රැල්ල ගහනවා....ආයම මුහුදට යනවා.....ආයම වදිනවා ආයම යනවා....මම ඇස් හීනි කරන් බලන් උන්නා....ශෙනෝනයගෙන් අලුත් මල්ලි ගැන අහන්න ගිහින් කට කැඩුන කතාවක් අහගත්තු වත්තල නඩේ ආපයිම්ම යන්න යනකොට අරූ තවත් බලන් උන්නා.. ....
අද ඉදලා හෙට යමු නේ බන්...උඹලට ගෙවල් අස් කරන්නත් එපැයිනෙ ...
කොහෙ ඉදීද දන්නෙ නෑබන්...මොකටත් කියලා හෙට යන එකම හොදයි.....
ම්ම්ම්.....මං උඹෙන් අහන්න උන්නෙ සෙනාරි ආය මීක් ගෑවෙ නැද්ද ....
නෑ.....ඒකිට කියන්න ඕනා ටික කිව්වනෙ බන්...ආය ගත්තෙ නෑ.....
මම නිල් පාට මහ මුහුද දිහා බලන් උන්නා බත්තලන් ගුන්ඩුවෙ මිනිස්සුන්ට නම් නිවනක් ඇත්තෙම නෑ...ඒමිනිස්සු මහ මුහුද එක්ක ඔට්ටු වෙනවා...ඔට්ටු වෙනවා...ඉවරයක් නෑ...මෙහෙන් කරවල කරනවා....අවසානෙදි මීගමුවට.....කොළඹට පටවනවා..තව සමහරක් රට පටවනවා...හුස්ම ගන්න ඒ මිනිස්සු විදින දුකක්....
ඇත්තටම කිව්වොත් ඉපදීම දුකක්....හැමෝටම.....ටිකක් නෙවෙ...අමු දුකක්....ඉපදුන දා ඉදලා මිනිස්සු කරන්නෙ ජීවත් වෙන්න නහින එක...නැත්තම් මොකටද මිනිස්සු ගෙදර ආව ගමන් අද නම් මැරුනා...මැරෙන්න තරම් මහන්සී කියලා කියන්නෙ.....
එක පැත්තෛන් කියනවා ඉපදීම දුකක් කියලා ...අනිත් පැත්තෙ කියනවා මනුස්ස ආත්මයක් ලබන්න පින් කරන්න ඕන කියලා...මට තේරෙන්නෙ නෑ ඕකෙන් කෝකද හරි කියලා .....ඇස් ඇරෙන මොහොතෙ ඉදන් මැරෙන මොහොත දක්වා මිනිස්සු හිනා වෙලා ඉන්නවා නම්කමක් නෑ....ඒත් ඒ ජීවිතේ ඒ කා කාරයි....අනේ මංදා මට තේරෙන්නෙ නෑ.....දුකක් දැනෙන හැම වෙලාවෙම පවක් ගෙවෙන බව හිතන්නලු.....ආයම කියනවා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා....මට මේවා තේර්‍ර්න්නෙ නෑ.....අවංකවම තේරෙන්නෙ නෑ...
හුස්ම ගන්න නහින කාලෙ අතර තුර ආදරේ දෙන්න අවංක කෙනෙක් හම්බ උනොත්.....ඒ ඇති...එහෙම හිතනවා...
මට බෑ තවත් මෙ විකාරෙ හිතන්න...ජීවිතෙ ගැන හිතන්න අමාරුයි....ඒක නිකන් පැටලුන නූල් බෝලයක් වගේ....වෙලාවකට ඔලුව විකර වෙන....වෙලාවකට නූල කඩාගන යන්න හදන සරුංගලයක් වගේ....වෙලාවකට කූඩු කරලා හදන කුරුල්ලෙක් වගේ.....මට කියනවා නම් කෙටියෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි ...මුලු ජීවිතේම මහ වේදනාවක් කියලා ..ආය ඉපදීමක් නැති තරමට හොදයි....ඒත්...මම එයායට පොරොන්දු උනා.....ඊලග පාර කාටත් කලින් මම ඉපදිලා එයාවම ආයම හියා ගන්නවා කියලා...මේ තරම් නම් අඩවණ් නෑ කියලා.....
සෙ....නෝ.....න්....
ඕ.....
මනෝ පාරක් ගහ ගහ උන්න මම ගඩාපි පැටියගෙ කටහඩ එක්ක ඒකලාගෙ කමරෙ දිහා හැරිලා බැලුවා ඒකා නැගිටලා පලිගුවත් නැගිටලා ....මගෙ විතේන් විතරක් තාම නිදි....උන් ඉන්නකොටත් වෙලාවකට මල වදේ ළඟ නැති උනාම සද්ද කරන්නෙ නැති උනාම අමු සොහොනක් වගෙ...ඇත්තටම උන් නැතුව ජීවත් වෙන්න අමාරුයි...
මම මගෙ කාමරේට බෙල්ල දැම්මා..මගෙ එකා ගුලි වෙලා හොදට නිදි....පව් මගෙ පැටියා ඒකගෙ පුක රතු වෙලා තිබුනා....
සෙනෝ....න්...ම්හුක්....
ඇයි.....ඉතින්.....මේ වඩාගනනෙ ඉන්නෙ.....
ඇග....සිදෙනව....නෙ...සෙනෝන්....
කොහෙද රිදෙන්නෙ ඉතින්.....පෙන්නන්න.....
හැම තැනම.....ම්හුක්....සෙනෝන්....ආය හුගක් කන්න එපා...ඩියෝන් බබාට රිදෙනවානෙ සෙනෝන්....
මට පව් කියලා හිතුනා...ශෙනෝනයා පොඩි බිබික්කමව වඩන් උන්නා වගේම ඒකා උරහිසට ඔලුව ගහන් වැඩිය කන්න එපා ඩියෝන් බබාට සිදෙනවානෙ කිව්වා.....මගෙ විතේනයගෙ නම් ඇග තියනවා ...ඒත් මේකා....පව්.....මේකගෙ ඇගත් නෑ...මුගෙ ඇගේ හයිය ඔක්කොම යන්නෙ දොන්ත බිබික්කම්.කටටද කොහෙද.....
කුක්කු පිටි එකක් ගේමුද
ම්ම්ම්ම්....
කුක්කු පිටි එකක් ගේමුද ඇහුවෙ ....
මයිලෝ දාපුවද...
හැමදාම මයිලො බොන්න හොද නෑ ඩියෝන් බඩ වේලවනවා....
ම්හුක්....සෙනෝන්...මේ ලමයට පාන්ඩුව හැදිලා ඉන්නෙ...
හා...හා....හරි...හරි....ගෙනල්ලා දෙන්නම්...අම්මෝ.අඩන්න එපා...කෝ උනද බලන්න...
මං බලන් උන්නා...වඩාගන ආව ගඩාපියවත් උකුලෙ තියාගන ඒකහෙ බෙල්ලටයි නලලටයි පිට අල්ල තියලා බලලා ඒකගෙ අර කුඩික්කි කටට හාදුවක් තියලා අත් දෙකෙම්ම තුරුල් කරගන්න කොට මම කාමරේට ආවා.....
සුදු මැනිකේ . ..
එයාට නින්ද ගිහිල්ලා...අතට හිර උන ඵෝන් එක තවමත් එහෙම්ම වෙනකොට මම අතේ තිබුන ඵෝන් එක අයින් කෙරුවා ...
විතේන්...මගෙ දිසානයකයෝ.....මැනිකේ....නැකිටුකෝ...
මම එයාව කූරු ගෑවා....උන ගැනිලා යන්තන් අඩු වේගන යන කොල්ලව මම කූරු ගාලා කූරු ගාලා ඇහැරවන්න හැදුවා...ඒත් ඒකා නෙවෙ නැගිට්ටෙ...ඇග අමාරුවටත් එක්ක එයාට තදිම්ම නින්ද ගිහින් තියනකොට මම එයාගෙ ටී ශර්ට් එක අස්සෙන් අත දාලා පිට කොන්දෙ රස්සෙ බැලුවා...
දෙයියන්ගෙ පිහිටෙන් ටිකක් අඩුයි...
නලලට දාඩියත් ටිකක් දාලා ...උන බැහැගන යනවා...ඒකයි....මේකගෙ අම්මා තාත්තා ගොඩ බහින්න කලින් මූව සනීප කරගන්න ඕනා...මූවගේම නැතෑ නැන්දම්මයි මාමන්ඩිත්....ඒ විතරක් මගෙ දොන්ත හුත්තා ගහන්න හිතයි පුක පුපුරන්න....
මම එයාගෙ උන බලලා ඒ කම්මුලක් හැපුවා අර ආදරේ වැඩිම තැන්වලදි වගේ මම එයාව කූරුගාලා...කූරු ගාලා අවසානෙදි අත් දෙකයි කටයි තියාගන ඉන්න බැරිම තැන මම ඒ බිබික්කම් මූන මිරිකලා හපලා ආයම එතනට හාදුවක් තියනකොට එයා කෙදිරි ගෑවා...
ම්හූ.....ක්ක්....
යෝ....ඉතින්....මගෙ වස්තුවට උන ගැනිලනෙ.....නිතේස්ගෙ විතේන්ට උන ගැනිලනෙ...අප්පා...
ම්හුක්....
නිතේස්ගෙ විතේන්....බයි ගිනි නැද්ද ඔයාට .....ම්ම්ම්...මගෙ දිසානයක මැනිකේ.....බඩගිනි නැද්ද .....කාපුවා බීපුවා ඔක්කොම දැම්මනෙ ...උනත් ටිකක් බැහැපු එකේ මොනවා හරි ගෙනත් දෙන්නද ඔයාට. ..
මම එයාව චුට්ටක් හුරතල් කරලා අවුල් උන කොන්ඩෙ ඇගිලි වලින් පස්සට කෙරුවා...කරලා නලලට හාදුවක් තියනකොට එයා මලානික ඇස් වලින් මගෙ දිහා බලන් උන්නා.....
උඹ ඔහොම ඉන්නකොට මට හරි පාලුයි රත්තරන් ...මගෙ හිතට මහා තනිකමක් දැනෙනවා.....කොයිවෙලාවෙත් තේශී....තේශී ගගා ඇනයක් වෙනවට මම ආසයි බන්....මට උඹ නැතුව පුදුම තරම් පාලුයි...උඹට අසනීප උනාම උඹට වඩා මට වේදනයි මගෙ විතේන්...
තේ.... ශී....
ඇත්ත කියන්නෙ විතේන් ....උඹ නිදාගන උන්න පැය ගාන මට කල්පයක් තර දිගයි....උඹ නැතිව දවසක් උන්නොත් මට පිස්සු හැදෙන්න වගෙ විතේන් ...මම උඹව දාලා වලව්වට ගියහම කරටත් උඩින් වැඩ තිබුන හින්දා මට උඹ ගැන බලන්න බැරි උනා....ඒ උනත් උඹ උන්නෙ මෙහෙ...මට කියපන් මගෙ විතේන් උඹ උන්නෙ කොහොමද කියලා....
ඇද විට්ටමට හේත්තු වෙලා උන්න මම එයාව ඇදලා අරගන මගෙ කකුල් දෙක මැදින් ඉන්දව ගත්තා.....තනි සුදු පාට බ්ලැන්කට් එක අපි දෙන්නවම පොරවගන්නකොට මගෙ විතේන් සනීපෙට ගුලි වෙලා මං කියන වචනයක්...වචනයක් ගානෙම අකුරක් අකුරක් ගානෙම අහන් උන්නා.....
තේ..ශී....
ඕ මැනිකේ....
මට....ඔහොම...ආදරේ...දෙන්න...එපා....තේ...ශී....
එහෙනම්....මං වෙන කාට හරි ඉතුරු බාගෙ දෙන්නද...ම්ම්ම්ම්
එහෙම ..නෙවෙ ..මට ලෝභයි.....මට...බයයි....
ඇයි බය...
මගෙ ඇගට තුරුල් වෙලා උන්න එයාව මම අත් දෙකෙම්ම තුරුල් කරන් උන්නා...එයා කියවනවා....එයා කියනව එයාට ලෝභයි කියලා....මං ආසයි ඒ වචනෙට....ආදරේ දැනෙනකොට ලෝභ හිතෙනවා කියන්නෙ...මම එයාගෙ පපුවෙ ඉන්නවා කියන එක...මම ආස උනා එයාගෙන් ඒ වචනෙ අහන්න....තේශි මම උඹේ ආදරේට ලෝභයි කියනවා අහන්න...අනිත් පැත්තෙන් එයා බයයි කිව්වා...ලෝභ හිතුන එකට සතුටක් ගෙනාවා උනත්.....එයා බයයි කියපු දේට මගෙ පපුව ඇකිලුනා....මං ආස නෑ එයාව අඩවන්න ..මට බෑ ඒ ඇස් වල කදුලු දකින්න....මං ආස නෑ එයාගෙ හිතට ගින්දර දෙන්න.....මම එයාගෙ උනුසුම් බෙල්ල ගාවින් මගෙ මූන ඔබා ගත්තා...
මගෙ විතේන් ...
ම්ම්ම්ම්
ඇයි බය...
මම එයාගෙන් ඇයි බය කියලා ඇහුවා....එයා මට උත්තර දෙනවා වෙනුවට කෙරුවෙ ලොකු හුස්මක් පොට කරපු එක වෙනකොට මම බලන් උන්නා....කොයිම මොහොතේ හරි එයා මට උත්තරයක් දේවි කියලා ...
හොදම දේවල් දෙවියො අපෙන් ඈත් කරනවා සුදු අප්පො....වත්තක තියන ලස්සනම මලයි මුලිම්ම.කඩා ගන්නෙ වගෙ...මං ගාව තියන වටිනම දේවලුයි මට හැම දාම නැති වෙන්නෙ....මුලිම්ම අම්මියි.....තාත්තියි...තේශි.....මගෙ අම්මියි තාත්තියි....තවමත් මගෙ අම්මා තාත්තා කියන තැන මගෙන් ගත්තෙ නෑ ඒත්...ඒ දෙන්නා ගැලපුන් ඈ.....මට බය හිතුනා....තාත්ති ඩිවෝර්ස් පේපර්ස් ගෙදරට ගෙනාපු දා...මං ඇඩුවා....මං බය උනා.....මම ඒ දේට බය උනා.....අම්මා තාත්තා දෙන්නම උන්න කාමරේ අම්මා විතරක් ඉතිරිවෙනකොට මම බය උනා.....
ඒ දෙන්නා අතර තිබුන නොගැලපීම.....අදටත් මම දන්නෙ නෑ ....අහනකොට ඒ දෙන්නම කිව්වෙ ඒ දෙන්න ගැලපෙන් නෑ කියලා ....ඒ උනත්...තාත්ති කවදාවත් අම්මිට අතක් තිබ්බෙ නෑ....අම්මි කවදාවත් තාත්තිට බැන්නෙ නෑ... .මම හිතන්නෙ.....ඒ දෙන්නා...ආදරේ කරන්න උත්සහ කෙරුවා ...ඒත්....ඒක කරගන්න බැරි උනා වගේ දෙයක් උනේ....
පස්සෙ.....අදීශ් ....උඹම දන්නවා සුදුමහත්තයා ...මම උන්නෙ කොහොමද කියලා .....මිනිස්සුන්ට කවදාවත් මතක අමතක කරන්න බෑ...ඒක හරියටම සනීප උන තුවාලෙක කැලක් වගේ ...කලයක් යනකොට වේදනාවක් නැති උනත්....සමහර වෙලාවට දකිනකොට මතක් වෙනවා .....
උඹව උනත්....වලව්වෙන් බේර ගන්න මම කොච්චර දේවල් කෙරුවද...කොච්චර දේවල් ඉවසුවද...මට හරි මහන්සී මගෙ තේශී....මේ දේවල් තදින් අල්ලන් ඉදලා .. අනේ....මට ආය රිදවන්න එපා මගෙ සුදු අප්පො.....
අනේ මැනිකේ....මොනවද උඹ මේ කියවන්නෙ...උඹ මොනවද මේ හිතන්නෙ මගෙ රත්තරන් ...
මට බයයි....මට බයයි....එකයි මං කියන්නෙ.....කොච්චර හින වෙලා උන්නත්....මගෙ හිතේ බයක් තියාගනයි මං ජීවත් උනේ....හැමදාම උඹගෙ පපුව උඩ නිදා ගත්තා උනත් .. උඹට නින්ද ගියහම මම හූල්ලනවා තේශි....උඹ වලව්වට හිය හැම දාකම මම උඹ එනකන් ඇස් කඩාගන බලන් ඉන්නවා...මං උඹට කෑ ගැහුවා...සෙනාරිගෙ ප්‍රශ්නවලදි මම.මැරෙන්න හැදුවා .අනේ ..හිතේ තරහකට නෙවෙ.....මට බය හිතුනා.. .ඒකි උඹව ආයම අයිති කර ගනී කියලා ...
අනේ....මැනිකේ...
උඹ මම වගේ නෙවෙ මගෙ නිතේශ් ...උඹ කලින් ගෑනු හිතක් ගාව නැවතුන කෙනෙක්...උඹ ගෑනුන්ගෙ හැහීන් අදුනන එකෙක්.....ගෑනුන්ගෙ උණුසුම දන්න කෙනෙක්....එහෙම උනාම....මං බයයි....මං ..බයයි උඹට මාව අතෑරෙයි කියලා ...මට බය හිතුනා...උඹ මාව අතෑරලා...ඒකිව ආයම බාර ගනී කියලා..
විතේන් .....ඇති....ආය ඒ කතා ඕන් නෑ...මං පොරොන්දු වෙනවා ..මම.....කවදාවත් උඹව අතාරින් නෑ මගෙ විතේන් ....උඹ අහලා තියානවා නේද පන....නියං කාලෙ ළඟ ඉන්න කෙනාටයි ජීවිතේ වසන්ත කාලෙත් උරුම කියලා උඹ අහල නැද්ද මගෙ විතේන් .....මට තාම මතකයි උඹ මාව උඹගෙ පැත්තට නම්ම ගන්න උඹේ ආදරේ දැනෙන්න දෙන්න කරපු දේවල්...මට තාම මතකයි...තටු ගැට ගහලා තිබුන මගෙ තටු ලෙහුවෙ උඹයි...
කූඩුවෙ උන්න මාව එලියට ගත්තෙ උඹයි....
ජීවිතෙ එපා කියලා ගග පතුල ඉඹින්න ගියපු වෙලේ උඹයි මාව හොයන් ආවෙ .මැරෙන්න වැටුන මට හුස්ම පිම්බෙ උඹයි....කොටිම්ම...ආයම මට ජීවිතේ දුන්නෙ උඹයි මගෙ විතේන් ....එහෙම එකේ මම කොහොමද මගෙ මැනිකෙ උඹව දාලා යන්නෙ....ඉර හද පෑව්වෙ නැතත් ...මම උඹව දාලා යන්නෙ නෑ.....ඒක නිසා නිස්කාරනේ අඩලා කදුලු නාස්ති කරගන්න එපා මැනිකේ....
ඒ කදුලු ඉතිරි කර ගනින්...ආයම මම දූරියන් කාලා පෙත්තක් ගහපු දාට අඩන්න...
.අනේ....තේශී...හ්හ්හ්...
ආ....ව්හ්...අ.ආ.....ව්හ්...අනේ....කොල්ලො....ආව්හ්....ඌයි...දරුවො...අම්මෝ...උඹ නම්....අපි දන්නෙ නෑ...උඹටමයි චුච්චු නැතිවෙන්නෙ...පොඩි පගයා මගෙ....ගහප් තොට උන දෙපිටින් යන්න.....
මෙච්චර වෙලාම එයාව තුරුල් කරන් එයාගෙ හිත හදපු මම අවසානෙදි ආයම වලත්ත කතාවක් කියනකොට ඒකා උන තියන් උනත් මට කෑ ගැස්සෙන්නම හැපුවා...
අවසානෙදි මං ඒකව අත් දෙකෙම්ම මිරිකගන ඉඹගන ඉඹගන ගියා වගේම ඒකා හූ තිබ්බා
තේශී.....
ම්ම්ම්
හෙට යනවද ...
ඔව් මැනිකෙ.....අම්මයි තාත්තයි එනවා නම් ගෙවල් දොරවල් වත් අස්කරල තියන්න එපැයිනෙ....හෙට උදේට යමු....
ම්ම්ම්ම්ම්ම්ම්....
ම්ම්ම්ම්....නෙවෙ ....අනේ මැනිකෙ...හෙට වෙනකොට වත් සනීප වෙයන් උඹලගෙ අම්මයි තාත්තයි මගෙ ඇට දෙක තලයි කොටයක් උඩ තියලා.....
ම්හුක්....එහෙම කරන්න නෑ...එහෙම කෙරුවොත් මටනෙ පාඩු වෙන්නෙ.....අම්මෝ.....මගෙ මිනිහගෙ රන්ඩිංග....මේ තියෙන්නෙ...
ඒව්....මිරිකන්න එපා කොල්ලො...දර පලලා කැක්කුමයි...
අනේ නිකන් ඉදු...
බඩ ගිනි නැදද.....
කට තිත්තයි තේශි....
ම්ම්ම්...ඔයාගෙ ඇගට අමාරු නැති නම් චුට්ටක් එලියට ගිහින් බලමුද....
මම එයාගෙ අවුල් උන කොන්ඩෙ අගෙ ඇගිලිවලින් හැදුවා...එයාගෙ මූන මැලවිලා ගිහින් තිබුනා...කෑ ගහලා හිනා වෙලා උන්නට වමනෙ ගියාට පස්සෙ එයාගෙ ඇගට සනීපයක් දැනුනත් එයා ඉන්නෙ බඩගින්නෙ බව මට අමතුවෙන් කියන්න ඕනෙ නැති වෙනකොට මං එයාගෙ මූන කට උනුවතුරෙන් යන්තම් හෝදලා සර්වාංගෙම වැහෙන්න ඇන්දෙව්වා දවාලට හැන්දෑවට එන මූදු හුලග ඇගට ලෙඩ ගතියක් ගේන හින්දා මම එයාව ඇදුම් දහයකින් විතර වැහැව්වා ..
කෝ බලන්න ....උනද .
නෑ අප්පා....
නෑ අප්පා...අප්ප හුප්පා තමයි....දෙනවා තොට මුරන්ඩු කම් කරන්ඩ ආවොත් ...
ම්හුක්.....නිකන් ඉන්නකො නිතේස්...මගෙ ඔලුව ලෙඩ කාක්කෙක් වගේ ..ඊයා...මැද්දෙන් බෙදලා ....අර කෝපි කඩේ එකේ ඩිංගි මහත්තයා වගේ....
කමක් නෑ ඔහොම ඉදු මට බෑ එක එකා එක්ක ඇන කොටා ගන්ඩ යන්ඩ....ඔහොම උන්නම කවුරුත් බලන් නෑ....
මන් එයාගෙ කොන්ඩෙ වෙනදා වගේ පීරන්න නොදි මැදින් බෙදුවා දැන් නම් ඒකා තනිකරම මෝඩයෙක් වගේ වෙනකොට මම හිත යටින් හිනා උනා...ඇයි යකෝ මගෙ එකාටනෙ පැනි හලන්නෙ ඔක්කොම.....
කෝ එන්න ඉතින්....තවත් කොන්ඩෙ අල්ල අල්ල ඉන්නවා....තෝව මම අදත් බාගෙට මරනවා ආ විතේන් අද නම්....ඒකවත් මරලා තෝවත් මරනවා....
එනවා මිනිහෝ.....එනවා...ලෙඩ ලමයටනෙ මෙහෙම කතා කියන්නෙ.....ම්හුක්...මහ නරකාජියෙක්.....
නරකාජියා....ඉන්නවා නරකාජියා....නිදි...ඇයි ඇහරවන්න ඕනෙද....
ඒව්....තේශීහ්හ්හ්.....පලකො....
මට හිනා ගියා .එයා මැදින් බෙදපු කොන්ඩෙ අල්ල අල්ල නහයෙන් අඩනකොට මම සැර කෙරුවා විතරයි උන දෙපිටින් යන්න කෑ ගැහුවා...එයාවත් අතින් අල්ල ගත්තු මම අනිත් දොන්තයයි...පොඩි දොන්තයයි ශෙනෝනයයි එක්ක පහලට බහිනකොට වත්තල අයියා ටික දවල්ට ගිලින්න බලන් උන්න වගේම දුක අහන අයියා බොරූවට ඵෝන් එක කන්න ගත්තා...අනේ...මූව කරවල කරන්න ඇත් නම්....
මොනවද ඕනේ...මෙහෙන් කන්නත් බෑනෙ...
මෙහෙ ගැට අඹ නැද්ද තේශී.....
කට තිත්තද ...
ඔව්නෙ...
නිතේස් අයියේ...නිතේස් අයියේ. .....
ඕ...ඕ.....
ඩියොන් බබාටත් ඔනේ....
හා...හා....අරන් දෙන්නම්....පොඩ්ඩක් ඉන්නකො...
ඩියෝනයගෙ මූන කහ ගැහිලා තිබ්බා...උඩින් උන බැහැලා ගියා වගේ උනත් ඇග ඇතුලෙන් උන තියනකොට ඒ දෙන්නම ඉල්ලුවෙ ඇඹුල් දෙයක් මිරිස් සැර දෙයක් වෙද්දි හුලග වගේම අව් පූටකේ එක්ක අපි එයාලා දෙන්නගෙ උනට ආව දොල දුක හින්දවන්න අච්චාරු ආච්චියෙක් වඩ කරත්තයක් හොයන් ගියා ....
අනේ සෙනොන්.....අර අපේ දෝනියා....කොල්ලෙක් හොයා ගන්න හදනවා ....
ශෙනෝනයගෙ අතේ තිබුන පටිය අතෑරුන පලිගුවා ඌට හිතෙන හිතෙන තැන්වල අපි දිහා බල බල ඇවිද්දා ....කටු පදුරකට චූ දැම්මා...තාප්පයක් අයිනෙ ඉදගත්තා .....ඒ අස්සෙන් තවත් දඩාවතේ යන එකෙක් එක්ක මූනට මූන බලන් පෙම් බස් දොඩවන්න ගත්තා විතරයි ඩියෝනයා නහින්න හැදුවා .....
පලිගුවා කන් දෙක පහත් කරන් ඔලුවත් තට්ටෙ කරන් තියනකොට ඒකිගෙ ඇස් දිලිසන්න ගත්තා ...බල්ලො හිනා වෙනකොට ඔලුව තට්ටෙ ගැහෙනවා වගේ වෙනකොට පලිගුවගෙ ඔලුව තනිකරම චාමර රනවකගෙ වගේ තට්ටෙ පෑදිලා තිබ්බා..... බල්ලගෙ වැඩේම ඒකිගෙ වටේ කැරකි කැරකි පස්ස ඉඹ ඉඹ යනකොට අරකි නැට්ට කකුල් අස්සෙ හැහුවා උනත් අවසානෙදි නැට්ට වනන්න ගත්තා .....
ඒ...ප්...බල්ලා....චුප්....චුප්...චුප්....පලිගුවා.....නිතේශයා එලවපන් ඕකව...මුන් දෙන්න ඩබල් බනිස් ඇලිලා වගේ මෙතන පාරේ මැදම ඇලුනොත් අරූට නැගපුවා බහිනකන් අපිට මෙතන නිල් චිත්‍රපටියක් තමා බලන්න වෙන්නෙ...ඇලුනට පස්සෙ ගලවන්ඩැයි ආය....
බැල්ලි වටේ යන බල්ලා ආයම පලිගුවගෙ මූන ඉව කර කරම රහස් තෙපලනකොට ඒකිගෙ තාත්තා උන ශෙනෝනයා බල්ලට සැර කෙරුවා...අරකිට බැන්නා...මටත් ඒකව එලවන්න කියකිය ගලක් ගන්නවා වගේ බොරුවට නැවෙනකොට ඒකා පැනලා ගියා පලිගුවා මොකූත්ම නොදන්න එකා වගේ ආයම පදුරක් ගාවදි ඉදගත්තා ...
තොට සීනි අමාරුවද මග දිගට ඉදගන්නෙ...අනෙ යකො...මදි කොල්ලෙක් හොයා ගන්න ආව දුර .....කොල්ලෙක් ඕනා නම් අර තිවංකයගෙ බල්ලෙක් ඉන්නෙ ඌට ලයින් කරපන්කො...අඩුම ගානෙ බාගෙට පොශ් එකෙක් හරි හම්බෙයිනෙ...මෙහෙටම ඇවිත් ලොම් හැලුන නාකියෙක්ට කරගහන්නෙ.....දෙන්නෙ තොට පුක පුපුරන්න.....
අනේ...සෙනෝන් ....එපා දෝනියට බනින්න...
.කටවහපන් උඹත්...ගහෙ කටු උල් කරන්න ඕන් නෑනෙ....
උන් දෙන්නා බලු මගුලක් හින්දා ආයාම මරා ගන්නකොට මගෙ විතේන් හුලගට පාවෙලා ආව වර මලක් එක්ක ඔට්ටු උනා....දම්පාට වරා මල් එක යායට පිපිලා තියනකොට ඒවල ගෙඩි පුපුරලා වරා මල් පාවුනා...සමහරක් කටු පදුරු අස්සෙ...සමහරක් තාප්ප වල ඇමිනිලා.....තවත් සමහරක් හුලන් පාර එක්ක කොහෙදෝ දුර ඈතකට ගහගන යනකොට මගෙ විතේන් අර මලක් වැටෙන්න නොදී පිඹ පිඹ උන්නා.....
අන්න සයිවර් කඩයක්...
බලු වලි....පවුලගෙ වලි එක්ක සෑහෙන වෙලාවක් සටන් කරපු ශෙනෝනයා සයිවර් කඩයක් පෙන්නනකොට මම එයා දිහා බැලුවා.....
ඔව්වල අඹ චට්නි තියනවා....යමුද...
මම එයා දිහා බලලා අඹ චට්නි තියනවා කිව්වා විතරයි අනේ එයා හිනා උනා....පව්.....බඩගින්නෙ ඉන්නව ඇත්තෙ.....
මොනවද ඕනෙ...
සුදුලූනූ සුවද ...කොච්චි සම්බෝල වල සුවද ..උලුදු සුවද බඩගින්න අවුස්සනකොට මම එයාගෙ කනට පහත් වෙලා මොනවද අහනකොට එයාගෙ ඇස් තිබුනෙ එහා පැත්තෙ මේසේ ඉදන් පරාට කන මනුස්සයා දිහාවට වෙනකොට මම එයාගෙ ඔලුව අතගෑවා....
පරාටද ඕනේ.....
ම්ම්ම්....වඩේකුත් ඕනනෙ.....අර මැදින් පලලා ලුනුමිරිස් ඔබපුවා ...
හා...
එයා උලුදු වඩ එක්ක පරාටා ඉල්ලනකොට මම සිල්වර් බාල්දියක් උස්සන් හොදි බෙදන්න යන කොලුවට කත කරලා පරාට වගේම උලුදු වඩ ඉල්ලනකොට ගඩාපියට තෝස කන්න ඕන වෙලා තිබුනා.....
විනාඩි ගානක් ඇතුලත උනුම උනු පරාටා තසිමක් ...බැදපු මිරිස් කරල් ... කරපිංචා අබඇට මතු උන පරිප්පු හොද්දක් එක්ක රතුම රතු අලුත් කුට්ටි මාලු හොද්දක් කොලපාට ගැහුන කොච්චි සම්බෝලයක්. වහේම උනු උනු තෝස පීරිසියක් මෙසෙ උඩ නවතින කොට එයාලාගෙ පිගන් වලට බෙදලා දුන්න අපි හිමින් කන්න ගත්තා වගෙම පලිගුවා මේසෙ යට ඉදන් අත් දෙකෙම්ම අල්ලන් ගල් බනිසක් හප හප උන්නා .....
ඔක්කොම කන්න මැනිකේ....
මම එයාට රහස් මිමිනුවා.....
තේශී....
ඕ ....හරිද....මෙහෙ දෙන්න...මෙහෙ දෙන්න ඕක්ක් බරයි...ඔයාගෙ ඇග තැලෙයි දරුවො...කියන දේ අහලා මම මෙ ටික ලෑස්ති කරනකන් ඉදගන ඉදපන්කො විතේන් ....
කලින් දවසෙ උනු උනු පරාට වගේම තෝස විතරක් නෙවෙ දිව පැලෙන්න අඹ චට්නි.....අචාරු ගිලපු එයා රැයෙන් බාගයක්ම වමනෙ කෙරුවා ...අමාරුවෙන් පොවා ගත්තු බෙහෙත් පෙත්ත ආපිට එලියට යනකොට මුලු රෑම මම එයාව නිදි කරවන්න මහන්සි උනා .....එලිවෙනකම්ම එයා ඇගපත අමාරුවට කෙදිරි ගාලා යන්තම් ඉර එලිය වැටීගන එනකොට මගෙ අහිංසකයට නින්ද ගියා උනත් ආයම උදෙම්ම යන්න ඕනා නිසා ලෝභ කම පපුවෙ පුරවන් මං එයාව ඇහැරෙව්වා ...නිදි මත පෙරි පෙරීම මූන කට හෝදවලා ඇන්දෙව්වා .....අවසානෙදි එයාට නිදිමත යන්න යනකොට ආදරේ පිරුන....රැයෙන් බාගයක් ඇඩුවත් අවසානෙදි තුරුල් වෙලා නිදිවැදපු කාමරේ දාලා යන්න දුක හිතෙනකොට එයා තැන් තැන් වල ඇවිද ඇවිද ඇග තක ගන්නකොට මම කෑ ගැහුවා .....
තේශී .....
ම්ම්ම්...
අනේ ...ආයම දවසක මාව එක්කන් එනවද .
එන්නම් මැනිකෙ...අනිවාර්යයෙන්ම
මට දුකයිනෙ ...
ඇයි ඉතින්...මම ගෙදර ගියත් උඹ ගාවනෙ රත්තරන් ....ඉතින්....ඇයි මේ....
එහෙම නෙවෙ ...තේශි ..මං සැනසීමෙන් උන්නා...සතුටින් උන්නා...උඹ නිදහසෙ හුස්ම ගන්නවා දැක්කා.....එක ගෙදර ගියහම නෑ සුදු අප්පො....එ සැනසීම ගෙදර ගියහම නෑ.....කොයිවෙලෙ ලොහෙන් හෙනයක් පාත් වෙයිද කියලා මං බයේ ඉන්නෙ මගෙ සුදු අප්පො...
එයා අඩන්න වගේ...මම හැම වැඩක්ම පැත්තක දලා එයාව තුරුල් කරගත්තා ...අත් දෙකෙම්ම.....
නාඩා ඉදින්කො මැනිකෙ.....මගෙ විතේන් ...මිනිස්සුන්ට අඩල අඩලා හිනා වෙන දවසකුත් එනවනෙ...මං උඹ ගාව ඉන්නවනෙ මගෙ විතේන් ඔච්චර අඩලා.....මං ආදරේ කරන මේ ඇස් කැත කරගන්න එපා ....මං උඹට ආදරෙයි ....අන්න ඒ වචනෙ...ඒහැගීම විතරක් හිතේ ඉතුරු කරන් ජීවත් වෙයන් මගෙ පන...අනිත් දේවල් ගැන හිතන් නැතිව...
ම්ම්ම්ම්....
එන්න යමු....
මම එයාගෙ අත මගෙ අතට පටලවන්.බැගේජ් එකත් ඇදන් එලියට එනකොට අනිත් පවුලත් එලියට ආවා වගේම පලිගුවගෙ විස්කෝතු සෙල්ලම් බඩු පුරවපු ළමයි මොන්ටිසෝරි ගෙනියන තරමේ රෝස පාට බෑග් එකක් පිටේ එල්ලා විතරක් නෙවෙ අව්වට පිච්චෙන හින්දා බලු ඔලුවට ඇබිත්තන් තොප්පියකුත් දාල තිබ්බා....
මොන දේ උනත්...පලිගුවා කියන්නෙ පුදුම තරම් වාසනාවන්ත බැල්ලියක්.....ඒකිට අපි කවුරුත් ආදරෙයි....ඒක උගෙත් මොකක් හරි පිනක් වෙන්න ඇති .....
මැනිකෙ ප්‍රවෙසමෙන්.....
බත්තලන්ගුන්ඩුවෙ සුවද විදපු....ඉර බහින හැටි බලපු...වතුරෙ නටපු.....කෑ ගහපු...හිතුවට වඩා කලින් එන්න උනත් අසීමාන්තිකව අදරේ විදපු අපේ පවුල් ට්‍රිප් එකෙ අවසානම හරිය.....අපි බෝට්ටුවට ගොඩ උනා....මං එයාව මිරිකගන වගේ අල්ලන් තවමත් ඇගේ උන ගතිය හින්දම එයාව මං මගෙ ඇගට තුරුල් කරන් ඉන්නකොට අනේ එයාට හිටගනම නින්ද ගියා .....වගේම මං මගෙ ඇස් මානෙ
න් ඈතට යන බත්තලන් ගුන්ඩුව දිහා බලන් ඉන්නකොට පුරුදු විදිහටම ශෙනෝනයා පලිගු මැනිකෙව අත් දෙකෙන් අල්ලන් හිටගස්සවන් උන්නා...
*
*
*
මදැයි බන් උඹ ඊයෙ ආව වෙලේ ඉදන් අස් කරනවා .....
බෑනෙ බන් ගේ පිස්සිගෙ පලාමල්ල වෙලා ....එහෙම තියන්න පුලුවන්ද ....
මට යතුර දියන් මගෙ එකේ තෙල් නෑ ....
අර එල්ලලා ඇති දෙකෙන් එකක් ගනින්.....
මං අවසානම පාරට සාලෙ මොප් කෙරුවා බත්තලන් ගුන්ඩුවෙ ඉදන් එනකොට මහ රෑත් පහුවෙලා මගෙ විතේන්ට ගෙදරට ආපු හැටි පවා අමතක වෙන්න නින්ද ගිහි තිබුනා....ඒ ආව වෙලේ ඉදන් මං කෙරුවෙම ගේ අස් කරපු එක...ගමං මහන්සියට උන අමාරුවට මේ ඔක්කොටම අල්ලලා නින්ද යනකොට මං බැගේජ් වල තිබුන කිලිටි රෙදි පවා හේදුවා .....අවසානෙදි ඉර එලිය වැටෙනව එක්කම එයාගෙ අම්මා තාත්තව එක්ක එන්න ශෙනොන් යනකොට ඩස්පියෙක් වෙලා උන්න මන් නාගන්න කාමරේට ආවා..
අප්පා...මහන්සී....
මං කාමරේට ආවෙම ඇදන් උන්න ටී ශර්ට් එක ගලව ගලව වෙනකොට එයා ඵෝන් එක දිහා බලලා ආයම ඇස් පියා ගත්තා ....
සුදු මැනිකෙ...නැකිටින් නැද්ද ....
තේශී.....අම්මිලා....
ශෙනෝන් ගියා....ඔයාට ඇගට අමාරුනම් දොයියන්න ....මං ඔක්කොම අස් කෙරුවා .....
තවමත් නිදා වැටෙන එයාට හාදුවක් තියපු මම බාතෲම් එකට ගිහින් විනාඩි පහට දහයට නාගන එලියට එනවා එක්කම දොර බෙල් එක වදිනකොට මන් ටවල් එකත් ගැට ගගගා දොර අරින්න ගියා ..
මෙච්චර ඉක්මනට ඇවිත්ද ....වෙන්න බෑ....
ශෙනෝන් ගිහිනුත් එච්චර වෙලාවක් නැති වෙනකොට මං තනියම හිත හිතම දොර අරිනකොට එයාගෙ අම්මා තාත්තා වෙනුවට වෙන කෙනෙක් උන්නා....
අප්පච්චි ...
ඒ ඇවිත් තිබුනෙ අප්පච්චි ....මං අප්පච්චිට එන්නත් නොකියම .....?එයා කියලා වත්ද ....
මන් කල්පනා කර කරම අප්පච්චි පස්සෙන් ගෙට ආවා වගේම අප්පච්චි පුරුදු විදිහටම ටීවි එක ගාව වාඩි උනා...
අප්පච්චි .....තේ එකක්වත් බීලද ..
නෑ දරුවො...මං මේ හදිසියෙ ආව ගමනක්...ඒ එක්කම මෙහෙ ආවා ..අම්මා පොඩීලට දෙන්න කියලා බඩු වගයක් එවලා තිබ්බා....ඒක දීලා මං එහෙම්ම යන්න බලන් ආවෙමෙව් දවස් වල ඔෆිස් එකෙ වාඩ ගොඩ ගැහිලා.....නිවාඩුත් නෑ...
එහෙනම් මගෙන විතේන් කියලත් නෑ....මම අප්පච්චිට කියනවද නැද්ද...
තේ එකට වතුර එක රත් වෙන්න තියපු මම තනියම කල්පනා කර කර ඉන්න ගමන් එයාව හොයන් කාමරේට ගියා.....
විතේන් ....විතේන් ...
ම්ම්....
අප්පච්චි ආවනෙ....මොකද කරන්නෙ....කියනවද නැද්ද .
අප්පච්චි ?? මේ දැන්...
අප්පච්චි ආවා කිව්වා විතරයි නිදාගන උන්න එයා ඉදගත්තා වගේම එයත් පුදුම වෙලා වගේ බලන් උන්නා.....
ඔයාලගෙ අම්මා කිව්වද දන් නෑ...
නෑ....අම්මි කියන් නෑ .....කමක් නෑ අපිත් නොකියම ඉමු....කිව්වොත් අප්පච්චි නෑවිදින් ඉදීවි....අපි....එයාලට හම්බෙන්න අවස්තාවක් දෙමු තේශී...
එයා මගෙ දිහා බලලා අපි එයාලට හම්බෙන්න අවස්තාවක් දෙමු කියනකොට මන් ඔලුව වැනුවා වගේම ආයම දොර බෙල් එක වැදුනා ...
සුදු පුතා මේන් බෙල් එක වදිනවා....
අනේ අප්පච්චි බලන්නකෝ...
අප්පච්චි බෙල් එක වදිනවා කියලා කියනකොට මම යන්න හැදුවා උනත් මාව නවත්ත ගත්තු එයා අප්පච්චිට බලන්න කියලා කිව්වා වගේම අප්පච්චි දොර අරින සද්දෙ එනකන් ඉදලා එයා මාව එක්කන් සාලෙට ගියා...
එයාලා ඉන්නව....මගෙ අප්පච්චි ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා.....මෙච්චර කල් හැංගි හැංගි කතා කරපු මම එයාගෙ අම්මවයි තාත්තවයි දැක්කා...
ඇත්තටම ඒ දෙන්නම ගොඩක් තරුන පාටයි...මහෙ අප්පච්චිට වඩා එයාගෙ අප්පච්චි තරුන පාටයි....එයාගෙ අම්මා මගෙ විතෙන් වගේම හිනා වෙන් මූනක් තියන කෙනෙක් වෙනකොට මම.බලන් උන්නා....


මගෙ අප්පච්චි එයාගෙ අම්මට මෙච්චර ආදරේ කරන එක අහන්න දෙයක් නෑ .....
දහම්...
මම බලන් උන්නා...එයා බලන් උන්නා...එයාගෙ අම්මා බලන් උන්නා....මගෙ අප්පච්චි ගල් ගැහිලා වගේ බලන් උන්න වගේම විතේන්ගෙ තාත්තා මගෙ අප්පච්චි දිහා ඇහි පිල්ලමක් වත් නොගහා බලන් උන්නා....ඒ මූනෙ මස් පිඩු පවා වෙව්ලනවා ...කියන්න තේරෙන්නෙ නෑ එටා මගෙ අප්පච්චි දිහා බලන් උන්න හැගීම මොකක්ද කියලා ...එයාගෙ අම්මා නම් හිනාවේගන බලන් උන්නත් එයාගෙ අප්පච්චි උන්නෙ අමුතු වෙලා වගේම ඇහෙන නෑහෙන ගානට දහම් කියන ගමන් ලගට ආව විතරයි ...අපි කාටවත් හිතන්නවත් ඉඩක් නොදී විතේන්ගෙ තාත්තා මගෙ අප්පච්ච්ගෙ කම්මුලට ගැහුවා...
අප්පච්චි ....!!!
අනේ තාත්ති...!!
දෙයියනෙ ...පහන්!!!
අනෙ අප්පච්චි .....
මං...මං...හොදින්.....මං.....හොදි..න්.....

ලබන්නාවු 31 වන් උපන්දිනය සතුට නිරෝගි සුවය පිරි සුභ උපන්දියක්ම වේවා zhange❤️❤️❤️ඔයාගෙ හැම ප්රාර්තනාවක්ම ඉශ්ට වෙන්න වගේම ඔයාගෙ සතුට තියන තැන හැමදාම රැදෙන්න ...හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ප්‍රාර්තනා කරනවා...
🥺දුන්නා නේත ඩෑස් එකක් එන්නත් කලිම්ම.....
ආයම හෙට එන්නන් ඈ...
මම ferdeesha ....