Cherreads

Chapter 48 - 48

ටොප්....බොටම්....

මං අත් දෙකෙම්ම කටවහගත්තා .....ඒ කියන්නෙ එයා ටොපෙක්....එව්ව්....එතකොට අපෙ බාප්පත් ටොපෙක් ....රොබින් කුරුල්ලලගෙන් කව්ද දන්නෙ නෑ ටොප්??

රොබිනා???ඒකා නම් බොටම් වෙන්න බෑ....ඒකට තියෙන්නෙ මහ ගලිස් ඇගක්...පේන්නෙ නැද්ද ....යහපතා නම් කොහොමත් වෙන්න බෑ...එක්කො අපේ බාප්පගෙන් අහන්න ඕනා..මොකද මම දැන් වැඩිහිටියෙක්....අපේ වයසෙ සමහරක් උන් ගෑනුත් ගේන්නෙ....ඔය ඕන තරම් දහ අට වෙනකොට බැදගන්නෙ...

බැදගත්තට පස්සෙ කරන්න ඕනා කුනු හර්ප දන්නවා නම්...උන්ට පොඩී කියන්න බෑනේ....

.ආ...ආ...ආ....ඒ උනාට මම දන්නෙ නෑ.....

ඒ උනාට දන්නෙ නැත්තෙමත් නෑ.....

ආය නම් අර මගුල් කාටුන් කතා කියවන්නෙ නෑ එක්කො...

මගෙ නඩ රිදෙනවනෙ....

සංධීර් - නෙහාන්.....

මම අහක බලාගන චිත්තරූප මවන්න ගත්තා ...

චික්කේයියා යකො....

මොකද ම්න්....

න්න්....න්න්...නෑ ...නෑ....ස්ස්...සංධීර් ..ම්ම්..මොකුත් නෑ...

ඈතින් එන බාප්පව දැකලා සංධීර් එක්ක සසදන්න ගත්තු මගෙ මූනම රතු වෙලා යනකොටම සංධීර්ගෙ කට හඩ මගෙ කනගාවින් ඇහුනා මාවත් හිරිවට්ටගනම....එයා මගෙ දිහා බලන් උන්නා...මගෙ ඇස් කියවන්න හැදුවා... මම කරපුදේ ඉක්මනටම මගෙ මූන හංගගත්තා...මට බයයි...මෙ මිනිහා ආයම මගෙ කට කයි කියලා..ඒකත් බාප්පයි අම්මයි ඉන්න තැනම.....ඊයෙ රෑ නම්...අන්දකාරයි....ඒත් මෙතන කීයක් ඉන්නවද.....??

ආයම අහක බලපු මම හොරා වගෙ ඔලුව අස්සෙ චිත්ත රූප අදින්න ගත්තා

ඒක ගැලපෙන්නෙ නෑ....ඒක ගැලපෙන්නෙ නෑ....ටොපෙක්ට හරියන්නෙම බොටමෙක්...ඒත් අපේ බාප්පා පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් උනානම්....???

මම ආයම බාප්පට රෝස පාට ඇදුමක් හිතින් අන්දවලා සංධීර් එක්ක තියලා බැලුවා...

ඒව්ව්....ඒව්....එව්ව්....

බාප්පගෙ කොල්ලා....කොහොමද උඹට?

ඌව්හ්....

මම මව මව උන්න හැම රූපයක්ම දියවෙලා ගියා...රූපෙ හැටියට බාප්ප උන්නෙ ල රෝස පාට ගෑනු මේස් දෙකක් දාන් බ්‍රයිඩ් ස්ට්‍යිල් එකට සංධීර් උස්සගන...ඒ උනාට පිටට වැදුන පාරත් එක්ක ඒ ඔක්කොම.හබක් වෙලා යනකොට බාප්පා ඊලග පාර ගහන්නෙ සංධීර්ට බව දන්න හින්දමද කොහෙද එයා පස්සට පැන්නා....

අම්මගෙ වස්තුව....

ම්ම්ම්....අම්..මෙ...

මම ඇස් දෙක බෝල කෙරුවා ....දැන්නින්නෙ අහිසංක යෙවීන් කෙනෙක්...හිත අස්සෙන් එක එක විකාර මව යෙවීන් කෙනෙක් නෙවෙ....අම්ම ඇවිත් මගෙ ඔලුව අත ගෑවා..තුවාල බැලුවා...

අනේ දෙයියනේ...ඇයි මේ...

බෙඩ් ශීට් එකෙන් වැහිලා තිබුන පත්තෑයා කාපු කකුල දැක්කා විතරයි අම්මා කටට අත තියා ගත්තා බාප්පත් බෙල්ල දැම්මා...

යෙවීන්....ඇයි පුතේ මේ....

ඉ...ඊ...යෙ....ර්‍ර්....රෑ....ස්....ස්...

ටොයිලට් එකට ගිය වෙලාවෙ පත්තෑයෙක් කාලා.....

සංධීර් ගෙ මූන දෙක උනා....මට අමතක උනා....මම හොරා වගේ ඔව් කියන්න ඔලුව හෙල්ලුවා....සංධීර්ව හොයන්න ගිය වෙලේ කිව්වා නම්.....මට අර එහා පැත්තෙ තියන මල්ශාලාවෙන් පෙට්ටියක් ඕඩර් කරන්න වෙනවා.....

.ඇයි පුතේ බලල යන්න එපැයිනෙ.....

උඹ මොන සිහියෙන්ද ගියෙ...කෝ පෙන්නපන් කකුල.....රිදෙනවද...

ඌ...ඌ....ව්ව්...බ්බ්...බා...ප්..පේ....අ ....අ...අනින්නෙ.....

.රිදෙනවද කියලා බැලුවෙ....රිදෙනවා නම් කමක් නෑ...රිදෙන් නැත්තන් කකුල කපන්න වෙනවනෙ....

අනෙ මල්ලි.....

