Cherreads

Chapter 52 - 52

.....මගෙ ඇස්වලට සතුටු කදුලු පිරුනා..මොකද...එයත් මමත් නැවතිලා උන්න වසංත මංසල පුරාවටම සතුටෙ මල් පිපිලා තිබුනා...සතුටෙ මල් වලින් සැනසීමෙ සුවද හැමුවා...

නිම්න.....මගෙ ආදරනීය නිම්න...වේදනාවක් අවසානයේ මට බලාපොරොත්තුවක් දුන්නා.....

ඒ කියන්නෙ මයුරනිම්න සුඛාන්තයක් නෙවෙයි.....සමාප්තයි කියලා අහවර කරන්න ....තිතක් එක්ක පාඨක ප්‍රජාවට ස්තූතියි කියන්න ඕන කතාවක් නෙවෙයි....

කතාවෙ අවසානම පිටුවෙන් ආයම ඉපදීමක්...මයුරනිම්නය අවසානෙ ප්‍රතම වසන්තයක පටන් ගැම්මක්...

හරියටම ගින්නෙන් අලු උන ....ආයම ඒ අලු ඇතුලෙම්ම ඉපදෙන ෆීනික්ස් කෙනෙක් හා සාමානයි මේ ආදර කතාව.....

අනූ....

........

අනූ....

ශ්ශ්...

ඇයි....

මං බලන් ඉන්නවා...

මොනව දිහාද.....

මේ ලෝකෙ තියන ලස්සනම සිතුවම දිහා.....නිම්න...කවදාවත් කවුරුත් උඹට කියලා නැද්ද වස්තු... උඹ ඇවිදින් චිත්‍රයක්....කොටින්ම සජීවි චිත්‍රයක් ....හුස්ම ගන්න මනුස්සයෙක්ව කැන්වස් එකකට අලවලා.....චුට්ටක් රැවුල් කොට වැවිලා....ඇස් වල දුක එහෙම්මයි...මූන මලානික වෙලා...ඒත්.....මට උඹව හරි ලස්සනට පේනවා නිම්න....තැලුන මල් කවුරුත් පරිස්සම් කරන්නෙ නැති උනත්..මිනිස්සු පරවුන මල් අරගන පොත් අස්සෙ හංගගන්නවා....

මං හිතන්නෙ...උඹත් මට පර වුන මලක්.....කාටවත්ම අල්ලන්න දෙන්න බැරි පොතක පිටු අස්සෙ ඉදන් මටන විතරක් සුවද විදින්න දෙන...

කොන්ඩෙ චුට්ටක් වැවිලා....රැවුල් කොටත් තියනවා.....මං ආසයි....ඒත් කඩවසම් කමට කලින් මට පේන්නෙ උඹගෙ අහිංසක කම නිම්න....

මාව මුරුංගා අත්තෙ තියනවා.....

නෑ....මේකට කියනෙ හර්දසාක්ශියට එකගව කතා කරනවා කියලා ...හිතෙ එකයි..කටෙ එකයි...පුකෙ එකයි නෑ.....ඇත්තටම උඹ හරි ලස්සන පිරිමි ළමයෙක් මගෙ නිම්න....මම හිතන්නෙ....මේ පව කරලා තියෙන්නෙ අපි දෙන්නම එකතු වෙලා.....උඹ දැනටමත් මැරිලා හමාරයි ..ඒත් මම...මම උඹව ළඟ තියන් මැරි මැරි ජීවත් වෙනවා

.....

අනූ.....

මං අඩන්න නෙවෙ ලෑස්ති වෙන්නෙ...ඔයා ගැන කතා කරන වාරයක් ගානෙම මගෙ ඇස් තෙත් වෙනවා....අහලා තියනවද කතාවක්.....අපි කෙනෙක්ට ආදරේ නම් අපි එයා ගැන මතක් කරන වාරයක් ගානෙම මූනට හිනා රැල්ලක් වගේම හිතට සැනසීමක් දැනෙනවා කියලා ...මම හිතන්නෙ මට වෙන්නෙත් ඒ දේමයි...මං ඔයාව විදිනවා...ඔයා ගාව මං නිවෙනවා.....සැනසෙනවා.....මං ඔයාව මහ ඉහලින් වර්නනා කරනවා.....ඒත්...මට ජීවත් වෙන්න ආසාව ඇති කරන තවත් හේතුවක් ඔයා.....ඒත් අනිත් පැත්තෙන් මට මතක් වෙනවා තව ටික දවසකින් මට ජීවත් වෙන්න ආස හිතෙන එක හේතුවක් නැති වෙනවා කියලා ....ඒ සමුගැනීම් තාවකාලික වේවි....ඒත්.....කොච්චර කාලයක් මං ඔයාව නොදැක ඉන්න ඕනද කියන කාරනාව....ඔයාවත්...මම වත් දන්නෙ නෑ කියන එක මතක් වෙනකොට .....මට තවත් රිදෙනවා....

දන්නවද මගෙ අයියෙ...

එයාව ගැස්සිලා ගියා ... වයසට ගරු කරලා කතා කරපන් ගානකොට කොයි තරම් කට කැඩුන කතා කිව්වත් මොකද මම මේ මොහෙතෙ උන්නෙ මගෙ හර්ද සාක්ශිය එක්ක ගනුදෙනුකරන ගමන්....මං මගෙ ආදරේ ඉහවහ ගියපු තැන එයාට මගෙ අයියෙ කියනවත් එක්කම ඒ ඇස් ගැස්සිලා ගියා...

මට උඹගෙන් රසාස්වාදයක් උනත් ලියන්න පුලුවන් ...හැබැයි....වචන සංඛාව අසංඛාත වෙයි....මට කවදාවත් උඹ ගැන විස්තර කරලා ඉවර කරන්න බැරිවෙයි...

ඇයි ඔයා මෙච්චර කියවන්නෙ මගෙ මයුර.....මට කියන්න...මගෙ පන මොකක් හරි වේදනාවකින්ද ඉන්නෙ...

නෑ...

එහෙනම්.....

මන් ඔයා ගාව සතුටින් ඒකයි මේ....උඹ චිත්‍රයක් ....ඉටිරූපයක් හා සමාන හිනාවක් තියන උඹ හුස්ම ගන්න චිත්‍රයක් ..මන් හිතෙන්නෙ ඈන්ජලෝ වත් මොනාලිසා ඇදල මේ විදිහට බලන් ඉන්න නැතුව ඇති මගෙ නිම්න.....

ආදරෙයි මයුරට...

එයා මට හාදුවක් තිබ්බා....මගෙ කම්මුලට රැවුල් කොට වද්දන ගමන් එයා මගෙ කම්මුල එබෙන තරම් තදට හාදුවක් තියනකොට මං හිනා වෙලා ගිටාර් එක අතට ගත්තා.....මොකද....මට ඒයාට ඇහෙන්න ලස්සන සින්දුවක් කියන්න ඕන උනා.....

ආයමත් සින්දුවක්ද....

හ්ම්...මේක මගෙ ගානෙ.....හමු වෙච්ච කාල පරිච්ඡේදෙ අමිහිරි උනත් මොකද....මම උඹ එක්ක ගෙවන හැම මොහොතක්ම වසන්තයක් මගෙ නිම්න.....

එයා බලාගන උන්නා...හිනා උනා...ගිටාර් එකෙ තත් ඉඩ ඇගිලිතුඩු තදකරන මගෙ දිහා බලන් එයා හරි ලස්සනට හිනා වෙනකොට මම මේ වසන්ත මංසලේදි අමරසිරි මහත්තයගෙ වත්කම හොරකම් කරන්ද් ඇපල් මලකට පිපෙන්න දුන්නා.....

....පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි....අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි...

....ලස්සනයි....

එච්චරද.....

නෑ...ආදරනීයයි.....මං ආසයි මයුරගෙ මූනෙන් පෙන්න භාව ප්‍රකාශන වලට...මයුරගෙ ඇස් වලින් ජීවිතේම දකින්න පුලුවන් .....මං ආසයි මයුර සින්දුව කියන ගමන් ඒ වචන අස්සෙ ජීවත් වෙන විදිහ බලන්න...

මං හිනා වෙලා එයාගෙ නහය මිරිකලා ගිටාර් එක පැත්තකින් තියනකොට නිම්න මගෙ ලගට ලන් වෙලා මග් උරහිසට එයාගෙ ඔලුව තියාගත්තා....දුකම ඇතුලෙ ඉන්න මට...මේකත් ඇති සැනසෙන්න...

වස්තු ආසද මෙතනට...

මං අංශක දෙකතුනක් බෙල්ල හරවලා මගෙ උරහිස උඩ ඔලුව තියන් උන්න නිම්නට හාදුවක් තිබ්බා..මගෙ ආදරෙ වෑස්සෙනවා......

හ්ම්ම්...මෙතන සනීපයි...මං මෙතනට ආදරෙයි ...නිවීම තියනවා.....මට වෙලාවකට දුක හිතෙනවා.....මට යන්න සිද්ද උනේ උරහිසකට ඔලුව තියපුවාම එන හැගීම මොකක්ද කියන්නවත් නොවිදම කියලා මතක් උනහම....ඒත්...පස්සෙ මං ආපහු හිත හදාගන්නවා....දෛවය මාව නැවැත්තුවා, වැරදි උරහිසකට වාරු වෙන්න නොදී මට සනීපම උරහිසක් මුන ගැස්සුවනෙ කියලා .....

ඇත්තයි ඒ කතාව...පමා වෙලා පිපෙන මල් හරි සුවදයි අනූ..... .....

නිම්න කියවගන ඉන්නවා...මට දුක හිතෙනවා....අච්චර ලොකු ශෝකාන්තයක් අස්සෙන් එයා සැනසෙන්න පුංචි පුංචි දේවල් කියනකොට මම මගෙ අනිතතින් මගෙ කලවෙ තදකරලම මිරිකන් උන්නා.....සමහර හෘද වස්තු වලට සතුටු වෙන්න කැලෑමල් සුවදක් උනත් ඇති...මොන ගිනි මැද උනත් උන් නිවෙන්න එක දෙයක් හරි හොයන් අල්පමාත්‍රයක් හරි නිවෙනවා...

මං මෙතනට ආදරෙයි.....මිනිස්සුන්ට ඔලුව තියාගන්න අයිති උරහිසක් තියනවමයි අනූ.....දන්නවද...මිනිස්සු ඉපදෙන්නෙ ආදරෙ පුරවගත්තු හදවත් එක්ක වගේම දරාගැනීමයි නිවීමයි අරගත්තු උරහිස් එක්ක....එහෙම උරහිසක් හිමි කරගන්න ඔයත්.....ඒ උරහිසට වාරු වෙන්න මමත් හරි පින්කාරයි මගෙ මයුර.....

මං එයාගෙ අතාරගන මගෙ අතට පටලව ගත්තා.....එයාගෙ වචන ලස්සනයි.....හැගීම් පිරිලා...ඒ වචන වලට පන තියනවා...නිම්නගෙ අකුරු උනත් පනගහනවා...ජයවර්ධනයා මගෙ නිම්න එක්ක තරහ ගන්න ලොකුම හේතුව උනෙ ඌ කොච්චර නැහුනත් සන්නි දහනටම නැටුවත් ඌට බැරි උනා හිස් පිටුවක පෑන් තුඩින් ලියාපු කිසිම අකුරකට පන පොවන්න....ඒත් මගෙ නිම්න.....

එයාට පුලුවන් උනා.....එයා ලියපු හැම වචනෙකටම පෙනහලු එකතු කරන්න...හැගීම් පන ගස්සවන හදවත් බද්ද කරන්න...ඉතින් දෙයියනේ එහෙම පේ වෙලා ලියන අකුරු හුස්ම නොගන තියේවිද ........

මං මේ උරහිසට හරි ආදරෙයි මයුර....කවදාවත් මේක වෙන කෙනෙක් නමට ලියන්න එපා...

ම්න්...කවදාවත් නෑ...හදවතම මං සින්නකර කෙරුවට පස්සෙ...උරහෙ වෙන එකෙක් නමට ලියයිද වස්තු.....උඹ මෙ තරම්ම මේ උරහිසට ආදරේ නම්....හදවතත් එක්කම උරහෙත් තියාගනින්...නිම්න දන්නවද....දවසක මගෙ ජීවිතේ ආදරනීයම මතක අස්සෙන් උඹ ඉදීවි ඉහලින්ම.....මට හැමදාම මෙ උරහිස දකින වාරයක් ගානෙම උඹව මතක් වේවි ...

හ්ම්.....ඒත් දවසක මේ උරහිස් පහත් වෙලා යාවි.....

ඒ ඇයි....

ඇයි මගෙ මයුර අහල නැද්ද කතාවක්...පිරිමි අප්පච්චිලා වෙනකොට උරහිස් වගෙම ගෑනු අම්මලා වෙනකොට බඩවල් වගේම ගැනු පපු බර වෙනවා කියලා .....ඔය තුන් තැන කොයි තරම් සනීප තැනක් උනත්....ඔය උඩ ජීවිත කීයක බර තියනවද...ඉතින් බර නොවී තියේවිද.....

හ්ම්...දවසක මගෙ උරහිසත් බර වේවි...ඒ උඹගෙ බරින්.....

මං ජනෙල් පියන්වල වීදුරු අස්සෙන් එලිය බලාගන උන්නා.....මගෙ වචන වලට තේරුම් දෙකක් තිබුනා....එකක් සුසානෙට යනකම්ම එයාගෙ බර උහුලන මගෙ උරහිස ගැනයි....ප්‍රතම වසන්තයෙදි එයාගෙ බරයි...දුකයි සතුටයි හැගීම් දෙකක්...ඒත් ඒ හැගීම් දෙකම දරාගන්නෙ එක උරහිසයි.....

මට හුස්මක් පිට උනා...මගෙ නිම්න කෙලින් උනා....නොහිතපු වෙලාවක...ඉල්ලීමක් නැතුවම එයා මගෙ කම්මුලකට පුංචි හාදුවක් තියල හිනා උනා....

දන්නවද අනූ...හදපායපු රැයක...තරු පායපු රැයකට වඩා....අවපසේදි ලග ඉන්න මිනිස්සු හරි ආදරනීයයි....හරියටම මගෙ මයුර වගේ....

කපටියා...

ඇයි....

ඔය නොකියා කියන්නෙ අවපස අහසට කියන්න කියන එක.....

.ම්න්.....කිව්වොත් මට පුලුවන් ඔයා දිහා බලන් දැහැනකට සමවැදෙන්න....මං ආසයි මයුරට ආදරේ කරන්න...කොයි තරම්ද කියනව නම්..මං ආසයි මයුර එක්ක ගැඹුරින්ම බැදෙන්න.....

මගෙ හඩින් ආයම අවපස අහස ගැන කියවුනා...එයා මගෙ දිහා බලාගන ම එක්ක ගැඹුරින්ම බැදුන වෙලාවක .මගෙ අතින් තත්වලට තව දුරටත් පාර කියන්න බැරි උනා....

මොකද ඒ ඇස් මට හාදුවකට ආරාධනා කෙරුවා....රසයි ...හැගීමුයි....

ආදරෙයි උනුහුමයි කලවම් උඅ අමරනීය හාදුවක් මෙ තොල් පෙති උඩ නවතිනකොට වසංත මංසලේ නැවතිලා උන්න අපි දෙන්නා අවසානෙදි උනුසුම් වැලද ගැනීමක් එක්ක නීවීමක් හොයා ගත්තා ....

අනූ....

ම්ම්ම්..කියන්න වස්තු...

අප්පච්චි ගේ ඉල්ලනවලු නේද.....

ම්න්...ඒත් දෙන්නෙ නෑ.....උඹගෙ අප්පච්චි ව මං එක පාර මරන්නෙ නෑ නිම්න...උඹගෙ අප්පච්චි ට ගහන්න කලින්....උඹට රිදවපු තව උන් ඉන්නවා ගනු දෙනු පියවන්න....පුලුවන් නම් ඒ මිනිහට අප්පච්චි නොකියා ඉදින් නිම්න.....ඒ ඉන්නෙ දාමඝාතකයෙක්....අප්පච්චි කියන්නෙ දොරේ බුදුන්ට....බුදුන් කවදාවත් මිනිමරුවෙක් උනෙ නෑ...ගෙදර බුදුන්ව මැරුව එකාට ඒ තැන දෙන්න එපා...ඌට නම කියපන්.....

........

ඒ මිනිහට රිදවන්න ඕන ටිකෙන් ටික....ටිකෙන් ටික.....වස්තු අහල තියනවද කතාවක්...දුශ්ට්ඨයෙක් කවදාවත් ඉපදෙන්නෙ නෑ...මිනිස්සු විසින් දුශ්ඨයන්ව නිර්මානය කරනවා කියලා .....මගෙ අම්මා අප්පච්චි දුශ්‍ඨයෙක්ට නෙවෙ උපත දුන්නෙ...හැබැයි....ජයවර්ධනයා කියන මෘගයයි...මෙ මුලු සමාජෙමයි එකතු වෙලා මාව ඒ තැනට ගෙනාවා මගෙ නිම්න.....

අනූ....

වෛරයෙන් වෛරය සන්සිදෙන්නෙ නෑ.....ඒත්...එකෙම එකෙට දඩුවමක් දුන්නා නම්...ඒ පාරෙ යන්න බලන් ඉන්න එවුන් කී දෙනෙක් නම් හැදෙන්න ගියාද....උඹගෙ අප්පච්චි කියන ඔය ජයවර්ධණය වගේ එක මිනිහෙක්ට දඩුවම් ලැබුන නම්....ජනත්ට තවමත් ජීවත් වෙන්න වාසනාව ලැබෙනවා මගෙ නිම්න.....

මේ රට වැරදි....මේ රට යන විදිහ වැරදි.....කඩේට ගිහින් පෑඩ් පැකට් එකක් ඉල්ලුවම කඩෙ මිනිහා ඒක පත්තර පිටුවක ඔතලා දෙන තරමට සදාචාරසම්පන්නයි...හැබැයි බස් එක ඇතුලෙදි ඉස්කෝලේ යන කෙල්ලව එකතු වෙලා අමුවට තැලුවෙත් ඒ පිරිමි කුලෙ එවුන්මයි....කෝ එතකොට සදාචාරෙ ..උන් අජීවි වස්තු ගාව සදාචාරෙ රකිනවා...සජීවි වස්තු ගාව සදාචාරෙ අමුවට කෙලසනවා.....

එකම පාරක් හරි ප්‍රසිද්දියෙම මරලා දැම්මා නම්...මේ හැම දේම ඉවරයි....තව දුරටත් හත්පාට මිනිස්සු පිලිකුල් වෙන්නෙ නෑ....උඹලා වගේ මිනිස්සුන්ට පන්තියෙ අදුරු මුල්ලක ඉදගන්න වෙන්නෙත් නෑ මගෙ නිම්න....

මන් ඔය මිනිහට වේදනාව දෙන්නෙ සැරින් සැරෙ.....

එයා මගෙ දිහාව බලාගන උන්නා...අවසානෙදි මගෙ ඔලුව අත ගෑවා....හරියටම කරන දෙයක් ප්‍රවේසමෙන් කියන්නා වගෙ....

දෙයක් අහන්න තියනවා....

මොනවද අනූ.....

මං ඇදෙන්.නැගිට්ටා.....නැගිටලා ගිහින් ජනෙලේ ගාව හිටගන මං ජනේලෙන් පිටත බලාගන උන්නා...මට එක පාර අහන්න හරි අමාරුයි....මට ඇහින් දකින්න හරි අමාරුයි.....එදා.සුචිත්‍රම්මා ඒ කතාව කියපු වෙලේ මගෙ පපුව ගහලා යන්න ආවා....මොකටද මං මේ කතා අහන්නෙ හිතුනා...

අනූ.....

....

මොකක්ද ඔයාට අහන්න තියෙන්නෙ.....

නිම්න මගෙ ලගට ආවා.....ඇවිදින් අහන්න තියන දෙ අහනකොට මගෙ ඇස් අම්මගෙ ඇන්තූරියම් මල් උඩ නැවතිලා තිබුනා.....අම්මගෙ වත්කම් දෙකක් එකම රාමුවක.....ඇන්තූරියම් මල් ගාවම ටූත්ලස් ....ඌ නිදි....ගෙනාව පලවෙනි දවසෙම මාවයි අප්පච්චිවයි මරන්න ගියපු අම්මා විසි හතර පැයක් යන්න කලින් ටූත්ලස්ගෙ අම්මා උනා....

යන තැන කොතන උනත් මගෙ පුතා අම්මා එනකන් ගේ බලාගන්න කියන්න පුරුදු උනා....අප්පච්චි එන වෙලාව පහු වෙනකොට ගේට්ටුව ගාවට ගිහින් බලන් ඉන්න...ගිහින් අයියව කූද්දන්න කියනකොට මගෙ ඇද ගාවට ඇවිදින් තෙත නහය මගෙ අතක වද්දවලා ඇහැරවන්න තරම් ටූත්ලස් අපේ ජීවිත එක්ක පුදුම විදිහට එකට බැදෙන්න ගත්තා...තිරිසනා උනත් ඌ අපේ කොටසක්....තිරිසන් හිතක මේ තරම් ආදරයක් තියනවා නම්...මනුස්ස හිත් වල කොයිතරම් නම් ආදරේ තියෙන්න ඕනෙද....ඒත් කෝ ආදරේ...ආදරෙ වෙනුවට මුන් වපුරන්නෙම තරහවනෙ.....

මුන්ගෙ හිත් ඇතුලෙ වෛරය පිලිකුල වෙනුවට ආදරේ දයානුකම්පාවෙන් එක බිදක් තිබුනා නම්...මුන් කවදාවත් මගෙ නිම්නට සිහි නැති වෙනකන් ගහන් නෑ...ඇදිවත ගලවල නූල් පටක් නැති වෙන්න මගෙ කොල්ලව ලැජ්ජ කරවන්නෙ නෑ.....

මං ජනෙල් පට්‍ටම මිරිකගත්තා....මතක් වෙනකොටත් වේදනාවයි...

අනූ කියන්නකො...මොකක්ද.....

නිම්න.....ඔයාට ඒ තරම් රිදෙව්වෙ කව්ද...

ඔයා මොන වේදනාව ගැනද අහන්නෙ....

මට ආපිට අතීතෙට යන්න බෑ වස්තු....මගෙ ඇස් රිදෙනවා...පපුව පුපුරන්න එනවා....උඹව දකින වාරයක් ගානෙම මට මැරෙන්න හිතෙනවා...මං අහන්නෙ....ටොයිලට් පේලිය අස්සෙ උඹව අමු හෙලුවෙන් තියලා උඹට සිහි නැති වෙනතරමට වද දුන්න උන්ව...මට කියපන්...උඹ දන්නවා...උන් දැන් ජීවත් වෙන තරාතිරම පවා දන්නවා....

........

වස්තු.....

නිම්න ජනෙල් උලුවස්සට මූන තියාගත්තා.....මං දන්නවා....එයාට ඒ මතක පවා රිදවනවා...ඒත් ජයවර්ධනයා විතරක් නෙවෙ ඒ ණය පියවන්න ඕනෙ....මට ඕනෙ මගෙ නිම්නට විතරක් නෙවෙ.....මේ රටේ ලෝකෙ අදුරු මුලුවල හැංගිලා ඉන්න හැම නිම්න කෙනෙක්ටම කෑ ගහලා උඹලටත් මේ රට අයිතියි කියන සමාජයක් හදන්න.....

ශානිලා කලූලා...භූමිලා ජීවත් වෙන්න ඕනෙ තිරයක් අස්සෙ නෙවෙ...මේ මහ පොලවෙ කියලා කියන්න.......

මං එයාගෙ උරහිසට අත තිබ්බා...

අනූ....

හංගලා තේරුමක් නෑ....නිම්න...ලමා කාලෙ කියන්නෙ සුරංගනා කතාවක්....ආය තිරගත වෙන්නෙ නැති ෆිල්ම් එකක්...මිනිස්සුන්ට ලැබෙන හැගිම් දැනීම් විදීම් අනුවයි බොක්ස් ඔෆ්සි වාර්තා ගහනවද නැද්ද තීරනේ වෙන්නෙ...අනිත් හැමෝම ඔය කාර්තුවෙදි ඇගයීමය ලක් උනා...උඹ නිම්නා අදුරු මුල්ලෙ තනි උනා....මට කියපන් මගෙ නිම්න.....මං තනියෙන් නෙවෙ.....

මං එයාගෙ අත අරගන හාදුවක් තියන ගමන් ආයම ඇහුවා....

දෙන්නෙක්...ආවෙ මරියා එකේ ටීචින් කරනවා...

දෙන්නෙක්...

හ්ම්....

මොනාද..මොක්කුද...කව්ද.....

මොකාද.....

.එක්කෙනෙක්....අක්කගෙ...ක්ලාස් එකේ ගෑනු ළමයෙක්.....

සබ්ජෙක්ට් එක මොකක්ද...

බකට් සබ්ජෙක්ට් ද කොහෙද...සමාජධ්‍යනය වෙන්න ඕන...

ආ...ආ...ලමා තැනිට මරු විශය හම්බෙලා තියෙන්නෙ....ගෑනු පෑන්ට් ගැන සධීරා බලාගනී.....පිරිමි කොච්චර හරි උනත් ගෑනියෙක්ට හප් කිව්වත් ඕක බුකියට දාපු ගමං ඒ පිරිමියා තරම් මල් පොන්නයෙක් මේ මුලු සෞරග්‍රහ මන්ඩලේ වත් නෑ...ගෑනුන්ගෙ වැරදි ගාව අපිට ඉන්න වෙලා තියෙන්නෙ ඇස් වහගන....ඒකිට වෙන දේ අරකි බලාගනී...මට අරූ ගැන කියන්න....

අනිත් කෙනා...roman catholic සබ්ජෙක්ට් එක .....

ම්ම්ම්.....ම්ම්. රෝමානු කතෝලික...බලමු.....එයාට එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවයිද කියලා....බුදුන් වහන්සෙ දේශනා කෙරුවා වෛරයෙන් වෛරය සන්සිදෙන් නෑය කියලා .....ජේසුස් වහන්සෙ දේශනා කෙරුවා යමෙකු ඔබේ වම් කම්මුලට ගැසුවොත් ඔහුට දකුනු කම්මුලත් හරවන්න කියලා .....ජුදාස් කෙනෙක්ට වත්....දේවදත්ත කෙනෙක්ට වත් පව් කමාකරගෙන්නෙ නැතුව ධර්මය වපුරන්න බෑ නිම්න.......

අ..නූ.....

අනූ නෙවෙ...මං දැන් අංගුලි මාල.....අද හවසට මේරියස්න් ශෝ එක තියනවනෙ ඉන්ඩෝර් එකේ....මෙතනින් එහා මොකුත් අහන්න එපා....වෙන්නෙ මොනාද...මිනිහා තීරනේ කරලා අහවරයි.....

මං හිනා උනා....මගෙ ගාව තිබුන අප්‍රසන්නම කුරිරුම හිනාව කටකොනකින් මතු වෙනකොට මං නිම්නගෙ කොන්ඩෙ අවුල් කරල එලියට ආවා...

කොල්ලා....කොහෙද උඹ යන්න යන්නෙ.....

අප්පච්චි මං රෑට මීගමු යනවා.....

මොකටද.....

ශෝ එකක් තියනවා බලන්න...තව ශෝ එකක් තියනවා පෙන්නන්න...ප්ලේස් එක ආවෙ මරියා ඔඩිටෝරියම් එක....එකක් පෙන්නන්නෙ නලින් පෙරේරා..අනික පෙන්නන්නෙ අනුශ්ක කළුතොටාඅරච්චි....

උඹ.....උඹ මක්කද කරන්න යන්නෙ.....කොහෙද උඹ යන්නෙ.....කොල්ලා....නැවතියන්...කමනි මෙන්න.මූ ආය දඩාවතෙ යනවා...ඔහොම හිටපිය පොඩ්ඩක්

යෝ...ඇයි...ඇයි...මං යන්නෙ උදාරයලෙගෙ ගෙදර අනෙ.....

බෑනව දාලද උඹ යන්නෙ....

එයා උන්න දෙන්....

නෑ..නෑ...උඹ යන්නෙ වෙන කොහෙ හරි වරත්තුවක....නිම්න.....කොල්ලා මූ එක්ක පලයන්

යෝ....අප්පච්චි ......

ඒක තමා අප්පච්චි මං ඇහුවට එපා කිව්වා...එපාම කිව්වා....කොහෙද ...දැන් ඉතින් ගහලා හදන්න ඕන වයසක් නෙවෙනෙ...

ආ..ආ...ආ....උඹ ඇති...කූතාඩියා....මෙච්චර වෙලාම අඥූ..ඥූ...ගාල.....

වැඩක් නෑ....මට නිම්නව දාලා යන්න බැරි උනා...අප්පච්චි ඇවිදින් නිම්නයවත් මගෙ කරේ ගස්සවනකොට කොහොමත් දැන් ගෙදර වැඩි ලකුනු ගන්න බෑනා පොඩ්ඩ ඇවිදින් බයික් එකට නැගල ඉදගන මගෙ උරහිසට උඩින් නිකටත් තියාගන යන්න ලෑස්ති උනා...

ඉදා මේක

මේ මොනවද....පහෙ කොලයක්....

ඔව්...පහෙ කොලයක් තමයි...අර කෙල්ලව හෙට නාවනවා...නිකන් යන්නද...අම්මත් ගවුම් රෙදි ගත්තෙ....කල්පනයලගෙ අම්මයි අර කොට කොල්ලගෙ ගෙදරිනුයි ඔක්කොම ගේන්නෙ ගවුම් රෙදි උනොත් ඕකි කොස් අත්ත කපන්න ගේන කැත්ත ගෙනත් බෙල්ලට කොටයි.....

ඉතින් දැන් මොනාද මේකට ගේන්න කියන්නෙ....

මොනා හරි සුකුරුත්තන් .....මන්දා මට කෙල්ලෙක් නෑනෙ.....කොහෙද උඹ හින්දා කෙල්ලෙක් හදාගන්නවත් බැරි උනා.....උන්නා නම් දන්නවනෙ....ඕකට සෙරෙප්පු කූට්ටමක් වත් අරන් වරෙන්.....

....දැන් උනත් අප්පච්චි ට වෙලා තියනවා කෙල්ලෙක් හදනව නම්.....අපි එපා කියයිද බලන්න...

උඹට ඕනෙ උඹගෙ අම්මා වගේ තව කොපියක් ගෙනත් නිදහස නැති කරගන්නද...ඕක අරන් වරේන්....කමනියා ඇති...සිරියාව වගේ තියෙයි.....බෝම්බයක් වෙන්න ආසාවෙන් ඉදලා අම්මගෙ කීමට මනුස්සයෙක් වෙලා.....

රොහාන්...

ඕ....ඕ...සුදූ.....එලියෙ....මං මේ අපේ බූරුවට සල්ලි දුන්නා අර කෙල්ලට මොනවහරි ගෙන්න කියලා.....ඔයාට තේ එකක් හදන්නද .......

ම්ම්ම්..හරි සෝක් සෝ බියුටිපුල් අප්පච්චි.....බෑනා ඉස්සරහා දුන්න පට්ටම සෝක්...

අප්පච්චි ගෙන් බූරුවා කියලා අහගත්තු මන් නිම්න දිහා බැලුවා...මොකද මට ගෑනුන්ගෙ සුකුරුත්තන් තේරිලි බෑ..එයාට අක්කා උන්න හන්දා දන්නවා ඇතිනෙ කියලා මං එයා දිහා බලනකොට ඒකා කාක්කා වගෙ මගෙ අතින් පහෙ කොලේ උදුර ගත්තා.....

මේකා කමනිට හපන්...ඒත් ඉතින් අප්පච්චි මායි මූටයි කමනිටයි ගූ බයයි....

අම්මට සිරියාව කියපු අප්පච්චි අනිත් පාර තේ එකක් හදන්නද අහන් ගෙට දුවනකොට මං අපේ ගෲප් එකට මැසේජ් එකක් දැම්මා ලවර් එක ගාවට එන්න කියලා .....

අනූ.....

ම්න්.....

කල්පියා පච්ච සිරා එක්ක සමාදාන උනාද දන්නෙ නෑනෙ ඒයි... ....

මන්දා....ඒ පවුල කැඩුනොත් ලොකුම හේතුව උඹ...කලපනයා සමාදාන වෙලා නැත්තන් ඉතින් ඌව බාර ගන්න වෙන්නෙත් මට ඉතින්.....යාලුවා හන්දා බෑ කියන්නත් බෑ...අනික කල්පනයත් මරු කඳ පුක එහෙ....ආ...ව්..ආව්හ්...ඌව්....හ්.....

ගහන්නෙ ඉතින්.....

කටවහපිය....ඇත්තමයි අනූ...මහ වේසයි අනෙ...මාව ළඟ තියන් කියන කතාද මේ....මං කිව්වෙ...මහ චපලයෙක්.....කද මරුලූ...ඔව්..ඔව්...උඹට කල්පනයගෙ පුක විතරනෙ ලොකුවට පේන්නෙ...ඇයි අනූ...ඒ..මගෙත් ලොකුයිනෙ.....ඇයි යකො...ම්හුක්.....

මං මගෙ ඔලුව අල්ල ගත්තා...අරූ අරකා මහ සාතන් කෙනෙක්.....හිතක් පපුවක් නෑ වගේ මගෙ ඔලුව හිල් වෙන්නම අනිනකොට මං ඔලුව අල්ලගත්තා.....

හරි..හරි...ඉතින්....

බෑ...ඕන් නෑ...චූචි බුංජියා තමයි මරු කද කියන්න.....

හා.....

හා නෙවෙ...කියපන්...කියපියකො.....කට ඉරනවා හැබැයි...යෝ....අප්පච්චි ...මෙ....

බාන්නකෝ.....

එව්...හා...හා...හා....චූචි බුංජියා තමයි මරු කද....මගුල.....

පුක...පුක..කෝ..ඒ කෑල්ල....

මරු පුකත් මගෙ බුංජියගෙ...හරිද.....අනින ඒවා රිදෙනවා යකො...ඔලුව ගෙඩි ගැහුනද මන්දා වස්තු....අනික රෙන පුකට මොන කැටයම්ද වස්තු ...ඇයි වදේ....මේ බොටමලා පුකටත් ඊරිසියයි.....

කමක් නෑ.....ඇයි වදේ.....චපල කමනෙ.....අසහනෙ අසහනෙ...මයුරයට අසහනෙ....ලෑලි පුකක් හන්දනෙ ඔය කියවන්නෙ....

යැයි..යැයි...ලෑලි උනාට අදාල තැන උඹට ඇති වෙන්න තියනවනේ.....කටහවහන් මේකෙන් ආවෙ මරියා පේජ් එකට ගිහින් ටිකට්ස් තියනවද බලපන්කො වස්තු.....

ඔලුව අතගාලා හෙල්මට් එක දාපු මං එයාගෙ අතට දීලා ටිකට්ස් තියනවද බලන්න කිව්වා....

තියනවද....

යෝ....චුට්ටක් ඉන්නකො...තදියමනෙ....මං තාම...අවෙ...මරියා...කියලා ටයිප් කරන ගමන්.....

නිම්නයා දිවත් පැත්තට දාගන මගෙ ඵෝන් එකට කොටන හැටි මං බලාගන උන්නා.....ඕකා ඔය අනින විදිහට මගෙ ඩිස්ප්ලේ එක යනවා....

හරි අනූ....බඩු හෑව්.....

ම්ම්ම්...හතරක් දාන්න.....

එතකොට බුංජියා....යෝ..අනූ...චූචි බුංජියා....

උඹට නොපෙනන බලවේගයක් තියනකොට මොකටද ටිකට්....

ම්හුක්....බයිනවා....

හරි.....මට අහන්න අමතක උනා....

යමුකෝ.....ආයම නැවැත්තුවා....ආය මොකද...ගමනක් වත් එක්ක යන්නෙ නෑනෙ චූචි බුංජියව....

ගෙදර පහු කරන් මීටර් සීයක් වත් එන්න හම්බුන් නෑ.... මං ආයාම බයික් එක නැවැත්තුව...නවත්තලා මගෙ නිම්නය දිහා බැලුවා....

හරි...ගමන් එකට දහයක් හරි එක්ක යන්නම්.... මං දැන් උඹගෙ කකුල් ගාව වැද වැටිලා සමාව ගත්තා...පිට පුපුරන්න ගුටි කෑවා...ආය කවදාවත් එහෙම කරන්නෙ නෑ කියලා පිටු හාරසීය පොතක් පිරෙනකම්ම ලියල ඉවර උනහමයි උඹ සමාදන උනෙ.....

ඔව්...ඉතින්....වයි.....?

වයි නෙවෙ....වයි.....මට කියපිය අර මැරෙන්න හදන අයියා අයියා ගාන ලොන්තයා මොකාද...

ම්හුක්....යෝ...

යෝ.....නෙවෙ...අර ඌ ගැන කියනකොට මනමාල කම ...කියපිය මොකාද....

උද්දික අයියා.....එයා අපේ තරුන සමිතියෙ අයියා අනේ....එයා නිකන් ජුම්පියො වගේ...

ඈ....?මොකක්ද

ගුජු....අනේ...ගුජුම්පි වගෙ....cemetery crush කියලා කියන්නෙ...ලස්සනම කන්ද තියෙන්නෙත් එයාට....

ඇත්ද...හිටපන්.....උඹ ආය ඕකගෙ නම කිවොත් උද්දික පුතාට කදුත් නෑ. ....අඩුම ගානෙ ඇටත් නැති වෙයි.....ආය පාරක් ඕකා ගැන කිව්වොත් මං වල හාරලා කටු අරගන සුප් හදනවා...තේරුනානෙ....

ම්හුක්.....නරකයා...චූචි නිම්නනෙ....ආතරෙයිනෙ...අනූ.....👉👈

*

*

*

මට ආපහු පාරක් යන්න බෑ උදාරයා....මාව ඔතන මැරෙයි.... ඉවසනවා...කියලා ...ඔහොමත්......

උඹට පුලුවන් නම්.....

නෑ...ඒක අවුලක් නෑ.....උඹ හිතන්න එපා.....මං යන්නම්....මට උඹව තේරෙනවා....ඉවසනව දරා ගන්නව කියන එක....අසීමාන්තික උනොත්....උඹ මැරෙයි....මට පුලුවන් ...අනික ජනා අයියත් ඉන්නවනෙ....

ම්න්.....අනික අද අනිවාර්යයෙන්ම අරූ බලෙන් හරි ටිකට් කපන් හවස් වරුවෙ අපේ ගෙදර එන්න ඉඩ තියනවා...එතනත් කේස් එකක් යනව උදාර....

කල්පනට එන්න කියපන්....එතකොට කොහොමත් ඕකගෙ ඔලුවෙ ඉන්නෙ උඹලා දෙන්නනෙ මයුර....නැද්ද උදාර....

ජනාගෙ කතාව් හරි මයුරයා....මට කල්පන කිව්වා ඌ සුදුමැලි උනා කියලා ...

ම්න්...ඌට කක්කල් කැස්සට ආව....මූට සැක හිතුනා නැතා අවුලක් නෑ....අවසානෙදි ඌ මැරෙන්න ඕන....හැබැයි ඌ විතරක් නෙවෙ....එයාලට රිදවපු උන් හැමෝම විදවන්න ඕනෙ.....ළමයි උනත් දැනග්ව්න්න ඕනෙ සාරි පොටෙ එල්ලීගන යන මිස්ගෙ ලම කාලෙ.....අනික ඕක කොන්වන්ට් එකක්....කව්ද බන් දන්නෙ ඕකිලා ඔය කචල් උන ඔලුව තියන් ගිහින් හොදම යාලුවො වගෙ ඉන්න ළමයි දිහාත් කොයි විදිහට බලනවද කියලා .....

සධීරා ඒකු ගැන බලාගනී.....නිම්නලාගෙ ජීවිතෙ සදහටම කාලකන්නි කරපු උන් විතරක් හොදට ජීවත් වෙන එක සාධාරනද ම්ම්ම්ම්...නෑනෙ .....තවත් ලමයෙක්ගෙ ඉස්කෝලෙ කාලෙම අන්දකාර කරපු උන් කොහොමද බන් තවත් ලමයින්ගෙ ඇස් පාදන්නෙ...

මයුරයා...ඔවුනුත් ජයවර්ධනයා එක්ක තවම ගනු දෙනු කරනවද දන්නෙ නෑ....

අපි හතර පස් දෙනාම උන්නෙ ලවර් එක ඇතුලෙ...එකසත් බොටම් සන්සදේ උන් එකතු වෙලා කුඩම්මට ගෙනියන්න සුකුරුත්තන් තෝරනකොට මම උදාරයා එක්ක වෙන්න ඕන මොනවද...අපි අද කරන්න ඉන්නෙ මොනවද කියලා කතා කරනකොට උදාරයා ආපිට යන්න කැමති උනා....

මට ඕනෙ වීඩියෝ එකක්....එයාට උන් ටික එකතුවෙලා දුන්න දෙතිස් වදේම එක වීඩියෝ එකක්.....මට බැ කියලා හිතුනා...එයාගෙ මලකද ගාව මැරෙන්න ඉන්න මෙන්න උන්න මට මේ ගමන යන්න බෑමයි හිතුනා...එයාට එච්චර වේදනාවක් දෙන හැටි බලන් ඉන්න බෑමයි හිතුනා....

සෙනේ ...මේ පාට කොන්ඩ කටු ලස්ස්නයිනේ.....? ඔව් නේ ආ??මේක අපෙ බුංජිටගෙ දරු පැටිය කන්සාටන් ට.....බුංජි ඕකෙ රෝස පාට එක ගන්න.....රවිදුවා ඔතන තියන ගෙජ්ජි වැල ගනින්කො...සෙනේ මේක හොදද කියන්නකො ඒයි....

ඔ.....ඔව්...ඔයාට ලස්සන නම්.....එච්චරයි ....මයුරයත් කැමතී.....අපි ඔක්කොම කැමතී...

අද රෑ තියන ශෝ එක මැද රෙදි ගැලවෙන්න නියමිත ඇදුරු යුවල ගැන කල්පනා කරපු මම උදාරයා දිහා බැලුවා ....උගෙ කනකට ප්ලාස්ටර් එකක් අලවලා...අරූ කියන්නෙ මොනාද මූ කරනවා....

උඹලා දෙන්නා සමාදාන උනාද උදාරයා....

මං උගෙන් සමදාන උනාද ඇහුවා විතරයි උදාරයා මේ ගිනි කුඨකේ ඇදන් උන්න අත් දිග ටී ශර්ට් එකෙ අත ඉස්සුවා ...

අප්පටම සිරි ...උදාර මල්ලි..

ජනාගෙ ඇස් උඩ ගියා...උදාරයගෙ අත් දෙකෙන් එකයි අරකගෙ පෙට්ටි කටෙ දත් පාරවල් ...

සපා කෑම් 1500

සීරීම්2000

කෙනිත්තීම් පිට පුපුරන්න වැදුන ඩෑස් සංඛාව අසීමාන්තිකයි ...කන පැලෙන්න ඇහුව බැනුම් ගාන මට මතක නෑ...අර්ධ ලිංගික එකතුවීමකට පස්සෙ එයයි මායි සමාදාන උනා විතරක් නෙවෙ...මේ ලෝකෙ ඉන්න හොදම කෙනා මං කියන සම්මානෙත් මට දුන්නා...!!!දැන් ඉතින් අපි දෙන්නව වෙන් කරන්න එක කාවයියෙක්ට බෑ....

මං අහක බලා ගත්තා ....පඩත්තරයා මගෙ මූන දිහා බලලා කාවයියා කිව්වා...ජොකෙක් හන්දා මූ යාලු කම පාවා දුන්නා....!

අනූ....

ඕ මගෙ දෙයියෝ.....ඔයාගෙ රත්තරන් මේ එනවා....කොහෙවත් යන පඩත්තරයො ලන් වෙන්න කලින් අනූ එනවා!!!

😊🤭ආයම එනකන් පයිස්සමින් සතුටින් ඉන්න....

ආදරෙයි අහස තරම්

මම ජොබී බුංජියා

Nedeesha 😘❤️....

More Chapters