එයා මගෙ දිහා බලන් උන්නා..මං හිතන්නෙ එයාට තේරුනෙ නැද්ද කොහෙද අපේ අම්මගෙන් මල්ලි බබාව අරන් ගිහින් කියන එක.....අනේ....එයාට කවුරු හරි කියන්නකො...මල්ලි බබා නැති හන්දා ලොක්කම්මා අපිට බයිනවා කියලා ....
මම අත් දෙකෙම්ම කොන්ඩෙ ඇදගත්තා .....කතා කරගන්න ඕන කම ඕනවටත් වඩා තියනකොට එයා බැට් මෑන් කිව්ව හන්ද මට හිතුනෙම එයාට අනිවාර්යයෙන්ම මල්ලිව හොයා ගන්න පුලවන් වෙයි කියන එක වෙනකොට මම අත්දෙකෙම්ම මගෙ කන් දෙක පිහදැම්මා....
ඒක මගෙ හැටි .....මට දෙයක් කියාගන්න බැරිවෙනකොට ...ලොකු දුකක් වේදනවක්....ඉවසගන්න බැරි තරහවක් දැනෙනකොට මම කරන්නෙ ඔලුව වන වන අත් දෙකෙම්ම කන් දෙක පිහන එක....ඒක මහ විකාර දෙයක්...අනිත් මිනිස්සු කරන්නෙ මාව තරහ ගස්සවලා මම ඒ විදිහටන් වේදනාවෙන් මටම ගහගන්න හැටි බලාගන සතුටු වෙන එක.....උන් හිනා වෙනවා ..ඒත් උන් කවුරුත්ම දන්නෙ නෑ මම මගෙ පොඩිඔලුව වන වන මටම ගහගන්නකොට මට වේදනයි කියලා.....
මම දැගලුවා....මගෙ අත් දෙකෙම්ම කන් දෙකට ගහගත්තා .....එලියට දාගන්න බැරි වචන කට ඇතුලෙ ගොඩ ගැහෙනකොට මම දත් මිටි කෑවා...මාස් පුඩු වේගෙන් ඉහල පහල යන්න වගෙව්.අ අවසානෙදි ඇස් වලින් කදුලු වැටෙන්න ගන්නකොට එයා මාව තුරුල් කරගත්තා .....එයා මාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තා ....මම දගලපු හැටියට මගෙ අතින් එයාගෙ ගෙදර තිබුන ලස්සන වීදුරුවකුත් බිදිලා ගියා ..එතනි පස්සෙ තමා මම කෑ ගහන්න ගත්තෙ.....මට හිතුනෙම මම බින්දෙ ගෙදර වීදුරුවක් කියල වෙනකොට මම ගොත ගගහා ආය බිදින් නෑ ලොක්කම්මෙ..ගගා අඩන්න ගත්තා .....
මල්ලි බබාගෙන් පටන් ගත්තු වේදනාව ....ලොක්කම්ම.මගෙ ඔලුවට දෙන පීඩනෙත් එක්ක එලියට එනකොට එයා බය වෙලා සුදු බාප්පට කෑ ගැහුවා ...
බබී...බබී....කෝ..කෝ..මේ බලන්න..මේබලන්න...කවුරුත් ගහන් නෑ...කවුරුත් ගහන් නෑ.....නෙහාන්...නෙහාන්.....නෙහාන්...මෙහෙ වරෙන් යකො.....නෙහාන්.....
එ ..එපා...ල්ල්..ලොක්...ලොක්...ලොක්...අම්මෙ....අනේ...එපා....ගහ...න්...ඩ...එපා....කඩ..න්...නෑ....ආය ..ආ .ආ ...ආ...අය.....ආ ...අය...ක්ක්...කඩ...න්..නෑ.....ස්.....ස්...සමා....වෙ...න්ඩ..කෝ.....
මම ගොත ගැහුවා...එයාට තුරුල් වෙලා අඩ අඩ ගොත ගැහුවා...මල්ලිව ඉල්ලන්න්න ආව මම අවසානෙදි ගහන්ඩ එපා කියලා නොවදිනා වැදුම් වදිනකොට දුවගන ආව බාප්පා මාව එයාගෙන් උදුරලා වඩාගත්තා ...වඩාගන කන් දෙක අත් වලින් වහගන අඩන මගෙ ඔලුව අත ගගා අඩන්න එපා කිය කිය කියනකොට මං බලාගන අර නලුවා බය වෙලා වගේ බලන් ඉන්නවා....
යෙවීන්...යෙවීන්....සුදු පුතා...මේ ඉන්නෙ බාප්පා....මෙහෙ ලොක්කම්ම නෑ....මෙහෙ කවුරුත් නෑනේ.අනේනාඩා ඉදින්කො....උඹට ගහන්ඩ මෙහෙ කවුරුත් නෑ.....යෙවීන්...!!!
ලො...ක්..කම්මෙ...ආය.....ක්ක්...ක්ක්....ක්ක්....ක්ක්ක්...කඩ...න්..නෙ.....නෑ....ග්...ග් .ගහන්ඩ....එපා....
මමෛකි ගැහුවා ...බාප්පා මගෙ නම කියල යටිගිරියෙන් වගේ බෙරිහන් දෙනකොට මම මගෙ දැගලිල්ල ටිකෙන් ටික අඩු කරලා අවසානෙදි අත් දෙකෙම්ම කන් දෙක වහගන හිමින් හිමින් ඉකි ගගහා අඩන්න ගත්තා ...
වීදුරුවක්...නෑ...මගෙ අතින් පොඩි දෙයක් කැඩුනත් බිදුනත් මම පුදුමාකාර විදිහට බය උනා....මගෙ අට්ජින් බිදෙන වීදුරුවක් පිගානක් ගානෙම මම ලොක්කම්මගෙන් ගුටි කෑවා.....ගහන්ඩ එපා..සමාවෙන්ඩ කොය කිය පොඩි මම ගොත ගගහා කෑ ගැහුවා...අම්මා තාත්තා ගෙදර නැති දවස් කියන්නෙ මගෙ ජීවිතේ අපායක්ම වෙන දවස් වෙනකොට මල්ලි බබා අම්මා ගාවට ආව දා ඉදන් අම්මා හැම දාම දොස්ත්රලාව හම්බෙන්ඩ ගිය දාක මම කාමරෙ මුල්ලක ගුලි උනා.....
ලොක්කම්මගෙ ඇස් වලට මම හිටගත්තා උනත් වැරදි....ඉදගත්තා උනත් වැරදි....මම කෑවා බිව්වා නිදියෑවා උනත් වැරදි.....කියන්න දන්නෙ නෑ...මල්ලි බබා අම්මා ගාවට ආව දා ඉදලා එයා මට තවත් නපුරු කම් කෙරුවා .....මාව රිදෙව්වා.....අරුනි අක්කා පවා මට විහිලුකෙරුවා...මගෙ පොඩි හිත ඇතුලට හැමදාම මට නොතේරෙන කතා හුගාක් දැම්මා.....
මම බාප්පගෙ උරහිස උඩ ඔලුව තියා ගත්තා .....එයා මගෙ පිට අත ගගා යෙවීන්...අඩන්න එපා...යෙවීන්..බාප්පා ඉන්නවනෙ.....කිය කිය කියනකොට මම ආයම ඔලුව ඉස්සුවා.....මට බය හිතුනා නලුවා මා එක්ක තරහා වේවි කියලා ....මට බය හිතුනා...එයාගෙ වීදුරුව කැඩුවට මාමටත් දනගස්සවලා ගහයි කියලා ...මට බය හිතුනා ....මට ඉන්න එකම යාලුවත් මා එක්ක තරහා වෙයි කියලා ...මොකද....වීදුරු ගනන්ලු....අපිට කන්ඩ නෙවේලු වීදුරු තියෙන්නෙ. ..ලොක්කම්ම් හැමදාම බැන්නෙ ඔහොම....ඔක්කොම කාපන්...ඔක්කොම කාපන් කිය කිය බනින කොට මම හැම දාකම දැනගහගන මගෙ අත් දෙකෙන් කන් දෙක වහගන ගොත ගහගහා සමාව ගත්තා ....
දෙකට නවපු අමු පොල් කොලේ.....හනසු කෑල්ල...බූවලක කෝටුවක්....මම මගෙ ජීවිතෙ බයම දේවල් වෙනකොට මම සුදු බාප්පගෙ අතින් හිමිට බිමට බැහැගත්තා .....
නලුවා බලන් ඉන්නවා....
වීදුරු කටු හැම තැනම...
මගෙ ඇස් වල කදුලු පිරෙනවා.....
යෙ යෙ...යෙවීන්....ද්ද්...දැන ....ග්ග්....ගහ....න්ඩද .....
ඉකි ගහපු මම හරී අමාරුවෙන් ගොත ගැහුවා...මම එයාගෙන් ගොත ගගහා දනගහනද අහනකොට එයා බාප්පගෙ මූන දිහා බැලුවා .....
ඇයි ඔයා දනගහන්නෙ....
ස්ස්...ස්ස්.....සමාව ගන්ඩ..ද්ද්...දනග..හන්ඩ....ඔ...ඕනා..නේද...වීදුරු....ත්ත්...තියෙන්නෙ....අපි...ට....ක්ක්...කන්...ඩ...න්න්..නෙවේන්නේ....
.......
......
එයා කතා කෙරුවෙ නෑ ...එයා වත් බාප්පා වත් .දෙන්නගෙන් එක්කෙනෙක් වත් ...මම බාප්පා දිහා බැලුවා...එයා අත් දෙකම ඉනට ගහන් ඔලුව උස්සන් සිවිලිම දිහා බලන් උන්නා...මං දන්නවා ඒ බාප්පා එහෙම කරන්නෙ ඇයි කියලා...එයාට ඇඩෙන්න එන හැම වෙලේකම එයා කරන්නෙ සිවිලිම දිහා බලන එක...එතකොට ඇස්වලින් එන කදුලු පහලට එන්නෙ නෑලුනෙ ....එයා මටත් කියනවා.....ඇඩෙන්න ආවොත් ඉක්මනට උඩ බලාගන්න කියලා ....
බාප්පා අඩන්න යන්නෙ...එයා බය වෙලාද...නලුවා තරහ වෙයි කියලා.....මම එහෙම්ම ඉක්මනට දන ගහගත්තා ...
අ...අ...අනෙ.....යෙ..යෙ...යෙවීන්ට.....යෙ....වීන්ට.....ස්...ස්...සමාව...දෙන්න...ආ...ආය්....ආය...කඩ...න්නෙ...නෑනෙ.....බ්බ්...බ්බ්....බාප්පා....එක්...එක්...ක...තරහා.... වෙන්න....එ...එ....එපා...නෙ....
මම එයාට කිව්වා...එයාට තේරුනාද..නැද්ද කියන්න මම දන්නෙ නෑ.....මම සමාව ඉල්ල ඉල්ල එයාට කිව්වා.....බාප්පා එක්ක තරහා වෙන්න එපාය කියලා ...මම ගොත ගගහා....වචන එකතු කර කර කිව්වා සමා වෙන්න කියලා ....එයා දනගහන් උන්න මා දිහා බලලා උඩ බලන් ඉන්න බාප්පා දිහා බැලුවා.....එයා කතා කෙරුවෙ නෑ...එයා නෙවෙ වචනයක් වත් කතා කෙරුවෙ....එයා තරහ වෙලා...එයා බාප්පා එක්ක තරහ වෙලා....ලොක්කම්මා හරි....කැඩුනොත් හදන්ඩ බෑ ...ඒකයි එයා තරහා උනෙ.....
එයා ගියා....එයා මාවයි බාප්පවයි දාලා යන්න ගියා ....මම අත් දෙකෙම්ම කන් දෙක වහගන් සද්දෙ නෑහෙන්න ඇඩුවා...එක්කො අමේලිට කියන්ඩ ඕනා සනුකයට නැතිව මට මැරෙන්ඩ ගහන්ඩ කියලා...එතකොට ආය කවදාවත් ලොක්කම්මා මට ගහන්නෙ බනින් නෑනෙ.....එතකොට නලුවා බාප්ප එක්ක තරගා වෙන්නෙත් නෑනෙ....
යෙවීන්.....
මම උන්නෙ සද්දෙ නෑහෙන්න අඩ අඩ...බිදිලා ගියපු වීදුරුවෙ කටු හැම තැනම තියනකොට මට බාප්පගෙ කට හඩ වෙනුවට නලුවගෙ කටහඩ ඇහුනා.....මම බයෙන් බයෙන් ඔලුව ඉස්සුවා....මොකද මං දන්නවා...එයාගෙ අතේ තියෙන්නෙත් අමු පොල්කොලයක්...එක්කො හනස්සක්....බූවලු කෝටුවක්.....ගහන් නැතුව මූව හදන්ඩ බෑ කියලනෙ ලොක්කම්මා මට ගහන්නෙ.....
මම හිමීට ඇස් දෙක ඉස්සුවා....එයා ඉන්නවා.....එයාගෙ මූන නපුරු පාට වෙලා තිබුනා....පුදුමයි....එයගෙ අතේ පොල් කොලයක් තිබුන් නෑ...එයාගෙ අතෙ හනසු කෑල්ලක්වත් ගහන්න ගන්න මොකුත් තිබුන් නෑ....එයාගෙ අතේ තිබුනෙ වීදුරු..එකක් නෙවෙ දෙකතුනක්ම.....
සලාන්...
සන්තානම් මෑනියනේ....අනේ දෙයියනේ...මේ නලුවා මොකක්ද මේ කෙරුවෙ ....
මාව ගැස්සුනා...මාව ගැස්සිලා ගියා...එයා වගේ වගක් නැතුව අතේ තිබුන වීදුරු ටික ඔක්කොම බිමට අතෑරලා දැම්මා...ලොක්කම්මා දැක්කා නම්....
නැගිටින්න .....
එයා මට නැගිටින්න කිව්වා .....මං නැගිට්ටා .. හැබැයි බයෙන් බයෙන් .... එයා නැගිටපු මගෙ අත් දෙකට යටින් අත් දෙක දාලා උස්සලා වෙන තැනකින් තිබ්බා ....එයාගෙ මූනෙ තිබුන අර හිනාව නෑ....ඒ වෙනුවට එයා උන්නෙ රවාගන වගෙ....මං බිම බලාගත්තා ....
යෙවීන්.....
එයා මට කතා කෙරුවා ...හැබැයි මේ පාර නම් එයා කතා කෙරුවෙ හරි හිමීට....අපේ ලොක්කම්මා වගේ මරාගන කන්න හද විදිහට නෙවෙ....
කෝ මේ බලන්නකො.....
එයා මගෙ නිකටට අත තියලා හිමීට ඉස්සුවා....
යෙදීන්...දන්නවද...මිනිස්සු මේ හැම දෙම හදන්නෙ.....කැඩෙන්න බලාගන...වීදුරුවක් බිදුන් නැති උනෝතින් ...අලුතෙන් හදන වීදුරු ගන්නෙ කව්ද....ම්ම්ම්...ඇයි මිනිස්සු වීදුරු හදන්නෙ ආය.....කාලයක් යනකොට මේවා කැඩෙනවා...වීදුරු විතරක් නෙවෙ හැම එකම කැඩෙනවා...බිදෙනවා....අනික මමත් දැන් බින්ද හින්දා ආයම අලුතින් ගන්න වෙනවා....කැඩුනොත්නෙ ආය ගන්න පුලුවන් ...නේ....අනික මේවා කැඩෙනවමනෙ.....
ම්ම්ම්ම්....
මේ හැම දේම තියෙන්නෙ කැඩෙන්න බලන් හදන ඒවා....ඒ මොන දේ කැඩුනත්....මෙන්න මෙතන විතරක් බිදගන්න එපා....මොකද මේලෝකෙ කවූරුත් මෙව්වා හදන් නෑ.....තියෙන්නෙ එකම එකයි....ඒ ඔයා ගාව විතරමයි....වීදුරුවට වඩා මෙන්න මෙතන පරිස්සම් කරගන්න....වීදුරු බිදුනට රිදෙන් නෑ...මෙතන..මෙන්න මෙතන බිදුනොත්....රිදෙනවා .....චුට්ටක් නෙවෙ...ගොඩාක්....
ප්ප්....ප්ප්...පපුවද...
නෑ.....හිත....හදවත ....
එයා හරි හොදයි.....එයා මගෙ පපුවට අත තිබ්බා ...අත තියලා කිව්වා ...මෙන්න මෙතන නම් බිදගන්න එපා කියලා....වීදුරු බිදුනට රිදෙන් නෑලු....ඒත් මෙතන බිදුනම රිදෙනවලු....ඒත් ඉතින්....ලොක්කමට වීදුරු බිදුනම රිදෙනවනෙ.....එයා මගෙ ඔලුව අත ගෑවා....ඇති යාන්තන් ...එයා අපි එක්ක තරහ නෑ....මං බයෙ උන්නෙ....මගෙ ඔලුව අත ගාපු එයා පැත්තක.තිබුන බීම පෙට්ටියයි කේක් කෑල්ලයි ආයම මගෙ අතට දීලා කන්න කියලා හිනා උනා...හිනා වෙලා නැගිට්ටා ..
උඹලගෙ අම්මට තියෙන්නෙ වෙනස්ම ලෙවල් එකේ පිස්සුවක්...මට කියන්න තියෙන්නෙ එච්චරයි ....
නලුවා අත්තම්මට බනිනවා..බාප්පා අහන් ඉන්නවා..යෙවින් ඒ ඔක්කොම අහගන වෙඩින් කේක් කෑල්ල කන්න ගත්තා. ...අර උඩ තියන සුදු පාට ටිකට නම් මම ආස නෑ...ඒ ටික මම ඉස්සරහා දතෙන් ලෑටි ගෑවා...එක දතනෙ තියෙන්නෙ...අනිත් දත නෑනෙ....ලේනට දුන්නට අලුත් දතක් ගේන්න කියලා ඒකා ආවෙත් නෑනෙ ...මං හිතන්නෙ ලේනා ගාවත් දත් නැතුව ඇති....මටමනෙ වෙන්නෙ...ගිලිච්ච දිව ඇදලා ගන්න දොස්තර ගාව අඩුවක් නැ....ගැලවිච්ච දතට අලුත් එකක් ගෙනත් දෙන්න ලේනා ගාවත් දත් නෑ...
සංධීර්....
ම්න්....
මට තේරෙන්නෙ නෑ බන්.....අම්මා මොන මගුලක් කරන්ඩ හදනවද කියලා ...අම්මා හදන්නෙ ආයම පරන ගින්න අව්ලන්ඩ....
......
අම්මට හිතක් පපුවක් කියන දේ දෙන්ඩ දෙයියන්ට අමතක වෙලාද මන්දා ....
......
අවුරුදු ගානකට කලින් පත්තු කරපු ගින්නෙ දුම ආයම ගහන්ඩ යනවා කියලා මගෙ හිත ආයම කියනවා ....
මං උන්නෙ බීම එක උරව උරව...කකුල් දෙකෙ තිබුන සපත්තු දෙක තිබුනෙ බිම...සෝෆාව උඩ ඉදගන උන්න මං මෆෙ පාඩුවෙ කකුල් දෙකත් උඩට අරන් බාප්පගෙ ඵෝන් එකේ මං ආසම කාරුටූන් එක බැලුවා .....ඒකෙ බූරු පැටියා කියනවා ඔයා මකරෙක් මං බූරුවෙක් කියලා ....ඒ උනාට මං නම් කියන්නෙ බූරු පැටියට තිබුනෙ මකරි එක්ක යාලුවෙන්ඩ.....බාප්පා නලුවා එක්ක මොන මොනවදෝ කියවනකොට මං බලාගන නලුවා සද්ද බද්ද නැතිව අහන් ඉන්නවා...සැරින් සැරෙම මා දිහාත් බලනවා...මං නම් එයා මා දිහා බලපු හැම වෙලේම හිනා උනා..නලුවෙක්නෙ...හිනා නොවී කොහොමද ...අපරාදෙ...පොතක් වත් අරන් ආවා නම් අත්සනක් වත් ගහන් යන්න තිබ්බා.....එයාලා තව ප්රසිද්ද උනාම අල්ලන්න හරි අමාරුයිනෙ...
උඹලගෙ අම්මගෙ වැඩ වලින් තැලෙන්නෙ වෙන කවුරුත් නෙවෙ....අර ළමයා.....ඒ මනුස්සයා උඹට ජීවත් වෙන්ඩ දුන්නෙත් නෑ....මට තේරෙන්නෙ නෑ...
කොටිම්ම කියනවා නම්...අම්මයි අක්කයි මාව කෑවා.....එච්චරයි කෙරුවෙ ...ඒකි කොහෙ ඉන්නවද...කොහෙ ගියාද උන්න්ද මැරුනද වත් දන්නෙ නෑ.....ඒ දේවල් වෙලත් අවුරුදු ගානක් වෙනවා...අදටත් ..තවමත් ඔව්වා හාර අවුස්සනවා...අයියා කොහොම හරි ඌට ඕන එක කරගත්තා ...ඒත් එහෙමයි කියලා ඌට හරි ගියෙත් නෑ...ගෑනිගෙ විලිරුදාව යන්න කලින් අම්මා අයියගෙ ඔලුවට තව විසබීජ දානවා.....
.......
.බලපන් සංධීර්...අක්ක ඉස්පිරිතාලෙ ඉදන් එන්න කලින් අම්මා අර පෙරකදෝරුවට කතා කරලා කසාදෙ කටුගාවලා දාලා වෙන එකක් කරගස්ස්වන්න හදයි.....
මම කාර්ටූන් එක බල බල බාප්පා දිහා බැලුවා.....කටු ගාවන්න හදනවලු...මොකකක්ද දන්නෙ නෑ....නලුවත් උන්නෙ නලල අතකින් මිරිකගන මං හිතන්නෙ නලුවවද කොහෙද කටු ගාවන්න යන්නෙ ..පව්...
උඹලගෙ අම්මා ගැන කතා කරල තේරුමක් නෑ....උඹලගෙ තාත්තව නම් පෙරේදත් හම්බුනා....කුඩම්මා එක්ක.....මා එක්කත් කතා කරලා ගියේ ඒ මනුස්සයා ....
කුඩම්මා හොදයි බන්....කරුමෙ කියන්නෙ අම්මා කුඩම්ම වෙලා කුඩම්මා අම්මා වෙලා තියෙන්නෙ දැන් .....
.කුඩම්මා ගැන කියවනවා ...කාගෙ කුඩම්මද....තවත් අලුත් අම්ම්ක්ද ....ආ....නෑ...නෑ..හරි..හරි....ඔය කියන්නෙ අපේ ලොකු තාත්තගෙ සුදු අම්මා ගැන....අම්මො අනේ...එයා නම් හරිම හොදයි...මාව ලොකු තාත්තා හොරෙන් එහෙ එක්කන් ගිහින් තියනවනෙ...අපිට ඉතින් ලොකු තාත්තා එක්ක කතා අරන එකත් ලොක්කම්ම තහනම් කරලනෙ....සුදු අම්මා හරි හොදයි අප්පා.....එයා නම් මම එහෙ ගියහම කඩචෝරු අනම් මනම් හොදට ගිල්ලනවා.....අපෙ ලොකු අම්මා වගේ නම් නෙවෙ.....ඒත් ඉතින් අපේ ලොකු තාත්තට එන්න බෑනෙ.....
කාටුන් එක බල බල උන්නට මම ඒ දෙන්නගෙ කතාවට කන් දාන හන්දා කියන කතාව මොකක්ද කියලා හරියටම හොයා ගන්න බැරි උනත් ඇහෙන වචනෙට දෙකට මම මොකක් හරි කතාවක් ගොතා ගත්තා ...
.ඕන මගුලක් කරන්ඩ කියපන් ඔය ලමයව අනාත නොකර....උඹලගෙ අම්මා දාන් ඉන්නෙ තනිකරම වෙස් මූනක්.....ඕකෙ හැටි දන්නෙ ගෙදර උන් විතරනෙ...ඒකනෙ කරුමෙ කියන්නෙ...වෙන උන් දන්නෙ නෑ.....පවුලක් පන්සලක් උනාම ගෑනුට දරුවන්ට පාඩුවෙ ජීවත් වෙන් ඉඩ දීලා පැත්තකට වෙන්න ඕනා....අම්මගෙ රෙද්ද අස්සෙ හැමදාම දාන් උන්නම උන්ට ජීවිතයක් නැද්ද ....උඹලගෙ අම්මගෙ නැන්දම්මත් සැලකුවෙ එහෙම වෙන්ඩ ඇති එක්කො...අම්මා තාත්තව අතාරින්ඩ කියනවා නෙවෙ...ඒත්.පවුලක් උනාම අම්මා තාත්තා උනත් දැනගන්ඩ ඕනනෙ උන්ගෙ ජීවිතේට ඇගිලි නොගහා ඉන්ඩ...
මම ආයම හැරිලා බැලුවා...නලුවට නම් හොදටම තරහා ගිහින් වගෙ...එයා බනිනවා...කාට බනිනවදෝ මන්දා ..කොහෙද ඇහෙන්නෙත් නෑනෙ ....එතනට යන්නත් බෑනෙ....බාප්පා කිව්වනෙ ලොකු අයගෙ කතා මැදට පොඩි අය එන්න හොද නෑ කියලා ..... ..
මේ එනවා...මේ එනවා.....බෙල් එක කඩන්ඩ හදනවා.....
මම උන්නෙ ශ්රෙක් රාජ කුමාරිව බේර ගන්න තැන....එක දිගට ගහපු දොර බෙල් එකේ සද්දෙ එක්ක බාප්පා ගාව කුටු කුටු ගගා උන්න නලුවා නොන්ඩි ගගහා බැන බැන දොර අරින්න ගියා...මං හිතන්නෙ එයාගෙ කකුල හිරි වැටිලද කොහෙද .....ගෙදර යනකොට තමා බාප්පගෙන් අහන්ඩ වෙන්නෙ කව්ද අම්මගෙ රෙද්ද අස්සෙ රිංගන් ඉන්නෙ කියලා ....සුදු අම්මද දන්නෙ නෑ...අනිත් එක හොදට ඉන්න නලුවව ඇයි කටු ගාන්නෙ කියලා .....එයාව කටු ගෑවොත් රෑට පියාඹන්න යන්නෙ බාප්පද නෑනෙ ...
මොකද අනේ දොර කඩන්ඩ යන්නෙ.....එක පාරක් ගැහුවම එනවා කියන්ඩ දන්නෙ නැද්ද ...
එක පාරට වඩා ගහන්නෙ තමුසෙ ඔය ගුබ්බෑයම අස්සට රිංග ගත්තාම් ආය.එලියට ගන්ඩ සුවද දුම් ගහන්ඩ ඕනා හින්දා ඒකයි...
යෝ....හ්..මේ කාර්ටුන් එක මට බලන්න වෙන්නෙ නැනෙ....දැන් ආයම කව්ද ඇවිල්ලා . ..මම ඵෝන් එක පැත්තකට දාලා බාප්ප ගාවට ගියා....නලුවව බලන්න කව්ද ඇවිල්ලා....සමහර විට පෑන් කෙනෙක් වෙන්න ඇති....
බ්බ්..බ්...බාප්පෙ....
ම්ම්....
ක්ක්...ක්ක්...කව්ද....ඒ...
.එයාගෙ අක්කා...ඔයාගෙ යාලුවලු නේද අමේලි....අන්න එයාගෙ අම්මා.....
ම්ම්ම්...
එ ඇවිත් ඉන්නෙ මගෙ යාලුවගෙ අම්මලු...එයත් මහතයි...අමේලි වගේමයි ...නලුව නම් මහත නෑ....නලුවන්ට මහත් වෙන්න බෑනෙ.....
මන් බලන් උන්නා....අමේලිගෙ අම්මා මොනවදෝ අරන් ඇවිත් තිබුනා....එයා ඒකත් අරගන ඇතුලට එනකොට නලුව ඇවිත් ආයම අපි ගාවින් ඉදගත්තා ...හැබැයි එයාගෙ මූන නම් නරක් වෙලා...
ආ..මේ ඇවිත් ඉන්නෙ අනිත් එක....තමුන්ලා දෙන්නටම තනිකන් දෝසෙ.....
අමේලිගෙ අම්මා අපෙ බාප්පගෙ ඔලුවට ඇන්නා.....ඇයි දන්නෙ නෑ...විහිලුවට වෙන්න ඇතිනෙ.....එයා ගෙනාව මල්ල මේස උඩින් තියලා ආයම අපි ගාවට ආව....
නෙහන්....
ඇයි....
දැන් තමුනුත් ඔය විදිහට ඉන්ඩද කල්පනාව.....
කොයි විදිහට ....
ඔය විදිහට ....පවුලක් පන්සලක් නොවි...මේ අපේ එකා වගේ.....
මෙ විදිහ හොදයි ඔය පවුල් පන්සල් වෙච්චහම ඔක්කොටම හපන්....
ඔය කිව්වෙ.....ඔය කිව්වෙ නාකි උනහම උඹලට වතුර උගුරක් වත් දෙන්ඩ ඉන්නෙ කව්ද නෙහාන්...මේකට දැන් කවද ඉදලද කියන්නෙ අර කෙල්ලව බලන්ඩ යන්ඩ ලෑස්ති වෙන්ඩ කියලා...මල්ලි....මට හැමදාම තමුසෙව බේරන්ඩ බැ.....මේ පාර යන්ඩ ලෑස්තු වෙනවා...අපිට හැමදාම බත් ඇද ඇද ඉන්ඩ බෑ....
එයා බනිනවා...නලුවට දිගට හරහට...ඒ උනාට නලුවෙක්ට එහෙම බනින එක අසාදාරනයි .....මම නලුව දිහා බැලුවා....එයා ඉන්නවා.....ඇස් දෙකත් හීනි කරන් ඇහි බැමත් අකුලන්.....
දැන් බදින්න ඕනා වතුර උගුරක් බොන්න බලාගනද අක්කා....?මං දැන් බදින්න ඕනා බත් උයවගන්න බලාගනද අක්කා.....?මොන.මගුලටද මම වතුර උගුරක් බොන්න බලන් බදින්නෙ....
සංධීර්.....
මම ඕක බලන්න එන්නෙ නෑ...මං කිව්වනෙ..මට ඕන කසාදෙකුත් නෑ....මට මෙ ගෙවන ජීවිතෙ බොහෝම නිදහස්....මම කවදා හරි බදින්නෙ මගෙ හිතට හරියන කෙනාව...එතකන් මගෙ ඔලුව නොකා ඉන්න කියනවා....
දැන් උඹ ඔය කතාව අවුරුදු කීයක ඉදන්ද කියන්නෙ.....කෝ....උඹට හරියන එකා කොහෙද ඉන්නෙ කියපන්.....
මං දන්නෙ නෑ....හම්බෙයිනෙ .එතකන් ඉන්නවා....සමජර විට ඉපදිලත් නැතුව ඇති....
මල්ලි.....
ඇයි මොකද.....මට දෙන්න තියෙන්නෙ ඔය උත්තරේ තමයි අක්කා.....මට බදින්න ගගා බල කරන්නත් එපා....මට හදිස්සි කරන්නත් එපා...බැන්දට පස්සෙ වෙන දේවල් දරා ගන්න ඕනා මම...බැන්දට පස්සෙ වෙන දේවල් වලට මූන දෙන්න ඕනා මම....මෙ ලෝකෙ බැදපු නැති එකම.එකා මම නෙවෙනෙ.....අනික.....බැන්දත් මැරෙනවා..නොබැන්දත් මැරෙනවා....මට හරියන එකෙක් මේ ලෝකෙ කොහෙ හරි ඇතිනෙ.....අන්න ඒකව හම්බුන දාට මං බදින්නම්.....දැන් ගෙනාව දෙවල් තියල ගෙදර යනවා....අම්මට කියනවා පත්තර වල තියන මංගල දැන්වීම් වල ඉන්න හැම ගෑනීටම මගෙ ඵොටො දෙන්න එපාය කියලා ....
උඹම කියපන් මල්ලි.....උඹම කියපන් ඔව්වා...
ම්න්.....
කිව්වත් වගෙ මුගෙ එකා තාම ඉපදිලා නැද්ද දන්නෙ නෑනෙ අක්කා...කව්ද දන්නෙ....මූටත් ඔයවික්ටර් රත්නායක වගේ අවුරුදු හැත්තා ගානෙන් බදින්න උනොත් .....
හැත්තා ගානෙන් බැදගන්ඩ කියපන්.....මුක්කු ගහන්ඩ බලාගන...මට මෙතන ළමයෙක් ඉන්න හන්දා කියන්න බෑ නැත්තන් මං කියනවා....මන් යනවා...උඹලා දෙන්නා ඕන මගුලක් කරගනින්....අවසානෙදි බදින්න එකෙක් උන්නෙ නැත්තන් අම්මට කියලා උඹලා.දෙන්නව තමයි බන්දන්න වෙන්නෙ .....
නරක නෑ....අම්මට ලේලියෙක්ම ඕන නෑනෙ....බෑනෙක් ගෙනත් දෙන්ඩද අහපන්කො...නේද බබී
මල්ලි.....
මට තේරේන්නෙ නෑ....ඒ.තුන් දෙනා ගෑනු ගැන කසාද ගැන හුගාක් කතාකෙරුවා ...අවසානෙදි නලුවා මගෙ කම්මුල මිරිකලා බෑනෙක් ගෙනත් දෙන්ඩද ඇහුවා .....අනේ මන්දා....එයාට ඕනේ බෑනෙක් නම් අපිට එපා කියන්ඩ බෑනෙ....නලුවෙක් නෙ....ඔන්න ඔහෙ හා කියල කියමු නේ.....
හ්හ්....හා....බ්බ්....බෑ..නෙක්....ග්ග්...ග්ගේමු...නේ...
🙂ආයම කොටසකින් එන්නාම්ම්ම්.....
සෑට අග්ගියා එක්ක එන්නාම්....
මම...
Ferdeesha ❤️💚😘 ...