Cherreads

Chapter 67 - 67

සංධීර්....එයා එහාපැත්තෙන් ඉදන් දත්මිටි කනවා....අනිවාර්යයෙන්ම එයා මම ඉන්න තැන හොයාගන්න ඇති...

එහාපැත්තෙන් ඉදන් දත්මිටි කන සංධීර් ගැන හිත හිත මම ඩයලොග් එකට සාප කෙරුවා .....ඒ මගුලෙ මොකක්ද මන්දා ගැහුවම ඉන්න තැන හොයාගන්න පුලුවන් ...

සංධීර් .....මම දැන් වැඩක ඉන්නෙ.....පස්සෙ කතා කරමු...

එයා මාව ගන්න එන්නම් කියන වචනෙත් එක්ක සැලන්ඩර් උන මම අනිත්පාර කෝල් එල කට් කරලා ඉක්මනට මැසේජ් එකක් දැම්මා....හෙට වැලන්ටයින් ...වැලන්ටයින් කෙසේ වෙතත් මට හෙට ඉස්පිරිතාලෙ ලගින්න නොවුනොත් අනිවාර්යයෙන්ම මම මගෙ නම වෙනස්කරගන්නවා පුඥ්ඥසෝම කියලා...

බබී....

ආ..ආහ්.....ම්ම්..මේ එනවා ප්‍රනීත්....

පස්ස ගගහා සංධීර් ව පරක් කරන්න හද හද උන්න මට ආයම ප්‍රනීත් කතා කෙරුවා ....මොන මගුලක්ද මන්දා කල පව් පස්සෙන් එනවා කියන්නෙ මේකටම තමයි....මූ බබී බබී ගානවා...මට නම් කානුවක වත් ඉන්න පින නැති වේවි....

ගාට ගාට වගේ ප්‍රනීත් පස්සෙන් ගියපු මම ජීවිතේට මේ වගේ එකකට ආවෙ නැති එකෙක් වගෙ එහෙ මෙහෙ දුවන්න ගත්තා ....එයා බලන් උන්නා..හිනා උනා...ඇති තරම් මට ඇවිදින්න දුන්නා...අනේ මේක රෑට ලස්සනට තියේවි කිය කිය මම මට ඕන කරන වචනෙ එනකම්ම මැතිරුවා...

ම්ම්..මේක....රෑට....ල්ල්..ලස්සනට...ත්ත්...තියේවි...න්න්..නේද....ප්‍රනීත්....

ම්ම්....දැනට වඩා රෑට ලස්සනයි....ඔයාට ආසද බලන්න...

ම්ම්.....ඔ...ඕ....ඒ..ඒත්...ඉ..ඉතින්.....අ...අපිට...ම්ම්..මේවට එන්න බෑනෙ.....ප්ප්..ප්‍රනීත්....

මම උන්නෙ උඩතට්ටුවෙ බැල්කනි එකේ.....අඩ සද හැඩේට හදපු බැල්කනි එක පහුකරන් යනවා එක්කම තියෙන්නෙ vvip කාමර වෙනකොට මම අශාන් කාරයට කියලා වෙන්කරපු කාමර දිහා ඇස් යටින් බලන ගමන් එතන තිබුන අමු මල්පෝච්චියක තිබුන මලක පෙත්තක් අතගාන ගමන් මම හිමින් සැරේ බෝලෙ බස්සවන්න ගත්තා.....

තත්පරයි.....

දෙකයි...

තුනයි.....

හතරයි....

මම බලන් උන්නා....ඇස් මායිමෙ තිබුන මහමුහුද ඉවරයක් නැතිවම රැලිගහනකොට මම බය උනා එයා මොකක් හරි කිව්වොතින් මට් ඇහෙන්නෙ නැති වේවි කියලා....

ඉතින් මේක කාගෙද බව නොදැනද ඔයා එන්න බැහැයි කියන්නෙ....

ම්ම්ම්.....

මෝඩ කොල්ලා...ඔයාට එන්න ආස නම්....එන්න පුලුවන් ...

ඒ..ඒත්...ඉ..ඉතින්....ඉ...ඉන්විටේශන් ...ච්ච්..

නෑ..මං ඔයාට ගේට් පාස් එකක් දෙන්නම්...අනික මගෙ තැනට එන්න ඔයා මොකටද පාස් පෙන්නන්නෙ...ම්ම්ම්..

එයා මගෙ ගාවට ආවා.....ගේට් පාස් එකක් දෙන්නම් කියපු එයාම අනිත් පාර එයාගෙ තැනට එන්න මට මොකටද ඒ මොනවත් අහපු එයා මගෙ ගාවට එනකොට මම මොකටත් කියලා අඩියක් පඅසට් ගියා. ...මට බයයි...මේ යකා මාව බදා ගත්තොත් නම් මාව මහමුහුදට දායි....

ඔයා එන්න.....

ක්ක්..කමක්...න්න්..නැද්ද...ප්ප්..ප්‍රනීත්...

කමක් නෑ...මමනෙ කියන්නෙ...

ඒ..ඒ උනාට...ම්ම්..මම...එන...එක....ම්ම්....

කොහොමටත් ගොත මම හිතලම තවත් ගොත ගහනකොට එයා හිනා උනා....මට ඕනෙ යුනිෆෝම් එකක්...අනිවාර්යයෙන්ම පාර්ටි එකට මැදි උනාම එයාට මගෙ පස්සෙන් ඉන්න බැරි වෙනවා....එයාට එහා මෙහා දුව ශුව අඩුපාඩු බලන්න වෙනවා....

කරන්න දෙයක් නෑ...සංධීර් වෙනුවෙන්අගෙ මූනෙ ඉපදෙන ආදරනීය වගේම අහිංසක හුරතල් හිනාවක් මම ප්‍රනීත් වෙනුවෙන් වියදම් කරලා මම මට ඕනා වචනෙ දැම්මා....

ම්ම්..මෙහෙම....ක්ක්..කරන්නම්.....ම්ම්..මම....හ්හ්..හෙට....මෙ..මේකෙ....ව්ව්..වැඩට එ..එන්නම්ද....

ඔයා.....??

ඔ..ඔව්...ඇයි...බැයිත...👉👈

ඔයා කොහොමද මෙහෙ වැස කරන්නෙ...මේක නිකන් පාර්ටි එකක් නෙවෙනෙ ලමයො.....ම්ම්ම්...

ඉ..ඉතින්....ම්..මං....ව්..වැඩ...න්..නොකර...ඉ..ඉන්නම්...මට...න්න්..නිකන්...එන්න..බ්බ්..බෑනෙ...අනික...ඇ..ඇමතියලා...එ..එනෙත්....ග්ග්..ගාර්ඩ්...ප්ප්..පිටින්.....මම...නිකන්...අ..ඇවිත්...

හරි හරි...ඔච්චර ගොතගහන්න ඕනා නෑ...ඔයා ඉල්ලන දෙයක් මම් නොදී ඉන්නෙ නෑනෙ....අනික ඔයාමට පිට කෙනෙකුට් නෙවෙනෙ බබී...කොහෙවත් යන කෑදැත්තො අයිතිවාසිකම් කියන් ආවට.....

ප්ප්..ප්‍රනි....

ඒක ඊටත් හපන්....බිත්තියකට හේත්තු වෙලා ඉදන් තනි අන්ඩකින් හිටගන අනිත් අන්ඩෙන් සුදුපාට ටයිල් කැට උඩ බලි කුරුටු ඇද ඇද මායන් දදා උන්න මට වැඩ වැරදිගන එනවා වගේ දැනුනා...

මෙච්චර වෙලාම අඩියක් දෙකක් පස්සෙන් උන්න එයා අනිත් පාර සංධීර්ට රටේ නැති නම් කිය කිය බැනන් එනකොට මටත් හිනි නූලෙන් මල පැනන් ආවා උනත් වෙලාවෙ හැටියට කරගන්න දෙයක් නැතුව අතට ගත්තු දේ කටට ඔබාගන ගිලලා මිසක් වට්ටගන්නෙ නැතිව ඉන්න ඕන හින්දම මම ඇස් දෙක බෝලකරන් ගොත ගහනකොට එයා මගෙ ගාවට ආවා.....ඇවිදින් කෙලිම්ම මාව මැදි වෙන්න එයා බිත්තියට අත් දෙක ගහගත්තා .....මටත් වඩා අගල් දෙක තුනක් උස.....සංධීර් ට වඩා ටිකක් මිටි උන එයා මගෙ මූන දිහා බලන් ඉදලා මගෙ මූනට පාත් වෙනවා එක්කම මම මගෙ තොල්පට කට අස්සෙ හංගන් මූන අනිත් පැත්ත හරවගත්තා. 

උඹ ඕන රෙද්දක් කියපන් මාව අල්ලන්නෙ කරන්නෙ නැතුව...

අහක බලාගන උන්නා උනත් ප්‍රනීත් ගෙ ඇස් දෙක තියෙනෙ මගෙ ගාව බව දැනුන මං පුලුවන් තරන් මගෙ මූන හංගගන්නකොට කවදා හරි කරපු පිනකටද කොහෙද සුදු අත් දිග ශර්ට් එකට ගෝල්ඩ් පාට හාෆ් කෝට් එකක් ඇදපු එයාලගෙ සර්වන්ට් කෙනෙක් එනවා එනකොට මම ප්‍රනීත්ව මගෙන් අහක් කෙරුවා ....

හැබැයි එක තත්පරයයි...උනුත් උන්ගෙ හාම්පුතාගෙ හැටි දන්නවා වගෙ මොකුත් නොදන්නවා වගේ ගිහින් පහත් නැතුව හතත් නැතුව කාමර අංක හයට යනගැයි මම බලන් උන්නා....ඒක අනිවාර්යයෙන්ම අරූගෙ වෙන්න ඇති.....ඌ කාමර තුනක් ඉල්ලුවට තුනේම එක පාර ඉන්න කතරගම දෙයියා නෙවෙනේ.....

කොහෙද බලන් ඉන්නෙ....

අ...ආහ්....

මම.ළඟ ඉන්නකොට කොහෙද බලන්නෙ ඇහුවෙ..

මේ එක ඉසකුඩිච්චියක් ...වවුලගෙ ගෙදර ආවා නම් එල්ලිලා ඉදපන් කියන හින්දා ඉන්නවා මිසක්කා.....මුලින් මුලින් තිබුන අර ලව් නොවෙන ලව් එක දෙපිටින් යන්න දෙක තුනක් නෙලන්න හිතුනා සට පට සත්ත පඩි වෙන්න....

ප්‍රනීත් ආයම මගෙ මූනට එබීගන ලාවට හිනා වෙනගමන් කොහෙද බලන්නෙ කියාඅ අහනකොට මම නෑ කියන්න ඔලුව වැනුවා වගෙම එයා ආයාම මගෙ මූනට ලන් උනා මම හිතලම කිඹුහුමක් ඇරියා....

හච්චෝ....ස්ස්ස්

ස්ස්...ස්...සමා.....ව්ව්...වෙ න්න...ප්ප්..ප්‍රනීත්..

ඒකගෙ මූනෙන් එකයි මගෙ කෙල...

ආස් දෙක් හීනි කරගත්තු ප්‍රනීත් ඒත් මා දිහා බලන් උන්නා වගේම ඒ මූන පිහන්න හදපු මම ආයම ඉක්මනට මගෙ අත පහලට ගත්තා... ඒත් ඒ මූනෙ තියෙන්නෙ මගෙ කෙල හින්දම මම ආයම මගෙ අත් දෙකෙම්ම ඒ මූන පිහ දැම්මා වගේම එයා මොකූත් නොකියම බලන් උන්නා...

තව ටික කාලෙනෙ exam එකට....

ම්ම්...ඕ..ඕ...

ඉවර උනහම sima හරි ielts හරි....මොකක් හරි හොද කෝස් එකක් කරන්න..හොටෙල් හරි...ඔයාට කැමති එකක්.....මම කෝස් ෆී එක ඔක්කොම ගෙවන්නම්....

ඇ...ඇයි...ඒ...

එයා මට කිව්වා exam ඉවර උන ගමන් මට මොකක් හරි කරන්න කියලා ...අනෙ මට ඕන කෝස් එකක් නෑ...ඊට වඩ ලොකු කෝස් එකක් මට සංධීර් එකක් කරන්න ඕනා.....අනික හොටෙල් කෝස් කරල මට පුලුවන්ද මම විරුද්දයි ස්වාමිනී ගාලා කෑ ගහන්න...උඹ නටපන් ප්‍රනීත්...

ඇයි ඒ අහන්නෙ.....මම ඔයාව එක්කන් යනවා...

ක්ක්...කොහෙ....

