Cherreads

Chapter 86 - 86

අනේ අම්මා...

මට කෑගැස්සුනා....සමහර විට එයාටත් වඩා එයාගෙ අම්මව ඕන උනේ මටද මන්දා .....දරුවෙක් බය උනහම වයස් භේදයක් නැතිවම කෑ ගහන්නෙ අම්මා කියලා ...ඒක හිතලා කියන්න ඕන දෙයක් නෙවෙ....ඒක ඉබේම වෙනදෙයක් ...මොකද ....කවෘ කොහොම අතෑරියත් අම්මා කවදද දරුවෙක් අතෑරියෙ ..අම්මා කවදද පිහිටක් නොවුනෙ....

හැබැයි...පූරුවෙ කරුමෙකට මගෙ අම්මා ඒ ජාතියෙ අම්මෙක් නොවුනත්....දෙයියො එකම එක අංශු මාත්‍රෙකින් හරි මට කරුනාවක් දක්වලා ආයම අම්මෙක් දීලා තියනවා.. .දෙයින්ට දරු ගැබ මාරුවෙආ මාව අනීතට දුන්නට...පහු වෙලා හරි වෙච්ච වැරද්ද එක දශමෙකින් හරි හරි ගස්සවන්න මට ආයම අම්මෙක් එවල තියනවා.....

මං දිව්වා ...වීදුරු කටු පාගගන ගිහින් අප්පච්චි ගාව උන්න එයා ගාවට ගිහින් පිටිපස්සෙන් හිට ගත්තා ..."අම්මා ඉන්නවනෙ" කියන වචනෙ අස්සෙ තියන හයිය මට දැනුනා ....

අම්මා...දහම්...?? දැන් මූට අලුත් අම්මෙක් ඉන්නවද ....

සතෙක් සර්පයෙක් උනත් රැදෙන්නෙ ආදරේ තියන තැන මිසක් තරහව පිරුන තැන නෙවෙ අනීතා...ඒක තේරුම් ගන්න...

තේරුම් ගන්න....තේරුම් ගන්න....මෙච්චර මගුලක් වෙලා තියනකොට තමුන් තවමත් ඔහොම නිවිලා වගේ කතා කරන්නෙ කොහොමද දහම්....ආ....??

මට ඇවිලුනොත් නිවා ගන්ඩ බැරි හින්දා අනීතා.....

ඇවිලුනොත් නෙවෙ....තමුන්ගෙ පුතා කොහෙදෝ යන වේසවියකට ජාතක උන රොඩියෙක් එක්ක ගේ අස්සෙ හැමනෙනව දැන දැන උඹ මේවා ඇස් කන් පියන් අහනින් ඉන්නෙ කොහොමද දහම්..

අනීතා.....කට පියවපන්.....

මං අහන් උන්නා...මං නෙවෙ හැමෝම අම්මා අප්පච්චි ගාවට ඇවිත් අත පය විසික් කර කර කෑ ගහපු හැටි ආයම පාරක් මගෙ විතේන්ගෙ අම්මට වේසාවියක් කියනකොට අප්පච්චි අම්මට කෑ ගැහුවා ...එයාගෙ අම්මගෙ ඇස් වලට කදුලු පිරෙනවා එක්කම එයා අම්ම ගාවට ආවා....

අම්මි.....අනේ.....

ආ.....එතකොට මේ කුමාරි හාමියි එහෙනම් මේ රොඩියව ජාතක කරලා තියෙන්නෙ...ඈ බොල් පරට්ටියෙ...තෝ ළමයි හැදුවෙ වේස කම් කරල....ආහ්...!!

මං හිතන්නෙ අම්මට කතා කරගන්න බැරි උනා....මං බලන් උන්නෙ අප්පච්චි කොයි වෙලේ හරි අම්මගෙ කන පුපුරවයි කියලා උනත් රසානි අම්මා අත දිගෑරලම ගහපු පාර එක්ක අම්මව අඩි දෙක තුනක් පස්සට විසික් උනා...කම්මුල අල්ලගත්ත අම්මා මුලු මූනටම ලේ පුරවගන ආයම රසානි අම්මා ගාවට එනකොට එයා ඊට කලින් හිටගත්තා ..

උඹ අම්මෙක් නම්....එකටම ළමයි ඉස්සරහ තව අම්මෙක්ට කතා කරන්ඩ ඉගන ගනින්....

අම්මෙක්ට කතා කරන්ඩ...අම්මෙක්ට කතා කරන්ඩ තිබුනා හරි විදිහට ළමයි හදලා තිබුනානම්....උඹට අමාරුද ඇත්ත කතා කරනකොට .....ආ...හරියට වැදුව නම්...ජාතකේ හොදනම් මේ වගේ අසහන කාරයෝ ඉන්නෙ නෑ....පරට්ටි....තො හිතා ගන ඇති මගෙ එකාගෙ කරට තොගෙ වේස කොල්ලව ගහන්ඩ නේ.....වලව් කාරයො එක්ක තොපිට හැරෙන්ඩවත් පුලුවන්ද ....

ඇයි කුමාරි හාමි....වලව්වෙ උන්ගෙ නලලෙද තියෙන්නෙ....ආ...?උඹ මට කතා කරන්නෙ වේස පදෙන් නම්...මම කතා කරන්නෙත් වේස පදෙන්..අප්පච්චි ...මට මේ විදිහට කතා කරන්නම වෙනවා....

අප්පච්චි ...??ඇහුනද අම්මා මේ බලන්ඩකො....මේකගෙ අම්මා මගෙ මිනිහට අප්පච්චි ලු...පුතාව මගෙ කරෙ ගහලා....මහ වේසි මිනිහගෙ ඇගේ නගින්ඩ ආවද ...???අප්පච්චි ....ඈ බොල තොට අප්පච්චි උනේ කවදා ඉදලද....ආ....තො..මෙතන මේකව කරේ ගහලා වලව්වට රිංගවන්ඩ වෙන්න ඇති....ඒවා..ඒවාහීන....ඒවා හීන....මොල්ලි ගොඩ වලව්ව්වට රිංගන්ඩ තොපි...?පර හැත්ත....පර හැත්ත .....

අනීතා...දැන් ඕක නවත්තපන්....

නවත්තන්න....ඇයි...ඇයි මං නවත්තන්නෙ..ආ දහම්...ඇයි මං නවත්තන්නෙ ...???උඹ කියන්නෙ කොහෙවත් යන දහපදුරාවෙ ගියපු වේසා ගෑනියෙක්ට ජාතක වෙච්ච එකෙක්ව අපේ උන්ට දෙන්ඩ...මුන් අගුපිලවල් ගානෙ අස්සෙ හැමනිලා සත්තු බෝකරගන....ආ.....හ්ව්ව්....

චටාස් .....

ඇති....නවත්තපන්..නවත්තපන්....

දහම් උඹ....

තොපි එකෙක් කට අරින් නෑ හරි.....අප්පච්චි ....උඹ වයස ගැන හිතලා පාඩුවෙ ඉදගනින්....පලවෙනි කාරනේ මේකි මගෙ ගෑනි....මුන් වගේ උන්ට දෙකක් තුනක් වැනුවෙ නැත්තන් මුන්ට මිනිහා මොකාද ඒකිගෙ තැන මොකක්ද ...ඒකි අම්මෙක්ද....ඔය මොකුත් මතක නෑ...කරුනාකරලා පාඩුවෙ පැත්තකින් ඉදගත්තොත් හොදයි....හරි....

පාඩුවෙ පැත්තකට වෙන්ඩ පුලුවන් කාරනාද දහම් මේවා...මගෙ එකීට ගහලා උඹ හදන්නෙ මේකව අර වේස කොල්ලගෙ කරේ ගගන්ඩද....ආ දහම්...

මහ කුමාරි මං තමුන්ටත් එක්ක මේ කියන්නෙ....මටත් සීමාව පැන්නුවොත්...අම්මා අප්පච්චි නොබලා දෙකක් වනන්ඩ වෙයි...මොකද මම මේ වේදනාවක් ඉහ ගහන්නෙ උඹලගෙ වලව්වෙන් මේකිව කර ගහන්ඩ ගත්තු දා ඉදන්...මගෙ කොල්ලට දැන් තිහක්...මේකිව බන්දවලා අපේ උන් මට කෙරුවෙම මාව නොමරා මරලා දාපු එක....කරුනාකරලා දැන් පාඩුවෙ කට පියාගන හිටපියව් ...මෙතන කතා කරන්නෙ මම විතරයි .....වෙන උන් නෙවෙ හරී....

මෙච්චර වෙලාම සද්ද වහලා අම්මගෙ කුනු හට්ප විමානෙ අහන් උන්න අප්පච්චි අම්මගෙ කන රත් වෙන්න ගැහුවා ....අවංකවම මට නම් මෙහෙමයි කියලා වේදනාවක් දැනුන් නෑ...මෙහෙමයි කියලා දුකක් දැනුන් නෑ...තිබුනෙ පැසවන තරහව විතරක් වෙනකොට මන් මගෙ විතේන්ගෙ අත කිටි කිටියට පටලවගන බලාගන උන්නා....

අම්මා පුලුවන් තරම් රසානි අම්මට වේස පද කිව්වා ....මගෙ විතේන්ගෙ මූන....තාත්තගෙ මූන...අප්පච්චිගෙ මූන ගින්දර පාට වෙලා තිබුනා...අම්මගෙ කටින් පිට උන හැම වචනයක් අස්සෙම තිබුනෙ මගෙ විතේන්ගෙ ජාතකේ ගැන වෙනකොට කියපු සමහර කතා මටම අහන් ඉන්න බැරි උනා වගේම අන්තීම රතු කටුවෙ ඉන්න අප්පච්චි අම්මට ගහනවා එක්ක මේ හැම දේම පැත්තක ඉදන් නඩු විභාග කර කර උන්න අත්තම්මා වගේම සීයා තාත්තා ඇවිත් වැරදි නිවැරදි කරන්ඩ හදනකොට මගෙ අප්පච්චි ඒ දෙන්නටත් පරන හැන්දෙම්ම බෙදුවා.....

මුලු ගේම මීයට පිම්බා හා සමාන වෙනකොට අප්පච්චිට වගේම තාත්තට මැදි වෙලා උන්න රසානි අම්මා අම්මා දිහා බලාගන උන්නෙ දැන් බෙල්ල අනිත් පැත්තට හරවලා කඩන දාන තරහකින් වෙද්දි මගෙ අප්පච්චි තවත් ගින්නක් ඇවිලුවා...රසානි අම්මගෙ අත බයක් හැකක් නැතුවම පටලව ගත්තා ...

