කුමටද සොබනියෙ කදුලු සලන්...නේ........හේතුව මම...නොදම්...හ්ම්ම්ම්...හ්ම්ම්....ගිරි හෙල් අරඹෙ... ඇති මගෙ නිවසට....
අප්පුවා හරි කවි කාරයෙක් වගෙ නේ....ආ අප්පුවො....ඇහෙනවද සුදු මහත්තයා....අප්පුවාගෙ කවි සින්දු.....අප්පුවා නන් හරි මුඛරියෙක් තමා.....
මයෙ සින්දුව මුලු ගම් හතටම ඇහෙන්න ඇති....වීර පැරකුම්බගෙ දෝලාව දක්කාන යන මං මගෙ ඇගේම හයිය දාලා මගෙ කටට අරක් ගත්ත පාලුව මකාගන්නවා එක්කම මෙච්චරවෙලාම අත් දෙක පිටිපස්සට බැදන් හරි ගම්බීර ලීලාවෙන් මයෙ සින්දුවට කන්දීගන උන්න හාමුදෙන මයෙ දිහා බලලා හාමු ගැටයට ඇහෙන්ඩ මයෙ හැකියාවෙ වරුනෙ කියන්ඩ ගත්තා...
කෝලි.....ත්...තන්...ලැජ්ජ්හෙත් බෑ...යස!
අප්පුවො....
ම්ම්ම්ම්...හුම්...
අප්පුවා දැන් කොහෙද යන්නෙ?
නාගන්ඩ.....
මේ වැවෙ....
නැතුව ඉතින් වෙන කොහෙ නාන්ඩද.....වැවේ නේන්නම්...සමුද්‍රෙ වගේ වතුර ටික තියනකොට වෙන කොහෙවත් යන්නෙ මක්කටද
ඕලු නෙලුම් නිල්මානෙල් නානාජාති අරක් ගත්ත වැව් යාන්ගෙම වතුර කඳ රිදියෙන් දිලිහෙනවා...ගමයි පන්සලයි...වැවයි දාගැබයි කියන්නා වගේ මහා සාගරේ තරමට විසාල උන වැව් තටාකෙ එහා ඉවුරෙ කිරියෙන් බැබලනෙ දාගැබ පුදුමාකාර ලස්සනට මේ ඉවුරට පේනකොට පැරකුම්බා හාදයගෙ දෝලාව ගුරුපාරෙ ගහක් යටටම නවත්ත ගත්ත මං ඒකගෙ දෝලවෙන් අහකට උනා....
දැන් ඉතින් අප්පුවට තියෙන්නෙ හිතේ හැටියට දියබුන් ගගගා ජල කෙලින්ඩ....අපෙ අප්පො....මොනාකාර කෙලි කෝලිත්තන් නම් කොරන්ඩ තියනවද......
හුලන් රැල්ල ගහ කොල විතරක් නෙවෙ වැවත් නලවාන යනවා.....ගහකොළට හුලන් රැල්ල වදිනකොට මහා රූස්ස රාජයො සර සර ගාන සද්දෙත් එක්කලා නැලවෙන ගමන් පිපුන මල් වල පුහුඹ හුලන් රැල්ලෙ අත මිටමොලනවකොට මං බලාන වැව් දිය උඩ රැලි රැලි ඇදෙනවා...
වතුරෙන් උඩ මතු උන ඕලු මල් හුලගත් එක්කලා හරි හරියට නටනවා.....ඒ විතරක්ද නෙලුම් කොල පවා හුලගත් එක්ක යාලු වෙලා මක්කදො කෝලිත්තමක් කරනවා.....එවුන් මල් රොන් ගන්ඩ එන බඹරිදුන්ට රහස් කතා දොඩනවා!
හාමු දෙනට නාගන්න ඕනයි කියලා උත්තර බැන්දත් මොකද සුදුමහත්තයා හාදයා ගාව මං ඉන්න හන්දදො කොහෙද ඒකව තනි කොරන්ඩ කිසීම බයක් හැකක් නැතුව සක්මනෙ යන්ඩ ගත්තා....සොබා අසිරිය විදින්ඩ ගත්තා...
අත් දෙක පිටිපස්සට බැදගන මදිවට පපුවත් යාර හැටක් විතර ඉස්සරහට දික්කරගන උන්න එක්නැලිගොඩ හාමුදෙන වැව දිහා බලාගන එහාටත් මෙහාටත් සක්මනෙ යෙදනකොට මං සුදු මහත්තයා හාදයගෙ දෝලාව ගාව එහෙම්ම ආයම ඇන තියාගත්තා....
ඇන තියාගන්න ගමන් හීන් සීරුවට ඒකගෙ අර පඩත්තර ගම්බීරත්වෙන් ඉදිමුන මූනත් තහඩුව දිහා බැලුවා.....
ඒකා නිකන් බස්සෙක් වගේ...බස්සට වත් නැතුව ඇති මෙහම මුඩුමයක්.....
ඒ මක්ක උනත්...මූ පව්....රෝද පූට්ටු කොරාපු පුටුවක යනෙන් මුගෙ අඩු කැඩිලා හන්දනෙ...ඊටත් මූ ගොලුත් එක්ක....රවනවයි වෙව්ලනවයි ඇරුනම කොරගන්ඩ පුලුවන් ඇටකිරිඥ්ඥාවකුත් නෑ.....
ඊටත් මු මගෙ දෙන වෙන්ඩ ඉන්න එකා....ඇරත් මූව මං හිරේට ගත්තම මේකා අප්පුදෙන වෙනවනෙ...ඒත් ඉතින් මූට හටන් කවි කියන්ඩ බැරිව ඇතිනෙ.....
ගොලු නම් කොහොමදැයි මූ දැන් යුද්දෙටත් ඇවිත් කියන්නෙ...මට වෙන්නෙ කඩු කස්තානත් අතේ තියන් පරංගින්ට කෙලින ගමන් තනියෙම්ම පසුබිම් සංගීතෙත් සපයගන්ඩ...
මෙදා වන්ගියෙ නම් අප්පුවව පරංගින්ට අහුවෙනවා සිකුරුයි ආය.....ඇයි ඉතින් මයෙ අප්පු දෙන ගොලුයිනෙ...
කමක් නෑ..වරකා යාන්ගෙම මට දෙන එකෙ...මමම ඔය කොටන ගමන් යුද්දෙටත් ඇවිත් කියාගන්නවා...
දෝලාවෙ වම් අහින් ඇනතියාගන උන්න මං ඒකගෙ මුනත් තහඩුව දිහා බලාගන දාහක් ජාති හිතලා හිතලා එක අතකින් මයෙ නාහෙ කහන්ඩ ගත්තා..කොටින්ම මං මයෙ දබරැගිල්ලෙන් පුරුක් බාගයක් විතර නාහෙට ඔබලා ඒ ඇගිල්ල කැරකේව්ව....
නාහෙට දාපු ඇගිල්ල කැරෙකෙව්වත් හරි ගොම වගේ වේලුන හොටු ගුලියක් ඇගිල්ලෙ ඇලිච්චි...මක් කොරන්ඩද...හොටු එනව නේන්නම්....
ඇගිල්ලට ආව හොටු ගුලිය දිහා බලාගන උන්න මන් මහපොට ඇගිල්ලත් එක්කාසු කොරාගන හොටු ගුලියක් හදාල චොක් ගාලා වීසි කරලා දාලා කොච්චරවාත් මක්කම හරි ඇනෙන මයෙ තට්ටමත් කහගනම නැගිට්ටා...
මං මුගෙ තනි රකින්ඩයි...අරකිට ජවුසමෙ යන්ඩයි ..යස.....!!කෝලිත්තන්....
මේ...ඒහ්.....අප්පුදෙන ඇහුනදයි මට නාගන්ඩ ඕන.....උඹලෑ මහ එකීට එන්ඩ කියපන්....ආය මං මෙතන ඉදන් උඹගෙ තනි රකින්ඩ උඹට තනිකන්දෝසේ වෑ.....කලුකුමාරයා උනත් නානමන්කඩ ගාවට එන්නෙ ගෑනු දිහා බලන්ඩ විතරයි...උඹ දිහා කලුකුමාරයා බැලුවොත් ඌත් බය වෙනවා ...හහ්...
මෙච්චරවෙලාම අරකා ගාව ඇනතියාන උන්න මට කුඩම්මත් කොච්චරවාත් තෝ නම් යකෙක් මයි බොල ගගා මතුරන්නා වගේම එකපාර යකෙක් වැහුනා....
හාමුදෙනට මේකා ගාවට එන්ඩ කල්පනාවක් නැතිවමද කොහෙද ,ඒකි ගලක් උඩ පත බැවෙච්චි කොට නාගන්ඩ ආව මට මේකා ගාව ඉදිල්ලත් ඇති වේගන ආවා.....
කොටින්ම කිසීම හැලහොල්මනක් නැතුවම වැව දිහවත් පිපුන මල් දිහාවත් ඔල්මාද කාරයා වගෙ කටත් ඇරන් ඒකගෙ පාඩුවෙ බලාන ඉන්නකොට මං කොච්චරවාත් කිරිබන්ඩියගෙ කම්මුලට අනින්නා වගේ ඒකගෙත් කම්මුලට ඇනලා දෙහි කපන්ඩ ගත්තා...
නාගන්නෙ නැද්ද.....උඹ ගාවට වෙලා බින්න බැහැන් උන්නම හවහට ගිහින් හිස් කිරිබෝතල් එකතු කරන්නෙ බල්ලොද.....??
අනෙ මේ මං එකක් කියන්නම් සුදු මහත්ත හාදයා.....උඹව හිරේට ගත්තට මට උඹ ගාව නම් ලගින්ඩ කියන්ඩ ලැහැත්ති වෙන්ඩ එපා ඕන්...මයෙ බඩ රිදෙනවා.....මට බැ ඔය සෙප්පඩවිජ්ජා කොරන්ඩ.....ඇලීගන ඉන්ඩ කොරන්ඩ මට බෑ...
උඹලගෙ මහ ගෑනි මට උඹව හිර්රෙට ගන්ඩ කියලා වදේනෙ ...
ඒ උනාට මේ අප්පුවා එක්ක එහෙම ලේසියට හිරේට එන්ඩ බෑ....වරකා යාන්ගෙ දායාදෙට දෙන කතාව හැබෑව....ඒත් උඹ අප්පුදෙනනෙ...මං කියන දේ අහන්ඩ ඕන තේරුනාද.....??නැත්තන් දෙන්නෙ ගුටි!!!
පැරකුම්බාවා ගාව උන්න මං ඒකට මුනු මුනු ගගා දෙහි කපන්ඩ ගත්තා...මෙච්චරවෙලාම වැව දිහා බලාගන උන්න ඒකා ඒකට දෙස් තියන්ඩ ගත්තත් හරි මයෙ දිහා බලාහන ඇහි බැම නටවාගන ඇස් බෝල හීන් කරන් මූනත් කුන්ඩහට්ටියක් කරගත්තා මදිවට මං බලාගන මූ මුගෙ තියන ඇට්ටරකමට දෝලාවෙ ඇදි දෙක කඩලා ගන්න තරම් මිරිකනවා.....
ආ.. .යස...මයෙ මොකො.....මයෙ මක්කවත් වෑ උඹ ඔය මිරිකන්නෙ..ඇති පදන් මිරිකපිය....ඒ උනාට කියන්ඩ ඕන කාරනා කියල එපැයි මූව හිරේට ගන්ඩ...නැත්තන් පහුවෙන් පහු වෙනකොට මූට මා එක්කලා කෝලිත්තන් නටන්ඩ හිතේවි....
අප්පුවා එක්ක කෝලිත්තන් කොරන්ඩ....ඒවා හීනෙන් තමා...
එකපාරක් කුටු කුටු ගාලා දෙස් තියාපු මං ඒකා මයෙ දිහා රවාගන වගේ බලාගන ඉන්නකොට මයෙ අත් දෙක ආපිට පස්සට බැදගත්තා....කොටින්ම ආරච්චිලයා මක්කවාත් කුපාඩි වැඩක් කොරන්ඩ හදනකොට සක්මනෙ යෙදෙන්නා වගේ මාත් අරකගෙ දෝලාව ඉස්සරහා හිටගන එහට්ටත් මෙහට්ටත් යන්ඩ ගත්තා...ඒ යමින් ගමනුත් මං ඒකට මා එක්ක ජීවත් වෙන්ඩ එනවා නම් කොරන්ඩ ඕන ජාති එකින් එක කියන්ඩ ගත්තා...
නොම්බර එක....අපෙ කුඩම්මා වගෙ අපෙ අප්පුච්චගෙ අතින් අල්ලන් ඇබැරෙන්ඩ කොරන්ඩ / ඇස් කොන් වලින් බලාගන ඉදල දොරවල් ජනෙල් පහුරු ගාන්ඩ/හොදට බැදගන ඉන්න කොන්ඩ ගුලිය එකපාරම සන්නිය හැදිලා වගේ කඩාදාලා ආය ගැට ගහන්ඩ/ හොර හොරාවට හිනා වෙවි අකුල් අකුල් ගානෙ දුවන්ඩ නම් තියාගන්ඩ ඔය කෝලිත්තන් කොරන්ඩ ලැහැත්ති වෙන්ඩ නම් එපා.....මයෙ නම් මනාපයක් නෑ..... නෑකියන්නෙ නෑ....මයි ආය ඔය විජාබහුවලට
මේ අප්පුවට තියන රාජකාරි එක්ක තව ඕවත් කොරාපියව්කො.....ඇරත් කුඩම්මට සන්නිය ගහනවා...යස ට ගැටගහන් ඉන්න කොන්ඩෙ මක්කටද අප්පුච්චව දැක්ක ගමන් කඩා දාන්නෙ ....විගඩම්....ඔව්වා
ඊටත් කෝලිත්තන් කොරපුවාම උඹ දන්නෙ නෑනෙ මක්කද වෙන්නෙ කියලා.....??
උඹ දන්නෙ නැත්තන් මං කියා දෙන්නම් ...නොදන්න දේ කියා දුන්නම පව් පිරෙන් නෑනෙ.....අහගනින් හොදට
කෝලිත්තන් කොරාපුවාම වමනෙ දානවා...වමනෙ දැම්මම බඩ ලොකු වෙනවා...බඩ ලොකු උනාම කිරි බන්ඩියෙක් එනවා..එකෙක් ඉන්නකොට තවත් එකෙක් ආවම මං එපැයි ඌවත් උකුලෙ ගහන් යන්ඩ...අනික එකෙක් ඉන්නකොට තව එකෙක් කන්ඩද මං අහන්නෙ????
.පාඩුවෙ ඉන්ඩ ඕන තේරුනාද...උඹට තියෙන්නෙ හවහට හවහට මං පරංගි පරංගි හටන නටනකන් හටන් කවිය කියන්ඩ.....ඒකත් කියන්ඩ බැරුවා නම් අප්පුඩි වත් තලපන්...නැත්තන් උඹගෙ මිනිහව පරංගි අතින් මැරිලා යයි....
එහෙම උනාම උඹට යන කල මොකක්ද???උඹගෙ පපුව පැලිලා මැරෙයි මං නැතුව....උඹ පව් නැද්ද මං අහන්නෙ??
ඊටත් මං මැරුනම වරකා යාන්ගෙට තව එවුන් කෙල හලන්ඩද???
මං දැන් තනිකොරෝම මහදැන මුත්තා වගෙ...කියන්ඩ ඕන කාරනා එකින් එක එකින් එක කියන්ඩ ගන්න වාරයක් වාරයක් පාසාම මං බලාගන අරූගෙ මූන පැහුන කරඹගෙඩියක් ගානට රත ගහනවා...ලොවිගෙඩියෙ පාට ගත්ත යටි තොල හපාගන්නවා...අපෙ හප්පො...ඒකගෙ දත් ඇන්ද තනිකොරෝම කැකිරි ඇට වගෙ...ඔක්කොම එක ගානයි...සුදෝ සුදුයි.....
මං මූට ඩින්ගිත්තක් වත් ආදරෙ නැති එක හැබෑව...ඒත් මූ ගමදෝනිට වඩා ලස්සනද මන්දා.....ඒකිගෙ මූන රවුම්ම රවුම්...පිම්බුන ටී බනිසක් වගේ.....කොන්ඩෙ නම් කිතුල් රෑන වගෙ....මං මයෙ රතු අමුඩෙට පන ඇරලා වගේ කොච්චරවාත් රතු අබුඩෙම අදින්නා වගෙ ඒකිත් කොච්චරවාත් අදින්නෙම රතු හැට්ටෙ ....ඒකි ඩින්ගිත්තක් වත් පාත් උනෝතින්...අපෙ අප්පො රතු හැට්ටෙන් හිර කොරාන ඉන්න ළපටි අලු පුහුල වගෙ දෙතන් එලි පනිනවා...ඊටත් ඒකිගෙ කද කොටහ නිකන් දිය ලබ්බක් වගේ...
ඒත් මුගෙ ....
මූට ඔය මක්කවත් නෑ....අත පය දික් දන්ඩා වගේ....මයෙ අප්පුච්චා වගේ පපුවක් නම් ඇති...පේන්නෙ නැද්ද මුගෙ පලල...පැදුරු ආනමෙ තියන රටා වියපු පැදුර වගෙ....
අරකිට වගෙ දිය ලබු ඇගකුත් නෑ...
මක්කදො මන්දා...ඒකිට වඩා මූ ලස්සනයි කියල හිතෙනවා....
හ්ම්...මයෙ මොකෑ...ලස්සන උනත් කැත උනත්....ඌ කැත උනත් මේ අප්පුවා එක්ක ඉන්නකොට ඕනම නවදැලි හේන් වැදිරියෙක් ලස්සනට පේනවා.....ඇරත් කුඩම්මත් වෙලාවකට කියනවනෙ...
තෝ සන්නි ගහපු එකා වගේ උන්නට කුනු අපුල්ලලා නාපු දාට බයිස්කෝප් නලුවෙක් වගේ කියලා...යස!
තප්පරෙන් තප්පරේම ඒකගෙ වැහි වලාකුලෙන් බර උන ආකාසයක් වගෙ කලු ගැහුන මූනත් තහඩුවෙ ඇති වෙන එකාකාර විපරියාස දිහා බලාගන උන්න මං අවසානෙදි ඒකට ඇති තරම් පුප්පගනින් කියලා මගෙ රබාන අරගන ඒකගෙ ඉහෙන් නැමුවා....
වෙන මක්ක හන්ද වත් නෙවෙ
අවු සැරට මුගෙ ඉහ පුපුරන්ඩ ආවොත්......
උඹලගෙ මහ එකීව ගල උඩ ගල් ගැහිලද කොහෙද ඉසුරුමුනි පෙම් කෙලිල්ල කොරනවද ගල උඩ ගල් ගැහීගන.....??
ඒකි එනකන් මන් කී හෝරාවක් මෙතන තපින්ඩද...උඹලා ජවුසන් නටන් නැතුව ඔහොම ඉන්ඩ ඕන තේරුනාද.....මං විගහට නාගන එන්නම්.....ගුටි තමා දෙන්නෙ...මේ අප්පුවා නම් හොදටෝම වසයි සුදුමහත්තයා හාදයො...තරා යන එක යනවා ආය යකාට වගේ.....නටන්නෙ නැතුව ඉදින් මං එනකන්....
ඕක නමාගනින් කොල්ලො....උඹගෙ ඔලු ගෙඩිය අව් රස්නෙට කරවෙයි....කර උනාම උඹටත් වෙන්නෙ අප්පුවා වගෙ ඔල්මාද කාරයෙක් වෙන්ඩ ...අපෙ කුඩම්මා කියන්නෙ තෝ මද්දහනෙ දඩාවතෙ ගිහින් ගිහින් අවුවට මොලෙ කරවෙලා ඔල්මාදෙ ගහල කියල.....උඹටත් ඔල්මාදෙට එයි....මෙහෙම හිටින්කො.....
කියන්ඩ ඕන ජාති ....දෙන්ඩ ඕන අනුසාසනා දාහක් කියලා කියලා ඉහ උඩට රබාන නැමුවත් හරි අරකා දැහලුවෙම රබාන අරන් මයෙ මූනට ඒකෙනුත් දමලා අනින්ඩ වෙනකොට මං ඒකට සැර උනා...රබාන උදුරගන ඒකෙන් ඒකටම දෙකක් කෙලින්ඩ වගේ උරුක් කෙරුවා...උරුක් කරලා කරලා ආයම ඔහෙ හිටු කියලා රබාන නවල අබුඩෙත් නාගත්තට පස්සෙ අදිනඩ ගෙනාව සරමත් අරන් හීන් සීරුවෙ ගුරුපාරෙන් වැවට පල්ලම් බහින්ඩ ගත්තා....
එක්කො මූ පව් අප්පා...මූට දුක හිතුනද දන්නෙ නෑ මං ගුටි දෙනවා කිව්වම.....
වැවට බහින්ඩ ගුරුපාර පල්ලම් බැස්සට මොකද වැව දිහාව කටත් ඇරන් ඔහේ බලාගන උන්න සුදු මහත්තයා හාදයගෙ මූනත් තහඩුව මතක් උන මට ඒකාගැන මක්කදො මන්දා සෝකයක් ඉපදෙන්ඩ ගත්තා...
ගමයා එක්ක හාමුදෙන මුගෙ අඩු කැඩිලය අම්මා අප්පත් මලගම් ගිහින් කිව්ව කරනාව ඇහුන වෙලේ ඉදන් මුගෙ රැවුම් ගෙරවුම් බලු වටින් නැති උනත් මට මුගෙ අඩු දෙක ගැන සෝක වෙන්ඩ හිතුනා...
අප්පුවටත් අම්මා නෑ.....ඒ උනාට අප්පුවට කුඩම්මා වත් ඉන්නවනෙ...ඒකි එක්ක මං අංකරේට පැටලුනොත් මිසක්....ඒකි කවදාවත් මා එක්කලා අංකරේට එන්නෙ නෑ.....
ඒ උනාට දැන් මූට අම්මා නෑනෙ....අප්පත් නැ....අප්පුවට නම් අප්පොච්චා ඉන්නවා.....
එක්කො මං මූට මලක් කඩා දෙන්ඩද???
සුදු මහත්තයා හාදයට පුක හරවලා වැව මැද හරිහරියට පිපිලා තිබුන ඕලු නෙලුම් දිහාව බලාගන උන්න මං නිකන් පුරුද්දට වගෙ මගෙ ඉහ කැහුවා....
වැව් යාංගෙ මැද නම් මල් විමානයයි....වැව මැද හරි ගැබුරයි...අප්පුවට ඔය අහට යනවා තියා හිතන්ඩත් බෑ...අප්පුච්ච ඇරත් කියලනෙ තියෙන්නෙ තෝ හම ගහනවා කියලා වැව මැදට ගියෝතින්.....
කොහෙද වෙනදට නන් ඉවුරට කොරලා කඹ දාන පාරුව වත් තියනවා...තොටියා නැති උනත් මොකො අප්පුවා නොදන්නවද හබල් ගාන්ඩ මං අහන්නෙ....කරුමෙට අද ඒකත් නැතිවෙච්චි.....
මං මයෙ ඇස් දෙකම හතර අහට කැරකුවා...ළඟපාත මලක් දෙකක් පිපිලා තිබ්බට මොකද වැව මැද පිපෙන තරම් ළඟපාත පිපුන මල් ලස්සන නෑමයි කියලා මයෙ තුන් හිතම කියනකොට මං ආපහු අරකා දිහා බැලුවා.....
අර මොකද ඒකා බිම බලාගන...කූඹි ගනිනවද??
ඒහ්.....ප්ස්...ප්ස්...සුදු මහත්තයා හාදයො...මේහ්.....
බිමබලාගන කූඹි ගනින සුදුමහත්තයා හාදටට මං බෙරියන් දුන්නා....පුදුමයි බෙලි කඩාගන බිම බලාගන කූඹි ගනින එකා මයෙ දිහා බැලුවා...
උඹට මං මලක් කඩා දෙන්ඩද?ඕලු මලක්!!!
ඕළු පිපීලා.....වෙල ලෙල දෙනවා...
සුදට සුදේ ...නංගො.....
ඕලු නෙලාලා මාල ගොතාලා
දෙන්නද සුදු නංගො....!!
..........
ඕලු මලක් කඩා දෙන්නද අහන ගමන් මං ඒකට ඇහෙන්ඩ සින්දුවකුත් කිව්වා....ඒත් ඒකගෙන් නෙවෙ උත්තරයක් හම්බුනෙ....අහන ඕන අටමගලෙකට කරන්න දන්න එකම දේ රවාගන ඉන්න එක විතරක්ම වෙනකොට ඒකගෙන් උත්තරයක් නැති බව දැන දැනම ඒ මූනත්තහඩුව දිහා බලාගන උන්න මං අනිත්පාර එහෙම්ම ගුරුපාරෙන් පල්ලම් බැස්සා...
අවුරස්නෙ වැදිලා වැදිලම වැව් දිය උනුහුම් වෙලා...ඒත් මතුපිට වතුර ටික විතරයි....ඩින්ග ඩින්ග යට යන්ඩ යන්ඩ ආය ආයමත් ඒ වතුර අහුරම සීතල වෙනවා...
අබුඩෙ පිටින්ම වතුරට බැහැගත්ත මං ගෙම්බා වගේ කකුල් ගහන්න ගත්තා...
ඉනක් වෙනකන් වතුරෙ ගිලෙනකන් හිටගන අත් දෙකෙන් වතුර අහුරක් එහාට මෙහාට කර කර උන්න මං ලගම තිබුන මල කඩාගනඩ නම් කරක් වෙකම්ම වතුරෙ ගිලෙන්ඩ ඕන වෙද්දි එහෙම්ම ගෙම්බා වගේ කකුල් ගගහම ඕලු මල් දෙක තිබුන දිහාවට පීනගන ගියා.....
ජබොස් ගාන සද්දෙන් වතුර කද කෑකෝ ගහනවා....
අබුඩෙ පිටින් උන්න මං තනිකෝරොම කරනම් ගහන තාරාවා වගේ වැව් දියෙ හිතු මනාපෙට ජල කෙලිනකොට කරනම් ගැහුවා.....කකුල් අතපය ඔක්කෝම වතුර යටට යනකොට අබුඩෙ ඇදපු මයෙ පුක වතුරෙන් උඩට ආවා...
තත්පරයක් දෙකක් හිතු මනාපෙට වතුරත් එක්ක කෝලිත්තන් කරාපු මං වතුර අහුරක් අරගන ඉහල ආකාහෙ දිහාට වීසික්කා කෙරුවා.....
අහසට විසීක්කා කොරාපු වතුර අහුර ආපිටම වැව් වතුරටවැටුනෙම අහස් දිය හා සමානව වෙනකොට මං බලාගන මද්දහන් ඉර එක්ක මක්කදො මන්දා ජවුසමක් නටන ඕලු මල උඩට වැටිලා රිදී පාටින් දිලිහෙන්න ගත්තා.....
අපෙ අප්පො....හරී ලස්සනයි!!!
දෝලාවෙ උන්න සුදුමහත්තයා හාදයා දිහාවත් බලලා ආපිට ඕලු මල දිහාව බලාපු මං මලත් එක්ක හිනා උනා...
තරහා ගන්ඩ එපා මලෙ...මං උඹල කඩාගන්නවා.....බුදු සාදුට පූජා කොරන්ඩ නන් නෙවෙ ඕන්.....මං හිරේට ගන්ඩ ඉන්න සුදුමහත්තයා හාදයට දෙන්ඩ....ඌ මා එක්කලා යාලු කොරගන්ඩ...
ඌ ඔහොම බුම්බාන උන්නොත් මං කොහොමැයි වරකා ගිලින්නෙ!!
තරහා ගන්නෙ නැතුව මා එක්කලා යන්ඩ වරෙල්ලා...
ටස් ගාන සද්දෙන් ඕලු මල් දෙකකුත් හෙට දිහාට පිපෙන්ඩ තිබ්බ නෙලුම් පොහොට්ටුවකුත් ඒ විතරක්ද බට්ටෙකුත් එක්කම නෙලුම් කොලේකුත් කඩාගත්ත මං ආපිට මෙගොඩට පීනුවා....
මේන්.....කඩාගත්තා....
මයෙ සරුවාංගෙ දිගේම වතුර බේරෙනවා....කාක්කූඩෙ වගේ පොකුට්ට ගැහුනා මදිවට පොල් මුඩ්ඩ වගේ ගොරහැඩි උන මයෙ කොන්ඩෙ වතුරෙන් පෙගිලා රෑන් රෑන් පහලට කඩා වැටෙනවා...ඉහකෙයා දිහාවෙන් බේරෙන වතුර බිඳිති මයෙ මූන පුරාවටම රැදිලා තියනකොට සුදුමහත්තයා හාදයට කෑගහනකොට මෙච්චරවෙලාම ගල උඩ ඉදගන උන්න හාමුදෙනතේ ඒකා ගාවට ඇවිදින් උන්නා වගේම මං ආපිට අර යන්තන් බොරලු ගැටිත්ත නැග නැගම ඒකට නෙලුම් පොහොට්ටුවෙන් මාලයක් හදන්ට ගත්තා...
හරියටම මයියොකු දඩු මාලෙ වගේමයි...
ඉඳාකො ඉතින් මේක...මුගෙ වැඩේම වෙව්ල වෙව්ල බිම බලන එක...නැත්තන් අහක බලන එක....
අප්පුවා මේවා කඩගන ආවෙ සුදුමහත්තයටද.....
...........වරකෙත් දෙන එකෙ....මූව.මං හිරේටත් ගන්න එකෙ මලක් නොදී බෑනෙ.....ගන්ඩ කියපන්කො මේක.....මගෙ අත කැඩෙන්ඩ එනව මල අල්ලන් ඉදලා.....ඊටත් මං අහන්නෙ මොකෑ උඹගෙ ඔය කැකිරි පැලිල්ල මැනිකෙ....කොච්චරවාත් හිකි හිකිය.....කෝලිත්තන් නම් කොරන්ඩ හදන්ඩ එපා....මේ අප්පුවට ඔය කෝලිත්තන් නන් අරහන්මයි ආය....
මං ආයම හාමුදෙනටයි අරකටයි දෙහි කපන්ඩ ගත්තා....අරකට දෙන්ඩය කියලා තහකහනක්ම මලුත් කඩාගන බට්ටෙකුත් කඩාගන කොලේකුත් කඩාගන ආව මයෙ දිහාව බල බල ආයමත් හාමුදෙන අත කටින් වහන් කොර කොර හිනා වෙනකොට අරකා ආයම ඔල්මාද කාරයා වගේ මයෙ දිහා නොබලා හතර අත බලන්ඩ ගන්නවත් එක්කම මං උන් දෙන්නටම බෙරියන් දුන්නා.....
දියල්ලකො එහෙනම්...අප්පුව නෙලුම් කොලේකුත් කඩාගන.....මේන් බට්ටෙකුත් කඩාගන...සුදු මහත්තයා නෙලුම් බට්ටො කාලා නෑනෙ.....මේ නෙලුම් කොලේ බත් කනකොටත් හරි රහයි....සුදු මහත්තයට මතකද චූටි කාලෙ සුදු අම්මා මගෙ පුතාට කෙහෙල් කොලෙ බත් ගෙඩියක් බැදලා දෙනවා.....ආන් ඒ වගේමයි....
මන් බලාගන උන්නා....දොලාවෙ පතබැවිලා ඉන්න පැරකුම්බාවගෙ ඉහම අත ගගා හාමුදෙන ඒකව හුරුතල් කොර කොර අනන් මනන් කියන හැටි මං කටත් ඇරන් බලාගන උන්නා.....හාමු දෙන අතට මල් දෙක එක්ක නෙලුම් කොලෙ දුන්නට මොකද බට්ටෙ තවම මයෙ අතෙ වෙද්දි මං එහෙම්ම බට්ටෙ පුරවලම තිබ්බ නෙලුම් ඇටයක් පාදලා පාදලා ටස් ගාන සද්දෙන් එලියට අරගත්තා.....
ඒකා මෙව්වා කාලා නෑය කියන්නෙ...ඇරත් නෙලුම් කොලෙ බත් කාලත් නෑලු.....එක්කො මූ බත් කන්ඩ ඇත්තෙ කුරුදු කොලවල දාගන....
ඇරත් මුන් අර කොහෙද පරදේසෙකත් උන්නලුනෙ.....එහෙ මේවා නැතුව ඇති.....පව් ඉතින්.....
අප්පුවා නෙලුම් කොලෙ කඩන් ආවෙ අපෙ සුදුමහත්තයට බත් ගෙඩියක් බදින්ඩද අප්පුවො....
.......මන්දා....මනාප ...යක්...
මක්කදො මන්දා මයෙ බඩ රිදෙන්ඩ ගත්තා....මෙච්චරවෙලාම හාමුදෙන අතේ තියාන උන්න මල් දෙක අනිත් වන්ගියෙදි පැරකුම්බාවා අතට මිටමෙලවෙනකොට මං බලාගන අරූ හොරදෙටුවා වගේ මලෙ පුහුඹ බලනවා....
ආය ඉතින් ඕක හැන්ගි හැන්ගි ඉඹින්නෙ ...එලිපිය ඉඹපියකො මං අහන්නෙ...
ඒ අස්සෙන් හාමුදෙන අරූට කතා කොරන ඇදිලි පැදිල්ලෙම්ම මං නෙලුම් කොලෙ කැඩුවෙ සුදුමහත්තයා හාදයටද අහනකොට තෙත බේරි බේරි උන්න මං බොරලු දූවිල්ල බදාපු තෙත කකුලෙම්ම බොරලු කැටයක් පොඩි කරන්ඩ ගත්තා....මේකිට ඔල්මාදෙද මන්දා.....
ඔහොම අදින්නෙ අහවල් කාරනේටද මන් අහන්නෙ...
...ආ..අප්පුවො....අප්පු ළමයා මේ කොලෙ කඩාගත්තෙ සුදු මහත්තයට දෙන්ඩද....
අහන එක හරියට අහපල්ලකො....උඹ හින්දා මගෙ බඩ කකියනවා...ඇරත් ඇයි උඹ ඔහොම කෝලිත්තමට අහන්නෙ ...හරියට අපෙ කුඩම්මා වගෙ...ඒකිත් මයෙ අප්පුච්චගෙ අතේ එල්ලීගන ඕන්න ඔහොම්ම ඇද පැද කතා කොරනවා....බඩ රුජාවෙ බැරුවා....මන්දා මං මේක කැඩුවෙ මූට තමා...ඕන එකක් කොරගන්න එකයි මයෙ මොකෝ ආය....
ඇහුනනෙ සුදු මහත්තයා අප්පු ලමයා මේක සුදු මහත්තයට දීලා තියෙන්නෙ බත් ගෙඩියක් බදින්ඩ....
.......
අප්පුවා එහෙනම් නාගනිල්ලකො....නාලා කාලා කරලා හවස් වෙලා වලව්ව පැත්තට වරෙල්ලකො ම්ම්ම්....
තනියෙන්ද????
මෙච්චරවෙලාම යකා ආරූඩ කරන් උන්න මයෙ මූන ඩින්ගිත්තකට පාට වැටිච්චි.....හාමුදෙන හවස් ජාමෙ මට වලව් පැත්තෙ එන්ඩ කිව්ව.....සිකුරුයි ඔය නම් මගුල ගැන කතා කොරගන්ඩ .....මෙච්චරවෙලාම සුද්ද කරාගන උන්න නෙලුම් ඇටෙ අරකගෙ කටට බලෙන් වගේ ඔබාපු මන් නෙලුම් බට්ටෙත් උගෙ අත්ටම පන්ගරාත්තු කරලා අත්දෙකම ගසා ගත්තා.....
තනියෙන්ද අහන්නෙ ...
..උඹලා දැන් පොරොන්දු උනානෙ මූව මට දෙනවා කියලා....?
....ඉති...න්
ඉතින් අහන්නෙ...ඔව්වා තනියෙන් එන ගමන් නෙවෙ ඉබ්බියෙ ...කුඩම්මයි අප්පුච්චයි එන්ඩ ඕන නැද්ද.....
.ආ නැතුව....එන්ඩ ඕනා නේන්නම්....
ඒක තම.....හ්ම්...හ්ම්.....මං එන්නම්කො හවස් වෙලා ඔය දිහාවෙ....
මෙච්චරවෙලාම වකට ගැහිලාඋන්න මං එකපාරම අමුතු ගම්බිර ලීලාවක් ආරූඩ කරගන මයෙ ඇටගනින්ඩ පුලුවන් පපුවත් ඉස්සරහට දාගන අත්දෙකත් පිටුපස්ස බැදන් හේතු ඇතා නැතා ලොකූ හුස්මක් එක්කලම රුස්ස ගහ මුදුන බැලුවා....
දැන් ඉතින් අප්පුවත් පවුල් කාරයෙක් වෙන්ඩ එපැයි...මූව අරන් එන්ඩත් ඕන....ඔක්කොටම කලියෙන් අද හවහට ඇදන් යන්ඩ කෝට් බෑවකුත් ඕන...මූට අරන් යන්ඩ මොනා හරිත් ඕන....මයෙ අප්පුච්වා අරකි අරන් එන්ඩ ගිය දා නම් කෙහෙල් කැනකුත් කද බැන්දා...
මූ සීනි කෙහෙල් කන්ඩ මනාපද??
..සීනි කෙසෙල්....ඒ මොකද අප්පුවො
උඹලට ඒ පැහිච්චකම් වැඩක් නෑ....කියාපල්ලකො...
සීනි කෙසෙල් නම්...කනවා...කනවා...
හුම්....හුම්.....හොදයි...හොදයි....
අප්පු ලමයො...උඹලා එහෙනම් නාගනිල්ලා...මන් මෙහෙම්ම සුදුමහත්තයා එක්ක වලව්වට යනවා...පව් මගෙ දරුවට තෙහෙට්ටුව.....
.......
මන් පස්සට උනා....කොච්ච්ර උනත් මටත් කරුනාවෙන් කතා කොරන හාමුදෙන අරකා සීනි කෙහෙල් කනවයි කියන ගමන් දෝලාව ඩින්ගිත්තක් ඉස්සරහට තල්ලු කරනවත් එක්කම මාත් ආපිට ඒකට විරිත්තලා එහෙම්ම පල්ලන් බැස්සා...
වෙන කොහෙටවත් නෙවෙ...මෙච්චරවෙලාම හාමුදෙන පතවෑවුන ගල් පොත්ත උඩට .....
ගල්පොත්ත උඩට නැග්ග මං සරමත් අබුඩෙත් අරකගෙ ඉහෙ නමාපු රබානත් ඒ උඩ තියලා වතුරෙන් දියබත් වෙලා තිබ්බ අබුඩෙත් ගලවලා දාල අරුන් ගියාද ඉන්නවද...මාව දැක්කද ඔය මොකුත්ම නොහිත අමු හෙලුවෙම්ම වැව් වතුරට පැන්නා....
ජබොස්!!!
.
.
*
*
*
*
ආ බොල අප්පුවො...තෝ ආයමත් ගහක් උඩ නැගන්නේද....වරුවක් යනකන් වැවෙ බැහැල උන්නත් වැඩක් තියෙද කියකො...බැහු....බැහු ඔතනින් පල්ලැහැට.....කිව්වම අහල බැහුකො.....
ඩින්ගිත්තක් හිටුකො....මන් මේ කුරුම්බා වල්ල කපනකන්.....උඹගෙ වැඩේම කෑ ගහන එක.....
ආ බොල මයෙ වැඩෙම කෑ ගහන එක කියන්නෙ තෝ හදන්නෙ හගෙන් වැටිලා හතර හන්දි කඩාගන එක්තැන් වෙන්ඩද....කිව්වම අහල බැහුකො අප්පුවා...තෝ නම් යකෙක්මයි බොල තෝ නම් යකෙක්මයි.....
වෙනදට බත්පත බෙදනකන් මායන් වෙන එකා අද කන්ඩ හොයන්නෙත් නෑ...කිව්වම අහලා බැහු අප්පුවා...මං මේ කිරිසප්පයගෙ ඩින්ගකට ඇහැපියවන්ඩ.....කිව්වම අහල බැහුකො...හිටු හිටු මං තොගෙ මහ එකා කැදවන්ඩ....මේ ඇහුනද....මේන් මූ ගස් බඩගානවා.....
මේකිගෙ කටෙ කරච්චලෙ........මේක නන් උහුලන්ඩම බැරුවා...මේක නම් උහුලන්ඩම බැරුවා...
නාගන කරගන ගෙදර ආවත් හරි මං එන ඒමටම දිව්වෙ කුසිය පිටිපස්සෙ තිවුන කුරුම්බා ගහ ගාවට වෙන්කොට ආයම වංගියක් ඇදන් උන්න සරම ගලෝලා විහික්ක අරපු මන් වලල්ලක් නැතුවම ගස් බඩ ගාන්ඩ ගත්ත....ඒ තරමටම ගස් බඩගාලා...බඩගාලා මට තිබුන පලපුරුද්ද කියන්නෙ වලල්ල නැතුවම මට සුටුස් ගාලා මුදුනට බඩගාන්ඩ පුලුවන් කම් තිවුන....
ඒත් කොහෙ කියල සුටුස් ගාලා බඩගාන්ඩද...කොහෙ කියලා නම් සැනසීමෙන් හොද කුරුම්බයක් හොයන්ඩද....මෙච්චරවෙලාම කුසියෙ ලැගන් උන්න කුඩම්මා කිරිබන්ඩියත් එල්ලාගන මක්ක හරි මගුලකට පිටිපස්සට ඇවිදින් ගස් බඩගාන මාව දැක්කා විතරයි මාව මරාන කන්ඩ හැදුවා...
ඇයි අප්පුවා තෝ මයෙ ලේ වතුර නොකර බැහුකො...අප්පුච්චා ආවොත් තෝ හමගහයි බොල.....ඇත්තමයි මං තොපෙ මහ එකා කැදෝනවා...බැහුකො කිව්වම අහල...තොගෙ ඔය සොකඩෙ කොයි වෙලෙත් වෙන්දේසියෙ.....ඕක වහගන බැහු මට නමනින්දා නොකර.....
කියාපන්....උඹ දන්නෙම ගිනි අවුලන්ඩනෙ....ගම අවුලන්ඥ්ඥන්...රට පටලඥ්ඥන් ...ගිනි ගෙඩි දෙන්ඥ්ණ්...දෙන්ඥන් දෙන්ඥ්ඥන්.....ඔච්චරයි උඹ දන්නෙ...එන්ඩ කියපන් ....ගහ යටින් අහකට යමල්ලකො කට බලියන් ඉන්නෙ....
කුඩම්මටත් පදයක් හදාගනම මං ගහ මුදුනටම බඩගෑවා...ඒ විතරක් නෙවෙ හොද හයිය පොල් අත්තක් බලලා අත්ත උඩට බඩගලා අත්තෙම ඉදගගන අත්ත දෙපැත්තෙන් මයෙ කකුල් දෙක දෙපැත්තට දාගන කුරුම්බැට්ටි වල්ලෙන් හොද නවසියක් කඩාගත්තා දත් ඇන්දම කහ ගැහුනත් කාරි නෑ කියලා හිතාගත්ත මන් නවසි කෑල්ලක් ඉස්සරහා දත් වලින් හපාගන හොද කුරුම්බා වල්ලකට විපරන් කෙරුවා(*නවසි=ළපටි කුරුම්බැට්ටෙ....)
අය හිස් අතින් යන්ඩෑ....වරකා යාන්ගෙම මට් දෙනවා කිව්ව.....
අප්පුවා...අප්පුවා....ආබොල අප්පුවා....හත් දෙයියනෙ....ආ බොල ජවුසමෝ...තෝ දල්ලටම නැගලා නේ....
අප්පුච්චා කුරුම්බයක් ඕනද උඹටත්.....
කුරුම්බා...බැහැපිය....කිව්වම අහල බැහැපිය මයෙ යකා ආවේස නොකර...ආබොල අප්පුවා තෝ රුක් දෙයියද කියාපිය කොච්චරවාත් ගස් ගල් බඩගාන්නෙ....
හරි කෝලිත්තම...රුක් දේවතාවා උනා නම් මං කුරුම්බ ගහකට අරක් ගන්නවද ...උඹට පිස්සු අප්පුච්චො.....මං වරක ගහක ලගිනවනෙ.....
තෝ....තෝ...තෝ...මට තෝ.....මං තෝ දඩු කදෙ ගහනවා.....!!!
ඩග්!!!!
*
*
*
පිල්කඩ උඩ තිවුන කුරම්බා වල්ල දිලිහෙනවා....අප්පුච්ච කුඩම්මා සන්නි දහ අට විතරක් නෙවෙ සලු පාලිය නැටුවත් වල්ලක් බාගන මිසක් බිමට නොබැස්ස මට මහපොලවට පහගහනවත් එක්කම ආකාස තලෙ පුපුරන්ඩ් ඕන් මල් වෙඩි සන්දර්සනයක්ම මයෙ ඉහ උඩ පිපිරුව.....
අනෙ හාන්දුරුවනෙ අප්පුවට අද ගුටි පූජාවයි!!
කිරි අප්පුවට කිරි විහික්කා වෙන ගුටිපූජාවයි!!
ඉලපත අතේ තියාන උන්න අප්පුච්චා මං බිමය බහිනවත් එක්කම මයෙ තට්ටම හරහා දුන්න ඉදල්පත් පාර කාගනම දිව්වත් මක්කද අනේ හාන්දුරුවනෙ ඒකා මට එලෝ එලෝ ගහපි..
අනෙ කුඩම්මෙ.....අයියො...කුඩම්මෙ ගගා නැහිච්ච් මං හන්දා මාව බේරන්ඩ ආව කුඩම්මත් ඉළපත් පාරවල් දෙක තුනක්ම කාපි...
අප්පුවා ඔහෙ හිටපිය....කිව්වම අහලා ඔහෙ හිටු මං තෝ අද හමගහනවා.....ඔහෙ හිටු....
අ....අනෙ...අනෙ.....අනෙ අප්පුච්චො මයෙ පුක් බෑය....කුඩම්මෙ...කුඩ...ම්මෙ.....හ්...කුඩම්මෙ...බේරපියො...අනෙ...හාමු ගැටයො.....මේන් උඹෙ මිනිහව බබානිසා කම්මුතු කරනො....
අනෙ කුඩම්මෙ.....හ්...
ඔහෙ හිටු.....දුවන්ඩ නන් එපා අප්පුවා...තෝ මං අද හමගහනවා...
පුක් බෑය හරහා වදින ඉලපත් පාරට මයෙ පුක් බෑයම දන්ඩ ගන්නවා....තනිකරෝම නයි කොච්චි ඇතිල්ලුවා හා සමානව මයෙ තට්ටන් පලු දැවිල්ල ගන්නකොට මං පුලුවන් තරන් ගේ වටෙ දිව්වා .....මං පස්සෙ අප්පුච්චා දුවනවා...කිරිබන්ඩියා එල්ලාන ඉන්න කුඩම්මා පුලුවන් තරම් අප්පුච්චා නවත්තන්ඩ හදනවා.....බැරිම තැන මං ගිහින් ඒකිගෙ ඇගේ එල්ලුන....
ඔය මදෑ....උඹලා හදන්නෙ මූ මරන්ඩද?
ක්..ක්...කුඩම්මෙ.....කුඩම්මෙ...හ්හ්....කුඩම්මෙ...
තෝ මං හමගහනවා දැනගන්....තෝ මං අඩු කඩලා ගෙයි මුල්ලට විහි කොරනවා දැනගන් ..ගස් ගල් ගානෙ බඩගාන්ඩ ....අඩු කැඩුනම කව්ද පරයො දුක් විදින්නෙ.. ...
ම්හුක්....කුඩම්මෙ...මයෙ පුක්.....බෑය...
හිතෙ තියන තරහටම ඉළපත පොලෙ ගැහුව අප්පුච්චා කුඩම්මා අතෙ උන්න කිරිබන්ඩියත් උදුරාගන වගේ පිල්කඩට යනකොට ඉලපත්පාර්ර්න් බේරෙන්ඩ කුඩම්මා අස්සෙ රින්ගපු මං ඒකි පිටිපස්සෙ ඉදන් කෙදිරි ගාන්ඩ ගත්තා....කොටින්ම අත් දෙකෙම්ම මයෙ තට්ටම අල්ලන් අඩන්ඩ ගත්තා...මං මයෙ දුක කිය කිය උඩ පනින්ඩ ගත්තා....
අනෙ...කුඩම්මෙ....මන් හිරයක් ගන්ඩ ඉන්න එකා...මයෙ පුක් බෑය දනෝ.......
උඹලට කිව්වනෙ.....කීවංගියක් කිව්වද අප්පුවා.....අකීකරු කම් කොර කොර උන්නා මිසක බැස්සද ...කෝ බලන්ඩ...පෙන්නපන් උඹගෙ පුක.....
අත් දෙකෙම්ම තට්ටන් දෙක වහන් කොරාගන අඩ අඩාම දුක කිය කිය උන්න මං තට්ටම් අහක් කරලා කුඩම්මට මයෙ පුක පෙන්නුවා....
.යෝ....දරුවගෙ තට්ටම් රතු වෙලා...පාරක් ගහල නිකන් ඉදින්කො කොල්ලා මරාන කන්ඩ යන්නෙ....
දනවනෙ කුඩම්මෙ....
උඹටත් ගුටි කෑවෙ නැත්තන් නින්ද යන්නෙ නෑ...නාලා ඇවිදින් කන්ඩ එන්නෙ නැතුව ලබ්බට ගියාද ගස් නගින්ඩ...
උඹලා කියන්නෙ හවහට සුදුමහත්තයා ගැටයව හිරේට ගන්ඩ යන්ඩ අහන හිස් අතින් යන්ඩ කියලද ....යෝහ් ..පුරස්න නාහා මයෙ පුකට පවන් ගහපල්ලකො.....
මක්ක...මක්ක කිව්වා...කොහෙ යන්ඩ.....
වලව්වට...වදෙ....වලව්වට...උඹ මේකි දක්කාන එන්ඩ යනකොට කෙහෙකනක් අරන් ගිය එකෙ මන් හිස් අතින් යන්ඩෑ.....!
*
*.
*
මං අඩ අඩෝම කුඩම්මා දිහාට පුක උස්සන් උන්නා...ඒකිලා මයෙ ඇඩිල්ලෙන් බේරුමක් නැතිම තැන මයෙ පුක් බෑයට පවන් ගැහුවා...අවසානෙදි පිල්කඩෙ දිගා කොරවලා තෙල් ගෑවා.....සරමත් ඒකිම අන්දවලා අඩපු ඇසුත් ඒකිගෙම චීත්තපටින් පිහිදලා අවසානෙදි අප්පුච්ච්ට බෙදන්ඩත් කලියෙන්ම මට මයෙ මැටි කොරහට බත්පත බෙදා මයෙ අතටම ගෙනත් දීලා පැදුරු ආනමෙන් ඒකිම පැදුරක් අරගන පිලට එලලා මට ඉදගන්ඩ කිව්වා....
ආ බොල අප්පුවා....කෝ...අප්පුවා...මා පුතා උඹල අප්පුච්චා එක්ක තරහයි.....ඉතින් බොල තෝ වැටිලා අඩු කැඩුනොත් කාටද වේදනාව...තොගෙ වැඩේම ජඩ වැඩ කොරන එක.....
මට තාම ඉකි ගැහෙනවා....ඉලපත් පාරට තාමත් මයෙ පුකෙන් තරු විහික් වෙනවා.....නාවලා කරලා බඩ කට පිරෙන්ඩ කිරිත් බීලා උන්න කිරිබන්ඩියට කලන්තෙ දැම්මා වගෙ නින්ද ගිහින් තියනකොට ආයමත් මයෙ වදෙ උහුලන්ඩ බැරිව පෙට්ටගම අස්සෙ තිවුන මං වගෙ තුන් ගුනයක් විසාල කෝට් බෑවකුත් ලක ලැජැත්ති කොරලා ලී පුටුවෙන් වනාපු අප්පුච්ච කුඩම්මා උන්දැට බෙදා ගෙනත් දුන්න බත්පත අතට ගන්න ගමන් කතාවකට මුල පිරුවා...
නිකන් නෙවෙ...තඩි බෑව දුකටද කොහෙදො ඒකගෙ බත් පතේ තිබුන බොරේට හදාපු කුකුලුමස් වෑන්ජමෙන් මගෙ පතට කුකුලු අන්ඩකුත් දානකොට ඒකිලාගෙ කොටහත් බෙදාගත්ත කුඩම්මත් මයෙ ළඟින් ඈදිගත්තා....
දැන් අප්පුවා මැද...අප්පුච්චයි කුඩම්මයි දෙපැත්තෙ.....
හුම්.....
ඉදල්ලා මේමිරිස් කරලත් කාහල්ලකො....කෝ දැන් ඔය ඉකිය නවත්තපන්කො අප්පුවා.....උඹ දැන් ඉකි ගගහා කොහොමද වලව්වට යන්නෙ...
යහමට කිරියෙන් පදම් උන කහ පාටත් කොලපාටත් අතරමැදි පාටක් ගත්ත දෙල් වෑන්ජමෙ ලුනු ඇබුල නන් පදමට තිවුනා....දෙල් කෑල්ල ඇගිලි තුඩට මිරිකෙන පමාවට පිටියෙන් පිරුන දෙල් කැටෙ පොඩිවෙලා ගියා....
බොරේට හදාපු කුකුලු මස් වෑංජමෙන් ඩින්ගයි කොටාපු මයියොකු මැල්ලුමෙන් ඩින්ගයි බැදපු මිරිස් අරලෙන් ඩින්ගිත්තකුයි පදමට හාමු කොරගත්ත මං බත් කටක් අනාගන්නවා එක්කම මයෙ හිත හදන්ඩ දාහක් ජාති කතා කියාපු කුඩම්මා මයෙ දිහාට බත් ගුලියක් දික් කෙරුවා....
කෝ...ආගාපල්ලා....
අනෙ සන්තෝ....මෙච්චරවෙලාම ඉකි ගගහා උන්න මට ඒකිගෙ බත් ගුලියත් ඇස්වල තිවුන ආදර කරුනාවත් දැකලා ආයම මහ සද්දෙට ඇඩෙන්ඩ ගත්තා....තට්ටම් වේදනාවට වඩා වෙන මක්කදො වේදනාවක් මයෙ හිතට එනවත් එක්කම මං ආයම හූ තියාන ඇඩුවා.....
කු...කු...කුඩ...මේහ්....මං....උඹලට...ආදරෙ.....යි...නේ...!!!
*
*
*
කුඩම්මෙ...මේ සරමට මන් ලස්සනද කියාපන්කො...
ලස්සනයි බන් අප්පුවො...ලස්සනයි...දැන් කී වංගියක් උඹ ඕක මාරු කොරන්ඩ හැදුවද....
හැන්දෑ ජාමෙ හතරෙ කනිසම පහු උනා විතරයි....ගුටියෙම්ම පැදුර උඩම නින්ද ගියපු මට අද පරංගි හටන් නටන්ඩ වෙලා නැති උනා...හිස් කිරිබෝතල් ඉල්ලන් එන්ඩ වෙලා නැති උනා.....මූන කට හෝදන් මගුල් තුලා කතා කොරගන්ඩ ලක ලැහැත්ති උන මං මටත් වඩා දහ ගුනයක් විසාල කෝට් බෑවත් ඇදගන දහ වන්ගියකට වඩා මයෙ හැඩ බල බල එහා මෙහා යන කුඩම්මගෙන් ආයම සරමෙ වරුනෙ ගැන අහන්ඩ යනකොට ඒකිලා මයෙ වදෙන් බේරුමක් නැතුව ඩින්ගිත්තක් සැර උනා....
වලව්වට් එන්ඩයි කියලා පයින්ඩ එවාපු හන්දම කුඩම්මත් අප්පුච්චත් වලව්වෙ උත්තමයන්ට යටහත් පහත්ව ඒ අන ඉස්මුදුනින්ම පිලි අරගන එවුනුත් වලව්වය යන්ඩ ලක ලැහැත්ති වෙද්දි ඉදිගොව්වො කැවා හා සමාන ඉහක් තිබ්බ කිරිබන්ඩියා හුලන් විස්කොත්තක් එක්ක ඔට්ටු වෙවී උන්නා....
උඹටත් මොට්ටුවක් තියන්ඩද අප්පුවො.....
කෝ වරෙන් ලගට.....
හුම්...හුම්....මහ විසාලෙට නොතියා පොඩියට තියාපන්....
කිරි බන්ඩියගෙ පියරු මලත් තිත් කුප්පියත් අතෙ තියාන උන්න කුඩම්මා කෝට් බැවෙ ඇද කුද බල බල වටේ කැරකි කැරකි මයෙ දිහා බලන මයෙ ගාවට ඇවිදින් මුලු මුනමට පියරු තලියකුත් ඉලුව මදිවට නලල මැදටම අරකට තියන්නා වගෙ මොට්ටුවකුත් තියලා මයෙ කොන්ඩෙත් පැත්තට පීරුවා විතරයි මං ඒකිලාටත් විරිත්තන් එහෙම්ම එලියට දුවල කිරිබන්ඩියා වඩාන උන්න අප්පුච්ච්ට කෑ ගැහුවා....
අප්පුච්චා....මේන් බලාපන්....මං හැඩද අප්පුච්චො.....???
නැතුවා.....ඇඩින්බෙරො ආදිපාද වගේ....
ඇත්තට...??උඹලා ඒකා දැකලා තියනවයි අප්පුච්චො....ඌත් මං වගෙ අබුඩෙ ඇදන් දඩාවතෙ යනවද...??ඈ අප්පුච්චො....අප්පුච්චා....ඇඩින්බෙරො ටත් වරකා ගහක් තියේද....
අප්පුවා.....එක එක පුරස්න නාහා මේ කිරිබන්ඩියා ගන්....මන් ඔය කුරුම්බා වල්ල ගන්නම්....
අප්පුච්ච මට ඇඩින්බෙරො ආදිපාද කිව්වා....ඒත් ඔය කියන ආදිපාදයා මොකාවගේද කියන්න නිනව් නැති මං ඒකට මට වඩා වරකා තියේද හිත හිත කම්පා වෙන්ඩ ගන්නවත් එක්කම වඩාන උන්න කිරිබන්ඩියා මට පන්ගරාත්තු ක්කොරන්ඩ හැදුව විතරයි මන් ඒකව එපා කියලා බරට බරෙ තිවුන කුරුම්බා වල්ල එක්ක ඔට්ටු උනා...
මේකව අරගන ඕක දී මෙහාට.....තොට පුලුවන ඕක ගන්ඩ.....
උඹත් කුඩම්මා බලන්ඩ ගිය වෙලෙ මොකෑ කෙහෙකන මට දුන්නැයි ආය අප්පුච්චා .....මයෙ දෙනව බලන්ඩ යනකොට තෑගි බෝග කරගහන්නෙ මන්........
ආල බැන්ද මාගෙ රම්‍ය වන්.....
ආ....ආ...
ආලබැන්ද මාගෙ රම්‍ය වන්....
මේ සුනිමල
මයෙ දික්තල.....ආල බැන්ද මාගෙ රම්‍ය වන්...

BYE!