Cherreads

Chapter 88 - 88

තේශී....

ඕ බබෝ....

මට වොශ් රූම් යන්න ඕනානෙ...

ඉතින් යමු...ඊට කලින් බලන්න මේ මේල් ටිකද යවන්න ඕනෙ කියලා ...

කාට නැතත් ..නලින්ට දාන්ඩ....මං ඕකව මරයි නැත්තන් ....

ඔච්චර තරහා අරන් ලේ පුච්චගන්න එපා විතේන් ...ඔයා මෙතන නහිනවා...තාත්තා එහෙන් අප්පච්චිව දකින දකින පාර බනිනවා....අම්මා උදේ නැගිට්ට වෙලේ ඉදන් උන් දෙන්නට කෑ ගහනවා ...ගෙදර බඩුත් අඩු හින්දා දෝන්කාර දීලා දීලා මගෙ කන්දෙක පුපුරන්න වගේ. ....ඊටත් ඉයා මගෙ කන ඇදලා ඇදලා...එක කනක් නෑ නෑවගෙ....

මං එයාගෙ ගාව ඉදන් ඔෆිස් එකේ හදිසි මේල් වගයක් යැව්වා...ඒ මගුල් කරන්න ගත්තු වෙලේ ඉදන් එයාගෙන් මම අහපු තරමක් ආහුවෙ බැනුම් වෙනකොට මට අර නලින් කියන මනුස්සයා මොන දුකක් විදිනවා ඇතිද හිතුනා ....කාමරේ ඇතුලෙම වමනේ නාපු එයාව නාවලා කරලා කාමරේම අස් කරලා ආයමත් තද උනට දෙන පෙති දෙකක් දුන්න මම එයාගෙ උන යන්තම් බස්සව ගත්තා ...ඇගට පන නැති ගතිය හින්දම එයාව වැනෙනකොට මම එයාවත් උස්සන් බාතෲම් එකට ඇවිත් කොමඩ් එක උඩ වාඩි කෙරෙව්වා .....

මගෙ ඇගට අමාරුයි තේශී...ඔලුව කැක්කුමයි...ම්හ්හ්හූක්....

ඉතින් ඔයාට බෙහෙත් ටිකක් ගන්න යමු කිව්වට අහන් නෑනෙ දරුවො...කොච්චර කියනවද....අර අම්මා කැද වගයක් හැදුවා...ඒක බිව්වෙත් නෑ...කට තිත්තයි...අප්පිරියයි ගගා ඉන්නෙ නැතුව බොන්න ඕනා...

අනෙ .බොන්න බැරි හින්දනෙ මිනිහො මම කියන්නෙ...උන මාව කෑ ගස්සවලා පව් පුරවගන්න එපා අප්පා.....අර හැත්ත ආව දා ඉදන් සැනසීමක් නෑ...අනේ ..අර නාකියව මැරිලා වත් යන්නෙ නෑනෙ...

එයා බනිනවා...කොමඩ් එක උඩ ඉදගන තටම තටම එයා බනිනවා...ඇගට උන කෙසේවෙතත් කටට නම් උන ගැනිලා නැති මගෙ බොටමා මුලු වලව් සන්හතියටම තිබ්බ සාප වල හැටියට මේ වෙනකොට වලව්වෙ මුදුන් ලීය ගැලවිලා සීයා තාත්තගෙ ඔලුවට කඩා වැටෙන්න ඕනා...ඒ තරන් සාප ගොඩක් එයා කෙරුවෙ...එක අතකට එයා වැරදි නෑ....මගෙ විතේන් වැරදි නෑ....එයාගෙ හැම බැනුමක් අස්සෙම තිබුනෙ වේදනාව බය තරහව දුක විතරක්ම වෙනකොට මට එයාට වැරදී කියලා එක පැත්තකින් වත් කියන්න හිතුන් නෑ....

සුදු මහත්තයා ....

ම්ම්ම්ම්.....

උන් ආය එන එකක් නෑනේද...

ලැජ්ජාවක් තියනවා නම්....ආය එන එකක් නෑ විතේන් ...අනික.....එයාලට ගහලා බැනලා ඇදන් යන්න මම අවුරුදු දහ අටකට අඩු එකෙක් නෙවෙ...අම්මගෙ හිතේ අපි දෙන්නා ගැන අංශුමාත්‍රයක් තරම් වත් ආදරයක් නැති බව අපි නොදන්නවා නෙවෙ මැනිකෙ....අම්මා...අත්තම්මා ....වලව් නම්බුව වෙනුවෙන් පන පිටින් දර සෑයට පනින්න උනත් ලැහැස්ති ගෑනු විතේන් ....සීයා තාත්තා පවා එහෙමයි.....කූඩුවෙ ඉන්න කුරුල්ලො හිතන්නෙ ඉගිලෙන එක වරදක් කියලා .....

ඇරත්...මැරිලා යන දාට ඔය ඔක්කොම දාලා යන බව දැන මොකටද මැනිකෙ ඔය තරම් කුම්මැහි කම් කරන්නෙ....අම්මා කවදාවත් හැදෙන ගෑනොයක් නෙවෙ විතේන් .....

එයා අප්පච්චිට ආදරෙයි කිව්වනෙ තේශි.....

