Cherreads

Chapter 15 - 15

උම්ම්ම්ම්ම්ම්ම්ම්මියා....ම්හුක්.....

ඇස් වහන් ඉදලා හොරොව්පතානෙ ඉන්න අප්පච්චිගෙන් සමාව ගත්තු මම අවසානෙදි පුටුවෙන් නැගිටලා හෙඩාගෙ කට කොනට උම්මියක් දීලා ආපිට වට පිට බලනකොට ලොකු මාමට කකා උන්න බත් පිඩ උගුරෙ ගියා....ඒ කැහැපු කැහිල්ලට මුලු ස්වසන පද්දතියම එලියට ආවාද කොහෙද ...

ලොකු නැන්දා අතින්, පන වගේ පරිස්සම් කරන මේ මොහොතකට කලියෙන් එලියට ගත්තු පිගාන සලබලාන් ගාල කැලි කෑලි වෙන්න බිදිලා ගියා.......

ලොකු නැන්දට මොහොතකට ලාදුරු වැලදිලා.....

මං එහෙම්ම සැලලිහිනියා දිහා බැලුවා ....සැලලිහිනියා හරියටම වැස්සට අහු උන කුකුලෙක් වගේ ඒකගෙ පිහාටු ඔක්කොම ඇගට ඇලිලා ගිහින් ඇස් දෙක විතරක් පුවක් ගෙඩි සයිස් වෙලා ඒ විතරක් නෙවෙ දේවාල දොරකොඩ ඉන්න යකෙක් වගේ දිවත් බුරියට ඇදිලා තිබුනා.....

ඇයි මේ........මගෙන් යම් කිසි වරදක් වත් උනාතෝ...

ලොකු මාමා ඉවරයක් නැතුවම කහිනවා....පිගාන කුඩු උනේ ලොකු නැන්දා අතින් උනත් නැන්දා ඒකටත් මට බනින ගමන් ඉන්නකොට මේ කිසි දෙයක් වැටහෙන්නෙ නැති මං උම්මිය ඉල්ලපු හෙඩා දිහාවට මගෙ ඇස් කැරකෙව්වා...

හත්තුක්කෙ ...අනේ...මුනිදාස අයියෙ.....හෙඩා අතේ තිබුන ගෑරුප්පුව දෙකට නවලා තිබුනා විතරක් නෙවෙ.....ඩිපූටියගෙ මූන තනිකරම සිමෙන්ති කනුවක් වෙලා ගිහින් තිබුනා....

මුන් එකෙක්ට වත් හොද සිහිය නෑනෙ...මං විතරයි සිහියෙන් ඉන්නෙ........

අනේ හෙඩ් පිපෙට් අයියෙ ..ආය නම්...උම්මි ඉල්ලන්න එපා....ලැජ්ජයිනෙ...

ශෙනිරු....එනවා යන්න.....අංකල් අපි යනවා....

අ..ඇ...ඇයි...යන්නෙ...මේ බත් එක ඔහොම්මමනෙ...නොකා යන්න එපානෙ හෙඩ් පිපෙට් අයියේ....ඩිපූටී...හ්

හෙඩ් පිපෙට් අයියෙ.....

ඇයි යන්නෙ....

එක්කො හෙට ඉස්කෝලේ එනකොට මේ ටික රත් කරන් අරන් එන්නද.......

කෑවනම් පිගන් හෝදලා පලයල්ලකෝ........

ශෙනිරුවෝ.....ඩිපූටී...හ්

දෙයියන්ගෙ නාමෙට...මෙහාට වර චූටියා...හ්හ්!!!

මාව තක් බීර් උනා...කැහැ කැහැ උන්න ලොකු මාමා අවසානෙදි කැහැලා කැගැලා පෙනහලු දෙක අතේ තියන් ඉන්නකොට පිගන් කටුදිහා බලන් උන්න ලොකු නැන්දා හෙඩා දිහා බලාගන තවමත් විකාර කියවන මට කෑ ගහනවත් එක්කම මං ඉද්ද ගැහුවා වගෙ කෙලින් හිට ගත්තා...

ඇයි.....ලොකු නැන්දේ....කුමක් හෝ අවශ්‍යද...?

චූටි...ආ චූටියා උඹ මොකක්ද කොල්ලො ඒ කරාපු අමන වැඩේ ආ බොල .....කියාපිය තෝ මොකක්ද ඒ කරපු නමනින්දිත වැඩේ....

මොකක්ද අහන්නෙ ....එයා උම්ම එකක් ඉල්ලුව මං ඒක දුන්නා....ඇරත් මං ඒක කැමැත්තෙන් දුන්න එකක් නෙවෙ හාද ලොකු නැන්දෙ ...මේ බලපන්කො ලොකූ....මෙයා දෙන ටෝක්ස්...අනෙ ලොකු නැන්දෙ....බොරු චෝදනා එපා...මේ පාලු ජීවිතේ.....

මොනා බලන්නද චූටි.....මොනා බලන්නද....අපි හැමෝම ඉස්සරහා ...මේ මාමයි නැන්දයි ඉස්සරහා උඹ මොකක්ද ඒ කෙරුවෙ ....උඹට වැඩිහිටියෙක් ගාව වත් මැනර්ස් නැද්ද ....what nonsense ආ....

නොන්සන්ස් කියන්නෙ....ඉතින් යකො ඉල්ලපු හන්දනෙ දුන්නෙ...මේක හරි මගුලක් උනානෙ...ඌට ඉල්ලන්න හොදයි....ඒක පේන්නෙ නෑ...මං දුන්න එක තමයි මේ ගෙදර උන් ඔක්කොටම වැරදි ....ඉල්ලනකොට මං බෑම කිව්වා ...ඌනෙ ඉල්ලගනම උන්නෙ....ම්

මං අඩි හැප්පුවා .....හෙඩා උම්මා එක ඉල්ලුව එකට වඩා මේ හැමෝම මට බැන්නෙ උම්මා එක දීපු වරදට වෙනකොට නැන්දගෙනුයි මාමගෙනුයි බැනුම් අහපු මං ලොකුවා දිහා බලලා මව බේරගනින් කියනකොට "ගුන මකු පන්තියේ" ඉන්න සැලලිහිනියත් ගිහින් මහ උන් දෙන්නට එකතු උනා අප්පච්චි ගෙ නම ගෙනියන්න ඉන්න දරු පැටියා තනි උනා...

ඔක්කොටම වැරදි කියන්නෙ ආ චූටි ඒ කොල්ලා කොයිවෙලේද උඹගෙන් ඕකක් ඉල්ලුවෙ........නිකන් බොරු කෙලින් නැතුව ඉදින් චූටි...

යෝ.....හ් ඉල්ලුව ලොකු නැන්දෙ ඉල්ලුවා .....ඉල්ලපු හන්දනෙ දුන්නෙ....ඇරත් මං කිව්වනෙ මෙතන කට්ටිය ඉන්නවා කියලා ... ..රහසින් මිමිනුවනෙ .....ඉතින් ඇහෙන්නෙ කොහොමද ?

ඇහෙනවද සුධර්මා...මූ කිව්වලු මෙතන කට්ටිය ඉන්නවා කියලා මෙතන කට්ටිය ඉන්න හන්දා ඔහොම දුන්නා....මෙතන එකෙක්වත් උන්නෙ නැත්තන් මූ කොල්ලගෙ කට කටේ දාගන්නවනෙ....

මට හුස්ම හිරවෙන්න ආවා.....

ලොකු මාමගෙ වචනත් එක්ක සික් රූම් එක අස්සෙදි හෙඩාගෙ කට මගෙ කට අස්සෙ තිබුන හැටි මටත් උන මට පිටගැස්මට වගෙ ආවා.....චූටි පුතාගෙ කෙරුවාවෙ තරම දන්නවා නම් ලොකු මාමට කක්කල් කැස්ස එන්න ගියා.....

මං එහෙම්ම ලොකු නැන්දා දිහා බැලුවා ..

ලොකු නැන්දා ඉනට අත් දෙක තියාගන මා දිහා බලන් උන්නෙ හරියටම අර ස්වප්නා එක්කෙ සුරාජ්ගෙ අම්මා සන්තෝස් රාටි සුරාජ් දිහා බලන් ඉන්නවා වගෙ....සුරාජ් පුතේ මේ අම්මා ආය නෑ කියලා හිතා ගනින් කියන්නා වගෙ....

මම එහෙම්ම සැලලිහිනියා දිහා බැලුවා ...අන්දකාරෙ කට කා ගත්තු සැලලිහිනියා මේ වෙලාවෙ ඉන්නෙ විනය පරික්ශන කමිටුවෙ මුල් පුටුවෙ එකා වගේ වෙද්දි " උඹ මගෙ මල්ලි කියන්නත් ලැජ්ජයි" වගෙ ලයින් එකකින් ගස්සලා අහක බලාගත්තා ...අමෝර්...අමෝර්....සිල්වතා...රහසින් වත් පව් නොකෙරූ තැනත්තා.....මඩෙහි උපන් මඩකරි...සියල්ල දත්.....සත් ගුනවත් සාමෙල් උපාසක මහත්තයා ......පිච්චමල්බිසව් තමෝ....අමෝර්....ඉතින්.....

මන් අඩි හැප්පුව...

ආ...හරිම අගෙයි.....හරිම අගෙයි....නැන්දලා මාමලා එක කුසේ උපන් සහෝදරයො ඔක්කොම එකට එකතු වෙලා තනි මට මේ කරන කෙනෙහිලි කම් නම් හරිම අගෙයි ආ....ප්‍රීතී....ප්‍රීති ලොකු නැන්දෙ......උත්කෘශ්ටයි...මහී කාන්තාව පවා කම්පා වෙනවා....

ඌ කට ගාවට තට්ටු කර කර උම්මියක් ඉල්ලපු එක මෙතන කාටත් පෙනුන් නෑ.....කීකරු කමට උම්මිය දුන්න මං තමා වැරදි ඔක්කෝටම වැරදි කාරයා දැන් මං.....මාත් ආවනෙ මෙහෙට....පවු අපෙ අප්පච්චි දන්නවා නන් නොදරුවගෙ හිත මෙහෙම තලනවා කියලා පපුව පැලිලා මැරෙන්න ගියා .....නිකන් නෙවෙ....සත් කඩකට පපුව පැලෙන්න ගියා...හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කදෙ කියලා කියන්නෙ බොරුවට නෙවෙ සුධර්මා !!

චූටියා...තොට මම!

නෑ ලොකු නැන්දෙ...බස්....බස්...චෝඩො මුජෙ.....ඕන් නෑ....ආය මේ හිත බිදිලා ඉවරයි ...හෙටම ....හෙටම...මහ පොලවට ඉර එලිය වැටෙන්න කලින්.... මං යනවා හොස්ටල් එකක් හොයාගන...මේ හිත තනිකරම වතුර නැතුව ඉරි තැලෙන සනත් නිසාන්ත මහත්තයගෙ උපන් බිමේ පොලව වගෙ දැන් බිදිලා හමාරයි ...සනත් නිසාන්ත මහත්තයා අවංක කෙනෙක් පුකෙ...කියන්නෙ නිකන් නෙවෙනෙ.....

ලොකු නැන්දෙ ....මෙහෙම කරන්නෙ පන්ති බේදෙ හින්දනෙ....උන් ධනපති...මං නිර්ධන...ඌ මන්ත්‍රී පුතා මං ඩ්‍රයිවරයගෙ පුතා....හරිම අගෙයි....ආ.....

වැඩිහිටියන්ගෙ කෙරුවාව... ප්‍රීති.....ප්‍රීති...අපෙ අම්මා අප්පච්චිලා දන්නවා නම්...කමක් නෑ කමක් නෑ....ආය මේ ගැන කතා ඕන් නෑ....ඉල්ලන්න සමාව නෑ මම සුදුසු ,

ගෞරවයෙන් බුදුසරනයි ..හෙටින් පස්සෙ මේ චූටි ඔය කාගෙ කාගෙත් දෑස් මානෙන් වියැකිලා යනවා සදහටම .....ඉවසුවා ඇති.....දැන් මට හොදටම හති.....

දෙයියනෙ ..දෙයියනේ ........මේ කට නම්....මට මුගෙ කට බිම අතුල්ලන්න ඇත් නම්....

මං එන්න ආවා ...නිකන් නෙවෙ...අර අත්දෙක වැදලා සමාව ඉල්ලන රැජිනි කාන්ත්ගෙ මීම් එකේ විදිහට ගෞරවයෙන් බුදුසරනයි කියපු මම එහෙම්ම කාමරේට ඇවිත් ඇදේ පෙරලිලා නවතින්න හොස්ටල් එකක් කල්පනා කෙරුවා .........ඒ විතරක් නෙවෙ ....සාලෙ ඉන්න ලොකු නැන්දා පෙර වැරදිත් ආය ආය එලියට දදා බනිනකොට මන් අහගන ගෙරි සැලලිහිනියා තවත් පෝර දැම්මා...

හරිම අගෙයි....දේවදත්තයා ගල් පෙරලන අසිරිය නම්.....

ම්හුක්....ඇඩෙන්නෙත් නෑ..සින්දුවක් ඇහුවා නම් ඇඩෙන්න ගියා ....

අදුරුවලාපට අතරින් හිනැහී නැගිටිමු ඇහුවා නම් හයියෙම්ම ඇඩෙන්න ගියා.....

ඇයි වදෙ ඌ ඉල්ලපු හින්දනෙ දුන්නෙ....මේක නිකන් මිනිමැරුමක් කෙරුවා වගෙ හැසිරෙන්නෙ ...ගෙදර උන් දන්නෙ නෑනෙ ඔය ඔලුව උඩ තියාගන ඉන්න වරත්තු හෙඩා මට බදාදට උගෙ ගාවට එන්න කිව්වා කියලා ....ඒවා කිව්වත් නැන්දයි මාමයි කියයි....ආ කමක් නෑ.....කියලා ....

අප්පච්චි .....ම්හුක්....අප්පච්චි ගෙ චූචි පුතාව අරන් යන්න අප්පච්චි .....ලාමක හිත රිදවනවා උන් හොදටෝම........

කුස්සිය අස්සෙන් ඉවරයක් නැතිවම පිගන් බඩු චට පට ගාන සද්දෙ එනකොට ගෙදරිනුත් යනවා කියලා හොස්ටලුත් හොයාපු බඩෙන් බාගෙට කාපු මගෙ මූන දැන් කදුලු පුරවන් ඉන්න පූසා වගෙ....ඉතුරු රයිස් ටික ෆ්‍රිජ් එකේ වත් දැම්මොත් හොදයි......යන තැනක කාලා වත් යන්න....

ඔක්කොම කරලා හෙඩා ගියානෙ.....ඉල්ලනකොට නම් ඔහොම නෑ...හිත නම් දැන් රිදිලා තියෙන්න තනිකරම පුත්තලමෙ වතුර නැතුව වේලුන ළූනු කොටුවල බිම වගෙ........

තරහා වෙලා ආවා ආවමයි එක බල්ලෙක් ආවෙ නෑනෙ නොකා බුදියන්න එපා වරෙන් කන්න කියලා ....බඩගින්නෙම නිදි කරවනවනෙ....හිටපන්කො....අම්මට මැසෙජ් එකක් දාන්න ආය කුට්ටිය පිටින් සල්ලි එවන්න එපා හත් අවුරුද්දක් කිරි දීලා හදපු දරු පැංචව මුන් බඩගින්නෙ නිදි කරවනවා කියලා ......

මං මුනින් අතට හැරුනා...ආයම අනිත් අතට හැරුනා......

නින්ද යන්නෙත් නැති තැන හිතේ තියන ප්‍රශ්න අමතක වෙන්න කියලා සිංදුවක් අහන්න හදපු මං කොට්ටෙ යට තිබ්බ හෑන්ඩ් ෆ්‍රී එක අත පත ගාලා එලියට ගන්නකොට හෑන්ඩ් ෆ්‍රී එකේ තිබුන ගැට තොගේ දැකලා මට ප්‍රශ්න අමතක වෙන්න ආවා ....

කමක් නෑ...පැමිනි දුක් පැනි රසයි.......

කාත් කවුරුත් අවදානෙ නොදුන්න මං අවසානෙදි හෑන්ඩ් ෆ්‍රී එකෙ එක අන්ඩක් හරි ගස්සන් සිංදුවක් දෙකක් අහන්න ගත්තා ..කොටිම්ම සිංදු පවා මට කෝචෝක්ස් දාන්න ගත්තා ....අහන්න ගත්තු හැම සින්දුවක්ම මට වැරදියට ඇහෙන්න ගත්තා .....

තන්හා ආශා... බොරළු ගලේ.....යා...

ජෛව යෝගයකින් නොවේදෝ...හමු වුනෙ අප හමු උනේ...

වන්දනාවෙ යමු තේ බීලා තිසරන සරනේ....

මට මුළු ලොවම ඔ- බයි....

මේ මගුල හරියන් නෑ.....වනාත විල්ලුවට යන මගෙ ඉංග්‍රීසි මිස්ව මතක් වෙන්න ඉංග්‍රිසි එකක් වත් අහනවා .....

මං ආයම english ලිස්ට් එකට ටච් එකක් දාලා ඇස් පියාගත්තා .....

ඒක ඊටම හපන්.....

කුඩු බීලෝ....ඇනිලෝ....(could be you love...)

මම අමිල with a criminal

අව්වයි අව්වයි අව්වයි අව්වයි...අමිල with your body ....

හොද මදි මදී....මදි...මදි.....හොද මදි මදී .....

යෝහ්.....මොන මගු .....

මං ඵෝන් එක පැත්තට දැම්මා....ඵෝන් එක පැත්තකට දාපු මං බඩගින්නෙම නිදාගන්න රෙද්ද අරන් ඔලුවෙ ඉදන් පොරවන් ඇස් දෙක පියාගත්තා ....

චූටි......

.......

චූටි......

 .......

චූටි නැගිටිනවා...උණ හොරට ඉන්නෙ කියන්න දන්නවා...නැගිටලා ගිහින් කාපන්...

මටෝන් නැහ්...

මං ගැස්සුවා...ආව මෙතන ගොට්ට අල්ලලා අල්ලා........

හැමෝ එක්කම තරහා වෙලා නිදාගත්තු මං ඇස් දෙක තදකරම පියාගන ඉන්නකොට ඒ චුට්ටකිම්ම සැලලිහිනියා ඇවිදින් තටු ගහන්න ගත්තා...පොරවන් උන්න රෙද්ද අයින් මරපු ඒ මට කන්න එන්න කියනකොට මම තවත් ටිකක් ගස්සලා මුනින් අතට හැරුනා....

ම්හුක්...බඩගිනී ඒ උනාට....කමක් නෑ....වේලක් නොකෑවා කියලා මැරෙන් නෑනෙ...නේ....

චූටි නැගිටපන්...අර ලොකු නැන්දා කන්න එන්න කිව්වා...

ඇයි එන්න කියලා ආපහු ලැජ්ජා කරවන්නද...ඔය නැන්දා කියන ගෑනිත් එකයි උඹත් එකයි...

මං ආයම අහල බලගත්තා ...

ගුටිනොකා නැකිටපිය....නැගිටලා කාපිය.....නිකන් උන්න එකාව ඉම්බෙ උඹනෙ.....

තාමත් මූ උගෙ පැත්තට ...තාමත් මු උගෙ පැත්තට ..හරින අගෙයි සහෝදර ප්‍රේමෙ නම්...ඔව් ඉතින් බඩ වැල ඔතලා මරන්න තිබ්බා කියපු එකානෙ මේ.....හරිම අගෙයි අම්මා උප්පතිය දීලා තියන මිනිමරුවගෙ හැසිරීම නම්....

මං නැගිට්ටා...නැගිටලා ඉදගත්තා ...ඇද ගාව උන්න සනාශයා සක්කුවට අත් දෙකත් දාන් මගෙ දිහා බලාගන උන්නා....

අමෝර්..අමෝර්.....ගම්මුලෑදෑනියා....

කෝරලේ මහත්තයා ........

උඹටත් ලොකු ඌවමයි නේ ලොකූ...උඹටත් ලොකු ඌවමයිනේ...හරි හරි ලොකූ.....බඩ වැල ඔතලා මරන්න ඕනා කියපු උඹගෙන් වෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනෙනේ...

යෝ....හ් ගොන් ආදෝ....මේ අහපිය....

නෑ...නෑ....කියපු වචන ආය ගන්න බෑනෙ...නේ....උඹගෙ ඔය යටි හිතේ තියන දේවල් තමයි.....කමක් නෑ...කමක් නෑ...මං කොහොමත් වැඩිකල් ජීවත් වෙන එකක්.....ආ....අ.අ.....ආව්ව්හ්හ්හ්.....ඌයි...යා.....හ්හ්.....ගහන්නෙ....

කට වහපිය...කිව්වම අහලා කට වහපිය...තෝ ඔයිට වඩා කඩප්පුලි කතා මට කියලා නැද්ද...ආවා මෙතන මගුලක් කියන්.....

මගුලක් කියන්...කියන්නෙ...ම්හුක්.....ඉතින්....ඌ....

ගොනෝ....ඌ කොහෙන්ද ඉල්ලුවෙ කියපන්...

මං ඇඹරුනා...අරූගෙ දිග ඇගිලි වලින් පිට මැදට දබ දබ ගාලා දෙක තුනක් ඇදලා ඇතෑරියට පස්සෙ මං පිට අල්ලන් ඇබරීගන ඉදලා ඉදලා අවසානෙදි කෙදිරි ගගා හෙඩා උම්මිය ඉල්ලපු හැටි නාට්‍යානුසාරෙන් රග දක්වනකොට සැලලිහිනියගෙ පිහාටු ඔක්කොම ගැවිලා සීසිකඩ විසි වෙලා ගියා....

.

යෝහ්...යෝහ්...උඹයි මායි උන්නෙ එකම.බඩ වැලේ...බිව්වෙ එකම කිරි ...තෝ මට වඩා වැඩිපුරත් අවුරුද්දක් කිරි බිව්වා........ඇගේ තිබ්බ ඇච්ච ගතිය යන්ඩ අවුරුදු හය හතක් එක දිගට සෙරිලැකුත් ගිල්ලුවා..... ටිකිරිමාරිත් පොගො පොගෝ කෑවා ආ...ඒත් ටිකිරි මොලේ කියන එක කලදක් වත් දීගන්න බැරි උනානෙ.....යකෝ...බූරුවො....මේ අහපිය....මට දැන් උඹෙ ගොන් ජෝක් ඇති වෙලා තියෙන්නෙ.....

ඇයී...හ්...

ඇයි අහන්නෙ...ඌ උඹෙන් උම්මියක් නෙවෙ ඉල්ල තියෙන්නෙ නිබ්බො....

එහෙනම්....

උඹගෙ ඔය හා කටේ ඉදුල් ගෑවිලා ඒක පිහදගන්න කියලා ඌ කියලා තියෙන්නෙ....

අනේ මුනිදාස අයියේ.....හ්!!!...

නොම්බර දාහත...සලුපට අහසට......මං බය නෑ ශාමා...විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ..........!!

අනේ අප්පච්චි .....අප්පච්චිගෙ නොදරු පැංචා වැරදි වැටහීමක් ඇති කරගනනෙ අප්පච්චි .....

ම්හුක්...හරිම අගෙයි සයාශ් පුතේ හරිම අගෙයි.....හෙඩ් පිපෙට් අයියගෙ මූන ඉඹපු උඹ නම්හරිම අගෙයි ප්‍රීතී....ප්‍රීතී....අප්පච්චි ගෙ පුංචි පුතාගෙ කෙරුවාව නම්.....අනර්ගයි........

අනේ ලොකූ....දැන් මොකද කරන්නෙ...මං හිතුවෙ ඌ උම්මියක් ඉල්ලුවා කියලනෙ....

උඹට නම් මාන්දම චූටි.....ඌට උම්මියක් ඕනෙ නම් මෙතන ඉල්ලනවද...නෑනෙ...යෝහ්....දුන්නත් කමක් නෑ...අනික මේ නැන්දා...මාමා ඉන්න....තැන...නිර්වාන් අයියා හොද හින්දා හොදයි.....මං අහන්නම්කො ශෙනිරු අයියගෙන් මොනව හරි කිව්වද කියලා....මොනවත් කියන එකක් නම්න...උඹ සමාව ගනින් එයාගෙන්......

ආ...ආ...ආ...මේ මොකතමේ...ගුන වයන්නෙ......අමොර්...අමොර්.....

සිල්මාතා කායුව්ගෙ අනුගාමීකයෙක්..........මූව රහත් වෙනවාදැන්....ඒ තරම් බැහැපත්...

මට බැන බැන උන්න සනාශයා එක පාරම හෙඩාට නිර්වානයට අයියා කියාගන හොද කියන්න ගන්නකොට මං එක පාරම උගෙ මූන දිහා බැලුවා...ඌත් කරන්ට් වැදුන එකා වගේ ඉක්මනට නැගිටලාලයිට් නිව්වා....හරියටම උගෙ මුනෙ තියන හැගීම් මං අදුන ගනී කියලා වගේ.....ආ...ආ...අනේ..අනේ...

සැලලිහිනියො....උඹ එනවද මට කොලේ වහන්න....ඔහොම යන්කෝ...ඔහොම යන්කෝ.....මං දන්නවා..මං දන්නවා....උඹ නම් මට කලින් පොරොන්දු බිදිනවා කියලා .......එහෙම උනොත් නම් බලමුකො ඈ පුතේ....ඈ...ඈ...

දැන් උඹ කන්නෙ නැද්ද......

නැන්දා කුසියෙද.....

ඔව්...කුස්සිය අස් කරනවා....උඹට කන්න අඩගැහුවා...ගිහින් කාපන්...

මං හිමින් සැරේ ඇදෙන් බැස්සා....බැහැලා ඵෝන් එක කන්න හදන මගෙ නිවුන්නා දිහා බැලුවා .....

ලොකූ...

ම්ම්ම්.....

මං සමාව ඉල්ලීමෙ ලිපියක් වත් ලියන්නත.....

ඉල්ලපන් ඉල්ලපන් ....විකාරරූපී වචන නැතුව කෙටියෙන් ආ.....නිර්වාන් ...වැරදි වැටහීමට සමාවෙන්න එච්චරයි ආ උඹ ටයිප් කරන්නෙ....ඒ ඇරෙන්න වෙන මොකුත් බෑ චූටි.....උඹ දන්නවනෙ...අම්මා අප්පච්චි දුක් විදින්නෙ උඹයි මායි හින්දා ....

පෝ...පටන් ගත්තා ...හරි හරි...උඹටත් ඒ ටික තමා.....

ඵෝන් එක අතට ගත්තු මං ඊලග පාර දයක් දෙස් දෙවොල් තියලා බැනපු ලොකු නැන්දව හොයන් ගියා.....

ලොකු නැන්තේ.....කුසියෙ ඉන්නවතෙ...මෙ අප්පච්චි ගෙ බාල පුතා ආවානෙ👉👈

ආවද උඹ.....ඉවරද උඹගෙ කියවිල්ල දැන්....

එපා අනෙ ඔහොම බනින්න....වරදක් කලත් සිතකින් නොවෙ....රිදවන්නෙ පලි ගන්නෙ ඇයි...

බහුභූත නවත්තලා ඕක කාලා මේ කිරි එක බීපන් චූටි.....

මං ආයමත් බෙදලා තිබ්බ රයිස් එකේ තිබ්බ ගෑරුප්පුව පැත්තකට දාලා අතින් කන්න ගත්තා වගේම ලොකු නැන්දා කිරි එකක් ගැන කියන ගමන් වතුර රත් කරනකොට මං නගෙ බෙල්ල හරවලා ලොකු නැන්දා දිහා බැලුවා ....

කිරි.....අනෙ..ලොකු ..නැම්....(num..num...)ඔව්ව්.....

කටවහන් කාපල්ලකෝ....මේක අර ළමයලු නේද ගෙනත් දීලා තියෙන්නෙ එහෙව් එකාටනෙ උඹ ඔය නොහොබිනා වැඩේ කෙරුවෙ.....බලපන්.....

ම්හුක්....කනකොට බයින්න එපා සුතර්මා......දිරවීමෙ ක්‍රියාවලිය නිසි අයුරින් සිදු නොවේවි .....

මට ඇන ඇන බැන බැන එහා මෙහා යන ගමන් අනම් මනම් කියවන නැන්දා එක්ක ආයම භජනෙට වැටුන මන් මගෙ එක අන්ඩක් පුටුව උඩ තියන් කන්න ගත්තා .....

සුතර්මා.....

මොකද

මල්ලිගෙ දෙවනි දරු පැටියට වතුර ටිකක් දෙන්න .....

උඹලට කන්න ඉදගන්නකොට

යෝ....බනින්න එපා අනෙ....ඇත්තමයි ලබන ආත්මෙ කෑදැත්තෙක් වෙයි ලොකු නැන්දෙ ඔයාව ....

උඹට කට නම් තියනවා කොච්චර කෙරුවත් ගුනේකුත් නෑ ...කටවහන් කාපිය ...

කොච්චර බැන්නත් වතුර එකකුත් ලගට දුන්න ලොකු නැන්දා බැන බැන උනත් කිරි එක හදනකොට මං මගෙ පැත්තෙන් තිබ්බ වැරදි වහගහන්න හොරොව්පතානෙ ඉන්න පොඩි නැන්දගෙ හන ගලවන්න පටන් ගත්තා ...

ලොකු නැන්දෙ....

ම්ම්ම්....

පොඩි නැන්දා ....

ඉතින්....

පොලියට දෙන්න පටන් අරන්.....

මේ පොඩි නංගි...

ම්ම්ම්ම්.....ම්ම්ම්...

සීයට කීය ගානෙ...

අනිත් උන් දහය ගානෙ...පොඩි නැන්දා දොලහ ගානෙ.....නිකන් නෙවෙ...කියපු සැනින් දෙනවා.....හැබැයි ඉතින් පොඩි ගනන් බෑ...ඇපේටත් යමක් කමක් තියාගන්නවා ....එච්චරත් කරලනෙ අර වෙලේ කෑල්ලට නහින්නෙ....

තන්හාව ....පොඩීට දැන් තියෙන්නෙ සල්ලි අතගාලා තන්හාව...

ම්ම්..ඔව්...ඔව්.....තන්හාව ....බයින් නැතුව චිලිපේස්ට් ටිකක් දාන්න සුතර්මා...

........

මේ අත්වලට මගෙ අතේ හයියත් එන්න ඕනෙ අනෙ.....කන්න බොන්න දෙනවට

කටවහන් කාපිය....පොඩ්ඩ බැරිවෙනකොට බැනලා බැනලා....

ම්හුක්....එපා අනේ.....බයින්න.....

මන් ආයම කොට කොට කන්න ගත්තා ....ඕපදූප හන්දමද කොහෙදෝ හෙඩාගෙ උම්මිය ලොකු නැන්දගෙ ඔලුවෙන් අහකට යනකොට කකා උන්න මගෙ ගාවින් ඉදගත්තු ලොකු නැන්දා කිරි එකත් ලගට කෙරුවා

චූටී....

ම්ම්ම්...ඇයි....

හෙට අප්පච්චි යනව කියන්න කිව්වා.

කැහ්....කැහ්...

ඔය ඉතින්...කන එකත් හිරකරගන්නවා ...

මට ඇති ලොකු නැන්දෙ....

බත් එක ඔහොම්මයි...වරෙන් මෙහාට කවන්ඩ.....

එපා...

වරෙන් වරෙන්....කොහෙද යන්නෙ...ලගට වරෙන්....

මට බත් කට පිට උගුරෙ ගියා ....කොච්චර දැගලුවත්...විහිලුවෙන් ජීවිතේ ගෙනිච්චත් ....සමහර තැන්වල දැනෙන හැගීම් ගාව පපුවම රිදෙනකොට මට කන එක එපා උනා උනත් ලොකු නැන්දා එපා කියලා නවත්තන්න හදපු මට කවන්න ගත්තා ....

මට හරි පාලුයි ලොකු නැන්දෙ....

කොයි වෙලෙත් විකාරරූපියා වගෙ ඉන්න මං හරියටම කතා කරන්නෙ කලාතුරකින් වෙනකොට ඒ කතා කරන වචන දෙක තුන පවා අහන් ඉන්න උන්ගෙ පපු නහර වේලවලා දැම්මා....මිනිස්සු හැමදාම ආස හිනා වෙලා ඉන්න වෙනකොට මං හැමවෙලේම ම්ගෙඇග ඇතුලෙ ඉන්න කුඩා ලමයගෙ චරිතෙට මැරෙන්න නොදී වතුර දැම්මා....

උඹලට ඉතින් අපි ඉන්නවනෙ ....ඇයි ඉතින් පාලු....කෝ ආගපන්කො...

මං...දන්නවා ....ලොකු මාමයි නැන්දයි...ලොකූටයි මටයි කවදාවත් වෙනසක් කරන් නෑ කියලා .....ඒත්.....සමහර තැන්වලදි ....අම්මයි අප්පච්චි උන්නා නම් කියලා හිතෙනවා .....සමහර වෙලාවට...අම්මා අප්පච්චි ගෙදර උන්නා නම් කියලා හිතෙනවා .....

අපි අවුරුදු ගානකින්...ගෙට ඇතුල් වෙනකොට අම්මේ...කියාගන ගෙට ගොඩවෙලා නෑ ලොකු නැන්.....

යෝ....මගෙ කොල්ලා කෝ කෝ..නාඩා ඉදි....ඇට්ටරයා උනත් උඹටනෙ හැමෝම වැඩියෙම්ම ආදරේ.....උඹලා හින්දනෙ අම්මයි අප්පච්චි දුක් විදින්නෙ...තව අවුරුදු කීයද .....අපේ අප්පච්චි ලාට අපිට උගන්නන්න සල්ලි පනම් තිබ්බෙ නෑ චූටි...අපිට වඩා බාල උන් ඉන්නකොට අපේ අම්මලා තව වැදුවා....උඹලගෙ අප්පච්චිලව බලාගන්න හන්දා මං ගෙදර නැවතුනා.....උඹලගෙ අප්පච්චි ලා අපිට දෑවැදි හොයන්ඩ ඉස්කෝලෙ නොයා රස්සා කෙරුවා ....ඉස්සර කාලෙ ඉගැන්නිලි ඔහොමයි චූටි....අන්න ඒ ජීවිතෙ උඹලට නොදෙන්නයි අම්මා අප්පච්චි දුක් විදින්නෙ.....එක හිතට අරන් ඉගන ගනින්...කෝ...ආගාපන්....

මං ඔහේ අහන් උන්නා...අවසානෙදි අවසානම කටටත් කට ඇරිය මං එතනින් එහා වචනයක් නොකියම නිර්වාන් ගෙනාව කිරි එකත් අරන් කාමරේට ගියා....මගෙ මුලු හිතම බරයි.....කන්න ගිහින් එන විනාඩියට වැහි සීතල හින්දමද කොහෙද ලොකුවට නින්ද ගිහින් තිබුනා....ඵෝන් එක තවම පපුව උඩ...මං එහෙම්ම ඵෝන් එක අයින් කරලා ඌව රෙද්දෙන් පෙරෙව්වා ....පව් ..උගෙත් හිත රිදෙනවා ඇති.....

මං එහෙම්ම ඇදට නැග්ගා....නැගලා ඔහේ ජනේලෙන් එලිය දිහා බලන් උන්නා....තාමත් වැහි කෝඩෙ...චූටි අයියා වැස්ස හන්දම යාලුවෙක්ගෙ ගෙදර නැවතිලාලු...

අප්පච්චි ...අනෙ යන්න එපා අප්පච්චි ....අපිට පාලුයි නේ....අනෙ සල්ලිවලට වඩා අපිට ඕනෙ අම්මවයි අප්පච්චි වයිනෙ....

.

මං තට්ට තනීයම ඉදන් මුමුන මුමුන පපුව පිරෙන්න ලොකු හුස්මක් ගත්තා වගේම මට එහෙම්ම නිර්වාන්ව මතක් උනා...මං එහෙම්ම මැසෙන්ජර් එකට ගියා ...එයා ඔන්ලයින් ....එයා විතරක් නෙවෙ....ඩිපූටියත්......

මං එහෙම්ම හෙඩාගෙ ඉන් බොක්ස් එකට ගියා ....අප්පච්චි යන හැගීමත් එක්ක පැත්ත ගහලා උන්න මන් වැඩි විස්තර නැතුව නිර්වාන්ට මැසේජ් එක ටයිප් කරන්න ගත්තා ...

උන දේට සමා වෙන්න.....

මං ටයිප් කරපු අකුරු දෙක තුන දිහා බලන් ඉදලා චූටියට පේන ෆ්‍රොෆයිල් එකෙන් ඒ මූන දිහා බලන් උන්නා...

අහංකාරයා උඹ....

මං හරි හිමීට මිමිනුවා....ටයිප් කරපු මැසේජ් එක සෙන්ඩ් නොකරම මන් එහෙම්ම හෙඩාගෙ ප්‍රොෆයිල් එකට ගියා ගිහින් ආයම ඒකගෙ අහන්කාර ඵොටො එක දිහා බලන් ඉදලා කමෙන්ට් බැලුවා ......

හැබැයි එදා වගේ නෙවෙ ....කමෙන් ගොඩේ තිබුන එක කමෙන්ට් එකක් මාව අවුල් කරලා දැම්මා...කොටිම්ම මගෙ ඔලුව හිරිවැට්ටුවා....ඩිෆියුටියට විතරක් රිප්ලයි කරලා තිබුන නිර්වාන් ඒ කමෙන්ට් එකටත් රිප්ලයි කරලා .....

Taniya satharasinghe (tanney)

ටානිය සතරසින්හ.....

ටානියගෙන් කමෙන්ට් එකක්....නිකන් නෙවෙ ...හාර්ට් එකක් එක්කම...

Aadhi bae❤️

Yes girl❤️...

ආදි....නිරූ කියන නමටත් වඩා වෙනස් නමක් දෙන්න.....නිර්වාන් අශේන්ද්‍රන් ....අශේන්ද්‍රන් කියන එකද කෙටි කරන් ආදි කියලා තියෙන්නෙ......එයත් රිප්ලයි කරලා ....

මං එහෙම්ම ටානියගෙ එකවුන්ට් එකට ගියා.....සත්තයි මං ඇයි නිර්වාන් ගෙ ප්‍රොෆයිල් එක බැලුවෙ කියලා හිතුන.....මම් මොකටද මේ කෙල්ලගෙ ප්‍රොෆෙයිල් එක බැලුවෙ කියලා හිතුනා.....ටානියගෙ කවර් ඵොටෝ එකේ උන්නෙ නිර්වාන් ...කොටින්ම ඒ දෙන්නා....

මට එතනින් එහා ඒ කිසි දෙයක් බලන්න හිතුන් නැති උනත්....වැරදි වැටහීමක් වත්ද කියලා මං මොකටත් කමෙන්ට් බලන්න ගියා...

ඔක්කොම දාලා තියෙන්න wow...aww....childhood sweetheart ....

ඔහොම.....සමහර උන් couple එක කියලත් දාලා තිබ්බා ...

Childhood sweetheart කියන එකත් මහ සාපයක් ..

එතනින් එහාට මට බලන්න හිතුන් නෑ..කොටිම්ම අප්පච්චි යන හන්දම වේදනාවෙන් උන්න මට නිර්වාන්ගෙ පින්තූර වලින් තවත් දුකක් ඇති උනාදො කියලා හිතෙද්දි මං එහෙම්ම මැසෙන්ජර් එකට ගිහින් අර මැසේජ් එකට තවත් වචන දෙකතුනක් එකතු කරලා එයාව බ්ලොක් කරලා දැම්මා ...

ස්තූතියි ගෙනත් දුන්නවට.....සමාවෙන්න ආයම මගෙන් වදයක් නෑ නිර්වාන් ඔයාට.....

.....You blocked nirvaan abeysekara ...

චූටී.....

......

චූටි නැගිටින්න පහත් පහුවෙලා ....

මට ඉස්කෝලෙ යන්න බෑ ලොකූ....

රැයෙන් බාගයක් තනියෙන් අඩපු මට නින්දක් තිබුන් නැති තරම් .....කොච්චර නොතේරුනා වගෙ උන්නත් මං ටික ටික නිර්වාන්ට ලන් වේගන එනකොට දැකපු දේ එක්ක මට දුක හිතුනා ...සමහර විට මේක එච්චර ලොකු දෙයක් නොවෙන්න ඇති....ඒත්....ඉදලා ඉදලා ආව අප්පච්චි ආපහු යන බව කිව්ව වෙලේ ඉදන් හිත රිදවන් උන්න මට නිර්වාන් ගෙ දේත් ලොකුවට දැනුන හන්දම මට නින්දක් නැති වෙලා ගියා වගේම මම ඉස්කෝලේ යන්න පවා අදිමදි කෙරුවා ....

ඇයි චූටි...සනීප නැද්ද....

ඇගට ටිකක් හරි නෑ ලොකූ...අනික අප්පච්චි අද යනවනෙ.....

ඒත් අප්පච්චි කිව්වලුනෙ අප්පච්චි යනවා කියලා ඉස්කෝලේ නොයා ඉන්න එපා අප්පච්චි මෙහෙ එනකොට හවස්වෙයි කියලා .....එහෙම එකෙ අප්පච්චිව තරහා ගස්සලා යවන්න බෑනෙ චුටි.....

මං ඇදෙන් බැස්සා ....මට දැන් වැඩියෙම්ම රිදෙන්නෙ අප්පච්චි හන්දද නිර්වාන් හන්දද හොයන්න බැරි මන් ඇදෙන් බැස්සා ..නිර්වාන් හින්දා මට රිදුනත් මං හින්දා අප්පච්චිට රිදවන්න බෑ ...මං ඉස්කෝලේ යනවා .....

චූටි....

ම්න්...

මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ මල්ලි...

නෑ...එහෙම දෙයක් නෑ....

නෑ කියන්න එපා සයාශ් මං උඹගෙ අයියා...උඹ උදේට කෑවෙත් නෑ...කිරි එකත් බාගෙට ....අප්පච්චි යන හින්දද චූටි....

ම්ම්ම්ම්ම්

අප්පච්චි ගියාට අපිට කතා නොකර ඉන්නෙ නෑනෙ චූටි...

ම්ම්ම්ම්

ඊයේ රෑ එලිවෙනකම්ම වැහැපු හන්දම මුලු තාර පාර පුරාවටම තවමත් තෙත් ගතිය තිබුනා.....වැහි වතුරට බර උන ගස් කොලන් තෙතම තෙත පාටින් තියනකොට වෙනදට පැනි බොන්න එන සමනල්ලු පවා සීතල හින්දමද කොහෙදෝ අද නිවඩු දාලා තිබ්බා...

රැයෙන් බාගයක් නිදිමැරුව.....බඩෙන් බාගෙට කාලා එලි බැස්ස මං ගෙදර ඉදන් එනමගටත් ආවෙ කට පියාගන....බස් එකේ එනකනුත් ආවෙ කට පියාගන කොටිම්ම එක තත්පරයක් කට පියවන්නෙ නැති මං අද ඔහේ ආවා...අවසානෙදි මගෙ නිහඩ කම ඉවසන්න බැරිවද කොහෙද සනාශ් කතා කෙරුවා උනත් මං ඒකත් මගින් නවත්තලා දැම්මා......

වෙලාව හතයි දහයයි....තව විනාඩි දහයෙන් බෙල් එක වදිනවා ....ඉස්කෝල පාර දෙපැත්තම පිරිලා උන්නෙ ඉස්කෝලෙට එන ළමයින්ගෙන් වෙනකොට බස් එකෙන් බැහැපු මං බිම බලාගනම සනාශ් එක්ක හිමින් හිමින් ඉස්සරහට ආවා ....මොකද මට නිර්වාන්ව දකින්න බැහැයි කියලා හිතුනා.....මගෙ හිත රිදේවි කියලා හිතුනා.....

ඒ චූටියා....

ම්ම්ම්ම්...

අර බලපන්කො.....

මම උන්නෙ තවමත් බිම බලාගන.....බිම බලාගන මඩවලවල් බේර බේර ආව මට ලොකුව අතින් ඇනලා මේන් ගේට් එක පෙන්නනවත් එක්කම මගෙ ඔලුවෙ නහරයක් පුපුරලා ගියා වගෙ දැනුනා.....

නිර්වාන් .....

එතන උන්නෙ නිර්වාන් ....යුනිෆෝම් වෙනුවට ට්‍රැක් කිට් එකෙන් උන්නෙ නිර්වාන් වෙනකොට මෙච්චර ළමයි ගොඩක් මැද එයත් මාව දැක්කා .....

චූටි උඹ සමාව ඉල්ලුවද

හ්ම්ම්ම්.....

එහෙනම් කමක් නෑ...

ලොකූ....උඹ ඔහෙන් පලයන්...මං අනිත් ගේට් එකෙන් එන්නම්.....

නිර්වාන් මා දිහා බලන් ඉන්නවා දැක දකම ඉස්සරහට තිබ්බ අඩිය ආපස්සට ගත්තු මං එයා දිහාවත් නොබලම ආපිට එන්න හැරුනා කොටිම්ම නිර්වාන්ව මං මග ඇරියා ....

උඹලා සල්ලි කාරයො නිර්වාන් .....උඹලා නීති දාන්නෙ අපි සෙල්ලම්බඩු කියලා හිතාගන...එහෙම එකේ..ප්‍රශ්න නාහන උත්තර හොයන එකත් උඹගෙ ආතල් එකක්ද කව්ද දන්නෙ......

😒ම්හුක්..

ආයමහෙට එන්නාම්....

මම

ජොබී

පරිස්සමින් ඉන්ඩෝ....

Nedeesha ❤️❤️❤️

More Chapters