මේ බාප්පා නම් මොන නරකාදියෙක්ද මන්දා උඹ නම් ටොප් උනත් කමක් නෑ බාප්පෙ ....සංධීර්ටම හේත්තු වෙයන්...උඹව එයා ගානට හදලා ගනී...

ඉදිමුන කකුලට ඇගිල්ලකින් ඇනපු බාප්පා කකුල කපයි කියලා බයකරනකොට අම්මා බාප්පගෙ අතට ගැහුවා.....සංධීර් නම් ඉතින් පුරුදු විදිහමනෙ...රවාගන ඉන්නවා...

වාට්ටුව අස්සෙ සෙනග පිරිලා....සිල්වගෙ හුටපටෙ එක්ක ඉස්පිරිතාලෙ වාට්ටු පිරිලා ගිය උනත්සිල්වා නෙවෙ ආයම ආවෙ....සමහර විට ඕකා හාල්බෑග් එකක් වත් බෙදලද දන්නෙ නෑ.....බෙදල නම් අම්මලා දෙන්නටම කියන්න ඕනා සරණාගත මල්ල ගන්න යන්න කියලා ඇයි ඉතින් ළමයා ඉස්පිරිතාලෙ නෙ....මටත් අයිතියි ...

සංධීරයා ඉදා උඹගෙ ඇදුම්.....

ම්න්...

ඇත්තද බන් මෙහෙ ඊයෙ රෑ පොලිස්කාරයෙක් මරලා කියන්නෙ...

ඔ...ඔ...ව්...ඔව්....

මම මැදින් පැන්නා...සංධීරුත් ඔලුව වැනුවා...

ඉන්විසිගේට් කරන්න පටන් අරන් නේද...මට පහල රොමේනයව හම්බුනා.....

මොකද කිව්වෙ....

තාම හියන් යනවා කියනවා...උන් උන් නම් කියනවලු...ඇමතියගෙම උන්ද දන්නෙ නෑය කියලා....අවසානෙදි අනිත් පක්ශෙ අල්ලන්න...මේකා අරක්ශකයෙක්ලුනෙ...

ඒත් ඔය මැරුන එකත් මහ සක්කිලියෙක් තමයිලු....එක අතකට....හොද වැඩේ කියලත් කියන්නවා...

එහෙමද...

ඒ...ඒකනෙ....ම්ම්....ම...මං...න්...න...නම්...ක්ක්..කියන්නෙ...බ්බ්..බාප්පෙ....ඕක....

මං හිතන්නෙ ඔයා උදේට කෑවොත් හොදයි...බෙහෙත් තියනව නේද ම්ම්ම්..

මගෙ කට වැහුනා..බාප්පගෙයි සංධීර්ගෙයි කට දිහ කාක්කෙක් වගේ කට ඇරන් බලන් උන්න මම මැදින් හොට දාන්න ගියා විතරයි සංධීර් මගෙ කට වහල දැම්මා...

.ඇයි යකෝ ...බාප්පත් කියනව නම් හොද වැඩේ කියලා ...බාප්පත් එක්ක පොඩ්ඩක් ඕක බෙදා ගත්තා නම් මොකද...අනික මම මේ හෙන හිමින් කතා කරන්න ගියේ....බාප්පා සංධීර් එක්ක එලියට යනකොට අම්මයි මායි ඉතිරි උනා...

මගෙ පුතා තනියම එහෙමෙහෙ යන්නෙ නෑ තේරුනාද.....යන තැනක සංධීර් මාමා එක්ක යන්න.....පේනවනෙ...ඊයෙත් කාවද මරලා දාලලු...

ම්න්....( ම්හුක්...අම්මා දන්නෙ නෑනෙ.....අම්මා සංධීර් මාමා තමයි මැරුවෙ කියලා...යෝ...අම්මත් හදන්නෙ කුකුල් පැටියව නරියට බාර දෙන්න තමයි.....)

සුදු පාට උනුසුම් බෝතලේකට හදන් ආව කිරි පිටි එක අඩු කෝප්ප දෙකකට දාන ගමන් අම්මා මට කොහෙවත් යන්න එපා ...අරක එපා මේක එපා යන තැනක සංධීර් එක්ක යන්න කියනකොට මම අම්ම ගෙනාව බේකරි මල්ලට ඔලුව දැම්මා....පව් අප්පා...හුගක් ජාති ගෙනල්ලා.....

අ...අ..අම්මෙ....

ම්ම්....ආ...මේක කට පුච්චගන්නෙ නැතුව බොන්න....අම්මා නිවන්නද....

කිඹුලගෙ නැට්‍ට දත් වලින් හපාගත්තු මම ඔලුව හෙල්ලුවා.....දැවිල්ල ජාති එක්ක ජැම් බනිසකුයි කිඹුලෙකුයි හෙනත් තියනකොට මම කිඹුලගෙ නැට්‍ට ඩම දාලා හපාගත්තා...තව ටිකෙක් දත් ඇන්ද බනිසෙ හිටිනවා...

අම්...අම්..මේ....

ම්ම්ම්ම්ම්...ඇයි...

අම්...ම්..මලා...එ...එ...එන්නෙ....නෑ.....

අම්මයි තාත්තයි හවස එයි...බාප්පගෙ අතේ දවල්ට කන්න එවන්නම්...අම්මගෙ පුතාට මොනවද ඕනෙ.....

කුරුල්ලා වගේ බනිසට කොටන මා දිහා බලලා අම්මා මොනවද ඕනෙ කියල අහනකොට මම කල්පනා කෙරුවා ....අම්මා මොනා දුන්නත් මම කනවනෙ.....සංධීරුත් එහෙම වෙන්න ඇති...

මම එහෙම්ම් හැරිලා බාප්ප දිහයි සංධීර් දිහයි බැලුවා...අම්මෙ...ඔය ගැලපෙන්නෙ නෑ...ගැලපෙන්නෙ නෑ ගෑවට ඔය ගලපන් ඉන්නෙ යස අපූරුවට....බාප්පටත් හරි ගියා...ඒ උනත් වැඩේ කියන්නෙ කෙල්ලෙක් දැක්ක ගමන් බාප්පගෙ ට්‍රැක් අවුට් යනවනෙ...බාප්පා තනි කෙලින් එකෙක්ද නැත්තන් දෙපැත්තටම වැනෙන එකෙක්ද.....??

හෙමින් සැරෙ බාප්පගෙන් අහන්න ඕනා...මමත් ඉතින් පොඩි වයසෙ එකෙක් නෙවෙනේ....ඔව්වා ඇහුවට කමක් නෑ...අනික සංධීරුත් කිව්වනෙ.....මම නම් හොදට හොයලා බලලා තමයි කාව හරි හොයා ගන්නෙ.....මාත් ඉතින් ටොප් කෙනෙක්නෙ....

කෝ මෙල බොන්න....

මම...ටොප් කෙනෙක්....?ඔව් නේ....යෑයියා...මම නම් බොටම් වෙයි...යෝහ්...මගෙ ඔලුව දැන් හොදටම කුරුවල් වේගන එන්නෙ...ආයනම් අර රයිගම් සෝයාමීට් බලන්නෙ නෑ...යෞවන හැගීම් පහල වේගන එනවා.....තවම රැවුල ඇවිල්ලත් නෑ....

කෝ...මෙක බොන්න.....

.ඒත් ඉතින් රැවුල එන්න ඕනෙද....නෑනෙ...කොහොම උනත් ගෑනු කියන ජාතිය නම් බෙල්ල මුලින් කපලා දානවා..මම ඒ සබ්ජෙක්ට් එකට නෑ....

ලමයො!!!

..අ...අ....අම්මා....

කී සැරයක් කතා කෙරුවද දැන් මම...මොන කල්පනාවෙන්ද ඉන්නෙ යෙවීන්...

ම්ම්හු...ක්...එ...එ...එපානෙ....බ්බ්...බ..බයින්...න්..න....

මම අම්මගෙ අතේ තිබුන කිරි එක ඉල්ලගත්තා අම්මා ආයම නලලට අත තිබ්බා....

යෝහ්...කල්පනා කරලා තියන දේවල් එක්ක අම්මා කතා කරපුවා වත් ඇහිලා නෑ....මගෙ ඔලුව ඇතුලෙ එක එක විකාර කැරකෙනනව...ඇතින් ඉන්න සංධීර් ව දකින වාරයක් ගානෙම හාදුව මතක් වෙනවා..ඒක අපි දෙන්නගෙම පලවෙනි එකලු.....එයත් එහෙම කියනවනෙ.....

අනේ මන්දා...

ඒ අස්සෙන් හාදුව දීපු වෙලෙ ඉදන් මට ඒ මනුස්සයව ලස්සනට පේන්න ගන්නවා වැඩිනේ.....අනේ....අම්මෙ...යෙවීන්ට

...මොකක්ද වේගන එනවා....

එයා හිටපු ගමන්....සැරින් සැරෙ අපි දිහාත් බලනවා...ඒ බලන වාරයක් ගානෙම මගෙත් ඇග මොකක්ද වෙනවා...

ආදරේද??

මොන විකාරයක්ද ???

සංධීර් මට ආදරෙයි...මං ඒක දන්නවා...එයාගෙන් නෙවෙ....මෙතන ඉන්න මා බාප්පගෙන් පවා ඇහුවත් එයාලත් ඒක පිලිගනීවි....එත්...එයාලා ශලින ආදරේ නෙවෙ...මම දැන් කියන්නෙ....

මම මගෙ අතේ උන්න කිඹුල් බාගෙ පැත්තට කෙරුවා .....

විකාර....පලවෙනි හාදුව දුන්නා කියලා මිනිස්සුන්ට හැගීම් ඇතිවෙනවද.....

අනික වයස....

අනේ අනේ ..පලයන් යෙවීන්....වයස කියන්නෙ ඉලක්කමක්.....ඔයන්‍යස අගේට අම්මයි පුතයි වගේ මිනුස්සු ආදරේ කරන්නෙ...

වයස කියන්නෙ ඉලකක්මක් කියලා ඒක සාධාරනීන්කරනෙ කරන්න පුලුවන් ...ඒත්...සංධීර් මම අපි දෙන්නම එකම ජාතියේනෙ...??

මම ඔලුව කැසුවා...මේක ලංකාව...ලංකාව ඇතුලෙ....අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියනවා...( හැම ලබ්බටම ඉස්සරහට දාන්නෙ ඕක තමයි)

වයසටත් මොකක් හරි කිව්ව කියමු....ඒත්...ලංකාව ඇතුලත.....රොබින් කුරුල්ලා වගේ ..උදාන වගේ අයට ආදරේ කරන්න පුලුවන්ද ...නිදහසක් තියනවද?single parent කෙනෙක්ට උනත් කට කතා හදන සමාජෙක.....ඒ වගෙ දේකට නිදහසක් තියනවද...

එයා මට වත්.....මම එයාටවත් එහෙම දෙයක් කියනවා තියා අගවල වත් නැ.....ඒත්...එක හාදුවක් ...එකම එක හාදුවක් ....මාව එක පාරම නොහිතන දුරකට අරන් ගියා....

මම බබෙක් නෙවෙනෙ....

මගෙ හිත ආයම කිව්වා...

අම්මට තාත්තට මම.ලමයෙක්...බාප්පට අම්මට මම තවම අවුරුදු අටේ ළමයා...මොකද ..මම ලොකු උනෙ....එ ඇස්වලට හොරෙන් ....ඉතින් අම්මට බෑ මට ලොකුවෙන්න දෙන්න....ඒ අම්මට බෑ....මම අවුරුදු දහ අටක ඉලන්දාරියෙක් කියන්න....

.මම කල්පනා කෙරුවා .....එහෙන බඩ කැලතෙනවා.....මටත් නොදැනිම මම මගෙ යටි තොල අතගෑවා....

යෝ...මට morningsicknes වගේ.....සංධීර්.....උඹ..මහ වලත්තයි.....

වරෙන් උදේට කන්න.....කාලා මෙක බීපන්....උඹටත් බෙහෙත්බොන්න තියනවද?

නෑ...අද බැන්ඩේජ් එක ගලවල මාරු කරයි....උදාන එනවා කිව්වද

ඔව්...පහල උන්නා.....අරූ ඉන්නවනෙ...

ම්න්...

මම අතේ තිබුන කඩදාසි බෑග් එක සංධීර්ට දික් කරනකොට එයා මට ආයමත් පපුවෙ අමරුව හදවගන මම කාලා ඉතුරු කරපු බනිස් බාගෙ අතට අරගත්තා...

යෝ....මට නෝස් බ්ලීඩ් වගේ....මේ.මිනිහා මාව පිස්සෙක් කරනවා...ඉස්පිරිතාලෙන් යන්න කලින් මොකක් හරි දෙයක් වෙයි වgay....ඒත් එයා කිව්වෙ බොටම් කෙනෙක් ගැනනෙ....මම කොහෙද බොටම් වෙන්නෙ .??

දැන් ඔය සිල්වා කාරයා කියන විදිහට ඕක කරලා තියනවයි කියන්නෙ අනිත් පක්ශෙන්නෙ....

ම්ම්ම්.....

උගෙ පක්ශ කාර්‍යාලෙත් කුඩු කරලලු...

.එහෙමද.....

පරන ගෙදරටත් ගිනි තියලලු....

ම්ම්...ම්...මරු....න්න්..නේ....

යෙවීන්!!!!

හ්..හ්හ්....හා. .ඉතින් .. ...

දැනෙයි උඹට ඇහුනා නම්.....කටවහපිය

මාලුව නහින්නෙ කටහින්දා කියන්නෙ බොරුවට නෙවෙ....මාත් ඒ වගෙ තමා උන තියාගන මං ආයම බාප්පගෙන් ගුටියක් කෑවා වගේම මන් බලාගන ඈතින් ඩ්‍රැකියුලා වගෙ අදත් කලු පොරවන් රොබින් කුරුල්ලා වගේම කවදත් අහිංසක කමට ඉන්න යහපතා එනවා ...

සංධීරයා ....ගුඩ් මෝර්නින් ඇබිත්තම.....සංධීර්ගෙ ඇබිත්තමට කොහොමද දැන්.....?

යෝ.....මේ රොබිනා නම්.....අම්මා ඉන්න තැනම සංධීර්ගෙ ඇබිත්තම කිව්වනෙ...බාප්පට කෙසෙ වෙතත් අම්මට සැකයක් වත් ආව නම් ඉවරයිනෙ ඉතින්....

හ්....හ්හ්....හ්..හොදයි.....ර්..රොමේන් ..

උඹ රොමේනයගෙත් ගෑනිද නම කියන්නෙ?

ඌ...ව්ව්හ්..ග්ග්....ගහන්නෙ....

බාප්පා...බාප්පගෙ වැඩේම මට ගහන එක...රොමේනයගෙත් ගෑනිද අහපු බාප්පා උන කියලා නොබලා පිට මැදට ඩෑස් එකක් දෙනකොට මං බලාගන සංධීර් බාප්පව කන්න වගේ බලන් උන්නා...

පේනවනෙ ආදරේ....ම්හුක් ....නරකයා මගෙ...

යෝහ්...යෙවීන් මොනවද කොල්ලො උඹ ඔය හිතන්නෙ ...ඉගනගන ඕන මගුලක්.....

එක්කො සංධීර්ගෙන් අහන්න ඕනා මං ඒලෙවල් ලියනකන් පොඩ්ඩක් ඉන්න පුලුවන්ද කියලා ...

ඒත් ඉතින් මං මොකටද ඔව්වා අහන්නෙ එහෙම හේතුවක් නෑනෙ. 

අනෙ මගුල කිස් එකෙන් පස්සෙ මට නිකන් පිස්සුත් වගෙ.....

ර්...ර්..රොමේනයගෙත්....ගෑනි කියන්නෙ...ම...ම...මං...තව...ක්ක්...කාටද ග්ග්..ගෑනි උනෙ....

ගුටි කාපු මං තනියම මනෝ පාරක් ගහලා මං තවත් කාගෙද ගෑනි උනෙ අහනකොට මේ හොදට උන්න සධීර ඵෝන් එක ඔබන්න ගත්තා ...ඒ මොකද ඒ . 

.

තාම කාගෙවත් ගෑනි වෙලා නෑ....වෙයිද කව්ද දන්නෙ...

මොනවද මල්ලි ඔය කියවන්නෙ ලමයට...

එ...ඒ...එකනෙ....ම්...මොනවද ...ල්ල්...ලමයට....ක්ක්..කියන්නෙ...

ආ...ආ.. උඹ බබා..... .උඹට දැන් දහ අටයිනෙ.....ලමයෙක්ද?

එ...ඒකනෙ....අ...අම්මෙ

මූ මහ දෙපිට කාට්ටුවා...කටවහපිය.....

ම්හුක්....ග්ග්...ගහන්නෙ...

අ....ඇබිත්තම...මෙන්න මේක අදුනනවද බලන්නකො....

ම්ම්..මොනවද ....ර්...රොමේන් .....

එහාට මෙහාට කේලන් කිය කිය උන්න මම බාප්පගෙන් පුලුවන් තරම් ගුටි කාලා අවසානෙදි මං රොමේන්ට ආයම නම කියලා කතා කරන ගමං මොනවද අහනකොට මෙච්චර වෙලාම මම නොදැකපු දෙයක් එයා ඇද උඩින් තිබ්බා ...

සංධීර් ....උඹගෙ ඇබිත්තමාව ඇරෙස්ට් කරන්න වෙනවා...

ඇ...ඇ...ඇයි....

ඇයි කියලා හේතු දැනගන්න ඕනෙද ....උඹලා මේකට උගන්නපු පුරුදු තමයි.....

අම්මත් බලන් උන්නා....යහපතා නම් ලාවට හිබා උනා . ඒ අස්සෙන් මාව ඇරෙස්ට් කරනවලු...ඒ මොන මගුලටද .....ඇද උඩින් තිබ්බෙ දූවිලි වැදුන මගෙ ඉස්කොලේ බෑග් එක.....

ඒ කියන්නෙ එයාලා එව්වා ඔක්කොම බලන්න ගිහින්...නොයා ඉදීද ???

එයා ඒක ඇරියා ....ඇරලා එකින් එක එලියට ගත්තා ....

ප්ප්..ප්ප්.පොත්නෙ තියෙන්නෙ ....ඉ..ඉතින් ....

ඔව් පොත් තමයි ..එතකොට මේ තරාදි පඩි???මෙව්වා

ම්ම්...ම්...මං...ක්ක්...කොහොමද ....ද්ද්....දන්නෙ...

අපිට කට උත්තරයක් හම්බුනා මාර්කට් එක ඇතුලෙ ඉස්කෝලේ යන ළමයෙක් දෙන්නෙක් තුන්දෙනෙක්ටම මේ බෑග් එකෙන් ගැහුවා කියලා ....තව ඇහින් දුටු සාක්ශි එක මං මේ කතා කරන්නෙ.....

ඇත්ත නේන්නම්....මං ගැහුවනෙ ..ඒ උනාට ඉතින්....ඕක මෙහෙම කිව්වම අම්මත් බය වෙනවනෙ..

ඉතින්....දැන් අපිට මේ සම්බන්ධව මොනවද කියන්න තියෙන්නෙ...කට උත්තරයක් ගන්න පුලුවන්ද ...

ම්ම්..මට...ම...මගෙ....ල්ල්..ලෝයර් ට.ක්ක්...කතා ...කරන්න...ප්ප්..පුලුවන්ද ??

...??

ස්ස්....සංධී.....ර්....

අනෙ උඹ...ඇටයා....වහපන් කට...මොකටද උඹ මෙව්වා බෑග් එකෙ ඔබා ගත්තෙ කියපන්....

ග්ග්...ගහන්න....ත්ත්...තමයි....

අනෙ ලමයො...

ම්ම්..මං...ඉතින්....අ..අම්මව...හොය..න්නනෙ....අ..ආ..ආවෙ....

.මං හොරා වගෙ ගල් පඩි ටික අරන් අම්මා ගෙනාපු බෑග් එකට ඔබලා මගෙ ලෝයර් දිහා බලනකොය ලෝය කේස් එක බාර ගන්න බෑ කියන්න වගෙ මගෙ දිහා බලන් ඉදලා අහක බලනකොට මං බාප්පට එක්ක ආයම පාරක් ටොයිලට් විසිට් එකක් ආවා ...

මුන් තාම ඉන්නවනෙ....

මමයි බාප්පයි දෙන්නම උන්නෙ ඊයෙ රෑ මිනිමැරුම උන තැන...ඒ වටේම කහපාට පටි ඇදලා...ඇතුල්වීම තහනම් කරලා ...

ඌව මරලා පුච්චලා ද.....පුච්චලා මරලද දන්නෙ නෑනෙ.....

බාප්පා එක එක දේවල් කියනවා මම අහන් ඉන්නව...

.ම්ම්...මරලා..ප්ප්...පුච්චන්න...න්න්න්...නැතුව ඇතිනෙ...

එහෙනන්....

ප්ප්...පුච්චලා වෙ...වෙ...න්න....ඇති....ම්...මරන්න ..ඇත්තෙ...

පුච්චලා මරලා....

ම්ම්ම්....

උඹ කොහොමද දන්නෙ.....??

ම...මං....මං....ද්ද්....දන්නෙ....ක්...

පුච්චලා මැරුවා නම්....පිච්චෙනකොට කෑගහනවා....එහෙම නේද යෙවීන්....ම්ම්ම්ම්ම්....

ස්ස්...සංධීර් ...

මට කට උත්තර නැති උනා....බාප්පා එක්ක කතාවෙන් කතාව මං ඔක්කොම දිගාරින්න යනවත් එක්කම සංධීර් පාත් උනා වගේම එයා මන් කියන්න ගියපුදේ කියන්න නොදි වෙනදෙයක් කිව්වා වගේම මා දිහා ඇහි බැම අකුලවන් බලන් උන්නා...

ඒක තමයි....මේකට පිස්සු..අනික බන්....පුච්චනකොට කොච්චරද වේදනාවයිද.....කෑ නොගහා ඉදීද.....

ම්ම්...අනිවාර්යයෙන්ම ...කෑ නොගහා ඉන්නෙ නෑනෙ.....කෑ...ගහනව....නොසෑහෙන්න....කෑ ගහනවා .....

බාප්පා උන්නෙ එහා මෙහා යන පොලිස් කාරයො දිහා බලාගන....සංධීර් උන්නෙත් ඒ දිහා බලාගන....දෙන්නට දෙන්නා කියවනවා....ඒත් ඉතින් ඌ කෑ ගහන්නෙ කොහොම උගෙ දත් ගැලෙව්වනෙ.....කතා කරන්නවත් පනක් තිබ්බද ...නෑනෙ .....

ඉ..ඉ .ඉතින්....ක්ක්...කෑ..ග් .ගහන්..නෙ....ක්..ක්...

..නෙහාන් ..අක්කා එන්න කිව්වා ලෙඩ්ඩු බාන වෙලාව ඉවරයි කියලා .....මං මෙයාව එක්ක එන්නම් .....එහෙම නේද යෙවීන්....ම්ම්ම්....

සුදු පුතා බාප්පා යනවා..දවල්ට එන්නම්.....සංධීරයා කොල්ලව බලාගනින්....

අන්ව්ව්..බාප්පෙ.....යන්න.එපානෙ...මේකා.දැන් මාව මරන්නනෙ යන්නෙ....ම්හ්හූක්ක්ක්.....

බාප්පා යන්න ගියා..නිකන් නෙවෙ ..බාප්පගෙ කොල්ලව මිනිමරුවෙක් ගාව තියලා....

මම හෙමින් සැරේ සංධීර්දිහාවට බෙල්ල හැරෙව්වා...දෙයියනේ...!!!

සංධීර්....ඔයා...චූ දාන්න කියලා ආව මට දැන් ඇදිවතේම යන තරම්.....එහෙන් හිටන් ඉන්නත් බෑ...ඉදගන්නත් බෑ....මම සංධීර් දිහා බලලා කීකරු හා පැටියෙක් වගේ හිනා වෙන්න හැදුවා උනත් මගෙ කුරුමානම වැරදුනා .

ඊටත් එයා කට කොනකින් හිනා වෙනවා...ඒ අස්සෙන් මට මල්සරා විදලා....මොන මගුලක්ද මට මේ උනේ... 

සීයට පනහක් හිත යටින් බැන්නට...අනිත් සීයට පනහා සංධීර් ලස්සනයි...මට ආදරෙයි කියනවා හරියටම අර නරක දේවදූතයයි හොද දේව දූතයයි වගේ...

ඉතින්...මගෙ පුංචි අපරාධකාරයා....ලෝයර් කෙනෙක් ඉල්ලුවනෙ....ඔන්න ඉන්නවා...

.ස්...සංධීර්....

ඔව්....

ම්ම්..මට..මට...ඇතුලට යන්න ඕනා...

අනිවාර්යයෙන්ම අපිට යන්න පුලුවන් .....

අනේ මෙ මොන මගුලක්ද මේ උනෙ...එයා කිව්වා අපිට කියලා....අපිට වෙන්නෙ කොහොමද මෙතන බර තියෙන්නෙ මට විතරනේ....

එයාටත් මං ගැන හිතක් පහල වෙලාද .....නිකන්....ඒක පාර්ශවීක ආදරයක් වගෙ...දෙයක්.....පස්සෙ අපි දෙන්නම දෙන්නට නොකියලා ලව් කරලා.....එක පාරම සෙට් වෙනවා වගේ දෙයක්...???

ඒක නීරසයි...මට ඕනෙ එහෙම නෙවෙ..... මගෙ පස්සෙන් තව කෙනෙක් ඇවිත්...එයාට තරහා ගිහින් මාව උස්සන් යන එකක්....අරක නීරසයි වගේ.....

ම්ම්ම්ම්ම්....

උඹට දැන් ඇගේම යනකන්ද ඉන්නෙ....

අ...ආහ්.....න්...නෑ..නැ....

යෝහ්....උඹ කිව්වා...ඔහොම කොහොමද ආදරේ කරන්නෙ...වයසින් පරිනත වෙනකොට පොඩි එකාට ආදරේ කරන්න එපැයි....අපෝ...එපා...එපා...සුදාප්පච්චි සීන් එකක් ඇදෙයි ...

.මම හොරාවට සංධීර් දිහා බලලා එයාගෙම පිහිටෙන් ඇතුලට ගියා....එයා ඇත්තටම මට ආදරෙයිද දන්නෙ නෑ...අනික හාදුවක් තියන්න තරන්....අනික එයාට මගෙ අත් දෙක එක අතකින් අල්ලන් අනිත් අතින් කට වහන්න බැරි කමකුත් නෑ....ඒත් එයා මොකක්ද කෙරුවෙ....එයා කෙරුවෙ මට උම්මා එකක් දුන්න එක.....

නෑ...නෑ...එක්කො මේක අහන්න ඕනා...නැත්තන් හරියන් නෑ....නැත්තන් එයා මට ආදරෙයිද කියලා බලන්න වෙන දෙයක් කරන්න වෙනවා....අඩුම ගානෙ ප්‍රනීත්ට වත් ගන්න ඕනා මේකගෙ ආදරේ ඇත්තද බොරුවද බලන්න....

මම ආයම බෙල්ල දාලා එයා දිහා බැලුවා...එය ඉන්නවා සාක්කුවට අත් දෙක දාන් බලන් ඉන්නවා...එක්කො කට ඇරලා අහන්න හිතයි මං ගැන බලාපොරොත්තුවක් වත් තියන් ඉන්නවද කියලා...එහෙම හිතන් ඉන්නවද දන්නෙ නෑනෙ.....

අනික එයාගෙ පලවෙනි හාදුව.....

ස්ස් ...සංධීර්...

ම්න්....

..ද්ද් දෙයක්....අ...හන්න්ද ....

ම්න්.....

මම උන්නෙ තනි අන්ඩෙන් හිටගන වෙනකොට එයා මාව උස්සලා එහෙම්ම සින්ක් එකේ ගැට්ටෙන් ඉන්දවල කඩන් වැටෙයි කියලමද කොහෙද මාව අල්ලගත්තා.....

ඔ...ඔයා....ගෙ....ප්ප්..පලවෙනි ...හ්හ්...

ඔව්...මං කිව්වනෙ...ඒක ගැන හිතන්න එපා....

ඒකනෙ...ඒකනෙ...බැරි..මේ යකා මැදින් පනිනවනෙ...මගුල....මොන.මගුලක්ද.....අනේ ඉතින් මාත් ඉදලා ඉදලා උඹ ගැන හිතන්න ගත්තනෙ ...ඇයි වදේ කොහෙ බැලුවත් සංධීර් ...මෙහෙ බැලුවත් සංධීර්...එහෙ බැලුවත් සංධීර්....

ස්ස්....සංධීර් . ප්ප්.පොඩ්ඩක් ...ඉ..ඉදපන්..කෝ...ප්ප්..ප්පොඩ්ඩක්...ඉ...ඉ...

මට ආවේස උනා....කොයි වෙලෙත් මැදින් පනින්න හදන සංධීර් හන්දා මට ආවෙස උනා... ..මට තරහ ගියා .. ..මම කොන්ඩෙන් ඇදගත්තා...එයා බලන් උන්නා 

.හරි .....මොකක්ද කියන්න ඕනෙ....

ස්ස්...සංධීර් ....ඇත්ත....ඇ...ඇත්ත...ක්ක්..කියන්න...ඔ..ඔයාගෙ...හිතේ...මං...ග්ග්...ගැන...මොකක්..හරි...ද්ද්...දෙයක්.....ත්ත්....තියනවා...න්න්..නේද.....??

....??

එයාගෙ ඇස් දෙක ඇබිත්තක් ලොකු උනා....ඇයි දෙයියනෙ....වැටහෙන් නැත්තෙ නේ මිනිහට.....මම හුස්මක් ගත්තා. .

ද්ද්...දැන්...ඔයා....අ..පේ...බ්බ්...බ්බ්...බාප්පට....

කැමති නෑ.....ආය අහන්න එපා....

ය්ය්..ය්ය්..යාහ්...ස්ස්....සංධීර්.....මට...ද්ද්...දැන්...නම්...ත්ත්...තරහා...ය්...ය්ය්..යාගන....එන්...එන්..එන්නේ.....හ්...මම...අහන්න...ග්ග්..ගියේ....ඒක..න්න්..නෙවෙ....මම...අහන්න...ග්ග්...ගියේ....ඔ..ඔයාගෙ....හිතේ...ම්ම්..මංගැන....ආ...අදරයක්....

විකාරද ලමයො??

මගෙ කට වැහුනා...මගෙ කට වැහිලම ගියා.....එයා මම අහන්න කලින් විකාරද ඇහුවා.....ඒ කියන්නෙ.....??එහෙම දෙයක් නැද්ද...??

ස්ස්....සංධීර් .....ඒ...කියන්නෙ....ඔ..ඔයාගෙ....

කොහෙත්ම නෑ යෙවීන්....

මම අහක බලාගත්තා....එයා මට ආදරේ නෑලුනෙ....මට දුකයි...එයාගෙ හිතේ පොඩිවත් කැක්කුමක් නෑනෙ.....කමක් නෑ...මමත් උඹට ආදරෙයි කියලා කියන් නෑ...මේකව ඉක්මනට යවලා බාප්පව ගෙන්නගන්න ඕනා.....

.හ්හ්..හා...හා...හරි....ඔ..ඔයා...එ...එහෙමද....ම්ම්..මහත්තයො....හ්හ්..හාකො...

....යෙවීන්...පිස්සුද එහෙම...මොනවද ලමයො ඔය කියවන්නෙ....

එ...එ...එහෙනම්....ම්ම්...මගුල්...ලටද....බ්බ්..බත්...ක්ක්...කාල....ඉක්මනට....ල්ල්..ලොකු....ද්...වෙන්න...ක්ක්..කිව්වෙ...ස්ස්ස්.....සංධීර්...

මම.කෑ ගැහුවා...මට තරහ ගියා..මං දන්නෙ නෑ...කොච්චර බැන බැන උන්නත්....එක තත්පරයක් යන්න ඇති...මට හේතුවක් නෑ...අනේ මන්දා නපුරු බව දැන දැන උනත්...මම එයාට ආදරෙයි....ඒක මගෙ හිතට දැනෙනවා...කොච්චර බැනගන්න හැදුවා උනත්..මම එයාට ආදරෙයි වගෙ...

අනික....ආදරයක් ඇතිවෙන්න වෙලාවක් කලාවක් ඕනෙද ..හේතුවක් ඔනෙද.....එයා මගෙන් ඇහුවොත් ආදරේ කරන්න මොකක්ද හේතුව කියලා ..මට ඒ දෙන්න උත්තරේකුත් නෑ.....මම කෑ ගහලා ඔලුව පහත් කෙරුවා .....

ආදරේ කියන්නෙ විහිලුවක්ද යෙවීන්.....

තත්පර ගානක්...මම සද්ද නැතුව ඉන්න ඇති...එයා අහනවා ආදරේ කියන්නෙ විහිලුවක්ද කියලා ....මම නෙවෙ ඔලුව ඉස්සුවෙ ...

කෝ....ඔලුව උස්සන්නකො....

ඔ...ඕ..න්..නෑ....ම්..මට....ආ...අදරේ විහිලුව...ක්..න්න්..නෙවෙ...හ්..හින්දනෙ....මම...ක්ක්..කිවේ...මාව....එ...එක්ක...ය්ය්...යන්න....ස්ස්...සංධීර්....ඔ..ඔයා...ග්ග්..හිහින්...ම්ම්...මට බාප්පව....දෙන්න්..න.....

.....

...

මම එයාට යන්න කිව්වා...ගිහින් බාප්පව එවන්න කිව්වා ....එයා බලන් උන්නා....සද්ද නැතුව මගෙ දිහාම බලන් ඉදලා අවසානෙදි මගෙ ඔලුව අත ගෑවා.....

ආදරෙ හිතෙන එක වැරද්දක් නෙවෙ යෙවීන්....ඒත්....ආදරේ කරන්න කිසිම වෙලාවක වැරදි කෙනෙක් තෝර ගන්න එපා...අපරාදෙ .....

ම්ම්..මොක්..මොකක්ද.....ව්ව්...වැරද්ද....මොකක්ද...වැරද්ද.....???වයස...ඉ...ඉලක්කමක්.....වයස....ඉ...ලක්කමක්.....

වයස ඉලක්කමක්....ඒක හරි .....ඒත්...මම....?? ඔයා මගෙ හැටි හොදටම දැක්කා. ...මම..මම මිනිමරුවෙක් එහෙම නේද...ඔයාගෙ හිත උනත් ඒක කියනව නේද....ඔයා තවම ආදරේ මොකක්ද දන්නෙත් නෑ...ජීවිතේ මොක්කක්ද දන්නෙත් නෑ...ඒ තියා...ජීවිතෙන් හතරෙන් එකක් ගෙවලත් නෑ....එහෙම එකේ....පලවෙනි ආදරේම නාස්ති කරගන්න එපා යෙවීන්....මගෙ හිතේ එකම චේතනාවයි තියෙන්නෙ.....

ම්ම්.....මිනිමරන...එ...එක...??ඒකද...ආ....ආ...ස්ස්...සංධීර්...ඒ...ඒකද.....

මම එයාගෙ කොලර් එකෙන් අල්ලලා ඇදලා මගෙ ලගට ගත්තා...එයා කට කොනකින් මහ සීතල හිනාවක් දාලා මගෙ මුනට එයාගෙ එක අතක් තිබ්බා වගේම මහපට ඇගිල්ලෙන් මගෙ යටි තොල අතගෑවා.....මම ඒ ඇගිල්ල හැපුවා.....

මුරන්ඩුයි....

ඔ..ඔව්...ම්ම්..මුරන්ඩුයි...මට...ඔ..ඕන....ද්ද්..දේ ...ලැබෙනකන්...ම්ම්..මං..මුරන්ඩුයි.....

මං එච්චර හොද කෙනෙක් නෙවෙ යෙවීන්....නිස්කාරනේ නාස්ති වෙන්න එපා....

ම්ම්..මාත්....එ..එච්ච...ර හොද...ක්ක්..කෙනෙක්...නෙවෙ.....ඒක..හ්හ්..හින්දා.....වචන...න්න්..නාස්ති...ක්ක්...කරන්න...එ...එපා....ස්ස්...සංධීර්.....

මමත් එකට එක කිව්වා.....එයා මාව.එපා එප එපාමයි කියනකොට මමත් එයාට එක එක දේවල් කියලා අවසානෙදි කට පියාගත්තා ...

ඇත්ත....හැම තැනිම්ම මාව රිජෙක්ට් වෙනවා....යාලුවෙක් නෑ....මටයි කියල කෙනෙක් නෑ...එහෙම බැලුවම...එයා උනත් මට ආදරෙ කරයිද හිට්ලර්ට පවා ආදරේ කරන්න ගෑනියෙක් උන්නා...ප්‍රභාකරන්ට පවා පවුලක් උන්නා. උන් හොද මිනිස්සුද...නෑනෙ...එයා කියනවා එයා මිනිමරුවෙක් ලු....

කව්ද එහෙම කියන්නෙ.....

..එයා කරන්නෙ එයාට සාදාරනයක් ඉශ්ට නොවෙච්ච හින්දා එයාම නීතිය අතට ගත්තු එක....ඉතින් එහෙම එකේ එයා නරකයි කියන්නෙ කොහොමද...????

මම බිමබලන් උන්නා....

සමහර විට....ආදරේ කියන දේ මට උරුම නැතුව ඇති...

මම.ළමයෙක් නෙවෙ ..මට හැගීම් දැනීම් තියනවා....එයාගෙ පැත්තෙන් එයා බය ඇති...මට කරදරයක් වෙයි කියලා ..එකයි එයා මාව එපා කියන්නෙ...ඒත්.....එයාට තිබුනා...ඕන මගුලක් කියලා ඔව් මමත් ආදරෙයි කියන්න....

එක්කො මම මෙ මොනමගුල්ද හිතන්නෙ.....එයා මාව පොඩි කාලෙ දැනන් උන්නට...මේ විදිහට දැක්කෙ ඊයෙ පෙරේදා ....මෙච්චර ඉක්මනට එහෙම හිතෙනවද.....

මම දෙපැත්තටම හේතු බෙදුවා....

යෙවීන්....

....

යෙ...යෙ....

ප්ප්..ප්ලීස්.....න්..නිකන්...බ්බ්..බොරුවට...මට....ත්ත්...තව....බ්බ්..බලාපොරොත්තු ...ද්ද්...දෙන්න...එපා....මම...න්න්..නොදරුවෙක්...න්..න්න්..නෙවෙ..ර්...ර්...රිජෙක්ට් .....වෙන...එක....අ...අමාරුයි.....ස්...සංධීර්....

...

ප්ප්...ප්‍රතික්...ශේප.....වෙන....එ..එක....අ...අමාරුයි.....

මට ඔයාව පරිස්සම් කරන්න බෑ යෙවීන්....අනික....වයස ගැන නෙවෙ....ඔයා...ඔයාට මට වඩා හොද කෙනෙක් හොයා ගන්න පුලුවන් ...මගෙ වයස ගිහින් ඉවරයි...මට.....උන්ව නැති කරන්න ඕනා.....මට...මටහැම දේම නැති කරපු උන්ව මට.නැති කරන්න ඕනා.....

එයා මගෙ ඔලුව අත ගානවා....එයාට හැම දේම නැතින්කරපු උන්ව නැති කරන්න ඕනලු...

ස්ස්...සංධීර්...එ..එහෙනම්....ම..මටත්.....ඔයාව.....න්න්..නැති.....ක්ක්..කරපු....උන්ව.....ම්ම්...මා....ත්.....න්න්...නැති....ක්ක්...කෙරුවොත්....ම්ම්...මං...ගාවට.....එ...එනවද.....???

....

න්න්..නැත්තන්....ද්ද්...දැන්ම...ක්ක්...කියන්න....මට....ප්ප්..පුලුවන් ...හ්..හිත...හදා...ගන්න.....මං...ද්ද්...දන්නෙ..නෑ...හ්හ්..හේතු....අහන්න...එපා..මං...මං....මං.....මාව...මෙහෙම...හ්හ්..හැම.....ත්ත්...තැනිම්ම....ර්‍ර්...ර්...රි....ජ්....ජෙ....ක්ට්....ව්...වෙන...ක්ක්...කොට..ම...මට....

"ආදරෙයි...දැන් ඇති..."

.🙂යෝහ්...මේක නම් ..නීරසයිනේත.....එව්ව්...ලියපු මටම අද කෑල්ල නීරසයි ...යෝව්.....ජොබීත මොකත වෙලා තියෙන්නේ.....

😂ම්හුක්....ආය එන්නම්...ඈ.....

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters