නනදා එහෙනම් බලලා මොකක් හරි පාටක් ගෙන්නන්ඩ...මෙතනින් එහාට රෑ බෝ උනහම කොහොමත් ගාන්ඩ බෑනෙ....ම්ම්ම්
එහෙමයි බේබි හාමු...
අර නල ලිදට ලෙදර් එක ගෙනාවද නන්දා....
එහෙමයි බේබි හාමු....ඒකත් හෙට දිහාවට හයි කරන්ඩ එනවයි කිව්වා....
ම්ම්ම්ම්.....රත්නපාල එතකොට .....දන්නෙ නැද්ද ඇසල අනිද්දා දිහාවට වලව්වට යනවයි කියලා ?
........
කාරි නෑ කාරි නැ නන්දා...දැනගත්තා කියලත් මහලොකු වෙනසක් වෙන්නෙ නෑනෙ.....
මං තවමත් උන්නෙ හුනු කපන ගමන්...මගෙ තේ එකෙන් බාගයක් බීලා ඉතිරි අඩ මට තියාපු ඉන්ධර් හාමු අර කියන්න පුලුවන් හැම බර වචනෙම දාලා අවසානෙදි මගෙ කන්දෙක ගිනි ගත්තට පස්සෙ නැගිටලා හෙදර වටේ ටිකක් එහා මෙහා කැරකුනා...
බේබි හාමු.....
....
ඕන පාටක් කියන්නෙ...අපිට ඕන පාටක් කියන්න පුලුවන්ද හාමු...
ඒ සුද්දියා.....ඉස්කෝලේ වැඩ කියලා ඇතුලට රිංගපු ඒකි පොතත් අතේ තියාගනම ඇවිදින් පැන්සලෙම්ම ඔලුව කහ කහ අපිට ඕන පාටක් ගාන්න පුලුවන්ද අහනකොට ඒකිට ආපිට උත්තරයක් නොදුන්නත් ඉන්ධර් හාමු ඇස් දෙක හීනි කරලා අත් දෙක පිටිපස්සට බැදන් කෙල දිහාව බලන් උන්නා....
බේබි හාමු ...අපිට බැරිද අයිස්ක්‍රීම් වල රෝස පාට ගාන්න....??
ඔය ඇහුවෙ මේකිට පෛයිත්තියන්ද මන්දා...බිබික්කමා දැන් දහ වංගියක් විතර කිව්වා විච්චූරන පාට බෑ කියලා .....විච්චූරන පාට බෑ කියන්නෙ ඉතින් ඉතුරු වෙන්නෙ සුදු විතරනෙ....අනේ මන්දා සුදු ගෑවත් තේරුමක් නෑ....අගු පිල් කැඩිලා හන්දා වැස්සක් වැස්සත් ඇති වහලෙන් වැටෙන වතුර බින්දු අගුවට වැටිලා අර ඔක්කොම කිරිමැටි මඩ වතුර බින්දු බිත්තියෙ වදිනවා...
අයිස්ක්‍රීම් ...රෝසපාට....??
ඔව්....අයිස්ක්‍රීම් රෝසපාට...නැත්තන් බිත්තර කහමද පාට....
කහමද පාට.....???ම්න්...ම්න්.....කහ...පාට....
අරකිට නම් පෛයිත්තියන්.....කහමද පාට කියනවා...ගිණිකන කහ....බිබික්කමාට කහ පේන්න බෑ.....ඒකනෙ මට කහ ශර්ට් එක ගන්න එපාය කිව්වෙ...
මං හුණු කැපිල්ල තියලා හොරාවට බිබික්කමග් මූන දිහා බලන් උන්නා.....මොනවා උනත් ලස්සනයි.....නහය....මූනකට.....මොනවා උනත් මහ මැනිකෙ මේකගෙ ඇදටික ඇරලා නම් වාත්තු කරලා වගේ අරන් තියනවා..මාව හදපු නැකත කියනවා...මහ නාකියා බිබික්කමව හැදුවෙ මොන යාමෙද දන්නෙ නෑ....ඇයි ඉතින් ඔව්වටත් යාමවල් තියනවනෙ...කෙල්ලෙක් හදන්ඩ නම් මේ යාමෙ...කොල්ලෙක් නම්...මේ යාමෙ....ඒකටත් මේ දවස..පෝය දවස.....සරු දවස ගගා.....බිබික්කම හදනකොට මැනිකෙට දුමත් අල්ලන්න ඇති නැත්තන් ඉතින් හතලිහ පැන්ලා අපේ අම්මටත් වඩා නාකි මිනිහට තවම ලපටියට වගේ සලකන්නෙ නැනෙ.....
සුද්දි මනාප කහ නම්...කහට තව සුදු ටිකක් කලවන් කරලා ගාන එකයි....
එතකොට හාමු ඒක බිත්තර කහමද පාට නෙවෙනෙ....
ම්න්...ඒපාට නෙවෙ...මල්වල පාට....
ම්ම්ම්ම්...මල්වල...පාට.....ගොම පාට ගාන්න බැරිද හාමු
සුද්දියා.....කට පියන් පලයන් ගෙට
මං අනිත් පාර හුණු නාගන කෑ ගැහුවා...පත්තර පිටුවලින් කවර දාපු ගනන් පොතෙ පිට කවරෙ එහා මෙහා කර කර උන්න සුද්දියා ආයම ගොම්බෙට්ටක් ගැන කතා කරනකොට මං බලාගන බේබි හාමු ලාවට වගේ ඔලුව දෙපැත්තට වනවා..හරියටම මේකිට පිස්සු කියන්න වගේ....
සුද්දි පාඩම් කරනවද....
එහෙමයි හාමු...ඒත් මගෙ හිතේ ගනන් වලට මනාපයක් නැනෙ
ම්ම්ම්...ඒමොකද.....
ගනින්න ගියහම අතෙ ඇගිලි දහය ගැනලා කකුලෙ ඇගිලිත් ගනොන්න ඕනා..අනිත් එක....අර වනසිංහ ටීච ගානක් හදන්ඩ දෙනකොටම පටන් ගන්නෙ....ඔයා ලග රුපියල් දාහක් තියනවා කියලා හිතාගන මට ඒකෙන් පන්සීයක් දුන්නම කියලා ඔහොම....ඉතින් හාමු...මගෙ ගාව කොහෙද ඔය හැටි දාහවල්...???
....
මං නලලට අත ගහගත්තා ..මේකිව කොටහලු වෙන්ඩ තිබුනෙ අවුරුදු පනහෙන් විතරයි පාර එහාට මෙහාට පැද්දෙනවා..අර බට්ට කොටුවෙ පනිනවා...ඉන්ධර් හාමු කට තද කරන් බලාගන ඉන්නවා..බිබික්කම මේකිට උගන්නලා තව පිස්සුවක් හැදෙයිවත්දෝ.....?
ඇරත් ..මගෙ ගාව දාහක් තිබ්බ නම්..අන් මක්කටද හාමු වනසිංහ ටීචර්ට පන්සීයක් දෙන්නෙ...??මං ඒක කඩේට මුදලාලියට දෙනවනෙ...ඒකා කොයි වෙලෙත් මූන දකින වාරයක් ගානෙම දෙස් තියනවා....
......
උදේට දැක්කත් එහෙමයි...දවාලෙක දැක්කත් එහෙමයි....ඇරත්....ඌ හෙන මනමාලයා වගේ බේබි හාමු....අයියා නම් බනිනවනෙ යන්ඩ එපා කියලා ..ඒත් ඉතින් ඌ ගල් අදින්ඩ ගියහම මං එපෑ කඩේ යන්ඩ...කොච්චර වා.....ත් කියන්නෙ රාක්කෙ පිහන්ඩ වරෙන්....රාක්කෙ පිහන්ඩ වරෙන් කියලා ....
උඹ ගියාද රාක්කෙ පිහින්ඩ...???
..නෑ....හාමු...අයියා ගියෙ....
මං ආපහු හුණු කපන්ඩ ගත්තා ...ඇත්ත....සුද්දියා කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත...අපි නයට ගන්න හන්දද කොහෙද ඒකගෙ වැඩේම සතපහක් වත් නොදි අපෙන් කොයි වෙලෙත් වැඩ ගන්ඩ බලන එක...ඒකත් අම්මට හරි සුද්දිට හරි....මම ගියෝතින් ඒකගෙ මූන කුන්ඪහට්ටියක් වෙනවා.....
මං බලාගන ඉන්ධර් හාමු අත් දෙක පිටිපස්සට බැදගන මොනවා හරි කල්පනා කරනවා...හාර්ඩ්වෙයාර් එකේ කොල්ලා ආපිට යන්ඩ ගියා...ද්ණ ගොම්මනත් ලගයි....බේබි හාමු පන්සල් යමුයි කියලා කිව්වා යයිද දන්නෙ නෑ.....ඒ යනවා නම් මට වරුවක් වත් නාන්ඩ වෙයි...මල් කඩන්න කිව්වෙත් මටමයි...
ඇසල.....
බේබි හාමු...
මාව ගැස්සිලා ගියා....මැදපු බිත්තිය මට්ටම් වෙලා තිබුනත් එක එක දේවල් කල්පනා කරන්ඩ හදපු මගෙ අතින් එක තැනක් වැඩියෙනුත් මැදිලා පොඩ්ඩක් විතර වල ගැහිලා තිබුනා...
යමු...ඔය ඇති....
ක්..කොහෙද බේබි හාමු....
ඇයි...ඇසලට මං පන්සල් යමුයි කිව්වා මතක නැද්ද....හෙට දවසෙම මට වැඩ ගොඩයි...ම්ම්ම්...අදම ගියොත් තමයි....අනිද්දයි පස්සෙ මං ආයම යන්ඩ එපැයිනෙ. එහෙම ගියහම ආයම මට පෝයකටවත් හෙලවෙන්ඩ හම්බවෙන්නෙ නෑ....
එහෙමයි හාමු...මං...නාගන එන්නම්...
හ්ම්....මාත් එක්කම යන්...
මගෙ බඩ රිදෙන්න ගත්තා...හාමුත් එක්කම යන් කියනකොට මට නාන්න ඕනනැහැත් වගේ හිතුනා...ඒත් නාන්නෙ නැතිව කොහොමද.....කතා කරලා තේරුමකුත් නැති එකෙ මං දූවල ගිහින් වෙනදා වගේම යකඩ පනිට්ටුවයි..මගෙ දියවුන තුවායයි අරගන මං වෙනදට ගාන හැම ජාතියෙම ඉතිරු උන සබන් පොතු ටික ගුලි ගහලා හදපු සබන් බෝලෙ වෙනුවට ඉන්ධර් හාමුගෙනත් තිබ්බ බඩු මල්ලෙම්ම සබන් කැටයක් තේරුවා...මෙතන සබන් කැට දුසිමයි.....කොහොඹ....සමන්පිච්ච ....මං දම්පාට කවරෙ තිබුන සමන්පිච්ච සබන් කැටේ ගත්තා....වෙන්ඩෝල් එකෙන් ගහන මෙ සබන් කැටෙ පුදුම තරන් සුවදයි....රාණි කැටේකුත් තියනවා....ඒකත් සුවදයි...
අනේ මට මොකක් ගාන්නද හිතන්න බැ...මෙච්චර දවස් ගාපු සබන් බෝලෙන් කිසිම සුවදක් ආවෙ නැතිවෙනකොට මෙතන තිබුන නානාප්‍රකාර සුවදවල් එක්ක මට මොකක් ගන්නද කියන්න හිතා ගන්න බැරි උනා....
බේබි හාමු...අද ලොකු මැනිකෙලා එන්ඩ රෑවෙනවැයි....
හ්ම්.....එන්ඩ රෑවෙයි....
ධර්මසේන හාමු හොදින්ද බේබි හාමු...
දැන් වයසයි නන්දා.....
අනේ...පව්...
මක්කටද පව්....මිනිස්සු වයසට යනවා ලෙඩ වෙනවා...මැරෙනවා...මක්කටද පව් කියන්නෙ....ම්ම්....කොහොමත් ...කසාදෙන් පස්සෙ දවසක ඇසලව එක්ක මං ලොකු අප්පච්චි බලන්න යන්න ඉන්නෙ....
අනෙ බේබි හාමු.....
මොකද උඹ....අමනාපද?
..න්..නෑ.....බේබි හාමු.....ඉදල්ගස් හින්නට යනවද මගෙ කොල්ලව අරගන.....
නන්දා....උඹගෙ කොලුවා උනාට...ඌ මගෙනෙ ම්ම්ම්...මක්කද උඹ කියන්න හදන්නෙ....උඹ කියන්නෙ මං හැමදාම උඹගෙ ගාව තියන්ඩ කියලද....
එහෙම නෙවෙ බේබි හාමු.....මගෙ එකාව අරන් යන්නෙ....හාමුලගෙ
අම්මටයි පුතාටයි සහලවල පිස්සු....උඹල ඔය මහ මැනිකෙගෙ මනස්ගාත ඔලුවට දාන් මගෙ යකා ආරූඪ නොකර ඉදපල්ලා...නන්දා මගෙ මාරයව ඇවිස්සුනොතින් එහෙම උඹලා දන්නවා බොහොම ප්‍රවේසමෙන්..ආ...
ස්...සමාවෙන්ඩ...බේබි...හාමු....දුප්පත් උනත් මං උගෙ අම්මනෙ ....මං උගෙ අම්මනෙ හාමු.....කොහොම උනත් ඌ මගෙ දකුනු අත වගෙ...ඒකයි
හ්ම්...හ්ම්...නාඩා ඉදින්කො...උඹලා හිත රිදවගත්තම අරකා නහිනවනෙ...මං ඒකට හිරිහැරයක් වෙන්ඩ දෙන්නෙ නෑ නන්දා ..බය නොවි හිටින්....මොක උනත් මං ඒකගෙ මිනිහනෙ ම්ම්ම්....
එහෙමයි....හාමු....මහ මැනිකෙලා නැති එකේ...හාමුට කන්න දෙයක්වත්
මං කුසියට වෙලා අහගන උන්නා... .. අම්මා අඩන්න ගිහින් නූලෙන් කදුලු නවත්ත ගත්තා ... වෙනමොකටවත් නෙවෙ...ඉන්ධර් හාමුගෙ කටහඩ තද උනා...හාමුට නොදැනුනාට...ඒක අපේ පැත්තෙ සාදාරනයි .....
ඒ අස්සෙන් මහ නාකියො දෙන්නා රෑටත් එන්නෙ නෑ කියන්නෙ බිබික්කමා සහගින්දරේද...අනිවාර්යයෙන්ම සුගලා දේවි ලපටියට ගිල්ලවන්ඩ කියලා යන්ඩ ඇති ඇයි ඉතින් මහ මැනිකෙගෙ ඇස් වලට තාම බිබික්කම හැදෙන වයසෙ ලපටියෙක්නෙ...දැන් ඉතින් ඔය මගුල දෙන්න ගිහින් පුදන්ඩ වෙන්නෙත් වෙන්නෙත් මටම තමයි..අපො එපා වෙනවා...ඔක්කොමත් හොදයි ලපටියා හන්දා මගෙ බඩ රිදෙනවා..යටි බඩ කොර වෙනවා....ඊටත් අර ඇස්...ඒ ඇස් කියන කතා...මහ මුහුද වගේ ගැඹුරු ඇස් අස්සෙ තියන කතා...අනේ මන්ද.....
නන්දා මොනවද හදන්නෙ...
බේබි හාමු පොල් රොටි වලට මනාපයි කියලා ලොකු මැනිකෙ නිතර දෙවේලේම කියනවා.....
ම්ම්ම්....හදාපන්කො එහෙනම්.....ගහලා මරන්ඩ පුලුවන් ඒවා නෙවෙ..වඩාපන් හීනියට....
ඔය පැන්නෙ බලලා මල්ලෙන් එලියට ...ලපටියට දත් නැතුවද හීනියට වඩන්න කියන්නෙ...මහත එකක් කෑවොතින් එකයි දෙකයි....හීනියට වඩාපුවා නම් සීයක් වත් කන්ඩ ඕනෙ....අනේ උඹ පොල් ගෙඩියක් වත් දෙනවනෙ හීනියට වඩාපුවා කන්ඩ ඉල්ලන්ඩ...හිටපන්කො මං වලව්වට ආවට පස්සෙ මුලිම්ම කරන්නෙ මහ රෑට පොල් කඩන එක...එතකොට මහ මැනිකෙට මොකුත් කියන්ඩ බෑනෙ..ඇයි ඉතින් මං අල්ලෙන්නෙම උඹවනෙ.....
මං තුවාය කරෙ දන් අම්මගෙන් රොටි ඉල්ලන බිබික්කන් සවාන දිහා ඇස් කොනින් බලන ගමන් එලියට එනකොට බේබි හාමු මාව දාල ඉස්සර උනා...මේක පුදුම වෙස් පෙරලිල්ලක් තමයි.....
ඇසල.....
බේබි හාමු....
ඇතුලෙන් නාගනින්....
කාරි නෑ හාමු මං ලිදටම යන්නම්....
ම්ම්ම්...මනාපයක්....ඒත් ළඟ එකෙන් තේරුනාද...ගොම්මනෙ ඔහෙ යනවා නෙවෙ....
එහෙමයි හාමු...
ඇස්වලත් එක්කම හුනු...මුනවත් ගැටගහන් නෑ...
ඉ..න්ධර් හාමු...
පොල් වත්ත මැදින් වලව්වට එනකනුත් වචනයක් වත් කතා නොකරපු ඉන්ධර් හාමු වලව්ව ඉස්සරහදි නැවතිලා මා දිහා බැලුවා...නානකාමරෙන් නාන්නලු...අනෙ මං මෙච්චර කල් නෑවෙ ඕකෙන්ද.....නැතුවට කාරියක් නෑ...පුරුදු තැන මට නිදහස් ...ඒත් ඈතට යන්න එපාලු....ලිද තියෙන්නෙ බේබි හාමුගෙ කාමරේ ජනේලෙ ගාවට පේනමානෙමයි....දැන් ඉතින් මට නාලත් හමාරයි.....යන්න හැදුවත්....දුරට යන්ඩ එපා ළඟ ලිදෙන් නාගන්ඩ කියපු ඉන්දර් හාමු යන්න ගියපු මගෙ ලගට ඇවිදින් හුනු ගෑවුන මූන පිට අල්ලෙන් පිහදැම්මා....
දැන් ඉතින් තියෙන්නෙ දිය වෙන්න.....මොන මගුලක්ද මන්දා...මේ ඉන්ධර් හාමු කියන්නෙම ස්පර්ශෙකින් උනත් මාව දිය කරන්න පුලුවන් මනුස්සයෙක් වෙනකොට පිට අල්ලෙන් මගෙ මූන පිහන ඉන්ධර් හාමු දිහා මං කීකරු පූස් පැටියෙක් වගේ බලාගන උන්නා....
ඇයි ඔහොම.බලන් ඉන්නෙ ම්ම්ම්ම්
අ..අනේ...න්..නෑ.හාමු....
කාරි නෑ...මේ ඇස්වලින් මාව නොබලා මගෙ මැනික වෙන කාව බලන්නද ම්ම්ම්ම්ම්....
මාව දියවෙන්න පටන් ගත්තා ....ඇසල කියලා සැරවෙන කටින්ම ආයම මෘදුවට මැනික කියනකොට මාව දියවෙනවා...ඒකත්...මගෙ මැනික කියනකොට නම්....මාව වැක්කෙරෙනවා.....ඉන්ධර් හාමු අර සිනිදු අත් වලින් මගෙ මූන පිහනවා....නාන බව දැන දැනම උනත් මට රිදෙන්නෙ නැති වෙන්න බේබිහාමුඅගෙ මුන පිහනවා...
ටිකෙන් ටික බැහැගන ආව ඉර තව හෝරාවකින් විතර බහින තරමටම පහත් වෙනකොට හැන්දෑවෙ එන සීතල හුලගට කලිසම පිටින් උන්න අඩ නිරුවත් මගෙ ඇගම හිරි වැටිලා ගියා...ඒක...ඇත්තටම හුලග නිසාද...නැත්තන් ඉන්ධර් හාමු නිසාද.....අනේ මන්දා....
දැන් හරි...නැත්තන් ඇස්වලය හුනු යනවා.....පරිස්සමින් ...ඇයි පරිස්සමින් වැඩ කරන්න බැරි ම්ම්ම්.....
මම ගොලු උනා...උත්තර දන්නවා උනත් ලගකදි ඉදන් මාව හාමු ගාව ගොලු වෙන්න පටන් ගත්තා .....මුලු මූනම පිහදපු ඉන්ධර් හාමු මගෙ බෙල්ලත් පිහ දැම්මා.....මං ඒත් උන්නා...හැන්දෑවෙ මද හුලග යන්න ගියේම ගහකොල නලවගන වෙනකොට හාමුයි මමයි උන්නෙ ඇහැල මල් පිරුන ඇහැල ගස් යට...!!!
දැන් හරි...
මගෙ බෙල්ලත් කටු පෑදුන උරහිසුත් පිහදපු ඉන්ධර් හාමු අවසානෙදි දැන් හරි කියනවත් එකම ඇහල ගහම නලවගන හීන් හුලන් රැල්ලක් ගියා....පුංචි පුංචි කහපාට බල්බ් පොකුරු එල්ලුවා හා සමනවම පිපුන ඇහැල මලුත් ඒ හීන් හුලන් රැල්ලට නැල්වීගන ගියා මදිවට තවත් නම් ඉන්න බැහැයි කියලා හිතුන හිතුවක්කාර ඇහැලමලක් අර බල්බ් පොකුරක් වගෙ දිලිසෙන මල් පොකුරෙ නටුවෙන් ගැලවිලා බ්මට වැටුනා....

බිමට කිව්වට බිමටමත් නෙවෙයි...!!!
කැරකි කැරකි ඇවිදින් මගෙ කෙස් ගස් අස්සෙන් පීරිලා ඇවිත් කෙලිම්ම මගෙ වම් උරහිස උඩට උරහිස උඩට කියන්නෙ කෙලිම්ම අර පෑදිලා තිබුන උරහිස් ඇටේ ගාවම තිබුන වතුරත් පුරවන්න පුලුවන් තරමට ගැඹුරු වලට.....!!
ඉන්ධර් හාමු බලාගන උන්නා....හරියටම ...ජීවිතේ පලවෙනිම පාරට ඇහල මලක් දැක්ක ගානට...ඒ මූනට හිනාවක් මතු උනා ....ලාවට උන්ත්..හරි ලස්සන හිනාවක් වෙනකොට ඉන්ධර් හාමු මගෙ මුනට පහත් උනා....
ඇහලයි....ඇසලයි.....දෙකම එක ළඟ....
........
මල මොකක්ද කියන්න මට හොයන්න බැරි තරමට මට උඹ හරි ලස්සනයි ඇසල....
ඉන්ධර්...හාමු....
හාදුවක් තියන්නත් හිතෙනවා...ඒත්...පන්සල් යන්න කලින් හිත ඉදුල් කරගන්නත් බැරි හින්දා...මගෙ හිතට වදදෙනවා...හාදුවක් කියන්නෙ හිත කිලිටි වෙන දෙයක්ද මැනිකෙ.....
...
ඇසල මල තවමත් මගෙ උරහිස උඩ...ඉන්ධර් හාමු හාදුවක් තියන්න අහනවා....හාදුවක් කියන්නෙ හිතකිලිටි වෙනදෙයක්ද අහනවා....අනේ මං මක්ක කියන්නද...හැමදාම වගේ අදත් මගෙ යටි හිත හාමුගෙ පැත්ත ගන්නවා...
මගෙ ඇහල මල....නලලට තියන හාදුවක් කියන්නෙම පරිස්සම කියන එකෙ පරිසමාප්තිය ..බෙල්ල තොල්පෙති කියන්නෙම කියන්නෙම සෘගාරය .....ඒත් ..උරහිස කියන්නෙ...ඒකට කියන්නෙ මොකක්ද ඇසල ම්ම්ම්ම්.....
ම්..මං...ද..දන්නෙ නෑ.....බේබි...හාමු
මට වචන පැටලුනා...මගෙ ඇස් මේ ගොම්මනෙත් දිසන්න ගත්තා ...හීනි හීනි හුලන් රැලි එක පිටඑක ආවත්....මගෙ උරහිස උඩ තිබුන ඇහැල මල නෙවෙ බිමට වැටුනෙ...
මලටත් ලෝබයිලු මගෙ ඇසලව දාලා යන්න...ඉතින් මැනික.....මලටම ලෝබ නම්....මං කොහොමද ලෝබ නොවී ඉන්නෙ...ම්ම්ම්
ඉ..ඉන්ධර් ..හාමු....
අමනාපයක් නැති නම්....මං තියන්නද උඹට හාදුවක් ...ඇසල දන්නවද...වෙලාවකය මේ ඇස් හරියටම වීදුරු මල් වගේ....දිලිසෙනවා...හිනාවෙනවා....බයවෙනවා...අහිංසක කම උතුරනව...මේ ඇස් වලට කල්පයක් උනත් ආදරේ කරන්න පුලුවන් ඇසල.....
දන්නවද....මිනිස්සු ආදරෙ කරන්නෙම හදපායපු රෑට....ආස නැද්ද උඹ...මට තුරුල් වෙලා මුලු රෑම....හිමීට මුනුනන්න...උඹ නොහිතුවට...මේ පලල් පපුව අස්සෙ ආදරේ තියනවා උතුරන්න....කවියෙක්ට උනත්....කවො හිතක් පහල වෙන්න....දකින්න ඕන එක අංශුමාත්‍රයක් විතරයි ඇසල....එහෙම කවියෙක්ම....ආදරෙ කරන්න ගත්තම.....
නිකමට හිතපන්...මොකක් වෙයිද.....ම්ම්ම්ම්...උඹ කියන්නෙම මට කවියක් ...මගෙ ආදරේම උඹට අධි මාත්‍රාවක්....ඒත් ඇසල....අධිමාත්‍රාව උනත්...වෙලාවකට වහක්....වහ උනත් මොකද...බන්...ආදරේ උඹට නම්....ම්ම්ම්ම්...මගෙ ඇහැල මල...උඹ....
මට දැන් පිස්සු වගේ.....උලින් මුලින් ගොත ගහපු මට දැන් ගොත ගහන්නත් බැහැ වගේ ....හාමුගෙ උනුසුම් හුස්ම මගෙ නිරුවත් පපුවට වැදිලා වැදිලම හදවත දියවෙවී යන්න් ගන්නකොට ඉන්ධර් හාමුගෙ මහ මුහුද වගෙ ගැඹුරු ඇස්දෙක පුරාවටම හාමු කියන අර "ආදරෙ අධිමාත්‍රාව" පිටාර ගලනකොට ඉන්ධර් හාමු මගෙ ඉන වටේ අත යවලා හුනු නාගන ඉන්න බව ගනන් නොගනම මාව ලගට ගන්නකොට මගෙ අතේ තිබුන යකඩ පනිට්ටුව අතින් අතෑරුනා...එකත් මහ සද්දෙට.....
ඒත් ඉන්ධර් හාමුගෙ දැහන බිදුන් නෑ...හාමුගෙ හයිය අතක්.මගෙ කරන් ගැට්ටි වෙලා තිබුනත් හරි හීනි බද වටෙ එතුනා මදිවය මොන කරුමෙටද මන්දා මාව ඇගිලි තුඩු වලින් උඩටත් ඉස්සුනා....
මේක හරි අසාධරනයි....ඉන්ධර් හදන්නෙ වචනවලින් මාව මරන්න...!!!
ඇසලා.....කිලිටි වෙන්නෙ නැති නම්...හාදුවක් තියන්නද.....ම්ම්ම්ම්.....උඹ බයද මැනික.....නැත්තන් ...ලැජ්ජද....මුලු මුනම රතු කරගන....ඉතින් මං කොහොම නම් අත අරින්නද....ඇසල දන්නවද....නොකියන ආදර කතා තිබුනෙම ඇස් අස්සෙ කියලා ...
මං මගෙ ඉල ඇට එලියට පෑදෙන තරමට හුස්මක් ඉහල ඇල්ලුවා...මොකද .....හාමු නොදන්නවා උනාට මගෙ යටි බඩ ඇතුලෙන් මහවැලිය වාන්දාන්න පටන් අරගන.....දෙපාරක් තුන්පාරක්ම හාදුවක් තියන්නද ඇහුවත්...කටින් උත්තරයක් දීගන්න බැරි උන මං මොකුත් නොකියම මගෙ මුන දිහා බලාගන සැරින් සැරේම උගුරු ගැටේ ඉහල පහල යවන මේ වයසක බඹරා දිහා හරි අමාරුවෙන් බලන් ඉදලා අවසානෙදි ඇස් පියාගත්තා ....අනේ මගෙ යටි හිතට ඉන්ධර් හාමු අල්ලස් දීලා...
ඒ කියන්නෙ මනාපයි උඹ!!!!
එච්චරයි මට ඇහුනේ.....ඇස් දෙක පියාගත්තු මට ගින්දර හා සමාන උනුසුම් හුස්මක් බෙල්ලට වදිනවත් එක්කම ඉන්ධර් හාමුගෙ හයිය අතේ පිහිටෙන් උන්න මාව හාමු සිපගත්තා .....
බෙල්ලවත්...නලලවත්...දෙතොලවත් නෙවෙ.....කෙලිම්ම අර ඇහැල මල රැදුන වල ගැහුන උරහිසට වෙනකොට දරාගන්න බැරිම තරම් හාදුව බර හන්දම මට එක පාරම ඉන්ධර් හාමුවගෙ පලල් උරහිසක් මිරිකුනා....!!!....මට හාමුගෙ නම මිමිනුනා....
" ඉන්ධ...ර්....."

ඔබ හා මෙමා අතිනත් දරා
අපගේ ලොවේ තනි වූ එදා...
ඔබ මා දෙපා..දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා....
"මගෙ ඇහල මල.....උඹ දන්නවද.....නුඹ ඍතුවක්....ඉඩෝරෙක මල් පිපෙන...මොන තරම් කර්කශක උනත් මගෙ ඇහල....උඹ පිපියන් හරි ලස්සනට...මොකද ....මේ වයසක හාමු හැමදාම බලන් ඉන්නවා මගෙ ළපටි මල දකින්න...."
නමෝ තස්ස...භගවතෝ...අරහතෝ...සම්මා..සම්බුද්ධස්ස ...
අන් උන්නෙ අත් දෙක වැදගන....වට්ටිය පුරවලම ගෙනාව වතුසුද්ද වගේම අරලිය මල් ආසනේදි බුදුන්ට පූජා කරපු මම උන්නෙ ඉන්ධර් හාමුට සමාන්තරව ....
පූජාකරපු මල්වට්ටියට...අවුලපු මැටි පහනකට.....පත්තු කරපු හදුන් කූරට මාත් එක්කම අත ගහපු ඉන්ධර් හාමු උන්නෙ මට එහා පැත්තෙන්...මගෙ ලගම ඉදන් බුදුන්ට වැදගන....
තනිම සුදු සරමට....නැශනල් ශර්ට් එක ඇදන් උන්න ඉන්ධර් හාමු ඉටි රූපයක් වගේ...වැවුන උඩුරැවුල උඩුඅතට කරකවන් ඉන්නකොට අනේ මන්දා...හාමු ගාව තිබුනෙ වෙනමම රූපයක්...හරි තද රූපයක්....
අමු සිංහලෙම්ම කියනවා නම්....ඉන්ධර් හාමුට තිබුනෙම ගෑනුන්ගෙ තුන් හිතම හොලවන කිරිගරුඬෙන් අඹාපු රූපයක් .....
වෙනදට කාර් එක නැතුව අඩියක් වත් නොයන හාමු අද මා එක්කම බොරලු පාරදිගෙ පයින් ආවා...දරන්න බැරි හාදුවක් එක්ක ඉන්ධර් හාමු මට කිව්වෙම මම ඍතුවක් ලු ඉඩෝරෙක මල් පිපෙන කියලා ....
හරිද ..
හරි....හාමු.....
රටා තියලා අතුගාපු වැලි පොලවෙ තැනින් තැන බෝ කොල වැටිලා තිබුනා පෑගුනෝතින් පව් සිද්දවෙයි කියන බයටම මං හාමුගෙ පස්සෙන් ගියේ බිම තිබුන බෝකොල බේර බේර වෙනකොට අපි ඉස්සරහට පන්සලේ ලොකු සාධු ආවා.....
සුවපත් වේවා....
සුවපත් වේවා.....
ඉන්ධර් හාමු ලොකු සාධුට වැන්දා.....ඒ එක්කම මාත් වැන්දා...
මේ අපේ ඉන්ධර් බේබි හාමුනෙ....
එහෙමයි අපෙ හාමුදුරුවනෙ ...
ආ..මේ අපේ නන්දගෙ ලමයත් ඉන්නෙ....
එහෙමයි ලොකු සාධු....
