Cherreads

Chapter 49 - 49

.මයුරයා...

ම්ම්ම්....

නැවතියන්....

මොකද

දැන් උඹ ඔහොම කෙරුවම හරිද???

කොහොම ?

උඹට හොදටම විස්වාසද මයුර මේ ඉන්නෙ උඹමයි කියලා ....

බයික් එකට නැගපු මම හෙල්මන්ට් එක දානවත් එක්කම කල්පනයා බයික් එකේ යතුර ගලවලා අතට අරගත්තා....ඌ මගෙන් අහනවා මට හොදටම විස්වාසද මේ ඉන්නෙ මම කියලා....

ඇත්තටම මමත් දැන් ඉන්නෙ උභ්භතෝකෝටිකේකට පැටලිලා.....මේ ඉන්නෙ මයුරමද...???

මගෙ හිත තියෙන්නෙ අර ලෑලි පොලව යට ආයම හංගපු නිම්න ළඟ...මාව නිම්නලා තුන් දෙනෙක් ළඟ අතරමන් වෙලා...නිම්නගෙ මුන මතක් වෙන වාරයක් ගානෙම මගෙ කන් ඇතුලෙන් ඇහෙන්නෙ අනූ....චූචි බුංජියගෙ ඔලුව කැක්කුමයිනෙ කියන එක....මට අඩියක් වත් ඉස්සරහට යන්න දෙන්නෙ නෑ...

හුරතලේ ඇතුලෙන් එයා මට නොකියා කිව්වෙ එයාගෙ නිමක් නැති වේදනාවෙ හෝඩුවාවක් වෙනකොට මට මගෙන් පිට උන වචන වලට කරකියා ගන්න දෙයක් නැති උනා.....

අපරාදෙ මට තිබුනෙ එහෙම කියනකොට බොරුවට හරි වරෙන් වස්තු අනූ අතගාන්නම් කියන්න.....ඒත් මං ඒ කොල්ලව පුලුවන් තරම් ඇවිස්සුවා...මට ඝණ දෙවි නුවණ තියනවද ....නෑනෙ.....එත් මට තිබුනා....

ඕක තමයි දෙයියනේ කියන්නෙ නොදන්න පකවල් වලට හොට දාන්න එපා කියලා ....

...කල්පන උඹ මොක්කද කියන්න හදන්නෙ....කියන්න තියන දේ කියපන්.....

මයුර.....මිනිස්සුන්ට ජීවිතේ කිසිම දවසක එකම විනාඩිය ආයම දෙපාරක් ගෙවන්න ලැබෙන්නෙ නෑ.....ජීවිතේ එකම මොහොත දෙපාරක් ලැබෙන්නෙ නැ.....එකම හාදුව දෙපාරක් දැනෙන්නෙ නෑ...රස වෙනස් වෙනවා...මං අහන්නෙ මේ උඹමද කියලා

...

කල්පනයා....මට දැන් උඹලගෙ ඔය රචනා අහන් ඉන්න වෙලානැ බන්...කියන දෙ කෙටියෙන් කියපන්.....

.හ්ම්....උඹට මං මොකුත් කියන්නෙ නෑ...පුලුවන් නම් අර දොරකොඩ බලපන්

සෑහෙන අවුලකින් වගේ උන්න කල්පනයා මට ඇහෙන නෑහෙන ගානට වගේ දොරකොඩ දිහා බලන්න කියනකොට මං කඩේ දොරකොඩ දිහා බැලුවා.....මගෙ පපුව හෝස් ගාලා ගියා...

නිම්න....අනේ එයා බලාගන ඉන්නවා...අප්පච්චි මොනවද හදනවා ගිහින් ඉල්ලගන්න කියලා එයාව හරවලා යැව්වත් එයා දොරකොඩ ගාවට වෙලා බලන් ඉන්නවා.....

..උඹ වෙනදට ඔහොමද.... .එලි බහින්න කලින් බුංජියගෙ මූන කීපාරක් ඉඹලද....ඔහොම කරන්න එපා මයුරයා...මං දන්නවා...උඹ ඉන්නෙ පට්ටම වේදනාවකින් කියලා ...ඒක මට නම් විදිනවා තියා හිතන්නවත් අමාරුයි ...ඒත් බන්.....උඹගෙමේ හැසිරීම බලපාන්නෙ උඹට විතරක් නෙවෙ ....උඹගෙන් ආදරේ විදපු අනිත් මිනිස්සු....

මයුරයා...උඹ දන්නවද...මිනිස්සු සීරියස් උනහම වෙනදට නොකර වැඩ පවා කරන්න ගන්නවා....වැඩිය ඕන් නෑ.....මං කොස්සක් අල්ලන එකෙක් නෙවෙ...හැබැයි මම අවුල් ගියහම වෙනදා වගෙ නැතුව මගෙ දෙයක් උනත් බලලා කරලා අතුපතු ගානකොට අම්මට මාර අවුල්....නෝක්කාඩුවට වගෙ අද ඉර අනිත් අතට පායයි කිව්වට ඒ මිනිස්සුන්ට අපි එක පාරම වෙනස් වෙනකොට හරි අමාරුයි...

මයුරයා...මිනිස්සු වෙනස් වෙන්න ඕනා..හැබැයි අපිත් එක්ක ගණුදෙනු කරපු අනිත් මිනිස්සුන්ටත් අපේ වෙනස දරාගන්න අපිව බාරගන්න උන්ටත් ඒ විදිහට හැඩගැහෙන්න කාලයක් දෙන්න ඕනා...එහෙම නොදී ගහෙන් ගෙඩි එන්නා වගේ වෙනස් උනහම තමයි බන් උන් අහන්නෙ" අයි උඹ මට මෙහෙම කෙරුවෙ" කියලා.....යමන් යමන්....අඩවන්න එපා...ගිහින් ඉඹගනින්...උඹ ආදරෙ කරන්නෙ ඔහොම නෙවෙ...පලයන්....

දවසක උඹට මීට වඩා රිදෙයි...මේ තත්පර ගාන තව විනාඩි ගානකින් එකතු වෙන්නෙ අතීතෙට....උඹ මග ඇරගන්නෙ තත්පරයක් උනත් අනාගතේදි ඒක රිදෙන්න ගන්නෙ කල්පගානක් වෙන්න පුලුවන් වේදනාව අවුරුදු මිලියන ගානක් දුරට දැනෙන්න පුලුවන් ...

මේ තත්පරේ ආයම එන්නෙ නෑ මයුර...යමන් ගිහින් වෙනදා වගේම හාදුවක් තියලා මං ආදරෙයි වස්තු කියලා තුරුල් කරගන ඉදලා වරෙන්...මොන දෙ උනත් උඹ ළඟ තියන ආදරේ මැරෙන්න දෙන්න එපා....ඔක්කොටම වඩා.....

" අනේ එදා මට මෙහෙම කරන්න තිබුන" කියන අර වේදනාත්මක සිතුවිල්ල උඹට දැනෙන්න ඉඩ තියන්න එපා...මොකද ....අපි කාටත් ආයම අතීතෙට යන දොර සදහටම වැහිලා යන දවසක් එනවා මයුර...යමන්.....මටම රිදෙනවා ....උඹ ඔහොම ඉන්නකොට අපිට රිදෙනවා බන්... ...දවසක බුංජියා යන්න යාවි....ඒත්...අපි ඉතුරු වෙන්න ඕනා මයුර.....

ඌ එක්ක අපි හැමෝටම යන්න බෑ බන්....නිම්න කියන්නෙ...අපි ලගට ඇවිදින් යන්න ආව කෙනෙක් පෙනිලා යන්න ආව කෙනෙක්...අපි එකෙක් වත් නවතින්න බලන් ආව උන් නෙවෙ උනත්...අපේ බුංජියා ඇවිත් කාටත් කලින් යන්න ආව කෙනෙක්...

එපා බන් ඔහොම කරන්න.....

යමන් මයුර....නිම්න...

මයුරයා...නිම්න කියන්නෙ...අපි හැමෝම එකවෙලාවක දැකපු හීනයක්.....

ඒක නරක හීනයක්ද.....සුන්දර හීනයක්ද කියන්න දන්නෙ...අපි එයා එක්ක ගනුදෙනු කරන විදිහට....යමං මයුරයා ...එ ඇස් වල කදුලු බැදෙන්න කලින් පලයන්....

තුරුල් කරගනින් ...ඊයෙට වඩා අද ආදරෙයි කියපන්...ආදරෙ කරන මිනිස්සු ආස ආදරේ දළු දානවටලු...ඒක මං නෙවෙ....මගෙ උදාර කිව්වෙ.....යමන්.....එක තත්පරයක් පරක්කු උනාට මග ඇරුනට කමක් නෑ....ආදරනීය මොහොතක් .....එපා බන්...කවදාවත් මග අරින්න එපා....

ඇත්ත....කල්පනයගෙ වචන මගෙ පපුව පැත්තක් ඇවිලෙව්වා.....එයා දොරකොඩ ඉදන් මගෙ දිහා හරි දුකෙන් වගෙ බලාගන ඉන්නකොට මං බයික් එකෙන් ආපිට බැහැලා දිව්වා....ඇදන් උන්නෙත් කකුල් ලොකු පොකට් කලිසමක් වෙනකොට කවදාවත් නැතුව කලිසම් කකුල් පැටලුන මාව එයා ඉස්සරහම මූනින් අතට වැටෙනකොට එයා මගෙ ගාවට දුවන් ආවා....

අනූ...

ව්...වස්තු...මගෙ නිම්න...

ඒ ඇස් වල කදුලු බැදිලා...කල්පනයා හරි.....මේ තත්පරේ මං නැති කරගත්තා නම්....මට තව කල්ප කාලාන්තරේකට මේ වේදනාවෙන් මිදෙන්න බැරිව යන්න තිබුනා...

අනූ...ඇයි මගෙ මයුර මේ...

සමාවෙන්න....මට...සමාවෙන්න.....

....ඉස්සර වගේ දැන් මට ආදරේ නැද්ද මයුර...

.......

මගෙ කටේ කෙල හිදුනා....ඉස්සර වගේ මට ආදරේ නැද්ද අහනකොට මගෙ කටේ කෙල හිදිලා ගියා...එයාට රිදිලා...ඊයේ රෑ ඉදන් මගෙ විගඩම් බලල බලලමද කොහෙද එයාට වෙනදටත් වඩා මහන්සියක් දැනිලා තිබුනා...

නිම්න...තනිකරම කදුකර රෝස මලක් වගේ...වෙල්වට් වගෙ රෝස පෙති වලට පිනි බින්දු වැටුනම මොන තරම් ලස්සනද කියනව නම්.....මං නිම්නවයි නිම්නගෙ කදුලුයි දැක්කෙ ඒ විදිහට .....

ඇත්තටම ...ඒ තියෙන්නෙ පිණි බින්දු කියලා හිතුවට...ඒ තියෙන්නෙ පිණි බින්දු නෙවෙ රෝස කදුළු නම්...??????

ඇයි ඔහොම අහන්නෙ....මගෙ ආදරේ අඩුවක් දැනුනද රත්තරන්ට...මිනිහා බිව්වා....මිනිහට දුක හිතුනා.....නැතුව ආදරේ අඩු වෙලා නෑ.....මට වැලන්ටයින් සාමි ඇවිදින් කිව්වත් ආදරේ කරන එක නවත්තපන් කියලා .....නැ...කවදාවත් නෑ....උඹට මං හැමදාම ආදරේ කරනවා.....දන්නවද....නිම්න කියන්නෙ හීනයක් නම්.....මං මෙ තාක් කාලෙකට දැකපු සුන්දරම හීනෙ උඹ මගෙ නිම්න....මං ආදරෙයි...

මං මගෙ වස්තුවට ආදරෙයි...

මං මගෙ රත්තරන් නිම්නට හුගාක් ආදරෙයි....ඊයෙටත් වඩා....මං මගෙ නිම්නට හුගාක් ආදරෙයි.....

මං එයාගෙ කදුලු පිහන ගමන් ආදරෙයි කිව්වා..කල්පනයා කිව්වා වගේම ඊයෙටත් වඩා එයාට මං ආදරේ කිව්වා.....මගෙ ගාව දන ඔබාගන උන්න එයා මගෙ දනහිස් ගැන කරදර වෙනකොට මං එයාව ඇදලා අරන් තුරුල් කරගත්තා...මට කියන ඕනෙ මෙච්චරයි ....මං ආදරෙයි ...මං ආදරෙයි ...මං හුගාක් ආදරෙයි කියලා .....

නිම්න....මං හොයා ගත්තා.....

මොනවද මගෙ මයුර.....

ආදරෙ නිර්වචනෙ මොකක්ද කියලා .....

මොකක්ද පන....

