Cherreads

Chapter 68 - 68

යන්න එපා දෙවෙන්දොරා සං,යනවනං ඔයාගෙ සිරුරෙ සුවඳ ,මේ ඇදුම්වල සුවඳ තියලා යන්න..."

මම එදිරිවීරයන්ගෙ මනමෝහනීය පොත අස්සෙ හුස්ම ගන්න අකුරු එක්ක තනි උනා.....මම ඒ හුස්ම ගන්න අකුරු එක්ක තෝකියෝවට පියෑඹුවා.....ආදරේ වෙනුවෙන් අප්‍රමාන කැපකිරීමක් කරන මගෙ "නොරිකො සන්" මගෙ පපුවට තුරුල් වෙලා සැනසීමෙන් නිදාගන උන්නා ..මගෙ එකම අතට ඉදලා මගෙ අත හිරි වැටිලා තිබුනා....අලුගෝසුවා හින්දා රිදවපු හිත මට නොරිකෝ හින්දා හදාගන්න ඕනා උනා ...

ඒසි එකෙන් එන හුලගට වඩා එලියෙන් එන හුලග ඇගට සනීපයක් ගෙනාව උනත් මහපාරෙ එකා කාරෙට යන වාහන මගෙ " නොරිකොගෙ" නින්ද උදුර ගනී කියලා මට බය හිතිලා මම එ ජනෙල් පියන් නෑරම ඒසී එකේ සීතලට එයාව තුරුල් කරන් උන්නා.....

මම තව පිටුවක් පෙරලුවා....කියවන වචනයක් ගානෙම මට තෝකියෝවෙ රූප ඇදෙන්න ගත්තා .....සකේ සුවද.....කබුකි නාට්‍යක රස....සකුරා මලක සුවද.....මිදොරි අවංහලෙන් එන සුවද... කියවන අකුරක් අකුරක් ගානෙම සරච්චන්ද්‍රයන් මාව ජපානෙට ඇදගන ගියා....

පොතක් ඇතුලෙ තියන ලෝකෙ....ඒ හැගීම් ....ඒ අකුරු අස්සෙ තියන පන්නරේ....මං හිතන් නෑ මනුස්සයෙක්ට අවුරුදු ගානක් ජීවත් උනත් ගන්න පුලුවන් කියලා නවකතාවක..කෙටි කතාවක....අස්සෙ හැංගුන මිනිස්සුන්ගෙ අත් දැකීම්.....හැහීම් ඒ පන්නරෙ ගැන කියන්න වචන නැති උනා ...කොග්ගල ප්‍රාග්ඥ්ඥයා පවා එක පාරක් ජාතක කතා පොත ගැන මෙහෙම කියලා තිබුනා... " මිනිසෙකු වසර 200ක් ජීවත් වෙලා ලබන්න බැරි අත්දැකීම් ගොඩක් ජාතක කතා පොත අස්සෙ තියනවා"

ඇත්තටම හරි .....

මම තවත් පිටුවක් පෙරලුවා...සාම්ප්‍රදායික නොරිකොගෙ දෙවොන්දෙරාගෙයි ආදරේ ගැන මම කියෙව්වා ....ඒත් මුලු කතාව අස්සෙ මම දැක්කෙ නෑ ඒ දෙන්නා මම ඔයාට ආදරෙයි කියලා කියන එක....වචනෙන් නොකියා ඒ දෙන්නම හිත යටින් ආදරේ දුන්නා....

ඒ උනාට.....දෙවොන්දෙරා අසාදාරනයි..මට එහෙම හිතුනා ..එහෙම හිතුනා නෙවෙ.....එහෙම තමයි....නොරිකො කොයිතරම් ආදරේ දුන්නත් ...දෙවොන්දෙරා ඒ ආදරේ පිලිගන්න ගැහුවද මන්දා ....සාම්ප්‍රදායික නොරිකොගෙ ආදරේ ගැන අවතක්සේරු කෙරුවද මන්දා .....

කෙරුවද මන්දා නෙවෙ එයා එහෙම කෙරුවා ....ඒත් ..නොරිකො එක්ක කබුකියක් බලන්න ගිය වෙලේක නොරිකො කියනව එයා කියනවා ගෙදරට කියලා ආවෙ කියලා ....එතනදි දෙවොන්දෙරා කම්පා වෙනවා ...ඇත්තටම මට දෙවොන්දෙරා එක්ක කේන්තියක් ආවා....සරත්චන්ද්‍රයන් මගෙ හිතේ දෙවොන්දෙරා ගැන තරහවක් ඉපැද්දුවා.....ඒ හුස්ම ගන්න අකුරු වලින් එයා මගෙ හදවත පාලනේ කරන්න ගත්තා ...

දෙවොන්දෙරා නොරිකොගෙ ආදරෙ ගැන උරගෑවෙ එයාව රිදව රිදව.....වැඩට යන්න කලින් දෙවොන්දෙරාගෙ නවාතැනට ඇවිදින් උයලා පිහලා රෙදි පෙරෙදි පවා අස්කරලා යන ගෑනිගෙ ආදරේ උරගෑවෙ එයාව රිදව රිදව.....

කතාව ගලාගන යනවා.....ඒත්...සරත්චන්ද්‍රයන්ට ඕනා වෙනවා කියවන අපිව තවත් ටිකක් නොසන්සුන් කරන්න....කතාව එක තැනකදි පුපුරවලා අරින්න.....එයා ගේනවා තවත් පිරිමි පරානයක්.....

ඔකතසා සං.....

බිරිද මියගිය වැන්දඹු ඔකතසං නොරොකොගෙ ආදරේ බලාපොරොත්තු වෙනවා.....

ඒත්...නොරිකෝ ආදරේ දෙවොන්දෙරාටනෙ...ඔන්න...ආයමත් දෙවොන්දෙරා රිදවන්න පටන් ගන්නවා.....එයා බලන් ඉන්නවා....එය බලන් ඉන්නවා...නොරිකො කාව තෝරගනීද කියලා....

ඇයි දෙයියනේ මේ මෝඩයට නොතේරෙන්නෙ.....

මට මිමිනුනා...මගෙ තුරුලේ උන්න නොරිකො කෙදිරුවා...මම හිමීන් සැරේ එයාගෙ පස්සට තට්ටුවක් දැම්මා...පුංචි එකෙක්ට හා සමනවම....එයා තවත් ගුලි උනා පපුව මැද රස්නෙ හෙව්වා...හම මස ඇට ලේ මස් නහර අස්සෙ තිබුන හදවතේ උනුහුම හෙව්වා...මම එයාව තව ටිකක් තුරුල් කරන් ආයම දෙවොන්දෙරා ට දෙහි කපන්න ගත්තා ...

නොරිකො ආදරේ කරනවා...හිතේ දෙගිඩියාවත් ඉන්න දෙවොන්දෙරා ඉන්න ඕනම කරන තැන්වලදි නොරිකොව තනිකරනවා...ඉතින් එහෙම උනාම මොකද වෙන්නෙ...ඔකතා සං කිට්ටු වෙන්න හදනවා නෙවෙද...අනේ...දෙයියන්නෙ....මේ අමුතු ඇටේ පිස්සට පිස්සු හොදටෝම.....

ඔකතා සං නොරිකොගෙන් ආදරෙ ඉල්ලනවා...නොරිකො යනවා ඔකතා සං එක්ක රෑ කෑමකට....වෙන දේකට නෙවෙ.....එයාට කරදර කරන්න එපා කියන්න...ඒත් ...මේක දකිනවා දෙවොන්දෙරා .....එයාගෙ මනසකඩා වැටෙනවා...

ඒ දැකපු දේ එක්ක දෙවොන්දෙරා ගේ හිත අස්සෙ ඉපදෙන දේවල් වලට සරත්චන්ද්‍රයන් හුස්ම කවලා තිබ්බා.....

" තෝකියෝව මා විසින් කඩදාසියකින් තැනූ සෙල්ලම් ගෙයක් සේ එකවර බිද වැටිනි...දැන් මට පෙනෙන්නෙ එහි යන එන වාහනවලද මිනිසුන්ගේද සෙවනැලිපමනී...."

මූ මහ මෝඩයා.....ඒ පාර කියෝතෝවට යන්න හදනවා.....නොරිකොව රිදවන්න හදනවා...එයා හිතනවා දැන් නොරිකොට එයා ඉන්නවා කියලා...ආදරෙ බව දැන දැන තව තව රිදවන්න හැදුවා...නොරිකොව දාලා කියෝතෝවට යන්න හැදුවා...එයාව හොයාගන කියෝතවට එයි කියන මහ මෝඩ සිතුවිල්ල එක්ල අර කෙල්ලට රිදව රිදව යන්න හැදුවා.....

දෙවොන්දෙරා නොරිකොට රිදවන්න ගත්තා ...කියෝතෝවට යනවා කියලා රිදවන්න හැදුවා.....

දෙවොන්දෙරා කියනවා සකුරා මල් බලන්න යමු කියනවා....නොරිකො කියනවා මේ වෙලාවෙ සකුරා මල් යන්න බෑ කියලා එතකොට දෙවොන්දෙරා කියනවා ඕකතා සං කිව්වා නම් යයි නේද කියලා ....

මොන මෝඩයෙක්ද ...

මං කියෝතෝවට යනවා...

ඇයි ඔයා යන්නෙ....

මට හදිසි වැඩ වගයක් තියනවා මං හැමදාම ඉන්න ආවෙ නෑ....

"යන්න එපා දෙවොන්දෙරා සං,යනවා නන් ඔයාගෙ සිරුරෙ සුවඳ,ඇදුම්වල සුවඳ තියලා යන්න...."

ම්ම්හ්හ්හ්...

