Cherreads

Chapter 2 - 02

එයාගෙ මාමා එයාට යන්නෙ නැහැ ප්‍රොමිස් කියලා හිනා වෙලා එයාගෙ සාක්කුවට අත දැම්මා.....

ආ..එකක්...අමේලිට ...එකක්...අප අමේලිගෙ යෙවීන්ට....

ඉක්කෙ...මේ මාමා...එයා කිව්වනෙ අමේලිගෙ යෙවීන්ට කියලා ....හරි වැඩේ තාත්තට ඇහුන නම්...තාත්තට නම් කියන්න පුලුවන් අමේලි යාලුවෙක් කියලා ...ඒත් වෙන කාටහරි ඇහුන නම්...අපි දෙන්නව ජෝඩු කරයි....

මාව රතු උනා...එයාගේ මාමා....නිකන් නෙවෙ...එයාගේ මාමා නලුවෙක් වගේ.....හරි ලස්සන මාමා..කෙනෙක්...එයා සාක්කුවෙන් අරන් ටොපි දෙකක් දුන්නා...අනෙ ඒවා මෙහෙ තියන ටොපිත් නෙවේ...දෙයියනේ....රත්තරන් පාට කොල වල ඔතපු රට ටොපි....මං හිතන්නෙ මෙයාගෙ මාමා රට මාමෙක්ද කොහෙද .....එයා එකක් අමේලිට දීලා...අනික මට දුන්නා...හරි හොදයි අප්පා....

එයා මට අමේලිව ජෝඩු කෙරුවා උනත් තාත්තා දිහා බලලා රට මාමට ගොත ගගහා තැන්කිව් කිව්වා...

ත්...ත්....තැ...න්...ක්ක්...කිව්....

එච්චරයි එයා අපේ තාත්තා එක්කත් හිනා වෙලා ලොකුම ලොකු කලුපාට බයික් එකක් ගාවට ගිහින් හිටගන්නකොට ඇත්තටම මට මගෙ අලුත් යාලුවගෙන් අහන්න හිතුනා ඔයාලගෙ මාමා ටීවි වල ඉන්න මාමෙක්ද කියලා ...ඒත් ඉතින් එහෙම කතා කරන්න ගත්තම දිගටම කතා කරන්න වෙනවනෙ... දිගටම කතා කරන්න ගත්තම මටත් අමාරුයිනෙ...මම ආයම අපේ තාත්තා දිහා බලලා තාත්තා එක්කම එයාවත් එක්කන් අපේ පන්තියට ආවා. ...

යෙවීන්....තාත්තා එක්ක යන්න එනකන් කොහෙවත් යන්න එපා....තේරුනාද ...පාරෙ තනියම එන්නත් එපා අද ඉරිදා මිනිස්සු පාරෙ පුරාවටම යනවා තේරුනාද...

ම්ම්ම්...

තාත්තා හැමදාම ඔහොමයි....එක්කන් යන්න එනකන් කොහේවත්‍ යන්න එපා කියනවා ..අපේ තාත්තට ඉතින් හරියට වැඩ තියනවනෙ ...අනික...යෙවීන්ගෙ තාත්තට කෑම හදන එකක් තියනවනෙ අර කේටරින් සර්වීස් කියන්න ඒකක්...මම නම් ඔය ලොකු නම් කියන්ඩ යන්නෙ නෑ...ඔව්වා කියන්ඩ බෑනෙ...අමාරුයිනෙ .....අනික..කෙ...කෙ...ගානකොට අනිත් අය වෙන වෙන නම් හිතාගනත් ඉවරයි.....

ආ....ගොත යෙවීන් ....

මේ ..අඩේ..අඩේ...මේහ්...මෙන්න අඩෙ...අතිනුත් අල්ලන්.....ගොත යෙවීන්ට කෙල්ලො යාලුවෙක් හම්බෙලා.... .මේහ්....මේ...

ඇයි මොකද ...ඊහ්.....ඊහ් ....එපා අල්ලන්ඩ මගෙ යාලුවව...මෙ මගෙ යාලුවා ...මාමා කිව්වා අමේලිගෙ යෙවීන් කියලා .....

මං පුදුම උනා ...මං ඇත්තටම පුදුම උනා ....රට මාමා ගෙනල්ල දුන්න යාලුවා මාව අල්ලන්න ආව කොල්ලව තල්ලු කෙරුවා ...අම්මො අනෙ..මෙයා හරි වසයි වගෙ....හොද වැඩෙ...ආය නම් මේ කොල්ලා මගෙ කෑම එක උදුරන්ඩ එන එකකුත් නෑ ....

මං අමේලි දිහා බැලුවා එයා හිනා උනා...එයා ජපන් බබෙක් වගෙ...හිනා වෙනකොට අර බෝලා කම්මුල් වලට ඇස් වැහෙනවා ....සමහර විට මෙච්චර මහත යාලුවෙක්ව මට එව්වෙ ජේසු වෙන්නත් පුලුවන් ...නැත්තන් යෙවීන්ට වෙන්නෙ හැමදාම ගුටි කන්නනෙ....

ඔයාට මන් ඉන්නවනෙ ....ඔයාට මං රහසක් කියන්ද යෙවීන් .....

එයා කතා කෙරුවා ...ඒයාම කිව්වා මට එය ඉන්නවනෙ කියලා ...ඇත්ත තමයි....අම්මා කිව්වා හරි...ජේසු අපි හැමෝටම යාලුවො දෙනවා කිව්වා නොදී ඉන්නෙ නෑ කිව්වා...යෙවීන්ටත් දෙනවා කිව්ව...යෙවීන් මේ පාර හැපි ටූටූ එක දවසෙත් ඉල්ලුවෙ යාලුවෙක්ව නෙ....තනියම ඉදලත් පාලුයිනෙ....

එයා මට රහසක් කියන්නද ඇහුවා..... ඇත්ත නේන්නම්...යාලුවො උනාම රහස් කියනවනෙ.....ඔය හැමෝම මට ගොතයා කියලා මට පේන්නම රහස් කියන්නෙ...

එයා මගෙන් රහසක් කියන්නද අහනකොට මම ඔලුව වැනුවා...එයා නම් හරි හොදයි වගේ මට කතා කරන්න කිව්වෙත් නෑ..එයාම කතා කරලා මගෙ ලගට ඇවිත් මගෙ කන් දෙක එයාගෙ අත් දෙකෙන් වහගත්තා ....ඊ...කිචිත් එක්ක අප්පා.....

අපේ මාමි කිව්වා කවුරු හරි ගැහුවොත් ගහන්ඩ කියලා...හැබැයි මාමිව නම් අල්ලන්ඩ එපා කිව්වා....ගැහුවට කමක් නෑ කිව්වා...ලොකූවට ගැහුවොත් කියන්ඩ කිව්වා මාමි බලාගන්නම් කියලා.....

හී....හ්....එයාගෙ මාමා...එයාගෙ මාමා කිව්වලු ගැහුවොත් ගහන්ඩ කියලා .....එයාගෙ මමා බලාගන්නම් කියලත් කිව්වලු...ඔය...මං කිව්වෙ...මං...කිව්වෙ...එයාගෙ මාමා නලුවෙක් තමා....එයාගෙ මාමා බැට් මෑන් වෙන්න ඇති....දැක්කනෙ...කලු පොරවන් ඇවිත් තිබුනා.....අනේ ..එයාගෙ මාමා එහෙනම් බැට් මෑන්ම තමයි....ඒකනෙ අර ලොකු කලු බයික් එකකුත් තිබ්බෙ...එහෙනම් ඒක තමා....එයා බැට්මෑන්.....

කො...ළමයි ....හැමෝම ඇතුලට එන්න.....යෙවීන්...එන්න ... අලුත් එක්කෙනා...එන්න ඇතුලට.....

අපේ ටීචර් .....අපේ පන්තියෙ උගන්නන ටීචර් එයා අපි හැමෝටම ඇතුලට එන්න කියනකොට මම මගෙ තැනට ගියා .හැබැයි අමෙලිව ටීචර් ගාවට ගත්තා එයා දැන් අපි හැමෝටම ඇහෙන්න නම කියන්න එපැයිනෙ ...පන්තියෙම ළමයි බලන් උන්නා....එයා නම් කලින් ඇඩුවද කියලා හොයන්නත් බෑ...එයා මාමව හෙව්වෙත් නෑ....අමතක වෙන්න ඇති.....

ළමයි...ඔන්න අද ඉදන් අපිට තවත් යාලුවෙක් එකතු වෙනවා...හැමෝටම ඇහෙන්න නම කියන්න බලන්න.....

ටිචර් එයාගෙ බෝල උරහිස් දෙකෙන් අල්ලගන නම කියන්න කියනකොට එයා මා දිහාත් බලලා ටීචර් දිහාත් බලලා...පොල්ගස් දෙකක් වගේ බැදන් උන්න කොන්ඩෙත් පොඩ්ඩක් ගැසුවා....

අමේලි...

අමේලි....අමේලි විතරද....

අමෙලි...මිරැන්ඩා...

ඔන්න ඇහුනනෙ....අමේලි මිරැන්ඩා....ඔන්න...අලුත් යාලුවගෙ නම අමේලි මිරැන්ඩා.....

අමේලි මැරෙන්ඩා.....හූ....එයාගෙ නම....අමේලි මැරෙන්ඩලු....

සනුක.....මම කියලා තියනවා නේද ....

මම පිටිපස්ස බැලුවා....මට ගොත යෙවීන් කියපු එකා...ඒකා නම් මහ එපා කරපු එකෙක්...එයා අමේලිට මැරෙන්ඩ කිව්වා..හරි නපුරු ළමයෙක් තමයි....මම අමෙලි දිහා බැලුව..පව්...දුක හිතුනද දන්නෙ නෑ...එයා මගෙ ගාවට ආවා....කොහේවත්ම නොයා මගෙ ගාවට ආවා..ජපන් බෝනික්කෙක් වගේ උන්නට අනෙ එයාට තරහා යනවද කොහෙද .....එයා සැරින් සැරේම සනුක දිහා බැලුවා .....

ඔන්න බලන්නකො යෙවීන් මන් ඔය කොල්ලට ගහනවා අද මැරෙන්ඩ...

එ..එ ....එ...පා.නෙ...එත්.....මා...මා....ක්ක්..කිව්වෙ...ග්ග්..ග...හ්න්ඩ...ක්ක්...

මමා කිව්වෙ ගහන්ඩ කියල විතරක් උනාට..මං ගහනවා මැරෙන්ඩ...

එයා මට වචනෙ සම්පූර්න කරන්න දුන්නෙත් නෑ....එයා කිව්වනෙ සනුකයව මරනවා කියලා ...එයා මැරෙන්ඩ ගැහුවොතින් අපේ නත්තල් නාට්ටියෙ හරකට ඉන්නෙ කව්ද....?එක්කො එයාට කියන්න ඕනා සනුකට මැරෙන්ඩ ගහන්ඩ එපා අපිට හරකෙක් නැති වෙයි කියලා.....

මම කල්පනා කෙරුවා...එයාගෙ මාමා දුන්න අර රට ටොපියත් කාටත් හොරාවට සූප්පු කර කර මම කල්පනා කරනකොට ටීච මොන මොනවදො කියලා පන්තියට ගෙනත් තිබ්බ පොඩි කැසට් එක දැම්මා...දැන් ඉතින් තියෙන්නෙ නටන්න..මේ දවස් වල උගන්නන්නෙ නෑනෙ....නත්තල් කොන්සර්ට් එකට පුරුදු වෙන එකනෙ තියෙන්නෙ....අපෝ....ආජිතපර ලාහිලා....බීජි තපර ලාහිලා...එකට නටන්න තියෙන්නෙ.....මට නම් ලැජ්ජත් එක්ක....තව නත්තල් සින්දුවක් කියන්නත් තියනවා...ඒකනම් කමක් නෑ...මට නම් කොලේ බලන් මුනු මුනු ගාන්න නෙ තියෙන්නෙ...මුතු මුතු පිනි කැට පොලට වැටෙන වෙලේ...අනේ එක නම් ලස්සනයි ..ඒකට නම් නටන්න පුලුවන් .....ඒ උනාට මට නටන්න යාලුවෙක් නැති හින්දා මම හැංගුනා...ටීචත් එච්චර බලකලේ නෑ...නාට්ටියෙ නම් ඉන්නෙ ගහකට හින්දා ඒකට මට පුරුදු වෙන්න දේකුත් තිබ්බෙ නෑ ....

මම ඔහෙ කල්පනා කෙරුවා .....ආජි තපරෙ පටන් ගත්තා....අනිත් උන් නටන්න ගත්තා ....මම හොරා වගේ පස්ස ගහනකොට ටීචර් මාව අරගන අමේලිවත් ගත්තා.....දැන් ඉතින් නටන්නම වෙනවා....

ආජි තපර ලාහිලා...

බීජි තපර ලාහිලා...

ආජි තපර

බීජි තපර

ඩිස්කො ඩිස්කො ලාහිලා...

කෙල්ලො කොල්ලො කැරකි කැරකි නටනවා..එකෙක් එක අතකට කැරකෙනකොට තව එකෙක් තව අතකට කැරකෙනවා..... අපිට ඉතින් ඔය එක විදිහටම කරලා පුරුදු නෑනෙ....ටීචත් කෑ ගහනවා එක පැත්තට කැරකෙන්ඩ කියලා ...එක පාරම සනුකයා හයියෙන් කෑ ගැහුවා...ඒ ටිකකින් බලනකොට සනුකයා බිම උන්න..අමේලි මාවත් ඇදන් ආයම වටයක් කැරකුනා....

ඇති යාන්‍තනන්....එයා මැරෙන්ඩ ගහලා නෑ...!!

අපි නැටුවා.....වැටුන සනුකයා මොකද උනේ නොදැන ආයම නැගිටලා නැටුවා...

අද මං හිනා උනා....අද නම්මගෙ කෑම පෙට්ටිය අස්සට වෙන කෙනෙක්ගෙ කෑම පංගුවක් වැටුනා....අමේලිගෙ....එයා චොකලට් ගාපු පාන් ගෙනල්ලා...වෙනදට මගෙ කෑම එක උදුරගන්න එන සනුකයට අද අමේලි ඉන්න හන්දා එන්න බැරි වෙනකොට මම අද බිත්තරෙන් බාගයක් කාලා ඉතුරු බාගෙ අමේලිට දුන්නා...

අනේ...ඇත්තටම ජේසුට හුගාක් ඉස්තූතියි ...කෙල්ලෙක් උනත් යෙවීන්ට අලුත් යාලුවෙක් දුන්නට .....එයා හින්දා මම.අද හිනා උනා...බඩ පිරෙන්න කෑවා...ඒ විතරක් නෙවෙ ..තනියම නට නට උන්න මට නටන්නත් යාලුවෙක් හම්බුනා...ඒ විතරකුත් නෙවෙ...නත්තල් නාට්ටියෙ තනියෙන් හිටපු ගහ ගාවින් මලකුත් පිපුනා.....ඔව්...එයා කිව්වා එයා ආස මලකට කියලා ...දැන් මට තනි නෑ...කොන්සර්ට් එකට එන්න බෑ කියලා කියන්න හිතුනෙත් නෑ...එයා මට ඉස්ටිකර් කාර්ඩ් එකකුත් දුන්නා....ඒවා රට ඒවලු...එයාලා හිටියෙ වෙන රටකලු.....ඒ කොහොම උනත්...වෙනදා වගේ මූන රතු කරන්...අඩලා ඇස් රතුන් කරන්.....හිත රිදවගන යනවට වඩා මට මේ මහත කෙල්ල හිනාවක්.අරන් ආවා....

යෙවීන්ට සතුටුයි ගොඩක්.....

ඔය විදිහට වෙලාව ගියා.....ටීචර් කිව්වා ලබන සතියෙ එනකොට යාලුවට දෙන්න නත්තල් කාර්ඩ් එකක් හදන් එන්න කියලා ....හැන් ඉතින් එයාට දෙන්න නත්තල් කාර්ඩ් එකක් හදන්න එපැයිනෙ....ඒත් ඉතින් එයා ආස පාට මොකක්ද දන්නෙ නෑනෙ.....

මම එයා දිහා බැලුවා....

අ...අ....

මම බෙල්ල ඇල කෙරුවා .....ඇස් දෙක චුට්ටක් හීනි කෙරුවා ...කතා කරන වාරයක් ගානෙම මටත් නොදැනි මගෙ ඔලුව චුට්ටක් හෙළ වෙනවා....කතා කරන්න කලින් මම හැම වෙලේම කෙරුවෙ කතා කරන වචන ටික මගෙ හිතින් පිලිවලකට හරි ගස්සපු එක...නැත්තන් මට කතා කරගන්න බැරි වෙනවා ...

....අ..අ..අමේලි....ඔ..ඔයා ....ආස...ප්ප්...ප්...පාට මොක්...ක්ක්ක්...කක්ද...?

මම ගොත ගගගා එයාගෙන් පාට අහනකොට එයා මගෙ දිහා බලන් උන්නා ....එයාට මං කියපු දේ තේරුන් නැද්ද දන්නෙ නෑ ...මට හුස්මක් පිට උනා...කොහෙ තේරෙන්නද.....මම එකම අකුර හැට පාරක් කියනවනෙ .....

දම් පාට.....මං ආස දම් පාටට...

එයා පාට කිව්වා .....එයා ආසම දම් පාට කිව්වා ...ඒ විතරක් නෙව්වෙ එයා මගෙනුත් ඇහුවා ....ඒත් ඉතින්...මම ආස ඔය එක එක පාටට නෙවෙනේ...කලු පාටටනෙ...ඒත් කලු පාටින් නත්තල් කාර්ඩ් හැදුවම කැතයිනෙ.... 

ක්...ක්..කො...ළ්...

කොල පාටද?.

ම්ම්ම්...

මන් බොරුවක් කිව්වා....මට හිතුනා කලු පාට කැත වෙයි කියලා ...අවසානෙදි මං මගෙ යාලුවට බොරුවක් කියලා හේසුගෙන් සමාව ඉල්ලුවා ....

දහම් පාසල ඉවර උනා ....පැය දෙක තුනකට පස්සෙ දහම් පාසල ඉවර උනා...වෙනදට මට නිකනුත් ගගන් යන සනුකයා අද හොරෙක් වගෙ ලෙස්සන් යනකොට මං අමේලි එක්ක උන්නා ...

මාමී....

අමේලි කෑ ගැහුවා .....ළමයි ගොඩෙන් එයාගෙ අර ලස්සන මාමා එනකොට එයා කෑ ගැහුවා ....එයා ආයම කලු පාට සූට් එකක් ඇදලා...සමහර විට එයාගෙත් ආසම පාට කලු වෙන්න ඇති...නැත්තන් කලු අදින්නෙ.....

එයා මාවත් ඇදගනම එයාගෙ මාමා ගාවට දිව්වා....දැන් ඉතින් එයා යයි....ඒත් ඉතින් යෙවීන් යන්නෙ කොහොමද තාත්තා තවම ඇවිත් නෑනෙ....

මාමි...මන්...අද කොල්ලෙක් තල්ලු කෙරුවා ....

ආ ..එ ඇයි....

ඒ කොල්ලා මහ හොද නෑ...මට මැරෙන්ඩ කිව්වා...මගෙ නම මැරෙන්ඩ නෙවෙනෙ ...

ඒකනෙ..අන්න හරි .....මැරෙන්ඩ නෙවෙනෙ.....හොද ළමයා....එහෙම තමා...මාමගෙ නම ගෙනියන්ඩ ඕනෙ.....

අමේලි වෙච්ච දේ අකුරක් නෑරම එයාගෙ ලස්සන මාමට කියනකොට මං කටත් ඇරන් ඉස්සි ඉස්සි තාත්තව හෙව්වා ....තාත්තා.....තාත්තට යෙවීන්ව ගන්න එන්න අමතක වෙලාවත්ද.....අනේ ....මං ගෙදර යන්නෙ කොහොමද ....

මාමී යන්කො...යන්කො...

යමු....පොඩ්ඩක් ඉන්න මේ ඔයාගෙ යාලුවගෙ තාත්ති ඇවිත් නෑ වගෙ....බබී ඔයාගෙ තාත්ති ඇවිත්ද ....

න්...න්...නෑ ...න්...නේ ....

මම ඔලුව වන වන ගොත ගැහුවා ...එයාගෙ මාමා දැක්කා ...මං ළමයි ගොඩෙන් ඉස්සි ඉස්සි තාත්තව හොයනවා....අමේලි යන් යන් කිව්වා උනත් එයාගෙ මාමා නම් ටිකක් ඉමුයි කිව්වා ...අනේ එයා හරි කරුනාවන්තයි අප්පා....එයා නම් මාව තනියම තියලා යන එක පව් කියලා කිව්වා ...

බබී...තාත්තට එන්න අමතක වෙලාවත්ද....ම්ම්ම්...දැන් පැය භාගයක් ගියා ....

න්..න්...නෑ...නෙ....අ...අමතක....වෙ...වෙන්නෙ....න්න්න්...න්න්න්...නෑනෙ...තාත්තට....

මං පාර දිහා බල බල තාත්තාට අමතක නෑ කිව්වා ..ඇත්තටම දැන් නම මටත් දුක හිතීගන එන්නෙ ..කාත් කවුරුත් නැතිව මුලු පල්ලිය වත්තම හිස් උනා....මං සැරින් සැරේටම පාර බැලුවා ....ඒත් තාත්තගෙ කාර් එක තියා තාත්තගෙ චායාවක් වත් නැතිව නොහිතපු විදිහට දුක හිතිලා උන්න මට එක පාර ඇඩුනා.....

අනේ....ඇයි මේ අඩන්නෙ....අපි ඔයාව දාලා යන්නෙ නෑනෙ..කෝ නාඩා ඉන්නකො බබී.....මේ අහන්නකො...කෝ මේ බලන්නකො....

මං.අත් දෙකෙම්ම මූන වහන් අඩනකොට එයාගෙ මාමා මගෙ ගාවට නැවිලා මාව දාලා යන්නෙ නැ කියන ගමන් මගෙ කදුලු පිහ දැම්මා ...

ලස්සන ඇස් තියන ළමයි ඇඩුවම කැත වෙනවා ....දන්නවද ඒක....කෝ නාඩා ඉන්නකො...අපි බලමු ඔයාගෙ තාත්තා එයිද කියලා ...නාවොතින් ...අපි ඔයාව ගෙදර ගිහින් අරින් නම් හොදද ...

මං.ඔලුව වැනුවා . දුක හිතිලා උන්න මට ගෙදර දුවන්න ඕනා උනා ....එයාගෙ මාමා අඩන්න එපා කිව්වා උනත් මට ඇඩුනා...එයා මගෙ ඔලුව අත ගෑවා මගෙම ලේන්සුවෙන් නහයත් පිස්සා...අඩනකොට හොටු එනවනෙ ඉතින්....

මට කියන්න බලන්න තාත්තගෙ නම.....අපි බලමු බලන්න දන්නවද කියලා ...

එයා මගෙන් තාත්තගෙ නම ඇහුවා ....

ර්...ර්...රෙ....හ්...හා....න්.....න්..

රෙහාන්....රෙහාන් විතරද....තාත්තා මොකද කරන්නෙ කියන්න බලන්න....

අනෙ එයා මගෙන් ප්‍රශ්න අහනවනෙ....මං කොහොමද ඔච්චර ගොඩකට උත්තර දෙන්නෙ....මට දැන් ආයම දුක හිතුනා ...

තාත්තා මොනවද බබී කරන්නෙ.....ම්ම්ම්....

ක්...ක්...කේට්..කේට්....කේ..

අනෙ මට කියාගන්න බෑ දෙයියනෙ...මං ඔලුව වන වන ඇස් පොඩි කර කරම කේටරින් සර්වීස් එකක් කියන්න හදනකොට මට කියන්නම බැරි උනා...මන් මගෙ කොන්ඩෙන් ඇද ගත්තා....දත් අස්සෙ තිබුන වචන නොඑනකොට මං නහරත් පුම්බන් වචන එලියට දාන්න දගලනකොට එයා මගෙ ගාව නැවීගන බලන් උන්නා...

කේටරින් සර්වීස් එකද.....ඈ පැටියෝ....

මට කෑ ගහලා ඇඩුනා....එයා මගෙන් කේටරින් සර්වීස් එකද අහනකොට මට කෑ ගහලා ඇඩුනා ...මන්.හිතන්නෙ මට මගෙ දිව සම්පූරනම ගිලුනද කොහෙද ....කතා කරන්න හදලා හදලා කතා කරගන්න බැරිවෙනකොට මං ඇඩුවා ...එයා මගෙ ඔලුව අත ගගා අඩන්න එපා කියන ගමන් එයාගෙ ඵෝන් එක කනේ ගහගත්තා ...

කෝ නාඩා ඉන්නකො බබී .....මං එක්ක යන්නම්.....

...

මචන් මට කෙටරින් කරන රෙහාන්ගෙ ගෙදර කොහෙද තියෙන්නෙ කියපන්...මේ එයාලගෙ පුංචි එකා අපෙ කෙල්ලගෙ පන්තියෙ ගෙදරින් ගන්න ඇවිත් නෑ ළමයා අඩනවා . .

.....

ම්ම්ම්....ම්ම්...ආදර මාවතට එහා පැත්තෙ පාරෙ....ජුබිලි පාරද . ..හරි...හරි.....හා බන් හරි .....

ඔන්න හරි....පාර අහගත්තා ...දැන් ඉතින් නාඩා ඉන්න ....මං ඔයාව පරිස්සමින් එක්ක යන්නම් ...හරිද.....

එයා කාගෙන් හරි අහලා පාර දැනගත්තා ....පාර දැනගන මාව පරිස්සමින් ගිහින් අරින්නම් කියන ගමන් අමේලි දිහාවට හැරුනා .....

ඔයා පිටිපස්සෙන් ඉදගන්න...ඔයාව ඉස්සරහා තියාගත්තොත් මට පාර පේන්නෙ නෑ....ඌරෙක් වගෙ කන්න එපා කිව්වට අහන්නෙත් නෑ ...

ඒ...ව්ව්..

මෙච්චර වෙලා අඩපු මට හිනා ගියා ....එයා අමේලිට ඌරා කිව්වා ...මට හිනා යනවා එක්කම නහයෙන් හොටු බෝලෙකුත් පිම්බුනා ....එයා මාව මේ ලොකුම ලොකු බයික් එකේ එක්ක යන්ඩ යන්නෙ...අමේලිව උස්සලා පස්සෙන් ඉන්දව ගත්තු එයා ඊලග පාර මාව ටැංකිය උඩින් නැතුව චුට්ටක් පස්සට කරලා ඉන්දවගන එයාගෙ ඇගට හේත්තු කර ගත්තා ....

අම්මෝ.....එයාගෙ ගාව සුවද....!!!!

අග්ගියා එක්ක එන්නාම්...

බායි....

තටා ...

මේලමයා බුජි ...ඔය ලමයිනුත් බුජියන්ඩ 🤭🤭🤭

ම්ම

Ferdeesha ❤️💚😘 ....

More Chapters