Cherreads

Chapter 60 - 60

අප්....අපු....ච්....ම්ම්හ්....අග්....අගි.....අගියේ...ම්ම්ම්ම්හ්හ්...ම්ම්ම්.....

චූටි මැනික.....ඇයි...ඇයි...මේ....ඇයි....දො...යි...දොයියන්න....දොයියන්න....

" ඇයි මැනිකෙ....."

ටික්....ටික්.....ටික්.....ටික්.....

ඔරලෝසුවෙ කටු කැරකෙනවා...ටික් ටික්...ටීක්....ගාන සද්දෙත් එක්ක් ඔරලෝසුවෙ කටු කැරකෙන කොට මගෙ අත් අස්සෙ තුරුල් වෙලා තදින්ම නිදාගන උන්න් මගෙ පුංචි එකා හීනෙන් බයවෙලාද කොහෙද කෑ ගහනකොට අපි දෙන්නවම තුරුල් කරන් උන්න අග්නි දඩ බිඩි ගාල නැගිටන් ඇයි මැනිකෙ අහනකොට ඉබේම ලයිට් එක පත්තු උනා....

එයා නින්දෙන් බය වෙලා අග්නි...

ලයිට් එක දානවත් එක්කම මෙච්චර වෙලාම කට්ට කලුවරේ උන්න මගෙ ඇස් දෙක එක පාර ඇරගන්න බැරි වෙනකොට මම ඇස් දෙක මගෙ අත් දෙකෙන් වහගත්තා ...ලයිට් එලියෙ සැර එකපාරම මගෙ ඇස් වලට දරා ගන්න බැරිව මම තත්පරයක් දෙකක් ඉදලා අග්නි දිහා බැලුවා....

" නිදා ගනින් මැනිකෙ...ඒකට නරක හීනයක් පේන්න ඇති ...ඕකව මැදින් තියලා උඹත් නිදා ගනින්...තව පැය කීයද..."

නින්දෙන් බය උන ළමයා ආයම පාරක් නිදාගන්නකොට අග්නි මගෙ කම්මුල අත ගාලා නිදා ගන්න කිව්වා....ඇත්ත....වෙලාව දෙකයි....ට්‍රේන් එකට දුවන්න...අම්මට බැරි හන්දා අප්පච්චිට දවල්ට උයා ගන්න මොනවා හරි හදන්න ඒවට උදව් වෙන්න.....හරියටම බැලුවොත් මට නිදා ගන්න පුලුවන් තව පැය දෙකයි...ඇවිලුන ලයිට් එක ආයම නිවිලා යනකොට අග්නිගෙ දිගෑරන් උන්න අතේ අත් ගොබේ උඩට මම ඔලුව තියා ගන්නකොට අම්මා නින්දෙන්ද කොහෙද කහිනවා ඇහුනා...පුංචි එකා පනු පැටියෙක් වගේ අග්නිටයි මටයි හිරවෙලා නිදාගන උන්නා....

අග්නී....

"ම්ම්ම්ම්....."

මම ආයම අග්නිට කතා කෙරුවා ....මං හෙට උදේ පාන්දරම යන්න යවි....අනෙ මං යනකොටත් නිදි පුංචි එකා එනකොටත් නිදාගන ඉදීවි....ඒ මූන බලන්න මට සතියෙ අවසානම දවස් දෙක එනකන් බලන් ඉන්න් වේවි...මට ලෝභයි.....දුකයි.....එත් නොයා කොහොමද ....

අම්මා තාත්තා දරුවො හන්ද අසරන වෙන තැන් තියනවා .....

අතාරින්න ලෝභ තැන් තියනවා....

හොදටම වැස්ස දවසක අපි කරන්නෙ ඉහෙ ඉදන් පොරවන් ගුලි වෙලා නිදා ගන්න එක උනත් ඒ හැමදාකම ඒ උදේ පාන්දර පොල් ගෙඩියක් බිදින සද්දෙ ඇහුනා....ඒ හැමදාකම වලදක් එහා මෙහා වෙන සද්දේ ඇහුනා...

මට මහ වේදනාවක් දැනුනා..මේ තාක් මට හරීයටම ඒ අගේ දැනුන් නෑ.....බැදලා ගියා .....එතනින් එහාට ආව ප්‍රශ්න එක්ක මාසෙන් දවස් ගානක් උන්නෙම දොස්තරලා ගාව.....එක්කො සිංහල වෙද්දු ගාව...බඩට ලමයෙක් එනකම්ම බෙහෙත් ගිල්ලා....එකෙක් නෙවෙ දෙන්නම....අවසානෙදි ළමයෙක් හිටියමත් ඉස්පිරිතාත ගානෙ ගෑටුවා...අවසානෙදි ළමයා හම්බුනාමත් ගෑටුවා...කොටිම්ම කියනවා නම්...මට එ ඔක්කොමත් එක්ක අම්මා තාත්තව මග ඇරුන කාලෙකුත් තිබ්බා.....

සාරාන්‍යා ....

අග්නිට කතා කරපු මගෙ ඇස් තෙත් උනා....මතක ආය ආය හොරෙන් හොරෙන් ඔලුවට වද දෙන්න ගත්තා .....ලොකූ දෙයක් මතක නැති උනත් මට සමහර දේවල් ලාවට වගෙ මතක හිටිනකොට මම ජීවිතේ වැඩියෙම්ම කරලා තියෙන්නෙ විදවපු එක විතරක් නේද කියලා මතක් වෙනකොට මට ලොකු හුස්මක් පිට උනා....

මම අම්මා වෙනුවෙන් කරපු දෙයක් නෑ.....

පලවෙනි පාරට මට ඒ වචන මහා ලොකූවට වද දෙන්න ගත්තා ...මම අම්මා වෙනුවෙන් කරපු එකම දේ නම්.....උදේ පාන්දරට නැගිටින්න තියන එලාම් එක මාරු කරපු එක විතරක් උනා.....හතරට තියපන් මයෙ පුතා කියන එලාම් එක මම හතරහා මාරට තියලා අම්මට තව පැය භාගයක් නිදා ගන්න දුන්න එක විතරක් උනා........

" මැනිකෙ..."

ඒ අග්නිගෙ කටහඩ....එයා බලන් උන්නා ඇයි මම කතා කෙරුවෙ කියන එකට හේතුව අහන්න....එයා බලන් උන්න මම එයාට මුමුනන දෙයක් අහන් ඉන්න....."ශිවන්" උන මම චරිත දෙක තුනකට පන දෙනකොට සමහර වෙලාවට ඒ බැදීම් බරයි...වගකීම් බරයි වගේ දැනෙනකොට මම වචනයක් නොකියම රෝම පිරුන පලල් පපුවට නලල ගහගත්තා ...

" ඇයි මෙ....."

එයා ආයම මිමිනුවා....මගෙ ඔලුව අත ගෑවා....එහෙම්ම පිට කොන්ද දිගේ ඇවිදින් මගෙ තට්ටම ගාව නැවතුනා.....හැබැයි නැවතුනා විතරක් ...තට්ටු කරන්න වත්...ඇගිලි වලින් මිරිකන්න වත් මොකුත් නොකරම එයා අත එහෙම්ම තියන් උන්න....මගෙ හිස් මුදුනට හාදුවක් තිබ්බා.....

අග්නී.....මම එනකන් ..අපේ පුතාව බලාගන්න පුලුවන් ද අග්නි...

අවසානෙදි මම අර වචන ටික හරී අමාරුවෙන් එලියට දැම්මා.....

"......."

මම යනකොටත් ඒකා නිදියන් ඉදීවි.....මම එනකොටත් කොල්ලා නිදියන් ඉදීවි ....ඒකට මාව අමතකත් වේවි අග්නි...ළඟ පාතක උන්නා නම්...මට ඇහැරෙනකන් ඉන්න තිබ්බා....ළඟ පාතක උන්නා නම් නිදාගන්න කලියෙන් එන්න තිබුනා...ඒත් මගෙ අග්නි....මට දැන් අට පහ කරලා..මදි....මම හොයන්න ඕනා....කාර් එකක් තිබ්බ පලියට මම සල්ලි කාරයෙක් නෙවෙ අග්නි.....

" උඹට ඔය වචන කියන්න බය හිතුන් නැද්ද මැනිකෙ....?"

.......?

අන්ද කාරෙ හින්දම මට එයාගෙ මූනෙ හැගීම් පෙනුන් නෑ..හැබැයි ඒ කටහඩ තදයි කියලා හිතුනා...මම හිමින් හිමින් මගෙ ඇගිලි මට නොපෙනෙන එයගෙ මූන මම හිමින් අත ගෑවා...ඒ කම්මුල් එකට තද වෙලා...එයා දත්මිටි කාගනද ඉන්නෙ....? නෑ වෙන්න බෑ.....දත්මිටි කාගන වෙන්න බෑ...මම හිමින් සැරෙ මගෙ ඇගිලි නාස් පොල්ල දිගේ ගිහින් එහෙම්ම එයාගෙ සීතල දෙතොල් උඩ තිබ්බා....වෙලාවකට මාව උමතු වෙන තරමට මාව සිපගන්න ඒ සීතල දෙතොල් උඩ මම මගෙ ඇගිලි තියන් උන්නා..හැබැයි මට තත්පරයයි එහෙම ඉන්න පුලුවන් උනෙ....එයා මගෙ ඇගිලි හැපුවා.....නිකන් නෙවෙ....රිදෙන්නම....

ආ...ව්හ්.....

මට කෙදිරුනා...අග්නි ඒක හැපුවෙ රිදෙන්නමයි ...එහෙම කියන්න බයක් හිතුන් නැතිද අහපු මගෙ අග්නි ඇගිලි හැපුවෙ ඇ‍යිද කියන්නවත් අහන්න ඉඩක් නොදී එක පාරම එයා මාව යට කරගත්තා ...පුංචි එකාට තදටම නින්ද යනකන් උන්න අග්නි මාව යට කරගත්තා.....

අග් ..නි....අනේ....රිදෙ...නවා.....රිදෙ...නවා...අග්නී.....

එයා මාව යට කරගත්තා උනත් මාව හපාගන ඉන්නකොට මම ඇඹරුනා....දරුවා නිදි හන්දම මට හයියෙන් කෑ ගහගන්න බැරි වෙනකොට මම අග්නිව සීරුවා...මාත් ආපිට හැපුවා...අවසානෙදි එයා මගෙ ඇගිලි තෑරියා.....

රිදෙනවා අග්නී...

" එහෙනම් උඹ මොකටද මගෙන් ලමයව බලාගන්න පුලුවන් ද අග්නි කියලා ඇහුවෙ ඇයි ශිවන්...මට දුකක් නෑ...අපේ පුතාව බලගන්න අග්නි කිව්වා නම් මගෙ හිතට දුකක් නෑ ...මොකද මම මගෙ කොල්ලව කොහොමත් බලාගන්නවා....ඒත් උඹ ඇහුවෙ පුලුවන්ද කියලා ....ඇයි උඹ හිතන්නෙ නැතිව කතා කරන්නෙ....??...පුලුවන්ද කියල අහන්නෙ උඹ හිතන්නෙ මම බලන්නෙ නැහැ කියලද?"

මම කිව්වෙ එක වචනයයි....ඒත් අග්නි එක වචනෙ ලොකු කෙරුවා ....ඇයි එහෙම කිව්වෙ අහ අහ එයා මාව ආයම නොමරා.මරන්න ගත්තා...ඇත්ත....මට තිබුනා...ඒත් හිතේ දුකට කියවෙන වචන වලට මම මොකද කරන්නෙ....

අග්නී....මට සමාවෙන්න...අග්නී....මම...මම හිතල කිව්වෙ නෑ...මගෙ අග්නි...මම හිතලා නෙවෙ කියන්නෙ .....මම හිතලා කිව්වෙ නෑ....මගෙ අග්නි...මං දන්නවා...මටත් වඩා හොදට උඹ බලාගන්නවා කියලා ...

" දැන් ඇති...කමක් නෑ...උඹ නොදන්නවා උනාට ..උඹ නොහිතන තැන් වලදි මගෙ හිත හුගක් රිදුනා මගෙ ශිවන් ..."

මම මීක් නොගා උන්නා...මොකද මට කියන්න දේවල් නැති උනා...හිතක් කැඩුනම හිත හදන්න මේ ලෝකෙ කිසිම බෙහෙතක් නැති වෙනකොට මම සද්ද නැතිව උන්නා.....

" මේක දුන්නෙ භෛරව් ද .....?"

මගෙ බෙල්ලෙ තිබුන රුද්‍රාක්ශ මාලෙ ඇගිලි වලින් අත ගාන ගමන් භෛර්වද දුන්නෙ අහනකොට මම මගෙ ඇග උඩ ඉන්න අග්නිගෙ ඉන වටෙ කකුලක් දාගත්තා.....නැත්තන් බරයි....

ම්ම්ම්....එයා දුන්නෙ...

" මොනවා කියලද දුන්නෙ....."

මේක හොදයි කිව්වා..... දෙවියන්ගෙ බැල්ම වැටෙනවා කිව්වා...

" ම්ම්ම්....ඇත්ත....ශිව දෙවියන්ගෙ බැල්ම වැටෙනවා මානසික ලෙඩ රෝග.....නඩු හබවලින් ජය....වාස්තු දෝශ.....එතකොට දෙවියන්ගෙ බැල්ම ලැබෙන්ඩ ඔව්වා ගන්නවා....."

මම අහන් උන්නා...එයා තවමත් මගෙ ඇග උඩමයි...බහින්න හිතකුත් නෑ...මට බහින්න කියන්න ඕන කමක් තිබුනෙත් නෑ.....මම ආස උනා....මගෙ අග්නි මට උගන්නන විදිහ අහන් ඉන්න.....මම ආස උනා අග්නි සමහර වෙලාවට කියල දෙනකොට උඹලට තේරුනාද මැනිකෙ කියලා අහන ගමන් ඇබිත්තන් හාදුවක් තියන තැනට....

" උඹල දැන් නිදා ගනින් මගෙ ශිවන් ... මම උඹට මේ හැම දේම දවසින් දවස කියල දෙන්නම්....වෙදහාමින්හේහෙ ඔලුවෙන් අමතක වෙන පුරුක ගානෙම මම උඹගෙ ඔලුවට පුරවන්නම්...උඹ කරන්න ඕනා එකම එක දෙයයි.....මම යක්ශයෙක්....අමනුස්සයෙක්...මම හැම දේම දකිනවා...හැබැයි උඹ දකින පරාසය අඩුයි ..... උඹ අත ගහන්නෙ නොකන් සෙල්ලමකට නෙවෙ ශිවන්....උඹ මුලිම්ම විශ්වාස කරන්න ඕනා....උඹ මේ හැම දේගැනම විශ්වාස කරන්න ඕනා...සමහරෙක් පිලි ගනීවි...සමහරෙක් පිලි නොගනීවි...පිලිගන්න එකා ගැන හිතපන්....පිලි නොගන්න එකාව අතෑරපන්...මොකද...බුදු බන පවා ගරහපු උන් උන්නා....බුදු බන පවා අවිස්වාස කරපු උන් උන්නා...යක්කු නැහැයි කියනවා නම්...බුදුන් වහන්සෙ කොහොමද යක්කු විමානෙකට වැඩියෙ...

මගෙ ශිවන් .....උඹ...මම....මේ ලෝකෙ ගැන දන්නෙ අල්පමාත්‍රයක් තරම්....බුදුන් වහන්සෙ පවා කිව්වා උන් වහන්සෙ දන්නෙ මේ ලෝකෙන් අල්පමාත්‍රයක් විතරයි කියලා ...හැබැයි උඹ ඒ දන්න අල්පමාත්‍රෙ ඇතුලෙ හුගාක් දේවල් ඇති....උඹට තියෙන්නෙ එක දෙයයි.....විශ්වාසෙන් හැම දේම කරපන්...රටවටේ ඉන්න සමහරක් මේ සාත්තරේ විනාස කරනවා.....මැනික්හින්නෙ රොඩී කීය්ල සමහරු උන්ගෙ නම කකා බොරු කරනවා....හැබැයි මැනිකෙ...උඹ සාස්තරේ හරියටම පිහිටෙව්වොත්....උඹට වරදින්නෙ නෑ...අන්න ඒක මතක තියාගන දැන් ඉතින් නිදියපල්ලා..."

එයා මගෙ ඇගෙන් බැස්සා....දැන් ඉතින් මට ලෝබයි....දෙකේ ඉදන් හතර වෙන්න තව කොච්චර වෙලා තියනවද හිතන මට දැ ලෝභයි....හෙටින් පස්සෙ පැය ගානක්.මට අප්පුච්චියෝ....අග්ගියේ....තුත්තා....න්...අම්මියේ...ගගා ගමටම අඩගහන ඒ හුරතලේ...වගෙම මගෙ මැනික මගෙ ශිවන් ගගා පස්සෙන් එන එයාව මග ඇරෙනවා කියන එක එක්ක මට ලෝභ හිතුනා....

ඒත් ඉතින්....වගකීම් ගොඩක් උරහිස උඩ වැටෙනකොට මට දැන් කරන්න ඉතුරු එකම දේ.....හොදින් නිදාගනින් මගෙ පුතෙ කියලා ඉර පායන්න කලින් ගෙදරින් ගිහින් ඉර බැස්සට පස්සෙ ගෙට ගොඩ වෙන එක.....

එහෙම තමයි.... අප්පච්චිලා උනාම....සමහර විට මගෙ පුතත් දවසක මම මගෙ අම්මට වැඩි පුර පැයභාගයක් නිදා ගන්න කියලා එලාර්ම් එක පස්සට තිබ්බා වගේ එයත් මගෙ අප්පච්චි තව චුට්ටක් වැඩි පුර නිදාගන්න කියලා එලාර්ම් එකෙ වෙලාව වෙනස් කරාවි.......

*

*

*

මයෙ පුතා.....

අප්පච්චි ....

උඹ දැන්ම නැගිට්ටද....මම උයන්නම්...ගිහින් නිදා ගනින්....

.ඕන් නෑ අප්පච්චි ...ට්‍රේන් එකේ යන ගමන් නිදා ගන්නම්....අප්පච්චිට කොහොමත් කොල්ලා එක්ක බෑ....

ඒක නම් එහෙමයි...ඌ දැන් දුවනවා..පාරට දුවනවා....තනියම චුට්ටමාලගෙ ගෙදර යන්න හදනවා.....

මම උන්නෙ පොල් ගගා....අග්නි ගාව තුරුල් වෙලා නිදා ගත්තු මම හතරට කාලක් තියලා කුසියට ආවා.....ඒ ඒනකොට අප්පච්චි නැගිටලා උන්නෙ නෑ...හැබැයි මම අප්පච්චි එයි කියලත් බලන් උන්නෙ නෑ.....ඒත් එයා ආවා.....

ගාපු පොල් බෑවෙ හිස් කට්‍ට පැත්තක දාලා අනික අතට ගත්තු මම හරව හරව ගාන්න ගත්තා .....

නිදිමත නොදැනුනාම නෙවෙ...අවංකවම දැන් හිතෙනව අග්නි එක්ක කියවපු තත්පර ගානත් මට නිදා ගන්න තිබ්බා කියලා ...ඒ උනත් මම ඉල්ලන්නෙත් අග්නිවම නේද...

දැල්ලො කාලා උඹටලට බඩ දැවිල්ල ගනී මයෙ පුතා...ඒක හන්දා කාලා මොනවා හරි බඩ සීතල වෙන්න කාපන්....

මිරිස් තුනපහ හොදටම අතගාලා හින්දවපු දැල්ලො එකෙ ආයම පාරක් ලුනු බලපු අප්පච්චි කෙසෙල් කොලේ තවන ගමන් නඩ සීතල වෙන්න මොනවා හරි කාපල්ලා කියනකොට මම හට්ටියට එබිලා බලල ලමයගෙ කිරි එක නිවන්න ගත්තා .....

මයෙ පුතා.....උඹලා පලයල්ලා ගිහින් ලෑස්ති වෙයන් මෙච්චරයි නෙ තියෙන්නෙ ...

සූප්පු බෝතලෙන් කිරි බින්දුවක් මගෙ මැනික් කටුව ගාවට හලා ගත්තු මම අප්පච්චි ගෙ කීමට කිරි එකත් අරන් කාමරේට එන්න එනකොට නින්ද ගිහින් උන්න අම්මව මම එහා මෙහා වෙලා තිබුන දොර රෙද්දෙන් දැක්කා....අම්මා දුවලා පැනල උන්නා නම් මට නැකිටින්න දෙන්නෙ නෑනෙ.....

එදාත් දුවල පැනලා බත් එක බැදලා දුන්න අම්මනෙ....

මං අම්මා දිහා බලන් ඉදලා එන්න ආවා ....ඒ.එනකොටත් මගෙ කොලුවා නිදි.....නිදි කියන්නෙ ඒකට අග්නිගෙ පපුවෙ උනුසුමට හොදටම නින්ද ගිහිල්ලා...චූටි කකුල් දෙකම අග්නිගෙ ඇගේ අත් වල ඇගිලි ගුලි වෙලා.....කහපාට සූප්පුව ලාවට එහා මෙහා හෙලවෙනවා.....

අනෙ ඉතින් ඒකා හෙට නැගිටලා මාව හොයාවි.....

මම හිමින් සීරුවෙ අග්නිගෙ ගාව උන්න පුංචි එකාටගෙ කටෙ තිබුන සූප්පුව ගලවලා කිරි බෝතලේ කටට ගහනකොට අග්නි බෝතලේ අල්ල ගත්තා ...දැන් ඉතින් කිරි බිංදුවෙන් බිංදුව එයාගෙ ඇබිත්‍තන් බන්ඩියට යාවි....ඒත්...එයා දන්නෙ නෑ...එයාගෙ අප්පච්චි ගෙ ආදරෙත් ඒ "කුක්කු" එක ඇතුලෙ තියනවා කියලා ...

මම ඇදගත්තා .....වැවුන කොන්ඩෙ පස්සට කරල පීරලා බැදපු මම මාස ගානකට උඩින් ගලවලා තිබුන කරාබුව ආයම දැම්මා....වෙන මොකටවත් නෙවෙ...උදෙම්ම කුනු කතාවක් අහගන්න ආසාවට.....ඒක රවුම් ටිකක් ලොකු ...මැග්නට් එකකුත් නෙවෙ....

සිය පාරකට වඩා මගෙම හැඩ බලපු මම ෆර්ෆියුම් නාන ගමන් එයා දිහා බලනකොට මම හිතුවා වගේම එයා මාව ඇස් වලින් ගිනි තියන්න වගෙ බලන් උන්නා.....මම ආසම කරන තැන....කවදාවත් අග්නිගෙන් පිට යන්නෙ නැති බව දැන දැන උනත් අග්නි ඊරිසියාවෙන් පුපුරන තැන බලන්න ආස වෙනකොට මං තවත් ටිකක් හැඩ වැඩ උනා....

කව්ද දන්නෙ....ලස්සන....කෙල්.....ආහ්....ව්.....ආ....ව්හ්...අග්..නි....කන....කන ඉරේවි...

"ගලෝපිය ඕක"

මං හිතපු දේම උනා....කිරි බෝතලේ අවසානම කී බින්දුව පුංචි එකාගෙ උගුරෙන් පහලට යනකන් ඉවසගන උන්න අග්නි එක පාරම මගෙ ගාවට ආවා හැබැයි නිකන් නෙවෙ....එන ඒමටම මාව බිත්තියට තද කෙරුවා ...එයාගෙ ඇස් රතු වෙලා.....

තරහ ගියත් ඔය තියෙන්නෙ ආදරේනෙ දෙවියනේ ....

රතු උන ඇස් අස්සෙ තියෙන්නෙ තරහව ඊරිසියාව උනත් ඒ තියෙන්නෙ ආදරේනෙ ...

මන් බලන් උන්නා....අග්නිට එක වචනෙත් ඇති....අග්නිට එකම වචනෙත් ඇති.....එයාගෙ ඇස් දෙක එන්න එන්නම හීනි වෙනවත් එක්ම බිත්තියට හිර කරන් උන්න මගෙ බෙල්ලට පහත් උනා...

දැනෙන හැගීම් ගැන ආය අමුතුවෙන් මට කියන්න ඕන කමක් තිබුන් නෑ ...ඒ හාදුව ටිකෙන් ටික බර වෙනකොට අවංකවම මට මගෙම වචන ආපහු ඇදලා ගන්න හිතුනා කෙම්මුරක් එනකන් බලන් ඉන්න ආසයි කියපු මෝඩ කම කියලා හිතුනා ...කොටිම්ම මට ඇදුම් ගලවලා දාලා අග්නිට යට වෙන්න හිතුනා .....

කෙදිරි ගාගන්න බැරි තැන උමතුවෙන වේදනාව දරාගන මම අග්නිට තව තව උල්පන්දම් දුන්නත් අග්නි බෙල්ලෙන් එහා ගියෙ නැති උනා වගේම මාව උමතු කරපු අග්නි එක පාරම මාව අතෑරියා .....

අග් .....නී.....

එයා එච්චරයි මට කියන්න දුන්නෙ ඇදලා අරන් කන්නාඩිය ඉස්සරහට තල්ලු කෙරුවා ...

මගෙ ....දෙවියනේ .....අග් . .නීහ් 

මට මිමිනුනා ...මොකද මට මුමුනවා ඇරෙන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙත් නෑ.....එයා මගෙ බෙල්ල කාල...එයා මගෙ බෙල්ල සම්පූරනම එයාගෙ දත් පාරවල් වලින් වහලා ....

"දැන් දකින ඕන කෙනෙක්ට තේරෙනවා උඹට අයිතිකාරයෙක් ඉන්නවා කියලා .....එහෙම නේද මගෙ ශිවන් ...ම්ම්ම්ම්"

අග්...නි.....

"ඇයි උඹට ඕනෙ මාව තරහ ගස්සව ගස්සව එක්කො උඹටම රිදවගන්න නැත්තන් .....උඹට මං කොච්චර ආදරෙයිද කියන තරම අහගන්න....."

........

"මගෙ ශිවන් ....උඹ කියන්නෙ මට අයිති වස්තුවක්....ආදරේ පිවිතුරුයි ....පූජනීයයි ...මං ගාව නැතත් වෙන එකෙක් එක්ක හොදින් ඉන්න කිවිලි මගෙ ගාව නෑ...කල්පයක් පෙරුම් පුරන් බලන් උන්නෙ වෙන එකෙක්ට අයිති වෙන්න දෙන්න නම් .....මොකක්ද මං බලන් උන්න එකේ තේරුම....මං කොහොමත් අමනුස්සයෙක් ...මං නරකක් කෙරුවත් එකයි....නැතත් එකයි....ඒක නිසා මං හැම වෙලේම උමතුවෙන් වගේම මැරෙන්න තරම් ආදරෙන් හාදු තියන ඔය කට ප්‍රවේසමෙන් තියාගනින්.....කොතනක හරි උඹ මගෙන් පිට ලෝකයක් හොයන් යනවයි කියන එක මට දැනුනොත් ...එදා උඹ හුස්ම ගන්න අවසානම දවස වේවි ....මරලා අලු කරලා දානවා"

මාව ගල් ගැහුන .....මැරෙන්න තරම් ආදරෙයි කියන කටහඩ අද වෙනමම ලෙවල් එකකින් තියනකොට හැම වෙලේම ඉල්ලන් කන්න හදන මම ගල්ගැහුන .. . .එයා වෙනදට මැරෙන්න තරම් ආදරෙයි කියන වචන අස්සෙ ආදරෙ අග්නිටවත් දරන්න බැරි තරම් තිබ්බ උනත් අද නම් ඒ වචන අස්සෙ තිබුනෙ තනිකරම තරහවක් විතරක් වෙනකොට මං අර කරාබුව ගැලෙව්වා ...

"ඉදා..උඹ ඔච්චරම ආස නම්...මේක දාගනින්....ඕකට ඔය කන් පෙත්ත ඉරේවි...."

එයා එයාගෙ කනෙ තිබුන ඇහැට නොපෙනන කරාබුවක් මගෙ කනට දානකොට මං ඇස් දෙක බෝල කරන් බලන් උන්නා

මම උඹ නැතුව පැය ගානක් ඉන්න ඕනා අග්නි.....මගෙ අම්මා අප්පච්චි පුංචි එකාව ඔය ඇස් අස්සෙ තියන් රැකපන් .....නුල්පටක දෙයක් වත් ඉල්ලන්නෙ නැති මට උඹෙන් කියලා ඉල්ලන්න තියෙන්නෙ ඔය දේ විතරයි මගෙ අග්නි.....

මේඅත් දෙක අස්සට තුරුල් උනාම උඹ මාව වහගන්නෙ ලෝකයක් අතට ලැබුනා වගෙ ...වයසින් මුහුකුරා යන්න ඇවිදින් උනත් සමහර තැන් වලදි මටත් හොරාවට හැංගිලා ඉන්න පුංචි ළමයා එලියට එනවා අග්නි.....

දරන්න බැරි තරම් ආදරෙයි කියන එක දැන දැන මට ඕනෙ වෙලාවකට මැරුම් කකා හරි ආදරෙයි කියන දේ උමතුවෙන් ගැහෙන හදවතට දැනෙන්න දෙන්න....

ඉතින්...මගෙ ආදරනීයම අමනුස්ස පරානය....මගෙ අග්නි.....මං ආපහු එනකන් ....මගෙ ගෙදර රැකපන් අග්නි...උඹගෙ කොට මගුලට උඹගෙන් එහා ලෝකයක් නෑ...

මං අවසානම වචන ටික කදුලු පුරවන් ඒ මූන දිහා බලාගන කියලා මෙට්ටෙ උඩ ඇබිත්තන් පනුවෙක් වගෙ ගුලිවෙලා ඉන්න මගෙ හුරතලේ ගාවට ගිහින් හාදුවක් තිබ්බා.

මගෙ රත්තරන් ...අප්පච්චි එනකන් ඔයාගෙ අප්පුච්චියා එක්ක පරිස්සමින් ඉදින්....

මං එක පාරක් අග්නි දිහා බලලා එලියට එන්න එන්න ආවා ...හැබැයි දොර උලුවැස්ස පනින්න කලින් එයා මාව ආයම ඇදලා අරගත්තා ....අරගන එයාගෙ ඇගට තුරුල් කරගත්තා ...

"අග්නි උඹට ආදරෙයි ....."

.එච්චරයි එයා ඉන් එහා එක වචනයක් වත් කිව්වෙ නෑ....මම එයාග් මූන දිහා බැලුවා ....ආයමත් නපුරු ආදරේ පිටාර ගලනකොට නලලට තියපු හාදුවට මගෙ ඇස් ඉබේට පිය උනා.....

දුන්නාට මහමෙරක් ආදරෙ ඔය

හිතට....

මාත් එක යක්ෂයෙක් උඹට

සසරෙම බැදුණ...

දරුවවත් රැකන් මම උඹව

රකිනා විටක..

නොහැකි ඇයි මොහොතකට

ඉවසන්න හැමදේම

ආදරෙන් පුරවන්න හැකී

විලසම මෙමට

හැකී වනසාලන්න අකීකරකම්

වලට...

අග්නී යැයි මුමුණමින්

සොයනා කලට

මගෙ හිතත් ගැස්සෙනවා

නුඹව දකිනා කලට

මගෙ හිතත් ගැස්සෙනවා

නුඹව දකිනා කලට

අකීකරු වැඩවලට නොමර මම

මැරුවාට

ආදරෙ හිස්තැනක් දැනුනද ඔය

හිතට....

ඉතින්....

මැරෙන්න පෙම් කලත්

යකෙක් මං හැමදාට

පොද වැස්ස නුඹ වෙයන්

දැවෙන "අග්නිය" නිවන....

(RukshaniRajika ස්තූතියි නංගා ඔයාගෙ මේ වචන වලට ගොඩාක් .....❤️❤️❤️❤️)

ටකස් ටක්ස්.....ටකස්...ටකස්.....

මගෙ බෙල්ල කඩා වැටුනා ....මාතර ඉදන් කොළඹ දුවන යකඩ යකා අස්සෙ ඉදගන උන්න මගෙ ඔලුව නින්ද ගිහින් කඩා වැටුනා ...

ඉස්කෝලේ යන වැඩට යන එකී මෙකි නොකී හැම තැනම යන මිනිස්සු අහුරක් පුරවගත්තු කෝච්චියෙ මට නින්ද ගිහුන් බෙල්ල කඩාගන වැටුනා මං ගැස්සිලා ඇහැරුනා ....

එයාගෙ හාදුවෙ උනුසුමත්....ආදරෙයි කියපු වචනවල හයියත් අරන් ආව මම අට පහ පැත්තක දාලා අට අට කරන්න බලන් ඔෆිස් ආවා ...

උදෙ පාන්දර ඉදන් නැහීගන ඉව්වත් මං දන්නවා අද ඉදන් මට ගෑස් ඉහට ගහාවි කියලා ...ශීට් එකේ ඉදගත්තු විනාඩියෙ ඉදන් සමරවීරගෙ කටේ තියෙන්නෙම මගෙ නම විතරක් වෙනකොට වතුර උගුරක් බොන්න තියන විනාඩියත් එ මිනිහා උදුර ගන්නවා කියන්න මං දන්නවා ...

ගුඩ් මෝර්නින් මිස්ටර් සමරවීර...

මෝර්නින් ..මගෙ කැබින් එකට එන්න.....දහයට මීටින් එකක්.....

හිනාවක් වත් නැ....අඩුම ගානෙ දැන් හැම දේම හරිද ඇහුවෙ නෑ...මනුස්ස කමක් ගෑවිලා නෑ.....මට දමලා ගහලා යන්න පුලුවන් ඒත් මම දැන් දමලා ගැහුවොත් මේ හිතන තත්පරේට කොහෙන්වත් ජොබ් එකක් හම්බෙන් නෑ....අනික ගහපු ලෝන්...කාර් එක එහෙන්...මගෙ ඔලුව යකාගෙ කම්මල වෙනකොට මම බැරිම තැන පර්චසින් එකේ උදයංගනීට ගත්තා ....

හෙලො මිස් උදයංගනී.....මට මේ කියන ඩීටේල්ස් ට්ක දෙන්න පුලුවන්ද ....

මහන්සි .....

පැය ගානක් ගියා....කිව්වා වගේම සමරවීර මට අට පහ නෙවෙ අට අටත් නෙවෙ....විසි හතර පැයෙන් කරන්න බැරි වෙන්න බැරි තරම් වැඩ කන්දක් එක්ක අවුරුදු ගානකට නිවාඩු ගන්න බැරි වෙන්න ටාගට් එකක් ඔලුවට දැම්මා.....

අතට ගත්තු පැන්ඩෝල් දෙක කටේ හලාගත්තු මම වතුර එකක් අරන් බීගන බීගන බීගන ගිහින් ආයම පුටුවෙන් ඉදගත්තා ....

දැන් කීපාරක් පෙන්ඩෝල් බිව්වද බන්...ඔහොම පෙන්ඩෝල් බීලා උඹ මැරේවි....

ඒ උන්නෙ පර්චසින් එකේ උදයංගනී.....එයා බලාගන උන්නා මම හැට පාරක් විතර පැනඩෝල් ගිල්ලා...ඔක්කොටම වඩා ආව වෙලේ ඉදන් අල්ලපු ඔලුවෙ කැක්කුම ඔලුවෙම පැත්තක් හිරි වට්ටනකොට මට ලොක්කා කියපු සමහර දේවල් ඇහුනෙත් නෑ....

උදයංගනී ....බ්‍රාන්චස් වල ටාර්ගට් එක ෆේල් උනේ සේල්ස් බැහැල හින්දද ....නැත්තන් ඒ ටාර්ගට් එක දරන්න අමාරු හන්දද....?

බ්‍රාන්චස් විස්සක් විතර තියන....ඊට අමතරව තව තව පැති ව්‍යාපාර තියන පොත් ආයතනේක සේල්ස් මැනේජර් උන මට මාසෙ අවසානෙදි එන මීටින් එක වහ කදුරු උනා...මූලග්ගින හැදුන එකා වගේ බෝර්ඩ් මිීටින් එකේදි කෑ ගහන සමර්වීර බ්‍රාන්ච් මීටින් වලට එන මැනේජර්ස්ලාගෙ ඔලුව කන්න හැදුවා.....ටාර්ගට් එක කවර් කරන්න බැරි උන ලේඩි මැනේජ්ර්ස්ලා සමහරක් දාට ආපිට යන්න කලින් රෙස්ට් රූම් එකේ ඉදන් වරුවක් කදුලු හලනකොට උන් ඔක්කොටම වඩා මම බැනුම් අහපු දවස් තිබුනා...

මේ මනුස්සයා දෙන ටාර්ගට් ගහන්න රටේ මිනිස්සුන්ට හැමදාම සංවර්දන ලොතරැයියක් ඇදෙන්න ඕනා...එහෙම කියන කියන විදිහට කරන්නෙ කොහොමද ...මිනිස්සුන්ට ගහලා බලෙන් පොත් විකුනන්නද ශිවන්...

මම ෆයිල් එක දිහා බලාගන් නලලට අත ගහන් බලන් උන්නා...අවිස්සාවේල්ල බ්‍රාන්ච් එක වහන්න හදනවලු....සේල්ස් බැහැලලු.....එහෙන් මට කියවනවා...

මිනිහා හිතන්නෙ බලෙන් විකුනන්න පුලුවන් කියලා ....

අනේ මන්දා මිස් උදයංගනී....මට තේරෙන්නෙ නෑ...දවස් දෙකතුනක් පනින කන් මට මේ ඔක්කොම.හරියට හදා ගන්න වේවි....ලංකා බැංකුවෙන් මේ පාරත් අර ඕඩර් එක තියන නිසා අවුලක් නෑ....ඒත් ගිය පාරට වඩා මේ පාර එයාලගෙ බජට් අඩුයිලු...

මම කල්පනා කර කර ඉදලා අවසානෙදි මගෙ ලැප් එකට බෙල්ල ඔබා ගන්නකොට උදයංගනී යන්න ගියා.....

මගෙ වස්තුව ....

පැය ගානක් මේල් වලට යට වෙලා උන්න සිය සැරයක් මහ එකාගෙ කැබින් එකට ගියපු හැට පාරක් විතර එක එක කතා අහපු මම අවසානෙදි පාන්දර ජාමෙ නැගිටන් උයපු කැම එකත් අරන් කෑම කාමරෙ ඉදගන්නකොට ඵෝන් ඩිස්ප්ලේ එකේ උන්න මගෙ පුංචි එකාගෙ මූන දැකපු මට මගෙ වස්තුව කියලා මිමිනුනා....එයා කෑවද....නැද්ද....නිදිද මාව අහනවද....මගෙ අග්නි ඉන්නවද...අම්මට කොහොමද ...අප්පච්චි තනියෙන් ඔක්කොම.කර ගත්තද කල්පනා කරන ගමන් බත් පත දිහාරින කොට බත් එකෙන් පිලුනු සුවදක් ආවා...

බත් එක නරක් වෙලා...

නාස් පුඩුවලින් පිට වුන හුස්මක් එක්ක ඩිස්ප්ලේ එකෙ තිබුන වෙලාව දැකපු මට බත් එක නරක් නොවී තියෙයිද කියලා හිතෙනකොට මම එහෙම්ම බත් එක ඩස්ට්බින් එකට දාලා තේ එකක් හදා ගන්න නැගිට්ටා උනත් තේ එක හදාගන්න වතුර එක වත් රත්වෙන්න ගහන්න නොදි ආයම අර මනුස්සයගෙන් කෝල් එකක් ආවා....

හෙලෝ මිස්ටර් සමරවීර ....නෑ මං කැබින් එකේ නෙවෙ...හරි...එන්නම්.....

🙂ගුත් මෝනිම්.තූයූ ....

ජොබී නිදහාස් .....

ආයම යේ යෙ එක්ක එන්නම්....

මේ ලමයා ආයම බුජි.....ඔය ලමයිනුත් බුජියන්න....

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters