Cherreads

Chapter 21 - 21

....ඉදුනිලයා...අම්මට සිරි...නහය...නහය.....

අතෑරපන්....අතෑරපන් තිලිනයා මාව...ඔය දොලහෙ ආර්ට් ඒකෙ එකා.....

නිම්න උන්නෙ වතුර බිබි...මගෙ අතේ තවම මූඩිය.....අරකගෙ නහය කැඩුවා කියන්නෙ මට කොහොමත් පිනාගෙ ඔෆිස් එක ඇතුලෙ හිටගන්න වෙනවා කියන එක දන්න ගහපු මමත් ගලිසා වගේ එතන නැවතිලා උන්නා...

නිම්න ඔයා යන්න.....

මයුර...එ..එයලා....එයාල....

කිව්වම අහලා යන්නකො....ම්ම්ම්....ඒක ගැන එච්චර හිතන්න එපා...ඌ පස්සෙ මට ගැහුවත්...මං ඕකට කොහොමත් ආය ගහනවා...ඒක ගැන හිතන්නෙ නැතුව යන්න...

නිම්නගෙ ඇස් දෙක ලොකු වෙලා....කොල්ලා බය වෙලා....එයා තටමනවා...මුමුනන්න හදනවා.....ඉදුනිලයා කියන්නෙ එච්ව්හර හොද කෙනෙක් නෙවෙ කියන්න තටමපු නිම්නව මං උරහිස් දෙකෙන් අල්ලලා අනිත් පැත්තට හරවල පන්තියට යන්න කිව්වා...

ම්..මයුර....ඔයාගෙ ..බෑග් එක මං අරන් යන්නද ...

ඇයි.....ඉගන්න වැඩේට අමතරව නාට්ටාමි කමත් කරනවද නෑනෙ නිම්න නේ....යන්න...මගෙ බෑග් එක මට ගෙනියන්න පුලුවන් ....

මං ඊට එහා වචනයක් නොකිය නිම්නව ගේට්ටුවෙන් ඇතුලට තල්ලු කරලා දැම්මා....ඒ තල්ලු කරලා මං නහය පිහ පිහ උන්නත් අනිත් උන්ට ඌ ගාවට ලන් වෙන්න නොදී හෙනම ලයින් එකක් අල්ලන ඉදුනිලයා දිහා බැලුවා....බේසික් පුතාට කලිසම් කකුල් දිගෙ හුජ්ජ පෙරුනා....අදත් ඉල්ලන් කන්න හදනවා.....කමක් නෑ...උඹ අල්ලපන්කො අඩව්වක්...මං ඉතින් මෙහෙ ඉන්න ආව එකා නෙවෙනෙ.....

මොන දේ උනත්...මම නැන්දම්මා දුන්න වරප්‍රසාදෙට නම්....කට පුරාවටම පින් දුන්නා....

මට අතීතෙ වෙනස් කරන්නත් බෑ...මකන්නත් බෑ....හැබැයි...මට එය වෙනුවෙන් හිටගන්න පුලුවන් ....අතීතෙට තව තාවකාලික කෑලි එකතු කරන්න පුලුවන් ....ගැලවිලා යන බව දැන දැන උනත්...පිටු අමුනන්න පුලුවන් ...

මං හිතන්නෙ ඔය අයිය මගෙ නම දන්නෙ නෑ වගෙ...දොලහෙ ආර්ට් එකේ එකා...එහෙනම්...ඉතින්..මටත් පුලුවන් ඒ වචනෙන්ම කතා කරන්න....

උඹගෙ ලයින් වැඩි.....උඹ අනුරුද්දෙ දාපු පාර්ට් මෙහෙට දාගන එන්ඩ එපා හරි.....

අපො නෑ...අනුරුද්දෙ උඹ වගේ ලොන්ත පූස් ඩයල් උන්නෙ නෑ...උඹට ප්‍රශ්නෙ තියෙන්නෙ මං නහය කඩපු එක නම්....හිතල බලපන් ඇයි මං උඹගෙ නහය කැඩුවෙ කියලා ....ම්ම්ම්ම්ම්ම්ම්

ආ..ආ..ආ.....දැන්නෙ...තේරුනෙ ...මොකෝ...අනුරුද්දෙන් මෙහෙට ආවෙ ....අරූ ඉන්න හින්දද....

කැමති නම්...එහෙම හිතා ගත්තා උනත් අවුලක් නෑ....මොකද....උඹ මොන ලබ්බ හිතුවත්....ඒක මට වෙනස් කරන්න ඕන කමක් නෑ.....

එහෙමද...දැන් උඹ ගේමද....???

නෑ.....අපො...මං කොතනකවත් ගේම ඉල්ලුවෙ නෑ...උඹ පඩත්තර කතාවක් කිව්වා..මං ඒකට උඹට අල්ලන් ගැහුවා...චැප්ටර් එක ක්ලෝස්...හැබැයි...යන්න හදපු මාව ආයම නවත්තන් ලයින් අල්ලන උඹ නම් ගේමද කොහෙද ඉල්ලන්නෙ.....

මෙහෙමයි ඉදුනිලයා.....වැඩි ලයින...අනාගතේට එච්චර හොද නෑ...උඹ ෆ්‍රිෆෙක්ට් මිසක්...පිනා නෙවෙනෙ.....ඩියුටිය බෑග් එක ඇරියා....බැලුවා...වැහුවා.....උඹට අතර මැද වෙලදදැන්වීම් ප්‍රචාරනේ කරන්න කවුරුත් ගෙව්වද...නෑනෙ.....

අනික...මොකද බන් ඔය ලොන්ත පූස් වැඩේ....උඹලා මුලු සෙක්ශන් එකක්ම එකතු වෙලා තනි කොල්ලෙක්ගෙන් ගේම ඉල්ලනවා...ගේම ඉල්ලනවත් නෙවෙ...කොල්ලා අහිංසකයි කියන්න දැන දැන ගිහින් ඌට ගේම දෙනවා...ඉතින් උඹලට පුලුවන් නේ ඔයිට වඩා ලොකු එකෙක්ගෙන් ගේම ඉල්ලන්න....ඇයි බැරි.....දන්නවා අනිවාර්යයෙන්ම කනවා කියලා .....

මචන් මේ වැඩි හොදට කියන්නෙ.....ලොකු ලයින් අල්ලන් එන්ඩ එපා...හෙන ගොබ්බ පාටයි .....ම්ම්ම්

කට කතුර වගේ කියවපු මං ලට වහගන්නවත් එක්කම හෙන අයියා ලුක් එකෙන් උන්න අරකා හිමින් හිමින්

මගෙ ලගට ආවා.....තවත් ෆ්‍රිෆෙක්ට්ලා දෙන්නක් තුන් දෙනෙක් උන්ගෙ පාඩුවෙ බෑග් චෙක් කර කර උන්නත් මොකද...සැරින් සැරේම අපි දිහාවත් බැලුවා.....ඒත් මෙතන කා කොටා ගන්න බැරි කමට අරුයි මායි කෙරුවෙ මුමුන ගත්තු එක වෙනකොට මගෙ ලගට ආව හිච්චි පිනා මගෙ කොලර් එක හැදුවා....හදලා මගෙ ශර්ට් එකත් හැදුවා....

මූන නම් ගමකට ගහන්න ඒ උනට මූට පුලුවන් ගමකට ගුටි කන්න....ඊටත් මොනවද මූ මේ දාන ලයින්.....තනිකරම රන්ජා වගේ අර යූ....යූ ...යූ....ගාන්නෙ.....

ශුවර් එකටම මූ කොලිවුඩ් බලනව අගේ ..මිනිහගෙ හිතෙ ඌ මෙහෙම උරුම්පූට්ටු වෙනකොට තලපති විජේ කියලද දන්නෙ නෑ...කරන්ඩ දෙයක් නෑ...මටත් එහෙනම් ඒ ටිකම තමයි.....if you bad...im your dad තමයි කියන්න වෙන්නෙ....

උඹගෙ හෙන්ම ලයින නේ...උඹ අල්ලන්නෙම හෙන ලයින් නේ.....හරි..හරි.....ඔච්චර ලයින් නම්...දෙවනි පීරියඩ් එකේදි ස්ලැබ් එකට වරෙන්කො හරි....

...ම්ම්ම්....

උඹ දන්නවද ..මට අල්ලන්නෙම නැත්තෙ උඹගෙ ඔය තියන මහ පඩ ලයින් එක.....සෝබන ලයින් එක.....අහංකාර ලයින් එක.....තනිකරම හිසරදයක් උඹගෙ ඔය ලයින් එක....මේක අනුරුද්දෙ නෙවෙ....හරි.....ඒකෙයි මෙකෙයි වෙනස මං උඩට ගියහම පෙනන්නම්...දැන් පරිස්සමින් පන්තියට පලයන්කො...

අරූ මගෙ කම්මුලට තට්ටු කෙරුවා ....නිකන් නෙවෙ...දෙවනි පීරියඩ් එකේදි උඩට එන්න කියපු ඌ මගෙ කම්මුලට තට්ටු කරනවා වගේ පෙනුනත්...ඌ කෙරුවෙ තරහව කාගන මගෙ කම්මුලට හිමි හිම්න් ගගහා මගෙ ලයින් එක ඌට අල්ලන්නෙ නෑ කියාපු එක වෙනකොට මම කෙරුවෙ තවත් චුට්ටක් ඇස් හීනි කරන් බලන් උන්න එක වෙනකොට අවසානෙදි ඒකා මට පරිස්සමින් පන්තියට පලයන් කිව්වා...

හරි...මං එන්නම්...හැබැයි .....උඩදි වෙන දේවල්...උඩදි විතරයි ...උඹයි මායි විතරයි ...සහයට නැටි බෑ.....උඹට ශුවර්ද ඉඳුනිල් මේක කරන්නම ඕනෙ කියලා .....මං මේ අවවාදයක් දෙන්නෙ.....

ඇයි....උඹ පකීර්ද.....අවවාද දෙන්නෙ...බය නම්...ඒක මූනට කියපන්.....ලයින් නොදා....අනික....තනියක් ඕනෙ නෑ...කොහොමත් උඹගෙ ළඟ ඉන්න අර අනිත් උන්ටත් උන ගැනෙන්න කනකන් නින්ද යන් නෑ වගේනෙ.....එක්ක වරෙන්කො.....උඩට.ආවම අපි විසදගමු...

අරු හදන්නෙ අද හොද හෝටලේකින් මදි නොකියන්න කන්න...කරන්න දෙයක් නෑ ...ඌ ඔච්චරම ආස නම්.....කාලා බලපන්

හරි...එන්නම්...හැබැයි මෙහෙමයි ඉඳුනිල්.....කතාවක් අහලා තියනවනෙ.....ඕනම මනුස්සයෙක් ඇතුලෙ කූඩු කරාපු යක්ශයෙක් ඉන්නවා කියලා .....ඉතින්...වහපු කූඩු ඇරල....අහක යන නයි කලිසම අස්සෙ දාගන....ඔය ළඟ ඉන්න ඇහැටුල්ලට මොනවම හරි උනොත්...කෑවො...කෑවො...ගාලා කෑ ගහන්න එපා ම්ම්ම්ම්ම්ම් ඒක එතනින් ඉවර කරලා ලස්සනට ආපහු මොකුත් නොවුනා වගේ බිමට බහින්න ඕනා...හරි....එහෙනම්....ඔච්චරයි ..

අරකගෙ මූනෙ තරහව උතුරනවා.....සමහර විට මං ඇගිල්ල දික් කරලා ඌට ඉන්නෙ හැගැටුල්ලෙක් කිව්ව නිසාද දන්නෙ නෑ...නෑ...ඉතින් මං බොරු නෙවෙ කියන්නෙ.මගෙ අතට අහු උන එකනෙ වයර් කෑල්ලක් වගෙ හීනීයි....එතකොට දැන්....රබර් පටියක් වගෙ ඇත්තෙ...අනුන්ගෙ තරම බලන්න හදනවා තමුන්ගෙ ළඟ ඇහැට පේන්නෙ නැති එකක් තියන් මගුල් කියවනවා....

මං ගේට්ටුවෙන් ඇතුලට එන්න ආවා.....හැබැයි එ එක්කම ගේට්ටුව ගාවම නවත්තපු ලාන්සර් කාර් එකක සද්දයක් එක්ක මං නැවතුනා...නැවතිලා හැරිලා බැලුවා....

මොඩිෆයිව් කරපු ලාන්සර් එකක්...බීටර් එකක් ගහලා ඒකයි සද්දෙ වෙනස්....

පරන නම්බර් එකක්...

ලමයො...

මම වටපිට බැලුවා මොකද ....මේ එක තත්පරේට එතන උන්න ඉස්කෝල කනුටික එකා මෙහා වෙලා මිසින් වෙලා තිබුනා.....ශටර් එක බාගෙට පහත් කරාපු මනුස්සයා ලමයො කියලා මට කතා කෙරුවෙ...

ඔව්....

මේක....සුචිත්‍රා මැඩම්ට දෙනවද.....

කාර් එක ලගට කිට්ටු වෙනවත් එක්කම පොත් හතර පහක් එලියට දික්කරාපු මනුස්සයා මගෙන් ඇහුවෙ මේක සුචිත්‍රා මැඩම්ට දෙනවද කියලා ....එතකොට මේ ඉන්නෙ....

මං තවත් ටිකක් ඇස් හීනි කරලා මිනිහා දිහා විපරම් කරලා බැලුවා ....ක්‍රීම් පාට අත් කොට ශර්ට් එකයි ..බෝතල් පතුල් කන්නාඩි දෙජයි .....

අම්මටම සිරි... තාත්තට වෙරි.....ජයවර්ධනයා.....අඩේ...මේ ජයවර්ධන ගොයියනෙ....මූ වෙනස්නෙ....

නෑ ....වෙනස් කියන්නත් බෑ.....සුදු කොන්ඩෙ කලු පාටයි .. ඕක තමයි එකම වෙනස...ඒත් අර මුඩුම මුස්පේන්තු මූන නම් එහෙම්මමයි...මහ මූසල මූනක් තියෙන්නෙ...

සුචිත්‍රා මැඩම්ට...

ඔව්....

ලා කලු ගහපු වීදුරුව අස්සෙන් ඉස්සරහා ශීට් එකේ තවත් කෙනෙක් ඉන්නව දැකපු මං තවත් ටිකක් ලන් උනා...මොකද මූ ශටර් එක පාත් කෙරුවට මොකද අතයි බෙල්ලයි ඉක්මනට එලියට දැම්මා වගෙම ඉස්සරහා ශීට් එක පිටිපස්සට කැඩුවා....එතකොට අර ඉදන් ආව එකාව පස්සට යනවා.....

සාරි කාරියෙක්...

ඒකත්....සකරමොටන් පාට ගොඩක්...

පොත ගන්න එක තත්පරේට මම ඉස්සරහා ශීට් එකෙ උන්න සාරි කාරි දිහා ඇස් කැරකෙව්වා ....

හොරයක් තියනවා...හොරයක් නැති නම් ඇයි හංගන්නෙ....මේ ගෑනි හොර ගෑනි වත්ද.....

වෙන්න බෑ....නිම්නගෙ අම්මා කිව්වා මූත් සම කියලා ...එහෙම නම්.....

අංකල්...සුචිත්‍රා මැඩම් ඉන්නෙ කොහෙද දන්නෙ නෑනෙ...මොකද මාත් අදයි ආවෙ...

ඔෆිස් එක ගාවම...නැත්තන් ඔයා ඕක කාටහරි දෙන්න....

මම බොරුවක් කිව්වා....අච්චර දන්න මනුස්සයව දන්නෙ නෑ කියන ගමන් පස්සට වෙලා උන්න් ගෑනි මොකීද කියලා ඇස් කැරකෙව්වා...

දෙමලද මන්දා...වෙන්න ඇති....ඒකනෙ අර නලල මැද මොට්ටුවක් ගහන් ඉන්නෙ....කොන්ඩෙත් මල් අටවන් ඉන්නෙ... කාර් එකම ගැට පිච්චි සුවදයි...ඒත්...ඒත්.......

නෑ...නෑ...මේක මෙතන හිතනවට වඩා පන්තියට ගිහින් කල්පනා කරන එක හොදයි...ජයවර්ධනයගෙ අතෙන් පොත් ටික ගත්තු මං ඉතුරු වෙලා තියන විනාඩි දෙක තුන ඇතුලට ආයම ගේටුවෙන් ඇතුලට පැන්නා.....

ගෑනුන්ට කොහෙන්ද උගුරු ගැටයක්????

සකරමොටන් සාරි එකයි ..ඔලුවට අටවන් උන්න ගැට පිච්ච මල් වැලයි...නලලට ගහන් උන්න මොට්‍ටුවයි.....ඒත් ...ගෑනියෙක්ට ඔච්චර ලොකු උගුරුගැටයක්...ඒකිට පපුවකුත් තිබුනා.....

එකම උසට කපාපු ..එකම දිගට වවාපු මැජෙන්ඩා පාට බෝගන් විලා මල් ගස් පේලි මැදින් වැටිලා තිබුන පාරෙන් මං ඔෆිස් එකට යනගමන් කල්පනා කෙරුවෙ ගෑනුන්ට කොහෙන්ද උගුරු ගැටයක් කියන් එක වෙද්දි මං බලාගන සුචිත්‍රා මැඩම් වයිස් පිරින්සිපල් ඔෆිස් කියලා ගහලා තිබුන එයාගෙ ඔෆිස් එකේ දොරෙ තිබුන මොනවා හරි සූරනවා.....

තනි ප්ලේන් දොරේ තැනින් තැන ඉතිරි උන කොල කෑලි.... .බිම තිබුන උන්ඩි කරාපු කොල කෑලි....තඩුස්සි උන මූන.....මේ ඔක්කොමත් දිහා ඇස් ලොකු කරන් බලාගන උන්න වට පිට ඉන්න ළමයි....

මැඩම්....

ලා කහපාට තනි ප්ලේන් ඔසරියක් .... බෝරිච්චි කරාපු අත් දෙක වැලමිටෙනුත් පහලට ආව සුදු පාට ඔසරි හැට්ටෙ.....රත්තරන් පාට බට්ටෙ චූටි ඔරලෝසුව .....කසාද මුදුවක් නැතිව පාලුවට ගියපු වම් අත.....කන් වල ඇහැට නොපෙනන කරාබු කුට්ටම...අගල් දෙකක් විතර දුර දෙකට මැදින් බෙදලා අනිත් ටික පස්සට පීරලා ගෙඩිය ගහපු කොන්ඩෙ ...තලෙලු පාට හම...දිගැටි මූන....හැදුවත් නෑ වගේ පේන ඝණ ඇහිබැම...කර පාලුවට ගියපු බෙල්ල.....

මන් ඔය කිව්වෙ ...,

මැඩම් කියලා හරි හිමීට කතා කරපුවම මගෙ දිහාවට හැරුන මගෙ නිම්නගෙ අම්මගෙ හැඩරුව....වේවැලක් අතේ තියාගන මගෙ පස්සෙ එලවන මගෙ නිම්නගෙ අම්මගෙ ඇත්ත හැඩරුව....

අදත් කොල ගුලි ගොඩක් හැම තැනම...දොර පුරාවටම ඉතිරි උන කොල කෑලි...සුචිත්‍රා මැඩම් දිහා බලල බල කුනු කුනු ගගා යන ගුරු බවලත්තු සෙට් එක...

මං අතේ තිබුන පොත් ටික පැත්තක දාලා අර දොරේ තිබුන කොල කෑලි ගලවන්න ගත්තා...

මුන් ඔක්කොමව ගිහින් දාන්න ඕනෙ පරිවාසෙකට....මොලෙ හෝදලවත් ගොන් හැත්තට දෙයක් තේරුම් කරන්න බෑ....

මහ උනුත් එකයි පොඩි උනුත් එකයි ...

ඔයාලගෙ වැරද්ද...කියවන් එනකොටම කන රත් වෙන්න දෙක තුනක් වැනුවා නම්මේ මොකුත් නෑ.....

මොකටද මෙච්චර විදවන්නෙ...

ඔයාලා කරාපු වැරද්ද මොකක්ද.....????

මේක ඉසෝලයක්ද... තනිකරම මානසික ලෙඩ්ඩුනෙ ඉන්නෙ.....

බෙල් එකත් ගැහුවා....ඒත් මගෙ කට නෙවෙ වැහුනෙ.....මං කියෝගනම ඉන්නවා.....සුචිත්‍රා මැඩම් මගෙ දිහාව බලන් ඉන්නවා....

පන්තියට යන්න බෑ....එහෙන් නිම්නට වද දෙනවා..එලියට එන්න බෑ...මෙහෙන් ඔයාට වද දෙනවා...මේ මොන වදයක්ද...මිනිස්සුන්ට මෙහෙම වද දෙන්නෙ.....මිනිස්සුගෙ මානසික නිදහස ගාතනේ කරන මුන්ට මොන දඩුවමද දෙන්න ඕනෙ...මුන්ව මරලත් මදි .....

සුචිත්‍රා මැඩම් මගෙ දිහාව බලාගන උන්නා....ඒ ඇස් වල කදුලු පිරිලා.....ඒ මූන තඩිස්සි වෙලා....ඇස් යට ඉදිමිලා....මොන ජරහන්තෙ ලියලද දන්නෙ නෑ.....

ඔ..ඔයා...මගෙ...පුතාගෙ

ඔව් මං නිම්නගෙ පන්තියෙ...ඇයි මැඩම් මෙහෙම කරන්නෙ.....නිම්න පව්..... තව ළමයෙක් එක්ක කතා කරන්න බෑ...පදයක් හදනවා ...උගන්න වෙලාවට එක තත්පරේකට අහක බලන්න බෑ.....ගුරුවරු හුනු කොට්ටෙ මූනට එවනවා...එතකොට ඒ කොල්ලා විතරද අහක බලන එකම එකා.....නිම්න පව්.....මොන වේදනාවක්ද...මොන දුකක්ද .....ඔක්කොම එකතු වෙලා පාගනකොට..... නිම්න කොච්චර පව්ද අම්මෙ...කොච්චර පව්ද...

...??

මට එක පාරම අම්මෙ කියලා කියවුනා....ගෙදර ඉන්න මේ සුචිත්‍රා මැඩම්ටම අම්මෙ කියලා කියලා පුරුදු වෙලා එක පාරම මට මෙතනත් අම්මෙ කියලා කියවෙනකොට එයාව ගැස්සිලා ගියා...මාවත් මොකක්ද වෙලා ගියා....

සමා.... .වෙන්න...මැඩම්....

ඔය...ළමයා....මගෙ පුතාගෙ පන්තියෙද....

ඔව් මැඩම් මම නිම්නගෙ පන්තියෙ...ඇයි නිම්න කිව්වෙ නැද්ද මම නිම්නගෙ යාලුවෙක් කියලා .....

යාළුවෙක්....

ම්න්...මං නිම්නගෙ යාලුවා...

මගෙ...පුතාට....දැන්..යාලුවෙකුත්....

ඉන්නවද....

මට මහ මොකක්ද වෙලා ගියා.....විනය බාර උනත්...වයිස් ප්‍රින්සිපල් උනත්.....ඉස්කෝලේ ගුරුවරියක් උනත් මෙතන ඉන්නෙ ඔක්කොටම වඩා අම්මෙක් වෙනකොට මගෙ හදවතට මහ වේදනාවක් දැනුනා...

එතකොට ...ඒකද එයා...ඊයෙ මොන දේ උනත් ..හිනා වෙලා දරාගන උන්නෙ....

......ඇ..ඇයි....ඊයෙ....ඊයෙ මොකද උනෙ....ඊයෙ.....ඊයෙ මොකද උනේ...??ඊයෙ....මගෙ නිම්නට මොකක්ද උනේ???

ඊයෙ පෝය ....එහෙමයි අම්මා කිව්වෙ....ඊයෙ පෝය...ඒකයි අපි නාවෙ....එයාගෙ අම්මා ..මෙතන ඉන්න සුචිත්‍රා මැඩම් අහනවා එයාට යාලුවෙක් ඉන්න නිසාද මින දේ උනත් එයා හිනා වෙලා දරාගෙත්තෙ කියලා .....

මගෙ නිම්නට ඊයෙ මොන මගුලද උනේ....

මට මගෙ නිම්න කියවෙනවා...එයාට අම්මෙ කියලා කියවෙනවා....

ඔලුවයි පපුවයි ගිනිගත්ත කම්මල වගේ...

අතීතෙ ඉන්න සුචිත්‍රා මැඩම්වත්. ..නිම්නවත් මාව නොදන්නවා උනාට..අනෙ බන් මං උඹලව දන්නවා කියලා මට කෑගහන්න ඕන උනා....

මැලවුන මූනයි....ඉදිමුන ඇසුයි තිබුන සුචිත්‍රා මැඩ්ම් බිම තිබුන කොල කෑලි ඇහිදල ඩස්ට්බින් එකට දානකොට ඉස්කෝලේ පටන් ගන්න ගාතා කියන්නත් පටන් අරන් තිබුනා...

බුදුබන ඇහුනත් හිතට නිවනක් නෑ...

ධර්මය ඇහුනත් පපුවට නිවනක් නෑ.....එයාගෙ කටින් පැන්න එකම වචනෙකින් මගෙ පපුව අස්සෙ ලැව්ගිනි ඇවිලෙන්න ගත්තා.....

එයා අතේ තිබුන කොල ගුලි එකින් එක...එකින් එක ඩස්ට්බින් එකට අතෑරියා....මට එ අම්මව දකිනකොට මගෙ අම්ම මතක් උනා...

දෙයියනෙ මට මෙහෙම දෙයක් උනෝතින් මගෙ අම්මගෙ පපුව පැලිලා මැරෙයි....

ආදරේ වැඩි කමට අම්මට අම්මෙ නොකියා කමනී කමනී ගෑවට....මගෙ අම්මගෙ ඇස් වලට කදුලු එන එක තරම් මට වෙන වේදනාවක් තිබ්බෙ නැ....එහෙම ඉන්න මට මේ අම්මගෙ ඇස් වල තිබුන කදුලු දැක්කම මට වේදනාවක් නැතිව යයිද...

මැඩම්....

තවමත් ගාථා යනවා...

එයා මම මේසෙ උඩින් තියාපු පොත් ටික දිහා බලාගන උන්නා....ඒත් ඒ අස්සෙන් කදුලු වැටුනා...

මට හරි මහන්සි.....

සුචිත්‍රා මැඩම් මුමුනනවා...එයාට මහන්සිලූ.....එයා කියන්නෙ නෑ...ඒත් එයාට නොදැනුවත්වම කියවෙනවා....

මං ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම සුචිත්‍ර්ස මැඩම්ගෙ අත අල්ල ගත්තා

මට...ස්වර්ගෙන් බැහැපු දේවදූතයෙක් වෙන්න වත් ....ප්‍රාතිහාර්‍ය පාන්න වත් බැරි වේවි.....එත් ....ඒ ඇස්වලට කදුලු උනන එක අඩු කරලා...මූනට හිනාවක් ගේන්න පුලුවන් වේවි.....මොකද ..මගෙ සැනසීම...තියෙන්නෙ...ඒ ඇස් ළඟ....

මං එලියට දිව්වා..... මේ ගාතා කියන අස්සෙ ලමයි හැමෝම පන්ති අස්සෙ වැදගන ඉන්නකොට මම විතරක් මොකාද වගේ දිව්වා.....

මගෙ හිතට සැනසීම කියන දේ ඇත්තෙම නෑ....එයා හැම දේම හිනා වෙලා දරාගත්තලු...මොනවද...මොන මගුලද අර යකා කරලා තියෙන්නෙ....

මං හුස්මක් වත් ගන්නෙ නැතිව පඩිපෙල දිගෙ උඩට දිව්වා ගාතා ඉවර උනා....මුලු පන්තියෙම උන් උන්නෙ මා දිහා බලාගන ...කල්පනයගෙ මූනෙන් ගිනි පිට වෙනවා.....ඔක්කොමත් පැත්තක දාලා මං කෙලින්ම බැලුවෙ නිම්න දිහා.....

එයා ඉන්නවා ජනේලෙන් එලිය බලාගන....දාගන උන්න බෑග් එක උරහිසෙන් ගලවපු මං පන්තිය අස්සට එනවත් එක්කම කල්පනයා මට ඇස්වලින් කලු ලෑල්ල පෙන්නුවා....

මයුරනිම්න.....

මයුර නිම්න...

නිම්නට බනිනකොට ඇයි මයුරට රිදෙන්නෙ.. ..

මුලු බෝර්ඩ් එකෙන් එකයි අපි දෙන්නගෙ නම් දෙක එකට කරලා හෑලි ලියලා .....

ශුවර් එකටම අර නිම්නයගෙ කොන්තරත්තුවක් වෙන්න ඇති.....පන්තියෙම උන් බලන් උන්නෙ මාදිහා ...මං මකයිද කෑ ගහයිද....ගහගනීද කියලා උන් බලාගන ඉන්නවා....

අනෙ මට ඒ තරම් ගැට්ටෙ අමාරුවක් නෑ.....මොනා උනත් මේ සිල්ලර වැඩෙ කරපු එකාට අතින් ගානක් දෙන්න ඕන...මොකද පොඩි නිම්නයා දැනගන්නවනෙ සිරාවටම මන් ඌට කැමතියි කියලා .....

තව විනාඩි දහයකින් සින්හල ගුරා එනවා.....සාක්කුවට අත දාපු මන් ගොරකා වගේ ඇඹුල ගේන සෙන්ටර් ශොක් එකෙ තැඹිලි පාට බබල් ගම් එකක් අරන් කටේ ඔබා ගත්තා එහෙන් කල්පනයා හස්ත මුද්‍රාවෙන් මට කියනවා මකන්න එපා ගේම ඉල්ලමු කියලා ...ඌ ඉතින් ගේම ඉල්ලමු කියනව නම් බැස් කියන්න පුලුවන්ද ..අනික අපි හතර දෙනාට ඉන්විටේශන් එකකුත් ආවා...

කෝ චෝක් නැද්ද....

මං ඉස්සරහම උන්න කෙල්ලගෙන් චෝක් නැද්ද අහනකොට ඒකි අනිත් එකී දිහා බැලුවා ...තනිකරම පතෝලයි වැටකොලුයි ජිල්බෝලයි එකට දාලා ගහපු හොද්දක් වගෙ....ඇයි ඉතින් තුනම මෙලෝ රහක් නෑ...

කෝ මේ මොනිටර් අද චෝක් ගෙනාවෙ නැද්ද.....

මං ගුරුමේසෙ රෙද්ද උස්ස චෝක් කෑල්ලක් හොයලා අවසානෙදි මොනිටර් කම දරන එකාගෙ මූන බැලුවා උගෙ නම සමන් කුමාර....සමන් කුමාරගෙ මූන තනිකරම සැමන් වෙලා....

අද පාසල් නාවෙ ඇයිද....සැමන් කුමාර...කෝ....චෝක්.....නැද්ද...පන්තියෙ පලවෙනියා උනෙ සැමන් කුමාර...කෝ චෝක්....??

ම...යුර....චෝක්....කෑලි...පෙට්ටිය අල්මාරියෙනෙ

කොහෙද ගෙදරද???

නෑ....ඔය වානෙ....කබඩ්...එකෙ

සැමන් කුමාරගෙ මූන තනිකරම නාවපු ඩියුලක්ස් බල්ලෙක්ගෙ වගෙ....ඒකියන්නෙ සැමන් කුමාර මේ ක්‍රියාන්විතේට සම්බන්ද නෑ....ඕ....කෙ....

වානෙ කබඩ් එක ඇරපු මං චෝක් කෑල්ලක් අරගත්තා ...පන්තියෙම උන්ගෙ ඇස් කටේ...කට පොලවෙ.....ඒත් එදා ගේම ඉල්ලපු එකා....මගෙ නිම්නට කකුල දාපු එකා විතරක් බුරිය උල් කරන් ඉන්නවා....හ්ම්...හ්ම්...රන්කිරි එලියට පනින්න දෙක තුනක් කෑවා නම්....හරියයි....

මයුර නිම්න....මයුර නිම්න.....නිම්නට ගහනකොට ඇයි මයුරට රිදෙන්නෙ..

මං මුලු කලු ලෑල්ලෙම තිබුන වෙද අකුරු දිහා බලන් උන්නා...අවසානෙදි මන් මයුර නිම්න ළඟින් හාර්ට් එකක් ඇදලා මැදින් ඊතලේකුත් ගහලා MAYUNIM FOREVER කියලත් ලිව්වා ....

අද ඉදන් ...ෆැන්ඩම් එකෙ නම මේක....ඔච්චර ඉරාගන දිග නමක් කියන්ඩ ඕන් නෑනෙ.. ..අනිත් දවසෙ ලියනකොට හාර්ට් එකකුත් අදින්ඩ ...මොකද ....ආදරේ හිස්තැන් තියනකොට යක්කු රිංගනව කියනවනෙ....ම්ම්ම්ම්....

අතෙ තිබුන චෝක් කෑල්ල මේසෙ උඩට විසි කරපු මං ගුරු මේස රෙද්දෙම්ම සපත්තු දෙකත් පිහදාගන බබල් ගම් බෝලෙකුත් පුම්බ පුම්බ ඇවිදින් මේසෙ උඩට මගෙ බෑග් එක ඩග් ගාලා අතාරිනගමන් කල්පනයා දිහාව බැලුවා...

මොකද ....උඹටත් ෆැන්ඩම් නමක් ඕනෙද ....."දාරාල්පන "කියලා දාගනින්....

පිස්සු තොට....මගෙ හිතෙ ඌ ගැන ඇති මගුලක් නෑ....

..උඹගෙ හිතෙ ඌ ගැන මොකුත් නැත්තන් උඹ කොහොමද එකපාරම ගෙස් කෙරුවෙ ම්ම්ම්ම්ම්....පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා....කියපන් ඕක මොකාද ලිව්වෙ....

දන්නෙ නෑ බන් මන් එනකොටත් ලියලා තිබ්බෙ....

.ම්ම්ම්.....මකන්නෙ නැතුව ඔහොම්ම තියපන්....සින්හල ගුරා අද පාඩමට ලජබට එකක් වත් උගන්නයිනෙ...කොහොමත් ඕක ලියාපු එකා තදියම් වෙලා ඕක මකනවා.....බලපන්කො.....ආ..දෙවනි පීරියඩ් එකෙන් පස්සෙ සාංගීක දානෙකට ඉන්විටේශන් එකක් ආවා...ස්ලැබ් එක උඩට ....

ම්ම්ම්ම්...හරිම...අගෙයි.....ඉන්විටේශන් එක ආවෙ අර ලොබු මූනගෙන් නම් කියන්ඩ එපා මයුරයා .....ඕකා මෙතනිනුත් යනකොට හෙන පඩලයිනක් අල්ලන් ගියේ....

එහෙන් තමයි ...වෙන කොහෙන්ද....තනියම එන්න එපා කියන්නෙ...ඌට බදාගන කන්න ඕනා වෙලා.....

කාරි....නෑ..සද මගෙ ලොව එලිය නොවුනට....මං කිව්වෙ ඌට තියෙන්නෙම ඉල්ලන් කන මහ මූසලම මූනක් ඈ...හෙන වේසයි....

ඉදගන උන්න පුටුවෙ පස්ස කකුල් වලට බර දීලා මගෙ මෙසෙට හේත්තුව දාන් උන්න කල්පනයා ලාවට ඔලුව වනන ගමන් තව මොනව හරි කියන්න

කට අරිනවා එක්කම මගෙ ළඟ උන්න නිම්න....මගෙ අතට තට්ටු කෙරුවා.....මං කොල්ලා දිහා බැලුවා....

අනේ ඒ මූන රතු වෙලා...ඇසුත් එක්ක රතු වෙලා...උදේ දැකපු ලමයා නෙවෙ දැන් ඉන්නෙ....කොල්ලා මට තට්‍ටුව දැම්මෙත් දැනෙන නොදැනෙන ගානට වෙනකොට මට ජයවර්ධනයගෙ කාර් එකෙ උන්න ගැනිව මතක් උනා...

උගුරු ගැටෙ ...ගෑනි කිව්ව ගමන් මතක් වෙන්නෙ ඒකිගෙ පැනපු උගුරු ගැටෙ.....නිම්න දිහා තත්පරයක් විතර බලන් උන්න මට මගෙ යටි හිතම උත්තරෙ දෙනකොට මමම ලාවට ඔලුව වනාගත්තා....ට්‍රාන්ස් කෙනෙක්....ඒ උන්නෙ ට්‍රාන්ස් කෙනෙක්...

කියන්න නිම්න....

තත්පරයක් දෙකක් කල්පනා කර කර උන්න මං අවසානෙදි එයාට උත්තර බැන්දා...

ඇයි....ඔයා එහෙම...ලිව්වෙ....මයුර.....

ලිව්වෙ කියන්නෙ...උන්ට ඕනෙ අපෙන් ආතල් එකක් ගන්නනෙ....ඉතින් ආතල් ඉල්ලනකොට ...අපි අඩලා...දොඩලා....නටලා හරි යන්නෙ නෑ වස්තු....අපිත් උන් ගහන පදේට පොඩ්ඩක් නටන්න ඕනේ...ඔච්චර අහින්සක වෙන්න එපා...තලන්න තලන්න යකඩෙ මුවහත් වෙනව කිව්වට උඹ ඇවිදින් එන්න එන්න මොටවෙනවනෙ....ම්ම්ම්ම්....

ව්...වස්තු ...?

මේකට ඔක්කොම කතා වලින් ඇහිලා තියෙන්නෙ ඒ වචනෙ විතරයි..කොහෙද මටත් සීමාවක් නෑනෙ.....ඒත් ඉතින්...ඇයි දෙයියනේ මෙතන ඉන්නෙත් මගෙ කොල්ලමනෙ...මං කොහොම නම් මාව පාලනෙ කරගන්නද.....

.හරි..හරි...ඒක හිතන්න එපා.....ඔයා දැක්කෙ නෑ වගේ ඉන්න....මං ඔය සමහර වෙලාවට කියන එව්වත් ඇහුන් නෑ වගෙ ඉන්න...

ම්ම්....එක්කො....මං...ගිහින් මකන්නද මයුර....ඕක ඔහොම තිබිලා...ඔයාට මං නිසා තවත් ලැජ්ජා ..වෙන්න වෙයි....මට මේක හුරුයි....ඒත් .ඔයා....ඇයි....ඔයාට බැරි වෙන තැනක....

හෝව්...හෝව්...යන්න නම් කියන්න එපා....මලාටවත් මං මෙතනින් නම් යන්නෙ නෑ....අහල තියනවද...පිටිපස්සෙ පේලියෙන් තමයිලු.....පුලුල්ව දකින උන් බිහිවෙන්නෙ..මට හැමදේම පුලුල්ව දකින්න ඕනා...ඔයාට තෙරුනානෙ...පුලුල් දර්ශන ...

අනිවාර්යයෙන්ම ...ඒකනෙ නිම්න දැන් මූ හැම දේකම ලස්සන පස්සෙන් ඉදන් බලන්නෙ... දැන් නවතින්නෙ පස්සෙ දොරවල් ගාවමයි....

පස්සෙ...දොරවල්...

ඔව්...මූ කියනව වගේ.....පස්සෙ දොරවල් ගාව උන්නම තමයි පුලුල්ව දකින්න පුලුවන් ...මේ.....න්....තරම....

කල්පනයා....

හරි...හරි....ඉතින්.....මගෙත් ඇස් පොට්‍ට නෑනෙ...බිව්වම පද්දවනෙ නැතුව ඇවිදින්න කියපන් එහෙනම්.....මටත් ඊයෙ චපල වෙන්න හිතුනා....

දත් නැතුව කන්න ආසයි වගෙ නේ....

අරූ වලත්ත කතාවක් කිව්වා...අනේ මේ මොකුත් නොතේරෙන මගෙ නිම්න අර බෝර්ඩ් එකේ තියන දෙ ගැනයි....මං ගැනයි වද වෙනකොට මං එයාට ඒ ගැන හිතන්න එපාය කියලා කොල්ලගෙ හිත හැදුවා...ඒත් දැන් කාරනා දෙකක් මගෙ හිතට වද දෙනවා...එකක්.....ඊයෙ මොකද උනේ අහන්න....

නිම්න...

එයා උන්නෙ පොත දිහා බලාගන....වෙන උන් ඕප දූප කියවනකොට අනේ කාගෙවත් සමාගමකට අල්ලාප සල්ලාපෙකට වද්ද නොගන්න මගෙ තනි උන පුංචි කුසුම පොතට එබීගන උන්නා.....

ඊයෙ පෝයනෙ.....

ම්ම්ම්...ඔව්...

මොකද කෙරුවෙ...දවල් වෙනකන් නිදාගත්තද.....

එයා හිනා උනා.....දවල් වෙනකන් නිදා ගත්තද ඇහුවම එයා හරි අහිංසක විදිහට හිනා වෙලා නෑ කියන්න ඔලුව වැනුවා....

ඇයි....

ප්...පහට...නැගිටින්න....ඕනනෙ....

එ මොන පුකටද පහට ....නිවාඩුනෙ....

කුනුහර්ප කියන්න...එපානෙ....ඇහෙයි ලමයිට...

මේක අරකම තමයි දෙයියනේ...කොච්චර ඊරිසියා කම් කෙරුවත්...අනේ මේ ඉන්නෙ ඒ පොඩි නිම්නයම තමයිනෙ.....

මට ලෝබ හිතුනා....අනේ වස්තු...අපි හැමදාම මේ අතීතෙම හිරවෙලා ඉමු කියලා එයාව තුරුල් කරගන්න හිතුන....රැයෙන් බාගයක් හාදු තිබ්බත් මොකද ...මාව තුරුල් කරගත්තු ලොකු නිම්නගෙ සමහර වචන මාව නොමරා මැරුවා....

අනූ....මාව දැනටමත් දිරන්න අරන් ඇති කියනකොට මගෙ පපුව කඩාගන යන්න ආවා....

ඒ නිම්නම..අද මෙතන..අනේ..හුස්ම වැටෙනවා...නාඩි වැටෙනවා...එයා කියනවා පහට නැගිට්ටලු.....

අප්පච්චිට ..පොල් ඉඩමක් තියනවනෙ....

ඉතින්....

ඊයෙ පොල් මුරෙ දවස....

ඉතින්.....

පොල් වෙනමයි....මට්‍ටා වෙනමයි විකුනන්නෙ...

මට කියන්න නම් එපා නිම්න පහෙ ඉදන් නැගිටන් පොල් ලෙලි ගැහුවා කියලා ....

.....නැත්තන් මට පුස්තකාලෙට යන්න බැරි වෙනවනෙ...ඒත්...මට ඊයෙ මොනවත් ලියාගන්නවත් බැරි උනා.....

මං අහක බලාගත්තා ...අරූ මේ කරන්නෙ පලි ගන්න එක....අරූ මෙ කරන්නෙ මගෙ නිම්නගෙ අත් වලට වද දෙන එක .....තත්පර ගානක් අහක බලන් උන්න මං එයාට හිතන්නවත් කාලයක් නොදි එක පාරම ඒ සිනිදු අත් ඇදල ගත්ත නිම්න බය උනා.....

ම්..මයුර....

දගලන්නෙ නැතුව ඉන්න මේක ගාන්න....උඹට තේරෙන්නෙ නෑ වස්තු දත් තිස්දෙකට මැදි උන දිව වගේ උඹලා දෙන්නා මැද ඉදන් මං විදින වේදනාව....

උඹ මෙහෙන් කියවනවා...අරකා එහෙන් කියවනවා...අඩන උන්ගෙ හිතවල් හදලයි ...රිදුන උන්ට බෙහෙත් කරලයි....අවසානෙදි උඹලා හැමෝටම සාදාරනයක් කරලයි නවතිනකොට මට ඉතුරු වෙන්නෙ කදුලුයි වේදනාවකුයි.විතරයි ..එක්කො..මාවත් අරන් යමල්ලා....මං පව් නැද්ද බන්...

මං එනකොට අරගන ආව හෑන්ඩ් ක්‍රිම් එක එයාගෙ අත් වල අතුල්ලන ගමන් හිතේ වේදනාවට කියවගන කියවගන යනකොට නිම්න මා දිහා බයවෙලා වගේ බලාගන උන්නා....

ම්..මයුර...ඔයා..මොනවද ඔය කියවන්නෙ.....මං හින්දා.....ඔයාට රිදුනෙ...කවදද....මයුර

උඹ හින්දා මට රිදුනෙ නැත්තෙ කවදද.....කමක් නෑ....ඔව්වා හිතන්න එපා.... මං මෙ පිස්සු කියවන්නෙ.....මන් සැරයක් කිව්වනෙ....මන් කියන ඒවා ගනන් ගන්න එපා...ම්ම්ම්...ඔයාට මොනවද ලියාගන්න ඕනෙ කියන්න..මගෙ අකුරු කැතයි...ඒත් පිලිවලට ලියල දෙන්න පුලුවන් .....මේ අත් මෙච්චර රතු වෙන්න

ඌ...ඒ පාර මේක මඩමක් වෙලානෙ.......

අද අත අතගායි ....හෙට...

හෙට වෙන කොට ඌ ගල අතගායි..ඉතින් උඹට පුකද .....නෑනෙ.....ඒ.....හෙන චීත්තනෙ මේ ආර්ට් එකෙ ඉන්නෙ....මොනිටර් ට යි මේකෙ ඉන්න ප්‍රිෆෙක්ටයි බෑනෙ මීහරක් ටික ආම්බාන් කරගන්න.....

නිම්න ගැස්සුනා...මගෙ අත් අස්සෙ තිබුන එයාග් අත් දෙක එයා උදුර ගත්තා.....මගෙ අතේ තිබුන ක්‍රීම් එක බිමට රෝල් වෙලා ගියා .....කල්පනයගෙ කටින් පැන්න කුනුහර්ප දෙක තුන එක්ක මන් මගෙ බෙල්ල හරවලා බැලුවා...මොකාද ඒ සිල්ලරකාරය කියලා.....

වෙනසක් නෑ....එදා නිම්නට කකුල දාපු එකාමයි....මූම තමයි ඔය සක්කිලි වැඩේ කරන්න ඇත්තෙ...මූම තමයි අනිවාර්යයෙන්ම බෝර්ඩ් එකෙ ලියන්න ඇත්තෙ....

මං ඉදන් උන්න පුටුවෙන් නැගිට්ටා ...මන් නැගිටිනවත් එක්කම මොනිටර් උන සැමන් කුමාර කෑගහන ගහ ගන්න උන්ගෙ නම් ලියන කොලේ අතට ගත්ත....ඌ නම් අමු පෑන්ටිය.....

මයුර...අනේ එපා...මයුර...උන්....එක්ක ඇවිලෙන්න එපා...මයුර....කල්පන....කියන්නකො.....

මං නැගිට්ටෙ කලිසම හදාගන්න ළමයො.....මං දැනන් උන්නෙ නෑනෙ ඔයාගෙ අත් වලට ක්‍රීම් ගානකොට අරයට රිදෙයි කියලා ...මට පේනෙ ඔයාට නැති උනත් එයාට නම් මගෙ ගැන හැගීමක් ඇති වෙලා වගේ.....

ද්..දෙයියනේ.....ම්..මයුර....අනේ....

ඒ.....ලැට් වලවල් හාරන්න ගත්තෙ කවදා ඉදන්ද මයුරයා...ඒක තනිකරම ගලි වලක්නෙ....

මගෙ සවුත්තු කටෙ සද්දෙ මුලු සෙක්ශන් එකටම ඇහෙන්න ඇති....සැමන් කුමාර මුලින්ම ලිව්වෙ මගෙ නමද කොහෙද....පුටුවෙන් නැගිටිනවත් එක්කම බය උන නිම්න මගෙ අතෙ දබර ඇගිල්ලෙන් ඇද ඇද මාව ඉන්දවන්න හදනකොට අනේ ...මොන අපායට ගියත් එන කල්පනයා උගෙත් කට ඇරියා විතරයි අරූට කර කියා ගන්න දෙයක් නැති උනා....

මචන් ....මං උඹගෙ නම දන්නෙ නෑ....ඒ කියලා මට උඹගෙ නම දැනගන්න ඕනෙත් නෑ.....හැබැයි.....නිම්නගෙ අතට ක්‍රිම් ගානකොට උඹට රිදෙනවා කියන්නෙ....උඹගෙ හිතෙ මගෙ ගැන අදහසක් තියනවා කියන එකෙන්...ම්ම්ම්ම්ම්...

මම උන්නෙ නිම්නට කකුල දාපු ලොන්ත පූස්ගෙ ඩෙස්ක් එක ගාව....අච්චර නිම්න එපා කියනකොට මං ඒ අතත් ගසලා දාලා අරූ ගාවට ආවා....පස්ස ගහන්න ගහන්න උන් තව තව නිම්නව රිදවනවා....එකපාරක් රිදෙව්වම උන්ට තේරේවි වේදනාව කියන්නෙ මොකක්ද කියලා .....

කියපන්....උඹ මට කැමතිද...

ප්...පිස්සුද උඹට...

.එහෙනම් නලියන්නෙ. ....මන් ක්‍රීම් ගෑවෙ නිම්නගෙ අතට.....නලියන්ඩ ගත්තෙ උඹව....එහෙම නලියන්ඩ හේතු එපැයි....

කව්ද දන්නෙ උදාරයා පනු ගායද කියලා ....ඔය බෝර්ඩ් එකෙ ලියපු එකෙකෙක්ගෙ අම්මෙක් අප්පෙක් එහෙම ඉන්නවා නම්.....

ඕක නවත්තපන් කල්පන....උඹ එක්ක ගනු දෙනු නෑ....සමන් ඕන්න ඕක මකනවා....

ලිව්වෙ සැමන් කුමාරද....නෑනෙ....මං හිතන්නෙ නෑ...සැමන් කුමාර අදින මැටීරියල් එකෙ හැටියට ඔය තරම් සිල්ලර වැඩක් කරගන්නවත් කොන්ද ඇති කියලා ...එහෙම නේ සැමන් කුමාර....ම්ම්ම්....ඔයා නෙවෙ නම් ලිව්වෙ.....පාඩුවෙ ඉදගන්න ..උඹ නම් ලිව්වෙ....සර් එන්ඩ තව තත්පර තිහක් තියනව ගිහින් මකපන්...මකන්න බැරි නම් තියපන්...තත්පර තිහ ඇතුලත....චෝක් කඩනවා වගෙ මං උඹගෙ ඇගිලි දහයම කඩලා දානවා.....

උඹ පෙරේදත් කකුලක් දැම්මා.....ආය දාලා බලපන් ..ගෙදර යනකොට උඹට කකුල අතේ අරන් යන්න පුලුවන් .....හොදද....පරිස්සමින් ම්ම්ම්.....

දැක්කනෙ....සාමකාමිව නඩු විසදනවා කියන්නෙ ඕකට තමයි....නැද්ද මයුරයා.....ඔහොම බයවෙලා නම් බෑ නිම්න...ඔයා බය වෙන්න එපා අනෙ....ඔය මල්පෑන්ටි අදින උන් වැඩිකල් ඔයාට කරදර කරන්නෙ නෑ....බය නැතුව නැතුව ඉන්න අනේ .....ඔයාට ඔය අන්දමන්ද ගතිය පහ වෙලා යන්න එක්ක සෙන්ටර් ශොක් එකක් දෙන්නද ...ඇඹරිලා විකසිත වෙලා යන්න.....

ඒවා...ඇඹුල්...නේද ....

ඇඹුල්.....ඒ උනාට චුට්ට වෙලාවයි....එක්කො...ඔයාට පොල්ටොපි දෙන්නද ...

පොල්ටොපි.....

ම්ම්ම්...ඔව්.....මුගෙ අප්පච්චි ට කඩයක් තියනවනෙ....

ඇත්තටමද.....

ආය....බොරු කියලා මොනවා ගන්නද.....ඔයා පොල්ටොපි කනවද...නැද්ද කියන්නකො.....

ක්..කනවා....

ආස මොන පාට ඒවටද...කොලද...කහද...

රෝ...ස....එව්වට.....

අරකගෙ නම සුපුන් .... මං උන්නෙ යටි තොල විකාගන....ඌට විතරක් ඇහෙන්න වර්නින් එක දීලා ආව මං උන්නෙ හිත යටින් ඌගෙ නම මතුර මතුර...

කලු ලෑල්ල පුරාවටම ලියපු එකාට වචනයයි කිව්වෙ අපූරුවට ගිහින් ලෑල්ල මකලා ඇවිදින් ඉදගන්නකොට යටි හිතින් ආවේස වෙලා උන්නත් මතු පිටින් ගානක් නැතුව සින්දුවක් මුමුන මුමුන උන්න මගෙ දිහා තවමත් නිම්න බය වෙලා වගෙ බලාගන ඉන්නකොට කල්පනයා දමාගන මගෙ කොල්ලගෙ හිත හදන්න ගත්තා විතරක් නෙවෙ...මටත් අමතක වෙලා තිබුන පොල් ටොපිය ඌම මතක් කරනකොට මගෙ හිත රිදවගන නිම්න එයා අස රෝස ඒවට කියද්දි මං එයා දිහා බලාගන උන්නා....

මයුරයා....

අරන් දියන්.....අඩියෙ ඇත්තෙ....

එයා මගෙ හිත කෙනිත්තුවා...එහෙන් මම නැතුව පාලුයි කියන ලොකු නිම්න...මෙහෙන්...පොඩි නිම්න....මගෙ හිත එකම කෙනෙක්ගෙ ජීවිතෙ කාර්තු දෙකක් මැද අතරමන් වෙන්න වෙලා තිබුනා .....ආදරනීයම නිම්නයක් ඇවිදින් මාව ආදරේ ගාව අතරමන් කෙරුවා ....

ම්..මේ...ඔක්කොම...මටද.....මයුර....

ම්න්....

ඔ..ඔයා...කොහොමද...දන්නෙ...මං මේවට ..ආසයි කියලා ....

ආ..අපෙ මයුරයා ඔයාට බොක්කෙම්ම ලව්.....ඌට ටෙලිපති තියනවා...

...ල්..ලව්....

ඇයි...හොද නැද්ද...මූට ටිකක් යමක් කමක් තියනවා..එක කොල්ලයි....යාලු උනොත් හැමදාම පොල් ටොපි තමයි....හරියටම හිරු අහුවොත් සල්ලි තමයි වගේ තමයි ...බහ දුන්නොත් හැමදාම පොල්ටොපි ...

මූට පිස්සු ..ඔයා ඕක තියාගන්න ඕක ගෙනාවෙ ඔයාට තමයි ...මතක් උනා...අරන් ආවා...ඔයා ආස නම් පැකට් එකම දැන් කන්න...ගානක් නෑ....සීනි වැඩි වෙලා කලන්තෙ දැම්මොත් මං ඉන්නවා අල්ලගන්න...ම්ම්ම්ම්

....

කොල්ලව රතු උනා....කල්පනයගෙයි මගෙයි බ්‍රේක් නැති කටවල් හින්දා නිම්නව රතූ උනා...අනේ එයා හිනා උනා.....අත් දෙකෙම්ම අර පොල්ටොපි පැකට් එක බදාගන උන්න නිම්නගෙ හිනාව කියන්නෙම වශීයක් වගෙ වෙනකොට කදුලු වලට පස්සෙ ඉපදුන හිනාව දැකපු මට හැම දේම අමතක වෙලා ගියා....ඇත්ත .....අවාරෙදි පිපෙන මල් ලස්සනයි කියන්නෙ ඇත්තයි.....

දුක්බර කාර්තු පහු කරන් ඇදෙන හිනාවන් හරි ලස්සනයි....

ඒ තරමටම එයාගෙ හිනාව ලස්සනයි...

තැලුනට මොකද...නිම්න කියන්නෙ භාවනාවක් වගේ....

එ ඇස් පවා හිනා වෙනව....මට විස්වාසයි ...නිම්න ..ඇඩුම් අස්සෙ උනත් ...උඹට මට ස්වර්ණමය කාර්තුවක් ගෙනත් දෙන්න පුලුවන් වේවි.....රිදුම් අස්සෙ උනත්....මට උඹව සතුටින් තියන්න පුලුවන් වේවි...

හිතුවෙ වත් නැති වෙලාවක ඇවිදින් හත්පාට ආදරේක ඇති වැරැද්ද මොකක්ද අහපු මගෙ නිම්න....

හත් පාට ආදරයක් ගැන මට උගන්නපු මගෙ නිම්න....

අසීමිත ආදරේ අසීමිත වේදනාවක් බව දැන දැන උනත්....අසීමිතව ආදරෙ කරන්න මාව බන්දවගත්ත මගෙ නිම්න.....

නිම්න උඹ කියන්නෙම සැනසීමක් නැති ඇබ්බැහියක්.....වේදනාව කාගන උනත් ඉවසන් ඉන්නවා මිසක්ක අත අරින්න හිතෙන්නෙ නැති ආදරයක් මගෙ නිම්න.....

.ඉතින්....අහසින් වැටුන මගෙ දුරුතු සද...

වැස්සට පෙරාතුව පෑයුව මගෙ දේදුන්න.....

මං උඹට ආදරෙයි බන් උතුරන්න.....

ස්තූතියි මයුර.....

අනෙ පොඩි එකෙක් වගේ එයා අරක බදාගන උන්නා...එයාට ඒක මහ මෙරක් තරම් වෙනකොට එයා මට ස්තූතියි කියපු විලාසෙට මට දුක හිතුනා....පුංචි දේකින් පවා එයා මේතරම් සතුටුවෙනවා කියන්නෙ....අනේඑ රත්තරනෙ උඹ එහෙනම් සතුට තවම අදුනන්නෙ නෑ....

ම්ම්ම්....කන්න එහෙනම්....

එකක්..කන්නම්....මට පැනිරස හුගක් කන්න අමාරුයි....

ඇයි.....

දත් කැක්කුම එනවා....දත් මුල් දිය වෙලාද කොහෙද

මම එක පාරම බැලුවෙ කල්පන දිහා....එයා කොයි වෙලෙත් හුරතල් වෙවි අනූ...ඇයි දතක් රිදෙන්න එන්නෙ අහන එකට මං විහිලු කෙරුවට මොකද ....එයා මෙතනදි දත් කැක්කුම එනවා කියපු එකට මට රිදුනා....

මං දන්නෙ නෑ මගෙ නිම්න....උඹ එකම වෙලාවෙ සැනසීම දිදී මාව රිදවන්නෙ ඇයි කියලා ...

එකක් කන්න...මං ඔයාට හෙට සෙන්සොඩයින් එකක් අරන් දෙන්නම්....

දත් මුල්දියවෙනවට ඒවා හොදයි...

එ..එපා....එපා...

ඇයි...

එව්වා..හෙන..ගනන්...කමක්...නැ...මං..මෙක අරන් තියාගන්නම්.....

ම්න්....

ඔයටත් දෙන්නද

හා අනෙ එකක්...නැ....එක්කො එපා....ඔව්වා කාල මට දන් ගෙඩියට බෙල්ල තියන්න බෑ...ඔයා කන්න අනෙව්....කල්පනයා ඔව්වට ඒ තරම් මනාපයක් නෑ....

ආ....යි....බෝ....වා...න්....

සිංහල ගුරා ආවා...එයාගෙ අතෙ තිබුන පොල් ටොපියට ශොට් එක දෙන්න හදපු කල්පනය මගෙ එක රැවිල්ලෙන් සැලැන්ඩර් වෙලා යනකොට නිම්න පොල්ටොපි පැකට් එකම බෑග් එකෙ ඔබා ගත්තා....හද්ද දොටක ඉදන් එන සිංහල ගුරා පීරියඩ් එකෙන් මුල් විනාඩි දහය හොරකන් කරන් ගුරු කාමරේට වෙලා උදේ බත් ගෙඩිය ගිලලා ඇගට පන අරන් ආයුබෝවන් කියනකොට අපෙ උනුත් ආයි බෝවන් ගාලා මුලු මාදම්පෙටම ඇහෙන්න කෑ ගහනකොට අනෙ මං ඔය මොකුත් හිතන්නෙ නැතුව පුටුවෙ අඩු දෙකෙන් ඉදගන බිත්තියට හේත්තුවක් දාන් උන්නා.....

ළමයි.....උඹල දන්නවා...ලබන සතියෙ සදුදා....රැස්වීම අපෙ පන්තිය....කලා කවේ කරන්නෙත්....අපෙ එක....

මං උන්නෙ නිම්න දිහා බලාගන ....එහෙන් අල්පෝන්සු ගුරා කියවනකොට මම නිම්න ගාව දැහැන් ගතවෙලා උන්නා....

හාදුවක් දීපන් දීපන් කිය කිය සාතන් වැහුනු මගෙ හදවත මාව යක්ශ පරික්ශාවට අල්ල ගන්නකොට මං හරි අමාරුවෙන් මාවම මෙල්ල කරන් උන්නා.....

මුන් ඔක්කොම එක තත්පරේකට කලන්තෙ වත් දානවා නම්....හිතෙ හැටියට ඉඹින්න තිබ්බා....මගෙ වස්තු කඳනෙ ඉතින්....

උඹලා මොනවා හරි දෙයක් ඉදිරිපත් කරන්ඩ ලෑස්ති වෙන්ඩ ඕනා.....පොඩ්ඩ බැරි වෙනකොට බයිලා වෙන්දේසි දාන උඹලට ඕක බැරි කමක් නෑනෙ....

අල්පෝන්සු ගුරා කියවගනම ඉන්නවා.....අනිත් පන්තිවල ලමයි

ඉගන ගන්නවට වඩා කෑ ගහනවා....ඒ ඔක්කොම ශබ්ද පූජා මැද මං මගෙ නිම්න දිහා බලන් ඉන්නවා....එයා මොනව හරි ලියනවා ....

මගෙ ලොකු නිම්න කිව්වා හරි...එයා ඩයරියක් ලියනවා.....

ඩයරි වලට එබෙන්න හොද නැති උනත් මොකද.....මට බැරි උනා නොබලා ඉන්න.....

2008..... .....

අම්මා කිව්වා හරි....ඕනම කලු වලාකුලක් පිටිපස්සෙම ....

රිදී පාට තියනවා...

අදින් පස්සෙ මං ව්ශ්වාස කරනවා....පාලුවට ගියපු නිම්නෙකට උඩින් පවා දවසක එලිය වැටෙනවා!!

ස්තූතියි මගෙ මූනට අද හිනාවක් ගෙනාව හැම දෙනාටම....

ආදරනීය දෛවය ....පුංචි ඉල්ලීමක්...අහම්බෙන් ආව මේ හිනාව.....

පුලුවනි නම් ඉතිරි කරන්න මගෙ මූනෙ

සංසාරෙ කෙලවර වෙන දවස වෙනකම්ම....!

ඔය අලුතෙන් ආව උන් දෙන්නා...අනුරුද්දෙන් ආවෙ.....

.ඇයි සර්.....උන් දෙන්නා ඉන්නවා.....

මාව ගැස්සුනා...එයාගෙ ඩයරිය හොරාවට කියව කියව උන්න මාව ගැස්සිලා ගියා...

අනෙ රත්තරන් ....සංසාරෙ කෙලවර...වෙනකම්ම...ඇයි...නිම්න....

උඹ ඔහොම.....???

ඔහොම ලියන්න එපා...බන් ...මට රිදෙනවා නිම්න.....

ඒ ලියපු වචන වලට පපුව සූරවන් යද්දි .....සර්කාරයගෙ කටහඩ මගෙ දැහැන සුන්නත් දූලි කරා මදිවට මාව බය කෙරුවා

මාව.විතරක් නෙවෙ....එයාව පවා....කල්පනයගෙ කටෙ සද්දෙත් එක්ක නිම්නවත් ගැස්සිලා යනකොට කොල්ලා දඩ බඩ ගාලා ඩයරිය ආපිට හංග ගත්තා වගේම මායි ඌ අල්පෝන්සු ඇදුරු සද දිහා බලන් උන්නා....

..උඹල දෙන්නට සින්දු කියන්න පුලුවන්ද ....

.අනිවා...සර්....

කියනවද එහෙනම්....

..සිරාවටමද අහන්නෙ සර්.....නෑ මං කියන්නෙ...මූයි මායි අලුත්නෙ සර්...පරන අය ඉන්නකොට....ඒ වැඩේ එච්චර....සෙට් නෑ වගේ කියලා මගෙ ස්පිරිත්තු ඇනිමලයා මට සිග්නල් එකක් දෙනවා....

උඹලට පුලුවන් නම්...එච්චරයි සිරා ධමනි කතා අදාල නෑ කල්පන.....

සර්ට අවුලක් නැත්තන් ...අපිටත් අවුලක් ඇත්තෙම නෑ ...ඒත්...මේ...සම ..හරක්....ඉන්නව...සර්....නැට්ටෙ ඉදන් ගොම ගාන්ඩ ගියාම....හරි අමාරුයි...ඒකයි...

මං ඔලුවට අත ගහගත්තා.....කල්පනයගෙ වරත්තු කට හින්ද නිම්නව දිය වෙන්න අරන් තියනකොට අරූ මගෙනුත් නාහම සින්දුවක් කියන්න බාර අරගන්නකොට මං දහ අතෙ සින්දුවක් කල්පනා කරන්න ගත්තා

සර්.....ඕකට ලමාගීමද ඕනෙ.....

සභ්‍ය තේරුමක් තියන ඕන එකක්....උඹලා කුනු හර්ප සින්දු කියන්නෙ නැත්තන් එච්චරයි ....

අරු කියෝගනම ඉන්නවා...මං ඔලුව කහ කහ සින්දුවක් හොයනවා....වෙන මොකටවත් නෙවෙ..මගෙ නිම්න ඉස්සරහා කලර්ස් පෙන්නන්න උවමනාව මටත් ඉහට ගහන් එන්න ගන්නකොට මම ආදරෙ කාවද්දපු සින්දු කල්පනා කරන්න ගත්තා ....

.සර්....ඕකට ස්වතන්ත්‍ර නිර්මාන පුලුවන්ද

...ස්වතන්ත්‍ර ???

ඔව්...අපිම හදපු එකක්...පුලුවන්ද

ඕන එකක්...ඕන එක්ක බන්....ඕන එකක්....දැන් උඹට උඹගෙම එකක් තියනවද....

..ඔව්.....තියනව...සර්ට අහන්න ඕනෙද...ඕනෙ නම්....චූට්ටක් කියලා පෙන්නන්නම්....

බිලින් කොහිල තක්කාලි

කතුරු මුරුංගා.....

බිලින් කොහිල තක්කාලි

කතුරු මුරුංගා...

පුහුල්ද වට්‍ටක්කා...

🦚ආයම කොටසකින් හෙට එන්නාම්...

.පයිස්සමින් ඉන්ඩෝ.....

ආතරෙයි .....

ජොබී...

Nedeesha ❤️❤️

More Chapters