න්..නිර්වා..න්...දෙන්නකො.....දෙ...න්..නකො..අනේ.....ද්.....ල්....ලොකූ...මේ...
බාන්නකෝ...හ්.....චූචිගෙ පෝන්නෙක...හ්.....
මං උඩ පැන්නා.....එයාගෙ අතින් ඵෝන් එක උදුරගන්න හැදුවා...
හිටි හැටියෙම මහ වැස්සෙම හදිසියේම කඩා පාත් උන හෙඩා මගෙ අතේ තිබුන ඵෝන් එක උදුරගත්තෙ ඈත අහසෙ ඉදන් විදිල්ලක් වේගෙන් පොලවට ආව උකුස්සෙක් කුරුලු පැටියෙක් ඩැහැගන්නවා හා සමාන වෙනකොට කොච්චර මගෙ ඵෝන් එක ඉල්ලුවා උනත් ඒකා නෙවෙ දුන්නෙ....මටත් වඩා උස හෙඩා මම උඩ පනින වාරයක් වාරයක් ගානෙම අත ඉස්සුවා මදිවට කෑගහන කට පවා එක
අතකින් මිරිකුවා....
න්...භ්...නි...ර්...භ්භ්....
මහ යකෙක් මූ..මහ නරකයෙක්...අනේ මුව මට එපා....මට මුගෙන් මේල් ප්‍රෙග්නන්ට් සිහිනත් එපා...මූව මට එපාමයිනෙ ..මූ එක්ක යාලු උනොත්...මගෙ ජීවිතේම ඇන්ගෙස්ට් ෆෑන් ෆික්ශන් එකක යතාර්තයක් වෙයි...
කට පියාගන ඉන්නවා සයාශ් හරි....
භ්භ්....ර්..රිදෙනවා....ඇ..යි...යකෝ....
ර්....ම්ම්හු....අ...භ්භ්...භ්භ්.....
මම දැගලුවා...නිවුන්නට අඩගහන්න හැදුවා...කොටිම්ම හෙඩා මට කට අරින්න දුන්නෙත් නෑ ..මට කාමරෙන් යන්න දුන්නෙත් නෑ...කට අතෑරපු හෙඩා අනිත් පාර මගෙ අත කිටි කිටියට අල්ලන් තනි අතකින් ඵෝන් එක ඔබන්න ගත්තා .....
ම්..මොනවද.....බලන්නෙ...කියන්නකො....හොයලා...දෙන්නම්.....ල්..ලොකූ.....වරකෝ.....මේ...ගොබ්බ....හෙඩා...මාව...
මං මගෙ අත් දෙකෙම්ම හෙඩා මාව අල්ලන් ඉන්න අත ගලව ගන්න හැදුවා....ඒත් බෑ....ඉබිමස් කාපු එකෙක් වගේ ඒකා මාව අල්ලන් උන්නා....කට කඩාගන මං ලොකුවට අඩ ගැහුවා ....ඌ පියෑඹුවා පියෑඹුවයි තටු කපලදෝ කොහෙද උගෙ පිහාට්ටක් වත් මට දකින්න බැරි උනා....හරිම අගෙයි සැලලිහිනියා හොට පටලව ගත්තු හෝරාව...
ලොකූ....
ම්හුක්....
හරිම අනර්ගයි .....හරිම අනර්ගයි....අප්පච්චි ගෙ වැඩිමහල් පුතුනුවන්ගෙ පාවා දීම නම්....ප්‍රීතී....ප්‍රීති....කසානා...
මං දගලන එක නැවැත්තුවා ....කොටිම්ම කෑ ගහන එකයි උඩ පනින එකත් නැවැත්තුවා ....හෙඩා දිහා බලන් උන්න මං ඒකගෙ වීක් පොයින්ට් එකක් හොය හොය සතුරාව මර්දනේ කරගන්න දහ අතේ කල්පනා කරනකොට මන් බලාගන ඒකා යටි තොල හපාගන උන්නා මදිවට ඒ මූන ගින්දර වගේ රතු වෙලා කොටිම්ම හෙඩාව ගිනි කන්දක් වෙලා තිබුනා...කොටිම්ම හෙඩාව වෙව්ලන්න ගත්තා ...
අනේ හත්තුක්කෙ හෙඩා මගෙ මැසේජ් වත් චෙක් කරනවද.....????
අනේ මුනිදාස අයියේ.....හ්!!!
හෙඩා මගෙ හංගපු ඵෝල්ඩර් වත් බලනවද . ....???
ඒත්නැතිනම්....බඩේ සමනල්ලු යන yaoi ඒවල ආය අය කියවන්න කියලා සේව් කරගත්තු දහ අට දන කෑලි වත් බලනවා ඇතිද.....???අනේ....ර ටියුබ් ලයිට් වගේ දිග එයාලගෙ "අරයලාව" වත් දැක්කද
👉👈 ම්හුක්.....ඊරිසියා කම් කරන්න හැදුවොත් හෙඩාටත් කියනවා ඔයාටත් ඕනා නම් ඒ වගේම ලොකු කරගන්න කියලා ඇයි වදේ.....
ම්හුක්...යෝ....චූටී....මොනාද මේ හිතන්නෙ...
මම ආයම හෙඩා දිහා බැලුවා...ඒ මූන බලන්න බයයි ..ආලවක යකා වගෙ.....
මේකා මොකද කරනෙන්.....වස්සැප් ගෲප් ගිහින්ද .....ඒත් නැත්තන්...මගෙ වට්පෑඩ් එකේ තියන කාගෙ හරි කතාවක් වත්...ඒත් නැත්තන්...මංම ලියපු කතාවක් වත් කියවලද...??නෑ...
මං ඉතින් වට්පෑඩ් ඕතර් කෙනෙක්නෙ ...මෙහෙම උන්නට.....
පෙරේදා හැන්දෑවෙ පබ්ලිශ් කරපු my sexy පාර්ට්නර් වත් කියෙව්වද....???
ඒත් ඒක මං ලිව්වෙ ෆේක් එකවුන්ට් එකකින්නෙ...ම්හුක්...ඒත් මං දැන් ලොග් වෙලා ඉන්නෙත් ෆේක් එකටනෙ....යෝහ්....අප්පච්චිගෙ කොල්ලො....අනර්ගයි...අනර්ගයි....උඹ කරගන තියන විපරියාසෙ නම්....අනර්ගයි...
එකා කියවන්නෙ..ඒකෙ තියන යහන් ගතවීම නම්....?
අනේ....සයාශ්....උඹට නම් ගෞරවයෙන් බුදු සරනයි....!!!
මට දැන් ඇඩෙන්න වගේ ආවා....මගෙ ඵෝන් එක අතේ තියාගන ඇස් කන් කටවල් වලින් ගිනි පත්තු කරන් ඉන්න හෙඩා තනිකරම ගිනි මකරෙක් වගේ වෙනකොට මම මාව ගලවගන්න පුලුවන් තරම් දැගලුවා.....මාව අතාරින්න නිර්වාන් ගගා සියපාරක් කිව්වා...ඒත් නිර්වාන් නිර්වාන් නෙවෙ කනකට ගත්තෙ....නිර්වාන් නෙවෙ මාව මායිම් කෙරුවෙ.....
නිර්වාන් ....නිර්වාන් මාව අතාරිනවා නිර්වාන් ....ලැජ්ජා නැද්ද...අනුන්ගෙ ගෙවල් වලට....අනුන්ගෙ...කාමරවලට...පැනලා...අනුන්...
මං අනුන්ගෙ ඵෝන් ගත්තා කියලා නම් කියන්න හදන්නෙ...කරුනාකරලා වචන ප්‍රවේසමෙන් කතා කරනවා සයාශ්....ගෙදර අනුන්ගෙ උනාට..කාමර අනුන්ගෙ උනාට...මේ ඵෝන් එකේ අයිති කාරයා අනුන්ගෙ නෙවෙ...කට පියාගන...ඔහොම ඉන්නවා...හරි....
ම්..මො...මොක....අනු...ම.....ආව්...හ්.....ර්....රිදෙ...නවනේ.....
මගෙ මූන අර ආදිවාසියා වගේ උනා.....කාමර අනුන්ගෙ ගෙවල් අනුන්ගෙ උනාට ඵෝන් එකෙ අයිති කාරයා අනුන්ගෙ නෙවෙ කියනපු නිර්වාන් මගෙ අත තවත් තද කරලා අල්ලගන්නකොට මගෙ කටත් ඇරුනා.....
ඔබනවා..ඔබනවා...ඉවරයක් නෑ...ඉහින් කනින් වතුර නාන් උන්න හෙඩා හිටන් උන්න තැන පවා වතුර එකතු වෙලා තියනකොට මම හෙඩා දිහා බැලුවා....වෙනසක් නැ....වෙනසක් නැ....තාමත් එහෙමයි....ලොකුවා ගියා ගියාමයි...ඒකට මොකද මූ මට කිව්වෙ එක බඩ වැල කඩන් ආවා කියලා ...ඒ උනාට මූ වෙන බඩවැලක් කඩන් ඇවිත්ද කොහෙද නැත්තන් මේ අසරන තනි උන මාව මේ මකර කටට තල්ලු කරලා යයිද .....??
..සනාශ්.....ලොකූ උඹ කොහෙද ඉන්නෙ...සනාශ්.....මේ වරකෝ.....බේසිකයෝ...හ්හ්
මං කෑ ගැහුවා.... එලියෙන් වහින වැස්ස තව තවත් මාව අසරන කරන ගමන් එක දිගට හුස්මක් නොගෙනම වහිනකොට මගෙ කටහඩ පවා වැහි වතුර ගිල ගන්නකොට මං කෑ ගැහුවා....
ඒත් නෑ.....ඒත් බලු බල්ලෙක් නැ.....හෙඩා ගෙට ආවෙ අපේ එකාව ඝාතනෙ කරගනවත්ද....???නැත්තන් හෙඩා ගාව ඉන්නකොට ඕකා අනිවාර්යයෙන්ම මාව බලන්න එනවා....නෑවිදින් ඉන්නෙ නෑ.....
හත්තුක්කෙ ....හෙඩා සීරියල් කිලර් කෙනෙක්ද....ම්ම්...යූ...මගෙ ඊලග ප්ලොට් එක.....👉👈 angest with happy ending ....නමක්.....ම්ම්....හෙඩාගෙම නම් දාලා මූවම කැරැක්ටර් එකකට ගත්ත නම්....ම්ම්ම්....ම්ම්...බලමු.....මොනවා උනත්...යන ඔන්ගොයින් නවත්තලා හරි සීරියල් කිලර් එක දෙන්න ඕනෙ...ඔමෙගාවර්ස් එකක් කරලා...මේල් ප්‍රෙග්නන්ට් කෙරුවා නම්....ඉයූ....ඉයූ ...ඔය තියෙන්නෙ....ම්ම්ම්...
ඔලුව ගිනි අරන් ඉන්න වෙලෙත් ආයමත් බහු බූතයක් හිතපු මං ජනේලෙන් එලිය බැලුවා....
වහිනවා....වහින්වා....අඹ ගහේ අතු පහලට බර වෙන්නම වහිනවා....වැස්ස හුලග කොච්චරද කියනවා නම් ගස් වල අතු පවා ඇඹරුනා.....රෑ අනදකාරෙට වඩා වැහි අන්දකාරෙ වැඩි වෙනකොට මට මාවම ගලවගන්න සිද්ද උනා....හෙඩා මගෙ ඵෝන් එකේ දකින දේ අනුව ඒකා මාව අල්ලන් උන්න අත තද කෙරුවා .....ඒ මුන වෙනස්.උනා...
අනේ උඹ මොන මගුලද බලන්නෙ නිර්වානයො...අතෑරපන්කො....මට මගෙ ඵෝන් එක දීපන්කෝ...
මම මගෙ අත ඇද ඇද යටි හිතින් හෙඩාට කන්නලව් කෙරුවා ....හෙඩා නෙවෙ මා දිහා බලන්නෙ..හෙඩා නෙවෙ මාව තඹේකට ගනන් ගන්නෙ.....
අනේ...නිර්වා....න්.....මාව...අතාරිනවකො නිර්වාන්....මොන නාඩගමක්ද මේ නටන්නෙ.....අනික....අනික....මුලු ගේම තෙමලනෙ...මාව...අතෑරල...ඔය ඵෝන්...එක දීපියව්කො..අඩේ....හ්
නිර්වාන් .....
මගෙ මට කැඩෙන්න එනවා.....අත පය විසිකරලා ගහන්නත් බෑ...ආරංචි මාර්ග අනුව හෙඩා ටයිකොන්ඩෝ බ්ලැක්බෙල්ට් කාරයෙක් ....ආසාවට ජූඩො කරන එකෙක්.....ආසාවට කරාතෙ ගහන එකෙක්....ඇරත් මූට මගෙ අතින් පාරක් වැදිලා කනාවට වත් තුවාල උනෝතින් මන්ත්‍රී නෝනා මාව සුදුවෑන් එකකින් අරන් ගිහින් අනිවාර්යයෙන්ම මෝරුන්ට කන්න දානවා.....අනේ කසාදයක් වත් කරගන්න කලින් අකාලෙ මිලින වෙලා යන්නද අපේ අප්පච්චි අපිව හැදුවෙ....
නෑනෙ...නෑනෙ....ම්හුක්...වේදනාවයි...සිත ගත දෙකම වේදනාවයි.....
නිරූ.....හ්හ්
වැඩක් නෑ.....වැඩක් නෑ..... හෙඩාට කියන කට කියනවට වඩා බිම උලාගන්න එක හොදයි කියලා හිතපු මම අනිත් පාර ඔක්කොම සෙල්ලන් බල්ලට දාලා උච්ච සුවරෙම්ම ආයාම ලොකූට කෑගහනවත් එක්කම මගෙ කටේ සද්දෙටද කොහෙද අඩ අඩ උන්න අහසෙ වැහි දෙයියා කෝප වෙලාද කොහෙද මුලු වට පිටාවම ගිනි දවාලෙ වගේ එලිය කරගන ඉස්සරහ අඹ ගහට හෙනයක් වැදුනා, මගෙ කන් අඩි පවා හෙළ වෙලා ගියා... බය උන පාරට බෙරිහන් දීපු මං හෙඩාගෙ ඇගේ එල්ලුනා...

ලොකූ...
මේ වර....අනේ.....න්...නිර්වා....න්...වඩා..
ගනින්කෝ......හ්.....ව්...වඩා...ග්....ගන්නකො.....
මං බය උනා....බය උනා කියන්නෙ මේ පාර නම් ඇත්තටම මං බය උනා....කියව කියව උන්න මං අනිත් පාර තක් බීර් වෙලා යන්නම බය වෙලා තෙත් බරිත වෙලා උන්න හෙඩාගෙ ඇගෙ එල්ලිලා වඩාගන්න කිව්වා....
වෙන මොකටවත් නෙවේ...අකුනු ගහනකොට කකුල් උඩට අරන් ඉන්න කියලා තියන හන්දා....
නිර්...වාන්...මං..බයයි...නිර්වාන් ..මට...ලොකූ...ගාවට....යන්න..දෙන්න...කො....
ඇයි බය ම්ම්ම්....මං ළඟ ඉන්නකොට මොකටද බය....ම්ම්ම්....මං ඉන්නකොට ඇයි ලොකූව හොයන්නෙ....
ඒ නපුරු මූන එහෙම්මයි....ඒ නපුරු කටහඩ එහෙමයි... මා දිහා වත් නොබලා බයක් හැකක් නැතුව එයා කෙරුවෙම ඵෝන් එක දිහා බලන් උන්න එක වෙනකොට මම ගොලු බෙල්ලා වගේ නිර්වානයගෙ ඇගේ ඇලීගන උන්නා.....
ඒ අතර තුර මං හොරාවට ඵෝන් එකත් ඒකගෙ අතින් අදින්න ගියා...
අත තියන්නෙ නෑ සයාශ් හරි...
හරිම අගෙයි ...හරිම අගෙයි.....ප්‍රීතී...ප්‍රීති...ප්‍රීති කසානා....මන්ත්‍රී පුතුනුවන්ගෙ වීර වික්‍රම නම්....මුගෙ ඔලුවට අකුනක් පිපිරුවත් මූ නෙවෙ මගෙ ඵෝන් එක මට දෙන්නෙ....අමෝර්...අමෝර්....ග්‍රැහැම්බෙල් නෙමැයිනෙ ඔච්චර ඔබන්නෙ....
මම බලන් උන්නා...මගෙත් ඉවසීම ටික ටික ලෙෆ්ට් වේගන යන වෙලාවක මාත් මගෙ මූන අකුලවගන බලාගන උන්නා...
ඉවසලා ඉවසලා බැරිම තැන තමයි කන පුපුරන්න ගහන්න ඕන තැන කියලා කියන්නෙ නිකමට නෙවෙ වෙනකොට මම මාව අල්ලන් උන්න නිර්වාන්ගෙ අත මගෙ අත් වලින් මිරිකුවා.....
කරුනාකරලා මාව අතාරිනවා අයිසේ.....තමුසෙට පිස්සුද ....මොලේ අමාරුවද...කරුනාකරලා මගෙ අත අතෑරපන් මිනිහො..... අනේ ලොකූ......හ්හ්...මේ බලපියකෝ.....මට පපුව අමාරුවට වගේ....චූටියා මැරෙන්න යන්නෙ...ඇත්තමයි නිර්වාන් ...මට හාර්ට් ඇටෑක් තියනවා....තමුසේ...තමුසෙ නිසා...මාව....තමුසෙ නිසා...මාව....
මම කෑ ගැහුවා...මම කෑ ගැහුවා...මාව අතෑරපන් කියලා කියපු අනිත් පාර මගෙ කටට එන දේවල් පවා කිය කිය හෙඩාව බය කරන්න හදනකොට ඒකා අතේ තිබුන ඵෝන් එක කිටි කිටියට මිරිකගන අනිත් පාර මගෙ කොලර් එකෙන් අල්ල ගත්තා ..නෑ...ඇත්තටම කිව්වොත් මගෙ බෙල්ල...ඔව්....ඇදන් උන්න ටී ශර්ට් එකට කොලර් මොකුත් නැති රවුම් කරක් වෙනකොට ඒකා කෙලිම්ම අල්ල ගත්තෙ මගෙ බෙල්ලෙන් වෙනකොට ඒ ඇස් දිහා බලන්න පවා බය හිතුනා....
ඇත්ත...නිර්වාන් කියන නමටත් අසාදාරනයක් .....!!
කියපන්...මොනවද....ම්ම්ම්...උඹට මොකක්ද වෙන්නෙ....ම්ම්ම්...

න්..නි....නිර්...වා....
නිර්වාන් ....නිර්වානයා...ඔය මොකද කරන්නෙ නිර්වානයා.....ඔය කොල්ලව අතෑරපන්....
ඔය දොරවහපන්....!!!
නිර්වාන් මගෙ මල්ලිව අතාරිනවා.....න්න් භ්භ්....
ශෙනිරු ...තමුන්ගෙ දේවල් අරගන...කරුනාකරලා දොර වහනවා....!!
මන් උන්නෙ බය වෙලා...බය කියන්නෙ නිර්වාන්ගෙ වචන එක්ක උපරීමෙටම බය වෙලා.....එය මාව අල්ලගන මොකද වෙන්න අහනකොට මෙච්චර වෙලාම අතුරු දන් වෙලා උන්න ලොකුවා ආවා..හැබැයි නිකන් නෙවෙ...තනියමත් නෙවෙ...ඒකා උන්නෙ හෙඩාගෙ වල්ගෙ එක්ක...හෙඩාගෙ නූල එක්ක...හරියටම බෙල්ලෙ පාලුව යන්න ඔලුව එනවා වගේ හෙඩා බෙල්ල නම් අරකා ඔලුව වගේ උන්නා...අරකා බෙල්ල නම් හෙඩා ඔලුව උනා.....
මං බලන් උන්නා..මාව අල්ලන් උන්න හෙඩාව දැකපු ලොකුවට යකා ආවේස වෙගන ආවත් ඩිපූටියා උගෙ පෙට්ටි කට වහලා දැම්මා....ඒ විතරක් නෙවෙ ...සනාශ් දිහා කන්න වගේ රවාගන උන්න හෙඩා කෙලිම්ම ඩිපූටියට අන දුන්නා නිකන් නෙවෙ තමුන්ට අදාල දේවල් අරගන යන්න කියලා ඩ්පූටියට දොරවහන්න කියලා හෙඩා කෑගැහුවා ...
තමුන්ට අදාල දේවල් කියන්නෙ.....අපේ ලොකුවද ....ශෙනිරුවගෙ අදාල දේ අපේ ලොකුවද එතකොට ....එතකොට මූ මට උන පොරොන්දුව .....???
අහෝ...
නොම්බර දාහත !!!සලුපට අහසට...
විල්ලුද පුම්චි දෙපා...කලුකර ගන්න එපා...අව්වට යන්න එපා..දාවලේ....අවලස්සන වේවි අප්පච්චි ගෙ ලොකු පුතුකී....
හත්තුක්කෙ...මගෙ ඔලුව...මූ මගෙ ඔලුවෙ අතගහලා නේද දිවුරුවෙ.....?
දිවුරන්න බෑ නේද මං ඉදිරියෙ....
බොරු කරලා ඉපදෙන්න වෙයි සුගතියෙ ...
හැම දේම ජෝක් එකට අරන් අරන් මගෙ ජීවිතෙමත් ජෝක් එකක් වෙලා යනකොට සීරියස් තැනදි පවා මට විකාර කියවුනා...මගෙ හිත මෙතනදි පවා පිස්සු නැටුවා.....
මගෙ මූන දැන් ආයම කදුලු පුරවන් ඉන්න තිත්ත කැකිරි පන්තියෙ පුසා වගේ උනා.....පපුව ඉස්සරහට දාන් උන්න ලොකුවා හෙඩාගෙ කටේ සද්දෙ එක්කම ඩිපූටියගෙ පිටි පස්සෙ හැංගිල උගෙ උරහිසට උඩින් ඇස් දෙක දාලා මාදිහා බලන් උරහිස් ඇකිලෙව්වා..හරියටම අනේ චූටියා මන් දන්නෙත් නෑ බන් කියන්න වගේ.....
ඌ හැංගුනෙ ඩිපූටියගෙ පිටිපස්සෙ ...මූ සමාගම් ගාන හොදටම බැලන්ස් කරලා තියනවා වගෙ...
මම ලොකුවා දිහා බැලුවා....උගෙ නිකට තිබ්බෙ ඩිපූටියගෙ උරහිසෙ....
කුමක් හෝ වෙලා වgay.....
හරිම අනර්ගයි...හරීම අනර්ගයි ...කඩවුන පොරොන්දු පන්තියේ ඉන්න අප්පච්චිගෙ වැඩිමහල් පුත්‍ර රත්නෙ මට දුන්න පොරොන්දුව හරිම අනර්ගයි .....අමෝර්...අමෝර් ....රහසින් වත් පව් නොකෙරු තැනැත්තා....පිච්ච මල් බිසව්තමෝ...ඔක්කොම කරලා...දැන් ඩිපූටියගෙ වෙලා.....හරිම අනර්ගයි සනාශ් පුතේ අද ඉදන් ..උඹයි මායි එක බඩවැලේ නෙවෙ. ..බඩවැලවල් දෙකක...උන් !!
දඩාස්.....!!
මාව ගැස්සිලා ගියා...තවමත් මගෙ බෙල්ලෙන් අල්ලන් උන්න හෙඩා උන්නෙ ගිනි විද විද වෙනකොට අර තත්පර ගාන ඇතුලත බහුබූත හිත උන්න මාව ආයම රත් වෙන්න ගත්තා .....මං ආයම පියවි ලෝකෙට ආවා...
නිර්වාන් .....අතාරින්න.....
මම සියලුම ජෝකර්ලව මගෙ ඔලුවෙන් අහක් කරල දැම්මා.....මට තරහා ගියා...නිර්වාන්ගෙ මේ හැසීරිම මාව තරහ ගස්සවන්න ගත්තා ...
ඇයි...ම්ම්.....දැන් කියෙව්වා නේ ...
ඔව්..කියෙව්වා..කියෙව්වා තමයි නිර්වාන් .....තමුන් මේ කරන්නෙ තනිකරම බලහත් කාර කමක් ....තමුන් මට මේ කරන්නෙ ශාරිරීකවම බලහත්කාර කමක්...කොටින්ම...කොටිම්ම..මේක...
තනිකරම ..ලමා අපයෝජනයක් .....බුලි කිරීමක්....
ඇත්තට .....තේරුම දන්නවද?
මොකේද .....
බලහත්කාර කම් කරනවා කියන එකේ.....දන්නවද ??
න්...නිර්වාන් ..කරුනාකරලා ...මගෙ...
බෙල්ල අතාරිනවා නිර්වාන් කරුනාකරලා අතාරිනවා....මගෙ ගෙදරට ආවා මදිවට ...මට භ්භ්...භ්භ්.....
ශ්ශ්...ශශ්....!!
මට එච්චරයි කියන්න හම්බුනේ..හෙඩා..මගෙ කට වැහුවා...ශ්ශ්...ගෑවා.....පෙපෙරමින්ට් සුවදයි.....ඇස් දෙක පුරාවටම තනිකරම නපුරුකම ඉහවහා ගිහින් තියනකොට මම බලන් උන්නා...මොකද මට අතා කරන්න අවසරයක් නැති උනා....
සයාශ්....සයාශ්....සයාශ්.....තමුනුත් මං එනකන් බලන් උන්නා...එහෙමනෙ.....ම්ම්ම්.....
අකමැත්තක් තිබුනා නම්....තමුන් මට මීට වඩා ඕක තදින් කියනවනෙ....එහෙම දෙයක් උනෙත් නෑ...අනික....තමුසෙ බය වෙන සැරේට මගෙ ඇගේ නගින්නයි ....අනිත් පාර මාව එලවන්නයි.....මං මොකෙක් කියලා හිතුවද සයාශ් ආ .....හ්???
න්....එ...එපා...හ්..නිර්වාන් .....
මං කෑ ගැහුවා ....එහෙන් වැස්ස....මෙහෙන් නිර්වානයා.....වහපු දොර...අසරන වෙලා උන්න මගෙ කටහඩ බය උන පාරට දැන් මට වත් ඇහෙන්නෙ නැති වෙනකොට බලහත් කාරකමේ තේරුමෙන් පටන් ගත්තු නිර්වාන් දත් මිටි කාගන ඉදලා එකපාරම මාව ඇදට තල්ලු කෙරුවා විතරක් නෙවේ....ඌත් ඇදට නැග්ගා.....නිකන් නෙවෙ...නිකන් නෙවෙ...නිර්වානයා මගෙ ඇග උඩ.....ඇගේ බර නොදුන්නත්...නිර්වානයා මගෙ ඇග උඩ...
දන්නවද බබෝ...මං සාමාන්යෙන්....නොකරපු දේවල් වලට බැනුම් අහන්නෙ නෑ....කරල නැතුවත් බැනුම් අහනවා නම්.....එකමන්ඔප්ශන් එකයි තියෙන්නෙ...එක්කො... නොකරපුවා කරන්න ඕනා....කරලා බැනුම් අහන්න ඕනා....
මගෙ ඇස් දෙක බෝල උනා....හුස්මත් ඉහලට හිර උනා...බය උන පාරට මටත් නොදැනිම මම ඇද රෙදි මිරිකගත්තා මදිවට මගෙ සර්වාංගෙම පන නැති උනා....
සයාශ් ...
න්..නිර්වාන් ...ඔයා...මට...බලහත්...කාරකමක්...කරන්නද...ය...යන්නෙ.....?
හෙඩා එක වචනයයි කිව්වෙ...බය වෙලා උන්න මම ගොන් ප්‍රශ්නයක් අහනවත් එක්කම ඒකගෙ එක ඇහිබැමක් උඩ ගියා....ඒ මදිවට කට කොනකින් හිනා උනා....හෙඩා තනිකරම සීරියල් කිලර් කෙනෙක් වගෙ....වැස්සට තෙමුන කොන්ඩෙ ඉත්තෑකූරු වෙලා තියනකොට ඒ කෙස් ගස් අස්සෙන් රූටන් ආව වතුර බින්දුවක් හරුයටම මගෙ යටි තොල උඩට වැටුනා...මං බලාගන හෙඩා ඇස් හීනි කරන් ඉදලා කෙල ගිලිනවා....
..ඒක වෙන්නයි යන්නෙ.....ඒක වෙන්නයි යන්නෙ.....අර හැම කතාවෙම තියනවා වගේ...බොටමව කන්ට්‍රෝල් නැතිව යන්න යන්නෙ...
මං ඇස් දෙක හීනි කරගත්තා .....ඇද රෙද්ද අත් වලින් කිටි කිටියට මිරිකන් ඉන්නකොට මං බලාගන හෙඩාගෙ ඇස් දෙක වතුර බින්දුව උඩ සක්මන් කරනවා...ඒ එක්කම හෙඩා මගෙ මූනට පහත් උනා....මං ඇස් පියාගත්තා...
ඇයි ම්ම්ම්ම්....මොකද....
න්..නිර්....වා...න්....
නෑ..නෑ...හාදුවක් නෙවෙ.....හාදුවක් නෙවෙ...ඇති යාන්තන් ...හාදුවක් නෙවෙ.....හැබැයි....නිර්වානයා දැන් උන්නෙ මගෙ මූන කිට්ටුවම...කොච්චර කිට්ටුද කියනවා නම්.....මට නිර්වාන්ගෙ හුස්ම පවා.මූනට ලගින්ම දැනුනා....
න්...නි.....
නිර්වාන්...අහකට යන්නකො ...මං කට ඇරියෙ තවමත් මගෙ ඇග උඩ ඉන්න නිර්වාන්ව මගෙ ඇගෙන් බස්සන්න උනත් ඊලග පාර හෙඩා කරපු දේ එක්ක මාව දියවෙලා වැක්කෙරෙන්න ආවා....
එයා කෙලිම්ම මොකුත් නොකියම අනිත් පාර මගෙ යටි තොල උඩින් එයාගෙ මහපට ඇගිල්ල තිබ්බා...සීතලයි....වැස්සෙ ආව නිසාද කොහෙදෝ නිර්වාන්ගෙ ඇගිලි සීතලයි .....හිස කෙස් අස්සෙන් වැටුන වතුර බින්දුව යටි තොල උඩ නවතිනකොට වතුර බින්දුව එක්ක පවා තරහක් පිරිමැහුව හෙඩා අනිත් පාර ඒකගෙ සීතලා මහපට ඇගිල්ල හිමින් හීමින් මගෙ යටි තොල උඩ එහා මෙහා ගෙනියනකොට මම ඉහලට ගත්තු හුස්ම පහලට නොදා උන්නා.....
යෝ දෙයියනේ.... බඩ ඇතුලෙ සමනල්ලු කෝටියයි......
..සයාශ්....
ඔ..ඕ..කියන්න....
මොකීද තමුන්ගෙ කෙල්ල.....දෝනි කිව්වෙ..මොකීටද ඒ...
එ..එහෙම...එකිය...ක්..නෑනෙ...මං....ව්..විහිලුවට...කිව්වෙ....
ම්ම්....එතකොට ..මේ මොනවද....ම්ම්ම්
හත්තුක්කෙ.....වට්පෑඩ් එක....අනේ...නිර්වානයො...ඔව්වා ලිව්වෙ මන් නෙවෙ...මගෙ ඇග ඇතුලෙ ඉන්න වනචර මනුස්සයා.....!
න්..නිර්වාන් ...මේ..ඒක...
කමක් නෑ.....
මො..මොකක්ද...ඒකට කමක් නෑද....ඔව්වා ලිව්වට .....කමක් නෑත නිරූ...
ම්න්.....
එතකොට...අර...අරවා....කාතුන්...කතා..
ඒවා..නිරූ...ඒවා....ඒවත් කියෙව්වට කමක් නෑනෙ...විදුහල් මාතාවට කැලලක් වෙයිද හෙඩ් පිපෙට් අයියෙ.....?විදු මවට අපකීර්තියක් ගෙනේවිද නිර්වාන් අයියෙ....
මං ඇස් දෙක කැරකෙව්වා...වට්පෑඩ් එකට කමක් නෑ කියපු හෙඩා දිහා බලපු මම මගෙ දබර ඇගිලි දෙක එකට පූට්ටු කරගන yaoi ගැන අහන කොට හෙඩා ඇහිබැමක් උඩ ඇරියා ...නිකන් නෙවෙ මගෙ මගෙ සර්වාංගෙම දිහා උඩ ඉදන් යටටම බලලා ඇහිබැමක් උඩ ඇරලා ඒකටත් ලාවට ඔලුව හෙලෙව්වා ....යෝ...කොච්චර නම් හොද මනුස්සයෙක්ද මං නිස්කාරනේ බය වෙලා ...අපෙ ලොකුවත් කිව්වනෙ උන් දෙන්නා එහෙම දෙකයි පනහෙ උන් නෙවෙ කියලා .....ඒක්නෙ....ඒකනෙ...අමෝ.....ර්.....දුන්න ගරු බුහුමන...
සයාශ් ...මං තමුන්ගෙ fb එක අයින් කෙරුවා ...
මො...මොකක්....මගෙ එක....ඒ...ඒ ඇයි නිර්වාන් ....එර් ඇයි අහන්නෙ බලන්නෙ නැතුව ගොබ්බ වැඩ කරන්නෙ ඇයි නිර්වාන් ....මගෙ අම්මා අප්පච්චි ඉන්නවා ...ඕන මගුලක් නිර්වා...භ්භ්....
ශ්ශ් ...ඇයි කලබල .....මං කිව්වෙ අයින් කෙරුවා .....හැබැයි එතනින් කතාව සම්පූරන උනේ නෑ සයාශ් ....බලනවා මේක අරගන .....
එයා මගෙ පැත්තට ඵෝන් එක හැරෙව්වා ....අම්මා අප්පච්චි ඉන්න එකවුන්ට් එක අයින් කෙරුවා කිව්වා විතරයි ආයමත් පුපුරන්න ගත්තු මං කැගහනවා එක්කම ඒකා මගෙ කට වැහුවා ...කට වහලා මට ආයම සැර කරලා ඵෝන් එකෙන් එෆ් බී එකට ලොග් වෙනකොට මට උන්න හිටපු තැන් අමතක උනා....
කෝ යකෝ මගෙ වාසගම ....එතන තිබ්බෙ හෙඩාගෙ වාසගම ඒ විතරක් නෙවෙ මුලු එකවුන්ට් එකටම උන්නෙ අම්මයි අප්පච්චි ලොකුවයි විතරයි ...ඒ විතරක් නෙවෙ හෙඩා වගේම ඩිපූටියා හාරදහක් කිට්ටු කරපු ප්රෙන්ඩ්ලිස්ට් එකෙ උන්නෙ මෙච්චරයි .....
Shehara abeysekara ....
නිර්වාන් ...මොලේ...මොලේ කියන එක ඇත්තටම හොද නැද්ද නිර්වාන් ....මොන මගුලටද නිර්වාන් මේ...මොන්.....
තමුසෙට ඕනෙ ඇත්ත නමින් ඉදලා ඉස්කෝලෙට මාට්ටු වෙන්නද ....??මේක හොදට අහගන්නවා සයාශ් ..මේක ගම නෙවෙ ...හරි....අපෙ මුලු ස්ටාෆ් එකම ළමයි social media වල කරන කියන දේවල් ගැන හොදට අප්ඩේට් ....තමුන්ට විනය භාර සර් ගාවට යන්න.....සති ගනන් සස්පෙන් වෙන්න ඕනෙ නැතිනම්....ඔය විදිහට ඕක තියාගන්නවා......
ඉතින්...ඔයා ඉන්නෙත්...ඔයා ඉන්නෙත් ඔයාගෙ ඇත්ත එකෙන්නෙ.....
මං වෙනයි ...තමුන් වෙනයි.....
ඒ කොහොමද ...මමයි ඔයයි වෙනස් වෙන්නෙ...ඒක වෙන්න බෑනෙ...ඒක...න්න්..නෑ...හරි...හරි...ඔයයි මායි වෙනයි ...එක හරි......
මං අහක බලාගත්තා .....ඉන්ශුවරන්ස් කාරයෙක් මනුස්සයෙක් මැරෙන්න තියන ක්‍රම කෝටියක් කියනවා වගේ හෙඩා මගෙ එකවුන්ට් එක නිසා මට සස්පෙන් වෙන්න පුලුවන් ක්‍රම කොටියක් විතරක් නෙවෙ...මට ඇඩ්මිශන් එක පවා නැති වෙන ක්‍රම කෝටියක් කියලා දෙනකොට මම ඉබේටම අබේසේකර කෙනෙක් උනා....
යාලුවො නැ.....මොක්කුවත් නෑ..ලයික් නෑ..කමෙන්ට් නෑ...මගෙ වෝල් එක තනිකරම අමු සොහොනක් වගේ වෙනකොට මම නිකමට මගෙ එකවුන්ට් එක දිහා බැලුවා.. ... ..මගෙ ඇස් උඩ ගියා....අපේ සැලලිහිනියත් අබේසේකර කෙනෙක් වෙලා.....යකෝ...අබේසේකරලා පැටව් ගහනවද..කොටිම්ම උගෙයි මගෙයි ප්‍රොෆයිල් වලට උන්නෙ අපි නෙවෙ ..... .සැලලිහිනියගෙ ප්‍රොෆයිල් එකේ උන්නෙ කාර්ල් මාක්ස්.....මගෙ එකේ උන්නෙ විලියම් ශේක්ස්පියර් .....
හරිම අගෙයි ..හරිම අගෙයි.....ප්‍රීතී..ප්‍රිතී....මන්ත්‍රී පුතුනුවන්ගෙයි.....රණවිරු පුතුනුවන්ගෙයි හපන් කම් හරිම අගෙයි.....
..
මං ඵෝන් එක පැත්තකින් දැම්මා...
මට දැන් තරහයි.....ඒ අස්සෙන් හෙඩා තාම මගෙ ඇග උඩ......ඒ ඇස් රවාගන.....
සයාශ් ...
මොකද ..මොකද වදෙ .....මැරිලා නෑ...ඉන්නවා .....මං තාම මැ....භ්භ්.....ඌ ...ව්හ්...
මං උඹගෙ කට ඉරලා දානවා සයාශ් දැනගනින් ...
අනේ....රිදෙනවා...නිර්වාන් ...
රිදෙ...නවනෙ.... .ඇයි....ඔහොම...
රිදවන්නෙ.....
අහක බලන් උන්න මං ආයම කියෙව්වා ...හැබැයි ආයමත් පාරක් ඒ සීතල ඇගිලි වලට මගෙ කම්මුල් මිරිකිලා ගියා ....මැරිලා නෑ කිව්වා විතරයි නිර්වාන් මගෙ කට කඩන්න ගියා ....
ඇයි අහන්නෙ. ..ඇයි කියලා අහන්නෙ....උඹට හේතුව දැනගන්න ඕනෙද ම්ම්....නැගිටපන්....නැගිටලා වරෙන් මං උඹට ඇයි රිදවන හේතුව මොකක්ද කියලා දැනෙන්න දෙන්නම්..
නිර්වාන් ....අත ..අනෙ ...නිර්වාන් ....අත...අරින්නකො ...අත අරිනවා නිර්වාන් ....පින් අයිති වෙයි නිර්වාන් ....මට මගෙ පාඩුවෙ ඉන්න දීලා මාව අතාරිනවා නිර්වාන් ...ඕන ඕන වෙලේට මාව රිදවන්න මං සෙල්ලම් බඩුවක් නෙවෙ නිර්වාන් .....
මං කෑගැහුවා ....
මෙච්චර වෙලාම මගෙ ඇග උඩ උන්න නිර්වාන් එක පාරම ඇදෙන් බැහැලා මාවත් අතින් ඇදගන එලියට යනකොට ඩිපූටියා ගාව මීයා වගෙ ඉදන් උන්න සැලලිහිනියා මට හාර්ට් ඇටෑක් හදවන ගමන් උගෙ අත අස්සට ඒකගෙ අත පටලවන් උන්නා...
හරි ශොක් පොඩි ගස්බල්ලා පොරොන්දු රකින විලාසිතාව ...
නිර්වාන් ..ඇයි බන් මේ....ඇයි මේ ...
ශෙනිරු ...කෝ ඒක.....
නිර්වාන් මාව ඇදගන වගේ එනවත් එක්කම ඩිපූටියා නැගිට්ටා නැගිටලා ඇයි මෙ කියාගන අපි ගාවට ආව විතරයි හෙඩා ඒකගෙන් මොනව හරි අහනකොට ඌ දඩි බිඩි ගාලා එලියට දිව්වා...දුවලා ආපිට ආවා නිකන් නෙවෙ...ස්පෝර්ට් බෑග් එකක් එක්ක....
සයාශ් බලනවා ඕක.....ඉතින් බලනවා....ඇහුවනෙ ඇයි මෙහෙම කරන්නෙ කියලා ...බලනවා ඉතින්....
හෙඩා මාව තල්ලු කෙරුවා....ඩිපූටියා උගෙ අතේ තිබුන ස්පෝර්ට් බෑග් එක මගෙ අතට දීලා සැලලිහීයා දිහා බැලුවා
බබා මට ඔයාගෙ ටවල් එක ටිකක් දෙන්නකො...
මො..මොකක්...බ්...බබා...???බබා....!!!
හෙඩාගෙන් බැනුම් අහන් අඩාගන උන්න මාව උස්සලා පොලවෙ ගැහුවා වගෙ උනා.....අපේ එකා ඒකගෙ පෙට්ටි කට දෙපැත්තට ඇදල ටවල් එකක් ගේන්න දුවනකොට මම අතේ තිබුන බෑග් එක ඇරියා ....
Nawaloka hospital
බෑග් එක ඇරියත් එක්ක මං දැක්කෙ නවලෝකෙ ලෝගො එක.....
සයාශ්.....ඕක ඔයා
නැ නෑ...ශෙනිරු ..එපා කියන්න.....මොලේ නැතුව නෙවෙනෙ...බලලා තේරුම් ගත්ත දෙන්...මේ වැස්සෙ තෙමීගන මෙහෙ ආව හේතුව තෙරුම් ගත්තු දෙන්..නිදාගන්න තිබුන පාඩම් කරන්න තිබුන වෙලාව කාගන මෙහෙ ආවෙ මොකටද කියලා තේරුන් ගත්තු දෙන්...
මං බෑග් එක එලියට ගත්තා .....පිටි එකක්...දෙවියනෙ....ඒකෙ ගනන්......විටමින් වර්ග...
න්..නිර්වාන් ...
බලනවා බලනවා...තමුසෙ හිතුවනෙ මට හිතක් පපුවක් නෑ කියලා ....නේ....තමුසෙ හිතුවනෙ මම තමුසෙගෙ ලෙඩ ගැන ගනන් ගත්තෙ නෑ කියලා නේ....බලනවා...
මං නවලෝක ෆාමසියෙ බිල් එක බැලුවා...බිල් එක කෙසේ වෙතත් ඩොක්ටර් ගෙ prescription එක බැලුවා..මාව හොල්මන් උනා..මේ ඉන්නෙ නවලෝකෙ ඉන්න හොදම කාර්ඩියෝලොජිස්ට්.....ලේසියකට අල්ලන්න බැරි ඩොක්ටර් කේනෙක්...
බලනවා...හොදට බලනවා...
මගෙ අත් වෙවුලුවා...අපිට ගන්නවා.කියලා හිතන්නවත් බැරි විටමින්.....ඇත්තටම මට තිබුනෙ හරි දුර්වල ඇගක්...කට පන තිබ්බත් දුර්වල ඇගක්....අම්මා අප්පච්චිගෙ සේසතම පොඩිකාලෙ වියදම් උනේම මට......මගෙ ඇස් වලින් කදුලු වැටුනා....බෑග් එක පුරවලා තිබුනෙ හොදම ජාතියෙ පිටි වර්ගයක් වෙනකොට ඇබිත්තන් සයිස් විටමින් එකෙ ගාන දැක්කම මට මැරෙන්න හිතුනා....
න්..නිර්වාන්....මට මේවා පිනට එප නිර්වාන් ....
මාව යකා අවුස්සන්න එපා අයිසෙ.....මට සල්ලි වලින් වැඩක් නෑ.....මට සල්ලි වලින් වැඩක් නෑ සයාශ්...මට වටින්නෙ....මට...වටින්නෙ...
.නිර්වානයා...එපා බන්...උබ බය කරනවනෙ...පොඩ්ඩක් මං වගේ ශේප් එකේ දාගනින්කො...පව්නෙ...
මම අඩියක් පස්සට ගියා.....පිනට එපා කියනවත් එක්කම නිර්වාන් අත මිටිමොලවලම බිත්තියට ගැහුවා...නිකන් නෙවෙ...මාව බිත්තියට හේත්තු කරගන වෙනකොට ශෙනිරුවා මැදට ආව අපේ එකත් නිර්වානයට රවාගන උන්නා...
මං බිම බලගත්තා ...මං බිම බලාගන උන්නා....ඩ්පූටියා අපේ එකාව ඇදගන වෙන මුල්ලකට රිංගනකොට වසවර්ති මාරයා එක්ක තනි උන මම බිම බලාගන උන්නා.....
මගෙ දිහා බලන්න සයාශ්.....
එයා ආයම කතා කෙරුවා ...හැබැයි එක විනාඩියට ඒ කටහඩ මාරු වෙලා....මෙච්චර වෙලාම මරන්න ගියපු එය අනිත් පාර මගෙ ඕලුව පවා අතගෑවා......
කට තිබ්බ පලියට....ලෙඩ දුක් ගැන විහිලුවට ගන්න එපා සයාශ් .....එහෙම හිතන්නවත් එපා.....ඇයි මං මෙ මහ වැස්සෙම ආවෙ ම්ම්ම්...ඇයි මං මේවා ඔයාට ගෙනත් දෙන්නෙ...මගෙන් උන වැරද්ද වහගන්න කියල හිතනවා නම්...ඒක නෙවෙ ඇත්ත සයාශ්....මං....ආව..හේතුව ඒක...නෙවෙ සයාශ්....
එහෙනම්....
ඒකට හේතුව ඔයාට තේරෙනවා ...හැබැයි නොතේරෙනවා වගේ ඉන්නවා සයාශ් ...
මං කොහොමත් අදින් පස්සෙ ඔයාට වද දෙන්නෙ නෑ.....පරිස්සමින් ඉන්න...මේ තියන කිසිම දෙයක් නරක දේවල් නෙවෙ....ප්‍රවේසමෙන් .....තව ටික දවසකින් ස්පෝර්ට් මීට් පටන් ගන්නවා...ඔයා එන්න ඕන් නෑ.....
නිර්වාන් ....
ශ්ශ්....හැම වෙලේම අහනවනෙ ඇයි මෙහෙම කරනෙන් ඇයි මෙහෙම කරන්නෙ කියලා ...නිකමටවත් ඇයි මෙහෙම කරන්නෙ කියන්න තේරුමක් නැද්ද සයාශ් ???මම අහන්නෙ නෑ....හැබැයි උත්තරයක් බලාපොරොත්තු වෙනවා...
හෙඩා සම්පූරනම මාරු උනා.... මෙච්චර වෙලාම යකා ගහලා උන්න හෙඩා එක පාරම මාරු උනා.... එයා කිව්වා ආයම මට කරදර කරන්න එන්නෙ නෑය කියලා ...හැබැයිනේ වචන වලට මට රිදුනා වගේ උනා...ඇයි ඒ....?කොටිම්ම නිකන්..මට එයා කරදරකරනවා නම්...මම කැමති වගේ එකක් මට දැනුනා....උඩින් එපා කිව්වට යටින් ඕනා වගේ හැගීමක් දැනුනා.....ඒ වගේම එයා මගෙන් උත්තරයක් පවා බලාපොරොත්තු වෙනවා කිව්වා....
ම්ම්ම්..මේක කන්න...දැන් නිවිලා ඇති....ගෙදර රත් කරගන්න මයික්‍රො එකක් තියනවද....
ඇ..යි...නිර්වාන් ...මේ....
නොදන්නවා වගේ රගපාන්න එපා සයාශ් .....හේතුව දන්නව ඇතිනෙ....නෙ....ප්‍රවේසමෙන් ඉන්න....මං යනවා....බය නොවී ඉස්කෝලේ එන්න...ඇරත්...මට එක එකා ලව්වා අස්සවන්න ඔන් නෑ....හොදට හිතලා.උත්තරයක් දෙන්න සයාශ් ...
මට මහ මොකක්ද වගේ උනා අච්චර දේවල් ගෙනත් දුන්න එයා ආප්ප උරේකුත් ගෙනෙල්ලා.....සික් රූම් එකේදි හීනෙන් කියවපුවා පවා අහන් උන්න එයා ආප්ප උරේ මට දීලා යන්න යනකොට මම බලන් උන්නා....වහිනවා...එලියෙ අම්බානෙට වහිනවා...මං දන්නවා...මේ වෙනකොටත් මගෙ නිවුන්නා අනිවාර්යයෙන්ම පොරොන්දු කඩලා ඉන්නෙ...එයා මගෙන් උත්තරයක් ඉල්ලනවා.....ඒත් මං තාම පොරොන්දු පිට ඉන්න......
නිර්වාන් වහිනවානෙ...
කමක් නෑ...
වැස්ස පැයුවාම යන්න නිර්වාන් .....
මං එයාගෙ ගාවට ගිහින් වැස්ස පෑයුවාම යන්න කියනකොට එයා මා දිහා බලල හිනා උනා.....
වැස්සට විතරක් ගොඩ වෙලා වැස්ස පෑව්වම දාලා යන එකෙක් නෙවෙ සයාශ් මං....මං කොහොමත් දැන් නාලා ඉන්නෙ...,ශෙනිරු.....හුරතල් කරලා ඉවර නම් එනවා.....
මම බෙල්ල හැරෙව්වා...අපේ එකාගෙන් මීක් සද්දයක් නෑ...ලාවට ඇහෙන ඩිපූටියගෙ ගොරෝසු කටහඩ ඇරුනම වෙන කිසිම දෙයක් නැතිව යනකොට හෙල්මන්ට් එකක් වත් නැතිව මහ වැස්සෙ ඇවිත් තිබුන ඒ දෙන්නා මහ වැස්සෙම යන්න හදනකොට මම එයාගෙ පස්සෙන් ගියා හැබැයි මට පිල්කඩ වත් පහුකරන්න බැරි උනා.....ආයමත් අකුනක් පුපුරලා යනවත් එක්කම පලාතම අන්දකාර කරගන කරන්ට් යනකොට මං අත් දෙකෙම්ම කන් දෙක පියාගන කෑ ගැහුවා...
අනේ...යන්න...එපා...නිර්....වා...න්.....
නිර්වා...න්...අනේ..ලොකූ....ලො...කූ....
ශ්ශ්....මං ඔයාගෙ ළඟ ....
නිර්...වා...න්
ම්න්....
යන්න..එපා..නිර්වාන් ..අනේ..මං හරි..බයයි...අන්දකාරෙට....යන්න..එපා...ඉන්නකො...නිර්වාන් .....
ම්....යන්නෙ නෑ...
මං කෑ ගැහුවා...බය උන පාරට ඩිපූටියා එක්ක අතුරුදහන් උන ලොකුවට පව මං උන්න තැන ඉදන් කෑගහනකොට යන්න ගියපු නිර්වන් එක පාරම මාව ලගට ඇදලා ගන්නකොට මං දෙපාරක් නොහිතම තෙත් වෙලා උන්න නිර්වාන්ට තුරුල් උනා...මං බයයි...මං අන්දකාරෙට නොසෑහෙන්න බයයි.......
නිරූ .....
ම්න්.....
යන්න එපා...නෙ....ලොකු නැන්දලා....එනකන්....වත්...යන්න...එපානෙ...
ම්න්....
මං උන්නෙ හෙඩාගෙ ඇගට හේත්තු වේගන...තවමත් අපි උන්න තැනම....අරුන් දෙන්නා මොන ලෝකෙ කොහෙ.මුල්ලක මොනවා කරනවද නොදන්නකොට මම හෙඩාට ලන් වෙලා උන්නා....
දැන් දැන් නම් ඉවර වෙන පාටක් නෑ කියලා හිතෙන තරමට වැස්ස තද වෙනකොට කෑලිකපන්න පුලුවන් අන්දකාරෙ ඉදන් මං හෙඩාගෙ ඇගට ජැක් එක ගහන් උන්නා...
නිරූ....
ම්න්...
බඩ්ඩක් අහන්නද
ම්ම්...
මන් උත්තරේ....පස්සෙ කාලෙක දෙන්නද....හැබැයි අනේ කාටත් කියන්න එපා...හොදද....මොකද මං අරූට.පොරොන්දු උනානෙ.....ඔයා එක්ක අයථා සම්බන්දයක් තියා ගන්නෙ නෑ කියලා .....
ම්න්.....
නිරූ.....මෙ අනේ....
ම්න්....
තව බඩ්ඩක් තියනවා.....ඒකත් අහන්නද...මේ ගමන්ම....
ම්න්....
අපේ ලොකුවා...ඔයාලගෙ ශෙනිරුවා එක්ක මොකක් හරි තියනව වගේ නේද අනෙ...
ම්න්...
ඒක තමයි...ඒක තමයි...මට හිතුනා..ඔයාට ඇහුනද බබා කියලා කිව්වා.....බලන්න අනෙ ඉතින් මුන්ව මරන්න වටිනවනෙ....
ම්න්...
ඕකා මට පොරොන්දු උනත් එක්ක අනේ.....ඔය ඩිපූටියා එක්ක යාලුවෙන්නෙ නෑ කියලා .....ඔය ඩිපූටියව ඔයා උනත් විස්වාස කරන්න එපා අනේ...පේනවනෙ අපේ එකා...හරි ශෝක් පොඩි ගස්බල්ලා පොරොන්දු රැකපු විදිහ...මාව පාවා දුන්න....
ම්න්...ම්න්...
වෙච්ච කෙරිච්ච දේවල් ආයම පැත්තලට දාපු මම කා ගත්තු හෙඩා එක්ක එකතු වෙලා ඩිපූටියටයි ලොකුවටයි බනින්න ගත්තා විතරක් නෙවෙ....අන්දකාරෙම අත පත ගගා ගිහින් අහු උන පුටුවක හෙඩාව ඉන්දලා අකුනු ගහන් හන්දා වගේම කරන්ට් නැති හන්දා දෙපාරක් නොහිතම මන් හෙඩාගෙ කකුල් උඩින් ඉදගන්නකොට ඒකට නිස්කාරනේ කැස්සකුත් ඇල්ලුවා...පව්....කොල්ලා වැස්සෙ ගියා නම් තව කැස්ස වැඩි වෙනවනෙ.....හොරා වගෙ හෙඩාගෙ කකුල් දෙක උඩ ඉදගත්තු මට හෙඩාගෙ අතද මන්දා තට්ටමකට තද වෙනකොට මම ඒ පැත්ත පොඩ්ඩක් උස්සගත්තා ..පව්නෙ...අත උඩ ඉදගන්න හොද නෑනෙ....ඇයි අනෙ අත මොකද කකුල් අස්සෙ ගහන් ඉන්නෙ.....
මං එහා මෙහා වෙන වාරයක් ගානෙම හෙඩාව එන්න එන්නම සීතල වෙලා ගියා මදිවට මම බරයි කියලා ඒකා එක පාරම මාව ඒකගෙ උකුලෙන් බස්සලා මාව පුටුව උඩ ඉන්දවලා හෙඩා මගෙ ගාවින් හිටගත්තා
ඒ එක්කම කරන්ට් එක ආවා...කරන්ට් එක එනවත් එක්කම සාලෙ තිබුන සෝෆාව උඩ උන්න ඩිපූටියා වගේම සැලලිහිනියා උන්න සොභාවෙ දැකල මට පපු කැහුතු එලියට එන්න කැස්සක් ඇල්ලුවා...
කැහ්...කැහ්...හත්තික්කෙ.....ල්..ලොකුවා.....ක්..කටව....ල්...කාගන්නවා...නේද...
🤗ආයම කොටසකින් එන්නා...ම්ම්
හැමෝම ප්‍රවේසමෙන් ඉන්ඩො
Nedeesha ❤️❤️❤️