..නිඛිල්...මගෙ...මගෙ රත්තරන් ....අනේ..මගෙ...පුතේ.....
මම දිව්වා බාත්ටබ් එකෙන් කකුල් දෙක විතරක් එලියට තිබුන ළමයා ගාවට මම.දිව්වා...
යෝ...අයියෝ....හ්හ්...අනේ නිඛීල්.....අනේ...නිඛීල්.....නිඛී....ල්ල්...කතා කරපන්...අනේ...කතා කරපන්...නිඛිල්....නිඛිල්...මගෙ පුතේ....අප්ප...ච්චියා...මේ...අප්...අප්..
වතුරෙ උන්න කොල්ලව මම එලියට ඇදලා අරන් පුලුවන් තරන් බඩ තද කෙරුවා...කම්මුල් වලට ගැහුවා.....කොහෙ මගුලෙ අරන් යන්නත් කලියෙන් ලමයගෙ හුස්ම ආයම උඩට ගන්න හන්දම මම අත් දෙක තද කර කර පුලුවන් තරම් ඒ චූටි පපුව තද කරන්න ගත්තා බඩ තද කරන්න ගත්තා...අනේ එකම එක වතුර බින්දුවක් වත් කටුන් එලියට නොයන කොට මම නහයට කට තිය තිය ඉරෙව්වා....කටට කට තියලා හුස්ම පිම්බා...
මයෙ...පුතා..
මයෙ පුතා.....මොකාද යකො මයෙ පුතා...මොකාද...මොකාද...මොකාද කියපිය මයෙ පුතා....මයෙ පුතා...නෑ...මයෙ පුතාව උඹ මරාගන ඉවරයි...
මම කෑ ගැහුවා.....ලමයව පුලුවන් තරන් තල තල හුස්ම උඩට ගන්න දගලන මම උන්නෙ මාරාවේස වෙලා වෙනකොට "අම්මගෙ " ස්වරූපෙන් මාව කෑව කුවන්නා ආවා.....
අම්මගෙ ස්වරූපෙන් මගෙ කොල්ලව..මගෙ ගෑනිව...මගෙ අග්නිව....මාව....මගෙ පවුලම නැති කරපු කුවන්නා ආවා....මම කෑගැහුවා....
නිඛිල්....රත්තරන්...නැකිටපන්....නිඛිල්....උඹගෙ අප්පච්චිව දාලා යන්නෙ කොහොමද ...අග්ගියා බලන් ඇති...අග්ගියා බලන් ඇති...නැගිටපන්කෝ මගෙ පුතේ අර චුට්ටන් ඇවිල්ලා....චුට්ටා.....න්...
චුට්ටා ....න්....මේ වරෙන් චුට්ටන්...මේ වරෙල්ලකො....මගෙ නිඛිලා ...මගෙ නිඛිලා කතා කරන්නෙ නෑ...අනෙ චුට්ටමෝ...
මම අඩ අඩ ලමයගෙ බඩ තඩ කෙරුවා...පපුව තද කෙරුවා ...ඉස්පිරිතාලෙ ගෙනියගන්නත් මට හුස්ම නොවැටෙන ලමයගේ හුස්ම ගන්න මම චූටි කම්මුල් වලට ගහ ගහ ලතා කෙරුවා.....අනේ නැගිටපන් මගෙ පුතේ...අනේ නැගිටපන් මගෙ රත්තරනේ...ගගා මම අත් කඩාගන ඒ පපුව පහලට තද කෙරුවා.....
චුට්ටාන්...මගෙ නිඛිල්ට් නැගිටින්ඩ කියපන්....ඌ නැගිට්ටම හොයන්නෙත් උඹව චුට්ටමෝ...අනේ...මගෙ කොල්ලව මරාගන්ඩ බෑ.....යකෝ....නිඛිල්...නැගිටපන්..ඉඹ කොහොමද මැරෙන්නෙ...උඹ කොහොමද මැරෙන්නෙ අප්පච්චි වත් මැරුන් නැති කොට...මගෙ රත්තරන් උඹ මැරෙන්නෙ කොහොමද කියපන් මගෙ නිඛිල්....
නිඛිල්...නැකිටපන්.....නිඛිල්....නැකිටපන්....නැකිටපන්.....ණැකිටපන්...මගෙ...නිඛිල්.....මං .මං ..උඹ කියන ඕන දෙයක් අරන් දෙන්නම්....මං....උඹ ඉල්ලන ඕන දෙයක්....අරන් ...දෙන්නම්..මගෙ....නි..ඛිල්...අප්ප....ච්චි..උඹට...ඕන දෙයක්....අරන් දෙන්නම්.....උඹ....ඉල්ලන්නෙ...මොනවද...මට...ඉතුරු ....සන්තකේම....විකුනලා...හරි....අරන් දෙන්නම්....අනේ...නැගිටපන්...නැගිටපන්...නැගිටලා.....අප්පුච්චියේ....කියපන්...
නැගිටලා.....අග්ගි...යේ...කියපන්කෝ.....ඇයි....ඇයී...අන්තීමම...මොහොතෙ....ඇයි...යකො....උඹ....අන්තීමම...මොහොතෙ...දාලා...ගියේ....ඇයි...මගෙන්...යන්න....ගියේ...මගෙ....නිඛිල්....අනේ....ඇයි.....
සිතල වෙලා...වතුරෙ ඉදලම ලමයගෙ අත් සීතල වෙලා...මම අඩ අඩ අත පය අතුල්ල අතුල්ල පපුව තද කර කර එකම එක ගැස්මක් හෙව්වා....එකම එක කැස්සක් බලාපොරොත්තු උනා...ලමයව හොලව හොලව කෑ ගගහා අඩන මට සිහි කල්පනාව නැති උනා.....
.නිඛිල්...මගෙ....රත්තරන් ....
ඕකව හෙලෙව්වට....උඹ ඇඩුවට වැඩක් නෑ.....ඕකා.මැරිලා ඉවරයි....මයෙ පුතා....ඕකා....මැරිලා ඉවරයි...
.....උඹ කටවහපන්....!!උඹගෙ රගපෑම්.....උඹගෙ රගපෑ..ම්....මේ ඔක්කොම....උඹගෙ රගපෑම්.....උඹ කොහොමද මෙහෙම කරන්නෙ...??
අඩපු මගෙ ඇස් තව තව රතු උනා...නැවතුන හදවත පන ගස්සන්න නොමැරි මැරෙන මගේ ගාවට ආව කුවන්නා ලමයා මැරිලා ඉවරයි කියලා අත් දෙක ඔලුවට ගහන් අඩන්න හදනකොට මම කෑ ගැහුවා.....බැන බැනම මම කොල්ලගෙ පපුව හුස්මක් නොගෙම තද කර කරම කටින් හුස්ම පිම්බා...
.නිඛිල්.....නැගි...ටපන්....මගෙ....නිඛිල්...අග්..ගියා.....මේ උඹගෙ....අග්ගියත්....ඇවිදින්...මගෙ...නිඛිල්.....අප්පච්චි ත්...ඉන්නවා..මගෙ....පුතාව .බලන්න...ඔක්කොම....ඇවිල්ලා...අනේ..නිඛිල්....අප්පච්චි ව....අසරන කරන්නෙ....ඇයි....උඹට මැරෙන්න බෑ....අම්බිලි...මාමව ...ඇහුවනෙ...මගෙ..පුතේ....නැගිටපන්....අම්බිලි....මාමා...පායලා.....අනේ...නිඛිල්....නිඛිල්.....අග්නී.....හ්.....අනේ...අග්නී....වරෙන්කො...අග්නී.....මා එක්ක තරහා පිරිමැහුවට....කමක් නෑ...මා එක්ක....තරහව ..පිරිමැහුවට....කමක් ..නෑ....මාව...දාලා..ගියාට කමක්...නැ.....උඹගෙ...පුතාව...මගෙ...පුතාව....අපේ...පුතාව...මැරෙන්ඩ.....රින්ඩ.....එපා...අග්නී.....හ්...අනේ.....හ්...වරෙන්කෝ...යකෝ....උඹ...කොහොමද ...මෙහෙම...කරන්නෙ...
මම කොල්ලව වඩාගත්තා....කරගන්න දෙයක් නැතිම තැන...හුස්ම ආයම උඩට මතුවෙන්නෙම නැති තැන...මම කොල්ලව වඩාගත්තා....මට කෙලින් කටින් ඉන්නවත් පන නැති උනත්..මග මැරිලා හරි මට ලමයගෙ හුස්ම බේරගන්න ඕන වෙනකොට මම කොල්ලව වඩාගන එලියට දුවන්න හැදුවා...ඒත් මට නෙවෙ දුවාගන්න පුලුවන් උනේ...මගෙ කකුල් පැටලුනා...මගෙ කකුල් කුව්වන්නා පැටලෙව්වා...
අතෑරපන්....අතෑරපිය මාව.....අග්නී....හ්හ්හ්.....අග්නී...අනේ....ඉන්න තැනකින් මගෙ කොල්ලව අරගනින්...අනේ....අග්නී....අග්නී....හ්....අනේ.....මේ....නොදරුවා පලි නෑනෙ.....
මාව වැටුනා.....ලමයවත් එක්කම මාව දැනගස්සුනා...නිඛිල්....නිඛිල්...නිඛිල්....ගගා කොල්ලව පුලුවන් තරම් හොලව හොලව මම ලමයගෙ පන එක්ක ඔට්ටු වෙනකොට කුවන්නා ගානක් නැතුව මොන මොනවදෝ ජප කර කර එහා මෙහා ඇවිද්දා....
නිඛි....ල්....අප්පච්චිගෙ...සුදු ..මහත්තයා....අප්පච්චිගෙ.....රත්තර.....න්....පුතා.....අප්පච්චිගෙ...පන...නැගිටපන්....ඇස් ඇරපන්.....චුට්ටා.....න්...මේ...වරෙන්....චුට්ටාන්.....මෙ....නිඛිලා....කතා...කරන්....නෑ....මේ....නිඛිලා...කතා...කරන්නෙ....නැනෙ...චුට්...ටා...න්....මගෙ...මැනික...දොයියෑවා....ඇතී....දොයියෑවා....ඇති...මගෙ...නිඛිල්...නැගිටලා...තුත්තා....න්...කියපන්....ආයම මගෙ පුතාට ගහන්න දෙන්නෙ නෑ.....ආයම...මගෙ....පුතාට....ගහන්න...දෙන්නෙ...නෑ....උඹ ඕන තරම්.....අග්ගියේ...ගාපන්....උඹ ඕන...තරම්....ඒකට....අප්පච්චි ...කියපන්...මගෙ...නිඛිල්.....ඒ උඹගෙ....අප්ප...ච්චි.....ඒඹගෙ....අප්ප.....ච්චි.....ඒ.....උඹගෙ.....අප්ප.....ච්චි....තමයි...මගෙ....රත්තරනේ....අනේ.....උඹ....ඇයි..අගෙ....පුතේ...එලියට...ගියේ...
මම ඇඩුවා....නිඛිල්ගෙ ඇබිත්තන් කට ඇරිලා තිබුනා....ඇස් දෙක බාගෙට ඇරිලා තිබුජා....චූටි මූන සුදුමැලි වෙලා තිබුනා...කලවෙක තිබුන කෝටු පාර තවත් නිල්වෙලා තිබුනා...හුස්ම ගන්න හුස්ම ඉහලට අද්දවන්න මම නොකරපු දෙයක් නැති වෙනකොට කුවන්න මගෙ කකුල් බන්දලා තිබ්බා....මම දැගලුවා...මම බුදු ගුන සිහි කෙරුවා ....උඩ ඉන්න තිස් තුන්කෝටියටම වැද වැද මම මහා සද්දෙට ඉතිපිසෝව කිය කිය ලමයව හොලව හොලව කෑ ගැහුවා...නැකිටපන්...නැකිටපන්....නිඛිල්....නැගිටපා....න්...කිය කිය කිය....කෑ ගහ ගහ නහයෙන් කටින් මමත් ලේ හැලුවා.....
එක්කො මාවත් මරපිය....මාවත් මෙ ඒක්කම මරපිය....මං සාප කරනවා....මම උඹ කව්ද කියන එක දැන දැනම....මම උඹට සාප කරනවා....
මල නොදරුවා පපුවට තද කරන් හිනා වේගන බලන් උන්න කුවන්නා දිහා බලන් මම සාප කරනවා කිය කිය් මම කෑගහනකොට ඒ ඇස් ගැස්සුනා....උඹ කව්ද කියන එක දැන දැන මම සාපකරනවා කියනකොට කුවන්නා අඩියක් පස්සට ගියා...වතුරෙම අවසානම හුස්ම පොද යවලා උන්න මගෙ ලමයව මම කොයි තරම් තැලුවද කියනවා නම් ඒ සර්වාංගෙම පුරාවටම මගෙ ඇගිලි පාරවල් වලට නිල් වෙලා තිබුනා....
මගෙ නිඛිල් යන්න ගිහිල්ලා....
නැකිට්ටම මුලු ගමටම අඩගහන නිඛිල් යන්න ගිහිල්ලා...
.සංසාරගත ආදරයක් දරන්න බැරුව සංසාරගත වෛරයක් හින්දම මගෙ නොදරුවත් වන්දිගෙවලා තිබුනා....
ආයම කවදාවත් එයා එන්නෙ නෑ....ආය කවදාවත් තොටිල්ලෙ ඉදන් තුත්තා....න්....අමන්ජීයේ....අග්ගියෙ.....අම්මියේ.....හ්....අප්පුච්චියෙ ගාන්න මගෙ පුතා එන්නෙ නෑ.....
උඹව ...මම පරිස්සන් කරන්න පුලුවන්...එකම....තැනට දෙන්න....තියනකොටත්....උඹ... යන්න...ගිහින්....අප්පච්චිට උඹව...නැති කෙරුවෙ ඇයි...මගෙ....නිඛිල්....ඇයි...අප්පච්චිව දාලා...ගියෙ...මගෙ...රත්තරන්ට .....සීතලද....මගෙ...සුදු...මහත්තයට.....අප්පච්චිගෙ....පුතාට....සීතලද.....
මට පිස්සු හැදෙන්න ආවා...මට පිස්සු හැදුනා.....
මිනිස්සු පිස්සො වෙනවා....පපුවට ඕනම දේ ඇතෑරිලා ගියහම මිනිස්සු පිස්සො වෙනවා....හදවතට දැනුනම බැදීම් ඇස් පනා පිට මැරිලා ගියහම මිනිස්සු පිස්සො වෙනවා.....සාරන්‍යා මැරුනත් ඉවසපු මම...මෙතනදි පිස්සෙක් උනා....
අග්නි නැතිව ගියත් කොල්ලා ගැන හිතලා ඉවසපු මම මෙතනදි පිස්සෙක් උනා....
අතැරුනත්...දරාගන්න එකමයි ආදරේ කියලා හුස්ම ගත්තු මම මෙතනදි පිස්සෙක් උනා....
අග්නි නැති හෙටක් ගැන බය උනත්...නිඛිල් නැති හෙටක් ගැන ජීවිතේටම නොහිතුව මම මෙතනදි පිස්සෙක් උනා...
මගෙ නිඛිල්.....මාව අප්පච්චි කෙනෙක් කරපු මගෙ රත්තරන් දරුවා.....
අග්නිව අප්පච්චියෙක් කරපු අග්නිගෙ පන.....
.ඌ යන්න ගිහින්...
මගෙ කොල්ලව මරාගත්තා....
අවසානම මොහොතෙ.....මගෙ කොල්ලව මරාගත්තා...
මම.මටම ගහගත්තා...මගෙ අබලන් වෙලා තියන පපුවට පුලුවන් තරම් ගහගත්තා...
යකින්නක් විතරක් තනියට ඉතිරි වෙනකොට මටයි කියන්න කිසිම හයියක් නැති තැන මම මටම ගහගත්තා .....පුලුවන් තරම් ගහගත්තා...
මාව දාල ගියපු නොදරුවව මම පපුවට තද කරන් පුලුවන් තරම් ඉම්බා...කරේ තියාගන නිදි කෙරෙව්වා....කකුල් පන නැති උනා උනත් මම අඩ අඩ සින්දු කිව්වා.....මගෙ ඔලුව සම්පූරනම සම්පූරනම විකාර උනා....මම හිනා උනා....කෑගහලා හිනා උනා...පන නැති කොල්ලව උඩ දැම්මා....ඉම්බා...
මම...උඹට...මැරෙන්න තරම්....ආදරෙයි...මගෙ.....නිඛිල්.....අප්පච්චි ත්....මගෙ....පුතාට....මැරෙන්න...තරම්.....ආදරෙයි...නිඛී....ල්...මගෙ...පුතේ.....අප්ප....මේ..අප්පච්චි .....උඹට....මැරෙන්න....තරම්.....ආදරෙයි....මගෙ.....වස්තුවේ.....
අප්පච්චි පුතාව බයිය කරවන්නද....තුත්තා....න්.....මේ....සුදු මහත්තයා...බයියන්න ....යන්නෙ...මේ....සුදු පුතා...බයියන්න....යන්නෙ...මගෙ...පුතා...බයි....යන්න...
මම ලමයව උරහිසේ තියන් පිස්සුවෙන් වගේ සින්දු කිව්වා...එයා ආසම සින්දුව කිව්වා.....පස්සට තට්ටු කර කර දෙපැත්තට වැනුනා...
උඹයි...ඔය තැනට පාර කපාගත්තෙ....
.උඹයි...අවලමෙක් එක්ක පෑහෙන්ඩගියෙ. ..
.උඹයි උඹට අදාල නැති තැනකට හේත්තු වෙන්ඩ ගියෙ
උඹගෙ ඔය කට වහගනින්...මගෙ ළමයා නිදි...මගෙ ලමයට නිදා ගන්න දීපන්...ආය කවදාවත් ඌ අම්මියෙ....අම්මියෙ කියන්න එන්නෙ නෑ...මගෙ පුතා නිදි....මගෙ....පුතා....මගෙ...පුතා....නිදි......
මම කොල්ලව නලවනකොට කුවන්නා මගෙ ගාවට ඇවිදින් දත් මිටි කාගන ආය ආයම එක එක මගුල් කියවන්න ගත්තා.....පිස්සුවෙත් උපරිමේ උන්න මම ඒකිට පුලුවන් තරම් බැන බැන ලමයව නිදි කරවන්න සින්දු කියනකොට කුවන්නා ලගට ආවා
..මෙහෙ දියන් ඕකව වලලා දාන්ඩ.....මලකදන් තුරුල් කරන් ඉන්ඩ උඹට පිස්සුද.....
අත ගනින්.... අතගනින්.....මම ඔය අත කඩලා දානවා...මම උඹගෙ අත් කුනුවෙයන් කියල සාප කරනවා...හය හතර නොතේරෙන නොදරුවට මෙහෙම කෙරුවට....උඹට හෙන ගහනවා...උඹ කොහොම නැටුවත්...මේ ඉන්නෙ අග්නිගෙ පුතා. .උඹ ඒකව කොහොම වෙන එකියෙක්ට අර ගස්සන්ඩ හැදුවත්....ඒක වෙන්නෙ නෑ.. ....ඒකවෙන්නෙ...නැ...යකො....උඹ මගෙ නහර වැල් එකින් එක එලියට ඇදලා ගත්තා උනත්...ඒක වෙන්නෙ නෑ...නෑ...නෑ....හ්හ්හ්....නෑමයි.......මගෙ...නොදරුවා...මරාගත්ත....උඹට.....
චටාස්!!....
කට වහපිය.....
මගෙ කම්මුල පුපුරු ගැහුවා.....මගෙ යටි තොල පුපුරලා ගියා....ලමයව වඩාගන උන්න මට ගහපු පාර එක්ක මාව අනිත් අතට වැටෙනකොය කකුල් පන නැතිව උන්න මම කොල්ලව පපුවට තුරුල් කරන් ගුලි උනා...මම කෑ ගැහුවා....අග්නිත් නැති ට්ගැන නිඛිලුත් නැති තැන මට උන්නත් එකයි නැතට් එකකයි කියලා හිතපු මම කෑ ගැහුවා වගේම සාප කෙරුවා ...සාප කර කර කෑ ගැහුවා...මගෙ කතා...සාපකිරිම් ඉස්සරහා කුවන්නව තරහව වැඩි තැන ගැහෙනකොට ආයමත් මගෙ ගාවට ඇවිදින් මගෙ ඔලුව පාගන්න කකුලක් උස්සනවා එක්කම කුවන්න බෙරිහන් දීගන පැත්තකට විසික් වෙලා ගියා....
."ශිවන්..."
මාව පාගන්න ආව කුවන්නා වීසිවෙලා ගිහින් බිත්තියක වදිනකොට මම කොල්ලව තුරුල් කරන් ගුලි උනා....කාලි කිව්වා වගෙම මම තනි උනා.....කාලි කිව්වා වගේම මම අසරන උනා.....කාලි.කිව්වා වගේම නොවිදිනා දුක් විදින්න ගත්තා....පන වගේ ආදරෙ කරපු ලමයා ඇස් පියාගන උන්නා...කරන්න දෙයක් ඉතිරි නැති මම පිස්සෙක් වගෙ ඔහේ වැඩ්ටිලා ඉන්නකොට කුවන්නගෙ බෙරිහන්දීම මැදම මගෙ නම කියලා කතා කරන සද්දයක් එක්ක මම හැරිල බැලුවා.....

වින්නඹු අම්මා....ඒ උන්නෙ අග්නිගෙ වගේම කාලිගෙ වින්නඹු අම්මා...එදා මහ කැලේදි හම්බ උන වින්නඹු අම්මා.....කුවන්නව පැත්තකට විසික් කරන් ඇවිදින් තිබුනෙ වින්නඹු අම්මා....
ඒත් ..දැන් මොකටද ....
පෙරහැර ගිහින් ඉවර උනාට පස්සෙ මොකටද ...
මගෙ පිහිටට ඉන්නනම ඕන තැන කවුරුත්ම නැතිව අවසානෙදි කවුරුත් මොකටද .....
දනහිස්වලින් පහල පන නැති මං ලමයව අරන් කද කොටස කෙලින් කර ගත්තා...පපුවෙ වේදනාව...තරහව දරන්නම බැරි තැන මං අත් දෙකේ උන්න කොල්ලව වින්නඹු අම්මට දික් කරලාන් කාපන් කිව්වා..අග්නිට ගිහින් දියන් කියන්න බෙරිහන් දුන්නා....
ඉදා....මේක අරගන කාපන්.....අග්නිට ගිහින් දීලා මූව කන්ඩ කියපන්.....
.....
ඇයි...ඇයි උඹලා නාවෙ....ඇයි....ඇයි...මටම මෙහෙම වෙන්නෙ..ඇයි...මටම මේ වගෙ දුකක් ඉතුරු කෙරුවෙ....මගෙ කොල්ලා....මගෙ අග්නි....මගෙ අම්මා.....මං හිර වෙලා යකෝ...මං අමු අමුවෙම හිරවෙලා ...මං හිරවෙල.....අනෙ මං හිර වෙලා .....මාව මරපන්.....මාව මරලා දාලා මේ හැම දේම මෙතනින් ඉවර කරපන්....අග්නී....හ්හ්.....
මම ඒ ඇස් දිහා බලන් කෑ ගැහුවා....ඇඩුවා....මගෙම පපුවට ගහගත්තා ....ඒත් වින්නඹු අම්මා නෙවෙ මාව නැවැත්තුවෙ.....වින්නඹු අම්මා නෙවෙ මට ආපිට වචනයක් කිව්වෙ ....
කාලි කිව්වා.....කාලි කිව්වා...හරි....මට අග්නිව නැති වෙන්ඩ ඕනා....මට අග්නිව නැති උනා....ඒත්....ඒත්.....මොකාද කිව්වෙ මට මගෙ කොල්ලත් නැතිවෙන්න ඕනා කියලා ....මොකාද කිව්වෙ කියපන් අම්මෙ.....මොකාද කිව්වෙ කියපන් .උඹයි....අග්නිව ගත්තෙ....උඹත් අම්මෙක්...නේද ....ඇයි...අහපන්කො....මගෙ දරුවව ගත්තෙ.......
මං ලමයව තුරුල් කරගත්තා....ලමයව ඉම්බා...
"තව දුරටත් එයාව උඹට අයිති නෑ...ශිවන් ..."
ලමයව පපුවට තුරුල් කරන් ඉඹ ඉඹ අඩන මගෙ දිහා බලන් උන්න වින්නඹු අම්මා මගෙ ලමයා තව දුරටත් මට අයිති නෑ කියනකොට අප්පුච්චියේ....මොකක්ත...ඔව්...අයි...එ.....ගගා හුරතල් වචන අහුලපු මගෙ ළමයාගෙ මූන දිහා බලපු මම දෙන්න බෑ කියන්න වගෙ කොල්ලව අත් දෙකෙම්ම මිරිකගත්තා ...
.මගෙ ....මාව මරලා ගෙනියපන්....නැත්තන්...මාව පනපිටින් වලලපන්...මට මගෙ කොල්ලා එක්කම මැරෙන්න දීපන්....
"එයා වෙනුවෙන් දෙයක් කියන්න....එයාගෙන් දෙයක් අහන්න තියනවා නම් එක අවස්තාවක් දෙන්නම්....."
මං ඇඩුවා .....ඇස් ගෙඩි පුපුරලා යන්න ආවා ...එක අවස්තාවක් දෙන්නම් කියනකොටම මං වැටිලා ඉදගත්තා ....ඉදගන ලමයව හරහට ගත්තා .....
මගෙ....පුතාට ...කියපන්....අප්පච්චි ....ම්ම්...මැරෙන්න ...ත්ත්...තරම්....ආදරෙයි...ක්ක්..කිව්වා...කියලා .....මගෙ...පුතාට ....කියපන්.....අප්පුච්චියෝ...ගාලා....කතා කරනකන්...මං ...බලන් ඉන්නවා....ක්..කියලා ...ම්ම්...මගෙ ..පුතාට...කියප...න්...අම්මෙ...මගෙ ...පුතාට...කියපන්.....මගෙ.....ප්ප්...පන...ඌ....යි....ක්ක්..කියලා .....
මම කොලුවා දිහා බලන් අඩ අඩ කියවනකොර වින්නඹු අම්මාඅගෙ උකුලෙ උන්න නොදරුවගෙ මූනට පහත් වෙලා නාස් පුඩුවලට පිම්බා....
"එක විනාඩියයි..."
එක විනාඩිය...යි .....
එකවිනාඩියයි කියනවා එක්කම අගෙ අතේ උන්න කොලුවා කැස්සා.....චූටි ඇගිල්ලක් හෙල උනා.....
කැ...හ්...
න්..න්..නිඛිල්....මගෙ....ර්...රත්තරන් ...මගෙ ..රත්තරන් ...පුතේ....අප්ප..ච්චිගෙ.....පුතෙ...
මං කැහැපු ලමයගෙ පපුව අත ගගා කතා කරනවත් එක්කම එයා හරි හිමීට ඇස් ඇරියා.....
"අ...ප්....පු....ච්....චි....යේ..."
නිඛී.....ල්...මගෙ...රත්තරනෙ ...එපා...අනෙ....දෙයොයෝ....එපා....එපා...යන්න....එපා...අප්පච්චි ආදරෙයි .....අප්පච්චි මැරෙන්න තරම්...උඹට ආදරෙයි මගෙ පුතේ...
මං ලමයගෙ මුලු මූනම ඉම්බා.....අප්පුච්චියෙ කියලා හරි අමාරුවෙන් කතා කරපු නිඛිල්ට වැඩි වෙලා හුස්ම අල්ලන්න බැරි වෙනකොට අනේ මාව දාලා යන්න එපා මගෙ රත්තරන් පුතෙ ගගා මන් නොවදිනා වැදුම් වදිනකොට ළමයා හරී අමාරුවෙන් ඇස් ඇරලා ඇස් දෙක කැරකෙව්වා....ඒ ඇස් කහම කහවෙලා....මුලු මූනම සුදු මැලිවෙල තිබුනා වගේම අනෙ එයා ඒ චූටි අත ඉස්සුවා හරියටම මගෙ මූන අත ගාන්න ඕනා කියන්න වගෙ වෙනකොට මං මගෙ මූන පහත් කෙරුවා ...
අප්....පු...
මගෙ රත්තරන් ...අප්පුච්...චියා ඉන්නවා....මගෙ..සුදු...මහත්...තයා...මගෙ.....සුදු....මහත්....තයා.....
අප්පු..ච්ච්....යේ...ප්...පුතා...ත....
අගෙ පුතාට...මගෙ රත්තරන් පුතාට මොනවද කිය..න්න...ඕනෙ ..මගෙ රත්තරනේ ...පුතාට....ම්..මොනව...ද ඕනෙ...
මං කතා කෙරුවා සීතලම සීතල චූටි අත මගෙ මූන උඩ තියනකොට අප්පුච්චියෙ පුතාත කියපු ළමයා හරී අමාරුවෙන් හුස්මක් ගන්නකොට මං පපුව පුපුරන්න එන වේදනාව එක්ක කතා කරනකොට වින්නඹු අම්මා බලාගන ඉදලා මගෙ උරහිසට අත තිබ්බා.....
ප්...පුතා....ත...බ්...බයි....ය...න්න....
පුතාට...බයියන්න...ඕනෙද ...මගෙ...සුදු...මහත්තයට ....අප්පච්චි ගෙ...සුදු මහත්තයට බයියන්න ඕනෙද ....
ම්...
මං සින්දුවක් කිව්වා....ලමයව නිදි කරවන්න කියන සින්දුව කියනකොට කොල්ලා මගෙ මූන දිහාම බලන් උන්නා...මං අඩ අඩම ඒ නලලට හාදුවක් තියනකොටත් මගෙ මූන දිහා හුස්ම ඇද ඇද බලන් උන්නා වගේම ඇස් කොන් වලින් කදුළු කැටයක් කඩාගන වැටුනා වගේම නලල උඩින් අග්නිගෙ ලකුන ලාවට වගෙ මතුවේගන එනවත් එක්කම මගෙ මූන උඩ තිබුන අත පහලට කඩන් වැටෙනවා එක්කම මං කොල්ලව පපුවට තුරුල් කරගන නිඛීල්...මගෙ පුතෙ යන්බ එපා...එපා...එපා....අනේ....යන්න එපා...අනේ මගෙ පුතේ...යන්න එපා කියනවත් එක්කම මගෙ පපුවට තුරුල් කරන් උන්න නොදරුවගෙ ඇදුම විතරක් ඉතිරි වෙන්න ලමයව සම්පූරනම නැත්තටම නැති උනා.....මං ඔලුව උස්සලා බලනකොට සාලෙ එල්ලලා තිබුන බිත්ති ඔරලෝසුවෙ වෙලාව 5.15 වෙලා තියනකොට මං කදුලු හලාගන යන්න එපා කියලා කෑ ගහලා ඇඩුවා
නිඛිල්....එප්...එපා.....අනේ...අනේ...අග්...නී.....එපා...එපා...හ්....අනෙ....නිඛීල්...එපා.....මගෙ.....සුදු....පුතේ....එපා....එපාහ්........
අනේ. නිඛිල් .....
නි..ඛිල්.....
අග්....නීහ්....
නි...ඛි....ල්...මගෙ ...නිඛි.....ල්....
අතට ඉතිරි උනේ ඇදුම විතරයි .....අතට ඉතිරි උනේ තෙත ඇදුම විතරයි ....මගෙ නිඛිල් මගෙ අතින් නැත්තටම නැති වෙලා යන්නව් යනකොට මන් ඇදුම පපුවට තුරුල් කරන් කෑ ගහලා ඇඩුවා ....අවසානෙදි අඩලා අඩලා වින්නඹු අම්මා දිහ බැලුවා
"උඹ හිත හදාගන්න ඕනා....."
...අග්...නි....අග්නී...
"අග්නි ඉන්නව ...කාලිත් ඉන්නවා.......උඹ හිත හයිය කරගනින්.....ශිවන් ....උඹගෙ අන්තීම දවස් ටික මේ...මූන දෙන්න අමාරුම දේවල් වලට උඹ මූන දුන්නා..."
වින්නඹු අම්මා මගෙ මූනම අත් දෙකෙන් අල්ලගත්තා ... නිඛිල්ගෙ තෙත ඇදුම තවමත් මගෙ පපුවට තුරුල් වෙලා තියනකොට මේ ගෙවෙන්නෙ මගෙ අවසානම දවස් කියලා කියනකොට ඔහේ බලන් උන්නා.....ඔහේ අහන් උන්නා....කුවන්නට වැදුන පාරත් එක්කම කුවන්නා තවමත් එතන ඉන්නකොට මං ඒ දිහා බලලා වින්නඹු අම්ම දිහා බැලුවා ...
මගෙ මරනය වේදනාත්මකයිලු...
"උඹ දැනටමත් මැරිලා ඉවරයි ශිවන් ...උඹ මැරුනෙ අග්නි නැති උන තැන...උඹ මැරුනෙ...උඹගෙ දරුවා නැති උන තැන...උඩින් හුස්ම ඇලුවත්....උඹ දැනටමත් මැරිලා අහවරයි කියන එකම වේදනාවක් නෙවේද ශිවන් ....??"
...අග්නිට ....කියපන්....දාලා ගියත්...මං...මැරෙන්න තරම් ...ආදරෙයි කියලා ....
අග්නිට කියපන්.....අන්තිම හුස්ම අරින තැන මාව තනිකරන්න එපා...මං තනිවෙන්න බයයි බව.....
අග්නිට වගේම...කාලිට කියපන්.....හිතේ තියන හැම ප්‍රාර්තනාවක්ම යතාර්තයක් කරලා මිසක්...මං ඇස්පියාගන්නෙ නැති බව....
"......."
මගෙ කටින් පිට උනෙ එච්චරයි .... වින්නඹු අම්මා ඇවිදින් තිබුනෙ නිඛිල්ව ගෙනියන්න වෙනකොට මගෙ යටි බඩට අත තියලා එයා ඔලුව හෙලෙව්වා ....
"උඹගෙ අන්තීම කෙම්මුර දෙකේදි මං ඉන්නවා .....ඒත්....උඹට බාධා බොහෝමයි....හිත හයියකරගනින් ශිවන් ...සංසාරගත ආදරයක්...සංසාරගත වෛරයකට පරාද වෙන්න ඉඩ දෙන්න එපා ....."
ඉල්ලීමක් ...
"මොකක්ද....."
මගෙ...අන්තීම....හුස්ම....අග්නිගාව යවන්න...අග්නිගෙ වස්තුව අග්නිට දීලා හුස්ම යවන්න.....
"ස්තීරයි....එලිය වැටීගන එන්නෙ.....කකුල් ඉක්මන් කරපන්...අද විතරයි ...උඹගෙ අවසානම මොහොතේ අග්නි ඉදී.....ඒක මගෙ වචන.....ස්තීරයි ...."
දැනෙන දුම් හැම උහුලගමි මම
දරු සෙනෙහෙ හදතුල දරා
පිටට නොපෙනෙන මෝරනා ගැබ
රැකගනිමි වීරිය වඩා
මැරෙන සින්හව මවා හෝ දෙමි
නුඹේ ලතැවුල් හැම නිවා
මේ භවෙ හිත තුටින් මොය යමි
නුඹේ පැතුමට පණ පොවා
ඉඩක් වේනම් ඉපදෙන්න යලි
එන්නෙමී මං නුඹ සොයා
දරුවො එක්කලා බලන් ඉනුමැන
ආය මං ඉපදෙන තුරා
හමුවෙලා වෙන් වෙන්න නම්
නොව සසර
මුළු ගමනේ පුරා
නුඹගෙ වීසැනසෙන්න පතනෙමි
වෛරයේ ගින්නෙන් මුදා
නුඹේ පැතුමෙත් අපේ ආලෙත්
තිලිණෙ ඔය දෑතින් තියා
සමුගන්නෙ මං බොහෝ සතුටින්
යලිත් ඉපදෙන්නම සිතා
මේ භවේ අවසාන පැතුමක් තියේ
මගේ හදවත පුරා
ගැහෙන හදවත නතර වෙද්දී
තියන් මා ඔය පපුවේ හොවා.....
(ශිවන්....නෙතූ අමන්දා නංගි.....ඔයාට ස්තූතියි ගොඩාක් ම ගොඩක් මේ හැම වචනයක් ගානෙම❤️❤️❤️❤️😔😔😔)
මං නැගිට්ටා ....සන්තකේටම ඉතිරි උනේ ලමයගෙ තෙත රෙදිකඩ විතරක් වෙනකොට වින්නඹු අම්මා ගියෙ මගෙ කකුල් දෙක නිදහස් කරලා ....
බාගෙට පන ගහන මං ඇස්වලින් වැටෙන කදුලු ඔහේ වැටෙන්න දීලා බිත්ති අල්ලන් කාමරේට ගියේ කාර් එකේ යතුර ගන්න වෙනකොට මෙට්ටෙ උඩ තිබුන සූප්පුව දැකපු මට හීල්ලිලා යද්දි මට මගෙ නොදරුවව මැවිලා පෙනුනා

අප්පච්චි ....එනකන් ....ඉන්..න....රත්තරන් ...
මයෙ....පු...තා.....උඹ....ඔය කොහෙ යන්නද....
කාර් එකේ යතුර අරන් කාමරෙන් එලි බහිනවත් එක්කම උන්නෙ කුවන්නා...
කුවන්නා.....
එක ආත්මෙකදි මාව මරා ගත්තු කුවන්නා...
බලාගත්තු ඇත් පැටියට රා පොවලා මාව මරාගත්තු කුවන්නා....
ඒ වගේම මේ ආත්මෙදි....මං පන වගේ ආදරේ කරපු "අම්මා...."
කුවන්නා....වෙන කවුරුත් නෙවෙ .....මගෙ අම්මා....
අග්නි මගෙන් හංගපු ලොකුම රහස.....
කාලි මගෙන් හංගපු ලොකුම රහස....
අග්නිගෙ කකුල් වල දම්වැල් දාපු කුවන්නා.....
ඇතෙක් ලව්වා මරවපු අධීර මමයි කියලා දන්නවා නම්....උඹ මාව බඩේදිම මරා ගන්නවා එහෙම නේද මගෙ අම්මෙ.....??
මං.කතා කෙරුවා ....අවසානම මොහොතේ පවා මාව මරලා දාන්න බලන් ඉන්න වෙදහාමිනේ ....අවසානම මොහොතෙ පවා මාව මරලා දාන්න බලන් ඉන්න මගෙ ආදරනීයම අම්මා කුවන්නා මගෙ අම්මෙ කියනවත් එක්කම අඩියක් පස්සට ගියා ....
අම්මගෙ රූපෙ අරන් ආව යක්ශනියක් කියලා මගෙ හිත රවට්ටන්න හැදුවට...මම උඹව අදුනගත්තා මගෙ අම්මෙ.....මං...උඹව අදුනගත්තා .....විස්වාස කරන්න බැරි සමහර දේවල් ....අමාරුවෙන් ...හරි....විස්වාස කරන්න වෙනවා ...කියන එක මං ඉගන ගත්තෙ උඹගෙන් අම්මෙ....
ඒ..කියන්නෙ....උඹ...අදුනගත්තා ...අධීර.....
මං...අදුනගත්තා ....මං....උඹව අදුනගත්තා .....නව මාසයක් ....කුස දරපු....ලේ කිරිකර පොවපු....එකා ම්ස්‍යෙ පුතා මයෙ පුතා කිය කිය කතා කරපු එකා වෙන කවුරුත් නෙවෙ උඹගෙ වෛරක්කරයා වෙච්ච මමයි කියලා දැනගත්තා වගේම ..කට පුරා අම්මෙ ...මගෙ අම්මෙ කියලා කතා කරපු උඹයි මගෙ මිනිමරුවා කියන්න....
ඊරිසියාව දරා ගන්න බැරිව.....බඩ දරු ගෑනිව මරවන්න ගුරුකම් කරපු එකා උඹයි කියන්න...
හය හතර නොතේරෙන නොදරුවව ලෙඩ කරවන්න ගුරුකම් කරපු එකා උඹයි කියන්න...
අමුනපු මාලෙ අමුනන්න නොදී කඩාගත්තු එකා උඹයි කියන්න...
මහ රෑක උනත් හිතක් පපුවක් නැතුව මරලා දාන්න ඉෆ්‍රිත්ව ගෙන්නන්න සන්නි නටපු එකා උඹයි කියන්න..
උගුරෙන් පහලට ගියපු කිරිබත් පිඩක් ගානෙ උන්ට සාප කෙරුවත් ඒකි ගෙනාවෙ විරේක කිරිබතක් වගේම උඹයි මට වහ ගිල්ලෙව්වෙ කියන්න ....
අප්පච්චි ගෙ අම්මව මරා ගත්තෙ උඹයි කියන්න...
මට වරම ආවොත් උඹට වන්දි ගෙවන්න වෙන බව දන්න හින්දා ගෙවෙන හැම තත්පරේම මාව මරන්න මාන බලපු කුවන්නා.....
වෙන කවුරුත් නෙවෙ.....
ඒ උඹයි .....
ඒ උඹයි.....
මාව මේ ලෝකෙට ගෙනාව එකම එකා.....නව මාසයක් කුස දැරුව....ලේ කිටි කරලා පෙව්ව.....කට පුරාවටම මගෙ පුතා කිව්ව උඹයි මගෙ අම්මෙ....
ඒ උඹයි....!!!!
ඒ හැම දේම කෙරුවෙ.....උඹයි අම්මෙ..
.....
මං මැරිලා ඉවරයි ...
මේ හැම දේම කරන්නෙ උඹ බව දැනගත්ත තැනම....මං උඹගෙ පුතාව මරලා දැම්මා අම්මෙ...
උඹ හැම දේම දන්නවා නම්....වරෙන්...
අපි මරාගන මැරෙමු....අධීර....!!මොකද මේ කුවන්නට දිනුම මිසක් .....පරාජයක් නෑ මයෙ පුතා....
මරාගන මැරෙමු...හැබැයි.....මං දුන්න පොරොන්දුව රැක්කට පස්සෙ....
එහෙමද උඹ හිතන්නෙ....
එහෙ..මයි...එ.....ප්...පා.....හ්හ්...ආ.....හ්...ව්ව්...
🥺ජොබී යනවා යන්න...
😔👉👈ම්හුක්...
බායි...
Ferdeesha ❤️💚😘 ...