Cherreads

Chapter 18 - 18

මැනික එනවද ඇහැපියවන්න.....ඉන්ධර් හාමු ඇහෙන නෑහෙන ගානට මගෙන් නිදාගන්න එනවද අහනකොට මීට කලින් කවදාවත් දවාලෙක නිදාගන නැති මට නින්දක් අහලක වත් නැති උනා..ඇරත්.....නිදිමතක් ලාවත් වත් ආවා නම් ඉන්ධර් හාමු හන්දම ඒ නිදිමත යන්න ගියා...ගිනි මද්දහනෙ ගෙදර උන්ගෙ බඩගින්න නිවන්න මැරුන මම කවදද ඇහැ පියෙව්වෙ.....??

මට ඔය අල්මාරියෙන් සරමක් අරන් දුන්නා නම්...

බේබි හාමු ඇදුම් මාරු කරනවා...ඒකත් මං ඉන්න තැනම....

බ්..බේබි හාමු....

සරමක් ඉල්ලුවෙ....දන්නෙ නැද්ද තියන තැන ම්ම්...

ඒත්...අනේ මට මෙතන ඉන්න පුලුවන්ද ...???මං අල්මාරිය ඇරියා...කන්නාඩි මේසෙ ගාවට වෙලා ඉදන් තෙත කොන්ඩෙ අතින් එහා මෙහා කර කර උඩු රැවුලට පුලුවන් සාත්තු කර කර උන්න ඉන්ධර් හාමු සරම දෙනකන් තියන ජාති ඔක්කොම උලාගන තෙත පිටිම්ම අර බෙල්ල ගාවට වැවිලා තියන කොන්ඩෙන් චූටි කුරුල්ලෙක් බැදගත්තා ...ඒත්....කන දෙපැත්තෙන් ආපහු කොන්ඩෙ අහුරු ගනන් පහලට වැටුනා.... .

.බේබි හාමු....සරම...

ම්ම්ම්.....ඇදුමක් වත් මාරු කරන්නෙ නැද්ද.....දැන් නාගන්ඩ ඕන් නෑ ඔය ඇදුමක් විතරක් දාගන වරෙන් ඩිංගක් ඇහ පියවන්ඩ...මං දන්නවා මගෙ මැනිකට විඩාවයි විත්තිය...

බෙල්ලට හලාගත්තු සුවද කුප්පියෙන් සුවද වතුර බින්දුවක් අර ඉස්සරහට නෙරලා තිබුන උගුරු ගැටේ හෝදගන වගේ පහලට රූටන්න ගත්තා බේබි හාමු කියනවා ඇදුමක් දාගන එන්ඩ කියලා ...ඒත් මට දැන් ඇහෙන්නෙ නෑ..මගෙ ඇස් තියෙන්නෙ සුවද වතුර බින්දුව ගාව.....හිමින් හිමින් පල්ලම් බැහැපු වතුර බින්දුව කෙලිම්ම අර දෙපැත්තට බෙදුන පපුව මැදින් එක පාරටම පහලට ඇවිදින් කෙස් ගස් තුන හතරක් ඝනට වැවුන අර නාභියට වැටිලා එක පාරම අතුරු දහන් උනා ඉන්ධර් හාමු ඇදන් උන්න තුවායෙ ගැටේ බුරුල් කෙරුවා ...!!!

ඔය කොහෙද යන්නෙ....??

හ්....හාමු...ඇදගන්....න...මං...මේ

මං යටට ඇදලා ඉන්නෙ

මගෙ කන් දෙකම රත් උනා....කොච්චර උනත්..මං ආදරෙයි ඉන්ධර් කිව්වත්...මම තවම පරන ඇසලමයි.....මගෙ ඇහැල මල..මගෙ ඇහල මල කිව්වත් මේ ඉන්නෙ නපුරු ඉන්ධර් හාමුමයි වෙනකොට අනේ මං කොහොමද එක පාරම ගහෙන් ගෙඩි එන්නා වගේ මේවට මුන දෙන්නෙ.. ඇරත්...මං කවදාවත් හාමු යට ඇදුමක් පිටින් ඉන්නවා දැකලත් නෑ....

කමක්...නෑ...බේබි හාමු....මං....

ම්න්....මනාපයක් ඇසලගෙ...ඔය තරම්ම බය නම් මං මොකුත් කියන්නෙ නෑ...

ඉන්ධර් හාමුගෙ මූන වෙනස් උනා...ඒත් මම කාමරෙ දොර ඇරන් එලියට ආවා.....පපුවත් එක්ක මොකද වෙලා...මෙතනි කාමරේකට එහාපැත්තෙන් තිබුනෙ ලොකු මැනිකෙලාගෙ කාමරේ...ඒ කාමරෙත් දොර වහලා...නාකි ජෝඩුවත් බුදි ඇති.....දවල්ට නම් මහ තැන අර අගස්ති මාල ඔසරි පිටින්මයි නිදියන්නෙ.... ඒත් රෑට නම් ඔය ඔක්කොම විච්චූරන ගලවලා රෑ ඇදුමක් ඇදගන්නවා.....ඇයි ඉතින් මහ රෑට අර නාකියගෙ බෙල්ලෙ ඔය මාල ඇමිනුනොත් එහෙම..කව්ද දන්නෙ...නාකි උනත් බේබිහාමුවට මෙහෙම විසේ නම්...මහ එකාට කොහොමද කියලා ...

මොනා උනත් හොද කුලප්පුවක් ඇති මහ නාකියටත්.....පේන්නෙ නැද්ද සුගලා දේවි එන්න එන්න තිරිහන් වෙනවා ඔසරි හැට්ටා මදි දැන්...අපෙ අම්මට පපුවක් නෑ..ලෑල්ල වෙල ගිහින්....මහ නාකියා තම්මැට්ටන් ගහනව ඇති..

චිහ්....!මගෙ වලත්තකම....

මගෙ මූනටම ලේ පිරුනා...මහ මැනිකෙත් ධර්මේන්ද්‍රන් හාමු එනවෙලාවට හැඩ වෙන විදිහයි....හොර හොරාවට මුකුලු කරන හැටියි දැකලා දැකලම මට එක එක විකාර හිතෙන්න ගත්තා වගේම ඇතුලෙ උන්න බේබි හාමුව මතක් වෙලා ඊටත් වඩා මගෙ බඩ රිදෙන්න ගත්තා ...

කමක් නෑ...පැදුර තියනවනෙ ....මං නිදියනව පැදුරෙ...ආදරෙයි කිව්වා කියල ඇදේ නගින්න ඕන් නෑනෙ නේ....

ඇසල....

එනවා බේබි හාමු...

වහලා තිබුන දොරෙන් එපිට බේබි හාමුගෙ කට හඩ ආයමත් ඇහුනා.... හාමු අඩගනවා...අනේ මට නිදිමතක් කියන දෙයක් ඇත්තෙත් නෑ...ඒත්..දැන් හාමුට පිටින් යන්නත් බෑ....

තත්පර ගානක් දොරෙ හැඩල් එකට අත තියන් උන්න මං හිමින් සීරුවෙ දොර ඇරියා...

ඉන්ධර් හාමු ඉන්නවා....මං දුන්න ගොම කොල පාටසරම ඇදන් ඔලුව පිහදපු තුවාය කරේ දාගන ඉන්ධර් හාමු කන්නාඩියට එබි එබි මොනවදෝ හොයනවා.. ..නාකි ගස් හොයනවත් දෝ??ඔව් ඉතින්...අපේ අම්මටත් වඩා වැඩිමල් නම් වයසක ගස් නැද්ද....??

ඇසල මෙතනට ආවා නම් ටිකක්. ..

එහෙමයි හාමු.....

තවමත් උදේ ඇදපු ඇදුම පිටුන් උන්න මට දැන් දැන් දාඩිය දාන්න ගත්තා .. තියන පන්ඩිත කමටයි .....අර තේරුම් ගන්න අමාරු හැගෙන හැගීම් එක්කයි අසරන වෙලා උන්න මං දාඩිය දාගන ආවත් මේ ඇදුම පිට්න් නිදාගන්නවා මිසක් මට නම් බෑ ඇදුම් මාරු කරන්න...

.බේබි හාමු.....

මේ ඔලුවෙ සුදු ගස් තියනවද බලපන්...

මං හිතුව හරි ..බිබික්මගෙ ඔලුව ඉදිලා....බයේ වෙන්ඩ ඇති මුලු ඔලුවම සුදුවෙයි කියලා .....

කන්නාඩිය දිහා බල බල පොඩ්ඩක් වැවුන කොන්ඩෙ අතින් ගස ගස ඉන්ධර් හාමු මට සුදු ගස් බලන්න කිව්වා...ඒත් මං කොහොම බලන්නද...මට උස මදි...මං කොහොම කියන්නද උසමදියි කියලා....

කරන්න දෙයක් නෑ....කන්නාඩියෙන් කොන්ඩෙ බල බල උන්න ඉන්ධර් හාමු මගෙ දිහාවට හැරෙනකොට බය වෙලා වගේ උන්න මං අඩියක් විතර පස්සට ගියත් ඉන්ධර් හාමු මගෙ ඉන් වටේ අත යවලා මාව අල්ල ගත්තා ...

කොහෙද යන්නෙ ම්ම්....

බ්..බේබි හාමු....

මං කිව්වෙ මගෙ කොන්ඩෙ පැහිලද බලන්න කියල.....උඹට හදිස්සිද....

හ්..හාමු....

ඒකනෙ දුවන්නෙ....හදිස්සි මිනිස්සු තමයි....පස්ස ගහන්නෙ....හරියටම ..උඹ වගේම...

ඉන්ධර්..හාමු...එහෙම දෙයක් න්..නෑ....

.

..ම්න්...නැත්තන් ...බය නොවි ළඟ ඉදපන්....ඇයි දුවන්නෙ....උඹ හදන්නෙ මාවත් රවට්ටන්න.....

මට කෙල ගිලුනා..ඒ අස්සෙන් බඩ රිදුනා.....හාමු ගාවින් එන නානාප්‍රකාර සුවදවල් එක්ක මගෙ අකීකරු යටි හිත අහන්න වටින්නෙ නැති කතා කියනකොට මං ඒවට කන් නොදීම ඇගිලි තුඩු වලින් ඉස්සුනා....

ඒත් උස මදි....

ඉන්ධර් කපටියි...උස මදි බව දැන දැනම උනත් හාමු කෙරුවෙ ගහක් ගලක් වගේ උන්න එක වෙනකොට උස මදි මං හරි අමාරුවෙන් ඇගිලිවලින් ඉස්සීගන කොන්ඩෙ එහා මෙහා කෙරුවා ....

උස මදිද ම්ම්ම්....

.ම්....බ්.බේබි...හ්..හාමු...

උස මදි නම්...ඇයි නොකියා උන්නෙ.....

.

මට වැලලෙන්න හිතුනා...උස මදිද අහපු ඉන්ධර් හාමු අනිත් පාර මගෙ ඉනෙන් අල්ලන් කෙලින්ම උස්සලා කන්නඩි මේසෙ උඩින් ඉන්දෙව්වා..ඒ විතරක් නෙවෙ...මගෙ මූනටත් පහත් උනා...

දැන් පේනවද 

.ප්...පේනවා....හ්..හාමු....

ම්න්....

....

මං ආයම මගෙ ඇගිලි තුඩුවලින් හාමුගෙ කොන්ඩෙ එහා මෙහා කෙරුවා ...කිව්වත් වගේ පැහුන ගස් දෙක තුනක්ම තිබුනත්..හාමු ඒ එකක් වත් මට ගලවන්න එපාය කිව්වා.....හැබැයි තියනවද කියලා විතරක් බලන්න කිව්වා...

.

ඒ ඔක්කොමත් ඉවසුව හැකි...ඒත් මගෙ මූනට හුස්මක දුරින් උන්න ඉන්ධර් හාමුගෙ උනුසුම් හුස්ම මගෙ බෙල්ලට වදින එකයි මට ඉවසන්නම බැරි උන එකම කාරනාව..ඊටත් අර ඇස් දෙක...අනෙ ඉන්ධර් ඔය විදිහට මගෙ දිහා බලන්න එපා කියලා කට ඇරලා කියන්න හිතුනත් වචනයක් කියා ගන්න මට මගෙ කට ඇරගන්න බැරිව ගියා 

"මැනික මගෙ..."

......මං හිතන්නෙ මීටත් වඩා නම් මට බැරි වේවි....මෙච්චර වෙලාම මගෙ ඇස් දිහා බලන් උන්න ඉන්ධර් හාමු අර ලා රෝස පාට තොල්පට එහා මෙහා කෙරෙව්වා....මං දිහා බලන් මැනික මගෙ කිව්වා....

උඹට තියෙන්නෙ හරි හීනි ඉනක්...එක අතින් මිටට ගන්න පුලුවන් .....මනාපයි එකට මං...

බ්..බේබි හාමු. ....

.ඇයි....ඇසල...කවදාවත් දැකලා නැද්ද....ම්ම්ම්....

හාමු මොනවා අහනවද මන්දා....ඇට්ටර වෙලා ගියපු මට කොහෙන්ද හීනි ඉගක්....

ඇයි...ඇසලට විස්වාස නැද්ද ම්ම්ම්....මගෙ ඇහැල මලට විස්වාස නැද්ද...

බ්..බේබි...හාමු.....

පින්න මල මගෙ...සුදු ඇදුමට උඹ හරි පින්පාටයි මැනික...උඹ දන්නවද...මේ අතට මුදුව දානකොට මට උඹව තද කරලම තුරුල් කරගන්න හිතුනා මේ පපුවට...දැන් ඉතින් මේ මල මගෙ නේද හිතෙනකොට ලෝභ හිතුනා මට...

මට කියපන් ඇසල....මං තවමත්...හාදුවක් තියන්න...තුරුල් කරගන්න උඹගෙන් අවසර ඉල්ලන්න ඕනෙද.....?

කන්නඩි මේසෙ උඩ ඉදගන උන්න මං ඒ දාර මිරිකගත්තා .....මගෙ මූනට ලන් වෙලා ඉන්ධර් හාමු තවමත් මාව තුරුල් කරගන්න..හාදුවක් තියන්න අවසර ගන්න ඕනෙද කියලා හිමින් මිමිනුවා උනත් ඒ සිනිදු ඇගිලි දැනටමත් මගෙ බෙල්ල පිටිපස්සෙ එහා මෙහා යන ගමන් උන්නා...

අනේ මට කිචියිනේ.....

මගෙ හිත කියවනවා...එකම ස්පර්ශෙකින් ඇගම හිරිවැටිලා යනකොට හැමදාම වගෙ මගෙ කටට මුද්‍රා වැටුනා.....

මට උඹව දැක්කම හරි ලෝභයි ....උඹ සුදු පාටට පින්න මලක් වගේ කියපු ඉන්ධර් හාමු උන්නෙ මගෙ ඇස් දිහා බලාගන මාව ඇස් වලින් පන යවන ගමන් උන්නා.. හැබැයි ඒ ඇගිලි තුඩු මටත් හොරාවට බෙල්ලෙන් උරහිසුත් පහු කරන් ඇවිදින් සුදු ඇදුමෙ බොත්තම් පුරාවටම එහා මෙහා යන්න ගත්තා ....

බ්..බේබි..හාමු....

ම්ම්ම්...අවසර ගන්න...ඕනද...නැද්ද....ම්ම්ම්...ගන්න ඕනා නම්...මට ගන්න පුලුවන් ...ගන්න...ඕනෙනැති...නම්....මට....උඹ නොහිතන වෙලාවක...දෙන්න පුලුවන් .....මනාප මොකටද මගෙ මැනික.....

මට කෑ ගැස්සෙන්න ආවා....ඒත් මං පුලුවන් තරන් මගෙ යටි තොල් හපාගත්තා ...මොකද ....අවසර ගන්න ඕනද අහ අහ උන්න ඉන්ධර් හාමු අවසරයක් නැතිවම හාදුව තිබ්බෙ මගෙ බෙල්ල මැදටම වෙනකොට මට පන යන්න ආවා....කෑ ගැස්සෙන්න ආවා...ඒත් මේගිනි මද්දහනෙ මං කොහොමද කෑ ගහන්නෙ...

දරන්නම අමාරු හාදුවක් නොහිතපු තැනකට තියපු ඉන්ධර් හාමු කෙරුවෙම හරි හිමීට මගෙ නිදි කිරා වැටෙන හැගීම් ඇහැරවපු එක...

මං ඇස් පියාගත්තා ...මොකද ...අනේ මටත් නොදැනිම මගෙ ඇස් පිය උනා.....ඉන්ධර් හාමු තවමත් මගෙ බෙල්ල මැද...මගෙ ඔලුව උඩ බෙලි අතට කඩා වැටෙනවා....වැවුන රැවුල බෙල්ල පුරාවටම ඇනෙනකොට මං මගෙ නියපොතු කැඩෙනකන් අර කන්නඩි මේසෙ දාර මිරිකන් යටි තොල් හපාගත්තා ...

මගෙ ඇහලමල උඹ.....

මං..උඹට..හරි....ආදරෙයි ඇසල.....

මං උන්නෙ හුස්ම හිරකරගන....දත් පාර හිටින්නමද කොහෙද හාදුවක් තියපු බෙල්ලෙ හැම නහරයක්ම දිය වෙලා ගිහින් තියනකොට වැවුන කොන්ඩෙ බැදන් උන්න ඉන්ධර් හාමුට අර දෙපැත්තෙන් වැටුන කොන්ඩ අහුරු නොසෑහෙන්න වද දුන්නා...ඒත්....ඉන්ධර් හාමු නෙවෙ ඒ ගැන ගනන් ගත්තෙ.....ඒ වෙනුවට හාමු කෙරුවෙ මට වද දුන්න එක...

මං උඹට හරි ආදරෙයි ඇසල කියනවත් එක්කම මං ඉදන් උන්න තැනින් තවත් චුට්ටක් පිටිපස්සට රීට්ටුවා....ඒත් ඉන්ධර් හාමු කට කොනින් හිනා වෙලා...හාමුම "හීනියි" කියපු ඉනෙන් මාව ඇදලා ආයමත් ලගට ගත්තා .....

මුව පැටියෙක් වගේ....ඇයි මේ...ගැහෙන්නෙ....

උඹට හදිස්සිද....නැතිනම්....බයයිද...කොච්චර ...කොහොම ...ගැහුනත්.....හාදුවකට එහා යන්නෙ නෑ මම...ම්ම්ම්ම්

මට දෙන්න උත්තර මොකුත් නෑ...මොක...මේ වෙනකොටත් ඉන්ධර් හාමු පින්න මලව අඩ නිරුවත් කරලා...ඒ සිනිදු ඇගිලි....මෙ වෙනකොටත් මගෙ සුදු ශර්ට් එකේ හැම බොත්තමක්ම ගලවලා මාව අඩනිරුවත් කරලා....අත් නැති යට බැනියමෙන් එලියට ආව කෝපි පාට ලප දිහා බලන් උන්න ඉන්ධර් හාමු මගෙ දිහා බැලුවා....

කොච්චර වාත් කතා කරන ඇස් පවා මේ වෙනකොට ගොලු වෙලා ගිහින් උන්නා....

මැනිකට බයද.....නැත්තන් ...ලැජ්ජද.....

මගෙ පපුව එන්න එන්නම උස් පහත් වෙන්න ගත්තා ....වෙන මොකටවත් නෙවෙ...ඒ වචන වලට.......එකම ස්පර්ශයක් වත් නැතුවම ගැහෙන්න ගත්තු පපුව වෙනදටත් වඩා උස් පහත් වෙන්න ගත්තා ...තවම හාදුව තිබ්බෙ බෙල්ලට විතරයි ..අනේ හාමු මගෙ පන යයි....

මං අහක බැලුවා...මට අහක බලන්නවත් හයිය නෑ...

මැනික.....

අනේ ඉන්ධර් හාමු....ඔහොම කරන්න එපා මට..

අහක බලපු මගෙ කට වෙනුවට හිත කියවන්න ගත්තා .....මං උන්නෙම මගෙ කකුල් දෙක එකට එක පූට්ටු කරගන යටි බඩ විතරක් නෙවෙ..මෙච්චර කාලෙකට නොදැනුන හිරියක් මගෙ පිරිමි ඇග දිගේත් යනකොට අරකියාපු මහවැලි හිමින් හිමින් ගම් නියන් ගම් යටකරන්න ගත්තා ... 

මගෙ ඇහල මල....මීටත් එහා නම්...අවසර ගන්නෙ කොහොමද මම....මං...උඹට ..හරි...ආදරෙයි... ඇසල....

බෙල්ලට තියාපු හාදුවෙ අනික.....!සුවද කුප්පි එකින් එක බිම වැටු වැටි කුඩු වෙවී යනකොට එක තත්පරෙන් මුලු කාමරේම හාමුගෙ ගාවින් එන සුවදින් වැහිලා ගිහින් හුලන් අතට පැද්දුන ඇහැල මල් ලැජ්ජාවටම අහක බලාගත්තා ....මොකද ඇහැල මලක් මෙහෙ හාමු අතින් තැලෙනවා!!!

බ්..බේබි...හා...මු....

මට කෙදිරි ගැවුනා...මං උන්නෙ වෙනම ලෝකෙක දොරක් ගාවද කොහෙද .....මීටත් වඩා නම් මට කන්නාඩි මේසෙ දාර මිරිකගන ඉන්න බැරි උනා...මගෙ ඇගිලි වේදනා දෙන්න ගත්තා ...මොකද ....හාමුගෙ හාදුව මොනතරම් මාව පිස්සු වට්ටනවද කියනවා නම්...අනේ මට මීටත් වඩානම් දරා ගන්න බැරිම තැන මං කන්නඩි මේසෙ ගැට්ට අතෑරලා කෙලින්ම ඒ පලල් උරහිස් මගෙ අත්දෙකෙම්ම බදා ගත්තා .....මං මගෙ ඇගිලි දහයෙම්ම ඒ උරහිස් මිරිකගත්තා ....

මං තවම...බෙල්ල ගාව .....ඇයි මෙච්චර ගැහෙන්න උඹ....ම්ම්ම්ම්....මැනිකට දරන්න අමාරුද උඹගෙ ඉන්ධර්ව...

මං කොහොමද එකපාරම තලන්නෙ.....මලක් උනත් ලස්සන පෙත්ත පෙත්ත දිග අරිනකොට මිසක....ම්ම්ම්ම්....දන්නවද...මගෙ ඇසල...උඹ හරියටම ....වීනාවක් වගේ.....මට හැම තතක්ම තද කරන්න ඕනෙ....හැබැයි...හරි...හෙමින්....

බෙල්ලකින් පටන් ගන්න හැගීම් කලතවන්න් ඕන හරි සීරුවෙන්.....

බ්. .....බේබි...හාමු.....

මට කෙදිරුනා....බෙල්ල ගාව උන්න ඉන්ධර් හාමු නැවතුනා ...අර හාදුව නැවැත්තුවා...හැබැයි මං අසරන උනා.....

තවම ගිණි දවාල....ඇසල....ඇදක් අඩන්න..නම්....රැයක් එන්නම ඕනනෙ....ම්ම්ම්ම්ම්....මේ නලල....ඇස් නහය කට....තවම...එහෙම්මමනෙ මැනික....ම්ම්ම්ම්.....මං තවම උඹගෙ බෙල්ල හරියෙනෙ...

ඉන්ධර් හාමු මුමුනවා...ඒත් මගෙ පපුව ඉහල පහල යනවා..

ඇත්ත....ඉන්ධර් හාමු තවම බෙල්ල ගාව....යට බැනියම් කර ඇදිලා ගිහින් හොදටෝම.....පූට්ටු කරන් උන්න කකුල් දෙකෙ පන ගිහින් මටත් නොදැනිම....

මෙච්චර වෙලාම උරහිස් මිරිකන් උන්න මගෙ ඇගිලි දැන් දැන් ලිහිල් වේගන එන්න ආවා.....හිත යට තරහක්....නැතුවමත් නෙවෙ...හාදුවක් මගින් නැවතුනාම මොන මනුස්සයටද තරහා නොයන්නෙ.....වතුර බින්දු වැටුන පපුව මගෙ ඇස් ඉස්සරහා දිලිසනකොට ඉන්ධර් හාමු මගෙ මුන ඇගිලි තුඩු වලින් අත ගෑවා...

හරි ලස්සනයි උඹ.....තවත් හාදුවක් තියන්නද....මෙතනින් මන් නවත්තන්නද...ම්ම්ම්ම්.....

.ඉන්ධර් මාව රවටනවා....ඉන්ධර් ආයම අහනවා...තවත් හාදුවක් තියන්නද....නැත්තන් ...මෙතනින් නවත්තන්නද කියලා ...මේ වෙනකොට හාමුගෙ කන්නාඩි මේසෙම හිස්වෙලා ගිහින් තිබුනා... බෙල්ල ගාව දත් පාරක් ඇති කියන තරමටම හාමුගෙ හාදුව බර වැඩිවෙනකොට මෙච්චර වෙලාම කට පියාගන උන්න මං මගෙ කටේ මුද්‍රාව කඩලා දැම්මා....

උඹට...මොනවද....ඕනෙ.....මගෙ....ඉන්ධර් ....

මාව වෙව්ලනවා.....රැයක් තියනවනෙ ඔහොම්මම කියපු ඉන්ධර් හාමු මගෙ දිහා බලාගම උන්නා...

මුව පැටියෙක් ගැහෙනවා....ඇහැල මලක්....රතු වෙනවා...පින්න මලක්....පොඩි වෙනවා....ඒ අස්සෙන් උඹ අහනවා....මොනවද ඕනෙ කියලා ...ඒකත්..හරි...අහංකාරෙට....

මගෙ...ඉන්ධර් ....කියලා...මනාපයි මම.....මගෙ මැනිකෙගෙ වචන වලට.....නියම මැනිකෙක් වගෙ එක හාදුවෙම්ම...!

හාමුගෙ උරහිස් උඩ තිබුන මගෙ අත් දෙක හිමින් සැරෙ පහලට රූටන් ඇවිදින් අර පලල් පපුව උඩ නැවතුනා....අතෙන් එකයි ඒ පපුව...අල්ලෙන් එකයි...ඒ පපුව....පිරිමි තන පුඩු ඉලිප්පිලා...හරියට මගෙ වගේම....රෝසපාට ලප රතු වෙලා.....මං හාමු දිහ බැලුවා....මොකද .....ඉන්ධර් හාමු මාව රැවැට්ටුවා .....මීටත් එහා නම් රැවටෙන බැරි මං හාමු බලන් ඉන්නකොටම ඒ පපුවට හාදුවක් තිබ්බා...ඒකත්...පපුව මැදටම...

"......"

තත්පරයක් දෙකක්....හාමු ගොලු උනා....මේ ඇසලගෙන් හම්බුන පලවෙනිම හාදුව.....!!

හාමු හිනා උනා....කට කොනකින් හිනා උන හාමු මගෙ නිකටින් අල්ල ගත්තා ...

වියපත් බඹරෙක්....මලකට හාදුවක් තිබ්බා මිසක්ක...ලපටි මලක් කවදද බඹරෙක්ට හාදුවක් තිබ්බෙ ඇසල...උඹ ඇවිදින් මහ උමතුවක්....ගැහෙන පපුව...කෝපි පාට ලප කියන්නෙම තලන්න කියලා නෙවෙද....ම්ම්ම්...ඒක එහෙමයි නම්...පිලිගනින් ඇසල.....මොකද .....මං...උඹගෙනෙ....ම්ම්ම්ම්ම්ම්ම්ම්

බ්..බේබි...හාමු....

මොනවද යටි හිත කියන්නෙ.....රෝස පාට තොල් හපාගන ඉදලම රතු වෙලා...කෝපි පාට ලප බලාගන ඉදලම ඉලිප්පිලා...උඹ අහනවා..මොනවද ඕනෙ කියලා ....මැනිකට දැනගන්න ඕනෙද මොනවද මට ඕනෙ කියලා ...ම්ම්ම්...දැනගන්න ඕනද මගෙ මැනිකට....

බ්...බ්..බේබි..හ්..හාමු...

මගෙ කකුල් තවත් ඇඹරුනා.....කිටි කිටියටම ඇඹරුනා.....කන් පෙත්ත ගාවට පහත් උන ඉන්ධර් හාමු එකම ප්‍රශ්නෙ දෙපාරක් අහන ගමන් ඇගිලි තුඩු මගෙ කොදු නාරට දිගේ ඉහල පහලට ගියේම වීනාවක සිතාරයක තත් තද කරනවා හා සමානව වෙනකොට මට කෙදිරුනා.....

.මට ඕනෙම...රමණයක්...මරණරයකින් ඉවර කරන්න.....!!!

......

මට...ඕනෙම....උඹ අවසානෙදි හෙම්බත් වෙන්න.....හුස්ම අල්ලන්න වත් බැරිව මගෙ ඉන්ධර් කියන ගමන්...මෙ පපුවට ගුලි වෙන්න....එකතු කරන් ගොඩ ගහන් ඉන්න හැගීම්....හද පායපු රැයක් පුරාවටම එලි දානකොට හරි රහයි මැනික.....

මේ හීනි ඉන දිගෙ පහලට...රූටන්න...උඹගෙ මේ අත් වලින් ඇද රෙදි ඉරිලා යන්න තරම් ...ඉන්ධර්ගෙ සෘංගාරෙ හරි බරයි ඇසල.....

රෑ වෙන්න තව කල් තියන එකෙ....මං මෙතනින් නවතින්නද ම්ම්ම්ම්ම්ම්ම්.....නැතිනම්...මේ රතු උන....යටි තොල ඉතිරි කරලා..කෝපි පාට ලපයක් රිදවන්නද....ම්ම්ම්ම්ම්.....

මගෙ බඩ රිදෙනවා.....යටි බඩ පුරාවටම දැන් නම් මොනවද වෙන්නෙ කියල හිතා හන්න බැරි තරමට යටි බඩ කැලතෙනකොට මං මගෙ යටි තොල් හාමුගෙන් හැංගුවත්....කෝපි පාට ලප ඉන්ධර් ගෙ ඇස්වලට බිලි උනා....එයා හිනා උනා....

ඇහැල මලක් බයවෙලා....කාරි නෑ....උඹ නොදුන්න උත්තර මට...හම්බෙලා ඉවර එකේ...දරාගන්න බැරි බව දැන දැනම ඔහොම ඉන්නවට වඩා හොද නැද්ද මේ හයිය උරපතු වල එල්ලෙන එක....ම්ම්ම්ම්.....

එතනි එහා මගෙ ඇහිබැම ඇකිලුනා...ඉන්ධර් ගේ අතක් මගෙ හීනි ඉන මිරික ගන්නකොට අනිත් අත මගෙ කොන්ඩෙ පුරාවටම එහා මෙහා ගියා....දරන්න බැරි බව දන්න හන්දම උරහිස් වල එල්ලෙන්න කියපු මං ඒ උරහිස් වල එල්ලෙනකොට බෙල්ල දිගේ පහලට රූටපු ඉන්ධර් හාමු අවසානෙදි කෝපි පාට ලපයක් ළඟ නැවතුනා.....මට කෙදිරුනා....!!!

ඇසල.....

තත්පරයයි...මං උන්නෙ හාමුට යට වෙලා..මං දන්නෙ නෑ...කොහොම මාව ඇද උඩට විසි කෙරුවද කියන්න...වියපත් බඹරෙක් හෙමින් හෙමින් මගෙ පපුවම තලනකොට යට බැනියම ඇදිලා ඇදිලා අවසානෙදි ඇදෙන්න දෙයක් නැතුවම පරඩැලක් වෙලා ගිහින් කිව්වත් වගේම මට ඇද රෙදි මිරිකුනා...කෝපි පාට ලප හාමුට මිරිකුනා...බෙල්ල පුරාවටම තියන හාදුවක් ගානෙම...පපුව මැදට තියන හාදුවක් ගානෙම..කෝපිපාට ලප වලට දැනෙන තෙතක් ගානෙම හාමු හන්දම මාව පන පිටින් ස්වර්ගෙට ඇදගන යන්න හැදුවත් මහ වැලිය උතුරලම යන්න තව කල් තියන හන්දම මං ඇදරෙදි ඉරන්නෙ නැතිව අත් වලින් පොඩි කරලම දැම්මා.....

අනේ....ඉන්ධර් ....මාව...මැරෙයි....!!!

ඇද රෙදි මිරිකන් හුස්ම අල්ලන් උන්න මං හාමුගෙන් පිට පැන්නා...අනේ මාව මැරෙන්න වගේ.....දරන්න බැරිම තැන මං බේබි හාමුව නැවැත්තුවා...

.ඇයි....ඒ හාදුව බර වැඩිද මැනිකට....?ම්ම්ම්ම්

මගෙ ඇග උඩ ඉන්න ඉන්ධර් හාමු හාදුව බර වැඩිද අහනකොට මගෙ ඇස් වලින් කදුලු බිදුවක් රීටුනා.....

මට....උඹවම...බර...වැඩී....ඉන්ධර් .....මට....උඹව...හරි....බරයි....හාමු.....

ම්ම්...මම..නෙවෙ...මගෙ..ආදරේ....දැන්...ඇති..ඔය හැටි ගැහුනා.....මීට වඩා නම්.....හාදු තියන්න..මටත් ලෝභයි ඇසල....පූටකේකින් ඉතුරු වෙන්නෙ දාහයක් එක්ක පන නැති කමක් විතරයි ....මට ඕනෙ.....පන ගිහින් උන්නත්....ආයමත්...පුංචි පුංචි හාදු ගොඩක් තියලා උඹ එක්ක හිනා වෙන්න.....

බේබි හාමු...

ඔය ඇති...මගෙ ආසාව මෙතනින් නැති කරන්න එපා ඇසල....උඹ දන්නවද....මේ ඉන්ධර්ගෙ හදවත කියන්නෙම උඹ...මං ආදරෙයි මැනිකට.....උඹට හිතා ගන්න බැරි තරමට...මේ වයසක බඹරා ආදරෙයි මේ ඇහැල මලට....මට උඹව මෙ අත් දෙකෙම්ම රකින්න ඕනා ඇසල...බය නැතුව ආපිට මට ආදරේ කරපන්..මොකද ...උඹ ඇරුනම...මේ හාමුගෙ පපුව වෙන කාටවත් ඉඩක් නෑ තුරුල් වෙන්න...මේ කාමරේට...මෙ ඇද උඩ...අඩන්නත් කෙදිරි ගාන්නත්..හිනා වෙන්නත්.....රෑ එලි වෙනකන් මා එක්ක ඔට්ටු වෙලා හරි පරිස්සමට තුරුල් වෙලා නිදාගන්න පුලුවන් එක මැනෙකෙ කෙනෙක්ට විතරයි ඇසල...ඒ උඹ.....!!

මෙ ඉන්ධර්ගෙ එකම මැනිකෙ උඹ....තේරුනාද මගෙ මැනිකට ම්ම්ම්ම්....මගෙ ඇහැල මල උඹ..

පරව යන්නට මත්තෙන්

සෙනෙහසේ පිනි බිඳක් ගෙන

තබයි ළපටි පොහිට්ටුවක

පිපුන මලක්..

මැලවී මල් පෙතිවල පෙගුන

ආදර සිහිනකි තාමත්

කියයි ඈතින් පියබා ගිය

බඹරෙක් මලකට වරක්!!

(දුලිත බන්ඩාරනායක ..)

මං හුස්ම ගත්තා ...ඉන්ධර් හාමු කිව්වා දැන් ඇති කියලා ඇත්ත...මීට වඩා නම් මට බැහැ....මීටත් වඩ නම් මට කොහොමත් බැහැ...හාමුගෙ ආදරෙ ගාව මාව මැරෙන්න වගෙ...මං විතරයි හාමුගෙ මැනික කියනකොටම මගෙ පන නෑ වගෙ.....මං හිමීට ඇදෙන් බහින්න ලැහැස්ති උනා...ඇදක නිදියලා පුරුදු නැති මට හාමුගෙ ඇදෙ තියන සනීපෙයි....ඉන්ධර් හාමුවයි දෙන්නවම බර වැඩිවෙනකොට මට ගෙනාව පන් පැදුරම දාහෙන් සම්පතයි කියලා හිතෙද්දි ඉන්ධර් හාමු යට බැනියම එහා මෙහා වෙලා එලියට පෑදිලා තිබුන මගෙ බඩ උඩින් අත තිබ්බා.....

මැනික....ඇවිත් තුරුල් වෙයන් මට....

..හ්..හාමු.....

මං වෙඩි වැදුන වගේ නැගිට්ටා ..මොකද සිනිදු අත තිබ්බෙම යටි බඩට වෙනකොට මාව ගිනි ගනී කියන බයටම මං දුවලා ගිහින් අල්මාරියට හේත්තු කරාපු පැදුර ගෙනල්ලා ඇදගාවින් දාගත්තා ...හාමුගෙ මුන වෙනස් උනා....

උඹ ඔය මක්කද කරන්නෙ ඇසල....

පැදුර හොදයි හාමු.....

....

අනික...මේක..මට..ගෙනත් දුන්නෙත් ලොකු මැනිකෙ....

උන්දට විකාරද???

කාරි නෑ..බේබි හාමු....මැනිකෙ කිව්වෙ මට අයිති තැන ගැන එකේ.....මං

කට පියවන් නිදියපන් එහෙනම්...උඹ මගෙ සැනසීම කනවා

මට දුක හිතුනා...හමුගෙ පැත්තෙන් හාමු හරි ඒත්..මගෙ පැත්තෙන්...මම හරි නැද්ද දෙයියනේ.....

කවදාවත් ඇදක නිදියපු නැති මට ඒ තත්පර ගානටම ඇදෙ සනීපෙ දරන්න බැරි උනා...

හාමුගෙ අත් වල හයියටම ඇදිලා ගියපු යට බැනියම අටවගත්තු මං පැදුර එලලා කොට්ටයක් ගන්න අත දික් කරනකොට ඉන්ධර් හාමු ඇහිබැම ඇකිලෙව්වා.....

උඹ ඇයි ඔහොම කරන්නෙ?

.බේබි..හාමු...මං කොහොමද ..හාමු...එක පාරම..මට.....

එතකොට මීට විනාඩි ගානකට උඩදි උන දේවල් ...ඒවා.....මට යට වෙන්න මනාප උඹට මට තුරුල් වෙන්න බෑ.....එහෙමද කියන්නෙ...

ඒත්...මැනිකෙ....බේබි හාමු

ශ්ශ්....මීට එහා කතා කරන්ඩ එපා ඇසල....නිස්කාරනේ මාව තරහා ගස්සන්නෙ නැතිව උඹට මනාප විදිහට නිදාගනින්....

ඉන්ධර් හාමු අනිත් පැත්ත හැරුනා... කොට්ටයක් ගන්න හැදුවත් හාමුගෙ තරහා ගියපු මුන දැකපු මට කොට්ටත් එපා වෙලා යනකොට මං අර පැදුර උඩ ගුලි ගැහුනා....

උඹ ඕන වෙලාවක නැගිටලා මේ කාමරෙ අස්කරපන්

දඩාස්!!!

බේ...බේබි...හාමු...

මගෙ ඇස්වලට කදුලු පිරුනා....අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා උනත් ඒ තත්පරෙම්ම ඇදෙන් නැගිටපු ඉන්දර් හාමු යන්න හැදුවා...හාමුගෙ කාමරෙන් මං හාමුව එලවගත්තා වගෙ වැඩක්....

.හාමු...නවතින්න....මං යන්නම්....

දොර අගුලට අත තියපු ඉන්ධර්ගෙ අත උඩින් මං අත තියලා හාමු නවතින්න මං යන්නම් කියනකොට ඒ මූන ආයම වෙනස් උනා.....

.ඇයි ඇසල....

බේබි...හාමු...හාමුගෙ.... ආදරේ ගාවදි...මං හරි අසරනයි...ඒක ඇත්ත...මං....ආදරෙයි ඉන්ධර් ....ඒකත්...ඇත්ත ...ඒත්.....ලොකු...මැනිකෙ....

නාඩා ඉදින් කාරි නෑ මනාප තැන නිදියපන්.....මට තේරෙනවා උඹව....ඒත්....ආදරේ දෙනකොට උඹ මගෙන් පැනලා යනකොට මට වේදනයි ඇසල.....මේ බිත්ති හතර අස්සෙ ලොකු මැනිකෙ නෑ ඇසල....කාරි නෑ.....උඹගෙ ඇස් මට ආදරෙයි කියලා කියනවා..ඒක මට පේනවා....හිතේ ඇවිලුන ගින්න නිවෙන්න එක්ක තනිපංගලමෙ නිදාගනින් ....උඹ ඔයතරම්ම බය නම්....මහ රෑ මැදවත් මට තුරුල් වෙයන්.....මොකද ...හැමදාම මගෙ සුවදම විතරක් මොකටද පබිලියන් ඇදට දැන් හාමුට මැනිකක් ඉන්නකොට ම්ම්ම්.....

ඉන්ධර් හාමු මගෙ ඔලුව අතගෑවා....මගෙ ඇස්වල කදුලු ත් එක්කමද මන්දා හාමු නිවුනා.....තරහෙන් දිලිසුන ඇස් දෙක ආයමත් මගෙ ගාව නිවෙනකොට යන්න හදපු ඉන්ධර් හාමු මගෙ නලලට හාදුවක් තිබ්බා... 

උඹ පව් මගෙ ඇහැල මල...පුලුවන් නම් මනස්ගාත අමතක කරලා ඔය මැනික මේ ඉන්ධර්ගෙ පන කියන එක විතරක් මතක තියාගනින් ඇසල....ආදරේ පිරුන පපුවක් තියෙන්නෙ තුරුල් වෙන්න මිසක්කා පැනලා යන්න නෙවෙනෙ.....ඔය ඇස් මට ආදරෙයි කියන්න මන් දන්නව ඇසල...හැම වෙලේම බය වෙන පින්න මල උඹ....

කිසිදාක නොසිතූ ලෙස

අවාරෙක පීදිලා

නෙතු ගැටුනු හැමදිනම

නෙතු මගෙ පැහැරලා....

දිවි පුරා රැකපු මගෙ

සීලයට තිත තියා

ලස්සනම පින්න මල

ඇයිද මේ බයවෙලා.....

දැනුණු හැඟුමන් රැසක්

තෙලිතුඩට කැඳවලා

ගළපන්න උවම් නැත

ඔය රුවට සමවෙනා

මා දකින සැමවිටම

තැතිගන්න සැරසෙනා

දන්නවද නුඹේ ඇස්

දොඩමලුයි අපමණා...

බේබි හාමු....

.හවහට සුද්දිට එන්න කියාපන්....ම්ම්ම්....මැනික ටිකක් ඇලවෙයන්...හිත රිදවගන්ඩ කාරි නැ...තිබ්බ නිදිමත ගියා දැන්...

මට දුක හිතුනා.. .හවහට සුද්දිට එන්ඩ කියාපන් කියපු ඉන්ධර් හාමු ශර්ට් එකෙ අවසානම බොත්තම දාගන යන්න හදනකොට මං ඒ අත මගෙ අත් දෙකෙම්ම අල්ල ගත්තා .....

එපා ඉන්ධර් හාමු යන්න....

.ඇයි....ම්ම්ම්ම්...

එතකොට මමයි වැරදි...

මං එහෙම කිව්වෙ නෑනෙ...ම්ම්....

හාමු...මට තවම පුරුදු නෑ හාමු...ඒත්..මං....උත්සහ කරන්නම්....හෙමින්...හෙමින් හාමුට පුරුදු වෙන්න.......මං දන්නවා...හාමු මාව...රකිනවා කියන්න.....

එහෙනම්...මං අහසක් වෙන්නම්...ඇසල මගෙ හද වෙන්න...හැබැයි....හැම රෑකම උඹ හදක් වෙයන් මට නිදියන්න....!!!

මාව දිය උනා...මගෙ මූන ලැජ්ජාවෙන් පිපිරෙන්න ආවා...මගෙ මූන දැකපු බිබික්කම් හාමුගෙ මූනට හිනාවක් එනකොටම කවදාවත් නැතුව අද ඕනාවටත් වඩා පිස්සු නටපු මගෙ යටි හිත හන්දම මං දෙවනි වතාවටත් හාමුට හාදුවක් තිබ්බා...ඒ අර හයියම හයිය අත් ගොබේට !!!!හැබැයි එච්චරයි තවත් විනාඩියක් නොයිද මං පැදුරට පැනලා මගෙ මූන හංගගත්තා ..මොනවදො මුමුනපු හාමු හිනා වෙන ගමන් යන්න ගියා!

මගෙ පින්න මල...උඹට පිස්සු දැන්!

හැකිද සඳ වෙන්න මගෙ

දිවි අහස සරසන්න

නිසැකවම රැකගනිමි

මගෙ පණ නුඹම විට

ලස්සනට පිපුණ මගෙ

අහිංසක ඇසළ මල...

මමත් කවියෙක් වුණා

නුඹෙ රුව විදින්නට....

ඉතින් මගෙ සිත ගත්ත

ඇසළ මල දන්නවද

කවියො නිදි වැද්දෙම හඳ එක්ක...!!

(akirajeon04)

ආ ඇසල....

ලොකු මැනිකෙ...

මක්ක කරන්ඩ ගිහින්ද බෙබි හාමු ඔව්වා පොඩි කෙරුවෙ...අපරාදෙ....මගෙ අම්මෙ....මේවයි සුවද....හිතක් පපුවක් නැතුවම පොඩි කරලනෙ කීයක් නම් බිදිලද...

මං උන්නෙ මිදුලෙ...උඩ කුසියට ආව මහ තැන මගෙ අතෙ තිබුන බිදුන වීදුරු කටු බෝතල් උරේ පහුරු ගෑවා...ගොම්මනත් පහු වෙන්ඩ කිට්ටුයි..මාව දාල ගියපු බේබි හාමු තාම නෑ.....පාඩම් අහගන්න කියලා ආව සුද්දියා අවසානෙදි මගෙන් පාඩම් අහගන යන්න ගියායින් පස්සෙ මුලු කාමරේම අස් කරපු මං දැක්කත් බඩ රිදෙන්න ගන්න ඇද රෙද්ද දිහා බලන් උන්නා...එක තත්පරයක් නෙවෙ....විනාඩි ගානක්ම....මගෙ සුවදින් බිදක් වත් ගෑවිලා නැති වියන් බැදපු ඇදපුරාම තිබුනෙ ඉන්ධර්ගෙ සුවද වෙනකොට මුලු කාමරේම සුවද් කුප්පි සුවදින් වැහිලා තිබුනා.....

ඉන්ධර්...උඹ කොහෙද ....

අපෙ...අප්පෙ...අර රට සැන් කුප්පියත් බිදලා නේද.....

එහෙමයි....මැනිකෙ.....

මක්ක වෙලාද මන්දා.....ඇත්ත කියපන්....උඹ හාමුව තරහා ගස්සන වැඩක් වත් කෙරුවද....?මං කිව්වනෙ තොට ඉන්නව නම් පරිස්සමින් හිටපිය කියලා ..එක්කො උඹ මේවලින් හොරෙන් ගාන්ඩ වත් ගියාද.....???ඔව්මයි....උඹ ගාව එන්නෙත් මේ සුවදමයි...මං කිව්වා තොට...බේබි හාමු එක්ක පරිස්සමින් කියලා ....අහන් නෑ.....මන් කිව්වා මං කිව්ව උඹට සුලු පටු විනාසයක්ද මේ කරලා තියෙන්නෙ...

මං අයම පියවි සිහියට ආවා....හාමුගෙ සුවද යනකම්ම නාගන උන්නත් දුප්පත් ගෙදර වගේ පෙට්‍ටගමේ නෙවෙ මගෙ රෙදිත් තියෙන්නෙ හාමුගෙරෙදි ගොඩේ හන්දම ඒ සුවද මගෙ ඇගෙත් තියනකොට මේ මොකුත්ම නොදන්න මහ තැන නහින්ඩ හැදුවා...

උඹට මං කිව්වා හාමුගෙ ඇගේ නගින්ඩ යන්ඩ එපාය කියලා .....උඹ ඇදටත් නගින්ඩ හැදුවද.....??

මැනිකෙ පිස්සට හැතැප්ම නෑ වගේ බනිනවා බනින වාරයක් ගානෙම ඔසරි හැට්ට කරෙන් "අධි පෝශනේ" හැදුන රණ හංසයො දෙන්නා එලියට පනින්න හැදුවා....මැනිකෙ මගුලක් කියනවා.....මැනිකෙ දන්නවනම් බිබික්කම මා එක්ක අල්ලපු අඩව්ව ගැන නියගල අලයක් තම්බන් පොල් එක්ක කනවා....

ඊටත්...මැනිකෙ දන්නව නම් මම උන්නෙත් කන්නාඩි මේසෙ උඩ...මගෙ අතිනුයි මෙව්වා බිදුනෙ කියලා මටත් නියගලාවක් ගිල්ලනවා...ඔක්කොමත් හොදයි බේබි හාමු අඩව් ඇල්ලුවෙ මං ඇදට නගින්ඩ බෑය කියලා කියපු හන්දා බව දන්නවා නම්....අර පොල් කදේ ඔලුව ඇනගන්නවා.....

අනේ මැනිකෙ...මං මොකුත් කෙරුවෙ නෑ...අර තේ කෝප්පෙ පොඩි පට්ටම් කරපු වෙලාවෙමයි බේබි හාමු මේවත් පොඩි පට්ටම් කරලා තියෙන්නෙ...අරත්...මං මක්කටද බේබි හාමුගෙ ඇගේ එල්ලෙන්නෙ....අපෙ අම්මටත් වඩා වැඩිමල් බේබි හාමු මගෙ අප්පච්චි වගේනෙ මැනිකෙ.....අනික..අපෙ මැනිකෙ මට පැදුරකුත් ගෙනත් දුන්න එකේ.....මට නුපුරුදු ඇදන් වලට බඩගාන්නෙ ඇයි මැනිකෙ.....

ආවා මෙතන මගුලක් කියාගන...බිබික්කමට තියන රතීගාය දන්නෙ මමනෙ..... හිතේ තාම ලපටියා අත දරුවා කියලා .....ඇරත් බිබික්කමා නහින්ඩ හැදුවෙ මං ඇදට නැග්ගෙ නෑය කියලා .....

ඒකත් හැබෑවදැන් ඉතින් මක්ක කරන්ඩද.....ඕක වීසි කරපන්.....මදැයි....තවමත් නෑ මේ ළමයා....කොහෙ ගියාදො...රෑ බතට මොනාද ඕනෙ අහන්ඩත් බැරි උනා...උඹට මක්ක වත් කිව්වද ඇසල.....උඹට මක්ක කියන්ඩද....අම්මා ඉන්නකොට ...

කොහෙ යන්නද....වෙලහට පොල් ඉඩමක් අස්සෙ රිංගන්ඩ ඇති...මං ලගට ගියෙ නැති තරහවටත් එක්කම අර අලුතෙන් ඉන්දපු පොල් මැරෙන්කම්ම අද යූරියා ගහයිද දන්නෙ නෑ....එහෙමට බිබික්කම ඒකා...ඇරත්...කන්ඩ ආස දේ මට කිව්වා කියලා මැරෙනවද.....ඇයි මං ඉව්වොත් ලපටියට හිරවෙනවද....අම්මා...අම්ම තමයි..අම්මා උනත් දැනගන්ඩ ඕනා ලපටියා දැන් පවුලක් විත්තිය....

මටත් ලාවට වගේ තද උනා...කොච්චර වාත් කියවන්නෙ ලපටියගෙ රැස් ගැන...අනෙ මන්නෙ ලපටියා මං හන්දයි...මං ලපටියා හන්දයි දිය වෙන තරම...ආව දෙන්කො මැනික තුරුල් වෙයන් ගාගන..අම්මා ගාවටම එලවන්ඩ.....

අනේ....නෑ..අපෙ මැනිකෙ...බේබි හාමු මට මක්කවත් කිව්වෙ නෑ....ආස දේ කියන්නෙ අපෙ මැනිකෙටනෙ ඉතින්....

මගෙ අතේ තවමත් කටු ටික...මගෙ දිහා ඇස් යටින් බලන් උන්න සුගලා දේවි අර නාකි කට හද හද තවත් මොනවා හරි කියන්ඩ හදල අඩියක් දෙකක් මගෙ ලගට ආවා.....

..ආ බන්...මක්ක වෙලාද ඔය බෙල්ලට.....දදයක් වත් දාලද ...දදයක් නම් හෙටම පලයන් ඩිස්පැන්සරියට.....උඹ හන්දා බේබි හාමුටත් බෝ වෙයි දැන්...

න්න්න්...නෑ...අපෙ මැනිකෙ...මේ මදුරුවෙක් කාලා....

..උඹට හොදටම විස්වාසද.....

එහෙමයි මැනිකේ.....ආය මක්කටද මං අපෙ මැනිකෙට බොරු කියන්නෙ....

මාව සීතල වෙලා ගියා...මේ ගෑනි ඒකත් දැකලා...නොදැක තියේවිද ලපටියගෙ ඇන්දම මෙතනනෙ.....

අනේ...ඉතින්....මෙවෙලෙට තමයි සුගලා දේවිගෙ අම්මා අප්පත් සිහිකරන්න හිතෙන්නෙ....මං කට තද කරගත්තා ..මොකද මගෙ කට නලියෑවා.....මට ඇති දදයක් නෑ හත්වලාමෙ මේ ඔක්කොම අර ලබික්කමාගෙ හපන් කම් කියන්න...ඒත්..මං කට තද කරන් උන්නා ...

ම්ම්...ඕක දාල වරෙන්කො.....රැ බතට මොනවා හරි හදන්ඩ....වේලුන හාල්මැස්සොත් තියනවා....ලොකු හාමුත් මනාප එකේ....හාල්මැස්සො තෙල්දලා....පරිප්පුවක් එක්ක බිත්තරයක් වත් තම්බන්ඩ...

එහෙමයි මැනිකෙ.....

අනේ මන්දා මේ ළමයා තාම නැනෙ.....

යන්ඩ හදපු මහ මැනිකෙ ආපහු පාර දිහා බැලුවා....මහ මැනිකෙ එබුනට ඒකා පොල් වත්තක නම් මැරෙන්ඩද.....ඇරත් ඔච්චර බය මොකද...

ආන්...ආන් බලපන් ඇසල....අර එන්නෙ බේබි හාමුද කියලා .....හාමු නම් තේ ඩිංගක් ලිපට කරන්ඩ..කොහෙ ගියත් ගෙට ගොඩ වෙන්නෙ අම්මෙ තේ එකක් ගාන්...අනෙ මගෙ දරුවා...අගේට හිටපු ලමයටනෙ හැත්ත ගුරුකම් කොරේ.....

එහෙමයි අපෙ මැනිකෙ....වාහනෙ අපෙ බේබි හාමුගෙ.....

අම්මෙ...ඔව්...අගෙට ඉන්නවා කාමරේ අස්සෙත්.....

මං හිතින් බැන බැන ඈතින් එන ඉන්ධර් බේබි හාමුගෙ කාර් එක දිහා බලලා ඒක තමයි ගානකොට සුගලා දේවි ලපටියට තෙ හදන්න නැහුන.....රාජකීය තේ එක පුතන්ඩියගෙ....

වීදුරු කටු විසිකරන්න ගියපු මං ඉන්ධර් හාමුගෙ කාර් එක දැකලා මැනිකෙ එක්කම නැවතුන....තනිම කලුකාර් එක ලයිට් ගහන් ඇවිත් වලව්ව ඉස්සරහින් නවතිනකොට මං බේබි හාමු බහිනකන් බලන් උන්නා....

කොහෙද පුතා ගියේ....

පහල පොල් වත්තට....

ඔය මං කිව්වෙ...පොල්වලින් තොර ලෝකයක් නෑ....මේක එසේ මෙසෙ බිබික්කමක් නෙවෙ පොල් බිබික්කමක්!!!

ඔය මොනවද....

මැනිකෙ දිහා බලන් කතා කෙරුවත් ඇස් කොන්වලින්.මගෙ දිහාත් බලපු ඉන්ධර් හාමු මහ තැන අහක බලාගත්තු තප්පරේදි මගෙ දිහා බලලා ලාවට හිනා වෙලා මොනවදො මිමිනුවා...මගෙ කනක් රතු උනා....

"මැනික මගෙ...."

මේ වික්ස් දෙක තුනක් අම්මා...නහය දන එක පාරකවත් ගෙදර හරියකවත් වික්ස් එකක් නෑ...මගුල..ඔලුවත් එක්ක පුපුරන්ඩ එනවා එවෙලෙට....

ලංකා ෆාමසි...කියලා ගහපු උරේ පිරෙන්ඩම තිබුනෙ වික්ස්ගොඩක් වෙනකොට ඉන්ධර් හාමු ආයම මගෙ දිහා බලලා.හොරාවට මිමිනුවා...

"මැනික තේ එකක්...."

ඉන්ධර් හාමු හොරාවට මගෙන් තේ එකක් ඉල්ලුවා...ඒත් දැන් මෙතන මහතැනත් ඉන්නවනෙ....මේක.මැරෙයි මං තේ හැදුවොත් ...ඇයි මහරජගෙ තේ එකට පයට පාවඩ දාගනනෙ හදන්ඩ ඕනෙ.....

මං හාමුව මග ඇරලා හිමින් සීරුවෙ වීදුරු කටු එක විසික් කරන්ඩ යන්න හැරුනා...ඒඑ එක්කම ඉන්ධර් හාමු කට ඇරියා....

"ඇසල මට තේ එකක් හැදුවා නම්...."

අලුත් කවර් එක....ආතරෙයි පැස්තට....

🤭ආයම පොල් බිබික්කම එක්ක එනකන් පයිස්සමින් ඉන්ඩො...

.ආතරෙයි හැමෝටම පොල් අක්කර දුසිමක් තරමට....

ඉන්ධර් හාමුට කවියක් එවපු අකීරා නංගිට වගේම....පුද්ගලික ඉල්ලීමකට මගෙ කතවට කවියක් දුන්න දුලිතට ස්තුතියි හදවතිම්ම...

මම

ජොබි.....

Nedeesha !!

More Chapters