මැනිකෙ...
හෝරාවක් පහුවෙලා යන තැන වෙව්ලන කකුල් වල දනහිස් රතු වෙලා තිබුනා....ඇදන් උන්න සරම ඇද පාමුල වැටිලා තියනකොට මෙච්චර වෙලාම නහයෙන් අඩපු උඩුවියන් බැදපු ඇද මොකුත් නොදන්න ගානට හුස්ම ඇරිනකොට දාඩියෙන් පෙගිලා උන්න දිසානායක හාමුදුරුවන්ගෙ මැනිකෙ මුනින් අතට හැරිලා උන්නා ....
ලැජ්ජයිද මගෙ මැනිකෙට...
මං හරි හිමීට රහසක් කොදුරනකොට එයා මගෙ දිහා හැරිලා බැලුවා ...මුලු පපුවම බතික් වෙලා.....කෑ ගහලා පිටකරගන්බ බැරි හැගීම් මිරිකගන හපාගන පිට දානකොට මගෙ විතේන්ව මන් මිරිකලා හපලා තිබුනා ....ඒ මූන ලැජ්ජාවටම රතු වෙලා තිබුනා.....
ලැජ්ජයිනෙ....සුදු අප්පො...
අරමක්කටද?
දන්නෙ නෑ.....
උඹ ඉතින් මගෙ මැනිකෙ නෙවෙද ...
උඹ හරි වෙනස් සුදු මහත්තයා .....කොච්චර කොහොම කොළඹ පය ගැහුවත්....කලිසමෙන් සරමට මාරුවෙනකොට උඹ වෙනස්....උරහිස ගාවට වැවුන කොන්ඩෙ බැදගන ...සරමක් ඇදන් අත්දෙක පිටිපස්සට බැදන් මිදුල පුරාවටම සක්මන් කරනකොට ....ඉස්සරහට එන මිනිස්සු දෙකට නැවිලා බේබි හාමු කියනකොට .....උඹ මගෙ තේශිට වඩා වෙනස් සුදු අප්පො.....
එයා කියවනවා ....වෙනදට මම ඒ පපුවට තුරුල් වෙනකොට එයා අද මගෙ පපුවට තුරුල් උනා...පිරිමියෙක්ගෙ පිරිමිකම තවත් එලියට දාන ඉස්සරහට පැනපු උගුරු ගැටෙ දෙපාර තුන්පාර උඩ යනකොට ....ආයමත් ලාවට වැවීගන එන රැවුල් කොට වගේම දැඩි පපුව මැද වැවුන කෙස් රොද පුරාවටම එයා අත ගෙනිච්චා ...මං දන්නවා මගෙ විතේන්ට ලෝභ හිතිලා .....එයා හිතෙන හිතෙන වතාවට එයා මාව සිපගත්තා ....හිතෙන හිතෙන වතාවට මාව අතපත ගෑවා ....
ඔච්චර ලෝභ කම් කරන්න එපා පන...මං උඹගෙ තමයි....
මං ඒ රතු උන මූනට හාදුවක් තියල ගලවපු ඇදුම් ආයම අදින්න ගත්තා ....ඇගපතම තලා දාලා වගෙ තියනකොට ඉදගන්න හදපු එයා කෙදිරි ගාගනම ආයම ඇදට වැටුනා ...
තේශීහ්...ම්ම්හුක්ක්ක්..
ම්ම්ම්..ඇයි පන...
උඹ මගෙ පුක පලලා....කකියනවා හාමුවෝ.....
ආ....නේ...නිකන් ඉදු මං පැලුව පුකක් නෑ....තොට තමා විසේ...කව්ද දන්නෙ නෑ උඩ පැන්නෙ....බැහු ඇදෙන් ඇද පොල්ලකුත් ගැලවිලා බිමට වැටුනා නේද...
ඉතින්....තොට මහන්සි හැදුනෙ බන්....ආ නැද්ද සුදුමහත්තයා ...නැගපුවා බැස්සොත් ආයම ඔව්වා ආයම නග්ගන්න වෙනවනෙ.....බලපන් එතනත් කාලෙ අපරාදෙනෙ....
එච්චර නැහෙන්න ඕන් නෑ....මේක දෙක ගැහුවම සෙව්වන්දි මෑනියන්ගෙ පොල්ගෙඩියට වඩා වේගවත් ..
තේශීහ්.....තේශී ....හ්....උඹ මහ වල් හාමුවෙක් සුදු අප්පො..
ඒයා හිනා වෙනවා...මං හිනා වෙනවා .....අපි දෙන්නගෙම ඇස්වල හිනාවෙලාම කදුලු පිරුනා.....මං එයාව ටික වෙලාවක් තුරුල් කරන් උන්නා....නලලට හාදුවක් තිබ්බා....මං ලව්වම ඇදුම ඇදගත්තු මගෙ සරාගී විතේන් ආයම හොරාවට හොරාවට හුරතල් වෙනකොට මං සරමත් ඇදන් ඇද යටට බඩගාලා දෙකට මැදින් කඩලා ගියපු ඇද පොල්ල අරන් නැකිටිනකොට මගෙ කන් දෙකම රතු වෙලා ගියා වගේම එයා අත් දෙකෙම්ම මූන වහගත්තා ...
කතා දෙකක් නෑ..අපි දෙන්නම මහ වලත්තයි.....
සුදු අප්පො...
ම්ම්...
හතර වටෙන් වැහිලා ගිය උඩු වියන් බැදපු ඇදෙ තිර රෙදි මං ගැටගහලා දැම්මා වගේම ඇදේම කොනක ඉදන් makeup tutorial එකක් බලන්න ගත්තා ....සෙරප්පු නැති කකුල් දෙක මූන පේන්නම දිලිසන්න මැදපු පොලවට තියනකොට ඇදන් උන්න සරම බොකු ගැහිලා පහලට එල්ලුනා වගේම එයා ඇවිත් මගෙ සරමෙන් ඉදගත්තා .....
අපි කවදද යන්නෙ....
මේක කරලා යනවා .....ඔයාට ඔෆිස් යන්න ඕනෙනෙ....අනික....මන් මෙහෙ ඉන්න ආස නෑ විතේන් .....මගෙ ලේ කෝප වෙනවා ...
එයා මගෙ සරමෙ ඉදගන ඉස්සරහට පස්සට හෙමීට පැද්දෙන්න ගත්තා ....
තේශී..
ම්ම්ම්...
අප්පචි ආවෙ නැත්තෙ ඇයි...
වෙලහට වැව් රවුමෙ ඇති....මේ වලව්වට ඇවිත් හිත පුච්චගන්නවට වඩා....පරන මතක එක්ක හුස්ම ගන්න එක අප්පච්චිට සැනසීමක් ඇති විතේන් ....උඹ කිව්වා හරි...මිනිස්සු ගියත් ආදරේ මැරෙන් නෑ මගෙ විතේන් ....
එයා අහන් උන්නා....අහන් ඉදලා සරමෙන් නැකිටලා කෙලිම්ම මගෙ කලවයක් උඩ ඉදගත්තා ..මං එක අතකින් එයාව අල්ල ගත්තා ...
සුදු අප්පො....උඹලා හරි ආදරනීයම මිනිස්සු සුදු අප්පො....හරි කෙනාට වැරදි වෙලාවෙ හම්බුන....උඹ...මම...කොහොම ආදරේ කෙරුවත්....උඹ මම නිදාගත්තු මේ ඇද ගිනි ගන්න දවසක් ඒවි නිතේශ් .....උඹලා වලව් කාරයො....හොයන්නෙම වංසෙ කබල් ගාන්න.....මම වංශයක් නැති එකෙක් කියලා දැනගත්තොතින් ...උන් පරසක්වල ගහයි තේශි...
උඹට ඕනෙ එහෙම දාකට මාව දාලා යන්න නම්..ඔය අත්දෙකෙම්ම මගෙ බෙල්ල මිරිකලා දාපන් විතේන් ...උඹම ආව ජීවිතේ උඹම අපායක් කරන්න නම් මොන මගුලටද ආවෙ විතේන් ....ආ විතේන් ....???
නොහිතපු වෙලාවක එකා මගෙ හිත බිදලා දැම්මා වගේ උනා..මෙච්චර වෙලාම ආදරෙන් උන්න හැම දේම එක වචනෙකින් වතුරෙ යැව්ව වගේ උනා ...දැනුන වේදනාවට වගේම ආවේගෙට මං එයාගෙ බෙල්ලෙන් අල්ලන් බිත්තියට තද කෙරුවා .....එයා එහෙම කතාවක් කියනකොටත් මාව ගිනි ගන්නවා වගෙ දැනෙනකොට මං එයාගෙ බෙල්ල මුලින් අල්ලන් බිත්තියට තද කෙරුවා වගේම ඒ ඇස් බයටම කදුලින් පිරුනා...
තේ....ශී...හ්....අනේහ්...
මට එහෙම කරන්න එපා මගෙ විතේන් ....මට එහෙම කරන්න හිතන්නවත් එපා..මං අප්පච්චිට පොරොන්දු උනා....එකම වැරද්ද ආය ආය වෙන්න දෙන්නෙ නෑ කියලා ....මට...සමාවෙයන් පන රිදවන්න හිතුවෙ නෑ උඹව...ඇත්ත තිත්තම තිත්ත උනත්...උඹ මාව උඹ මත්තෙම්ම නැහෙන තැනට හරවන් ඉවරයි මගෙ විතේන් ..මාව පිස්සෙක් වෙයි....උඹට වඩා පිස්සෙක් වෙයි...
අනේ...සුදු මහත්තයා ...
මං එයාව අතෑරියා විතරයි එයා මගෙ ඇගේ එල්ලුනා....එයා අඩන් නෑ ..ඒඋනාට ඒ ඇස් අඩන්න හදනවා....
නාඩා ඉන්න.....මං කවදාවත් උඹව මෙහෙට එක්ක එන්නෙ නෑනෙ.....
මම එයාගෙ මුන අතගෑවා...එයා එහෙම්ම මගෙ මූන දිහා බලන් ඉදල හිනා උනා....
මට පොරොන්දු වෙන්න තේශි .....උඹ නම් කවදාවත් දහම් අප්පච්චි වෙන්නෙ නෑ කියලා .....
මං පොරොන්දු වෙනවා.....කවදාවත් උඹගෙ අම්මට මගෙ අප්පච්චිට උන දේ වෙන්නෙ නෑ කියලා ....
මම ඒ ඔලුවට අත තියලා පොරොන්දු වෙනකොට එයා හිනා උනා...මොකද මගෙ වචන ස්තීරයි ...මගෙ හැගීම් ස්තීරයි....මගෙ ආදරේ ඉස්තීරයි.....
සුදු මහත්තයා ....
විනාඩි ගානක් එයා මගෙ ඇගට හේත්තු වෙලා උන්නා ..ඒ එක්කම කාමරෙ දොරට ගහන සද්දෙ එක්ක එයා මගෙන් ඈත් උනා වගේම මම ගිහින් දොර ඇරියා....
කියන්න....
තේ කහට වක්කෙරුවා...අර දරුවා එක්ක ආව නම්.....දොදොල් හැදි ගාපුවත් තියනවා...හැලපත් තියනවා...උනුවෙම්ම....තව කැවිලිනම් සාගරේට තියනවා ..
මම විතේන් දිහා බැලුවා.... එයා මං දිහා බලාගන ඈනුමක් ඇරියා වගේම මම කට කොනකින් හිනා උනා...මගෙ පනට බරවැඩ කරලා මහන්සී වගේ...
ඈ සුදු මහත්තයා ...
මොකද....
ඔය ඇදෙ දෙන්නෙක්ට බුදියන්න බෑනෙ .....අහකට වෙයල්ලා....ඇද තනිකරම යක්කු පිටිය වගේ..මේ දොරවල් ජනෙල් ඇරපල්ලකො...උඹට මලපෙරේතයෙක් වත් වැහිලා ඉන්නවද නිතේශ් මේ කාස්ටකේ ජනෙල් දොරවල් වහන් ඉන්නෙ...
කාමරේ දොර ඇරලා තේ කහට බොන්න එන්න කියපු අත්තම්මා ගෙ ඇස් දෙක ඇද ගාව නැවතුනා.... මම පැත්තකට වෙනකොට අත්තම්මා ගිහින් වහපු ජනෙල් දොරවල් පියන් ඇරලා දැම්මා වගේම මගෙ ඇද රෙද්ද ගසන්න ගත්තා ...මගෙ ඇස් දෙක විතේන් ගාවට යනකොට එය නියපොත්තක් කටේ ගහන් හපන ගමන් උන්නා වගේම මමත් අත්තම්මා දිහ බලන් උන්නා....
ශික් .....කේහ්...මේකේ දාඩිය ගද.....ඊට හපන් මේකෙ සිනි ගද .....උඹට නම් මලපෙරේතයෙක්ම තමා සුදු මහත්තයා වැහිලා ඉන්නෙ නැති නම් උඹ අපිට පිටින් ගියපු එකෙක් නෙවෙනෙ .....අර පරට්ටි උඹට මලපෙරේතයෙක් බන්දවලද කොහෙද ...හිටින් කො....
ආයමත් පුරුදු තැටියමයි.....ආයමත් පුරුදු තැටියමයි....
ඒ...ඒ...අතත්තම්මා...මොකද ඔය.....
අහකට යමන් සුදු මහත්තයා ....බලපන් මේ ඇද රෙද්දෙ සිනි ගද....
මට වහ කන්න හිතුනා...මගෙ විතේනයා අහක බලන් සිංදුවක් කියන්න ගත්තා වගේම උගෙ සිංදුවට මට අර කැඩුන ඇද පොල්ල අරන් ඔලුවටම ගහගන්න හිතුනා...
වෙරළු මල්...වෙරළු මල්....///
විතේන්...!!
අ...ආ....ඇයි නිතේශ් .....
කට පියන් එලියට යන්න පුලුවන් .....
මොකද සුදු මහත්තයා උඹට වෙලා තියෙන්නෙ .. ...ආ?? බලපන් උඹ මේකෙ ජනෙල් දොරවල් වහන් ඉදලා ඒ කොලුවගෙ මුන හෙම්බත් වෙලා ගිහින්....උඹ ඒ දරුවට සැර වෙන්නෙ....බලපන්...ඒ මුන මැලවිලා ගිහින්..කෝ බලන්න දරුවො.....මූන
ආ..ඒ...දාඩියට අත්තම්මා...කොහෙද මේ නිතේශ්ට මම කිව්වා...ඊට හපන් මේ මදුරුවො හිටන් කෑවානෙ..මේ බෙල්ල පුරාවටම ලප...මේහ්.....
සීවරන් දෙයි හාමුදුරුවනේ... මේ කොල්ලව මදුරුවො කාලනෙ....අහකට වෙයන් නිතේශ් අහකට වෙයන්....මේ දරුවගෙ බෙල්ලට පැගිරි ටිකක් වත් අතුල්ලන්න.....අහකට වෙයන්....කිව්වම අහලා...මූ මද්දහනෙ ගොරකා කැලේ අස්සෙන් ඇවිත් යක්කු වැහිලා....
මං විතේනයව දිය වෙන්න තරම් රැව්වා....ඒකා මං හපපු පාරවල් ඔක්කොම මදුරුවො කාපු ලප කිය කිය පෙන්නනකොට අපි දෙන්නා පැයගානක් නිදියෑව ඇදෙ තිබුන රෙද්දත් තුරුලු කරන් අත්තම්මා යන්න ගියා...
දැන් ඔය ගෑනිව බඩවෙනවා තේශී...
බඩ උනොත් බාරගනින්..මගෙගෙ ඒවා නම් නෑ....ඒවා ඔක්කොම තියෙන්නෙ මගෙ මැනිකෙ ගාව....
ඉද්දකින්...පලයන්කො සුදු අප්පො.....
ඇයි....දැන් ඉතින් ඒ ඉන්නෙ උඹේ අඹුව තමයි....අපි දන් නෑ.... පැගිරිත් ගෙනල්ලා අතුල්ලාවි...
අනේ...තේශීහ්....
ඇයි ඉතින් ...අර වෙරලු මල් සුවද ආවෙ උඹෙන් තමයි....දැන් ඉතින් බාරගන්න බලන් ඉදින් ....සොරි.....සීයා තාත්තෙ....
අනේ....තේශීහ්.....නැවතියන් මං ....
මං යන්න එන හිනාව තද කරගන එලියට එනකොට අත්තම්මා ඇදරෙද්ද පුටුවක් උඩට දාලා ඒක උඩ ඉදන් ටෙලිපෝන් නොම්මර පොත බලන ගමන් උන්නා වගේම ඒක දැකපු මටත් නිකන් බබා හම්බවෙන්න ආවා..
කෝ ඔය ඇද රෙද්ද දෙන්න මං හෝදගන්නම්...කොහෙද මැශින් එකක් වත් නෑනෙ.....
ඔහොම තියපන් උඹට හදිස්සිය මං මේක මැනිකා ලව්වා හෝදවන්නම්...
අනෙ මේ ඔන්න ඕක මෙහෙ දෙන්න මැනිකෙක් ලව්වා හෝදවන්න...
මං වදෙන් පොරෙන් ඇදරෙද්ද අරන් කාමරේට එනකොට මැනිකගෙ කෙලී දැනටමත් ඇදරෙද්ද දානවා ..
කව්ද ලමයො ඔයාට ඇද රෙද්ද දාන්න කිව්වෙ ...
ලොකු මැනිකෙ බේබි හාමු...
කෝ හිටින්....මෙට්ටෙ උස්සන්නවත් පන නෑ ඇටකිච්චට ...ඔහොම නෙවෙ මෙහෙම....දැක්කද එතකොට ඔය මෙට්ටෙ උස්ස උස්ස නටන්න ඕන්නෑ....
ඇද මෙට්ටෙ උස්සගන්නවත් හයියක් නැති කෙලීව පැත්තට කරපු මම කෙල්ලට ඇද රෙද්ද දාන හැටි කියා දෙනකොට මගෙ විතේන් උලුවැස්සට හේත්තු වෙලා බලන් උන්නා.....
බේබි හාමු....
ම්ම්ම්ම්ම්ම්ම්
අර බැල්ලි පැටියව ...
ආ...හවස ගෙනත් දේවි...
ඒකට හුගක් වටින කෑම දෙන්න ඕනෙද හාමු...
නෑ ලමයො...ඌ මේ වල් කුක්කෙක්.....
මං උන්නෙ මගෙ පොත් ගොඩෙ පොත් තෝර තෝර වෙනකොට කෙල්ල මේසෙට හේත්තු වෙලා ඉදන් බැල්ලි පැටියා ගැන ඇහැව්වා.....
බේබි හාමු මෙහෙ නවතිනවා නම් කොච්චර එකක්ද...
අරමක්කටද ?
නෑ..ඉතිම්....දැන් ඉතින් පොඩි මැනිකෙත් යාවි....බිනරි මැනිකෙටත් පෙලවහක් හොයාවි.....ඊට පස්සෙ නිකිනි මැනිකෙ...ඊටත් පස්සෙ...
මං අත් දෙකත් පිටිපස්සට බැදන් බලන් උන්නා.. මැනිකගෙ කෙල්ල ගොතපු කොන්ඩා කරල එහා මෙහා කර කර කියවනවා..එකී කියනවා මං නවතිනවා නම් හොදයිලු....ඒකි නොකියා කියන්නෙ මං නැවතුනොත් ඒකිට ආයම වලව්වෙ වැඩට නෑවිදින් ඉස්කොලෙ යන්න පුලුවන් කියන එක වෙනකොට මං විතේන් දිහා බැලුවා....එයා ඇස් පිල්ලමක් වත් නොගහම කියවන කෙල්ල දිහා බලන් ඉදලා මා දිහා බැලුවා ...හරියටම "අනෙ පව් තේශී" කියන්න වගේ..
ඔය ළමයා සතියකට දවස් කීයක් ඉස්කෝලෙ යනවද ...?
යනවා බේබි හාමු....
යනවා තමයි යන බව පේනවා ..ම්ම්ම්..මෙන්න පොත් දෙක තුනක් තියනවා....කියවන්න පුලුවන් .....
අනේ.....බොහෝම ස්තූතියි බේබි හාමු....බෙබි හාමු බේබි හාමු....
මොකද ලමයො....මැරෙන්න යන්නෙ...
මේ ඇද රෙද්ද ...
ඒක තියලා ඔය ළමයා යන්න....
පොත් ටික අතට හම්බුනා විතරයි කෙල්ල ඒ ටික තුරුල් කරන් දිව්වා...පව්....කවුරු කියලා අරන් දෙන්න ඉන්නවද..... එහෙම්ම එයා ආවා...
පව් නිතේශ් ....මේ මිනිස්සුන්ට...උන් පුංචි දෙයක් උනත් ඇති හිනා වෙන්න.....
ඒක ඇවිත් අපි හැමෝගෙම වැරද්ද විතේන් .....අපේ උන්ට පුලුවන් උනා නම්...ඔය මිනිස්සුන්ට හොදින් සලකන්න....උන්ට ඕනෙ ඒ මිනිස්සු ලව්වා වලව්වෙ කඹුරන්න...උන්ට ඕනෙ ඒ මිනිස්සු ලව්වා හාමු කියව ගන්න.....
මම ජනේලෙන් එලිය බලන් උන්නා...හෙට දීග යන්න ඉන්න පොඩී මිදුල පුරාවටම එහා මෙහා යනවා...ඇදන් උන්න බතික් ඔසරියෙ පොට බිම ගෑවෙනවා...ඒකිට වගක් නෑ.....ඔසරි පොටේ කටු වැලක් පවා ඇමිනිලා ඒත් ඒකිට වගක් නෑ....ජනේලෙ ගාවට ගියපු මං අත් දෙක බැදගන කෙල්ල දිහා බලන් උන්නා...මුලු ඔසරියම අලුත් පාටයි...ඒත් කටු රොඩු ඇමිනුන පොට එහෙම් පිටිම්ම අර ඔසරියෙ වටිනා කම කාලා තිබුනා.....මම බලන් උන්නා.....ඒකි කියන්න හදන්නෙ...අවුරුදු ගානක් පරිස්සම් කරන් ආව ජීවිතේ හෙටින් ඉවරයි කියලද ....??
තේශි
ම්ම්ම්ම්
මොනවද කල්පනා කරන්නෙ තේශි ....
සමහර දරුවන්ට සමහර දෙමව්පියන්ව හම්බෙන්නෙ කරුමෙට කියලා...අපි වගේ මිනිස්සුන්ට මේ වගේ දෙමව්පියො හම්බෙන්නෙ කරුමෙට කියලා .....
එයාගෙ මුන දිහා බලන් උත්තර බැන්දා...එයාගෙ ඇස් දෙක වෙනස් උනා....එයාගෙ අම්මා අප්පච්චි වෙන් උනත්...ඒ දෙන්නම එයාලට ඕන ජීවිතේ විදින්න දීලා තියනවා...උන් අඔඉව හිරකරපුවාම අපි අපිට ඕන ජීවිතේ බලෙන් හරි හොයන් යනවා.....උන් නොදුන්න ජිවිතේ අපි බලෙන් හියන් ගියහම හොයා ගත්තු සතුටවත් විදින්න නොදී උන් අපිව ආයම ඇදන් එනවා.....
මම ඔහේ කල්පනා කෙරුවා ....කෑම මේසේ දිහාවෙන් ආයමත් පිගන් කෝප්ප සද්දයක් ඇහෙනකොට මම එයා දිහ බැලුවා...
ඔයාට බඩගිනී නේද පන.....
එයා ඉස්සරහා හැම වෙලේම වැටෙන්න බැරි කමට මම එයා දිහා බලාගන හිනා උනා..මොකද ...අද පොඩීගෙ තත්වෙ දවසක එයාට එයි කියලා එයා බයවෙනවා...එයා හිතනවා...මට ඒ හිත රිදවන්න බෑ....අප්පච්චි කිව්වා වගේම මම හිත හයිය කරගන්න ඕනෙ අඩන්න තැන් දාහක් ආවත්....එයා ඉස්සරහා නාඩා ඉන්න ඕනෙ....
එයා හිනා උනා...මං දන්නවා එයාට බඩගිනී...මම එහෙම්ම එයාව එක්කන් එලියට ආවා.....කෑම මේසෙ පුරාවටම කැවිලි වැහි වැහලා තිබුනා....ඉගුරු දාපු තේවල සුවද....නෙස්ටමෝල්ට් වලකිරි සුවද...මේ හැමදේම එක්ක කෑම මේසෙම වහන් තියනකොට එයා මා දිහා බලලා තවමත් තෙල් සුවද තිබුන කැවුමක් දිහාවය ඇගිල්ල දික් කෙරුවා.....
ඔයාට ඇති තරම් ඕන දෙයක් කන්න...මං පොඩ්ඩක් පොඩි ගාවට ගිහින් එන්නම්.....
මම එයව කෑම මේසෙන් ඉන්දවලා වගේ වගක් නැතිව ඔහේ මිදුල පුරාවටම ඇවිදින පොඩී ගාවට ගියා....ගිහින් ඒ උරහිසට අත තිබ්බා.....ඒකි ගැස්සිලා ගියා....
ස්...ස්..සුදු අයියෙ....
පොඩී.....මෙතන ඇයි...
න්..නිකන්.....
මම පොඩී දිහා බැලුවා...ඒ ඇස් රතුම රතු වෙලා ඒකි අඩනවා....එකිගෙ ඇස් දෙක තිබුනෙ පාර දිහාවට වෙනකොට හැට්ටෙ අස්සෙ හංගගත්තු දෙයක් උඩට ඉලිප්පිලා පෙනුනා.....
මම එයාව පහු කරන් අඩි දෙකක් ඉස්සරහට ගිහින් ගිහින් අත් දෙක පිටිපස්සට බැදන් හිටගන උගුර පෑදුවා....
පොඩී.....අඩන්න හේතුවයි...හැට්ටෙ අස්සෙ හංගන් ඉන්න දේයි එලියට ගත්තා නම්...
අ...අනේ.....සු...සුදු...අයි.....
කවුරු හරි...හම්බෙන්න එනකන්ද මෙතන ට වෙලා ඉන්නෙ....
මම පොඩීගෙ මූන දිහා බැලුවා...මම නොදැන උන්නා උනත්. .මට දැනුනා පොඩී මොකක් හරි දෙයක් පටලවගන තියනවා කියලා...මම කෙල්ල ගාවින් හිට ගත්තා ....ඒකි මට බය උනා වගේම අඩියක් පස්සට ගියා...
පොඩී...ඔයාට කාව හරි...හම්බෙන්න ඕනා නම් කියන්න...මට...උඹව බේරගන්න..වත්....විදිහක් නෑ...මගෙ මැනික....ඒ උනත්....ඒ උනත්....මට අයියා විදිහට ...උඹගෙ....ඒ ආසාව වත්....ඒ බලාපොරොත්තුව වත්.....ඉශ්ට කරන්න මට දියන්....මං...උඹව එක්ක යන්නම්.....උඹට කාවද හම්බෙන ඕනේ....
මම කෙල්ලගෙ අත්කින් අල්ල ගත්තා ...ආදරෙ කරන මිනිස්සුන්ට කවදාවත් ඒ ආදරෙ ඇස්වලින් හංගන්න බැරි වෙනකොට රතු උන ඇස් අස්සෙන් මම පොඩී හංගන් ඉන්න ආදරෙ හිමින් හිමින් එලියට ගත්තා වගේම අවසානෙදි ඒකි හැට්ටෙ අස්සෙ ගහන් උන්න සුදු පාට ලියුම් කඩදාසිය අරන් මගෙ අතට මිටිමෙලෙව්වා ....
සුදු....අයියේ...මේක....මේ....ක...
කියන්න පොඩී....
සුදු ...අයියෙ ....සමා...වෙයන්.....මේක.......ඒකි අඩනවා...මගෙ අතට ලියුම් කඩදහිය ගුලිකරපු පොඩී මගෙ පපුවට ඔලුව ගහන් අඩනකොට මම බය උනා වලව්වෙ උත්තමයන්ට ඇහුනොතින් කෙල්ලට අච්චු කරාව කියලා.....
නාඩා ඉදින් මයෙ මැනිකේ...නාඩා ඉදින් කෝ.....උඹ ඇඩුවොත් කොහොමද සුදු අයියා උඹව ලස්සන කරන්නෙ...
මම ඒකිව සැනසෙව්වා...මගෙ විතේන් මා ගාවට දුවන් ඇවිත් පොඩි එක්ක ඉන්න මාව දැකලා මගින් නැවතුනා වගේම ඉස්සරහට තිබ්බ අඩිය හොරෙන් හොරෙන් පස්සට ගත්තා ..හරියටම මාව දැක්කොත් එයා තවත් අඩයි කියන්න වගෙ වෙනකොට මම එයාට මගෙ ඇස්වලින් චුට්ටක් ඉන්න කියනකොට එයා ලාවට ඔලුව වැනුවා....
හෙටින් ...පස්සෙ මට....මේ හැමදේම නැතිවෙයි....සුදු අයියෙ.....මේ සුවද....මෙ හැම දේම.....
මම අහන් උන්නා....ඒකි මට දීපු ලියුම් කඩදහිය මගෙ අතේ ගුලිවෙලා තියනකොට ඒකි මාව බදාගන ඉකිබින්දා...ඒ උරහිස් ගැස්සෙනවා.....මම එහෙම්ම ටික වෙලාවක් ඉන්න දුන්නා....
මගෙ සුදු...අයියෙ...
කියන්න මැනික.....
මාව..මේ...අත් දෙකෙන්....ලස්සනට....අන්දනවද....
ඒකිගෙ ගොරකා ලෙලි උන ඇස් දෙක මගේ මුන පුරාවටම යනකොට මම හිර උනා....යන්නෙ යන්න අකමැති ගමනක් බව දැන දැනම ඒකි මට කියනව මේ අත් වලින් ලස්සනට අන්දවන්න කියලා .....මම කොහොමද දෙයියනේ බෑ කියන්නෙ....මම කොහොමද බෑ කියන්නෙ....සුදුගේ පවකට කරගහන ඒකි මාව බදාගන ඉදලා සෑහෙන්න වෙලාවකට පස්සෙ මාව අතෑරියා.....
මම මේතාක් වෙනකන්.....ළඟින් උන්න...එකම...පිරිමියා....උඹයි...සුදු...
අයියෙ.....
ඒකි මගෙ මූන දිහා බලලා හිනා උනා...හරි වේදනාත්මක හිනාවක්.....මං ලියුම් කඩදහිය දිහා බලන් ඉදලා ඒ මුන දිහා බැලුවා ...
පොඩී...මේ ලියමන...
ම්...මට...ස්...ස..මාවෙන්න...සුදු...අයියෙ..ඒක....උඹ...ට...
මං ගාව උන්න පොඩි ඔසරියත් ඉස්සරහින් උස්සන් ගෙට දිව්වා වගේම මං ඇස් දෙකත් හීනි කරන් ගෙට දුවන කෙල්ල දිහා බලන් උන්නා..

මේ ලියමන මට???
සුදු අප්පෝ..
කියන්න විතේන් .....
අතට තද උන ලියුම දිහා මං තවමත් බලන් උන්නා.....පොඩී අඩාගනම ගෙට දිව්වා ...ඒ ලිව්ම මට ලු...මං එහෙම්ම මගෙ ගාවට ආව විතේන් දිහා බැලුවා....
පොඩී මොනවද කියන්නෙ තේශී....
මේ..මේක...මට...දීලා ගියා...
කාට හරි දෙන්න කියලද ...
ම්හ්...නෑ....
එහෙනම් ..
මට කියලා කිව්වෙ....
ඉතින් දිගෑරලා බලන්න....
මං එයා එක්කම ගිහින් උගුරැස්ස ගහ යට තිබුන බන්කුවෙ ඉදගත්තා .....එයා මගෙ එක පැත්තකින් ඉන්නකොට මං හිමීට ඒ ලියමන දිගෑරියා .....
මගෙ ඇස් දෙක පොඩීගෙ බෝලා අකුරු උඩ දුවනකොට මගෙ ඔලුව ඇතුලෙ වැහි නැති හෙන පුපුරන්න ගත්තා ....
දෙවියනේ...පොඩී.....
තේ...ශී.....
මට තව දුරටත් ඒ ලියමන කියවන්න බැරි උනා...මගෙ හදවත එක පාර නවතින්න ආවා...ඒක එහෙම වෙන්නෙ කොහොමද ?????
සුදු මහත්තයා ....තේශි...
ඇගිලි වලට තද උන ලියුම් කඩදහිය බුරුල් වෙලා යනකොට එයා වැටෙන්න ගියපු ලියමන මගෙ අතින් ඉල්ලගත්ත ....ඒ ලියමනේ තිබුනෙ.....
මගෙ සුදූට.....ආදරෙන්...
මට....සමාවෙයන්...මගෙ...සුදු....අයියෙ....
ලැබෙන්නෙ නැති බව දැන දැන උනත්....නෑනා....අයිති..මස්සිනාට කියලා...හීන දැක්කට.....
උඹ...පන දාගන වෙන එකෙක්ට ආදරේ කරනකොට උඹ ගැන හිත හිත වරු ගනන් වලව්වෙ මුල්ලක හීල්ලුවට.....
උඹගෙ ආදරෙට වලව්වෙන් හරස් වෙනකොට උඩින් දුක් වෙන බව පෙන්නුවත්....හිත යටින් උඩ පැන්නට....
හැම රෑකම...උඹෙන් අවසරයක් නැතිවම උඹ ගැන හීන දැක්කට.....
හංසපූට්ටුවක් ගහපු පෝරුවක් උඩ ....රන් කෙන්දෙන් අතැගිලි බදින්න හීන දැක්කට...
උඹ ඇවිත් යන හැම දාකම...කාට කාටත් හොරාවට උඹගෙ ඇදුම් වල සුවද ඉව කෙරුවට.....
කාට කාටත් හොරවට උඹගෙ උනුසුම ඉතිරිලා කරලා යන වියන් බැදපු ඇදෙ උඹ නැතිව උඹ එක්ක නිදිවැද්දට...
මාල හතක් කර දාලා දිසානායක හාමුගෙ මැනිකෙ වෙන්න හීන බැලුවට.....
මේ වෙනකන් රැකන් ආව පතිවත උඹලව්වා ඉදුල් කරගන්න බලන් උන්නට...
එක වහලක් යටට වෙලා හැමදාමත් උඹ ගාවම ඉන්න හීන දැක්කට.....
මලක් පහනක් පූජා කරන වාරයක් ගානෙම දලදා හාමුදුරුවන්ගෙන් උඹවම ඉල්ලුවට...
උඹ එනවා කියන දාකට අනිත් හැමෝටම වඩා ඔය මූන බලන්න මග බලන් උන්නට....
ඒ ඔක්කොටමත්...වඩා....උඹට නොකියම....උඹට ආදරේ කෙරුවට.....
නිතේශ් ...
මගෙ...ජීවිත කාලෙටම.....මං ළඟින් උන්න එකම පිරිමිය උඹයි...අප්පච්චිලා ඇරුනම....මං තුරුල් උන එකම පපුව උඹයි...යාලුවෙක්ට.....අයියෙක්ට...එවගේම...නිලනොලබපු....පෙම්වතෙක් විදිහට...මම තුරුල් උන එකම පපුව උඹයි..මගෙ සුදු අයියෙ.....
මට සමාවෙයන් .....මේ පොඩී....උඹ එක්ක...දීග කන්න බලන් උන්නට.....
මටසමාවෙයන්....අයියා කියන හැගීමට පිටින් ගිහින්....උඹ මගෙ හාමු කරගන්න බලන් උන්නට...
සමාවෙයන්....මගෙ නිතේශ් ...මේ පොඩී.....අවුරුදු ගානක්....තනියම පැල්බැදගන උඹට ආදරේ කෙරුවට...
නිතේශ් .....උඹයි...මගෙ පලවෙනි ආදරෙ.....හිමිවෙයි කියල ඇගිලි ගැන්නත්.....හිමි වෙයි කියලා...පෙරුම් පිරුවත්.....හිමිවෙයි කියලා බලන් උන්නත්.....කවදාවත් මට නොලැබුන....මගෙ...පලවෙනි ආදරෙ.....උඹයි...සුදු අයියෙ....
මේ පොඩීට සමාව දියන්...මගෙ...රත්තරනේ....
ත්...තේ....ශී...මේ.....ක...පොඩී.....
මම එයා දිහා බැලුවා.....
මම උන්නෙ අනත මනත වෙලා...අඩන්න කදුලක් අපිදෙන්නගෙ ඇස්වලින් කාටවත් ඉනුවෙ නැති උනත් අපිදෙන්නම උන්නෙ උස්සලා පොලවෙ ගැහුවා හා සමාන හැගීමකින් වෙනකොට මගෙ විතේන් එතනම ඉන්නකොට මම සරම ගසාගන නැකිටින්න හැදුවා ...
සුදු මහත්තයා .....උඹම නේද කිව්වෙ එදා.....ගෙදර රාජබෝජන තියනකොට කොහෙන්වත් කුරහන් තලප කන්න උඹ මෝඩයෙක් නෙවෙ කියලා...
විතේන් ...
උඹ ඒකිට බැනලා තේරුමක් නෑ මගෙ සුදු අප්පො....අඩලා තේරුමකුත් නෑ....ඒකි මෙච්චර කල් තනියෙන්ම උඹට ආදරේ කරන්න හේතුව වලව්වෙ උන් ...පිරිමි පුලුටක සුවදක් දැන්නෙන්න නොදීපු තැන හිටපු එකම පිරිමි පුලුට උඹ වෙනකොට නෑකමක් මිසක් ලේ නෑකමක් නැති තැන ඒ හිත් හැරෙන්න පුලුවන් මගෙ සුදු මහත්තයා ...
එයා යන්න ගියපු මාව අතින් අල්ලන් මගෙ හිත හැදුවා....ඇත්ත....මගෙ විතෙන් කියන කතව සහතික ඇත්ත...වලව්වෙ මැනිකෙලාට ගෙදරින් කතා කරන පරස්තාවක් මිසක පිරිමි පුලුටක හුලග වදින්න නොදුන්න කොට උන් අපේ හැගීම් පඹගාලවල් වල පටලවලා තිබුනා ...මං එහෙම්ම මගෙ විතේන් දිහා බැලුවා ...
ඔච්චර ලස්සනට හිතම් නිවන්න ඉගන ගත්තෙ කොහොමද මගෙ විතේන් ...
රිදුන මිනිස්සු විතරයි වේදනාව දන්නෙ තේශී....පැටලුන මිනිහා විතරයි ඒකෙන් ගොඩ එන්න නැහෙන හැටි දන්නෙ...මං ඔය හැම වේදනාවක්ම උඹව දකුන්න කලින් අත්වින්ද මගෙ තේශී....වරු ගනන් කට්ට කරුවලෙ තට්ට තනියම ප්ලැට් එක අස්සෙ අඩන මම.....ඊලග දවසෙ එයාගෙ මිනිකන්ද බදගන අඩනවා ..
මගෙ නිතේශ් .....ආදරේ වෙලාවකට මිනිස්සුන්ව නොමරා මරනවා...ජීවත් වෙන්න බලාපොරොත්තු දෙනවා...පිස්සො නොකර පිස්සො කරනවා....කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න බලාපොරොත්තු ඇති කරනවා...කෙනෙක් වෙනුවෙන් මැරෙන්න තරම් පිස්සු වට්ටවනවා...ඒ හැම දේකටම වඩා අමාරුයි මගෙ සුදු අප්පො...ලැබෙන්නෙ නැති බව දැන දැන හිතින් ආදරේ කරන එක...පොඩීගෙ ආදරේ උඹ නම්...ඒ ආදරෙ හෙටින් පස්සෙ යන්න යාවි ....අයියා විදිහට.....උඹ බැනලා ..තරවටු කරලා පලක් නෑ මගෙ තේශි...ඒකිව ලස්සනට අන්දවලා.....ඒ මිනිවල සදහටම වහලා දාපන්....
මම එයාගෙ අත උඩින් අත තියාගත්තා ...මගෙ දගකාර විතේන් යන්න ගිහින් තියනකොට ඒ වෙනුවට වරු ගානක් පපුව උඩ තියන් ජීවිතේ කියලා දෙන විතේන් ඉපදිලා තිබුනා....මම හුස්ම ගත්තා ....කියන්න නොදැනෙන අමුතු වේදනාත්මක හැගීම එක්ක මම ඈතින් පේන දලදාව දිහා බලන් උන්නා ...
බලන් ගියහම අපි හැමෝම විදවලා විතරයි කොතනකවත් විදලා නෑ....
බේබි හාමු.....
මං.එයා එක්ක සැහෙන්න වෙලාවක් බංකුවට වෙලා ඉදන් උන්නා..හෝරාවෙන් හෝරාව ගෙවිලා ගිහින් උදේ ඉදන් නැහුන කුස්සි අම්මලා උදේ එනකොට කිහිල්ලෙ ගහන් ආව හිස් පන් මල්ලට මොන මොනවද පුරවන් යනකොට පොඩීගෙ අප්පච්චි කොහෙන් හරි ඉදන් ඇවිත් හරි හරියට බඩු බෑවා...
මම වගේම මගෙ විතේන් ඒ දිහා බලන් උන්නා....
හිතන්න දේවල් හුගාක් මගෙ පපුව ඇතුලෙ හිර උනා.....මට හිතන්න ඕනා.....මට එයාගෙ පපුවට ඔලුව තියන් දවසක් හරි හිතන්න ඕනා....ඒ උනත් මගෙ දැහැනම බිදහන පිටිපස්සෙන් ආව සියාතු සීයගෙ කටහඩත් එක්ක මන් හැරිලා බැලුවා ...
කියන්න...
ලොකු මැනිකෙ කතා කොරනවා
කොහෙද ...
කුසිය පැත්තෙ....
ම්ම්ම්න්...එන්නම්
හොදමයි බේබි හාමු....
කොන්දත් කුදු කරගන සියාතු සීයා යන්න යනකොට මං මගෙ විතේන් දිහා බැලුවා ...
ඩියෝන්ලට කෝල් එකක් දාලාඑන්න කියන්න..මතක් කරලා බැල්ලි පැටියගෙ කන බොන ඒවා අරන් එන්න කියන්න අර ළමයා බලන් ඉන්නවා...
මං එයාගෙන් උත්තරයක් හම්බෙනකන්වත් නොයිද එන්න හැරුනා
සුදුමහත්තයා ....
මං ආයම හැරුනා ....
මේක....
එයාගෙ අතෙ පොඩීගෙ ඒක පාර්ශවික ආදරෙ නටඹුම තිබුනා ...
හිත පාරන ප්රශ්නවලට වග උත්තර බදිනකොට ආයම එතන තුවාලයක් හැදෙනවා නේ විතේන් .....වහලා දාපු මල මිනි ආයම ගොඩගන්න එක හරි වේදනාවයි ....ඒකට වග උත්තර ඕන් නෑ...
මං එයාට උත්තරයක් බැදලා එන්න එනකොට මගෙ මූනට පොඩී හම්බුනා වගේම ඒකි බයටද කොගෙද ඇස් හංගගත්තා .....
උඹ කොහෙ කොහොම හැංගුනත් මොන දේ හිතුවත්...මං උඹගෙ සුදු අයියා ....
ස්...සුදු....
අද හොදට නිදාගනින් පොඩි....එකවෙනකොට අන්දවන්න පටන් ගන්නවා...
මං ඊට එහා මොකුත් නොකියම අත්තම්මව හොයන් කුසියට යනකොට අත්තම්මයි....මගෙ අම්මා වෙච්ච අනීතා මැනිකෙයි.....පොඩීගෙ අම්මා උන සුනීතා මැනිකෙයි...බිනරිගෙ අම්මා උන විනීතා මැනිකෙයි මොන මොනවා හරි කසු කුසු ගගා ඉදලා මාව දැක්ක ගමන් නැවැත්තුවා වගේම මං ගිහින් උලුවැස්සට හේත්තු වෙලා හිට ගත්තා
සුදු මහත්තයා
ඇයි ලොකු අම්මා....
කීයටද අර කොල්ලො දෙන්නා එන්නෙ....
මොන කොල්ලො දෙන්නද?
අර සැලෝන් එකේ...පොඩීට අන්දන කොල්ලො දෙන්නා උන් දෙන්නා
ඩියෝනුයි ශෙනෝනුයි...
මොක්කු හරි.....
මොක්කු හරි කියන්නෙ අත්තම්මට පේන්නෙ උන් රොඩියො වගේද.....ආ???උන් දෙන්නට නම් තියනවා....නමින් කතා කරන්න...
හරි..හරි....ඇති ඇති....උඹට උන්ට දෙයක් කිව්වම ඩෝන් යනවනෙ....උවට ඉතින් හරි අමාරුයි ....උන් කීයටද එන්නෙ....
තව චුට්ටෙන් ඒවි...ඔන්න මැනිකෙලා ඔක්කොටම සුද්ද සිංහලෙන් මම මේ කියන්නෙ...ආවට පස්සෙ පිප්පිලි....ගැස්සිලි..පැද්දිලි...වෙට්ට පද කියන් ඇවිත් උන්ගෙ හිත තැලුවොත්....ගත්තා බඩු ටික.....අපි ගියා....පොඩීව ඇදරෙදි වලින් ඔතලා තමා පෝරුවට නග්ගන්න වෙන්නෙ....තේරුනානෙ....ආය ආය කියන්න තියන්න එපා ආ.....අම්මා....විශේශෙම්ම ඔයාට....අප්පච්චි ලව්වා කන පුපුරව ගන්න ආස නම්....එදා දාපු ගැස්සිලි පැද්දිලිම දාන්න අම්මා....
අත් දෙක පිටිපස්සට බැදන් පිටිපස්සෙන් සරමෙ කොනකුත් අල්ලන් උන්න මම අත්තම්මලා...මැනිකෙලා ඔක්කොටම ඇහෙන්න අනතුරු අගවනකොට එයාලා කස කුසු ගාලා අවසානෙදි අත්තම්මා ඉදන් උන්න තැනින් නැකිටලා ඇවිත් ඔසරි පට වගේම ඉනේ තිබුන හවඩිය හදාගන මගෙ ගාවට ඇවිත් හරි ගහම්බීරව හිටගන්නකොට මමත් පපුව ඉස්සරහට දාන් මොල්ලිගොඩ මැනිකෙ දිහා බලන් උන්නා....
සුදු මහත්තයා .....
අහන් ඉන්නෙ කියන්න.....
පොඩීගෙ මගුලත්...හෙටින් පිලිවලයි...
ඉතින්....
ඉතින් කියන්නෙ...උඹයි බිනරියි තමයි ඉතිරි...අනිත් උන්ට දීග තුලා යන වයසක් නෑනෙ....
හරි දැන් මට කෙලිම්ම කියන්න ඔයාලා මොනවද හංග හංග තටමන්නෙ කියලා....බොරුවට වටේ නොයා....මට වැඩ තියනවා වේලාසන නිදා ගන්න ඕනා...
වටේ නොයා කියනවනම් ...සුදු මහත්තයා ...හෙට අර ගෑනු දැරිවිත් එනවා....
කොර....මොකී.....අර වලව්වෙ එකීද....ඉතින් ඒකි එන්න එපැයිනෙ...ඒකිලගෙ අයියලානෙ බදින්නෙ.....ඉතින් ඒකි ආවනම්...ආව පාඩුවෙ යන්න යයි.....මට වඩාගන ඉන්නද කියන්නෙ ඒකිව...නෑනෙ.....?ඒකි ආවා කසාදෙට උන්නා ගියා...මොකො මෙහෙ නවතින්නද?
නිතේශ් .....කටපියාගනින්...ඔහොමද කතා කරන්නෙ.....උඹට දෙයක් කියන්න බෑනෙ ඇගටම ගොඩවෙනවනෙ සුදුමහත්තයා .....කියන එක අහන් ඉදින්...පුප්පන්නෙ...
වටින් ගොඩින් මාන බලන්නෙ වලව්වෙ මැනිකෙ ගැන කියන්න වෙනකොට මන් අත්තම්මා දිහා බලන් කියෙව්වා ....
අත්තම්මලාගෙ පුරුදු තමා.....අත්තම්මලා මිනිස්සුන්ට කතා බහ කරපු විදිහ තමයි අපිත් පුරුදු උනේ....මොකද අපි අසාවට වත් යාලුවෙක් උන් නෑනෙ .....කක්කුට්ටා ඇදේට ගිහින් පොඩි උන්ට කෙලින් යන්න කිව්වට බෑනෙ....නේ....???ඒවලින් වැඩක් නෑ....එන එකීලා ආවට කමක් නෑ අත්තම්මා .....දැම්ම කියනවා ඔය එන එකිලව මගෙ කරගස්සවන්න හදනවා නම්...ඒවා මෙතනින්ම්ම නවත්තගත්තොතින් හොදයි .....මං මේ බොහෝම පැහැදිලිව කියන්නෙ හරී...
ඒ ඇයි....ඒ මොකටද....උඹට අපි ඒ දැරිවිව තීන්දු කරලා ඉවරයි...ඒකෙල්ලගෙ කිසිම වැරද්දක් නෑ....
වැරද්දක් නැතිනම් එහෙනම් ඉතින් උඹලා බැදගනිල්ලා..... මෙහෙ තව පිරිමි ඉන්නෙ....බන්දපල්ලා...
මගෙන් නාහා තීන්දු කරන්නෙ...මට කියන්නෙ මම අකමැති එකියෙක් කරගහන්න කියලද...?මම එදත් කියනවා...අදත් කියනවා..මම බදින්නෙ මට ඕන එකාව.....
නිතේශ් ....උඹ කියන්නෙ උඹට ඕන එකක් කර ගහන්න දෙන්න කියලද??ආ නිතේශ් උඹව අපි හැදුවෙ උඹට ඕන එකෙක් එක්ක යන්නද...
ඔව්..මට ඕන එකක් තමා මන්
කර ගහන්නෙ.....උඹලා කියන්නෙ උඹලා මාව හැදුවෙ උඹලට ඕන එකියෙක් එක්ක දීග කන්නද එතකොට ??එහෙම හිතුවා නම්...
ඒවා මෙතනිම්ම අතෑරලා දාන එකයි.....
උඹ හිතන් ඉන්නෙ අපි මැරිලා කියලද නිතේශ් ආ....උඹට දැම්ම කිව්වා..උඹ වහාම ලෑස්තිවෙන්න ඕනා ඒ දැරිවිව කසාද බදින්න...
අම්මා මේහ්...මගෙ ඉවසීම පන්නන්න හදන්න එපා ආ....මම බොහෝම හොදින් කියන්නෙ...මගෙ ගෑනි කව්ද මම මොකීවද බදින්නෙ....ඒවා තීරනේ කරන්නෙ මම මිසක්...තමුන්ලා නෙවෙ අන්න ඒක හොදට මතක තියාගන්න ඕනා හරි....ආය ආය මට ඔය කොහෙවත් යන මැනිකෙලා කරගහන්න ආවොත් මම එදාට බලා ගන්නම්.....
නිතේශ් .....උඹ කොහොමද ඒවා තීරනේ කරන්නෙ.....
ඇයි යකො මම නැතුව වෙන මොක්කුද තීරනේ කරන්නෙ...මගෙ අප්පච්චිට උනා වගේ මාත් මුලු ජීවිත කාලෙම විදවන්නද....?නෑ.....නෑ...ඒවා නම්....මේ ආත්මෙට වෙන්නෙ නෑ....උඹලා හින්දා මේ පවුලට ගැහුවෙ නැත්තෙ හෙන විතරයි.... මට උඹලා හින්දා තව දුක් විදින්න බෑ....කරුනාකරලා උඹලා මගෙ ජීවිතෙන් ඈත් වෙලා ඉන්න ඕනා...මම මේ සුද්ද සිංහලෙන් කියන්නෙ.....අනිත් එක...කවුරු කොහොම මට ගැනු හෙව්වා උනත්....වැඩක් නෑ.....මොකද මට දැනටම එකෙක් ඉන්නවා...
සීවරන් දෙයියනේ නිතේශ් ....උඹ කාවද ආයම කරගැහුවෙ...ආ නිතේශ් ..ආ...කියයපන්...නිතේශ් ....කතා කරපන්...උඹ මොන පට්ටන්දරියෙක්ටද අහු උනෙ...කතා කරපන් සුදු මහත්තයා ....කතා කරපන් ...අනීතා ...මූ ආයමත් රොඩියෙක්ට කරගහලා අනීතා
සුදුපුතා ...
මොකද යකො ....මෙතන මැරෙන්න හදන්නෙ...මං මිනියක් මැරුවෙ නෑ....මේක මල කරුමයක් උනානෙ....අපි ඉපදුන දා ඉදන් හුස්ම ඇල්ලුවෙ උඹලාගෙ කීමට...කෑවත් බිව්වත් නිදියෑවත් තොපිලගෙ නීති තිබුනා ඔලුව උඩට...මට කියලා ජීවිතයක් නැද්ද....ආ??? මට කියලා නිදහසක් නැතිද.....ආ.....තොපි මාව රූකඩයක් වගේ නටවන නටවන වාරයක් ගානෙ මාත් අර කොන්ද පන නැති පොන්නයා වගේ අඩාගන දොඩාගන කියන කියන දේ කෙරුවම තොපි හිතන්නෙ මගෙ කරට නැගලා ඔලුවට අත හෝදන්නද...තොපිට ඕනෙ වලව් පට්ටම ගන්න මට මැනිකෙක් කර ගස්සන්නද....ආ...මට කියන්නෙ අප්පච්චි විදවනවා වගෙ විදවන්නද....කතා කරපියව් ....
දෙයි හන්දුරුවනෙ නිතේ...ශ්....ඕක නවත්තපන්....දෙයියනේ
එන්නෙ නෑ .. එකෙක් හරි ලගට ආවොත්....හෙට කැවිලි මේසෙට තියන්න වෙන්නෙ ගල් තමයි...මාව මාරයා නම් අවුස්සන්න එපා ආ ....මම උඹලට හොදින් කියන්නෙ.....ලොකු අම්මෙ....දුවව මැරිලා මාසයක් ගියෙ නෑ...දරු කැක්කුම පෑල දොරෙන් යන්න ගියාද ....ඒකිගෙ වාහෙව එක්ක තව වාහෙ කෙනෙක් පොඩීට කරගැස්සුවෙ....බිනරි බදින වයසකද ඉන්නෙ විනීතම්මේ ආ.....අනිකා...අනීතා මැනිකෙ...මගෙ අම්මා.....ඉන්නෙ එකයි කියලා මගෙ සතුටට වඩා මේ වෙට්ට වලව්වද ලොකු අම්මෙ..ආ???උඹ මට දුන්නෙත් වේදනාවක්.....මගෙ අප්පච්චිට දුන්නෙත් වේදනාවක් .....අපි නම් මේ පරන ණයක් ගෙවන්න ඉපදිලා...
මං කෑ ගැහුවා ...ගැටේ බුරුල් උන සරම තදටම ගැට ගහන් මම කෑ ගැහුවා ..පොඩීගෙ මගුල අස්සෙ වලව්වෙ එකීව මට කරගස්සවන්න වගේම මුන් නොකියා නොකියා කියන්නෙ මගෙ විතේන්ව බිනරිට කරගස්සවන්න කියන එක වෙනකොට මං මාරාවේස වෙලා කුසියෙ තිබුන ලී වංගෙඩියෙ මෝල් ගහ අරන් කෑම මේසෙට තියන්න පදම් කරපු ගුරුලේත්තුව පොඩි පට්ටම් කෙරුවා වගේම නාකි උන්දලා වරු ගානක් මැරිලා මැරිලා හදපු කැවිලි වට්ටි පවා පොලවෙ ගහන්න හැදුවා ...ඉවසලා ...ඉවසලා බැරිම තැන මට අම්මා අත්තම්මා පවා නොපෙනන කොට වලව් කුසියම ගෑනුන්ගෙන් පිරිලා යනකොට සීයා තාත්තා නැති ගෙදර ගෑනු ටික බය උනා වගේම මගෙ විතේන් පවා මාව නවත්තන්න බය උනා....
දෙවි හාමුදුරුවන්ගෙ නාමෙන් ඕක නවත්තපන් නිතේශ් ....ඕක නවත්තපන්.....උඹ මේ පාර මොකීටද දෙයියනේ කර ගැහුවෙ....අනේ..අම්මෙ.....මේ කොල්ලට මොන යකෙක්ද වැහුනෙ අම්මෙ.....
ඇයි....උඹලා පරම්පරාව පිටින් උන්ගෙ ගෙදර ගිහින් මේ පාරත් වංසෙ රැස් කියලා එන්නද???හෙට වෙන්නෙ මගුලක්ද මලගෙයක්ද කියන එක....උඹලට තීරනෙ කරන්න පුලුවන් හරී.....මට වැහුනෙද....
වැහුන එකා තවම නැකිට්ටෙ නෑ මැනිකෙ...
නිතේශ් ...දෙයියන්ගෙ නාමෙන් නැවතියන් නිතේශ් ...
ඇදන් උන්න සරමත් කැහැපට ගහගත්තු මං එතනම තිබුන පුටුවටත් පයින් එකක් ඇනගන එලියට එන්න හදනකොටම අම්මා ඇවිත් අතේ එල්ලුනා.....
අම්මා ඔය අත අතාරින්න...දැන් මෙතන බොරුවට මැරෙන්න හදන්නෙ....
නිතේශ් උඹට මොන සාපයක්ද ගැහුවෙ
වලව්වෙ සාපෙ....සුදූව අමු අමුවෙ මරාගත්තු සාපෙ බඩදරු ඒකිව මරපු සාපෙ ඒකිගෙ මිනිහා මැරුන සාපේ....සීයා තාත්තා අතින් අනාත උන ගෑනු තිබ්බ සාපෙ....එක මිනිහෙක් මදිවට ගෑනු ....
දෙන්....නෙක්....
තේශී ...අනේහ්....අනේ...පොඩී...ඉන්...හේලර්.....තේ....ශී....තේශීහ්....
මෙච්චර වෙලාම නහර වැල් පුප්පන් බෙරිහන් දීපු මට තව දුරටත් කතා කර ගන්න බැරි උනා.....පපුවම එන්න එන්න හිරකරනකොට ගැහෙන පපුවට මහන්සි හැදිලා තියෙනකොට මං පපුව අල්ලන් දොර පියනට වාරු වෙනකොට මාව අල්ලන් උන්න අම්මව තල්ලු කරපු මගෙ විතේන් මාව අල්ල ගත්තා වගේම මං අයම කට ඇරියා.....
අනිත්...එක...කවුරු...හරි....හිතන්...ඉන්නවා..නම්....බිනරිට ...විතේන්ව...කර...
ගස්සවන්න...අන්න...ඒකත්.....අදින්...ම....හිතින්....අයින්...කර...ගනියව් .....
තේශී....අනේ....එපා....තේශීහ්....හුස්ම ගනින්කෝ...මොන හුත්තක්ද යකෝ මේ කෙරුවෙ.....නිතේශ් ...හුස්ම ගනින් යකෝ....හුස්ම ගනින්.....නිතේශ් ....නිතේශ් ...
දෙයියන්ගෙ නාමෙට අහකට පල....
මගෙ පපුව එන්න එන්නම හිරකරනකොට මෙච්චර වෙලාම ආඩපාලි කියපු අත්තම්මා අම්මා බය උනා වගේම හිතපු නැති වෙලේක මගෙ විතේන්ට ආවේස වෙනකොට ලගට ආව අත්තම්මව එලවපු විතේන් මාව එහෙම්ම උස්ස ගත්තා ....
නිතේශ් ..නිතේශ් ....හුස්ම ගනින්කො...
ඇයි යකො කෑ ගහ්හන බැරි බව දැන දැන කෑ ගහන්නෙ....
සුදු අයියෙ.....
පොඩී ඕක අල්ලන්න ...අල්ලන්න...
කෑ ගහලා කෑ ගහලා වැඩිකමටම මට හතිය ආවා වගේම එයා මාව උස්සන් එනවත් එක්කම ශෙනොන්ගෙ කාර් එක ගේට් එකෙන් ඇතුලට දැම්මා...මාව උස්සන් එනවා දැක්කා විතරයි ඔක්කොටම කලින් ගඩාපි පැටියා නැහෙන්න හැදුවා ....
අනේ නිතේස්.....නිතේස්...
විතේන් අයියෙ...මගෙ නිතේස්ට...
දොර ඇරපන් ඩියෝන් .....
නිතේස්...තොපි...යක්සනියො....මගෙ නිතේස් අයියව මරාගන්න යනවා.....නිතේස්....අප්පච්චියා කෝ....අප්පච්චි .....අප්පච්චියෝ....මුන් ආයම අපෙ නිතේස්...අයියව මරන්න යනවා ....පලයන්කො යකින්නියෙ ....මගෙ නිතේස්ව අල්ලන්නෙ නැතිව ....
සුදු මහත්තයා ....අනෙ විතේන් දරුවො....
කරුනාකරලා පැත්තකට වෙන්න.....එයාගෙ හැටි දැන දැනම නම් එයාව තරහා ගැස්සුවෙ කරුනාකරලා පැත්තකට වෙන්න....ඔයාලට මොලයක් කියන දෙයක් දෙවියො විහිලුවට වත් දුන්නා නම් කරුනාකරලා පැත්තට වෙන්න අත්තම්මෙ...අපි බලා ගමු...මොකක් හරි උනොත් ....අපි හොදට බලා ගමු.....
.
👉👈අහිංසකයි මං බබෙක් වගෙ තොම්ත!!!!
මම
Ferdeesha ❤️💚😘 ....