Cherreads

Chapter 64 - 64

උඹ හදන්නෙ තව දුරටත් ඔහොම්ම ඉන්නද මයුර...උඹ දන්නෙ නෑ හුත්තො මගෙ බඩේ බිත්තර කීයක් තම්බන්න පුලුවන් තරම් ගින්නක් ඇවිලුනාද කියන්න...

උඹ හිතන්න එපා මයුරයා මං මේ කෑ ගහන්නෙ උදාර හන්දා...ඌ මගෙ කොල්ලා හන්දා කියලා...මොන බැම්ම බදින්නත් කලින් උඹලා අපි යාලුවො....ඒබැම්ම ගාවදි මොන බැම්මත් පදිරි...උඹගෙ අප්පච්චි අම්මා...ආ....නෑ බන්...නෑ...උඹටවත් උදාරට වත් බැනලා තේරුමක් නෑ....අඩුම ගානෙ නිම්නට වත්....

අපි හැමෝම අපේම වේදනා වපසරිය අස්සෙ පුදුම විදිහට අතරමන් වෙලා...දැන් ඉතින් මේ වෙනිවැල් ගැට එක බීපන් ..මොකද වන්ශොට් ගාවට ගියත් උඹ බේත් පෙත්තක් කටේ තියන මිනිහෙක් නෙවෙනෙ.....

මම උන්නෙ මගෙ කාමරෙ.... වියන් බැදපු පරන් කාලෙ ඇදෙ ඇද විට්ටමට හේත්තු වේගන...මං බලාගන වෙනදටත් වඩා දැන් ඒ කලුතොට වලව්වෙ බිත්ති පුපුර පුපුර යනවා....බිත්ති පවා අපේ ගමන ඉක්මන් කරනවද කොහෙද .....

ඒත් මගෙ ලමාකාලෙම ගෙවුනෙ මේ පරන පාට අන්දකාර ගැහුන වලව්ව අස්සෙ.....අත්තම්මගෙ සීයගෙ බිත්ති වැහෙනකන් තිබුන ආදර පින්තූර අස්සෙ.....පාරවල් පාරවල් ගානෙ බත් පාර්සල් දාගන උන්න අප්පච්චි මුලිම්ම මයුර හෝටලේ කියලා ලියන් ආව තහඩු බෝර්ඩ් එක ගෙනාවෙ මේ ගෙදරට.....

සුචිත්‍රම්මගෙන් පිට රත් වෙන්න ගුටි කෑවෙ මේ අන්දකාර ගැහුන වලව්ව අස්සෙ.....කවදාවත් පාටක් මුහු කරනවා තියා හිතෙ තුන් කොනකවත් නොතිබුන හත් පාට ආදරයක් ගැන මගෙ බොල් හිතට කියලා දුන්න ඒ සුන්දරම හදවත තිබ්බ හත්පාට ප්‍රේම වන්තයා එක්ක මං තුරුල් වෙලා නිදාගත්තෙ මේ අන්දකාර ගැහුන වලව්ව අස්සෙ....

පරම්පරා ගානක ආදරේ....දුක සතුට තරහව එකී මෙකී නොකී හැගීම් කෝටි ප්‍රකෝටි ගානක් දරාගන උන්න මේ කලුතොට වලව්වත් දැන් පන අදිනවා.....හරියටම මගෙ නිම්න වගේ...එයාට දැන් මහන්සීලු....මගෙ හිත අස්සට ආදරේ කියන මාතෘකාව හරි සියුම් විදිහට ඇතුලු කරාපු ප්‍රේමයෙ ඇඳුරට දැන් මහන්සී කියනවා...

එයා නවතින්න හදනවා....තිතක් වෙනුවට කමාවක් තියලා ආයමත් දවසක අපි හම්බවෙනකන් කියන තාවකාලික සමුගැනීම් දවසට පෙරාතුවම එයා මට දැන් රතු එලි පෙන්නනවා...

මට රිදෙනවා....ටිකක් නෙවෙ...හුගාක්...මං දැනන් උන්නා අවසානය කියන්නෙ මේකයි කියලා...ඒත්...මේ තරම් වේදනාවක්....මට මේ පරන ගේ දාලයනකොටවත් මෙච්චර රිදෙන එකක් නෑ කියලා හිතුවත් දැන් එතනත් වේදනාවක්....මොකද....අජීවි වස්තු එක්ක හැමවෙලාවකම සජීවි වස්තුවක හැගීම් බැදිලා තිබුනා....

මමයි උදාරයයි ගෙදර ඇවිදින් දැන් දවල් දොලහෙ කනිසමත් පහු වෙන්න එනවා...අම්මවත් අප්පච්චි වත් නෙවෙ මගෙන් වත් උගෙන් වත්...අඩුම ගානෙ නිම්නගෙන් වත් වචනයක් ඇහුවෙ...උවමනාවක් නැති කම නෙවෙ....සමහර කාල වකවානු තියනවා...අම්මා තාත්තට කටෙන් වචනය ගන්න බැරි තැන්වලදි යාලුවන්ට පුලුවන් ඕන මගුලක් කටින් එලියට ගන්න.....

මේ යන්නෙත් එහෙම කාලවකවානුවක්....උඹලට මොකද උනේ මයුර...උඹලා කොහෙද ගියෙ උදාර කියන ප්‍රශ්න වලට එයාලට උත්තරයක් ජම්මෙට වත් ගන්න බැරි උනත් කල්පනයට ගන්න පුලුවන් ඇති කියලා හිතලා වෙන්න් ඇති අම්මයි අප්පච්චි වචනයක් නාහම කල්පනයට මුල් පුටුව දීලා පැත්ත ගැහුවෙ.....

මං පපුව පුරවලම ලොකු හුස්මක් ගත්තා...මගෙ නිම්න ඔහේ බලන් ඉන්නවා...උදාරයට ආයම නින්ද ගිහිල්ලා...ජනාට වත් රවිදුවට වත් කතා කරන්න ඉඩක් නෑ..මොකද කල්පනයා කතා පෙට්ටියක් වෙලා.....

මං දැන් උඹගෙන් ඔව්වට උත්තර අහන්නෙ නෑ...හැබැයි උඹලා පරට්ටයො දෙන්නට යුතුකමක් තිබුනා කල්පනයා වරෙන් කියන්න...

මහ පිස්සු හුත්තිගෙ පුත්තු...

උඹලට බැනලා මගෙයි පව් පොත පිරෙන්නෙ...මං මීට එහා අහන්න හිතක් නෑ...හැබැයි මයුරයා අර සැරින් සැරේම හිතට එන ආවේගෙ එක්ක මට මේ බුදියන් ඉන්න එකාව ඇහැරවලා කන පලන්න හිතෙනවා...

අනික බුංජියට මෙතන බනින්න කිසි හේතුවක් නෑ.....ඌ උන්නෙ උගෙ ලෝකෙ.....ඒක හින්දා බුංජියව මේ මගුල් වලින් නිදහස් කරනවා මයුරයා....

මූට දැන් නිද ගිහින්... උඹත් නැගිටපන්කො සෙනෙ...උඹත් නැගිටපන්කො....බබා හුබා ගාන්ඩයි රෑ එලිවෙනකන් හැමනි හැමනි වනචර කන් කරන්නයි විතරක් තොට කට පන තියනවා...බබා ගගා මගුල් නටන්න ඕන නෑ...කල්පන අපිට හදිසියක්...කරදරයක් කිව්ව නම් අපි නෑවිදින් ඉන්නවද යකො...නෑනෙ...නැගිටපිය....නැගිටපිය උදාරයා.....

නැගිටපන්...මගෙ පපුවෙ ගිනි පත්තු කරලා උඹ බුදියන්න...නැගිටපන්....නැගිටපන් උදාර....

අ..ආව්හ්....

ආව්හ්...ආව්හ් තමයි.....ආව්හ්.....නැගිටපන් උදාර....මං උඹගෙ අනිත් කකුලත් අඹරවනවා...

ඌට ඉන්න දියන් කල්පන...ඌ ඉන්නෙ වේදනාවෙන්

ඔව්...ඔව්....තොටයි ඌටයි විතරයි ඔය වේදනාව..එතකොට අපිට නෑ....තවත් වේජනාවයි ගාන්ඩ එනවා බීපිය ඔය කසාය එක...

එපා බන්.....කටකාරවනවා

කට කාරවයි තව ඉස්සරහට බීපිය....උදාර....උදාර...නැගිටිනවා....

ඒයි මේ නැගිටල මේක බොනවා උඹගෙ හොර නින්ද ගැන මං නොදන්නවද....නැගිටපන් උදාර....

දෙයිය....න්ගෙ....නාමෙට..... කල්පන...ඇයි.....බබී....ටිකක් සැනසීමෙන්...ඉන්න දියන්කො

සැනසීමෙන්...සැනසීම...මේ උදාර ම්‍රෙ....තමුසෙ මගෙ සැනසීම කාලා දැන් සැනසීමක් ගැන කතා කරන්න එපා...වරෙන් බුංජියො යන්න ඔවුන් දෙන්නට ඕන පුකක් කරගන්න දීලා....සැනසීම ගැන කියන්න එනවා..දෙකට නමලා පුකට නාරාසනයක් බස්සවන්න හිතනවා...

උඹට කොහොමද....මයුර....

වැස්සක් වැහැලා පෑව්වා වගේ...මගෙ තිබුන ඔලුවෙ කැක්කුම කල්පනයා දහගුනෙකින් වැඩි කරලා ගියා....මගදි අහපු ප්‍රශ්නවලට තව උත්තර නෑ....අර මරනෙ ගැන මට දැනුනෙම කලු පාට අදහස් ගැන විතරක්ම වෙනකොට කල්පනයයි මගෙ නිම්නයයි යන්න ගියාට පස්සෙ මං මට එහා පැත්තෙන් උන්න උදාර දිහාව බැලුවා...

උඹ මගෙන් අහන්නෙ කොහොමද කියලද....උදාර....

මට උඹගෙ හිතේ තත්වෙ නෙවෙ...ඇගේ තත්වෙ කියපන්....මට දැනගන්න ඕනෙ...ඇගේ තත්වෙ ....

.උඹට දැන් පේන්නෙ කොහොමද ...උදාර....

......උඹ කොච්චර කිව්වත් කියන්න හදන්නෙ....හිතේ තත්වෙ ගැන නේද....

ඔහොම ඉදින්..උඹට තනියෙන් කෙලින් වෙන්න බෑ ඔය කකුලට කොට්ටයක් තියපන්

මෙච්චර වෙලාම නිදාගන උන්න උදාරට මා එක්කම ඇදවිට්ටමට හේත්තු වෙන්න ඕන වෙද්දි මං ඌව වත්තම් කරලා ඉන්දවලා කකුලට කොට්ටෙකුත් තියලා තම්බපු වෙනිවැල් ගැට කෝප්පෙත් අතට දෙනකොට මලවුනට වඩා නරක දේවල් මේ ලෝකෙ තියනවා කියන්න ඌ මූන බෙරි කරන් වෙනිවැල් ගැට කෝප්පෙ දිහා බලන් ඉන්නකොට මං ඒ තිත්ත ගැන නොහිත එක උගුරට ඒකම ගහලා දැම්මා....

උඹට මොනවද නිම්න කිව්වෙ.....

උදාරයගෙ දිවෙ හම යන්න ඇති.....මොකද මුන දෙක කරන් බලන් ඉදලා ඉදලා අවසානෙදි හුස්ම හිරකරන් අර කෝප්පෙම එක උගුරට ගහලා උගෙ දිව මගෙ බ්ලැන්කට් එකෙන් සිය වතාවක් විතර පිහිදගත්තා...අවසානෙදි මූනත් බෙරි කරන් මගෙන් නිම්න මොනවද කිව්වෙ ඇහුවා.....

එයා...එයා කියනවා....

මොනවද....එයා කිව්වෙ....

මං ආයම මගෙ ඔලුව ඇද විට්ටමට තියාගත්තා....එයා කියනවා එයා දැන් යන්න ලගයි කියලා...මට කියාගන්න ඕන උනෙ ඔය වචන ටික උනත්...ඒ වචන අස්සෙ පුදුමාකාර බරක් රැදිලා තිබුනා.....

උදාර.....මිනිස්සු ජීවිතේටම එක පාරයිද මැරෙන්නෙ...

......නෑ...මිනිස්සු ජීවත් වෙනවට වඩා කරන්නෙ....ජීවත් වෙන්න උත්සහ කරන එක...ඒ අතර මගදි හැමදාම ප්‍රශ්නවලින් හෙම්බත් වෙවී මැරෙන එක...වෙනසකට තියෙන්නෙ...ජීවිතෙ මනුස්සයෙක්ව වලන්නෙ එක පාරයි...උඹත් ඒ වගේ...උඹව වැලලුවෙ නැති උනත්....උඹ මේ වෙනකොට සෑහෙන්න පාරක් මැරිලා අහවරයි කියන්න මං දන්නව මයුර.......උඹට මට කියන්න බැරි දෙයක් නෑ...

මට කියපන් මයුර....ඔයතරම්ම ඔය හිතට වද දෙන්න එපා....හිතකට උනත් පරිමාවක් තියනවා බන් දරා ගන්න...

එයා මාව දාලා යන්න ලගයිලු.....එයාට දැන් දැන් හරියට මහන්සීලු...එයාට මගෙ ගාවින් ඉන්න ඕනලු.....දැන් මට කියපන්...මේ වේදනාවෙ පරිමාව මගෙ හිතට දරාගන්න පුලුවන් වෙයිද උදාර...

....

මල් පිපෙනවා...පර වෙනවා...ගස් වල කොල හැලෙනවා...දළු ලානවා.....උඹ දැකලා තියනවද මලක් පරවෙනකොට මනුස්ස ඇස් තෙමුනත්.....ගහක් අඩනවා....කොල ඉන්නෙ හැලෙන්න බලාගන නම්...හැලෙන්න දියන්....මොකද ගහ උනත් දන්නවා..ආයම දළු ලානව කියලා.....මොන කාර්තුවටත් වඩා....වසන්ත කාර්තුව හරි ලස්සනයි මයුර...අපි කාට නැතත්...උඹට නම් ඔය වස්සාන කාර්තුව ලබන්නම ඕන.....

සමහර වෙන්වීම් හරි අසාධාරනයි ...ඒත්..සමහර වෙන් වීම් තිබුනා....ඊලග පිටුව කලින්ටත් වඩා ආදරනීයව ලියාගන්න ඕන කමට අතුරු මංසලකින් නැවතිලා...හිතන්නෙ වත් නැතිම මන්සලකින් ආයම හම්බ වෙන.....හැබැයි..ඒ හමුවීම් හරි ස්තීරයි මයුර...

උඹම වෙලාවකට කියනවා.....නිම්න කියන්නෙම බිදුනු බිලින්දෙක් කියලා....බිදුන මිනිස්සුන්ට ආදරෙ කරන්න මොන තරම් අමාරුද....උන්ව වැලදගන්න මොන තරම් අමාරුද....ඒත්.....උඹ ඒ දෙකම කෙරුවා මයුර.....එහෙව් උඹට වස්සානයක් නොදුන්නොත්....මන්දා....උඹගෙ ඉරනම ලියාපු එකාව සදාකාලිකව හිරගෙදරට නියම කරන්න ඕන නැත්තන්....එල්ලුම් ගස් යවන්න ඕන....

උඹ කරන්නෙ මගෙ හිත හදන එකද උදාර .....

...හ්ම්....හිත හදන එකටත් වඩා....උඹ නොදකින අර ඉස්සරහට එන්න තියන ලස්සන දවස් ගැන කියලා උඹට ජීවත් වෙන්න ආසාවක් ඇති කරන එක....

ම්න්...

........

..උදාර....

හ්ම්...

විනඩි විස්සක්....නැත්තන් පැය බාගයක් අපි දෙන්නා අතර හාවක් හූවක් නැති උනා...මම නොදකින ඉස්සරහට එන්න තියන ලස්සන දවස් ගැන බලාපොරොත්තු ලැබුනයින් පස්සෙ මං කෙරුවෙ වර්තමානෙ ජීවත් නොවී අනාගතේට දුවාපු එක...මගෙ හිතින් මං නිම්නගෙ අතට මගෙ අත පටලවන් මල් පිපුන නිම්න මැදින් දුවාපු එක.....අවසානෙදි දුවලා දුවලා හති වැටුනම අර කොලම කොලපාට තනපිට්ටනියක් මැද උඩබෙලි අතට වැටිලා නිල් අහස දිහා බලන් හති ඇරපු එක...

එයයි මමයි මූනට මූන බලාගන ආදරේ පිරුන හිනාවල් හුවමාරු කරගත්තු එක...

ඒක නිකම්ම නිකන් මනෝපාරක් නෙවෙ...ඇත්තටම ඒ හීනෙ පුරාවටම ආදර සුවද තැවරිලා තිබුනා...මල් සුවද ඉතිරෙන්න තිබුනා....කොටින්ම...එකට පැටලිලා තිබුන අපේ අත් වල උනුහුම පවා මට මේ මොහොතෙ දැනුනා.....මම නොදැකපු අර අනාගත හීනෙදි මං නිම්නව මගෙ කරගන්න සුභ නිමිති බැලුවා...නලලට තියාපු උනුහුම් හාදු අස්සෙ අනේ ආදරෙ වික්ටෝරියා ජලාශෙටත් වඩා ලොකුවට මට දැනුනා...

ඒක නිල් පාට මහ මුහුදටත් වඩා ගැඹුරුයි....වාන් දානකොට වික්ටෝරියා දොරටු කඩාගන යනවාටත් වඩා වේගෙන් ඒ අදරේ පිටාර යනවා.....

අනෙ ඒ හීනෙ...ඒ මනෝපාර පුදුම තරන් ආදරනීයයි...කොටින්ම අර වස්සාන සුවද මට ළඟ ලගටම දැනුනා...

මට උදව්වක් ඕන....

කියපන්.....

මට එයා එක්ක කොහෙ හරි යන්න ඕන....

උඹයි එයයි විතරද....මං අහන්නෙ උඹට කොහෙ හරි නවතින්න ඕනෙද...

නෑ.....තනියෙන් නෙවෙ.....මට එයාව

සතුටි න් යවන්න උඹලා හැමෝගෙම උදව්ව ඕන...එයාව විතරක් නෙවෙ....ජනාවත් .....එයාල යන්න ලගයි කියන්නෙ...ජනාවත් එන්න එන්න දුර්වල වෙනවා.....

මට එයා එක්ක ඉර නගින එක....ඉර බහින එක...මල් පිපෙන එක...පරවෙන එක....රෑ අහසෙ ගිනිගන්න තරු කැට වල ඒ ගින්න අඩු වැඩි වෙන එක දිහාව බලාගන හොද රස්නෙට කෝපි උගුරක් බොන්න ඕන...අවසානෙදි අත් දෙකෙම්ම තුරුල් කරන්....මං එයාට මොන තරම් ආදරෙයිද කියන එක එයාගෙ කන් වලට කොදුරන්න ඕන....

හැබැයි....එයා කොතනක හරි ඇහුවොත්.....අනූ.. ...නෑ..නෑ...මන් දැන් අනූ නෙවෙනෙ.... එයාගෙ සුදු මල්ලිනෙ.... එයා ඇහුවොතින්...සුදු මල්ලි...මට ආදරේ කරන්න හේතුව මොකක්ද කියලා ...මට ඕනෙ ඒ ප්‍රශ්නෙ ගාවදි නිරුත්තර වෙන්න.....ඒ කියන්නෙ....එයාට ආදරේ කරන්න මට හේතු නැති වෙන්න.....අහේතුකව ආදරේ කරන්න....මොකද...මං හිතන් උන්නෙ....ආදරේ කරන්න හේතු ඕන කියලා...ඔයා මට ආදරේ කරනවනෙ කියන හේතුව උඩ ආදරේ කරන්න ඕන කියලා.....

ම්ම්ම්.....මට පැයක් දියන් මං උඹට බලලා කියන්නම්...

ම්න්....

සූකිරී..... කොල්ලා මේ බත් බෙදලා....උදාර කොල්ලා....උඹට බත් ගෙනත් දෙන්නද

එපා කමනි මං එන්නම්....

උදාරයා මගෙන් පැයක් ඉල්ලුවා....මේ තකහනියෙ මලගිය ඇත්තන්ගෙ ලෝකෙට ගිය එකා ගැන හිත හිත උන්න මට ඌව සම්පූර්නම අමතක වෙලා ගිහින් තබුන වෙලාවක අප්පච්චි ගෙ කටහඩ මට ආයම ඌව මතක් කෙරුවා....

උදාරයා

ම්ම්ම්.....මේ.....කැන්ඩි....කැන්ඩි යමුද....මාතලේ....සෙම්බුවත්ත.....ඇල්ල.......ම්ම්ම්....බදුලුබන්ඩාර වෙල..ඉන්ටර්සිටි එක තියනවා.....

මගෙන් පැයක් ඉල්ලපු උදාරයා උන්නෙ වෙන සිහියක.....ඒත් දැන් මට ආයම මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න තදියම...

උදාර.....මේ බලපන්...

හ්ම්

කියපන්.....

නිම්න කියනවා ජයවර්ධනයගෙ දකුනු අත මැරුනෙ හැප්පිලාලු....

උඹ විස්වාස කරනවද ඔය කතාව...හැප්පිලාද...නැත්තන් හප්පලද....හැප්පිලා කියන එක කපපන්.....ඕක හදිසි අනතුරක් නෙවෙ කියන එක උඹ නෙවෙ හද්ද මෝඩයෙක්ට උනත් තේරෙනවා.....

.උඹට හිතෙන්නෙත් මට හිතෙන දේමද...මං අහන්නෙ මම සැකකරන දේමද උඹත් සැක කරන්නෙ???

ම්න්.....ඔව්.....මට රොහාන්ව සැකයි....ඒ වගේම නිම්න දැනුවත්....නිම්න ඒ ගැන සම්පූරනම දැනුවත්...

මොනවද මොනවද....උඹලට දැන් මාව සැක මොනවටද....එතකොට අපේ බෑනා මොනවා ගැනද දන්නෙ කිව්වා නම්....

අ...අප්පච්චි ....

මායි උදාරයයි මූනට මූන බලාගත්තා...මොකද අපේ කතා බහ අප්පච්චිට ඇහිලා තිබුනා...එක අතකට හංගලා තේරුමකුත් නෑ....

කියපන්.....මොනවටද උඹලට මාව සැක....පුතන්ඩියගෙන් උනත් නිස්කාරනේ බැනුම් අහන එකෙක් නෙවෙ මම...උඹ ඒක දන්නවනෙ...කියපන්...දැන් මොනවද කුටු කුටු ගාන්නෙ...අරහෙන් බෑනා හොල්මන පුක්මූන දාගන.....උඹලා මෙහෙන් මාව සැක කරනවා.....

එක අතකට හංගලා තේරුමක් නෑ...උත්තරේ ඕනා නම් ප්‍රශ්නෙ අහලම නවතිනන් වෙනවා....උදාරයගෙ ඇස් එහෙන් කියවනකොට මං හොද හුස්මක් අරගන අප්පච්චි දිහාවට හැරුනා...

අප්පච්චි දෙයක් අහන්න තියනවා....

උඹට දෙයක් අහන්නද තියෙන්නෙ ..දෙයක් කියන්නද තියෙන්නෙ....නැත්තන්....උඹගෙ හිත මාව සැකකරන මිනිමැරුම ගැන නඩු අහන්නද ඕන.....

අ...අප්ප..ච්....චි...

ඔව් කිව්වොත්...මම එල්ලුම් ගහට යන්න බය එකෙක් නෙවෙ....හැබැයි.....මගෙ එකම පුතා මට කලින් මැරෙයි කියලා නොසෑහෙන්න බය වෙන මිනිහෙක්....

මාව උදාරයව සීතලවෙලා සුදු මැලිවෙලා ගියා.... අප්පච්චි .....මගෙ අප්පච්චි .....කිසිමබයක් හැකක් නැතුව.....ඥන් පඥමක් නැතුව ඒ මිනිමැරුම දැලි පිහියකින් කිරි කනවටත් වඩා ලේසියෙන් කියලා දානකොට මන් ඇද රෙද්ද මිරිකගන බලාගන උන්නා...

අප්පච්චි ...ඔයා කියන්නෙ.....ඔයා කියන්නෙ අප්පච්චි ඒ මනුස්සයව.....

උඹට ඕනෙ මට කලියෙන් ඌ ඉස්සර වෙනවා දකින්නද....නැත්තන්.....උඹවත් මට ලෑලි පොලවක් යටින් ගන්නද....උගෙ මරනෙට ඌම වගකියාවි මයුර...මොකද මිනිස්සුන්ට බීලා ඩ්‍රයිව් කරන්න එපා කියන එක කට කැඩෙන්න කියලා තියනවනෙ ම්ම්ම්ම්ම්....අනික....කහ ඉරකින් පනින්න කියන්නෙ ඇයි....මිනිස්සු බීලා මැරුන් නෑ...බීලා මදි වෙලා....ආපහු ගේන්න යනකොට තමයි මැරිලා තියෙන්නෙ....යමන් ගිහින් බත් කාපන්.....ඔව්වා එච්චර හිතන්න ඕන කාරනා නෙවෙ...උඹට හිතනවා නම් හිතන්න ඕන කාරනා තව හුගක් තියනවා...

උඹට නිකන් ඉන්න එක කම්මැලි නම්...පොතක් අරන් හරි....ඔය වැල බලන්න විතරක් ඔබන ගල් බාගෙ අරගන හරි හොදට හොයලා බලපන්.....මේ ලෝකෙ රසටම මැරුන මිනිහා මොකාද කියලා ....අනික.....දැන් ඉතින් උඹගෙ ඇද මෙට්ටෙ යටින් ආය රෙදි කෑලි අහුවෙන එකක් නෑ...අර මොක්කද මන්දා මූලස්තානෙකින් එනවලුනෙ අල්ලන් යන්න.....යමන් යමන් ගිහින් කාපන්...අම්මා උම්මලකඩ තෙල් දැම්මා...නිකන් නෙවෙ ළූනු පන්සීයක් විතර දැම්මා....

අප්පච්චි යන්න ගියා...නිකන් නෙවෙ....හුරුවමක් බාන ගමන්.....මට අප්පච්චි ව විස්වාස කරන්න බැරි උනා....දැන් නම් නිවිලා ඉන්න අප්පච්චි මැරයෙක්මයි කියන තැනට මගෙ හිත වෙනස් වෙනකොට මං උදාරයා දිහාව බැලුවා...

උඹට ඇහුනද....??

මං හිතන්නෙ...රොහාන් කොල්ලා ස්කීපර් කාරයගෙත් බොසාද මන්දා...අනික බලපන් උඹලගෙ අප්පච්චි කොත්තු ගහන ගැහිල්ලට මිනියක් උනත් ළූණු සිවියක් ගානට ලියන්න පුලුවන් ...එක්කො කමනි මෙල්ල කරන් ඉන්නෙ නාලාගිරි ඇතාව...නැත්තන්.....රොහාන් කරන්නෙ සුහද කොකෙක් වගෙ අපිව රවට්ටන් යටින් ගේම ගහපු එක...අනික මයුර මොන ස්කීපර්ද බන් තමන්ගෙ මහබෝට්ටුවෙ ෆ්‍ර්‍රිසර් එක මලමිනි හතරක් දාන්න දෙන්නෙ.....ගැන් එකක් තියෙන්නෙ මාලු බස්සවන්න මිසක්....ගැන් එකකට මොකාද මිනි බස්සවන්නෙ...ඒකත් කිසි බයක් නැතුව?

ම්ම්ම්ම්...වරෙන් යන්න....දැන් තවත් උන්නොත්...ඊලග පාර උඹව මාව උම්මලකඩ කරයි....

හෙට පාන්දර ට්‍රේන් එකට මං ටිකට්ස් දැම්මා.....හරිනෙ.....

කොහෙන්??

කොටුවෙන්...5.55 කැන්ඩි ෆස්ට් ක්ලාස් එක....චප්ප චිරිප්පන් නොවී යන එක සැනසීමෙන් ගිහින් එන්න පුලුවන්....උඹට බුංජි පුතා එක්ක සැනසීමෙන් කොටුවක් පැනගන්න පුලුවන් ..මට කල්පනයව ආපහු යාලු කරගන්න පුලුවන් ...මොකද ඌට අනක් ගුනක් නෑ..බනින එක බනිනවා බඩ වෙන්න....ගහලා කරලා රන්ඩුව අහවර කරන එක සැපයි එකම දේ කිය කිය බනිනවට වඩා..අවංකවම ඒක මහ හිසරදයක් මයුර....මං කැමතිම නැති දෙයක් ඔය කට වක්කඩ වගේ කියවන එකට...ඒත් ඌ එහෙම කියවනකොට හුරතල් ..ඒත්...අනේ මන්දා...වෙලාවකට කන්දොස්කිරියාව...උඹ කියන්නෙ එහෙම නැද්ද...බුංජියගෙ උනත් වෙලාවකට කන්දොස්කිරියාව නෙ...

කියලා වැඩක් නෑ..කට නිකන් තමිල්නාඩු එෆ් එම් චැනල් එකක් වගේ.....

ආ..ආ.....මොකාත කන්දොස්කිරියාව ...අනේ...වුබර්ට බත් එක බෙදාගන ආව මට දෙකට නවලා පුකට හොද පොල්පරාලයක් බස්සවන්න ඕන.....ආ උදාර...මාව දැන් කන්දොස්කිරියාවයි නේ...ආ....බුංජියො......චූචි බුංජියෝ.....මෙන්න්...වුබර්ගෙ සමුනා මෙහෙ ඉදන් දෙස් දෙවොල් තියනවා.... උඹට තමිල්නාඩු චැනල් එකලු බුංජියෝ.....අර ජනා විතරයි ඇත්තටම හොද.......

ඒ...ඒ...බබී....මොකද ඔය...මෙහෙ දෙන්න ඔය බත් එක දැන් වැටෙනවා ඕකත් එක්කම

නෑ...නෑ....සෙනෙ.....නැවතියන්...අඩි පනහක් වත් පස්සෙන් ඉදපන්.... උඹට දෙන්න මෙහෙ බත් නෑ...උඹ කරපු ගොන් කමටත් සමාව දෙනවා කියලා හිතාගන ආවෙ....

සුදුමල්ලි....

අ..ආ..වස්තු....

ආ...ආ...වස්තු...ඇයි මයුර ගොතද....උඹට සුදු මල්ලි කියන මටනෙ ඔය නැහැදුන කතාව කිව්වෙ....වේසයි...මහ වේසයි අනූ...පුදූම වේසයි......වේසකමට තනි වචනයක් නම්..ඒ උඹයි මයුර....වරෙන් කල්පි යන්න...පෙන්වද...කොලබොක්කෙන් ආදරෙ කෙරුවත් මුන් තමයි දවසකටත් අදහන්න ඕන මිනිස්සු....ඇත්තමයි අපේ අම්මා කොච්චර නම් කිව්වද මේ හිපාටුව එක්ක ගියොත් ඇඩූ කදුලින්මයි ඉන්න වෙන්නෙ කියලා...

නෑ...මගෙත් තියන වේසකමට අම්මගෙ කීමට පිටින් ගියා.....කල්පි....මට නම් එපා....මූ වගේ අමන ගති ඇති පිරිමියෙක් එපාමයි.....මදැයි.....හත් අවුරුද්දක් දැලි හෝදපු කාලගෝලයටත් දික්තලා කෙලියා.....මනමේ කුමාරයටත් අවසානෙදි කුමාරි කෙලලම ඇරියා.....එහෙව් දේවල් වෙච්ච එකේ මෙව්වා මොනාද.....විජේ උනත් කුවේනිට ආදරේ කරලා අවසානෙදි චන්ද්‍රිකාව බැන්දා...ඉසුරුමුනී උනත් ගලේ කෙටුව හන්දා උන්නා...නැත්තන් ඒ චපලිත් යන්න යනවා.....

මදැයි ඇහේ මූනෙ තියන් ආදරේ කරලා වුබර්ගෙන් සීනි නැති කෝපි ඉල්ලපු මටනෙ මෙහෙම කරන්නෙ.....කල්පියො....මාව රැගෙන යමන් කල්පියො...මේ කෲර ලෝකෙන් මාව රැගෙන යමන්....කුපාඩියා...ගෑනු හොරා උඹ...ඇත්තමයි මයුර...උඹට නගින්න එපා....

වස්තු හුස්ම ටිකක් වත් ගනින්කො රත්තරන්...ඊටත්...නගින්න..අනෙ..

එහෙම කියන්න එපා යකො....

මුලු කමරේම එක තත්පරෙන් ගාසා තීරෙට හපන් උනා....කල්පනයා ධාතු පුතා අපේ ආදරෙ මැදට ජොනී බට්ටෙක් වීසි කරලා උගෙ ආදරේට ඌ ක්ලේමෝ එකක් ගහගත්තා.....ජනාවිදු කපල් එක ඇරෙන්න අපි හතර දෙනා ආයම කාගන්න ගත්තා....

මගෙ බුංජියා යන්න ගියා...නිකන් නෙවෙ...රටේම තියන විලාසිනි පදවලින් අමතලා ඌ කල්පනයා එක්ක යන්නගියා....

මගෙ මූන තනිකරම කූඥ්ඥෙට වල්ගෙ අහු උන වදුරා වගේ වෙනකොට උදාරයාගෙ පැත්තෙන් ලුක් එක තිසාහාමි වගේ උනා...

අපරාදෙ ....මං මූට හූමිටි තියන්න ගියේ.....මෙච්චර වෙලාම වැදගත් දේවල් කතා කරපු ඇයි මූයි මායි අවසාන මොහොතෙ වැඩෙ කා ගත්තෙ.....

මයුරයා.....අපේ...ට්‍රිප්..එක....

දැන් ඉතින් ටිකට් එක රෝල් කරලා පුකට ගහන්න තමයි වෙන්නෙ...ඇයි උඹට එක විනාඩියකට ඔය ස්ට්‍රේස් එක තව ටිකක් හිරකරන් ඉන්න බැරි උනේ....

එහෙම...නෙවෙ...අවංකවම...කල්පන එක්ක ඉදලා මගෙ එක කනක් කැක්කුමයි ඒ පැත්ත හරියට ඇහෙන්නෙ නෑ....බුංජියා වගේ නෙවෙ...ඌ හිනා වෙන වාරයක් ගානෙම මට ගහනවා...අනික...අ..අනික.....ඌ...

අපේ කුඩම්මගෙනුයි උගෙනුයි කාටද වැඩියෙම්න ආදරේ කියලා කුඩම්ම ඉස්සරහම අහනවා...මග ඉන්නත් බෑ...ගෙදර යන්නත් බෑ...උගෙ ප්‍රශ්න වෙලාවකට මහ අමානුශීයයි මයුර...

උදාරයගෙ මුන වෙනස් උනා....ආදරෙ නාමෙන් මම ඌ මේ තරම් අසරන වෙනවා දැක්කමයි...ඇත්තටම කුඩම්මා ඉස්සරහ නම් ඔහොම ප්‍රශ්න අහනවට අරූගෙ ඇටයක් වැටෙන්න ඕන....

මගෙ කකුල ආයම කැක්කුමයි වගෙ...අපරාදෙ....රොහාන්ට කියන්න ඕන ඊලග පාර මාව මරන්න කියලා

මටත් දැන් උත්තර නෑ....කල්පනයා ගින්න දීගන මගෙ බුංජියවත් ඇදගන යන්න යනකොට විනාඩි ගානක් අපි දෙන්නා මීක් නොගා උන්නා...මොකද දැ ගිහින් වස්තු ගාන්න ගියොත් මට මගෙ ඉස්සරහා දත් ඇන්ද නැතුවම තමයි ඉන්න වෙන්නෙ....

ටික්....ටික්.....ටික්.....ටික්.....

අපි අතරෙ තිබුන නිහැඩියාව කොයි තරම්ද කියනවා නම්....සාලෙ තිබුනබිත්ති ඔරලෝසුවෙ කට්ට දුවන සද්දෙ පවාමෙහාට ඇහුනා....දැනටමත් ජයවර්ධන ගෙ දකුනු අත මලවුන්ගෙ ලෝකෙට පියාඹලා.....ජයවර්ධනට කල හතක තරම් මුත්‍ර පහවෙලා සහලවලා උන ගැනිලා කියලා රවිදුවා ජනා එක්ක කියවනවා කනින් කොනින් ඇහුනත්. . තවත් හෝරාබාගෙකට පස්සෙ මං අහගන ජනත් ඇයි නොකරපු වැරදි වලට මගෙන් පලි ගන්නෙ ගගා නහයෙන් අඩනවා...

උදාර උඹ තවත් ඔහොම ඉදලා වැඩේ වනකරගන්න නැතුව එලියට වරෙන්.....

මං උදාරයට සිග්නල් එක දුන්නා....ඌත් අර රැවුලයි කැදයි දෙකම ඕන කමට මගෙ ඇගට වාරු උනා...

ඇයි ලමයො ඔයා මා එක්ක තරහා....

ඔයාට පේනවනෙ ජනා.....කල්පනයි...අපෙ බුංජියයි අර චපලයො දෙන්නම එක්ක තරහයි...

ඉතින්....උන් දෙන්නා වගෙමන් බැන්නෙ නෑනෙ....

ඒඋනාට මං ඉන්න ඕන අපේ උන් දෙන්නගෙ පැත්තෙනෙ ජනා...අනික හොදට කල්පනා කරලා බැලුවොත්...ඔයත් මැර්‍ර්න්න කලින් කාලෙක මාව පඩේකට වත් මායිම් නොකරපු දවස් තිබුනා.....

අ....අ...ආ....රවිදු....ඔහොම බොරු කරන්න එපා ලමයො....තමුන්ට අර නොදරුවො දෙන්නගෙ පැත්ත ගන්න ඕනා නම් යන එකයි...නිකන් හේතු මව මව තරහ වෙන්නෙ නැතුව...පිස්සුනෙ....

ආ..දැක්කනෙ...දැක්කනෙ...ඔය ඇහෙන්නෙ..ඔය ඇහෙන්නෙ....ඇහෙනවද බුංජියො..මුන්ට අපිව පිස්සො වගේ පේන්නෙ දැන් තමයි...

ඒකනෙ..ඔයත් එන්න රවිදු අපේ පැත්තට...

අනේ ඕන මගුලක්..මම ඔය වැද වැටීගන සමාව ගැනිලි නෑ...ආදරෙයි..ඒකියලා නෝන්ඩි වෙන්නෙ නැ...උඹ තරහා උනා නම්...ඒ විදිහට ඉදින් ලමයො.....

හේතු නැතුවම ජනාලා තරහා වෙලා...මායි උදාරයයි දැන් මරියානා ආගාදෙට වඩා විශාල උන ප්‍රශ්නෙ දිහාව බලාගන පැත්තකින් ඉන්නකොට ජනා අයියත් කොට රවිදුව තඹේකට ගනන් නොගෙන අපි ගාවට ආවා.....දැන් ඉතින් නිමක් නැති ප්‍රශ්න...

.සුදු මල්ලි.....

නිම්න....

දැන් මගෙන් සමාව ගන්නෙම නැද්ද...

මොකටද....

මගෙ කටට අර වගේකතාවක්.කියලා....සමාව වත් ඉල්ලන්න ඕන.කියලා හිතෙන්නෙ.නැද්දමයුර උඹට ආ....ඇත්තමයි මයුර....

අමොර්...පටන් ගත්තා....ඇත්තමයි මයුර උඹ මහ වේසයි මල්ලි කියන්න....මං කිව්වෙ ඇත්තනෙ.....වෙලාවකට ඔය කට චැනල් එක්ක් වගේ තමයි.....

ම්හුක්...ජැන් ජැන් වෙනස් වෙනවා නේත...

අම්මෙ...ඔව්...වෙනස් වෙනවා..වෙනස් වෙලා මට තව එකෙක් හොයා ගන්නනෙ.....

ම්හුක්....බුංජියට බයිනවා...

අනූ...චූචි බුංජියගෙ හිත කැක්කුමක් අල්ලන් එන්නෙ ඇයි අනූ...ඒ....වයි ඒ සුතු මල්ලි...වයි....??

....අනූ....චූචි බුංජියට රෑට නින්ද යන්නෙ නැතුව භයානක හීන පේන්නෙ ඇයි අනූ ඒ.....වයි සුතු මල්ලි ඒ...

මෙන්න මෙහෙන් ඉදගන්...බොරු අවදානෙ.....

යෝහ්.....ආතරේට කෝටු කෑලිනෙ....👉👈....

.වස්තු.....

කියන්න මයුර...

ඉදගන්න....

ඔයා කාලා නෑ...ඇයි ඒ...

බඩගිනි නෑ....

බඩගිනි නැති කමද....නැත්තන් හිතේ තියන දේවල් එක්ක කන්න පිරිය නැති කමද .....

එහෙම නෑ....මගෙ ගාවින් ඉදගන්න....

සුදු මල්ලිට මං කවන්නද...කවන්නම් නේ...ඔයා හදන්නෙ වැල්වටාරම් කියවලා නිකන් තෙහෙට්ටු වෙන්න...මං කවන්නද

මන් හිනා උනා...ඉස්සර වගේ නෙවෙ...අපේ රන්ඩු දැන් බත ඉදෙන්න කලින් තියා...හාල් එක හෝදන්නත් කලියෙම්ම රන්ඩු අහවරයි.....මගෙ ඔලුව අතගාපු එයා යන්න ගියා...වෙනමොකටවත් නෙවෙ එයාට අද බත් කවන්න හිතිලා.....මටත් උවමනාවක් නෑ...මින් එහා රන්ඩු කරන්න..හිත් රිදවගන්න...මොකද...දවසක් එනවා මේ හැම සිදුවීමක්ම මතකයක් වෙන...

අන්න ඒ දවසට මට හිතුනොතින්... අනේ මට එහෙම නොකර ඉන්න තිබුනා ..අනෙ මට එයාට එහෙම නොකියා ඉන්න තිබුනා...

මිනිස්සු මතක අස්සෙ ඇස් අඩවන තවත් හේතුවක් ඒක.....මට එදා මෙහෙම නොකියා ඉන්න තිබුනා..නොකර ඉන්න තිබුනා කියන සිතුවිල්ල හරියට රිදවන දවසක් එනවා.....

මගෙ සුදු අයියා.....හ්ම්..මම හිතින් මගෙ නිම්නට සුදු අයියා කියලා එයා බත් එක ගේන්න යන දිහාව බලන් උන්නා...

.ඉස්සර වගේ නෙවෙ...එයාගෙ ගමන හිමින්.....කට ගහන්න....රන්ඩු කරන්න එයා පන්නන්නෙ නෑ.....එයා හැම වෙලාවෙම සාම කාමි වෙන්න බැලුවා.....

සුදු මල්ලි.....

වස්තු.....

ඇයි මේ....

??????.

නෑ....ඔයාගෙ කල්පනාව හුගක් දුරකනෙ...මොනවද වස්තුව කල්පනා කරන්නෙ....

නිම්න.....

ම්ම්ම්.....අපෙ කමනි නිධානයක් ගොඩ දාලද මන්දා....උම්මලකඩේ වැහෙන්න ළූණූ....කෝ...ආ ගන්න.....උම්මලකඩයි ....පරිප්පු ...මේ..

අගුණුකොල ලුණුමිරිස...ආය ඔයාටම බිත්තරේකුත් තියනවා..කෝ ආගන්නකො...

...අනූ...ඇයි මං කවනවට කැමති නැතුවද බලන් ඉන්නෙ....

.නෑ....

එහෙනම්....

මට අද කවදාවත් නැතුව අම්මගෙ බත් මාලුවල තියන රසට වඩා වෙන රහක් දැනෙනවා මගෙ නිම්න....

මොනවද...

මං හිනා උනා....ඇස් අසරන පාට ඇති...නිම්නගෙදෙවනි බත් ගුලිය මගෙ කට ගාව....එයා ආයම මගෙ දිහාවට බත් ගුලියක් දික් කරන දවස කවද වෙයිද...හත් පාට හිත් මේ ලෝකෙන් පිලිගන්න දවසට අනේ නිම්නලා වගේ දෙදුනු හිත් මොන තරම් සතුටු වෙයිද....මේ වගේ මිනිස්සුන්ගෙ .ආදරෙ පිරුන ෆැන්‍ටසි යතාර්තයක් වෙන්නම ඕන...

මොනවද අනූ නොකියා ගිලින්නෙ....??

කමනිගෙ බත් එකට වඩා....සුදු අයියගෙ ආදරෙ මගෙ රස අංකුර නාවන් යනවා මගෙ නිම්න....මං වාසනාවන්තයි ...අහේතුවකවම උඹගෙ හිත එක්ක බැදෙන්න මන් පුදුම තරන් වාසනාවන්තයි....දන්නවද....මයුරගෙ නිම්න......මං වෙන්න ඇති මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ආදරවන්තයා....මලගිය ඇත්තෙක් උනත්...බිදුන මනුස්සයෙක් උනත්...උඹ මට ආදරේ කියන විශය මොන තරම් රහයිද කියන්න හරි සියුම්වට ඉගැන්නුවා...."ආදරය වූ කලී....තවත් මනුස්සහදවතක් ලබන්නාවූ අමිලම වස්තුවකි...." මේ තියෙන්නෙ උඹගෙ වචන.....මේ තියෙන්නෙ ප්‍රතම ප්‍රේමයක් වත් නොලබම උඹ අනුන් ගෙ හිත් වෙනුවෙන් ගොතාපු ආදරේ....

නිම්න.....මගෙ වස්තුව...උඹ වචනයේ පරිසමාප්තියෙන්ම ආදරේ වපුරන්නෙක්!..මන් හරි ආදරෙයි මගෙ අයියෙ....

 ඒ ඇස් තෙත් උනා...මං යන්න ලගයි කියන තැන අය ආයම පෑරුන මගෙ හිත මමම සුවකරන් නිම්නට දෙන්න ඕන ඉහලම සම්මානෙ දීලා එකම බත් කටක් අහක නොදා ඒ දිගැටි ඇගිලිවලින් කවාගත්තා....

....ඔයාට තව අහන්න දේවල් තියනවද අනූ.....අප්පච්චි ගැන.....අර මැරුන මනුස්සයා ගැන...

ඒකට ඔයත් හවුල්ද මගෙ නිම්න....

මගෙන් තව දුරටත් දරමිටි බදින්න ඉඩ දෙන්න බෑ මයුර...උන්ට ඕන උඹව කල්පනව මරන්න නම්....මට පුලුවන්ද ඇස් කන් පියන් ඉන්න...අනික අප්පච්චි කෙනෙක්ට වාවන්න අමාරුම දේ තමන් ජීවත් වෙලා ඉන්නකොට දරුවො මැරෙන එක බලන්න වෙන එක...හැම අප්පච්චි මගෙ අප්පච්චි වගේ නෙවෙ මයුර...

ඒ මරනෙ මන් ඇස්පනාපිට බලන් උන්නා....ඌ ගත්තු බෝතලේට නිදි පෙති කලවම් කෙරුවෙ මේ අත් දෙක.....ඌ බොන්න ගත්ත බීර වීදුරුවට තව තව සිගරට් අලු කලවම් කෙරුවෙ මගෙ අත් දෙක....ඌ මැරුනා...ඌ රැස් කරාපු ආයුශ එච්චරයි කියලා ලොකු හාමුදුරුවො බණට කියාවි...ඒ ඇරෙන්න තව දේවල් අහන්න එපා....

මලත් මොකද...මටත් රිදෙනවා....අප්පච්චි එක්ක තරහා ගන්න එපා....නයෙක් උනත් පෙනේ අකුලන් ඉදලා..ඉදලා...එක පාරම පෙන හතම පුප්පනවා කියන්නෙ....සමාවක් නෑය කියන එක....

එතකොට නිම්න කියන්න හදන්නෙ....අප්පච්චි කියන්නෙ මෙච්චර කල් පෙනෙ අකුලන් උන්න හත් පෙන තියන නයෙක් කියලද ....

හ්ම්....කමනිට පින් අයිති වෙන්න.....අපි මේ කතාව මෙතනින් අහවර කරමු අනූ.....ආදරේ අස්සට මූසල හැගීම් මුහු කරපුවම හිතම පාලුයි....මහ මුස්පේන්තුයි....වෙන්න ඕන දේවල් ඒ විදිහටම වේවි....මං කැමති නෑ....මගෙ සුදු මල්ලිගෙ අත් වල මෘගයන්ගෙ රතු ලේ වදිනවට....

ම්න්...අරුන් කෝ....

උන් උන් සමාදාන වෙලා....කල්පනයා උදාරට කවනවා...ජනා නම්....රවිදුවගෙ ඔලුව අතගානවා.....එතකොට....චූචි බුංජියා සුදු මල්ලි ගාව ඉන්නවා.....

කෝලම.....

මං නිම්නගෙ කම්මුලක් මිරිකුවා.....දැන් අපි අතර ආයම තියෙන්නෙ ආදර හැගීම්....වෙනමොකටවත් නෙවෙ..නිම්න මගෙ කට වැහුවා.. ..

යෝහ්....චූචි බුංජියට කෝලම කිව්වා...අනූ...සෝස පාට පොල් ටොපියක් වත් දෙන්නකො අනේ...

වෙන ටොපියක් තියනවා දෙන්නද....

එව්ව්.....කමනියෝ....මේ බාන්නකො....මේ බුංජියට භ්භ්...භ්....

එව්ව්...මෝඩයා....වස්තු...අපි හෙට ගමනක් යනවා....

අපි කිව්වෙ.....

අපි කිව්වෙ...මයුරනිම්නයි....දාරාල්පනයි...

ජනාවිදුයි....

රොමනිලා....??

යො...නෑ..නෑ...රොමනිලා හෙට ගෙදර ඉදන් ලව් කරපු දෙන්.....රොහාන්ගෙ මැනිකට දුර ගමන් අමාරුයි.....

ම්ම්ම්ම්...කොත අනූ යන්නෙ....

කැන්ඩි යන්....එතනින් එහා ඔයා ආස තැනක්....

ඔ..ඔයා කියන්නෙ....දලදාවටද අනූ....ආ...සුදු මල්ලි....කියන්නකො...

මං පුදුම උනා...මොකද මං හිතුවෙ නෑ මගෙ නිම්න මේ තරමට පුදුම වෙයි කියලා...එයා උඩ පැන්නා..දැගලුවා.....

හිතුවෙ නෑ....උදාරයා කිව්වෙ කැන්ඩි යන් කියලා...මගෙ නිම්න ආස නම් යන්.....

අනේ....අනූ....එක්ක යන්න....

හ්ම්....එක්ක යන්නම්....

මං කවදාවත් ගිහින් නෑ මයුර....ඇසලෙ බලන්නවත් ගිහින් නෑ....ආසාවට ටීවි එකේ බලන්නවත් අපිට පින් තිබුන් නෑ....

ර...ත්තරන්....

මං ආසයි අනූ.....වලාකුලු බැම්මට හේත්තුවෙලා.....දලදාව බලන් ඉන්න...වැව රවුමෙ ඉදන්...කතාවක් ගොතන්න.....රොබරෝසියා කාලෙට නුවරම හැඩවෙනකොට ඇස් පිල්ලම් නොගහා බලන් ඉන්න.....

මං එක්ක යන්නම් මගෙ වස්තු....මං මේ අත අල්ලන් මුලු නුවරම කරක් ගහන්නම්......

මට දුක හිතුනා...ඒ ඇස් වල තිබුන ආසාව දැකලා මට රිදුනා....එයාගෙ සමහර කතාමගෙ පපුව කොනිති ගැහුවා....ඒ එක්කම එයාගෙ ඇස් වලින් කදුලු කැට පේලියක් බේරුනා.....මට දෙන්න උත්තර නැති උනා.....

ඒත්....මට ඒ බුදු පතුල් අල්ලලා වැදගන්න පින් මදි මගෙ සුදු මල්ලි...මං මල ගිය ඇත්තෙක්...කාරි නෑ....ඈතින් ඉදන් හරි...මලක් තියන්න ලැබෙන පිනම ඇති....මන් මීටත් වඩා....තව දුර්වල වෙන්න කලියෙන්....ඒ නුවරට මාව එක්ක පලයන් සුදු මල්ලි...උඹට ජාති ජාතිත් පින් මගෙ මයුර.....!

🥺ආයම කොටසකින් එනකන් පයිස්සමින් ඉන්න රත්තරන් .....

🥺චූචි බුංජියා ඉක්මනටම යන්න යාවි...

හැබැයි...හත්පාට හැම හිතකටම බුංජියා සාධාරණයක් කරලා යාවි...!

ආතරෙයි අනේ....❤❤

මම ජොබී

Nedeesha ....

More Chapters