Cherreads

Chapter 59 - 59

දෙවියනේ සංධීර්ගෙ ජිප් එක...මේ යකා මොන මගුල කරනවද මන්දා ...උඹටයි මටයි දෙන්නටම මැරෙන්න වෙන්නෙ ප්‍රනීත්....මාව කානුවකින් වත් ඇහිදගන්න පුලුවන් උනොත් ඒකත් ඇති..ඕකා මරලා ගිනි තියන එකෙක්... ..

සංධීර්ගෙ ජීප් එක දිහා බලාගන මම මාව තදින් අල්ලන් උන්න ප්‍රනීත්ගෙන්අගෙඅත ගලවගන්න හැදුවා....

ප්ප්...ප්‍රනීත් මාව ආතාරින්න...ම්ම්..මාව...අ..අතාරින්..න්න්..නකො...

ඇයි....අතාරින්ඩ කියන්නෙ උඹට මේ හදිස්සියට මොකෙක් හරි හම්බුනාද කියපන්...?

එ..ඒක.....ම්ම්..මොකටද...ත්ත්..තොට....අ..අතෑරපන්...අ..අඩේ.....

මම අත ගලගවන්න හැදුවා...ඒ අස්සෙන් ඒකා අහනවා මට කවුරු හරි ඉන්නවද කියලා...මූ මාව කොහෙ හරිඅරන් ගියොත් ඒක ඊට හපන්...

ප්ප්..ප්‍රනීත්....ම්ම්...මම...ඔ..ඔයා...ය්ය්..යාලුවෝ....ව්..විතරයි.....ම..මයි...උ..උඹයි....ය්..යාලුවො....ව්..විතරයි....

ඇත්තට....යාලුවො විතරද....ආ...යාලුවො විතර නම්....ඇයි මට පිස්සු හැදෙන්න වගේ එන්නෙ කියපන්...දවස් ගානක්....ආ..දවස් ගානක්...මැසේජ් එකක් නැතුව යනකොට ඇයි මගෙ ඔලුව අවුල් වෙන්න එන්නෙ කියපන්....උඹ ඔය හෙත්තු වෙලා ඉන්නවා නම් කාට හරි....හොදට මතක තියාගනින් යෙවීන්....

ම්ම්..මටයි...ය්ය්..යකො...මැරෙන්ඩ....ව්ව්..වෙන්න්නෙ...අ..අතෑරපන්කො...ම්ම්..මගුල.....ම්..මම...උ..උඹට...ක්ක්..කැමති....න්න්..නෑ.....හ්හ්!!!

.මම යටගිරියෙන් බෙරිහන් දුන්නා....වට පිටේ මිනිස්සු බලන් උන්නා උනත් මොන යකෙක්වත් මාව මුගෙන් ගලවගන්න ආවෙ නැති උනා...අනික කොච්චර තරහා ගියත් මම ඉන්නෙත් පන්තිය ඉස්සරහා වෙනකොට මූට අත දිගෑරලා දෙක තුනක් වනාගන්න වගේම සංධීර්ගෙ ජීප් එක දැකපු වෙලාව ඉදන් මගෙ ඇගේම හයිය දිය වෙලා වගේ දැනුනා...

යෙවින්.....උඹ ඉල්ලන්නෙ මොනවද....ඕනම සැපක් දෙන්නම්...මට කියපන්...උඹට ඕන මොනවද....මම උඹ වෙනුවෙන්

ම්ම්..මට...ම්ම්..මොකුත්...එ..එපා.....මට...ප්ප්..පාඩුවෙ...ඉන්..න...දෙන්න....මම....ක්ක්..කෙරුවෙ....ව්ව්..වැරද්දක්....ඒකට...ස්ස්.සාමවෙන්න...ද්දැන්...මාව....අතාරින්න....

අතාරින්න.....??

මම බලාගන ඉන්නකොට එයාගෙ මුනත් රතු උනා....

අනේ බාප්පෙ...කුකුල් පැටියා අහුවෙලා තියෙන්නෙ යක්කු දෙන්නෙක්ටනෙ...

මම එයා දිහා නොබලා සැරින් සැරෙ කලු ජිප් එක දිහා බැලුව එයා එක්කො නැද්ද ඒකෙ??ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එනවනෙ...

..යෙවීන් ..උඹ කියන්නෙ මට උඹව අතාරින්න කියලද?

.ඔ...ඔව්.....

.එහෙමද?

.ඔ..ඔව්....අ..අපි....ය්ය්....ය්ය....

යාලු කමක් නෑ....එක්කො උඹ මගෙ...නැත්තන්...එතනින් එහා....මොකෙක්ටවත් නෑ.....

ම්ම්..මරපන්....ඕකනෙ...ක්ක්..කියන්න..ඕනෙ..මම්...මරලා බලපන්...එ..එතකොට....උ..උඹටත් නෑ...ක්ක්..කාටත්...නෑ.....ඉ..ඉවරනෙ...ක්..කතාව නේ.....

එ අනිකා...ඒ අනිකා....ප්‍රනීතයා ඇවිත් සංධීර්ගෙ පුතෙක්ද මන්දා..මූ මාව මරනවා කියන්න කට හදනකොටම මම වචන ඉස්සරහට දැම්ම.. ..එයා බලන් උන්නා ඇස් දෙක රතු වෙලා.....අර ලස්සනට තිබුන මූන අවුල් වෙලා...ඒත් තාමත් මගෙ අත තදින්ම අල්ලන් උන්නා...

ප්‍රනිත් මාව මරන්ඩ හදනකොට මම සංධීර් ඇවිත් නෙලයි කියලා බලන් උන්නා.....

හෙලො ඩැඩී...

ප්‍රනීත්ට කෝල් එකක්....මාව අල්ලන් මරන් කන්න හදන ප්‍රනීත්ට කෝල් එකක් ආවා.....එයා මාව අතෑරියා...අතෑරලා අනිත් පැත්ත හැරෙනකොට මම සංධීර්ගෙ ගාවට දුවන් එන්න ආවා....හැබැයි.....මට කමර්ශල් ක්‍රෙඩිට් එකවත් පහුකරන්න හම්බුන් නෑ....සංධීර් ආවා...එයා ජීප් එකේ ඉදලා නෑ.....

හැබැයි...

තනියම නෙවෙ...

ගෑනියෙක් එක්ක.....

මම නැවතුනා....

.

ඉස්සරහට තිබ්බ අඩිය ආපස්සට ගත්තු මම බලාගන උන්නා...එයාම ගිහින් ජිප් එකෙ දොර අරිනකොට මම ඕෆ් කරපු ඵෝන් එක ඔන් කරන් මෙතන ඉදම්ම ඵොටෝ එකක් ගත්තා...අරන් සංධීර් ආපිට ජීප් එකට නගින හැටි බලන් උන්නා....

නැ ඩැඩි...එහෙම ලොකූ ඩෙකරේශන් එකක් නෑ.....මිනිස්ටර්ගෙ පුතා කිව්වා...අයිවරි ගෝල්ඩ් ගන්න කියලා.....

.......

ඔව්...කෙටරින් එකක් එයාලමයි දෙන්නම් කිව්වෙ.....අපිට තියෙන්නෙ හෝල් එකයි...අනිත් ටිකයි බලන්න.....

........

දන්නෙ නෑ...ඔව්වට ඉතින් බජව් ගහන්නෙ නැනෙ ..අන්පලගඩ් එකක් හරි...ඔය වගේ ස්ලො යන මොන මොනව හරිනෙ....

....

නැ ඩැඩී....මම එලියෙ ඉන්නෙ....පැයකින් එන්නම්...

මම උන්නෙ සංධීර්ගෙ සිහියෙන් ...ප්‍රනීත් එහෙන් සිල්වගෙ හුටපටයක් කියනවා.....මට පේන්නෙ...ප්‍රනීත්ලගෙ banquet එක වගේ උන් ගන්නෙ...එතකොට කේටරින් එක....තාත්තගෙන්.....

ම්ම්ම්...ම්ම්...ම්ම්.....

සංධීර් යයිද.....??

නොයා ඉන්න එකක් නෑ.....ඉන්විටේශන් නැතිඋනත් යන්න ක්‍රමද නැත්තෙ.....

ඒ කොහොම උනත් මගෙ ඇස් වලට කදුලු පිරුනා ...එයාට නිකන් වත් මට මැසේජ් එකක් දෙන්න තිබුනා.....උඹට කොහොමද කියලා වත් අහන්න තිබුනා...ඒත් ...එයා මොකක්ද කෙරුවෙ....

සංධීර් උඹ මට බොරුවක් කරනවද සංධීර් ....එක්කො උඹ මගෙන් ආතල් එකක් ගන්නවද.....???

වෙන්න ඇති....මම කව්ද....උඹ කව්ද...මම මේ ඊයෙ පෙරේදා ඇටෙන් පොත්තෙන් බේරුන එකෙක්....

උබ මට වඩා කොච්චර දේවල් දන්නවද....උඹ ගෑනු ගැන කොච්චර දන්නව ඇතිද...??

යෙවීන්.....

ලගට ආව ප්‍රනීත් මගෙ උරහිසට අත තිබ්බා ....

මම එයා දිහා බැලුවා ..

ඔයා ...අ....ඩනවා.....ඇ යි...??අනෙ ඇයි පන මේ...අඩන්නෙ.....මට...කියන්න..ඇයි..මේ....

මම.ඔලුව හෙලෙව්වා .....මොකුත් නෑ කියන්න ඔලුව හොලවපු මම රිවර්ස් කරන් යන්න හදන සංඪ්ජීර්ගෙ ජීප් එක දිහ බලන් උන්නා. .

.

යෙවීන්...මම...මම.ඔයාට රිදෙව්වද?

මටත් නොදැනිම අඩන මගෙ අත අල්ල ගත්තු එයා එයා තදින් අල්ලපු තැන අත ගානකොට මම ඒ අත උදුර මගෙ කොන්ඩෙන් ඇදගත්තා ....කන් දෙක මිරිකගත්තා...කන් දෙක...පිහදගත්තා ...

ඇයි...එයාට මොකුත් කොයන්න බැරි...

ඇයි...කරන දෙයක් කියන්න බැරි...

එයා එක්කො මාව පාවිච්චි කරනවද...???

එයා ගත්තෙ මගෙන් ආතල් එකක් විතරද ...??රැයක් තියාගන එයා මාව ගිහින් දැම්මෙ ඒකද...

යෙවීන්.....

මම මගෙ ඔලුව හෙලෙව්වා....මම මගෙ අත් දෙකෙම්ම මගෙ කන් දෙක පිහිදගත්තා...තරහව...දුක...වේදනාව එන්න එන්නම වැඩි වෙනකොට සංධීර් මට් කියනවා වගේ මට සංධීර්ව මරලා දාන්න හිතුනා.....මට නැත්තන් බලු බල්ලෙක්ට එපා කියලා කා ගහන්න හිතුනා.....

යෙවින්....යෙවීන්.....අනේ...බබො...ඇයි මේ...යෙවීන්.....

ඔලුව වන වන උන්න මම අනිත් පාර මගෙම කම්මුලට ගහගත්තා නිකන් නෙවෙ.. මට පුලුවන් උපරිම වේගෙන් ...

ස්..සං..ස්ස් ස්ස් ස්ස්....මං..මං...උඹව...ම්ම්.....

යෙවීන්....යෙවීන්.....ඇයියෙවීන් මේ...ඇයි මේ...අනේ හොද ලමයනෙ...ඇයි මේ.....ඇයි මේ....

මම ගොත ගැහුවා....තරහව වේදනාව වැඩ් කමට මට කතා කරගන්න පවා බැරි වෙනකොට මම මටම ගහගත්තා .කෑ ගහලා බැනගන්න ඕන තැන අඩාගන්න ඕන තැන ඕනවටත් වඩා මාව හිර වෙනකොට මම මටම ගහගත්තා බය වෙලා උන්න ප්‍රනීත් මාව ඇදලා අරන් තුරුල් කරගන්නකොට කදුලු පිරුන ඇස් වලට සංධීර් ගෙ ජීප් එක යන්න යනවා මට බොද වෙලා පෙනුනා...

..යෙවීන්....යෙවීන්...යෙවීන් හොද ලමයනෙ හොද ලමයනෙ .. 

උ..උඹට ...මගෙන්...ම්ම්..මොනවද....ඔ..ඕනෙ...

මම ප්‍රනීත්ව තල්ලු කෙරුවා ...තල්ලු කරල අනිත් අතට කොලර් එකෙන් ඇදලා අරන් අල්ලගත්තා .....මාව වෙව්ලනවා..එහෙන් සටසට ගාලා ඇස් වලින් කදුලු ගලනවා...

උ..උබට...ඕනෙත්...ම්..මා ..එක්ක....බ්බ්..

බුදියන්න...න්න්..නම්...වරෙන්...ක්ක්..කොහෙටද .ය්ය් ..යන්න...ඕනෙ...ක්ක්..කියපන්.....ක්ක්..කියපන්...ම්ම්..මට...

යෙවීන්.....!!!

එයා කෑ ගැහුවා....සංධීර් මාව රැයක් තියාගන ඉදලා ගිහින් දැම්මා වගේ හැගීමක් දැනෙනකොට මම ඒ තරහා ප්‍රනීත්ගෙ පිටින් යැව්වා .....මාත් එක්ක බුදියන්න ඕනා නම් කියපන් කිව්වා...වට පිට ඉන්න උන්ට ඇහෙයි කියලමද කොහෙද එයා මගෙ කට වහනකොට මම එයාගෙ අත ගසලා දාලා ආයම යන්න හැරුනා...

.මට මොකෙක්වත් එපා...මට එක බල්ලෙක් ඕන් නෑ....

කන් දෙක කස කස ඔලුව හොලව හොලව මම එන්න හැරුනත් මගක් ගියපු මම එහෙම්ම තාප්පෙකට හේත්තු උනා....

අවසානෙදි තරහවට වඩා වේදනාව ඉස්මතු වෙනකොට මම අඩන්න ගත්තා....

යෙවී....න්....

.

එ...එපා.....අහකට....ඕ..පලයන්....ප්ප්..ප්‍රනීත්.....ම්ම්..මට....ස්ස්...සමාවෙයන් .....ම්ම්..මම...බ්බ්..බලාපොරොත්තු ..ද්ද්..දෙන්ඩ...ඇ...ඇති ඒඑත්....ම්ම්..මට...උඹව...ප්....පාවිච්චි කරන්ඩ...ඕ..ඕන් ...නෑ....

මම එයාව තල්ලු කෙරුවා ...සංධීර් ගැන තරහවක් තිබුනා උනත්.....ඊටත් වඩා මම සංධීර්ට ආදරේ කරනකොට මම එයාව තල්ලු කෙරුවා ....අඩ අඩ උන්න මගෙ ඇගට එයාගෙ ලෙදර් ජැකට් එක දානකොට මම ඒක අහක් කෙරුවා .....

..යෙවීන්....

තාප්පෙට හේත්තු උන මම හෙමින් හෙමින් නලල ගහගත්තා...හරියටම අම්මයි තාත්තයි රන්ඩු කරගත්තු දාක කර්ට්න් එක අස්සෙ ඉදන් මම නලල පැලෙනකන් බිත්තියට නලල ගහගත්තා වගේ මම හිමින් හිමින් නලලා ගහගත්තා ..එලියට දාගන්න බැරි හැහීම් ඇග පුරාවටම දුවනකොට මම නලල ගහගන්න වේගෙ වැඩි කරනකොට ප්‍රනීත් මගෙ නලලට අත තිබ්බා....

.

ඇයි මේ....

ම්ම්..මං....මං...ඌ..ඌට....ආදරෙයි.....

ඉවසලා...ඉවසලා...ඉවසන්න අමාරුම තැන මම ප්‍රනීත් දිහා බලාගන මම ඌට ආදරෙයි කියනකොට එයගෙ මූන වෙනස් උනා....මම බලාගන එයා අත මිටිමොලව ගත්තා ....

ම්ම්..මට....ප්..පන්ති...ය්..යන්න..බෑ....

.එහෙනම්...කොහෙද යන්න ඕනෙ....

ක්ක්..කොහෙ .හරි ..ඔයා..එ.න්න...එපා...ම්ම්..මට....තනි....යෙන්....ඉන්න...ඕනෙ...

මම එයාගෙන් ඈතට යන්න හැදුවා.....මට කාවවත් නිකරුනෙ මරාගන්න වත්..කාගෙවත් අත පය නිකරුනේ කඩලා දන්න වත් ඕන් නැ....

යෙවීන්...කොහෙද යන්න ඕනෙ....

.එයාගෙන් ඈත් වෙලා ආව මාව ප්‍රනීත් ආයම අල්ල ගත්තා.....

ඉ..ඉ..බාගාතෙ... 

 මම ඉබා ගාතෙ කිව්වා...එයා මා දිහා බලන් උන්නා...හැබැයි මොකුත් නොකියම එයා ආයම මගෙ ඇගට එයාගෙ ජැකට් එක අන්දවලා මාව අතින් අල්ලන් එයාගෙ බයික් එක ගාවට ගිහින් හෙල්මට් එක දැම්මා....

නගින්න ....

මගෙ හිතම වේදනා දෙනවා...ඇස්වලින් වැටුන කදුලු නැවතුනත්....මගෙ හිත පුදුම විදිහට වේදනා දෙනවා...මම ආයම සංධීර් ගෙ චැට් එක දිහා බැලුවා..වෙනසක් නෑ....මොකුත් නෑ..... එයාගෙන් නිකමටවත් මැසේජ් එකක් නෑ... ....

නිකමට උඹාට කොහොමද කියලා අහලා නෑ ..එක අතකට මම වැරදියි...මමයි බලෙන් එල්ලුනෙ...මමයි බලෙන් ආදරේ කියලා කියව ගත්තෙ.....

මං වගේ උන්ට කව්වද අවංකවම ආදරේ කරන්නෙ.....

උඹට ඕන ඕක නම්.....උඹ ඔයවිදිහට යමං සංධීර් ...හැබැයි...මම හැංගි හැංගි නටන් නෑ..උඹේ මූනටම කියලා මේක නවත්තනවා...

බලන් ඉදින් සංධීර් ...උඹට මාව ඕනම වෙන දවසට....අනිවාර්යයෙන්ම මාව නැති වෙනවා...බලන් ඉදින් ....

මම ඔහෙ උන්නා...ප්‍රනීත් මාව එක්ක යන්නෙ කොහෙද කියන්නවත් මම දන්නෙ නෑ.....එයා කෙලිම්ම ඩී එස් අයි එක ගාවින් පහලට දැම්මා..මේක වැල්ල වීදිය පාර... මග දිගට තියෙන්නෙ හොටෙල්.....රූම්ස්.....අයිස්ක්‍රීම් කඩ...අනම්.මනම්....මේ සයිඩ් එකෙන් පටන් ගත්තම කම්මලට යනකම්ම තනිකරම ප්‍රසිද්ද ටුවරිසම් වලට වෙනකොට පදුරකට පයින් එකක් ගැහුවත් සුද්දෙක් විසික් උනා.....

මම ඔහේ උන්නා...මොන කරුමයක්ද කියනවා නම් මම ආයම රියෝ එක හරියෙදි සංධීර්ගෙ ජිප් එක දැක්කා.....

අරකි එක්ක අයිස්ක්‍රීම් කන්න යන්න ඇති...කමක් නෑ...පලයන්....අයිස්ක්‍රීම් කාලා ළඟ තියන අයිස්ක්‍රීම් එකත් කව්වලම වරෙන් සංධීර් ....උඹට හොද ඇතිනෙ 

ප්ප්...ප්‍රනීත්...

ඕ...

හුලන් සද්දෙට වගේම මුහුදෙ සද්දෙට මොකුත්ම ඇහෙන්නෙ නැති වෙනකොට මම තවත් චුට්ටක් ලන් වෙලා එයාට කතා කෙරුවා .....

ම්ම්..මට....අ...අයිස්....ක්‍රීම්....ක්ක්..කන්න....ඕ..ඕනා...

හා....

මම මෙහෙන් ගොත ගහලා කෑ ගහනකොට එයත් එහෙන් කෑ ගැහුවා...සංධීර් ගෙ ජිප් එක තිබුනෙ ටිකක් ඈතට වෙන්න වෙනකොට මම මට කලින් ප්‍රනීත්ට යන්න දීලා එයාට පස්සෙන් මම ආවා.....

කපල් විතරයි ...තනි එකෙක් හොයා ගන්න නැති තරම් ....මම ඇස් කැරකෙව්වා ....

එයා ඉන්නවා....නිකන් නෙවෙ අර සක්කරවට්ටම එක්ක...මම මෙතන ඉදම්ම කෝල් එකක් ගත්තා...

ප්‍රනීත් උන්නෙ අයිස්ක්‍රීම් පිරුන බුෆේ.එක ගාව වෙනකොට ඵෝන් එක කනේ වත් නොතියපු මම එයා ආන්ස්වර් කරයිද නැද්ද බල බල ඉන්නකොට එයා ඵෝ එක අතට ගත්තා....නම්බර් එක බැලුවා...කට් කෙරුවා ...ආපිට සාක්කුවෙ දාගත්තා. 

එහෙමද....හා..උඹ ඔය කට් කෙරුවෙ මගෙන් එන අවසානම කෝල් එක සංධීර් උඹ ඉන්නෙ මොකා එක්කද....මොකී එක්කද....මොන තත්වෙ උඩද කියන්න මම දන්නෙ නෑ..හැබැයි....උඹට කියලා යන්න බැරි කමකුත් නෑ.....

මම බලන් උන්නා. .....කලාතුරකින් හිනා වෙන එයා ඒකි එක්ක හිනා වෙනකොට මගෙ පපුවය පිහි තුඩවල් වලින් අනිනවා වගේ දැනුනා...ඒකි කියවනවා.හිනා වෙනවා...හිනා වෙන වාරයක් ගානෙම එයාගෙ අත උඩින් අත තියනවා.....

ලාවට ඔලුව වනපු මම....කන් පෙත්ත අතින් පොඩි කෙරුවා ....

.උඹ මාව දවසකට තියා ගත්තා. ඒකයි උනෙ. .නැත්ත ඉරටත් කලින් උඹ මොකද මාව ගිහින් දැම්මෙ....

.එක අතකට උඹ වැරදි නෑ සංධීර්...උඹ මාව ඕනා කිව්වෙ නෑ...මමයි උඹව ඕනා කිව්වෙ...හරි...උඹ එදත් ඇහුවා.....දෛවයද තෝරා ගැනීමද කියලා .....

මම උඹව තෝරගත්තා සංධීර් ..... .අතේ තිබුන ඵෝන් එක කිටි කිටියට තද වෙනකොට මම තවමත් අයිස්ක්‍රීම් තෝරන ප්‍රනීත් දිහා බලලා කෙලිම්ම සංධීර් ගාවට ගියා.....ඇයි මම තනියෙන් විදවන්නෙ.....

ඒකි හිනා ...වෙනවා...හිනා නොවෙන සංධීරුත් හිනා වෙනවා.....කනක් පිහ පිහ උන්න මම එතනය ගියා...ගිහින් මේඅව්ට තට්ටුවක් දැම්මා....අර ගෑනි මගෙ දිහා බැලුවා....සංධීර් ඇස් හීනි කර ගත්තා....

...ම්ම්..මගෙ.....ත්ත්....තාත්තව.....එක...ව්.විනාඩි ....ප්ප්..පහකය...ද්..දෙන්න පුලුවන්ද .....?

මම සංධීර් දිහා නොබලා අර ගෑනි දිහා බලලා මගෙ තාත්තව එක විනාඩි පහකට දෙන්න පුලුවන්ද අහලා එලියට එන්න එනකොට සංධීර් මගෙ.පස්සෙන් ආවා....

යෙවීන්...ඔ

ශ්ශ්...ක්ක්..කතා...කරන්ඩ....එ..එපා....හ්..හරි...උඹ...ක්..කතා කරන්ඩ.....එ..එපා.....

එලියට ආව මම එයා මාව අල්ලන්ඩ හදපු අත ගසලා දාලා කෑ ගැහුවා.....එකෑගහලා එයගෙ ඵෝන් එක ඇදලා අරන් මගෙ මැසේජ් ටික ගත්තා. 

...උ..උඹ...මේවා.....ද්ද්...දැක්කද.....න්න්..නැද්ද?

.යෙවින් පොඩ්ඩක්

මම...අහන්නෙ....ද්ද්...දැක්කද...නැ|ද්|ද...????

..මාව වෙව්ලුවා....එයා ඇස් හීනින් කරන් බලන් ඉදලා පොඩ්ඩක් අහන්න කියනකොටම මම අනිත්පාර ඒ හැම මැසේජ් එකක්ම ඩිලිට් කෙරුවා ..කොටිම මගෙ නම්බර් එක එපා....call history එකෙන් පවා අයින් කෙරුවා .....

උ..උඹ....මාව..ද්ද්...දවසකට....ද....ත්තියා...ගත්තෙ.....

යෙවින්...කතා කරනකොට වචන පරිස්සමින් හරි....

ඇ..ඇයි....ද්ද්...දුකද.....න්න්..නිකමට....වත්...උඹට....ම්..මං...උ..උන්නද....ම්ම්..මලාද....හ්..හොයන්න බැරි....උනා...උ .උඹට...මට.....ව්..වඩා....ග් ගෑනු....ල්ල්.ලොකු....උනා...හ්..හරි...ස්ස්..සංධීර් ....මම...වැරදි...මම....වැරදි...මම...කොටින්ම...මම...වැරදි.....

මම ඔලුව වැනුවා.....ඔලුව වන වන කනක් මිරිකගත්තා....

..උ..උඹගෙ...ප්ප්..පස්සෙන්....ආ..අවෙ....ම්ම්..මමයි....උ..ඹට.....ව්..වද...දෙන්නෙ...ම්ම්..මමයි.....උ..උඹට....ආ..ආදරෙයි....ක්ක්..කියන්නෙ....ම්ම්..මමයි...හරි...ක්ක්..කොටිම්ම....මම....උඹව.....ත්ත්...තෝර...ග්ග්..ගත්තා...මිසක්....උ..උඹ...ම්..මට.....ආදරෙ....ක්..කෙරුවෙ.....න්න්..නෑ....ස්ස් ....

යෙවීන්...මෙ අහන්න...

.න්න්..නෑ....නෑ...නැ....අහන්න...අහන්න...ඔ..ඕන්...නෑ.....උ..උඹ...න්..නෙවෙ...ම්..මාව....රිජෙක්....ක්..කරපු....ප්ප්..පලවෙනි....එ..එකා.....උ..ඹ....න්..නෙවෙයි....ම්ම්..මාව...ගනන්....න්න්.නොගත්ත....ප්ප්...පල්වෙනි...එකා....උ..උඹලා...හ්..හරි.....මම....ක්..කාලකන්න්..නියෙක්...ඒ..ඒක...හ්..හරි.....

මම කෑගැහුවා...කනක් මිරිකපු මම ඇස්වල කදුලු පුරවන් කෑ ගැහුවා...එයා මාව අල්ලන්න හදන වාරයක් ගානෙම මම අහකට පැන්නා....

ම්ම්..මට...උඹවා...ඕනම....ව්..වෙලේ.....නැතිව...අනිත්....ව්..වෙලේට....ම්..මොකටද....ස්..සංධීර් .....උ..උඹට....ම්ම්.මාව....ඕනා...උ..උනෙ..ද්..දවසකට ව් වෙන්න ඇති.....ඒ..ඒත්...මට....උ..උඹව...ඕ...න...උනෙ...ස්ස්..සදහටම ...

..යෙවීන්.....

චටාස් .!!!

යෙවීන්..

..චටාස්...

මම ගහගත්තා ..මගෙම කම්මුලට මම දෙපාරක් ගහ ගත්තා ....එයා මාව අල්ලන්න හදන වාරයක් ගානෙම එයාට ලගට එන්න නොදුන්න මම අවසානෙදි මගෙම කම්මුල් පුපුරු ගහග්න්න ගහගත්තා ...

ම්ම්..මෙක....ම්..මම.....උඹට....ආ..අදරෙ....ක්ක්..කරපු....එකට...

අ..අනික....උ..උඹට....ආ..ආදරෙයි....ආ..

ආදරේයි.....ක්ක්..කිය....කිය.....ව්ව්..වද දුන්න....එ..එකට....උ....උඹ....නිදහස්.....උ..උඹට.....ය්..යන්න ....ඕනා..එකී..එක්ක....අප්ප්..පලයන්....

උඹට.....ම්ම්..මාව....නැත්තටම.....න්..නැති.....වෙන...ද්ද්...දවසක්....එ...එයි....ස්ස්...

සංධීර්....බ්බ් බලන්....ඉ..ඉදපන්...

.මම කැ ගැහුවා..කදුලු පුරවන් වෙව්ලුවා...අවසානෙදි මගෙම ඵෝන් එක අතට ගත්තු මම සිම් එක ගලවලා දාලා සංධීර් ගාවම දෙකට කඩලා දැම්මා....

අවසානෙදි පෝන් එකත් පොලවෙ ගැහුවා..... ගහලා ඇස්වල කදුලු පිහිද ගත්තා... 

ආ..ආය...උඹට ....එ..එක..දිගට.....ම්ම්.මැසේජ් ..එන...එකක්...න්න්..නෑ....මම...ක්ක්..කියලා...ක්ක්.කෙනෙක්....උ..උන්නෙ නැති.....ව්...විදිහට ...ජ්ජ්..ජීවත්....වෙයන්....ස්ස් සංධීර් ....

මම එන්න හැරුනා.....සංධීර් මාව අල්ලගන්න හැදුවත් මම එයාට මාව අල්ලන්නවත් නොදී තල්ලු කරනකොටම ප්‍රනීත් ආවා....

යෙවීන්....

සංධීර් මා.දිහා බැලුවා.. බලනකොට මම හිනා උනා...හිනා වෙලා ලගට ගියා...

ම්ම්..මම...උඹ...වගේ.....නෑ...නෑබන්....

එකෙක්...ක්..කි....වොත්....එකයි....

උඹට....ම්..මාව.....ම්...දි හින්දනෙ....ග්ග්..ගෑනු....එ..එක්ක....ය්..යන්නෙ....ක්ක්..කමක්....න්න්....නෑ....ප්ප්..

පලයන්....උ..උඹයි...මා...යි...ආය....ද්..දන්නෙ නෑ.....

ම්..මම...උ..උඹට...ආ.ආ..දරෙයි.....ඒ..එත්....ද්ද්...දැන්....උ..උඹට...ම්..මගෙන්....වැඩක්..න්න්..නෑ.....ඔය...ව්..විදිහටම...ඉදින්...

මමඅනිත් අතට හැරුනා.....ප්‍රනීත් වගේම සංධීර් දෙන්නට දෙන්න බලාගන එන්නකොට මම අනිත් අතට හැරිලා දිව්වා.....

යෙවීන්...යෙවීන්.....

ප්‍රනීත් කෑ ගැහුවා....

ම්ම්..මාව...මාව....ස්ටෑන්ඩ් එකට....ග්..හිහින්...ද්දාපන්.....ප්ප්....ප්‍රනීත්...

හා....

මම බලන් උන්නා....සංධීර් මා දිහා රවාගන බලන් උන්නා..හරියටම ගිහින් බලපන් කියන්න වගේ ....

ඒත් මම නෙවෙ නැවතුනෙ.....ඒත් මම නෙවෙ එයා දිහා බැලුවෙ.....මට තනියෙන් ඉන්න ඕනා..මට මේ ඔක්කොම දාලා තනියෙන් ඉන්න ඕනා....

උඹව මට මරාගන්න බෑ යෙවීන්...

මගෙ ගාවට ආව සංධීර් මගෙ අත් ගොබෙන් අල්ලලා මාව ප්‍රනීත්ගෙන් ඇදලා ගන්නවා එක්කම මම ඒ අත ගසලා දැම්මා...

.උ..උඹට....ම්ම්....මාව...අමුතුවෙන්....ම්..මරන්න....ද්ද්..දෙයක්....න්න්....නෑ....උ..උඹ....මාව...මරාගන...ඉ..ඉවරයි....උ..උඹ....මා.ව....මරාගන....ඉ..ඉවරයි.....

අත ගසල දාපු මම ප්‍රනීත් එක්ක එන්න එනකොට අර ගෑනි ඇවිත් සංධීර්ව හෙව්වා...සංදීර්ගෙ මූන අමුතු උනා...එයා ගැනි දිහා බලන් උන්නෙ මරන් කන්න වගෙ වෙනකොට ප්‍රනීත්ගෙ ජැකට් එක දිහාත් එයා බලන් උන්නා....

කොහෙටද යන්න ඕනා....??

මම උන්නෙ මූන බිමට හරවන්.....

සංදීර් ගාවින්.මාව අරන් ආව ප්‍රනීත් අවසානෙදි බස්ටෑන්ඩ් එකගාව දි මගෙන් කොහෙටද යන්න ඕනා අහනකොට මම නාස් පොල්ල දිගෙ වැටුන කදුලු බින්දුව දිහා බලන් ඉදල ඔලුව ඉස්සුවා.....

ඔ..ඔයා යන්න....ම්..මම...ග්..ගෙදර ....ය්..යනවා...

ගෙදර යනවා කියපු මම යන්න හැදුවත් මගෙ කකුක් වලට පන තිබුන් නෑ....මගෙ ඇගම වෙව්ලුවා....ඔලුව කැක්කුමෙන් උන්න මට උන ගැනිලා තියනකොට වැටෙන්න ගියපු මාව එයා අල්ලගත්තා ....

යෙවීන්....

ඇ..ඇයි.....ම්..මට....ම්..මෙහෙම....ව්..වෙන්නෙ.....

මා ගාවට එන්න.....

මම එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවම ප්‍රනීත් කිව්වෙ මට එයා ගාවට එන්න කියලා ....මට එහෙම කරන්න තුන් හිතකවත් අදහසක් නැති වෙනකොට මම ඔලුව වැනුවා .....අවසානෙදි එයා මාව තුරුල් කරගත්තා .....

අයි ඉතින් දුක් විදින්නෙ...

........

ඔයාට ඔන මොනවද.....මං හැම දේම දෙන්නම්.....මා ගාවට එන්න.....

......

ම්..මට...අද....ද්ද්..දවස....වි..තරක්....ඔ..ඔඅගෙ...අපාර්මන්ට් ....එ..එකෙ....ඉ..ඉන්න....ද්....දෙනවද...

බික බලාගන උන මම එයාගෙන් එයාගෙ අපාර්මන්ට් එකෙ ඉන්න දෙනවද අහනකොට එයා ඔලුව වැනුවා.....

..ඊට කලින් ඔයාට බෙහෙත්

..එ...එපා...

.මට ඕනෙ ඔලුවෙ ඉදන් පොරවන් නිදා ගන්න.....මට ඔනෙ සංධීර් ගෙන් හැංගෙන්න....ඵෝන් එකවත් මොකුත් නැති මට ඕන උනේ හැමෝගෙම්ම හැංගෙන්න වෙනකොට අම්මා තාත්තටවත් නොකියා මට ඕනා උනෙ හැංගෙන්න වෙද්දි මම ප්‍රනීත්ගෙ අපාර්මන්ට් එකට එන්න ආවා....

මෙතන ඇදුම් තියනවා.....

පෙනඩෝල් තියනවා.....ඔයාට මොනවා හරි හදල දෙන්නද යෙවීන්.....

..එ..එපා....

ආව වෙලෙ ඉදම්ම ප්‍රනීත් මගෙ ගාවට ඇවිත් අරක දෙන්නද...මේක් දෙන්නද ගගා අහනකොට මම එයා දිහා බලන් ඉදල එපා කිව්වා...මට ඔය මොනවටත් වඩා ඔනා එයාව ....මට ඕනා එයාව.....

ප්‍රනීත් වෙනුවට එයා මගෙන් මොනවා හරි ඕනද අහන්න.....

ඉස්කෝලේ ඇදුම් ගලවපු මම ප්‍රනීත්ගෙ ඇදුමක් ඇදන් ඇදේ ගුලිවෙනකොට ඇගේ උන අමාරුවටම මගෙ ඇස් පිය වෙන්න ආවා...ඒ එක්කම මට ඇද බරවෙනවා දැනුනා.....

මම ආයම ඇස් ඇරියා....ප්‍රනීත්....

ප්ප්...ප්‍රනීත්.....ම්..මම....එ..එයාට.....

ආ....දරෙයි ...

කමක් නෑ...මට ඒවලින් වැඩක් නෑ යෙවීන්...

ම්..මට....උඹත් ....එක්ක...ක්ක්...කතා....ක්ක්..කරන්න ...හ්හ්...හයියක් ...න්න්..නෑ.....ම්...මට.....

මට ඉන් එහා කතා කරගන්න බැරි උනා . ...හිතේ වේදනාව වෙන්ස්ම එකක් උනත් සංධීර් නැති තැන මට ප්‍රනීත්ට ලන්වෙන්න උවමනාවක් නැති උනත් එයා මං කියන වචන ගානකට නොගෙන මාව තුරුල් කර ගත්තා .....

මට ආපිට කතා කරගන්නත් බෑ...මනම ගහගත්තු කම්මුල් පුපුරු ගහනකොට මං කොට්ටෙ අස්සෙ මූන ඔබා ගත්තා ....ඒ තත්පර ගානකින් මට නින්ද ගියා ...

යෙවීන්.. ....

......

යෙවීන්...

ම්ම්...හ්....

මේක බොන්න.....

මගෙ ඔලු කට්ට පුපුරන්න වගෙ ....අඩපු ඇස් පුලුරන්න වගෙ... සහලවලා උන ගත්තු මට කන ගාවින් සියවතාවක් විතර නගෙ නම කියනවා ඇහෙනකොට මං ඇස් ඇරියා .. එතන උන්නෙ ප්‍රනීත්...ඒත් මට මතක් උනෙ සංධීර්ව....

එයා ඇයි මට එහෙම කෙරුවෙ ...

මං ආයමත් ඇස් පියාගන්නකොට ප්‍රනීත් ආයමත් මාව ඉන්දෙව්වා .....පැය කීයක් මම මෙහෙම උන්නද කියන්න දන්නෙ නෑ ....මම වෙලාවක් දන්නෙත් නෑ....

ව්...වෙලාව....ක්ක්..කීයද ...

නවයාමාරයි...

දෙයියනේ නවයා මාරලු....මට අම්මව මතක් උනා.....තාත්තා බාප්පා.....ඒ ඔක්කොටම වඩා සංධීර් .....

හිතෙ තිබ්බ වේදනාවට ආවේගෙට හැංගෙන්න ඕනා හිතුනත් පැයගානක් ගෙවිලා ගිහින් තියනකොට මට ආයම බයක් දැනුනා .. හැබැයි ඒ තත්පරෙම්ම මට අර ගෑනිව මතක් වෙනකොට මන් ඇද රෙද්ද මිරිකගන ඉදලා එයා අතෙ තියාගන උන්න පෙනඩෝල් පෙති දෙක එක උගුරට බීලා මං ඇදෙන් බැස්සා ...

කමක් නෑ.....අද ඉදලා හෙට ගියගමත් තාත්තා මාව මරයි.....බාප්පා හමගහයි..අම්මා අඩයි

සංධීර් ...

ඌට ගෑනියෙක් ඉන්නෙ දැන් .....ආය මාව.මොකටද ...

බබා ඔයාට සුප් එකක් හදන්නද

බාතෲම් එකට යන්න නැගිට්ට මගෙ ලගට ආව ප්‍රනීත් අනිත් පාර මගෙන් සුප් එකක් හදන්නද ඇහුවා .....

රැවුල ගිනි අරන් ඉන්න වෙලේ මූ හදන්නෙ සුරුට්ටු අවුලන්න.....මං ගුටි කෑවත් මන් හින්දා උඹ ගුටි කන්න ඕන් නෑ ප්‍රනීත්....

මම එපා කියන්න ඔලුව වැනුවා ...ඇතුලට යන්න හදපු මං ආයම එයා දිහාවට හැරුනා

ප්ප්...ප්‍රනිත්....ම්..මට ..න්...නම....ක්ක්..

කිව්වම....ඇ...ඇති....ම්ම්..මං.....ක්ක්..කැමති නෑ.....

අදාල නෑ.....යෙවීන්.....තමුසෙ මගෙ...එච්චරයි.....

මම ඔලුව වනලා බාතෲම් එකට එන්න ආවා...

උඹගෙත් whocana ලයින්නෙ ප්‍රනීත්.....උඹටත් මං කියන සිංහල අහන්න බෑනෙ....උඹ හදන්නෙ නිස්කාරනේ මැරුන් කන්න....

කොමඩ් එක ඉස්සරහා හිටගත්තු මං කොන්දට අතක් තියාගත්තා....

.වෙලාව නවයහා මාරයි කියන්නෙ.....සංධීර් ගෙදර යන්න ඇති.. .....

අරකිවත් අද එක්ක යන්න ඇති.....ඔව්...ඉතින්...දැන් මම නෑනෙ....කමක් නෑ...

.

..උඹට හොද නම්...මට මොකද සංධීර් ...උඹ කෙරුවෙ කොහොමත් මාව දවසකට තියා ගත්තු එක....

නහ සද්දෙන් වතුර පාර යනකොට අත හොදගන්න සිංක් එකට හැරුන මම කන්නාඩියෙ උන්න මා දිහා බලන් උන්නා....

වේලිලා තිබුන ඇස් දෙක ආයමත් තෙත් වෙනකොට මම සින්ක් එකට ඔලුව ගහගත්තා .....

ඇයි...ස්ස්....සංධීර් .....උ..උඹ....ම්..මට...ම්ම්..මෙහෙම....ක්..කෙරුවෙ...

" එහෙම කරන්ඩ හේතුව මං ගෙදර ගිහින් කියන්නම්....ඇදුම් ගලවලා මේක ඇදගන යන්ඩ ලෑස්ති වෙයන් මේ දැම්ම"

ස්ස්....ස්..ස්...ස්...ස්.....!!

.

🙂 තිත්ත කැකිරි පන්තියෙ ජොබීත නිදහාස්....

ආයම එන්නම් ඈ....

🤭

මම

Ferdeesha ❤️💚😘 ..

More Chapters