Cherreads

Chapter 9 - 09

දෙවියන්ගෙ නාමෙට උදාර.....!!!

මං කෑ ගැහුවා.....උන දෙපිටින් යන්න කෑගහපු මං අර කොලේ අරගන කෑලි කෑලි වලට ඉරලා දැම්මා...පොඩි කොල කෑලි පවා කීතු කීතු කරලා දැම්මා.....

මයුරයා...මයුර....මොකකද බන් ඒ කරපු සක්කිලි වැඩේ...

මොකක්ද...මොකක්ද....උඹට උඹලා දෙන්නට මොලේ කියන කලදක් නැද්ද කියපන්.....උඹලා දන්නෙ නැද්ද මේක නරකයි කියන්ඩ...මේක නරක සෙල්ලමක් කියන්ඩ....

උඹට පිස්සුද බන්...අන්දකයිප්පුද කියපන්...මේක මේ නිකන් ගේම් එකක්....උඹ හිතුවද අපි දෙන්නාමේක දැන් අන්දකාර කාමරේකට අරන් ගිහින් ඉටිපන්දම් තුනක් ගහගන අර චාර්ලි චාර්ලි කියන කොල්ලට අඩගහයි කියලා ...???

මෝඩ හුත්තො...මෙ අහපන්....දැන් අපි තොපි ඉස්කෝලේ යන කාලෙ අපෙ පන්තියෙ හිටපු එකීලගෙ කාසියෙ බූතයටත් හොම්බ දාන් උන්නා....ඔය කියන කිසිම බූතයෙක් ආවද.....???නෑනෙ....

ඇරත් මේ මගුල කරන්න ඔනෙ පාලු ගෙදරක..හරි පාලු කොහෙ හරි තැනක පාන්දර තුනට...ඒ කියන්නෙ බන් අර කියන්නෙ යක්ශයාගෙ හෝරාවෙ කියලා...අන්න ඒ ටයිම් එකට...නිකන් නෙවෙ....දන්න හැටියට ඉටිපන්දම් තුනකුත් ඕනලු.....දැන් මෙතන ඉටි පන්දමුත් නෑ... අනික දැන් වෙලාව මද්දහන...අනේ බන්....උඹ තාම බයද කියපන්....ඉදකින්...පිස්සු පකා...ඔන්න ඔය කොල කෑලි ටික ගනින් රවිදුවා.....මූ තාම රොහාන්ගෙ සූකිරි කැටේ....

මං බත් එක මේසෙ උඩ තියලා කොල කෑලි ටික දිහාව බලන් උන්න...

මට මතක් වෙන්නෙම නිම්නව..එයා කියව්වා.මේක නරකයි කියලා ...එයා කිව්වා මේක නරක සෙල්ල්මක් කියලා .....මට බැනපු උදාරයයි රවිදුවයි තවමත්..මාව නෝන්ඩි කර කර මගෙදිහා බල බල කොල කෑලි අස් කර කර චාර්ලි...චාර්ලි ගාන්න ගත්තා....

යෝ....වුබර්...නම්....අඩේ උඹ මේ රවිදුවටත් වඩා බයයිනෙ.....මූ නම් කොට හින්දා වත් බයයි කියන්ඩ පුලුවන් ...

නිකන් ඉදු...කොට උන්ට විතරද බය හිතෙන්නෙ...තොපිට බය හිතෙන් නැද්ද අරන් වරෙන් අර කොස්ස....මං කියන්නෙ නෑ උඹට මගෙ කොතනද කොට කියලා.....

ඒකත් ඉතින් උඹගෙ සිගිති ඇගිලි පුරුකක් තරම් තමයි....උඹගෙ ඇගිලි වගේම ඒකත් ඉතින් හුරතල් පාට ඇති ...

හුරතල්ද කියලා අතගාලා බලපන්කො පොඩ්ඩක්...ආවා මෙතන...අල්ලල ඔබනවා කටෙ.....

චාර්ලි.....චා...ර්....ලී....අ...යූ.....ඒඑ....ව්ව්

න්..නිකන්...ඉදපන්...උදාරයා....පිස්සෙක් වෙන්ඩ එපා යකො.....

දඩා....න්න්!!

උ...උ..උදාරයා.....හ්!!!

මං කෑ ගැහුවා.....මග දිගට වෙච්ච කෙරිච්ච ඒවා..නිම්න කියාපු බහුබූත.... අර ගෑනි කියාපු කතා කොයිවෙලෙත් නිම්නා හොයන් එන කෙල්ල මදිවට මේ කොලයක් හන්ද මං උන්නෙ උන විකාරෙට වඩා වෙන විකාරෙකින් වෙනකොට උදාරයා අපි හතර දෙනාගෙන් ඉන්න කොටම එකා වෙච්ච රවිදුවව මඩව මඩව කෑ ගගහා ඉදලා එක පාරටම මගෙ කන ගාවට ඇවිදින් චාර්ලි චාර්ලි ගානවත් එක්කම බය උන මම කෑ ගැහුවා වගේම බිත්තියෙ එල්ලාල තිබුන රෝම ඉල්ලක්කම් ලියාපු පරන කාලෙ ඔරලෝසුව එක පාරම බිත්තියෙන් ගැලවිලා බිමට වැටුනා....

..උ..උදාරයා.....එ..ඒ...මොකක්ද...

ඔරලෝසුව...ඒකෙ ඇනේ....ම්..මලකඩ කාලා වගේ නේ බන්....එහෙම..නේද....

ඒ...වගේ තමයි....නේ...උදාර.....

එක තත්පරයක් යන්න ඇති.....හිනා වෙවි කෑ ගගහා උන්න උදාර වගේම රවිදුවත් එකපාරම ගැස්සිලා ගියා....

අපි තුන්දෙනාම බය උනා අපි තුන්දෙනාම එකට ගුලි උනා.....මග දිගට බයවෙවී ආව මට නම් මීට වඩා

තව බය වෙන්න තැනක් නැති උනා..... රවිඳු වගේ ඇස් දෙක ලොකු වෙලා තිබුණා...

ඒ එක්කම මගේ මගේ කන පිටි පස්සෙන් සීතලක් එක්ක අර ගෑනි ගෑණි කටහඬ ඇහුනා නිකං නෙමෙයි ඒ කටහඬ අද වෙනදාටත් වඩා සීතලයි නපුරුයි තරහෙන් වගේ ....ඊටත් වඩා....ඒ කටහඩ ඇතුලෙ තිබුනෙ තනිකරම වර්නින් එකක් වගේ.....

"අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ බං"

මට කර කියාගන්න දෙයක් නැති උනා ..අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහලා වැඩක් නෑ කිව්වා...බෑ...අපේ උන් දෙන්නා මේක කියෙව්වෙ නිකන්.....උන් ගාව ඉටිපන්දනුත් නැස්....මේක මහ පාන්දරත් නෙවෙ...

මේ...මයුරයා...මේන් මේ ලබ්බෙ ඇනේ දිරලා....

මමම කීතු කරාපු කොල කෑලි ටික අතට මිටමොලවන් ඒ දිහාව බලන් උන්න මට උදාරයා කෑ ගැහුවා...ඌ කියනවා ඇනේ දිරලලු...ඒක එහෙම වෙන්න ඇති...ඒත්....අර කියාපු වචන...

නිම්නගෙ වචන...

අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ....

අඩගහනකොට නෑවිදින් කොහොමද ....

උදව්වක් ඉල්ලුවොත් කාටත් නෑ කියන්න එපා...

මගෙ ඔලුව දැන් යකාගෙ විමානෙ වගේ...කම්මල කියන්නත් බෑ....කම්මල කියන්න කොහොමත් බෑ...ඊට හපන් මගෙ ඔලුව.......

උදාරලා නෙවෙ මේ කිසිම දෙයක් කෙරුවෙ....උන් ආවෙත් ආදයි...

අපි එන්න කලින්....මේ ගෙදරට කවුරු හරි ඇවිදින්......

හිටගන උන්න මම අතේ තිබුන කොල කෑලි ටිකත් එක්කම ආපහු සෝෆාවට කඩන් වැටුනා....එන්න කිව්වම නෑවිදින් කොහොමද .....????එන්න කිව්වම...නෑවිදින් බෑනෙ...

ඒ කියන්නෙ...මේක....මේක.....

අපි කවුරුත් නොදන්න කෙනෙක් මේ සෙල්ලම කරලා....

අපි නොදන්න කෙනෙක් මේ ගෙට ඇතුල් වෙලා.....

අපි කවුරුත්ම නොදන්න කෙනෙක්....ආපිට එයාලට අඩගහලා...

මයුර....මයුර.....

මයුරයා.....ඒ උදාරයා මේ මූට සහලවලා උන.....සුදු මැලි වෙලා.....මූ බය වෙලාද මන්දා බන්.....

මයුර .....මයුර...මයුරයා.....ඒ...ඒ....

මයුරයා.....මේ මූට ගින්දර වගෙ උන යකො.....

මං උන්නෙ ගල් ගැහිලා ...මං කාවද සැක කරන්නෙ....

මං කාවද සැක කරන්නෙ...

ජයවර්ධන කියනවා නිම්නා රට කියලා .....අර ගෑනි කියනවා නිම්නා ඒ ගෑනි එක්ක කියලා ....

අර කෙල්ල මේ කෙල්ලව හොයනවා.....

නිම්න.....

නිම්න ඒ වැඩේ කෙරුවෙ උඹද නිම්න....මේ වැඩේ කෙරුවෙ උඹද...

සුදු විතරක් ඇදගන දැක්ක දවසෙ ඉදන් මගෙ ඔලුව කුරුවල් වෙන ප්‍රශ්න අහපු ඒ වැඩේ කෙරුවෙ උඹද නිම්න...ඒ උඹද....??

සහලවලා උනකරන් බලාගත්තු අත බලාගන ඉන්න මගෙ ගාව වට උන අරුන් තුන්දෙනා මාව හොලව හොලව කියවනකොට මේක නරක සෙල්ලමක්.....හත් පාට ආදරේක ඇති වැරද්ද මොකක් අහ අහ මගෙ ඔලුව අනිත් අතට හරවන්න හදපු මගෙ හිත නිම්නව සැක කරන්න ගත්තා

නිම්නා...කෙල්ලෙක්....එතකොට අර කෙල්ලත් කෙල්ලෙක්....උන් දෙන්නා අතර තියෙන්නෙ හත්පාට සම්බන්ධයක් ...

ර්...රවිදු...තව මේ වගෙ කොල කීයක් ත්...තිබුනද.....

තුනක් විතර...

කෝ එව්වා ....

ගෑණි කියපු කතා වගේම නිම්නගෙ අර කෙල්ලගෙ සිද්දි එකට එක එකට එක පූට්ටු කරන්න හදාපු මං අවසානෙදි මගෙ ගාව වට වෙලා බය වෙලා වගේ පැත්තක් බලන් ඉන්න මා දිහා බලන් උන්න රවිදුවගෙන් තව කොල කීයක් තියනවද අහනකොට තුනක් විතර කියපු රවිදුවා ඒ කොල ටික ඔක්කොම ගෙනත් දුන්නා.....