අනේ ..ඒ ගෑනිට අවදානෙ ඕනා වෙලා...වෙන කියන්න දෙයක් නෑ....ආදරෙ කරනවා නම්....අද නෙවෙ....මං ඉපදුන දා ඉදලා ආදරේ දෙන්න තිබ්බා...මට මතක ඇති කාලෙක මගෙ අම්මා...මම උඹට ආදරෙයි කියලා නෑ මැනිකෙ....මම උඹගෙ අම්මගෙ පස්සෙ දුවන්න එකම හේතුව ඕක.....මගෙ අම්මා මට නොදුන්න ආදරේ උඹගෙ අම්මා අහිතක් නැතුව මට දෙනකොට මම ඒ ආදරෙ ගාව නවතින එක වැරදිද විතේන් ...

..සතා සිව්පාව උනත් හීලෑ වෙන්නෙ ආදරේ තියන තැනට....අවුරුදු ගානක් යනකන් අම්මෙක්ගෙ ආදරේ දැන් දැන් ලැබෙනකොට මට අනීතම්මා කියන්නෙ...තනිකරම රොඩ්ඩක් විතරයි මැනිකෙ ...පොවපු කිරිවල ණය සංසාරෙ කොතනක වත් ගෙවන්න බැරි හින්දා ඉවසනවා මිසක්....වෙන ගෑනියක් නම්...මම ගහලා....ඒත්...කොච්චර කොහොම උනත්...ගෑනියෙක්ට අත උස්සන්න බැරි හින්දා මම ඉවසනවා...අප්පච්චිට ගහන්න අයිතිය තිබ්බට වදාපු අම්මා නම්බුව තියන්න ඕන හින්දා මම අත පය විසික් නොකර උන්න විතේන්...මිනිස්සුන්ට වෙලාවකට අවදානෙ ඕනා වෙනවා....මිනිස්සුන්ව ගනන් ගන්නෙ නැතිව පැත්තට කරන්න හදනකොට අවදානෙ ඕනා වෙනවා....

අනීතා අම්මත් කරන්න හැදුවෙ ඒක....අප්පච්චි අම්මව අයින් කරනවා කිව්වා විතරයි...අම්මට ඕන උනෙ අවදානෙ....කරන්න පුලුවන් ඔක්කොම දහපදුරාවෙ වැඩ කරලා අප්පච්චිට ආදරෙයි කිව්වම ඒක දැනෙනවද විතේන් ...කරන්න පුලුවන් ඔක්කොම දේවල් කියලා..කරලා ..අම්මා හොදයි අපි නරකයි කියා ගත්තම හරි යනවද විතේන්....අම්මා උඹගෙ අම්මට වේස පද කිව්වා පුලුවන් තරම් ...මොනවද බලාපොරොත්තු වෙන්නෙ.....අනීතම්මා කෑ ගගහා...එකම වචනෙ සිය පාරක් කිය කිය බැන්නෙ උඹේ අම්මා එහෙමයි අනීතම්මා එහෙම නෑ කියල්ලා කියන්න නෙවෙද විතේන් ...මගෙ අම්මා තමා...මගෙ අම්මා උනත්.....වැරදී...මගෙ අම්ම හැම පැත්තෙම්ම වැරදි.... මොකටද...අම්මා මාව ජාතක කරන්න ඇත්තෙ හරි විදිහට....ඒත් කෝ මටයි කියලා ආදරේ දුන්නද.....අප්පච්චිටයි කියලා ආදරේ දුන්නද ...එහෙම උනාම අපි අනිත් මිනිස්සු ගාවට යන්නෙ නැද්ද විතෙන්....ඉන්න කන් රැකගන්නෙ නැතිව ඉදලා....යන්න හැරුනම තොරෙනෙ ලයිට් පත්තු කරලා තේරුමක් නෑ...

ජීවත් වෙලා ඉද්දි නොදුන්න මල් මැරුනම මොකටද අහන්නෙ කට කහනවට නෙවෙනෙ .....ජීවත් වෙලා ඉද්දි නොදුන්න ගුනකථන මැරුනම දෙන්නෙ මොකටද අහන්නෙ කටකහනවට නෙවෙනෙ...කර්න්න දෙයක් නෑ...එයා ඔහොම නෙවෙ...කොහොම කිව්වත් මගෙ අප්පච්චි උඹගෙ අම්මා ගාවට නාවත්...අනීතම්මා ගාවට යන්නෙ නෑ විතේන් .....

ටිශූ එකක් අතේ ගුලිකරන ගමන් මං කියන දේවල් එකක් නෑර අහන් උන්න එයා අවසානෙදි වතුර ප්ල්ශ් කරලා මා දිහා බැලුවා ....

අනිත් එකා උඹ විතේන් ....පැනඩෝල් ගිල ගිල ඉන්නෙ නැතුව වහාම ලෑස්ති වෙයන් හවසට බෙහෙත් ටිකක් අරන් එන්න යන්න....

අනේ සුදු අප්පො...හවසට ගියහම ඉන්නෙ හුගක් බේත් දෙන දොස්තර අර අතන ඉන්න වන්ශොට් ගාවට යමුකො...

අනේ...මේහ්....මගෙන් කුනුහර්ප නාහ ඉදපන් විතේන් ...උඹට බෙහෙත් ටිකක් ගිලගන්ඩ බෑ වෙන වෙන මගුල් අපූරුවට කටේ ඔබා ගන්නවා....මැරෙන්ඩ අගහන්නෙ උඹට බිබික්කමක් වෙන්ඩ හදනවට....ඒකා ගමේ ඉන්නකොට මහ රෑට බෙහෙත් දාන්ඩ යනවලු තුවාල කාරයො රෑට තුවාල කකුල ජනේලෙන් එලියෙ දාන්ලු නිදියන්නෙ...මූ දවසක් සීනි අමාරුව හැදුන එකෙක්ගෙ කකුලෙ වනේකට බෙහෙත් දලා ඇවිත්ලු.... පහුවදාලු දන්නෙ ඒකා බෙහෙත් දාලා තියෙන්න්න් මැරිච්ච එකාගෙ කකුලට කියලා.....තොට එහෙම එකෙක් ගාවට ගිහින්ද බෙහෙත් අන්ඩ ඕනෙ....මැරුම් නොකා හවස ලෑස්ති වෙයන්...ආ ආය කියන්නෙ නෑ....

අම්මෝ...අනේ...මෙයාගෙ සැර ....

එක සැරේ උන බහින් නැතිව සැරින් සැරේ උන නගින බහින එකට එයාට බෙහෙත් ටිකක් ගන්ඩ ලැහැස්ති වෙන්න කියනකොට එයා එහා පැත්තෙ ප්ලැට් එකේ ඉන්න වන්ශොට් ගාවට යන්න හැදුවා විතරයි මං එයාව මරන්ඩ හැදුවා .....මොන මගුලද කව්ද දන්නෙ....වෛරස් එනවා එක එක කාලෙන් කාලෙට .....මූදු වතුරෙ නටලා මොකෙක් හරි ඇනුනද කව්ද දන්නෙ....මේකට කටු පේත්තයෙක්න්වත් පෑගිලා ඒකගෙ විසද කව්ද දන්නෙ .....

මගෙන් බැනුමත් අහපු එයා හොරා වගේ බිත්තියේ ඇලීගෙන බාතෲම් එකේ දොරෙන් එලියට පැන්නා...

ගහන්නෙ තොට පුක පුපුරන්ඩ....

තෝ අල්ලන් පුක පුපුරපුවල ප්‍රතිඵල තමා මේ.....ම්හුක්...මේ ලමයට උන ගැනෙන්න ගහලා...

අනේ.....මං උඹට මීට කලින් ගහලම නෑනෙ.....

යෝ.....හ්හ්...තේශී...කටවහපන් මිනිහො....වනචර කතා නොකියා...මගෙ ඔලුවත් එක්ක කැක්කුමයි....

ඇත්තට....

ම්ම්ම්ම්...හ්....

ඔයාට බඩගිනි නැද්ද...කාපු බීපුවා ඔක්කොම.ගියානෙ.....අම්මා.. කැද හැදුවා .....ටිකක් බීලා ඉමුකො මැනිකෙ ..

මගෙන් බැනුම් අහන් අමාරුවෙන් වගේ ඇදට නැගපු එයාව මම එහෙම්ම මගෙ ඇගට හේත්තු කර ගත්තා...ලාවට රස්නෙයි ..පෙනඩෝල් දෙකක් බොන වෙලාවට විතරයි....

කැද බොන්න බෑ අප්පා...දැවිල්ල දෙයක්....

මිරිස් කුඩු ටිකක් කාපන් එහෙනම්.... ඉන්න ඉන්න මං අර එන්නම්.....

ම්ම්ම්හුක්...කැද කියනකොටත් මට පාන්ඩුව වගේ...

එයා නහයෙන් අඩන්න ගත්තා...නහයෙන් ඇඩුවත් කමක් නෑ කියලා හිතපු මම එහෙම්ම කාමරෙන් එලියට එනකොට මං බලාගන බැල්කනි එකේ උන්න තාත්තා වගේම අප්පච්චි කටින් කට යනවා.මට තේරෙන්නෙ නෑ...ඒ දෙන්නා කොයි වෙලා ඔය කියවිල්ල නවත්තයිද කියලා ...තාත්තා බැන්නෙම අප්පච්චිගෙ මූනට ඇගිල්ල දික් කර කර වෙනකොට අප්පච්චි අහක බලන් උන්නා....

ඇයි අම්මා අර...තවවත් එයාලගෙ රන්ඩුව ඉවරයක් නැද්ද...

මං දන්නෙ නෑ...මට ඒ මිනිහට කියලා තේරුම් කරන්න දන්නෙ නෑ ...අනික .මට එයාට බනින්නත් බෑ නිතේශ් ...දෙම්ව්පියො උනහම දරුවො ගැන බයයි...ඒක දවස් ගානක්ම එක දිගට කියවනවා...එක එයාගෙ හැටි ඒක මතක් වෙන වෙන පාර බනිනවා.....මම උනත් එහෙමයි.....මතක් වෙන්නෙ කොයි වෙලෙද බනිනවා.....මෙ ඔක්කොම දේවල් දරු කැක්කුම හින්දනෙ.....

ම්ම්ම්ම්.....ඒක ඇත්ත...මගෙ අප්පච්චිට දරු කැක්කුම තිබුනට...අම්මට නෑනෙ අම්මා.....එහෙම තිබුනා නම්....ජීවත් වෙලා ඉන්නකොට තව දරුවෙක්ගෙ පාංශුකුලේට අත ගහන් නෑනෙ....එලිය දකින්න බලන් ඉන්න නූපන් දරුවෙක්ව මරන් නෑනෙ....එහෙම බලන් ගියහම අම්මගෙ විතරක් නෙවෙ....වලව්වෙ කාටත් දරු කැක්කුමක් නෑ අම්මා...කරන්න දෙයක් නෑ.....අප්පච්චිට මට..ලොකූ ණයක් ඇති ගෙවලා ඉවර කරන්න....අම්මෙක් උන්නත්...අම්මෙක් නැති විදිහට ජිවත් වෙන්න මොකක් හරි කරල ඇති .ඒකට කමක් නෑ..මේ ආත්මෙන් ඒ ණය පියවෙලා යනවා නම්...

විතේන්ගෙ කැද එක ආයම රත් කර කර උන්න අම්මා ගාවට වෙලා මම කියවනකොට එයා ගින්දර අඩු කරලා මා දිහා බලල මගෙ අත් ගොබේට හේත්තු වෙලා අහන් උන්නා...

මං ඉන්නවනෙ .....ඒක හින්දා ඔව්වා හිතන්න එපා ...අම්මෙක් මදි උනාට....අප්පච්චිලා දෙන්නෙකුයි මායි ඉන්නෙ ....

එයා මගෙ අත් ගොබේට හාදුවක් තිබ්බා...මාව සීතල වෙලා ගියා....මගෙ විතේන් ඇරුනම අත් ගොබේට හාදුවක් තිබ්බ එකම කෙනා එයා.....අම්මා වත් මතක ඇති කාලෙක හාදුවක් නොදුන්න කොට අවංකවම මගෙ පපුවට ඒ හාදුව පුදුමාකාර තරම් බර උනා ....

මම එහෙම්ම එයාගෙ අත් දෙක අල්ල ගත්තා ....

අම්මට පින්.....කහටක් නැතුව ආදරේ දුන්නට ... කාගෙද...නොබලා...ආදරේ කරනවට ...දන්නවද අම්මා.. ...මට...අම්මව...මගෙ අම්මට වඩා හුගාක් දැනෙනවා...ගෙදර එනකොට...අම්මෙ කියාගන කවදාවත් ගෙට ඇතුල් නොවුන මම අද අම්මෙ කියලා ඔයාව හොයනවා.....වෙනදට...මොනව හරි හොයා ගන්න ඕනා උනාම ගේම පෙරලන මම අද එක පාරක් අම්මෙ.....කිව්වම...මම දකින්න කලින්....ඒක ඔයා දකිනවා.....මං හැමදාම හෙව්වෙ....මේ ආදරේ....ඒත්...මට හම්බ නොවුනෙත් මේ ආදරෙ...ඒත්...පහු වෙලා හරි...මට අම්මෙක් උනාට පින්...අම්මා.....හුගාක්...

මම හිතේ තිබුන හැගීම් වචන කෙරුවා....මට මීට වඩා හුගාක් දේවල් කියන්න ඕනා උනත්....මගෙ උගුර හිර වෙන ගතියක්...පපුව හිරවෙන ගතියක් දැනෙන්න ගත්තා....අඩුම ගානෙ මගෙ අම්මා අද වෙනකන් දන්නෙ නෑ මං ආස මොනවද ...මං ආස නැත්තෙ මොනවද කියන්න....අඩුම ගානෙ අම්මා දන්නෙ නෑ....මම කන්න ආස මොනවද....නැත්තෙ මොනවද කියන්න.....කොටිම්ම කිව්වොත්.....අම්මා මේ නිතේශ් සෙයොඉන් ගැන අබමල් රේනුවක තරම් වත් දෙයක් දන්නෙ නැති කොට ඒ අම්මගෙ අම්ම කම මොකටද කියලා හිතෙනවා ...

එයාලා හැම දාම කෙරුවෙ මම ආස කරන දෙයක් තිබුනොත් ඒක මගෙන් ඈත් කරන එක කන් ආස කෑමක් ඉල්ලුවොත්.....ඒ වෙනුවට වෙන දෙයක් ගිල්ලවපු එක .....ලමා කාලයක් ගැන මට කවදාවත් ආදරනීය මතක...සුන්දර මතක නොතිබුන තරම්....අගුරු කෑල්ලක් අරන් අගු පිලක...බිත්තියක අදින එක ලමයිට මහ මෙරක් උනත් වලව්වෙ ඇත්තන්ට අගුරු පැල්ලමක් ගෑවුනත්....ඇගෙන් ඇටයක් යන්න ආවා හා සමාන උනා. .

මට අද වගේ මතකයි ..මට යන්තම් අවුරුදු හතක් වත් ඇති .....අලුත් අවුරුද්දට කියලා වලව්වට රට හුනු ගෑව දවසක ඉතුරු හුනු ටික කුසියෙ ඇතිල්ලුවා...තනිම සුදු පාට බිත්ති දකිනකොට ඉරි කෑල්ලක්..බලි කුරුට්ටක් අදින්නම හිත එන එක ලමයින්ගෙ පුරුද්ද වෙනකොට මැනිකගෙ අම්මා එහා මෙහා වෙනකන් ඉදලා පොල්කටු අගුරු කෑල්ලක්ද කොහෙදෝ අරගන මම ල්ප් බොක්කෙ නැගගනම පෝරනේ පුරාවටම අකුරු ලිව්වා...ඒත්....ඒ අකුරු බෝලා උනෙත්...නෑ...ලස්සන උනෙත් නෑ.....හැබැයි ..ඒ කැත බලිකුරුටු අස්සෙ වචන දෙක තුනක් තිබුනා.....