....ආදරේ නිර්වචනෙ..." මයුරගෙ නිම්න"...අපි හැමදාමත් ආදරෙන් බැදිලා ඉමු....යන්න කලින්... අනිත් අය වගේ නැතිව මට ඔයා නැතුව ජීවත් වෙන හැටි ඔයා නැතුව ඒත් ඔයා එක්කම හිනා වෙන හැටි කියලා දීලා යන්න.....මොකද.....මං..මොකක් හරි කරගත්තොත්.....මාව මෙච්චර කල් ලොකු කරපු අම්මා අප්පච්චි පව්....රත්තරන් ..දන්නවද...මැරෙන්නෙ මං උනාට..... බලපාන්නෙ මගෙ පවුලටම.....මට හිතින් මැරුනත්.....එහෙම.මැරෙන්න බෑ.....

නිම්න....යන්න....කලින්...උඹ නැතුව ජීවත් වෙන හැටි....උගන්නලා...යන්න......උඹ නැතිව ගෙවෙන ඍතුවල උඹ නැතිඅඩුව නොදැනෙන්න මට ජීවත් වෙනන් කියලා යන්න....දන්නවද.....රත්තරන් ...ලොකුම වේදනාව..උඹ නැති වෙන එකටත් වඩා...උඹ නැතුව ජීවත් වෙන්න වෙනවා කියන එක දැනෙන එක...

මට ..ඒක.....අමාරුයි....නිම්න.....

පරිස්සමින් ආදරෙයි .....ඊයෙටත් වඩා.....

මං සෑහෙන්න වෙලාවකට පස්සෙ නැගිට්ටා ....එයාව තුරුල් කරන් හාදු තියපු මං අවසානෙදි නැගිට්ටා..නැගිටලා එයාගෙ රැවුල් කොට වැවුන නිකට පිරිමැද්දා...පරිස්සමින් ඉන්න ආදරෙයි ඊයෙටත් වඩා කියනකොට මගෙ නිම්න හිනා උනා...

පපී.....රහසක් කියන්නද....

ම්න්...මොකක්ද....

වීනස් වගේ....

මම....??නඩු දායි මට...

.....mythology එකට කොහොම උනත්....මගෙ ලෝකෙ වීනස් ඔයා කිව්වොත් මගෙ පපී පිලිගන්නවද...

...පන්ඩිතයා වෙලා...

හ්ම්...මං වැඩිමල් නෙ...ඒකයි...පරිස්සමින් ගිහින් එන්න..මං බලන් ඉන්නවා ආදරෙන් ...

කලු වලාකුලට පිටිපස්සෙන් රිදී රේඛාවක් ඇදුනා....මූන පුරාවටම කිසිම හැගීමක් නැතුව යන්න ගියපු මගෙ මූනට හිනාවක් ආවා..ඊයෙ රෑ ඉදන් වේදනා විදලා විදලා මැලවුන තුවාල උන හදවතට නිම්න ඇවිදින් බෙහෙත් ඉහලා ගියා....

ස්තූතියි උඹට.....

.මං කල්පනයගෙ උරහිසට අත තිබ්බා.....

ඇයි....

මට මග ඇරෙන්න ගියපු මොහොතක් උඹ ඇවිදින් අල්ලා දුන්නට.....එයාගෙ හිනාව එයාගෙ ආදරේ එක මොහොතකට වත් මගෙන් ගිලිහෙන්න නොදුන්නට...මං කියන්නෙ....මට උන දෙ වනෙ වනහතුරෙක්‍ටවත් වෙන්න එපා කියලා කල්පන....

මං බයික් එකට නැගලා ස්ටාර්ට් කරගන්නවා එක්කම කල්පනයත් වෙනම නොයා මගෙ එකටම නැගලා ඉදගන්නකොට එයා අත වැනුවා....

..මයුරයා....

ම්ම්ම්ම්

කුඩම්මට මොනාද ගිහින් දෙන්නෙ..සෙනේ නම් කිව්වා මොකුත් එපා කියලා ඒත් එහෙම බෑනෙ

 ඔව් ඉතින් උඹගෙ නෑනනෙ...මොනා හරි අරන් දියන් ගවුම් රෙදි කෑල්ලක්...ලේන්සුවක් ඔව්වානේ අරන් දෙන්නෙ....

ඒ...යස්සනී....ඒකි ඉල්ලන්නෙ අර ඇද මුල්ලෙන් තියාගන්න ටෙඩියෙක් නිකන් එකෙක් නෙවෙ ඌව මිරිකපුවාම.අයිලායු කියන් එකෙක්...ලමිස්සි වෙන්න කලින් මේකිට මනමාලකම ගහලද කොහෙද...

එහෙනම් ඉතින් ඒකිට කලින් උගෙ අවසානෙ...

එක අතකට ඒකි පව් නේ බන්....ඇයි ඉතින් ඕකිට නිදහසේ කොල්ලෙක් හොයාගන්න නෑනෙ.....අයියලම හතරක්...පව් හැබැයි පොඩි htti.....

මට හිනා ගියා...කල්පනයා කියපු කතාව හරි.....ඒකිට කවදාවත් කොල්ලෙක් එක්ක යන්න බැරි වේවි...

මයුරයා....

ම්න්.....

ඕකාව වටකරන් පොලිසියෙන් ඇතිද....

නැතුව ඇතිනේ.....මූ ඇමතියෙක් උනා නම් පොලිස් ආරක්ශාව දෙන්න ගියා..මිනිස්සුන්ගෙ තරාතිරම අනුව පොලිසිය බෙදන හැන්දත් වෙනස්නෙ ...දික්කසාද කේස් එකකට පැමිනිල්ලක් දාන්න ගියහම ගෑනි ලස්සන නම් ඔතන ඉන්න කොස්තාපල් ගෙ ඉදම්ම ඕ අයි සී වෙනකන් දුක අහන අයියලා ඉන්නවා....උන්ගෙත් පකෙ නීතිය අපිට තමයි....ගිය සතියෙ අප්පච්චි ට දඩයක් ලියලා.....හැබැයි ඊට ඉස්සරහින් ගියපු ඇමතියට යන්න මහත්තයා යන්න කියලා ...ඌ මහත්තයා ...අපේ අප්පච්චි තමුසෙ....අරූ ගාව නැට්ට පුකෙ ගහගන්න එකා අපෙ අප්පච්චිලා වගෙ සුපර්කප් එකේ...ලෙලි ගිය හෙල්මට් දාන් යන උන් ගාව උන්ගෙ හයිය පෙන්නනවා.....යකො ඇමති පකයිට පඩි ගෙවන්නෙත් අපි වගේ මිනිස්සුන්ගෙන්ගෙන්...උන් අපෙන්ම කාලද මහත්තයා පට්ටම ගන්නෙ...හරිනම් අපිට මහත්තයා කියන්ඩ ඕනෙ....

මහ වුකන රටක් මයුරයා මේක...පොලිසියෙ උනුත් ඔක්කොම සද්ද දාන්නෙ මේ අහිංසක මිනිස්සුන්ට තමයි ...පාර්ලිමේන්තුව අස්සෙ ප්‍රසිද්දියේම ඇමතියලට ඇමතියල උන් උන්ගෙ හොර වැඩ කියාගන්නවා...එකෙක් නෑ....එකෙක් හොයන්න එන්නෙ නෑ...ඒත් බලපන්කො නැති බැරි කමට හරි..මොන මගුලට හරි ගමේ එකෙක් අරක්කු වඩියක් තිබ්බොත් මුලු පොලිස් මූලස්තානෙම එනවා අරක්කු පෙරපු එකාව හිරේ දාන්න...ඒ කරලා ඒකත් ඒ ක්ශනික වීඩියො කරනවා....අටපට්ටමටත් දාගන්න දෙයක් නැති උනහම අලියෙක්ව වගා ලිදකට දාලා පැය බාගෙ කර් කරගන්නවා වගේ පොලිසියත් කරන්නෙ මොකක් හරි හූනු බිජ්ජක් සයිස් දෙයක් උනත් මහ

පරිමානෙ න් ඕක ලොකු කරලා උන්ව කවර් කරගන්න එක...

කරන්ඩ දෙයක් නෑ මයුරයා...බැනලා තේරුමක් නෑ..මොකද අපිමයි උන්ව බලේට ගෙනාවෙ....එකසිය ගානට තිබ්බ පෑඩ් පැකට් එක දැන් නවසිය ගානට තියනවා...හතලිස් ගනන් වලට ගත්තු පාන් දෙසිය ගනන් වලට කනවා...හිනා වෙන්න කාරනා නෙවෙ මයුරයා....අඩන්න කාරනා මෙව්වා....ජයවර්ධනයලා රට හදන්න තියාපු මුල් ගලයි වැරදි....ඔච්චරම කැහිල්ල නම් උන්ට තිබ්බෙ ඇස් පනා පිට වෙන ජඩකම් මැරකම් හොයන්න කමිටුවක් හදා ගන්න..මුන් මොකක්ද කරලා තියෙන්නෙ.....

නිම්නලා වගෙ අහිංසක මිනිස්සු හොය හොය මරන එක.....මං හිතන්නෙ එහෙම උනහම බඩු මිල එහෙම පහලට බහිනවා ඇති...පිස්සු පකා..මරලත් මදි....මං නම් කියන්නෙ මරලත් මදි බන්....ඌට දෙන්න ඕන.ලොකුම දඩුවම කෑලි කරලා මරන එක නෙවෙ මයුරයා..පන පිටින් පෙට්ටියක දාලා වලලන එක...

එ අපෙ කතා බහ.....මාරවිල හන්දියෙ ඉදන් ඉස්පිරිතාලෙ ලගට එනකම්ම මගෙයි කල්පනගෙයි සමාගම ඇතුලෙ තිබුනෙ සුන්දර සිරිබරිනිට බනින එක....කනවට වඩා ලෙව කන....ආසාවට ඇදුමක් ගන්න ගියහම ඩෙනිමෙ ගාන දැකලා ආපහු තියල එන මාරි විස්කෝතුවක් කන්න රුපියල් සීයක් වියදම් කරන්න වෙන රටක ඉදන් මිනිස්සු කාටත් මහා ලොකූවට උලුප්පලා කතා කරන්න වටින මාතෘකාවක් නොවුන සමලිංගික ප්‍රජව උලුප්පල කතා කරවනවා මදිවට මිනිස්සුන්ගෙ හිත් අස්සෙ ඒ මිනිස්සු ගැන තරහවක් වෛරයක් පිලිකුලක් ඇති කරවලා උන්ම ඒක උගුල්ලන්න හදන ජයවර්ධන වගේ මිනිස්සු ඉන්න තාක් මෙ රට මෙහෙම්මයි.....

එක අතකට මිනිස්සු පව්...කන්න බොන්න නැති උනත් කාලෙන් කාලෙට පුටුවට එන එවුන් ඇවිත් දරිද්‍රතාවෙ පතුලෙ ඉන්න මිනිස්සුන්ගෙ හිත් හදන්න කරන්නෙ එක වචනයක් කියන එක....කන්න නැතත් මොකද වැටිලා ඉන්න රටක් තියනවඑ කියන එක...ඒ ටිකමයි ජයවර්ධනයලා.කරන්නෙත්....කන්න බොන්න නැති උනත් මිනිස්සු මේ වගේ දේකින් චුන් වෙන තරම දන්න හන්දා උන් කරන්නෙ අයින් කරන්න ඕන නැති දෙයක් අයින් කරන් අහක් කරන්න ඕන හැම ලබ්බම ළඟ තියාගන්න එක....

ජයවර්ධනයට තිබුනා උගෙ මහ එකාට තේරුම් කරවන්න.....ඌ කෙරුවෙමහ එකාගෙ කීමට බැදගත්ත එක...ඇයි ඉතින් අර පෞඩඉතිහාසෙ රකින්න එපැයි.....ඒකෙන් උනේ මොකක්ද...ඌ පිස්සෙක් උනා..මදිවට උගෙම ගෑනු දරුවො මරලා දාපු එක...

යකො...මං අහන්නෙ...මිනිස්සුන්ට අයිතියක් නැද්ද....තමන්ගෙ සතුට වෙනුවෙන් තමන් කැමති කෙනා එක්ක ජීවත් වෙන්න...මිනිස්සුන්ට අයිතියක් නැද්ද...??????

ඇත්තටම මිනිස්සුන්ට සිද්ද වෙලා තියෙන්නෙ තමුන්ගෙ ජීවිතේ උනත් අනුන් ගැන හිතලා තීරන ගන්න....ජයවර්ධනයා උගෙ මහ එකා ගැන හිතලා තීරන නොගෙන සුචිත්‍රම්මව නොබැන්දා නම්.....මං හිතන්නෙ....අද කාටත් මෙහෙක වේදනා කිසිම දෙයක් නෑ.....

මයුරයා.....

හ්ම්...

තව පැය බාගයක් තියනවා...තාම එකොලහ මාරයි

එන මගදිගට ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට බැන බැන ආව මායි කල්පනයයි උන්නෙ මාරවිල ඉස්පිරිතාලෙ ඉස්සරහම තිබුන බෙංච් එකෙ ඉදගන.....වෙලාව හරියටම එකොලහ මාරයි....ලෙඩ්ඩු බලන්න දෙන්නෙ දොලහට ....ඒත් දුර ඉදන් ආව මිනිස්සුද කොහෙද මායි කල්පනයයි වගේ වෙලාව එනකන් අතන මෙතන හිටගන උන්නා...ඒ හැමෝම අතෙ මුලක් තිබ්බා...බත් පැකට් එකක්....උනුසුම් බෝතලයක්...

ආරෝග්‍යා පරමාලාභා

කහපාට බිත්තියෙ කලු අකුරින් ලොකුවට ලියලා තිබුනා නිරෝගි කම උතුම්ම සම්පතයි කියලා .....ඒත් ඇයි ඕක සර්වාංගෙට විතරක් අයිති දෙයක් කියලා මිනිස්සු තේරුම් අරගන නැවතුනේ...ඇයි මානසීක නිරෝගි කම ගැන ලියන්න බැරි උනේ....එහෙම උනා නම්...නිම්නල වගේ අහිංසක හිත් කීයක් නම් අදටත් ජීවත් වෙනවද...එහෙම උනා නම් රවිදුවාත් උදාරයල වගේ ආදරෙ විදිනවා...

මිනිස්සුන්ට කවදාවත් කරන්න ඕන ශේ මොකක්ද බැරි දේ මොකක්ද තේරුම්.ගන්න බැරි උනා...යූ නලේට හරි ෆේස් බුක් එකට හරි භූමි හරේන්ද්‍ර ගෙ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තත්පර ගානක් යන්න කලින් වීව්ස් වැටෙනවා....මිනිස්සු එයාගෙ කතා විලාසෙ...ඇදුම් විලාසිතාව...කොටින්ම භූමි කියන්නෙ සංක්‍රාන්තිකයෙක් කියන එක.පවා අමතක කරලා හරි ලස්සන වචන කියලා කමෙන්ට් දානවා...ඒත් එහෙම කමෙන්ට් දාපු උන්ටම තමන්ගෙ දරුවෙක් අම්මෙ මං ආදරෙ කරන්නෙ ගෑනු ලමයෙක්ට...මං ආදරෙ කරන්නෙ පිරිමි ලමයෙක්ට කියලා කිව්වම ඒක පිලි ගන්න බෑ....

ඇරත් එහෙම කිව්වම අහන්නෙ.....ඔය දෙන්නට හැමදාම සතුටින් ඉන්න පුලුවන්ද කියල නෙවෙ...ගත් කටටම අහන්නෙ කොල්ලො කොල්ලො මොනව කරන්නද....කෙල්ලො කෙල්ලො මොනවා කරන්නද.....එතකොට අමු සිංහලෙන් අහනව නම්...මිනිස්සු කෙනෙක් එක්ක බැදෙන්නෙ ආදරේ කරන්නද...හැමනෙන්න විතරක්ද????.

ඔය ප්‍රශ්නෙම එදා ජයවර්ධනයා නාහා උන්නා නම්...

ඔය ප්‍රශ්නෙම එදා ජයවර්ධනයා ගෙ මහ එකා නාහා උන්නා නම්....

ඔය ප්‍රශ්නෙම එදා ජනාගෙ මහ එකා නාහා උන්නා නම්....

නන්දනී...උඹ නන්දන විදිහට තවමත් ඉන්න ගියා.....මගෙ නිම්න...උඹටයි මටයි උතුරන්න ආදරේ කරන්න තිබ්බා...ජනාටයි රවිදුවටයි උන්ගෙ ලෝකෙ සතුටින් ඉන්න තිබ්බා.....

බලන් ගියහම උන් අහන ප්‍රශ්න අනුව මේ ලෝකෙ ආදරේ කියලා ලබ්බක් නෑ...ලිංගික ආසාව විතරයි ....

යෑ....ව්ව්.....

යෑ.....ව්ව්...

මට එහා පැත්තෙ උන්න කල්පනයා නංගිව නාවගන්නකන් ගෙයින් එලි බහින්න බැරිව හිරවෙලා උන්න උගෙ සෙනෙහෙවන්තයට හිටු කියලා ආදර හසුන් යවනකොට නිම්නගෙ ලෝකෙ මුල්ලක් අල්ලන් ඉදගන හැම දේ ගැනම හිතින් හිත හිත බැන බැන උන්න මගෙ කල්පනාව බිදිලා ගියා...

සම්බෝල පාට පූසෙක්.....මූ ඉස්පිරිතාලෙම්ම කාලද කොහෙද බෙරන්කොටයක් වෙලා....

යෑ....ව්ව්ව්

මොකද.....ම්ම්ම්ම්ම්...උඹ හීලෑයිද.....ආ.....උඹට මිනිස්සුන්ව හොදට පුරුදුයිද....ආ....ඥාව්වො.....උඹට මිනිස්සුන්ව හොදට පුරුදුයි....ඕ...පුතාට...පුරුදුද...

...යෑ.....ව්

එකනෙ...පුතාට.පුරුදුයි...නේ...

මං හිතුවා හරි....ඉස්පිරිතාලෙම්ම කන පූසට මිනිස් සමාගම හොදටම පුරුදුයි කියලා ඔප්පු කරන්න ඌ උගෙ පුරු පුරු ටැට්ටරේ ස්ටාර්ට් කරගන මගෙ කකුල් අස්සෙ දැවටි දැවටි යෑව්....යෑව් ගාද්දි මං ඒකගෙ ඔලුව චුට්ටක් අත ගෑවා විතරයි ඌ ඇසුත් වහගත්තා...

එයාටත් පූසෙක් උන්නලු....

කාටද...අපේ බුංජියට?

මම මිමිනුවා.....කල්පනට ඇහෙන්න හෝ..නෑහෙන්න...ඒත් ඒ වචන මම මටම මුමුනගත්තා...ඒත්..මං හිතන්නෙ මගෙ මිමිනුම කල්පනට ඇහිලා.....

හ්ම්.....

එයා උඹට කිව්වද.....

නෑ....

එහෙනම්....

එයාගෙ ඩයරියෙ ලියලා තිබුනෙ....අපායක් හා සමාන ගෙදර එයාගෙත් නිම්නගෙත් එකම සැනසීම උනේ සම්බෝල පාටට හුරු ".මිලානි" විතරයි කියලා ....

......

ඒත් දවසක ඒ සැනසීමත් එයාලගෙ ඇස් පනා පිට උදුරගත්තලු....මිලානිට වහ දීලලු....මිලානි කන බත් පත උඩම වැටිලා උන්නලු...

ම්..මයුරයා....මූ...ව....ඉද්දකින්...අඩේ...ඇයි බන්....ඇයි බන් මූ මෙහෙම.....මූ මොකෙක්ද බන්....

මම මගෙ ලගට ආව සම්බෝල පාට පූසව අතගාන ගමන් නිම්නගෙ ඩයරියෙ එක පිටුවක් මතකෙන් කියනකොට කල්පනයා ඉදන් උන්න තැනින් නැගිලා කෑගහනකොට මං ලොකු හුස්මක් අරගන ඉදන් කල්පන.දිහා බැලුවා....

..ඌ මගෙ නිම්නව මරන්න කලින්....තව ක්‍රම දාස් ගානකට මරලා දාලා තියනවා කල්පන....නිමන්ගෙ ඩයරියත් හරියටම ඈන් ෆ්‍රෑන්ක්ගෙ ඩයරිය වගේ.....ඈන්ට බේරෙන්න වාසනාව තිබුනත්...ජයවර්ධනයා කියන හිට්ලර් හා සමාන අමු තිරිසනාගෙ කූඩුවට අහු උන මගෙ නිම්න තනිකරම ගෑස් කාමර අස්සෙ හුස්ම ඇරපු අහිංසකයෙක්ට හපන් උනා.....මතක තියාගනින්...මගෙ ලිස්ට් එක මාගාලක් වගේ.....එයාට රිදවපු හැම එකාවම මං හොයන් යනවා...මුලු ඉස්කෝල කාර්තුවම අන්දකාර කරපු ළමයි....වෙන හැන්දකින් බෙදුව ගුරුවරු...මේ ඔක්කොම මගෙ ලිස්ට් එකේ ඉන්නවා කල්පන.....

මං නැගිට්ටා...කොහෙන්දෝ ආව වරා මලක් උඩු හුලගෙ ගහන් ඇවිදින් හිමින් සීරුවෙ මහ පොලවට පහත් වෙනකොට මගෙ ගාව උන්න සම්බෝල පාට පූසා කකුල් දෙකෙන් හිටන් අත් වලින් වරා මල අල්ලගන්න හදද්දි මං ඌවත් දලා දත්මිටි කාගන වගේ එන්න ආවා.....

මයුරයා.....

කල්පන....සමහර වෙලාවට දඩුවම් විදින හේතුව වත් ඒ දෙන්න දැනන් උන්නෙ නැතුව ඇති.....

උඹ කිව්ව හරි ලිස්ට් එක මාගලක් බැරි නම් සෙල්ලිපියක් තරම්.උනත් උන් විදවන්න ඕන....

මයුරයා...අපි ඕකව ඕනා නම් අරගන යන්...බුංජියට පාලුවක් නැති වේවි....අපේ ගෙදර ඉන්න බලු ජඩයා එක්ක ඔවුන්ව හදන්න බෑ...අනික අපේ අම්මා උනත් පූසන්ට එච්චර පන්නන්නෙ නෑ...කමනිට හපන්...අපේ සිරියලතා ආය බඩින්ද කොහෙද....ඒකි අපේ ඇස් වහල කා එක්ක හරි සෙක්ස් කරල...පැටියෙක් ඕනා නම් කියපන්...ඕකි මේ පාරත් කෙල්ලො ගොඩක් දැම්මොත් අපේ ගෙදර බලු මඩමක් වෙනවා...ඇයි ඉතින් ඔක්කොම ඉල්ලන්නෙ බල්ලන්ව....බැල්ලි පැටව්ව අහන්නෙ නෑනෙ බැල්ලි පැටව් ඉතුරු වෙනවා....ඒත් උන් හරි සුවදයි බන්.....ගිහින් දාන්න හිතකුත් නෑ...නොදරුවොනෙ....සිරියලතා මේ පාර ගිය මිනිහා ලස්සන එකෙක් උනොත් හොදයි....ගිය පාර නම් ඇලෙන්න ගියේ අර පහල ගොන් මූන තියන එකා එක්කනෙ....

ඒකගෙ පැටියෙක්නෙ උඹලගෙ ටූත්ලසයත්.....අනිකා රවිදුවලා ගෙනිච්ච බැල්ලි පැටියා....රැජිනි.....ඒකි පැටව් දැම්මද බන් එක පාරක්වත් නෑනෙ.....? රවිදුවගෙ බැල්ලිත් ලෙස්බියන්ද මන්දා ඌ කිව්වා ගිහින් ඉබින්නෙම උන්ගෙ බූල් බැල්ලිව කියලා .... සිරියලතා නාකි උනාට තාම මෝල් ගාය....මේ පාරෙන් පස්සෙ නම් ඕකිගෙ කුරුම්බැට්ටි පුකට ඩයිනමයිට් වත් ගහනව....ගෙදර ඉන්න බල්ලො ගාන වැඩි වෙනකොට අපේ බත් එකෙන් බත් හැදි ගාන අඩු වෙනවා..ඇයි අපේ අප්පච්චිගෙ වයිෆ්ට දරු කැක්කුම සහලවලම ඉහට ගහනවනෙ...

මං ලාවට හිනා උනා.....නිම්නගෙ සම්බෝල පාට පූසා ගැන කිව්ව විතරයි උදාරයා ගාව හරි අමාරුවෙන් කට පාලෙන් කරන් ඉන්න උදාරයා මගෙ ගාව වක්කඩෙ කැඩුවා කියවන් යනකොට මං හිනා උනා....

වෙලාව හරියටම දොලහයි...ජයවර්ධනයා කෙසේ වෙතත් කල්පනයා අර පූසව උස්සන් යන්න තීරනේ කරල හමාරයි.....මායි කල්පනයයි ඇතුලට යනකොටම නර්ස් පට්ටම කරන සිකියුරිටි කෙනෙකුයි....දොස්තර විභාහගෙ ලියපු නර්ස් කෙනෙකුයි ලෙඩෙක් බලන්න ආව මනුස්සයෙක්ට බල්ලෙක්ට වගෙ අල්ලන් බනිනවා..හේතු දන්නෙ නෑ...

ඉස්පිරිතාලවල කොහොමත් එහෙමනෙ...සිකියුරිටිලා නර්ස්ලා....නර්ස්ලා දොස්තරලා.....ඇරත් නර්ස්ලාට යන තරහා.....බනින බැනුම්....කොයිවෙලෙත් දුම්මල වරම අතට අරන්...ඉන්ටර් ඩොක්ටර්සලා නම් අනේ.....දාහෙන් සම්පතයි...එකම අවුල ලාවට හරි කොහෙ හරි ගෙඩියක් තියනව කියලා එකෙක් හරි දැනගත්තොත් කාක්කො වගේ උන්ටික අර ගෙඩිය තියන ලෙඩාව අල්ලන් මැරෙන කම්ම ගෙඩිය බලනවා.....පොත පිරෙනකම්ම ලියා ගන්නවා....ඔබ ඔබ රිදෙනවද අහනවා.....

ඕපීඩි එක පහු කරන් ආව මායි කල්පනයයි සංඝ්‍යා වහන්සේලාට වෙන් කරපු කාමර....තියටර් එක මේ ඔක්කොම පහු කරන් කොරිඩෝව දිගෙ ඉස්සරහට ඇවිදන් ආවා..දොලහා උනත් හරි ලෙඩ්ඩු බලන්න ආව උන් පාස් එක අරන් දුවනකොට මුත්‍රා අමාරුවට ඉස්පිරිතාලෙ ඇතුල් කරපු සීයව බලන්න ආව කියලා පාස් එකක් කල්පනයා ගන්නකොට මම මූනම පාත් වෙච්ච මාමව බලන්න ආව කියලා වෙන පාස් එකක් ගත්තා.....

කරන්න දෙයක් නෑ....මොකො අරකගෙ නම කියන්නද...

මයුරයා උඹ ඔය පැත්ත බලපන්.....

ම්න්.....

කොරිඩෝවෙන් හැරිලා පිරිමි වාට්ටුවට ගියපු අපි දෙන්නා කොළඹ කාක්කො දෙන්නා වගෙ ජයවර්ධනයව හෙව්වා...ඌව බැරි උනත් ඌ ළඟ ඇතියි කියලා හිතලා අනුමාන කරන කාකි ඇදුමක් හෙව්වා.....

කාගෙද අප්පච්චි අර අතක් නෑ කිව්වෙ....

අනිත් වාට්ටුවෙ.....වංගියක් පොලිසියෙන් ආවා...ආය නම් ආවෙ නෑ...

අත ගොඩක් කපලලුද අප්පච්චි .....

මැනික් කටුව ගාවින්ම අහක් කරලා....

මං හිමීට මගෙ කන හැරෙව්වා...වයසක උන්දෙක්ට වීදුරු බෝතලේකට දාගන ආව සුප් එකක් පොවන මැදි වයසෙ දෝනියැන්දෙක්....දෙන්නගෙ කතා බහට වස්තුවිශය වෙලා තියෙන්නෙ ජයවර්ධනයා වෙනකොට මගෙ හපන් කමේ ප්‍රතිපල මං මේ කන් වලින් අහන් උන්නා....."C" එකක්.....මගෙ සාමාර්තේ ටාම සී එකක්....මට ඕනෙ A+එකක්.....

කලපනයා හරි....ජයවර්ධනයා කියන්නෙ මරනෙට වත් හිමිකම්.කියන්න ඕන එකෙක් නෙවෙ....ඌ වැලලෙන්න ඕනෙ අමුවට....හරියටම අර චීනෙ පරන සම්ප්‍රදාය වල පන පිටින් කොෆින් එකට දාල වහල පියනට ඇන ගහනව වගේ මූවත් අමුවට පෙට්‍ටියක දාල වලලන්න ඕනෙ.....

..මයුරයා.....

ඇයි.....

බඩු ඉන්නවා...දූතයො පිරිවරාගන බඩු හෑව්.....

කාපනයටත් හම්බ වෙලා...මට ඇහුන දේ කල්පන ඇස් වලින් දැකල තියනකොට මං කල්පන එක්ක බෙහෙත් සැර සර්ජිකල් ස්ප්‍රිට් සැර ඒ අතරින් පතර එන බත් සුවද එක්ක ඒ වාට්ටුවෙන් අනිත් පිරිමි වාට්ටුවට මාරු උනා....

අන්න ඉන්නවා...මූට මෙ වාට්ටුවට වඩා ගැලපෙන්නෙම...බෝගම්බර හරි....වැලිකඩ හරි වාට්ටුවක් කියලා හිතෙනවා.....

ම්න්...නෑ....මූට එහෙ යන්න තරම් වත් සුදුසු කමක් නෑ..අනික....මුගෙ ජීවිත කතාවෙ කෙරල විසදෙන්නෙ මගෙ script එකට අනුව...පාත්‍රවර්ගයා....මොකා..මොකා...

එයිද.....කියන්න දන්නෙ නෑ..හැබැයි....මුගෙ කැරැක්ටර් එක තමයි විදවනම කැරැක්ටර් එක...වරෙන් යන්න..දැක්කා නොදැක්කා වගෙ ගිහින් මූන බලමු.....

පොඩ්ඩක් ඉදින්....මයුර.....

කල්පන මාව නැවතුවා....දූතයො පිරිවරාගන උන්න ජයවර්ධනයා උන්න දිහාවට යන්න හැදුවා ..ඒත් කලපනයා මාව අල්ලගත්තා....

ඇයි.....

.උඹයි මායි කපල් එකද.....????නැත්තන් මං දැන් උඹගෙ ex එකද...උඹට මාව එපා රවිදුව ඕනා කිව්වා නේ....ම්ම්ම්.....කල්පිවද ඕනෙ...නැත්තන් ...කොට මැනිකවද.....

නෑ...මං ඩබල් ගේම් කාරයෙක් කියලා හිතලා...කල්පිට පුලුවන් මගෙ සෙක්සි බොටම වෙන්න.....මට උඹවත් ඕනෙ...රවිදුවවත් ඕනෙ....

එර්..ඒ.....එ...මයුරයා....නැවතියන්.....උඹ.ඔය කියපු තාලෙ ඇල්ලුවෙ නෑ...ඇත්ත කියපන්...උඹගෙ හිතෙ මං ගැන අදහසක් තියනවද....

ම්න්...දුන්නොත් ගහන්න නම් අදහසක් තියනවා....හරිද අහගත්තද

..ඒ..මහ වේසයි ආ උඹ...හිටපන් බුංජියට කියන්නම් උඹ මටත් ලයින් කියලා

ම්න්...කියලා බලපන්....එතකොට ඇරලමයි පස්ස බලන්නෙ...කියවන්නෙ නැතුව වරෙන්....

....ඒ..පොඩ්ඩක් ඉදින්...මන් පවර් බොටමෙක්ද.....???නැත්තන් ....

උදාරයා ගාව ඉන්නෙ...ඒ වගේ ඉදපන්...

යෝ...අනූ...හ්හ්හ්..ම්හුක්.....

මගෙන් හොද දෙකක් අහගත්තු කල්පනයා ආයම මගෙ පෙම්වතාගෙ කැරැක්ටර් එකට බහිනකොට මන් ලැජ්ජාව පැත්තකින් තියලා ලැජ්ජා නහරෙ කපාගන අරකගෙ අතට මගෙ අත පටලව ගත්තා.....

මිනිස්සුන්ට සිහිය නෑ...අත් පටලවන් වාට්ටුව මැදින් යන අපි දෙන්න දිහා බලන්න.මිනිස්සුන්ට ඒ තරම් සිහියක් නැති වෙනකොට මම කල්පනයගෙ අත අල්ලන්.ජයවර්ධනයා ගෙ ඇද ගාවින් දෙපාරක් තුන්පාරක්ම ගියත් ඒකව වටකරගන උන්න උගෙ සමනල විරෝදි කල්ලිය හන්දා ජයවර්ධනයා ගෙ මූන පෙනුනෙ නැති වෙද්දි ඊලග පාර එතනින් යනකොට කල්පනයා හොම්බෙන් යන්න තීරනේ කෙරුවා වගේම අවදානෙ ගන්න ඕන හන්දා මටත් වැටෙන ඌව අල්ලගන්න කෙයාරින් පෙම්වතාගෙ කොටසක් රගපාන්න සිද්ද.උනා....

ආ...ආහ්..අනේ...අනූ

බබා....ලමයො කොහෙ බලන්ද යන්නෙ....

කකුල පැටලුනා අනූ.....අනේ සොරි අංකල්....

තුවාලද....නෑනෙ...කෝ බලන්න....සොරි අංකල්....මෙයා ඔයාවත් හැප්පුවා.....ද්..දෙයියනේ...අංකල්....

ඔයා....???බබා මේ ජයෙ අංකල්

...ම්..මයුර...පුතා.....

මන් හිතන්නෙ අපෙ මෙහෙයුම සාර්තකයි ....හොම්බෙන් ගියපු කල්පනව වෙනුවෙන් මම කරදර වෙන තරම බලන්න හැමෝම හැරුනා වගේම උන් ජයවර්ධනයා දිහා නොබල හුරතල් බොටම් කෙනෙක් වෙච්ච කල්පනගෙ හැසිරීම වගේම එයාගෙ දනහිස් තුවාල වෙලාද බලන මාව උන්ගෙ දර්ශන පථයට හොදටම අහු වෙද්දි ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගත්තු මං ඊලග පාර බට එල්ලන් උන්න ජයවර්ධනයා දිහා බලලා සෑහෙන්න පුදුම උනා.....

අංකල්.....හත් දෙයියනේ.....අංකල් මේ මොකද....

ඇයි ජයෙ අංකල් මොකක් වෙලාද මෙ අත

ඇ..ක්සිඩන්ට්...එකක්...මයුර.....කල්පන පුතා මෙ කොහෙ...යන ගමන්ද...

ජයවර්ධනයා උන්නෙ හේ බාගන...ඒත් වට පිට උන්න උන්ගෙ උකුසු ඇස් තිබුනෙ මගෙයි කල්පනගෙයි අත් දිහාවට වෙනකොට මායි ඌයි පුලුවන් තරම් රිලැක්ස් වෙන්න හැදුවා.....

අපෙ සීයට මූනම පාත් වෙලා අංකල්.....අර ලබ්බ බහිනවා කියන්නෙ...ඒක වෙලා.....මායි අනුයි දවල් බත් එක අරන් ආවා...නහින දෙහින කාලෙ උනත් වෙන දේවල් බලන්නකො අංකල්....

කල්පනයා මාවත් අතින් අල්ලන් උගෙ කටට එන හැමදේම කියනකොට මම ජයවර්ධන ගෙ මැනික් කටුව ගාවින් වෙන් උන අත දිහා බලන් ඉදල බලන් ඉදලා හිමීට අත උඩින් අත තියනවත් එක්කම ඒකා ගැස්සිලා.ගියා.....ඌට කෙදිරි ගෑවුනා....

අංකල්.මෙච්චර දෙයක් වෙන්න මොකක්ද අංකල් අතට උනේ...මොකක් හරි මැශින් එකකට වත් ගියාද...

එයාගෙ අත මැශින් එකකට අහුකරන්....ජයවර්ධන අයියා මේ ළමයි දෙන්නව දන්නවද....

මං දවසක් මල්ලිට කිව්වෙ...ළමයි දෙන්නෙක් ඉන්නවා...මගෙ පොත් කියවන කියලා.....මෙ ඉන්නෙ ඒ දෙන්නා.....

දෙන්නා හොද යාලුවො වගෙ නේද ජයවර්ධන අයියෙ...මං මෙ බලන් උන්නෙ.....අත් දෙක අල්ලගනමයි...

එයාලා යාලුවො නොවෙ මල්ලි...

යාලුවො නෙවෙ...?එහෙනම්.....

ඇම ගිල්ලා....ජයවර්ධනයා ගිලපු ඇමම ළඟ ඉන්න එවුනුත් ගිලිනකොට මකර කටට පැනපු මායි කල්පනයයි .ලැජ්ජා වෙන් වගේ ජයවර්ධනයා දිහා බලන් අනේ අංකල්...කියන්න එපා.ලැජ්ජයි අංකල්.වගෙ බැල්මක් දෙනකොට අලුත් ගොදුරෙ නැවුම් ලේ සුවදටද කොහෙද අතෙ අමාරු පැත්තක දාලා ජයවර්ධනයා හින වෙනගමන් අපි දෙන්නව ස්කෑන් කරන.මිනිහා දිහාවට හැරුනා...

ඒ දෙන්නා යාලුවො නෙවෙ ඒ දෙන්නා ආදරෙ කරනවා....!!

👉👈ආයම කොටසකින් එනකන් පයිස්සමින් ඉන්ඩෝ.....

😘ආතරෙයි අනේ හැමෝටම

මම ජොබි

Nedeesha 😘😘❤❤

More Chapters