දහම්.....උඹ මේ මොක්ද දහම් කරන්නෙ....උඹ මේ වේසා ගෑනියක් එක්ක එකතු වෙලා මොන නාඩගමද නටන්නෙ...

ජරා ගෑනි උඹ...අම්මලා පුතාලා එකතු වෙලා මගෙ මිනිහගෙයි..මගෙ කොල්ලයිගෙයි කරේ එල්ලුනාද.....ආරොඩී ගෑනියේ....ආ...උත්තර දීපන්...උත්තර දීපන්...

අනීතා.ඇති.....ඇති මේ නාඩගම...ඇති කියන්නෙ හොදටම ඇති....උඹට මම කිව්වෙ පාඩුවෙ පැත්තට වෙන්න කියලා මිසක්.....එක එකාගෙ ජාතකේ හියන්න නෙවෙ අනීතා...ජාතකේ ගැන කතා කරනවනම්..කච්චේරියෙ ඉන්න උන්ට නිවාඩු දාන්ඩ වෙයි උඹගෙ අප්පගෙ අවජාතක පරපුරට වාසගම් ලියන්න ගිහිල්ලා...

දහම්....

ඇයි...අමාරුද...අමාරුද අනීතා....ආ..උඹට අමාරුද....යකො...උඹ මොනවද දන්නෙ අනීතා...උඹයි මායි බැදපු දාත් උඹගෙ මහ එකා අර කාමරයක් අස්සෙ රින්ගුවා....එදයින් එදා මම දැනගත්තා මොල්ලිගොඩ හාමුදුරුවන්ගෙ හපන් කම්.....නිකන් ලැජ්ජා නොවී ඉදපන්...දරුවො ඉස්සරහත් ලැජ්ජ නොවී ඉන්න බලපන් අනීතා...උඹගෙ අප්පගෙ කෙරුම් වහලා වලව්වෙ නම්බුවට සුදු හුනු ගාලා උඹව මගෙ කරේ ගැස්සුවෙ මගෙ ආදරෙත් නැති කරලා....එදා එහෙම නොවුනනම්....අද මට මෙහෙම වේදනාවක් නෑ....

එතකොට....එතකොට ...මේකිද.මේකිද ...ඒ පරට්ටි .....උඹ නැහීගන උන්නයි කියන්නෙ....මේ අඩු කුලෙ එකීද....අම්මගෙම වේස ගති නොයා ඉන්න එක පුදුමයක් නෙවෙනෙ ගහේ කටු උල්කරන්ඩ ඕන් නෑ ආය....ගහේ මහ එකී ඒකාලෙ කරේ එල්ලෙන්ඩ හදලා හදලා....දැන් බැරි උන හන්දා පුතාව එව්වද ....ආ...ආ පරට්ටියෙ....තොට කරගන්න බැරි උන දේද උඹ මේකා ලව්වා කෙරෙව්වෙ.....ආ.....උත්තර දීපිය...ආ..යකො.....තොපි.....

අනීතා....අත ගනින්.....උඹ ඔය කියන ජාතියෙ වේස ගෑනියක් නෙවෙ මගෙ ගෑනි....උඹ වගෙ නමට අම්මෙක් උන එකියක් නෙවෙ මගෙ ගෑනි....උඹට නම්බු පිටින් අහගන්න ඕනානම් ...අතක් තියපන්...අත කඩනවා...මං උඹේ මිනිහා දහම් වගේ කන අතගාලා අතාරින් නෑ...අත කඩලා දානවා ..ගෑනුන්ට අත උස්සන්ඩ හොද නෑ තමයි....ඒත් උඹ වැරදිලා ඉපදුන එකියක්...උඹ නෙවෙ උඹගෙ මුලු හැතිකරේම....

තාත්තා....

අප්පච්චි අම්මා දිහාවට හැරිලා එකින් එක එකින් එක කියන්ඩ ගත්තා විතරයි අම්මා ආයම පරල උනා....අප්පච්චිගෙ ආදරේ ගැන කිව්වා විතරයි අම්මා ආයම පරල උනා....ඇත්තටම අම්මා අප්පච්චිට ආදරේ කරන්න කෙනෙක් උන්න බව දැන දැනද හා කියලා තියෙන්නෙ...එහෙම කෙරුවා නම්....කෙනෙක්ගෙ ආදරයක් කඩා බිදලා දාලා අයිති කරගන්න අම්මට පුලුවන් උනා නම්....මට...සුදුලට කරපුවා ගැන කවර කතාද....

මගෙ ගාවට වෙලා මීක් නොගා උන්න විතේන් බලන් උන්නා....බැනුම් අහපු නාකි ජෝඩුව පොලවෙ අඩි හප්ප හප්ප බලන් උන්නා .....අම්මා ආයමත් රසානි අම්මට එකම දේ කිය කිය බැන්නා....මගෙ විතේන්ට එකම නම කිය කිය බැන්නා විතරක් නෙවෙ එකට පැටලුන අත් දැකලා රසානි අම්මට ගහන්න යනකොට මෙච්චර වෙලාම කටක් නෑර ඉදපු තාත්තා අම්මගෙ අත අල්ලගන අනිත් අතට තල්ලු කරලා දැම්මා.....

දහම්....උඹ මේ ගෑනිත් එක්කත් නටන්න ගත්තද ..අරූ එහෙන් නටනකොට උඹ මෙහෙන් නටනවද දහම්....ආ....උත්තර දීපන් ...උත්තර දීපන්....මේ කොහෙවත් යන රෝඩී හින්දා උඹට ඕන පවුල කන්නද.....නම්බුව නැති කරගන්නද දහම්....ආ....උත්තර දියන් දහම්...දෙයියන්ගෙ නාමෙට...උත්තර දියන් ...

ගෙදරට එනකොට මූ මෙහෙ රොඩියෙක් එක්ක මගුල් අහනවා....ඒ අස්සෙන් උඹ....උඹ මේ වේසා ගෑනියක් අල්ලන් නටනවා...උඹ හදන්නෙ මිනිස්සු ලව්වා කෙල ගස්සවන්නද දහම්...ආ....උඹට ඕනෙ අපේ මූනවල් වල දැලි ගාන්ඩද....කොහේවත් යන රෝඩි අම්මන්ඩියෙක් කරේ ගස්සන් මේ මොන නාඩගමක්ද නටන්නෙ දහම්...උත්තර දියන් දහම්..උත්තර දියන්....

මං බලාගන් අම්මා අප්පච්චිගෙ කොලර් එකෙන් ඇද ඇද කෑ ගැහුවා....ඒත් මගෙ අප්පච්චි නෙවෙ වචනයක් කිව්වෙ අවසානෙදි අප්පච්චිගෙ කම්මුලට පවා ගැහුවා...මිනිස්සු එයාලට කෙල ගහයි ගගා මැරෙන්න හැදුවා...අපි එයාලට ලැජ්ජා කරනවා ගගා කෑගැහුවා ..එයා වචන අනූ නවයක් කතා කෙරුවත්..... ඒ අනූ නවය අස්සෙම තිබුනෙ අපි නම්බුව කනවා...නම්බුව කනවා....උන්ගෙ මුනට මිනිස්සු ලව්වා කෙලගස්සවන්න හදනවා කියන එක විතරක්ම වෙනකොට මම බලන් උන්නා..දැන් අම්මා..අපි දෙන්නා ගැන ගියයි...අනේ පුතේ අම්මට මෙහෙම කරන්නාඑපා...අම්මා ආදරෙයිනෙ කියයි කියලා....අනෙ දහම්...මට සමා වෙයන් කියයි කියලා වත්...ඒත්....එයාගෙ හිතේ අපි දෙන්න නැ....අපි දෙන්නා නෑ කියන්න මීටත් වඩා දේවල් උවමනා නොවෙනකොට මම අප්පච්චි ඊලගට මොනවා කියයයිද කියලා බලන් උන්නා....අප්පච්චි තවමත් අම්මගෙ කෑ ගැහිලට අහුවෙල උන්නා උනත් එයාගෙ ඇස් තිබුනෙ කුඩු අරලා දාපු අපේ කූඩුව අස්සෙ...කෑලි පොඩි පට්‍ටම් කරපු අපේ කූඩුව අස්සෙ.....

දහම්.....ඇයි උඹ කතා නොකරන්නෙ...කියපන්.....මේකා මෙහෙ අර රොඩියා එක්ක බුදියෑවා වගේ උඹත් මේ වේසි එක්ක බුදියෑවද....ආ දහම්....උත්තර දීපන්...

උඹත් මේකිගෙ ඇග උඩ නැග්

අනීතා.....

අම්මට මේ පාර ගහපු පාරට මං හිතන්නෙ යටි තොල විතරක් නෙවෙ හක්කම පනින්න ඇති කියලා මට හිතුනා...පලිගුවා පවා අප්පච්චිගෙ කටෙ සද්දෙට බයවෙලා කෙදිරි ගානකොට එයා රසානි අම්මගෙත් අත ගසලා දාලා ගුටි කාපු අම්මව ලගට ඇදලා ගත්තා ....අම්මගෙ කකුල් වල තිබුන සෙරෙප්පුවලට බිම තිබුන ඵොටෝ එකේ තිබුන මගෙ හිනා වෙලා තිබුන මුනක් බලගන ඉන්නකොට විරූපි වෙලා හිල් වෙලා ඒ හිනාව නැති වෙලා යනකොට අප්පච්චිව වෙව්ලන්න ගත්තා .....

අනීතා....උඹ කියෙව්වා...උඹ නොසෑහෙන කියෙව්වා නේ.....ආ.....උඹ නොසෑහෙන කියෙව්වානෙ....දැන් අහගනින් අනීතා...දැන් හොදට කන් දෙක ඇරලා අහගනින්....

දහම්...අත....අතා....රින්...

අතාරින්න....උඹ හිතනවද...මං මේ අත තව කල් අල්ලන් ඉදී කියලා ..නෑ...නෑ අනීතා....මං උඹේ අත බොහෝම ඉක්මනට අතෑරලා දානවා...මම ඉවසන් උන්නා ඇති...මම...මගෙ කොල්ලා....ඉවසන් උන්නා හොදටම ඇති අනීතා...උඹ මෙච්චර වෙලාම කියෙව්වා ....උඹ කියෙව්වෙම උඹලගෙ නම්බුව ගැන...උඹලාගෙ වලව්වෙ පිත්තම ගැන.....යකො....උඹට එක පාරක් වත්....එකම එක පාරක්වත් මගෙ නමවත්...මගෙ කොල්ලගෙ නම වත් කියෙව්වද ...

මාව ගල් ගැහිලා ගියා....මගෙ හිතේ ඇති උන හැම හැගීමක්ම මගෙ අප්පච්චි ඵොටෝ කොපි කරා වගෙ එලියට දානකොට ලේ බැදීම් වලට ලේ බැදීම් දැනෙනවා කියන්න මට මීටත් වඩා සාක්කි ඕන් නැති උනා....ලේ වලට ලේ කකියනව කියන්න වතුරට වඩා ඒ ඝනකම් කියලා කියන්න මට මීට වඩා සාක්කි නැති උනා....මුලු ගේම අමුසොහොනක් කරපු අම්මා සීයා තාත්තා අත්තම්මා අප්පච්චි ඉස්සරහ තක් බීර්වෙලා වගේ බලන් ඉන්නකොට අප්පච්චි කසාදෙ මලගමටත් සුදු කොඩි දායි කියන්න මට ඉවෙන් වගේ දැනුනා...

අප්පච්චි ආයම අම්මව ඇදල ගත්තා .....ඒ අත් කොච්චර තදින් අල්ලනවද කියන්න අම්මගෙ මූනෙන් පෙන්නුම් කරනකොට අපි බලන් උන්නා...

අනීතා....උඹ වලව්වෙ පිත්තම ගැන කියවනවා....එහෙ බැලුවත් වලව්ව...මෙහෙ බැලුවත් වලව්ව....අවුරුදු ගානක්...මම උඹේ පට්ටන්දරේ ඉවසන් උන්නා.....දැන් ඉතින් ඒ ඔක්කෝටම තිත තියල මගෙන් ඈත් වෙලා ඔය මක බාවෙ නම කකා ඉදපන්.....උඹ අම්මෙක් උනේ කවදද කියපන්...අම්මෙක් වෙන්ඩ කලින් උඹ මගෙ ගෑනිනෙ නේ...මට කියපන් ගෑනියෙක් වෙච්ච උඹ මගෙ හැගීම් වලට කවදාවත් සාදාරනයක් කෙරුවද කියලා....නෑ....එහෙම් කවදාවත් කෙරුවෙනෑ....හැබැයි....මට අද හිතා ගන්ඩ පුලුවන් තොපේ මහ එකාට ගැනු දැක්කම නලියන්නෙ ඇයි කියලා ....අම්මත් තෝ වගේම දෝදු මගුලක් වෙන්න ඇති.....

දහම්....

ඇයි...ඇයි...ලැජ්ජද....යකො....ගෑනියෙක් දැනගන්ඩ ඕනා මිනිහෙක් තේරුම් ගන්ඩ.....තොට බැන්ද දා ඉදලා වත් මං වෙනුවෙන් තේ එකක් හදල දෙන්ඩ බැරි උනා....මගෙ බත් පත බෙදල දෙන්ඩ බැරි උනා...ඒ හැම දේම කෙරුවෙ වැඩ කාරි...වැඩට් ගිහින් එනකොට තෝ කෙරුවෙ බිබික්කම වගේ ඉදන් උන්න එක.....ඉස්සරහට ඇවිත් උඹට මහන්සිද මහත්තයා කියලා අහයි කියලා මම මෙ වෙනකන් බලන් උන්නා...තොට කවදාවත් ඒ වගෙ දෙයක් අහන්ඩ කට පන ආවෙ නෑ....උඹ කෙරුවෙම වලව්වෙ නම්බුව රැක රැක ඉදපු එක....උඹ ගැනියෙක් විදිහට අසාර්තක වෙනකොට මම හිතුවා බඩට ළමයෙක් ආවමත් උඹ හැදෙයි කියලා .....

උඹම හිතපන්....මම මූ ඔය නම මාසෙම බඩේ ඉන්නකොට මම මිනිහා වෙලා තොට ආස කියන හැම එකම මගෙ අත් වලින් නේද හැදුවෙ.....වැඩ කාරියෙක් ලව්වා තේ එකක් වත් හදවන්න දුන්නෙ නැත්තෙ මගෙ එකා හින්දා නේද.....තොට නාන්ඩ ඕනා වෙනකොට බේසම් ගනන් වතුර ඇදලා බේස්ම් වලට පුරෝලා එක එක බේසමට කොහොඹයි වෙනිවැල් ගැට් පවා දාලා තෝවෙ නෑව්වෙ මම නේද....එහෙම කරපු මිනිහට කවද්ද කියපන් ලගට අරන් මම උඹට ආදරෙයි දහම් කියලා එක දවසක් කිව්වෙ....මතක් කරපන්...

මගෙ අත ඉබේටම පපුවට ගියා.....දෙයියනෙ...අප්පච්චි අම්මට ආදරේ කරලා ..නැතුව නෙවෙ...කොච්චර පිට නොදා උන්නත් අප්පච්චි අම්මට සලකලා.....අවසානම තත්පරේ වෙනකන් බලන් ඉදලා ආදරේ කරයි කියලා...ඒත්...අම්මා ඇත්තටම කරලා තියෙනෙන් අර මැනිකක් රකින නයෙක් වගේ වලව්ව රැකපු එක....තන්හාවෙන් පොදි බැදන් උන්න එක.....මගෙ ඇස් වලට කදුලු ඉනුවා ....වෙනමොකටවත් නෙවෙ ආදරෙ මරලා දාලා වෙන ගෑනියෙක්ව කර ගැස්සුවත්...අම්මගෙන් අප්පච්චි රසානි අම්මව හොයන් නැතුව ආදරෙ කරන්න හදපු හින්දා ...මෙච්චර කල් පපුවෙ බර තියන් ඔක්කොම තනියම ඉවසපු හින්දා ...මං අහන් උන්නා...අපි අහන් උන්නා....අවුරුදු ගානකට පස්සෙ අප්පච්චි හිර කරන් උන්න වේදනාව පිට දාන හැටි අපි අහන් උන්නා...

අනීතා ....මං කාලෙලට කලින් හරී ලස්සනට ආදරෙ කරපු මිනිහෙක් ...විසි හතර පැයම හිනා වෙලා....ජීවිතේ විදපු මිනිහෙක් .....කියන්න කලින් මාව තේරුම් ගන්න ආදරයක් ළඟ තියන් උන්න මිනිහෙක් .....ඒත් කරුමෙට උඹෙ මහ එකා අපේ පවුලට උඹ ගැන කියලා පනිවිඩ පිට පනිවිඩ එව්වා ..මං උත්සහ කෙරුවා ..මං ගුටි කෑවා..ගෙයි මැද අඩා වැටුනා ..අප්පච්චි මගෙන් එයාව ඈත් කරන්න එපා ගගා ඇඩුවා..හරියටම මගෙ කොල්ලා අද මේක නවත්ත්තන්න බෑ බෑ ගගා අඩනවා වගේ....මොල්ලිගොඩ හාමු....සැරින් සැරේම ඇවිත් මගෙ අප්පච්චිට විස පිරෙව්වා...උන්ට ඕනා වලව් පට්ටමක් උනාට මට ඕනා උනේ ආදරයක්....තෝත් අර නාද්‍යා කියන එකී වගේ....තෝත් මම ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා කියලා දැන දැනම මගෙ කරේ නගින්ඩ හැදුවා ...අම්මලාඑ කීමට තෝත් අපේ ගෙට රිංගන්ඩ හැදුවා ....හැබැයි...මොල්ලිගොඩලා වගේ නෙවෙ දිසානායකලා....තොපි බදින්ඩ කලින් මුගෙ ඇගේ ඒකිව ගහන්ඩ ආවට බදිනකන් තොට වලව්ව තහනම් කෙරුවා ....

උඹ මහ පව්කාරියෙක් ...උඹලා හැමෝම මහ පව් කාරයි....යකො...මං මෙ ගෙවෙන තත්පරෙ පවා හිතින් විදවනවා මට උන අපරාදෙට .....මම උඹට අඩුවක් නොකර ඉන්න හැදුවා...මම අමාරුවෙන් මගෙ හැම දේම අමතක කරලා දැම්මා....මම උඹට ආදරේ කරන්න හැදුවා ....මට කියපන්...මම තොගෙ මහ එකා වගේ පිට නොගිය එකද වරද.....ආ....මට කියපිය.....

නෑ...අනීතා...උඹ හැදෙන්නෙ නෑ...උඹට ලමයෙක් හදපු මම ඊට වඩා පවු කාරයෙක්.....මම උඹට ළමයෙක් හදපු හින්දයි මගෙ කොල්ලා මෙහෙම විදවන්නෙ...මිනිහව පැත්තට දාමු...උඹ කවදද ලමයගෙ ඔලුව උකුලට අරන් අතගාලා තිබ්බෙ.....නෑ...එරෙන්නන් වාලෙ කිරි එරුන හින්දා කිරි දුන්නා....ඔය හිතේ කවදාවත් ලමයට ආදරයක් තිබුන් නෑ...සෙනෙහෙසක් තිබුන් නෑ...ඉප දෙන්න කලින් මූ දන්නවා නම් අම්මා මෙ වගෙ යකින්නක් කියල..මූ බඩේදිම බඩවැලෙන් බෙල්ල වැල දාගන මැරෙනවා....

අනෙ...අප්පච්චි ...මං එහෙම්ම ඉදගත්තා ...වීදුරු කටු ගොඩේම ....

තේශී....අනේ..තේශී.....

එයා මාව හොලවනවා....මගෙ විතේන් බය වෙලා....ඒත් මම උන්නෙ හොද සිහියෙන්...අවුරුදු ගානක හිර උන වේදනාව අහන්න පවා දුක හිතෙනකොට මං අහන් උන්නා ...අම්මත් නාද්‍යා වගේම බලෙන් එල්ලුනාලු...උන් කරලා තියෙන්නෙම අප්පච්චිගෙ තාත්තලාගෙ ඔලුවලට විස පුරවලා කුරුලු කූඩයක් කඩලා දාපු එක.....

මං කදුලු පිටින් එයාගෙ අම්මගෙ මුන දිහා බැලුවා...එයාගෙ තාත්තගෙ මුන දිහා බැලුවා .....ඒ මිනිස්සු මගෙ අප්පච්චි දිහා වේදනාවෙන් බලන් උන්නා...

උඹළට ඇතිවීමක් නැතිව ඇති අනීතා.....උඹ නමට අම්මෙ උනාට...මම නමට අප්පච්චි කෙනෙක් උනේ නෑ....හරි...මගෙ කොල්ලගෙ ජීවිතේ ගැන ඌ ඇරෙන්න තීරනේ කරන්නෙ මම....

දහම්.....තමුන් අප්පචි උනේ මම ඌව වදපු හින්ද....මමයි උගෙ අම්මා....