ම්ම්ම්හ්ක්ක්..හුකුක්...හුකුක්....තමයි..මදැයි ඔය දොයියෑවා ....

මං සරච්චන්ද්‍රයන්ගෙ හුස්ම ගන්න අකුරු වලට නිවාඩුවක් දුන්නා....ලයිට් කනුවල බැදපු යකඩ කටවල් වලින් නත්තල් පූජාවන් තියන වෙලාවල් කියනවා....ඉදලා හිටලා ඇදුම් කඩවල තියන වට්ටම් කියවනවා....ආයම නත්තල් ගීතිකා යනවා ...මෙච්චර වෙලාම මට අකුරු ගොඩක් එක්ක ආදරේ ගැන කියා දුන්න නොරිකොව මම පැත්තකින් තියලා කෙදිරි ගාන මගෙ නොරිකොව පොඩ්ඩක් හුරතල් කෙරුවා ....

මගෙ නුවර මැනික ...මගෙආදරනීයම විතේන්.....ඒ ඇස් වල නිදිමත බේරෙනවා...ඇදුම් අස්සෙ යක් පැටියා වගේ දුවපු එයා නිදා වැටෙනවා.....

සුදු මැනික....

ම්ම්ම්....හ්..හ්...

දොයිය මතනම්...හෙට උදේට යන්....රාගම උදේ පූජාවක් තියනව....

ක්..කොහෙ...ද....තේ...වත්තද.....

ම්ම්ම්....

බ්බ්...බෑ.....මට....රෑ....යන්න...ඕනෙ....

ම්ම්ම්....ඉතින් නිදා වැටෙනවනෙ..

මම එයාව අත් දෙකෙම්ම තුරුල් කරන් උන්නා.....මට පන දුන්න මගෙ විතේන් . ....මට ජීවත් වෙන්න හුස්ම පිඹපු විතේන් .නුවර වැව් දෙබෑ කරපු මගෙ විතේන් ..මගෙ සෙංකඩගල වස්තුව....නුවරට ආදරෙ කරන මගෙ ආදරනීයම විතේන් ..

මම එහෙම්ම එයාගෙ නලලට හාදුවක් තිබ්බා කොට්ටෙ යට තිබුන ඵෝන් එකවයිබ්‍රේට් උනා...එක අතකින් එයාව තුරුල් කරන් උන්න මම අනිත් අතින් ඵෝන් එක අරන් බැලුවා....සේව් නොකරපු නම්බර් එකකින් හායි කියල මැසෙජ් එකක්....කාගෙද .....

කාගෙ උනත් මට මොකද මම දන්නෙ නෑ...

මම මැසේජ් එක උඩින් බලලා ඵෝන් එක පැත්තකට දාල මගෙ කම්මැලි කොල්ලගෙ මූනට මගෙ මූනෙ තිබුන රැවුල් කොට ගාන ගමන් ඇහැරවන්න හැදුව....අවසානෙදි කම්මැලිකම් කඩලා කඩලා එයා නැකිටගත්තා ....

කොළඹ අහස පුරාවටම මල් වෙඩි පත්තු වෙනවා...නත්තල ලබලත් නෑ.....ඒ උනාට මිනිස්සුන්ට දැම්ම නත්තල ලබලා තිබ්බා...හිරු එකයි දෙරණ එකටයි නලු නිලියන්ගෙ සින්දුව වලින් නිදහසක් තිබුන් නෑ.....තනි කලු ඇදුම් ඇදපු නලු නිලියෝ...ගායක ගායිකාවො නත්තල් කැරොල් කියනකොට රතිඤ්ඤා වලට බයේ උඩට පහලට දුවන පලිගුවා අපේ ඇදට නැගලා බොරූවට උඩ බුරන්න ගත්තා ....ආය පිස්සුවෙන් වගේ නගුට වන වන මාව ලේවකන්න ගත්තා ....යකො බය උන් කෙදිරි ගාන්න එපැයිනෙ...මූ ඔලුව තට්ටෙ කරන් හිනාවෙනවනෙ.....

නිතේ ...ස්....නිතේස් අයියේ .....

ඇයි බන්...ඇයි.....

මේ අපේ කෙල්ල ආවත ඒයි ...අපෙ දෝනියා ....

මගෙ විතේනයා බාත්රූම් එකට රිංගලා හැට පැයක් වෙනකොට ඊලග ටර්න් එක එනකන් උන්න මම බබොක්සර් එකන්පිටින් ඇදේ පෙරලීගන ටීවි එක දිහා බලන් උන්නා වගේම පලිගුවව හොයන් ආව පොඩි ගඩාපියා මැරෙන්න හැදුවා . .

පලිගුවෝ.....දෝනියෝ.....ඉන්නත.....

මේ ඉන්නෙ බන්...මෙහෙ....

ආ....යි ..අම්මා....ආ කෙල්ලෙ....උඹ මගෙ පපුවට මෙහෙම ගින්දර දෙනෙ ඇයි මේ නත්තල් දවසෙම ...අනෙ නිතේස් මේ බලන්න ඒයි...මේ කෙල්ල පැන්ට්‍රියට අත් දෙක තියලා මගෙ ඇපල් කේක් කෑල්ල කාලනෙ....අපරාදෙ ...වාසනා එකෙ ගත්තෙ....

මම පලිගුවා දිහා බැලුවා....එහෙනම් ඒක තමයි මූ ගංජා ගහලා වගේ හිනා වෙන්නෙ....වාසනා එකෙ ඇපල් කේක් කෑවොත් තනකොල ගලවන් යන්න එනවා..රෙසිපියට මුන් අරක්කු දානවද මන්දා ...

නිතේස් අයියෙ...මගෙ අලුත් සූට් එක ලස්සනයි නේ ඒයි.....

ම්ම්....හරි ලස්සනයි.....අයි අයි....උඹ නිකන් දැන් සැන්ටා වගේ.....

අරූ කලු ට්‍රවුසර් එකට අත් දිග රතු ශර්ට් එකක් ඇදලා උන්නා...ඇබිත්තකට නැති ඩොයෝනයට ඔෆිස් කලිසම ඇන්දුවම ඒකගෙ අර කුරුම්බැට්ටි පුක තවත් දික් වෙලා තිබ්බා...අලුත් සපත්තු දෙක දාපු ගඩාපියා තියන අඩියක් ගානෙම සපත්තු අඩිය උස්ස උසා බැලුවා ජරා වෙලාද කියලා ...මූට නම් තාම ළදරු මානසිකත්වෙ ...

ම්හුක්.....නිතේස් අයියේ....

මොකද ....මොකද ....ලගට නම් එන්න එපා ආ....

ම්හුක්....

මොකද බන්...නහයෙන් අඩන්නෙ.....

ඇද පත්තට හේත්තු වෙලා ටීවි එක දිහා බලන් අනිත් අතින් පලිගුවගෙ කනක් ඇද ඇද උන්න මන්ගාවට ගඩාපියා ආවා...ඇවිත් කූරු ගාන්න ගත්තා ....ඒ එක්කම බාතෲම් එකේ දොර ඇරුනා ඒකගෙ මූන දෙක උනා...

කපටි ඇටයා...

තේශි උනුවතුර තියනවා නාගන්න....

එයා එලියට එනවා එක්ක මං ඇතුලට ගියා....හැබැයි දොර වැහුවෙ නෑ...හුචු හුචු ගාපු ගඩාපි පැටියා අපි හැමොගෙම දූ කුමාරිවත් අරන් යන්න ගිය හින්දා මං දොර වහන්නෙ නැතිවම නෑවා....

තේශී....

.......

තේශී.....

හිස් මුදුනට දාපු ශැම්පු එක පෙන හැදිලා පහලට වැක්කෙරෙනකොට මං අත් දෙකෙම්ම ඔලුව අතුල්ල අතුල්ල ඉද්දි එයා මට කතා කෙරුවා....ඇත්තටම පලවෙනි පාර කතා කරල දෙවනි පාර කෑගැහුවා....

ඇයී.....

පහලට පෙරෙන ශැම්පු එක අතින් පිහ පිහ මම ඇයි අහනකොට එයා ඵෝන් එක අරන් මගෙ ගාවට ආවා....

මේ ගෙදරින් කෝල් එකක් ....ආන්ස්වර් කරලා කනේ තියන්නද.. .

එයා කෝල් එක ආන්ස්වර් කරල කනේ තිබ්බා....

හෙලෝ.....

හෙලෝ සුදු පුතා....

කියන්න අම්මා...

මොකද කරන්නෙ....

මේ පල්ලි යන්න යන්නෙ අම්මා...

මොකක්....පල්ලි....?? කොහෙ....

ඔව්....පල්ලියට යන්න අද මෙහෙ හැමෝම පල්ලි යනවනෙ....

උඹට මොලේ හොද නැද්ද ....ඒ පාර උඹ ආගමත් පාවා දීලා පර දේසක්කාර ආගමට ගියාද ....

මම කතා කෙරුවෙ නෑ ...ඇස්වලින් කිව්වා කෝල් එක කට් කරන්න කියලා...වෙලා තියන දේවල් වලින් වත් මේ මිනිස්සු තව වත් පාඩමක් ඉගන ගන තිබුන් නෑ....ඔලුවෙන් බුදු රැස් විසික් කර ගන්න හදනවා....ඒත් තව ආගමකට ගරහනවා.....අම්මෙක්ගෙ කටහඩක තියෙන්න ඕනා ආදරේ කොනකවත් ගෑවිලා නෑ...තෙතමනයක් ගෑවිලා වත් නෑ.....

මට මේ නත්තල් දවසෙ ඔලුව විකාර කරගන්න බෑ විතේන්.....වෙලාවකට මට මං ගැනම පුදුමා කාර තරන් දුකයි විතේන් ..ජීවිතේ සතුටක් කියලා දෙයක් විදින්න දෙන්නෙම නෑ....සතුට කියන වචනෙම උන් අපෙන් උදුරගන්නවා ...

සුදු අප්පො.....මොන දේ උනත්....මම උඹ ගාව ඉන්නවනෙ ....

මට ඒ වචනෙම හයියක් විතේන්.....

යන්න ගිහින් නාගන එන්න.....

මම ආයම වතුරට ඔලුව ඇල්ලුවා...අර හිතේ තිබුන ආසාව ඒ කටහඩින් මරලා දැම්මා...වෙන අම්මෙක් නම්....අනේ පුතේ ප්‍රවේසමෙන් ගිහින් වරෙන්....මොන ආගම උනත් හිතේ විස්වාසෙ තියනවා නම්...උඹට පිහිටක් හම්බෙයි...වෙච්ච කරදර වලින් සැනසීමක් ඉල්ලපන් හරි කියයි....නෑ එහෙම නැ.....

ආගම් බේද මොකුත් ඕන් නැ...හැම ආගමේම කිය්න්නෙ ආදරේ කරන්න...සාමය දෙන්න.....කුහකම් ඊරිසියා කාර කම් කරන්න එපා කියලා එච්චරයි ....ඒ උනාට.....අපෙ අම්මලව නම් කෝවක දාලා වත් හදන්න බෑ.....

මට ගුනාදරීගෙ අම්මව මතක් වෙනවා.....ඇස් නොපෙනෙන ඒකි අම්මගෙ කටහඩ අහල කියනවා...උඹලා හරි පින්තයි මයෙ අම්මෙ...ඒක උඹලගෙ කටහඩේම තියනවා..... අවසානෙදි ...උඹලගෙන් පස්සෙ එන අපි හරි පවු කාරයි....ඒකි එහෙමත් කියනවා....

මට නම් කවදාවත් අම්මගෙ මූන බලන් ඕක නම් කියන්න වෙන්නෙ නෑ....

මම එලියට අවා.....එයා ඇදගන මන් බලාගන මුනට මොන මොනවදෝ අතුල්ලනවා.....

ඉනට ගැටගහත්තු ටවල් එක පිටින් මම එලියට ආවා....ඇත්තටම එයා ලස්සනයි....ඒ ඇස් අස්සෙ ආදරෙ නම් නොතිබුන වෙලාවක් නෑ.....

මොකද...කන්න වගේ බලන් ඉන්නෙ.....

උඹ හරි ලස්සනයි මගෙ විතේන් ...නෑ...මට ලස්සනෙන් වැඩක් නෑ....උඹ හරි ආදරනීයයි ...උඹ ඇත්තටම ස්වර්ගෙන් ආව කෙනෙක් වගේ.....දෙවියන්ට අපි ගාව ඉන්න වෙලාවක් නැති හින්දා අම්මා තාත්තව දෙනවා වගෙ....මිනිස්සුන්ට රිදෙන වෙලවට ....ඇවිලෙන වෙලාවටත් සනසන්න ස්වර්ගෙන් දූතයො එවනවා කියනවනෙ.....

උඹත් අන්න ඒ වගේමයි මගෙ විතේන් ...උඹත් ඒ වගේමයි.....ගහන යන මිනිහා පිදුරු ගගෙ හරි එල්ලෙනවා වගේම උඹත් කෙරුවෙ ගහගබ යන ගමන් උන්න මට ආයම උඩුගම් බ්ලා පීනන්ඩ වාරු දීලා ආයම මාව උඩට ගත්තු උඹව තිස්තුන් කෝටියක්ම උඩ ඉන්න දෙයියො බලා ගන්න ඕනා මගෙ විතේන් ...

අනේ සුදු අප්පො....

මං උඹට පුදුමාකාර තරම් ආදරෙයි පන....මං දන්නෙ නෑ කොච්චරද කියන්න...මට මේ ලෝකේ තියන හැම දේම දෙන්න බැරි වේවි....මට මේ ලෝකෙ හොදම මනුස්සයා වෙන්න බැරි වේවි.....ඒත් පන.....මන්මේ ලෝකෙන් උඹටම විතරක් හැමදාම ආදරේ කරාවි

ටවල් එක පිටින් උන්න මං එහෙම්ම එයාගෙ නලලට හාදුවක් තිබ්බා...එයාට ඒ හාදුවත් එක්කම ඉබේටම වගෙ ඇස්පියවෙලා යනකොට මං බලාගන කොළඹ අහසෙ කොලපාටින් මල් විසිවෙන අහස් කූරක් පුපුරලා ගියා....

තේශී පාත් වෙන්න...

මං ඇදගත්තා ....ජීවිතේ පලවෙනි වතාවට මගෙ හිත අස්සෙ නත්තල් තරුවක් පායලා තිබුනා.....පලවෙනි වතාවට මං හිත ඇතුලෙ පුංචි ජේසු බබා වෙනුවෙන් ගව ඔරුවක් තිබ්බා.....

යමුද මැනිකෙ....

එයා උතුරන්න තියන කිරි මුට්ටිය එලියෙන් තියලා තිබ්බා...නත්තල් දවසේ රෑ පල්ලි ගිහින් ඇවිදින් හැමෝම එකතුවෙලා කිරි උතුරනවා කියන්නෙ....ඒක හරි පුදුමාකාර නුපුරුදු ආදරනීය හැගීමක් වෙනකොට .....පොඩි ගඩාපියා අද හරී සාන්ත දාන්ත වෙලා උන්නා...මේ යන විදිහට ගියොත් මේකව මගදි රහත් වෙනවා ...මූ ජේසු උපතේ කතව බලලා...මේන් මේකා අඩනවා....

අනේ....විතේන්...අයියෙ... බබා මේකෙ ඉන්නෙ කොහොමද...පව්නෙ.....සීතලයිනෙ. ....

පව්....අර අඩනවා...මට දුකයිනෙ අප්පා...

ගවයන්ට කෑම දාන ඔරුවක් අස්සෙ සීතලේ ගැහෙන පුංචි පැටියා දිහා බලාගන ගඩාපියා කම්පා වෙනවා...ඕක ෆිල්ම් එකක් උනත් අවුරුදු ගානකට කලින් උනේම ඕක....

ඉන්න හිටින්න තානායමක් නැතිව....ගෙයින් ගෙට ගියත් ඉඩක් නැතිව විලිරුදාව විදින ගැබ්බර අම්මව උස්සන් ඒ තාත්තා සරනක් හොයන් දිව්වා....අවසානෙදි ඔලුවට හෙවනක් දුන්නෙ ගවයින් ලගින ගවමඩුවක් වෙනකොට සැප පහසු තොටිල්ලක් වෙනුවට තිබුනෙ ගව ඔරුවක්...

කොළඹ කොච්චිකඩේ පල්ලිය.....

සිංහල පූජාවට මිනිස්සු උතුරනවා....එහාපැත්තෙ තිබුනෙ වරාය වෙනකොට නේවි එකෙන් ඉන්න එක පුදුමයක් නොවුනකොට රාජකාරිය දේව කාරිය වෙලා තිබුන නත්තල් දවසෙත් පවුලෙන් ඈත් වෙලා ඉන්න උන සේලර් කෙනෙක් අනේ ඉටිපන්දම් අහුරක් අවුලන් සුරුවම දිහා බලන් උන්නා.....

මං ප්‍රාර්තනා කරන්නෙ එකදෙයයි ....අඩලා කෑ ගහලා....තැලිලා පොඩි වෙලා ජීවිතේ අන්තෙටම වැටිලා ඉන්න මිනිස්සු හැමෝගෙම ප්‍රාර්තනාව මොකක් උනත් ඉශ්ටක්වෙන්නකියලා.....

සුදු මහත්තයා ....

මැද හරියෙ බංකුවක ඇබිත්තක් විතර ඉඩ ඉතිරි වෙලා තියෙද්දි ගඩාපි පැටියයි එයයි ඉදගන්නකොට මායි ශෙනෝනුයි හින් උන්නා...එයා සැරින් සැරේම මාව එයාගෙ පැත්තට නම්මන් රහස් කියලා අවසානෙදි සද්ද බද්ද නැතිව උන්නා.....

නත්තල් සීනු මැද....නත්තල් ගීතිකා මැද සුදු රෙදි කඩකින් ඔතන් ආව පුංචි ජේසු බබා එක්ක නත්තල් පූජාව පරන් ගත්තා .. දුප්පත්ද. ...පෝසත්ද නෑ....ඒ හැම කෙනෙක්ටම ජේසුගෙ ගෙදර දොර ඇරිලා තිබුනා....

සුහනද.....දුදනද නෑ ඒ හැමෝටම ජේසු ඒ අත් දෙක දිගෑරන් උන්නා.....නත්තල් සීනු මැද ඒ ගීතිකා මැද පූජාව පටන් ගන්නකොට ඒ හැමෝම අත් වැදගන්නකොට අන්‍යාගමික උන අපිත් අත් වැදගත්තා....

මම අහන් උන්නා.....බයිබලේ තිබුන වචන අහන් උන්නා.....දේශනව අහන් උන්නා....අවසානෙදි ඒනත්තල් ගීතිකා මැද රෑ දොලහට පුංචි ජේසු ඉපදිලා රෑ අහසේ මල් වෙඩි පත්තු වෙනකොට නත්තල් දා මම පුදුමාකාර සතුටකින් උන්නා....

ඔබ සැමට ප්‍රීතිමත් සුභ නත්තලක් කියලා පූජාවෙ අවසානෙදි ෆාදර් කියනකොට නත්තල් සතුට පපුව මැද පුරවගත්තු මිනිස්සු එසේම වේවා කියනකොට මම ජේසුගෙ සුරුවම දිහා බලාගන නත්තල වෙනුවෙන් හීන දැකල නත්තලක් නැතිව යන්න ගිය කෙල්ලගෙ ආත්මෙට සැනසීමක් ඉල්ලුවා.....

සුදු මහත්තයා .....

ඕඔ.....

මොකෙන්ද ඕනෙ...

ඔය මොකෙන් හරි...කපන්න.....

නිතේස් මේ හනසු කෑල්ල ඔබන්න ඒයි.....

වෙලාව මහ පාන්දර එකටත් කිට්ටුයි .නත්තලේ සතුටත් අරන් ගෙදර ආව අපි හැමෝම එකතු උනේ මගෙ ගෙදරට වෙනකොට නත්තල වෙනුවෙන් යන ෆිල්ම්...මේරියන්ස්ලාගෙ unplugged එකක්.....හිරු එකේ නත්තල් වැඩසටහන් මේ ඔක්කොම නාලිකා පුරාවටම නත්තල පැතිරිලා තිබුනා.....

කියන්න තේරෙන්නෙ නෑ....අපි හැමෝම උන්නෙ පුදුමාකාර තරම් සතුටකින් වෙනකොට ගේ පුරාවටම කෝපි සුවද නත්තල් කේක් සුවද යනකොට අපේ ගෙදරට පොඩි හොරෙක් පැනල තිබ්බා.....

නත්තල් ගහේ බෝලෙ බෝලේ හොරා වගේ පලිගුවා ගලවන් ගිහින් තැන් තැන් වල හංග හංග එනකොට ගහේ යට හරියෙ එකම එක බෝලයක් වත් නැති උනා ...

රතු ගල් තුනක් උඩ තිබුන කිරි මුට්ටිය ගාව අපි තුන් දෙනා වට වෙලා ඉන්නකොට මගෙ විතේන්ට කුසිය ඇතුලේ හරියට වැඩ තිබුනා ..

හනසු කෑල්ලෙන් කෑල්ල ඇවිලිලා පුංචි මැටි මුට්ටිය රත් වෙනකොට කිරි උඩ බුබුලු මතුවෙන්න ගත්තා ...

විතේන් ....

එනවා...

කිරි එක උතුරන්න ඔන්න මෙන්න තියනකොට එයා දුවන් ආවා වගේම ඩියෝනයා ගිහින් පලිගුවවත් ඇදන් ආවා ....ඉතින් අපේ පව්ලට මැදි උන කිරි මුට්ටිය උතුරලා යනකොට කවදාවත් නැතිව මගෙ ඇස්වලට කදුලු ඉනුවා ....මොකද මට මගේ කම දැනුන එකම පවුල මේකවෙනකොට මට කදුලු ආවා...

සුදු අප්පෝ.....

එයාගෙ අතේ බුලත් අතක් තිබ්බා.....ලේ බැදිමක් නැති උනත් ලේ බැදීමටත් වඩා ලගට දැනුන පවුල ඇතුලෙ තාත්තා වගේ ඉන්නමගෙ ගාව එයා බුලත් අතක් අරන් හිටන් උන්නා...

සුභ නත්තලක් සුදු මහත්තයා ....

සුභ නත්තලක් මගෙ මැනිකෙ.....

එයා මට වැන්දා.....මන් ඒ උරහිස් වලින් අල්ලලා නැගිට්ටවලා නලලට හාදුවක් තිබ්බා.....

සුභ නත්තලක් වේවා මගෙ නිතේස් අයිය්..

ගඩාපියා කිව්වත් වගේ පසග පිහිටවලම බිම් දිගා වෙලා වැන්දා.....වැදල මගෙ දිහාට අත් දෙක දික්කෙරෙව්ව....නත්තල් දවසෙත් මූ කප්පන් ගන්නවා....මන් ඒකගෙ අතට මොනර පිල් දෙකක් තිබ්බා.....

දෝනියෝ .....මේ මාමියට වදින්න...

.මම දන්නවා ඕකා බල්ලා ලව්වත් වන්දලා කීයක් හරි හොයා ගන්න හදගන්නෙ .....රතින්ඥ්ඥා වලට බයේ එක එකාගෙ ඇගවල් වල ඇතිල්ලි ඇතිල්ලි උන්න පලිගුවව ගෙනල්ලා මගෙ ගාව බලෙ වගේ වන්දවපු ගඩාපියා ආයම මා දිහා බලන් උන්නා....

ඒ පාර මොකද ....

මේ ලමයට බලු කුකු ඉස්කෝතු පැකට් එකක් වත් ගන්න බැරි උනා අඩුම ගනෙ මාරියක් වත් ගන්න පන්සීයක් වත් දෙන්න ඒයි . .....

ඒකා ආයම බල්ලව ඉස්සරහට දාලා පන්සීයකට මාටියා ගහනකොට අත් දෙකෙන් වැන්ද පලිගුවගෙ බලූ මූනට මන් හාදුවක් තිබ්බා.....

මේක මේ ලයිව් එකක්නෙවෙ නෙ බන්

අනෙ මන්දා ....ආ නෑ නෑ බන් ඕක අර ave maria එකේ ගහපු unplugged එක නේ...

මම වගේම ශෙනෝන් ටීවි එක බදු අරන් තිබ්බා....එයා මේ රෑ මොනවා හදනවද කියන්න මං දන්නෙ නෑ හැබැයි ගඩාපියත් එයා එක්ක රිංගන් උන්නා....

නිතේස් අයියේ.....ඒයි ඔයාට කෝල් එකක්...

චාර්ජ් වෙන්න ගහල තිබුන ඵෝන් එක ඉවරයක් නැතිවම අඩන කොට ගඩාපි පැටියා කෑ ගැහුවා මේ මහ රෑ මොකාද.....

කව්ද ඩියෝන් අපේ ගෙදරින්ද.....

නෑ....ඒයි....නමක් නෑනෙ....

ආන්ස්වර් කරල බලන්න.....අපේ අම්මා නම් කට් කරල දාන්න...

මම ආයම ටීවි එක දිහාට හැරුනා ...

නිතේස්...කවෘත් නෑනෙ.....

එහෙනම් වැරදිලා වෙන්න ඇති....

ආ....මේආය ගන්නවා...මොන පරිප්පුවෙක්ද මන්දා....මේ නත්තල් දවසෙ වද දෙන්නෙ..මගුල....

හැලෝ...ඔයාට ඇහෙනවද.....කන් බීරිද...එක පාරකුත් ගත්තාගොලුව වගේ උන්නා.....

එක පාරක් කතා නොකරපු කෙනා ආයම ගන්නකොට ගඩාපි පැටියා දෙහි කපන්න ගත්තා ...

නිතේස්....

ඇයි.....කව්ද ...

කව්ද ....?? කියන්නම් වරෙන්කො එලියට ....

මං ගඩාපි පැටියගනෙ උත්තරයක් බලාපොරොත්තු උනත් හොදට උන්න උගෙ මූන රතු වෙලා තිබ්බා....මගෙ අතිනුත් අල්ලගත්තු ඒකා මාව බැල්කනියට එක්ක ගිහින් දොර වැහුවා.....

කව්ද ඩියෝන්...

මට මේක කියපන් නිතේස්...උඹ අපෙ විතේන් අයියට ආදරේද.....

මොන මගුලක්ද උඹ අහන්නෙ.....නැතුව යකො...ඒ මගෙ පනනෙ.....

එහෙනම්...මේ ලබ්බි නත්තල් දවසෙම අරගන්නෙ මොකටද.....ඈ නිතේස්.....

මොන ලබ්බිද ඩියෝන්.....

මොන ලබ්බිද අහන්නෙ මේන් මේලබ්බි....

ඩියෝනයව පුපුරන්න ඔන්න මෙන්න ඌමගෙ අතට ඵෝන් එක දුන්නෙත් නෑ...මගෙ විතේන්ව පෙන්න පෙන්න ආදරෙයි ද අහ අහා මට බනින්න ගත්තා ...

ඩියෝන් මට කියපන් ඔය මොකීද කියලා ...බිනරිද නෑනෙ .

අනෙ ඒකි නෙවෙ.....ඒකිට පිස්සු නෑ කොල්ලෙක් ඉන්නකොට ගන්න.....

ඩියෝන් කියන මගුල කියපන් එක පාර මට දිවඥ්ඥානය නෑනෙ ඩියෝන්....

මන් අරූට සැරකෙරුවා ....ඒත් ඌ නෙවෙ මට ඵෝ එක දුන්නෙ.....ඒ ටිකකිම්ම ආයම කෝල් එකක් ආවා....ඒකත් ඒ unknown එකෙම්මයි....ඩියෝනයා මා දිහා බලාගනම ඉදලා ආන්ස්වර් කෙරුවා .....

හ්...හෙලෝ...අ....යි.....

එච්චරම තමා කියන්න හම්බුනෙ....අරූ ඵෝන් එක ඕෆ් කරලා දැම්මා.....

දැන් හරිනෙ .....සෙනාරි.....සෙනරි...ඒකි වෙන කවුරුත් නෙවෙ සෙනාරි....

මම ඩියෝන් දිහා බලන් උන්නා....ඒ පාර මොන මගුලක්ද පාත් වෙන්න යන්නෙ ...ඒ අරන් තියෙන්නෙ සෙනාරි....දවල් දැක්කත් මට ඒ ටිකකින් අමතක වෙලා ගියපු සෙනාරි....

🙂එන්නාම්....

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

Ferdeesha ❤️💚😘 ..

More Chapters