ඉන්ධර් හාමු...තකහනක්ම...මාව හම්බෙන්ඩ ඕනයි කිව්වෙ.....මොකක් හරි කාරනාවක්ද...
එහෙමයි අපෙ හාමුදුරුවනෙ ....අනිද්දා දොහෙ...මගෙ කසාදෙ....ඇසලටයි මටයි පිරිත් නූලක් බන්දවගන්න.....
බොහෝම හොදයි.....
මම අත් දෙක එකට ලන් කරගන ඉන්ධර් හාමුයි ලොකු සාධුයි කතා කරන එක අහන් උන්නා...තකහනක්ම ආවෙ පිරිත් නූලක් බැදන් යන්නලු.....ඒකත්.....හාමුට විතරක් නෙවෙ...මටත් එක්ක....අනේ මන්දා මගෙ පපුව ඇදුම් කනවා.....
ඉන්ධර් හාමු මහත්තයා දැන් ඔය තියනවයි කියන අපල පිල්ගන්නවද.....
තිබ්බා..හෝ....නැතා.....මීට එහා නම් ආය මගුල් නැකත් බලවන්නෙ නම් නෑ අපෙ හාමුදුරුවනෙ ....ඔය හැටිත් මොකටද....තව අවුරුදු කියද මට පනහයි....එයින් එහා මක්කද අපෙ හාමුදුරුවනෙ ...
......
මං අතට බැදපු මගෙ පිරිත් නූල දිහා බලාගන උන්නා...තුස්තුන් කෝටියක් දෙයියො ඉන්නවලු.....අනේ ඉතින් ඔය කෝටි තිස්තුනෙන් එක දෙයියෙක්ට බැඩි උනා නෙ අපේ දුප්පත් පැල දිහාවට ඔලුව හරවන්න.....ඒත්...දෙයියන්ටත් දෙස් තියලා කොහොමද ...කෝටි තිස්තුනක් උන්නත්...මිනිස්සුන්ට තියන ප්‍රශ්නවල හැටියට.....එහෙම බලන් ගියහම ඇහැට පේන්නෙ නැති මගෙ දුප්පත් පැල අත ඇරෙනවා සාධාරනයි
ඇසල...යමුද.....
බ්..බේබි හාමු...
බිම තිබුන බෝ කොලෙ ඇහිදගත්තු මං නටුවෙන් කරකෙව්වා....ලොකුසාදු ගාව හෝරා බාගයක් විතර කතා කරපු ඉන්ධර් හාමු මගෙගාවට ඇවිදින් යමුයි කියලා කියනකොට මං බලාගන බෝ අත්තෙන් බාගයක් වැහෙන්න අර පුතාගෙ අපල දුරුවේවා..මේ පුතාගෙ අපල දුරු වේවා කියලා කලු අකුරින් ලියලා තිබ්බ සුදු රෙදිකඩවල් දුසිමක් විතර හුලගත් එක්ක එහා මෙහා යනවා....
මට එකපාරම අප්පච්චි මතක් උනා...
අප්පච්චි ගෙ නමත් මෙතන ගැහුවොතින් ....අපිට හරියයිද...
ඇසල...
බෙබි හාමු.....
මොනවද කල්පනා කරන්නෙ...
රෑ බෝවෙලා.....අහුලගත්තු බෝ කොලේ මගෙ කලිසන් සාක්කුවෙ....නිල් පාට පහන් එලි මුලු පාර දිහටම එලියට කරනකොට තාර නොදාපු බොරලු පාරෙ විතරක් පහන් කනු ඈතින් ඈත තිබ්බා...තැනක් අන්දකාර වෙනවා ..ආයම එලි වෙනවා....තැනක් අන්දකාර වෙනවා...ආයම එලිවෙනවා...
.ඇසල.....
බ්..බේබි හාමු...
නොහිතපු වෙලාවක ඉන්ධර් හාමු මගෙ අත අරගන හාමුගෙ අතට පටලව ගත්තා ....
අද වලව්වට එනවද.....
ඒ..ඒ ඇයි හාමු....
මගෙ තනියට ....
හ්..හාමුගෙ.....
ඇයි....ඇසලට බයද....
අයමත් මට බඩේ කොරේ ඇල්ලුවා.....මෙච්චර කාලෙකට තනියෙන් උන්න ඉන්ධර් හාමුට කවදාවත් නැතිව තනි කමක් දැනිලා තිබුනා....
බ්..බේබි..හාමු.....
හාමුගෙ අතට මගෙ අත පටලවන් සමාන්තරව ආපු මං එකපාරම ණැවතුනා.....මං බය උනා....නෑ..මට නිකන් බය හිතුනා...කසාදයක් කසාදයක් කිව්වට .....ඉන්ධර් හාමුගෙ බර වචනවලට බඩ රිදව ගත්තට...මගෙ හිතේ මේවෙනකන් වත්...ඉන්ධර් හාමු ළඟ නිදියන රූපයක් විහිලුවටවත් ඇදුන් නෑ.....
බයද...මැනිකට....
.ඉන්ධර් හාමු ආයම අහනවා...බයද මැනිකට කියලා මුමුනනවා....පොතක වචනෙකින් විතරක් දැකපු වචනයක් වෙච්ච ශෘගාරය ඉන්ධර් හාමුගෙ කටින් කොයි වගෙද අහපු තත්පරේ ඉදම්ම මගෙ ඇගපත පන නැතිව ගියා මදිවට අද හාමු තනි රකින්න එන්න කියනකොට මට පම නැතිව යන්න ආවා....
කාරි නෑ....බය නම්....මං බල කරන්නෙ නෑ උඹට....මං සල්ලාලයෙක් නෙවෙ ඇසල....තලනවා කියලා ඔහොමත් තලන්න...උඹ මගෙ ඇස්වලට කිතුලක් නෙවෙනෙ....ම්ම්ම්ම්.....පෙත්තෙන් පෙත්ත හිමින් දිග අරිනවා මිසක්ක....තලන කිතුලට වගේ මට උඹව එකපාරම නම් තලන්න කොහොමත් හිතක් නෑ ඇසල.....
ඉන්ධර් හාමු මගෙ ඔලුව අත ගෑවා..මෙ රෑ...බොරලු පාර මැද අපි දෙන්නා නැවතිලා උන්නා...හාමු කියවනකොට මං හැමවෙලේම නිහඩයි ....
අද ගෙවුනම....හෙට දවස විතරයි .....මං නැති වෙලෙක.....වලව්වෙ ඉන්ඩ මනාප නැත්නම්....ඇසලට පුලුවන් ගෙදර යන්ඩ....තේරුනාද....හැබැයි ඉතින්...මං එනකොට උඹ ඉන්න ඕනෙ...තේරුනාද...මනාපයි හරියටම ලොකු මැනිකෙ.....ලොකු හාමු එනලන් බලන් ඉන්නවා වගේ උඹත් මං එනකන් බලන් ඉන්නවට...ඒත්....ඉතින්....එව්වා කටින් කියලා කරවගන්නවට වඩා....හිතින්ම හිතෙනකොටයි ලස්සන....
ඉන්ධර් හාමු මගෙ පිට අල්ලට හාදුවක් තිබ්බා....හාමු මනාප මමත් හාමු එනකන් දොරකොඩට වෙලා බලන් ඉන්නවටලු...ඒත් ඒක කටුන් කියලා නෙවෙ...හිතින්ම එන්න ඕනලු.....
ඇසල.....දෙයක් අහන්නද...
අහන්න...බේබි...හාමු...
උඹ මා එක්ක එන්නෙ බයෙන්ද....?ම්ම්ම්..මගෙන් බලහත්කාර කමක් වෙයි කියලා උඹට හිතෙනවද...
මං බිම බලාගත්තා ....අනේ මට කවදාවත් එහෙම හිතුන් නෑනෙ.....නපුරු කම කොහොම උනත්....මට අල්පමාත්‍රයකින් වත් හාමු ගැන අහිතක් හිතිලා නෑ
ඉන්ධර් හාමු....
ම්ම්ම්ම්....
මට...කවදාවත් ....හාමු ගැන...අහිතක් හිතිලා නෑ...හාමු.....
ම්ම්ම්...එහෙනම්...මගෙ ඇහල මලට පුලුවන්ද ..... මේ හමුට ආදරේ කරන්න.....හතර රියනක් විසාල පබිලියන් ඇදේ...දෙපැත්තකට බෙදෙනවට වඩා.....අල්ලක් සයිස් ඉඩක තුරුල් වෙලා නිදියනකොට ...ආදරේ වැඩියි ඇසල....
නලලට තියන පුංචි හාදුවකින් පටන් ගන්න හාදුව අහවර ඒන්නෙ මහ රෑක හති ලාගන වෙනකොට ..ඒක හරි ආදරනීයයි ඇසල....මේ නලලට....මේ ඇස් වලට.....මේ නිකටට....මේ කම්මුල් වලට පුංචි පුංචි හාදු හුගාක් එක්ක....අවසානෙදි මට ඕනෙ මේ රතුපාට දෙතොල් වරුවක් යනකන් රස බලන්න හැබැයි හරි හිමීට...
දන්නවද මගෙ ඇහල මල....ආදරේ කරන එක....විදින එක..කලාවක්...හැබැයි...කලාත්මක මිනිස්සුන්ට...කාමුක ඇස්වලට..අඩ නිරුවතක් කියන්නෙ කෙලසලා තලන්න පුලුවන් හැගීමක් උනත්...ආදරේ පිරුන මිනිස්සුන්ට අඩ නිරුවතක් කියන්නෙ අනන්තයක් නොපෙනන හරි ආදරනීයම සෘංගාරයක් ඇසල...
හති ලාන එකත් කලාවක්....විසල් පපුවක්....තාලෙට මිසක්...හදිස්සියට උස්පහත් වෙන්න හරි නරකයි.....තේරුනාද උඹට...ම්ම්ම්ම්ම්...උඹ මාව පිස්සු වට්ටනවා මගෙ ඇහල මල.....
උඹ අහලා තියනවද.. නාඹර බඹරුන්ට වඩා.....විසේ වැඩිම වියපත් උන්ට.....ම්ම්ම්ම්ම්ම්
කාරි නෑ...හදිසියකුත් නෑ...උඹට පුලුවන් ඕන තරමක් කාලෙ ගන්න.....මෙච්චර කාලෙකුත්...සිල් රැක්ක එකේ.....මට මක්කටද ඇසල හදිසියක් ම්ම්ම්ම්...
මං මගෙ කකුලෙ ඇගිලි වලින් මහපොලව බදාගත්තා .....මං මොකුත්ම නොකිය උන්නා...ඉන්ධර් හාමු අහනවා මට ආදරෙ කරන්න පුලුවන්ද කියලා ....මං මොනවද මේවට කියන්නෙ...ගහෙන් ගෙඩි එන්නා වගෙ හා කියන්න කොහොමත් බෑ.....ඉන්ධර් හාමු කියන්නෙම ආදරෙ හරි ගැඹුරිම්ම දකින කෙනෙක්...ඒත්....මං දන්නව..කවදක හරි මගෙ හිත වෙනස් වෙලා...හාමුට ආදරේ කෙරුවොතින්.....අනේ සත්තයි ....හාමු මාව බලාගනී ඇහැක් වගේ.....සීයට සීමිත ගානකදි මගෙ වාහෙ වෙලා...ඉතුරු සීයට ගානම මට අප්පච්චි කෙනෙක් වේවි.....
මං කදුලු පුරාවන් ඉන්ධර් හාමු දිහා බැලුවා.....
ඇයි මේ ...ම්ම්ම්....මොකටද හිත රිදවගත්තෙ....මං වයස හන්දද ..
අනේ නෑ හාමු....
එහෙනම්....ආයම මනස්ගාතයක් හිතුවද මගෙ ඇසල
මං නැ කියලා කියන්න ඔලුව දෙපැත්තට වැනුවා ...
එහෙනම් ...මක්කද ඔය හිතේ හංගන් ඉන්නෙ.....ඔහොම ඇස්වල කදුලු පුරවගන්න එපා ඇසල...මේ ඇස් අපරාදෙනෙ ම්ම්ම්ම්...මනපයක් නෑ මේ ඇස්වලට කදුලු එනවට...දන්නවද ....මල් අඩනකොට බලන් ඉන්න හරි දුකයි කියලා ම්ම්ම්ම්.....කියපන්...මක්කද කාරනාව මේ ඇස් තෙත් කරගන්න තරමට...
ඉන්ධර් හාමු මගෙ නිකටින් අල්ල ගත්තා .....අල්ලන් මගෙ මූන ඩීංගිත්තක් හාමු දිහාවට උස්සගත්තා ...දැන් හාමුගෙ උනුසුම් හැම හුස්මක්ම මගෙ මූනෙ වදිනවා ...කතා කරන ඇස්දෙක මගෙන් උත්තර අහනවා...කට ළඟ තියන උත්තරේ දිගන්න බැරි තරමට හාමුගෙ බැල්ම මාව ගොලු කරනවා...
තවත් නම් මෙක කරන්න බෑ.....මීටත් වඩා නම් මට තවත් මේක කරන්න කොහොමත් බැ....ඒ ඇස් දෙක දිහාම බලන් උන්න මං...හරි අමාරුවෙන් හුස්මක් අරගන....ඉන්ධර් හාමුගෙ අර පලල් පපුවට එක අතක් තිබ්බා...
මට...තව ටික දවසක්...දෙනවද ඉන්ධර්.....එතකොට ...මට...පුලුවන් ....බය...හැක....නැතුව.....ආදරෙ කරන්න.....ඒත්...එක...පාරම...නෙවෙ.....
.චුට්ට චුට්ට....එහෙමද මගෙ මැනික මනාප.....එකපාර ආදරේ ගොඩක් නොදි...සැරින් සැරේ දෙන්න.....ම්ම්ම්ම්ම්...මනාපයි...ඕනම දෙයක්...එකපාරම දෙනකොට කොහොමත් අගයක් නෑ කියනවනෙ....මගෙ ඇසලට මනාප දෙයක්.....මට පුලුවන් ඔය පොඩි හිත තේරුම් ගන්න...හදක් උනත් ටිකෙන් ටික මෝරනකොටයි හුගක්ම ලස්සන ම්ම්ම්...මට පුලුවනි බලන් ඉන්න....ළපටි හද හිමි හිමීට මෝරනකන්.....තේරුනාද මගෙ ඇසලට .....
එහෙමයි.....බෙ..බෙබි හාමු...
හ්ම්.....වරෙන් යන්න....තවත් උන්නොතින් මට වෙන්නෙ ආයමත් පපුවට තෙරපගන්න.....එහෙම උනෝතින් මට වෙන්නෙ මෝරපු නැති හදක් එක්ක නිදි වදින්න...
මං ලැජ්ජාවටම බිම බලාගත්තා ...හාමු මහත්තයා මොනව කියනවද මන්දා .....කිව්වත් වගේ අහසට පායන හදත් හරි හිමීට නැගගන එනකොට හරියටම මුදුන් වෙනකම්ම මෝරපු පාටක් නැති උනා.....
බේබි හාමු....මං...මගට එන්නද
ඒමොකටද ...
හාමු තනියෙන්නෙ....
එතකොට ආපිට එනමග උඹ තනියෙන් නෙවෙද .....ගෙට පලයන් ...මට පුලුවන් යන්න.....රෑ දෙගොඩ ජාමෙ නැගිටන් කල්පනා නොකර නිදාගනින්.....මේ මූන තඩිස්සි වෙන එකට මං මනාප නෑ ඇසල....
මං බලාගන උන්නා...කහපාට පන්දම් එලිය පොල්වත්ත මැදින් වලව්වට යන හැටි මං පිටිපස්සට වෙලා බලාගන උන්නා .....
පන්සල් ගිහින් ආව හාමු කෙලින්ම නැවතුනේ අපේ ගෙදර ..වෙනදට සැප පහසුවට වාඩිවෙලා කන ඉන්ධර් හාමු අද කෑවෙ ලාම්පු එලියෙන් අපිත් එක්ක...
සුගලා දේවිය දැනගත්තා නම් බිබික්කම මෙහෙ ඇවිත් බිම වැටීගන රොටි ගිල්ලයි කියලා හවඩියෙන් බෙල්ල වැලදාගන්නවා...ඇයි ඉතින් ලපටියට වැලිඇටයක් වත් පෑගෙන්ඩ අකැපයි කියලනෙ හිතන් ඉන්නෙ... ..බුදුහාමුදුරුවො උන්නෙ නැත්තන් ඔය් මැනිකෙ කියාවි බිබික්කමත් පලවෙනි පාරට අඩිය තියනකොට නෙලුම් මල් පිපුනයි කියලා .ඒතරම් මහන්තත්ත කමක් ඔය මහ මැනිකෙට තියෙන්නෙ....ඒත් ලපටියා ඇවිදින් මෙහෙ හොටු නාගන රොටි ගිල්ලෙ....
ලපටියා නම් බිබික්කමක්ම තමයි මිරිස් ටිකක් කා ගන්ඩ බෑ...ඒකට මොකද හද ගැන කතාව....
ආ පුතෙ....
ම්ම්....
හාමු මහත්තයා ලොකු හාමුදුරුවො එක්ක මක්කද කිව්වෙ...
මන් උන්නෙ පාට පාට පන් පැදුරෙ...ලාම්පුවෙ එලිය අඩූම කරලා තිබ්බත් පායපු හද එලිය මට තවම හොයා ගන්න බැරි උනා....අම්මා අහනවා ලොකු හාමුරුවො මොනවද කිව්වෙ කියලා ....
බිබිකමට ඇති අපලයක් නෑ ඔය මහ නාකියගෙ මනස්ගාත කියන්නෙ.....
අනෙ අම්මෙ...උඹ ඔහොම කතා කරන්ඩ එපා ඇසල...අරකිට ඇහුනම ඒකිත් තැනක් නොතැනක් නැතුව උඹ කියන නමම කියනවා මං බයේ උන්නේ ඒකි බේබි හාමුට උඹ වගේම බිබික්කම කියයි කියලා...
ඇත්තනෙ...බිබික්කමක් නේන්නම්....දැක්කනෙ....රොටි කෑල්ලට වතුර ජෝගු දුසිමයි...රොටි තුනයි වතුර කලයයි....අනේ මන්දා වයසට ගියාට මොකද හාමුවා මහ ලපටියෙක්
අන් අනිත් පැත්තට හැරුනා. කවි නම් කියන්ඩ එනවා....ලුණුමිරිස් ටිකක් ගිලගන්ඩ බෑ.....තාම මහ් උන්දා හරහට ගන්නවද දන්නෙ නෑ.....ඒ තරම් බිබික්කමක්නෙ.....
හද දිහා බලාගන උන්න මම සුද්දියත් නිදි නැති එකේ රෙඩියෝ එක දාන්න හැදුවා...ඒත් ඔකෙ බැට්‍රි කෑලි බැස්සම...ඕන් නෑ..හෙට හුනු ගාන්ඩ එන හන්දා උදෙම්ම නැගිටින්ඩ ඕනේ....අම්මා උදෙම්ම වලව්වට යාවි.....ඇයි ඉතින් නාකි ජෝඩුව එනකොට අටේ කනිසමත් පහුවෙයි කිව්වන්....බිබික්කම ඇස් අරින්න කලින් කිරි එක නොතිබ්බොත් මට ගිහින් කිරි දෙන්න වෙයි...
ආ අම්මෙ....
ම්ම්ම්...
හෙට මොනවද හදන්නෙ... උදේට....අර කොල්ලත් එයිනෙද හාර්ඩ්වෙයාර් එකේ...එන්න එපැයි ඌනෙ හුණු ගේන්න්...
බේබි හාමු වෙල්ලවැහුම් ඉල්ලුවෙ...
වෙල්ල වැහුම්....?
ආසාවනෙ....
මං ආයම හැරුනා....ලපටියට ඒ පාර වෙල්ල වැහුම් ඉල්ලලා....අරකිත් හෙට ඉස්කෝලෙ යනවා දැන් ඉතින් පොල්ගාපන්කො.....කමක් නෑ අම්මා පව් දෙකට නැවීගන පොල් ගානකොට කොන්ද ඇවිලෙනවා කියනවා....අප්පච්චි හන්දා ...අප්පච්චි ගෙ ගුටිමුර හන්දා අම්මා බලන් ඉද්දි තවත් දුර්වල උනා.....
වයලටාට නම් හොදක් වෙන්නෙ නෑ....වඩිය පෙරලිලා මුලු ගුබ්බෑයමම ගිනි ගන්නවනම් අනෙ ඒකත් කාරි නෑ....
එහාටත් හැරුන මං මෙහාටත් ආපහු හැරෙනකොට අම්මා ලාම්පුව සම්පූරනම නිවලා දැම්මා...අවසානෙදි ලාම්පු එලිය හන්දා ගෙට නෑවිදින් දොරකොඩ උන්න හද එලිය දුප්පත් අපෙ පැලට වැටෙනකොට හෝරාවක් පහුවෙලත් නින්ද නොගිය මගෙ ඔලුව අස්සෙ ඉන්ධර් හාමු සක්මන් කරන හන්දම මන් සින්දුවක් දැම්මා....දයාන විතාරන මහත්තයා ආවා හරි ආදරෙන් සින්දුවකට පන දෙන්න ගත්තා ...හැබැයි සින්දුව කිව්වෙ දයාන් මහත්තයා කාට උනත්.....
අනේ එක පාරටම මට ඉන්ධර් හාමුව මතක් උනා.....
ඉරුගල්බන්ඩාර වලව්වෙ එකම පුරුකව මට මතක් උනා....
දයාන් මහත්තයා කියනවා ඔබ වසන්තයක් වගෙයි කියලා .....
එතකොට ...ඉන්ධර් හාමු????

ඔබෙ සුසුම් පවන් සලයි....
මගෙ කොපුල් පුරා වෙලෙයි.....
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි.....
උණුසුමට මාව තෙමෙයි...
ඔබ හැඟුම්බරව දොඩයි...
ඒ වදන් කවිම තමයි...
ඔබ වසන්තයක් වගෙයි
හෙට ගිමන් කලද සැකයි... .....
ඉන්ධර් ....මට...උඹට ආදරේ කරන්න පුලුවන් වේවිද ....ඉන්ධර් ...?....

ඇසල...
ලොකු මැනිකෙ.....
මහ රෑ දෙගොඩ ජාමෙම මගෙ හීනවලට ඉන්ධර් හාමු ආවා....ඇවිදින් කිව්වෙම උඹ මගෙ ළපටි මල කියලා ....එක තත්පරයක් වත් මට සැනසීමක් නොදුන්න ඉන්ධර් හාමු කෙරුවෙම හීනෙනුත් මාව ඒ පපුවට තූරුල් කරගත්තු එක වෙනකොට හීනෙ උනුහුම කොයි තරම්ද කියනව නම්..අනේ මං එලිවෙන ජාමෙටත් නිදියලා තියෙන්නෙ පැදුරු කඩමාල්ල උඩ පොරෝන රෙද්දත් නැතුවම.....
වෙනද වගේම පොල් රුප්පාව එලි කරගන ඉරපෑව්ව...මහ ජෝඩුව එන්නත් කලියෙන් වෙල්ල වැහුම් හදන් වලව්වට දුවපු අම්මා අනේ පොල් ටික ගාවන්ඩවත් මාව ඇහැරවන්නෙ නැතුවම තට්ට තනියෙන් පැනිපොල් හදන් තිබුනා.....
එක්කො අම්මට මගෙ පතුරු ගියපු අත දැකලා දුක හිතෙන්න ඇති....
අටෙ කනිසම පහුවෙනවා එක්කම හාර්ඩ් වෙයාර් එකේ කොල්ලා ආවෙ හුනුත් අරගන ..සුද්දියා ඉල්ලපු අයිස්ක්‍රීම් රෝස පාට නම් තිබුන් නැ...හැබැයි ඉතින් බිත්තර කහමද කහපාට තිබ්බා...ඒත් ඉතින් ඉන්දර් හාමු කිව්වා වගේ සකරමොටන් පාට නම් ගාන්ඩ බැරි හන්දා කොල්ලා අර හුනු එකට සුදු හුනුත් කලවන් කරලා ගත්තම අවසානෙදි මගෙ මුලු දුප්පත් ගෙදරම තනිකරම ඇහැල මල් පාට උනා...
හාමු මේ තරම්ම ආසද ඇහැල වලට....
හැබැයි අරකිගෙ බිත්තර කහමද වලට වඩා නම් හොදයි...
ඇසල....කෝ කොල්ලො උඹ....
මේ එනවා ලොකු මැනිකෙ....
මගෙ කල්පනාව බිදිලා ගියා .හෙන්දිරික්කා මල් පාත්තිය වටෙම තිබුන වල් ගස් උගුලන්ඩ කියාපු මහ හාමුවා දැන් හෝරා ගානක ඉදන් මන් ලව්වා වල් පැල ගලවගන්නවා...උදේ ඉදන් ගෙදර නැහුන මට අදත් ගුනෙ මාම ව මග ඇරුනකොට දවල් ගෙදර ආව අම්මා ආවෙ හිස් අතින් වෙනුවට මහ මැනිකෙ මට එන්ඩයි කියලා කියාපු පනිවිඩිතෙ එක්ක වෙද්දි ඒ ආව වෙලේ ඉදලම මං තාම මේ වලව්වට කඹුරනවා...
ඇසල ඔක්කොම ගැලෙව්වද ...
එහෙමයි ලොකු හාමු.....ලොකු මැනිකෙ එන්ඩලු..... .මං බලලා එන්ඩද හාමු....
හ්ම්...බලලා වරෙන්කො...දාස් පෙතියා පැලවගයක් ගෙනාවා....එව්වා ටිකත් ඉන්දවපන්.....
හා එහෙමයි හාමු...
මගෙ මුන කොරොස්කට්ටක් උනා....මොන මගුලක්ද මන්දා මේකගෙ මේ එක පැල මගුල් හන්දා මටනෙ නිවනක් නැත්තෙ.....ඒ අස්සෙන් අද පාන්දරම ගියපු බිබික්කම තව වෙනකනුත් නෑ....පුතන්ඩියා ගෙදර එන්නෙ ගිලින්ඩ බලාගන හන්දද කොහෙද මහ තැන ගම් කුකුලෙක් අල්ලන් ඌ එක්ක ඔට්ටු වෙනවා වෙනව ඉවරෙකුත් නෑ.... ...
මං හාමුවටයි මැනිකෙටයි ඔක්කොටම සාප කර කර පහල කුසියට යන්න කලියෙන් ගස් ගද ගහන මගෙ අත් දෙකම හෝදන් හුනු බින්දුයි මඩයි පැල්ලම්.හිටපු කකුල් දෙකත් හෝද ගත්තා ....
අඩුම ගානෙ තේ පොල්කට්ටක් වත් දුන්නෙ නෑනෙ.....ඒකට මොලකද...බිබික්කමා බඩගින්නෙ ඉන්නකොට තමයි බිසවට රිදෙන්නෙ...බිබික්කමාගෙත් නෛයාඩගම්.....
ඇසල....
ලොකු මැනිකෙ....
ඉදා..මේ තේ එක බීලා කොටපන් මෙ හාල් පිටි එක...දැන් මෝල් ගානෙ යන්ඩ බෑ...මෝල වහලනෙ...
එහෙමයි මැනිකෙ...
රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ ලීවංගෙඩියයි...කැකුලුහාල් මල්ලකුයි දුන්න මහ මැනිකෙ මාව රවට්ටන්ඩ කහට එකක් දුන්නා....කහට කිව්වට ඒ කහට එකට කහටත් නෑ...තනිකරම බලු හුජ්ජ එක්ක සක්කර කෑල්ලක් දුන්නා වගේ....
අනෙ ඉතින් උඹගෙ බිබික්කමගෙ කතාව මට ඇද රෙදි පොඩි කරන්න දෙන්න.....ඒ උනාට ඒකට හරි පන තියෙන්ඩ එපැයිනෙ...
.දෙන්ඩ හිතෙනවා මෝල් ගහෙම්ම...කමක් නෑ....උඹලා ඉතින් අපිට හැමදාම දුන්නෙ ඉදුල්නෙ....
මං කහටයි කියල දුන්න බලු හුජ්ජ එක දිහා බලලා යට අඩියෙම තිබුන තේ ගොට්ටෙන් පෙරිලා ආව තේ කොලෙ දිහා බලන් උන්නා ..... මොනවා කරනන්ද...මන්ඩි වලට උනුවතුර දාලද කොහෙද ...
කොල්ලො.....
ආ මැනිකෙ.....
මං උන්නෙ පිටි කොට කොට...වැඩක් කරන්ඩ දෙන්නෙම නෑ....කොයිවෙලෙත් කොල්ලො....කොල්ලො.....කිව්වත් වගෙ දවල් දවසට ගෙදර යන්ඩ ඕනා...මොකො මං උන්න කියලා මටත් ඔසරියක් අන්දලා අගස්තිමාල.දාලා බිබිකමගෙ මැනිකෙ වගේ ඉන්දවනවද නෑනෙ....මං එපැයි මුන්ගෙ දර දිය අදින්ඩ.....
අර ලොකු හාමුගෙ කාර් එකෙ බඩු වගයක් ඇති.....ඒකත් එක්කම උඹට පැදුරකුත් ඇති.....
පැදුරක්.....?
මන් පිටි කොටන එක පොඩ්ඩක් නතර කරලා රෑ බතට බෝංචි කඩන ලොකු මැනිකෙ දිහාවයි ...කුකුල් මසට තුනපහ අතගාන අම්මා දිහාවයි බැලුවා...
ඔව්...උඹව එක්ක ආවා කියලා උඹ හාමුගෙ මැනිකෙ නෙවෙනෙ බන් ඒක බේබි හාමු දන්නවනෙ ....ඇරත් උඹත් බේබි හාමුගෙ හැටි උඹ දන්නවනෙ ඇසල....උඹව මට රෙද්දක් වත් නැතුව බිම බුදි කරවන්ඩ පුලුවන්ද ??හෙට ඉදන් ඉතින් උඹ මෙහෙනෙ ඇසල...
.......
පැදුර දාගනින් ඇද ගාවින්....ඒත් නැත්තන් උඹ රෑට ගෙදර යමන්.....ඒක.කාරියක් නෑ.....මං උඹලට බේබි හාමුගෙ හැටි අමුතුවෙන් කියන්ඩ ඕන් නෑනෙ.කොල්ලො....රැස්පැට් එකටනෙ හැදිලා තියෙන්නෙ....බොන කෝප්පෙන් වෙන එකෙක් බිව්වොත් බොන්නෙ නෑ...උඹගෙ හිත රිදෙයි කියලා මං මේ උඹට කියන්නෙ.....දිගෙ ආවට.....උඹ වෙනද ඇසලමයි.....කියන වැඩක් කරන් පාඩුවෙ ඉදින්....හමුගෙ දේවල් අදින්නෙ කරන්නෙ නැතුව....ගෙදර වගේ නටන්නෙ කරන්නෙ නැතුව...උඹව එලවයි අනිත් පාර.....තේරුනානෙ උඹට
ඔය තේ හදන කිරි හදන වැඩ මං කරන්නම්....උඹ දන්නෙ නෑනෙ...හාමු බොන විදිහ හරියටම .....
එහෙමයි මැනිකෙ.....එහෙමයි.....
නන්දා...ගනින් ඔය මැටි වලද...බේබි හාමු මග වෙන්ඩ ඇති.....
මන් ඇස් දෙක හීනි කරගන ඔසරිපට ඉනෙ ගහන් මට දැනමුතුකම් දිදී ලොකු කම් කියවන සුගලා දේවිය දිහා බලන් ඉදලා හිතේ තරහටත් එක්කම මං ආයම පිටි එක කොටාගන කොටාගන යන්න ගත්තා ....
ආව දෙකො අරකත් මගෙ ඇහල මල ගාගන...පැදුරෙම්ම දීලා අතාරින්නෙ නැද්ද බලන්ඩ....
හහ්.... රැස්පැට් එකට හැදුනයි කියන්නෙ අනේ ලපටියා.....ඒක හන්දද දන්නෙ නෑ ඊයෙ අපෙ ගෙදර පිලේ වැටීගන හොටු පෙරාගන මගෙම බෙලෙක් පිගානෙන් ගිලලා සීනි අහුරක් අතට අරන් කෑවෙ....
ඇසල......ඇසල...තේ එකක් ගෙනාවනම්...මොන මගුලක්ද මන්දා නහය දනවා....ඇසල...කන ඇහුනද...මේ වලව්වෙ උන්ගෙ කන් ඇහෙන් නැද්ද...
මේ එනවා.....බේබි හාමු....මේ එනවා...
ඔන්න,ඔන්න ඇවිදින් බිබික්කම.....!!
🌼ලපටියට බයින්ඩ එපා.....ඇසල
ආයම.එනකම්.පයිස්සමින් ඉන්ඩ ලපටියොනෙ.....
ආතරෙයි ...අයියො.....
මං ජොබී ලපටියා.....
Nedeesha