" මම ආදරෙයි අප්පච්චි .....මං ආදරෙයි අම්මා..."

ඔන්න ඔච්චරයි තිබුනේ..හැබැයි...මං එදා දැනගත්තා අප්පච්චිට ආදරෙ කරන එක වැරදි නැති උනත්...අම්මට ආදරෙ කරන එක වරදක් කියලා ...පුංචි හිතට දැනෙන හැගීම් වචන කරන එක පවක් කියලා.....

එදා අම්මා මගෙ චූට්ටකට නැති ඇගිලි වලට ඉගුරු කෝටුවක් අරගන තැලුවා...

ගල්බන්ඩා සුදු අප්පොව දාලා නිමල් ආවයි කියලා ඉගුරු කෝටුවෙන් ගැහුවා වගේ නෙවෙ ගැහුවෙ...වරදක් නොකර වරදක්කරපු එකට වලව්වෙමැනිකෙ මට ගැහුවෙ ...ඒත් මගෙ අප්පච්චි එදා මට අගුරු කෑල්ලක් අරන් අර ගුටි කාපු ඇගිලි වලින් මුලු කාමරේ පුරාවටම අදින්න දුන්නා ....ඇබිත්තන් හිත් අස්සට දෙයක් කා වැදුනොත්...කා වැදුනම වෙනකොට ඉගුරු කෝටුවට තැලුන ඇගිලි වලට අප්පච්චි උකුලෙ තියන් තෙල් ගානකොට මම.අහපු වචන දෙක තුන එක්ක කදුලු පිරුනා මට මේ දැන් වගේ මතකයි....

"අප්පච්චි ....අම්මට....ආදරෙයි කියන එක හොද නෑද...?"

එදයින් එදා ඉදන් අද වෙනතුරු මන් කවදාවත් අම්මට ආදරෙයි කිව්වෙ නෑ...අම්ම ගැන රචනාවක් ලියන්න කියපු හැම දාකම මං අප්පච්චි ගැන ලිව්වා .....හැම ලමයෙක්ම පවුල ගැන ඇහුවම....කාටද වැඩි පුරම ආදරෙ ඇහුවම "අම්මයි" කියලා පටන් ගන්න හැම තැනක්ම මං "අප්පච්චියි" කියලා

පට න් ගත්තා .....එදා අවුරුදු හතේ ඉගුරු කෝටුවෙන් ගුටි කාපු මට අද වෙනකන් ඒ දේ මතක තියනකොට ....අනීතගෙ පරපුරේ ඉන්න තවත් අම්මලා අප්පච්චිලා ඉන්නවයි කියන මේ මෑතක මං දැනගත්තෙ පුංචි හිතක් අස්සෙ මහ සාගරයක් තරමට ආදරේ තිබුන තවත් දරුවෙක් අප්පච්චිගෙ කාරේ "තාත්තට මන් ආදරෙයි"කියල පුංචි කූරකින් ලියලා තිබුනා ....

අකුරෙන් අකුර ලියවෙනකොට කාර් එක හීරිලා ගියා ...හරියටම මං අගුරු කෑල්ලෙන් අකුරෙන් අකුර ලියනකොට බිත්තිය අගුරු පාට උනා වගේ....ඒ අප්පච්චි කෙරුවෙ ඒ ඇගිලි ටික තලපු එක...හරියටම අනීතම්මා මගෙ ඇගිලි වලට ඉගුරු කෝටුවෙන් ගැහුවා වගේම.

ඇගිලි තැලුනා....පුංචි එකාගෙ තැලුන ඇගිලි අයින් කරන්න උනා...මොන තාත්තෙක්ද ඒ....ඇගිල්ලක් අයින් අයින් කරන්නම තලනව කියන්නෙ....ඇගිලි ටික නැති උන පුංචි එකා අහනවා..."තාත්තෙ ආයම මගෙ ඇගිලි වැවෙයි නේද "කියලා...තාත්තගෙ හිත කඩා වැටෙනවා ...ගෙදර ගියහම දකිනවා කාර් එක පුරාවටම තිබුන අකුරු මොනවද කියලා ....ඒ තාත්තා වාවන්ඩ බැරි තැන ඇගේම බර මුදුන් ලීයකට දරාගන්න කියලා යන්න යනවා ....

හැබැයි...අනීතම්මා....තව වෙනකන් ..අද වෙනකන්....පුතේ මට සමාවෙයන් කියලා වත් කිව්වෙ නෑ.....

කරන්න දෙයක් නෑ බෝසත් කුලේ දෙමව්පියො හැමෝටම හම්බෙන් නෑ...මේක මං කරපු පවක් වෙන්න ඇති....නැත්තන් ඉවරයක් නැතිවම මේ තරම් පස්සෙන් පන්නන්නෙ....කතාවක් තියනවා "උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලනියේ" කියලා...ඒක ඇත්තටම එහෙමයි නම්....අනේ ..මං කැලනි විහාරෙ වරක් නෙවෙ...සියවරක් වදිනවා....ඒත් ඒකටත් වාසනාව ඕනා.....මොනවා කරන්නද පූරුවෙ කරපු පව් ඒ තරම් ඉක්මනට ගෙවන්න බැරිව ඇති ....පව් පල දෙන්න ගත්තම කාටත් එකයි.... නැතිනම්...මුගලන් මහරහතන් වහන්සේට පවා පව් පල නොදී ඉන්න තිබුනනෙ ...බුදුන්ගෙ අග්‍ර ස්‍රාවක වෙලත් උන්වහන්සේට පව් පල දුන්නා...අම්මා තාත්තා මැරුව පව පල දුන්නා...අන්තරීය පාප කර්ම පලදුන්නා....කෙලෙස් නැති කරපු කසාවත්තුන්ට පවා පව් පලදෙනවා නම්....අපි ගැන මොන කතාද ....

කරන්න දෙයක් නෑ...මේක මගෙ කරුමයක් වෙන්න ඇති ....ගෙවලා ඉවර කරන තාක් කල්....විදින්න වෙන ...

ලොකු පුතා...ඕක ගිහින් දෙන්න දරුවො...

මටත් නොදැනිම ඇහෙන් වැටුන හැගීම් බින්දුවක් අතේ තිබුන කැද පීරිසිය උඩට වැටුනා ...

මැනිකේ....

ම්ම්....හ්හ්හ්.....

නැගිටින්න...

එයාට නින්ද ගිහින් තිබුනා...උන බැහැලා හින්දමද කොහෙද නලලට දාඩිය බින්දු දෙක තුනක් දාලා තිබුනා වගෙම මම නලල මගෙ පිට අල්ලෙන් පිහලා අත තියලා බැලුවා.....දෙයියන්ගෙ පිහිටෙන් එයාගෙ උන බැහැල ගිහිල්ලා .....

විතේන්...

ම්ම්ම්හ්හ්.....ඇ....යි.....අප්....පා...

මේක බීලා හිටපල්ලකො....

එයා ඇබරුනා. ...උඩටත් මොකුත් නෑ..යටටත් මොකුත් නෑ..... ජංගි කොටේ විතරයි ..ඒකෙනුත් එක කකුලක් උඩට ඇබරිලා ගිහිලා බාගයක් එලියේ....මං එහෙම්ම ඇද විට්ටමට කොට්ටයක් හේත්තු කරලා එයා ගාවින් ඉදගන හැන්දෙන් කැද එක කූරු ගෑවා .....

පෝ.....හ්හ්

ඇයී.....

ලුණු කැදද .. කිරි කැද හදන්ඩ කියන්න...එපැයිනෙ ...

ඔන්න පටන් ගත්තා නහයෙන් අඩන්න ..පොල් කිරි සීතල ඇති ඒකනෙ අම්මා ලුනු කැද දුන්නෙ....

අනේ...තේශී...ඔය මගුල බොන්ඩ බෑ.....

ඇයි.....

ම්හුක්.....අපේ තාත්තිගෙ අම්මා දවසක් පට්ටි ගහපු ඊරියෙක්ටත් පැටව් දාපු වෙලේ පෙව්වෙ ලුනු කැද...මට ලුණු කැශ කියනකොට මතක් වෙන්නෙම ඒකිගෙ රතු උන පුක පැත්ත...

මොන ඌරෙක්ද විතේන් උඹ.....ඕන් නැති මගුල් මතක් කරන්නෙ බීපන්කො....ඊරි කැද බිව්වෙ පුකෙන්ද නෑනෙ ...

අනේ ...තේශී .....යකෝ...උන මාව මරවන්ඩ එපා....මට කිරි කැද ඕනා....

කිරි කැද...මම කියන්නෙ නෑ උඹට...කිරි තියනව...ඕනෙද...හැබැයි ඇඹුල් රහයි....

බ්වෑක්.....බ්බ්බ්බ්...වෑ....ක්...කැහ්....කැහ්...

මොන මගුලක්ද මැනිකෙ කරන්නෙ....

ලුනු කැද බොන්න බෑ පට්ටි ගහපු ඊරිගෙ රතු උන පුක මතක් වෙනවා කියපු මගෙ යක්ස කොල්ලා ඊලග පාර මම ඇඹුල් රහා කිරි තියනවා කිව්වා විතරයි ඔක්කාරෙ කරලා කහින ගන්නකොට මම ඒකගෙ පිටට තට්ටු කෙරුවා ...ඔක්කොමත් හොදයි...මේ විතේනයා අසනීප වෙනවා කියන එක තරම් එපා කරපු දෙයක් ....නම්...මගෙ ජීවිතෙට නෑ....

තේශී.....කැහ්...

හරි...හරි...ඉවරයි ..බිස්කට් දෙන්නද ....

ගෝල්ඩ් මාරි තියනවද....

නෑ....

ඇයි....අර ලොකු පැකට් එකක් තිබ්බානෙ....

ඒක අරූ ඉවර කරලා...ටිකිරි මාරි තියනවා....

අපෝ....හ්...ඒ මගුල් පොල්කටු වගේනෙ ...

එයා ආයම නහයෙන් අඩන්න ගත්තා ....ගඩාපි පැටියා වගේම විතේනයා ගෝල්ඩ් මාරි පෙරේතයො...මුන් දෙන්නා විතරක් නෙවෙ ..මාත් එහෙමයි....අනේ මන්දා ඔක්කොටම වඩා මං ගෝල්ඩ් මාරි එකේ සුවදට ආසයි.....ඒක හරි බබ්බු සුවදයි ...ඉගුරු දාපු තේ එකක් එක්ක ගෝල්ඩ් මාරි පැකට් එකක් කියන්නෙ කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා ගා සමාන වෙනකොට තේ බුජමෙ සයිස් එක අනුව ගිලින්න පුලුවන් බිස්කට් ප්‍රමානෙ අඩු වැඩි උනා...

නිතේ.....ස්

ඇයි....

ම්හුක් ...තිවංකයට කෝල් එකක් දාලා කියන්නකො ...නිතේස් ...මේ ලමයට බඩත් ගිනීනෙ...ඇගටත්...පාන්ඩුව වගේනෙ ඒයි...

වර මෙහාට තෝව...මන් ...මිරිකලා මරනව...

ඌ....යියාහ්හ්හ්.....

බිස්කට් නෑ කිව්වා විතරයි එයා මාව කූරු ගගා පහල කඩේ තිවංකයා ලව්වා බිස්කට් ගෙනත් දෙන්නකියනකොට ඒකගෙ දොන්ත බිබික්කම් මූන දිහා බලන් උන්න මම ඇදලා අරන් කකුල් දෙක උඩ ඉන්දන් උන කියන එක පැත්තක දලා කම්මුල හපලා පිටට ඩෑස් එකක් දුන්නා එයා මැරෙන්න හැදුවා ...

තිවංක.....මට ගෝල්ඩ් මාරි එකේ ලොකු පැකට් දෙක් ගෙනත් දෙන්න....

නිතේස්....නිතේ...ස් ..සමපෝශ .....

ආ සමපෝශ පැකට් එකක් එක්ක ගාපු පොල් පැකට් එකක් ගේන්න ...

ප්‍රෙස් පොල් අනික පොල් කුඩු වගේ.....

ෆ්‍රෙශ් පොල් තියනවද....පිලිනු ගද නම් ගේන්න එපා...

ගෝල්ඩ් මාරි ඕනා කියපු එයා ඊලග පාර සමපෝශත් ගේන්න කිව්වා වගේම ඊලග පාර මං සමපෝශ පැකට් එකකුත් ගේන්න කිව්වා ....

විතේන් ....විතේන් ...

අම්මා...මටත් ගුලියක්....

බත් කන්න තියන් ඔව්වා ගිලින්ඩ එපා ලමයො....

රසානි මටත් ගුලියක් ....

මටත් එකක්....

දැන් ඔක්කොමල්ලා සමපෝශ ගිල්ලම අර තම්බපු බත් මුට්ටිය ගිලින්නෙ මමද.....

රසානි ඇන්ටියෝ...මගෙ ඇන්ටියෝ...මේ ඩියෝන් බබා ආවානෙ...සමපෝස ගුලියක් ඉල්ලන් යන්න......අපිට ආරංචියක් ආවනේ....සමපෝස හදනවා කියලා....ඉතින් බලන්නකො....නේද....

මම අහක බලාගත්තා ...ලෙඩ එකාට හින්දා අම්මා සමපෝශ හදනකොට අවසානෙදි ගෙදර අනිත් උනුත් ලෙඩ්ඩු උනා.....කනවට වඩා සමපෝශ ගුලියෙන් එන සුවද සුවදට මම විතරක් නෙවෙ හැමොම ආස උනා ඒක ලොකු පොඩි කියලා නෑ. උන් සමපෝශ වලට ගෝල්ඩ් මාරි වලට මැජික් එකක් දානවද කොහෙද .....එයාගෙ පිහිටෙන් සමපෝශ ගිලින්න ආව අපි කාටත් එකම එක ගුලියක් ආසාවට හම්බ නොවුනකොට මම උන විතේනයව කොනිත්තලා කොනොත්තලා අවසානෙදි අඩවල ඇහැට පෙන්නෙ නැති අංශුවක තරමක් ඉල්ලගත්ත .....

ඇද රෙද්ද පිටින් ඇගේ ඔතාගන උන්න එයා ගුලිවෙච්ච සමපෝශ ගිල්ලා ..... තෙම්පරාදු සුවද ඇරුනම මුලු ගෙදරම මහ හිස් බවක් දැනනෙකොට මම එකම එක ඵොටෝ එකක් නැති බිත්ති දිහා බලන් උන්නා.....ඒම ඵොටෝ එක ගෙනල්ලා ආයම ගැහුවත් .....හිතේ ඇතිවුන තැලුම් පාර ආයම මකන්න බැරි බව මගෙ පපුවට දැනෙනකොට මම හිස් වෙච්ච ඇනයක් අතගෑවා....

සුදු මහත්තයා ....

ම්ම්ම්.....

අපි....ආයම ඔව්වට ඒවා ගෙනත් එල්ලමු කියලා.....

එයා මගෙ හිත හැදුවා...එයා පිටිපස්සෙන් ඇවිත් මගෙ අතක එල්ලුනා ...එයා කියනවා ආයම ඔව්ව්ට ඒවා ගෙනත් එල්ලමු කියලා ...ඒත් ..අර පලවෙනිම පාර ගෙනත් එල්ලපු හැගීම් වෙනුවට තිබුනෙ මහ වේදනාවක් විතරක් වෙනකොට මට ආයම ඵොටෝ ඕන් නෑ කියලා හිතුනා...

හා.....

මම හිතින් හුගාක් දේවල් හිතුවත් එයාට බොහෝම කෙටි උත්තරයක් දුන්නා .....මට එයාගෙ හිතට තවත් වේදනා දෙන්න හිත හදාගන්න බැරි උනා.....

ලොකු පුතා.....

ඕ.....

එන්න කන්න..

එයයි මායි දෙන්නම උන්නෙ එක තැන...ඒත් අම්මා කතාකෙරුවෙ මට වෙනකොට කියන්න තේරෙන්නෙ නෑ...මට හරි සතුටක් දැනුනා..එක නිකන් හරියටම කාන්තාරයක් පුරාවටම පිච්චි පිච්චි ඇවිදලා අවසානම මොහොතෙ වතුර අල්ලක් බොන්න හම්බුනා වගේ ප්‍රාතිහාර්‍යක් වගේ වෙනකොට එක අම්මෙක් තලපු හිත...ලෙ නෑකමක් ගෑවිලාවත් නැති අම්මෙක් දෙනකොට මගෙ හදවතේ තැලුම් පාරවල් නැති වෙලා යනවා වගේ දැනුනා.....

අම්මි මට එපා....

එහෙනම්....

මේ උඩට කන්න බෑ අනේ..මට කාපුවත් ආය යන්න වගේ ...

ඔය හිස් බඩ ඉදලා දරුවො....එක කටක් හරි කන්න ...

අනේ ..බෑ අම්මී..මට ඔක්කාරෙට වගේ

එයා කන්න බෑම.කිව්ව...කාපුවත් ආයම යන්න වගේ ගගා අතින් කට වහගත්තා ...

එයාගෙ පිගාන ඇරෙන්න කෑම මෙසෙ පුරාවටම හිස් පිගන් එක එක්කෙනාට වෙන් වෙනකොට මගෙ විතේන් යන්න හැදුවා උනත් තාත්තා එයාව නවත්තගත්තා ...ඒ මූන අර කලින් තිබ්බා වගේමයි....එකම එක හිනා පොදක් නෑ.....

විතේන් .....

තාත්තී

තමුන්ට කන්න බොන්න බැරි උනාට කමක් නෑ.....ඇවිත් වාඩිවෙනවා....දහම්...රසානි...මෙහෙටආව නම්....

මම ඉදගන බලාගන උන්නා....ඩියෝනයා කටේ දාගන්න ගියපු පපඩම ආයම පිගානට දාල හොරා වගෙ ඇගිල්ල සූප්පු කෙරුවා....අප්පච්චිගෙ මුනෙ කිසිම හැගීමක් නොතිබුනා වගේම.....අම්ම බලන් උන්නා තාත්තා ඊලග පාර මොන මගුල කියන්න යනවද කියලා ...අනේ දෙයියනේ ඕන දෙයක් කියපන් මගෙ විතේන්ව මගෙන් ඈත් කරන්න එපා කියන එක මම හිතින් සියපාරක් විතර්ස් හිතනකොට එයාගෙ තාත්තා උගුර පාදලා අපි දෙන්නා දිහා බැලුවා....

නිතේශ්.....විතේන් ....මං මේ කියන දේ හොදට අහගන්නවා හරී...මං මේක කියම අවසානම පාර.....විශේම්ම නිතේශ් තමුන්ට...වලව්වෙන් මොකක් හරි මගුලක් කරලා.මගෙ කොල්ලට ඔවුන් ආයම හුප්පද කොයන් ආවොත්.....මම ඒකව ගත්තා ගියා...ආය.....ඔය මොල්ලිගොඩ උන්ගෙ හුලගක්වත් වදින්න ඉඩක් නෑ...තේරුනානෙ.....ආ...

තේරුනා....

කරන්න දෙයක් නෑ...අම්මා කිව්වා වහේඅ එයාගෙ තාත්තා ආය ආයම එකම දේ කිය කිය මට බනින කොට මම ඔලුව පහත් කර්න් ඔක්කෝම අහන් උන්නා....

හරි....වැදගත්ම කාරනාව...විතේන් .....නිතේශ් ...

තමුන්ලා දෙන්නා.....මේ මාසෙ ඇතුලත මැරි කරන්න ඕනා.....වෙඩින් පාර්ටි ..අර මගුල් මේ මගුල් මොන මගුලක් වත් නෑ.....මට මේ මගුල හින්දා කොයි වෙලෙ හරි නහරයක් ගහලා යනවා...ඒක හින්දා මේ මාසෙ ඇතුලත බදින්න ලෑස්ති වෙනවා තේරුනානෙ.....

😒ජැක්කනෙ.....චේරුනානෙ.....බදින්න ලෑස්ති වෙනවා...මගුල.....ම්හුක්😒😒😒

මම යනවා යන්න....ඇයි වදෙ.....මෙක කරන්න පුලුවන්ද හැමදාම....ඇයි යකො.....(😂😂)

තටා....බායි...ආයම....සෑට...එන්නාම්.....

අග්නිද....

ඩාර්ක් සෝල්ද.....

අක්කෙ...ජෙකම ගාලා....මාව ආවේස කරන්ඩ එපා...ආ...මෙ ලමයට තරහා යනවා හරී....යට...

ජැක්කනෙ...හුහ්...

ආතරෙයි.....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters