සුදු මහත්තයා ...සුදු පුතා...
මහ රෑක හිස කෙස් අස්සෙන් ඇගිලි යනකොට වගේම කන ගාවින් ඇහුන කරහඩ එක්ක මං ඇස් ඇරියා ...ඔලුවෙ කැක්කුම හොයන්නවත් බැරි වෙනකොට මං නැකිට්ටා ....කාමරේ තිබුනෙ හද එලිය විතරක් වෙදදි මං ගාව හිටන් උන්නෙ මගෙ අප්පච්චි ගෙ මූන හද එලියෙන් දැක්කා එයාගෙ අතේ කිරි වීදුරුවක් තිබුනා...
නැකිටලා මේක බීපන්...
මං නැකිට්ටා නැකිටලා ඉදන් ඇද විට්ටමට හේත්තු උනා...හේත්තු වෙලා මන් අප්පච්චි දුන්න කිරි වීදුරුව හෙමින් හෙමින් බොන්න ගත්තා ....ඔලුව කැක්කුම හොයන්න බැරි උනත් ඇගපත අමාරුව ආය අයම දැනෙනකොට මුලු ගෙදරම සද්ද බද්ද නැති වෙලා තිබුනා.....
අප්පච්චි .... මගෙ විතේන් මොනවද කිව්වෙ අප්පච්චි .....
.......
අප්පච්චි .....
අප්පච්චි නෙවෙ කතා කරන්නෙ...එයා ඔහේ බලන් ඉන්නවා ....හද එලිය දිහා බලන් ඉන්නවා මගෙ අප්පච්චිට තියෙන්නෙත් දේහ ධාරි ඇගක් වෙනකොට මම බලාගන ඒ අත් ගොබ වල....ඒ පපුවෙ මස් පිඩු හෙලවෙනව.....කම්මුවල මස් පිඩු හෙලවෙනවා.....
අප්පච්චි .....
මම අප්පච්චිව හෙලෙව්වා...පායපු හද වලාකුලකින් වැහිලා යනකොට එක පාරම අප්පච්චි මං දිහා හැරිලා බැලුවා වගේම එයා මාව උරහිස් වලින් අල්ලන් ඇදපත්තට තද කෙරුවා ...ඇත්තටම තද කෙරුවෙ නෑ මාව ඇදපත්තට දමලා ඇන්නා වගෙ වෙනකොට මම දැගලුවා ....
අ....ප්...ප...ච්...චීහ්....
මම අකුරු ඇහින්දා...මට කතා කරගන්න බැරි උනා.....වලාකුලෙන් වැහුන හද ආපහු මතුවෙනකොට අප්පච්චිගෙ ඇස් දෙක ගින්දර වගෙ රතු වෙලා තිබුනා.....ඒ ඇස් වලින් කදුලු පවා කඩා හැලුනා...බලන් ඉන්නකොට මාව අල්ලන් හිරකරන් උන්න අත්වල නියපොතු වැවුනා වගේම මගෙ අප්පච්චි අඩ අඩම හිනා උනා...
ස්....සු...
වලගැහෙන කම්මුල.....
දෙයි හාමුදුරුවනෙ ..මගෙ අප්පච්චිට කවදාවත් වල ගැහෙන කම්මුලක් තිබුන් නෑ....
ඒ අත් දෙක මගෙ උරහිස් තව තව තදකරන ගමන් මගෙ මූනට තවතව එබෙනකොට මට අතක් පයක් හොලව ගන්න තියා හුස්ම ඉහලට පහලට වත් ගන්න බැරි වෙද්දි මම බයටම ඇස් පොයා ගත්තා ...නෑ මගෙ ඇස් දෙක පිය උනා.....
සුදූ ...ඇස් ඇරපන්.....ඇයි....සුදු....උඹ මාව හැංගුවෙ නැත්තෙ...ඇයි...උන්ට...මාව මරන්නඩ...දුන්නෙ....ඇයි....සුදූ....
මම ඇස් ඇරියා...දලදා හාමුදුරුවනෙ....සුදු අක්කා....අප්පච්චිට වැහිලා උන්නෙ සුදු අක්කා වෙනකොට මගෙ අප්පච්චිගෙ ඇස් දෙක රතුවෙලා තිබුනා හරියටම සුදුඅක්කගෙ රතුවෙලා තිබුනා වගේම...මගෙ අප්පච්චිගෙ මූන මැලවිලා තිබුනා හරියටම එදා සුදු අක්කගෙ මූන මැලවිලා තිබුන වගේම....
ඒකි අහනවා මම ඇයි ඒකිව බේරුවෙ නැත්තෙ කියලා...ඒකි මාව හොලවනවා....ඒකි අඩනවා....සැරින් සැරේම හද වලාකුලු වලින් වහගන්නකොට ගොරකා කැලේ පැත්තෙන් උඩු බුරුන සද්දයක් වගේම වලව්වෙ ලිද ගාව තිබුන කජු ගජේ වහපු කෑරලෙක් ඉවරයක් නැතුවම මැරෙන්න හැදුවා...
උන් විදවයි....උන් අනිවාර්යයෙන්ම විදවයි...උන් හදන්නෙ තොයිල නටවන්න නම්..නටන්ඩ කියපන්....මටන්ඩ කියපන්...නටලා මාව.හිරකරගන්ඩ කියපන්...ඒ ත්...බලන් ඉදින්....බලන් ඉදින් මේ වලව්ව හැදිගෑවෙන්නෙ නැද්ද කියලා ....
