" අයියේ..අයියේ.. කෝ නැඟිටින්නකෝ..... "
ඇඳේ එහා පැත්තට වෙලා එයාට තුරුළු වෙලා නිදන් ඉන්න පන්හිඳට එයා කතා කළේ හෙමින් සැරේ කණට කරලා රහසින් වගේ. ඒත් පන්හිඳ උන්නේ නම් තද නින්දක.
" අයියේ.. අයියේ... "
එයා හෙමින් සැරේ කණට කරලා කතා කරද්දි තද නින්දක හිර වෙලා උන්නත් පන්හිඳ යාන්තමට ඇස් ඇරලා බැලුවා.
" සුදු චූටි... "
එයා සත්සිඳුගේ ඇස් දිහා බලාගෙන යාන්තමට හිනා වෙලා මිමිණුවා. සත්සිඳු උන්නේ ඇඳේ වැතිරී ගෙනම පන්හිඳගේ මූණ දිහාවට නැඹුරු වෙලා.
" Good morning ඉතින්... "
" Good morning සුදු චූටි... "
එයා ලස්සනට හිනා වෙලා අහිංසක විදිහට කිව්වා.
ඒ දෙන්නම උන්නේ නිරුවතින් . මොකද කලින් දවසේ රෑ සිද්ද වෙච්චි දේවල් වලින් පස්සෙ ඇඳට වැටුණු හැටියෙම දෙන්නටම නින්ද ගිය නිසා ඇඳුමක් ඇඟ ලා ගන්න තරම්වත් වෙලාවක් තිබුණේ නෑ. ඉතින් මහන්සිය වැඩි නිසාවෙන්ම දෙන්නටම එහෙම්මම නින්ද ගියා.
ඇඳ රෙද්ද හොඳටෝම පොඩි වෙලා. රෙද්දේ තැනින් තැන තිබුණු පැල්ලම්.. බෙඩ් ශීට් එකක් විතරක් පෙරවගෙන උන්නු ඒ දෙන්නා මූණට මූණ බලාගෙන කතාවට වැටුණා.
" ඊයේ රෑ මොකද සුදු චූටි..? "
පන්හිඳ ඇහුවේ රහසින් වගේ.
" අම්මෝ දෙයියනේ...! ඊයෙ නම් පිස්සුවක් මට.. ඔයා නම් පිස්සුවක් සුදු අයියේ... "
සත්සිඳු ත් රහසින් වගේ මිමිණුවේ එයාගෙ ඇස් දිහා බලාගෙනමයි .
" මං නෙවෙයි සුදු චූටි.. ඔයයි මාව පිස්සු වැට්ටුවේ... "
" ඇයි එහෙම කියන්නේ..? "
" ඉතින් සුදු චූටි, උඹනේ ඊයෙ වීරයා වුනේ... මගෙ පුංචි වීරයා... "
පන්හිඳ කිව්වේ අහිංසක විදිහට හිනා වෙලා.
" වැඩ පුංචි නෑ හැබැයි සුදු අයියේ.... "
සත්සිඳු හිනා වෙලා කියද්දි පන්හිඳ එයා දිහා බැලුවේ ඇස් දෙකත් හීනි කරගෙන.
" අම්මේ ඔව්.. තාම ඉන්න බෑ මට, රිදෙනවා නහුතෙටම.. උඹට පුදුමාකාර විසයක්නේ තියෙන්නේ සුදු චූටි... "
" විසේ නැතුව බෑනේ ඔය වගේ තැන්වලදී... "
එහෙම කියලා එයා ආයෙමත් වතාවක් ඇඳේ උඩුබැලි අතට වැතිරිලා සිවිලිම දිහාවට ඇස් යොමාගත්තේ පන්හිඳගේ මුහුණෙන් මදකට ඈත් වෙලා.
" හැබැයි ඉතින් මං ආසයි... "
පන්හිඳත් එයාගෙ ඇස් දෙක සිවිලිම දිහාවටම යොමාගෙන කිව්වා.
" මොකටද...? "
" මගෙ විසේකාරයගේ විසේට... "
එයා එහෙම කියලා සත්සිඳුගේ පපුවට තුරුළු වුනාම සත්සිඳු එයාගේ නළලේ තවත් පුංචි හාදුවක් තිබ්බේ පන්හිඳ ඇස් පියාගන්න ඇසිල්ලේ.
" ආදරෙයි මගෙ අයියේ... "
එයා එහෙම කිව්වේ හිත අස්සේ උතුරගෙන යන ආදරයකින්.
" මාත් උඹට ආදරෙයි සුදු චූටි.. ගොඩාක්.... "
පන්හිඳ එයාට ඇහෙන නෑහෙන ගානට මිමිණුවේ සත්සිඳුගේ පපුවට තව තවත් තුරුළු වෙන ගමන්.
වෙලාව පාන්දර 6 ට ත් කිට්ටු වෙලා තිවුණත් සත්සිඳු ත් , පන්හිඳ ත් තවමත් උන්නේ ඇඳට වෙලා වැතිරිලා.
" සුදු අයියේ... "
එයා කතා කළේ පන්හිඳව තුරුළු කරගෙනමයි.
" ඔයාට නැඟිටගන්න පුළුවන්ද..? "
එයා පන්හිඳගේ ඇස් දිහා බලාගෙනම ඇහුවා.
පාන්දර වෙද්දි යාන්තමට කාමරයට වැටෙන ලා හිරු කිරණ ලෝකයම එළිය වට්ටවන මොහොතකදී ඒ සයනයත් එළිය කළා. ඒත් ඉර නම් පේන මානෙක නෑ. රාත්‍රිය අහවරයි කියලා කියන්න පුළුවන් එළිය වැටිල්ලක් විතර හතර අත පැතිරිලා.
ඒ එළියත් එක්ක සත්සිඳුගේ ඇස් දිහා පන්හිඳ ඔහේ බලන් උන්නේ එයා අහපු ප්‍රශ්නයට කිසිම උත්තරයක් නොදී..
" කියන්නකෝ මගෙ දෙයියෝ.. ඔයාට නැඟිටගන්න පුළුවන්ද..? "
ඒත් උත්තර නෑ .
" සුදු චූටි... "
" ම්... "
" මං දෙයක් ඇහුවොත් උත්තර දෙනවද..? "
" මොකක්ද සුදු අයියේ..? "
එයා ඇහුවේ පුදුමයෙන්. ඔව්, එයාගෙ ඇස්වල තිබුණේ පුදුම සහගත බැල්මක්.
" ඇයි මට මෙච්චර ආදරේ කරන්නේ.. මං උඹට ගැළපෙනවද.. මං නූගත් මිනිහෙක් සුදු චූටි.. ඇයි..ඇයි උඹ මට මෙච්චර.... "
" ෂ්... "
පන්හිඳ නිනව්වක් නැතුව ඔහේ කියවගෙන යද්දි සත්සිඳු එයාගෙ දබරැඟිල්ලක් පන්හිඳගේ දෙතොල් වලට තියලා තද කළේ නිශ්ශබ්ද වෙන්න කියලා. ඒක හරියට අණ කිරීමක් වගේ.
එයා ඉස්සරහා තවත් කතා කරන්න බෑ.
" උත්තර නේද ඕනි... "
සත්සිඳු එයාගේ මූණට නැඹුරු වෙලා අහද්දි පන්හිඳ හිස වැනුවේ ඔව් කියන්න වගේ.
" ඇයි ඔයා මට ආදරේ කරන්නේ..ම්... අන්න ඒ හේතුවටමයි මං ඔයාට ආදරේ කරන්නේ.. දැන් මට ඔයාව අතාරින්න බෑ මගෙ අයියේ.. ඔයා මගේ.. මගේමයි.. මගේ විතරමයි.. "
" අනේ මගේ රත්තරන්... "
පන්හිඳ මිමිණුවේ දුක් මුසු හඬකින්.
" ඔව් සුදු අයියේ.. ඔයාට ඊයෙ හොඳටම අවස්ථාව තිබිලත් ඔයා ඒ අවස්ථාව මට දුන්නා.. මං දන්නෑ.. ඔයා මට මාව හොයලා දුන්නා.. මෙච්චර කාලෙකට බොළඳ කොල්ලෙක් වෙච්චි මාව හරි පිරිමියෙක් කළේ ඔයා මගේ අයියේ.. දැන් මට ඕනි ඔයා ඊයෙ රෑ මං නිසා විඳපු වේදනාවම ඔයා නිසා මං විඳින්න... "
සත්සිඳු එයාගෙ ඇස් දිහා බලන්ම මුමුණන්න වුණා. ඒ වචන.. ඔව්, ඒ වචනවලින් රිදෙන්නේ පන්හිඳගේ හිත. රිදෙනවටත් වඩා වෙනත් මොකක්දෝ හැඟීමකින් ඒ හිත පිරිලා ඉතිරිලා යනවා. ඒක හරි පුදුමාකාර උද්යෝගිමත් හැඟීමක්..
" ඉතින් ඒක වරදක් නෙවෙයිනේ සුදු චූටි.. ඒක එහෙම වෙන්න ඕනි දෙයක්.. මං උඹේ වුනා වගේම උඹ මගේ වෙන්නත් ඕනි.. අපි අපේ වෙන්න ඕනි සුදු චූටි... ඉතින් මගෙ රත්තරනේ, ඒක වරදක් හැටියට දකින්න එපා.. හරිද... "
පන්හිඳ එයාගෙ මූණට නැඹුරු වෙලා ඇස් එක්ක පැටළිලා බලන් ඉන්න සත්සිඳුගේ කම්මුලක් සිනිඳුවට සුමුදුවට අතගාන ගමන් කිව්වා.
" දැන් ඉතින් කියන්නකෝ.. තාම රිදෙනවද ? නැඟිටගන්න පුළුවන් ද ? "
පන්හිඳ ඒ ඇස් දිහා බලාගෙනම යාන්තමට හිනා වුණා.
" රිදෙනවා ඉතින්.. ඒක සාමාන්‍ය දෙයක්නේ.. ඊයෙ රෑ නම් හරි වේදනාවක් දැනුනේ... "
" ඉතින් මට නොකිව්වේ.. එහෙම කිව්ව නම් මෙහෙම වෙන්නෑනේ... "
සත්සිඳු දුකින් වගේ කියද්දි පන්හිඳ එයාගෙ මූණ දෝතටම ගත්තා.
" අනේ ඇයි සුදු චූටි.. ම්.. ඒ වෙලාවෙ කොච්චර වේදනාවක් ආවත් දැනෙන්නෙ නෑ.. මොකද අපි ඉන්නෙ වෙනමම ලෝකයක නිසා.. ඊට පස්සෙයි ඒ වේදනාව දැනෙන්න ගන්නේ.. ඒත් අපි ලබපු සතුටත් එක්ක ඒ වේදනාව වැලි කැටයක් තරම්වත් නෑ සුදු චූටි... "
" අනේ ඉතින්.. ඒකට මට දුකයි හලෝ... "
" දුක් වෙන්නේ මොටද.. කියන්නකෝ.. මං නිසා ඔයා සතුටු වුනා නේද..? "
එයා ඇහුවේ ටිකක් ලැජ්ජාවෙන් වගේ. ඒකට නම් සත්සිඳුටත් ටිකක් ලැජ්ජයි. එයා ඒත් ලැජ්ජාව පැත්තකට දාලා පන්හිඳගේ මූණ දිහා බලා ගත් වනම උන්නා.
" හ්ම්..ඔව් සුදු අයියේ.. ගොඩාක්... "
" එච්චරයි.. මාත් එහෙමයි, ගොඩාක්.... "
සත්සිඳු ඒ වචන ටිකත් එක්ක හිනා වෙලා ආයෙමත් වතාවක් ඇඳේ උඩුබැලි අතට වැතිරෙද්දි පන්හිඳත් ඒ හිනාවට හවුල් වුණා.
ඇත්තමයි, ඒ මොහොතවල් හරි සුන්දරයි. ඒ ගැන නම් කතා දෙකක් නෑ. කියන්න වචනත් නෑ. තත්පරත් එක්ක උදාවෙන හැම නිමේෂයක්ම ජීවිතේ සුන්දර කරන හැටි නම් හරි අපූරුයි. ඒ අපූර්වත්වය එක්ක ජීවත් වෙන එක වෙනම කලාවක්..
" සුදු අයියේ... "
" ම්... "
" ඔයාට අමාරුයිනේ.. ඔහොම ඉන්න, ඔයාගෙ සුදු චූටි ගිහිල්ලා ඔයාට රසම රස තේ එකක් හදන් එන්නම්.. ඉඟුරු දාලා එහෙම.. හරිද..? "
" හරියෝ.... "
සත්සිඳු එහෙම්මම ඇඳෙන් බැහැලා යද්දි එයාගෙ නිරුවත් සිරුර දිහා බලන් උන්නු පන්හිඳ සමච්චල් හිනාවක් දාලා හිස අනිත් පැත්තට හරව ගත්තා.
සත්සිඳු එහෙම්මම පැනපු ගමන් බිම වැටිලා තිබුණු short එකත් දාගෙන ආයෙමත් වතාවක් පන්හිඳ ගාවට ඇවිත් හිටගත්තා.
" ඇයි..? "
පන්හිඳ හිස හරවලා සත්සිඳු දිහා බලාගෙනම ඇහුවා.
" ඇයි කියලා තමා මාත් අහන්නේ... "
" මොකක්ද අනේ.... "
" ඇයි හිනා වුණේ...? "
සත්සිඳු ඇහුවේ ඉණට අත් දෙකත් තියාගෙන.
" ඕක දැක්කම හිනා ගියා ඉතින්... "
පන්හිඳ කිව්වෙ ලැජ්ජාවෙන් වගේ.
" ආහ්.. එහෙමද..? ආ... ඊයේ වෙච්චි දේවල් මතක නැතුව වෙන්නැතිනේ... වැඩිය කියවන්න නම් එන්න එපා..අම්මපා කෙළිනවා අල්ලගෙන ආයෙ පාරක් හික් ගෑවෙන්නම.. හරිද...? "
සත්සිඳු තර්ජනාත්මක ස්වරයකින් කියද්දි පන්හිඳ ඇඳේ වැතිරී ගෙනම අත් දෙක එකතු කරලා එයාට වැන්දේ හිනා වී ගෙන තොල් දෙකත් හපාගෙනමයි .
" මයෙ දෙයියෝ, මෙන්න වැන්දා.. ආයෙ නම් මාස ගාණකට එපා.... "
" අන්න ඒ බය තියාගනින්... "
සත්සිඳු කියද්දි පන්හිඳට හිනා.
" හිටපන් ඔහොම හිකණලා.. මං ගිහින් තේ එකක් හදන් එන්නම්... "
එහෙම කියලා සත්සිඳු kitchen එකට යන ඇසිල්ලේ පන්හිඳ ලාවට වගේ මුව සිනාවකින් සරසගෙන සිවිලිම දිහාවට ඇස් යොමු කරන් සැනසුම් සුසුමක් හෙළුවා.
ලා හිරු කිරණ ගැරඬියගේ සුපිරි නිවසේ කාමරයට එන ජනෙල් කවුළුව අතරින් ගලාගෙන එනවා. හරි හරියට දැනෙන සීතලත් එක්ක එයා තව තවත් ඇඳට ගුලි වෙවී උන්නෙ නැඟිටින්න කම්මැලිකමෙන් . පිනි බින්දු තැවරිලා තිබුණු වතුසුදු මල් වට්ටියකුත් කඩාගෙන බාබු අන්කල් බුදු මැදුර ගාවට ආවා. බුදු මැදුරක් කිව්වට සුදු පාට බුදු පිළිමයක් තැන්පත් කරපු කිරි සුදු පාට ටයිල් අතුරපු මල් අසුනක්.
මොන රාජකාරිය තිබ්බත් බාබු අන්කල් දවස පටන් ගන්නෙම බුදු පහන තියලා. ඉඳලා හිටලා වගේ මිගානුත් හිත කලබල වෙලාවට ඇවිත් බුදුන් වැඳලා යනවා. මිගාන්ගේ තාත්තා කතෝලික උනාට අම්මා බෞද්ධ කාන්තාවක් නිසා පුංචි කාලේ ඉඳන්ම කොල්ලට හැමදේම සිරිත් විරිත් විදිහට ඉගැන්නුවා .
ඒත් පස්සෙ කාලෙක ඒ හැමදේම මඟ හැරුණේ එයාලා දෙන්නා ලංකාවෙන් පිට වෙලා ගියාට පස්සෙ. එයා ඊට පස්සෙ පිස්සු නටන්න ගත්තේ කියනවත් වගේ භූමිතෙල් වැදිච්ච ගැරඬියෙක් ගානටම තමයි.
වතුසුදු මල් වට්ටියත් අරගෙන ඇවිත් කොච්චර පිනි තැවරිලා තිබුණත් බාබු අන්කල් පැන් ඉහලා ඒ මල් වට්ටිය බුදුන්ට පූජා කළා. ඒකත් හරියට විශේෂ දවසකට වගේ.
විශේෂ දවසක්.. ඔව්, විශේෂ දවසක් තමයි. පුංචි ගැරඬි පැටියෙක් ඉපදිලා අදට හරියටම අවුරුදු 31 ක්. බාබු අන්කල් උදෙන්ම නැඟිටලා කිරිබත් හදලා ඒකටම හරියන්න කෑලි මිරිස්, උම්බලකඩ දාලා සැරට කටට රසට ලුණු මිරිසකුත් හදලයි තිබුනේ.
ඒත් එයා.. එයාට නම් උපන් දිනයක් තියා ඉපදිලා ඉන්නවද කියලවත් මතකයක් නෑ. කොට්ටෙ අස්සේ මූණ හංගගෙන බෙඩ් ශීට් එකකුත් හොඳට පෙරවගෙන සීතලට ගුලි වෙලා නිදි . ඒක එයාගෙ හුරතල් භාෂා ව්‍යවහාරයෙන් කියනව නම් චූටි ගැරඬි පැටියා හොඳටෝම දොයි..
අවුරුදු 31 ක්... අවුරුදු 31ක් කියන්නේ ඉතින් සුළු පටු කාලයක් නෙවෙයිනේ. ජීවිතේ ගෙවෙන ලස්සනම කාලයක්. ඉතින් ඒ කාලය ඇතුළත ලබන්න පුළුවන් හැම අත්දැකීමක්ම වගේ එයා ලබා ගත්තා. අවුරුදු 20 වගේ වෙද්දි එයාගෙන් දෙමව්පියෝ ඈත් වෙලා ගියාට පස්සෙ දැනුනු තනිකමත් එක්ක ශක්තිමත් කොල්ලෙක් විදිහට එයා හැඩ ගැහෙන්න වුණා. ප්‍රශ්නත් එක්ක ජීවත් වුනාට ඒ ප්‍රශ්න එයාට අබ ඇටයක් තරම්..
අම්මා කියන චරිතය එයා ළඟ උන්නා නම් සමහර විට එයා කාලයක් තිස්සෙ කරපු නරක වැඩ කොටස එයා නොකර ඉන්නත් තිබ්බා. ඒත් ඒ වෙද්දි කාලය ගෙවිලා ගිහින් ඉවරයිනේ. ඒ කාලයට ආපහු යන්න බෑ. ආපහු හැරෙන්නත් බෑ . ජීවිතේ එහෙමයි. ගෙවිලා ගියපු තත්පර ආයෙමත් ගන්න බෑ.
එතුවක් වෙලා ඇඳට ගුලි වෙලා උන්නු මිගාන් එහෙම්මම නැඟිටලා bathroom එකට ගිහින් මූණ අත පය සෝදගෙන ඇවිත් ඇඳුමකුත් දාගෙනම පහළට එන්න වුණා. ඒ වෙද්දිත් බාබු අන්කල් නම් උන්නේ මල් අසුන ළඟ බුදුන් වඳින ගමන්.
ගෙදර පඩිපෙළේ මඟක් දුරට ඇවිත් මිගාන් බලන් උන්නේ බාබු අන්කල් ගාථා කියන දිහා. එයා හැම මොහොතකම වගේ බුදු ආසනය හරි ලස්සනට පිළිවෙලට ලෑස්ති කරලා තියෙනවා. එතන සුදු පාට කිරි ගරුඬ බුදු පිළිමයත් එක්ක මැටි පහනක් දල්වලා, වතුසුදු මල් වට්ටියක් පූජා කරලා, පැන් බඳුනක් තියලා, සුවඳ හඳුන් කූරු දල්වලා තියෙන හැටි මිගාන් දැක්කා. එයා ඒ දිහා බලන් උන්නේ ආසාවෙන්.
ඊට අමතරව එතන පූජා කරලා තිබුනේ බුද්ධ පූජාවයි, ගිලන්පසයි. බාබු අන්කල් කවදාවත්ම විශේෂ හේතුවක් නැතුව බුද්ධ පූජාව තියන්නෙ නැති බව ගැරඬියා දන්නවා. එයා ඒ දිහා පුදුම සහගත බැල්මක් හෙලාගෙනම හෙමින් සැරේ පහලට බැස්සා.
එයා ඇඳන් උන්නු කළු පාට short එකේ සාක්කු දෙකට අත් දෙක ඔබා ගෙන ගිහින් එයා හෙමින් සැරේ සාලයට ගිහින් සෝෆා එකක වාඩි වුණා. ඒ වාඩි වෙලත් එයා බලන් උන්නේ බාබු අන්කල් ගාථා කියන දිහා. එයා හැබැයි මොන හේතුවක් නිසාවත් ඒ වතාවත් ටික නම් මඟ හරින්නේ නෑමයි.
තවත් මිනිත්තු දෙක තුනක් යද්දි බාබු අන්කල් ගාථා කියලා ඉවර වෙලා ආපස්සට හැරිලා බලද්දි එයා දැක්කේ එයා දිහා බලන් ඉන්න ගැරඬියව. උදේ පිපුණු පිනි තැවරුණු මලක් වගේ ප්‍රසන්න හිනාවක් මුවෙහි රඳවගෙන එයා බලන් ඉන්නවා. බාබු අන්කල් එයත් එක්ක හිනා වී ගෙනම එයා ගාවට ඇවිත් හිටගත්තා.
" Good morning සර්... "
" Good morning බාබු අන්කල්.. මොකද අද බුද්ධ පූජාව තියලා..special day එකක් ද..? "
එයා ඇහුවේ හිනා වෙලාමයි.
" අද ජනවාරි 10 නෙ සර්... "
" ජනවාරි 10... ජනවා..ඔහ් දෙයියනේ... බාබු අන්කල්... මට..මට ඇත්තෙන්ම අමතක වුණා... "
එයා කිව්වෙ හිනා වෙවී නළලේ අතකුත් ගහගෙන . බාබු අන්කල් ඒත් එක්කම වගේ එයාට wish කරද්දි එයා හිනා වෙලා උන්නේ කවදාවත්ම නැති සතුටකින්.
" සුභම සුභ උපන් දිනයක් සර්.. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි.. දවසින් දවස දියුණු වෙන්න ඕනි.. සර්ට කවදාවත්ම වරදින්නෑ.. සර් වගේ රත්තරන් හදවතක් තියෙන මිනිස්සුන්ට වරදින්නෑ සර්.. දෙයියො වුණත් සර්ලව ආරක්ෂා කරනවා... "
ඒත් එක්කම වගේ එයා සෝෆා එකෙන් නැඟිටලා හිතන්නෙවත් නැති මොහොතක බාබු අන්කල්ව බදාගත්තේ ඇස් දෙක සතුටු කඳුළින් බොඳ කරන්.
" අනේ thank you very much බාබු අන්කල්.. ඔයාට විතරයි මගෙ birthday එක මතක තිබුණේ.. thank you... "
බාබු අන්කල්ට නොපෙනුනාට මොකද දැන් දැන් ගැරඬියගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. එයා පිටි අත්ලෙන් එයාගෙ ඇස් පිහදා ගෙන එහෙම්මම ආපහු බාබු අන්කල්ගේ උරහිස් දෙකෙන් අල්ලගෙන එයාගේ මූණ දිහා බලන් උන්නේ එයාගෙම තාත්තා දිහා බලන තරම් සෙනෙහසක් පුරවගෙන .
එයාගෙ 31 වෙනි උපන් දිනේ.. ඔව් එයාට අවුරුදු 31 ක් වෙලා. ඒත් අඩු තරමින් එයාගෙ කියලා කිසිම කෙනෙක් එයාට කතා කළේ නෑ ; එයාට wish කළේ නෑ. එයාගෙ හිත ඒ මොහොතේ රිදුණත් ආයෙමත් හිතට සතුටක් ආවේ කවුරු නැතත් කිසිම නෑකමක් නැතුව වුනත් එයාගෙ උපන් දිනය මතක තිබුණු මේ මහළු මිනිසා නිසා.
" අම්මවත් හිටියනම්... "
බාබු අන්කල්ගේ උරහිස් දෙක අල්ලගෙනම එයා කිව්වෙ නෑ , කියවුණා. ඒ වචන ටික එයා කිව්වේ බිඳුණු හඬකින්.
" අනේ සර්.. අනේ එහෙම හිතන්න එපා සර්... ලොකු නෝනලා ගැන මතක් කරන එකෙන් වෙන්නෙ සර්ගෙ හිත තවත් රිදෙන එක.. ඒ නිසා අපි මේ දවස සාමාන්‍ය විදිහට සමරමු... "
බාබු අන්කල් එයාගෙ හිත හැදෙන විදිහට කිව්වත් එයාගෙ බිඳුණු හිතේ තුවාලය එහෙම ලෙහෙසි පහසු විදිහට සුවපත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයා ඒ බිඳුණු හිතෙන්ම බාබු අන්කල්ගේ උරහිස් දෙකත් අල්ලගෙන ඇස් අහකට යොමා ගත්තේ ඈත තිබුණු කහ පාට කොළ මැළවුණු ගහක් එක්ක ඇස් පටළවගෙන.
" සර්... "
නිහඬවම උන්නු එයාට බාබු අන්කල් කතා කළේ ඒ කල්පනාකාරි ගොළුවත බිඳිනු රිසියෙන්.
" බාබු අන්කල්... "
කල්පනා ලෝකයෙන් ඈත් වෙලා පියවි ලෝකයට ඇවිත් එයා ආයෙමත් බාබු අන්කල් දිහා බලන ගමන් කතා කළේ සුපුරුදු බිඳුණු ස්වරයෙන්මයි.
" සර් බුඳුන් වැඳලා එන්න.. මං කිරිබත් හැදුවා අද, ඇවිල්ලා සර් කන්න.. පුළුවන් නම් හවස් වෙලා පන්සල් පැත්තේ ගිහින් එන්න යන්න... "
එහෙම කියාගෙනම බාබු අන්කල් හිනා වෙලා එතනින් යද්දි ඒ දිහා ගැරඬියා නිහඬවම බලන් උන්නා. කියන්න දේවල් නෑ එයාට තවත් නම්. දැණුනෙම ඒ මහළු පිරිමි පරාණය තමන්ගේ තාත්තා කියන හැඟීම විතරමයි.
ඒ හැඟීමත් එක්කම එයා හැරිලා බුදුන් වඳින්න කියලා මල් අසුන දිහාවට පිය මනින්න වුණා. මුළු සාලය පුරාවටම පැතිරෙන සුවඳ.. ඒ සුවඳැති හඳුන් කූරු දුම් නාසය විතරක් නෙවෙයි සිතත් පුබුදනවා. පහන් හැඟීමක් එක්කම එයා බුදුන් වඳින්න ගිහින් ගාථා කියන්න වුණා. දෝත් මුදුන් කරගෙන එයා ගාථා කියන්න වුණේ හිත නිදහස් කරගන්න පහන් හැඟීමෙන්මයි .
බුදුන් වැඳලා ඉවර වෙලා එයා කිරි ගරුඬ බුදු පිළිමය දිහා බලාගෙනම හිතින් ප්‍රාර්ථනයක් කළේ නිදහස් හිතින්මයි. කලින් තිබුණු කරදරකාරී ප්රශ්නකාරී හැඟීමෙන් නිදහස් වෙලා හිත හොඳටෝම තැන්පත් බවක් මුසු ප්‍රසන්නතාවයකින් ඉපිලෙද්දි එයා සතුටින් හිනා වුණා.
" මං දන්නවා, මගෙ ජීවිතේ හරි ලස්සනයි. මේ ජීවිතේ තවත් ලස්සන කරන්න බුදු හාමුදුරුවනේ.. මට මිල මුදල් , යාන වාහන ඕනි නෑ.. හිතේ සතුට විතරක් තිබ්බොත් ඇති.. කවදාවත්ම තනිකමක් නොදැනී.. මට එච්චරමයි ඕනි.. මං දන්නෙ ඒ සතුට අරන් එන්න පුළුවන් එකම කෙනා ඒ අහිංසකයා විතරයි.. ඔව්, මගේ babybabe විතරමයි.. එයාව මගෙන් ඈත් කරන්න එපා.. මොන දේ මගෙන් උදුර ගත්ත වුනත් මගෙ අහිංසකයට මගෙන් ඈත් වෙන්න දෙන්න එපා.. අද birthday එක දවසෙත් මං ඉල්ලන්නේ එයාව විතරයි.. ඔව්, එයාව විතරමයි... "
එයා ඒ ප්‍රාර්ථනය කළේ ඇස් පියාගෙනමයි. සත්සිඳු wish කරයි කියලා එයාට බලාපොරොත්තුවක් නොතිබුණේ එයා ගැරඬියගේ birthday එක කවදද කියලා නොදන්න නිසාමයි.
මීළඟ කොටසට ...