Cherreads

Chapter 15 - 15

සංධීර්....

ඇයි...දැන් උඹලට ඒක කරන්න අමාරුද උදාන...??

න්න්...නෑ....ඒත්

එහෙනම්.....ඇයි...?මම කිව්වෙ මට හොස්ප්ටිල් එක මාරු කරන්න ලියුමක් විතරයි ....උඹට අමාරු නම්..මට පුලුවන් ලමයව අරන් වෙන එකකට යන්න..මට වදින්න යන්න ඕන් නෑ....හැබැයි මම එහෙම නොකර උඹ මාර්ගෙන් යන්නෙ මම බලෙන් ටිකට් කපන් ගියෝතින් උඹයි මායි යාලුවො කියලා දන්න ඩොක්ටර්ස්ලා අතරෙ උඹ අපහසුවට පත්වෙයි කියලා...

හරි හරි.....ඇති....උඹ කිව්ව විදිහට වැඩ වෙයි....උදාන ලෙටර් එක දෙන්න....මම අනිත් ටික බලාගන්නම්...

මම බලන් උන්නා...නලුවා අර වයර් එක එහා මෙහා කර කර බලන් ඉන්නවා...රිදෙන්නෙ නැද්දො මන්දා....ඒ කොහොම උනත් මට පේන්නෙ නලුවගෙ ගෙදර ලොකු ප්‍රශ්ණයක් වගේ....අම්මා ගැන තමයි හුගක් කිව්වෙ.....අනේ එයාටත් මට වගෙ අම්මව නැති වෙන්න යන්නෙ .....එයාටත් යෙවීන්ට වගේ නපුරු ආච්චම්මෙක් ඉන්නවද දන්නෙ නෑ.....

මට දුක හිතුනා...කතා කරලා දුක කියාගන්න බැරි වෙනකොට ඊට වඩා දුක හිතුනා.....

එයාගෙත් ආච්චම්මට එයාව පේන්න බැරිද දන්නෙ නෑ.....ඒත් නලුවට මට වගෙ ගොත නෑනෙ....

මමබලන් උන්නා..බලන් ඉදලා..බලන් ඉදලා එන්න හැරුනා....මොකද එතන එයාලා තව වෙන වෙන කතාත් කියනකොට නලුවගෙ මූන දැකපු මට ඊටත් වඩා දුක හිතිලා මම ආයම ඇදට නැගගත්තා ....

ආව්.....හ්....ම්ම්හ්...ර්....ර්...රිදෙන..වනෙ....

ඇදට නගින්න හදනවත් එක්කම මගෙ තුවාලෙන් ආව වේදනාවට මට කෙදිරි ගෑවුනා...මගෙ තුවාලෙ ඇදුම් කෑවා...

තුවාලෙ වේදනාවට ඇස් වලට කදුලු මතු වෙනකොට මම අමාරුවෙන් ඇදට නැගලා සංධීර්ම පොරවගන උන්න රෙද්ද පොරවගත්තා .....

...ම්ම්...සුවදයි....

අසනීප ඔක්කොම තියාගන එයාගෙ රෙද්ද පොරවගත්තු මට එයාගෙ සුවද රෙද්දෙන් එනකොට මගෙ රෙද්දෙන් ලාවට ඕඩික්ලෝන් සුවදක් ආවා.....

එයා දුන්නෙ එක පාට කූරයි....මේක්න් කොහොමද අදින්නෙ....ඇන්දත් පාට කරන්නෙ කොහොමද .....

එක පාට කූරකින් පුලුවන්ද මුලු චිත්‍රයක්ම පාට කරන්න.....

මම ඔලුව කස කස ඉදලා තනි අතෙන් චිත්‍රයක් අදින්න ගත්තා ... ...

අම්මගෙ ඔලුව ඇන්දා....කොන්ඩෙ ඇන්දා..කනට පිටිපස්සෙන් කොන්ඩ ගෙඩිය ඇන්දා....අපේ.අම්මට ගවුම් ලස්සනයි.....තාත්තා ගියපාර නත්තලට මැක්සි ගවුමක් ගෙනත් දුන්නනෙ....මගෙ අම්මෙ....එදා නම් හරි ලස්සනට උන්නා..හැබැයි ගවුමෙ බිල් එක දැක්කට පස්සෙ අපේ ගෙදර නත්තල් නැති උනා.....

ආච්චම්මා මැරෙන්න හැදුවා ..අම්මා ඒක පැත්තක දලා වෙන එකක් ඇදන් ගියා....යෙවීන්ට එදා රෑ නීලාකූරක් වත් නැති උනා....බාප්පත් උන්නෙ රටනෙ...

අනේ මේ පාර නත්තලට අම්මට මැක්සි ගවුම් එපානෙ.....එහෙම උනෝතින් අපිට මේ පාරත් නත්තල් නැති වේවි.....

මම කල්පනා කර කරම අම්මා.තාත්තා මැදින් මාවත් ඇන්දා.....අපි තුන් දෙනාම උන්නෙ අත් අල්ලගන.....

දොර ඇරෙන සද්දයක් ආවා....ඒ නලුවා....එයා මා දිහා බලලා ඇදට නැග්ගා ...හැබැයි මා එක්ක කතා කෙරුවෙත් නෑ...අඩුම ගානෙ මම අදින්නෙ මොකක්ද බැලුවෙත් නෑ.....ඒත් එයා මගෙ ඔලුව අත ගාලා එයාගෙ අර ඉන්ග්‍රීසි අකුරු පිරුන කොල වලට එබුනා....එබිලා පෑන කටේ ගහන් මොන මොනවහරි තනියෙන් කියෙව්වා .....

ස්ස්...ස්....සංධී...ර්

මම මිමිනුවා...කතා කරන්න කලියෙන් දත් අස්සෙන් අකුරු අමුනගත්තු මම" ස" යන්න එලියට දාන්න කලින් දෙපාරක් තුන් පාරක්ම කට ඇරල ගොත් ගහලා තමා නම එලියට දැම්මෙ....

ම්ම්ම්...මොකද බොසා.....

එයා....එයා මට බොසා කිව්වා.....අනේ...මේ නලුවගෙ කටට එන නම්...බොසාලු....එයා මා දිහා නොබලා මොකද බොසා කියලා අහනකොට පාට කරන්න පාට නැතුව මම ඇදපු චිත්‍රෙ දිහා බලන් උන්නා.....අවසානෙදි මෙච්චර වෙලා පොතකට එබීගන උන්න එයා මගෙ පැත්තට හැරිලා මගෙ චිත්‍රෙ දිහා බැලුවා....

අය ඇදල තියෙන්නෙ.....හිච්චි ඩාවින්චි වගේ...

එයා තවත් නමක් කිව්වා....එයා නම් කව්ද කියන්න දන්නෙ නෑ.....ඒත් එයා මගෙ චිත්‍රෙ අතට අරන් බලල ලස්සනයි කිව්වා....

ස්...සංධීර්.....ච්ච්...ච්ච්...චිත්‍රයක්...ප්ප්...පාට...කරන්න...එක....ම...එ..එක...ප්ප්...පාට.කූරක්.....ඇ..තිද.....?

මම මගෙ අතෙ තිබුන චිත්‍රෙ ඇදපුම පාට කූර දිහා බලන් ඉදල ඉදල මම එයාගෙන් ඇහුවා එකපාටකූරක් ඇතිද කියලා ....ඇතිවෙන්න බෑනෙ....මදිනෙ....ඔලුවට කලු පාට...මූනට කහ පාට....ඇදුමෙ පාට....තාත්තගෙ මූනට කහ පාට ගාන්න බෑනෙ.....තාත්තා අව්වෙ ගිහින් කලු වෙලා කියලා අම්මා බයිනවනෙ.....මූනට දුඹුරු එපැයි ....මම නම් ඉතින් අම්මගෙ බන්ඩියෙන් ආව දා.ඉදන් සුදුයි කියලා අපේ අම්මා කියනවනෙ....ඒක හින්ද මට රෝස පාට.....ඇයි ඉතින් සුදු ගෑවම පේන්නෙ නෑනෙ...ඇරත් සුදු කිව්වට සුදු නෙවෙ අප්පා.....

ඉතින් මට පුලුවන්ද මේ ඔක්කොම එක පාටකින් පාටකරන්න .....

මම බලන් උන්නා...එයා මගෙ චිත්‍රේ දිහා බලන් ඉදල අතේ තිබුන පාට කූර ඉල්ලගත්ත ....

ඇයි බැරි ම්ම්ම්.....

ප්ප්....පුලුව...න්ද...

අනිවාර්යයෙන්ම ....ඕන නැති හරිය මගෑරලා මේ මුලු චිත්‍රෙම්ම වටිනම තැන පාට කරන්න...හරියටම මෙන්න මෙතන වගෙ.....හදවත....මේ තියන්නෙ...මෙතන විතරක් පාට කරන්න...

ම්ම්..

දන්නවද යෙ යෙ....

අනේ.....මේ බලන්නකො ඉතින්....එයත් මට යෙ යෙ කිව්වා...හැබැයි අර වෙන උන් වගේ කොලොප්පමට නම් නෙවෙ.....එයා මට එහෙම කිව්වෙ හරි ආදරෙන් කියලා මට තේරුනා....ඉතින් එයා දන්නවද යෙයෙ කියල අහනකොට මම එයා කියන්නෙ මොනවද කියලා අහන්න මගෙ සර්වාංගෙම එයාගෙ පැත්ත හරවගත්තා ...

දන්නවද .....මිනිස්සු කොයි වගේ උනත්...හදවත හොද නැත්තන් .....වැඩක් නෑ....

අ...අ..අපේ....ආ...අච්ච්...චම්මගෙ....ව්ව්...වගේද....

ම්ම්ම්....ආච්චම්මගෙ හදවත හොද නැද්ද....

ම්ම්ම්...

ඇයි ඒ.....

ඒ..එ...එයා....අ..අලුත්...ග්...ගෑනියෙක්....

හරි...හරි...මේ අහන්නකො ....අපි ඒක නවත්තමු.....එක මට කියන්න එපා...ඒක අර පොතේ ලියමු..හොදද....ඒවා රහස්නෙ...

ම්ම්ම්....බ්බ්..බාප්පට...පෙන්නුවට අවුලක්...න්න්...නෑනේ....

ම්ම්ම්...ඒක රහසක්නෙ බොසා.....

යෝ...හ්..මේ සංධීර් එක්ක බෑ අප්පා.....කම්මුලමයි මිරිකන්නෙ....එයා කිව්වා රහසක් කියලා ...ඒ උනාට බාප්පට නොකියන දෙයක් තියනවද...නෑනෙ....

මම.කල්පනා කෙරුවා ....එයා ආයම අර පොතට මූන ඔබාගත්තා ....එ උනත් මං ගාව තව ප්‍රශ්නයක් ඉතුරුයි ....එයාගෙ අම්මවත් ආච්චම්මා එලවන්නද යන්නෙ අහන ප්‍රශ්නෙ ඉතුරුයි ....

ස්ස් ..සංධීර්....

ම්ම්ම්....ඔ...ව්...අහන් ඉන්නෙ...

ඔය ...ඔයාලගෙ....අම්ම...ත්...ක්ක්...කසාදෙ....කටු ගාන්න්ද යන්නෙ...

මම ඒ වචන ටික කිව්වා.....ද...නැත්තන් .....අනේ මන්දා....වෙන වෙලාවට මුනු මුනු ගාන මම මෙතනදි හරි අමාරුවෙන් උනත් වෙගෙන් ඒ වචන ටික අහනකොට එයා මා දිහා බලන් උන්නා...හැබැයි වචනයක් වත් කිව්වෙ නෑ....

එ..එයාට.....එපා...එපා....ක්ක්..කියන්න....ඔයා...ඔයා...පව්....පව්නෙ.....ස්ස්....සංධීර්.....යෙ..යෙ..යෙවිනුත්....ප්ප්...පව්...පේන...වා...නේද.....

කව්ද ඔයාට ඔය වගෙ කතාඉගැන්නුවෙ යෙවීන්.....ම්ම්ම්.....

....

ඔයා බයෙන්ද ඉන්නෙ අම්මව උදුර ගනී කියලා....

ම්ම්ම්...

කොච්චරක්....කොච්චරක් බයද අපේ යෙවීන්....

ග්ග්...ගො...ඩක්...අ..අනේ....එයාව.....උ...දුර...ගන්න...එපා....ක්...කියන්න....එපා....කිය...න්න....

මගෙ ඇස් වලට ආය කදුලු අවා..මගෙ ඇස් වලට ආය කදුලු ආවා... එයා අඩන්න එපා කියලා කිව්වත් මගෙ ඔලුවට දැන් මේ වචන හරි බර උනා.....

යෙදීන්...යෙවීන්....කෝ කෝ...මේ අහන්න...මේ අහන්න....අපේ අම්මා එහෙම කරන්නෙ නෑ...අනික යෙවීන්ගෙ අම්මට එහෙම් වෙන්න දෙන්නෙත් නෑ....අනේ හොද පුතානෙ.....ඔය තුවාල ආය ආයම පෑරුනෝතින්.....

සංධීරයා...

නලුවාඋන්නෙ අඩන මාව එයාගෙ කකුල් දෙක උඩ ඉන්දවගන වෙනකොට රොබින් කුරුල්ලා කඩාගන බිදගන ඇතුලට ආවා....එයාට දැනුත් මට ඇබිත්තම කියන්න අමතක වෙන කොට නලුවා දිහා බලාගන උන්නා...

මොකද බන්....මොකද....

උඹගෙ ගෙදරට හොරු පැනලා ...

මගෙ කියන්නෙ...අම්මලාගෙ ද නැත්තන් ...

උඹගෙ උඹගෙ ..හැබැයි එක බඩුව මූට්ටුවක් මොකුත් වෙලා නෑ...ඔෆිස් රූම් එක නම් වනසලා.....

හරි ....එහෙනම් ඉතින් හරිනෙ....දැන් අමුතුවෙන් කියන්න ඕන් නෑනෙ කව්ද කරන්න ඇත්තෙ කියලා....

ඇමති පුතාගෙ හපන්කම් වාර්තාව හොයන්ඩ වෙන්ඩති එන්න ඇත්තෙ ....

අවුලක් නෑ...ඌට මොකුත් හොයා ගන්න බැරි වෙන්න ඇති මොකද ඕන කරන ඔක්කොම මෙතන....හෙට නඩුවට යනකන් අර කෙල්ලව ප්‍රවේසන් කරන්න වෙනවා...

නලුවා.මගෙ කදුලු පිහලා මාව උකුලෙන් බැස්සුවා...එයාලට හෙට නඩුවක්ලු.....රොබින් කුරුල්ලා තව මොනව හරි හංගනවද මන්දා.....

රොමේන්.....තව මොනවා හරි කියන්න තියනවද.....

මේකයි...හෙට නඩුවට ...

මොකද.....

කෙල්ලගෙ අම්මයි තාත්තයි

උඹ ඔය කියන්න හදන්නෙ අරූ ඇවිත් අම්මට තාත්තට කුට්ටියක්.දීලා ගිහින් .....මේක මෙතනින් ඉවර කරන්න කියලා ...එහෙමද...

ම්ම්ම්....

දැන් ඒඅම්මයි තාත්තයි බාර අරන්.

අසරනකමට....

විකුනන් කාලා.....ඕකට දෙන්න පුලුවන් ලේසිම උත්තරේ විකුනන් කනවා කියන එක.....

සංධීර් මෙ අහපන්කො...

මොනවද.....?මිනිස්සු අසරන කමට කියලා තමා බත් පැකට් එකට අරක්කු කාලට රුපියල් දාහට චන්දෙ විකුනන්නෙ හරි.....උඹ බලපන් ඉලෙක්ශන් එක කාලෙට ගවර්මන්ට් චැනල් දෙකේ කී දෙනෙක්ගෙ ඇඩ් යනවද කියලා ...ඔය ඔක්කොම.පස්සෙ සල්ලි දෙන්න බලන් දාන ඇඩ් හරි ...මුන් ඒ සල්ලි වියදම් කරන්නෙ චන්ද රැස් වීම් වලට....බලපන් ගාලුකොටුවට...කිරිබත් ගොඩට.....හරි වෙන්නප්පුවට මීගමුව නගර සභා පිට්ටනියට....උසාවි පිට්ටනියට....බ්‍රවුන්ස් බීච් එකට චන්ද කාරයො කීයක් රැස්වීම් වලට බහිනවද කියලා ....මිනිස්සු හිතනවා අනෙ ඒ මහත්තයා ඒ ගාන දුන්නා...මේගාන දුන්නා කියලා ...හරියටම හිතලා බැලුවොත් ...මහත්තයා අත දිගෑරලා දීලා තියෙන්නෙ උඹෙන් මගෙන්ම මඩි ගහපුවා.....

දැන් අර කෙල්ලගෙ අම්මා තාත්තා ගොඩින් බේරගන්න උසාවි ගානෙ ලගින්න බෑ කියන දේ හන්දා සල්ලි අරන් අයින් වෙනවා.....මට කියපන් කෙල්ල බඩ වෙලා උන්නොත් .....???

මම බලන් උන්නා...එයා බනිනවා බනිනවා බනිනවා.....ඉවරයක් නෑ....

බඩ වෙලා අනාත වෙලා උන්නොත් හරි කෙල්ලගෙ මලකද පහුවදාට හම්බුනොත් හරි ඔය මිනිස්සු අඩ අඩ මීඩියා වලට කියන්නෙ මොකක්ද.....සරනක් නෑ....නීතියෙ පිහිට නෑ...එහෙම....එතකොට ...කොහොමද ....බලපන්...දවසකට රේප් කේස් කියක් ෆයිල් වෙනවද.....එක තත්පරේකට මිනිස්සු කීයක් මැරෙනවද.....තත්පරේකට කීයක් ඉපදෙනවද....හෝටල් කාමරයක් අස්සෙ තත්පරේකට කෙල්ලො කීයක් තැලෙනවද.....හෑල්ලක් තමයි..අහන බලන කියවන උන්ට හෑල්ල දකිනකොට අමාරුයි ...හැබැයි....උඹගෙ පපුවට තට්ටු කරලා අහලා බලපන් මම කියන්නෙ බොරුද....ඔෆිස් ට්‍රේන් එකෙ සාරි ඇදපු ගෑනු කීයකගෙ ඉස්සරහා පස්ස කීදෙනෙක් මිරිකනවද....ඒවට කතා කරන්නෙ කව්ද...අද මිරිකනවා....හෙට ඇදගන යනවා...පහුවදාට...ඇලක කානුවල ඉදලා මිනියක් හම්බෙනවා.....

ඔන්න ඕකයි උඹ මම ...මේ හැමෝම ඉන්න ලංකාවෙ තත්වෙ...උඹට මම අමුතුවෙන් කියන්න ඕන් නෑ...උඹගෙ ඔෆිස් ටේබල් එක උඩ ෆයිල් කීයක් ඇද්ද...බලපන්....

නලුවා බැන්නා.... රොබින් කුරුල්ලා හුම් හුම් ගගා අහන් ඉන්නවා....හැබැයි රොබින් කුරුල්ලා හා හුම් ගාපු එකටත් නලුවට තරහා ගියාදො මන්දා එයා අතට ගහලා තිබ්බ කට්ට ඇදල ගලවගත්තා ....

සංධීර්.....සංධීර්.....යකො...නැවතියන්...මෙ ලමයා.....සංධීර්.....ඇබිත්තම පොඩ්ඩක් ඉදපන් කොල්ලො....අර යකාට පුක් ගින්න ගනවා....

නලුවා යන්න ගියා....කිව්වත් වගේම නලුවට පුක් ගින්න ගැහුව වගේ යන්න ගියා....හැබැයි නිකන් නෙවෙ එයාගෙ අතින් හැලුන.ලේ වල බින්දු දෙක තුනක් මගෙ චිත්‍රෙ උඩ වට්ටලා.....ඒකෙනුත් චුටි බින්දුවක් අම්මගෙයි තාත්තගෙයි ඇදපු මගෙ පපුව ගාවට වැටිලා.....

මගෙ හදවත.....නලුවගෙ ලේ පාටයි.....එතනට පාට ගාන්න ඕන් නෑ.....

යෙවීන්...කෝ සංධීර් අංකල්....?

යහපතා....එ ආවෙ යහපතා මම උන්නෙ සංධිර්ගෙ ලේ බින්දුව උඩ මගෙ පාට කූරෙ තුඩ අරන් යනගමන් වෙනකොට දොර ඇරන් ආව යහපතා මගෙන් සංධීර් කෝ අහනකොට මම ඔලුවෙන් පෙන්නුවාඔය ඔහෙට ගියේ කියලා....

මම කිව්වා රොමේන්ට.....කියන දේ අහන් නෑනෙ.....

යහපතාටත් තරහා ගියාද මන්දා...එයත් ඵෝන් එක කනේ ගහන් රොබින් කුරුල්ලට බැන බැන ඉන්නකොට කාමරේට ආව නර්ස් කෙනෙක් මගෙ අතට ගහල්ල තිබුන කට්ට හරි හිමින් ගැලෙව්වා ගලවලා රෝස පාට ප්ලාස්ටර් එක ගැහුවා .....

සංධීර් මෙ අහපන්කො....දැන් උඹ ඔය කේන්තියෙන් ගියහම ඒ මිනිස්සු බය වෙනවා...උන් බලෙම් ටිකට් කපන් යනවා...පොඩ්ඩක්.ඉදින්කො.....හෙට වෙන්න තව වෙලාව තියනවා...එ වෙනකන් අපිට පුලුවන් කෙල්ලගෙ අම්මගෙ හිත හදන්න....

‍යකා ආවේසෙන් වගේ ගියපු නලුවව රොබින් කුරුල්ලා ආයම ඇදන් ඇවිත් තිබුනා කටුව ගැලවුන තැනින් ලේ බින්දු පහලය පහලට ගලාගන ආවා උනත් නලුවා නෙවෙ ගනන් ගත්තෙ. එයා උන්නෙ වෙනම ලෝකෙක....එයා උන්නෙ වෙනම කල්පනාවක.....අර දෙන්නා කොච්චර දේවල් කිව්වා උනත් නලුව නෙවෙ ගනන් ගත්තෙ...මට හිතා ගන්න බෑ ඇයි නලුවා ඒ තරම් පස්සෙන් පන්නන්නෙ කියලා ...එයා කිව්වා එයාගෙ අම්මට ප්‍රශ්නයක් නෑ කියලා ...එයා කතා කරන්නෙ කෙල්ලෙක් ගැන.....එයා කතා කරන්නෙ කෙල්ලෙක් ගැන....

කව්ද ඒ කෙල්ල....

ඇයි ඒ කෙල්ලට මොකක් වෙලාද.....ඒ අස්සෙන් යහපතා කියනවා අපි දෙන්න දැන් වෙන ඉස්පිතාලෙකට දානවලු...නලුවා කියනවා පහසුකම් අඩුනත් කමක් නෑලු ළඟ එකකට යන්න ඕනලු....නැත්තන් කෙලිම්ම සෙන්ට් ඇන්ස් එකට දැන්නලු ඒක උසාවියට ලගයිලු...හැම බිලම එයා ගෙවන්නම්ලු.....

උදාන...ඈන්ස් එකට දාපන්.....

මාරවිල??

ඔව්....හෙට නඩුව කතා කෙරුවොත්....නෑ අනිවාර්යයෙන්ම නඩුව කතා කරනවා ....කතා කරන්නම ඕනෙ.....හරි.....එහෙම උනොත් ඕකව ගේන්නෙ මාරවිල උසාවියට .....

උන්ගෙ අම්මා සල්ලි අරන් සංධීර්..කෙල්ලගෙන් වචනයක් ගන්න බෑ.....අම්මා තාත්තා එක පැත්තක....

මන් චිත්‍රෙ අදින එක පැත්තක දාල යහපතාට මට ඇදුම් අන්දවන්න දුන්නා...මං හිතන්නෙ අපි කොහෙ හරි යන්න වගෙ...ඒත් බාප්පා....බාප්පට කිව්වෙ නෑනෙ...නලුවා නියපොත්තකුත් හප හප එහා මෙහා ගියා සල්ලි ප්‍රශ්නයක්ද මන්දා . ..

කීයක් ඕනෙද දන්නෙ නෑ....මගෙ කැටෙත් තියනවා..එන් එස් බී හපන් ගිණුම.....ඒත් ඉතින්.....ලොකු කරදරයක් නම්....නොදිත් බෑනෙ.....ම්ම්ම්ම්ම්...

උ...උ....උදාන.....අ...අං...කල්...

ම්ම්ම්ම්....

මගෙ කලිසමේ බට්න් එක දාන යහපතාගෙ කනට පහත් උන මං හිමින් කතා කරනකොට එයා මා දිහා බැලුවා...මට ඕනා උනේ මගෙ කැටේ දෙන්නම් කියන්න ඒත් නලුවා ආයම කතා කරන්න ගත්තු හන්දා මට කතා කරන්න බැරි උනා.....

කෙල්ලගෙ අම්මට සල්ලි කීයක් දිලද....

එකක්....

ලක්ශයක්....??

ම්ම්ම්...

එතකොට ඒ අම්මට තාත්තාට දුව වටින්නෙ ලක්ශයයි.....

සංධීර්....

දෙකක් දෙන්නම් කියපන්....හෙට උසාවි යන්න ලැහැස්ති වෙන්න කියපන්...

සංධීර් ඒත්

ඇයි...දෙකක් මදීයි කියයිද...අද ලක්ශයක් දෙනවා අම්මා තාත්තා කට පියාගන්නවා ....එතකොට මූ හෙටත් ඇවිත් කෙලලා යන්න යනකොට තව කීයක් හරි හෙටත් දික් කරනවා ...කොහොම උනත් පලවෙනි පාර පැකින් කඩනකොට ඕන මඩමක ඔය ගාන තමයි දෙන්නෙ.....

.......

මු අදත් සල්ලි දෙනවා....අව්ලක් නෑ කියලා තේරෙනවා...හෙටත් දෙනවා ...බයට කටවහන් ඉන්නවා ...සතියක් යනකොට එන්න එන්න ගාන අඩු වෙනවා.....සති දෙකක් යනකොට බයට පලල් උන කකුල් පුරුද්දට පලල් වෙනවා ...අවසානෙදි තවත් ප්‍රොස් කෙනෙක්ට ඇදක් කොහෙ හරි මඩමක අලුතෙන් වෙන්වෙනවා....ඕකද වෙන්න ඕනෙ.....

නෑ...මං මේක අතාරින් නෑ.....මං දෙකක් දෙන්නම් කෙල්ලව ගේන්න කියපන්....තාත්තගෙ අඩිපාරෙන පුතා යන්නෙ...නෙ....

සංධීර් ලොකූ කතාවක් කියලා කට පියා ගත්තා .....තාත්තගෙ අඩිපාරෙනෙ පුතා යන්නෙ කියනකොට ඒ මූන අමුතු වෙලා කටහඩ බාල උනා.. .

උඹ තවමත් ඒකි ගැන හිතනවද ....

ඒ රොබින් කුරුල්ලා .....එයා සංදීර් ගාවට ගිහින් උරහිසට අත තිබ්බා .....සංධීර් අහක බලා ගත්තා .....

රොමේන්....ඒකි අද ජීවත් උන නම්...අපි කාටවත් හැරෙන්න බැරි ලෝයර් කෙනෙක්....

නිත්‍යා සෙල්වරාජම්....ලෝ ෆැකල්ටියෙ උන්න ටොප් ටෙන් වල උන්න කෙල්ලෙක්....පලවෙනි අවුරුද්ද ...ටොප්....දෙකත් ටොප්....හැබැයි ඒකිට බැරි උනා මම දාන ලෝගුව අදින්න.....ඒකිට බැරි උනා ගරු ස්වාමිනි මාගෙ සේවාදායකයා නිර්දෝශයි කියලා නඩුකාර හාමුදුරුවො ගාව කතා කරන්න...

මහපොළ වැටෙනකන් බලන් උන්න ඒකි ඒකෙනුත් රුපියල් සීයක් හරි ඉතුරු කෙරුවා .....තේ වතුකරේ මනිය ගහන,වෙලාවට නැගිටලා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරලා මෙහෙ ආවෙ පෙරකදෝරුවෙක් වෙන්ඩ...ඒත් ඒකිට උනෙ ඇල පාරෙ මැරිලා යන්ඩ....

ඒකට හේතුව මොකාද .....ආ රොමේන් .. 

ඒකිව රේප් කෙරුවෙ මොකාද .. 

ඒකිව අපෙන් උදුර ගත්තෙ මොකාද ....

ඔන්න ඔය ඇමතියම තමයි...

ලක්ශ තුනයි...තුන් ඈවරයි ....කෙල්ල හෙට විත්ති කූඩුවෙ ඉන්ඩ ඕනා එච්චරයි ....ඇත්ත බොරුව කරල හරි බොරුව ඇත්ත කරලා හරි ..ඌ අනිවාර්යයෙන්ම ඇතුලෙ ඉන්ඩ ඕනෙ.....එච්චරයි ...

🤓ජොබී නිදහා.....ස්ස්

🤓අග්ගියා එක්ක එන්නා....ම්

මේ ලමය බුජි.....ඔය ලමයිනුත් බුජියන්න ...

ජොබී...

Ferdeesha ❤️💚😘 ....

More Chapters