Cherreads

Chapter 93 - 93

විතේන් ....

මාව වැටුනා...කකුල් දෙකම පන නැතිව වැටුනා ඵෝන් එකෙන් ආව නාද්‍යගෙ අනීතගෙ මහ ගෑනිගෙ හිනාව කන් අස්සෙ දෝන් කාර දෙන වාරයක් ගානෙම මාව පිස්සෙක් වෙන්න එනකොට මගෙ නිතේශ් ග්...මගෙ තේශිගෙ ඵෝන් කෝල් එකක් නැති වෙනකොට මගෙ සර්වාංගෙම පන නැති වෙන්න ආවා....දවස් ගානකට උඩදි කාපු කෑමක් විස වෙලා කියලා ඉස්පිරිතාලෙ ආව මට අද වෙනතුරු ගෙදර යන්න හම්බුන් නැති වෙනකොට මාම අතට ගහලා තිබුන සේලයින් බෝතල් ගලවන් දිව්වා ...

ඇග පුරාවටම එකම එක තැනක් ඉතිරි නොවී ගෙඩි දදා පුපුරනකොට මට වේදනාව දරන්න බැරි උනා ...එහෙන් මගෙ තේශි මෙහෙන් මගෙ සර්වාංගෙම වේදනාව...මගෙ හිත කිව්වෙම උන් මගෙ සුදු මහත්තයට මොනවා හරි කරලා කියලා වෙනකොට මම ඉවසගන්නම බැරි තැන වලව්වට දුවනවා කියලා හිතන් ඇදෙන් පැන්නත්...අනේ මට දුවා ගන්න බැරි උනා...මගෙ කකුල් පන නැති උනා.....

විතේන් ....විතේන් ...අනේ...විතේන් ...උඹට අමාරුයි විතේන් ....උඹ ඇවිදින්නෙ වත් කොහොමද ..උඹ ඔහොම එලියට යන්නෙ වත් කොහොමද .....

මට...මට...මව පෙන්නපන්...අඩුම ගානෙ මම කොහොමද ..මගෙ මූන කොහොමද කියලා පෙන්නපන්....මට...මාව පෙන්නපන්.....ශෙනෝන්....දෙයියන්ගෙ නාමෙට....පින්සිද්ද වෙයි.....

මම කෑ ගැහුවා.....කොරිඩෝවෙ වැටිලා උන්න මම කෑගැහුවා.....රෝසපාටට දිලිසුන කකුල් වල රෝම කූපයක් කූපයක්ම වතුර බිබිලි ඇවිත් පුපුරල ගිහින් කසලා..කසල වන වෙලා යනකොට මගෙ සර්වාංගෙම තුවාල වලින් වැහිලා ගියා....මගෙ මූන පුරාවටම ඒ හා සමානවම ගෙඩි ඇවිදින් පුපුරලා තුවාල හැදිලා තිබුනා....කොටිම්ම කියනවා නම්...මම විරූපි වෙලා උන්න...ඒක මට දැනෙනවා...ඒනිසාමද කොහෙද එයාලා මගෙ කාමරේ එකම එක කන්නාඩියක් වත් තිබ්බෙ නෑ.මගෙ අතින් ඵෝන් එක පවා ගත්තා ..මම මගෙ නිතේශ් ට ගත්තෙත් වෙන කවුරු හරි ලව්වා වෙනකොට මම මගෙ මූන වත් පෙන්නපන් ගගා කෑ ගැහුවා.....

අනේ...සුදු මහත්තයා.....

මම කෑගැහුවා...එයාවම ඉල්ල ඉල්ල පිස්සෙක් වගේ කෑ ගැහුවා...වෙලාවකට මම අනත මනත කියෙව්වා...එයා නැති එක තත්පරයක් මට කල්පයක් වගෙ වෙනකොට මට වලව්වට යාගන්න බැරිව මම කෑ ගැහුවා..... මම මේ ගෙවුන දවස් දහයෙ මගෙ අසනීප පැත්තක දාල මගෙ නිතේශ් ගැන හිතුවා....එයාට කතා කරන්න හැදුවා ...ඒත්...එයාගෙ අම්මහෙ වචන එක්ක මට මාව නැති උනා වගේ දැනෙනකොට මම තවත් පිස්සුවෙන් කෑ ගැහුවා...

" අඩු කුලේ පරයා...උඹ හිතන් ඉන්ඩ ඇති වලව්වට රිංගන්ඩනේ...තොපි වගේ වේස හැත්තට දෙන්ඩ අපි ළමයි හැදුවෙ නෑ යකෝ.....උඹට ආය කවදාවත් නිතේශ් ව හම්බෙන් නෑ...."

අනේ.....තේශී....

අනීතගෙ වචන වල බර කොයි තරම්ද කියනවා නම් ඒ වචන මාව නොමරා මැරුවා...එයාගෙ තාත්තා ගැන කිසිම විස්තරයක් නැති උනා මගෙ තේශි ගැන කිසිම විස්තරයක් නැති උනා. .මේ දවස් දහය ඇතුලත...මගෙ මුලු ලෝකෙම අනිත් අතට කඩා පාත් උනා...

සුදු මහත්තයා ..අනේ උඹ කොහෙද මගෙ නිතේශ් .....

බිම වැටීගන උන්න මාව ශෙනෝන් හරහට උස්සගන්නකොට මාව වඩා ගන්න නිතේශ් ව මතක් වෙලා මගෙ පපුව පැලෙන්න ආවා. 

විතේන්...අයියෙ.....අපි...අපේ...නිතේස්ව..බලන්න...යමූ ....අනේ....ඒත්...උඹ....ට...ඇවිදගන්නවත් බැරුව....උඹ කොහොමද යන්නෙ.....

මාව උස්සන් ආව ශෙනෝන් මාව එහෙම්ම ඇදේ තියනකොට ගඩාපි පැටියා....එයාගෙ හොර ගෑනි කිය කිය මං එයා එක්ක එල්ලි එල්ලි රන්ඩු උන ඩියෝන් මගෙ තුවාල දාපු අත් පය කිසිම හිරිකිතයක් නැතිවම අත ගගා මගෙ සුදු මහත්තයව බලන්න යමු කියනකොට ම ඒ අත් දෙක අල්ල ගත්තා .....

ඩියෝන් ....අනේ...ඩියෝන්.....මගෙ...මගෙ....සුදු මහත්තයට ..කියපන්...අනේ...මං උඹව පාවා දෙන්නෙ නෑ...උඹව හොර ගෑනි කරලා රන්ඩු වෙන්නෙ නෑ....මාව බලන්න එන්න කියපන් ඩියෝන්.....අනේ....එක පාරක්...එක...පාරක් ..මට..කතා කරන්න කියපල්ලකෝ.....අනේහ්.....

මන් ඩියෝන්ගෙ අත් අල්ලගෙන හොලව හොලව කෑ ගැහුවා .....වෙලුම් පටිවලින් ඔතන්නවත් බැරි තරමට අත පයවල....මගෙ පිට පුරා .....අනේ දෙයියනේ එක තැනක් නැතිවම දාපු තුවාල වලින් සැරව හා සමාන දියරයක් එනකොට මාව කහන්න ගත්තා ....ඒ කසන කැසිලි වලට මට මගෙ අත් දෙක පවා මදි වෙනකොට මං වේදනාවෙන් කෑ ගගහා අඩ අඩ කැසුවා ....

අනේ ...අප්ප....ච්චී....ඉන්න ..තැනකින් ....වරෙන්...අප්පච්චි ...

මන් අප්පච්චිට අඩ ගැහුවා ....අවංකවම කිව්විත් විතේන් කියන මනුස්සයව මේ දවස් දහය ඇතුලත පිස්සෙක් වෙලා ගියා.....හෙට උදෙම්ම එන්නම් මැනිකෙ කියපු මගෙ වස්තුව ...මගෙ නිතේශ් ...මගෙ තේශි...මගෙ සුදු අප්පො..මගෙ.....සුදු මහත්තයා ...අනේ දෙයියනේ ....විතේන් කියන මගෙ ජීවිතේ හුස්ම ටික උන මගෙ නිතේශ් තවමත් නාවකොට මාව පිස්සෙක් නොවී තියේවිද ....

මං ඇද උඩ පෙරලුනා ....ඇස්වලින් පහලට ගලන කදුලු වල සීමාවක් නැති කොට ඇස්වලින් වලින් වැටෙන ගැලුම් ගනන් කදුලු අහිතක් නැතිවම කොට්ටෙ උරාගත්තා....

මේ සේලයින් එක ආයම ගලවන් නේද ..ඔයා ඔහොම දගලන්න ගියෝතින් මේ කපේට සනීප වෙන්න බැරි වේවි දරුවො....

ඇස්වල කදුලු හැකෙන්නෙ කොයි වගේද ...ඒ හා සමානවම මගෙ කෙට්ටු වෙලා කේ ඩෑරි වෙලා ගියපු අතේ කැනියුලාව හිල් කරපු නහරෙන් ආව ලේ බින්දු සුදු පාට ටයිල් පොලව පාට කරලා තිබුනා ..

මෙච්චර දවස් මාව බලාගත්තු නර්ස් මගෙ සේලයි එක බලන්න ආව වෙලේ ආයමත් මට දෙස් තියන ගමන් අත් මේස් දාපු අත් වලින් මගෙ අත අල්ලනකොට මං මොන තරම් හිරිකිත වෙලාද...කෙනෙක්ට අල්ලන්න බැරි වෙන තැනට මාව වැටිලද කියන එක මගෙ පපුවට දැනෙනකොට ඒ මේස් දාපු අත් මගෙ සැරව පිට දාන අනිත් අතේ තුවාල අස්සෙන් නහරයක් හොයාගන ආයම පාරක් හිල් කරන් යනකොට ...

අදහන්න....ඒ හිල් කෙරුවෙ මගෙ නහර වැල නෙවෙ මගෙ හදවත ....

ඒ හිල් කෙරුවෙ මගෙ ආත්මය....

ඒ හිල් කෙරුවෙ මගෙ ජීවිතේ.....

ජීවිතේ වටිනාම කියන දේට වෙච්ච කෙරිච්ච දෙයක් නැතිව යනකොට මගෙ සර්වාංගෙම උන් කොච්චර රිදෙව්වත් මට දැනුනෙ ඒක මගෙ සර්වාංගෙට රිදවනවා වගේ නෙවෙ..මගෙ ආත්මෙට රිදවනවා වගේ හැගීමක් .....

ඇගේ විලි වැහෙන්න දාපු රෙදි කඩ ඇරෙන්න මෙච්චර වෙලා අන්දලා තිබුන ගවුම ඩස්ට්බින් එකට වැටෙනකොට මං ඇද උඩට වෙලා බලන් උන්නා ..සුදු පාට ගවුම පුරාවටම තිබුනෙ මගෙ සර්වාංගෙන් පිට උන ලේ වගේම සැරව වෙනකොට මම ශෙනොන් දිහා වගේම ගඩාපියා දිහා බලන් උන්නා....ශෙනෝන් දත් මිටිකාගන වගේ බලන් උන්නත්...ගඩාපියට මාව දැකලා ඉවසගන්නම බැරිවද කොහෙද අතින් කට වහන් ඔක්කාරෙ කර කර බාතෲම් එකට යනකොට මං මගෙ ඇගේ තුවාල පිහින නර්ස් දිහා බැලුවා ...

මාව...දැක්කම වමනෙ යන්න එන තරමටම මං ජරාවක් වෙලාද....

ඒ වචන ඒ මනුස්සයගෙ මූන සම්පූර්නයෙම්ම කලු කරලා දැම්මා....ඒ වචන අස්සෙ තිබුන වේදනාවෙ බර කොයි තරම්ද කියනවා නම්..හදවත උඩින් ටොන් එකක බර ගල් කුට්ටියක් තිබ්බා හා සමාන උනා... මං ඉවසන් උන්නා...සුදු පාට පුලුන් ගුලි කහපාටින්....ලේ පාටින් ඩස්ට්බින් එකට වැටෙනකොට මාව හරව හරව පිහින කොට මං බලන් උන්නා.....

පුලුන් ගුලි වලින් පිහිදන වාරයක් ගානෙ..බෙටඩීන්...සර්ජිකල් ස්ප්‍රීට් ඇගට වැටෙන වාරයක් ගානෙ දැනෙන වේදනාව මට වචන වලට හරවන්න අමාරු උනත්...ඊටත් වඩා වේදනාවක් මගෙ පපුව ඇතුලෙ තියනකොට මං වැද වැද මාව වලව්වට එක්ක යන්න කිව්වා....

අනේ..මාව එක්ක පලයල්ලා.....අනේ ..මාව...එක්කන්....යමල්ලකෝ.....මට එයාව බලන්න ඕනෙ දෙයියනේ ....

විතේන් විතේන් ...දෙයියන්ගෙ නාමෙට සනීප වෙලා ඉදපන් විතේන් ..උඹව මේ විදිහට අපි කොහොමද වලව්වට එක්ක යන්නෙ...ආ විතේන් ..කියපන්....

මම මාව එක්ක යන්න ගගා ශෙනෝන්ගෙ ඇගේ එල්ලි එල්ලි කතා කෑ ගහගා අඩනකොට ශෙනෝන් මාව මේ විදිහට එක්ක යන්නෙ කොහොමද ගගා කෑ ගැහුවා ...

ඇත්ත....ඒත්..මාව එක්ක නොගියොත් මගෙ පපුව පැලිලා මැරෙවි දෙයියනේ...මගෙ පපුව පැලිලා මැරේවි....

අනෙ ශෙනෝන්..වදින්නම්...මට එක පාරක් කෝල් එකක් අරන් දියන්...අනේ....වදින්නම් අරන් දියන්කෝ...

එකම එක තත්පරයක් කට පියා නොගන්න මම ආයම පාරක් කෝල් එකක් අරන් දෙන්න කියනකොට ශෙනෝන් මගෙ විතේන්ට කෝල් එකක් ගත්තා ....

රින්ග්ස් යනවා...

රින්ග්ස් යනවද.....අනේ...දෙයියන්ගෙ පිහිටයි ..අනේ...ස්පීකර් ...ස්පීකර් දාපන්.....ශෙනෝන්...

ඵෝන් එක කනේ තියන් උන්න ශෙනෝන් රින්ග්ස් යනවා කියල කියනකොට මම මගෙ කේඩෑරි උන පපුවට අත් දෙකෙම තියාගන හුස්මක් ගත්තා වගේම ස්පීකර් දාන්න කිව්වා ...

හෙලෝ....

ආන්ස්වර් කෙරුවා .....දෙවියනේ ආන්ස්වර් කෙරුවා .....ඒත්....මගෙ නිතේශ් නෙවෙ...මගෙ නිතේශ් නෙවෙ.....අර පට්ට ගෑනි නාද්‍යා ....

නාද්‍යා කො නිතේශ් ...

කව්ද මේ....

උඹට කව්ද කින්ද මන්ද වැඩක් නෑනෙ ..

මට වැඩක් නැතුව කාටද වැඩක් තියෙන්නෙ.....??මම එයාගෙ වයිෆ් වෙන්න ඉන්න කෙනා...ඉතින් මට වැඩක් නැතුව වෙන කාට වැඩක් වෙන්නද....

අනේ...මේහ්...හුත්තියෙ ...තෝ මොන මගුල කෙරුවද දන්නෙ තෝ...නිතේශයට ඵෝන් එක දීපන්..මෙහෙ උගෙ කොල්ලා මැරෙන්න වැටිලා ඉන්නවා....ලැජ්ජා නැද්ද යකො මිනිස්සු රවට්ටන් අල්ලන් ඉන්ඩ....

මන් අහන් උන්නා...මගෙ හදවත ගිනි ගන්නවා වගේ...මගෙ සුදු මහත්තයගෙ ඵෝන් එක ආන්ස්වර් කරපු නාද්‍යා කියපු කතා එක්ක මගෙ හදවත ගිනි ගන්නකොට ශෙනෝන් දත් මිටි කාගන කුනුහර්ප කිය කිය නිතේශ්ට ඵෝන් එක දෙන්න කියනකොට ඒකි හිනා උනා....

මිනිස්සු රවට්‍ටන් හරි අල්ලන් ඉන්න ඕනෙ ගෑනියෙක් මිසක්...පිරිමි නෙවෙ....තමුන් වෙන්න ඇති අර ශෙනෝන් කියන එකා.....අර නිගන්ටයා ළඟ පාතක ඉන්නවා නම් කියනවා..නිතේශ් මගෙ කියලා...වෙන්න ඕනෙ කොයි පැත්තෙන්ද...ඒ හැම පැත්තෙම්ම මම එයාගෙ වෙලා ඉවරයි....

නෑ....නෑ.....උඹ ජරා ගෑනි....මගෙ කොලල්ව රවට්ටන්...උඹ මහා ජරා ගෑනියෙක් .....උඹ...මහ....ජරා ගෑනියෙක් නාද්‍යා .....

අනිවාර්යයෙන්ම ...මං ජරා ගෑනියෙක් ...මිස්ටර් විතේන් ද සිල්වා....තමුන්ව නිතේශ් ගෙ ජීවිතෙන් ....මම සදහටම අතුගාලා ඉවරයි....කොච්චරද කියනවා නම්

..තමුන් ඇස් ඉස්සරහට ආවත්.....තමුන් මොකාද කියලා අදුනන්න බැරි තැනටම.....මං තමුන්ව අතු ගාලා ඉවරයි...

කටවහපන්....කටවහපන් ...නාද්‍යා ...උඹට බෑ...උඹට කවදාවත් බෑ මගෙ තැන ගන්න....උඹට කවදාවත් බෑ....කවමදාවත් බෑ....මගෙ තැන ගන්න.....

මං කෑ ගැහුවා ...ඇද උඩ ඉදන් ඵෝන් එකට බෙරිහන් දුන්නා...නාද්‍යා කියනවා මාව එයාගෙ ජීවිතෙන් අතුගාලා දාලා ඉවරලු.....ඒක වෙන්න බෑ....ඒක වෙන්න බෑ...මගෙ සුදු මහත්තයගෙ ජීවිතේ මම...මම මිසක් ඒකි නෙවෙ...අනේ....මගෙ නිතේශ්ගෙ ජීවිතේ මම...මම දෙයියනේ..මමයි...වෙන කවුරුත් නෙවෙ...

එහෙමද විතේන් තමුන් හිතන් ඉන්නෙ...තමුන්ට විස්වාස කරන්න බැරිනම්...ඔන්න එහෙනම් ඔය කන්දෙකෙම්ම අහගන්නවා..... එයාගෙ ජීවිතේ ඇතුලෙ තමුන් කව්ද...මං කව්ද කියලා ...

ඒකි හිනා උනා..ඒකි මහ කැත විදිහට හිනා උනා..මගෙ නිතේශ් ගෙ ජීවිතේ ඇතුලේ තමුන් කව්ද මම කව්ද කියල මේ කන්දෙකෙම්ම අහගන්න කියපු ඒ ගෑනි....හිනා වෙනකොට මම අත් දෙකෙම්ම.මගෙ පපුව අල්ලන් අහන් උන්නා....

සුදු මහත්තයා ....

ඕ මැනිකේ....

කව්ද මහත්තයා විතේන් කියන්නෙ....

ම්ම්.....වි....තේ.....න්....

ඔව්...ඔයා දන්න කවෘ හරිද

ම්ම්ම්...මට...ලොකූවට මතකයක් නෑ මැනිකෙ ඇයි...

තේශි....අනේ....තේශී...සුදු..මහත්තයා ...අනේ...උඹේ මැනිකෙ මම...අනේ....උඹේ මැනිකෙ මමයි....රත්තරනේ....අනේ....උඹේ මැනිකෙ....මමයි...දෙයියනේ.....මේ ගෑනි උඹව රවට්ටලා ...අනේ....දෙයියනේ....නිතේශ් .....උඹව මේ ගෑනි.....රවට්ටලා.....

මාව ගිනි ගන්න පටන් ගත්තා ...මගෙ පපුව හත් කඩකට පැලෙන්න ආවා...මෙච්චර දවස් මගෙ මැනිකෙ...මගෙ දිසානායක මැනිකෙ ගාපු මගෙ විතේන් ...මගෙ සුදු මහත්තයා ඒකිට කට පුරාවටම මැනිකේ කියනකොට ...මාව මතක නෑ කියනකොට අනේ මං කෑ ගැහුවා...ඒකි උඹව රවට්ටන...ඒකි නෙවෙ...මමයි උඹෙ මැනිකෙ ගගා මම කෑගැහුවා.....

ඉතින්...අහගත්තනෙ....තමුන් කව්ද මං කව්ද කියලා ...ඒක හින්දා...පාඩුවෙ පැත්තකට වෙලා ඉදින් විතේන් .....මෙච්චර කල් නැටුවෙ උඹ.....උඹ හිතනවද...මං නිතේශ්ව උඹට දෙයි කියලා ...මම දැනටමත් මැනිකෙ උනා නම්...උඹට හිතා ගන්න පුලුවන් නේ...මේගෙවුන දවස් ටිකකට කොච්චර දුරක් අපි දෙන්නා යන්න ඇතිද කියලා නේ.....

නෑ...!!!උඹ...ජරා ගෑනී...නාද්‍යා...මං උඹව මරනවා..මං...උඹව මරන එක මරනවා.....මගෙ නිතේශ්ගෙන් ඈත් වෙලා ඉදපන් නාද්‍යා.....මගෙ නිතේශ්ගෙන්....උඹට බෑ...උඹට කවදාවත්..බෑ...මගෙ තැන ගන්න.....උඹටබෑ යකො.....

චුක්...චුක්...චුක්.....විතේන් ...විතේන් ..විතේන් ....ඔයා...කොච්චර කෑ ගැහුවත්.....වෙන්න ඕනා...හුගාක් දේවල්....දැනටමත්...වෙලා ඉවරයි ..ඒකත්...අම්මා...අත්තම්මලා....හැමෝම දැනුවත්ව....ඔයාට තව චූටි රහසක් කියන්නද....ම්ම්ම්...මං හිතුවට....වඩා...මගෙ සුදු මහත්තයට .....විසේ....නෙ....ම්ම්ම්.....මතක් වෙනකොටත් ඇගම....වේදනා දෙනවා.....

නාද්‍යා ....

මම කෑ ගැහුවා ...ඒකි කිව්වෙ මගෙ පපුවට දරන්න බැරි වචන වෙනකොට මම මගෙ පපුවට අත් දෙකෙම්ම ගගහා කෑ ගහනකොට ඒකි හිනා උනා...මගෙ ජීව්තේ සම්පූරනම උදුරගත්තු ඒකි මගෙ නිතේශ් ට යට උනා කියන දේ රස කර කර කියවනකොට මම පිස්සෙක් හා සමානව කෑ ගැහුවා ....ඒකි මං අඩනවා අහ අහ හිනා උනා...මගෙ වේදනාව දැනි දැනි ඒකි හිනා උනා...ඒ එක්කම ශෙනෝන් ඒකිට කෑ ගැහුවා .....

නවත්තපන්...පටට්‍ට වේසි...උඹ හිතන් ඉන්නවා නම්....නිතේශ්ගෙන් විතේන්ගෙ තැන උදුරගන්න....උඹට කවදාවත් ඒක කරන්න වෙන්නෙ නෑ නාද්‍යා ...බලන් ඉදින්....බලන් ඉදින්....උඹ හිතන් ඉන්නෙ උඹ වෙනුවෙන් නිතේශ් ගෙ හිතේ ආදරයක් තියේවි කියලද....උඹ මහ බඩුවක් යකෝ..අමු සිංහලෙම්ම කියනවා නම්.....ඔයිට වඩා නම්බුයි කොටුවෙ බෝ ගහ යට පැයට පනහක් ඉල්ලන් රෙද්ද ඉස්සුවා නම්...තූ...තොපි...තූ.....

ශෙනෝන්....අනේ...ශෙනෝන්....වදින්නම්...අනේ...අන් අත් එකතු කරලා වදින්නම්...දෙයියනේ..මාව එක්ක පලයල්ලකො....අනේ.....මගෙ නිතේශ් ට කියපන්...මමයි උගෙ මැනිකෙ කියලා....අනේ...උගෙ මැනිකෙ මායි...කියපන් ශෙනෝන්....අනේ....මායි...ඌට සුදු මහත්තයා කියන්නෙ කියපන් දෙයියනෙ....ඇයි...ඇයි...ඇයි...මටම මෙහෙම වෙන්නෙ...ඇයි.....මට උත්තර දියන් ශෙනෝන්....දෙයියන්ගෙ නාමෙන් ...මට උත්තර දීපල්ලා.....

එකෙක් මගෙ ඇස් පනා පිටම මැරිලා ගියා...අනිකව මගෙ ඇස් පනා පිටම උදුර් ගත්තා ...මට..කියපන්...මට ආදරේ කරන්න අකැපයිද ශෙනෝන්...

මම.ඇඩුවා....දගලන දැගැලිලි වලට සර්වාංගෙම තිබුන තුවාල ආය ආයම පෑරෙනකොට ඇද රෙද්ද පුරාවටම තුවාල වලින් එන ලේ බින්දු හැරව එක්ක මුහු වෙලා වදිනකොට මම කස කස ඇඩුවා.....අඩ අඩම මම ඉල්ලුවෙ මහෙ නිතේශ්ව බලන්න එක්ක යන්න කියන එක වෙනකොට අඩ අඩ කෑ ගගාහා ඌවම ඉල්ලන මාව මෙල්ල කර ගන්න බැරිම තැන වෙන්න ඇති ශෙනෝන් අත් දෙකෙම්ම මාව තද කරලා බදාගන්නකොට මන් බලාගෙන ගඩාපියා මුල්ලක ඉදන් අඩනවා.....

මගෙ පපුවට වේදනයි...මෙච්චර කල් මට "මගෙ මැනිකෙ..මැනිකෙ " කියලා කතා කරපු එයා අද ඒකිට මැනිකෙ කියනකොට මගෙ පපුව හත් කඩකට පැලෙන්න ආවා....ඒකි සුදු මහත්තයා කිය කිය කතා කරන කොට මගෙ පපුව පැලෙන්න ආවා...මාව දන්නෙ නැ කියන කොට..මගෙපපුව පැලෙන්න ආවා....

ඇස්වලින් ගලන කදුලු විරූපි මූන දිගේ පහලට වැටෙනකොට මම ශෙනෝන්ගෙ ඇගට හේත්තු වෙලා කෑ ගගහා ඇඩුවා.....මම ඉන්න තත්වෙ එක්ක මාව එලියකයට වත් එක්ක යන්න බැරි වෙනකොට සමහරක් වෙලාවකට මට අඩි දෙක තුනක් පයින් යන්න බැරි උනා....එන්න එන්නම මගෙ කකුල් දනහිස් වලට පහලින් කොර වෙලා වගේ වකුටු වෙනකොට ලෙඩේ හොයාගන්ම බැරි දොස්තරලා මගෙ මූන ඉස්සරහා අසරන උනා....

පැයෙන් පැය ...පැයෙන් පැය...මාව එන්න එන්නම.දුර්වල වෙලා යනකොට මාව මකුනෙක් කෑවා හා සමානව වකුටු වෙන්න ගත්තා ...

ශෙ..නෝන්....මාව...මරලා...දාපන්...පින්...අයිති ...වෙයි....මට....මෙ...වේදනාවල්.....උහුලන්න .බැ.....ශෙනෝන්....මගෙ...ජීවිතේ..මගෙ...නිතේශ් ...මං...කොහොමද ඌ..නැතුව...ජීවත්...වෙන්නෙ...ශෙනෝන්...

මම...ඇඩුවා.....මාව මරලා දාපන් කිය කොය ඇඩුවා.....මගෙ මූන බාන්න දෙන්න කිය කියම ඇඩුවා.....අවසානෙදි ශෙනෝන් මා.දිහා බලන් ඉදලා ඉදල ඵෝන් එක අතට ගත්තා .....

විතේන්.....උඹ....කොයි විදිහ..උනත්...උඹට අපි ආදරෙයි විතේන් ...අනේ....රත්තරනේ.....අපි උඹට ආදරෙයි...අනේ.....උඹට...අපි....ආදරෙයි....දෙයියෝ.....

මගෙ මුන දිහා බලන් උන්න විතරක් මම කොයි විදිහ උනත් මම උඹට ආදරෙයි ගගා ශෙනෝන් මගෙ මූනම උගෙ අත් දෙකෙන් අල්ලන් ඉදලා ගින්දර හා සමාන හුස්මක් අරන් මගෙ දිහාවට කැම් එක ඔන් කරනකොට මගෙ මූන දැකපු මට එතනින් එහා වෙච්ච කෙරිච්ච දේවල් ගැන ගානක් නැති උනා...උන් කෑ ගහන එක පවා ඇහෙන් නැති වෙලා යනකොට මගෙ වට පිටාවම කැරකෙනවා හා සමානව දැනෙන්න ගත්තා වගේම කලුම කලු දලක් මගෙ ඇස් වටේ එතුවා හා සමාන හැගීමක් එක්ක මගෙ ඇස් දෙක පිය වෙලා ගියා.....

විතේන් .....විතේන් ...දෙයියනේ...විතේන් .....!!!.....

උන් මහ සක්කිලි ...මං කිව්වා...මං කිව්වා...අවුරුදු ගානකට උඩදි උන දේම ආයම වෙයි කියලා මම කිව්වා...රසානි...මම කිව්වා....අවුරුදු ගානකට උඩින් උන දේ ආයම වෙයි කියලයි දෙයියනේ මම මේ මගුලට කැමති උනෙ නැත්තෙ ...

තාත්තා ...ඒක ඇත්තක්ද...?

එක ඇත්තක්....ඒ පරට්‍ට හැත්ත....ඌව බන්දවන්න හදන්නෙ...දහම්ට වෙච්ච කෙරිච්ච දෙයක් නෑ...අර කොල්ලට මෙලෝ...මගුලක් මතක නෑ.....ඌට මෙලෝම මගුලක් මතක නෑ...රූකඩයක් වගේ කියන්නෙ මොනවද...කරනවා...ඌව දර හැවක් වගේ වෙලා....මේ කාලකන්නි...මුන් දෙන්නට මොන කොඩි විනේ කරලද දන්නෙ නෑ....

තාත්තා ....වලව්වට ගියාද ..

ශෙනෝන්.....ජීවිතේට ආසාවක් තියනවා නම්...මොල්ලිගොඩ වලව්වෙ හතර කොනේ පස් පාගන්න එපා ....මට කරන්න දෙයක් නෑ...මං මගෙ කොල්ලව අරන් යනවා ....ආය ඔය එකෙක්ගෙ වත් හුලගක් වදින්නවත් මම ඉඩක් තියන් නෑ...අනික.... උන් හිතක් පපුවක් නැති විදිහට උඹලග් බඩු පවා ගෙයින් එලියට විසික් කෙරුවා .....උන් උඹලගෙයි කියන්න.....මගෙ කොල්ලගෙයි කියන්න එක දූවිලි තුඩක් ඒ ගෙදර ඉතුරු නොකර එලියට දැම්මා....

කොටිම්ම කියනවා නම්...නිතේශ් කියන මනුස්සයගෙ ජීවිතෙ ඇතුලෙ...උඹලා උන්නද කියන්නවත් බැරිවෙන්න ඒ හැම දේම මකලා දැම්මා...

මගෙ පපුව පුපුරලා යන්න ආවා....විනාඩි ගානකට කලින් නාද්‍යගෙ වචන දරාගන්න බැරිව ඇස්දෙක වැහිලා ගියපු මගෙ සිහිය් ආයම අරගත්තා උනත් මම උන්නෙ හුස්මක් ගන්නවත් පනක් නැතිව වෙනකොට දීපූ බෙහෙත් වලට නින්ද යන්න ආවත්....පපුවෙ තියන වේදනාව නින්ද පවා මගෙන් උදුරගන තිබුනා ...මගෙ වේදනාව බලන් ඉන්න බැරිම තැන වලව්වට ගියපු තාත්තා ශෙනෝන් එක්ක කියන දේවල් අහන් උනන් මගෙ පපුව පුපුරන්න ආවා....

ඇස්වල කදුලු කොට්ටෙට තවත් නම් උරන්න බෑ කියන්නද කොහෙද කොට්ටෙ හැගීම් වලින් දිය බත් වෙලා යනකොට මම නැගිට්ටා ...

තාත්ති.....

මම කදුලු මැදිම්ම කතා කෙරුවා .....උහුලන්න අමාරුම දේ පවා උහුලපු මම තවමත් හුස්ම ගන්න ගමන් ඉද්දි මං අමාරුවෙන් ඉදගන කතා කෙරුවා ....

මගෙ....සුදු මහත්තයා ....සතුටින්ද....

මං එච්චරයි ඇහුවෙ....සතුට කියන වචනෙ හරිම තේරුම නොදන්න මිනිස්සු ගොඩක් එක්ක ජීවත් වෙන මගෙ නිතේශ් සතුටින්ද අහනකොට එයාට දෙන්න උත්තර නැති උනා ...

මට එක පාරක් එයාව බලන්න පුලුවන්ද ...මට එක පාරක්...බලන්න පුලුවන්ද තාත්තා .....මම ආයම...මගෙ ජීවිතෙ...හුස්ම වැටෙන තාක් කාලයකට....මම කවදාවත් කිසම දෙයක් ඉල්ලන්නෙ නෑ....මට...එකපාරක්..මට එකපාරක් එයාව බලන්න එක්ක යනවද තාත්තා...

මං මගෙ අත්දෙක එකතු කෙරුවා .....වලව්වට ගිහින් මට මගෙ කොල්ලව දීපියව් කියලා ගහ මරාගත්තත් වැඩක් නෑ ...මොකද සැබෑ ආදරේ උනත් සමහර වෙලාවකට කලු මායාවට යට වෙලා යනවා නම්.....මං කොයි තරම් කෑ ගැහුවත්...මං කොයි තරම් මගෙ ගාවට එන්න කිව්වත්...නාවොතින් ....අවුරුදු ගානකට කලින්...දිසානායක පවුලෙන් මගෙ අම්මට තාත්තට කරපු දේම ආපිට මට එයාට වෙනකොට මම පිච්චි පිච්චි උනත්....ඒ මූන බලන්න හිත හදාගත්තා ...

මං දන්නවා..කොච්චර හිත හදා ගන්න පුලුවන් කියලා කිව්වා උනත්....මං මේ කරන්නෙ මාවම රවට්ට ගන්න එක.....තාත්තා අම්මා ඉස්සරහා අඩන්න බැරි කමට මන් කදුලු ගල් කරන්...

මගෙ පපුව ගල් කරන් මං කරන්නෙ මාවම නොමරා මරන එක...

පපුවට දැනෙන වේදානාව ඩෙල් වලින් මනින්න බැරි වෙනකොට මං එහෙම්ම ඇද වියලට හේත්තු උනා..එයාගෙ මැනිකෙ මම වෙච්ච කොට අද ඒ වචනෙම ඒකිට කියනකොට මට අහන් ඉන්න උහුලන් ඉන්න බැරි තරම් උනා...

පපුවටත් උහුලන්න බැරි තරමට ආදරේ දැනුන තැන ජීවිතේ වියන්න හුස්ම අල්ලන්න මිනිස්සු ඇගිලි ගැන්නට....පපුවට දැනුන තැන නතර වෙලා ආදරේ විදින්න බැරිව කදුලු බිබී අසරන වෙන මිනිස්සු හිත ඇතුලෙන් පිච්චෙන පිච්චිල්ල කොයි තරම්ද කියලා මම ජීවිතේ දෙවනි පාරටත් විදවන ගමං උන්නා...

උඹට ඒක දරා ගන්න පුලුවන්ද විතේන් ...

අවුරුදු ගානකට කලින් .....මම වගේම කෙනෙක් ඔය වේදනාව ඔයම විදිහට වින්දා...හැබැයි .....අද වෙනකන් වත්...ඒ ආදරේ අසු කරලා තිබුන් නෑ තාත්තා ....උන් මගෙන් උදුර ගත්තෙ මගෙ පන....මගෙ හැම දේම...හැබැයි....උන්ට කවදාම හරි දවසක විදවන්න වෙනවා...අනිවාර්යයෙන්ම .....මගෙ හුස්ම නතර උනත් කමක් නෑ..මට ගහන්න ඉතිරි වෙලා තියෙන්නෙ හෙන විතරයි .....ඒකත් ගැහුවම සම්පූර්නයි.....මගෙ ජීව්තේ වැඩි පුරම තිබුනෙ දරාගන්න තැන්.....මගෙ ජීව්තේ වැඩි පුරම තිබුනෙ අඩපු තැන්.....ඒත්..මම මේ වෙනකනුත් හුස්ම ගන්නවා....කමක් නෑ තාත්තා ...මට එක පාරක් ඒ මුන බලන්න ඕනා..එක පාරක් මාව මතකද අහන්න ඕනා...එක පාරක් මම නෙවෙද උඹේ මැනික කියල අහන්න ඕනා...

මං හුස්ම අල්ලන මලමිනිය ගානට වැටිලා කතා කෙරුවා .....සමහර සංසාර ගත බැදීම් කොච්චරද කියනවා නම්.....හෙන ගැහුවත් දරාගන න්න තරමට හයිය වෙද්දි මං කලු වලාකුලක් අස්සෙ එකම එක රිදී රේඛාවක් හෙව්වා .....

විතේන් ...

ඉස්පිරිතාලෙට උන්න මාව තාත්තා වලව්වට එක්ක ආවා.....ඇවිදගන්නවත් බැරි තරමට දුර්වල වෙලා ගියපු මාව සම්පූරනම වහලා රෝදපුටුවක වාඩි කරවගත්තු තාත්තා ශෙනෝන් එක්ක වලව්වට එක්කන් එනකොට අපිව දැකපු නාද්‍යා ගෙට දිව්වා වගේම ඒ ටිකකිම්ම මුලු මොල්ලිගොඩ පරම්පරාවම එලියට ආවා...

නිතේශ් ඉන්නවද ....

ඇයි මොකටද අහන්නෙ....

නිතේශ්ව අහන්නෙ....නිතේශ් එක්ක කතා කරන්න ඕනා හින්දා ...එයාට කියන්න තියන දේ උඹට කියන්න ඕනා නම් මම නිතේශ්ව අහන් නෑ මොල්ලිගොඩ මැනිකෙ....

එයාට එන්න බෑ....සුදු මහත්තයා වෙඩින් එකට ලෑස්ති වෙනවා ...

දන්නවා ....උඹලා ඌට ඉනාවක් කවලා විතරයි නෙවෙ ...ලෙඩේ හොයන්න බැරි තරමට අස්නීප වෙන්න මගෙ කොල්ලටත් හූනියමක් කැප්පෙව්වා කියන එකත් මම දැනගනමයි මේ ආවෙ පලිගු මැනිකෙ....

තා...ත්ති....

රෝද පුටුවෙ උන්න මම හුස්මත් හිරකරන් තාත්තා දිහා බලනකොට එයා ඇස් රතු කරන් මහ ගෑනි දිහාවට අඩියෙන් අඩිය ගියා .....එතකොට ..මටත්...මටත්...ඒහෙම කරලද...මාව අදුනගන්න බැරි වෙන තරමට .....

උඹලා දැන් දැනගත්තනෙ...මොල්ලිගොඩ උන්ගෙ තරම...දැනගත්තා නම්...දැන් වත් මේ වහන්තරාව අරන් පලයල්ලා...මේවා මගුල් ගන්න තියන ගෙවල්...අඩුකුලේ උන් පය ගහලා කාලකන්නි මේවා කාලකන්නි වෙන්න දෙන්න බෑ.....

මම අහන් උන්නා.....මට කෑ ගහලා ගහ මර්සගන එයාව ඇදගන යන්න බැරි බව දැන දැන මම අහන් උන්නා.....සමහරක් වෙලාවට ජීවිතේ වැටෙන වැටිලි වලට නැගිටගන්න තරම් පනක් නැති වෙනකොට කරන්න තියන එකම දේ හුස්ම අල්ලන් දරාගන ඉන්න එක....හුස්ම අල්ලන් දරාගන ඉන්නවා කියන එකමත් ලොකු දෙයක් වෙනකොට මම අහන් උන්නා...මම ඒ වචනයක් නෑරම අහන් උන්නා.....තමන්ගෙම දරුවට අහිතක් නැතුව හූනියම් කරන්න පුලුවන් අම්මා කෙනෙක් ඉන්න එයාව මම අද ඇදගන ගියෝතින් ....වලව් වත්ත පනින්න කලින් වෙඩි තියලා මරන්න පුලුවන් හිතක් උන්ට තියෙන්නෙ කියන්න දන්න මම උහුලන් උන්නා...

අත්තම්මා..

සුදු මහත්තයා ....

වෙච්ච දේවල් වල රගේ උන් මහා උජාරුවෙන් කියවනකොට වලව්ව ඇතුලෙන් ආව කටහඩ එක්ක මෙච්චර වෙලාම මූන පහලට බර කරන් උන්න මම ඔලුව ඉස්සුවා...ඒ එයා...දෙයියනේ...පරඩැලක් හා සමානව උන්නෙ වෙන කවුරුත් නෙවෙ....එයා....

දවස් දහයක් මගෙ ඇස්වලට නොදැකපු එයා...මෙච්චර වෙලාම අමාරුවෙන් හරි උහුලන් ඉන්නවා උහුලන් ඉන්නවා කියලා උඩු හිතෙන් දහසක් දේවල් හිතන් උන්න මට අවසානම මොහොතෙදි මගෙ ඉවසීමේ සීමාව පන්නලා යනකොට මම කෑ ගැහුවා .....

සුදු මහත්තයා .....

තේශී....අනේ...රත්තරන් ...සුදු අප්පෝ...අනේ...මගෙ....නිතේශ් .....

මෙච්චර වෙලාම රෝද පුටුවෙ උන්න මම වේදනා දෙන කකුල් වලට වාරු අරන් නැගිටගන්නකොටම මහ මොල්ලිගොඩයා ඇවිත් ඉස්සරහින් හිට ගන්නකොට මගෙ තාත්තා ඒකා ඉස්සරහට ගියා ....

උඹගෙ වලව්වෙ මගුලකටක කලින් මලගෙයක් වෙන්න ඕනා නම්...මගෙ එකාට අතක් තියපන්....උඹලා දැනට ගොඩ ගහන් තියන පව් බොහෝම වැඩී හාමු...උඹලට යන එන මං නැති වෙන්න වැඩි දවසක් යන්නෙ නෑ...අද මතක තියාගනින්...උඹගෙ සර්වාංගෙට පනුවො ගහලා මැරෙන්න.....උඹ කෙරුවෙ මොනවද...මං ආපිට ඒ ඔක්කොම කපනවා....අවුරුදු බර ගානකට උඩදි.....උඹලා ගලේ දේවාලෙට ගිහින් අඹරපු ගුලිය හින්දා...විදවපු මිනිස්සු වේදනාවෙ තරම දන්නවා....අන්න ඒ ගලේ දේවාලෙම්ම උඹලට අඹරපු ගුලිය වගේම ආපිට කපපු කැපුම...උඹට නෙවෙ.... උඹේ කපුවට තියා.....උඩ ඉන්න දෙයියන්ටවත් නවත්තන්න බැරි වෙයි...හොදට බලන්.ඉදපන්....උඹලා එකා...පිට..එකා ...මැරෙන හැටි ..

මම අහගන අප්පච්චි කුටු කුටු ගානවා..මොල්ලිගොඩ හ.හාමුගෙ මූනට ලන් වෙලා ඇස් දෙක රතු කරන් මොන මොනවදො දොඩවනවා....මම නොන්ඩි ගගහම මගෙ තේශී ගාවට යනකොට එයා මා.දිහා ඇස් ලොකු කරන් බලන් උන්න වගෙම මගෙ සර්වාංගෙම හැටි දැකලා අඩියක් පස්සට ගියා.....

ඒ වේදනාව.....ඇග පුරාවටම වමනේ නෑවත් මාව තුරුලු කර ගත්තු එයාට මාව මතක නෑ කියන වේදනාව.....

රෑ එලිවෙනකන් පපුව උඩ තියන් නිදි කරවපු එයා මාව අඩියක් පස්සට තියලා ප්‍රතික්ශේප කිරීමේ වේදනාව....

මේ හැම දේම මම විදින්න ගත්තා .....

සුදු මහත්තයා .....

මම සුදු මහත්තයා කියලා කියන්න කට අරිනවා එක්කම මට කලින් නාද්‍යා සුදු මහත්තයා කියලා එයාගෙ අතේ එල්ලෙනකොට මම බලන් උන්නා...ඇස්වලට උනපු කදුලු සට සට ගාලා බිමට වැටෙනකොට මම නාද්‍යා අල්ලන් උන්න අත දිහා බලන් ඉදලා ඒ මුන දිහා බැලුවා ....

තේශි ....උඹට..මාව අදුන්නන බැරිද ...

මම එයාගෙන් පලවෙනි ප්‍රශ්නෙ ඇහුවා....සර්වාංගෙම වෙව්ලනකොට වේදනාවට පපුව පැලෙන්න එනකොට මම ඒ අස් දිහා බලාගන මාව දුනන්න බැරුද අහනකොට එයා නාද්‍යා දිහා බලලා මා දිහා බලලා නෑ කියන්න ඔලුව වැනුවා විතරක් නෙවෙ....මගෙම්ම ඇහුවා මම කව්ද කියලා ...

ඒ වේදනාවෙ තරම හිතා ගන්න පුලුවන්ද .....

නැහැ....මං ඔයාව.....මට...ඒ තරම්....මතක...නෑ...ඔයා කව්ද....

තේශී....උඹගෙ විතේන්ව....අදුනන්න බැරිද.....උඹගෙ මැනිකෙව....උඹගෙ...දිසානායක මැනිකෙව....උඹගෙ....හුස්ම උඹට අදුනගන්න බැරිද මගෙ රත්තරන් .....යකෝ..මං උඹේ විතේන් ...උඹට මාව අදුනගන්න බැරිද දෙයියෝ.....උඹට..මාව...අදුනන්න බැරිද....

එයා මාව අදුනන්නෙ නෑ කියනකොට දැනුන වේදනාවෙ තරම කොයි තරම්ද කියනවා නම්.....ඒ වේදනාව මට මාවත් වාවන්නෙ නැති වෙනකොට මම එයාගෙ ඇගේ එල්ලීගන කෑ ගගහා මාව මතක නැද්ද අහනකොට සර්වාංගෙම එකම වනයක් උන....තුවාල වලින් එන කුයිලෙ එක්ක ඒ මුන ඇබුල් කරගන මාව එයාගෙන් තල්ලු කරපු පාරට කකුල් වාරු නැතුව මාව ව්සික් වෙලා ගිහින් බිම ඉන්දවෙනකොට එයා මගෙ මුනටම දෙවනි පාරටත් මාව මතක නෑ කියල කියනකොට මම.අත් දෙකෙම්ම මගෙ ඔලුව බදාගත්තා ....

උඹට මාව මතක නැද්ද තේශී...

නෑ දෙයියනේ..නෑ....කව්ද උඹ.....??

🙂ආයම හෙට එන්නම්.....

Exam තියන නංගිලාට පුලුවන් නම් complete වෙනකන් ඉදලා කියවන්න කියලා පුංචි ඉල්ලීමක් කරන්නම්.....මොකද කියෙව්වට පස්සෙ ස්ට්‍රෙස් වෙන්නෙ ඔයාලමයි.....පාඩම් වැඩ කරගන්න බැරි වෙන්නෙ ඔයාලටමයි...අවසානෙදි අක්කෙ ඔයාගෙ කතාව හින්දා මට මෙහෙම උනානෙ කියන වචනෙ අහන්න සිද්ද උනෝතින්.....අන්න ඒක මට ලොකු හිසරදයක් වෙයි....ඒක නිසා....තව චුට්ටම චුට්ටක් ඉවසන්න...මේ ඇඩෙව්වා හා සමානවම මම සතුට දෙනවා.....AL OL කරන නංගිලා ඉන්නව නම්... කතාව කම්ප්ලීට් වෙනකන් ඉන්න කියලා මම.ආයමත් ඉල්ලනවා.....

අනිත් එක...මම ලියන්නෙ කතාවක්.....මීට වඩා බලන්න අමාරුම ෆිල්ම් පවා බලපු අය ඇතියි කියලා මම විශ්වාස කරනවා..... ශෝකාන්තම විතරක් තියන ෆිල්ම් බලපු අය ඇතියි කියලා මම විශ්වාස කරනවා....දුකෙම්ම පටන් අරන් දුකෙම්ම ඉවර කරපු කතා බලපු අය ඇතියි කියල මම විශ්වාස කරනවා....මෙ කතාවම කවෘ හරි PROFESSIONAL ඕතර් කෙනෙක් ලිව්වොතින් හරි....මේ කතාවම තායි BL එකක් විදිහට ආවොතින් හරි....ඔයාලා නොබලා ඉන්නෙ ත් නැතිව යයි...කියවන්නෙ නැතිව ඉන්නෙත් නැති වේවි.....කොරන්න දෙයක් නෑ...මං ඉතින් PROFESSIONAL නෙවේ.....🙂🙂🙂

කියවනවද...නැතිද.....එක ආදරනීයම පාඨකයන්ට බාරයි.....එක්කෙනෙක් කියෙව්වත්...මං කතාව ලියලා....ලස්සන අවසානයක් දෙන්නම්.....ඒ කියවන එක්කෙනා වෙනුවෙ හරි.....

කන්දක් නැග්ගොත් අනිවාර්යයෙන්ම පල්ලමක් අහුවෙනව....සමහර වෙලාවට තැනිතලාවක් අහුවෙනවා.....තැනිතලාවෙ ඉදන් ආවම ඒ කන්දම සමහරක් වෙලාවට බෑවුමක් වෙනවා....😂

ආයම කොටසකින් මම එන්නම්....

..FERDEESHA ❤💚 ...

More Chapters