අනීතා...අනීතා...මම උඹට මේ තරම් පැහැදිලිව කියනවා..කරුනාකරලා මගෙ කොල්ලගෙ ජිවිතෙන් ඈතට පලයන්..උඹ අම්මලු...අම්ම නම් මට කියපන්....උඹ කවදද මගෙ කොල්ලට ආදරෙන් කතා කේරුවෙ....පුතේ අම්මා ආදරෙයි කියලා ඒකව හුරතල් කෙරුවෙ කවදද කියපන්...ඉතින් කතා කරපිය ...උඹ කවදද ලමයට අම්මෙක් උනේ.....ඌ උඹට අම්මා කියලා නමට කතා කෙරුවට මේකගෙ ඇස්වලින් බලපන්...මූ මේ ගෑනිට කොච්චර ආදරේද කියලා ...තොපි ඔය කියන වේසා ගෑනිට මූ කොච්චර ආදරෙද් කියලා ....උගෙන් දැන් ඇහුවොත් අම්මා කෝ කියලා ...ඌ අනිවාර්යයෙන්ම පෙන්නන්නෙ මේ වේසා ගෑනිව...

එහෙම බැලුවම...වංශෙ කබල් ගාන උඹට වඩා...උඹලගෙ ඇස්,වලට වේසා ගෑනියක් උන ඒ ගෑනි ගාව ආදරේ තියනව...සැනසීම තියනවා.....අනීතා...ආදරෙ කරන්න දන්නෙ නැත්තන් ...උඹලා පාඩුවෙ ඉදපල්ලා...මෙච්චර කල් මං බලන් උන්නා ...උඹ මට ගෑනියෙක් උනෙත් නෑ....මූට අම්මෙක් උනෙත් නෑ.....

ලේ කිරි කරල පොවන්න පුලුවන් අම්මෙක්ට උනාට ....උඹ කවදාවත් මගෙ දරුවට ආදරේ දුන්නෙ නෑ අනීතා....වෙන අම්මලට ආදරෙ හින්දා ලේ කිරි උනාට..උඹට අර පිනකට කිරි එරුනා.....උඹගෙ මහ ගෑනි ඇහුවා ආය ළමයෙක් හදන් නැත්තෙ ඇයි කියලා ...තව උන් හදල ඒකටත් මූටයි මටයි වගේ දුක් විදින්නද . ආ අනීතා .....උඹ කරුනාකරලා අපේ ජීවිත වලින් ඈත් වෙයන් කරුනාකරලා උඹයි උඹගෙ මේ සාපකාර හැත්තවයි අරන් පලයන්.....

අප්පච්චි කෑ ගැහුවා.....අපේ ජීව්ත වලින් ඈත් වෙලා පලයන් කියලා අම්මව තල්ලු කරලා ඇරියා....

දහම්...උඹ හදන්නෙ පාඩුවෙ ඉන්න දෙන්න කියලා...උඹ මේකි එක්ක යන්නයි.....මේකව මූට දෙන්නයිද දහම්...ආ...කියපන් ....උත්තර දීපන් දහම්.... උඹ හදන්නෙ මේ වේස ගෑනි එක්ක පවුල් කන්නද....

අනීතා.....කටවහපන් ....උඹ වේස ගෑනි වේස ගෑනි කිව්වට...ඒ ගෑනි මිනිහගෙන් පිට ගියේ නෑ යකො...අනික තොපි කියනවා වගේ උන් හිගන්නොත් නෙවෙ.....මම දෙයක් කියන්නෙ එක වතාවයි අනීතා....මගෙ කාලෙ ඉවරයි ..මම මගෙ ජීවිතේම උඹ හින්දා කා ගත්තා ...හැබැයි...මගෙ කොල්ලගෙ ජීවිතේට අත තියන්න දෙන්නෙ නෑ....ඌට ඕනෙ කාවද ..ඌ බදීවි ...

ඌට ඕන කාවද ඌ බදීවි කියන්නෙ ...උඹ හදන්නෙ මේ රොඩී පරට්ටිගෙ එකාව අපේ එකාට දෙන්ඩද....ආ දහම්.....ජාතකේ වැරද්ද...එක්ක ඉපදුන වේස කොල්ලෙක්....ආහ්...ආහ්...අනේ....අප්ප්....පච්.....ආහ්...

දහම්...අතෑරපන්...

මං..අද..මේකිව...

ආහ්ව්...අනේ...අප්පච්චි .....අම්මා.....හ්...දහම්...අතෑරපන්....මිනිහෝ...අනේ.....

දහම්....අතෑරපන්...මං උඹව බාවනවා ....

බාවන්න... බාවල බලපන් බලන්ඩ නාකි හුත්තා ...තෝ මගෙ කොල්ලට නොහොබිනා කතා කියලා...කියලා...දැන් එනවා ....පල යන්ඩ අහකට.....නාකි හැත්ත....තොපි හින්දා කීයක් ඇඩුවද.....තොපි හින්දා කී දෙනෙක් අද හූල්ලනවද....තොපි දන්නවද...

පහන්.....

අතගනින් දහම්...කොච්චර උනත්..මේ ඉන්නෙ මගෙ කොල්ලා...මූට මෙතන වෙස පද හදනකොට තාත්තා උන මගෙ ඇගෙත් ලේ කෝප වෙනවා...අනික මගෙ එකා මේකා එක්ක බුදියන්ඩ ඇති....ඉතින් යකෝ....ගෑනු මිනිස්සුත් කරන්නෙ බුදියන එකනෙ.....තෝ කරන්නෙත් බුදියන එකනෙ.....අරකි තෝ එක්ක කෙරුවෙත් බුදියපු එකනෙ .....ආ...

අත අහකට ගනින්....මාව අල්ලන්ඩ කොහෙන් ආව හයියක්ද යකො...උඹට...

හයිය...මෙක අදක ඊයෙක ආව හයියක් නෙවෙ....මොල්ලොගොඩ ....මට තොගෙ නම ඇහෙනකොටත් ඇගේ මාලු නටපු කාලයක් තිබ්බා.....උඹලා මේකිව අර මිනිහගෙ කරේ එල්ලපු දා ඉදලා තමයි මේ ඔක්කොම පටන් ගත්තෙ...දහම්....කරුනාකරලා ..ම එක්ක තරහ වෙන්ඩ එපා....මේක මගෙ ඇස්වලින් වැටුන කදුලු වලට...මගෙ කොල්ලගෙ ඇස්වලින් වට්ටවපු කදුලු වලට.....මේක.....අපි හැමෝගෙම ජීවත කෑවට....

චටාස්....!!!!!!

ආහ්හ්ව්....

අපෙ..මහත්ත...යා.....

අප්...පච්චී.....

කොච්චර කිව්වත් අප්පච්චිගෙ ඇගේ ලේ පුච්චන අම්මා ආයම රසානි අම්මට ඇගිල්ල දික් කර කර රොඩී පරටටි රොඩී පරට්ටි ගානකොට මං බලාගන අප්පච්චි දත් මිටි කනවා ...ඒ එක්කම මගෙ විතේන්ට වේස පද කිය කිය බනින්න පටන් ගත්තා විතරයි අම්මගෙ කොන්ඩ ගෙඩියෙන් අල්ල ගත්තු අප්පච්චි ඒ කම්මුල් වලට පාර පිට පාර...පාර පිට පාර ගහන යන්න ගත්තා....අම්මට එක පාරකට එහා නොගහන අප්පච්චි අද කම්මුල් නිල් වෙන්න ගහද්දි සීයා තාත්තා ලතෝනි ගගන අම්මව බේරගන්න මගෙ අප්පච්චිව බාවනවා ගාගන ආවා විතරයි එයාගෙ තාත්තා අපි හැමෝගෙම ජීවිත කාපු සීයා තාත්තට අතදිගෑරලා ගහපු පාරට ඒකව කම්මුල් පාරත් එක්කම වාරු නැතිව අනිත් අතට ගියා ....

දහම්.....මොකක්ද මිනිහෝ මේ මිනිහා කෙරුවෙ....

මීට අවුරුදු ගානකට කලින් කරන්න තිබ්බ එකක්....අනීතා ...අදින් පස්සෙ මේ ගෙදර උඹලට තහනම් ....නිතේශ් ....විතේන් ...නැගිරපියව්....නැගිටලා වරෙව් ඉසාරහට .

යක්සාවේස උන අප්පච්චි හයියෙන් හුස්ම අල්ලන ගමන් ඉන්නකොට එයාගෙ තාත්තගෙ කම්මුල දෙදරලා යන්න කාපු සීයා තාත්තා ගාව ඉදන් මගෙ අප්පච්චිට කෑ ගහනකොට ආපිට කෑ ගහපු අප්පච්චි අපි දෙන්නටත් එන්න කියනකොට එයයි මායි ඉද්ද ගැහුවා වගේ හිටගත්තා ...

නිතේශ් ...

අප්පච්චි ....

උඹ මූට ආදරෙයිද....

ඔව්...අප්පච්චි ...

විතේන් ...

අප්පච්චි ....

උඹත් මගෙ කොල්ලට ආදරේද ...

ආදරෙයි අප්පච්චි ...

හරි....දැන් තොපි ඔක්කොටම ඇහුනනෙ නෙ....මේක අන්තීම තීරනේ....උන් දෙන්නා.... උන්දෙන්නගෙ ..අනීතා .....මේක හොදට අහගනින්....උඹ මගෙ ජීවිතේ කෑවට....මං මගෙ කොල්ලගෙ ජීවිතෙ කාටත් කන්ඩ දෙන් නෑ...ඒක ස්තීරයි ...දැන් වහාම ...වහාම පලයල්ලා....

උඹ කොහොමද ඒවා එහෙම තීරනේ කරන්නෙ දහම්.....මම උගෙ අම්මා..උඹගෙ ගෑනි...

ඒ ඔක්කොම උඹ නැති කරන් ඉවරයි.....උඹ තව දුරටත් මගෙ ගෑනිත් නෙවෙ. ...උඹ මුගෙ අම්මත් නෙවෙ.....

දහ....ම්.....

බොහෝම ඉක්මනට මම මගෙ ජීවිතේ ආයම හොයා ගන්නවා අනීතා....උඹව දැනටමත් මගෙ ජීවිතෙන් එලියට ඇදල දාලා ඉවරයි ...ඒ තැන ...අදාල කෙනා ඒ විදිහට අයිති කරගනියි...මගෙයි මගෙ කොල්ලගෙයි දෙන්නගෙම....දැන්...යන්න පුලුවන් ....

😒හුහ්...ජැක්කනෙ....මේ ළමයා ගැහුව....ජැක්කනෙ...ජැක්කනේ....

🤭ආයම එන්නම්....

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters