Cherreads

Chapter 58 - 58

නෑ...නෑ.....සමාවෙන්න...ඒක නම් කරන්න දෙන්න බෑ....මං දුන්න ගානෙන් එක තඹ සතයක් අඩු නැතුව ආපිට ගෙවන්නම්...මට ආපහු මගෙ ගෙදර ඕනෙ.....

ඇත්තට...ජයවර්ධන අංකල් දැන් මේක විකුනගන්නකන් අපේ පස්සේ එලෙව්වා....ගනින් ගනින් ගගා දවසට සිය පාරක් විතර කෝල් ගත්තා...අනික මුලු ගෙදරම තිබුන ලට්‍ට ලොට්ට කැලෑව අස් කරලා ක්ලීන් එකට ගත්තට පස්සෙද ගේ ඕනෙ.....?? කරන්න දෙයක් නෑ අංකල්...ගනුදෙනුවක් උනා.....අපි හොර බොරු වංචා කෙරුවෙ නෑ....මොකද හොර සලි දුන්නද....අප්පච්චි බලන්නකො.....

ජයවර්ධනයා ගේ ඉල්ලනවා....ගත්තු සල්ලි සතයක් අඩු නොකර ආපිට දෙන්නම් කිය කිය ජයවර්ධනයා ගේ ඉල්ලනකොට මම කියන්න ඕන ටිකෙන් එක දශමෙක කොටසක් කියලා ඉතුරු ටික අප්පච්චි ට බලාගන්න කියලා රොමනි කපල් එක දිහා බැලුවම රොහාන්ට කලින් රොහාන්ගෙ වයිෆ් ඉක්මන් උනා....මූව අද මකවයි....

ජයවර්ධන අයියෙ...මෙහෙමයි අපි දැන් ගනුදෙනුවක් කෙරුවා ....අයියම දන්නවා අයියා කී පාරක් අපෙ රොහාන්ට කත කෙරුවද කියලා අර බ්‍රෝකර් කම් කරපු එකා දවස් කීයක් පිනට කකා ගියාද....???ගනුදෙනුව කතා කරගන්න ඇවිදින් ඒකා කී දවසක් නම් පිනට කෑවද...ඌම ලක්ශෙක විතර ගිලල ගියා...අනික බඩු මුට්ටු ඔක්කොම බැංකුවට සින්න කරලා ගෙදර ගත්තෙ...කොල්ලට ඕක ඕනමයි කියනවා...මොකද උන් දෙන්නව හැමදාම අපි ගාව තියාගන්නද .....උන්ට කියලත් ජීවිතයක් එපැයිනෙ.....ඇයි අයියගෙ නෝනා.දන්නෙ නැද්ද ගේ වික්කා කියලා

ද්...දන්නවා....ඒත් දැන් එයාලට මේකම ඕනලු..මොකද මේක නෝනට හම්බුන ගෙදරක්.....පස්සෙ එයා ගේයි ඉඩමයි මගෙ නමට ලිව්වා..ඒ උනත්

ඒ උනත් තවම ගෙදර නෝනගෙ නෙ කියාගන නම් එන්න එපා ජයවර්ධන අංකල්.....අංකල් ඔය තරම්ම් නෝනට බයද...අනික අපි එක කමරයක් දැම්ම රෙපෙයාර් කරන්න පටන් අරගනත් ඉවරයි කොහෙ තියන සල්ලිද ....අනික ඔව්වට බාස්ලා හොයන්න මායො අනුයි නොගිය තැනක් නෑ..පිස්සු නම් කෙලින්න එපා දෙනවා පිට්ටු බම්බුවෙම්ම ඔලුව බහින්න ඇයි යකො...අනූ බලන්නකො...කල්පියා ආස උනෙත් අර කලු අල්මාරිය තියන කාමරේට...ජනෙල් පියන් දෙක අරපු ගමන් වැව පේනවා...ඔයාට මතකනෙ අනූ....කල්පියා ආස උනේම ඕකටනෙ...අනේ...කමනී...ඔන්න අනේ.පොරොන්දු උනා.....අරන් දෙනවමයි කියලා .....ජීවිත කාලෙටම බත් තම්බන්න ගන්න බෑනට නෙ මේ වෙනස් කම්.....අනික.....අපිට ගෙයක් දොරක් වත් නැතුව කොහොමද දරු පැටියව අරන් එන්නෙ...නේද අනූ .....

මාව රත් වෙලා ගියා...කල්පනයා මගෙ ඇගේ....

අනේ අප්පච්චි ....අප්පච්චි ගෙ කොල්ලට අද සොට් එක හම්බෙන්නයි යන්නෙ...මේ පකයා රගපාන එක බොක්කෙම්ම කරනවා.....එහෙන් උදාරයා පිට්ටුව මිරිකනවා....අනිත් පැත්තෙන් මගෙ නිම්නයා...අනේ එකා අර කමනි අතේ තියන් ඉන්න පොල්කටු හැන්ද තියන් මට රවාගන ඉන්නවා...

මේ යන විදිහට මේ රගපෑම හන්දා දැන් නම් මගෙ නිම්නට විතරක් නෙවෙ....ඒකා ගාවින්ම මටත් සැතපෙන්න වෙන ලයින් එකක් තියෙන්නෙ...

හරි හරි සුදූ මේ අහන්නකො....කෝ...කෝ

අනු....කල්පියගෙ හීන බොද කරන්න එපා...මං ඔයාට කිව්වා...අපි යාලු උන.දවසෙම කිව්වා...කොහොම හරි මේ ගේ ලියාගන්න කියලා ....අනික ජයෙ අංකල්...උඹගෙ පොතකමනෙ අනේ තිබුනෙ....දෙන්නෙක්ගෙ ආදරෙ වැඩියෙම්ම දලු ලාන්න සුන්දර පරිසරේක තියන ලස්සන ගෙයකුත් එක හේතුවක් කියලා .....

හරි හරි...වස්තු ඉන්නකො...ඉන්නකො...අම්මයි අප්පච්චියිත් කියනවනෙ.....ජයෙ අංකල් මේකයි...නිස්කාරනේ අපිට මෙතන රන්ඩු වෙන්න ඕන නෑනෙ අංකල්....අම්මයි අප්පච්චි ත් දැන් කිව්වා..මාත් කිව්වා..අනික කල්පන ආසත් නෑ....මට මේ ගෙයක් හන්දා මිනිස්සු එක්ක මරාගන්න බෑ අංකල්...ඔය තරම්ම නෝනට බය නම් වික්කෙ මොකටද

වික්කෙ කියන්නෙ එවෙලෙ සල්ලි ප්‍රශ්නයක් තිබුන හන්දනෙ ලමයො...අනික.මං හිතන් උන්නෙ එයාලා ගාවට යන්න.....

ඇයි දැන් නෝනයි දරුවො දෙන්නයි මෙහෙ එන්න ඕන කියනවද...අච්චර හොද රස්සා දාලා.මෙහෙ ඇවිත් ඇට කන්නද...අනේ ජයෙ අයියෙ මේකෙන් වෙන්නෙ අර තියන මනුස්ස කමත් නැති වෙන එක....දැන් මෙච්චර වෙලාම කොල්ලයි අපේ රොහානුයි කිව්වනෙ...අපිටත් අද හෙටම යන්න වෙනවා...මොකද රොහාන්ගෙ අයියා දැන් උදෙත් අරගත්තා මෙව්වා අපේ තැන් නෙවෙනෙ..අපෙ මිනිහගෙ මහ ගෙදර උනාට ඒ හුත්තිගෙ පුතාලත් මහ එකාලා මැරෙනකම්ම අපි ලව්වා ගූ හුජ්ජ අද්දවගන්න අපිව මෙහාට ගෙන්න ගත්තා...කොල්ලා පොඩි හන්දා අපිටත් යන්න එන්න තැනක් නැති හන්දා වැටිලා උන්න මිසක්ක නැත්ත මෙව්වල ළඟින් නෑ...අනික රට ඉදන් ආව මිනිස්සු මේ පරන ගෙවල් වල ලගින්න ඕනද....ඉල්ලපු සල්ලි ඔක්කොම කන කර බඩුත් විකුනලා දුන්නනෙ ....ඔය තරම්ම බය නම් නෝනගෙ නම්බර් එක දෙන්න කතා කරලා කියන්න...ගේ ගන්නකම්ම කියෙව්වා...දැන් ආය ගේ ඉල්ලනවා...රොහාන් දැන් අදත් කඩේ වහල තියන්නද හදන්නෙ....ලයිට් බිල රතු බිල.....ඒකත් කපලා ගියහම හරි ලකස ගනන් පුදන්න ඇට තමයි ගවලන්න වෙන්නෙ...කොල්ලා...ගිහින් අර දර ටික පලලා පොල් ටික ලෙලි ගහපන්...උඹගෙ අත බෑ අත බෑ ගහා බොරු කිය කිය කට්ටි පනිනවා.....ඒකෙන් මේකෙන් එක වැඩක් වත් කරගන්න හම්බෙන් නෑ....

දැන් අද බඩු අදින්න එනවා කිව්වා...ඔක්කොම කටට එනකන් ඉන්ඩ ඕනෙ....මයුර නැගිටපන් නැගිටපන්...ගිහින් අර පොල් ටික ලෙලි ගහපන්.....

හරියටම හරි.....කමනි ෆයර් උනා.....ඊයෙ ගෙවපු ලයිට් බිලට රතු බිල ගගා කියවන්න ගත්තු කමනි හයෙ හතරෙ ශොට් ගහන්න ගන්නකොට මම අප්පච්චි නිම්න.....කල්පනය රවිදුවා...උදාරයා.....ජනා අයියා ඔක්කොම කටවල් ඇරන් කමනිගෙ වන්මෑන් ශෝ එක බලන්න ගත්තා.....අම්මා බනිනවා....නිකන් නෙවෙ බලු බැනුම්... ජයවර්ධනයා දිහා බලාගන සැරින් සැරේම අම්මා පොල් ලෙලි ගහපන් පොල් ලෙලි ගහපන් ගගා මට කෑගහනකොට මන් බලාගන ජයවර්ධනයා ගෙ මූන කලු ගහනවා.....

ඔව් උඹගෙ මූන කලු ගහන්න ඕන තමයි...ඊරිසියාව පැහැවන...පැහැවන පාරට උඹ මගෙ කොල්ලගෙ නාස්ති කරවන්න ඒ අත් රතගහනකන් පොල් ලෙලි ගැස්සුවා .....

සුදු මට ඔය බෑග් එකක් දුන්න නම්....අර තියාපු මාලු එක අරන් එන්න...උදාර වරෙන් කොල්ලා මා එක්ක ගිහින් අර මාලු එක අරන් එන්න තව ටිකෙන් ලොරිය එයි අදවත් බඩු ටික අදින්න පටන් ගන්න ඕන..ජයවර්ධන අයියෙ...තරහා වෙන්න එපා...තරහා වෙන්න එපා කියන්නෙ දැන් නම් තරහා උනත් කාරි නෑ මොකද හදිස්සි කරාපු හදිස්සි කෙරිල්ලට ගෑනිගෙ කනේ තිබුන කරාබු දෙකේ ඉදන් උගසට තිබ්බ....

රොහාන්....රොහාන්....එහෙම කරන්න එපා...මං කිව්වනෙ...මෙච්චර කියලත් ඇයි තේරුම් ගන්ඩ බැරි...මං කිව්වනෙ අයිසෙ ගත්තු හැම සතේම ආපිට දෙන්නම් කියලා.....මං තමුසෙට වැඩියෙනුත් දෙන්නම් අයිසෙ මට මෙන්න මේ ගේ දෙනවා....

මොකද මොකද ජයෙ අංකල් මේ සද්දෙ ම්ම්ම්ම්...අප්පච්චි ගියානෙ...මොකද මේ නහින්ඩ හදන්නෙ.....දැන් අම්මත් කිව්ව....

අම්මා කිව්වා කියන්නෙ මං කිව්වනෙ...මං උඹලට කිව්වනෙ මට මගෙ ගේ ආපහු දියල්ලා කියලා.....

ඇයි ඉතින්....විකුනලා අනිත් අතට ඕනා නම් ඇයි ජයේ අංකල් ගේ වික්කෙ....

අම්මා යන්න ගියා ..නිකන් නෙවෙ ජයවර්ධනයා හොදි හලාපු මේස රෙද්ද වලන් පිගන් පිටිම්ම අකුලගන අම්මා යන්න ගියා.....අප්පච්චි යන්න ගියා ..උදාරයවත් ඇදගන අප්පච්චි යන්න ගියා...ඒත් ඔය කිව්වට අප්පච්චි ගියෙ අපේ ගෙදර ...උදාරයා එක්ක අප්පච්චි ගියෙ කෙලින්ම අපේ ගෙදර මොකද ජයවර්ධනයා ඔය ගේ ඉල්ලන්නෙ වෙන මොකටවත් නෙවෙ අනිවාර්යයෙන්ම මගෙ නිම්නලගෙ මලකදන් හාරන්න.....සුචිත්‍රම්මගෙ අක්කගෙ මලකදන් හාරන් ගිහින් මැරුන මලකදන් වලින් පවා ආය ආයම පලිගන්න....

මම උන්නෙ ජයවර්ධනයා ගාව...මගෙ නිම්න උන්නෙ මගෙ පිටිපස්සෙන් හිටගන.....කල්පන වගේම රවිදු...ජනත් එක පැත්තක....

ගේ වික්කා....මං කිව්වනෙ තිබුන සල්ලි හදිස්සියක් එක්ක මං ගේ වික්කා.....ඒ හැම දේම දැන් හරි මං කිව්වනෙ උඹලට මං ගත්තටත් වැඩිය සල්ලි දෙන්නම් කියලා....

ගත්තට වැඩිය...ගත්තට වැඩියෙන් අනුන්ගෙ සල්ලි මොකටද....අනික ඔය කියන හදිස්සියට ගෙවල් ආය හොයන්න පුලුවන්ද බෑනෙ...අනික ඔසීවලද කොහෙද නේද පවුලම ඉන්නවා කිව්වෙ...ඔසීවල ඉදලා ඇවිත් මේ පරන ගෙවල් වල ඉන්නවද ජයවර්ධන අංකල්...නෑනෙ....අංකල් මේ කරන්නෙ අපෙත් කාලෙ කන එක...අංකල්ගෙත් කාලෙ කාගන්න එක.....අපිටත් තව ව්ඪ තියනවනෙ...අංකල් ඔය තරම් බයනම් මට නම්බර් එක දෙන්න කෝල් එකක් දාල විස්තරේ මං කියන්නම්...නේ රවිදුවා

ඒකනෙ...අංකල් මුන්ට මේ ගෙ ගත්ත ගමන් අපිත් කොච්චර මහන්සි උනාද...අංකල්ම දැක්කා ඒක තනිකරම මූකලානක් වෙලා තිබුනා .....ඉතින් එහෙම තිබ්බ ගෙදර අවසානෙදි සුද්ද බුද්ද කරලා ගත්තම අංකල් ආයම ගේ ඉල්ලනවා..ඒ මොන ධාතු වැඩක්ද අංකල් ඒ....මින් එහා නම් අපිටත් කියන්න දෙයක් නෑ....

දැන් එතකොට උඹලා කියන්නෙ ගේ දෙන්ඩ බෑ...එහෙමද

ඔව්...ඔව්...ඉතින් ආය....දෙන්ඩ බෑ කියලනෙ කියන්නෙ...දැන් මම අම්මා අප්පච්චි මෙච්චර වෙලාම තේරෙන සිංහලෙන් කිව්වනෙ.....දෙන්ඩ බෑ කියලා තමයි.....මොකද ජයේ අංකල්....ඔය තරම්ම පස්ස පාරෙ පන්නන්න....මොකක් හරි හේතුවක් තියනවද ..ම්ම්ම්ම්...මං අහන්නෙ.....විකුනගන්නකනුත් සෑහෙන්න පස්සෙන් පැන්නුවා....දැන් දීපු ගේ ආයම ඉල්ලනවා....නිකන් නෙවෙ වැඩි ගානක් දෙන්නම්ලු.....තමුන්ගෙම ගේ ආපිට වැඩි ගානක් දීලා ගන්න තරම්...මොකද අංකල්...මොක්ක හරි ගේ අස්සෙ තියනවද ...?????

ජයවර්ධනයා නිල් උනා...ඒකගෙ මුලු මූනම සුදු මැලි වෙලා ගියා....මං කියපු වචන එක්ක ජයවර්ධනයව සම්පූරනම සුදු මැලිවෙලා යනකොට මං ආයම ඒකව යතා තත්වෙට ගන්න උගෙ මූන දිහා බලාගන ලාවට වගෙ හිනා වෙලා ජයවර්ධනයගෙ උරහිසට අත තිබ්බා. .ඒකව ගැහෙනවද කොහෙද ..ගැහියන්....උඹ ගැහියන් ..කොහොමත් උඹව මං එකපාරම මරන්නෙත් නෑ...උඹට මං මැරෙන්න දෙන්නෙත් නෑ...උඹ විදවන්න ඕනා...නිකන් නෙවෙ..උඹ පිස්සුවෙන් හෙලුවෙන් මේ පාර පුරාවටම දුවන්න ඕන...උඹගෙ හොද සිහිය නැති වෙලා යන්න ඕනා...හැබැයි උඹගෙ හැම මතකයක්ම අමතක උනත්...උඹට උඹවම මතක නැති උනත්....

උඹට සැනසීමක් නැතිව යන්න ඕන...රැයක් දවාලක් නැතුව උඹව නිනගෙ මරනෙ විලාපෙ ඇවිදින් දඩයම් කරන්න ඕන.....ඇහිපිල්ලමක් වහන වාරයක් පාසාම.....උඹට නිම්නගෙ කදුලු පිරුන ඇස් මතක් වෙන්න ඕන.....

හුස්ම ගන්න වාරයක් පාසාම උඹට මගෙ නිම්නගෙ අවසානම හුස්ම මතක් වෙන්න ඕනා....මගෙ කොල්ලා අප්පච්චි ..අනේ...අප්පච්චි ගගා අත් එකතු කර කර ජීවිතේ ඉල්ල ඉල්ල ගෑටුව හැටිම උඹ දෙනෝදහක් ඉදිරියෙ රගපාල පෙන්නන තරමට උඹව පිස්සු වැටෙන්න ඕන........

කොට්න්ම උඹගෙ ජිවිතේ අපායට වඩා හපන් වෙන්න ඕන...උඹට ලැබෙන්න ඕන කාටවත් නොලැබුන අවසානයක්...

ජයේ අංකල්....මොකද ම්ම්ම්..බය උනාද...මං ඇහුවෙ...ඔය තරම්ම බය වෙන්න පස්ස පාරෙ එන්න ඔය ගෙදර නිධානයක් වත් තියනවද කියලා මං ඇහුවෙ...ම්ම්ම්....එහෙමනිධන් ලකුණක් වත් මතු උනාද අංකල්...??

මගෙ හිනාවයි කතා විලාසෙයි....උගෙ උරහිසට තද උන අතයි මේ ඔක්කොම එක්ක තුශ්නිම් භූත වෙලා උන්න ජයවර්ධනයා උන්නෙත් කොහොමත් හිතෙ දෙගිඩියාවෙන් වෙනකොට ඒකා මගෙ අත උගෙ උරහිසෙන් අහකට ගසලා දැම්මා....

මොන නිදානද ලමයො පිස්සුද උඹය මම ඉල්ලුවෙ මගෙ ගෙදර....මම උඹලගෙන් ඉන්නෙ මගෙ ගෙදර මිසක්ක වෙන මගුලක් නෙවෙ.....

ශ්ශ්....ජයෙ අංකල් මං සැරයකුත් කිව්වනෙ.....දැන් ඉතින් මෙතන අංකල්ගෙ ගෙයක් නෑ...මෙතන තියෙන්නෙ අපේ ගෙදර..... අංකල් අපෙත් කාලෙ කනවා...අංකල්ගෙත් කාලෙ කාගන්නවා....රටෙන් බාගයක්ම අර හත්පාට කොඩිය වෙනුවෙන් ඇවිලිලා ඉන්න වෙලේ....අංකල් අපේ පස්සෙ වැටිලා ගේ ඉල්ල ඉල්ල නහිනවට වඩා නරකද මටයි කල්පනටයි හොරාවට උදව් කරන්න හැදුවා වගෙ තව තව දේදුනු පාට ආද කතාවලට උදව් කෙරුවා නම්...මොකද බුකිය පුරාවටම ඉන්නෙ සමලිංගික ප්‍රජාව වෙනුවෙන් සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව වෙනුවෙන් කතා කරන උන්....

අංකල්ගෙ තුන් වේල රැකෙන්නෙත් ඔය පොත් කියවන මිනිස්සු නිසානෙ.....නරකද අංකල් ෆැන්ටසියෙ දොර යතාර්තෙයත් ඇරියා නම් ම්ම්ම්ම්ම්ම්ම්

අනේද කියන්නෙ...හැබැයි අංකල්....මේ වෙලාවෙ වොයිස් කට් එකක් අරන් එලියට දැම්මා නම් ඔය ජයවර්ධන කියන නමත් සටසට ගාලා ද්‍රෙදුනු පාට පොත් එක්ක මිනිස්සුන්ට මතක හිටින්න ගියා....

මට ඔය මගුල් වලින් ඇතිවැඩක් නෑ යකො මං තොපෙන් ඉල්ලන්නෙ මගෙ ගෙදර....මහ එවුන්ටයි තොටයි මම කියන්නෙ මට මගෙ ගෙදර දෙන්න කියලා .....පරම්පරා ගානක් පරන මගෙ ගෙදර මං ආපිට ඉල්ලන්නෙ...මං කිව්වනෙ තොපිට මං ගෙව්වටත් වඩා සල්ලි ගෙවන්නම්....මට මගෙ ගේ දීපියව්...ඇරත්...ඇරත්....මෙච්චර කල් පරිස්සම් කරන් ආපු ගෙදර පිරිමි පිරිමින්ට පවුල් කන්නද යකො මං විකුනුවෙ....පිරිමි පිරිමින්ට මගුල් අහන්නද මගෙ ගෙදර විකුනුවෙ.....මගෙ ගේ පොන්නයන්ට මගුල් අහන්නද යකො මගෙ ගෙදර විකුනුවෙ

මං හිතන්නෙ හරි...ඔන්න ජයෙ බුවා ගානට ට්‍රැකට වැටුනා...අප්පච්චියි උදාරයි අනිවාර්යයෙන්ම මේ වෙනකොටත් ගෙදර ගිහින් ඇති...මූ අනිවාර්යයෙන්ම අද රෑට ගෙදරට පනිනවා.....අන් හිතන්නෙ අදරෑට සුචිත්‍රම්මලාට නන්දනීලට වැඩ තියෙයි නොසෑහෙන්න...අනික...අද බදාදා දවසක්.....කෙම්මුරක්...බර දවසක්...ම්ම්ම්...ජයවර්ධනයා පොන්නයා කියලම කෑ ගැහුවා...ඕක කමනිට ඇහුනා නම් මුගෙ ඇට තලයි .....

මොකක්ද ජයෙ අංකල් කිව්වෙ...පිරිමි පිරිමි...පොන්නයො.....??මොනාද අංකල් ඒ අප්‍රබ්‍රංස කතාව???

මම එක තත්පරේකට කට පියා ගත්තා..මොකද මට කෑගහන්න ඕන තැන් තව ඉස්සරහට එනවා...කලප්නයට කෙසේ වෙතත් රවිදුවට නම් කොහොමත් ජයවර්ධනයා එක්ක ඇරියස් එකක් තියන එකේ ඌ ජයවර්ධනයව මරන් කන්න හට්ටි මුට්ටි වලට තුනහපහ ඒදන්න ගත්තා..මොකද මුලු කතාවෙම තිබුනෙ ප්‍රධාන මාතෘකා...නිම්න සුචිත්‍රා නිම්නා....ජනත් විතරක් නෙවෙ...සමලිංගික ආදර කතා කියන්නෙ මේ මුලු කතාව අස්සෙම තියන බරම මාතෘකාව වෙනකොට රවිදුවා සට පට ගාලා ආප්පච්චිගෙ අම්මට දෑවැද්දට හම්බ උන සයිබෝට්‍ටුව උඩ තිබුන ජයවර්ධනයා ගෙ අර ආදරෙ තවරපු පිටු පන්සිය හයසිය ගානෙ දඩාරියන් පොතක් මහ සද්දෙට මේසෙ උඩට දැම්මා...ඒ දාපු පාරට ජයවර්ධනයා පවා ගැස්සිලා ගියා...

අංකල් මොකක්ද කිව්වෙ...පිරිමි පිරිමින්ට මගුල් නටන්න...පොන්න කතාව මොකක්ද අංකල්...එතකොට අංකල් මේ පොන්න පොත් ලියන්නෙ මොන ගැට්ටෙ අමාරුවටද.....අනික...අංකල් මේ හැම පොතක් අස්සෙම ප්‍රේමය පුදුමාකාර විදිහට උත්තරරීතර කරලා ලියලා තියෙන්නෙ...එහෙව් ආදර කතා කොහොමද පොන්නයන්ට විතරක් සිමා වෙන්නෙ.....ආ අංකල්.....පියෝනි මල් ගැන..ඩේසි මල් ගැන....කැමීලියා මල් ගැන...යකො හත්පාට ආදර කතා ගැන ලියලා තියන ලිවිල්ල එක්ක උඹ හරි නම් සතුටු වෙන්න ඕන උඹගෙ කතා කියවන උඹගෙම පාඨකයො දෙන්නෙක් අර කැලෑ වැදිච්ච ගේ ගන්න එකට....

මට ඔය කතා වලින් වැඩක් නෑ කොල්ලා...උඹලා යතාර්තෙයි ෆැනටසියයි එකට පටලවන් පිස්සො වගෙ කෑ ගැහුවට මට වැඩක් නෑ...මං කියන්නෙ පිරිමින්ට හැමනෙන්න නෙවෙ යකො මම මගෙ ගෙදර වික්කෙ....

ජයේ අංකල්...මෙහෙමයි....දැන් තමින්ගෙ බාසාව අසභ්‍ය වෙන්න වෙන්න අපිත් අංකල් කෑල්ල බල්ලට දාලා ඔය විදිහටම කතා කරන්න ගත්තොත් සොරි වෙන්ඩ ඕනෙ...අංකල් දැන් ඔය නැට්‍ට ගිනි ගත්ත එකා වගේ හැමනෙන කතා කියන්නෙ මටයි මයුරටයි නම් අංකල් පලවෙනි කාරනාව මෙන්න මේක හොදට අහගනින් හරිද ....දැන් ඉතින් ඔය වල් වැදුන බූත බංගලාව අංකල්ගෙ නෙවෙ.....ඒක මගෙයි මයුරගෙයි...

හරි....ජයවර්ධන අහගන්න යන්නෙ හොදම එකෙන්....පිරිමි...පිරිමි හැමනෙන කතා කිව්වා විතරයි රවිදුවා කල්පනයා චීන රතිඤ්ඤා වගේ චට පට ගගා ඇවිලෙන්න ගන්නකොට තදින් පායපු ගිම්හාන කාලෙකදිත් ලස්සනට පිපුන මලක් හා සමාන මූනක් තිබුන මගෙ නිම්න මාව අල්ල ගත්තා....ඒ ඇස් ගැස්සෙනවා....ඒ මූන බයෙන් මිරිකෙනවා....මිනිස්සුන්ට මැරිලත් සැනසීමක් නෑය කියනවා...ඒත් මම මේ අවුරුදු ගානටම ඔය කතාව ඇහුවා විතරයි...ඒ මිනිහට මැරිලත් සැනසීමක් නැතුව ඇති කියලා මම අහලා තිබුනට කවදාවත් ඒ හැගීම විදලා තිබුන් නෑ.....

එ මූන මැලවිලා...ඒ ඇස් තනිකරම මන්දකට අහු උන මුව පැටියෙක් හා සමානව කදුලු වලින් පිරිලා ගැහෙනවා...ජයවර්ධනයා කෑ ගහන වාරයක් වාරයක් ගානෙම කල්පන කෑ ගහන වාරයක් ගානෙම අනේ මගෙ දුරුතු සදගෙ ඇස් ගැස්සෙනවා.....

ඇත්ත....මගෙ කුලුදුල්ම ආදරේට මැරිලත් සැනසීමක් නෑ....ජයවර්ධනයා ඒ තරමටම තවම පිලිකුල් කර කර කෑ ගහනවා....

මං එයාගෙ අත උඩින් මගෙ අත තිබ්බා...මොකද මේ හැම දේම අවසාන වෙන්න හරි ලගයි.....

මං තනි වෙන දවස් හුස්මක් තරම් හරි ලගයි...

හමාර බණවර වල තාලෙට මගෙ පපුව කුඩුපට්ටම් වෙන දවස් ලගයි.....

මගෙ උරහිස එයාගෙ බර සම්පූරනම දරාගන්න ඒ වේදනාත්මක දවස් ලගයි...

මන්දා...මං ජීවත් වෙයිද කියන්න මන්වත් දන්නෙ නෑ....එයා මට බලාපොරොත්තු දෙනවා...ඊලග කතාවෙ නම පවා එයා මට කියනවා..මයුරනිම්නෙක අවසානෙන්....ඊලග වසන්තෙ ගැන මට බලාපොරොත්තු දුන්නත් මගෙ හදවත මේ වෙනකොටත් දිරාපු යකඩයක් වගේ මල බැදි බැදි දිරාපත් වෙලා මලකඩ හැලෙනවා...

එයා දන්නෙ නෑ....ගෙවෙන තත්පරයක් උනත් මට කල්පයක් වගේ කියලා ....එයා දන්නෙ නෑ මේ ගෙවෙන්නෙ තත්පර නෙවෙ එයාගෙ අනූගෙ ජීවිතේ කියලා........

මන්දා...ප්‍රතම වස්න්තෙකට කලියෙන් මගෙ අප්පච්චි ට මගෙ නමින් අනිච්චාවත සංඛාරා බැනර් එල්ලන්න වෙයිද කියලා ....සතුටක් කියන නාමයක් නොලබපු මගෙ හදවත සැරින් සැරේම මට රතු එලි පෙන්නනවා....

අනූ....

මං ඉන්නවා වස්තුව බය නොවී ඉන්නකො...මෙ හැම දේම හරි ඉක්මනට විසදෙනවා..හොදද.....

මට..බයයි අනූ....

ඇයි...මං ඉන්නවනෙ....

එයා මුමුනනවා..එහෙන් කල්පනයා ජයවර්ධනයට තිත්ත කුනුහර්පෙන් කෑගහනවා...අංකල් කෑලි හැලිලා ගිහින්.....අංකල් එකපාරම හුත්තිගෙ පුතා උනා..පිස්සු හුත්තා උනා...කල්පනයා යක්සාවේස වෙලා.....රවිදුවා ජයවර්ධනයා ඉස්සරහම ඒකගෙ පොත දෙකට මැදින් ඉරලා දැම්මා...

උඹට අංකල් කිව්වටත් පාඩුයි නෙ.....උඹ මේ වගේ කූතාඩියෙක් කියලා දන්නෙ නෑනෙ...පිස්සු හුත්තිගෙ පුතෙක්නෙ...මෙච්චර දවස්ම උඹ මටයි මයුරටයි උඹගෙ ගෙදර එන්න කිව්වා..අරහෙ එන්න කිව්වා....මෙහෙ එන්න කිව්වා ඒ විතරක් නෙවෙ යකො දාස් ගානක පොත් පවා නිකන් දුන්නා...පුතෙ...පුතේ ගගා කටපුරාම කතා කෙරුවෙ උඹගෙ බොරුවනෙ....එක විනාඩියෙන් අපි පොන්නයො වෙන්න උඹගෙ හිත අස්සෙ පුදුම තරහවක් පිලිකුලක්නෙ යකො තිබිලා තියෙන්නෙ...

ඔව්....මග්ව් හිතෙ තියන දේ මොක උනත් උඹට වැඩක් නෑනෙ..මං කියන්නෙ මගෙ ගෙදර තොපි වගේ උන්ට ඉඩක් නෑ කියලා ...

ඒක උඹගෙ නෙවෙ කියන්න මම කී පාරක් නම් කියන්න ඕනද බන්.....උඹට පිස්සු ...උඹට සහලවලා පිස්සු...අතකුත් නැති කරගත්තා නම් පාඩුවෙ ඉදින්කො මිනිස්සුන්ගෙ සැනසීම නැති කර කර වාත වෙවි යන්නෙ...බාන් ගියහම අර මැරුන ගුරයි උඹගෙයි ඇති වෙනසක් නෑනෙ අඩෙ....ආ මයුර.....බලන් ගියහම පුතෙ ගගා කතා කරල තියෙන්නෙ අපිවගේ මිනිස්සුන්ව පේන්නම බැරි එකෙක්නෙ...එතකොට උඹ කරලා තියෙන්නෙ මිනිස්සුන්ව විකුනන් කන එකනෙ උඹට මෙ තරම්ම අපිව පිලිකුල් නම් ලියන්නෙ නැතුව ඉන්න තිබුනනෙ...හරි....මායි මයුරයි පොන්න කපල් එකල් කියමුකො.....බැරි වෙලාවත් උඹ ඔය උඩප්පරන් ගහන උඹගෙ

රත්තරන් පුතා අපි වගෙ එකෙක් උනොත්????එතකොට ....උඹගෙ දුව හත්පාටට ආදරේ කරන කෙනෙක් උනොත්....එතකොට උඹ මොකද කරන්නෙ?????එතකොට උඹගෙ ෆැන්ටසියයි රියලටියයි අතර පරතරේ කොහොමද ජයවර්ධන ?????

පිපිරුවා...එක පාරම බෝම්බෙ පුපුරලා ගියා....කල්පනයගෙ ඇස් ගිනි රතු වෙලා..හරියටම අවුරුදු කාලෙට පිපෙන එරබදු මල් වගේ....ඊටත් වඩා රතු පාටයි.....ඌව වෙව්ලනවා....රවිදුවව පුපුරන්න වගේ ...මේ හැම දේම දිහා බලන් උන්න මේ ඛේදාන්තෙට යට වෙලා පන අදින මම ගිහින් කල්පනයි ජයවර්ධනයි මැදින් හිටගත්තා..නිකන් නෙවෙ ඌ අකාලෙම මරලා දාපු මගෙ බිදුන බිලින්දවත් ඇදගනම.....

මොකද කරන්නෙ...ඇත්තටම තමුන්ගෙ පුතා හරිදුව හරි මමයි කල්පනයි වගේ උනොත්...??මරලා දානවද...ම්ම්ම්ම්ම්.....කෑලි කපලා ගගක මූදක දානවද....ම්ම්ම්ම්...ඒ තරම්ම පිලිකුල් නම්....උඹ උඹගෙ දරුවන්ව අමු අමුවට මරනවද ජයවර්ධන ???උත්තර දීපන්...උඹට උඹගෙ දරුවන්ව අමු අමුවට මරලා මුලු ලෝකෙටම රහසින් වලදාන්න පුලුවන්ද ?????උඹ හිතන්නෙ ඒක උපතෙ වැරද්දක් කියලා නම්.....උඹගෙ ජානත් එතනට එකතුයි.....එහෙම බැලුවොත් උඹත් සමලිංගිකයෙක් වෙන්න පුලුවන් ....නැත්‍තන්...බයිසෙක්ශුවල් කෙනෙක් වෙන්න පුලුවන් ...එතකොට උඹගෙ අප්පච්චිත් උඹව මරන්න ඕන....ම්ම්ම්ම්ම්..එහෙමනෙ...උඹට අපිව ඔය තරම්ම පිලිකුල් නම් ඇයි මේ ලියන්නෙ.....ආදරේ ගැන මේ තරමටම රහට ලියන්න කොහොමද උඹට අයිතියක්...

ජයවර්ධන ...අතන දොර තියනවා...උඹට පුලුවන් යන්න.....මොකද උඹගෙ ඉස්කෝලේ ..උඹගෙ ආදිශිශ්‍ය සංගමේම දෙන්නෙක්ගෙ මරනෙ උනුසුම වත් තාම මැකිලා නෑ..මිනිස්සු කුපිත වෙලා ඉන්නෙ...මිනිස්සු උරන වෙලා...දරුණු වෙලා.....උන් හොයනවා....එදා දුක් විදපු කොල්ලා කෝ කියලා...මිනිස්සු හොයනවා....එදා දෙනෝදහක් මැද තීන්ත නාපු....වතුර නාපු ලැජ්ජා උන කෙල්ල කෝ කියලා...මිනිස්සු හොයනවා දරුවො ඒ තරම්ම අසරන වෙනකන් ඇස් කන් පියන් උන්න ඒ අම්මා අප්පච්චි කෝ කියලා ....මිනිස්සු ටිකින් ටික හත්පාටට ආදරේ කරන්න ගන්න වෙලාවක උඹ මෙතන වෙන සංදර්ශනයක් පෙන්න ගිහින් නිස්කාරනේ මැරුන් කන්න එපා ජයවර්ධන ...උඹගෙ ගෑනු දරුවො එනව නම් ඇත්ත විස්තරේ කියලා වෙන තැනකට පලයන්...හරි...ආය ආය කියවන්න එන්න එපා...මං බොහෝම හොදින් කියන්නෙ.....තේරුනාද ම්ම්ම්....

අනික...ආය...මගෙ කන් වලට ඇහෙන්න උඹට අපිව පිලිකුලක්.....අපි පොන්නයො වගේ කියලා කිව්වොත්..මන් උඹව මරනවා.....උඹව මං උඹව මරළා උඹගෙ ගෙදරම වලදානවා....හොදද....දැන් යමන්....උඹට පුලුවන් දෙයක් කරපන්...හැබැයි මේ පාර උඹට නටන්න බැරි වෙයි මොකද.....තේරුනාද...යමන්....මිනිස්සු කුලප්පු වෙච්ච වෙලාවක ඉල්ලන් කන්න එපා....උඹගෙ ගෑනි දරුවො එක්ක සතුටින් ඉදපන්.....නැත්තන් උඹගෙ පොත් එක්ක එකට හිටගස්සවලා උඹව ගිනි තියාවි....

මන් ජයවර්ධනයව දොර ගාවට වෙනකන් තල්ලු කරන් ආවා.....කල්පනයා කෑ ගැහුවා...රවිදුවා කෑ ගැහුවා...ඒත් මම නෙවෙ කෑ ගැහුවෙ....කියන්න ඕන ටික කියපු මං ඌව උරහිසෙන් අල්ලන් ගිහින් ඌව දොරෙන් එලියට විතරක් නෙවෙ ඒකව ගේට්ටුවෙන්ම එලියට දාලා දොර වැහුවා.....

අම්මා.....ටූත්ලස් බය වෙලා වගේ බලන් උන්නා....කල්පන..රවිදු.....ජනත් වගේම නිම්න...එයාලා මා ඩිහා බලාගන උන්නා....ගෙයි ඉස්සරහම තිබුන අඹ ගෙහේ අතු හුලගක් වත් නැතුවම හෙලවිලා යනකොට මං එහෙම්ම පරන පාට වලව්ව දිහා බලාගන උන්නා...වැහි වැහැලා...වැහැලම නවසිය ගනන් වලටත් කලින් තියාපු පරනම උලු පුරාවටම පාසි බැදිලා තිබුනා.....මගෙ කුඩා කාලෙම උරා ගත්තු මේ වලව්ව දිහා මම බලාගන උන්නා..මාව ඉලන්දාරියෙක් වෙනකම්ම සැප පහසුවට තියාගත්තු මේ වලව්ව දිහා මං බලාගන උන්නා...

මයුර කෑම පාර්සල් කියන බැනර් එක අවසානෙදි මයුර තහඩු බෝර්ඩ් එකක් වෙනතැනට නගිනකන් අම්මට කුසිය දුන්න වලව්ව දිහා මං බලාගන උන්නා.....

ඇයි මාව මේ තරම් ඉක්මනට ලොකු කෙරුවෙ.....

ගේ දිහා බලාගන උන්න මම මගෙම්ම අහනවා....හෙලුවෙන් දුව දුව අම්මගෙන් බත් ගුලියක් කවාගන්න.....අප්පච්චි ගෙ සරම්බොක්කෙ ඉදන් වරු ගනන් පැද්දෙන්න...අඩපු දවස් අතේ ඇගිලි ගානටත් අඩුවෙන් තිබුන මට මගෙ දෛවයේම ඇස් වහ කටහවහ වැදිලා....විසි පස් අවුරුද්දක් යනකන් අම්මා අප්පච්චි යාලුවො මැද උන්න මට එකම දවසක් මගෙ ජීවිතේට ආව අහිංසක ඇස් දෙකක් අයිති කොල්ලා ගෙනත් දීලා තියෙන්නෙ අමුම අමු දුකක් වෙනකොට ඇයි මම මේ තරම් ඉක්මනට ලොකු උනේ කියන.තැනටම මාව කඩාගන වැටුනා....ජයවර්ධනයා යන්න ගියා...නිකන් නෙවෙ අර ශේශ වෙලා තිබුන දශම ගානක සතුටත් මගෙන් උදුරගන

අනූ....

....

මගෙ මයුර....

මගෙන් ලොකු හුස්මක් පිට උනා..නිකන් නෙවෙ ඒ හුස්මත් එක්ක මගෙ හුස්ම ගියා නම් හිතුනා....ඒ තරමට මම උන්නෙ පුදුමාකාර වේදනාවකින් වෙනකොට මගෙ ඉස්සරහට ආව නිම්න දෙපාරක් තුන්පාරක්ම මට කතා කරනකොට මං ඒ මූන දිහා බැලුවා....මට හරි මහන්සී ...මේ කතාවෙ අවසානෙ පෙනි පෙනිම මගෙ හොද පන ගිහින් තිබුනා...මට දරාගන්න බැරි තරම් මහන්සියක් දැනුනා.....අප්පච්චි ගිය කාරනාව මතක් වෙන වරයක් ගානෙම මගෙ පපුව පුදුම විදිහට හාරවන්න ගත්තා...

අනූ...මගෙ මයුර...ඔයා දුකෙන් මයුර .......මේ මූන මැලවිලා .....

අප්පච්චි ගියා...ගියපු කාරනාව දන්නවද....

අප්පච්චි බලන් ඉන්නවා ..එයා දැනටමත් නන්දනීව ගොඩ අරන් ඉවරයි........අම්මව...වගේම...අක්කව....උදාර ඒ දෙන්නව ගොඩ ගන්න හදන්නෙ....ඒත්....

මම එයා දිහා බලාගන උන්නා...ඒ ඇස් වල කදුලු පිරෙනවා....නන්දනීව ගොඩ අරන් ඉවරයි....අම්මවයි අක්කවයි උදාර ගොඩට ගන්න හදන්නෙ කියපු එයා එයාගෙ ගැන කියන්න තත්පර ගානක් කල් අරන් මගෙ දිහා බල උන්නා..මෙච්චර වෙලාම පායලා තිබුන ඉරට මක්ක උනාද මන්දා....ටූත්ලස් සියපාරකට වඩා කන්පට ගැසුවා....බල්ලො කන්පට ගසන්නෙ වහින්න කියලා අප්පච්චි කියනව මට මතක් උනා.....

අඹ ගහේ කොල සිරි සිරි ගානවා...හරියටම තරහා ගිහින් වගේ.....ගැටපිච්ච වැලේ පොහොට්ටු පවා නටුවෙන් ගැලවි ගැලවි වැටුනා.....ගැටපිච්ච මල් මොන තරම් සුවදද .....පන්සල් යන හැමදාකම අප්පච්චි කඩන්නෙම ගැටපිච්ච ...අම්මට අප්පච්චි අරන් දීලා තිබුන ඔටෝ පොතේ පිටුවක් පිටුවක් අස්සෙම තිබුනෙ ගැටපිච්ච ....ඒත්.....මට ගැටපිච්ච මල් එපා උනා...ඒ සුවද වෙනස් වෙලා දැනුනා....දැනුනෙම අමු ලේ කුයිලෙ විතරක් වෙනකොට මට ගහ මුලුමනිම්ම කපලා දාන්න තරම්.මගෙ ඔලුව හොද නැති උනා.....

හෙට උදාරගෙ නංගිව නාවනවා..... සුභ නිමිත්තක් කියලා දැකපු එකමදේ ඒකිගෙ කොටහලුව විතරයි...

නිම්න.....

මගෙ උගුර කට වේලිලා ගිහිල්ලා...කාපු පිට්ටු කෑල්ල දෙකත් මේ හදිසියට දිරලා අහවර වෙලා ගිහිල්ලා...ආයම සැරයක් එයාව ගොඩ ගන්නවා කියන්නෙ.....ජයවර්ධනයා ඒවි....දැන් ගියාට මොකද...ඕකා අද බිම් කරුවල වැටිච්ච ගමන් වත්තට පනීවි..ඌට කලින් අපි එයාලව අරගන්න වෙනවා...අරගන ඒ වෙනුවට වෙන.මොනවහරි දාන්න වෙනවා...එක්කො....ඒ වෙනුවට මට හරි රිංගන්න වෙනවා.......

මගෙ මයුර.....ඇයි රත්තරන් මේ.....ඔහොම ඉන්න එපා මයුර.....අවසානෙ දුකක් උනත්..මේක අවසානෙම නෙවෙනෙ අනූ.....මේක නෙවෙද අනූ...අපේ පටන් ගැන්ම....දුරුතු සඳ හැමදාමත් බිම වැටෙන්නද අනූ...ආයම අහසක් නැද්ද.....

මට මහන්සී....

මං එච්චරයි කිව්වෙ...එයා මගෙ හිත හදන්න හුගක් කතා කියනකොට මං කිව්වෙ එක දෙයයි....එයාලව ආපිට ඔතන්න අම්ම සන්තකේ තිබුන හැම සුදු රෙද්දක්ම පොට්ටනියක් බැදන් ආව අම්මා කල්පනයා අතට දෙනකොට මං මට මහන්සී කියන ගමන් මගෙ නිම්නගෙ උරහිසට මගෙ ඔලුව ගහගත්තා....

බුංජියො.....අනේ මූව තුරුල් කරගනින් බන්.....මූට මහන්සී නිම්න...මේක අවසානෙම නෙවෙ කිව්වා..මේකයි පටන් ගැන්ම කිව්ව...මොන රෙද්ද කරලා හරි...කල් ගන්නෙ නැතුව අපේ එකාව ආපහු හොයන් වරෙන් බුංජියො.....ඇවිදින්... අනූ....චූචි බුංජියා ආවා කියපන් නිම්න....මායි රවිදුවයි එක්ක බොටම් සංසදේට බැදියන් නිම්න....උඹලා හන්දා මූ පුදුම විදවිල්ලක් විදවන්නෙ..අපි ඉන්නවා..ඌ වෙනුවෙන් අපි හැමෝම.ඉන්නවා..ඒත්...අපි කාටත් නිම්න වෙන්න බෑ බුංජියො...අපි කාටත් ජනා වෙන්න බෑ...උඹලා යන්න යාවි...සැනසීම ලැබුන ගමන් හැම දේම වෙනස් වේවි....ඒත්....මුන්ට සැනසීමක්....මුන් දෙන්නටත් සැනසීමක් දිලා යමල්ලා බන්.....ජනා...උඹගෙ මිනියට කරගහන්න මූට උසවත් තිබුන් නෑ බන්...එහේ කරපු මූව ඉක්මනට හොයන් වරෙන් ජනා....

මගෙ ඇස් ඇඩුවෙ නෑ...කල්පනයා කියන කතා වලට අනිත් උන්ගෙ පපුව ඉරෙන්න ආවත් මගෙ ඇස් ඇඩුවෙ නෑ.....එව්වා ඔහේ තිබුනා.......කල්පනය එහෙන් කියවනවා....රවිදුවා ජනත් අයියා දැන් අතුරුදහන් වෙයි කියලද කොහෙද අනේ ඌ ජනාව අත් දෙකෙම්ම අල්ලන් මිරිකගන ඉන්නකොට නිම්න මාව කිටි කිටියට තුරුල් කරගත්තා...ඒත් .වෙනදට දැනෙන සැනසීම...උනුසුම මේ මොකුත් නෑ... වැරදි කාරයන්ට දඩුවම් ලැබෙම වරයක් ගානෙම එයා මගෙන් යන්න යන දින් ලන් උනා.....

හත් පාට ආදරයක් වැරදිද.....

මගෙ කන් අස්සෙ එහා මෙහා යනවා...

මය සීනි නැති කෝපි එකක්....

අගෙ පපුව කකියනවා.....

ඇස් දෙක පියාගන ඒ උරහිසට වාරු වෙන්න ඕන උනත්...මට බැරි උනා.....ඒ එක්කම මගෙ අතේ තිබුන ඵෝන් එකට මැසේජ් එකක් ආවා....නිවන ගිනිගත්තු මගෙ ඇස් වල කදුලු නාලිකා මැරුන මොහොතක මට උදාරගෙන් මැසේජ් එකක් ආවා.....මයුර කියන ප්‍රේමවන්තයගෙ දරාගැනීමෙ තරම කිරන්න දෛවය මට දුන්නෙම වේදනාවෙ කුසලාන පිටාර ගලන වෙලාවක තවත් වේදනාත්මක පනිවොඩයක් මගෙ ඵෝන් එකට ආවා....

මන් උඹට ආදරෙ කරන්නෙ පෙරන් කඩදාසියක් තියලා...

ඒ මගෙ වචන.....ඒ තරමටම මගෙ ආදරේ නිමල උනා.....පාරිශුද්ධ උනා...ඒත්.මගෙ දෛවය මට ආපිට දුන්නෙ මොනවද.....

මං උන්නෙ මගෙ සර්වාංගෙන් රාත්තල් ගානක බරක් නිම්නගෙ උරහිසට දරාගන්න දීලා.....

වස්තු.......

අවසානෙදි මන් කෙලින් උනා...උදාරගෙ මැසේජ් එක ඕපන් කරන්න කලින් එයා දිහා බැලුවා...

කියන්න මගෙ මයුර.....

උඹගෙ ප්‍රතම වසන්තෙදි...මාව දරුවෙක් වගේ බලාගනින් නිම්න....මොකද.....නොමේරපු හිත්...කවදාවත් කවුරුත් රිදවන්නෙ නෑ......

මන් එච්චරයි කිව්වෙ.....ඉන් එහා එයාගෙන් උත්තර අහන්නවත් නොයිදම මන් මැසේජ් එක ඕපන් කෙරුවා

මයුරයා...මායි අප්පච්චි නන්දනීවයි...අක්කවයි අම්මවයි ගත්තා.....උඹගෙ බුංජියව ගන්න ඕනා.....උඹ නැතුව...එයාට අත තියන්න....අපිට අයිතියක් වත් හිතක් වත් නෑ බන්....

😓ආයම එනකන් පයිස්සමින් ඉන්ඩෝ.....

ආදරෙයි ගොඩාක්....

මම ජොබී බුංජියා

Nedeesha ❤️

More Chapters