Cherreads

Chapter 49 - 49

ආදරයේ මායාකාරි සුයාමය කවරක් දැයි කෙනෙකු ඇසූ කල ඒ මේ රාත්‍රියෙහි දෙතොලතර රැඳෙන ස්වරයක් හා තනුවක් බැව් නම් නිසැකය. හෘද ස්පන්දනය කෙසේ වීද යත් චක්‍රාවාට වටා භ්‍රමණය වන ග්‍රහ වස්තුවක් වගේ වේගයෙන් ඒ හදවත් ගැහෙන්න අරන්. තණ බිස්සෙ තැවරිලා තිබුණු පිනි බිඳු කහ පාට බල්බ් එලියෙන් බබළනවා. ඔව්, ඒවා දිලිසෙනවා නෙවෙයි ඇත්තෙන්ම බබළනවා.

තණ පත් අගක රැඳුනු පිනි බිඳක පහසත් , සියුමැලි දෙතොලතර දැනෙන පහසත් ඇයි සමාන නොවන්නේ.. උතුරන්න තරම් ආදරේ පිරුණු ආදරණීය විශ්වීය හදවතක හිමිකරුවෙකුගේ රළු දෙතොලට හසු වීම තරම් ප්‍රේමයේ තවත් උත්කර්ෂයක් කොයින්ද..

වල්ගා තරු දහසක් මේ පොළවට පතිත වේවි. ගිනිකඳු දහස් ගණනින් පුපුරා යාවි. සයුරු රැලි පිට රැලි නංවමින් ගලාවි. වැසි දිය ඉරුණු වලාකුළු අතරින් බිම පතිත වේවි. එහෙත් ආදරයේ උත්කර්ෂය කිසිදා මියදෙන්නේ නැති වේවි. එහෙව් ආදරේ පිරිමදින හද පතුල එහි සියුම් සියුම් තැන් ස්පර්ශ කරන අපූරුව..

ආදරේ ලියවෙන්නේ හදවතේ ගැඹුරුම තැන. නිස්කාරණේ තත්පර ගෙවනු වස් නෙවෙයි නිවාඩු පාඩුවේ සියුම් තැන් මුදුවට සිනිඳුවට ස්පර්ශ කරමින්..

ලත් ඇසිල්ලෙම වගේ එයාගේ රළු දෙතොලට හසු වුණ සත්සිඳුගේ දෙතොල් පෙති එහෙම්මම ලොප් වුණා වගේ දැනුනා. තත්පරයක් දෙකක් හෝ තුනක් ඇතුළත හැමදේම සිද්ද වෙද්දි එයා එහෙම්මම ඇස් පියා ගත්තම මිගාන් එයාගෙ දෙතොල් එක්ක පැටළීගෙනම උන්නා.

මිගාන්ගේ අත් දෙකටම එයාගෙ මූණ අල්ලගෙන තවත් ඒ දෙතොල් එක්ක පැටළෙමින් රස විඳිද්දි සත්සිඳුට වෙනදා තරම් ඒ දේ ප්‍රතික්ෂේප කරන්න වුවමනාවක් තිබුණේ නෑ. එයා ඇස් පියාගෙනම උන්නා.තත්පරෙන් තත්පරේට ගත වෙන ඒ නිමේෂය තුළ මිගාන් තව තවත් ඒ දෙතොල් පෙති එයාටම කියලා සින්නක්කර කරන් රස විඳිද්දී සත්සිඳු උන්නෙත් ඒ මිහිර වෙන කිසිඳු මොහොතක නොලැබූ තරම් විඳින ගමන්.

මිනිත්තු දෙකක් හෝ තුනක් සත්සිඳුගේ මූණ දෝතටම අරන් මිගාන් ඒ දෙතොල් එක්ක පැටළී ගෙන ඉද්දි සත්සිඳු ත් එයාගේ මූණ දෝතින්ම අල්ල ගත්තා. මිගාන් උන්නෙත් ඇස් පියාගෙන වුනාට මොකද එයා එහෙම්මම ඇස් ඇරලා බැලුවේ සත්සිඳු එයාගේ මූණ දෝතින්ම අල්ලා ගන්නවත් එක්කමයි .

" අකමැති නෑ නේද..? "

මිගාන් ඒ ඇස් දිහා බලාගෙනම ඇහුවා.

" ම්හ්... නෑ... "

සත්සිඳු උත්තර දුන්නා විතරයි. ඒත් එක්කම වගේ මිගාන්ටත් ඉස්සර සත්සිඳු එයාගෙ දෙතොල් එක්ක පැටළුනාම එයා හිත අස්සෙන් පුදුමත් වුණා.

ඒත් ඉතින් විඳිය යුතු මොහොතක අසම්මතකාරී විදිහට ඇයි ප්‍රශ්න ගැන කල්පනා කරන්නේ.. එයා ඒ ගැන මොකුත්ම නොහිතා ඒ මොහොත තුළ ජීවත් වුණා.

මිනිත්තු ගෙවුණා. මෙහෙමයි මෙච්චරයි කියලා සංඛ්‍යාත්මකව ගණනය කර ගන්න බැරි විදිහේ මිනිත්තු කිහිපයක් .

මිගාන්ගේ රැවුල එයාගෙ මුහුණේ ගෑවෙද්දි දැනෙන කිතියත් එක්ක ඇඟේ පිපෙන හිරිගඩු.. ඒවයෙන් ඇති වෙන සරා සුවය.

මිහිරැතිම දෙතොලතර හිරවෙලා විඳින ඒ සුවය ඒ දෙන්නවම තනි කළේ ආනන්දනීය ලෝකයක. ඒ හෝරාවේ සඳ වුණත් වලාකුළකට මුවා වෙලයි උන්නේ.

ඒ දෙතොල් එක්ක පැටළිලා උන්නු කාලය ගැන නම් දෙන්නගෙන් එක් කෙනෙක්ටවත් නිනව්වක් නෑ. කහ පාට බල්බ් එළිය විතරක්ම ඒ ඉසව්වට ආලෝකයක් අරන් ආවා. කහ පාට මුහු වුණු අඩ අඳුර ඒ සරා සඳ යට මැවුණු අපූර්වතම නිමේෂයට ගෙන ආවේ මහඟු වූ ආශිර්වාදයක් .

මිගාන් ඒ දෙතොල්වලින් මදකට ඈත් වෙලා ඒ ඇස් දිහා බලන් උන්නා. ඒත් ඒ දෙන්නම උන්නේ එයාලගේ දෝතටම එකිනෙකාගේ මුහුණු අරගෙන..

" තරහා නෑ නේද babybabe...? "

එයා එයාගේ මූණට ළං වෙලා ඒ ඇස් දිහා බලාගෙනම රහසින් වගේ ඇහුවා.

" නෑ සර්.. මං කැමැත්තෙන් දුන්නේ... "

එයත් ඒ ස්වරයෙන්ම රහසින් වගේ මිමිණුවේ මිගාන්ගේ ඇස් දිහා බලාගෙනමයි .

" I love you babybabe... "

මිගාන් සුපුරුදු ස්වරයෙන්ම රහසින් වගේ කියද්දි සත්සිඳු එයාගේ මූණ අත් හැරලා ලැජ්ජාවෙන් වගේ බිම බලා ගත්තා. මිගානුත් එයාගේ ඇස් දිහාම බලන් ඉඳලා මොහොතකට ඇස් යොමු කළේ අර වලා'තර සැඟවිලා තිබුණු සරා සඳ දිහාවට.

ලැජ්ජාවෙන් වගේ ඒ හඳ තාමත් එළියට ඇවිත් නෑ. සත්සිඳු බිම බලාගෙන. ගැරඬියගේ ඇස් යොමු වෙලා තිබුණෙම ඒ හඳ දිහාවට . මිගාන් එහෙම්මම ලොකු හුස්මක් ගත්තා. තාමත් සත්සිඳුගේ මුහුණ නම් ගැරඬියගේ දෝත් අතර..

" මං ආදරෙයි කියලා කිව්වට ඔයා ආදරෙයි කියලා නොකියන බව මං දන්නවා දරුවෝ.. මට ආදරේ කරන්න බැරි ඇයි කියලා මං අහන්නෑ.. මං දන්නවා ඒත් එකම එක දෙයක්.. මොකක්ද දන්නවද.. දවසක ඔයාට මං ගැන ආදරේ හිතෙයි.. එදාට ඔයා මටත් වඩා , සමහර විට මං මේ දැන් ඔයාට දෙන ආදරේටත් වඩා ඔයා මට ආදරේ කරාවි.. ඒකට මං මෙහෙම කියන්නම් babybabe.. ඒක හීනයක්වත් , බලාපොරොත්තුවක්වත් නෙවෙයි.. ඒක විශ්වාසයක්.. ඔයාගේ ගැරඬියගේ හිතේ තියෙන ලොකූ විශ්වාසයක්... "

එයා අච්චර දේවල් හරි බැරෑරුම් විදිහට කියලා අන්තිමට කිව්ව දේත් එක්ක නම් සත්සිඳුට එහෙම්මම හිනා ගියත් එක්ක..

" ගැරඬියා...! "

" ඔව්, ඇයි..? "

" නෑ නිකන්... "

" ඇයි ඒක වැරදිද..? මං ගැරඬියනේ.. ඇයි ඔයාමනේ කිව්වෙ මං ගැරඬියෙක් කියලා... "

මිගාන් මූණේ ලස්සනම ලස්සන හිනාවකුත් පුරවගෙන එහෙම කිව්වම සත්සිඳුගේ මූණෙත් ඒ වගේම හිනාවක් මැවුණා.

" ඔය හිනාව හිනාවක් නෙවෙයි , ඉනාවක්... "

" එච්චර ලස්සනද..? "

" හ්ම්.. ගොඩක්... "

සත්සිඳු ආයෙමත් හිනා වුණේ ලැජ්ජාවෙන්.

" babybabe... "

" සර්... "

" එහෙනම් දැන් යන්න.. රෑ වුණා ගොඩක්.. කවුරු හරි දැක්කොත් හරි නෑනේ ඔයාට.. අල්ලපු කාමරේ ඉන්න අර වධකයා එහෙම දැක්කොත් කොහොමත් හරි නෑනේ... "

" ඈ.. ඔයා දෙනුවරව දන්නවද..? "

" ඇයි එදා ඔයා අතුරුදහන් වෙලා හිටපු දවසේ ජේකබ් ඇවිල්ලා හොයලා බලද්දි මෑන් තමා ඇවිල්ලා කතා කරලා තිබුණේ.. මූ හරි විස්තරයක් කියලම නෑනේ.. මං ආවනම් එහෙම පිස්ටල් පාරක් දීලා අහගන්නේ.. ඇයි යකෝ, මගේ එකා ගැනනේ විස්තර අහන්නේ.. ඒ පකයා මේ එදා හැසිරිලා තිබුණේ උගේ මිනිහා ගැන විස්තර ඇහුවා වගේ.. ඇත්තමයි babybabe මං ඕකව අහු වුනෝතින් එහෙම දෙන්නේ ඇට දෙක පුක වටේ කැරකෙන්න... "

එයා කිව්වෙ කේන්තියෙන්ද මන්දා. සත්සිඳු අත් දෙකත් බැඳගෙන කියව කියව ඉන්න එයා දිගා බලන් උන්නේ යාන්තමට හිනා වෙවී. එයා ඔහේ කියවනවා.

හැබැයි අන්තිමටම කියපු දේ. ඒක නම් අහන් ඉන්න පුළුවන් දේකුත් නෙවෙයි. කොල්ලට එහෙම්මම හිනාව පැන්නේ එයා අන්තිමටම කිව්ව අන්න ඒ කතාවට.

" මොකක්...! අනේ දෙයියනේ , ඇට දෙක පුක වටේ කැරකෙන්න දෙනවා...! "

" ඔව්, ඇයි.. ඔයා හිතන්නෙ මට බෑ කියලද..? "

එයා ඇහුවේ ආඩම්බරකාර විදිහට. ඒ මොහොතෙදි එයාගේ කළු පාට hunter eyes හොඳටෝම දිලිසෙන්න වුණේ කහ පාට බල්බ් එළියයි , සුදු සඳ එළියයි දෙකම මුහු වෙලා මැවුණු දීප්තියෙන්.

" නෑ නෑ නෑ, ඔයාට පුළුවන්.. කවුද කියන්නෙ ඔයාට බෑ කියලා.. ඔයාට බෑ කියන්නෙ ඉතින් වෙන කාටද පුළුවන්..? "

" ඒකනේ ඒකනේ.. අන්න එහෙම එන්න.. මේ මේ, දැන් යනවා.. අරූ දැක්කොත් එහෙම... "

" හා හා, යන්නම් ඉතින්... "

එයා කිව්වෙ නෝක්කාඩුවෙන් වගේ.

" එහෙනම් පරිස්සමින් යන්න දරුවෝ.. වුවමනාවක් වුනොත් එහෙම මට call කරන්න.. දැන් number එක තියේනේ... "

" හරි, ඔයත් පරිස්සමින්... "

" හ්ම්, බුදු සරණයි..! "

" බුදු සරණයි සර්... "

එයා මිගාන් එක්ක හිනා වෙලා එහෙම්මම යන්න හැරුණා. ඔව්, හැරුණා විතරයි. ඒත් එක්කම වගේ මිගාන් නොහිතපු තත්පරේක සත්සිඳු ආයෙමත් වතාවක් එයා දිහාවට හැරුණා. මිගාන් බලන් උන්නෙ පුදුම වෙලා. එයාට කිසිම දෙයක් හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර සත්සිඳු එහෙම්මම පහත් වෙලා මිගාන්ගේ කම්මුලක් මත්තෙහි දෙතොල් තියලා ඒ ඇසිල්ලෙම දුවගෙන යන්න ගියේ අර පිනි තැවරිලා තිබුණු තණ බිස්ස මතින්.

එයා පිටිපස්ස හැරී නොබලාම දුවලා ගිහින් කාමරේ දොර වහගත්තා. වුණේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මිගාන් සත්සිඳු සිප ගත්තු ඒ කම්මුලත් අල්ලගෙන හිනා වී ගෙනම බලන් උන්නේ එයා දුව දුවා කාමරයට යන දිහා.

එයා දෙන්න හිතන් හිටියේ නැති වුණත් සත්සිඳු දීපු ඒ birthday gift එක නම් මිගාන්ට එයාගේ ජීවිතේ අවසන් තත්පරය වන තුරුත් අමතක නොවන ගානයි. ඒ තරම් වටිනා තෑග්ගක් එයාට මුළු ජීවිත කාලේ පුරාවටම ලැබිලා නැති තරම්.

ජීවිතේ අමතක නොවන සිදුවීම් ජීවිතයට සබැඳෙන හැටි.. ඒවා හරියට මායාකාරීමය නිමේෂයන් වගේමයි.

ඉතින් එයා කාමරයට දුවලා ගිහින් දොර වහගන්න තුරුම බයික් එකට වෙලා වාඩි වෙලා හිනා වෙවී බලන් උන්නු ගැරඬියා එයාගෙ බයික් එකත් start කරලා එතනදී දෙපාරක්ම horn කළේ එයා යනවා කියලා සත්සිඳුට අඟවන්න .

සත්සිඳු කාමරේට වෙලා ඒ horn කරන හඬ අහන් උන්නේ හිනා වෙවී. එයාට දැනුනේ පුදුමාකාර සතුටක්. ඇයි ඉතින් නොසිතන ඇසිල්ලකදි මෙච්චර දේවල් සිද්ද වෙද්දි කොහොමද සතුට හංග ගෙන ඉන්නේ.. ඇත්තමයි, එයාගේ හිතේ පිරුණු සතුට දෝරේ ගලන්න වුණා.

මිගාන් බයික් එකත් හරවගෙන ශ්‍රී සුමංගල මාවත දිගේ ඉස්සරහටම ගිහින් හයිලෙවල් පාරට වැටිලා අර ආව සුපුරුදු වේගයෙන්ම කිරුළපන පැත්තට ඉගිළිලා යන්න වුණා.

ඇත්තමයි, දැන් දැන් නම් ජීවිතේ අමාරුම කාර්තු හෙමින් සීරුවේ ගෙවිලා ගිහින් ටිකෙන්ටික ටිකෙන් ටික වසන්ත සෘතුව උදා වෙන ගමන්.

උතුරන්න තරම් ආදරයක් දැන් දැන් මිගාන්ගේ විතරක් නෙවෙයි සත්සිඳුගේ හදවතෙත් පිරෙන්න අරන්. ඒ හදවත හරියට පුංචි පුංචි මල් පිරිච්ච හරිත නිම්නයක් වගේ.

හුදෙකලාව තනි වෙලා හසරක් නැතුව තිබුණු ඒ නිම්නයේ පර වෙලා ගිය මල් වෙනුවට නැවුම් මල් පොකුරු පිපෙන එක කොයි තරම් නම් වාසනාවක්ද..

ජීවිතේ හමු විය යුතු හොඳම හමු වීම කොයි යම් හෝ මොහොතක මුණ ගැසෙනු නියතයි. විශ්වීය පණිවිඩයක් ලෙසින් එය හදවතේ ගැඹුරට ගොස් තැන්පත් වූ කල ඒ සනාතන දහම නොවැටහෙන්නේ කාටද..

ක්ලෙයාරා උන්නේ මිගාන්ට අයිති නුගේගොඩ apartment එකේ නැවතිලා. ජීවිතේ විඳින්න තියෙන දුක්ඛ දෝමනස්ස කන්දරාවෙන් බහුතරයක්ම විඳපු ක්ලෙයාරාට දැනුනේ ලොකු මහන්සියක්.

ඊටත් වඩා දැන් ජීවිතයට එල්ල වෙලා තියෙන අභියෝග කන්දරාව. කාට නම් ඒවා දරාගන්න පුළුවන්ද..

එක පැත්තකින් අහස්වී කරුණාරත්න නිසා අඩු වෙලා යන films, teledramas ටික.. ඊටත් වඩා එයාට එල්ල වෙලා තියෙන මරණ තර්ජනය.

රඟපාන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි. එයා අපාර්ට්මන්ට් එකේ බැල්කනි එකට වෙලා ඈත අහසේ පායලා තියෙන හඳ දිහා බලාගෙනම උන්නා.

ඒ හඳත් එක්ක ඔච්චම් කරන රන් පැහැති තරු කැට ගොන්න දිහාවට එයාගෙ ඇස් යොමු වුනේ එකම එක ඇසිල්ලකට. ඒ තරු ගොන්න හරියට හඳට තනි රකිනවා වගෙයි එයාට දැනෙන්න වුණේ.

" මට පාළුයි ඩිනෝ.. ඇයි ඔයා මාව මේ විදිහට මඟාරින්නේ.. මට ඔයාව ඕනි.. මං.. මං දන්නෑ.. මට තේරෙන්නෑ.. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.. මට ඔයාව ඕනි කියලා විතරයි මං දන්නේ.. ඉස්සරම දවස්වල අපි දෙන්නා කොච්චර සතුටින් හිටියද.. ඇයි දැන් අපිට එහෙම බැරි.. please ඩිනෝ , ආයෙමත් එන්න.. ආයෙමත් මං ගාවට එන්න.. එක පාරක්.. එකම එක පාරක්.. please ඩිනෝ... "

එයා මුමුණන්න වුනේ අර ඈත බබළන හඳ දිහා බලාගෙන.

ඒත් එක්කම වගේ ක්ලෙයාරාට ඇහුණේ ගෙදර බෙල් එක කවුදෝ ගහන හඬ. එයා ගිලිලා උන්නු කල්පනාවෙන් එක් වරම මිදුණේ ගැස්සිලා ගිහින්. ඒ තිගැස්සුමත් එක්ක ක්ලෙයාරා ලොකු හුස්මක් ගත්තේ ඒ මොහොතෙදී ජේකබ් හැරෙන්න වෙන කෙනෙක් ඒ ගෙදරට නොඑන බැව් දැනන් සැනසීමෙන්.

සැනසුම් සුසුමක් එක්ක එයා එහෙම්මම බැල්කනි එකෙන් ඇවිත් living room එකට ආවා. හෙමින් සැරේ main door එක ගාවට ගිහින් එයා කොයිකටත් කියලා උගුර පෑදුවේ ඒ ආවේ ජේකබ්මද කියලා සැක හැර දැන ගැනීමේ වුවමනාවෙන්.

" මැඩම් මම.. මම ජේකබ්... "

ජේකබ් එළියේ ඉඳන්ම කිව්වා.

" wait ජේකබ්... "

එයා එහෙම කියලා හෙමින් සැරේ දොර විවර කලාම කළු පාටින්ම ඇඳන් උන්නු ජේකබ් එයත් එක්ක හිනා වුණා. ජේකබ්ගේ අතේ තිබුණේ ක්ලෙයාරා order කරලා තිබුණු pizza එකක්. Dinner එකට මොකුත්ම උයන්න කම්මැලි නිසා ක්ලෙයාරා හවස් වෙද්දිම වගේ pizza hut එකෙන් order එකක් දාලා ජේකබ්ට call කරලා එන ගමන් ඒ order එක අරන් එන්න කියලා කියලයි තිබුණේ.

Pizza hut එකට ගිහින් ක්ලෙයාරා තොම්සන් ගේ නම කිව්වම ජේකබ්ට ඒ order එක ගන්න පුළුවන් වුණා. ඉතින් එයා pizza එකත් අරගෙනමයි apartment එකට ආවේ..

" coming ජේකබ්... "

" thank you මැඩම්... "

ජේකබ් එහෙම්මම ඇතුළට ඇවිත් එයා අරන් ආව pizza එක සෝෆා එක ගාව තිබ්බ වීදුරු ස්ටූල් එක උඩින් තිබ්බා. ඒත් එයා උන්නෙ හිටගෙන.

" ඇයි ජේකබ්.. වාඩි වෙන්න... "

" හ්..හරි මැඩම්... "

ජේකබ් උන්නෙ ටිකක් බය වෙලා වගේ. මොන තරම් දරදඬු පිරිමියෙක් වුනත් මොකද සියුමැලි ගැහැණියක් ඉස්සරහා අසරණ වෙනවා සත්තයි.

ජේකබ් වුනත් එහෙමයි. ක්ලෙයාරා වෙනදා වගේ නෙවෙයි. ඒ හැසිරීම හරි අමුතුයි. ජේකබ්ටත් ඒ ගැන හිතාගන්න බෑ.

" ජේකබ්, මොනා හරි බොමුද..? "

" කමක් නෑ මැඩම්..අ..ඕන්නෑ... "

" ඔයා ඔහොම ඉන්නකෝ.. මමනේ හදන් එන්නේ... "

එහෙම කියලා ක්ලෙයාරා kitchen එක දිහාවට ගියේ එයාගේ සුපුරුදු හුරු පුරුදු කාන්තා ලාලිත්‍යයත් අභිබවා ගියපු ලාලිත්‍යයක් විදහා පාමින්. ජේකබ් ඒ දිහා බලන් ඉඳලා එහෙම්මම කෙළ ගිල්ලා නෙවෙයි ගිළුනා. වෙන මොකකටවත් නෙවෙයි. ජේකබ් උන්නෙ බය වෙලා.

කරන්න තියෙන හොඳම , සුදුසුම දේ මොකක්ද කියලා ජේකබ්ට හිතාගන්නවත් බැරුවයි උන්නේ. කවදාවත්ම නැති විදිහට ක්ලෙයාරා තොම්සන් ගේ හැසිරීම අමුතු වෙද්දි ජේකබ් වුනත් බය වෙන එක සාධාරණයිනේ .

එයා එහෙම්මම සෝෆා එකේ වාඩි වෙලා අත් දෙකත් දෙපැත්තට දිග හැරගෙන හිස පොඩ්ඩක් උස් කරලා ඇස් සිවිලිම දිහාවට යොමු කරගත්‍තා. දවස තිස්සෙම ඒ මේ අත දුවලා ජේකබ්ට හරි මහන්සියි. අවුරුදු හතළිහකට විතර කිට්ටු කාලයක් ජීවිතේ ගත කරපු නමුත් ජීවිතේ ලැබුවේ මොන වින්දනයක්ද කියලා එයාට හිතාගන්නත් බෑ.

ඒ තරමටම එයා ගත කරන ජීවිතේ හරි සංකීර්ණයි. එයාට ඕනි තෙතමනයක්. තුවක්කු බට එක්ක හැප්පිලා , වාහන එක්ක ඔට්ටු වෙලා දැනෙන වෙහෙසත් එක්ක මනසටත් , සිරුරටත් ඕනි කරලා තිබුණේ හොඳ විවේකයක්.

ඉස්සර දවස්වල DMS night club එක ඇතුළේ වැඩ කරන දවස්වල නම් සිරුරට හොඳ විනෝදයක් ලැබුණේ නැතුව නෙවෙයි. ඒත් කාලෙකින් එයාට වුනත් girl කෙනෙක් එක්ක විනෝද වෙන්න බැරි වුණා.

එයාට ඒ මොහොතෙදී මතක් වුණේ ඒක. ඒත් දැන් දැන් ඕවා මතක් කරගෙන නිදන් ඉන්න මකරු ඇහැරගන්නේ මොකටද.. එයා එහෙම්මම ඒ අතීතය අමතක කරලා දාලා වර්තමානයට ආවා.

එයා බලන් උන්නේ අර kitchen එකට ගියපු ලලනාව මොනා හරි drink එකක් හදාගෙන එනතුරු. ඇත්තමයි , එයාට ඕනි වෙලා තිබුණේ cofee එකක්වත් tea එකක්වත් cool drink එකක්වත් නෙවෙයි, බියර් වීදුරුවක් හෝ වයින් වීදුරුවක්...

මිනිත්තුවක් දෙකක් විතර යද්දි ක්ලෙයාරා තොම්සන් ආවේ කහ පාට cool drink එකකුත් අරගෙන. ක්ලෙයාරාගේ මූණ ලස්සන හිනාවකින් පිරිලා. එයාව දැක්කම ඉතින් අමාරුවෙන් වුණත් අර මෙල්ල කර ගත්තු හිත එක පාරටම පිබිදෙන්න වුණාම ජේකබ් ක්ලෙයාරා දිහාවට යොමු වෙලා තිබුණු එයාගෙ ඇස් දෙක එහෙම්මම ඉවතට යොමා ගත්තා.

" ගන්න... "

එයාගෙ ඉස්සරහින් ඇහුණු කටහඬත් එක්කම ජේකබ් ආයෙමත් ඇස් හරවලා බලද්දි එයා ඉස්සරහා හිට ගෙන උන්නේ ක්ලෙයාරා . මූණේ අර ඉස්සෙල්ලා තිබුණු ලස්සනම ලස්සන හිනාවත් පුරවගෙන එයා ජේකබ් දිහා බලන් උන්නා.

හරියට ධ්‍යාන සමවැදුණු තවුසෙක් ලියතඹරා මලක් දැක ධ්‍යාන බිඳගත්තා වගේ ජේකබ්ගේ වුණත් සිල් බිඳෙන්න වුණා. ඒ සරාගී පෙනුමැති ගැහැණු රුව දකිද්දි ජේකබ්ගේ හිත කියන්නෙම වෙනම කාරණයක්..

" ගන්න ඉතින්... "

තාමත් cool drink එක ගන්නෙ නැතුව එයා දිහා ඇහිපිල්ලමක්වත් නොගහා බලන් ඉන්න ජේකබ්ට ක්ලෙයාරා කිව්වා. ඒ හඬින් තිගැස්සුණු ජේකබ් cool drink එක අතට ගත්තේ වෙවුලමින් .

ඒ අත වෙවුලන හැටි ක්ලෙයාරාත් දැක්කා. පිරිමි හිතක් නොතේරෙන තරම් පටු නම් ක්ලෙයාරා කියන්නේ ගැහැණියක් නෙවෙයිනේ . එයාට තේරුණා. හෙමින් සැරේ ජේකබ්ගේ ඇස් එයා දිහාවට යොමු වෙන හැටි.

ක්ලෙයාරා හෙමින් සැරේ ගිහින් සෝෆා එකේ එහා පැත්තෙන් වාඩි වුනාම ජේකබ් හොරැහින් වගේ එයා දිහා බලන ගමන් cool drink එක බොන්න වුණා.

" ජේකබ්... "

ක්ලෙයාරා හෙමින් සීරුවේ ජේකබ් එක්ක කතාවට වැටුණා.

" මැඩම්... "

ජේකබ් cool drink එකෙන් උගුරක් බීලා ක්ලෙයාරා දිහා බලලා කතා කළා.

" ජේකබ් marry කරන්නෙ නැද්ද..? "

" මං...! "

" ඔව්, ඔයා තමයි... "

ජේකබ් යාන්තමට හිනාවෙලා cool drink එකෙන් තව උගුරක් බිව්වා.

" කියන්නකෝ ඉතින්... "

ක්ලෙයාරා කතා කළේ තොඳොල් වෙවී.

" තාම එහෙම idea එකක් නෑ මැඩම්... "

එයා උත්තර දුන්නේ හිනා වෙලා. හැඩි දැඩි දරදඬු පිරිමියෙක් වුනාට මොකද ජේකබ් උන්නෙත් ටිකක් හිත අස්සෙන් බිය වෙලා වගේ.

" Idea එකක් නෑ කියන්නේ marry කරන්නෙ නෑ කියන එකද..? "

" එහෙම එකක් නෙවෙයි.. මං තාම ඒ ගැන හිතලා නෑ... "

ජේකබ් උත්තර දුන්නේ හරි සාමකාමී විදිහට. ඒත් අංගනාවගේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන නම් ඉවරයක් නෑ. ඇත්තමයි, ඒ මොහොතෙදි ක්ලෙයාරාගේ ඇස්වල තිබුණේ පුදුමාකාර සරාගී බවක්.

ජේකබ් ඉතුරු cool drinks ටික එක හුස්මට බීලා ඉවර කරලා glass එක ස්ටූල් එක උඩින් තිබ්බා. ක්ලෙයාරා සරාගී ඇස්වලින් බලන් උන්නේ ජේකබ් දිහාමයි.

අප්‍රිකානු සම්භවයක් සහිත පෙනුමට ජිම් ගිහින් හදාගත්තු ඒ කඩවසම් පිරිමි සිරුරට ගැහැණියක් වසඟ නොවුණොතින් පුදුමයි. ගැරඬියා වගේම කඩවසම් පෙනුමක්. වයස තිස්පහ ඉක්මවලා හතළිහක් වෙලාද නැත්නම් ඊටත් වඩා වැඩිද , අඩුද කියලවත් හිතාගන්න බැරි තරම් කඩවසම් බවක් එයාට තිබුණේ.

ජේකබ් එහෙම්මම එතනින් නැඟිට්ටෙ පිටත් වෙලා යන්න. එයා නැඟිටල ක්ලෙයාරා දිහා බැලුවාම ක්ලෙයාරාත් එතනින් නැඟිට්ටා. ඒ දෙන්නගේ ඇස්.. ඔව්, ඒ ඇස් එකිනෙක පැටළුනා.

" ජේකබ්... "

" මැඩම්... "

" ඔයා.. ඔයා යන්නද හදන්නේ..? "

" ඔ..ඔව් මැඩම්.. මං..මං යන්න කියලා.."

ජේකබ් ගොත ගහමින් වගේ උත්තර දුන්නා.

" ජේකබ්... "

" මැඩම්... "

" තව ටිකක් ඉන්න බැරිද..? "

එයා ඇහුවේ ඒ ඇස් දිහා දුකෙන් වගේ බලාගෙන. ඇත්තමයි , ඒ සරාගී ඇස්වල දුකක් පිරෙද්දි නම් ජේකබ්ට වුනත් දුක හිතුනේ නැතුව නෙවෙයි.

" මැඩම්...! "

ජේකබ් කතා කළේ රහසින් වගේ වුණත් හරි පුදුමයෙන්.

එයාට කියාගන්න වුණේ එච්චරමයි . ඒත් එක්කම ජේකබ් නොහිතූ ඇසිල්ලක ක්ලෙයාරා එයාව බදාගත්තම ජේකබ්ගේ ඇස් එහෙම්මම උඩ ගියා. මොන තරම් රළු ගති තිබුණත් හැඩි දැඩි දරදඬු මිනිහෙක් වුණත් ලාමක ගැහැණිය ඉස්සරහා ඒ පිරිමියා අසරණ වුණා.

" ජේකබ්..please... යන්න එපා. ඉන්න.. මට පාළුයි ජේකබ්.. ඔයා දන්නවා මං ගැන.. මට ආදරේ ඕනි ජේකබ්.. please යන්න එපා. ඉන්න.. ටික වෙලාවක් ඉන්න.. මට බයයි.. මාව තනිකරන්න එපා ජේකබ්.. please.... "

ක්ලෙයාරා කිව්වෙ එයාව බදාගෙනමයි . එයා බදාගෙන එහෙම කියවද්දි කොහොම නම් යන්නද.. ජේකබ්ගේ අත් දෙකත් හෙමින් සැරේ ක්ලෙයාරාගේ ඉඟ වටේ ගිහින් එයාව තුරුළට තද කර ගත්‍තා.

ඔව්, ඒ සරා සඳ අහස පුරාවටම එයාගේ ආධිපත්‍යය පතුරුවලා තිබුණා. සෞම්‍යවත් රැයේ හිත් පතුලින් කෙනෙක් ප්‍රාර්ථනා කරන්නෙම තවත් පහසක්. තෙතමනයෙන් බේරෙනු වස් ආදරණීයම උණුහුමක්..

ඇත්තමයි, ඒ උණුහුමට පුළුවන් ජීවිතයම වුණත් වෙනස් කරන්න. එතනින් එහාට මේ ජීවිතය ඔවුන්ගෙමයි. නිනව්වක් නැතුව ඔහේ ගෙවෙන ජීවිතයට අරුතක් එක් කරනු වස් ඒ උණුහුම වටිනවා සත්තයි.

සත්සිඳු බෝඩිමට ඇවිත් ඇඳුම් මාරු කරගෙන short එකක් විතරක් දාගෙන උඩුකය නිරුවතින්ම ඇඳට පැන්නා. ගිහින් එරමිණිය ගොතාගෙන වගේ ඇඳ උඩ වාඩි වෙලා lap එකත් එයා ඉස්සරහට අර ගත්තා.

Lap එකේ screen එකේ එයා ටයිප් කරලා තිබුණු අළුත් article එක දිහා බලාගෙන එයා කල්පනා කරන්න වුණා. කල්පනා කරන්න නම් කොච්චර දේවල් තියෙනවද.. ඒත් ඒවා කල්පනා කරන්න ගිහින් වැඩ පාඩු කරගන්නත් බෑ. ඒත් ඒවා එහෙම කල්පනා නොකර ඉන්නත් බෑ.

ඒ දවස කොයි තරම් නම් සුන්දරද.. ජීවිතය මිහිරි ලෙස ගෙවූ පැය කිහිපයක්.. ඒ පැය කිහිපය විනා සතුටින් ගෙවූ මොහොතක් මේ කාලාන්තරය තුළදී නම් එයාගෙ ජීවිතයට උදා වෙලා තිබුණෙම නෑ. හෙමින් සීරුවේ එයා අතට අරන් බැලුවේ ඇඳ උඩ පැත්තකින් තියලා තිබුණු එයාගේ phone එක.

හිත කියන්නෙම එයාට කතා කරන්න කියලා. ඒත් අනේ මන්දා.. අර ඉස්සර වගේම හිත පෙරළි කරනවා. මුහුදු රළ ඇවිත් වෙරළේ හැප්පෙන වේගයෙන්ම හිත පෙරළි කරනවා.

සත්සිඳු හෙමින් සැරේ phone එකේ screen එකේ තිබුනු wallpaper එක දිහා බැලුවා. ඒ wallpaper එකේ ලස්සනට හිනා වී ගෙන බලන් උන්නේ පන්හිඳ. ඔව්, අර එයාගේ හිතට ලස්සනට ආදරේ කරපු පන්හිඳ.. ඒ හිත ඒ ලස්සනටම බිඳලා සුනු විසුණු කරලා ගියපු පන්හිඳ.. ඒ වේහාර පන්හිඳ සප්තපර්ණී...

එයාට කේන්තියක් නෑ. දුකක් තියෙනවද කියලා නම් එයාටත් තේරුමක් නෑ. ඒත් ඒ හිත පුරාවටම තිබුණේ ලොකුම ලොකු කලකිරීමක් විතරමයි.

අතීතය අතීතයමයි. ඒ ගෙවුන , මේ ගෙවෙන.. මේ හැම තත්පරයක්ම අයිති ඒ අතීතයට. එහෙත් අප ජීවත් විය යුතු වෙන්නෙ මෙන්න මේ වර්තමානයේ . මේ වර්තමානය වෙනුවෙන් අපි හීන, බලාපොරොත්තුව ගොඩ නැගිය යුතුමයි.

සත්සිඳුටත් තිබුණෙම හීන නෙවෙයි බලාපොරොත්තුව . එයාගේ හිත අස්සෙ පෙරළි කරන අර නපුරු ගැරඬියා කියනවත් වගේ හීන නොවන බලාපොරොත්තු .

එයා හෙමින් සීරුවේ facebook එක පැත්තට ගිහින් search කළේ Dino Migan Samaradiwakara කියලා.

අනේ අම්මේ එහෙමත් profile එකක්. Search කරලා බැලුවත් හරි ආව ඒ profile එකට ගිහින් සත්සිඳු බැලුවේ එයාගෙ photos කිහිපයක් .

බැලූ බැල්මට ඒ හැම photo එකකම තිබුණේ පුදුමාකාර ගාම්භීර පෙනුමක්. එයා හිනා වෙවීම ඒ photos දිහා බලාගෙන ඒ හැම photo එකකටම react කරගෙන ගිහින් friend request එකකුත් දැම්මා.

සත්සිඳුගේ ඇස ගැටුණේ කළු පාට බ්ලේසර් කිට් එකක් ඇඳලා එයා අරන් තිබුණු photos වගයක්. අනුමානයක් නෑ ඒ ටික නම් කොහේ හරි party එකකට ගිහින් ගත්තු ටිකක්..

ඊළඟට එයාගේ ඇස් යොමු වුණේ ගැරඬියගේ තවත් photo එකකට. ඒකේ එයා උන්නේ කළු පාට jym short එකක් ඇඳලා , කළු පාට අත් කොට t shirt එකක් ඇඳලා..White colour shoes දෙකකුත් දාලා..

එයා ඒ photo එකේ උන්නේ CBR බයික් එකක් උඩ.. full face හෙල්මට් එකකුත් දාලා..

ඒ photo එකේ නම් ඇත්තෙන්ම එයා බැලූ බැල්මට මාරම කඩවසම්. හැම photo එකකටම වඩා සත්සිඳුගේ හිත ගියේ ඒ photo එකට.

සත්සිඳු හෙමින් සීරුවේ ඒ photo එක save දාගෙන ඇවිත් gallery එකට ගියා. හිතෙන්නෙම ඉතින් මුළු gallery එකම පිරෙන්න ගැරඬියගේ photos පුරවන්න. ඒත් ඉතින් එහෙම කරන්නත් බෑනේ. ඒත් කොල්ලට එක පාරටම මතක් වුණේ ගැරඬියා ගාව CBR එකකුත් තියෙනවද කියලා..

' හෑ යකෝ.. මෙන්න මේ ගැරඬි උන්දැ ගාව CBR එකක් තියෙනවා.. අනේ අම්මේ ඉතින්... '

ඒ එයා නෙවෙයි. එයාගෙ හිත..

සත්සිඳු හෙමින් සීරුවේ gallery එක්ස්ට ගිහින් අර save දාගත්තු කඩවසම් දේහදාරී පිරිමියගේ photo එක wallpaper එක විදිහට දාගත්තා. අනේ ඇත්තමයි, ඒ photo එක නම් wallpaper එක විදිහට නියමෙටම ගැළපෙනවා. එයා ඒ දිහා සතුටින් හිනා වෙලා බලන් උන්නා.

ඇත්තෙන්ම හවස් වරුවේ ඉඳන් සිද්ද වෙච්චි හැමදේම එයාගේ මතකයට ආවේ සිනමා රූ පෙළක් වගේ. ලැජ්ජාව මුසු සිනහවක් එක්ක එයා lap එක වහලා දාලා phone එකත් පපුවට තුරුළු කරගෙනම ඇඳේ හාන්සි වුණා.

ඉස්සර නමක් නැති අර හැඟීම.. දැන් ඒක නිමක් නැති ආදරයක්.. දැන් දැන් හිත කීරි ගැහෙන හැටි. මුළු ජීවිතයම එක් දවසකින් වෙනස් වූ හැටි.. ජීවිතේ එහෙමයි, හරි පුදුමයි.

කල්ප කාලාන්තරයක් ගිහින් හරි ජීවිතේ කටුකත්වයෙන් තොර වී පාදඩයින් පහ වී වසන්ත සෘතුව උදා වෙනවා සත්තයි. රෝස රොබරෝසියා, සකුරා මලින් පිරී ඒ රොන් ගන්නට බිඟුන් පිරිවරනවා සත්තයි.

සිහින් මන්දස්මිතයක් මුව රඳවගෙන එයා ආයෙමත් වතාවක් බැලුවේ phone එකේ screen එක දිහා. ඒ හුරු පුරුදු හිනාවෙන්ම එයා ඇමතුවේ ඒ දඩබ්බර හිතුවක්කාරයාට.

මීළඟ කොටසට ...

More Chapters