අනෙ....සුදු...අක්කෙ...හ්හ්....අනේ....හ්හ්
මගෙ උරහිස් දෙක අල්ලන් ඉන්න පාරට උරහිස් කැඩෙන්න තරම්.වෙනකොට ඒකි වියරුවෙන් හිනා වෙන්න ගත්තා...එකි මාව අතෑරලා ජනෙල්.කූරුවල එල්ලුනා...මගෙ අප්පච්චි ගෙ ඇගේ වහලා උන්න සුදු අක්කා වියරු වැටිලා තිබුන හැටි කොයි තරම්ද කියනවා නම් මටත් නොදැනිම මගෙ ඇද තෙත් උනා වගේම මට අර දරන්න බැරි ඔලුවෙ කැක්කුම ආයමත් එනකොට මගෙ අප්පච්චි එක පාරම මගෙ ඇද උඩට ආවා....
එයා ඇවිද්දෙ නෑ.....කකුල් තිබ්බෙ පොල්වෙන් උඩ....පොවපු කිරි එක පවා බඩ කලතවගන එලියට එන්න හදනකොට සුදු අක්කා මගෙ ගාවට මගෙ මූනටම ආවා...
බේබි...හාමු.....
ර්....ර්....රන්....
බේබි...හාමුගෙ...මැනිකෙලා....දෙන්නම..
මාව..මරාගත්තා..හාමු...මැනිකෙලා..
දෙන්නම...මාව මරාගත්තා ....බේබි...හාමු...බේබි...හාමු...උඹ දන්නවද බේබි...හාමු....උඹ දන්නවද.....එදා වැව මැදදි ඔරුව පෙරලණකොට මට හිතුනු දේවල්....උඹම විද්වලා බලපන් ඔරු බද වැදුන පාර කොහොම සැරද කියලා .....
අප්පච්චි ....අප්....පච්චි.....එපා.....
මට කෑ ගැස්සුනා.....ඒත් මගෙ කටින් වචන එලියට පිට උන් නෑ.....මං ඇඩුවා ..කදූලු කැට ඇරුනම මොකුත් ආවෙ නෑ...ඔරු බද වැදුන පරට ඒකිගෙ පොඩි මොලේ පවා හෙලවිලා ගිහින් තිබුන කොට ඒ වේදනාවම මට දශමෙකින් වත් අඩුවැඩි නැතිව දැනුනා වගේම ඒකි මා දිහා බලන් උන්නා...සුදු අක්කා අප්පච්චිව තත්පරේකට අතාරිනකොට රන්මලියා අප්පච්චිව අල්ලන් උන්නා....
රන් මලියා වැහුන අප්පච්චිගෙ අත් මට ටිකක් බුරුල දුන්නා වගේම ඒකිට එදා උන හැම දේම ඒකි අඩ අඩාම කිව්වා...ඒකිට මම දුන්න ගවුම අල්ලන් අරකිලා දෙන්නම අරියාදු කරලා පපුව පැලෙන කතා කියකිය කිය.....
බේබි...හාමු...අපිලට උන්න එකම පිහිට උඹම...විතරයි...හාමු...අනේ...හාමු....අනේ...හාමු....අනේ...හාමූ...බිල්ල..ගන්ඩ ...ඉඩ..දියන්...හාමු....බිල්ල.ගන්ඩ...ඉඩ ...දීපන්...හාමු.....පින්....සිද්ද වෙයි...හාමු....අපිට.....එක...පැත්තක්කින් වත් සහනයක්...දීපන්...යකෝ...හාමු.....දීපාන්.....හාමු....
ඒකි පරල උනා...කෑ ගගහම නර බිල්ල ඉල්ලනකොට ඉල්ලන්නෙ කාවද නොදැන මට මොකුත්ම කරගන්න බැරි වෙනකොට ඒකිලා දෙන්නම අප්පච්චිගෙ මාර්ගෙන් මාව හොලව හොලව මුලු කාමරේම උඩුයට පෙරලුවා.....මගෙන් වචනයක් ගන්නකන් වේදනා උහුලපු ආත්ම. දෙක මට වද දුන්නා.....උඩු වියන් බැදපුඇදේ වොයන් ගැලවිලා වැටුනා.....ඉවරයක් නැතිවම ජනෙල් පියන් ඇරි ඇරි වැහුනා....
ගොරකා කැලේ මැදින් ඇහෙන උඩු බිරුම රන්මලියගෙ මරනේ වේදනාව මගෙ සර්වාංගෙට කාවැද්දෙනකොට ඒකි වතුර යටදි පන එකතු කරගන්න හදපු හැටි හැම දේමඅගෙ ඇස්වලට උන් පෙන්නුවා ....සුදූ ඇගේම බර කඹේට යනකොට විදපු වේදනාව මගෙ උගුරු දන්ඩට දැනෙන්කොට දරු ගැබක් අමු අමුවෙ ගැලවිලා ගියපු වේදනාව මගෙ කොදු නාරටි වලට යටි බඩට පවා දැනුනා....ගෙයි ඉස්සරහා වල් ඌරෙක් බිම හාරන සද්දයක් නවතින්නෙ නැතිවම ආවා....ජයසේනයගෙ වාහනෙ උනේම ඌරෙක් වෙද්දි ගෑනු පරාන දෙකකගෙ මරන වේදනාව මං අත් වින්දා....මගෙ පපුව ගැහි ගැහි මං හුස්ම ඇල්ලුවා හරියටම රන් මලියා වතුර යටදි ඔලුව ඇල්ලුවා හා සමානවම ...
කට වටින් සෙම පෙරිලා මටත් නොදැනිම මගෙ දිව එලියට ආවා...හරියටම සුදු අක්කගෙ හා සමානවම ....ඒකි ඇගේ බර කඹේට දුන්නා හා සමානව..මං ඇදේ ගුලි ගැහුනා...වකුටු උනා ...ඇද රෙදි අත් වලින් පහුඩු ගෑවා...හෝරා ගානකට කලින් නින්දෙන් ඉද්දිම මගෙ අතින් කුඩු උන බිත්තරේ ලේ පාටට හැරිලා ඇදරෙද්දට උනලා තියනකොට යකඩ ඇනෙ හොයන්න නැති උනා ....
සුදූ.....අපිට....අපේ බිල්ල ගන්න දීපන් සුදූ.....වලව්වෙ උන්ට එකා පිට එකා මැරෙන්ඩ වේවි...
සුදූ....එකා පිට එකා...
සුදු අක්කා එහෙන් ඒකිට කාව හරි ඉල්ලනව.....
රන් මලියා ඒකිට කාව හරි ඉල්ලනවා මගෙ හිත නම්ම ගන්ඩ උන් දෙන්නම මට උන්ගෙ මරනේ වෙදනාව දැනෙන්ඩ දෙනකොට මං දරන්නම බැරි තැන ඔලුව වැනුවා .....මං ඔලුව වැනුවා විතරයි ඌරෝ සක්මන් කරන සද්ද...ගොරකා කැලෙ සද්ද කජු ගහෙ උන්න කෑරලාගෙ ඈඩියාව මේ ඔක්කොම තත්පර ගානෙන් නැතිවෙලා ගියා වගේම මගෙ අප්පච්චි මගෙ මා දිහා වත් නොබලම එලියට යන්න ගියා...
උන්ට නර බිල්ලක් ඕනෙලු....
උන්ට නර බිල්ලක් ඕනෙලු....
සුදු අක්කගෙ මරනෙට පෝර දාපු උන්ට වත්...රන්මලීට පෝර දාපු උන්ටවත් ගැලවීමක් නැත්තටම නැති වෙනකොට මං ඔලුව බදාගත්තා ...
උන් දුන්න කිරි එක මාලු පිලීහා සමානව උහුලන්න අමාරු ගන්දස්සාරෙලින් එලියට යනකොට මං ඇදරෙදි මං ඇදන් උන්න රෙදි ඔක්කිම ගලවලා එකට ගුලි කරන්.ඉනට රෙදි කඩක් පටලවන් එලියට ආවා...
බේබි හාමු...
ස්...සියා....තු...සීයෙ.....
බේබි හාමු..... මේ යක්කු ගස් නගින දෙගොඩ ජාමෙ මක්ක කොරන්ඩද?
මට නාගන්ඩ ඕනා...මගෙ ...ඇගම වේදනයි...ඊට හපන් මහ ගන්ද්දස්සාරයි .....
හාමු....මේ කාමරෙ අස්සෙ මෙච්චර ගන්දස්සාරෙ ඇයි....
ඇරපු දොරවල් වලින් කාමරේ අස්සෙන් එන අමනුස්ස ගද එනකොට සියාතු එබි කම් කරනකොට මට උන්දට උන දේ කියන්නවත් පනක් නැතිව රෙදි පොට්ටනිය තුරුල් කරන් මං එලියට ආවා...
මේක අස්සෙ අමනුස්ස ගද....හුජ්ජ ගද.....පිලී ගද....නරකාදියක් වගෙ ..
මං අහගන සියාතු තනීයම දොඩවනකොට වලව්වෙ මැද මිදුලට ආව මාව ඇගට පන නැතිව වීසි වෙලා ගියා වගේම ආයම බඩ බොකු කලතන් වමනෙ යන්න ගියා ඉවරයක් නැතිවම වනෙ යනකොට මට දැනුනා කවුරු හරි මගෙ පිට දිගේ අත ගානවා ....
අප්ප ..ච්චී...මේ...ඔයාද....
කතා කරගන්න බැරි උනත් අමාරුවෙන් අකුරු එකතු කරගත්තු මම හරි අමාරුවෙන් කතා කරගත්තා ....පිට පුරාවටම යන අත මගෙ සර්වාංගෙම හිරිවැට්ටුවත් වමනේ යන යන වාරයක් ගානෙම ඒ අත මගෙ පිට කොන්ද වගේම ඔලුව අත ගැවා...මම කෙලින් උනා...කටට දැනුන අපුල ගතිය කියලා ඉවර කරන්න බැරි වෙනකොට මොකක් හරි දෙයක් මගෙ ඔලුවට වැටුනා...මැද මිදුලෙ දාලා තිබුන කහ ලයිට් එලියෙන් මම වැටුන දේ විපරන් කරල බැලුවා. ..
සීනි සියඹලා පොකුරක් ...
සීනි සියඹලා කන්න ආස එකයි....ඒ වෙන කවුරුත් නෙවෙ....සුදු අක්ක විතරක් වෙනකොට මගෙ ඇගපත සීතල උනා. ඒකියි මගෙ පිට අත ගෑවෙ....ඒකියි මගෙ ඔලුව අත ගෑවෙ..අවසානෙදි කට අපුල හින්දම ඒකියි මට සීනි සියඹලා අහුරක් ගෙනත් දැම්මෙ....මම සියඹලා පොකුර අතේ තියන් වට පිට බැලුවා බලු බල්ලෙක් නැති වෙලාවෙ ඒ එක ගෙනාවෙ සුදමයි කියන්න ඒකිම හිටවපු ඉටි ඉද්ද ගහ ටිකක් හෙලවෙන කොට මම බලන් උන්නා ...මට කරන්න දෙයක් ඉතුරු නෑ....උන්ට මම වචනෙ දුන්නා ..උන් කාව බිල්ලට ගත්තා උනත්...මාවයි මගෙ අප්පච්චිවයි ඉතුරු කරනවා කියන්න දන්නකොට හෙට ගොම්මනේ වලව්වෙ උන්ට මොන දේ වෙයිද කියන්න උඩ ඉන්න දෙයියො ඇරන්න වෙන කවුරුත් නොදන්න කොට මම බාතෲම් එකට ගිහින් නාගත්තා .....
සුදු මහත්තයා .....
කැහ් ..කැහ් ..කියන්න...මැනිකෙ....
අනේ සනීප නැද්ද.....උඹ හොදින් නේද මගෙ තේශි . . ....ආ පන....උඹ හොදින් නේද ..
වෙලාව උදේ අටට විතර ඇති.... මගෙ කාමරේට නහයක් පොවන්න බැරි වෙනතරමට අමනුස්ස ගන්දස්සාරෙ වෙනකොට මම කෙරුවෙ අම්මා අප්පච්චිගෙ කාමරේ ඒ විශාල ඇදෙ ඒ දෙන්න මැද ගුලි උන එක...
සාගරයක් තරම් ලොකු ඇදක් තිබ්බත් අම්මා අප්පච්චි නිදා ගත්තෙ දෙපැත්තට හැරිලා තව දෙන්නෙක්ට නිදා ගන්න ඉඩ ඉතුරු කරලා තිබ්බා...මාව හම්බුනත් හරි....අවුරුද්දක්..දෙකක් ඇරුනම....අප්පච්චි අම්මා ගාවට ලන් උනේම නෑ කියලා අප්පච්චිගෙ වචන වලින්ම මට අප්පච්චි කියල තිබුනා...ඇරත්....වලව්වෙ මිනිස්සුන්ගෙ මාන්නෙ කියන්නෙ අම්මගෙ ඇග කොයි වගේද කියන්න අතට දැනුනම ඇරෙන්න කවදාවත් ඇස් දෙකෙන් දැකලා නෑ කියනකොට මට මේ වලව්ව ඇයි කියලා හිතුනා.....
අහවල් කාරිය කොරනෙ හිච්චෙක් වදන්න විතරයි කියලා අත්තම්මගෙ මන්තරේ වෙනකොට සීයා තාත්තා කෙරුවෙ වෙන ගෑනුඑක්ක ලැග්ගඑක වෙනකොට අප්පච්චිට උනේ අම්මව එපා උන එක උනා.....කරන්න දෙයක් නෑ ..ඒක උන්ගෙ මාන්නෙ වෙනකොට මගෙ අප්පච්චි කබලෙන් ලිපටම වැටුනා .....
අම්මා අප්පච්චි නැති ඇදෙ මං මගෙ එකම සැනසීම උන විතේන්ගෙ ආදරේ අඩුවක් නොකියන්න වචනවලින් වින්දා .....ළඟ නැති උනත් සුදු මහත්තයා අරක කරන්න මේක කර්න්න පපුවට හුලන් වද්දගන්න එපා නාන්න එපා කිය කිය හැට පාරක් කියවනකොට මං ඒ වචා ඇස් වහගන අහන් උන්නා....
ආදරේ කියන්නෙ කකුල් පලල් කරන් හති දාන් උඩ පනින එකම නෙවෙ ..හැබැයි ආදරේ ඇතුලෙ ඒක තියනවා කියන්න මට මගෙ විතේන් හැමදාමත් ඉගැන්නුවා ...
සුදු මහත්තයා ...
කියන්න මැනිකෙ ..අහන් ඉන්නෙ...
මට මීටින් එකක් ..මං ඉවර වෙලා ගන්නද .....
හා මැනිකෙ....පරිස්සමින් .....මං ආදරෙයි මගෙ විතේන් ..
මං ඒ මූන දිහා බලාගන් ආදරෙයි කිව්ව වගේම එයාගෙන් උත්තරයක් එනකන් වත් ඉන්න මට ඇගපත වාරු නැති උනා....
සහලවලම උන අරන් උන්න මගෙ ඇස් දෙක වැහුවම ගින්දර පිටවෙනවා වගේ දැනෙනකොට ඇගපත ඇත්තු ලව්වා පාගවලා වගේ දැනුනා....
වලව්ව අස්සෙ නන්නාදුනන උන්ගෙ කටහඩවල් එකා කාරෙට ඇහෙනකොට කවුරු කවුරු හරි අම්මා අප්පච්චිගෙ කාමරේට ආවා වගේම මට දැනුනා ...ඇද බර උනා ..ආව සුවද තනිකරම ගෑනු ෆර්ෆියුම් එකක් වෙනකොට සහලවලා උන ගත්තු මට ඇස් ඇරලා බලන්නවත් පනක් නැති වෙනකොට මම ගුලි වෙලා උන්නා....
අම්මා වෙන්න ඇති...මගෙ හිත කිව්වා මිසක් ආයම ඇස් ඇරලා බලන්න නොගියපු මම හිස කෙස් අස්සෙන් යන අම්මගෙ අගිලිවල උනුසුමට වගේම ඒ සනීපෙට මම තවත් ගුලි උනා....
කටේ තිත්තගතිය කටම කාරවනකොට බඩ ගින්නට වඩා බඩ දැවිල්ල ගත්තා ....
අ...ම්..මා...මගෙ...පිට...කොන්ද...පොඩ්ඩක්...අතගාන්නකො....
ගිනි පිටවෙන උන එක්ක මම අම්මගෙ උකුලෙන් ඔලුව ගහන් අත් දෙකම උන්ඩි කරක් කකුල් අස්සෙ ගහගත්තා ....හීනි ඇහිලි මගෙ ටීශර්ට් එක අස්සෙන් ගිහින් පිටන්කොන්ද අත ගානකොට මම ඇස් පියාගන උන විකාරෙන් සුදු අක්කහෙ වගේම රන් මලීගෙ ඉල්ලීම ගැන පැටලී පැටලි දෙඩෙව්වා.....
නිතේශ් ...
ම්ම්ම්ම්ම්ම්හ්හ්....
නිතේශ් .....නැකිටින්න...ඔයාට සහලවලම උන නිතේශ් ...
නිතේශ් ....? සුදු පුතා වෙනුවට අම්මා නිතේශ් කියනකොට මම හරි අමාරුවෙන් ඇස් ඇරියා වගේම එතන උන්නෙ අම්මා වෙනුවට නාද්‍යා වෙනකොට මම අම්මගෙ උකුල කියල හිතන් නිදියලා තිබුනෙ නාද්‍යගෙ උකුලෙ උනා...
උ .....ඹ .....
නිතේශ් ....
මොන...පිත්ත..මද....මේක අස්සෙ ..ලැගන්...කරන්නෙ...කැහ් ..කැහ්...කැහ් ...කැහ් ...
බඩ පපුව කඩාගන කැස්ස උන එක්ක ඇගම වේදනා කරවනකොට මම නාද්‍යව කන්න හැදුවත් බැන ගන්න හයියක් නැති වෙනකොට මම ඒකිගෙන් ඈත් වෙලා පස්සට ගියා.....
නිතේශ් ...මුරන්ඩු කන් කරන්න එපා නිතේශ් ...ආ.....ව්හ්.....අ...හ්..නිතේ.....
චටාස් ...චටා...ස්ස්...!!!
මාව හොල්මන් වෙලා ගියා.....මටවත් හිතා ගන්න බැරි උනා මොකක්ද උනේ කියලා....
අනේ...නි...තේ...ශ්.....ආ...නේ....හ්...නි...තේ .....
චටාස්.....
මම බලන් උන්නා... මම බය උනා . ..කොට්ටෙ පපුවට තුරුල් කරගත්තු මම ඇද මුල්ලට ගුලිවෙලා බලන් උන්නා...හම්බුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ආව නාද්‍යා උන විකාරෙන් උන්න මගෙ නලලය අතට තියන්න හදනවත් එක්ක වියන් බැදපු ඇදේ සුදුරෙද්ද හෙල උනා.....එ හෙළ වෙනවා එක්කම ඒකිගෙ මූන පුරාවටටම වැදුන අතුල් පාරෙ සැර..ඒ අතුල් පාරෙ සද්දෙ පවා කාමරේ දෙදරලා යනකොට ඒකිට එකම පාරද කොහෙද නිතේශ් කියන්න හම්බ උනේ නෑ දෙපාරයි....අමනුස්ස්‍ය හුස්ම අදින සද්දෙ එක්ක පොර බදින සද්ද එක්ක නාද්‍ය්හෙ බෙල්ල මුලිම්ම අල්ලන් ඒකිව බිත්තියට තද වෙනකොට මට කන් දෙක පුපුරවන්න යන තරම් ගැනු හිනා හඩවල් ඇහෙන්න ගත්තා ....
නාද්‍යා දගලනවා...ඒකිගෙ කකුල් දෙක පොලව මට්ටමෙන් උඩ යනවා...
නි...නිතේ ....ආහ්....ව්.....
චටාස්.....
ආයම මූන හරවලා වැදුන අතුල් පාර එක්ක ඒකිගෙ යටි තොල පුපුරලාගියා ..ඒකි අඩනවා...ඒකිව බේරගන්න කියකිය අතින් පයෙන් කියනවා...ඒඋනත් මට ඒකිව බේරගන්න යන්න වත් මගෙ කකුල් මටවාරු නැති උනා...සුදු අක්කෙ ඕක නවත්තපන් කියන්න මගෙකට ඇරුන්නෑ...මගෙ කට අගුල් වැටිලා...මට කරන්න පුලුවන් එකම දේ උනේ බයවෙලා බලන් ඉන්න එක ඇරුනම නාද්‍යව හිනා පාරත් එක්ක බිමට රූට්ටන් වැටුනා ඒකිගෙ කට පන ආවා...
ර් ...ර් .න්...මලි...අනේ...සම....සමා...
එකී වදිනවා...නාද්‍යා අත් දෙක එකතු කරලා වදිනවා ...මම මගෙ අත් දෙකෙම්ම කට වහගත්තා .....බුරුත අල්මාරියෙ කන්නාඩියෙන් මම රන්මලියගෙ පින්තූර්‍ර්‍ර් දැක්කා....ඒකි...එකි....මල් වැටුන චීත්ත ගවුම....එදා වගේම මඩ...මම.ඒකිව ගොඩ ගත්තා වගේම ඒකිගෙ ඇගේ මඩ වෙනකිට ඒකිගෙ ඔලුව පිටිපස්ස තිබුන් නෑ...
මගෙ දෙයියනෙ ...නාද්‍යද ඒකිගෙ නර බිල්ල??
ඔරු කද වැදුන ඔලුකට්ටෙ පිපිරුම පවා උඩට මතුවෙලා තිබුන රන්මලියගෙ අවතාරෙ දිහා මම කන්නාඩියෙන් බලන් උන්නා...නාද්‍යට වදින පාරවල්වලට ඒකිගෙ කෙට්ටු ශරීර කද පරඩැලක් වගේ එහා මෙහා උනා.....ඒකිගෙ ගෙඩිය වගෙ බැදලා තිබුන කොන්ඩේ සම්පූරනම ලෙහිලා ගියා වගේම තල්ලු කරල ඇරපු පාරට නාද්‍යව ගිහින් ඇද කකුලක හැප්පිලා ඒකිගෙත් ඔලුව පිටිපස්ස ඇනුනා...හරියටම රන් මලියගෙ ඔලුව ඇනුනා වගේම....
මම නොදන්නවා උනාට ඊලග පාර වෙලාව ගිනි මද්දහන යක්කු ගස් නගින වෙලාව වෙනකොට නාද්‍යට මම උන්න කාමරේ තව මොහොතක් ඉන්න බැරි වෙනකොට ඒකි බඩගාගන වගේ එලියට දිව්වා ...කාමරෙ පුරාවටම ඉතුරු උනේ අමුම අමු මඩ ගදක්...සිනී ගදක් සෙවල ගද වගේම මඥ්ඥොක්කා ගද වෙනකොට මං බලාගන රන්මලියා කන්නාඩියෙන් මා දිහා බලන් ඉන්නවා ...
ඒකි නාද්‍යට මගෙ ලගට වත් එන්න නොදී එලවලම දාල යන්නගියා.....
මුලු ගෙයි ඇතුලෙම දාලා තිබුනෙ මහ පිරිත.....වලව්වෙ එකම එක ජනේලයක් දොරක් නෑරම ඇරලා තිබුනා ..
කහ වතුර ඉහපු නැති තැනන් නොතිනුනකොට මහා හයියෙන් මහ පිරිත දාලා තිබ්බා...පිරිත දාපු වෙලේ ඉදන් පොඩී උන්නෙ ආවේසෙන් වෙනකොට කොන්ඩෙ කඩාගන යක්සාවේසෙන් වගේ ඒකි බෙරිහන් දුන්නා...ඒකිගෙ වාහෙලා දෙන්නට අඹුව විදවනවා බලන් ඉන්ඩ බැරි තැන ගුරා ලව්වා වතුරට මතුර මතුර පෙව්ව උනට්ග් ඒකි ඒ ඔක්කොම එලියට දැම්මා....
උදේ කතා කරපු පාර මගෙ විතේන් ආයම දෙපාරක් විතර ගන්නකොට ගොම්මන ලන වෙලා තිබුනා.. පොඩීව වලවේ මැද මිදුලෙ දන්වැල් දාලාගැට ගහන තරමට ඒකිට වැහුන පෙරේතයා කෙරුමෙක් වෙනකොට හැමදාම පිලිවලට පීරලා තිබුන කොන්ඩෙ අමු පිස්සියක් හා සමාන උනා...
ගුරා මතුරනවා...මතුරනවා ඉවරයක් නෑ...දොල පිදේනියට ගෙනාව කුකුල්ලු වලව්ව පිටිපස්සෙ කකුල් වලින් ගැට ගහලා ඉන්නකොට ජයසේනය්ව කූද්දවන්න අලුත් වලකින් හොරකම් කරන් ආව මිනියක් පවා ගුරා අරන් ඇවිදින් තිබුනා.....
මාව..ලෙහපන්....මාව...ලෙහපා....න්...මාව..මාව...ලෙහපාන්...
පොඩී දන්වැල් කඩා ගන්න හදනවා.. එහෙන් ඒකි ඉවරයක් නැතිවම අපිරිසිදු වෙනවා.....පෙරේත දිශ්ටිය කියන්නෙ සමහර පෙරේතයො සෙම් සොටු කැහි පස්සෙ යනකොට තව උන් තුවාල වලට අරක් ගත්තා....දරුගැබක් අමුවෙ මැරුව පවටදෝ ඒකිව අරගන තිබුන පෙරේතයා ඉවරයක් නැතුවම හෙව්වෙ පිලී වෙනකොට ඒකිට අන්දවන පෑඩ් පවා මදි උනා ඇරත් අවසානෙදි ඒකි ගාවට ලන් වෙන්න පවා වලව්වෙ උන් බය උනා....
වලව්වට වස් වැදුනා...ගුරුන්වාන්සේ. මේකෙන්...පස්සෙ...අඹරපන් ගුලියක්.....මේකෙන් පස්සෙ අඹරපන් ගුලියක් පිල්ලිය ඒවපු එකාව හැදිගෑවිලා යන්ඩම අඹරපාන් ..පපුව වාවන් නෑ..මගෙ කෙලී විදින දුකට.... පපුව වාවන් නෑ.....
පොඩීගෙ අම්මා පොඩී විදින නර දුක දැකලා හෙන හත ඉල්ලුවා .....සූනියන් දෙයියන්ට කන්නලව් කෙරුවා ...
අම්මගෙ කොන්ද කැක්කුම එන්න එන්නම වැඩි වෙනකොට වල්ව්වෙ හදන පෙරේත තටු ගාන වැඩි උනා.....
සුදු පුතා....
අනත මන්තෙන් උන විකාරෙන් උන්න මම ජැකට් එකල් ඇදන් පුටුවක් උඩ ගුලි වෙලා ඉන්නකොට අප්පච්චි ආවා....අප්පච්චි අතේ පැනඩෝල් දෙකක් තිබුනා වගේම උනුවතුර වීදුරුවක් තිබුනා...ඊයෙ රෑ වෙච්ච දේ අප්පච්චිගෙ කනෙ වත් තියන්න හිතුන් නැත්තෙ ඉර එලිය් වැටෙන්නත් කලින් ඉදලම අප්පච්චි පවා මේ මගුල් වලට නැහිලා තිබුන....
වලව්ව අස්සෙ ලෙඩ්ඩු වැඩි වෙනකොට කපන්න ගෙනාව දෙහි මදි උනා....අහු මදි උනා...අත්තන මදි උනා.....කුකුල්ලු මදි උනා...පෙරේත තටුවට දාන්න පුලුටු මදි උනා.....
ඒ ඔක්කොටම දුවන්න උනේ අප්පච්චි විතරක් වෙනකොට කොන්ද පන නැති වල්ව්වෙ ගෑනුන්ගෙ වාහෙලාට පවා සහලවලා උන ගැනිලා උන්නා....අත්තම්මගෙ නිල් උන ඇහැ අවසානෙදි මූනත් එක්ක අත්තමා පවාඅ විරූපි වෙලා ඉන්නකොට ගුරා ගෝලයෝ රොත්ත එක්ක සම්පූරනම දොල පිදේනි ටික වලව්වෙ ඉස්සරහ කෑල්ලට ගත්තා ...වම් පැත්තෙ ගොරකා කැලේ කැරකොප්පුවෙ නන්නාදුනන ප්‍රේතයන්ට තට්ටුවයි...දකුනෙට තට්ටුවයි එක්ක බට හිරට නැගෙන හිරට මේ හතර කොනට රක්සා කරන්න ප්‍රේත තට්ටුවයි....

කෙම්මුරේ දවසේ මල ඉර බැහැන් යනකොට මෙල්ල කරගන්න බැරි පොඩීව දම්වැල් දාලා සුදු රෙදි පොරවලා පැදුරෙ ඉන්දවලා තියනකොට වලව්වෙ උන් ඔක්කෝම අද ආතුරයො වෙලා උන්නා....අප්පච්චි මම සියාතු ඇරුනම මුලු බුරුත්තම සුදු රෙදි පොරවනකොට නාද්‍යා ට කාපු පාරවල් වලට හකු පාඩා ඉදිමිලා තිබුනා...
සූනියම් අප්පච්චිලාගෙන් සුමන සමං දෙයියන්ගෙන් තිස්තුන් කෝටියෙන් අවසර ගත්තු ගුරා මල ඉර යන්න යනවා එක්කම කහ වතුර ජප කරන්න ගත්තා ....
යක් බෙර ගැට බෙර දවුල් සද්දෙ එක්ක ජයසේනයට දෙන්න ගෙනාවනරක් නොවුන මල කුන පැදුර උඩ වහල තියනකොට වලව් වත්තට එන මහ පාරේ ඉදලම ආරක්ශාව කරන්න,පටන් ගත්තා ....

දවුල් සද්දෙට යක් බෙර සද්දෙට එක නැට්ටෙ හැදුන දෙහි ගෙඩි තුන තුන එකා එකාහෙ ඔලුවටතියලා කපන්න ලැහැස්ති උන ගුරා ඇවිත් මගෙ ඔලුවට උඩින් ගිරේ අල්ලලා පලවෙනි දෙහි ගෙඩිය කපලා වතුරට දානකොට මුහුන් දෙකම උඩට පාවුනා...දෙහි ගෙඩි කපපු හතම උඩ අතට වෙනසක් නැතුවම පාවෙනකොට උන්දා ජප කර කර ජප කර කර තුන් සූත්‍රෙ කිය කිය කිය තිස් තුන් කෝටියට ආරාදනා කර කර මගෙ බෙල්ලට ගැට විසි එකේ කහ නූලක් බැන්දා වගේම අප්පච්චිටත් ඒ සෙතේම කෙරුවා....
අප්පච්චිට වත් මටවත් නපුරු ආන්තරාවක් නොවුනකොට ඊලග නැවතුම උනෙ අනීතා මැනිකෙ ගාව වෙනකොට එතන ඉදන් වලව්වෙ ඇත්තන්ට කපන කපන ගෙඩිය ලේ පාට වෙන්න ගන්නකොට පොඩීට අහු පවා කැප්පෙව්වා....
අතෑරපියාව්.....අතෑරපියාව් ...
පොඩී කෑ ගැහුවා ...ඒකිව මෙල්ල කරගන්න කකුල් වලට දාලා තිබුන දම් වැල,වල්වලට වලලු කරවල් කැපිලා තියනකොට කකුල් වගේම අන්දලා තිබුන චීත්තෙ අමුම අමු කිලි වෙන කොට යකදුරා ඒකිව වට කරන් පුලුවන් තරම් දුම්මල ගැහුවා....ඒකී හූ තිබ්බා...
අතෑරපියා.....ව්....මට යන්ඩ දීපියාව් . මං එනවා...මං එනවා...අන් එනවා....තොපිට පේන් නැද්ද ..මට අඩ ගහනවා...
තෝ කොහෙ යන්ඩද ඉදගන් මෙහෙම....
අතෑරපන්න්න්...අතෑරපන්....දැවිල්ලයි.....
මූනට වදින දුම්මල පාරක් පාරක්.ගානෙම ඒකිඋ හූ තියනකොට ගුරා මහ සොහින් සමයම පටන් ගත්තා .....හක්ගෙඩි හතක් එක පෙලට පිඹලා අහස පොලව පලාගම ජයසේනයට වඩින්ඩ කියලා ආරානා කරනකොට පිච්චෙන පුලුටු සුවද ගොරකා කැලේ උඩු බිරුම එක්ක වලව්වෙ ඇරලා තිබුන ජනෙල් පියන් පවා ඇරි ඇරි වැහෙනකොට ජයසේනයට කලින් ප්‍රේත කුම්භාන්ඩයො ඔක්කොම දොල පිදේනි වටේ පොරකන හැටි පවා දැනුනා ..
හිටන් ඉන්න බැරි තරමට සහලවලා උන තිබ්බ මං අප්පච්චි එක්ක පැත්තකින් ඉදගත්තා ..ගුරා ඉවරයක් නැතිවම මතුරන කොට කෙම්මුරෙ හද පායලා තිබුනා
සුදු රෙද්දෙන් වැහුන පොඩිගෙ හුස්ම තනිකරම පෙරේතයෙක් වෙනකොට ඒකි කැරකොප්පුවට යන්ඩ මැරෙන්ඩ හැදුවා ...

යකදුරාගෙ ගෝලයො ..නටනව..නටනවා...නටනවා ඉවරයික් නැතිවෙන්න පෙරේත දිශ්ටිය වැහුනපොඩී අමු බිත්තර තුනක් එක හුස්මට බීලා හූවක් තිබ්බා.....
කියාපිය බලමූ....තෝ කව්ද....කත්ස කරපිය බලන්ට....
නෑ...මං කියන් නෑ...මාව අතෑරපිය....ආව අතෑරපිය.....මට අඩ ගහනවා....මාව අතෑරපිය.....
අතාරින්ඩ ...අතාටින්ඩ කලින් කියාපිය . .
ආහ්....ආහ්.....ආව්.....හූ.......හූ.....එපා....ආව්හ්.....
මූනට වැදුන දුම්මල පාර වගේම ඔලුවට උඩින් කැපෙන අත්තන එක්ක පොඩී උන්න තැනින් නැකිටන් ආවේසෙන් නටන්න ගත්තා ....ඇරි ඇරි වැහෙන ජනෙල් පියන් වල සද්දෙ පපුවම කීරි ගස්සවනකොට මං බලාගෙන සුදු අක්කගෙ අම්මා අනීතා පවා වැනෙන්න ගත්තා ...නාද්‍යා පවා නටන්න ගත්තා.....නටන නැටිලි එන්න එන්න වැඩි වෙනකො ජයසේන සමයම නටන්න ආව උන් පන්දම් අරගන ගොබ් කොල යහන ගාවට එනකොට අරුන් හූ තිබ්බා.....

යන යකා යන්නෙ කොරහත් බිදගන කියන්න දුම්මල පාර වදින වදින සැරේට උන් ඉල්ලුවේම උන්ට කැරකොප්පුව යන්න දෙන්න කියලා වෙනකොට නාද්‍යට වගේම සුදූගේ ආම්මවත් ආම්බාන් කරන්න බැරි වෙනකොට අරුන් පුලුවන් තරම් පුවක් මල් වලින් ගගහා දෙහි කප,කප කහ වතුර ඉහිනකොට මුන් ආවේසෙන් මුලු සෙන්කඩගලම හෙල්ලුවා ....
යන්ඩ දෙන්නම්...කියාපිය...තෝ කව්ද...තෝ කව්ද....කතා කරපිය...
බෑ...කියන් නෑ...කියන් ඈ.....මට මෙකිව අරන් යන්ඩ දීපිය ....හ්හ්හ්.....
හූ....
අතෑරපයාව්........
🙂ආය හෙට එන්නම් ඈ...
තියන සාතන් කමට බිත්තර දෙකකුත් බැදන් කන ගමන් මේක ලියපු මට දැන් නාගන්න යන්න විදිහක් නැතුව පුටුව උඩ හෙන ගහලා වගෙ බලන් ඉන්නවා සගො...කමක් නෑ ජුකක් නෑ🙂🙂🙂
පුම්චි පැටියට 33kdp!!!!
මම
Ferdeesha ❤️💚😘 .....