කොහෙ කියලද හිතන්නෙ...ඔයාට කොහෙද යන්න ඕනා....මොකද ...උඹව මෙහෙ තිබ්බොත්....හැමදාම මට වෙන්නෙ අර නාකි පප්පා එක්ක ඇරගන්න....සමහරක් උන්ට හන්තානට පායන හද හීනයක් උනාට...මට කවදාවත් හීන බල බල ඉදල පුරුදු නෑ යෙවීන්.....මට ඕනෙ හන්තානෙ අන්දකාර කරන් හරි ඒ හද ගලවගන්න... අන්න ඒ වගෙ...මම උඹවත් අරගන යනවා එක්කො....හොදින්...නැත්තන්...

නරකින්...

මම බලන් උන්නා ..හැබැයි මොකුත් කියන්න ගියෙ නෑ ....මොකද ...හන්තාන හදගලවනවා තියා උඹට කවදාවත් හන්තාන කිට්ටුවට වත් යන්න හම්බෙන්නෙ නැති බව දන්න මම මීක් නොගා ඉන්නකොට මම බය උනා කියලා හිතාගන උන්න ප්‍රනීත් හිනා උනා වගේම මගෙ බෙල්ල ගාවට පහත් වෙලා දත් පාර දැනෙන්නම තෙත හාදුවක් තිබ්බා ...

ප්‍රනී....ත්...

මම ඒකව තල්ලු කරන්න හැදුවා...ඒත්...හාදුවක් හින්දා මට චාන්ස් එකක් නැති කරගන්න බැරි කමට මම ඉවසන් උන්නා උනත් මගෙ බඩ කොරවෙන්න තත්පරයක් යන්න නැතුව ඇති....

..සංධීර් .....

දෙවියනේ සංධීර් .....ගේට් එකෙන් එහා පැත්තෙ තිබුන කලු ජීප් එක දැකපු මට කකුල් පන නැති වෙන්න ආවා වගේම ඕන මගුලක් කියලා ඊලග තත්පරේදි මම ප්‍රනීත්ව තල්ලු කරනකොට මා එක්ක ආයම එල්ලෙන්න නාව ප්‍රනීත් මගෙ කොන්ඩෙ අවුල් කරන ගමන් ඒකගෙ ඵෝන් එක අතට අර කනේ තියා ගත්තා වගේම මගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එකට මැසේජ් එකක් ආවා....

කවදා ඉදන්ද උඹ චරිත දෙකක් රගපාන්න ගත්තෙ.. ම්ම්ම්....

..සංධීර්ගෙ වචන.... .

ම්න් ගානවා ඇරුනම මැසේජ් එකක් දාන්න කම්මැලි සංධීර් ම්න් වෙනුවට අද ප්‍රශ්න වැලක් අහල තියනකොට මට අර හැමදාම දැනෙන මෝර්නින් සික්නස් වෙනුවට මරන බය දැන්න්න ගත්තා.....

බ්‍ර්...

විනාඩියක් දෙන්නම්...

ආයමත් මැසේජ් එකක්....

එයා දකින්න ඇති...එයා දකින්න ඇති...අද නම් මගෙ බෙල්ල අඹරනවා .....අද නම් මගෙ බෙල්ල අඹරනවා නෙවෙ ...මාව පනපිටින් ගිනි තියනවා...

මම ඵෝන් එක දිහා බලලා පාර බලනකොට එයා හෙඩ් ලයිට් ගහලා නිවුවා වගේම වගේ වගක් නැතුව ඵෝන් එකෙන් මොන මොනවද කියවන ප්‍රනීත් දිහා බලලා ඇරලා තිබුන හයේ කාමරේ දිහා බලපු මම ප්‍රනීත්ටත් නොකියම මම අනිත් අතට එන්න හැරුනා.......

මම ආවා...නිකන් නෙවෙ...උඩ ඉදන් පහල තට්ටුවටම දුව දුව...නලල දෙපැත්ත මිරිකගන්න ගමන් කා එක්ක හරි කතාවක උන්න ප්‍රනීත්ට එක තත්පරේට මාව මගෑරෙනකොට මම කකුල් වෙව්ල වෙව්ල දුවන් ආවා...

විනාඩියයි දෙන්නම් කිව්වෙ...

විනාඩිය උනත්....

මම විනාඩියට කලින් ආවා උනත්....මම විනාඩියට පස්සෙ ආවා උනත්...

අනේ මට බයයිනෙ

ගේට්ටුව පහු කරන් දුවන් ආව මට පාර පැනලා ජීප් එකට යන්නබය හිතුනා...

මූන නොදැක්කා උනත් එයා ඉන්නවා ඇත්‍තෙ මේ මේ විදිහට කියන එක මට මැවෙන්න ගත්තා...තනි අතකින් ස්ටියරින් වීල් එක අල්ලන්.....ඒ අතේ ඇගිලි වලින් රටාවකට ස්ටියරින් වීල් එකට තට්ටු කර කර අනිත් අතෙ වැලමිට ශටර් ගැට්ටෙ තියන් මහපට ඇගිල්ල ඉස්සරහ දත් දෙකෙන් හපාගන ඇහිපිල්ලම ක් වත් නොගහම ඉස්සරහා බලන් ඉන්න එයාව මට මැවි මැවි පේනකොට මට ඇතුලට යන්න බය හිතුනා වගේම මම උඩ ඉන්න දෙයියන්ට කන්නලව් කර කර ජීප් එක ගාවට ගියා...ගිහින් ඉස්සරහා දොරට අත තියන්නෙ නැතුව තත්පර ගානක් බලන් උන්නා....

මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනවා ...

අනේ.....බාප්පේ.....කොල්ලාට මේ පාර නම් ඇත්තටම හත් දවස දෙන්න වෙනවා බාප්පෙ....

පස්සට යනවා....

ස්ස්.....

...

මාව රත් උනා....

ඇතුලට යාගන්න බැරිව උන්න මාව තක්බීර් වෙලා ගියා...තනි කලු කරපු ශටර් එක පහත් කරපු එයා මට පස්සට යනවා කියලා කෑ නොගහා දත් අස්සෙන් වචන හිරකරන් අනකරන කොට ඉස්සරහා ශීට් එකේ යෙවීන් උන්නා...හරියටම උඹ මගෙ තැන වෙන උන්ට දෙනවා නම්....ඇයි මට බැරි අහන්න වගේ ....

චුයික්.....චුයික්...

පියෝනි....

යෙවීන්ගෙ අතේ උන්න පියෝනියා මගෙ උරහිස උඩ හිටගන්නවා හා සමානවම ඒකගෙත් හිටගන්නකොට වයස පාට සංධීර් ආයම තරුන වෙලා උන්නා....

සංධීර් යෙවීන්....

ඇත්තටම ඒ රූප රාමුවට මම ගැලපෙනෙ නෑ වගේ.....

පස්සට නගින්න කියපු මට එයා ආයම වචනයක් කියන්න නොදී කෙලිම්ම වීදුරු ශටර් එක වහලා දැම්මා වගේම වැරද්දක් කරලා ඉදපු මම මොකූත්ම නොකිය ජීප් එකට නැග්ගා.....

ස්ස්....සංධීර් ...

ම්න්.....කියන්න යේ යේ ....මොනවද ඕනෙ...

පලවෙනි පිහිපාර ....මට දැනුනා හදවතේ තියෙන සියුම්ම තැන් පලාගන ඇතුලට බහිනවා....මම ඉන්නවද....මම කව්ද කියන එක පවා අමතක කරපු සංධීර් මගෙ දිහාවත් නොබලම අර පොඩි යෙවීන් ගෙ ඔලුව අතගාල මොනවද ඔනෙ අහනකොට මම යටි තොල හපගන ශටර් එකට ඔලුව ගහගත්තා .....

එයා මාව දකින්න ඇති....

මගෙ හිතෙ පරමාර්තෙ වෙන දෙයක් උනත් සංධීර් දැන් ඉන්නෙ ඒ තරහෙන් වෙනකොට මට කතා කරනවා වෙනුවට තිබුනෙ බලාගන විදවන එක වෙනකොට එයා හැම වෙලේම මරලා දානවා මරලා දානවා කියන වචනෙ හරිම තේරුම සදහටම ඇස්පියාගන්න එකම නෙවෙ ඇස් ඇරන් හුස්ම වැටෙනකොට පවා මරල දාන්න පුලුවන් කියන එක මගෙ ඇස් පනාපිට ඔප්පු කරනකොට කරන්න දෙයක්නැති කමට බලාගන උනා උනත්.....ඉවසන්න බැරි මම සංධීර් ට කතා කෙරුවා...හැබැයි එයා ඇහුන් නෑ වගේ උන්නා....

.

ස්ස්....සංධීර් .....

...

ස්ස් ..සංධීර් ...

න්න්..නලුවො....

ම්ම්...කියන්න ඇබිත්තම...ඔයාට මොනවා හරි ඕනෙද.....??

තවත් පිහිපාරක්....හදවතට ලේ අදින ලේ නහර වෙන් වෙලා ගියාද මන්දා ගොත ගහන මම දෙපාරක් තුන්පාරක්ම සංධීර් කියනකොට ඇහුන් නෑ වගේ උන්න එයා අනිත් පාර අර පොඩි එකා නලුවො කියන පරක්කුවෙන් ඇබිත්තම කියනකොට එතනින් එහාට වචන නැතුව ගොලු උන මම අනිත් පාර ඔහේ උන්නා... 

.

උඹට මගෙ ආදරේ විස්වාස නැතුව ඇති .... ....

විස්වාස නැතුව නෙවෙ....එක්කො උඹගෙ හිත රිදෙන්න ඇති....

අඩල දොඩලා පලක් නෑ සංධීර් ...මම ඇඩුවා කියලා....මට ආපිට කාලෙ ගන්න බෑ.....

උඹට වගේම මමත් හැම දේම නැති කරගත්තු මනුස්සයෙක්...

කොල්ලගෙන් මොනවා හරි ඕනද අහපු සංධීර් ඒ එන පාරෙම අයිනක නවත්තලා තිබුන කඩයක් ගාවින් නවත්තලා බැහැල ගියේ මා දිහාවත් බලන්නෙ නැතිව වෙනකොට අර පොඩි කොල්ලා මගෙයි කියන හැම් දෙම දැන් ටික ටික එයාගෙ කරගන්න ගමන් ඉන්නකොට මම සාක්කුවට අත දැම්මා...දාලා කීකාර්ඩ් එක දිහා බැලුවා...

මට ඉතිරි වෙලා තිබුන එක තත්පරේදි හරි මම කෙරුවෙ උඹට උදව්වක්...

කඩේ ගාව උන්න සංධීර් දිහා බලලා එක තත්පරේට හොරකන් කරන් ආව කීකාර්ඩ් එක ශීට් එක උඩින් තියපු මම ජිප් එකෙන් එලියට බැස්සා...බැහැල අනිත් පැත්තට පයින් ඇවිදන් එන ගමං එයාට මැසෙජ් එකක් දැම්මා...

මම හැමදාමත් රගපෑවෙ උඹගෙ ඩ්‍රාමා එක ඇතුලෙ විතරයි සංධීර් ...හැබැයි.....උඹගෙයි මගෙයිඅතර තියන කතාව ඩ්‍රාමා එකක් නෙවෙ ....මම කරන්නෙ රග පෑමකුත් නෙවෙ... මම කරන්න ඇත්තෙ වැරද්දක්....

ශීට් එක උඩ පොඩි දෙයක් ඇති...ඕන වෙයි....අරගන්න....

කදුලු බැදිලා හින්දම මට අකුරු බොද වෙවි පේනකොට මම.මැසෙජ් එක දෙකට කඩලා යැව්වා වගේම ඒ එක්කම මහෙ ඵෝන් එකට බාප්පගෙන් කෝල් එකක් ආවා...

හ්හ්....හ්හ්.හෙලෝ....බ්බ්....බ්බාප්පෙ....ම්ම්..මාව...ග්ග්...ගන්න...එ..එනවද.....

මොකද උඹ අඩන්නෙ කියපන්.....

කෙවි කෙවී තිබුන ඇස් අවසානෙදි අඩන්න ගත්තා...වැරද්දක් කෙරුවා කියන එක හිත දන්නවා උනත් වචනයක් වත් නොකියම මාගාරින එකට මගෙ පපුවම ඇදුම් කනකොට මට ඇඩුනා....

කොහෙද යන්නෙ....???

.යෙවීන්.....හෙලෝ.....යෙවීන්...

මම අහන්නෙ කොහෙද ය න් නෙ...

ස්ස්...සං.....

හෙලෝ....යෙවීන්...කොල්ලො...හෙලෝ...

ස්..සංධී....ර්....ස්ස්..සංධීර් ....ම්ම්..මට....ග්ග්..ගැහුවත්....ක්ක්..කමක්...න්න්..නෑ....ම්ම්..මාව...මාගාරින්න...එ...එපා....ස්ස්...ස්ස්..සංධීර් ...

යෙවීන්.....හෙලෝ.....

මම උන්නෙ බාප්පා එක්ක කතා කර කර....හැබැයි උරහිසට අත තියලා කවුරු හරි මාව නැවැත්තුවා වගේම ඒ උන්නෙ වෙනකවුරුත් නෙවෙ සංධීර් වෙනකොට බාප්පා ලයින් එකේ කියන එක පවා අමතක කරපු මම මාව මගාරින්න එපා කිය කිය ඒ අත්වලින් අල්ලන කොට එයා මගෙ අත ගසාදාලා මගෙ අතේ තිබුන ඵෝන් එක උදුරන් කව්ද කතා කරන්නෙ බලලා කෝල් එක කට් කෙරුවා ...

නැගපන්....

.ස්ස්.....සංධී....

නැගපිය ගිහින්....

එයා අනිත්පාර බෙරිහන් දුන්නා.....මං අත් දෙකෙම්ම මගෙ කන් දෙක වහගත්තා ....

ආ..අ..අනෙ...ස්....සංධී....ර්...

දඩාන්...

මාව ජීප් එක ගාවට ඇදන් ගිහින් තල්ලු කරලා දාපු එයා අතමිටමොලවලා ජීප් එකට පාරක් ගැහුවා ....එ අත්වලට මැදි වෙලා උන්න මම අත්දෙකෙම්ම කන්දෙක වහන් උන්නා....

කී කාර්ඩ් එකක් ගන්න....මං තොට කිව්වද ඒකගෙ ගුබ්බෑයමට රිංගන්න කියලා.....??

ස....ස්ස්...

මම අහන්නෙ....මම උඹට...මේක කරන්න....කි ව් ව ද නැ ද් ද??

එයාට යක්සාවෙස වෙලා....එයා මගෙන් අහනවා මට එයා මට යන්න කියලා කිව්වද නැද්ද කියලා....අනෙ මම කොහොමද දෙයියනෙ උත්තර බදින්නෙ...

ස්ස්...සංධීර් ...අහ...අහන්න්...

ශ්ශ්....ශ්...ශ්...අහන්න....මොනවද....ම්ම්....මොනවද...බිත්තියකට තදකරන් ඉඹපු හැටි ද....එහෙන් මෙහෙන් අතපත ගාපු හැටිද...ආ...මම අහන්න ඕනා ඒවද කියපන්.....

..සංදීර් ....මට...මට...එ..එවෙලේ ක්ක්..කරන්න....ත්ත්...

උඹට කරන්න තිබ්බෙ ඒක නම්.....තව ඉස්සරහට උඹ බුදියලා එයිනෙ....එතකොට අන්න අදාටත් මම තෝව නාවලා ගෙට ගන්නද...ආ....කියපන්.....කතා කරපන්....නෑනෑ.....යෙවීන්....නෑ......නාවල ගෙට ගන්න පිරිමි මට ඕන්නෑ....

අනේ....ෂ්...ස්..ස්.....සංධීර් ...කියන....ද්දේ....ක්ක්..කියන දෙ....අහ....අහපන්.....ස්ස්...සංධීර් ....ම්ම..මට ඉන්නෙ....මට....ඉන්නෙ....

උඹ කියන්න හදන්නෙ මට ඉන්නෙ උඹ විතරයි සංධීර් කියලා නම්....හොදට දැනගනින්...මට ඉන්නෙත්...උඹ විතරයි...මම උඹට දැන් විනාඩියක් දෙන්නම්...හරි.....උඹ හැමදාම කියනවනෙ මේක නවත්තමු....මේක නවත්තමු කියලා...නේ.....හරි....උඹ දන්නවද...මේක නවත්තමු කියන එකේ හරි තේරුම...දන්නෙ නැත්තන්...මම.....උඹට පෙන්නන්නම්....හරි...

අ..අනෙ...අනේ....ස්ස් ..සංධී....ර්

අහකට.....අල්ලන්න හිතන්නවත් එපා හරි...උඹ මාව අල්ලන්න හිතන්නවත් එපා යෙවීන්.....

මම එයාගෙ අත් වලින් අල්ලන් කෑ ගැහුවා....එයා කිව්වා හැමදාම නවත්තමු නවත්තමු කියන වචනෙ හරි තේරුම පෙන්නන්නම් කියල....ඒ වචන මගෙ පිහිපාරවල් ඇනුන හදවත සම්පූරනම නවත්තලා දානකොට එයාව අල්ලපු මාව පැත්තකට තල්ලු කරපු එයා මට අල්ලවන්නවත් එපා කිය කිය දට්මිටි කනකොට මම කරගන්න දෙයක් නැතුව අත් දෙකෙම්ම පපුව අල්ල ගත්තා....

උඹ අඩපන්.....කොච්චර ඇඩුවත්...මට ගානක් නෑ...මට කමක් නෑ යෙවීන්....උඹට මම තත්පරයක් දෙන්නම්...උඹට පුලුවන් දෙන්නගෙන් එකෙක් තෝර ගන්න....යනු මිසක් ආය එනු නෑ....කියපන්.....උබට මාවද ඕනේ.....ඌවද...ආ.....

....අ..අ...නෙ....සංධීර් ...ම්...ම...මට....මට....උඹව....උඹව.....උඹ...

හරි....නවත්තපන් අඩන එක .....

අඩ අඩ උන්න මම කදුලු හිර කරගත්තා...එයාව ඕනෙ කියපු තත්පරෙදිම එයා මට අඩන එක නවත්තන්න කිව්වා.....

.මම උඹට ගහන්නෙ නෑ....මම උඹට බනින්නෙත් නෑ....නැගපන්...ඇතුලට....මම ඌ උඹව තදකරගන ඉඹපු එක ඇස් දෙකෙම්ම දැක්කා...හරි...උඹ ඒකට සාදාරන හේතු හොයන්න හදනවා නම්.....හොදට මතක තියාගනනින් යෙවීන්...අනිත් උන්ට ඒ හේතු කැප ඇති....හැබැයි...උඹට.....උඹට කවදාවත් ඒ හේතු කැප නෑ හරි.....උඹට ඒ වගේ හේතු කියන්න අයිතියක් නෑ...

එයා මා දිහා බලාගන දත්මිටි කෑවා....මට ඒ හේතු සාදාරනී කරනය කරන්න කැප නෑ කියනකොට මං කදුලු පිහදාන් එයා දිහා බැලුවා ....

ඇ...ඇත්ත්....තට.....එ..එතකොට....උ...උඹ.....උඹ ..අර....බ්බ්..බඩුවක්.....එක්...ක.....ග්..ගියෙ.....ම්ම්...මටත්....න්න්..නාවලා...ග්..ගෙට...ග්ග්...ග්න්න පිරිමි....ඔ..ඕන්....නෑ.යකො.....ම්ම්..මට.....විතරක් න්න්..නෙවෙ.....එ...හ්..හේතු.....ස්ස්...සාදාරනී....ක්ක්..කරනය...ක්ක්...කරන්...න.....උ..උඹටත්....ක්ක්...කැප....නෑ...

ඇත්තද....උඹ වැරදි කරලා දැන් කටගහනවද ම්ම්ම්...හොදයි...

ක්ක්..කට....ග්ග්...ගහන...

..මතක් කරපන්.....එදත් කාගෙ අතෙද වැරද්ද තිබුනෙ....ම්ම්....කා ගෙ අ තේ ද...

වැරද්ද තිබුනෙ...??

.මං බිම බලාගත්තා .....ආයමත් වැරද්ද මගෙ අතෙ වෙනකොට මං සංධීර් දිහා බැලුවා .....එයා මොකුත් නොකියා අහක බලාගන උන්නා...කිව්වා වගේම එයා මට අතක් උස්සලා ගැහුවෙත් නෑ.....එතනින් එහාට බැන්නෙත් නෑ....එයා මාව අතෑරලා දාලා වගෙ අහක බලාගන ඉන්නකොට මං එයාගෙ අතින් ඇල්ලුවත් එයා මගෙ අත ගසලා දැම්මා ...

ස්ස්...සංධීර් ....

කියපන්.....

ම්ම්...මාව....ව්....වි...විස්....

උඹව මට විස්වාසයි ....හැබැයි ...දැන් පාඩුවෙ ඉදපන් යෙවීන් ....උඹ මට ආදරෙයි කියලා දන්නවද....මම උඹට ආදරෙයි ද ගගා අහ අහ වදයක් නොවී නැගපන් ඇතුලට .....

මං ඇතුලට නැග්ගා .....නැගල ඉදගන්නකොට එයා ආයම ගිහින් ඉස්සරහින් ඉදගත්තා ....

උඹට කොහෙද යන්න ඕනෙ ...

බ්බ් ..බාප්පා ....ග්....ගාවට....

ම්න්.....

එච්චරයි ....එතනින් එහාට කිසිම දෙයක් නැතිවෙනකොට මං බිම බලාගන උන්නා... 

.බ්බ්....බාප්පෙ.....ම්ම්...මං....ආවා.....

සංධීර්ගෙ ජීප් එක තාත්තගෙ ගෙදරට පොඩ්ඩක් මෙහායින් නවත්තපු සංධීර් මොකූත් නොකියා ඉන්නකොට ඇතුලට යන්න කලින් මං බාප්පට ආව කිව්ව වගේම එතනින් එහා වචනයක් නොකියපු මං බහින්න ලෑස්ති උනා.....

දැන් උඹ මොකටද මෙහෙ ආවෙ??

.......

මම නෙවෙ කතා කෙරුවෙ ....මගෙ මූනක් වත් නොබල ඇයි ආවෙ කියලා අහනකොට මම අහක බලන් ඉදලා වාහනෙන් බහිනවත් එක්කම සංධීරුත් බැස්සා

යෙවීන්...

ම්ම්..මං....ආ..ආවෙ.....ස්ස්....සූට් ...එකක්....ඉ.ඉල්ල ගන්න ....

.ඈතින් එන බාප්පව දැකපු මං සූට් එකක් ඉල්ලගන්න කියනගමං එතනින් එහාට එයාට එන්න බැරි බව දැන දැනම ම්ස්න් බාප්පා එන මගට දිව්වා වගේම එයා මග ඉදන් බලාගන උන්නා.....

මොකද උඹ අඩලා...

.ක්ක්..කෝ....ම්ම්...මම...

නැතුව මමද ....මොකද දැන් මෙහෙ ආවෙ.....

ම්ම්..මට ...ස්ස්....සූට්....එකක්...ඕ..ඕන...

සූට් එකක්....කාගෙ...

ම්ම්..මගෙ.....

උඹගෙ 

ම්ම්....අර..අර....ඵ්...ඵොටෝ....ඒකෙ....ත්.....තියන එක....

ආච්චම්මා ඇතුලෙ නැති බව....බාප්ප විතරක් ගෙදර උන්න බව දැනගත්තු මං හොදට කට ඇරලා කත කෙරුවා වගේම ඵොටෝ එකෙ තිබුන ඇදුම පෙන්නලා ඒක ඕනෙයි කියපු මං චූ බරයි කියලා එලියෙ ටොයිලට් එකට දිව්වා ... 

මට ඇති චූ බරක් නෑ.....

බාප්පා එන්නෙ නැති බව දන්න මං ටොයිලට් එකට යන මුවාවෙන් කේටරින් එකෙ මේස රෙදි පුටු රෙදි වගේම කොල්ලන්ගෙ යුනිෆෝම් දාලා තිබ්බ කාමරෙට රිංගපු මං සයිස් එක නොබලම අතට අහු උන හාෆ් කෝට් දෙක තුන අරන් ඇදන් උන්න ටී ශරට් එක යටින් පිට පිට තුන හතරක්ම ඇදගන ඒ උඩට මගෙ ටී ශර්ට් එකත් ඇදගන ආපිට ඇතුලට දුවනකොට බාප්පා බෑග් එක්ක් අරන් පහලට එනගමන් උන්නා...

මෙන්නෙ මේකෙ බලපන්.....අර යකින්න මේකට දාලා....

ක්ක්..කමක්...න්න්..නෑ...ඔ..ඕකම....ද්...දෙන්න....

මොකටද උඹට මේවා...

ර්....රෑට....අදි...න්න....ම්..මං....ය්..යනවා....

පොඩ්ඩක් ඔහොම ඉදපන්.....

මම දිව්වා..හොරකමකුත් කරලා ඉන්න මට බාප්පට උත්තර බදින්න විදිහක් නැති බව දැන දැනම මම බෑග් එකත් උස්සන් සංධීර්ගෙ ජීප් එකට දිව්වා වගෙම මං එනකන් බලන් උන්න සංධීර් මම එනවා දැකලා වාහනේට නැග්ගා...

හ්හ්....හ....රි....

.....

එච්චරයි ...ආයමත් අර වේදනාව.. .....නාදුනන එකෙක් එක්ක යනවා හා සමානවම එයා ආයමත් මා දිහා වත් නොබලන කොට ඇදුම් බෑග් එක කකුල් දෙක උඩ තියාගන උන්න මම ඵොටො එකේ තිබුන ඇදුම අරගන එලියෙන් තිබ්බා...

ස්ස්....සංධීර් ...ම්..මෙයාට....මේ....ඇදුම....අ...අන්දවන්න....

......

ඕ..පුලුවන්...නම්.....ඇදුමෙ....ල්ල්..ලේන්සුවක් එල්ලන්න...

......

ඇදුමට ඕඩික්ලෝන් ටිකක්....දාන්න...

......

මම එයාට යෙවීන් උන මම කරපු දේවල්ම ආපිට කියනකොට එයා හා හූම් නොගා උන්නා වගේම අවසානෙදි ඊටත් වඩා දෙයක් කියන්න නැතිව කට පියාගන උන්න මම ගේ අපෙ ගෙවල් පාර ගාවදි එයාට කතා කෙරුවා....මාව බස්සන්න කිව්වා....ඒත් එයා නෙවෙ නැවැත්තුවෙ....ඒ වෙනුවට එයා කෙරුවෙ පොඩි කොල්ලව යහපතාට දීලා මාව එක්කන් එයාගෙ ගෙදර ආව එක වෙනකොට මම එයාගෙ පස්සෙන් ගාට ගාට ඇතුලට ගියා වගෙම ඇතුලට එනකන් ඉදලා දොර වහනවත් එක්කම එයා මගෙ බෙල්ලෙන් අල්ලන් මාව දොරට හේත්තු කරගත්තා ....

ස....ස්...

.

කොහොමද ඒක....ම්ම්....ඌ ඉඹිනකොට මට වඩා හොදයිද....ම්ම්ම්ම්

අ..නෙ...ස....ස්..ස....

උඹට ඌව මටත් වඩා දැනෙනවද ම්ම්...

කැහ් ..කැහ්හ්....ස....ස්....සංදී.....ර්

මම දැගලුවා .....මෙච්චර වෙලාම මීක් නොගා උන්න එයා අනිත් පාර වියරු වැටිලා වගෙ මගෙ බෙල්ලෙන් අල්ලන් මට වඩා ඌව දැනෙනවද අහ අහ මගෙ බෙල්ලත් තද කරන් කම්මුල් දෙකම මිරිකනකොට වේදනාවට වඩා බයට මට කදුලු ආවා....

මම මේක කියන අන්තීම වතාව.....මට උඹව නැති කරන්න එපා...එහෙම උනොත්.....මට විතරක් නෙවෙ උඹගෙ අම්ම තාත්තටත් ආයම උඹ නැතිවෙයි ...තේරුනාද...ම්ම්ම්....

ස්ස්...සංධී.....ර්...අනෙ...අනේ...ම්ම්..මට....ස්...සමව....

පලයන් නාපන් ගිහින්....සමාව නොදුන්නා නම්...උඹ අද හුස්ම ගන්නෙ නෑ ඇබිත්තම....හරි....දැන් යමන් ගිහින් නාපන්....මට උඹව අල්ලන්නත් අපුලයි...

එයා මාව අතෑරියා...මාව අල්ලන්නත් අපුලයි කියපු එයා මාව අතාරිනකොට මම එයාගෙ බාතෲම් එකට දිව්වා වගේම බයටම තිබුන සබන් ශැම්පු හැම එකම ඇගේ හලාගත්තා .....එයා මට සමාව දුන්න දෙවනි පාර...

ස්ස් ..සංධීර් ...

ම්න්...

පැයක්...නැතිනම් ඊටත් වැඩියි...මම නෑවා....අල්ලන්නත් අපුලයි කියපු මම මගෙ බෙල්ලෙ හම යනකම්ම ඇතිල්ලුවා...අවසානෙදි නාලා නාලා එයාගෙ ඇදුමක් ඇදන් යන්න බැරි උනත් ඒවා ලොකු උනත් මට කරන්න දෙයක් නැති කමට මම එයාගෙ කලිසමක් එක්ක බැනියමක් ඇදගන හිගන පැටියා වගේ ලගට ගියා වගේම මොනවා හරි කල්පනා කර කර උන්න එයාට මම හොරකන් කරන් ආව ඇදුම් ටික දුන්නා...හැබැයි එයා ඒ දිහා නොබලා මම ඇදන් ආව ඇදුම් කොහෙද ඇහුවා...

කොහෙද ඇදුම්...

අ..අර ..ක්ක්...කූ....

විසික් කරපන්....

ඇ . ඇ....ඇයි....

.....

හ්හ්....හා...ඒ....එත්....ඒක...අ...අප.....රා..න්න්...නෑ...එ...එක්කො....ව්....විසික්.....ක්ක්...කරමු...

මම ආයාම දිව්වා....ප්‍රනීත්ගෙ කුයිලෙට පවා වෛරකරපු එයා දෙවනි පාරටත් මගෙ ඇදුම් විසික් කරලා දැම්මා ....

ඇයි අකීකරු කම් කරන්නෙ.....

ස්ස්..සංධී....ර්....

ඇයි මගෙන් නාහා වැඩ කරන්නෙ...

....

උඹට වෙන උන්ට වගේ කෑ ගහන්න කරන්න පනක් තිබ්බා නම් කමක් නෑ යෙවීන්.....එහෙම බැරි බව දැන දැන...ඇයි උඹ මගෙ ඇගෙ ලේ කෝප කරන්නෙ.....ම්ම්ම්ම්....

මම උන්නෙ සංධීර් ගාව හිටගන...ඇදුම් ටික විසික් කරලා එනවත් එක්කම මග්ව් පිටිපස්සෙන් ඇවිදින් උන්න එයා මාව ඇදලා ලගට ගත්තා ....

යෙවීන් ...යෙවීන්.....උඹ..මම...දෙපාරක් මැරුන මිනිස්සු යෙවීන්.....කතා කරන උන්ටවත්...ආරක්ශා වෙන්න බැරි ලෝකෙක උඹ ඔහොම ගියහම මට තරහා යන එක සාදාරන නැද්ද කියපන්....

මම අහන් උන්නා...වෙනදට ඔලුව අත ගාන ඉඹින එයා අද ඒ කිසි දෙයක් නොකර කතා කරනකොට මම එයාගෙ අත අරන් මගෙ ඔලුව උඩින් තිබ්බා උනත් එයා ඒ අත පහලට දැම්මා....

ම්ම්..මට.....ආදරෙ....න්න්...නැද්ද...ස්ස්...

ඒකෙ තරම පරික්ශා කරන්න හදන්න එපා යෙවීන්...අදරෙ උනත් මාත්‍රාව වැඩියෙන් ගත්තොත්.....වහ වෙනවා ....හවසට ගන්න එන්නම්....ප්‍රවේසමෙන් ....

එයා මාව එලියට දැම්මා....

මං හිතන්නෙ නෑ මට එයාව ආයම ලේසියෙන් යාලු කරගන්න පුලුවන් වෙයි කියලා .....වෙනදට ආදරෙයි ඇබිත්තම.....සංධීර්ගෙ කුකුල් පැටියා...කියන හැම වචනයක්ම අද මැරිලා ගිහින් තිබ්බා ...එකම එක හාදුවක් වත් නැතුවම එයා මාව එලියට තල්ලු කරල දොර වැහුවා...

මම වැරදි.....උඹ මට දෙන දඩුවම මේක නම්....මම ඒක බාරගන්නම් මගෙ සංධීර් ...

මම හිනින් හිමින් ගෙදර ආවා.....සංධීර්ගෙ සුවද පිරුන බාච්චු ඇදුම ඇදගත්තු මම හවස යන්න බලාගන ආපිට ගෙදර ආවා...

*

*

*

ටාං.....ටාං.....ටාං....

පහයි.....හරියටම වෙලව පහයි...

මම උන්නෙ පොඩි යෙවීන් එක්ක....මීට පැය ගානකට උඩින් තිබුන හිත් වේදනා දුරස්වීම් එහෙම්මම වෙනකොට පොඩි යෙවීන් දිහා බලන සංධීර්ට මාව අමතක වෙලා තිබුනා...නෑ...එයා හිතා මතාම මාව අමතකයි වගෙ රගපෑවා...අඩල පලක් නැති මම කෙරුවෙ ආච්චම්මා පල්ලියට එන වෙලාව එනකන් බලන් උන්න එක වෙනකොට හැන්දෑවෙ පහෙ පූජාවත් පටන් ගත්තා ...ඒත් ආච්චම්මා නැ....

අද එන්නෙ නැතිවෙයිද 

පියාන්ණ්ගේද....පුත්‍රයානන්ගේද.....ශුද්ධාත්මයානන්ගේද නාමෙන්.....

ආ.....මේන්....

ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේ.....ක්වා....

ඔබ සමගද...වනසේක්වා.....

පූජාවෙ සද්දෙ එලියට ඇහෙනකොට මම නියපොත්තක් හපන්න ගත්තා....සැරින් සැරෙම ඉස්සරහ පස්ස හැරුනා.....

තාම නෑ ගගා සියපාරක් කියනකොට පලවෙනි කියවීමත් කියන්න ගත්තා ....

පළමුවන කියවීම...ශුද්ධවු ලූක් තුමා විසින් කොරෙන්ති වරුන්ට ලියු පළමුවන හසුනෙන් උපුටාගන්නා ලද්දෙකි.....

මම අහන් උන්නා.....ලූක් තුමා කොරෙන්ති වරුන්ට ලියුවෙ දෙපාරයි.....

එ අස්සෙ මම.ඒවත් කල්පනා කරනකොට අහම්බෙන් වගෙ ආච්චම්මව දැක්කා.....හැටපැනපු ලමිස්සි....

අර එන්නෙ....

ය්..යෙවීන්.....ම්..මා එක්කම.....ඉ...ඉන්න....හ්..හරි.....

මෙතනින් පස්සෙ මට පුද්ගලික සම්බන්ද කම්ව්ලට අඩන්නවත් එ ගැන හිතන්නවත් කාලයක් නැති වෙනකොට සංධීර් ගෙ ඇබිත්තම නපුරු යෙවීන්ට පරිවතනේ උනා වගේම ආච්චම්ම ඇතුලට යනකන් ඉදල ජීප් එකෙන් බහැපු මම අර පොඩි කොල්ලව වඩාගත්‍තා වගේම සංධීර් දිහාවත් නොබලම මම පල්ලිය ඇතුලට ගියා....

ය්..යෙවීන්...

ම්ම්...

ඔ..ඔයාට....ම්ම්..මතකයිනෙ....එ...එතනින්...එහා...ම්ම්..මොකුත්.....න්න්..නෑ.....හ්..හරි....

හ්හ්..හරි.....

මම වඩාගන ආව කොල්ලව බැස්සුවා....බස්සල බංකු පෙලියෙ අවසානම බංකුවෙ උන්න ආච්චම්ම දිහා බලන් ඉදල ඉදල.....අපි දැන් එකිනෙකාට සාමය පතමු කියන කොටස වෙනකන් පුදුමාකාර ඉවසීමකින් උන්න මම අවසානෙදි කොල්ලව එක්කන් උන්දව මැදට හිටින්න අපි දෙන්නම දෙපැත්තෙන් හිටගත්තා වගෙම ස්‍රද්දාවෙන් උන්න ආච්චම්මාට ඒ ගැන ගානක් නැති උනා වගේම සුවාමි මම බලාගන උන්න කොටස කිව්වා....

අපි දැන් එකිනෙකාට සාමය පතමු...

ඔබට සාමය වේවා...

" ඔබට සාමය වේවා...ආ...ච්...ච...ම්..මෙ....."

ය්...ය්...

වම්පැත්තට හැරිල සාමය පතන්න ගියපු වයසක උන්දව කරකවලා අතාරිනකොට පොඩි එකා මම වගෙම ආච්චම්මෙ කියන කෑල්ල බයෙන් වගේ කයද්දි කරන්ට් එකක් වැදුනා වගෙ සුදුමැලි වෙලා මගෙ පැත්තට හැරුන වයසක උන්දා දිහා අත් දෙක වැදගන උන්න මම කට කොනකින් හිනා වෙලා බලන් උන්නා වගේම මං බලාගන බය වෙච්ච උන්දට කෙලත් හිර උනා...

ඉතින්....ද්ද්...දෙයියො...ප්..පව්.....ස්ස්...සමා.....ක්ක්..කරනවා.....ක්..කියලා....ක්ක්....කිව්වද...ම්ම්ම්ම්ම්ම්...????

"ආ...ආ....ච්ච්...ම්..මෙ....."

.

.

....

🙂ජොබීනිදහාස්.....

ආය එන්නාම්.....

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters