" භල්ලො!! තිහක් එනවයි කිව්ව පන්තියෙ කවුන්ට් එක අසූවක් වුණානෙ.."
මගේ ඇස් දෙක පොල් ගෙඩි දෙකක් සයිස් වුණා.. මෙන්න ටීච පන්තිය පැටව් ගහලා..!!!
" හැමි#නවනෙ.. උඹ අර අතන ඉන්න එකාවම පනස් සැරයක් විතර ගණන් කළා නේද.."
" කිව්වට අහන්නෑනෙ මේ ගස්බල්ලො.. ඕයි පෝළීමට වරෙන් මට මේක ගණන් කරගන්න.. රෙද්ද.."
ආයෙම ෂනෙරුවා මුලට ගිහින් ළමයි ගණන් කරගෙන එනකල් මම ඌට සප් එකට පෝළිමේ ඉන්න උන් දඟලන්නැතුව තියාගත්තා..
කොහොම හරි ක්ලබ් එකේ ඇනුවල් ට්‍රිප් එකට බස් හතරක් ගියා.. හතරම ඉස්කොලෙ ඒවා.. අර හයිවේ වල ඩ්‍රයිව් වෙන .. ඉස්කොලෙට තියෙන්නෙ ඒවනෙ.. මමයි ෂනෙරුවයි පන්තියෙ එවුන්ගෙ උවමනා එපාකම් ටික බලලා අපි දෙන්නගෙ බඩුටිකත් උස්සගෙන බස් එකට යන්න හැදුවහම කොහේදෝ ඉඳලා මතුවෙච්ච ඉස්කෝලෙ ඩිපියුටි හෙඩා භාතිය අයියා ෂනෙරුවගෙ අතින් අල්ලගත්තා.. මමත් හැරිලා බැලුවා.. එහෙම කොහොමද මගේ යාළුවව අලන්නෙ.. ඔබනවා නුගමුලක් පුපේ.
" අරහෙ උඹලා දෙන්නගෙ නම් තියෙන්නෙ.. වරෙන් යන්න.."
ෂනෙරු අත ගසලා මෙහාට ගත්තා.. ඌ වැඩිය ආස නෑ දන්න කියන උන් ඇරෙන්න අනිත් උන් අරගෙන මෙහෙන් අල්ලන්න එනවට.. භාතිය අයියා එහෙම වරදක් නෑ.. ඒ වුණාට මට වගකීමක් තියනවා මූව පරිස්සම් කල්ලා මුගේ අයිතිකාරයට භාරදෙන්න.. නැද්ද.. රධ්‍ය අයියා වගේ හැදියාව ඇති එකෙක් මාඅම්මට කොහෙන් හොයාගන්නද.. ෂනෙරුවා පැන පැන ගිහින් අන්තිමට තිබ්බ බස් එකට නැග්ගා විතරයි බස් එකේ ඉඳපු උන් 'සූසූසූසූ' ගාන්න ගත්තා.. මාත් ඉස්සරහා පික්නික් බොක්ස් අඩුක් කල්ලා තිබ්බ තැනින් මගේ එකත් තියලා වටපිට බැලුවා.. හම්මට බොක්කලා ටික ඉන්නෙ මෙහෙනෙ දෙයියො..
" පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.. කුණුහර්ප කියන්නනම් තියාගන්නෙපා.. කලින්ම කිව්වා..!!!"
බස් එකෙ හිටපු උන් කින්ඩියට භාතිය අයියට හිනාවුණා..
" අනේ මේ අයියෙ.. ඔය ඉන්න උන් දෙන්නා ඕන්නම් බස් එකෙන් බහිද්දි උඹව බඩ කල්ලා තියෙයි.. අන්න අරහෙ පලයං පිටිපස්සට.."
ඉශාන් අයියා අපිට පිටිපස්සෙම සීට් එක පෙන්නුවහම මම ඇස් දෙක හීනි කල්ලා ඒ පැත්ත බැලුවා.. අද සිකුරා උච්ච වෙලා නෙමෙයි සිකුරා රධ්‍ය අයියගෙ ඇඟට ආරූඩ වෙලාද කොහෙද.. අන්තිම සීට්ස් වල ඉඳගෙන හිටියෙ රධ්‍ය අයියයි උගෙ යාලුවො දෙන්නයි.. මට හෙන මනමාල හිනාවක් ගියාම රධ්‍ය අයියටත් හිනා ගියා.. ඌ හිනාවුණේ මොන පරමාර්ථෙකින්ද දන්නෙ නෑ.. එකසැරේම රධ්‍ය අයියා නැගිටලා අයුක අයියව මෙහාට දාලා මැද්දෙන් ඉඳගත්තා.. ෂනෙරු පාඩුවෙ ගිහින් ජනේලෙ ගාවින් ඉඳගත්තා..
මොන හු#තක්ද.. ගෝත ඔලුබක්කා ගාව යන්න ඕන මමද..
මම රධ්‍ය අයියට ආයෙම දෙකතුනක් රැව්වා.. මුගෙ ආච්චිට බත් උයන්න..
" සෙනුකයා පලයන්කො සීට් එකට මට බොලාව ගණන් කරගන්න.."
භාතිය අයියා බෙරිහන් දෙනකොට මම ගස්ස ගිහින් ෂනෙරු ගාවින් වාඩිවුණා.. සීට් එක පැක්.. මුලින්ම හිටියෙ කියාන් අයියා ජනේලෙ ගාව.. ඊටපස්සෙ රධ්‍ය අයියා.. ඊටපස්සෙ අර ඇහේ උපන්ලපයක් තියන මලෙන් උපත් හත්වලාම.. ඊටපස්සෙ මම.. ආයෙම එහාපැත්තෙ ශටර් එක ගාව ෂනෙරුවා..
" සෙනුක මල්ලි බෑග් එක දෙනවද.."
රධ්‍ය අයියා අත දික් කල්ලා මගේ බෑග් එක ඉල්ලගෙන උඩ රැක් එකෙන් දැම්මා.. මම බෑග් එක දෙන ගමන් උගේ අත කෙනිත්තුවා.. ඊටපස්සෙ හිමීන්සැරේ නැගිටලා ඉඳපු උගේ මූණ පැත්තට මූණ දැම්මා..
" බලු වැඩ කරන්න එපා අයියෙ.."
" මං මොකක් කලාද.."
" අර මිනිහව මැද්දට දැම්මෙ.."
" අයුකගෙ කකුල් දිගයිනෙ මල්ලි.. ඌට මෙතන ඉන්න අමාරුලු.."
මම ෂනෙරු දිහා බලාගෙන මොකක්ද කියන අයුක අයියට රවලා ආයෙම රධ්‍ය අයියගෙ කනට ලං වුණා..
" වෙන මොකුත් දිග නැද්ද දන්නෙ නෑ.."
" අම්මටසිරි ඒකනම් දන්නෙ නෑනෙ.."
මූටත් ආතල්.. ගස්බල්ලො සේරම එකයි..
" බලන් හිටපන් ෂනෙරුගෙ ෆස්ට් කිස් එක වෙන්නෙ මම.. උඹ මේ අද කරපු කැත වැඩේට අයියෙ.."
රධ්‍ය අයියා රවලා මගේ දිහා බැලුවා.. බලන් හිටපන් කොහොමත් ෂනෙරුව දැනටමත් මම කිස් කල්ලා ඉන්නෙ අයියෙ.. ඔයාගෙ චූටිපැටියගෙ ෆස්ට් කිස් එක ඔයා වෙන්න දෙන්නෙ නෑ!!
" පාඩුවෙ ඉඳහන්.. රණ්ඩු නොවී.."
" ආයෙ උඹට මම උදව් කරන්නෙ නෑ.."
මම අයුක අයියගෙ උරහිසෙත් වැදීගෙන වාඩිවෙලා දෙකක් රැව්වා.. අයුක ගෝත ඔලුබක්කත් මට රැව්වා.. මම ආයෙම රවලා තොල් මතුරලා ඌට 'ගහලයා' කියලා කිව්වා..
බස් එක ඉස්කෝලෙ විනාඩි විස්සක් විතර පාක් කල්ලා තියාගෙන ඉඳලා අන්තිමට යන්න ගත්තා.. ෂනෙරුවා කකුලක් දණහිස ගාවින් නමලා ඉස්සරහා සීට් එකට ජැක් එකක් ගහගෙන හිටියෙ.. මම උගේ උරහිසට ඔලුව තියාගත්තා..
" මොකෝ.."
" මට මළපැනලා ඉන්නෙ.. ශිට් ට්‍රිප් එකම ඉවරයිනෙ.."
" අයුක අයියා නිසාද.. උඹ මෙතෙන්ට වරෙන් එහෙනම්.. අඩෝ ඌ හොඳයි බං එහෙම අවුලක් නෑ.. දැන් ඔය පූල් එකේ ගහගත්තු සීන් එක වෙලත් හෙන කල්.. උඹලා තාම රණ්ඩුවෙනවා.. පිස්සුද පකයො.."
මම ෂනෙරුගෙ අත අත් දෙකින්ම බදාගත්තා.. ඔයාට තේරෙන්නෙ නෑනෙ සුදුමැණිකෙ මගේ හිතේ කැකෑරෙන වෛරය.. මට වුණේ එසේ මෙසේ ලැජ්ජාවක්ද.. මූ නිසා අපේ අම්මට ඉස්කෝලෙට එන්නත් වුණා.. ටිකකින් මම නැගිටලා ෂනෙරුවා ඉන්න තැනට ගියාම ෂනෙරු මැද්දට ආවා.. අරහෙ රධ්‍ය අයියට කිචිනෙ මූව දැක්කහම.. රධ්‍ය අයියා පෙන් දෙකතුනක් උස්සගෙන බස් එකේ ඉස්සරහට ගියා..
" හම්මට මල්ලෙ.. මොකෝ වෙන්නෙ.."
කියාන් අයියා අයුක අයියගෙ බෙල්ල වටේ අතක් දාලා ඌව ඇදලා අරගෙන බදාගත්තම අයුක අයියා දඟලලා දඟලලා මෙහාට වුණා.. කියාන් අයියත් වැඩේ අතාරින්නෙම නෑ.. අයුක අයියව උස්සලම අරගෙන බදාගෙන අර මමයි ෂනෙරුවයි දැන් ටිකකට කලින් හිටිය විදියට හිටියා.. මූ අපිව ආතල් එකට ගන්නවා..
" සුදුදෝණිට බඩගිණිද පැටියො.. අප්පච්චි චොක්ලට් කවන්නද.."
අයුක අයියා උඩ බලාගෙන සසර කලකිරිලා වගේ මූණක් හදාගෙන හිටියා.. මම කිව්වනෙ මූට කතාකරන්න බැහැයි කියලා.. අවශ්‍යම දෙයක් ඇරෙන්න ඒ කට ඇරෙන්නෙ කන්න විතරයි.. ඈනුම් එහෙමත් යවනව ඇති.. ආ තව දත් මදිනවා.. වතුර බොනවා.. එව්වට ඇරෙන්න කටහඬ ඇහෙන්නෙ කතාකරන්නෙ අඩුවෙන්.. ඒ අස්සෙ මූව දැක්කහම මට මොකක් හරි මතක් වෙන්න එනවා එනවා වගේ.. මම හොඳට කල්පනා කරන්න ගත්තා.. මොකක්ද මොකක්ද.. මොකක් හරි හුරුයි වගේ..
සීතල ප'ෆියුම් එකද..
එතකොට මූද වාහනේ හැප්පුණු වවුලා..!!
4.0
" වන් ටූ ත්‍රී ෆෝ ගෙට් ඔන් ද ඩෑන්ස් ෆ්ලෝර්~"
" One two three four get on the dance floor
Booty shake booty shake
Dapaankoothu hardcore
Shoulder hichik michik
Body hichik michik
Gimme gimme gimme gimme gimme gimme some more.."
බස් එක ඇතුළෙ කණ පැලෙන්න වගේ සද්දෙ..
උදේ වන්දනා ගමන වගේ ආපු බස් එක පැයක් යන්න වුණේ නෑ නයිට් ක්ලබ් එකක් වුණා.. ඔක්කොමත් හරිම මගේ යාළු පගා මෙතන ඉන්න උන්ට නග්ගනවා මේ පොල්ලක් අල්ලගෙන නටන්න ගිහින්.. මම ශේප් එකේ ගිහින් උගේ ඇඟට හේත්තුවක් දාගත්තා.. රධ්‍ය අයියා තමා මේ තියන සේරම පෙන් උස්සන් ඇවිත් බස් එකේ ගහලා ආතල් දෙන්නෙ.. අම්මපා මුගේ වෙස්මූණ ගැලෙව්වහම මොකෙක්වත් දන්නෙ නෑනෙ හැටි.. සද්දනැතුව කුපාඩි කරන මිනිහයි.. මුළු ලෝකෙටම කියලා කුපාඩි වැඩ කරන මිනිහයි.. ගැළපීම තමා..
" බූටි නම් ශේක් කරන්න එපා මෙතන ඉන්න එකාට නැග්ගොත් මල මගුලක් වෙන්නෙ.."
" ඈ..???!! මොකක් හරි කිව්වද උඹ.."
" නෑ නෑ මොකුත් නෑ කරගෙන පලයන්.."
" කරත්තෙන් පලයන්..?? මොකක්..??"
" කරගෙන පලයන් කියල කිව්වෙ බල්ලො.."
" දැන් කන්න බෑ අප්පා.."
ෂනෙරුවා වටේ පිටේ සද්දෙ එක්ක මම කියන ඒවා පටලගෙන වෙන වෙන කුණූහර්ප අහන්න ගත්තු නිසා මම ඌව මිනිහගෙම පැත්තට තල්ලු කල්ලා ලඟ ඉඳපු උන්වත් එහෙට මෙහෙට කරගෙන වතුර බොන්න පිටිපස්සට යන්නයි හැදුවෙ.. ඒ එක්කම මගේ කොලර් එකෙන් පිටිපස්සට ඇදිලා ගියා.. බලද්දි මගේ මිනිහගෙ ඔපීසියල් මිනිහා ඇදලා තියෙන්නෙ.. ලැජ්ජ නෑනෙ තමන්ගෙ එකාව ලඟ තියාගෙන අපේ අරහෙන් මෙහෙන් අල්ලන්න..
" අයුක ඉන්නවනම් එන්න කියහන්කො.."
" ඇයි එයාට එන්න බැරිලුද.. මලසමයං.."
" කියපන් කියපන් උඹ හොඳ එකානෙ.."
මම රධ්‍ය අයියටත් ගස්සගෙන හති දමාගෙන නටන උන්ගෙ මූණූ එක එකපාටින් දිස් වෙන මේ වර්ණ රාත්‍රිය නෙමෙයි වර්ණ දහවලේ පිටිපස්සෙ සීට් එකට ඇදුණා.. ඒ අස්සෙ නටන උන්ගෙ අත පය වැදිලා ඇඟත් රිදෙනවා.. මම පිටිපස්සට යද්දි අයුක අයියා අත් දෙකත් බැඳගෙන සීට් එක කොනටම වෙලා ෂටර් එකෙන් එළිය බලාගෙන ඉන්නවා.. මට ඒකටනම් ටිකක් දුක හිතුණා.. ඒක හරියට අපේ හිතේ 'තනිකම' කියන රූපෙට මැවිච්ච චිත්‍රයක් වගේ..
අර හැමෝම මහා හයියෙන් සිංදු කිය කිය බස් එකේ මැද්දෙ හරියෙ නටද්දි අයුක අයියා විතරක් පිටිමපස්සෙ සීට් එකේ කොනටම වෙලා එළීය බලාගෙන කල්පනා කරනවා.. මම ආවා කියලා දැක්කත් උවමනාවෙන් මේ පැත්ත බැලුවෙ නෑ.. මමත් එච්චර හොයන්නෙ නැතුව ෂනෙරුවගෙ වතුර බෝතලෙන් වතුර බිව්වා.. නටලා නටලා බල්ලෙක්ටත් වඩා හති මට..
" මෙහ්.. ප්ස්.."
මම අයුක අයියට කතාකලාම අයුක අයියා බැලුවෙ නෑ.. මම තව ටිකක් සීට් එකේ මෙහා කොණට ඇදිලා ගිහින් ආයෙම කතාකළාම අයුක අයියා මොකක් හරි කල්පනාවක ඉඳලා ගැස්සිලා වගේ මගේ දිහා බැලුවා..
" ඇයි..."
" රධ්‍ය අයියා එන්න කියන්න කිව්වා.."
" මම පස්සෙ එන්නම්.."
" හා.."
මම එහෙමම සීට් එකට හේත්තු වෙලා උඩ බලාගෙන හිටියා.. අපි ඉන්න තැනට ඒ සී එක කෙලින්ම වදින නිසා දාඩිය නාගෙන හිටිය මට හෙන සනීපයි.. මම ශර්ට් එකේ කර මෙහාට කල්ලා හුළං වදින්න හිටියා..
" මොකක් හරි අවුලක්ද.. මොකෝ සීන් එක.."
මොකක් වුණත් ඉතින් මගෙත් උණුවෙනවනෙ.. අයුක අයියා අවුලෙන් ඉද්දි මම මනුස්සකමට වැලමිටෙන් එයැයිගෙ අතට තට්ටුවක් දැම්මා..
" මොකුත් නෑ.."
" එහෙනම් මෙතෙන්ට වෙලා ඉන්නෙ.."
" නිකම්.."
" ඇඳුමක් ඇඳගනින්.. නිකන් ඉන්න හොඳ නෑ මේ දැන් අනුරාධපුරේනෙ යන්නෙ.. මෙහේ නානතොටවල් වල කළුකුමාරයො ඉන්නවා.."
අයුක අයියා මගේ දිහා අමුතුවට බැලුවා..
" අපි යන්නෙ පොළොන්නරුවෙ.. අනුරාධපුරේ නෙමෙයි.."
සැකේ සැක්ම සැක්.. කතාවකට මුල පුරනකොටම අකුරු වැරදුනා.. හරි ඉතින් මනුස්සයොන්ට තමා වැරදීම් වෙන්නෙ.. මට එකසැරේට වචනෙ එහෙ මෙහෙ ගියානෙ..
" ආ හරි හරි ඉතින් දෙකම එකයිනෙ.."
"....."
" නැද්ද.. කියනෝකො.. එකවගේනෙ.."
" නෑ.."
" නැත්තෙ කොහෙද දෙකම උතුරුමැද පළාතෙනෙ.."
"....."
අයුක අයියා මම කියන එව්වා ඇහුණෙ නෑ වගේ එළීය බලාගෙනම ගියා.. ඒ එක්කම සයෝන් අයියා පිටිපස්සට ඇවිත් මගේ එහාපැත්තෙන් වාඩිවුණාම මම ඌට හේත්තුවක් දාගත්තා.. සයෝන් අයියා මගෙ කර වටේ අතක් දාගත්තා..
" මොකෝ අවුල.."
මම සයෝන් අයියගෙ කණට ලං වුණා.. රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්..~
" අරයැයි මූණ එල්ලන් ඉන්නෙ ඇයි.."
සයෝන් අයියට ලාවට හිනා ගියා..
" ඒකා කොහොමත් එහෙමනෙ බං.. ඇයි රණ්ඩු වුණාද.."
" නෑ හලෝ.. මම මේ වතුර බොන්න ආවෙ.."
" ආ ඒකමිසක්.. මම හිතුවෙ එදා වලිය කන්ටිනිව් කරනවා කියලා.. අඩේ ඌ එක්ක රණ්ඩුවෙන්න එපා බං.. අයුකයා හොඳ එකා.. ඔය පොඩ්ඩක් ලොකු ලයින් ඇල්ලුවට.."
" ඇත්තදූ.. මම එයැයිව තොටිල්ලක දාලා නලවන්නද එහෙනම්.. නැත්නම් උකුළ උඩ තියලා හරහට.. "
දෙකට නමලා පැත්තට කියලා කියන්නත් ගිහින් නොකිය හිටියා.. ඔව්වා කියන්න පුළුවන්ද මේ ලොකු අයියලාට..
" නළවගන්න බැරිනම් ඕන මගුලක් කරගනින්.. අයුකයා වරෙන් අරහෙ උඹට කතාකරනවා.."
සයෝන් අයියා හරි හොඳයි අප්පා.. නිමිච්ච සාන්ත දාන්ත උපාසක මනුස්සයෙක්.. මාත් එක්ක වෝටර් බැලේ කරන්න ඉන්න නිසා මම සයෝන් අයියව දන්නෙ හුඟ කාලෙක ඉඳලා..
" මම පස්සෙ එන්නම් බං.. දැන් බෑ වගේ.."
"බැරි කොහෙද රධ්යයි කියානුයි උඹ එනකල්ම මෙතනට පණිවිඩකාරයො එවනවා.. යමං යමං.."
සයෝන් අයියා අයුක අයියගෙ අතින් ඇදලා නැගිට්ටිවහම අයුක අයියා අත ඇදලා ගත්ත පාර සයෝන් අයියා අයුක අයියගෙ ඇඟ උඩ.. හෑයියා මෙන්න මෙන්න කොටු කොටු..
" මේ මොන සමනල සංධවනියක්ද මේ.."
" නෙදකින් මුන් නිසා පැත්තක ඉන්න මාත් හොර මිනිස්සු වෙනවා.. අයුක උඹ වරෙන්.. බැරිනම් ඒත් වරෙන් මම යනවා.."
සයෝන් අයියා අයුක අයියට දෙකක් ගස්සලා ආයෙම ඉස්සරහා නයිට් ක්ලබ් එක අස්සෙ නොපෙනී ගියා..
" යමු හලෝ.. අපි මේ ට්‍රිප් එකේදි අපේ තරහ මරහ අයින් කල්ලා හොඳ මිත්‍රයො වෙමු.. එකඟඳ.."
අයුක අයියා මම ආයෙම මොකුත් කියනකල් හිටියෙ නෑ නැගිටලා ඉස්සරහට ගියා.. මම වැරදි යමක් කිව්වද.. නෑනෙ.. එක්කො මේ පූල් එකේ සීන් එක අමතක කළානම් ඒකත් එකක්.. මමනෙ කොක්ක වගේ එල්ලි එල්ලි යන්නෙ.. ආයෙම මතක් වුණොත් විතරක් රණ්ඩු වෙනවා.. මට ඌ හිටපු විදිය ගැන හිතලා හිතේ කොනක දුකක් ඇතිවෙලා තියෙන්නෙ..
" සෙනුකයා!!!!!!!!!!!!!!"
ෂනෙරුවගෙ මිහිරි කූජනය කණ ගැටෙද්දි මම දැක්කෙ සීට් එක උඩ තිබ්බ ටික්ටැක් බොක්ස් එකක්.. අර ගෝත ඔලුබක්කගෙ වෙන්නැති.. කමක් නෑ ඌ ඇමති පුතා වුණාට ඔය අපේ සල්ලිනෙ.. මුන් හොඳට කාලා බීලා සැපේ ඉන්න බදු ගෙවන්නෙ කව්ද.. මම ඇතුළු අපේ මධ්‍යම පාන්තික සියලු ජනයා..
මම දෙපාරක් හිතන්නැතුව සුදුපාට ටික්ටැක් බෝල දෙකක් කටේ දමාගෙන ඉස්සරහට ගියා.. යද්දි ෂනෙරු බස් එකේ හරහට ගහපු පොල්ලත් බදාගෙන මේ සේරම නටන අස්සෙ කියාන් අයියා එක්ක මොකක්ද කියවනවා.. මාව දැකලා මගේ ළඟට දුවගෙන ආවා..
" මොනාද මට දෙන්නතුව කෑවෙ.. නරක පගෙක් වෙන්නෙපා හරිත.. දෙනවා දෙකක්.."
ෂනෙරුවා අසහනකාරයෙක් වගේ මගේ කට දෙපැත්තෙන් අල්ලගෙන මූණට එබුණා.. ඒක දැකලා දුර පැත්තට ඉඳපු රධ්‍ය අයියගෙ ඇස් දෙක විසාල වුණා.. උඹත් හිටපන්කො අයියෙ.. මම ෂනෙරුව කාටවත්ම දෙන්නෙ නෑ..
" ඔයාට නොදී කනවද රත්තරං මම.. පස්සෙ ටික්ටැක් දෙන්නම්.."
" පෞකාරයා!!"
හෙන වෙලාවක් සින්දු කිය කිය නටලා පොළොන්නරුවට කිට්ටු වෙද්දි එකෙක්ට පාං කියාගන්න පණ නෑ.. අපේ ට්‍රිප් එක ගිය මැඩම්ලා දෙන්නා හරි හොඳයි.. අපි කරන දේවල් වලට වැඩිය කට හොට දාන්න ආවෙත් නෑ..එහෙම දාන්න තරම් දේවල් අපි කළෙත් නෑ.. අපි පාඩුවෙ අපේ ආතල් එකක් අරගෙන ඉවරවෙලා මැඩම් ලන්ච් එකට යන්න ලෑස්ති වෙන්න කිව්වහම මමයි ෂනෙරුවයි ගිහින් වාඩිවෙලා සපත්තු දෙකත් පන්නගෙන හති දදා හිටියා..
රධ්‍ය අයියා එකසැරේට ඉස්සරහා ඉඳලා හෙන ගහන්න වගේ බය හිතෙන නපුරු මූණක් හදාගෙන මං ගාවින් වාඩිවෙලා අයුක අයියගෙ පැත්ත හැරුණා.. කියාන් අයියා ඉස්සරහ හිටිය උන් වගයක් එක්ක වැඩක හිටියේ.. රධ්‍ය අයියා ආතල් එකේ විහිළුවක් කල්ලා ඉන්නවා වගේ නෙමේ මල පැන්නම යකෙක් වගේ.. බය හිතෙනවා.. කැඩෙට් කරන උන්ට එහෙම හෙන ගහන්න වගේ මූණටම බනිනවා මම දැකලා තියනවා.. ෂනෙරු හිටියෙ නිදිමතේ වගේ.. ඌ වැනි වැනි ඉඳලා එහෙමම මගේ උරහිසට ඔලුව තියාගත්තා..
" අයුක!!!"
රධ්‍ය අයියා අයුක අයියගෙ කොලර් එකෙන් ඇදලා ගත්තා.. හිමින් කතාකළත් රධ්‍ය අයියා කතාකලේ තරහෙන්.. මුන් දෙන්නා රණ්ඩුවෙන්නද හදන්නෙ..
" මොකද බං.."
ටිකකින් රධ්‍ය අයියා සාක්කුවෙන් ඩන්හිල් බොක්ස් එකක් ඇදලා අරගෙන අයුක අයියගෙ මූණට දමලා ගැහුවා.. ඒක දැක්ක පාර මටත් බය හිතුණා.. ඉස්කෝලෙන් යන ට්‍රිප් එකකට මුන් මේ මොනවද උස්සන් ඇවිත් තියෙන්නෙ.. මෙතන ඉඳලා පැත්තක ඉඳපු අපිටත් බැනුම් අහන්න වෙයිද.. මට බය හිතුණා.. කොච්චර වුණත් අපි ඔය වගේ දේවල්නම් ජීවිතේට කල්ලා නෑ.. කරන්න හිතලත් නෑ.. අයුක අයියා සිගරට් බොනවා...??
මට දැනුනෙ හෙන අප්‍රසන්න හැගීමක්.. මම සිගරට් බොන උන්ට ආසත් නෑ.. සිගරට් වලට ආසත් නෑ..
" මොන හු#තක්ද මේ උස්සන් ඇවිත් තියෙන්නෙ ආ.. මට කියලා කන පලාගන්නෙ නැතුව ඕක හොටෙල් එකට ගියාම විසික් කරපන්.."
" පලයංකො රධ්‍ය.. මට ඉන්න දීලා.."
" ඉන්න දීපන්..?? ඈ යකෝ පොඩි උන් ටිකකුත් මේකෙ යනවා.. උඹ හදන්නෙ මේකෙ ඉන්න සේරම ඉස්කෝලෙ ගිහින් සස්පෙන්ඩ් කරවන්නද.. හරි බෑනෙ විසිකරන්න.. බෑනෙ.."
රධ්‍ය අයියා ඇඟිල්ලක් දික් කර කර අයුක අයියට බනිනකොට මමත් නිදි වගේ ඇස් දෙක පියාගෙන හිටියා.. මම මෙච්චර කාලෙකට දැනන් හිටියෙ නෑනෙ අයුක අයියා මෙහෙම එව්වා කරනවා කියලා..
" ඕක මෙහෙට දියන්.."
" උඹට විසික් කරන්න බැරිනම් මම විසික් කරන්නම්.. ඉවරනෙ කතාව.. අනික උඹ එදා පොරොන්දු වුණා මේ මලජරාව බොන්නෙ නැහැයි කියලා.. කිව්වද නැද්ද..!!"
" කිව්වා කිව්වා.. අනේ ඕක නවත්තගනින් බං.. මගේ ඔලුව පැලෙන්න එනවා.. සිරාවටමයි කියන්නෙ.."
" දහජරාව බීලා බීලා රෑ තිස්සෙ.. උඹ මැරෙන්නද හු#තො හදන්නෙ.. එදා බොරුවට පොරොන්දු වෙලා.. ඩිසපොයින්ටඩ් අයුක.. උඹ මගේ හොඳම යාළුවා වෙලත්.. මේක බැරිවෙලාහරි බෑග් චෙක් කරද්දි අහුවුණානම්.."
ටිකකින් ෂටර් එකක් ඇරිලා වැහෙනවා මට ඇහුණා.. අර මගුල විසික් කළාද කොහෙද.. ඒක හොඳයි.. ඒ වුණාට මූ තව තව මොනවා හංගන් ඉන්නවද දන්නෙ නෑ.. මූට මොනවද ඔච්චරටම තියන ප්‍රශ්න ඔලුව කැක්කුම ගන්න තරම්..
මට ඔව්වා හිත හිත ඉද්දි ෂනෙරුවටම හේත්තු වෙලා නින්ද ගියා..
ආයෙම නැගිටිද්දි ලන්ච් එකට හොටෙල් එකකින් නවත්තලා.. අරලිය කියලා හෙන ලස්සන හොටෙල් එකක්.. කව්ද දන්නෙ නෑ මේ සැරේ ට්‍රිප් එක ස්පොන්සර් කලේ.. සමහරවිට ඇමති පුතාගෙ සීයද දන්නෙත් නෑ.. උගේ සීයා ඉස්කෝලෙට සෑහෙන ඩොනේශන්ස් දෙනවනෙ.. ඒකත් එකටම මූ යන නිසා මේක බුක් කරන්න ඇති.. මේකෙ අයිතිකාරයගෙ පක්ෂෙනෙ සීයා දැන් ඉන්නෙ.. බුදුඅම්මෝ මුන්ට සල්ලි එහෙම වැහි වැහැලා ඇත්තෙ.. දැක්කහමත් පේනවනෙ..
මම හිමින් සැරේ නැගිටලා වටපිට බලද්දි රධ්‍ය අයියා අයුක අයියගෙ ඔලුව අතගානවා බාම් වගයක් ගාලා.. අනේ මන්දා උන් දෙන්නත්..
" ළමයි රෙඩි වෙලා ඉක්මනට එන්න.. අපේ බස් එක තමයි ලේට්ම.."
මම ෂනෙරුවව කෙලින් කළාම ඌ නැගිටලා තෝන්තුවෙන් වගේ වටපිට බලලා හරි සිහියට ආවා..
" අඩෝ කොහෙද මේ.."
" හොටෙල් එකට ආවා බැහැපන් සපත්තුදෙක දාගෙන.."
" මගේ කකුල් දෙක කැක්කුමයිනෙ බං.."
" කැක්කුම ගන්නැතුව තියෙයිද නටපු නැටිල්ලට.."
රධ්‍ය අයියා ෂනෙරු කියන එව්වා අහගෙන ඉඳලා ඇහුනෙ නෑ වගේ ඉස්සරහා බලාගෙන හිටියා.. ජීවිතේ රඟමඩලක් කිව්ව ශේක්ශ්පියර් මහත්තයව හොයාගෙන ගිහින් තොත්තුවක් දෙන්න හිතෙන්නෙ මේ වෙලාවට තමා.. මුන් සෙරම එක්කහු වෙලා රඟනවා රැඟිල්ලක්.. ප්‍රේක්ශක මට එව්වා දැකලම හොඳටම හති..
මම දවසක් කියෙව්වා මොකක්ද කවියක්.. ඒකෙ අන්තිම පදේ තිබ්බා 'හෙන ගහනවද ආදරෙයි නම් ආදරෙයි කිව්වහම' කියලා.. මටත් රධ්‍ය අයියගෙන් අහන්න තියෙන්නෙ ඒක තමා.. අමාරු නැද්ද මූට හැමදාම දුරින් ඉඳගෙනම ලව් කරන්න.. මටනම් ඔහොම බෑ මහත්තයො.. කැමති හිතුණොත් මැරෙන්න හරි කමක් නෑ ගිහින් කියලා එනවා.. හිතේ තියාගෙන හිටියොත් මට ප්‍රෙශර් අමාරුව හැදෙයි.. එක අතකින් රධ්‍ය අයියා ඔව්වා කියලත් බෑ.. ෂනෙරුවගෙ දැන් මානසිකත්වෙ හැටියට ඕක රධ්‍ය අයියා ඇවිත් මූට කිව්වොත් මේකා ආතල් එකට ගන්නවා.. ඒක සිස්සබට මහත්තයගෙ ගෞරවේට හරි නෑනෙ.. ඒකනිසා රධ්‍ය අයියා ෂනෙරුවට විතරක් පොඩ්ඩක් සැර මූණ පෙන්නගෙන ඉන්නවා..
අපි ලන්ච් එක ගන්න ආපු හොටෙල් එකේ නෙමෙයි නැවතිලා ඉන්න හිටියෙ.. අපි නැවතෙනවා කියලා තිබ්බෙ ආමි එකෙන් කරගෙන යන වෙනම හොටෙල් එකක.. ගානර්ස් පබ් කියලා.. මම හිතන්නෙ ෂනෙරුවගෙ බෝයිපෙන්ගෙ තාත්තගෙ කන්ටෑක් එකකින් සෙට් වෙච්ච තැනක්.. මුන් සේරම හයික්ලාස් අතුනෙ..
අපි කෑම කන්න ඇවිත් පාඩුවෙ කාලා බීලා එළීයෙ ගාඩ්න් එකට වෙලා හිටියා.. මෙහෙට ආවෙ මෙහේ ඉස්කෝල කීපයක් තෝරගෙන ඒවට අඩුපාඩු දේවල් ඩොනේට් කරන කැම්පේන් එකකට.. ඉන්ට්‍රැක් එකෙන් නෙ ආවෙ..
ෂනෙරුවා ගාඩ්න් එකේ තිබ්බ ඔන්චිල්ලාවක් අල්ලගෙන ඒක පැද පැද ඉද්දි මම අර ගෝත ඔලුබක්කව හෙව්වා.. මූනම් හිසරදයක් වේගෙන එන්නෙ.. ඇයි මම ඌ ගැන හිතන්නෙ.. හිතන්න ඕන නෑනෙ.. ඒ වුණාට මට කරුමෙට ඈත තියා ඌ මං දිහා බලාගෙන ඉන්නවා ඇහැට අහුවුණා.. මම බැලුවා විතරයි ඔලුව බිමට හරවගත්තා.. ඒ එක්කම කියාන් අයියා ඇවිත් පිටට දබෝස් ගාලා පාරක් අතෑරියහමමම උඩ ගියා.. මේ ජොනතන් නෆ්රාස්ගෙ රෙද්ද අස්සෙ රිංගගෙන මේ පගා ආවෙ අපිත් එක්ක.. දැන් හොයාගන්නත් නෑ.. නෙදකින් මේ වගේ යාළුවො.. අන්තිමට අපිට වඩා ලොකු උන් එක්ක තමා අපිට වසන්න වුණේ..
" මොකද බං ගහන්නෙ.. ඇඟ රිදෙන අස්සෙ තව ගහනවා.."
" අර මොකෝ ඇඟ රිදෙන්නෙ.. එව්වා නෙමේ ස්විමින් මීට් එක එනවා.. උඹලා ලෑස්ති වෙන්නැද්ද.."
රගර් ගහනවනම් රගර් ගහගෙන පාඩුවෙ ඉන්න ඕන.. අපේ එව්වා හොයන්නෙ නැතුව..
" තව නෑ හලෝ.. කෝච් මාරුවෙච්ච නිසා ක්ලබ් එක ශකබුම් වෙලා තියෙන්නෙ.."
" අඩේ සිරාවට.."
මම එතන තිබ්බ කණූවකට හේත්තු වුණා..
" අපේ ක්ලබ් එකේ එව්වා හොයන්නෙ නැතුව පාඩුවෙ රගර් ගහන් හිටපන්කො අයියෙ.."
" අනේ මේ.."
" දැන් කෑල්ලක් එහෙම නැතෙයි.."
කියාන් අයියගෙ මූණ හත්වලාමට ගහපු කලාබරේ වගේ ඇද වෙලා ගියා.. අනවස්ස තොරතුරක් ඇහුවද මන්දා..
" කෙල්ලො නම් අප්පිරියයි.."
අන්න අන්න වටේ යන උන්ගෙ ආදර්සපාඨය..
" කෙල්ලො අප්පිරියනම් කොල්ලොද හොඳ.."
" අපි සබ්ජෙක්ට් එකේ නෑ මල්ලෙ.. කෙල්ලො අප්පිරියයි කියන්නෙ අනේ මන්දා එහෙම සෙට් වෙන උන් නෑනෙ.."
" සෙට් වෙයි සෙට් වෙයි.. අයියා හැමදාම ලයින් කරන්නෙ අක්කලවනෙ.. වෙනසකටත් එක්ක ඇන්ටියෙක් හරි නංගියෙක් හරි ලයින් කල්ලා බලන්න.."
" ඇන්ටිලා සෙට් නෑ බං.. නංගියෙක් නම් ඉන්නවා~.. ඒක මට සෙට් වෙන එකක් නෙමේ.. ඒකි හෙන නපුරුයි.."
" සිරාවට.."
මට මුගෙ කෑල්ල ගැන අහගන්න සෑහෙන්න උනන්දුවක් ආවා.. අනික මම මේ කල්පනා කරන්නෙ රධ්‍ය අයියයි කියාන් අයියයි මොකද කවදාවත් නැතුව මගේ වටේ සැරිසරන්නෙ.. ඒක අසාමාන්‍ය නැද්ද.. මුන් තුන්දෙනා හෙන ලයින් දීගෙන ඉන්න උන් නෙ.. රධ්‍ය අයියනම් කමක් නෑ කියමු උගෙ ආදරවන්තයා ඉන්නෙ මාත් එක්කනෙ.. එතකොට කියාන් අයියා..
ශික්කෙ මේ මිනිහා මට කැමැත්තෙන්වත් ඉන්නවද..
මගේ ඇඟ කිළීපොලා ගියා.. කවුරු අහුවුණත් මූවනම් මට එපා..!!!!
" දුක තමා මල්ලෙ.."
" දුක් වෙන්න එපා අයියෙ.. දැන් ඔය කියන නංගි මොන වගේද.."
" අපේ අම්මලගෙ බිස්නස් පාට්නර් කෙනෙක්ගෙ දුවෙක්.. එහෙම කිව්වට මේ හෙන ලයින් නෑ සාමාන්‍ය කෙල්ලෙක්.. ඒත් නපුරුයි.."
" එහෙනම් අපි මින්නේරි දේවාලෙට ගිහින් පඬුරක් ගැටගහමුද අයියට නංගිව සෙට් වෙන්න කියලා.."
" හරියයිද බං.."
" හරියන්න හරි කල්ලා බලමු අයියෙ.. බැරිම වුණොත් අපි අයුක අයියව මින්නේරියට බිලි දීලා ඔය නංගිව ඉල්ලමු.."
කියාන් අයියා පපුව අල්ලගත්තා..
" මගෙ සුදුදෝණිව මින්නේරියට දාන්න!!?? අනේ මේ පොඩි එකා පාඩුවෙ ඉඳහන්.. මගෙ අයුකව බිලි දීලා ගන්න කෙල්ලො මට ඕන නෑ.. මූ බලහන්කො.. ඇයි දැන් අයුකවම දෙන්නෙ.."
" ඌත් එක්ක මම තරහයිනෙ.."
" බලමුකො තරහ වෙලා ඉන්නවත කියලා.. පොඩි පගයා.."
කියාන් අයියා මුමුණ මුමුණ ඉස්සරහා තිබ්බ පොන්ඩ් එක දිහා බලාගෙන කියද්දි මම ඌ කියන එව්වා ගාණකට ගන්නෙ නැතුව ෂනෙරුවා ඔන්චිලි පැද පැද හිටිය තැනට ගිහින් තල්ලුවක් දැම්මා.. ඌ කුරුමිණීයෙක් අතේ තියාගෙන ඌ එක්ක මොකක්ද හරුපයක් කියවනවා.. අනේ මන්දා මේ දවස්වල මට ඔක්කොම හෝන්දු මාන්දු වෙලා තියෙන්නෙ.. මම හොඳට හිටියනෙ..
සෙනුකයා උඹට අර සාත්තරකාරයා කිව්වා වගේ අමාරු කාලයක්ද කොහෙද එන්න යන්නෙ.. මේ ඒකෙ පෙර ලක්ශන වෙන්න ඇති.. ඒ අස්සෙමට අයුක අයියව ඍශිවරයෙක් වගේ නවගුණවැලක් අතේ දාගෙන ඉන්නවා මැවුණා..
මේ මොන මගුලක්ද මේ..!!!
ලන්ච් එකෙන් පස්සෙ අපි නැවතිලා ඉන්න හොටෙල් එකට ගියා.. ගානර්ස් පබ් එකට.. යද්දි එහේ ඉන්න ආමි එකේ අයියණ්ඩිලා අපිට ට්‍රීට් එකක් ලෑස්ති කල්ලා තිබ්බා.. ඕකතමා අධ්‍යාපන චාරිකාවට වඩා ක්ලබ් එකේ ට්‍රිප් එක ආතල් කියන්නෙ.. ඉස්කෝලෙන් ගියානම් මේ ආතල් නෑනෙ මහත්තයො.. එතන ඉන්න හැමෝම ස්ටාෆ් එකේ අය අපිත් එක්ක ලව් එකේ කතාබහ කළා.. හොටෙල් එකත් මාරම ලස්සනයි.. එක රූම් එකක හතරදෙනෙක් ගානෙ ලෑස්ති කල්ලා තිබ්බෙ.. රූම් එකෙන් එළියට දාපු පඩිපෙලෙන් ගියාම හෙන විසාල පිට්ටනියක් තියනවා.. ඒකෙ මෙහේ වැඩ කරන අය ඩ්‍රිල් කරනවා පේනවා.. මේකෙ ඉන්නෙ ආමි එකේ අයනෙ.. ගානර්ස් පබ් එක ඉස්සරහා ගානර්ස් ක්ලබ් කියලා ලිකර් හවුස් එකකුත් තිබ්බා..
අපිට හම්බුණු රූම් කී එකේ නම්බර් එක හොයාගෙන මම ෂනෙරුවත් ඇදගෙන බෑකුත් උස්සගෙන හෝල් එක දිගේ ඇවිදගෙන ගියා.. තිස් එක තිස් එක..
" මේක නේද.. කවුරුවත් ඇතුළෙ ඉන්නවද දන්නෙ නෑ.."
" දන්නෑ ඇති නේ.. හතරක් ඉන්නවා කියලනෙ කිව්වෙ.."
මම දොර ඇදගෙන ඇතුළට යද්දි බැල්කනි එකේ දොර ඇරලා.. ඇඳ උඩ බෑග් දෙකකුයි කලිසමක බෙල්ට් එකකුයි තව මොනවද ෆයිල් වගේකුයි අතුරලා දාලා.. අපි ආවහම බැල්කනියෙ ඉඳපු එකා කර්ට්න් එකෙන් මූණ දාලා බැලුවා..
නෙද්දකින් කියාන් අයියා..!! මුගෙන් ගැළවීමක්ම නැතිවුණානෙ මේ අහිංසක මට..
" හායි කියාන් අයි-කැහ්-කැහ්.."
මට කියාන් අයියට පිටිපස්සෙන් දර්ශනය වෙච්ච පිංතූරෙ දැකලා කෙළත් හිරවුණා.. ගෝත ඔලුබක්කා මොන මගුලක්ද මේකෙ කරන්නෙ.. ඒ කියන්නෙ මූත් ඉන්නෙ..
මේ කාමරේද.. මුගෙ ආච්චිට.. යකෝ මට නිදහසේ ඉන්න දීපල්ලා..!!
" අඩේ උඹලා දෙන්නත් මේකෙද.. සිරාවට..!!"
" නෑ කණාවට.. ඔයගොල්ලො ඉන්නෙ මේ ඇඳේද.."
" උඹලා දෙන්නා අරකෙ ඉඳපන්.. එක්කො සෙනුක ඕන්නම් අයුක එක්ක එක ඇඳේ හිටියත් කමක් නෑ.. නැද්ද අයුක.."
අයුක අයියා රැව්වා.. ෂනෙරුවගෙ මූණ ඇද වුණා..
අනෙ මේ.. අයියෙ..!! සෙනුක ඉන්නෙ මාත් එක්ක.. නැතිවුණාම සෙනුකට කිචි.."
තප්පරයක් ගෙවිලා ගිහින් ඔරලෝසුවේ බට්ටා ටික් ගෑවා.. අයුක අයියා මහා බල්ලෙක් වගේ කැතට හිනාවුණාම කියාන් අයියා අඩි පොළොවෙ ගගහා ඇඳේ පෙරළීගෙන කොට්ටෙ හපාගෙන හිනාවෙන්න ගත්තා.. ඔය කළේ ගොං වස්සා වැඩක්.. හරිනෙ අමාරුව..
මට කිචි කියන කතාව දන්නෙ ෂනෙරු විතරයි.. ඒ කියන්නෙ වෙන එකෙක් ඇඟේ ගෑවුණත් නළීයන්න ගන්නවා.. හැදියාව යකෝ හැදියාව.. ඇඟේ කිචිවත් ගිහින් නැති කොල්ලෙක් මම..
" අඩෝ සෙනුකට කිචිලු.."
" අයියෙ!!! පාඩුවෙ ඉඳපන්.."
" කිචි ඇරිලා යයි මල්ලෙ.. අම්මෝ ආතල් බං.."
මම මළ පැනලා සපත්තුවක් ගලවලා අරගෙන කියාන් අයියට විසික් කළාම ඒක ගිහින් අයුක අයියගෙ ඇඟේ වැදුණා.. ඌ මට දෙකක් රැව්වහම මාත් රවලා ඇඳෙන් ඉඳගත්තා.. එවෙලෙම රධ්‍ය අයියත් දොර ඇරගෙන කාමරේට ආපු නිසා ෂනෙරුවා චූබරයි කියාගෙන බාතෲම් එක අස්සට වැදුණා.. ඌත් ගිය නිසා මාර ලැජ්ජාව..
" මොකෝ හිනාවෙන්නෙ.. වරද් කෝ මල්ලි.."
" වරද් චූදාන්න ගියා ඇයි.."
" අඩෝ රධ්‍ය මේහ්.. උඹ දන්නවද සෙනුක මල්ලිට කිචිලු.."
රධ්‍ය අයියට බකස් ගාලා හිනාගිහින් අයුක අයියා දිහා අමුතු මූණක් හදාගෙන බැලුවා.. මම අර ගලවලා විසික් කරපු සපත්තුදෙක උස්සගෙන ඇවිත් අනිත් එකත් එක්ක ඇඳ යටින් තිබ්බා..
" ඔය ගොං ආතල් වලට අපිට හිනායන්නෙ නෑ.. රධ්‍ය අයියෙ අනවසරෙන් කාමරවලට ඇතුල් වෙන්න එපා හරිත.."
" සුදුඅම්මියා ආවෙ මාව බලන්න නේද පණ.. උඹ හිටපන්කො දෙන්නැතුව.."
උන් තුන්දෙනා මොකක්ද රහස් සාකච්ඡාවකට ආයෙම බැල්කනියට ගෑටුව නිසා මම ෂනෙරුවගෙ ඇඳුම් දෙකකුත් උස්සගෙන බාතෲම් එකට වැදුණා.. මූ සිංදු කිය කිය චූදානවා.. යකෝ දොරවත් ලොක් කරගෙන නෑ.. යසෛ මේ බේසික කොල්ලා..
" තව්සෙ මම සූදාන එක බලන්න නේ ආවෙ.. ඈයියා සෙනුක.. අසහනේද.."
මම ඌ දිහාබලන්නැතුව ශර්ට් එක දලවලා දාලා ශවර් එක තිබ්බ කාමරේ ඇරගෙන ගිහින් කලිසමත් ගලවලා දැම්මා.. වැඩේමයි උගෙ බලන්න.. ඊටවඩා බලන්න නම් කොච්චර දේවල් තියද..
" ඕකෙ අමුතුවෙන් දකින්න උඹ කරාබුවක් එහෙම දාගත්තෙ නෑනෙ.."
" ඕයි ඇඟත් එක්ක හිරිවැටුණා.. ඕක ඇරපන් මට නාගන්න ඕන.."
ෂනෙරුවා මහා කඩාකප්පල්කාරී විදියට මම නාන එක අස්සට වැදිලා ඌ නාගෙන මටත් කලින්ම එළියට පැනගත්තා.. ඒකත් හොඳයි අර හූචිකුචයි සීන් එක නිසා මටත් ලැජ්ජ හිතිලා ඉන්නෙ එළියට යන්න.. මගේ කිචිය ගැන කාටවත් මොකක්ද තියන අමාරුව.. මගේ හැදිච්චකමට මුන් එකතුවෙලා කියන බලුකතා ඔව්වා.. ඕකුන්ගෙ හැදියාව ගැන අපි දන්නෙ නැද්ද.. අර එකෙක් සිගරටුත් බොන්නෙ..
මත් රකුසා!!
" කෝ මේ කාමරේ මොකෙක්වත් නැද්ද.."
මම ටවල් එක බෙල්ල වටේ දාගෙන කාමරේට ඇවිත් සුදු ශෝටක් ඇඳලා කළුසුදු ඉරි තියන ශර්ට් එකක් දාගෙන සෙරෙප්පු දෙකකුත් දාගෙන එළීයට යන්න ලෑස්ති වුණා.. හවස හතරට විතර ඇති.. අපේ උන් මේකෙ ඉන්න අයියණ්ඩිලා ටික එක්කහු කරගෙන ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනවා.. මේකෙ අස්සෙ මට තනියම ඉන්න බෑනෙ..
මම ඇඳ පැළඳගෙන එළියට යන්න දොරේ හැන්ඩ්ල් එකට අත තිබ්බා විතරයි හැන්ඩ්ල් එක ඉබේම පහළට කැරකිලා මගේ මූණ පැත්තට දොර ඇරුණා.. ඒක කෙළගෙන ඇවිත් මූණ මැද්දෑවෙ වදින්න කලින් මම දොර ගාවින් මෙහාට වුණාම අම්මටසිරි වෙන්නම සිගරට් ගඳක් ඇවිත් මගේ මූණෙ වැදුණා.. හිතුවෙවත් නැති නිසා මට කැස්සක් ඇල්ලුවා..
" මොන මගු-"
මම හොඳවයින් දෙකක් කියන්න ඉස්සරහා බලද්දි අයුක අයියා ටවල් එකකුත් කරේ දාගෙන කොන්ඩෙන් වතුර බේරි බෙරි බයවෙලා වගේ මං දිහා බලාගෙන ඉන්නවා.. රධ්‍ය අයියලගෙ කාමරෙන් නාගෙනද..?? මොකක් හරි.. මම නහයත් වහගෙන අයුක අයියට ඇතුළට එන්න මෙහාට වුණා.. අයුක අයියා කට කොනෙන් හිනාවේගෙන් කාමරේට ඇවිත් ඇඳ උඩට ටවල් එක විසික් කල්ලා මගේ පැත්ත හැරුණා..
" වත්සල්.."
මම එහෙමම නතර වුණා.. මොන එහෙකටද මට කතාකරන්නෙ.. හැමතිස්සෙම කතාකරන්නෙ නැති නිසා එක සැරේ කතාකරන්න ගත්තහම අමුතුයි.. ඒකත් මගේ නම කියලා..
" ඕ.."
" ප්ලාස්ටර් එකක් ගන්න තියේද.."
" ප්ලාස්ටර් එකක්.. ඕ ඩෙටෝල් එකක් තියනවා.. ඕනද.."
අයුක අයියා ඔලුව වැනුවහම මම ඇරලා තිබ්බ දොර වහලා ගිහින් මගේ ඇඳුම් බෑග් එක ඇවිස්සුවා.. දැන් හොයපන්කො පැලැස්තර.. අන්තිමේදි අම්මා හදිස්සියට බෑග් එකට දාපු ඩෙටෝල් ප්ලාස්ටර් රෝල් එකක්ම උස්සන් ගිහින් මම අයුක අයියට දික් කළාම අයුක අයියා ශර්ට් එකේ කර එහෙට කල්ලා දිගට ගැඹුරට ඉරිච්ච කැලලක් බෙල්ල පිටිපස්සෙන් පෙන්නුවා..
" අලවන්න ඕනද.. මේක මදි වෙයි.. ඇලෙව්වොත් තුවාලෙට හිටී.."
" කමක් නෑ අලවන්න.."
" එහෙම බෑ ඉන්නවා මම ගෝස් කෑල්ලක් ගේන්නම්.. ක්ලීන් කල්ලා බෙහෙත් දාන්න.."
මම ආයෙම ගිහින් ෂනෙරුගෙ බෑග් එකේ තිබ්බ ෆස්ට් ඒඩ් කිට් එක උස්සගෙන ඇවිත් අයුක අයියා ගාවින් ඉඳගත්තම අයුක අයියා මට පිටුපාලා එහාපැත්ත හැරුණා.. ඊටපස්සෙ සාක්කුවෙන් ටික්ටැක් බොක්ස් එකක් අරගෙන ඒකෙන් බාගයක් විතර කටට හලාගත්තා.. ඉඳපන් මම රධ්‍ය අයියට කියනවා..
මම තිබ්බ තරහට හයිඩ්රජන් පෙරොක්සයිඩ් ටිකක් සේලයින් වලින් පොඟවලා අරගෙන තුවාලෙට මිරිකුවා.. අයුක අයියා අත් දෙකෙන්ම කොට්ටයක් මිරිකගත්තා..
" පොඩ්ඩක් ඉන්න.. දැන් ඉවරයි.."
මම ඒක පෙන නගිනකල් ඉඳලා පිහලා බෙතඩින් ක්‍රීම් ටිකක් ගාලා ගෝස් එකක් තියලා ප්ලාස්ටර් එකක් ගැහුවා..
" හරිද.."
" දැන් හරි.."
අයුක අයියා ටික්ටැක් කාපු නිසාද මන්දා කලින් වගෙ සිගරට් ගඳක් දැනුණෙ නෑ.. එක්කො මට ඒක නහයට හුරුවෙලා.. මම ෆස්ටේඩ් කිට් එකත් අරගෙන ඇඳෙන් නැගිට්ටහම අයුක අයියා මගේ ශර්ට් එකෙ කොනකින් ඇද්දා.. ගැලවිලා එක්ක නෙමේ.. අගින් ඇඟිලි තුඩුවලින් අල්ලගත්තා.. මම එහෙමම නැවතුණා..
" තැන්ක් යූ.."
අයුක අයියගෙ ලාවට රතුවෙලා තියන ඇස් දෙක දිහා බැලුවහම මට හිතුණේ මහ හිස් හැඟීමක්.. විහින් විනාස වෙනවා.. කොච්චර ලස්සනට ඉන්න ඕන මනුස්සයෙක්ද මේ විහින් විනාස වෙන්නෙ.. මෙච්චර පොඩි වයසෙන් දහජරාව බොන්න අරගෙන.. මම ඒකට රෙස්පොන්ඩ් නොකර එතනින් මෙහාට ආවා.. අයුක අයියා නැගිටලා මගේ අතකින් අල්ලගත්තා.. මට කේන්ති ගියා..
" අල්ලන්න එපා මාව.."
" ඇයි මේ.."
ඇයි අහන්නෙ.. ඇයි අපි කලින් හොඳින් කතාකල්ල හොඳින් හිටියද.. මූට බිව්වහම තමා අමුතු කුලප්පුව හැදෙන්නෙ.. මම අත ගසලා මෙහෙට ගත්තා..
" වත්සල්.."
" මොකද.."
" ඇයි කේන්තියෙන් කතාකරන්නෙ.."
අයුක අයියා කතාකරද්දි වුණත් කටහඬ අමුතුවට මට දැනුනා.. කොහොමත් බීපු මිනිස්සු එක්ක මට කතාවක් නෑ..
" අපි කලින් හොඳින් කතාකල්ලා නෑනෙ.. ඒකනිසා අහකට වෙලා ඉන්නවා.."
මම කේන්තියටම කාමරේ දොර මහා හයියෙන් වහගෙන හෝල් එක දිගේ දුවගෙන ඇවිත් ග්‍රවුන්ඩ් එකට ගියා.. සෙනුක ඌ බිව්වා නෙමෙයි මොන මගුල කළත් උඹට වැඩක් නෑනෙ.. උන්ව හදන්න උඹට රුදාවක් නෑනෙ..
මොකටද මම කේන්ති ගන්නෙ..??