නිල්පාට තීන්ත පැල්ලමක්.....

යෙස්....නෝ.....

චාර්ලි.....චාර්ලි....ආ....යූ....හියර්....????

මං හිතන්නෙ මට උත්තරේ හම්බ උනා....

මට උත්තරේ....හම්බ උනා....

තීන්ත පැල්ලම මට ඕන කරන උත්තරේ දීලා ගියා....

ඒ වෙනකවුරුත් නෙවෙ....

අඩගහනකොට නෑවිදින් බෑ නම්....අඩගැහුවෙ කව්ද....

ඔව්.....ඒ කව්ද...

නිම්න...සුදු ඇදගන විකාර කතා අහ අහ යන උඹයි....නිම්න...මේ සෙල්ලම කරපු එකම කෙනා...

නිම්න.....ඒඋඹයි...!!!

නිමන.....ඒඋඹයි නිම්න.....!!!!

මයුරයා...ඉදා මේ පෙනඩෝල් දෙක කාලා බීපන්....

ආ බන් උඹ පෙනඩෝල් හැදුවද මෙච්චර වෙලා...

ශුවර් එකටම මූ අරකිව බලන්ඩ යන්ඩ ඇති....උඹ හෙන ගොනා කල්පනයා...උඹ හෙනම ගොනා.....උඹටම එදා අතට අහු උනා ඒකිට වට්සැප් එකවුන්ට් දෙකක් තියනවා කියලා .....ඒ මදිද...ඒකිට දැන් දැන් ඔන්ලයින් ඉදම්ම නින්ද යනවා කියලත් තෝ ඊයෙ පෙරේදා නහයෙන් ඇඩුවනේ...

ඔව්..මට පේනවා.....කල්පනයා....දෝනියගෙන් ලගදිම දාර බූටක් කනවා කියලා ......

අඩේ ඒකි එහෙම නෑ බන්...නිකන් ඉදිල්ලකො යකො පද හදන්නෙ නැතුව....තොපිට කෙල්ලො වැටෙන් නෑ කියලා අපි පලිද....

මං උන්නෙ කෑම මේසෙ ඉදගන...සහලවලම උන හන්දා පෙනඩෝල් ගේන්න ගියපු කල්පනයා ආවෙ පැන්ඩෝල් හදන්න යන වෙලාවත් අරගන වෙනකොට ඌ එනකන් කන්න බැරි නිසා අරුන් දෙන්නම හීනියට බියර් එකක් ගහනකොට මම විතරක් ණය මැරුන අහිකුන්ටකයා වගේ උන්නා.....

කිව්වත් වගෙ කල්පනයා ඕකගෙ දෝනියගෙන් අද හෙටම බූටක් කනවා...ඒක ඌත් දන්නවා ඒත් මිනිහා ඒකිට වහ වැටිලා.....

උඹ එහෙම බොනවා නෙවෙ...කාලා ඕක බීලා ටිකක් ඇල වෙයන්...නැගිටිනකොට ඔය උන ගතිය ඇරිලා තියෙයි.....

පැනඩෝල් පෙති දෙක අතෙ තියන් අරුන්ගෙ කතාවලට කන් දීගන උන්නත් හිත යටින් නිම්නව සැක කර උන්න මගෙ නලලට දැනුන තද සීතලත් එක්ක ආයමත් ඒ කටහඩ ඇහෙනකොට මං මීක් නොගා උන්නා....

ඒ සීතල ගතිය ගිහිල්ලා.....අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහලා තේරුමක් නෑ කියලා කියනකොට තිබුන සීතල කටහඩ නෙවෙ දැන් තියෙන්නෙ.....ඊට හාත් පසින්ම වෙනස් එකක්...නිවුන කටහඩක්....

කෙල්ලො වැටෙන් නෑ....කෙල්ලො වැටෙන් නෑලු....මේ බල මයුරයා මූ කියපු කතාව අඩි පහක් උස අපෙ කොට රවිදුවටත් කෙල්ලො වැටෙනවා....ඒවා බල බලද කෙල්ලො වැටෙන්නෙ නැත්තෙ.....හරි.....උඹගෙ දෝනී දැන් උඹට ඔය තරම්ම ආදරේ නම්...උඹට ඕකිව පෙරාපු රත්තරන් වගෙ විස්වාස නම්....දැන් පල එෆ් බී එකට.....ගිහින් දාපිය ඕකිගෙ ෆේක් එකෙ පෝස්ට් එකකට මගෙ කියලා .....රියලට යන්ඩ එපා....ඉස්කෝලේ යනවනෙ.....පලයන් බලන්ඩ අර සදූ සදූ කියලා තියන එකට....ගිහින් කොටපන් කමෙන්ට් එකක්....

......

විනාඩි පහක් යන්ඩ කලින් ඕකි මැසේජ් එකක් දානවා අනෙ සුදාත්තියො කමෙන්ට් එක අයින් කරන්ඩ කියන්.....දාපන්....දාපන්.....මං අල්ලනවා ඔට්ටුවක්.....

ඕන් නෑ බන්....

නෑ නෑ දාකො....දාකො....

ඕන්...නෑ බන්...ඒකි එහෙම නෑ බන්...

ඒකි එහෙම නෑ නෙවෙ...ඒකි එහෙමයි තෝ ගොනා....තෙල් පුච්චන් යනවා අතින් කාලා හරක් බලලා එන්ඩ....

කල්පනයගෙ මූන ඇඹුල් උනා.....ඒකගෙ මූනම දෙල් වෙලා ගියා වගේම ඌ එක්ක ඔට්ටු අල්ලපු උදාරයි රවිදුවයි කන්න ගන්නකොට උන හන්දා කට තිත්ත මන් බත් එක අත ගාන්න ගත්තා .....කල්පනයා කන එක නවත්තලා නහයෙන් පාතට තියන්න ගත්තා ....

ඒ....මට සදුනියා නැ..තුව.....බෑ.....බන්.....අඩෙ.....ඒකි ....මට....බොරු....කෙරුවට ....මං....ආදරෙ....යි...බන්....උදාරයා.....සු.....දු..දෝ....නී....

ඒ...පටන් ගත්තා නේ මූ අදත් සදුනියව ඉල්ලලා අඩන්ඩ.....

දෝනී....අඩෙ....ඇයි...බන්....මගෙ ...

සදුනිකා.....මට....මෙහෙම....කරන්නෙ.....මං.....ඒකිට....මොන....අඩුපාඩු...ද....

යෝහ්....කටවහන් කා කෝ.....තොට ඕක අපි පටන් ගන්නකොටම කිව්වා....ඒකි හරියන්නෙ නෑ කියලා ...ඕකනෙ උඹට මූඩියක් වත් බොන්ඩ දෙන්ඩ බැරි හානවනෙ....

මං ඔලුව ගහගත්තා ...උගුරු දෙකයි කලපනයා හානවා ...වැලපෙනවා....සදුනිකාව ඕනෙ කියනවා....

ඒ අස්සෙන් දිගෑරපු බත් එකට අතවත් නොතියම පෙනඩෝල් දෙක බීපු මම මේසෙට තට්ටුවක් දැම්මා...

උදාරයා....

ම්ම්ම්..කියපන්....

මං උඹලගෙන් දෙයක් ඇහුවොතින් ....උත්තරයක් දෙනවද හැබැයි ..මට හොදට හිතලා උත්තරයක් දියන්...

අහපන්...වුත්තො.....මෙහෙට වරෙන් උඹට උම්මා එකක් දෙන්න.....වුබර්ලා....හැදුනෙ...අපේ...

අත්වල...යකො...අපේ...අත් වල.....උම්ම්ම්....මා....ආදරෙයි .....බන්....ආදරෙයි ...කියන්නෙ...ආය....පන උනත්....දෙනවා.....

ඒ...ව්ව්.....හරි ...හරි...ඉදගනින් මයෙ අම්මා...උඹට ඌව වඩන්නවත් පුලුවන්ද උඹගෙ ඔය කූරුමිනි අඩු වගේ ඇහැට පේන්නෙ නැති ඇගිලි වලින්.....

මං නැගිට්ටා ...මොකද ඒ ප්‍රශ්නෙ දැන් මුන්ගෙන් අහලා තේරුමක් නැති හන්දා ...එකෙක් අරහෙන් උගෙ දෝනියව ඉල්ල ඉල්ල අඩනකොට රවිදුවා පුලුවන් තරම් උදාරයව ඉඹ ඉඹ ආදරෙයි කිව්වා මදිවට මං හැදුනෙ උගෙ අත්වල කියනකොට මං නැගිට්ටා ....මොකද දැන් මෙතනට සක්කරයගෙ පුතා වයිමා ආවත්....මූඩියක් බිව්වත් බූලියක් බිව්වා වගෙ වෙරි උන කල්පනයයි රවිදුවටයි ගානක් නෑ...

උඹ කොහෙ යන්ඩ නැගිට්ටෙ....බත් එකට අතක් වත් තියල නෑ

කන්ඩ බෑ බන් කට තිත්තයි...උඹලා කාපල්ලා ඇගම රිදෙනවා....

උඹ අහන්ඩ ගියෙ.....

දැන් අහල තේරුමක් නෑ...කමක් නෑ....

මං කෑම මේසෙන් නැගිට්ටා...නැගිටලා කෙලින්ම තරප්පු පේලිය දිගෙ මං හිමි හිමීට උඩට නැග්ගා....කෙලින්ම මගෙ කාමරේට ....

මං හිතුවා හරි.....එයා ඉන්නවා.....

ක්‍රී....ස් ගාන් ඇග හිරි වැටෙන සද්දෙත් එක්ක දොර ඇරපු මං දැක්කෙ අලුතින් මාරු කරපු බල්බ් එකත් නිවි නිවි අවිලෙන හැටි වෙනකොට ජනෙල් තිර හිමීට ඉහල පහල යන ගමන් තිබුනා.....

මං දන්නවා....ඔයා ඔතන ඉන්නවා කියලා .....

මං ඇරලා තිබුන ජනෙල් පියන් ගාවට ගිහින් හිටගන මිමිනුවා ....ඒත් එයාගෙන් නෙවෙ මට උත්තරයක් ලැබුනෙ....ඒ වෙනුවට මට උත්තරයක් ලැබුනෙ අඹ ගහෙ තිබුන ඔන්චිල්ලාවෙන්!!!

ඒක පැද්දෙනවා ...

නිකන් නෙවෙ.....හෙමින්....හෙමින්.....

ඉස්සරහට ....පස්සට....

හරියටම කවුහරි ඒක උඩ ඉදන් පදිනවා හා සමානවම ඔන්චිල්ලාව හෙමි හෙමින් පැද්දෙන්න ගත්තා .....

ඒ නිම්න නේද .....ඔයාලව ගෙන්නපු එකම කෙනා නිම්න නේද ????

පැද්දෙන ඔන්චිල්ලාව දිහා බලන් උන්න මං ඔයාලව ගෙන්නුවෙ නිම්න නේද අහනකොටත් මං බලාගන එල්ලලා තිබ්බ ඔන්චිල්ලාව බාගෙට මල කාපු යකඩ දම්වැල් අඩාගන වගෙ මහ මූසල විදිහට පැද්දි පැද්දි එන්න එන්නම වේගෙ වැඩි කරනවා...

ඇයි මට උත්තරයක් දෙන්න බැරි..කියන දෙ කෙලින් නොකියා..... උදව් ඉල්ලනකොට මං කොහොමද උදව් කරන්නෙ...ඇරත්.....මට මෙහෙම වද දෙන්න එපා.....මට දරාගන්න පුලුවන් සීමාවක් තියනවා.....මට ඉවසන්න පුලුවන් සීමාවක් තියනවා.....මනුස්ස අමනුස්ස .....දෙගොල්ලොම මට මෙහෙම කරනකොට ....මාව මැරෙයි....මට මේක හරි හිසරදයක් ...

මං මගෙ අත් දෙකෙම්ම ජනෙල් පට්ටම මිරිකන් කියෙව්වා ...

.එයා මෙතන ඉන්නවා.....ඒක මට දැනෙනවා.....හැබැයි....මට උත්තරයක් දෙන්නෙ නෑ...

මයුර.....මං...මගෙ දුව දිහා බලන් ඉන්නවා.....ඒ වගේම ..මං මගෙ පුතා එනකන් බලන් ඉන්නවා...

 මං යන්න හැරුනා....කිසිම හැල හොල්මනක් නැති තැන මං යන්න හැරුනත් අවසානම තත්පරේදි එයා කතා කෙරුවා ...එයා කිව්වා....මං මගෙ දුව දිහා බලන් ඉන්නවා වගේම මගෙ පුතා එනකන් මං බලන් ඉන්නවා කියලා .....

මයුර ....ජීවිතෙ කිසිම දවසක....තමුන්ගෙ සතුට කැපකරන්...තමුන් ගැන අල්පමාත්‍රයකින් වත් හිතන්නෙ නැති මිනිස්සු වෙනුවෙන් කැපවෙන්න එපා මයුර...

එයාට රිදිලා....පුතා එනකන් බලන් ඉන්නවා කියපු එයාගෙ කටහඩ වෙනස් උනා....හරියටම අඩන්න ඔන්න මෙන්න වගෙ.....මෙච්චර වෙලාම මං කියවපුවා එයා අහන් උන්නා වගෙ...එය කියපුවත් මං අහන් උන්නා....නිකන් නෙවෙ අර පැද්දෙන ඔන්චිල්ලාව දිහා බලාගන.....

ඒ කියන්නෙ එතන ඉන්නෙ දැන් නිම්නා...

ජීවිතෙ කිසිම තැනක....තමන්ට වඩා දුර්වලයි කියලා හිතෙන කිසිම කෙනෙක්ව පාගන්ඩ හදන්ඩ එපා...

විශේශෙම්ම .....නිර්දෝශී මිනිස්සුන්ව....ඒ ඇස්වලට කවදාවත් කදුළු දෙන්ඩ එපා මයුර ....

මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම ඉපදෙන්නෙම....හැගීම් එක්ක...හැගීම් නැති මිනිස්සුඒ ලෝකෙ කොහෙවත් නෑ....කිසිම මනුස්සයෙක්ගෙ හැගීම් බාල්දු කරන්න එපා මයුර....

මිනිස්සු වෙනස්....හැගීම් දැනීම් වෙනස්...මේ ලෝකෙ හැම මනුස්සයම ඇවිදන් යන්නෙ දකුනු පැත්තට උනත් ..ඒ මිනිස්සු අස්සෙන් තවත් මිනිස්සු අහුරක් වම් පැත්තට ඇවිදන් යන්න පුලුවන් මයුර....

ඒක ....ඇත්තටම ඒක වැරදි නෑ මයුර.....හැගීම් වෙනස් වෙනකොට ....පාරවල් වෙනස් වෙනවා ....

හරියටම මගෙ දුව වගෙ...

මගෙ.....පුතා වගෙ...

ලෝකෙම මිනිස්සු ඇවිදන් යන්නෙ දකුනට උනත් මගෙ දරුවො තෝරගත්තෙ වම් පැත්ත නම්.....අම්මා විදිහට මං ඒ පාරට බැහැල ඒ පාරෙ ටික දුරක් ඇවිදන් ගිහින් බලපු ගෑනියෙක් මයුර...මගෙ දරුවන්ට ඒ පාර හොදද....වෙනස් උනත්.....ඒ පාරෙ මගෙ දරුවො රැවටෙයිද බලන්න මාත් ඒ පස්සෙම්ම ගිය අම්මෙක් මයුර....

ජීවිතෙ කිසිම දවසක මිනිස්සුන්ගෙ තීරන හෑල්ලු කරන්න එපා....කිසිම දවසක....වෙනස් පාරක් තෝර ගත්තයි කියලා මිනිස්සු පිලිකුල් කරන්ඩ එපා මයුර....

උන් හැමෝම මගෙ දරුවන්ව පිලිකුල් කෙරුවා.....

උන් හැමෝම...මගෙ දරුවන්ව පෑගුවා...

මං විතරක් හයියට ඉතිරි වෙනකොට අනිත් හැමෝම....උන්ට රිදෙව්වා....

උන් ලෙඩ්ඩු කිව්වා...මහ මග මූනටම ලැජ්ජා කෙරුවා.....

උන් වෙනස් පාරෙ ගියත්...ඒ ඉන්නෙ මගෙ දරුවො මයුර..මං අම්මා.....මම උන් දෙන්නගෙ අම්මා....අම්මට පුලුවන් උන දේ....අප්පට තේරුම් ගන්න බැරිව ගියා මයුර...අවසානෙදි .....ඌ කෙරුවෙ...ගේ හෝදපු එක.....කිලිටි අයින් කරලා සුදු හුණු ගාපු එක මයුර....ඌ පොත්වල ලිව්වෙ බොරුව ....පොත්වල ලියපු ආදරේටම ඌ ගොම ගෑවා....

මයුර....මං නූගත් ගෑනියෙක් නෙවෙ.....මං අවුරුදු ගානක් ළමයි දාස් ගානකට මුල් ගුරු උන අම්මෙක්...මට....ලමයිව නොතේරෙනවා නෙවෙ....

ඒත්...අපිට උනෙ අසාධාරනයක් ....හංවඩු හැගීමක්...පිලිකුල් කිරීමක් හිත් වේදනාවක් එක්ක ....සදාකාලික නින්දක්....

මං හිතන්නෙ විනාඩි පහක්...ඔව්....ඒ වගෙ කාලයක් වෙන්න ඇති.....හරියටම විනාඩි පහක්.....මං හුස්මක් වත් නොගෙන ඒ වචන අහන් උන්නා....මුලින් මුලින් මට තදින් කතා කෙරුවෙ එයාමද කියලා හිතා ගන්න බැරි තරමටම එයාගෙ කටහඩ වෙනස් උනා.....ඒ කටහඩ ඇතුලෙ තිබුනෙ පුදුමාකාර වේදනාවක් වෙනකොට මං හරි ඉවසීමෙන් අහන් උන්නා...

මුලු ලෝකෙම දකුනට ඇවිද්දා උනත්...එයාගෙ දුවයි පුතයි ඇවිදින් ආවෙ වම්පැත්තට කිව්වා...

එයා එතනින් අදහස් කරන්නෙ ...එයාගෙ දුවයි....පුතයි දෙන්නම....

එයාගෙ දුව නිම්නා නම්....

පුතා නිම්නද...එතකොට නිම්න කියන්නෙත්.....එතකොට මේ ඉන්නෙ...අර නාකියගෙ පවුල දෙයියනේ.....

ඔයාගෙ පුතා ....ඔයාගෙ පුතා කව්ද කියලා කියන්න පුලුවන්ද මට....

හිත යටින් මං මගෙ ප්‍රශ්නවලට උත්තර හොයාගන අවසානෙදි එයාගෙ පුතා කව්ද කියලා ඇහුවා..මොකද ...මන් හිතුවට නිම්න උනත් මට උත්තර බැන්දෙ නැ.....

මගෙ පුතා ....මගෙ පුතා මට මැනිකක්....මගෙ පුතා....හැම දේටම දක්ශ මැනිකක්.....අහිංසකයි....ඒත් උන් ඒ අහිංසක කම නෝන්ජල් කමකට ගත්තා ...මූනටම මගෙ කොල්ලට ගෑණි කිව්වා...මගෙ දරුවට පිම්පියා කිව්වා....මූනටම පොන්සියා කිව්වා....ඒ මූනට කෙල ගැහුවා ....මගෙ....පුතා....අනේ..ඌ බයට මුලු ගැන්නුනා....මගෙ කොල්ලා....ඉස්කෝලේ යනවා...ආපහු ගෙදර එන්නෙ....මැරිලා.....ඌට දැනුන ආදරේ ලෙඩක් නෙවෙ කියන්න මං තේරම් කරන්න හැදුවා ..ඒත්....උන් මොනවද කිව්වේ...මගෙ කොල්ලා ලෙඩෙක් කිව්වා.....

ඔව්වා බෝ වෙයි කිව්වා....මගෙ කොල්ලව උන් තනි කෙරුවා.....

පිලිකුල් කෙරුවා.....ඌට ගොම පවා ගැහුවා....

මගෙ....නොදරුවා....මං...උගෙ ..අම්මා....මගෙ.....පුතා.....ඌ....

මගෙ....පුතා....තමයි....උඹ ඔය බෙල්ලෙ එල්ලන් ඉන්න මාලෙ අයිතිකාරයා ...

"නිම්න".....මං...අදටත්...බලන් ඉන්න..මගෙ....පුතා...

 

නිම්න....දෙයියනේ .මගෙ සැකෙ හරි....හත්පාට ආදරෙ ගැන ලියන නිම්න.....එයාලව ගෙන්නන්න ඇති ගගා මගෙ හිතට වද දුන්න නිම්න..... ...කිව්වට විස්වාස කරන්න මගෙ ඇස්වලින් කදුලු බේරුනා.....මගෙ කකුල් පන නැතිව මාව ඇදගන වැටෙන්න ගියා...

දෙයියනෙ ..උන් නිම්නට මෙච්චර දේවල් කරලද....ඉස්කෝලෙ ඇතුලෙ මෙච්චර රිදවලද.....ගොම....අනේ...නිම්න...උඹට මොකාද නිම්න ගොම ගැහුවෙ....මොකාද උඹගෙ මූනට පිම්පියා කිවෙර්...මට පෙන්නපන්..මට පෙන්නපන්...නිම්න.....

මගෙ යටි හිත කියවනවා.....ලගට ආවම බැනගත්තට මොකද... මට නිමන ගැන මහා වේදනාවක් දැනුනා.....මේ අම්මා බලන් ඉන්නවා..නිම්න එනකන්...

මං උන්නෙ ගොලු වෙලා....මට කියාගන්න දෙයක් නෑ...මට දැන් කියන්න වචන නෑ.....

අම්මත් නැති නිම්න අර නාකියට හිර වෙලා....අනේ ඒකයි එදා දහයවෙනකොට දුවන්න ඕන කිව්වෙ.....

මගෙ කල්පනව බිදුනා..... ගේ ඉස්සරහ පාරෙන් ආව ලොකු බයික් එකක සද්දෙ එක්ක මගෙ කල්පනාව බිදුනා.....මෙච්චර වෙලාම පැද්දුන ඔන්චිල්ලා එකපාරම පැද්දෙන එක නැවතුනා.....

අර කෙල්ල....

ඔව්.....මේ අර කෙල්ල....එතකොට මේ කෙල්ල නිම්නා එක්ක ආදරෙන් ඉදපු කෙල්ල...අනේ... ඒ කෙල්ල දන්නෙ නැද්ද ....නිම්නා නෑ කියලා ....ඒ කෙල්ල දන්නෙ නැද්ද.....

මන්....අවසානම පාරට දෙයක් අහන්නද....

හ්ම්...

ඔයාලට....ඔය අපරාදෙ කෙරුවෙ....මං හිතන කෙනාද....ඔව් නම්...ඔව් කියන්න....නෑ...නම්...නෑ කියන්න.....

 සතියක් කල් දෙන්නම්....මයුර.....හොදට හිතලා තීරනයක් ගන්න....පුලුවන් නම්...අපිට උදව් කරන්න...උඹ කිව්වා හරි ...උදව් කරනවා කියන එකේ තේරුම....පලි ගන්නවා කියන එක....

එයා මට උත්තර දුන්නෙ නෑ..... ඒ වෙනුවට එයා කෙරුවෙ සතියක් කල් දෙන්නම් කියපු එක වෙනකොට මං ගේ පැත්ත බලාගන ඉන්න අර කෙල්ල දිහාව බලලා ආපහු එලියට එන්න එනවත් එක්කම එයා ආපහු මාව නවත්ත ගත්තා...

මයුර.....අවුරුදු ගානකින් කාලෙ ආපස්සට ගියෝතින්.....කැමති නැද්ද ආපහු විභහගෙ ලියන්න.....

ම්..මොකක්.....ඒ.....මට බෑ...මට නම් බෑ.....උදව්වක් ඉල්ලුවා...මං ඒක කෙරුවා.....එතනින් එහා සංසාර ගනුදෙනු පියවිලි අහවරයි....එච්ච.....ආ...ආ..අව්හ්....ක්..කන...කන...කන....ඉරෙයි....කරාබුව....ඒ...ඒ...ගලවන්ඩ...එපා....ඒ....හ්....ඌහ්...අනේ..අප්පච්චි ගෙ...කරාබුව....

ඇයි.....ඇයි කියපන් බැරි .තොපි හතරම ෆේල් නේද...බලපන් කොන්ඩෙ හැටි...උලාගන ඉන්න පාට...අර එකෙක් ඉන්නවා.....ඒකා ඇහැට පේන්නෙ නෑ ...මුලු කොන්ඩෙම කහ කරන්....කුකුල් පැටියෙක් වගෙ....අනිකගෙ ඇගෙ පුරාවටම කරාබු...දෝනියෙක් අල්ලන් ඉන්න එකාගෙ ඔලුව කොල....තොපි ඔක්කොම ඔව්වා මකලා ...ආපහු විභහගෙ ලියන්ඩ ලෑස්ති වෙන්ඩ ඕනෙ...

ඒවා ඔයාට අදාල නෑනෙ....ඕක දෙන්ඩකො..... ඔයාගෙ වැඩේ මං කරලා දෙන්නම්.....අනික මේ ආපහු පන්ති යන්ඩ පිස්සුද.....සල්ලි ගස්වලින් කඩනවද...විකාරද...අනික...අරුන් තුන් දෙනා කොහොමත් බෑ කියනවා....මටත් බෑ...ආය ගොන් කතා අහලා....අනේ...ක්....ම්ම්ම්ම්....ම්ම්ම්....හ්හ්....ම්ම්ම්.....ක්....කට....කට....අනේ....අ...

සීයේ...හ්...කො...ල්ලට.....ගහනවා...

බලපන්කො...

කටවහපිය.....දෙයක් කිව්වම බොහොම අමාරුයි.....ඔය බෑ කියන උන්ව මං හදලා ගන්නම්කො.....යකඩ කෑලි වලට ඇන ඇන උන්නම හරි....

මං උන්නෙ මගෙ කට අත ගගා....මගෙ කට කෑවද මන්දා...ඇයි යකො...විකාරද මන්දා ...ආයම ඒ ලෙවල් ලියන්න.....

කොහෙ තියන සල්ලිද.....විකාරද.....

ඔයාට ඕන උදව්ව කරන්නම්....ආය ඒ ගැන කතා කරන්න එපා.....ආය පන්තියන්න වියදම් කරන්න.....ඒක හරියන්නෙ නෑ...

මං.එච්චරයි කිව්වෙ....ඒ ටික කියල.දූවගන එලියට ආවා.....මොකද මට මීට වඩා ගුටි කන්න හයිය නැති හන්දා ...හැබැයි එලියට දූවගන ආව මම තරප්පු පේලිය ගාව නැවතුනා....

බීපු උන් එකා පිට එකා දාලා බුදි.....

සදුනියව ඉල්ල ඉල මැරෙන්න ගියපු කල්පනයා සදුනියා කියලා හිතාගන වෙරියෙම්ම උදාරයව ඉඹිනවා...

අඩි පහක් උස රවිදුවා තාමත් උඹලා හැදුන් අප් අත්වල ගගා ඌත් උදාරයව අත ගානවා...ඇත්තටම කිව්වත් වගෙ....රවිදුවා කුකුල් පැටියෙක් වගේමයි....උගෙ කොන්ඩෙ කහ....

උදාරයගෙ කරාබු නැත්තෙ උගෙ මීයගෙ විතරයි....

කල්පනයගෙ කොන්ඩෙ තනිකරම බොබයිමොටයි පාටයි....

බලපියව්.....තොපිලගෙ හැටි.....රයිගමයො ගම්පලයො වගේ...අර අරකගෙ කොන්ඩෙ.....මේ බලපන්.....මේවා කොට වෙන්ඩ කපන්ඩ ඕනෙ....මේ බෙරලියන්තු ගලවපන්...

ව්..විකාරද....ඔයා හදන්නෙ...අපිව ආපස්සට ඉස්කෝලේ යවන්ඩද....

බැරි කමක් නෑ කිව්වනෙ...උඹලට පන්ති යන්ඩනෙ සල්ලි නෑ කියන්නෙ...බය නොවී ඉදපන්....උගන්නන්ඩ එකට තුනක් ඉන්නවා.....උඹලට ආපහු ඉස්කෝලේ යන්න පුලුවන් මගෙ ළමයි එක්කම.....ලෑස්ති වෙයල්ලා උඹලා ඔක්කොම.....උදව්වට....උදව්වක්.....!

මො...මොකක්...ඒ..එ.එ....එහෙම...නම්....පිස්සු ...වැඩ කරන්ඩ....එපා....ඒ..ගලවන්ඩ එපා...ඔව්වා....කපන්ඩ ...එපා.....ඒ.....මගෙ කොන්ඩෙ...කපන්ඩ...එපා...යෝ....වැව්වෙ...අමාරුවෙන් ....

මං මැරෙන්ඩ හැදුවා.....කාලෙ ආපස්සට අරන් හරි එයාගෙ ලමයි එක්ක ඉස්කෝලේ යන්ඩ ලෑස්ති වෙන්ඩ කියාපු ගෑනු හොල්මන මගෙ කනේ අටවන් උන්න අප්පච්චි ගෙ කරාබුව ගලවල ගත්තා මදිවට ගේමක් දීලා අමාරුවෙන් වවා ගත්තු කොන්ඩෙ කපන්න හදනකොට මං මැරෙන්න ගියා වගේම උදව්වට උදව්වක් කියාපු ගෑනි සද්දෙට පඩි පෙල බැහැන් ගිහින් සූර් වෙලා එක පොදියට බුදියන් උන්න මගෙ මෝඩ රැල ගාව ගිහින් නැවතෙනකොට මන් දිව්වා ....

ඒඒ...ඕක නම් කර්න්ඩ එපා...

ගෑනි උන්ගෙ කොන්ඩා උස්ස උස්ස බලනකොට මුන් මූනට මැස්සො වහපු උන් වගෙ තලු මර මර අත්වලින් උන්ගෙ ඔලු කහ කහ කෙදිරි ගාන්න ගත්තා .....උන් නොදන්නවා උනාට උන්ගෙ කොන්ඩා පාවෙනවා....

මූ කුකුල් පැටියෙක්වගෙ...ඇගේම සාරෙ කොන්ඩෙට ගිහින් 

නිකන්.....ඉ....ද...පල්..ලා...ව්...වුබර්....ලා....හැදුනෙ...අපේ....ම්ම්ම්ම්.....ම්ම්ම්....

ස....දුනි....කා.....දෝ...නී.....අයි.....යව.....දා...ලා....යන්ඩ.....ම්ම්ම්ම්....හ්....එපා.....අම්මී.....හ්....

ආයම රවිදුවා ගාවට ගියපු ගෑනි ඒකගෙ කහපාට කොන්ඩෙ ඇද ඇද බලනකොට අරු ආයම වෙරියෙන් උඹලා හැදුනෙ අපේ අත්වල කියද්දි කල්පනයා උගෙ දෝනියව ඉල්ල ඉල්ල අඩනවා එක්කම මුනු මුනු ගාපු ගෑනි මාවත් ගැස්සිලා යන තරම් වේගෙන් හිස් බියර් ටින්පිරුන මේසෙට එකක් ගහලා මහ.සද්දෙන් නැගිටපියව් කිව්වා විතරයි අරුන් තුන්දෙනා වෙරි කෙසේ වෙතත් වක ගැහිල හිටගත්තා .... බියර් ටින් සීසීකඩ ගියා.....අර ගෑනි ආයම මගෙ ගාවට ආවා...බය උන පාරට මටත් කෙල හිදුනා

පේනවනෙ මට බැරිකමක් නෑ...අමතක කරන්ඩ එපා...මං ප්‍රින්සිපල් කෙනෙක්.....ලෑස්ති වෙයව් මෝඩ ජෝඩු ආපහු ඉස්කෝලේ යන්ඩ...!

වුබර්ලා....හැදුනෙ අපෙ අත්වල සදුනිකා...

යෝහ්

ආයම කොටසකින් එන්නාම්.....

පයිස්සමින් කායයියනේ...හ්හ්...

ආතරෙයි ...පුතුකියනෙ...

මම ජොබී....

Nedeesha !

More Chapters