සුදු මහත්තයා .....
ම්ම්ම්ම්ම්ම්...
මම එයාට තුරුල් වෙලා නිදා ගත්තා .....මට තේරෙන්නෙ නෑ එයා මාව සනීපෙට නිදි කරවන්නෙ කොහොමද කියලා ...මට තේරෙන්නෙ නෑ එයා මගෙ නින්ද රකින්නෙ කොහොමද කියල...මට තේරෙන්නෙ නෑ එයා මාව එලිවෙනකන් තුරුල් කරන් ඉන්නෙ කොහොමද කියලා ....ඒ ඔක්කොමත් හරි මට තේරෙන්නෙ නෑ..මනුස්සයෙක් මේ තරම් ආදරනීය වෙන්නෙ කියලා...
මට දැනුනා....ඒ පපුවෙ රස්නෙ පවා ....ඒ ගැහෙන හඩ පවා...මං හිතන්නෙ මේලෝකෙ හැම කෙනෙක්ම ප්‍රාර්තනා කරන්නෙ....උදෙ ඇහැරෙනකොට තමුන් ආදරේ කරන කෙනාව මුලිම්ම දකින්න....ඒ කටහඩ අහන්න.....වෙනකොට මම ඇස් ඇරියෙ නැති උනත් ඇහැරුනේ එයාගෙ කටහඩ එක්ක...ඒ ආදරෙ එක්ක වෙනකොට මට ඒ උනුහුමෙන් ඈතට වෙන්න කියන්න බැරි තරම් ලෝබ කමක් දැනුනා....
මම ඇස් දෙක ඇරියා.....එයාම ඇස් වහන්....කර්ට්න් වහපු නැති ජනෙල් පලුවලින් තවමත් අන්දකාරෙ පේනකොට මම වෙලව බැලුවා....
හතරහා මාරයි.....
එයාට ආයම නින්ද ගියාද...නැතිනම්...මාව ඇහැරවන්න බැරි කමට ඇස් වහන් ඉන්නවද...
විතේන්....පන...
මම හරි හිමින් කෙදිරුවා.....හාද්දක් තියන්න ඕනා උනත් මහපාන්දරට අල්ලන අර සාපකාරි චූ බර මගෙ හැගීම් පාගගන නැකිටිනකොට දත් පාරක් හිටලා තිබුන ,පාරෙ තිබුන ලා කහපාට එලියටත් පාට පේන ඒ පිරුන පපුවට මම හාදුවක් තියනකොට එය ඇස් ඇරියා වගේම මම ඇදෙන් පහලට අඩිය තිබ්බා...
කොහෙද යන්න ....තව වෙලා තියනවනෙ....
චූ බරයි බොල.....
එයා මන් දිහා බලන් කොහෙද යන්නෙ අහනකොට මම එයාට උත්තර බදින ගමන් බාතෲම් එක දිහාවට ආවා.....සෙරෙප්පු නැති නිරුවත් කකුල් වලට ටයිල් කැටවල සීතල දැනෙනකොට මගෙ ඇගම හිරි වැටිලා ගියා.....මුලු රෑම වැඩ කරන ඒසි එකේ සීතල හැම රෑකම කෙරුවෙ මාව තව තවත් එයාට ලන් කරපු එක වෙනකොට ඇග දාඩිය නිවනවට වඩා ඒසී එක ආදරනීය මිනිස්සු වෙනුවෙන් හැගිම් එලියට දාන එකෙක් වගේ පේනකොට මම නිදි මතේම වෙට් ටිශූ එකෙන් දෙපාරක් තුන් පාරක් පිහදගන කන්නාඩියෙන් මගෙ මූන දිහා බැලුවා..
මාව ටිකක් මහත් වෙලා...මහත් වෙලා කියන්නෙ අර බැහැලා තිබුන හකු ආයම පිරිලා කම්මුල් දෙක රවුම් වෙලා තිබුනා පෑදිලා තිබුන උරහිස් ඇට ආයම වැහිලා යනගමන් තිබුනා ..
එයා එකම දවසක් වත් මාව බඩගින්නෙ තිබ්බෙ නෑ...එකම දවසක් වත් මට බඩගින්නෙ ඉන්න දුන්නෙත් නෑ...එයා විතරක් නෙවෙ ගඩාපියා උනත්.....
මං කන්නාඩියෙ උන්න නිතේශ් එක්ක හිනා උනා.....
විතේන් කියන්නෙම උඹව සතුටින් තියන කෙනෙක් ....
මම මටම මිමුනුවා.....
මං එලියට ආවා ...එයා පැත්තට හැරිලා නිදි....මගෙම ශර්ට් එකක් විතරයි ...තිරිවානා පාට කලවයක් බ්ලැන්කට් එකෙන් එලියට ඇවිත් තිබුනා ....මම ආසයි...එයාව මගෙ ඇදුම් වලින් දකින්න...ඒක හිතට කියන්න නොතේරෙන අමුතු හැගීමක් වෙනකොට මගෙ ඇද උඩ මගෙම ඇදුමක් ඇදන් නිදාගන උන්න මගෙන් ගිලිහෙන්න ගියපු ජීවිතෙ පාට කරපු ඒ සුරදූතයා දිහා මං බලන් උන්නා...
ආදරනීයයි....
මට මිමිනුනා..මං හිමින් සීරුවෙ ඇදට නැග්ගා ..හැබැයි එයාගෙ ඇග උඩට ...පැත්තට හැරිලා උන්න එයා උඩබෙලි අතට හැරිලා හිනා උනා...හරියටම එයා මේක බලාපොරොත්තුවෙන් උන්නා කියන්නමද මන්දා මට මොකුත් කියන්න නොදීම මගෙ බෙල්ලෙ එල්ලිලා හාදුවක් තියන කොට අතෙ ඇගිලි වලින් නැතිව එයා කකුලෙන් මගෙ කලිසම පහතට කරනකොට හාදුව අතරමගින් නවත්තන්න තුන් හිතකවත් නැති මං තනි අතෙන් කලිසම ගලවගත්තා ...
සුදු මහත්තයා ....
ම්ම්ම්.....
එයා මුමුනනවා....එයා නොදන්නවා උනාට ඒ ඇස් එයා කටින් කියනවට වඩා හුගාක් දේවල් කතා කෙරුවා .....වෙලාවකට තරහෙන් රතු වෙන....වෙලාවකට හිනාවෙන ...අඩන....ආයම ආදරෙන් පිරෙන මේ අරුම පුදුම ඇස් දෙක වෙනස්ම කතාවක් කියනකොට මං මගෙ රැවුල් කොට වැවුන නිකට එයාගෙ කම්මුල් වල වද්දවන ගමන් හාදු තිබ්බා ....

මං ප්‍රාර්තනා කෙරුවා...කාලෙ ආපස්සට යනවා නම් කියලා ...මන් ප්‍රාර්තනා කෙරුවා වෙලාව එක තැන නවතිනවා නම් කියලා ....පිරුන පපුව මගෙන් තැලෙනකොට එයා කෙදිරුවා ...
වෙලාවකට සුදු මහත්තයා ....ආයම මැනික....සුදු අප්පො ...තේශී ගාලා කෙදිරි ගාන ඒ කටහඩ එක්ක මන් ප්‍රාර්තනා කෙරුවා අද ඉර පායන්න එපා කියලා .....
කෙල නෑවුන තනපුඩු ඉස්සිලා තිබුනා....දත් පාරවල් ඒ පපුව බතික් කරලා තිබුනා ...ලන්කාවම දන්න එවෝන් ඒකෙ අයිතිකාරයා මගෙ විතේන් ...මං වෙනුවෙන් පේ වෙලා බලන් උන්නා....
මුලු ලෝකෙටම විතේන් කියන්නෙ එක්කෙනෙක්....ඒ උනාට මේ සුදු අප්පොට විතේන් කියන්නෙ ලෝකයක් තරම් වෙනකොට මං ඒ නිකටට ඇබිත්තන් සයිස් හාදුවක් තියන ගමන් මගෙ එක අතකින් ඇද පත්ත අල්ල ගත්තා වගේම .....තෙතමනයක් නැති උනත් හැගීම් පිරුන, මෘදු බවක් නැති උනත් ආදරේ පනගස්සවන රතී වේදිකාව හොයාගන මං ඒ කලවයන් මැද්දෙන් හරි හිමින් ඇතුල් වෙන්න වෙන්න ගත්තා ....
එයා අඩනවා ....අඩන් නෑ....එයාට ඇඩෙනවා...කතා කරන ඒ ඇස් වල කදුලු පිරුනා.....හිනා වෙන ඒ ඇස්වල කදුලු පිරුනා....දැනෙන වේදනාවටමද කොහෙද එයා උකුල උස්ස ගත්තා වගේම මම බද වටෙ අත දාලා එයාව මගෙ ඇගට තද කරගත්තා ....

ඒසි එකෙ පිහිටෙන් දාඩිය බින්දුවක් වත් නලලට මතු නොවෙදි කකුල් වල පැටලෙන බ්ලැන්කට් එක පැත්තට දාපු මං හිමින් උඩ පහත් වෙන්න ගත්තා ....ගිනියම් වෙච්ච මගෙ පිරිමි ඇග එයාව රිදවනකොට සැරින් සැරේම එයා මගෙ නම කියන ගමන් කෙදිරි ගෑවා .....
තිරිවානා පාට කලවයන් වෙව්ලනකොට ...එයාගෙන් පිට උන ධාතු වලින් එන ඇබුල් රස මගෙ උගුරම තෙමුවා වගේම වෙව්ලන එයාව මං අත් දෙකෙම්ම තුරුල් කරන් පිට පුරාවටම හිමින් අතගෑවා ...
සුදු...අප්පො....
කිය..න්න...පන
ඔයාට මහන්සී.....
හතරහමාරෙ කනිසමෙ කටු හොයන්නත් බැරිවෙනකොට සුරතාන්තෙකින් හෙම්බත් උන එයා මගෙ උකුල උඩ ඉදගන්නකොට කාටත් කලින් උදෙම්ම නැකිටපු කොක්කු රෑනක් එක පේලියට දුර ඈත ගමනක් යන හැටි මද අන්දකාරෙ අස්සෙන් මං දැක්කා වගේම මගෙ ඇග උඩ ඉදගන්න එයා යටි තොල හපාගන වේදනාව දරන්නම බැරි තැනමද කොහෙද පපුව උඩට කඩා වැටෙනකොට මං එයාට එහෙම්ම චුට්ට වෙලාවක් ඉන්න දුන්නා
..
විතේන් ....පන...
න්න්..නෑ...නැ . මට ..අමාරු නෑ...
මුරන්ඩු කම තියන .....
එයා හිනා උනා...මං අහන්න හදන කියන්න හදන දේ කලිම්ම තේරුම් ගන්න එයා මටත් කලින් ඉස්සර වෙනකොට මං එයාගෙ උකුල දෙපැත්තෙන් අත් දෙක තියනකොට එයා මගෙ පපුව දෙපැත්තෙන් අත් දෙක තිබ්බා....
මට කෙදිරිගෑවෙනවා....ඒ මූනෙ හිනාවක් පිපෙනවා ....එයා ආසකරනවා....සුරතාන්තයේ පටන් ගැන්මෙදිම මං එයාගෙ නම කොදුරනවට .....පිපුන මලකට වහපු මී මැස්සෙක් හිමින් සැරෙ රොන් ගන්නකොට මලත් කොදුරනව ඇති මේ වගේම .....පිරුන තට්ටම් හුගක් මෘදුවෙනකොට දැනෙන හැගීම් දරන්නම බැරිවේගන ආවා..... මට මගෙ නහර වැල් පවා පිම්බෙනව වගෙ දැනනෙද්දි ඉවසීම කියන දේ නැත්තටම නැතිවෙනකොට මන් එයාව එක තත්පරේකින් යට කරන් එක කකුලක් මගෙ උරහිසට අරන් ඇදපත්ත මිරිකගන්නකොට එයා මාව මිරිකන් කෑ ගැහුවා .....මම ආසම විදිහට "අනේහ් සුදු මහත්තයා ..."මං හිතනෙ ඒ වචන කෙලින්ම නවතින්නෙ මගෙ හදවත ඇතුලෙ...
එතන වේදනාව...තෘප්තිය වගේම මං ඔයාට ආදරෙයි කියන වචනෙ එක්ක මං අවසානෙදි එයාගෙ ඇග උඩට වැටුනා ...
මං උඹට ආදරෙයි සුදු අප්පො....
කීවෙනි වතාවටද මන්දා වෙව්ලන මාව අත් දෙකෙන් තුරුලු කරගත්තු මගෙ විතේන් මට ආදරෙයි කියනකොට මං උන්නෙ වචනවලට විස්තර කරන්න අමාරු ලෝභකමකින් පිරිලා....
නන්නාදුනන ගෑනියෙක් එක්ක නිදිවැදලා සුදු පිරුවටක් උඩ දකින රතු පැල්ලමක් වලව්වෙ මැනිකෙලාට පෙන්නලා දවස් හත මගුල් කන සාපකාරි සම්මතේට වඩා මං විතේන් ගාව සැනසුනා...
අසම්මත අසම්මත ගගා ඇගිල්ල දික් කරන පිරිමි පපුවක් අස්සෙ තියන ආදරෙ ගැන සුදු පිරුවටේට වඩා වචන කරන්න මට පුලුවන් උනා....කාගෙ අතින් තැලුන උනත්....අවසානම අඩි තියන්නෙ මං එක්ක වෙනකොට මං හැමදාම මේ අසම්මතේට වහ වැටුනා..පන වගේ ආදරේ කෙරුවා ....
ගිනියම් උන පිරිමි ඇග හිමින් හිමින් හති අරින්න ගත්තා .....මට ඒ බිත්තිවල උනුහුම පවා දැනෙනකොට ඈත්වෙන්න පවා ලෝභ හිතුනා....මට ඕනා හැමදාකම මෙහෙම ඉන්න...එයා මගෙ ඔලුව අතගානවා....පැයගානක....හරි...විනාඩිගානක හරි ආලිංගනේකට පස්සෙ දෙන්න දෙපැත්තට හැරිලා නිදියන තැන තිබුනෙම ගනුදෙනුවක් වෙනකොට ...මට ඕනා උනේ.....පටන් ගැන්මෙ වගේම අවසානෙ පවා ඒ.ආදරෙ අංශු මාත්‍රෙකින්න්වත් අඩු නොවී තියෙන්න වෙනකොට මම එයාගෙ මූන දිහා බලන් උන්නා....
එයා හිනා උනා....
එයාට මාව දැනෙනවා...එයා මගෙන් තෘප්තිමත් වෙනවා....වෙහෙසෙකර මූනක් එක්ක තෘප්තිමත් හිනාවක් තිබුන මූන් දිහා බලන් මම පෙරුම් පිරුවා.....
මොනවද දන්නවද.....
ඉපදීමක් තියන හැම ආත්නෙකම...සම්මත වෙලා හරි අසම්මතේක හරි...විතේන් කියන කෙනා මගෙම වෙන්න කියලා.....
මගෙ පන...
මම මිමිනුවා...එයා හිනා වෙනවා....එයා නම් ඇත්තටම අහම්බෙකින් හම්බුන සුරදූතයෙක්මයි...

ඔබ ඇපල් මලක් වාගේ...
ලස්සන වසන්ත කාලෙ
මට හදිස්සියෙන් වාගෙ
හමුවූ...
මං එයාගෙ කම්මුලකට හාදුවක් තිබ්බා....එයාගෙ යටි තොල ආයමත් එයාටම හැපෙද්දි මං හිමින් සැරේ එලියට ආවා වගේම පැත්තට දාලා තිබුන ඇදරෙද්දෙන් මගෙ විලි වහගන ඇදෙන් නැකිට්ටා ..
ඔහොම ඉන්න මං බොන්න දෙයක් හදන් එන්නම්...
මං එයා දිහා බලන් ඉදලා මිමිනුවා ...
කොළඹ අහසට එලිවේගන එනවා. ..ඒත් ඒ අහස අද අනිත් හැමදවසකටම වඩා ලස්සනයි ...රතු වෙලා තිබුන දනහිස් දෙක දකින වාරයක් ගානෙම කිව්වෙ මං මගෙ ආදරේ සතුටු කරා කියන එක වෙනකොට බේකරි කාරයන්ගෙ වාහන වල සද්දෙ අනිත් වාහන පාරට දාන්නත් කලින් ඇහෙන සද්දෙ අහන් මං සීනි කෝපි කුඩු වගේම කිරිපිටි එකට කලවම් කරලා වතුර එක උතුරනකන් ජනේලෙන් එලිය බලාගන උන්නා.....
අද දවස විතරයි ...හෙටින් පස්සෙ....පොඩී....දැරනියගල වලව්වෙ මැනිකෙ කෙනෙක්.....
මට ඉබේටම හුස්මක් පිට උනා....අපිට බැරි උනා...බැරි උනා නෙවෙ උන් අපිට මොකුත් කරන්න ඉඩක් ඉතිරි නොකරලා තිබුනා....
ගොජ ගොජ ගාලා නටන වතුර එක හා සමානවම මගෙ හිත ගැහෙන්න ගත්තා ...ඒකි මිනිස්සු දෙන්නෙක්ගෙ අඹුවක් කියන්නෙ...මිනිස්සු දෙන්නෙක් ගෙ දරුවො වදන්නද....පිරිමියෙක් වෙලා මගෙ විතේන්ට අමාරු නම්.....ඒකි කොහොම උන් දෙන්නෙක්ගෙන් තැලෙන්නද....උඩ ඉන්න තිස්තුන් කෝටියම අපේ ඉවසීම උරගානවාද කොහෙද නැතිනම් මොකටද මේ තරම්ම දුක් කදක්...
මම පැහෙන වතුර එක මග් එකට දලා කූරු ගෑවා.....
පොඩී...මට තේරෙන්නෙ නෑ මැනික...මම උඹෙ අයියා...ඒ කියලා මට උඹව එකගෙයි කන්න දෙන්නත් බෑ...උඹලගෙ අප්පච්චිගෙ පදේට පිටින් යන්නත් බෑ....
කෝපි කෝප්පෙ බීලා ඉවරවෙන්නම ඕනේ ඇතුලෙ තියන මන්ඩි දකින්න....ඒ වගේම තමයි...මිනිස්සුන්ව ආශ්‍රේ කරලාම බලන්න වෙනවා මිනිහා කොයි වගේද කියලා දැනගන්න...
දෙපාරක් තුන් පරක්ම කූරු ගාපු කිරි එක අරගන මම කාමරේට ආවා...එයා ඉන්නවා..නිකන් නෙවෙ.....එකාගෙ කකුල් දෙක ආරුක්කු නවයෙ පාලම වගේ පලල් කරන් ...
ගල එලියෙ දාන් ඉන්නවා රෙද්දක් වත් දාගන්නෙ නෑ....
මුනින් අතට උන්න එයාගෙ පස්සට ගහපු මම එයාට ආදරේට තරවටු කරනකොට එයා උඩබෙලි අතට හැරුනා . එයාට වත් ..අඩුම ගානෙ මටවත් ලැජ්ජාවක් දැනුන් නෑ....මීට ටිකකට කලින් මමම අතපත ගාපු...මමම හාදි තියපු නිරුවත ගාව මම මොකටද ලැජ්ජා වෙන්නෙ...
ගල එලියෙ කියන්නෙ....මට මහන්සී....
මොනවා කරලා...
ගල් කපලා....ඇයි මගුල...නිතේශ් ...උඹ නම්...අර හොර හාමුවගෙම වල් ගති එක්ක ඉපදිලා තියෙන්නෙ....තොට මෙහෙම නම්...නාකියට කොහොම ඇතිද...නේ සුදු මහත්තයා ....
වැඩ්ඩෙක් තමයි...ඇයි දැන් උඹ කියන්නෙ මට අමාරු නෑ...කොස් කොටයක් පලනවා වගේ වැඩක්නෙ මේක.....
මම ආයම ඒ කකුල මිරිකුවා..අපි දෙන්නම නොහොබිනා කතා කිව්වා....විහිලුවට අපි දෙන්නම ආදරේට විහිලු කලා...හැබැයි....
විහිලුවට ආදරෙ නොකර.....
සුදු මහත්තයා ...ඇයි මේ..
අමු හෙලුවෙන් උන්න එයා කොට්ටෙ අරන් කකුල් මැද තියාගත්තා වගේම විහිලු කතා කියලා හිනා උන,ඒත් එක විනාඩියෙන් මැලවුන මගෙ මූන දැකපු එයා මගෙ මූන එයාගෙ පැත්තට හරවගත්තා ....
මට පොඩීව මතක් උනා විතේන් ....පය ගහන්නෙ ගිනිකබලකට බව දැන දැන මම මෙ අත්වලින්ම්ම ඒකිව හැඩ කරලා කරන්නෙ පවක් නෙවෙද මගෙ විතේන්....
මම ඒකිව බේරුවොත්....බිනරිව බිල්ලට යනවා ...මට කියපන් මගෙ විතේන් ....තරාදියක් අරන් උන් දෙපැත්තට ඉන්දවන්නෙ අපිව නම්....අපිට පුලුවන්ද එකපැත්තක් බර වෙන්න දෙන්නයි...අනිත් පැත්ත උඩ යන්න දෙන්නයි ..
තේශී ..
මං මෙහෙම උන්නට විදවනවා ..මං මෙහෙම වත් ඉන්නෙ උඹ නිසා....සමහර තැන් තියනවා උගුර ලේ රස වැටෙනකන් කෑ ගහලා උනත් අවුල ලෙහන්න බැරි....අපි ඔක්කොම ඉන්නෙ පැටලුන නූල් බෝලෙක....බැන්දොත් බැන්දම වෙන....දික්කසාදෙ කියන වචනෙම වලව් වහල යට අකැප වෙන තැනක....
වලව්වෙ හාමුලාට මැනිකෙලාට කසාද කටු ගාන එක කැප උනා නම්...මගෙ අප්පච්චි සමහර විට උඹගෙ අම්මා ගාව ඉන්න ගියා විතේන් ....
මං කියෙව්වා ....එයා මගෙ පිට දිගෙ අත ගගා මන් කියන ඒවා අහන් උන්නා.
විතේන් ...වැටුන මිනිහෙක්ට ඕනෙ අත දෙන කෙනෙක් මිසක්....තවත් ඌව පාගන කෙනෙක් නෙවෙ විතේන් ...මං කෑ ගහන හැම වේලේකම අනේ තේශී කියන්න උඹ ඉන්නවා....අඩන හැම වෙලේකම සුදු අප්පො කියන්න උඹ ඉන්නවා....රිදෙන හැම තැනකම සුදුමහත්තයා කියන්න උඹ ඉන්නවා....මැනික හැම දේම හරියයි කියන්න උඹ ඉන්නවා ....විතේන් ඒ වචන හරි හයියයි විතේන් ...ඒවා නිකන්ම වචන නෙවෙ විතේන් ....මම ප්‍රාර්තනා කරන්නෙ...උඹගෙ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න කියලා ....ඒත්....පූරුවෙ පවක් අපිට පඩිසන් දීලා විතේන් ...
සුදු අප්පො.....
එයා මට ආයම සුදු අප්පො කිව්වා...එයා සුදු අප්පො කියන වාරයක් ගානෙම මටමතක් වෙන්නෙම ගිනි පූටක අව්වෙ ගල් වලේ ගල් බණ්ඩා එක්ක ගල් කඩන නිමල්ව වෙනකොට මම එයා දිහා බලන් උන්නා.
තේශි ..ගෑනු හිත් හයියයි නොසෑහෙන්න....උන් හරියටම ටී බෑග් වගේ .....ටී බෑග් එකක් කොච්චර ස්ට්‍රෝන්ග් ද කියලා හිතන බෑ වතුරට දානකම්ම...හැබැයි මැනික....අපි උන්ට අවස්තාව දෙන්න ඕනෙ.....කහට වැඩි කර ගන්න වගේම කහට අඩු කරගන්න....අනික....ගෑනු හිත් හරි දක්ශයි වේදනාව උහුලන්න ...නව මාසයක් බර උහුලලස්....පුපුරපු තනපුඩු වල බර පවා අවුරුදු ගානක් දරලා...පැයප් ගානක් ලේබර් රූම් එකේ තටමන අම්මා...එතනදිම හැම දේම අතෑරියා නම්...අද කොහෙද දෙවනියෙක්ට ඒ කුසෙ තව ඉඩක්...කොහෙද එහෙනම් තුන් වෙනියෙක්ට ඒ බර පියයුරෙ කිරි බින්දුවක් ...උන් හයියයි මගෙ මැනික....උඹට පුලුවන් කමක් තිබුනා නම් උඹ ඒකිව නොගෙන ඉන්නෙ නෑනෙ නිතේශ් ....
මං බරට බරෙ ලොකු හුස්මක් අරන් එයාව උස්ස ගන්න හැදුවා ..ඒත් එයා එපා කිව්වා....
ඇයි....
එපා....මට ඕනෙ ඇවිදින වාරයක් ගානෙම දැනෙන ඒ වේදනාව අස්සෙන් උඹගෙ ආදරේ මතක් කර ගන්න ..
තේශී ...
මටත් කලින් නාගන එලියට ගියපු එයා එලියෙ ඉදන් ආයම කතා කරනකොට මං රැව්ල කපන ගමන් උන්නා...
ඇයි...
මේකෙන් කෝකද....
මං බෙල්ල දාලා බැලුවා ...එයාගෙ අතෙ ෆුල් සූට් එකක්....තනි කලු....අනිත් අතෙ තව එකක්....මෙරූන් පාට...
කලු එක ගන්න...
මං තනි කලු එක ගන්න කියද්දි එයා ඒක අරන් හමීඩියා කියලා ගහපු ලොකු බෑග් එකට දැම්මා.....
අනේ නිතේස් ...අපේ දෝනියව චුට්ටක් වඩා ගන්න මං අර ඉතුරු ටික අරන් එන්නම්.....
මං අපේ බඩුත් අරන් පහලට බැස්සා වගේම ශෙනෝන් අපේ බඩු ඉල්ලගන ඩිකියට දැම්මා.....බැල්ලි කික්කිවත් වඩාගන උන්න ඩියෝනයා කික්කිව මගෙ අතට දීලා පස්සත් දික් කරන් ආයම ඇතුලට දිව්වා ....
චූචි මැනික...කෝද මේ නන්නෙ....ආ..
ඇස් දෙකයි ඇබිත්තන් නහයයි විතරක් එලියට ඉතිරු වෙන්න අනිත් ඔක්කොම ඔතපු චූටි පලිගුවා මාව අදුන ගත්තා විතරයි ඒකිට පිස්සු හැදුනා වගෙ උනා...
ශෙනෝන් ස්ට්‍රේට් මැශින් කීයක් ගත්තද....තුනක්ම....??
ඔව්....මං තුනක්ම ගත්තා ...තව මගින් අර කටු වගටක් ගන්න ඕනා එච්චරයි ....
මං බැල්ලි පැටියව චුට්ටක් නලවන ගමන් බඩුවලට ඇහැ දානකොට මගෙ ගාවදි විතරක් ආදරනීයම විතේන් වෙන එයා මේ වෙලාවෙ මිස්ටර් විතේන් වෙලා උන්නා වගේම අපිව පහුකරගන මගෙයි එයාගෙයි ඵොටෝ එකක් ගහපු ඩිලිවරි ලොරිය දිහා මං බලන් උන්නා...
සෙනෝන්....සෙනෝන්...
ඇයි ....
කෝ ඒයි මගෙ ඇදුම්....ඔක්කොම හරිත.....අනෙ සෙනෝන් ගියාට පස්සෙ නම් අරක නෑ මේක නෑ ගගා මැරෙන්න එපා අනෙ හරිතේ ...
ආ අනිත් එක...නිතේස් ....නිතේස්...ඔන්න ලමයො....අර දරුවා එක්ක පරිස්සමින් එන්න ඕනා .....ජනෙල් වලින් ඔලුව එලියට දාන්න...අත පය එලියට දාන්න එපා තේරුනානෙ....මට හරි හිස රදෙ වගේ අප්පා මෙ ළමයි දෙන්නව තනියම යවන්න..කොහෙද මේ ළමයා අරන් කෝච්චි අස්සෙ සෙනග ගොඩේ එන්න බෑනෙ....
විතේන් ...විතේන් ...මෙහෙ එන්න.....මෙහෙ එන්න...
මගෙ අතෙ උන්න බැල්ලි පැටියව ආයමත් මහ අම්මන්ඩි වගෙ ගත්තු ඩියෝනයා මට කන පුරවලා දේශනාවක් දුන්නා....අරක එපා මේක එපා....ඒ විතරක් නෙවෙ කෝල් එකක උන්න විතේන්ටත් අඩගැහුවා ..මූ ඇවිත් අපි හැමෝගෙම අම්මා
කියන්න ඩියෝන් ඇයි...
ඇයි...ඇයි අහන්නෙ ඇත්තමයි විතේන් ඔන්න අපෙ නිතේස් එක්ක පරිස්සමින් එන්න ඕනා තේරුනානෙ....
අතපය එලියට නොදාබෙල්ල එලියෙ නොදා එන්න ඕනෙ තේරුනාත....කොහෙද මං කීයක් කියලා බලන්නද අප්ප මට හරියට වැඩ.....ඔන්න නිතේස් විතේන් එක්ක පයිස්සමින් එන්න ඒයි එහෙනම් ....දෝනියෝ....මාමියටයි නැන්දියටයි බායි කියන්න ..
අම්මො හා...බායි...පරිස්සමින් එනවා මෝඩ කුඩික්කිය....
ඒකගෙ බර දේශනෙ අහන් උන්න අපි දෙන්නවත් දාගන අපිව ස්ටේශන් එකෙන් බස්සපු ශෙනෝනයා බොටමා එක්ක යන්න ගියා.....
මහ නුවරට දෙන්නයි...
මං ටිකට් කවුන්ටර් එකට එබිලා එයාටයි මටයි ටිකට් දෙකක් ගත්තා ....රෝස පාට කොටු හැඩෙ ගනකම් ටිකට් එකෙ මහනුවර කියලා ගහලා තිබ්බා...
එක අතකට තද උන මොහාන් රාජ් මඩවලගෙ ලොවීනවයි...අනිත් අතේ තිබුන වතුර බෝතලෙයි ඇරෙන්න අපිට ඉතුරු උනේ අපි දෙන්නගෙ එකට පැටලෙන්න තිබුන අත දෙක විතරක්ම වෙද්දෙ අනිත් හැමදේටම වඩා පැටලෙන අත් දෙක වටිනවා කියන එක මට දැනුනා....
එහා මෙහා යන මිනිස්සු ඒ මිනිස්සුන්ගෙ ලෝකවල අතරමන් වෙලා උන්නා....සැරින් සැරේම ලවුස්පීකර් වලින් කියන එක එක දේවල් අහගන එයයි මමයි ලීපටි ගහපු දික බක්කුවට වෙලා ප්ල්ට්ෆෝම් එකේ එහැ මෙහා යන මිනිස්සු දිහා බලන් ඔහේ උන්නා වගේම ඒ ටිකකිම්ම මහනුවරට අපිව එක්ක යන්න එන උඩරට මැනිකෙ පැද්දි පැද්දි එනහැටි අපි දෙන්නම බලන් උන්නා . .....
ටකස් ටකස්...ටකස්..ටකස්....ටකස්..ටක්ස්.....
එයා එනවා....අපි හැමෝවම අරන් යන්න එයා පැද්දි පද්දි එනවා...මෙච්චර වෙලාම ඉදන් උන්න මිනිස්සු ප්ලැට්ෆෝම් එකේ පොරකන්න හදනකොට අපි දෙන්නා විතරක් උන්න විදිහටම උන්නා....
තේශි....අපි අවසානම එකට නගිමු...
ඒ එයා...එයාට අවසානම එකට නගින්න ඕනා වෙලා...මම කටින් උත්තර නොදි හිනා වෙනකොට එතනින් ගියපු බෝලා කඩල කාරයා පෙට්ටියකට නගින්න බලන් උන්නා....
ඔයාට ඕනේද....
අර රතු පාට එක....
එයා හිනා උනා...එයාට ඕනෙ රතුපාට බෝලා කඩල එකලු....එයා කියනවා නම්...හා....
අතන...අතන් එතනට කවුරුත් එන් නෑනෙ...
පිටිපස්සෙම පෙට්ටියෙ අවසානම ශීට් එකේ ජනේලෙ අයිනෙ.....ඒක තමා එයා පෙන්නපු තැන...මටත් වඩා යන හදිසිය තියෙන්නෙ එයාට වෙනකොට සැරින් සැරෙ ඔෆිස් එකෙන් එන කෝල් ඉවසන්න බැරිවද කොහෙද එයා මූන දෙක කරන් ඉදලා ඵෝන් එක ඕෆ් කෙරුවා....
අර මනුස්සයා ඉක්මනට සනීප උනා නම් මට මෙච්චර හිස රදයක් නෑ...පව්.....මාසයක් දෙකක් ඔය කකුල එල්ලන් ඉන්න එපැයිනෙ දැන්.....
එයා කියවනවා.... එයා ආයම ඕෆ් කරපු ඵෝන් එක ඔන් කරගන කියවනවා....අර ආදරනීය විතේන් නෑ...මෙතන ඉන්නෙ මිස්ටර් විතේන් වෙනකොට මම එයාට එහෙම්ම ඉන්න ඉඩ දීලා එයාගෙ අතේ තිබුන ලොවීනව ගලවගත්තා .....පොත දිගාරින්නත් කලින් මට බුන්නිව මතක් උනා...පහලට එල්ලෙන දෙතන ...රතුපාට කරපු තන පුඩු එක්ක.....වයසට යනකොට
වැරහැලි උනාට රාජසිංහගෙ අන්තප්පුරේ ඉන්න කාලෙ ඒකි හැඩට ඉන්න ඇති...කාමරෙ ඇතුලෙ දුම් කබලට දුම් පිඹ පිඹ දස්කොන්ව දකින වෙලේ ඒකි ලස්සනට ඉන්න ඇති....අවසානෙ ....ප්‍රමිලගෙ වරදක් ඒකි ඒකිගෙ කරට ගත්තු දා ඉදන් ඒකිව අන්තප්පුරෙන් පන්නනකොට අර රාජ සලු පිලි නැති වෙලා යනකොට රොඩියෙක්ගෙ අඹුවක් වෙනකොට අන්තප්පුරේදි හම්බුන ගරු නම්බුව වලට වඩා වේසා පද අහනකොට ඒකිගෙ දෙතනට ඇතුලෙන් තිබුන හිත වේදනා දෙන්න ඇති....
මම පොත දිගාරිනන කලින් කල්පනා කලා....මම එහෙම්ම ජනෙලෙන් පිටත බැලුවා....තවමත් ඉන්නෙ කොළඹ අහස යට වෙනකොට අහස උසට හිටගත්තු කොන්ක්‍රීට් වනාන්තරේ අස්සෙන් මම එක දෙයක් දැක්කා.....
දස්කොන්ට ප්‍රමිලව පෙනුනෙ කොයි වගේද...මම ඒ මූන දැක්කා...සාලියට අශෝක මාඅව පෙනුනෙ කොයි වගේද මම ඒ මූන දැක්කා....රාජසිංහ දිය රෙද්ද පිටින් උන්න බුන්නිට වහවැටුනෙ කොහොමද ...මමත් එයාට වහ වැටිලා උන්නා.. හැබැයි රාජසිංකෙරුවෙ බුන්නිව අන්තප්පුරේට ගත්තු එක උනාට....මට අන්තප්පුර නෑ...ඉන්නෙ එක අග බිසවයි...ඒ විතේන්ම විතරක් වෙනකොට පතාක සයිස් කටවුට් එක දිහා මමබලන් උන්නා.....

ඇද පුරාවටම සරාගි වෙන....මාව තුරුල් කරන් ආදරේ දෙන....වෙලාවකට අප්පච්චි හා සමාන වෙන.....තවත් වෙලාවකට ඇස් රතු කරන් තරහා ගන්න....විතේන් ....මං බලන් උන්නා..එයාව පහු උනා...ඒඋනත් එයාගෙ හිනාව එහෙම්මමයි...මගෙ විතේන් ළඟ ඉදලත් මට එයාව දාලා යන්න ලෝබ හිතෙනකොට මම ජනේලෙන් බෙල්ල එලියට දැම්මා විතරයි එයා මාව ඇදලා ගත්තා .....
පරිස්සමින් ....
එයා කෝල් එකෙ...ඒ උනත්...එයාගෙ හිත තිබුනෙ මගෙ ගාව.. .එයාව මට මගෑරුනා...එයාගෙ හිනාව අවසානෙදි පුංචිම පුංචි තිතක් වෙලා යනකොට මගෙ ඇත්තම විතේන් මා ගාව උන්නා....එයා මගෙ අත මිරිකගන වගේ අල්ලන් උන්නා...එයගෙ මූනෙ හැගීම් වෙනස් වෙනවා...එයා බය උනාද දන්නෙ නෑ මම ආයම බෙල්ල එලියට දායි කියලා ....අපිට එහයින් ඉදන් උන්න එකෙක් දෙන්නෙක් අපි දිහා බලන් උන්න..සමහරෙක් මුනු මුනු ගෑවා...මං දන්නවා...උන් අපිට මොනවම හරි පඩත්තර කතා කියනවා.....උන් අපොටහිතින් හිනාවෙනවා....මට අපහසුවක් වෙනුවට වේදනාවක් දැනුනා..මම එහෙම්ම මගෙ විතේන් දිහා බැලුවා...එයා කියවනවා....
මං එහෙම්ම එකට පැටලුන අපෙ අත් දිහා බැලුවා..." ආදරේ කියන්නෙ ආදරේටලු...එකට ජෙන්ඩර් එක වැදගත් නෑලු... " ඒ උනත්...අමුතු ඇටේ මිනිස්සුන්ගෙ කතා හරියටම තම්බියගෙ තොප්පිය වගේ...කොහෙන් කොහොම කොයි විදිහට හැරෙයිද කියන්න බෑ.....
උන් අපිව හිතින් දූශනේ කරනව ඇති.....සමහරෙක් නම්...දැක්කත්...." අනෙ උන්ට හොදනම්...අපිට මොකටද කියලා ඉන්න්වා ඇති....." සමහරු නම්...." ආදරේ තියනවා නම් එච්චරයි නෙ" කියනවා ඇති....ඔය අස්සෙන් තවත් කෙනෙක්
" ජරා යක්කු...මුන්ට ගෑනු නැතුවද මේ ...මුන් හින්දා තමයි අපිට ළමයෙක් වත් හදා ගන්න බැරි" කියනවා ඇති...
එහෙම බලන් ගියහම ආදරේ කරන මිනිස්සුන්ට ලෝකයක් නෑ.....
මිනිස්සුන්ට....කොහොමත්ම අනුන්ගෙන් තොර ලෝකයක් නෑ...අනුන්ට කතා හදන්න ඇරුනම උන් දන්න දෙයක් නෑ.....හොද වැඩ අනූ නවයක්ම කෙරුවත්....එක අවැඩක් උනොත්....උන් දන්නෙ ඒක වැරද්ද අල්ලන් මඩගහන්න.....ඒ උනත්.....උන් කෙරුවෙම උන්ගෙ කිල්ලෝට වල හුනු තියාගන අනුන්ගෙ ඒවා හොයපු එක....
මිනිස්සුන්ට ඕනා අහන්න කතාවක් මිසක්...කෙනෙක්ගෙ හිතක් හදන්න...කෙනෙක්ව ප්‍රසංසා කරන්න නෙවෙ . ....මොන තරම් අන්තෙටම හිත තැලුනත්....හිත නිදහස් කරගන්න ඔඉනා නම් හොදම දේ එක්කො කෑ ගහලා අඩන එක...නැතිනම්.... ගහකට ගලකට දුක කියන එක...මොකද හුගක් මිනිස්සු කෙරුවෙ දුක අහන මුවාවෙන් උන්ට රසවිදින්න කතාවක් අහපු එක.....
අද ප්‍රසංසා කරපු කටිම්ම හෙට තූ නොදකින් උඹ කියන කාලයක් මේක...උන්ම ගෙනාපු තර්ක උන්ම බිදින කාලයක් මේක....
උන්ම ඉහලට ගේන මිනිහව උන්ම අන්ත විදිහට පහල දාන කාලයක් මේක....
ඉතින්....උන්ම කියනවා ආදරේ කියන්නෙ ආදරේට කියලා....ඒකට ජෙන්ඩර් එක වැදගත් නෑ කියල....හැබැයි...උන්ම ගෙනාව තර්ක ඉස්සරහා....සමරිසියෙක් ආදරෙන් බැදිලා ඉන්නවා දැක්කොත්.....උන් බලන්නෙ එක ඇහැක් වහගනකොට ...
ආදරේ කරන මිනිස්සුන්ට කොහෙද ලෝකයක්???
ඇත්තටම ...අපිට කොහෙද ලෝකයක්.....
මගෙ පපුවට වේදනාවක් දැනුනා.... උන් අපිට ලෝකයක් නැති කරලා...අවසානෙදි ආදරෙ කරන්නලු....
උන් අපේ එකට පැටලුන අත් දිහා බලලා මඩ ගහන ගමන් ආදරෙ කරන්නලු.....
ඉතින් කෝ...කොහෙද අපිට කියලා ලෝකයක්.....??

මං බලන් උන්නා.....එයා දිහා....වගේම...අපි දිහා බලන් ඉන්න අනිත් අය දිහා....
මං සෑහෙන්න වෙලා බලන් ඉන්නකොට එයා කතාව මග නවත්තන් නැතිවම ඇස්වලින් ඇයි කියලා අහනකොට මම හිනා උනා...හිනා වෙලා අපි දෙන්නගෙ පැටලුන අත් දිහා බලන් දැනටමත් කයිකතන්‍දර හදන අය වෙනුවෙනුත් හිනාවක් දීලා ලොවීනාව කියවන්න ගත්තා ....
මම පොත කියවන්න කලින් පිටිපස්ස හැරෙව්වා.....ඒකෙ මොහාන් රාජ්ගෙ වචන වගයක් තිබුනා...
ලොවීනා.....
මේක තෝමස් මෙට්ලන්ඩ් ආන්ඩුකාරවරයගෙ වගේම රොඩී කෙල්ල ලොවීනා එක්ක අතර ගොඩ නැගුන ආදරයක් විතරක්ම නෙවේ....දස්කොන් මහ අධිකාරම් වගේම ප්‍රමිලා බිසව අතර ගොඩ නැගුන ආදරයක්ම විතරක් නෙවෙ...
කවදාවත් ආදරයක් හිමි නොවුනත්....තමාගෙ හැරෙන්න අනිත් හැම කෙනාගෙන ආදරේ වෙනුවෙන් කැප උන...ඒ වෙනුවෙන් ජීවත් උන පුන්නි නම් රොඩී කිරිඅම්මෙක්ගෙ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහෙන ආදර කතාවයි...
ඇත්තටම පුන්නිට ආදරයක් තිබුන් නෑ....ගෑනු දාහක් විතර ඉන්න මිනිහෙක්ගෙ ගෑනු ගොඩෙන් එක බිසවක් වෙනවා කියන එක...ඒක මහ වේදනාවක්....කව්ද කැමති තමුන්ගෙ මිනිහව බෙදාගන්න....කව්ද කැමති...තමුන්ගෙ මිනිහගෙ නිරුවත ගාව ය්හව ගෑනියෙන් ආලිංගන පානවා බලන්න.....ඒ ඔක්කොටමත් වඩා.....තමුනුත්...ඒ ගෑනු ගොඩෙන් එකම එක ගෑනියෙක් විතරයි කියන දේ පපුවට දැනෙන වේදනාව...
එක අතකට අගබිසවක් උනත් වැඩක් නෑ...මිනිහට අන්තප්පුරයක් තියනවා නම්.....සමහර විට....ප්‍රමිලට වෙන්න ඇත්තෙත් ඒක.....යුද්දෙට යනකොට මනිමේඛලාවක් දාලා ගියත් වැඩක් නෑ...මිනිහා එන්නෙ වටේටම ඇනලා නම්....සමහර විට ..රාජසිංහ රජ්ජුරුවන්ගෙන් නොලැබුන ආදරයක් දස්කොන් ප්‍රමිලට දෙන්න ඇති...
සිරියහන් ගබඩාවක නැති උනත් ...පැල්කොටේ පැදුරු කඩමාල්ල උඩ එක හිතින් ආදරේ කරන පිරිමියා අතින් ඉදුල් වෙන්න පුන්නි බලන් ඉන්න ඇති...ඒ උනත්.....අවසානෙදි සිද්ද උනේ.....පාසි බැදුන ජලතටාකයක් අස්සෙ ඉදන් රජ්ජුරුවන් වහන්සගෙ යටි බඩට පහලින් තිබුන රාගෙන් විතරක්ම පන ගැහුන පිරිමි ඇගෙන් බැට කන්න වෙනකොට පුන්නිට මොනවා නොහිතෙන්න ඇතිද....ඒකි පව්.....ඒකි හොදටෝම පව්...ප්‍රමිලගෙ දස්කොන්ගෙ පලහිලව්වට ඒකි අවසානෙදි බිලි උනා...රාජසලු පිලි ඇදන් උන්න ඒකිට අවසානෙදි වේසා පද අහන්න උනා....රොඩියෙක්ගෙ අඹුවෙක් වෙන්න උනා...දස්කොන් හුස්ම අතෑරියා.....
බලන් ගියහම...මනිමේකලාවක් ඕනා වෙන්නෙ බිසවුන් වහන්සේලට නෙවෙ....රාජෝත්තමයට...එහෙම උනා නම් හුගක් හිත්වල ඇවිලෙන ගිනි නිවිලා...ඒක අදටත් එහෙමයි...මොල්ලිගොඩ මැනිකෙ උද්දච්ච කමට උන්නට.....මොල්ලිගොඩ හාමුදුරුවො වටෙම ගෑනුන්ගෙ කකුල් බලෙන් පලල් කරනවා.....
මට හුස්මක් පිට උනා....
සුදු මහත්තයා කල්පනා කරලා ඉවරද...
එයා කෙදිරුවා...
මම මොකුත් නොකියම හිනා වෙනකොට එයා මාවත් අතින් අල්ලන් නැකිට්ටා...
එන්න යමු.....මෙතනට වඩා....දොර හාව හොදයි.....
ඒක ඇත්ත....මෙතනට වඩා දොර ගාව හොදයි.....මම මටම මිමිනුවා....
උඩ රට මැනිකෙ පැද්දෙනවා....එහාටත්...ටකස් ටකස් ගානවා...ආයම මෙහාටත් ටකස් ටකස් ගානවා.....

මම එයා එක්ක දොරේ එල්ලිලා බෙල්ල එලියට දැම්මා....ගෙන්දගම් පොලවෙන් හුගාක් ඈතට ඇවිලා ....ඇත්තටම නිස්කලනකයි.....ගෙවල් පේලි මැදින් යන කෝච්චිය ....ගෙවල් වල මිනිස්සුන්ගෙ මුනු පෙන්නුවා...
කොලම කොලපාට ගහකොල ...එයාලගෙ පාඩුවෙ හුස්ම ඇල්ලුවා...වෙලක් මැදින්....කදු ගැට්ටක් පාමුලින් .....උඩරට මැනිකෙ පැද්දෙනකොට කෝච්චි පෙට්ටි දෙක තුනකට එහායින් තිබුන කෝච්චි පෙට්‍ටියක් අස්සෙන් සිංදුවක් ඇහුනා...කොල්ලො ටිකක් ට්‍රිප් එකක් යනවා ඇති....උන්ගෙ අතේ තියන මොකකට හරි තල තල උන් සිංදු කියනවා....මම අහන් උන්නා....කොලම කොලපාට ගස් කොලන් මැදින් යනකොට උන්ගෙ සිංදුව ඒකට හරි හරියට ගැලපුනා...

"කන්ද උඩ් රටයි පහත දුම්බරයි
වටේම මුතු හර මුහුදයි...."
මං අහන් උන්නා....උන් තාලෙ අල්ලනවා....ඒ ජීවිත කොයි තරම් නිදහස්ද .....බැරිවෙලාවත් ඔතන මැනිකෙලා උන්නා නම්....මොන තරම් හුප්පද අමතයිද.....
තේශි...
ම්ම්ම්ම්
අපි පිටිපස්සට යමු....
මම එයා දිහා බැලුවා...මං දන්නවා...එයා යන්න අහන්නෙ අවසානම කෙරවලේ බැල්කනි එක දිහාවට....මම හිනා උනා...ඇත්තටම එතන තමයි රසම තැන....එයා මගෙ අතින් අල්ලගන්නකොට මම ඒ අත මිරිකගත්තා ....
ඇත්තටම ලස්සනයි ....අපිට පහුවෙන කොලම කොලපාට ගස් කොලන් .....ඈතින් පේන කදු...මේ හැම දේම වචන වලට ලස්සන කරන්න බැරි තරම් වෙනකොට මම එයාව පිටිපස්සෙන් තුරුල් කරගත්තා ....මොකද...මෙතන උන්නෙ එයයි මායි...ලොවීනයි විතරයි...
ගෙන්දගම් පොලවට කිට්ටු කරන්නවත් බැරි ලස්සනක් කන්ද උන්ඩරටට තියනකොට පාලම් උඩින්...බිම් ගෙවල් මැදින්.....කොලම කොලපාට එක පේලියට තියන රබර් යායවල්....තේ යායවල්...වෙල්දෙනි මැදින් උඩරට මැනිකෙ යනකොට මම එයාව අත් දෙකෙම්ම තුරුල් කරන් උන්නා.....

එයා කතා කෙරුවෙ නෑ...අඩුම ගානෙ මම කතා කෙරුවෙ නැ...මොකද අපි දෙන්නම බය උනා...වචන නාස්ති වෙයි කියලා...මම එයාගෙ උරහිස උඩින් නිකට තියනකොට එයා ලොකු හුස්මක් ගත්තා ...ගිනි පූටක අව්ව නැතිවෙලා ගිහින් හැමදාම වගේ නුවර අහස වැහිබර වෙලා තියනකොට ඇගට නොදැනෙන වැහි පොදක් ගියා ....
එයා වැහි බින්දු අල්ලන්න අත දික් කෙරුවා ..ඒ අතට යටින් මම මගෙ අත දික් කෙරුවා.....ඒක් විලන් එකේ වගේ ශ්‍රද්දගෙ අතට යටින් සිද්දාර්ත්ගෙ අත නැවතුනා වගේ මම එයාගෙ අතට යටින් මගෙ අත තිබුනා...වෙනසකට තිබුනෙ....ස්‍රද්දගෙ අතට සමනලයෙක් වහනකොට එයාගෙ අතට වැහි බින්දු වැටුන එක.....
එයා මා දිහා බැලුවා...හිනා උනා....ඒ ඇස් පවා හිනා වෙනවා ...හැමදාම වගේ ලෝබ කම උතුරන ඒ ඇස් දෙක හිනා වෙනවා...
අපි කතා කෙරුවා ....වචන වෙනුවට හැගීම් වලින්.....
අපි හිනා උනා....දෙතොල් වලින් වෙනුවට ඇස් වලින්.....
අපි වැලද ගත්තා.....අත් වලින් වෙනුවට හදවත් වලින්.....
ටකස්...ටක්ස්....ටකස්...ටකස්...
වැහි අන්දකාරෙ මැද උනත්....උඩ රට මැනිකෙ පැද්දෙනවා.....රබර් වතු...තේ වතු පහුවෙනවා ....
උඩරට මැනිකේ හූ කියනවා...
ටකස් ටකස් ටකස් ටකස් ....
රතුපාටින් පාට උන කෝච්චි පෙට්ටි දෙපැත්තට වැනෙනවා....එයා මගෙ පැත්ත හැරුනා.....ඒ අත් දෙක මගෙ බද වටේට එතුනා....මිනිසුන් ගානක් මැද උනත්...එයාට සුරක්ශාව තියෙන්නෙ මා ගාව විතරක් කියන්නමද කොහෙද එයා මගෙ පපුවට ඔලුව ගහගත්තා ...වැහි වලාකුලු එක තැන ගල් වෙලා.....පුංචි වැහි බින්දු අහසෙ ඉදන් තකහනියේම බිමට පැනලා අපි දෙන්නට සෙත් පැන් ඉහගන පහලට වැටුනා.....
මට මතක් උනා...එක සිංදුවක්...කින් කාන් එක්ක මලයිකා අරෝරා කෝච්චියක් උඩ නටන සිංදුව.....කතාව සමාන නැති උනත්....මට ඒ දෙන්නව මතක් උනා...දිල්සේ එකේ චයියා සින්දුව...

උඩරට මැනිකේ වගේම එයත් පැද්දි පැද්දි කදු ශිඛර මැදින් තැනිතලා මැදින් යනකොට මට දැනුන හැගීමම එයාලටත් දැනෙන්න ඇති හිතුනා....මෙච්චර වෙලාම එලිය තිබුන වටපිටාව අන්දකාර කරගන යනකොට හූ තියපු උඩරට මැනිකෙ බිම් ගෙයක් අස්සෙ හැංගෙනකොට මම ඒ අන්දකාරෙම එයාගෙ මෘදු දෙතොල් අල්ලගත්තා .....
තත්පර ගානකට උනත් මග ඇරුනෙ...ඒක මට කල්පයක් වෙනකොට මම එයාව අත් දෙකෙන්ම තුරුල් කරන් හරි පරිස්සමින් සිපගත්තා වගේම හැංගුන උඩ රට මැනිකෙ එලියට එනකොට අපි ආයම ඈත් උනා.....

ගෙන්දගම් පොලවෙන් සෙන්කඩගලට.....
පැය ගානකට පස්සෙ අපි දෙන්නම මහනුවරින් බැහැලා ශෙනෝන්ලට කෝල් එකක් ගත්තා වගේම උන් මේ වෙනකොටත් ඇවිත් උන්නා.....
මගෙ අම්මෙ...නිතේස්....හරි මහන්සී ඒයි....පස්ස කැක්කුමයි අනේ.....මෙ ලමයාටත් නින්ද ගියා.....
මමයි එයයි එන අතර මගටම ගඩාපි පැටියගෙ ඈඩියාව අහන් උන්නා වගේම මගෙ විතේන් බඩගින්නටමද කොහෙද ඈනුම් යැව්වා...
ශෙනෝනයා මාව ගේට් එක ගාවින් දාපන්....
මම හොටල් එකට නොයා වලව්ව ගාවින් බස්සවන්න කියනකොට එයා මගෙ අතින් අල්ලගත්තා ....
ඔයාට තෙහෙට්ටුයි පන....ශෙනොන් එක්ක යන්න....
එයා මගෙ අත අතෑරියෙ නෑ.....එයාට මාව එක මොහොතකටවත් අතාරින්න බෑ කියන්න වගෙද කොහෙද එයා මගෙ අත අතනාරිනකොට මම ඒ අත උඩින් අත තිය ගත්තා .....
නිතේශයා....කොයි ගේට් එක ගාවින්ද..
පිටිපස්සෙ ගේට් එක ගාවින් දාපන් ..මට නම් බෑ මගුල ඉස්සරහින් යන්න.....
වලව්ව් මතක් වෙනකොට මට ඔලුව කැරකෙන්න වගේ ආවා....මෙතනින් පස්සෙ කොහොමත් මැනිකෙලා මගෙ ඔලුව කන්න බලන් ඉන්න බව දන්න නිසාම මම එයාව යවන්න හැදුවා එයා මාව අතරින්න කැමති උනේම නැති කොට මම එයාවත් එක්කන් වලව්ව පිටිපස්ස අහුවෙන තැනින් බැහැගත්තා ...
අපි යන්නද බන්.....
මං උඹට හවස් වෙලා කෝල් එකක් දාන්නම්...ගිහින් නිදාගනින්....එකටවත් එන්න වෙනවා....මුන් මුලු සනුහරේම අරගන තියන උද්දච්ච කමට
මම නිද වැටි වැටි උන්න ගඩාපි පැටියගෙ කම්මුලක් හිමින් මිරිකන ගමන් ශෙනෝන්ට වග උත්තර බැන්දා....බැල්ලි පැටියා මැරෙන්න හදනවා..ඒකිට තෙහෙට්ටුවද කොහෙද .....මම එයවත් එක්කන් වලව්වට එන්න හැරුනා...
තේශී.....
ම්ම්ම්ම්
මෙච්චර ලොකුද මේ වලව් වත්ත....
අර එහා පැත්ත පැත්ත ගොරක කැලෙ ...ඒ පැත්තත් අපේ .....
එයා වට පිට බලන ගමන් වලව්වෙ වත්ත මෙච්චර ලොකුද අහනකොට මම ගොරකා ලන්ද පෙන්නුවා....
අර අතන තිබුනෙ ..සීයා තාත්ත්ගෙ.....සීයගෙ වලව්වලු....
මම ඊටත් එහායින් තිබුන තවත් පරන නටඹුන් ගොඩක් පෙන්නලා ඒක පරනම මොල්ලිගොඩ වලව්ව කියලා පෙන්නනකොට එයා ඒ දිහා බලන් උන්නා.....
සුදු අප්පො.....
ඇයි පන....
මට කොච්චර සල්ලි පනම් තිබුනත්....මම අල්ලන් ඉන්නෙ හරි උස අත්තක් සුදු මහත්තයා .....
උස අතු උනත් ලස්සන මල් පිපිලා...ගෙඩි හැදිලා බිමට බරවෙනකොට මිසක් උද්දච්ච කමට උඩ බලන් ඉන්න නෙවෙ විතේන් ...
ඒඋනත්...උඹලා හරි ලොකු මිනිස්සු සුදු අප්පො ...උඹලා වලව් කාරයො.....මම....
වලව් කාරයා කියාල මගෙ කොතනද විතේන් ලියවෙලා තියෙන්නෙ...??
ඒ උනත්...මම කොච්චර කෙලින් උන්නත්...වෙලාවකට මාවත් වැටෙන තැන් එනවා සුදු මහත්තයා .....
මම අප්පච්චිට පොරොන්දු උනා මගෙ විතේන් ...ආයම දහම් කෙනෙක් වෙන්නෙ නෑ කියලා...
මම එයගෙ අත අල්ලගත්තා ...අපිදෙන්නම උන්නෙ සීනි පේර ගහ ගාව වෙනකොට පේර මල් වල සුවද පවා දැනුනා.....
විතේන් මම දෙයක් අහන්නද....සමහර විට මම වැරදි ඇති....මම අසාදාරන ඇති...ඒත්....පුතෙක් විදිහට ..මම මගෙ අප්පච්චිට...පන ඇරලා ආදරෙයි...මට කවදාවත් උඹවයි...මගෙ අප්පච්චිවයි තරාදියක ඉන්දවන්න බෑ....උඹගෙනුයි අප්පච්චිගෙනුයි කෙනෙක් තෝර ගන්න කිව්වොත්..මම කරන්නෙ මැරෙන එක...මොකද..මට...උඹ නැති හෙටකුත් නෑ.....අප්පච්චි නැති හෙටකුත් නෑ....
මොකක්ද සුදුඅප්පො....
එයා බලන් උන්නා.....මෙච්චර දවසක් අහන්න උන්න ප්‍රශ්නෙ අහන්න මම හිත හදාගත්තා ...
මගෙ විතේන්...කවදා හරි...කොතනම හරි....අවස්තාවක් හම්බ උනොත්...මගෙ අප්පච්චිට තැනක් දෙන්න පුලුවන්ද ....මගෙ අප්පච්චිට එක අවස්තාවක් දෙන්න පුලුවන්ද විතේන් ...
මම එයාගෙන් ඉල්ලුවා...ඒක මහ අසාදාරන ඇති.....එයාගෙ අම්මට දැන් කෙනෙක් ඉන්නවා....ඒක මහ අසාදාරන ඉල්ලීමක්....මට.දුක හිතුනා....
මට සමාවෙන්න විතේන් .....මම ඇහුවෙ.....අහන්න ඕන් නැති...දෙයක්.....
එයා තවම බැදලා නෑ....
බිම බලන් උන්න මම එක පාරම ඔලුව ඉස්සුවා....ඒකියන්නෙ.....එයා තවම බැදලා නැති නම්...මගෙ අප්පච්චිට. අවසතාවක් තියනවා...මට ඒ උත්තරෙම ඇති....මට ඒ උත්තරේම ඇති.....
එහෙනම්.....මගෙ...අප්පච්චිට...
අවස්තාවක් තියේවි නේද මගෙ විතේන්...
සුදු මහත්තයා ...හිත්වලින් බැදුන මිනිස්සු...මොන දීපන්කරේක ගියත්...අවසාන හුස්ම අරින්න හරි...ඉරණම් කාරයා ගාවට එනවා.....
මම හිනා උනා....මගෙ හදවතිම්ම මම සතුටු උනා....
පොල් බිදින සද්දයක් එක්ක අපිදෙන්නම ඒ පැත්ත බලනකොට වලව් වත්තෙ කෙරවලක තිබුන සෙලෙස්තිනගෙ පැල් කොටෙන් බත් ඉදෙන සුවදක් ආවා...පොකුරුවලින් බර වෙලා තිබුන සීනි පේර අත්තක් පහලට නැවිලා තියනකොට මම පැහුන ගෙඩියක් කඩාගන එයාගෙ අතේ තිබ්බා වගේම එයා බාගයක් කාලා මට දික් කරනකොට ඒක මගාරපු මම එයාගෙ කටේ තිබුන එක අරන් කටේ ඔබා ගත්තා ...

සෙලෙස්තිනාගෙ පැල් කොටෙ.....මැනිකගෙ පැල්කොටේ ...වලව්වෙ මිනිස්සුන්ගෙ ඉදුල් හෝදන.....කිලිටි හෝදන...උන්ට පෑගෙන අහිංසකයන්ගෙ පැල්කොටේ....
සුදු අප්පො...ඒක....
සෙලෙස්තිනාලගෙ පැල්කොටේ...
අර.....
එදා කුසියෙ උන්නෙ.....කොටහලු උන කෙල්ලක් ඉන්නවා කිව්වෙ....එයාලගෙ....
තේශි.....ලමිස්සියෙක්ට මෙහෙම ගෙදරක ඉන්න පුලුවන්ද ...
ඉන්න බැරි...උනත්....ඉන්නම වෙනවා නම්....මොනවා කරන්නද විතේන්...
පොල් බිදින සද්දෙ...බතක් ඉදෙන සුවද එක්ක....පොල් ගාන සද්දයක් එනකොට වලව්වට තිබ්බ පය පැල්කොටේ දිහාට හැරෙනකොට මම උන්ගෙ ඇබිත්තන් කුසියට එබිලා බැලුවා වගේම මගෙ ඇස් දෙක ලොකු උනා....
මැ...නි...කා.....
සීයා තාත්තා අතින් බඩ උන මැනික.....අතුරුදහන් උන මැනිකා...
මැනිකා.....
බ්බ්..බේබී...හා...මූ...

පොල් ගගා උන්න මැනිකගෙ අතේ තිබුන පොල් බෑව බිමට අතෑරුනා...ඒකිව දිරලා ගිහිල්ලා... මැනිකා බය උනා.....ඒත් මම හිනා උනා.....මොකද මට ඒකිව බය කරන්න ඕන උනේ නෑ....
මං උඹේ පැල් කොටේට රින්ගන්න ආවෙ නෑ.....වරෙන් එලියට ...මමත් ඕකට රින්ගුවොත් උඹට පන යයි බයටම.....
අනේ...බේබි...මහත්තයා.....එහෙම කාරනාවක් නෙවෙ ...
මම පුරුදු විදිහටම මගෙ අත්දෙක පිටිපස්සට බැදගන එලිය බලන් ඉන්නකොට මගෙ විතේන් අර පේර කෑල්ල ලෑටි ගගා වලව්වෙ වත්ත විපරන් කෙරුවා වගේම ඇදන් උන්න චීත්තෙන් අත් දෙක පිහ පිහ ආව මැනිකා මං ගාව දෙකට නැවෙනන් හදනකොටම මම පස්සට පැන්නා...
නැගිටහන්.....එපා මට වදින්න...කෝ කෙල්ල.....? ඉස්කෝලෙ ගියාද...
නෑ බේබි හාමු.....ලොකු මැනිකෙ ඒකිව උදෙම්ම වලව්වට ඇන්න එන්න කියලා පයින්ඩයක් ඊයෙ හවහා එවලා තිබ්බ.....පොඩි මැනිකෙගෙ මගුලට වැඩ ගොඩයි කියලා...ඉතින් අම්මා ගියා එකිවත් අරගන ....
ඒ මොන අහවල් එකටද...අද සතියෙ දවසක්නෙ....කෙල්ල ඉස්කෝලෙ ගියෙ නැතුව එක එකාගෙ මගුල් වලට පර වැඩ කරන්න යැව්වද?
කෙල්ල...අටපාස්..බේබි මහත්තයා.....
ඉතින්...අට පාස් නම්.....තව කොච්චර උඩට යන්න ඕනෙද...උඹ හදන්නෙ....ඒකිගෙ අප්පගෙ ගෙදරටම ඉදුල් හෝදවන්නද....උඹට මොලෙ කලදක් නැතිද මැනිකා ආ??...ඒකි කොටහලු උනෙත් මේ ලගදි නේද.....මහ එකාගෙ ඇහැ ගැටෙන්ඩද??? උඹ මහ මෝඩයි මැනිකා.....උඹලා දන්නෙ දෙයක් උනාම අඩන්න...
අනේ....බෙබි මහත්තයා .....සීවරන් දෙයියන්ගෙ නාමෙන්....තරහා ගන්නෙ නැතිව ඉන්ටකො.....
මට තරහා ගියා....ඊයෙ පෙරේදා කොටහලු උන කෙල්ලව වලව්වට යවලා...ඉස්කෝලෙ යන්න ඕනා එකීව වලව්වට යවලා...කවෘ කොහොම උඩ්ඩප්පරන් ගැහුවත් ඒකි අපේ සීයාතාත්තගෙම මුන අරන් ඉපදුන කොට අනිත් උන්ට වඩා කෙල්ල ගැන මම බය උනා...මම මැනිකා දිහා බැලුවා...එකි මගෙ මුන දිහා කවදාවත් කෙලින් බලන්නෙ නැති කොට මුන පහලට කරන් උන්නා...ඒකිගෙ හිත රිදෙනවා ඇති.....යන්න එන්න තැනක් නැතිවෙයි කියලා ඒකිලා ඔක්කොම වලව්වට කඹුරනවා...ඒකිතාස ඇති කෙල්ලව ඉස්කෝලෙ යවල ලොකු නෝනෙක් කරවගන්න....ඒත් ඉතින් උන්ව සින්නක්කර උනේ වලව්වට් නම්...
උඹ මොනවද උයන්නෙ.....?
ඒ හැටි දෙයක් නෑ බේබි හාමු....රතු හාල් බත් එක්ක වැව් කොරලි මිරිසට හදලා රතු ලූනු ගෙඩියක් එක්ක පොල් ටිකක්ගෑවා...අපිට පොලුයි බතුයි කෑවත්....හැදෙන කෙල්ලට පොලුයි බතුයි ගිල්ලන් බෑනෙ මහත්තයා ...
හ්ම්ම්ම්...හ්ම්....උඹව සීයා තාත්තා දැක්කද.....??
ම්ම්ම්...එහෙ...මයි....
මුන බලන් කතා කරපන් මැනිකා....උඹ මොකටද ඔය හැටි දෙකට නැවෙන්නෙ.....මං මොල්ලිගොඩ හාමුද...කෙලින් හිටන් මගෙ මුන දිහා බලපන්...මොකද වැද වැටෙන්න අපි දෙවි වරුද.....කෙලින් ඉදපන්....උඹලා තමා පුංචි එකීටත් ඔය විගඩම පුරුදු කරන්න ඇත්තෙ...කිව්වම අහලා කෙලින් ඉදපන්...
තේශි...අනේ එපා සැර වෙන්න පව්නෙ.....
මම බිම බලන් උත්තර දෙන මැනිකට බැනල අහක බලාගන අත් දෙක පිටිපස්සට බැදගත්තා.....
මැනිකා.....
බේබි මහත්තයා .....
උඹ නෑවිදින් ඉදින් වලව්වට...මම කෙලීව ඒවන්නම්...වලව්වෙ ඕන තරම් වැඩට උන් ඉන්නවා...කෙල්ල එක්ක ඉදින්....ඒකිට අකුරක් දෙකක් උගන්නලා මෙහෙන් යවපන්...උන්ව මෙහෙට දියවෙන්න ඕන් නැ....
අනේ....හාමුදුරවනේ....වචනෙට පිටින් ගිහින් මැනිකෙ අච්චුකොරාවිනෙ....මං මේ දුවගන ආවෙත් මේ බතක් මාලුවක් ලිපට කරන්න.....
ඒකි උත්තර බදිනවා...හරියටම බැලුවොත්...මැනිකගෙ කෙල්ල...අපේ අම්මලාට නංගියෙක් වෙනවා....මට... ඒ කෙලි...පුංචි අම්මෙක් වෙනවා...ඒ උනත් වයසින් බාල පොඩි එකී වලව්වෙ ඉදුල් හෝදනවා.....මට වේදනාවක් දැනුනා....උන් මුලු ජීවිත කාලෙම අපිට කඹුරනවා...ඒ පව මගෙත් කර පිට වැටෙනවා...මැනිකා ආවා කියන්නෙ සීයා තාත්තා ආයම ඕකි එක්ක නිදිවදිනවා.....ආයමත් අත්තම්මා පරල වෙනවා....මේවා පව්....ඒකිට යන්න එන්න තැනක් නැති කමට හාමුවලගෙ අඩත්තේට්ටම් ඉවසනවා.....
මැනිකා.....උඹලාට ඕනෙ...අහක ඉන්න මගෙත් කරට පව් පටවන්නද.....කවුරු කොහොම කිව්වා උනත්....උඹගෙ කෙල්ල.....සීයා තාත්තගෙ ....එකි ලව්වා පරවැඩ ගන්නකොට මැනිකෙලා නිකන් උන්නට....මට නිකන් ඉන්න බෑනෙ....උඹ මෙහෙ ඉදින් කෙල්ල එක්ක...මං ගිහින් ඒකිව ඒවන්නම්...අනික....කෙල්ල ලොකුයි....උඹලා පරිස්සම් උනත්....සීයා තාත්තා උඹව ආය ආයම අර ගබඩාවට උස්සන් යන්නද??.ආ මැනිකා....?ආයම බඩ උනෝතින් අත්තමා උඹවත් මරලා...කෙල්ලවත් මරයි...උඹලා මැනිකෙගෙ හැටි දන්නවනෙ...අනික කෙල්ල පොඩි නෑ..දැන්....
බේබි මහත්තයා ...අනේ.....
උඹට ආයම බඩවෙලා වදන්න ඕනෙ නම්....පලයන් වලව්වට....මට වැඩක් නෑ....තොපිට හොදක් කරන්න හැදුවත් තොපෙ රැස් බලන්න ඕනා....තොපිත් ඉදුල් හෝදලා තොපෙ ලමයින්ටත් ඒකම කරන්න දීලා මැරිලා පලයල්ලා.....අවසානෙදි උන්ටත් වෙන්නෙ වලව්වෙ උන්ට අවජාතකයො වදන්න...තොපිලව හදන්න බෑ...
තේශි...
මෙන්න මෙහෙ එනවා විතේන් යන්න...මුන්ට කවදාවත් මේ අපායෙන් ගොඩ එන්න වෙන්නෙ නෑ....මුන් මැරෙන කම්ම වලවේ උන්ට දර දිය ඇද ඇද ඉන්නවා...
බේබි මහත්තයා ....අනෙ හාමුදුරුවනේ...කෝප ගන්න එපා බේබි මහත්තයා ....මැනිකෙලාගෙන් විසුමක් වෙන එකක් නෑ.....
ඔයා යන්න..මං මෙයාව බලාගන්න....
අනේ...බුදුබව ලැබෙයි මහත්තයා.....බේබි මහත්තයව පරක් කොරගන්ට....
මල පැනලා විතේන්වත් ඇදගන එන්න එනකොට මැනිකා බය වෙලා පස්ස පාරෙ එනකොට මම විතේන්ව ඇදන් එන්න ආවා.....
සුදු මහත්තයා .....
මොකද...
උඹ නම්.....ඇත්තටම වෙලාවකට....වලව්වෙ හාමුමයි...මට ලෝබයි....අහිංසක කමට කටපියන් උන්නට....උඹගෙ ලේ වල හමු පට්ටම තියනවා තේශි.....හැම වෙලෙම කෑ ගහන මට වඩා.... ඉදලා හිටලා තරහා යන උඹ වෙලාවකට යකෙක් වෙනවා කියලා ....ඩියෝන් කිව්වා .....
එයා කියවනවා.....කොහිල කොටුව පහුකරන් පරන ලිදත් පහුකරන් වලව්වෙ පරන කුසිය පේන මානෙදි මම නැවතුනා ....
මම හාමු කෙනෙක් තමයි....හැබැයි...එක මැනිකෙ කෙනෙක්ට විතරක්ම වහ වැටුන....අගස්ති මාල හතක් නොදාපු....කපු ඔසරි නොඇන්ද...ඉනට හවඩියක් නොබැන්ද....කොන්ඩ ගෙඩියක් නොබැන්ද....මැනිකෙ කෙනෙක්ට පිස්සු වැටුන.....
කව්ද සුදු අප්පො ඒ...??
උඹට බලන්නම ඕනෙද මගෙ මැනිකේ කව්ද කියලා
ඔව්....කව්ද මගෙ හාමු මහත්තයගෙ මැනිකෙ කියලා .....මට බලන්න ඕනා.....
එහෙනම් ගිහින් කන්නඩියක් ගාවින් හිටගනින් ...උඹ එතකොට දකීවි....සම්මතේට පයින් ගහපු දිසානායක හාමුගෙ මැනිකෙ කවුද කියලා....දැන් වරෙන් යන්න...උඹගෙ හාමුවට නඩුවක් තියනවා විසදන්න ....
උඹ මහ නපුරෙක් වෙලා තේශි.....කරන දෙයක් අර අහිංසක ගෑනිව බිල්ලට නොදී.....
එයා හිනා උනා....වගේම මාත් හිනා උනා....හැම වෙලේම තරහාගන්නවට වඩා ඉදලා හිටලා තරහ යන මට එයා බයවෙලා උන්නා.....
ඩහ්...ඩහ්....ඩහ් ..ඩහ්....

පරන කුසිය ඇතුලෙ ලීවංගෙඩිවල පිටි කොටන සද්දෙ එක්ක මම එයාව එක්ක වලව්වෙ පිටිපස්සෙන් එනකොට මැනිකගෙ කෙල්ල පන දාගන රෙදි පොට්ටනියක් උස්සන් වැල ගාවට දුවනවා....රෙදි බෙසම ඒකිටත් වඩා බරයි...බගෙට හැදුන උකුල උඩ තිබුන රෙදි බේසම කටමට්ටම්....
ලමයො....
බ්බ්..බේබි...මහත්තයා ...
කෙල්ල බය උනා...අතේ තිබුන රෙදි එක අතෑරුනා.....ඒ ඇස් වලට බයටම කදුලු පිරුනා.....අත්තම්මගෙ බෝරිච්චි කරපු සුදු ඔසරි හැට්ටයක් දුඹුරු පාට උනා....ඒ අස්සෙන් අත්තම්මා ඒකිට රෙදි ප්‍රවේසමෙන් කිව්වා....
අනෙ..දෙයියනේ..මාව මරාවි...
කෙල්ලෙ.....ඔය රෙදිටික ප්‍රවේසමෙන්....
අනේ...බේ.....
ඕක තියලා ගෙදර යන එකයි....
මහත්....
කිව්වා නේද සැරයක්....
සුදු මහත්තයා ...මොකද මේ වලව්ව පිටිපස්සෙන් ඇවිදින්...
සීවරන් දෙයියනෙ....ආබොල බොන්ඩියෙ....තෝ මේ බේසම අතෑරලා නේද.....????මෙහාට වරෙන්.....මෙහාට වරෙන්...කොහෙද උඹ ගාටන්නෙ ...තොපිට කාලා තෙලේ ගහලා....ඒ ඩිංගට ඒක වට්ටලා....
අත්තමා....කෙල්ලට මමයි යන්න කිව්වෙ....
සුදුමහත්තයා ....???
කතාව ඇති...ඒකි ගියදෙන්...
😒ආය හෙට ඈ....
😒නිතේස් හාමුවට ලාවට මල පැනල...
කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්
මම
Ferdeesha ❤️💚😘 .....