Cherreads

Chapter 109 - 109

සුදුම සුදු පාට කොඩි වැල් උඩු හලගට එහා මෙහා යනකොට අම්මගෙ පෙට්ටිය ගාව ඉදගත්ත පාර මං තවමත් උන්නෙ අම්මා ගාව ..මුලින් බිම ඉදන් උන්න මං අවසානෙදි පෙට්ටිය ගාව පුටුවක් ගෙනත් ඉදගත්තා ....මදුරු විමානෙ කන් ගාවින් යන යන වාරයක් ගානෙ වෙනද නම් මං මට රිදුනත් කමක් නෑ කියලා මං ගැහැව්වා උනත් අද ඔහේ උන්නා....රෑ එලිවෙන කම්ම මං ඔහේ උන්නා..මාව මදුරුවො වහ ගත්තා උනත් මම නෙවෙ මොකුත් කෙරුවෙ මගෙ ඇස් දෙක තිබුනෙම අම්මා ගාව....

කොච්චර මොනවා කිව්වා උනත්....අම්මගෙ හදවතට පවා පනුවො ගහලා කිව්වම....අවංකවම ...අවංකවම ඒක මගෙ පපුවට වැදුනා.....එළිපිට කොච්චර යකා වගේ උන්නත්...හිත ඇතුලෙන් මම ඇඩුවා...අනිත් උන් ගැන කෙසේ වෙතත් මට අම්මා ගැන අවංකවම දුක හිතුනා...

මිනිස්සු එනවා යනවා ...එනව් යනවා....නිදි මරලා...දුක් විදලා...අවසානෙදි හෙම්බත් වෙලා උන්න මට හෙන ගැහුවත් දැනෙන් නැති තරමට මම පදම් වෙලා උන්නා....අවංකවම පදම් වෙලා උන්නා නෙවෙ මම දැනටමත් මැරිලා උන්නා...

නිතේස් අයියෙ ... ...

ම්ම්....

අනෙ පුතේ....උඹ තාම ඔතනනෙ ඒයි ....දැන් එලිය වැටෙන්නෙත් ලගයිනෙ ඒයි ....නෙස්කෙෆෙ එකක් වත් ගෙනත් දෙන්නද ....මේ දෝනියත් තාම මෙතන....ඈ නිතේස් අයියේ...

මට මොකුත් එපා ඩියොන්...මට බඩ ගිනි නෑ.....ඔය තියන දෙයක් කර ගන්න අප්පච්චිට උදව්වක් දීපන් ....

මම හිතන්නෙ එලියෙන් එලි වෙන්න කිට්‍යු වෙනකම්ම ඩියෝනයා සිය පාරකට වඩා මට මොනාවා හරි ගෙනත් දෙන්නද ඇහුවා.....ඒත් මම නෙවෙ බිව්වෙ...මට බඩගින්නක් දැනුන් නෑ...උද්දච්ච අනීතා අවසානෙදි මට මැරිලා වත් සැනසීමක් ඉතිරි කරලා ගිහින් නෑ.....

මන් බලාගන අප්පච්චි කෝපි හදන කෝපි අදින ගෑනුන්ට තවත් බඩු මොනවදෝ ගෙනත් දෙනවා ...

අවජාතක අවජාතක කියලා වලව්වෙම්ම හංවඩු ගහපු අන්තීම මොහොතේ සුජාත ලේබල් එක ඇලවුනු " මොල්ලිගොඩ පැටව්" කවදාවත් ඇහැට දැක්කට අතින් වත් අල්ලපු නැති "අප්පච්චිගෙ" සීතල වෙලා ගියපු අතකින් අල්ලනවා මං දැක්කා....කවදාවත් අප්පච්චි කියන නම කියන්න පින නොතිබුන උන් අද මලමිනියට අප්පච්චිගෙ මිනිය කියලා කට ඇරලම කිව්වා...

අවංකවම ...උන්ට සුජාත නම පට බැදෙන්න සීයා තාත්තා මැරෙන්නම ඕනා උනා.....අප්පච්චි කියලා කියන්න....උන්ගෙ අයිතිය ගැන කතා කරන්න සීයා තාත්තා මැරෙන්නම ඕනා උනා.....

මං බලාගන...සමහරක් මොල්ලිගොඩ පැටව්න්ගෙ මූනවල් වල හිනාවක් තිබුනා....වෙන මොකටවත් නෙවෙ උන්ට අප්පච්චි කෙනෙක් ලැබිලා....වෙන මොකටවත් නෙවෙ උන්ගෙ උප්පැන්නෙ හිස් කොටස....පියාගෙ නම ලියන තීරුව අවසානෙදි මොල්ලිගොඩ කියන නම එක්ක උන්ගෙ නමේ පිටිපස්සට මොල්ලිගොඩ කියන කෑල්ල එකතුවෙලා.....

උන්ට අප්පච්චි කියන්න උඹලගෙ ඓඉයා තාත්තා මැරෙන්නම ඕනා උනා නේ බන්....

මම හිතින් හිතපු දේම ශෙනෝන් අදත් අකුරක් වත් වෙනස් නොකර කියන ගමන් මගෙ උරහිස තද කෙරුවා වගේම මම මිනිය දිහා බල බල දුවන ළමයි දිහා බලන් උන්නා...

දෙයක් නැතිවෙන්න ඕනෙද දෙයක් හම්බෙන්න .....

තත්පර ගානකට අම්මගෙ මල කද උඩ දුවපු මගෙ ඇස් දෙක මොල්ලිගොඩ පැටව් උදුර ගත්තට පස්සෙ මම ආයම අම්මා දිහා බැලුවා ....විදපු ෆෝමලීන් වලටමද කොහෙද සුදු මූන කලුවෙලා ගිහින් තිබුනා....කියන්න නොතේරුනත්....මලකදේ මූන දැක්කම ඒ මුන දුකෙන් ඉන්නවා වගේ මට දැනුනා...

ලයිට් එලියට වහන පූච්චෝ එල්ලලා තිබුන කොහොඹ අත්තෙ කොල උඩ සක්මන් කරනකොට එකෙක් දෙන්නෙක් අම්මගෙ ඇග උඩ වැටෙනකොට මම ඉක්මනට ඒ පූච්චන්ව අහක් කෙරුවා .....

පරිස්සම් කරන්න දෙයක් තව ඉතිරි නැතත්...ඉතිරි කරල යන්න තරම් මතක නැත්ත ඉතිරි මතක පවා සුන්දර නැතත්...මීට වඩ මට සටන් කරන්න හයියක් නැති උනා.....මම අවසානෙදි සටනෙන් දින්නා....ඒත්....ඇත්තටම බැලුවොත් දිනපු මන් ගාව මොන මගුලක් වත් නැති උනා...එක පැත්තකින් අම්මා නැති උනා....අනිත් පැත්තෙන් මගෙ විතේන් නැති උනා...එහෙම බලපුවාම...මම දිනලද ...පැරදිලාද කියන්න මටම හිතා ගන්න බැරි උනා.....

මම අම්මගෙ මූනට එබිලා බලලා ගල් උන මූන මගෙ පිට අල්ලෙන් හිමීට අත ගෑවා....

නිතේශයා...දැන් මදැයි උඹ රෑ එලිවෙනකම්ම මෙතන උන්නා....හොද එකානෙ.....වරෙන් ඇදුමක් මාරු කර්ස් ගන්න...තව ටිකෙන් අත්තම්මගෙ මිනිය ගෙනාවම හාමුදුරුවො වඩිනවා.....කෝ වරෙන් වරෙන් හොද එකානෙ.....

මම උන්නෙ අම්මා දිහා බලාගනම වෙනකොට උන් මාව පිස්සෙක් වෙයි කියලද කොහෙද අම්මා ගාවින් අරන් යන්න හැදුවා .....ඇත්තටම තව පැය ගානයි....අත්තම්මව ගෙනවට පස්සෙ මෙ හැම දේම අදින් ඉවරයි .....

මම මගෙ අත් දෙක දිහා බැලුවා...කර ගැට පෝලිමයි .....

මං මේ අත් දෙකෙන්මයි බන් වල කැපුවෙ ...ඒකත්.....පන පිටින් ඉන්නකොට ...

මම මගෙ අත් දෙක දිහා බලන් ඉදලා අවසානෙදි ශෙනෝන් දිහා බැලුවා....ඇස් වලට පිරුන කදුලු කැට වෙලා හෝ ගාලා පහලට වැටෙනකොට මම ජීවිතේ අන්තීම අඩියෙ උන්නා වහෙ දැනුනා...උන්ට මට අඩන්න එපා කියල කියන්නවත්...මගෙ හිත සනසවන්න කියන්න වචනයක් වත් හොයන්න බැරිව ගිහින් හින්දදෝ උන් දෙන්නම මා දිහා බලන් උන්නා....

ඩියෝන්....

නිතේස් අයියෙ ...

ඵෝන් එකෙ බැට්‍රි තියනවද ...

ඔ..ඔව්....ඒයි...සල්ලිත් තියනවා.....ඇයි ඒයි...කාට හරි කෝල් එකක් ගන්න ඕනෙද ....

නෑ....

එහෙනම්.....ඇයි පුතේ...

පුලුවන් නම්....මගෙ ඵොටෝ එකක් ගන්නවද .....අ..ම්..මා එක්ක....

මගෙ කට හඩ බිදුනා....හරියටම සිනිදුම සිනිදු වීදුරුවක් කුඩුවෙලා යනවා වගේ...අම්මා එක්ක ඵොටෝ එකක් ගන්නවද අහනකොට මං බලාගන ඩියෝනයා ශෙනෝන් දිහා බැලුවා...

හා...ගන්නම්...නිතේස්...

ම්ම්ම්න්.....

මම ගිහින් මිනි පහනට ඉස්සරහින්....අම්මගෙ පෙට්ටියට පිටිපස්සෙන් හිටගත්තා ...ඵොටෝ එකක් කියන්නෙ මතයක් වෙනකොට ඵොටෝ එකක් ගන්නකොට අඩන ම්නිස්සු පවා හිනා වෙනවා.....මොකද මතක අස්සෙත් අඩන්න බැරි හින්දා ...ඒත්..මට හිනා වෙන්න බැරි උනා .මගෙ ඇස් මලානික වෙලා....හිනාව සම්පූරනම මැරිලා ගිහින් තිබුන.....

ෆ්ලෑශර් එක වැදුනා....ඵොටෝ එකත් වැදුනා....මං ආය ඒ ඵොටෝ එකේ ගුනදොස් වත් බැලුවෙ නෑඋන් දෙන්නවත් දාලා එන්න ආවා....

අනේ දෝනියො....අර මාමියා එක්ක යන්න පුතේ....ඒ දරුවගෙ හිත රිදිලා ඉන්නෙ හරියට ...

සුදු මහත්තයා ...

අප්පච්චි ....

මං උන්නෙ කෝප්ප කොල ගහ යට ඉදගන බ්‍රශ් එක හපාගන..මටත් නොදැනිම දත් බෙහෙත් කෙල ගිලිලා තිබුනා....කල්පනාව කොහෙ යනවද කියලා මටවත් හිතා ගන්න බැරි වෙනකොට මං ඔහේ බලන් උන්නා,වගේම අප්පච්චිගෙ කට හඩ එක්ක මම ආයම පියවි ලෝකෙට එනකොට මං අප්පච්චි දිහා හැරිලා බැලුවා ....දවස් ගානක් නින්දක් නැති මූන වැහැරිලා ගිහින් තිබුනා.....අප්පච්චි වයසට වඩා වයස පාටට පෙනුනා...

හරියටම මම වගේම....

හාමුදුරුවො වැඩියා ..

අත්තම්මව ගෙනාවද....

ම්න්.....

මිනිස්සු නෑ කම් කියන්නෙ හුස්ම වැටෙනකන් විතරයි ....ගැහෙන පපුව නැවතුන දාට අම්මා...අක්කා...තාත්තා ....අයියා...කිය කිය කතා කරපු හැමෝටම හුස්ම ගිහින් පැයක් යන්න කලින් " මිනිය" කියන නම ඉබේටම වැටෙනවා ....

ඒත්...මටත් නොදැනි මගෙ කටින් මිනිය වෙනුවට අත්තම්මා කියලා කියවෙනකොට මම අත්තම්මා හපලා හිල් කරපුදත් පාර දිහා බැලුවා.....

උන් මැරෙනකොටත් අපිට සාප කෙරුවා ....

සුදු පිරුවට දාපු පුටු උඩ උන්න හාමදුරුවරු දේශනා කරනවා ....වෙනදා මැස්සෙක් වහන් නැති වලව් වත්ත පුරාවටම සෙනග පිරිලා ...මල බත ඉව්වෙත් සීයා තාත්තා අතින් අනාත උන...ස්ව කැමැත්තෙන් නිදා ගත්තු ගෑනු වෙනකොට උන්ට අපිට වඩා කැක්කුමක් සීයා තාත්තගෙ සල්ලි කුට්ටි හින්දා ඇවිත් තිබුනා .....

අප්පච්චිගෙ මගෙ ඇගිලි වතුරෙන් හේදිලා යනකොට වැන්දඹු උන මම වගේම අප්පච්චි බාජනේට වැටෙන වතුරට කදුලු හැලුවා ...හිතලා නෙවෙ උනත්....අවසානම පාරට අපෙ ඇස්වලින් කදුලු වැටුනා මොකද අපි ආදරේ දුන්නට අපිට ආපිට පෙරලා ආදරයක් හම්බ උන් නැති හන්දා.....

නිතේශයා.....

මට අම්මට කරගහන්න දීපන්....

මං නාද්‍යගෙ මූන දිහා බලලා අවසානම පාරට ඒකිට ඔලුව නවලා අම්මගෙ පෙට්ටිය ගාවට යනකොට ශෙනෝන් මාව නැවැත්තුවා ..

ගෑනිත් මැරිලා....අම්මත් මැරිලා ...

වෙච්ච දේවල් දන්නෙ වලව්වෙ උන් විතරක් වෙනකොට පිට මිනිස්සු බලන් උන්නා මම ගෑනිට කර ගහයිද...අම්මට කර ගහයිද කියලා .....

මම ගෑනි දිහා බැලුවා...

අම්මා දිහා බැලුවා...

මම නාද්‍යට කිසිම තැනක ණය නෑ.....පොවපු කිරිවලට රෙදි කච්චි හතක් ඔලුවට තියන්න බැරි උනාට....මම ඒ පොවපු කිරිවලට නයයි...

මගෙ හිත බරයි ශෙනෝන්...මට මේ හැම දේම ඉවර කරලා....වැටෙන්ඩ ගහලා බුදියන්න ඕනා....ආය ඇහැරෙන්නෙ නැති වෙන්න...මොකද....මට තව දරා ගන්න තරම් මානසීකත්වයක් නෑ.....ඒකයි....

මම මිමිනුවා.....

උදේ පායපු ඉර මුදුන් වෙලා නැතු උනත් සෙංකඩගල අහස කලු කරලා තිබුනා.....වෙන මලගෙවල් වල වගේ...පෙට්ටිය වහන්න යනකොට පෙට්ටියෙ එල්ලෙන්න කවුරුත් උන්නෙ නෑ....අනේ අපිව දාලා යන්න එපා කියන්න කවුරුත් උන්නෙ නෑ....

අප්පච්චි අම්මා දිහා අත් දෙක බැදගන බලාගන උන්නා....අත්තම්මා ...අම්මා.....සීයා තාත්තා නාද්‍යා ...මේ හැමෝගෙම ඇස් තදිම්ම වැහිලා ගිහින් තියනකොට ඒ මූනවල් වල මරන වේදනාව තවම තිබුනා ...

අවසානම පාරට මොල්ලිගොඩ පවුල බලන්න ආව මිනිස්සුන්ට බලන්න දීලා පෙට්ටි හතර වැහිලා යනකොට අඩි දහයක පහලවක දුර තියන කැරකොපුවට ගෙනියන්න මම අම්මගෙ මලකදට කර ගහනකොට ...මට මස් ඉඹුල මහත්තයව මතක් උනා....

පිච්චි මැරුනම උඹටත් දුක හිතුනද අහන්න හිතුනා....

අනීතා පිච්චි කියන්නෙ අහසට පොලව උනත්.....පිච්චිත් අම්මෙක් අනීතත් අම්මෙක් වෙනකොට ගුනාදරීට පපුවට දැනුන දුක මට දැනෙන්න ගත්තා .....

මොන දේ කෙරුවත්....මට අම්මට වෛර බදින්න හිතන්න බැරි උනා.....

ගුනාදරී එලියට එනකොට පිච්චි තියපු කෑ ගැහිල්ලම....අනීතත් මාව එලියට දානකොට කෑගහන්න ඇති හිතුනා....

මගෙ වම් උරහිසට අම්මගෙ බර දැනෙනකොට හට් එක පන්නවා එක්කම පෙට්ටිය බර උනා තවත්.....උරහිසට දැනුන බරත් එක්ක අම්මා මාව වඩාගන තියනවා මිසක් මම කවදාවත් අම්මව වඩාගන තිබුන් නෑනෙද මතක් වෙනකොට මම මගෙ කට තද කරගත්තා ....වෙනදට යන එන පාරෙ තනි රකින්න කවුරුත් නොවුන්නට....අද අම්ම පස්සෙන් හුගක් ආවා...

අඩුකුලේ අඩු කුලේ කියලා අහක දාපු උන් ම අද පෙට්ටියට කරගහනකොට ඒ හැමෝම තනියම ගිය ඇවිදපු පාරෙ එයාල වෙනුවෙන් හුගක් අය අද පස්සෙන් එන ගමන් උන්නා...

පාවඩ නැති උනත්...අඩන්න කවුරුත් නැති උනත්....මිනිස්සුන්ගෙ මූනවල් වල දුක කියන දේ නාමයක් නැති උනත්.... මගෙ හිත විතරක් වේදනාවෙන් පිරිලා තිබ්බා..

වෙන මොකටවත් නෙවෙ කොච්චර මොනවා කෙරුවත්...ඒ ඉන්නෙ අම්මනෙ හිතුනා...

මගෙ අතින්ම කපපු මිනිවලට පටි දිගෙ හිමින් හිමින් මිනි පෙට්ටිය බහින හැටි මම ඔහේ බලන් උන්නා...කෑ ගහාල අඩන්නවත් කවුරුත් නැති මල ගෙදර උන්නෙම හිස් මිනිස්සු වෙනකොට මම පලවෙනි පස් මිට අම්මා වෙනුවෙන් අතෑරපු මම කැරකොප්පුවෙන් එන්න හැරුනා.....

නිතේශයා ...

නිතේස් අයියෙ.....

.සෙරෙප්පු නැති කකුල් වලය ගල් කෑලි ඇනෙන කොට මම ඔහේ ගේට්‍ටුවත් පහු කරලා එන්න ආවා වගේම අරුන් දෙන්නා මගෙ පස්සෙන් පැන්නුවා....

නිතේශයා කොහෙ මේ යන්නෙ

වැව රවුමට ...

මෙහෙම...පයින් ..කකුලට සෙරෙප්පු දෙකක් වත් නැතුව .....ඊටත් මේ මලගෙවල් අස්සෙ.....

මට යන්න ඕනා ...

ශෙනොන්‍ මාව නවත්තන්න එකින් එක කතා කියවනකොට මට යන්න ඕන කියලා විතරක් කියපු මම ආපහු ඉස්සරහට ආවා...

මගෙ පපුවම හිස් වෙලා ගිහින් තිබුනා.....කකුලට ඇනෙන බොරලු කැට හින්දා වත් මට වේදනාවක් දැනුන් නැති වෙනකොට මම ඔහේ එන්න ආවා...

කාපට් පාරෙ රස්නෙ පවා කකුල් වලට දැනෙන කොට වලව්වෙ ඉදලා කිලෝමීටර් දුරරින් තිබුන වැව රවුමට මම ඔහේ එන්න ආවා වගේම අවසානෙදි එයා මම ඉදගත්තු එයා නැතුව පාලුවට ගියපු සිමෙන්ති බන්කුව උඩ ඉදගත්තා .... අද එයා නැතුව මට එහා පැත්තෙ හිඩස හිස් වෙලා....

මගෙ මැනිකෙ.....උඹට රිදවපු ඔක්කොම යන්න ගියා උඹ ඉන්නෙ කොහෙද මගෙ විතේන් ....මාව පිස්සෙ වෙන්න කලින් ඉන්න තැනකින් ආයම වරෙන් විතේන් ...

බෝගම්බරේ ලාවට පේන දිය රැලි දිහා බලාගන මම එයාට මිමිනුවා ...මටඑයාව ඔයා ගන්න වෙනවා. එයාගෙ සුවදක් වත් ඉතිරි නොකර හැම දේම යන්න ගිහිල්ලා.....එයාලා හැම දේම අරන් ගිහිල්ලා....

දෝනියෝ..අනෙ පුතෙ දගලන්නෙ නැතිව ඉන්නකො.....අනේ සෙනෝන් මේ ලමයගෙ ඉස්කෝතු එක කෝ... යෝ.....හ්හ්...දෝනියෝ...අනේ නිතේස් අයියෙ.....අපේ කෙල්ලට ඔය ජනේලෙන් එලිය බලන්න පොඩ්ඩක් අල්ලගන්න ඒයි...

මම උන්නෙ ශීට් එකට ඔලුව ගහගන....අම්මා නැති වෙලා හරියටම මාසයක්.....නාද්‍යා මැරුන ලිද සම්පූරනම වහලා දාලා...මුලු වලව් වත්තම සුද්ද කරලා දලදාවට පූජා කරලා..අම්මලාගෙ මාසෙ දානෙත් දීපු මම වගේම අප්පච්චි අවසානෙදි මේ හැම දේම දාලා යන්න තීරනෙ කෙරුවා ...

දැන් අප්පච්චිට මට කියලා පවුලක් තිබුන් නෑ...ඉස්සර වගේ මගෙ ඵෝන් එකට පැයෙන් පැය වලව්වෙන් කෝල් ආවෙ නෑ..අම්මගෙ නම්බරෙන් මට ආයම කෝල් ආවෙ නෑ...ඒ හැම දේම නැත්තටම නැතිවෙනකොට මටයි කියලා ඉතුරු මගෙ අනිත් පවුල ගඩාපියලා එක්ක අපි තිබ්බ හැම දේම දාලා යන්න ලෑස්ති උනා.....

මං දන්නවා...මට එහෙ ගියාමත් සැනසීමක් නෑ.....

මං කොහෙන් කියලා එයාව හොයන්නද දෙයියනේ....

එයා පෝර්ට් එකෙන් බැහැපු තැන ඉදන් අපි හතර පස් දෙනා ජීවිත ගැට ගහගන්න නහින්න වෙනවා කියන එක...ඉන්න තැනක් හොයා ගන්න ඕනා කියන එක....රස්සාවක් හොයා ගන්න ඕනා කියන එක....එයාව හොයා ගන්න ඕනා කියන එක ඔලුවට වද දෙනකොට මම මම ශීට් එකට ඔලුව ගහන් කල්පනා කෙරුවා ....

මොකද ගිය ගමන් මට රස්සා දෙන්න මම ගුජුම්පියෝ නෙවෙනෙ..ඔන්න ගුජුම් පියෝ උනා නම්...මම එනකොට කට්‍ටිය ඔලුව නවාගන මම එන පාරෙ මට ඉඩ දෙන්න ගියා.....ඒත් මම එහෙම එකෙක් නෙවේනෙ...මං සාමාන්‍ය එකෙක්.....ඉතින්...මට මුල ඉදන් පටන් ගන්න වෙනවා....

මගෙ ඔලුවෙ ප්‍රශ්න දාහක් විතර තියනකොට ෆල්‍යිට් එකට නැගපු වෙලේ ඉදලා පලිගුවා එහාට දැගලුවා මෙහාට දැගලුවා....ඒකිගෙ මස් කට්ට කටින් හපාගන මං දිහා බලනවා...ආය ඒකිගෙ අම්මා දිහා බලනවා...ජනෙලෙ ගාවට ඇවිත් නහය තියලා මා දිහා බලනවා.....මේකිව පහලට දාන්න කියලා කිව්වත් ඩියෝනයා නෙවෙ කැමති උනේ.....ඌ කිව්වෙම පලිගුවට මොකක් හරි වෙයි මයි කියලා ....අවංකවම නොකියා උන්නට පලිගුවව පහලට දාන්න මාත් අදි මදි කෙරුවා ...කව්ද දන්නෙ බලු කූඩු තව ඇතුලෙ තිබුනත් පීඩනේ එක්ක...නුපුරුදු කම එක්ක මොනවා වෙයිද කියලා ...බහිනකොට මැරිලා උන්නොත් අපිට මැරෙන්න තමයි වෙන්නෙ.....

ඩියෝනයා බලු කුකු විස්කෝතු හොයනකොට මම මගෙ ගාවට ආව පලිගුවගෙ අත් දෙක යටින් අත දාලා ඒකිව උස්සලා ජනේලෙට හේත්තු කෙරුවා .....

ඒකිට ඕනෙ කොච්චරවත් බලන්ඩ.....සුදුම සුදු වලාකුලු ඇරුනම බලන්න මෙලෝ.මගුලක් නැති උනත් ඒකි කෙරුවෙ පහු වෙන වලාකුලු වලට කට අරින්න.....බුරන වාරයක් ගානෙම ඒකිගෙ කට තද කරපු මම අවසානෙදි ඔලුවට ටොක්කක් ඇන්නම මේකි තරහා වෙලා බිම ගුලි වෙනකොට අරූ දීපු බිස්කට් එකත් හොම්බෙන් තල්ලු කෙරුවා .....

අනෙ අම්මො දෝනියෝ මොකද ලමයො මේ මුරන්ඩු කම....අර අතන මල්ලි බබෙක් ඉන්නවා සෝක් එකට....කෝ හොද පුතානෙ කාලා දොයොයන්න පුතේ....අම්මියත් දොයියනවනෙ....

අරූ හෙමින් හෙමින් කුටු කුටු ගගා මා එක්ක තරහා වෙලා වකුටු උන පලිගුවග් කටට බිස්කට් එක එබුවම මං බලාගන දොන්තයා ඒක සද්දෙ නෑහෙන්න කාලා එහෙම්ම බිම වකුටු උනා....

ඩියෝන් බබා ආ මේ පොඩි එක ගන්න...

ම්හුක්....ම්ම්....හුක්.....සෙනෝන්...

ඇයි ඉතින්....

ම්ම්ම්ම්හුක්.....

පැය ගානක්.....පැය ගානක්....යනකන් අහසෙ පාවුන අපි අවසානෙදි මහපොලවට පය ගැහුවා...කට කපලා නිදා ගත්තු ඩියෝනයා බැස්සට පස්සෙ කෙදිරි ගෑවා....

වෙන රටක ඉදලා එනකොට සමහර මිනිස්සුන්ව පිලිගන්න එක එකා ඇවිත් උන්නට....අපිව බලන්න කියලා කවුරුත් උන්නෙ නෑ...එයා ඉන්නෙ කොහෙද කියලා දන්නෙත් නෑ....අපි ආවා කියලා එයා දන්නෙත් ඈ...අඩුම ගානෙ මම ජීවත් වෙනවා කියලා වත් එයා දන්නෙ නෑ.....

මම මගෙ බෑග් එක අරගන අප්පච්චි දිහා බැලුවා .. හෙට ඉදන් ආයමත් ජීවත් වෙන්න ..වැටෙන හුස්ම රැකගන්න නන්නාදුනන රටක නහින්න වෙනවා කියන එක මගෙ පපුවට දැනෙනකොට මට ඉබේම හුස්මක් පිට උනා....

සමහර මිනිස්සු පොලවට පස් වෙන්නෙ සැප කියන එකේ තේරුම වත් නොදැන වෙනකොට මාත්.....ඒ "සමහරෙක්ගෙ" ගොඩට අයිති උනා. ...මොකද..මගෙ ජීවිතෙත් බාගෙට බාගයක් මට විදින්න උනේ දුක විතරක් වෙනකොට මට සැප කියන වචනෙ තේරුම මැරෙන මොහොතෙ වත් මේකයි සැප කියන්නෙ කියලා විදින්න වෙයිද කියන්න මම දන්නෙ නෑ...

අප්පච්චි .....ගෙදරට හුගක් දුරද ....

මම ඵෝන් එක එක්ක ඔට්‍ටු වෙන අප්පච්චි දිහා බැලුවා....

යාලුවෙක්හෙ පිහිටෙන් වැටිලා ඉන්න ගෙයක් හොයාගත්තට හෙට ඉදන් රස්සාවක් හොය හොය පාරවල් ගානෙ යන්න වෙනවා...මොකද මං කියලා අහසින් පාත් වෙච්ච දෙවියෙක් නෙවෙනෙ...මට ආව ගමන් මිනිස්සු රස්සා දෙන්න...ආව ගමන් සැලොන් එකක් දාගන්න...මම වයිමා නෙවෙනේ...අපි හැමෝටමා ආයමත් බින්දුවෙ ඉදලා පටන් ගන්න වෙනවා... 

අපි බලන් උන්නා...අප්පච්චිගෙ යාලුවා එනකන්....අපි වෙනුවෙන් ..මං වෙනුවෙන් බලන් ඉන්න එයා නැති උනත් අවසානෙදි අප්පච්චි ගෙ යාලුවා එනකන් අපි බලන් උන්නා.....

දහම් .....ඕන උදව්වක් තිබුනොත් කියපන්...මෙන්න සිම් කාර්ඩ්.....මෙන්න පාස් වර්ඩ්.....දවල්ට කෑම එකක් මං ගෑනි අතේ එවන්නම්....මං දැන් වැඩට යන්න ඕනා...

අවසානෙදි අප්පච්චි ගෙ යාලුවා ආවා....යාකුවා කිව්වට සාමාන්‍ය රස්සාවක් කරන එදා වේල හොයාගන ජීවත් වෙන හරි සරල මිනිහෙක්.....නැතුව කම්පැනියක සී ඊඕ කෙනෙක් වත්.....ඩිරෙක්ටරයෙක් වත් මොකෙක් වත් නෙවෙ...අපිව පිලිගන්න මිනිහගෙ අතේ මල් පොකුරු තිබුන් නෑ....ඒ වෙනුවට මිනිහා ගාව තිබුනෙ හිනාවක් විතරයි .....ආවෙ වැඩ කර කර ඉන්න ගමන් කියන්න මිනිහ ඇදන් උන්න ඕරෝල් කිට් එක සාක්කි දෙනකොට ඒ මනුස්සයගෙ පිහිටෙන් අපි වෙනුවෙන් වෙන් වෙච්ච ගෙදරට ආවා.....දවල්ට කෑම එයාගෙ නෝනා අතේ එවන්නම්.කියපු මනුස්සයා සාක්කුවෙ තිබිලා සිම් කාර්ඩ් වගයක් දීලා අනිත් හුස්මට වැඩට දිව්වා .....

රට ජීවිතේ ලේසි නෑ.....

පය ගහපු පලවෙනි පැය ඇතුලෙ මම හිතුවා...

පලිගුවා බයෙන් බයෙන් ගෙයි පුරා ඇවිද්දා .....නොපුරුදු තැනක්....නොපුරුදු මිනිස්සු පැය ගානක් ෆල්‍යිට් එකේ ඉදපු පලිගුවව සම්පූරනම කරකවල අතෑරියා වගේ වෙනකොට ඒකි වලිගෙ කකුල් අස්සෙ ගහගන ඉව කර කර එහා මෙහා යනකොට බල්ලෙක් බුරන සද්දයක් ඇහිලා දූවල ඇවිත් ඉදන් උන්න මගෙ කකුල් අස්සෙ මූන ගහන් වකුටු උනා...

ඇයි.....පලිගුවෝ....ඇයි මේ....දෝනියො .....උඹ බය උනාද.....ම්ම්ම්ම්ම්ම්ම්....උඹ විතරක් නෙවෙ පලිගුවා මාත් බයයි....

මම මගෙ ළඟ උන්න පලිගුවගෙ ඔලුව අත ගාන ගමං ඉදන් උන්න සෝෆාවෙ උඩ බෙලි අතට දිගා උනා.....

නිතේස් අයියේ...ඔයාගෙ බෑග් එකත් කාමරේට දාන්නද පුතේ .....

ම්ම්ම්ම්.....

අප්පච්චියෝ....මේ නූඩ්ල්ස් තියනවා...හදන්නද....අර මාමගෙ නැන්දා කීයට කන්න දෙයිද දන්නෙ නෑනෙ...ම්හුක්...මේ ලමයට සත්තිය නෑනෙ අප්පච්චියෝ....පාන්ඩුව වගේනේ.....ඈ.....ඈ....අප්පච්චියො...ඈ...

ඩියෝනයා හට්ටි මුට්ටි පෙරල පෙරල නූඩ්ල්ස් හදන්න අහනවා....ඇත්ත.....මටත් බඩගිනි ....අර මනුස්සයා කිව්ව වගේම කීයට කෑම ගෙනෙයිද කව්ද දන්නෙ.... මෙලෝ බිජ්ජක් දන්නෙ නැතුව ආව ගමන් කඩේකට යන්න පුලුවන්ද....

මම කලිසම් බෙල්ට් එක ගලවලා දාලා ටීශර්ට් එකත් ගලවලා ඩෙනිම පිටින් අරූ මටයි කියලා මගෙන් නාහම වෙන් කරපු කාමරේට ගියා...මට දැන් කිසිම දේක ලස්සනක් කැතක් රහක් ගුනක් පෙනුන් නෑ....කෑව උනත්...මට බඩට දැනුන් නෑ....මේ ලෝකෙ තියන රසම දේ මට කැව්වත්....අවංකවම මට ඒ කිසසිම දෙයක් දැනුන් නෑ....මගෙ රස අංකුර මැරිලා ගිහිල්ලා.....

මම කාමරේට ගිහින් එහෙම්ම ජනේලෙ ගාවට ගියා..නිදියන කාමර තිබුනෙ උඩ තට්ටුවෙ නිසා පහල වෙන දේවල් හොදට පෙනුනා....

පහල ගෙදර බල්ලෙක් ඉන්නවා...හස්කියෙක්.....ඒකට හෙන විසේ...

මං බලන් උන්නා...ඒකා වත්ත වටේම දුවනවා.....මම ලාවට ජනෙල් පියන ඇරියා....මං අහගන පිරිමියෙක් කෑ ගහනව.....දොරක් ඇරුනා.....අයියෝ....අර.....බටු ඇටයක් සයිස් සුද්දො පැටියෙක්...

මෙච්චර කාලයක් හිනාවක් නොතිබුන මගෙ මූනට ලාවට හිනාවක් ඇදුනා....අර බල්ලා ලමයව පෙරලගත්තා..කොල්ලා කෑ ගගහා හිනා වෙනවා.....ඇතුලෙ ඉදන් කෑ ගහන එකා බල්ලටද කොහෙද ජීනා ජීනා ගානවා...ලමයගෙ තාත්තා කියන්න පුලුවන් එකෙක් ඇවිත් තනකොල ගොඩේ උන්න පොඩි එකාව කෙලින් කරලා ඒකගෙ පස්සට පාරක් දුන්න වගේම බල්ලටත් පාරක් දුන්නා...දීලා මොන මොනවදෝ කිය කිය උන් දෙන්නටම බනිනකොට මං බලාගන අර ඇබිත්ත ඇටයා උන්ගෙ තාත්තා එක්ක එකට එක කියවනවා...මං ලාවට ඇරලා තිබුන ජනෙල් පියන තවත් ඇරියා....දැන් හොදට ඇහෙනවා.....උන්ගෙ තාත්තා ඌට බනිනවා...අරූට කතා කරන්න දන්නෙ නැති උනත් ඌ ඒකගෙ බාසාවෙන් රතින්ඥ්ඥා පුපුරනවා වගේ කියෙව්වා ....මට හිනා ගියා උන්ගෙ තාත්තත් හිනා වෙනවා...අරූ මමා කියලා කෑ ගැහුවා....මං තවත් ජනේලෙ ලගට ගියා කොල්ලා උන්ගෙ අම්මට මමා ගානකොට තවත් එකෙක් එලියට ආවා.....ඒප්‍රන් එකක් ඇදපු කොල්ලෙක්...

මෙච්චර වෙලාම මගෙ මූනෙ තිබුන හිනාව නැත්තටම නැති උනා...ළමයා මමා කිව්වෙ කොල්ලෙක්‍ට....කොල්ලො දෙන්නයි...ලමයයි...බල්ලෙකුයි...

මගෙ හිනාව මැරිලා ගියා....

එයා මගෙ ගාව උන්නා නම්...

හැබෑ කරගන්න බලන් උන්න හීනයක් මැරිලා ගිහින් තියනකොට එඒ හීනෙම තවත් කෙනෙක් මගෙ ඇස් පනාපිට හැබෑ කරන් ඉන්න එක දැකපු මගෙ පපුව කීරි ගැහුනා...මං ජනේලෙ වහල දැම්මා....මටත් නොදැනිම ඇස්වලින් වැටුන කදුලු බින්දුවක් ජනෙල් පට්ටම උඩ වැටිලා යනකොට මම එන්න හැරුනා ....

නිහාර විවේන්.....

ඒ එයා හොයපු නම...

එයා උන්නා නම්....මටත් කොච්චි කරලක් වගේ ළමයෙක් ඉන්න ගියා...ඒත්....මම කොහොමද දෙයියනේ එයාව හොයා ගන්නෙ...ප්‍රංශෙම පීරන්න වෙයි....

සුදු මහත්තයා අප්පච්චි වැඩට යනවා...ගෙදර ඇවිත් බත් එකක් ගහගන්න....

මම උන්නෙ වොශ් කරපුන්කාර් එකක මැනුවල් එකක් ලිය ලිය ....

මාස ගානක්....අඩුම...මාස අටක් නවයක්...වත් ගෙවිලා යන්න ඇති.....මම මේ මාස ගානටම එයාව හොයපු නැති තැනකන් නෑ...උදේ ඉදන් මැරිලා මැරිලා මම හැම හවසකම පාර්ක් එකක් පාර්ක් එකක් ගානෙ...පල්ලියල් පල්ලියක් ගානෙ...රෙස්ටුරන්ට් ගානෙ හැම තැනම එයා කොහෙන් හරි ඇති කියල හිතාගන එයාව හෙව්වා.....ඩියෝනයට දෙයියනේ කියලා සැලුන් එකක වැඩ හම්බෙනකොට ශෙනෝන් සුපර්මාකට් එකක ස්ටෝරුවකට වැඩට ගියා අප්පච්චිගෙ යාලුවා වැඩ කෙරුවෙ mazda එකේ හින්දා ඒ මනුස්සයගෙ පිහිටෙන් මම මැස්ඩා එකට ගියා....අප්පච්චි වැඩ කෙරුවෙ බාර් එකක වෙනකොට ලන්කාවෙ උන්න අපිද මේ දැන් ඉන්නෙ කියලා හිතා ගන්න බැරි උනා...ගෙවල් කුලි...කෑම බීම...වතුර බිල්.....මේ හැම දේටම සතයක් ගානෙම ගෙවන්න අපි වැඩ කෙරුවා ...එක දවසක් වැඩට නොගියා කියන්නෙ.....ඒක අපිට වඩා වොලට් එකට දැනුනා ..

ලන්කාවෙ ඉන්නකොට කාර්වල නැගන් ගියපු අපි දැන් බස් එකට...කෝච්චියට...ට්‍රෑම් එකට හුරු උනා.....

ජීවිතේ උඩු යටි කුරු වෙන්න යන්නෙ තත්පර ගානයි .....මැරිලා මැරිලා ගෙදර එන මට ට්‍රේන් එකේම නින්ද ගිහින් අනන්තවත් බහින ස්ටේශන් එක පහුවෙලා තියනවා .බස් හෝල්ට් එක පහුවෙලා ආයම පයින් ඇවිත් තියනවා....මගෙ ජීවිතේ මේවෙනකොට එකම එක සතුටයි තිබ්බෙ.....එහා ගෙදර කොලු ගැටයා...මේ මාස ගාන පහු වෙනකොට ඒ මිනිස්සු අපි එක්ක හිතවත් උනා..... කොල්ලගෙ තාත්තා කිව්වෙම එයාව හොයා ගන්න පුලුවන් කියලා ...ඒත් ඉතින්....මට අද වෙනකන් හොයා ගන්න බැරි උනා....වැඩකරලා හැමදාකම කටට නිවනක් නැතුව බෙරිහන් දෙන මයික් වෙනුවෙන් මගෙ සාක්කුවෙ ලොලි පොප් එකක් වෙන් උනා...ඒ ඇරෙන්න...ඒකගෙ හිනාව ඇරෙන්න මගෙ ජීවිතේට එයින් එහා හිනාවක් තිබුනෙ නැති තරම් ...

මම අප්පච්චිගෙ මැසේජ් එක දිහා බලලා ආයම ඵෝන් එක සාක්කුවෙ දාගත්තා .....

අද අප්පච්චි ත් නයිට...ශෙනොනයත් නයිට ....බොටමයි මායි විතරයි.....

මම එහෙම්ම ලිය ලිය උන්න මැනුවල් එක ෆ්‍රැන්සිස්කොට දීලා එන්න හැරුනා ....

නිතේස් අයියේ ඔයා ආවද ඒයි...

අදත් ස්ටේශන් එක මග ඇරුන මම තවත් පැය බාගයක් ඉදල අනිත් පැත්තට එන ට්‍රේන් එකෙන් ආයම ගෙදර ආවා....අද ගඩාපියා වේලාසන ගෙදර ඇවිත් . .දොර අරිනකොටම බත් සුවද නහයට දැනෙනකොට මම බෑග් එකත් සෝෆාව උඩට දාලා කුසියට ගියා....

නිතේස් අයියේ....

ම්න්.....

ගෙදර බඩු ඉවරයි ඒයි.....සෙනෝන්ට ගේන්න වෙන්නෙ හෙටනෙ.....

ම්ම්ම්.....

ඩියෝන් බබා ගාව සල්ලි තියනවා.....ඔයා කාලා එනවද යන්න...

ම්ම්ම්ම්....

මම ම්ම්ම් ගානවට වඩා උත්තර දුන්නෙ නෑ.....නිදි නැති රැයවල් ගනින්න බැරි තරම් තිබුනා ...ගෙදර ආවත් මට ගෙදර ඉන්නවට වඩා එලියට ගිහින් එයාව අහම්වෙන් හරි හම්බෙයි කියලා හිතුනා....ඒත් එයා නෑ.....

ඔයාට මහන්සිද පුතේ....මන් ගිහින් එන්නද.....

ඩියෝනයා මගෙන් අහනවා මහන්සිද කියලා ...ඇත්ත මට මහන්සී.....ඒත් වැඩ කරලා නෙවෙ .....

මට මහන්සි ඩියෝන්....වැඩ කරලා නෙවෙ ....එයාව හොයලා.....තනියම ජීවත් වෙලා.....හිනාවෙන්නෙ නැතිව ඉදලා....නිදා ගන් නැතුව ඇහැරගන කල්පනා කරලා .....මට දැන් ජීවත්වෙලා මහන්සී ඩියෝන්....

අනේ නිතේස් අයියේ ....

මම කන්නෙ වත් නැතුව ඌත් එක්ක සුපර්මාකට් එකට එන්න ආවා...මිනිස්සු බඩු තෝරනවා..බක්කි පුරවල ගන්නවා.....ගෑනු මිනිස්සු ....කෙල්ලො කොල්ලො...නැති ජාතියක් නෑ....ඩියෝනයා රාක්ක රාක්ක ගානෙ යනකොට මාත් මගෙ කූඩෙ තල්ලු කරන් ඔහේ ඒකගෙ පස්සෙ ගියා ...

නිතේස් අයියේ. ..මොන පාස්ටා එකද ගන්නේ....අපො.....මේ ගොලුබෙල්ලො නම් එපා....මේවා..මේ..සමනල්ලු.....මේ...බම්බු....කැරලි....සිප්පි කටු ....

ඕන එකක්.....

අරූ පාස්ටා රාක්කෙ පීර පීර එක එක මගුල් හොයනකොට මම බරිල්ලා එකේ ස්පැගත්ති පෙට්ටි දෙකතුනක් ගත්තා ....

ඩියෝන් බරිල්ලා එකෙන් ගන්න.....

හා ඒයි.....

මං ඌට තෝරන්න දීලා ට්‍රොලි එකත් අයිනට කරලා හේත්තු කරලා එහෙම්ම ශැම්පු තියන පැත්තට ගියා ...

ශැහ්....මගෙ ඔලුව කයි....දැන්...කෝ...ජොන්සන්ස් ....ජොන්සන්ස් ...

මම උන්නෙ රැවුල කපන මැශින් එකක් බලබල....මට එහා පැත්තෙ ඉන්නෙ මොකාද කොයලා දන්නෙ නෑ..ඒත් මිනිහා සිංහල එකෙක්.....සබන් ගොඩේ ඉදන් තනියම මොන මොනවදො මුමුන මුමුන සබන් රාක්කෙ පිරනකොට මං ආෆ්ටර්ශේව් එකයි ඇඩිදාස් එකෙ බොඩි ස්ප්‍රේ ටින් දෙකකුත් අරන් අනිත් අතට එන්න හැරුනා විතරයි මෙච්චර වෙලා මුමුන මුමුන උන්න මනුස්සයා අවසිහියෙන් උඩ බලන් එන ගමන් ඒකගෙ කරත්ත රෝදෙ මගෙ කකුල උඩින් යැව්වා...

අනේ....අනේ....සමා වෙන්න....සමා...වෙ....න්....න

මගෙ අතේ තිබුන බොඩි ස්ප්‍රේ එක වැටිලා බිම දිගේ රෝල් වෙලා යනකොට මම ස්ප්‍රේ ටින් එක පස්සෙන් ගියා වගේම අර මනුස්සයා එක දිගට සමාවෙන්න කියනකොට මම ටින් එක අහුලන් කෙලින් වෙලා ඒ මනුස්සයා දිහා බලනකොමගෙ අතේ තිබුන බොඩි ස්ප්‍රේඑ එක ආයම බිමට වැටුනා...

න්.....න.....ලි....න්...

මිස්ටර් ...නි.....ත්.....

නලින්....දෙයි...යනෙ...නලින්...මේ....මේ....ඔයා...ඔයා...නලින්...මේ..ඔයා.....

😂හා...හා...ඇති...ඇති....තවත් කට ඇරන් බලන් ඉන්නවා..... තරුවට ඩෑස් එකක් දීලා හයියෙන් දුවපියව්.....

ම්හුක්...ගුම් මෝනිම්.....පුම්චි මුව පැතියා නැගිත්තා...🙈🙈🙈🙈👉👈

මේ ළමයා චේ බොන්න යන්නේ...ඔය ලමයිනුත් චේ බොන්න.....

ඉහික්.....

🤭🤭

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters