Cherreads

Chapter 24 - 24

මට දහ අටක්ද...

මම කේක් එකේ ඇවිලෙන ඉටිපන්දම් දෙක දිහා බලාගන් කල්පනා කෙරුවා ...

..වෙන්න ඇති නේ ..මෙච්චර ලොකු වෙලා දහ අටක් නොවි අටක් වෙනවද...දහ අටක් හින්දනෙ මම ඒලෙවල් කෙරුවෙ....ම්ම්ම්ම්....

පිඹින්නෙ නැද්ද...?

ප්ප්...ප්පිඹිනවා.....

ඉතින් බලන් ඉන්නෙ...

ආ ...උගෙ වැඩේ මනෝපාර ගහන එක...ඔන්න ඕක පිඹපන් කොල්ලො

නිකන් ඉන්නකො ලමයට ඔහොම කතා කරන්නෙ...හැමදාම කියනවා කාපන් බීපන් වරෙන් පලයන් කියන්ඩ එපා කියලා

ඌ කොල්ලෙක්නෙ ....ගෑනියෙක්ද....කොල්ලෙක් උනාම තදට ඉන්ඩ ඕනේ...නැද්ද....කොල්ලා....අඩුම තාත්තා වගෙ මෙහෙම ලෙලි.ගිය පාරවල් දෙකක් තුනක්වත් ඇගේ තියෙන්ඩ ඕනා...

ඵූ...හ්හ්.....!!!

අම්මගෙයි තාත්තගෙයි කන්දොස්කිරියාව අහන් ඉන්න බැරිම තැන මම ඉක්මනට ඉටිපන්දමට පිම්බා...මොනවත් ප්‍රාර්තනා කරන්නවත් හම්බ උනේ නෑ...තාත්තා මට කොයි වෙලෙත් කතා කෙරුවෙ ඇට්ටර බාසාවකින් වෙනකොට අම්මා කවදාවත් කැමති උනේ නෑ මට ඔහොම වරෙන් පලයන් කාපන් කියනවට....අම්මා හැමදාම මාව ඉස්කෝලේ යැව්වෙ මගෙ පුතා කවුරු මොනව කිව්වත් ඇහුන් නෑ වගෙ එන්න කියලා .....කවුරු මොනවා කිව්වා උනත් එක කනකින් අහලා අනිත් කනින් පිට දාන්න කියලා ....ඒ උනාට තාත්තා යැව්වෙම ගැහුවොත් ගහපිය කියලා .....

මම කෙරුවෙ පාඩුවෙ පැත්තට උන එක...මටයි කියන්න යාලුවෙක් නැති උනත් ඉහල පන්ති වලට එන්න එන්න ළමයි මට හිරිහැර කරන එක....උසුලු විසුලු කරන එක නැවතුනා...

කොච්චර ගොතයා ගගා විහිලු කෙරුවත්.....දහය වසර පනිනවා එක්කම මමත් සාමාන්‍ය ළමයෙක් ගානට එයාලා හිතන්න ගත්තා....කොටිම්ම වෙන කවුරු හරි මට මොනවා හරි කිව්වොත් උන් ගහන්න හැදුවා .....

ඕලෙවල්....ඒලෙවෙල් කියන්නෙ මායා කාරි අවුරුදු ගානක්...තරහා උන් යාලුවෙන කාලයක්.....යාලු වෙන උන්.....තව තව යාලුකම් වලට එහා බැදීම් පටන් ගන්න කාලයක් ....

ඕලෙවල් ඉවර උනාම පන්තියෙ උන්න හැම කලු කෙල්ලම සුදු උනා....සුදු උන් පාන්පිටි පාට උනා....දිගට තිබුන කොන්ඩා තට්ටු තට්ටු උනා...ඇහිබැම දෑ කැති වගේ උනා.....කොල්ලන්ගෙත් කොන්ඩා පාට උනා....ෆේල් වෙච්ච උන් ඉගන ගන්න උන්ට කලින් ලෝකෙ කොයි වගේද කියන්න ඉගන ගන්න පටන් ගත්තා ...යමක් කමක් තියන උන් අමතර කෝස් වලට ගියා.....නැති උන් පවුල් බර කරට ගත්තා....සමහරු ඒත්තුකාලෙ බොස්කො එකට ගියා....කෙල්ලො මැහුම් පන්ති ....සැලුන් වැඩ ඔය එක එක විච්චූරන කරන්න ඉගන ගත්තා ....

කොහොම උනත්....ඕලෙවල් ඉවර උන ගමන්.....ඒලෙවල් ඉවර උන ගමන් ගමේ කඩවල....ගාමන්ට් වල තිබුන පුරප්පාඩු බලන් ඉන්නකොට වැහිලා ගියා....

මම කේක් එක දිහා බලාගන ආය ආයම හිතන්න ගත්තා ....කතා කරන්න අමාරු මම ආසම උනේ හිතන්න.....අම්මා කියන විදිහට මට අවුරුදු නවයක් දහයක් වෙනකන් හරියටම කතා කරන්නම නැරි උනාලු.....අම්මව පවා ඇදිනුවෙ නෑලු ....ඇත්ත.....මට අවුරුදු දහ අටක් උනාට....ලමාකාලෙ ගැන මෙලෝ දෙයක් මතක නෑ....නලලෙ ඉතුරු උන කැලල මොකක්ද කියන්න වත් මම දන්නෙ නෑ.....

එක අතකට මට වැඩකුත් නෑ....මොකටද ඔය ගැන හිතන්නෙ...කැලලක් කියන්නෙ වේදනාවෙ මතකයක්.....තුවාලයක් පස්සෙ කාලෙක කැලලක් වෙනවා.....වේදනාවක් දැනෙන්නෙ නෑ...හැබැයි කැලල එක්ක බැදුන මතකය වේදනාවක් ගේනවා.....

සංජාන....

ත්..තාත්තේ ...

තාත්තා එක්ක පංචිකාවත්තට යන්න එනවද....

ඇයි....ඔය ගරාජ් එකේ වෙන උන් නැද්ද...ලමයට අද පන්ති....

.

මුන කටවත් හෝදන්නෙ නැතුව මම ගිහින් කුසියේ මේසෙ ඉදගන අර කේක් එක දිහා බලන් උන්නා....ඉටිපන්දම් නිවුවට කැපුවෙ නෑ...අම්මා මගෙ පුතාට සුභ උපන්දිනයක් කිව්වට තාත්තට ඒක කියන්න වෙලාවක් තිබුන් නෑ.....

අපි මද්‍යම පාන්තික මිනිස්සු ....උදේ ඉරපායන්නත් කලින් අපේ කුසියට ඉර පායනකොට රෑට හද පෑව්වටත් පස්සෙයි ඒ ඉර බැහැලා යන්නෙ.....තාත්තාගෙ වැඩේ යකඩ කදන් එක්ක ඔට්ටු වෙන එක වෙනකොට අම්මග් ජීවිතේම ලිප ගාවට දිය උනා....

.ඒ කොහොම උනත්...අම්මා තාත්තා මට අද වෙනකන් අතක් පයක් උස්සලා නෑ අම්මා කවදාවත් හිත කැඩෙන්න වචනයක් කියලා නෑ....අම්මට පාර අයිනෙම පොඩි කෑම කඩයක් තිබුනා...තුන් වේලටම බත් තිබුනා....පොඩි පොඩි කෙටි කෑම තිබුනා....තාතතගෙ මජන් ඇදුම ගැලවෙන්නෙ රෑට වෙනකොට පාරෙ දිලිසි දිලිසි යන කාර් එකක් ගෙනත් දැම්මම උඩ බොඩිය ගලවලා පෙන්නපුවාම යකඩ කදේ කැත කියලා හිතුනා...

.

ඔන්න ඕකයි අපේ ජීවිතේ....තාත්තගෙ ගරාජ් එක වගේම පොඩියට පටන් ගත්තු බයික්...ත්‍රීවිල් spare parts කෑල්ලත් දෙකම.තාත්තා කරනකොට තාත්තට මාව ගෙයින් එලියට ගන්න ඕනා උනා...

උඹට මජන් නාගන මං වගෙ ඉන්ඩ කියනවා නෙවෙ....මේවත් ඉගන ගනින්....උඹලගෙ අම්මා මේ මෙවට හිනා උනාට...ඔය ලක්ශ ගනන් වියදම් කරලා ජපන් යන උන් ඔටෝ මොබයිල් ඉන්ජිනියරින් කියන්නෙ මේවට තමයි...කොහෙද අපි ඉතින් ජප්පොවගෙ සුදු නෑනෙ....

ආයමත් පටන් ගත්තා ...තාත්තා ආයමත් අම්මට ආඩපාලි කියන්න ගත්තා ....ඒ කොහොම උනත් තාත්තගෙ ලාන්සර් එකේ නැගන් කොහෙ හරි යන්න තියනවා අවංකවම මං ආසයි....මට තාම මතකයි...පරන අංක තහඩු ආව මේ ලාන්සර් එක තාත්තා ටිනකර් කර කර දවස් ගානක්....සති ගානක් සම්පූරනම කනපිට ගහපු හැටි .....දැන් තනිකරම ඒක රේසින් කාර් එකක් වගෙ.....පරන ශීට් වෙනුවට අලුත් ශීට් .....මගෙ වදෙන් බෙරේන්න බැරි කමට ඩිකියට ගහපු ජෙට් එක වගේම සයිලන්සර් එකට ගහපු බීටර් එක....තනි කලු කාර් එකෙ රෝද හතරෙ රිම් එක කුකුල් කරමලෙ රතු ලයින් එක එක්ක පිටිපස්සෙ පේන නොපෙනන ගානට ලියලා තිබුන මගෙ නම.....අවංකවම තාත්තගෙ ආදරේ ගැන මට වැඩිපුරම දැනුනෙ මේ කාර් එක අස්සෙ.....

ඔලුව හිල් වෙන්ඩ අනින ටොකු එක්ක කාර් එක පදින්න උගන්නනකොට ක්ලච් එක දීපන්....හරි දැන් නිව්ටල්.....හෙමින් ගනින් .හෙමින් පාගපන් ගගා මාව කන්න හදපු තාත්තා යතුරු අල්ලන හැටි....වයර් අමුනන හැටි එකින් එක ඉගැන්නුවෙ මෙක හදනකොට වෙද්දි කොච්චර ඔලුව හිල් වෙන්න ටොකු කෑවත් මං තාත්‍තගෙ ඒ රළු ආදරේට ලෝභ උනා...

මාව හදා ගන්න අරන් .....

මම ඒ තිත්ත ඇත්ත දන්නවා.....

දුකක් වේදනාවක් නොදැනුනාම නෙවෙ ....හැබැයි...කෝ මගෙ ඇත්ත අම්මා...කෝ මගෙ ඇත්ත තාත්තා ....අද වෙනකන් මම එ ප්‍රශ්නෙට උත්තර හොයන්න ගියෙ නෑ...මොකද අම්මට වත් තාත්තටවත් ඒ උත්තර හම්බෙලා තිබුනෙත් නෑ...

මෙච්චර ආදරේ දෙන අම්මා තාත්තගෙන් මං කොහොමද ආයම උත්තර හොයන්න අමාරු ප්‍රශ්නයක් ආයම අහන්නෙ...

පාට ගියපු බෑග් එකක්...සමනලයෙක් අල්ලපු කොන්ඩ කටුවක් එක්ක පොල් ගෙඩි අකුරින් මොන මොනවදෝ ලියලා තිබුනා පොතක්...පොතෙ ඉස්සරහා හරියෙ හොකරෙට ගිය අකුරු වෛන් යෙවීන් සංජාන කියලා තිබුනා....ඇතුලෙ පිටුවලත් පොල්ගෙඩි අකුරු හුගක් තිබුනා ඒත් ඒ එකක් වත් පැහැදිලි නෑ .බාප්පෙ.....කියලා තිබ්බා නලුවෙක් ගැන ලියලා තිබ්බා .....

මෙන් මෙච්චරයි මට ඉතුරු .....

කොල්ලො.....

මාව ආයම ගැස්සුනා....මූන කට හෝදන්නෙ නැතුව මේසෙන් උන්න මම කරලා තියෙන්නෙ ආයම කල්පනා කරන එක වෙනකොට උපන්දිනෙ නෙවෙ වෙන මොක තිබ්බත් ඒ කිසිම දේකට අත නොගහා අවුරුද්දෙ තුන්සිය හැටපස් දවසම දුන්නත් මීක් නොගා කන අම්මා හදන එලලු බත් එක කන්න බලන් උන්න මම තාත්තගෙ කටහඩ එක්ක ආයම ගැස්සිලා ගියා ....

එනවද මා එක්ක යන්ඩ ....

තාත්තා අම්මට හොරෙන් ආයම යන්ඩ එනවද අහනකොට මං අම්මා දිහා බලලා ඔලුව වැනුවා ...

පුතා ආ ..කාලා පන්ති යන්ඩ ලැහැස්ති වෙන්ඩ ඔයා ඕන එකෙක් එක්ක යන තැනක යන්ඩ ලමයව එක්ක නොයා ..

ඌ එනවලු මා එක්ක යන්ඩ....

මම දතක් කටක් මදින් නැතුව ගෑරුප්පුවට ගත්තු කැරට් කෑල්ල කටෙ ඔබාගන හොරා වගෙ ඵෝන් එක දිහා බලන් උන්නා. තාත්තගෙ ලෝබ නැතුවම මාව පාවා දෙනකොට අම්මට උත්තර බදින හැම වෙලේම වෙනදටත් වඩා ගොත ගහන මං ඔලුවක් උස්සන්න නැතුව ෆේස් බුක් එකේ උඩට පහලට ගියා ...වෝල් එකෙන් එකයි තාත්තගෙ පෝස්ට් ඕන එකයි එපා එකයි ඔක්කොම දාලා ...ගැරජ් එකේ පෝස්ට් විතරක් නෙවෙ මී.පු.ක එකේ ඒවත් තිබ්බා ...මම නෙවෙ ඔව්වට ලයික් කෙරුවෙ....මැසෙන්ජර් එකෙන් අහන්න ඕන දේවල් තාත්තා කමෙන්ට් වලිනුත් අහනවා ...කොච්චර කිව්වත් අහන් නෑ .....ඒ අස්සෙන් අම්මා බනිනවා ....දැන් නම් මටත් එක්ක බනිනවා .....

ඕන මගුලක් තාත්තලා පුතාලා ඕන මගුලක් ....උඹත් තාත්තා එක්කම යකඩ තලපන්.....ඔව්වා කරන්ඩනෙ උඹට උගන්නන්නෙ ...

අම්මගෙ කටෙ සද්දෙ උස් පහත් වෙන වේගෙ අනුව කුසියෙ බඩු මුට්ටු දඩ බඩ ගානකොට මං බලාගන තාත්තා හැන්දක් සද්ද වෙන වෙන පාර උරහිස් ඇකිලුවා ....ඒත් මම නෙවෙ ඔලුව ඉස්සුවෙ මම කෙරුවෙ වැලි යට ඔලුව ගගගන්න පැස්බරෙක් වගෙ තව තව ඔලුව හංගපු එක....

කොල්ලො.....

ම්ම්ම්....

මං උන්නෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ගොඩෙ ...ෆේක් එකවුන්ට් කෝටියයි...මල්පෝච්චියකිනුත් රික්වෙස්ට් එකක් ඇවිත්....වදුරු මූනක්...ඊටත් විකාර නම්....

මං උඩට පහලට ගියා.....හොදයි කියලා හිතෙන ඒවා එක්සෙප්ට් කෙරුවා ....ඒ එක්කම ටින් ගාලා සද්දයක් එක්ක අදත් "එයාගෙන්" පුරුදු මැසේජ් එකම ආවා ....

Good morning ...

වෙන මොකූත් නෑ.....හැබැයි ඒ මැසේජ් එක මට නැතුවත් බෑ.....හුගක් වෙලාවට එයා මම මැසේජ් කරනවා... "ප්‍රනීත් නිසංසල....."එයාගෙ නම....නිසංසල...ඇත්තටම එයා නිසංසල කෙනෙක් ....මම ගොත බව දන්න නිසාම එයා කරන්නෙ මට මැසේජ් කරන්න දීලා උත්තර එවන එක.....මං හිතන්නෙ.....මට මේ තාක් හම්බ උන හොදම යාලුවද කොහෙද .....ඉදලා හිටලා කතා කරන වෙලාවක උනත් කරන්නෙ මං කියන්න හදන දේ ඉක්මනට එයා කියන එක.....උදේට මල් පොකුරක් එක්ක ගුඩ් මෝර්නින් මැසේජ් එක දාන එයා ආයම මල්පොකුරක් එක්ක රෑට ගුඩ්නයිට් මැසේජ් එක දානවා...

කොච්චර ළඟින් උන්නත් මට මල් පොකුරු එපා උනේ එයා හින්දම කිව්වොත් ඒකත් හරි.. .වෙලාවකට අපේ තාත්තා වගෙ නැතී දුකක් මවාගන බූට් පෝස්ට් ශෙයාර් කරනවා ...

මෙන්න මේකා මොකාද බලපන් පුතේ...මූ මේ මොනාද මේ අහලා තියෙන්නෙ...?

අම්මා එහා මෙහා වෙනකන් උන්න තාත්තා අදත් කුනුගොඩක් පාත් කරන්ද කියන්න බලපු මම එයාගෙ ඵෝන් එක අතට ගත්තා ...

ද්ද්....දන්නෙ ...න්න්....නැති ....උන්ව....ඇඩ්...ක්ක්...කරගන්නෙ ...න්නැතුව....ඉඉ...න්ඩකෝ...

හරි හරි බන්.....මොකද උන්ට ග්‍රාමසේවක සහතිකෙ අරන් එන්ඩ කියන්ඩද....අනික කව්ද දන්නෙ උන්ට වාහනයක් හදාගන්ඩ ඕනා උනොත්....මූ මොනවද මේ එවලා තියෙන්නෙ ....ම්

ච්ච්...චීනෙක්.....මං කොහෙද ච්ච්...චීන දන්නෙ.....

මෙහෙ දීපන් ....උඹගෙත් දැන් රැස් වැඩියි.....

අතේ තිබුන ඵෝන් එක තාත්තා ආයමත් උදුරගන්නකොට මං එයාට ගුඩ් මෝර්නින් කියලා දාලා හෙමින් හෙමින් කන්න පටන් ගත්තා ...එතනින් පස්සෙ ආයමත් එයා අහන්නෙ මොකද කරන්නෙ කෑවද බිව්වද ක්ලාස් යනවද කියලා අහන එක වෙනකොට මං කරන්නෙ දවසෙ වෙන ඔක්කොම දේවල් එයාට කියන එක .....

ඒක එහෙම නොවුනොත්.....අනෙ මන්දා මට කියන්න තේරෙන්නෙ නෑ ඒක මහ අඩුවක් වගේ දැනෙනවා ...කොච්චර අහිංසකයා වගේ උන්නත්...වෙනදා වෙලාව පහු උන ගමන් එයාගෙ මැසේජ් එක නාවොත් මට තරහා යනවා ....

නෑ මං එයා එක්ක තරහා වෙනවා ...

ටින්.....

ආයමත් නොටිෆියක් වැදුනා....

තාත්තා ...තාත්තා ආයම බහුබූතයක් දාලා...ඒ අස්සෙන් ප්‍රොෆයිල් එකත් මාරු කරලා ....වයසට නෙවෙ ....කෑල්ල වගෙ....අම්මට තරහා ගියහම බනින්නෙ අනංගයා කියලා ....තාත්තා අම්මව අල්ලන් තියෙන්නෙ සීයා තාත්ගෙ ඩක්කුව හදන්ඩ ආව වෙලේක කියනවා....සීයා තාත්තගෙ ඩෙලිකා එකට ඩක්කුව කියන වාරයක් ගානෙ අම්මට අවේස වෙනවා .....ඒ කොහොම උනත්....මගෙ තාත්තා මට ලස්සනයි ...

මං තාත්තට හාර්ට් එකක් දාලා කමෙන්ට් නොකර එයාගෙ පෝස්ට් එක බැලුවා....නැත්තන් ඔතනත් අහයි උඹ පංචිකාවත්තට යන්න එනවද කියලා .....

"කැමති දෙයක් අහන්න අද උත්තර දෙනවා කියලා " ශ්‍රෙක් එකේ බූරු පැටියව දාලා...මේක අම්මා දැක්කොත් තාත්තගෙ බත් කාර්ඩ් එක මේ මාසෙ දහ වෙනි වතාවටත් කැන්සල් වෙනවා ...

අකිල.....

ම්ම්ම්

ඔයා දැන් ඔය කොළඹනෙ යන්නෙ....

ම්ම්ම්

එනකොට මේ බඩු ටික ගේන්ඩ ....

ගෑනු සුකුරුත්තන් ඇරෙන්ඩ ඕන දෙයක් ....

ඵෝන් එක කකා උන්න තාත්තා ගාවට අම්මා දිග බඩු ලැයිස්තුවක් දානකොට තාත්තගෙ මූන ඇකිලුනා....

අනෙ සුදූ මේ එලවලු.....මෙව්වා ගේන්ඩයි යකඩ ගේන්ඩයි දෙකක් බෑනෙ...

ඇයි බැරි....අත් දෙක වෙනුවට දැන් අත් හතරක් යනවනෙ...මෙහෙ එලවලු ගිනි ගනන්...එලවලු ගනන් කියලා මට බත් එකක් පන්සීයට දාහට විකුනන්න බෑනෙ නේ ඇරත්....

අම්මො හා අප්පා හා.....ගේන්නම් හා.....කියවන්ඩ ගත්තම ඉවරයක් නෑ.....කියවීම මිනිසා සම්පූරන කරයි කිව්වට උඹලගෙ අම්මව සම්පූරන කරන්ඩ එක පොතකට බැරි උනා...තාමත් කියවනවා.....

අනෙ මං වගෙ ගෑනියෙක් හම්බ උන හින්දා හොදයි නැත්තන් ඉදී ...

ඕක ඉතින් හැමදාම කියන එකනෙ...

අම්මා තාත්තට බැන බැන එහා මෙහා යනකොට මම මීක් නොගා කෑවා ..මොකද ඔය රන්ඩුව මගෙන් ඉවර වෙන්නත් තිබුනා .....තාත්තා අම්මා කොච්චර කියව ගත්තා උනත් ඒ කිසි රන්ඩුවක් දිගින් දිගට කවදාවත් නොයනකොට මට හොරාවට අම්මගෙ කම්මුල උඩ නවතින තාත්තගෙ හාදුව එක්ක ඒ දෙන්නා ආයම සමාදාන උනා .....

18වෙනි සෙනසුරාදා .....

අද මගෙ උපන්දිනෙ...

වෙනදා වගේමයි.....

අම්මා තාත්තා ඇරුනම ...අම්මා තාත්තගෙ අම්මා තාත්තා ඇරුනම පිටින් කවුරුත් සුභ නොපතපු උපන්දිනයක් ...

ඒ කොහොම උනත්.....මේ අවුරුද්දෙ මගෙ ප්‍රාර්තනාව....

අඩුපාඩු කම් තිබුනත්....

ලේ නෑකමක් නොතිබුනත්....වෙනසක් නොකරම ආදරේ දෙන

අම්මා තාත්තා වෙන ඒ උතුම් මනුස්ස ප්‍රාන දෙක උපදින හැම ආත්මෙකම මගෙම අම්මා තාත්තා වෙන්න.....

මං මගෙ ඩයරිය වහලා දැම්මා ...

උදේට කාපු ....ඇගපත හෝදන් ඇදුමක් දාගත්තු මම තාත්තා එක්ක යන්න කලියෙන් මගෙ ඩයරිය ලියලා වැහුවා .....

සුදු අපි යනවා ....

තවමත් කුසියෙ උන්න අම්මට තාත්තා කෑගහලා අපි යනවා කියනකොට අම්ම කුසියෙ ඉදන් බෙරිහන් දුන්නා....

පොඩ්ඩක් ඉන්ඩ.....යන්ඩ එපෝ.....ම්ම්

කොල්ලො බලපන් අම්මා ඇයි හූ තියන්නෙ කියලා .....

කාර් එකට නගින්ඩ හදපු මාව තාත්තා ආපිට හරවලා යවනකොට මං ආයම කුසියට ගියා....ගිහින් තාත්තා වගේම අම්මට කතා කෙරුවා ...

ස්ස්....සුදූ....ඇයි....

මෙන්න මේ කෑම එක පහල ලේන් එකේ පලවෙනි ෆ්ලැට් එකේ තුන්වෙනි තට්ටුවට දීගන යන්නකෝ...

ම්ම්ම්ම්...

හලා ගන්ඩ එපා....පරිප්පු හොදි එකක් තියෙන්නෙ.....

ග්ග්...ගාන....කීයද ...

දෙසීයයි...

ම්ම්ම්....

තාත්තට කියන්ඩ රේස් ගහන්නෙ නැතුව පරිස්සමින් යන්ඩ කියලා .....අම්මගෙ වස්තුව පරිස්සමින් ....

ම්ම්ම්....

අම්මගෙන් කෑම එක ඉල්ල ගත්තු මන් තාත්තා එක්ක එන්න පහල ලේන් එකට ආවා...ඇවිත් අම්මා කියපු තැනින් නැවතුනා ....

කීයටද දෙන්න කිව්වෙ...

ත්තු...තුන්වෙනි එකට.....

ගිහින් දෙන්න පුලුවන්ද .....නැත්තන් තාත්තා යන්නද ....

ම්ම්..මං ..යන්නන්.......

මම තාත්තට ඉන්න කියලා කෑම එකත් අරන් පඩිපෙල දිගේ උඩට දුවන්න ගත්තා .... වෙනමොකටවත් නෙවෙ මං ලිෆ්ට් වලට බයයි....මට හුස්ම හිර වෙන්න එනවා ....ජනෙල් තිරවලට බයයි .ඒත් මට හුස්ම හිර වෙන්න එනවා ...ගින්දර වලට බයයි...ඒත් හුස්ම හිරවෙන්න එනවා ..කියන්න තේරෙන්නෙ නෑ අවුරුදු දහ අටක් උනත් මම සමහර දේවල් වලට නොසෑහෙන්න බය උනා.....රන්ඩු වෙනවට...ඇම්බියුලන්ස් සද්දෙට මේ වගේ දේවල් වලට මම නොසෑහෙන්න බය උනා.....

මම හති දදා උඩට දිව්වා ....වෙනමොකටවත් නෙවෙ නිවිලා තිබ්බොත් සමහරු ආයම හරවලා එවනවා ....අම්මගෙ තැන හින්දා බේරුමක් තිබුනත්.....කෑම ඩිලිවරි කරන කොල්ලො තව කෙනෙක්ගෙ බඩගින්නක් වෙනුවෙන් මහ පාරෙ වාහන අස්සෙන් කාගන යන්නෙ වෙලාවට කලින් දීගන්න බැරි උනොත් ඕඩරේ ආයම හරවන හින්දා ...කොච්චර පව්ද....

අම්මා කියපු විදිහට තුන්වෙනි තට්ටුවටම ආව මම අදාල තැන බෙල් එක ගැහුවා ...ඒක කැඩිලද කොහෙද ....පස්සෙ දොරට ගැහුවා ....

එක පාරක් .....

දෙපාරක් ....

..ඒත් නෑ ...

මං තුන්වෙනි පාරටත් ගැහුවා ...

එනවා ...එනවා ....

තුන්වෙනි පාරටත් ගහන්න යනවා එක්කම ගේ ඇතුලෙන් ආව පිරිමි කටහඩ එක්ක මම නවතිනකොට හති අරින එක පැත්තක දාපු මම ඉක්මනට මූනට හිනාවක් මවා ගන්නවා එක්කම දොර ඇරුනා .....

ම්ම්..මේ.....ක්ක්..කෑම එක...

.කීයද බොසා ගාන.. ...

දොර ඇරපු කෙනා උන්නෙ ඉනට ඇදගත්තු ටවල් එකක් පිටින් වෙනකොට ඇදගන්න ගත්තු කලිසමද කොහෙද කරේ දාගන ඇවිත් තිබුනා එයාව දැකපු මට ලැජ්ජ හිතුනා උනත් එයාට නම් ගානක් වත් නැතිවෙනකොට එයා මං ගෙනාව උරේට ඉව අල්ල අල්ල ගාන ඇහුවා ....

ද්...දෙසීයයි ....

උදාන.......බබා මගෙ වොලට් එක ගේන්න...

🙂ජොබීත නිදහා.....ස්....

ආයම එන්නා.....ම්

මේ ළමයා චේ බොන්න යන්නෙ ...ඔය ලමයිනුත් චේ බොන්න.....

මම...

Ferdeesha ❤️💚😘 ....

More Chapters