය කියන්නෙ මයෙ පැටියා කුනු ලේ කියලද බොලව්....ආ අපෙ අම්මා...පන්සල් ගියායින් වැඩකුත් නෑ. .උඹලා හිතක් පපුවක් තියාගනද ඔය තුප්පහි කතා කියන්නෙ..??

ඔව් ඉතින් උඹලට හිතක් පපුවක් තියනවා නම්..ඇලිස් අම්ම බඩින් කියලා දැන දැන....අප්පච්චි වත් ඒකිවත් වැරදි නැති බව දැන දැන උඹලා ඒගෑනිව තරප්පුවෙන් පහලට දැම්මෙ.....ආ අපෙ අම්මා.....

ඉන්ධර්!!!

මීට කලින් කැතරියා මිරිකුවෙ මාව උනත් මෙ පාර මට කැතරියව කෙනිත්තුනා....නිකන් නෙවෙ ඒකිව ඇබරිලා යන්නම....මොකද ඒ තරම් තදේට ඉන්ධර් මහ එකීට කෑ ගැහුවා....

උඹලා දැන් මට කෑ ගැහුවට වැඩක් නෑ අපෙ අම්මා මං උඹලට වංගියකුත් කිව්වා...මේ ඉන්නෙ. මගෙ දරුවා...ආය ඒකෙ කහට පැල්ලමක් කොතනකවත් නෑ...

මයෙ මහ එකාට උඹගෙන් බලන්ඩ බැරිව ගියපු පැල්ලම් මං යස අගේට මයෙ මැනිකෙගෙන් දැක්කා බොලව්.....එහෙව් එකාය ඔහොම වෙට්ට පද හදන කටවල් වලට පනුවො ගහයි...

... ..... අම්මට දැන් මයෙ මැනිකෙව බාර ගන්ඩ බැරි නම්.....අම්මා මයෙ මැනිකේ නැන්දම්මත් නෙවෙ නම්..මට කරන්ඩ තියෙන්නෙ එක දෙයයි අපෙ අම්මා.....

මයෙ පුතා.....

මගෙයි කැතරියගෙයි ඇස් ගෙඩි එලියට පනින්න ආවා ...මෙච්චර වෙලාම වාහනේ එලවපු ඉන්ධර් කාර් එක නවත්තලා මහ නපුරු විදිහට සුගලා දිහා බලන් උන්නා...මං බලාගෙන බය වෙලා වගෙ ඉන්න සුගලි හුස්ම ගන්න පාරට තම්මැට්ටම ඉහල පහල ගිහින් ගිහින් පුපුරන්න ඔන්න මෙන්න තිබුනා....

.

උඹලට මයෙ මැනිකෙව ඒ වලව්වට එන වෙලේට පිලිගන්න ඔය තරම්ම මහන්තතකම නම්...මට බැරිකමක් නෑ...අටෙ කෑල්ලෙන් මයෙ මහ එකා ලාම්පු නිව්ව ගෙදරක මායියෙක් ගේන්ඩ...

ඉන්ධර්!!!!!

මට හුස්ම හිර උනා...මහ එකී පපුව අල්ල ගත්තා ...කැතරියගෙ කොරල කට අනක් ගුනක් නැතිවම ඇරිලා ගියා.....

ඉන්ධර් මොනවද මේ කියවන්න්.....මහ එකිට මාව බාර ගන්න බෑනම් අටේ කෑල්ලෙන් මායියෙක් ගේනවා කියාපු ඉන්ධර් ආය වචනයක් කියන්න නොදි නවත්තපු තැනින් කාර් එකෙන් එලියට බැස්සා.....

මයෙ මැණිකෙ...එලියට ආවා නම්...අර හට්ටි මුට්‍ටි ටික බලන්ඩ තිබුනා....ඇරත් හෙට ඉදන් නගාගෙ වලව්වෙත් වලන් රත් කරන්ඩ ගන්න එකේ...පරන වලන් නම් අඩුත් ඇති.... 

එ...එන්නම්.....තෙහස්....ක්..කැතරින්...

අක්කන්ඩි.....එනවද...

මන් ගොත ගැහුවා ..කුඹල් ගෙදරට එන්න ඕනයි කියාපු තෙහස් නවත්තලා තිබුනෙ කටු මැටි ගහපු පොඩි ගෙයක් ඉස්සරහා වෙනකොට අම්මන්ඩිට බැනපු තරහවෙන්ම දොර ඇරලා මට එලි බහින්ඩ කියනකොට මං කැතරියට කතා කෙරුවා. . 

කැතරින්....ගනින්...ගනින්...මෙදැම්ම...මාමන්ඩියට ටැලිපෝන් කෝල් එකක්....

මේ දැම්ම ගනින්...මෙච්චර කාලෙකට වැදගත් කමට ජීවත් උන මට අද අහන්ඩ වෙලා තියන කතාවල තරම...ගනින්...මේ දැම්ම අරන් කියාපිය ඉන්න ගුබ්බෑයම මක්ක උනත්..මහ වලව්වට එන්ඩ කියලා ....මේ දැම්ම කියාපිය.... මේ දැම්ම...එකාගෙ ගෑනි මං බොල....මං ඉන්නකොට පිට ගෑනු ගෙන්නන්ඩ නම්..... මැරෙන්ඩ ඕනා...

ඉතින් මැරියකො...මට පුකද බලන්න...

මං හිතින් මිමිනුවා..මහ අසංවරයි තමයි...ඒත්...මෙවෙලෙ හැටියට මීට වඩා සංවර වචනයක් මගෙන් පිට පනින්නෙ නැති හන්දා...මට ඒක බාර ගන්න උනා....

මහ විසාල තම්මැට්‍ටම ඉහල පහල කරාපු සුගලා කැතරියව බාගෙට මර මර කෑගහපු කෑ ගැහිලි වලට කැතරියගෙ වෙරි බලාගන ඉන්නකොට හිදිලා ගියා.....

තෙහස් .අහන්නකො.....

අපෙ මැනිකෙ ගිහින් තේරෙන විදිහට වලදක් දෙකක් තෙරුව නම්..මං උඹඅගෙ අත්තම්මටයි සීයටයි වලව්වට එන්ඩ කියල පනිවිඩ යවන්ඩ...

ඉන්ධර් අර තරහෙන් වගේ ඵෝන් එකට ඔබ ඔබ මාව වලන් තෝරන්න යවනකොට මං ගෙදර උන්න වයසක ආතගෙ උදව්වෙන් වලන් තෝරන්න ගත්තා .අනේ උන්දා නැවීගන සකපෝරුව කරකවලමද කොහෙද කුදු ගැහිලා.....

මුට්ටි...නෑඹිලි.....බත්තලහදු...රොටී තැටි...දුම් කබල්....කිරි මුට්ටි....නැති දෙයක් නෑ....ඒ ඔක්කොමත් හරි ..අනෙ...අර සෙල්ලම් බත් උයන වලන් සෙට් එකක්...

මට දැන් තදියම....මෙච්චර වැඩ රාජකාරි අස්සෙ මට ඒපාර සෙල්ලම් බත් උයන්ඩ තදියම

ආතේ ...

ඕ.....අපෙ චූටි මහත්තයා...

ආන් අර....සෙල්ලම් හැලි වලම් සෙට් එක...

මට දැන් ගාන අහන්ඩත් බෑ...ඉන්ධර් ඉන්නෙ යකා ආවේසෙන්....ඕක පෙන්නල ඒක අරන් අහයි බඩට පැටවුනුත් ආවට පස්සෙද තොට සෙල්ලම් බත ඕන උනේ කියලා ....අනෙ නැතුවට කාරි නැ....බිබික්කමගෙ මූන කර වෙලා.....

.අරකද .....

ආ...කාරි නෑ ආතෙ නිකන් ඇහුවෙ...

මං ඒක දිහා නොබල වලන් තේරුවා...

අපෙ මැනිකෙ.....බැලුවද.....

ඉන්ධර්....මේන්..මේ මුට්ටිය....

කිරිබත හදන්ඩ හොදා...කෝ...ගනිල්ලකො බලන්ඩ ඕක....ආන් අර අදම් කරාපු එක ගනින් මැනිකෙ...ඒක පෙනුමයි....

ඈතට වෙලා ඵෝන් එක කනේ ගහන් අතින් පයෙන් කතා කරාපු ඉන්ධර් මොකුත් නොවුන ගානට ඇවිදින් වලන් තෝර තෝර අරක ලොකු උන්නැහැ.... මේක ලොකු උන්නැහැ ගාලා වෙන් කරලා අවසානෙදි හෙන වලන් කදක් අරගත්තා...

ලොකු උන්නැහැ.....මේ....

අපෙ මහත්තයො.....

අනෙ උන්දගෙ මූනෙ තියන හිනාව....ගත්තු වලන් කදට වැඩියෙනුත් කොලයක් දෙකක් දෙනකොට සත වර්ශ ගානකට එහා බුලත් කෙල බැදුන දත් අඩු දත් ඇන්ද සම්පූර්නම එලියට දාලා හිනා වෙනකොට ඉන්ධර් ඒ මන්ස්සයට ආයම කතා කෙරුවා...

ආන්...අර....අතන තියන සෙල්ලම් වලන් මල්ලත් දැම්මා නම්...

ඉ...ඉ...ඉන්...ධර්...

ම්ම්ම්...මං නොදැක්කා නෙවෙ....මයෙ අම්මට ඕන නම් ගනිල්ලා ඉතින්....තහනමක් නෑ...නොදරුවා වගේ ඒක දිහා බලාගන ඉන්නවා කොච්චරවාත්.....ගනිල්ලා රත්තරනේ..ගනිල්ලා...මං කට ගැහුවෙ මයෙ අම්මන්ඩි එක්ක මිසක්...උඹලා එක්ක නෙවෙනෙ මයෙ රත්තරනේ...ගනිල්ලා....මයෙ නොදරු පැටියා ..අම්මටයි පැටියටයි දෙන්නටම සෙල්ලම් බත් උයන්ඩබැරි යෑ....

මට දැන් පැලෙන්න තරන් සතුට ඉන්ධර් කිව්වත් වගේ මං මහ නොදරුවා උනා වලන් මල්ල අත් දෙකෙම්ම තුරුලු අරගත්තු මං ඉන්ධර් පස්සෙ වැටුනෙ රට රාජ්‍යක් ලැබුන එකා ගානට වෙනකොට ඉනදර් ඩිකියට වලන් ටික දලා වලන් මල්ල තුරුලු කරන් උන්න මා දිහා බැලුවා...

ඉන්..ධර්....මේක....

ඉතින් බලාපන් මැනිකෙ.....උඹලගෙ හිනාවෙ තරම.....ම්ම්ම්ම්..මට ඕනෙ මේ හිනාව විතරනෙ මයෙ රත්තරනෙ...ඕක අරන් නොදී ගියා නම්...උඹලගෙ හිතට මේකත් වදයක්නෙ...ම්ම්ම්ම්...හුරතල් වෙන්ඩ...වයසක් ඕන් නෑ මයෙ ඇසල.....නාකි වෙලා ලෙඩ ඇදට වැටුනහමත් මතක් කරන්ඩ මතක ඕනා කියනවනෙ...මයෙ අම්මට මනාප නම්...ඕන් ඕකෙන් අරකි ආවම සෙල්ලම් බත් උයාපල්ලා...හැබැයි ඉතින් මයෙ පැටියා උඹලා ගාව කියලා අමතක නොකර ඉදිල්ලා...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..

මං ඔලුව වැනුවා .....ඔලුව වනපු මං ආපිට කාර් එකට නගිනකොටත් අරකිගෙ මුන කර උන අඩයක් වෙලා තියනකොට ගානක් නැතුව ඉන්ධර් නැගලා පුරුදු විදිහටම ඉදගත්තා....

මයෙ අම්මන්ඩි දැන් අප්පච්චි පස්සෙ පන්නන්ඩ ඕන් නෑ...මොකද.....තව හෝරා දෙකකින් විතර නගාගෙ අම්මා අප්පා පවා මේ දේවල් කතා කරගන්ඩ ඒවි....පිරිමි පරාන ගන්න තීරනවලට....භවලතියන්ට කට දාන්ඩ වැඩක් නැති උනත්....උඹලටයි ලොකු අම්මන්ඩිටයි අහන් ඉන්ඩ සිද්ද වෙනවා...ම්ම්ම්ම්ම්...

මොකද...මං මෙ හැම වැඩේම කෙරුවෙ....බූරු කූට්ටමෙ උන්න ආසියො හතර දෙනාම මගෙ අතේ තියාගන අපෙ අම්මන්ඩි....

කලාබර....හාර්ත....

ඉස්කෝප්ප...රුවිත මේ හතරම මගෙ අතෙ ව්තරක් නෙවෙ අම්මන්ඩි.....ඉංග්‍රීසි අකුරු ටික පවා මගෙ අතේ....උඹලා මොන ඉල්ලක්කමෙන් දමලා ගැහුවත්....වැඩක් නෑ අම්මන්ඩි ....මං අදින්නෙ එක කොලයයි...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...ඒක හන්දා.....කතා කරගත්තු විදිහට...වලව්වෙ මගුල් මේසෙ ලැස්ති වෙනවා....ඒ වගේම....උඹලගෙ ජීවිත භුක්තිය තියන්...ඔය ඉනේ ගහන් ඉන්න යතුරු කැරල්ලෙ...අයිතිය...මයෙ ඇසලට යනවා...ම්ම්ම්.....

.......

උඹලා නිස්කාරනෙ කදුලු හැලුවට වැඩක් නෑ අපෙ අම්මන්ඩි...උඹලා මගෙ පස්සෙන් වැටුනෙ උමතුවෙලා වගේ....එහෙව් එකේ...අප්පච්චි පිට යන එක අහන්ඩ දෙයක් නෑ....මාසෙට පෝයට නෙවෙනෙ පිරිමි පරාන මායියගෙන් ආදරේ හොයන්නෙ.....ම්ම්ම්ම්...උඹලා කෙරුවෙ උඹලටම වරද්දව ගත්තු එක....දැන් ඉතින් අඩලා දොඩලා වැඩක් නෑ...ම්ම්ම්ම්ම්ම්ම්...මොකද....ඔය යතුරු කැරල්ල දවසකට ගත්තා කියලා මං වත්..මයෙ ඇසල වත් ඔහෙ ලගින්ඩ එන්නෙ නෑ....මට ඕනෙ මයෙ පාඩුවෙ දරු මල්ලො හදන් ජීවත් වෙන්ඩ....උඹලට පුලුවන් ඒ නිදහස විදින්ඩ....ම්ම්ම්ම්ම්ම්ම්ම්...ඇරත්....

උඹලා උනත්....දැන් ආයම උඹල ගැන බලාගන්ඩ ඕනා කාලෙ...මං කියන්නෙ මං උඹලව බලන්නෙ නෑකියන එක නෙවෙ....මං උඹලගෙ බඩට එන්ඩ කලියෙන් උඹලා උඹලට ආදරෙ කොරාපු ජීවිතේ ගැන....ආදරෙ කොරන්ඩ වයසක් ඕන් නෑ අපෙ අම්මන්ඩි...ම්ම්ම්ම්ම්....මං නොදරුවෙක් නෙවෙ.....

මං වත් මහ තැනවත් නෙවෙ මීක් ගෑවෙ....මේ වෙනකොට කැතරියා හැට පාරක් ව්තර ඈනුම් ඇරලා බැරුම තැන ඒකිගෙ කටට ඒකිම ගහගත්තා...මහ එකී හුස්ම අල්ලන් අපස්මාරෙ හැදිච්ච එකී වගේ බලාගත්තු අත බලන් ඉන්නකොට වලව්ව ඉස්සරහින් නවතපු කාර් එකෙන් බැහැපු මං වලන් සෙට් එක අරන් ඇලිස් අම්මව හොයන් ගෑටුවා...

..ආ ...රතු මැනිකේ ...කුක්කි දෙනව වගේ නේ ....

යෑ.....ව්...

මේ...උඹලට පේනවද .....ඉන්ධර් අරන් දුන්නෙ.....

..ය්ය්ය්....යෑ.....ව්ව්....

උඹ දන්නෙ ඔච්චරයි .....ඒත් ඉතින්....උඹ කියන එක වචනෙ පවා උඹගෙ පුලුන් බෝල දන්නවනෙ රතු මැනිකෙ....ඒකම මදිද ...

රතු මැනිකෙ දන්නවද...හෙට ඉදන්.....මේ ඇසලට.....ආයම අම්මව හම්බෙනවා....නිකන් නෙවෙ....මෙච්චර කාලයක්.....පුස් මැනිකෙගෙ අතින් තැලුන නන්දා වෙනුවට ....නියම මැනිකෙක් විදිහට....

මට හරි සතුටුයි රතු මැනිකෙ.....

යෑ.....ව්

..

.

ලොකු අප්පච්චි...ලොකු අම්මන්ඩි....වාඩි උනා නම්.....අප්පච්චි.....මයෙ අම්මා නැතුවට කාරි නෑ....අම්මගෙ හිත බිදිලා තියෙන්නෙ ...කරන්ඩ දෙයක් නෑ අප්පච්චි...මගෙ ලේ වලට ගරහනකොට ඉවසන්ඩ අමාරුයි .. ඇරත්...කී දවසකට උඹලා හැංගි හැංගි නටන්ඩද.....

මං උන්නෙ කිරි ආප්පයක් ලැටි ගගා හොර ගල් අහුල අහුල...අනේ ඇලිස් අම්මා පැනි ආප්ප මදිවට ආප්පත් පුච්චලා..බිත්තර ආප්ප....කිරි ආප්ප.....අනේ...අම්මෙ....ආප්ප විතරයි වටේ වාටිය ගිල ගිල මැද්දෙ සවුන්දරේ රතු මැනිකෙට ගිල්ලපු මං මට තහනම් කරාපු කන්තෝරු කාමරේට එබිකම් කෙරුවා....

ඉන්ධර් නම් කියයි....මං මායියා නෙ.....මටත් ඇහෙන්ඩ එපැයිනෙ.....

.එක අතකට අද නාකියට ඇප නැති වෙයිද මන්දා.....

සුගලගෙ තම්මැට්ටමෙන්ම දොදොලව හැදි ගාලමරයි...අදින් පස්සෙ චූර්න බීල නෙවෙ..නැතුවත් දොදොලි වැඩ අල්ලයි...ඇයි ඉතින්.....මේකා පිට ගෑනු පස්සෙ යනවනෙ.....

මං ආප්ප වාටි කෑල්ලක් කටෙ ඔබාගන හිමීට කන් දුන්නා...ඒ අස්සෙන් කතරිනා අහු මුලු අස්සෙ රිංග රිංග මද්‍ය පානෙ හොයනවා.....

අපෙ ඇසල මලයො...මැනිකෙ....

කැතරින් අක්කන්ඩි.....

හොර වැඩ කරන්ඩ ආව මාව දැන් මේ බේබදු වාස් හන්දා අහු වෙනවා...මදැයි මගෙ නැන්දම්මගෙ වරුනෙ...

මන් හොරාවට කතා කරනකොට ඒකිත් හොරාවට මගෙ ලගට ආවා.....

හීනියට ගන්ඩ මොකුත් නැතුවැයි...රෑට ගත්තෙ නැත්තන් වෙව්ලනවා.....

ආන්....අර කලින් ගත්තු තැනම බ්‍රැන්ඩි එකක් ඇති.....අරන් බීපල්ලා....හැබැයි කරදර කරනවා නෙවෙ.....ගානට බීපල්ලා.....

එහෙමයි....එහෙමයි.....අපෙ ලොකු මැනිකෙ.... ගානට....පදමට...!!! 

කැතරියා අරක්කු ගැන කිව්වා විතරයි මට ළොකුමැනිකෙ පට්ටමත් දීලා අහු මුලු වලින්ම දුවනකොට මං කන් දෙන්න ගත්තා .....

කන්තෝරු කාමරේ ඉන්න ඉන්දර් දුම් කොල පයිප්පෙ අවුලවගත්තා....රවුම් මේසෙ උඩ මොන මොනවදො ලියකියවිලි ගොඩාක් වෙනකොට මගෙ අත්තම්මයි...සීයයි කියන පරාන දෙක මූන බිමට හරවන් උන්නා....මෙච්චර වෙලාම කට වහන් උන්න ඉන්ධර් උගුරෙ රැල් බුරුල් කෙරුවා....

...ලොකු අම්මන්ඩිලා....ලොකු අප්පච්චිලා.....එකතු වෙලා රත්නපාල මලයගෙ බඩට දුන්න හූනියම මං විරේක කෙරෙව්වා... ඒක ලේසි පාසු කාරනාවක් නේවෙ...ඒකා ඒක පිට දාන්ඩ ඇගේම ලේ වමනෙ කෙරුවා....ම්ම්ම්ම්.....උඹලා ඒකගෙන් සමාව ගන්ඩ ඕනා....ඒක ස්තීරයි....!

ඉනධර්....

ලොකු අප්පච්චි...මං අහවර නෑ....ඉරුගල්බන්ඩාර නම ගෙනියන්ඩ ඉතුරු එකම එකා මං විදිහට...මං හිතනවා.....ලොකු අම්මන්ඩිලා....ලොකු අප්පච්චිලා...මට ඒ තැන දෙයි....මගෙ වචන වලට කන් දෙයි කියලා ..මොකද.....මගෙ අප්පච්චිට...යාය අට පිරෙන්ඩ දරු මල්ලො ඉන්න බව...නොදන්නෙ මගෙ අම්මන්ඩි විතරයි...ඒත් ...උන්ගෙන් වලව් උරුමෙ ගෙනියන්ඩ බෑ.....එහෙම නේ මයෙ අප්පච්චි.....ම්ම්ම්ම්ම්ම්ම්ම්...

.මයෙ මැනිකෙට පැටියෙක් ලැබෙන්ඩ....මං අප්පෙක් වෙන්ඩ...ඒක අමු අමුවෙම ...මගෙ ලේ.....ඒක ආයම මතක් කරනවා...මොකද.....මං අස්වද්දාපු මුල්ම කරල ඒක හන්දා....මට ආඩම්බර හන්දා....මං දැනටමත්...මයෙ පැටියට නම් තෝරලා අහවරයි...ම්ම්ම්ම්.....මට ඇහැක් තාක් මං දරු මල්ලො හදනවා.....මේ නම ගෙනියනවා.....එක දුසිමක් උනත් කාරි නෑ....මේ වලව්වෙ...එක පාර දුසිම් දෙක තුනකට උනත් කාමර තියනවා.....

මයෙ මැනිකෙය සරීර සනීපෙයි...මට හයිය හත්තිය තියනතාක්.....මං උඹලට බැරි උන කුඹුරු අස්වද්දනවා....ම්ම්ම්ම්ම්ම්....

මගෙ බඩත් එක්ක කොර වෙලා ගියා....දුසිම් ගනන් වදන්ඩ.....????අන් එහෙම්ම ඉන්ධර් දිහා බැලුවා....

ඉන්ධර් උඹ හදන්නෙ ජාතියෙ පියා වෙලා...මාව ජාතියෙ කිරි මව කරන්නද?

ලොකු අප්පච්චි...හැබැයි....දැන් එන්ඩ කියාපු කාරනාව...මගෙ කුඹුරු අස්වැද්දිල ගැන කියන්ඩ නෙවෙ....මයෙ නගා ගැන.....ධර්මසේන හාමුගෙ ...දෝනියැන්දා ගැන කතා කරන්ඩ....ඒකිගෙ උරුමෙ....අයිතිය ගැන කතා කරන්ඩ....ඒකිගෙ වාහෙ ගැන කතා කරන්ඩ....උඹලා වරද්දවපු තැන්....ආපිට හරි ගස්සවන්ඩ....

අප්පච්චි....දෙවියනේ...ඉන්ධර්....අනෙ

මගෙ අප්පච්චිව මන් එලෙව්වත් හරි....එදයින් පස්සෙ දැක්කෙ නෑනෙ.....ඒ අප්පච්චිවම ඉන්දර් සනීප කරලා...අනේ ඉන්ධර්.....උඹලට ජාති ජාතිත් පින් ඉන්ධර්...උඹලට මෙ පිනම ඇති මගෙ ඉන්ධර්.....ඉපදෙන්ඩ තව්තිසාවෙ....

හෙට...නවයයි කාල....නවයෙ හෝරාව පහු වෙලා...පැය කාලකින්....ඒකි....ඔය වලව්වෙ මහ මැනිකෙ වෙනවා....නන්දා කියන දැලි නාපු එකී විදිහට නෙවෙ...අරුන්ධතී මහාමායා ඉරුගල්බන්ඩාර නම එක්ක....එතකොට.....අර කෙලී....ඒකිත් එහෙම්මයි....සෙනවිරත්න මලයා...ඒකිගෙ වාගෙ විදිහටම මේ වලව්වට පය ගහයි ....

මහෙ ඇගත් එක්ක හිරිගඩු පිපුනා.....මොකද....ඉන්ධර්ගෙ වචන ඒ තරමටම ගාම්බීරයි....ස්තීරයි....තනිකරම ගලෙ කොටාපු අකුරු වගෙ....

හැබැයි ...ඒ එක්කම.....අම්මගෙ මහ තැන කතා කෙරුවා මගෙ මූන දෙක උනා....

ඉන්ධර්...ඒකට මයෙ මනාපයක් නෑ.....අරුන්ධතීවයි...කෙලීවයි.....වලව්වට ගෙනාවත්...මට ඔය ඩ්‍රයිවර් කම් කොරාපු එකෙක්ව මයෙ බෑනා කර ගන්ඩ බෑ....මන් වත්..මයෙ මායියා වත් මනාප නෑ.....ඌට මෙහෙ ඉඩක් නෑ ඉන්ධර්

ඒක තීරනේ කරන්ඩ හදන්නෙ.....උඹලා උනත්....ඇත්ත වෙනස් කරන්ඩ බෑ ලොකු අප්පච්චි....ඇරත්....ඌ නගාට පන ඇරලා....එහෙව් උන්න එකාටයි උඹලා වහ පෙව්වෙ ලොකු අප්පච්චි..එච්චර කරාපු උඹලට දැන්ද බොලව්

මහන්තත්තකම ඉහට ගැහුවෙ..මොකද...ඔය මාන්නෙ තොපිලා මැරුන දාකට අරන් යනවද...ආ.....හ්?????මගෙ වචනයි දැන් ඉස්තීර.....කාගෙවත් වචන නෙවෙ...

මං දොර රෙද්ද හපා ගත්තා....

ඉන්ධර් යකා වෙලා....මහ උන්ට කතා කරගන්ඩ ඕනා උනත් උන්ට වඩා දේවල් ඉන්ධර් ගාව තියනකොට අරුන්ට කියන්ඩ දේවල් නැති උනා.... .....

ඇරත් ...උඹල...මහ මෝලටයි...මහ වලව්වට වගේම...යාය අටට ලෝබ කමේ....මට විනකරාපු විත්තිය...මං සහසුද්දෙම්ම දන්නවා බොලව්....උඹලා...මගෙන් සමාව ගන්ඩ ඕනෙ...මොකද...උඹල වින කෙරුවෙ උඹලගෙම ලේ වලට...

ඉන්ධර්....!!!!

ලොකු අම්මන්ඩි....නිස්කාරනෙ කෑ ගහලා....උලු උඩ යවන්ඩ හදන්ඩ එපා....ම්ම්ම්ම්....මං කිව්ව දෙ ඇහුනනෙ...උඹලා....මගෙන් සමාව ගන්ඩ ඕනෙ....සමාව දෙන නොදෙන එක මගෙ තීරනේ වගේම....උඹලා මගෙන් සමාව ඉල්ලන්ඩ ඕනා කියන දේත්.....මං තීරනෙ කරන දෙයක්...ඒ සමාව අනිවාර්‍යයි ලොකු අප්පච්චි....!!උඹලා කරාපු වැරදි පිලි අරන්....මෙතනින්එහා....අපිට ජීවත් වෙන්ඩ දෙන්ඩ ඕනෙ...මේ පටන් ගන්නෙ අපේ කාර්තුව .....ම්ම්ම්ම්ම්ම්

ඒක ස්තීරයි අපෙ ලොකු අප්පච්චි.....

මගෙ දෙවියනෙ....ඉන්ධර්....අම්මගෙ මහ උන් දෙන්නා ලව්වා...ඉන්ධර් සමාව ගන්ඩ හදනකොට ඒ මූනු වල නම් ගන්න සන්සාරයක් නැති උනා ...ඉන්ධර්ගෙ තද....ඊටත් මූනෙ තියන නපුරු පාට ...ආදරෙ පිරෙන ඇස්වලම තියන තරහව...

මේන් මෙතන පත්තිරු....අප්පච්චි....මේව බලාපල්ලා.....හෙට නගා වලව්වට යනවා ...ඒ වගේම .. ලොකු අම්මන්ඩි....ඇසල පෝය පහුවෙලා එන නැකතත් එක්ක ...මං උඹලගෙ මුනුබුරාව උඹලා හැමෝම සාක්කි කරන් සින්නක්කරේට ගන්නවා....

හත් මාල මගුල් තැලි පෝරු අශ්ඨක නැතුවට කාරි නෑ..... ....හැබැයි...මගුල් මේසෙ තියෙන්ඩ ඕනෙ ...

මේන්...මං ලියාපු අවසර පත.....

තෙහස් ඉන්ධර් ඉරුගල්බන්ඩාර වෙච්ච මං ඇසල ධනුද්දර සෙනවිරත්නව මයෙ කරගන්ඩ අවසර ඉල්ලපු එක...වෙන්ඩ දෙයක් නෑ නගා මට දීලා තියෙන්නෙම පුන්කලසක් ඒත්.....මේවා කටුගාන්ඩ බලන් කොරාපුවානෙ ...ම්ම්ම්ම්....ඒවා පරන කතා ...

ලොකු අප්පච්චි....මනාපයි...ඒ වලව්වෙ ඉදන් ....මයෙ මැනිකෙව එවනවා නම් ම්ම්ම්ම්ම්ම්.....

ඉන්ධර් විතරයි කතා කරන්නෙ . ....අවසර දෙන්ඩ බෑය බාර ගන්ඩ බෑය ගගා පස් කාපු උන් මීයො වගෙ ඉන්නකොට ඉන්ධර් දේපල උරුම ගැන කතාව පටන් ගත්තා විතරයි මං අර ආප්ප කෑල්ල දත් වලින් හප හප මං එහෙන්ම ආපිට හැරිලා එන්න ආවා....ඒ ඇවිදින් ඇසල හද එලිය නෑවුන මැද මිදුල දිහා බලන් ඉදලා මැද මිදුලට බැස්සා.....

.

මයෙ ඉන්ධර්....

මගෙ තෙහස් ...උඹ කිව්වත් වගෙ...හැම දේම ආපිට හරි ගස්සනවා තෙහස් ..මේ නිකිනි හදත් එක්ක ...උඹලා ඒ එලියෙන් හැමදේම ආපිට හරි ගස්සනවා...

හෙට මයෙ අම්මන්ඩි එනවා....පරන නන්දා වගේ නෙවෙ...අරුන්ධති පොඩි මැනිකෙ විදිහට....

අම්මෙ...මං බලන් ඉන්නවා අම්මෙ.....ඔසරි ඇදල...අගස්ති මාල දාපු උඹ මැනිකෙක් වෙලා එන හැටි බලන්ඩ මං ඇගිලි ගනිනවා මගෙ රත්තරන් අම්මෙ.....

වට මිදුලට වෙලා පායපු වට කුරු හද දිහා බලාගන උන්න මං තද වචනවලින් කතා කරාපු ඉන්ධර් ගැන කල්පනා කර කර ඉදලා අවසානෙදි පපුව පිරෙන්ඩ ලොකු හුස්ම අරන් හදත් එක්ක හිනා උනා....මමත් නොදැන කන්තෝරු කාමරේ ඉදන් ආව ඉන්ධර් මට කතා කෙරුවා...

ඇසල...මයෙ අම්මෙ...මක්කද ඔය මිදුලට බැහන් කරන්නෙ....

ඉන්ධර්...මගෙ ඍතුව....මගෙ පන...මගෙ හැමදේම උන ඉන්ධර් පපුව බර කරලම මයෙ අම්මෙ කියනකොට මං එ හද එලිය යට හිටන්ම කොරිඩෝවෙ උන්න ඉන්ධර් එක්ක හිනා උනා....ඒ එක්කම ඉන්ධරුත් ඒ හද එලිය යටට ඇවිදින් මගෙ ගාවින් හිටගන්නකොට මං අතෙ තිබුන ආප්ප කෑල්ලත් අතෑරලා මොකුත් නොකියාම ඒ පපුවට තුරුලු උනා....

ඔබයි රම්‍ය

සඳ කිරණ

ඝණ් අන්ධකාරෙ....

ඔබයි සෞම්‍ය

තරු එලිය

ගිම්හාන කාලෙ....

මගෙ...ඉන්ධර්.....මගෙ තෙහස්.....!!.

🌼ආයම ඍතුවකින් එනකන් පයිස්සමින් ඉන්ඩෝ....

ආතරෙයි අනෙ...

මම

ජොබී

Nedeesha...

More Chapters