නින්ද ගියා....
සමුද්රට නින්ද ගියා කිව්වා....වෙන කතා කිසිම දෙයක් නෑ....එයා හරි සරලවම නින්ද ගියා කිව්වා....
තත්පරයක් යන්න නැතුව ඇති ඒ නිල්පාට ඇස් දිහා බලාගන උන්න මගෙ අලුපාට ඇස්වලට කදුලු පිරුනා....එයා ඒක හරි සරලව කිව්වා...එයාට නින්ද ගියාලු.....ඔය තරම් ලේසියට එයාට මාව අමතක කරලා නිදාගන්න පුලුවන්ද....???
මං එයාට මගෙ කට ගෙවාගන අහවල් වෙලාවට වරෙන් අහවල් තැනට වරෙන් ගගා මන්තරයකට එහා මං ජපකෙරුවා...එහෙම තියනකොටත් එයා හරි ලේසියට කියනවා නින්ද ගියා කියලා...
කැතයො....මේ තේ කෝප්ප ඇයි බෑක්කෙකෙ දාන් ඉන්නෙ...ම්හුක්.....තේ කෝප්ප තිබ්බට වැඩක් නෑ....කාරුත් තේ ටිකක් වත් හදන් නෑනෙ අප්පා....ඔවූ....තේ ටිකක් පුතාට........අම්මියෙ මේ.....කාපාට මලක් තීන කෝප්පෙත් අරන් ගීල්ලා....අයි...අයි ....කා....පාට.....අම්මියෙ මේ..මුං කැවුමකුත් තීනවා...පසනට ඕනද...මේ...අපෙ කැතයගෙ මුංකැවුම....තේ කෝප්ප....ගොඩක් තියනවා...තේ නෑනෙ...ඔවූ....ඒත් තේ නෑනෙ.....
ඕකෙ මුං කැවුන් විතරද ටිකිරියා තියෙන්නෙ.....මෙයැයි ඕකට බිබික්කන් දාගන නැද්ද...?ආ තාත්තෙ.....ඔහෙ මේකට බිබික්කන් කෑල්ලක් වත් දාගන්නෙ නැතුවද අපෙ අහ එන්ඩ ගියෙ....අපෙ පප්පා තාත්තයි පසනයි බිබික්කන් වලට හෙනට ආසයි අඩෙ.....කැත තාත්තෙ ඔහෙ එනකොට බිබික්කමක් වත් අරන් එනො හරිය...
මගෙ ඇස්වල කදුලු කැට නලියනවා..මුලු ගෙදරම ඉන්න උන් මගෙ දිහාව මීක් නැතුව බලාගන ඉන්නකොට පපු කැහුතු වලට ඇසිඩ් ගැහුවා වගේ වේදනා දෙන වෙලාවෙ කානුවා අර බෑග් එකට අත දදා තියන ජාති ඔක්කොම එකින් එක එලියට වීසි කරනකොට මං බලාගන මගෙ රතුපාට ජංගියක් සීයත්තගෙ උරහිස උඩත් තිබුනා...ඒක නිකන් තනිකරම අමුඩ ලේන්සුව වගේ.....
..මගෙ රතු ජංගිය අමුඩ ලේනුවක් හා සමානව සීයත්තගෙ උරහෙ උඩට ගියෙ කොහොමද කියන්න මං දන්නෙ නැ...මට දැනගන්න උවමනාවකුත් නෑ...කොටින්ම කානුවයි මට කැත තාත්තා කියන පසනයි මගෙ නම්බුව අනාගන කන කෑමට මට මීට වඩා ගහන්න හෙනත් නැති එකෙ ඒවට සැලන්ඩර් නොවූ මං සමුද්‍ර දිහා බලාගන උන්නා...
අම්මගෙ රෙද්ද....පැනලායන්නත් කලින් මං තාත්තෙකුත් වෙලා.... ඒ වෙදනාවත් දැන් මාව ඕනාවටත් වඩා රිදවනවා..ඒකගෙ පප්පා තාත්තා මාව මහ මග අසරන කෙරුවා කියන කාරනාව නොදැන දිරාපු බෙදුම් කට්ටක් වගෙ වක ගහලා හිටගන මගෙ දිහා බල බල බිබික්කන් ඉල්ලන පසනා මට තාත්තෙ තාත්තෙ ගානවා....ඒ අස්සෙන් බිබික්කන් ගේන්න කියනවා..අරූ මගෙන් මුන්කැවුම් අහනවා...ඕන පුකක් ප්‍රීති හෙටක් බිබික්කමයි මුන්කැවුමයි තොපෙ පප්පගෙ සරම අස්සෙ ඇති කියලා මාව මේ තරම් අසරන කරපු හැන්දට කුනුහර්පෙන් බනින්න හිතුනත් අනෙ මං නෙවෙ කටක් ඇරියෙ....
දීපු ආදරෙ සිල්ලරට දාන්න බැරි කමට මම නෙවෙ සමුද්රට වචනයක් කිව්වෙ...
නින්ද ගියාද අයියෙ.....උ...උඹට නින්ද ගියා කියලද කිව්වෙ.....??
ආයමත් ඒ ම ප්‍රශ්නෙ.....නින්ද ගියා කියල එයා සරලවම කෙටියෙන් කිව්වත් මං විශ්වාස කෙරුවා...අනෙ මගෙ හිත කියනවා....නෑ...උඹගෙ සුදු අයියා උඹව අවුස්සන්න බොරු කියනවා කියලා...මං බලාගන උන්නා...සුදු චූටි පප්පා බොරුවක් කිව්වෙ මයෙ අම්බරේ කියයි කියල....මට ඕන උනෙ ඒ වචනෙ විතරයි.....ම්
ම්න්...නින්ද ගියා....පප්ප්...භ්භ්...
ඕන නෑ සමුද්‍ර.....වැල්වටාරම් එපා...අපරාදෙ.....
මන් හිතන්නෙ ඔයිට එහා මට අහන්න කිසි දෙයක් ඕන නැතුව යන්න ඇති....නින්ද ගියා කියපු එයා තව මොනවා හරි කියන්න යනවත් එක්කම මං එයාගෙ කටට අත තිබ්බා....මට ඉන් එහා මොකුත් අහන්න උවමනාවක් තිබුන් නෑ...
තත්පර ගානක් ඒ මූන දිහා බලන් උන්න මං අනිත් පාර සමුද්රව අතෑරියා....අතෑරියා කියන්නෙ කොටින්ම මං එයාව තල්ලු කරල දැම්මා...
එකපැත්තක අම්මා අප්පච්චි ....අනිත්පැත්තෙන් සීයත්තා අත්තම්මා....කිරියා සුකුමලා...පසනා සමනල්...මේ ඔක්කොම ඇස් පිල්ලමක් වත් නොගහම බලාගන ඉන්නෙ මගෙ දිහාව වෙනකොට මට මං ගැනම දරන්න බැරි ආත්මානුකම්පාවක් දැනුනා....
කොටින්ම මං විශ්වාස කරලා එලි බැහැලා තියෙන්නෙ මගෙ ආදරෙ පනමක් වත් වටින්නෙ නැති එකෙක්ද කියලා හිතෙන තරමට මගෙ පපුව ඇදුම් අන්න ගත්තා...
ජීවිතේ හරි අහම්බකාරකව හම්බ උන මේ මනුස්සයව මං මගෙ ජීව්තේ කරන් උන්නා.....ඒහෙව් මනුස්සයම එක තත්පරයක් ඇතුලත මාව මට හිතන්න බැරි තරමට අසරන කරපුවාම මගෙ පපුව ඇදුම් නොකා තියේවිද....
මං බලාගන අම්මා අප්පච්චිගෙ අත මිරිකනවා.....හරි හමන් විදිහට කන් ඇහෙන්නෙ නැති අත්තම්මා විතරක් මේ ඔක්කොම මැද බනපොතක් කියවනකොට සීයත්තා අර පුරුදු මාන්නක්කාරකමින්ම උඩු රැවුල කරකවනවා....
තනිම සුදුපාට බිත්තියෙ එල්ලල තිබුන ඔරලෝසුවෙ කටුව ටික් ටික් ගගා ඉස්සරහට යන වේගෙටත් වඩා වැඩිවේගෙන් මගෙ පපුව ගැහෙනකොට මං අර රිදෙන පපුවෙම්ම හුස්මක් අරන් සමුද්‍ර දිහා බැලුවා...බලලා ලාවට හිනා උනා.....
...අපි මේක නවත්තමු සමුද්‍ර....මට ඔයාව එපා වෙන්නත්.....ඔයාට මාව එපාවෙන්නත් හොද නෑ...එහෙම වෙලා සම්බන්දයක් නැවතුනාම කරපු ආදරෙ ගැන මිනිස්සුන්ට පිලිකුලක් දැනෙනවා...මට කවදාවත් උඹට මං දුන්න ආදරෙ ගැන උනත් ...උඹගෙන් මට ලැබුන ආදරෙ ගැනවත් හීනෙකින් වත් එහෙම හැගීමක් දැනෙන්න හොද නෑ සමුද්‍ර.....
මං දන්නව.....මේක....මේක හරි අමාරුයි...මමමයි උඹට යන් කියලා කතා කෙරුවෙ.....ම්...මමමයි...සැරින් සැරේම වද දුන්නෙ.....ඒත්....ඒත් දැන් ඒක එහෙම කරන්න ඕන නෑ.....මෙතන අම්මා අප්පච්චි ඉන්නවා...කිරියව තදින්ම අල්ලගන ඉන්න සුකුමලා ඉන්නවා.....අත්තම්මගෙ මොන කරච්චලෙ අහන් හරි සීයත්තා ඉන්නවා....
හ්...හරියටම බැලුවොත් මෙතන ඉන්න උන් හැමෝම ආදරෙ දිනලා...පැරදුන එකාට ඉන්නෙ මං විතරයි...මේක උඹට නෙවෙ අමාරු වෙන්නෙ මට.....කමක් නෑ....නොහොතන තැන් වල රිදෙන එක තමයි ජීව්තෙ කියන්නෙ...
මේක නවත්තමු සමුද්‍ර.....මේක නවත්තමු....මම පව්.....උඹට මාව නැති වෙන්නෙ නෑ සමුද්‍ර....උඹ විහින්ම උඹට ආදරෙ කරපු මාව නැති කරගත්තා....වේදනාවයි....රිදෙනවා...දරාගන ඉන්නවා ඇරුනම මට වෙන ඔපශන් එකක් නෑ සමුද්‍ර...
මේක නවත්තමු...මේක නවත්තමු....අපි මේක නවත්තමු සමුද්‍ර........අපි මේක.....නවත්ත...මු....ම්ම්ම්...මං තරහා නෑ...වෛර කරන්නෙ නෑ......දීපු ආදරෙ විතරක් නවත්තලා වෙනදා වගේ හිනා උනොත් හිනා වෙන්නම්...කතා කෙරුවොත් කතා කරන්නම්....අපි මේක නවත්තමු....!
අවසානෙදි මං හුස්මක් ගත්තා.....එකම දිගට විරහව විරහ වේදනාව අකුරු කරපු වචන කරපු මං හිනාවක් එක්ක හුස්මක් ගන්න ගමන් කතාව අහවර කෙරුවත් එක්කම ඇස් අගිස්සෙන් කදුලු කැටයක් හරි බර විදිහට අර සීතල ටයිල් පොලව උඩට වැටුනා...ඒ එක්කම මං බලාගන මෙච්චර වෙලාම වචනයක් වත් නොකියා ඇස් පිල්ලමක් වත් නොගහා මගෙ දිහා බලන් උන්න සමුද්‍ර මාව ඇදලා එයාගෙ ගාවට ගන්න අත් දික් කරනවා...ඒත් එක තත්පරයයි මං පස්සට උනා.....
එපා සමුද්‍ර.....රිදෙනකම්ම ඉන්න ඕනද තුරුල් කරගන්න ...?පේනවද.....ඇස් අස්සෙන් උඹට දුන්න ආදරෙ දියවෙවි බිමට වැටෙනවා...
අමා...කර.....
මට උඹව හම්බුනේ හරි අහම්බෙන්...තවමත් මතකයි වැටෙන්න ගියපු මාව උඹ තනි අතට උනත් හරි තදට උඹගෙ ඇගට වාරු කරගත්ත විදිහ.....එදා ඒ ඇස් වල තිබුන හැගීම මට තවම මතකයි සමුද්‍ර ......අහම්බෙන් හම්බ උනත්...මේ තත්පරේ වෙනකම්ම මට ඒ හැමදේම මතකයි...සමනල්ගෙ අතට මොනර පිහාට්ට දුන්න උඹ මගෙ ඇස් දිහා බලාගන උන්න විදිහ...එතනින් පස්සෙ උඹ මට ආදරෙයි කියලා කියපු තැනට වෙනකම්ම ආදරෙ නොකියා ආදරෙ දුන්න විදිය මට තවම මතකයි ...
..දැන්.....???
මිනිස්සු අහම්බෙන් හම්බ උනාට .....මිනිස්සු කවදාවත් අහම්බෙන් අතාරින්නෙ නෑ...හිතා මතා අතාරිනවා මිසක්.....කවදාවත් අහම්බෙන් අමතක කරන්නෙ නෑ බන් අයියෙ....
මේ ඇති...සමහර විට...හම්බ උන පලියට හිමි වෙන්න ඕන කියලා නියමයක් නැතුව ඇතිනෙ....
සුදුචූටි...උඹ මට කතා කරන්න දෙනවද....නැද්ද ම්ම්ම්...උඹ ඔය තරම් වැල්වටාරම් කියවගන යන එකේ මගෙ පැත්තෙනුත් මට කියන්න දෙනවද නැද්ද...????
ඒ....ඒ....සුදුපුතා....මේ අහපන්
.නෑ...නෑ...ඔහෙ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්ඩ හරිය...ඔහෙ පොඩ්ඩක් ඉන්ඩකො....හැමවෙලේම ඔහෙගෙ සුදු පුතාම වෙවි ඉන්ඩ බෑනෙ මට නේ....ඔහෙ පොඩ්ඩක් පැත්තකට වෙන්ඩ.....පේනවනෙ දැන් වෙච්ච හරිය....එක විනාඩියට නින්ද ගියා ඔහෙගෙ පුතාට මාව දැන් එපාලු...සෝලංගාරච්චි....සෝලංගාරාච්චි...මයෙ අම්බරෙ මේ හැන්නදිගෙ මොකාද නොදැන එපාය කියන්නෙ....ගමනක් හමාරක් බහ දුන්නා කියන්නෙ ආය එයින් එහා මොකුත් නෑ හරිය..මගෙ නම්.....ආය...මගෙම තමයි....
අමාකර.....මට කතා කරන්ඩ ඕන.....උඹට හරි ලේසි ඇතිනෙ ම්ම්ම්...ලේසියෙන්ම දාලා යන්ඩනෙ ඇහෙ මූනෙ තියන් ඉන්නෙ නේ....මොනවද කියන්නෙ උඹ ම්ම්...දාලා යන්න....නවත්තන්න....?????මොනාද උඹගෙ ඔය දෙඩවිල්ල කියපන්...
යකො උදෙ එලිවෙච්ච වෙලේ ඉදන් මං නැහෙන්නෙ තනිකර මැශිමක් වගේ... මහපොලවට ඉර වැටෙන්ඩ කලින් මං ලොරියට නගින්නෙ.....නෑ...නෑ...උඹට මෙව්වා තේරුම් කරලා වැඩක් නෑ අමාකර.....හිතුවක්කාර කමෙ තරමෙ හැටියට සක්කරයගෙ පුතා වයිමා ආවත් උඹට මේවා දැන් කිව්වා කියලා වැඩක් නෑ අමාකර.....
.ඔක්කොම පැත්තකින් දාපන්.....ම්ම්ම්....මට මහන්සියට නින්ද ගිය රෙද්දවල් මේ ඔක්කොම පැත්තක දාපන් ම්ම්ම්ම්.....මට මෙන්න මේක විතරක් කියපන් හරි.....වෙන මොකුත් එපා...උඹ දැන් කඩේකට යනවා...ඒ හරියටම තියෙන්නෙ ඒ කඩෙ විතරයි හරි....ඒ යනකොට කඩෙ වහලා...අයිතිකාරයා නෑ.....එකපාරක් දෙපාරක් කතා කරලා අනිත් පාර උඹ මොකද කරන්නෙ ම්ම්ම්ම්....ගෙදර එන එක නේ...ගෙදර එන එක නේද කරන්නෙ....???
ගමනක් හමාරක් කතා කරලත් මගෙ ඵෝන් එක වැඩ නැත්තන් අම්මගෙ රෙද්ද කරනවද කියපන් පාරවල් පාරවල් ගානෙ තනිපංගලෙමෙ ඉදන්.....???
තමුසෙ මෙ පාරවල් ගැන දන්නවද....ම්ම්...තමුසෙ මෙ ඉන්න මිනිස්සු කව්ද...යන්නෙ එන්නෙ කව්ද....රෑ බෝවෙන්න වෙන්න වෙන්නෙ මොනවද කියන්න දන්නවද ම්ම්ම්....නිකන් හිතපන්....උඹ තනියෙන් ඉන්නකොට අර ඇමති පඩංගුවා අරක්කු බැරල් එකක් අරන් යනගමන් උන්නා...රෑ තිස්සෙ මායන් වෙන උඹව දැක්කා...ම්ම්ම්
මොනවා වෙන්න ගියාද.....
උත්තර දියන් අමාකර අම්මා අප්පා නෙවෙ උඹගෙ නුවර පරම්පරාවම උන්නත් කන් ගැට පලනවා...කියපන් ..කියපන්.....පසනා...
..තාත්තෙ.....
ගෙනෙන් හනස්සක්.....උඹට පැනල යන්න නේ...පවුල් කන්ඩ ආසාවනෙ උඹට.....
.තත්තෙ ඔහෙ අපෙ කැත තාත්තට ගහන්ඩයි යන්නෙ...පසනය ගහන්නා වගේ.....ඈ තාත්තෙ.....පොල්කොලෙන් ගහන්ඩ තාත්තෙ හනස්සෙන් ගැහුවම පුකට දනවනෙ.....
හරි...පොඩ්ඩක් ඉදින්.....උඹව වෙන කවුරුත් හදන්ඩ ඕන නෑ අමාකර....මමම හදන්නම්...උඹ තවම දැක්කෙ මගෙ ආදරෙ තරම විතරනෙ....නේ...ම්ම්ම්.....හරි...හරි...දැන් මේකත් බලාගනින්....පවුල් කන්න ඕනා නම් මිනිහගෙ හැම ගතියම දැකලා ඉන්ඩ එපැයිනෙ...නැත්තන් ඔව්වා පහු පහු වෙනකොට කන් කෙදිරි ගාන තැනට එනවා...මං උඹගෙ හැටි නොදැනයි ආවෙ ඔය වගේ ලබ්බවල් මට අහන්ඩ බෑ හරි...උඹට ඔය තරම්ම හිතුවක්කාර කම නේ .ම්ම්ම්ම්....
ඇටෙන් පොත්තෙන් යන්ඩ කලින් මගුල් කන්ඩ නේ.....ම්ම්ම්....හරි...හරි....
සමුද්‍ර මට දෙස් තියනවා... පසනට හනස්සක් ගේන්න කියනවා අම්මා අප්පච්චි බලාගන ඉන්නකොටම සමුද්‍ර ගුගුරනවා...මං ඒත් හිනා උනා.....සමුද්‍රගෙ දෙස් අහ අහම මං කරපු එකම දේ හිනා උන එක....
ලාවට රත ගහන් එන ඒ ඇස් දැක දැකම හිනා උන එක....
නිලමෙ...නිලමෙ...කාමරේට යමන්...ස්කීපර් අයියා දැන් ඇති....නිලමෙගෙ හිතුවක්කාකර කම කියන්ඩත් බෑ...නිලමෙලා අපි හැදුන හැටි වෙනස්නෙ .....ඔය ඇති හරි....ඔහෙලත් බලන් ඉන්නෙ මොකක් හරි මගුලක් දොඩලා මේක අහවර කරපල්ලා අඩෙ.....
ස්කීපර් අයියා....
සුකුම....ලා....පැත්තකට වෙයන් හරිය....ඊලගට කරන්ස ඕන මොක්කද වෙන්ඩ ඕන මොකක්ද කිය කිය මට මොකෙක්වත් උපදෙස් දෙන්ඩ ඉන්නවා නම්.....මෙතනින් ගියාට කමක් නෑ හරි.....
සමුද්‍ර මල්ලි....!!සුදු මහත්තයගෙ අම්මා මම...මගෙ දරුවට ගහන්ඩ බනින්ඩ පුලුවන් මට විතරයි.....ඔක්කොම එකතුවෙලා දැන් මගෙ දරුවා විතරක් වැරදි ගානට හැසිරෙන්නෙ.....
සුදු අක්කෙ ඔහෙත් පැත්තකට වෙන්ඩ හරි.... සුදු මහත්තයගෙ අම්මා අක්කා උනාට.....ඔහෙලට හැමදාම මගෙ කොල්ලව හුරතල් කරන්ඩ බෑනෙ නේ....ඌ මා එක්ක එන්ඩ ඕනනෙ...මේක දකුන හරිය...මේක දකුන....රෑ වෙනකොට එලි බහින්නෙ මොකාද කියන්ඩ කාටත් වඩා මේ හැන්නදිගේ දන්නවා....ඒ හන්දා ඔයත් පොඩ්ඩක් සද්දෙ වහලා පැත්තකින් ඉන්ඩ...අනික සෝලංගාරච්චි....
තාම ඕඅයිසි උනාට මේ දික්වැල්ලෙන් වැලි ඇටේක තරමක් දන්නෙ නෑනෙ ම්ම්ම්ම්ම්ම්....ඒ හන්දා...මගෙ එකා මොකක් හරි කෙරුවා නම්....ඒක මං මගෙ ක්‍රමේට විසදගන්නම්....
ඒ...ඒ...ස්කීපර් අයියා....ඕක නවත්තපන් අඩා....පිස්සුය ඔහෙට...මේ කොල්ලව බය නොකර ඉදින්...
සමුද්රට තරහා යාගන එන්නෙ.....වෙනදා වගෙ සුදු චූටි මයෙ අම්බරෙ ගගා නැලවිලි වදන් කියකිය හිත හැදිලි මොකුත් නෑ....සමුද්‍රගෙ තරහවෙ තරමෙන් අංශුවක් විතරක් දැකපු මං තවම ඒ තරහව හරියටම දැකලා තිබුන් නෑ.....එහෙම තියනකොටත් මං හිනා උනා...හිනා වෙලා මොකුත් නොකියම ඒ හැමෝවම දාලා එලියට එන්න හැදුවා...
අමාකර.....කොහෙද උඹ යන්නෙ ම්ම්.....මං තවම කතා කරනවා....උඹට මං යන්න කිව්වද...?
යන්න කියන්නවත් ඉන්න කියන්නවත් අපි අතරෙ මොකුත් තියනවද අයියෙ....මං හරි හෝ වැරදි හෝ...මට ඒ මොහොතෙ ඉදන් මෙ වෙනකම්ම දැනෙන එකම දේ වේදනාවක් විතරයි ....ඉතින්.....මොකටද දැන් දඩුවම්.....
සමුද්‍ර.....දන්නවද.....ආදරේ තරමද.....නැත්තන් මගෙ ආදරෙ ලාමක හන්දද මොන රෙද්දටද දන්නෙ නෑ...උඹව දකින වාරයක් පාසාම මට සමනල්ලු පියාඹන හැගීමක් දැනෙන්න ගත්තා....ඒත්....ඊයෙ රැයින් පස්සෙ ඒ සමනලුන්ගෙ තටු කැඩුනා....උඹට තේරෙනවනෙ.....
අන්දරෙ වගෙ හිනා වෙවී...හිනා වෙවී උන්නට....මන් විකටයෙක් නෙවෙ බන්....උඹ හරි ලේසියට කියනවා නින්ද ගියා කියලා.....උඹ කියනවා ඵෝන් එක වැඩ නැත්තන් ගෙදර එන්න තිබ්බා කියලා.....
හරි....මාත් දැන් කියන්නම්...මං උඹව අතෑරිලා ඉවරයිනෙ....වෙන කාව හරි හොයාගනින්!
අමාකර!!!
සමුද්‍ර හැන්නදිගේ !
මං හිතන්නෙ මුලු ගේම දෙදුරුම් කන්න ඇති .....ඒ තරම් තදට සුමුද්‍ර ගිගුරුවා.....ඒ තරම් දරුනුවට මගෙ සුදු අයියා මගෙ නම කියලා ගිගිරුවා...ඒ එක්කම වේදනාව හිතේ හන්ගන් උන්න මමත් කෑ ගැහුවා.....
අඩියයි දෙකයි..සමුද්‍ර කඩාගන බිදගන වගේ මගෙගාවට ඇවිදින් මගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලගන මගෙ මූන ඇස් මූන දිහා ලාවට රතගහන් ආව ඇස් හීන් කරන් බලාගන උන්නා.....ඒ ඇස් තරහට හීන් වෙනකොට මගෙ ඇස් වේදනාවට හීන් උනා.....ඒ තරම් තදට සමුද්‍ර අර රලු අත්වලින් මගෙ බෙල්ල අල්ලගත්තා....
ස්...සුදු අයියෙ...ක්...කොච්චර ආදරෙ උනත්.....ව්...වැඩක් නෑ...මුම්ටාස් උනත් .....ට්...ටජ්මහල....ද්...දැක්කෙ නෑ.....ඉතින්.....කොච්චර ආදරෙ දුන්නත් වැඩක් නෑ....ඕනම වෙලාවට නොදෙනවා නම්....
උඹට මාව එපාද.....
...එ..එපා.....
එපාමද...????
එ...එපා....ස්...සමුද්‍ර.....උ...උඹගෙ පැත්තෙන් උඹ හරි ඇති.....ඒ වගේම මගෙ පැත්තෙන් මම හරී.....මට එපා...
මං නැතුව ඉන්න පුලුවන් ද සුදු චූටි....?
පුලුවන් .....අද රිදෙයි ....හෙටත් රිදෙයි...අනිද්දටත් රිදෙයි.....හැබැයි....අනිද්දයින් පස්සෙ රිදෙන එක නැතිව යයි.....මට පුලුවන් .....
මං දන්නෙ නෑ මට මේ වගේ ගල් හිතක් ආවෙ කොහොමද කියන්න.....ඉන්නවා තියා ඒ ආදරෙ නැතුව හුස්මක් වත් ගන්න බැරි බව දැන දැනම මං අහස පොලව නූහුලන බොරු කිව්වා....මෙච්චර වෙලාම මගෙ බෙල්ල කඩලා දාන්න පුලුවන් තදකින් අල්ලන් උන්න ඒ රලු අතත් චුට්ට චුට්ට බුරුල් වෙලා ගියා....
ඒත්...මේ සුදු අයියට උඹ නැතුව ඉන්න බෑ මයෙ අම්බරේ....මගෙන් යන්නද ඕන?මන් මනුස්සයෙක් අමාකර....මහන්සිය දැනෙන්නෙ නැද්ද...විසිහතර පැයම හිනා උනාට මගෙ අතපය කකියන තරම දන්නෙ මම විතරනෙ මැනිකෙ...මට නින්ද ගියා බන් ...හිතලා නෙවෙ.....මමවත් දන්නෙ නෑ ....ඇස් පිය උනා....වැඩක් නෑ...මන් කොච්චර කිව්වත් පිලිගන්නෙ නැත්තන්...මගෙන් යන්න ඕනද?
........හ්....ම්.....ඔව්...යන්න ඕන.....මේක නවත්තමු....මේක නවත්තමු.....මේක නවත්තමු බන් සමුද්‍ර.

මගෙ පපුව පැලෙන්න ආවා...මගෙන් යන්නද ඕන අහන වාරයක් පාසාම මට එයාගෙ උරහිස් වල එල්ලිලා අර දුක දියවෙනකන් අඩන්න ඕන උනා.....ඒත් මං නෙවෙ මගෙ හිත නැවෙන්න දුන්නෙ....අමු අමුවට ගිනිගන්නවා හා සමාන ගිනි උහුලන් මං ඒ මූන දිහා බලාගනම හූ මිට් තිබ්බා.....අවසානෙදි මේක නවත්තමු කියලා ආය ආයමත් කියනකොට සමුද්‍ර හිනා උනා.....
කිරියා...
ස්කීපර් අයියා.....
යමන් ගෙදර.....පසනා මා පුතා ගිහින් අත්තම්මට කියල අන්දවගනින්.....
සුදුපුතා...
.අවුලක් නෑ....මට මීට වඩා හෙන ගහලා තියනවා ...ඕන මගුලක් තිබ්බොත් කියන්ඩ හරිය.....සුදු අක්කෙ ඔහෙටත් එක්ක කියන්නෙ.... හදිස්සියක් උනොත් කෝලක් ගහන්ඩ.....ආය මට නින්ද යන එකක් නෑ කොහොමත්.....
එයා යන්න හදන්නෙ.....පසනට ගෙදර යන්න කියපු එයා අනිත්පාර කිරියට සුකුමලා මේ ඔක්කොමට ආපිට යන්න කියනවත් එක්කම සමනල් ගාව ඉදන් තේ කෝප්පයක් අතේ තියන් උන්න පසනා ආය මීක් වත් නැතුව ගිහින් සමුද්‍ර ගාවට ගිහින් අත් දෙක ඉස්සුවා විතරයි එයා මොකුත් නොකියම කොල්ලව වඩාගත්තා
තාත්තෙ....පසනට බයි මතයිනෙ...පාන්දර ඉදන්නෙ තාත්තා කැතයව හොයන්ඩ ආවෙ....ම්හුක්.....සයුරියත් නැනෙ...පසනට යන්ඩ බෑනෙ තාත්තෙ....
මා පුතාට ජෑම්පාස් අරන් දුන්නොත් යනවද.. .
ම්හු...ක්...නෑනෙ...පසනට බයියන්න ඕනනෙ තාත්තා ගාව...
ම්ම්....හා අදට ඉදිල්ලකො...කිරියා වරෙන් යන්...
මං නෙවෙ වචනයක් කිව්වෙ...මගෙ දිහා තත්පරගානක් බලාගන උන්න සුකුමලා මගෙ උරිස්සට තට්ටුවක් දානගමන් යන්න යනකොට කිරියා නිලෙම යන්නන් කියාගන යන්න ගියා....එකින් එකා එලියට යනවා...වෙනදට ඔහෙ කටහැකරෙට මොනවා හරි කියවන සුසංගතාට මොන මගුල වෙලාද මන්දා...මුලින් මුලින් කුනුහර්ප කිය කිය ඉදලා ඌ පස්සෙ පස්සෙ යනකොට අම්මට විතරක් කතා කරන්න ගත්තා...
"අම්මියේ....අම්..මියේ........චූටි...පුතාගෙ....අම්මියෙ....."
සුදු චූටි...එහෙනම් මං යන්නම්....උඹආව එපා කිව්වා...මට උඹ ඉස්සරහා නපුරු මනුස්සයෙක් වෙන්න බෑ .....පන දාගන ආදරෙ කරපු උන්ට නපුරුකම් කරන්ඩ මට බෑබන්.....මන්දා..මට ලැජ්ජාවක් නැතුව ඇති.....උඹට මාව එපාමද බන්.....?
මං එහෙම්ම බිත්තියට හේත්තු උනා....
සිහත්...තමුසෙට දෙන්න තියන උත්තරෙ හරියට දෙනවා...දැන් මේ කොල්ලා දහ වතාවක් විතර ඇහුවනෙ උඹට මූව එපාද එපාද කියලා...හැබැයි...එපා කියලා....ආය ඕන වෙන්න බෑ...එහෙම වෙලා තිබ්බොත්...ලෑස්තිවෙයන් ආපිට බන්ඩාරවෙල යන්ඩ හරි....මං උඹට කිව්වෙනෑ මං මේ කොල්ලට අකමැතියි කියලා...මං කිව්වෙ උඹගෙ ඉගනිල්ල ඉවර කරපන් කියලා....මං මේ කොල්ලට අකමැති උනා නම් උඹට මූ එක්ක යන්න නොදී ඉන්න හිතක් තිබුනා නම්.....මගෙ හැසිරීම සහමුලින්ම වෙනස් සිහත්...තමුසෙ මේ අප්පච්චි ගෙ හැටි දන්නවනෙ...නේ????
අනිකා සමුද්‍ර....අයිසෙ මගෙ පුතා උනත් මූ ගාව ඔය තරම් වැද වැටෙන්ඩ එපා ඕයි...තමුසෙට රිදෙනව නම් හවස් වෙලා එනවා මා එක්කම බාර් එකට යන්....
තේජක....
තමුසෙත් ටිකක් කටවහන් ඉන්නවා විහාරා.....තමුසෙ අවුරුදු ගානකට කලින් කරපු හපන් කමම තමයි මූත් දැන් කෙලින්ඩ ගියෙ....තමුසෙලාට මං වගෙ හම්බුන හන්දා හොදයි....අඩුවයසෙන් පවුල් පන්සල් උන උන් හිතන්නෙ උන් ජාතික වීරයො කියලනෙ...ඇටෙන් පොත්තෙන් යන්ඩ කලින් මගුල් විසේ ගැහුවම ආදරෙ ආදරෙ කියලා ඕන කුපාඩියෙක් එක්ක යනවා.....
ගිහින් බලනවා අර පොලිස් පොතෙ ගෑනු කියකගෙ අදෝනා තියනවද කියලා...අයිසෙ මේ රටෙ හැමතැනම මං වගේවත් මූ වගේ වත් පිරිමි නෑ...කිරියා.....
බොසා..
ගිහින් අහපන් ලියනගේගෙන් පෙරේදා ලියපු පැමිනිල්ල ගැන....අයිසෙ මට ඒ ගැනිව දැක්කම මගෙ පපුව දාලා යන්ඩ ආවා...ගෑනියෙක් කියන්ඩත් බෑ...මූට වඩා අවුරුදු තුනයි වැඩිමල්....පැනලා ගිහින්...කුඩ්ඩෙක් එක්ක....ගෙවල් වල සැපට මල් වගේ හැදුන කෙල්ලො....දවසක දෙකක ආතල් එකක් දුන්නම තොපි හිතන්නෙ ඔවුන් ජීව්ත කාලෙම එ සැප දෙයි කියලා.....ඇගෙ අල්ලන්ඩ තැනක් නෑ...නිල් වෙන්ඩ ගහපු පාරවල්...දත් නෑ.....මුන් හිතන්නෙ අඩු වයසෙන් බැන්දම හරි කියලා....
පවුල් වෙන්ඩ කලින් එකටම මෙ රට ලෝකෙ මොකක්ද කියලා බලපියව්...සිහත් මං තමුසෙට කොයිම තැන වත් කිව්වද මෙක කරන්ඩ දෙන්නෙ නෑ කියල...නෑනෙ....අයිසෙ තමුසෙගෙන් මං ඉල්ලුවෙ ඉගනගන කියන එක විතරනෙ.....අවුරුදු දහ අටක් මං තමුසෙ ඉල්ලන හැම එකම දුන්නා...
මං මේ අවුරුදු දහ අටටම තමුසෙගෙන් ඉල්ලුවෙ ඉගන ගනින් කියන එක විතරයි ඒකටද ඕයි මෙ පැනලා ගියෙ...හරි..හරි...දැන් ඒ කතා වැඩක් නෑ..බන වෙනයි බයිලා වෙනයිනෙ....තමුසෙ දෙන උත්තරෙ හරියට දීලා ගනුදෙනුව ඉවරකරනවා....හැන්නදිගේ.....ආය මෙහෙ නාවට කමක් නෑ හරි....අපෙ ගෑනිටත් මාලු ඕනා නම් ඉස්සරහින් ගන්නෙ නැතෑ...
මුන්ට ලැජ්ජා.නැතුවට මට ලැජ්ජාව තියනවා.....
මං නෙවෙ මීක් කිව්වෙ...මෙච්චර වෙලාම කටපියවන් උන්න අප්පච්චත් ගත්තෙ සමුද්‍රගෙ පැත්ත....මගෙ උත්තරෙ මොක උනත් හොදට හිතල දෙන්න කියපු අප්පච්චි උත්තරෙ අනුව හැමදේම වෙනස් වෙයි කියනකොට මං මගෙ කකුලෙ ඇගිලි දහයෙන්ම මහපොලව බදාගත්තා....
මට රිදෙනවා දෙයියනෙ.....මට රිදෙනවා...ඇයි කාටත් මාව තේරුම් ගන්න බැරි...රැයෙන් බාගයක් තට්ට තනියෙන් උන්න මගෙ වේදනාව කාටවත්ම තේරුම් ගන්න බැරි ඇයි.....
මට එපා...
තත්පර ගානක් බිම බලාගන උන්න මං මගෙ පපුව රිදවගන රිදවගන අවසානෙදි අප්පච්චිගෙ වචන වල තරම දැන දැනම පිස්සුවෙන් වගේ ආදරෙ කරපු ඒ ඇස් දිහාබලාගනම මං එයාව එපා කිව්වා....අනේ මං බලාගන එ ඇස් ගැස්සිලා යනවා.....
හැන්නදිගෙ ඇහුනනෙ...මගෙ කොල්ල තමුන්ව එපා කිව්වා....ආය ඇයිහොදැයි කම් නෑ.....පස්සෙන් යෑම් නැ....මොකුත් නෑ හරි....සිහත් යනවා කාමරේට...තමුසෙ ලෑස්තිවෙනවා ආපිට බන්ඩාරවෙල යන්ඩ...තමුසෙට මෙ ඉස්කෝලමාරුකෙරිල්ල එක්ක විභාගෙට එහෙම ඔලුව හදාගන්නත් අමාරුයිනෙ...කමක් නෑ...ඊලග පාර විභහගෙ කරනවා...අවුරුදු දහඅටක් තමුසෙව බලාගත්ත මට ඕක ගානක් නෑ.....
මගෙ පපුව පුපුරන්න එනවා....හිත බිදිලා තියෙන බිදිල්ලෙ තරමට මට නෙවෙ මගෙ සුදු අයියට එකපාර සමාවක් දෙන්න හිතුනෙ...ඒ අතපය මොන තරම් රිදෙනවද කියන්න දැන දැන මම නෙවෙ ඇත්ත පිලිගත්තෙ...මගෙ තියන මුරන්ඩු කම කොයි තරම්ද කියනවා නම් මං කෙරුවෙම මාවත් රිදව රිදව එයාව රිදවපු එක වෙනකොට මං බලාගන සමුද්‍ර හරි අසරන විදිහට මා දිහා බලන් ඉදලා අවසානෙදි නිදා වැටි වැටි ඒ උරහෙට ඔලුව ගහන් උන්න පසනව එලියෙ උන්න කිරියා අතට දුන්නා...
මාමෙ....
........
යන්ඩ කලින් එකපාරක් මට ඔහෙගෙ පුතාව තුරුල් කරගන්න පුලුවන්ද....?
මගෙන් ඇහුවට වැඩක් නෑ...කැමත් නෑ කිව්ව එකේ තුරුල් කරගන්න එකත් වැරදිනෙ....තමුසෙට මීට වඩා හොද එකෙක් සෙට් කරගන්න පුලුවන් හැන්නදිගෙ.....තමුසෙත් මේ පාර හැදෙනවා....ආදරෙ කරන්න තෝරගන්නකොට බොලදකම තිබ්බට කමක් නෑ...පොඩ්ඩක් මානුශීයව හිතන්ඩ පුලුවන් ඒකෙක් තෝරගන්නවා...තමුසෙ ඇවිත් පුටු රත්කරන අටපහ ජොබ් කරන එකෙක් නෙවෙනෙ....ඒක හන්දා හොදට හොයලා බලලා කාව හරි හොයාගන්නවා...
තමුසෙව මට නැතිවෙන එකට නම් හෙන ලෝබයි...තමුසෙ දාහෙන් හොයාගන්න බැරි කොල්ලෙක්....අතපත්තුගෙ දුවට බදින්න කෙනෙක් හොයන කතාවක් කිව්වා....උනුත් කරවල බිස්නස් කරන උන්...තමුසෙ අතපත්තුව නොදන්නවා නෙවෙනෙ.....
.මං මගෙ යටි තොල දෙකඩ වෙන්න හපාගත්තා....මගෙ කොල්ලව මමම නැති කරන් විනාඩි පහක් යන්නහම්බුන් නෑ...අප්පච්චි හදන්නෙ හැන්දව අතපත්තුට දෙන්න වෙනකොට මන් බලාගන හැන්දත් ඔහෙ කටවහන් ඉන්නවා...ඒ කියන්නෙ අයියෙ උඹටත් අතපත්තුගෙ දෝනියන්දා එක්ක කරවල විකුනන්න ආසාව තියනවා කියන එකනෙ...
අමාකර.....පරිස්සමින් ඉන්න.....පරිස්සමින් ඉන්න කියලා මං අමුතුවෙන් කියන්න් දෙයක් නැ....
ඔව්...ඒක ඇත්ත...මට මාව පරිස්සම් කරගන්න පුලුවන් සමුද්‍ර.....රැයක් තනියෙන් තියපු මට ඔයාද පරිස්සමින් ඉන්න කියන්නෙ.....??ඔය පරිස්සම ගැන ඊයෙ රෑත් හිතන්න තිබුනනෙ අයියෙ...ඇයි හිතුවෙ නැත්තෙ...නින්ද ගියා කියල හරි ලස්සනට කිව්වෙ...සමුද්‍ර...එකපාරක් මාව නැති කරගත්ත කියන්නෙ නැති කරගත්තම තමයි....මාව ආය දෙපාරක් හම්බෙන මනුස්සයෙක් නෙවෙ සමුද්‍ර.....
උඹලා හැමෝටම අනුව මං මෝඩයෙක්...මුරන්ඩුවෙක්....අප්පච්චිට අනුව මගෙ හිතුවක්කාර කම...ඒත් මගෙ පැත්තෙන්.....මගෙ පැත්තෙන් මන් මගෙ පන වගෙ ආදරෙ කරන මනුස්සයව විස්වාසකරන් එලියට බැහැපු එකෙක්....එක වතාවට දහ වතාවක් කෝල් කර කර කදුලු හලපුඑකෙක්.....
කවුරු කවුරුත් මගෙ මෝඩකම ගැන කිය කිය බැන්නට...ඔය කිසිම එකෙක් ඉබේ ලොකු උනේ නෑනෙ...මගෙ වයස පහු කෙරුවනෙ.....එතකොට මට රිදෙන තරම ඒක මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ...?
මට ආය අමුතුවෙන් පරිස්සමින් ඉන්න කියන්න දෙයක් නෑ සමුද්‍ර....වෙනදා වගේම දවස් ගෙවෙයි.....වෙනදා වගේම මං ඉස්කොලෙ යයි....ආපිට ගෙදර එයි...වෙනසකට තියෙන්නෙ ඔයා වෙනුවෙන් මං වෙන්කරපු කාලෙ ඔහෙ ගෙවිලා යන එක විතරයි ...ඒ වෙලාවටත් මන් මගෙ පොතක් පතක් බලාගන්නම්.....
ම්න්...හොදයි....උඹගෙ වචන ඔය වයස මේ තරම්ම දරුනු නම්...මේ හැන්නදිගේ කියන්නෙත් ආය දෙපාරකට හොයන්න පුලුවන් එකෙක් නෙවෙ සුදු චූටි...මං මේ මොහොතෙත් තවමත් උඹට ආදරෙයි අමාකර.....හරි.....මං තවමත් තමුසෙට ආදරෙයි....මාව එපා කියන්න කියන්නත් මං තවම තමුසෙට මදී නොකියන්න ආදරෙයි.....මං මෙ.දැනුත් බලන් ඉන්නවා උඹ මට සුදු අයියෙ කියල මට තුරුල් වෙයි කියලා....
සමාව ඉල්ලන්නවත් මොන ලබ්බක්වත් ඕන නෑ...රත්තරන් තමුසෙ සුදු අයියෙ කියලා කිව්වත් ඇති මේ හැන්නදිගේගෙ හිත හැදෙන්න හරිය...ඒත් තමුසෙ මාව වචන වලින් රිදවනවා...ඔය පොඩි වයසට මේ තරම් රිදවන්න පුලුවන් නම්.....ආය වෙන මොකුත් කියන්න ඕන නෑ...
මං උඹට පිස්සෙක් වගේ ආදරෙ කෙරුවා...උඹ දැන් එබිලා බලපන් වස්තුව මේ ඇස් අස්සෙ තවමත් මහ මුහුදට අන්ත ආදරෙ තියනවා....ආදරෙ කරන්නයි ආපිට යන්නයි ඕන මනුස්සයෙක්ට අයිතියක් තියනවා...හැබැයි මිනිස්සුන්ට වෙනදටත් වඩා සතුටින් ජීවත් වෙන්න බලාපොරොත්තු දීලා...දීලා...නොහිතන තැන්වලදි උන්ව නන්නත්තාර කරන්න මොකාවත් අවසර දීලා නෑ....කමක් නෑ...යන්නම ඕන කියලනෙ කියන්නෙ...හ්ම්...යමන්...උඹට ආදරෙ දෙන උඹව අඩවන්නෙ නැති මනුස්සයෙක් එක්ක ජීවත් වෙයන්....
එතකොට ඔයා....
මට මොනවා වෙන්නද.....වෙනදා වගේම මගෙ ජීවිතෙ ගෙවෙයි....උඹ එන්න කලිනුත් මං පාඩුවෙ උන්න මනුස්සයනෙ....මට පුලුවන් ආපිට පාඩුවෙ ඉන්න....
ම්ම්ම්....එහෙමද.....එහෙනම් ඒ විදිහටම ඉන්න අයියෙ....ආදරෙ කරන එක නැවැත්තුවා කියලා මං ඔයාට වෛරකරන්නෙ නෑ...ඔයත් සතුටින් ඉන්න.....මාත් ඉන්නම්....අනික මේ ලෝකෙට ඉන්න එකම මනුස්සයත් මම නෙවෙනෙ අයියෙ...තව ටික දවසකින් ඔයාටත් කාව හරි හම්බෙයි....ඒ වගේම මටත් කෙනෙක් හම්බෙයි...අපි අපි ආයම අපිට උරුම ලෝකවල සතුටින් ඉදීවි...
ඇත්තට ..මට පේන්නෙ තමුසෙට නම් මේ තකහනියෙ කාව හරි හම්බෙලා වගේ... .නැත්තන් මේ කොල්ලා මෙච්චර උගෙ පැත්තෙන් කියන්න ඕන දේවල් කියලයත් තමුසෙ ඔහොම හැසිරෙන්නෙ සිහත් මොකෙක් හරි ඉන්නවද....
අප්පච්චි !!
.මං කෑ ගැහුවා....හිතෙ දුකට තරහවට කටට එන හැම දේම කිය කිය උන්න මට අප්පච්චි කිව්ව වචනත් එක්ක තරහවක් වගේම උහුලන්න බැරි දුකක් දැනුනා විතරයි මං කවදාවත් නැතුව අප්පච්චි ට සැරකෙරුවා.....
මොකො උඹගෙ සද්දෙ.....???කරන්ඩ පුලුවන් මුරන්ඩු කම් කරලා උඹ දැන් මට කටෙ සද්දෙ පෙන්නන එනවද.....නෑ මං උඹගෙන් ඇහුවෙ ඔය තරම් හෙන ෆිට් එකෙන් අරූට වෙන කා එක්ක හරි ඉන්න කියන්නෙ උඹට වෙන කවුරු හරි ඉන්නවද කියලා...මොකද උඹ මූ එක්ක වගේම ඌ එක්කත් පැනලා යන්න හැදුවොත්...ඇරත් මං දැන් මුට සුදු පුතා කියන එක නවත්තලා ඌටත් සුදු පුතා කියන්න එපැයිනෙ...ඒකයි....විහාරා....තමුසේ වගෙ නෙවෙ...තමුසෙට නම් මගෙන් තොර ලොකයක් තිබුන් නෑනෙ...මූ එහෙම නැ...ඇදුම් මාරු කරනවා වගෙ කෑලි ඉන්නවා.....ඔක්කොටම කලින් කියපන් ඊලග කෑල්ලට යන්න කලින් ඒකෙත් මගෙ බ්ලඩ් ලයින් එක ඉවර වෙන රිලේශන්ශිප් එකක්ද කියලා.....ඒකත් දැනගන්න එපැයිනෙ.....
එහෙම උනොත් මගෙ ලේ ඉස්සරහට ගෙනියන්න ඉන්නෙ අරූ විතරයි.....
තවමත් මාව විහිලුවක්ද අප්පච්චි ...???මාව තවම විහිලුවක්ද.....ඔයාගෙ පුතා මමද...නැත්තන් සමුද්රද.....
නෑ...නෑ...මට උඹව විහිලුවක් නම් නෙවෙ....හැබැයි මන් ඇහුවෙ ඇත්ත කතාවක්නෙ...මිනිස්සු යාලුවෙනවා තරහා වෙනවා..හැබැයි උනුසුම යන්න කලින් උන් කියන්නෙ නෑනෙ උඹටත් තව එකෙක් හම්බෙයි....මටත් තව එකෙක් හම්බෙයි කියලා.....හැබැයි එහෙම ගැම්මට කියන්නෙ...නවත්තන්න යන එකාට තව කෑල්ලක් ලයින් වේගන එනවා නම් තමයි.....
මං අප්පච්චි දිහා බලාගන උන්නා....අප්පච්චි ගන්නෙම සමුද්‍රගෙ පැත්ත....මට රිදව රිදව අප්පච්චි උනත් ගන්නෙම සමුද්‍රගෙ පැත්ත ....
සුදු චූටි.....
.........
මාව ඔය තරම්ම එපා කියන්න අප්පච්චි කිව්වත් වගෙ කවුරු හරි ඉන්නවද රත්තරන් ...
අඩෙ නිලමෙ....ටම හැමනෙන්න....
ඒ...ඒ කිරියා...කිරියා....එපා...ගෙදර යමන්....
.නැ ස්කීපර් අයියා....යකො මූ........නිලමෙ උඹ නම්....
කිව්වනෙ.....යමන් කල්ප ගෙදර...කොල්ලට නින්ද ගිහින් ඇදට දාපන් ඕකව....පාන්දර ඉදන් ඌ ඇහැරන් ඉන්නෙ...
මචන්....උඹට එහෙම එකෙක් ඉන්නවද....නැද්ද දන්නෙ නෑ....හැබැයි ඉන්නවා නම්...අවුලක් නෑ...හැබයි සැරින් සැරෙ අපේ එකාව රිදවන්නත් හිතන්න එපා හරිය..ලොකු බොසා....ඔහෙ ඕඅයිසි උනාට අදාල නෑහරිය....පුතාට කියන්ඩ අපෙ එකාව අතාරිනවා නම්.....
යමන් යමන්.....ඔය ඇති යමන්.....සුකුමලා ගනින් මේකව...
කල්පයන්...යන්....
කිරියා යන්න ගියා...මගෙ දිහා තත්පර ගානක් බලාගන උන්න කිරියා නින්ද ගිහින් උන්න පසනවත් වඩාගන සුකුමලා එක්ක යන්න යනවත් එක්කම සමුද්‍ර මගෙ අතින් අල්ලගත්තා....
..කිව්ව්ට විස්වාස කරන්න...අනේ අත් ගැහෙනවා.....මොන තරම් තදයෙක් වගේ උන්නත්.....මොන තරන් ආඩම්බරකම් පෙන්නුවත් මගෙ සමුද්‍ර කියන්නෙම මගෙ ඉස්සරහා පුදුමාකාර ආදරනීය චරිතයක් වෙනකොට මගෙ මේ නපුරු කම මටම ඔරොත්තු දෙන්නෙ නැති උනා...කොටින්ම මට සමුද්රව රිදවන්න ඕන උනා...මගෙ ආදරෙ මැරුනත් මේ මනුස්සයට විතරමයි කියන්න දැන දැනම මං එයාට රිදෙව්වා.....
තට්ට තනි පාලු වෙරලෙ ඉදන් මන් අඩපු කදුලු වලට සාදරනයක් දැනෙනකම්ම මට එයාව රිදවන්න හිතුනා....ආදරෙ තරම වැඩි වෙන්න වැඩිවෙන්න වේදනාවෙ තරමත් ඒ හා සමානයි කියන්න ඇස් පනාපිට ඔප්පු කර කරම මං මට ආදරෙ කරන මේ නපුරු ආදරවන්තයව රිදවන්න ගත්තා....
..එහෙම කෙනෙක් ඉන්නව නම්...සීදේවි කමක් නෑ...නින්ද ගිය එකට මෙ තරම් ලොකු දඩුවමක් මට ලැබෙයි කියල මං හීනෙකින් වත් හිතුවෙත් නෑ.....කමක් නෑ....උඹගෙ සතුට තියෙන්නෙ දෙවනියා ගාව නම්...යන්න පුලුවන් ....ගිහින් සතුටින් ජීවත් වෙයන්...හැබැයි අමාකර දෙයක් මතක තියාගන මගෙන් ඈත්වෙයන්...
මං උඹව රැක්කෙ තනිකරම මගෙ දරුවෙක් ගානට..මං ඇවිත් හැගීම් උපරිමේට වැඩකරන මනුස්සයෙක් හරි....ආදරෙ කරනකොට නම්බුවත් රකින එක ආදරේම කොටසක්....උඹ ඔය යන්න හදන එකා උඹව මොන විදිහට බලාගනීද කියන්නෙ දන්නෙ ඌය් උඹයිනෙ...හැබැයි වැරදිලාවත් දුක කියාගන මගෙ ගාවට එන්ඩ හිතන්නවත් එපා....එහෙම ආවොත්.....
මං උඹගෙ දුක අහල ඒකව මරනවා...මරන එක මරනවමයි...හරි...මේ හැන්නදිගේට කාගෙ ඔලුවත් කදෙන් වෙන් කරන්න ගානට මිම්මට පුලුවන් හරි.....ආය මාලු කපන කැපිලි වලට හපන් වෙයි....මං උඹගෙ දුකත් අහල ඌව මරලත් දානවා...හැබැයි උඹව මලාට බාර ගන්නෙත් නෑ...
අර උඹම කිව්වනෙ.....කරපු ආදරෙ පිලිකුල් වෙන්න දෙන්න හොද නැති කතාවක්...නේ.....???මං උඹට කරපු ආදරෙ මං මැරෙනතාක්ම තියෙයි...හැබැයි ආය වර්තමානයක් අනාගතයක් නැ...අන්න එකත් මතක තියන්....මං පරිස්සම් කරලා ඉදුල් නොකර දෙන උඹව පරිස්සම් කරන් තියාගන්න එක උඹගෙ වගකීම.....මොනවා උනත් මට නැති උන උඹව හිමිකරගන්න එකා වාසනාවන්තයා...
හැමෝටම අම්බර හම්බෙන්නෙ නෑ සීදේවි...ඔය හොයාගන්න එකා එක්ක ඉදින්.....
මං අහගන උන්නා....සමුද්‍රගෙ ඇස් වල තියන ඉහවහගියපු වේදනාව දැක දැක මං ඒත් පුපුරන්න එන හිත ගල් කරන් අහන් උන්නා.....
අම්බර කාටවත් ලේසියෙන් හම්බෙන්නෙ නෑ කියපු එයා මට හොයාගත්ත එකා එක්ක ඉන්න කියලා මාව පාස් කරන් යන්න යනවත් එක්කම මං ඒ අතින් අල්ලගත්තා....
මං මිනාල්ට කැමතියි සමුද්‍ර ...මට විශ්වාසයි එයා මාව බලාගනී....!සමහර විට උඹටත් වඩා හොදට....
ම්න්... බ ලා ග නී...මට වඩා හොදට බලාගත්තොත් මං සතුටු වෙන්නම්...කාගාව හරි උඹ සතුටින් ඉන්න එක සැනසීමක් කියල...හැබැයි අමාකර...හැමෝගෙම්ම මේ හැන්නදිගේව හොයන්න යන්න එපා ජීවත් වෙන්න අමාරුවෙයි.... ටිකක් නෙවෙ.....නොසෑහෙන්න.....සතුටින් ඉදින් අමාකර....
..
.
.....
🤌🤌හැව්...හැව් .බලාගනි
ආදරෙයි ඈ.....Lveu