Cherreads

Chapter 86 - 86EXTRA (BOL)

නිතේස් අයියෙ .....

....

මොනවද ඒයි ඔයා අරන් යන්නෙ .....මං ඇදුම් බෑග් එක හදන්නද.....යෝ...ඔහොම හූල්ලන්න එපා අප්පා...අපෙ සෙනෝන් කිව්වනෙ ඉරනම් කාරයා කොහෙ හරි ඉදලා හම්බෙනකන් වැරදි උන්ට අහුවෙනවා ඒකට හිත හදා ගන්න කියලා ඈ....යෝ මේ ළමයා කියන දේ ඩිංගිත්තක් අහන් නෑනෙ. ..සෙනෝන්ව හම්බෙන්න කලින් ඩියෝන් බබාත් ඉස්කෝලේ උන්න හෙඩ් පිපෙට් අයියත් එක්ක සෙට් වෙලා උන්නා ....කෝ දැන් එව්වා නෑනෙ...ඒවගෙ තමයි.....

......

අනික ඒ ගෑනු සතා බැදලත් ඉවරනෙ පුතේ...යෝහ්.....හ් හූල්ලනවා ඉවරයක් නෑ ඇත්තමයි නිතෙස් මට එන තරහට දැන් නම් ගහන්න හිතයි පිට පුපුරන්න....

අරූගෙ කන්කරච්චලේ ....නිතේස්...නිතේස්...ඉවරයක් නෑනෙ.....

පහලට වෙලා උන්න මම අරකගෙ ලවුස්පීකර් එකෙ සද්දෙට කන්දීගන උන්නා.....

.thanks god ඒකි බැදලලු...ඒකි බැදලත් මොකද මගෙ එකා නහින්ඩ හදන්නෙ...??බැන්දා මිසක් මැරුන් නෑනෙ....උඹට වඩා මමයි සමහරතැන්වල පව් අග්නි.....මොන කරුමෙටද මන්දා මං ආදරේ කරපු උන් මගෙම ඇස් පනාපිට මැරුනා .....එහෙම උනහම උඹට වඩා මටයි අමතක කරන්න අමාරු....

හිත හයිය කරගනින් මගෙ නිතේශ් .. ...උඹගෙ නැති උන හිනහව මං ආයම ගෙනත් දෙන්නම්.....මැරෙන්න තරම් ආදරෙයි කියපු උඹට...මම මැරෙන්න තරම් ආදරේ දෙන්නම්....

නිතේශ්ගෙ හොර ගෑනිගෙ කතා බතා අහන් උන්න මං තනියම කල්පනා කර කර ඉන්නකොට පහලින් දොරක් අරින සද්දයක් එනවා එක්කම මං ඉක්මනට මුවා උනා...

ඩියෝන්...ඕක අරින්න....

මං එබිලා බැලුවා පොඩි ට්‍රැවලින් බෑග් එකක් අතේ තියන් ආව එයා කාලිගෙ උක්කුවට ඕක අරින්න කියනකොටම මූ දූවලා ගිහින් ඩිකිය ඇරිලා .....

කෝ දෙන්න මං දාන්නම්....

ඕන් නෑ...යනවා ඇතුලට ....

ඇයි ..

ඇයි අහන්නෙ.....ඔහොම එලියට එනවද ඩියෝන්?

මගෙ ඇහිබැම එකට ඇකිලුනා .එයා හරි ඔහොම එලියට එනවද ....අර හොර ගෑනි ඇදන් උන්නෙ දනිහට උඩින් ආව ටී ශර්ට් එකක් විතරයි ...ඊටත් ඔලුවට අයිස් කැප් එකකුත් බස්සන්.....කකුලට වඩා තවත් යාරක් දිග සෙරෙප්පු දෙකකුත් දාගන.... 

ආ.....මෙහෙම එනවද අහන්නෙ....ඔයාට ඇතුලෙ ඉන්නකො නම් මේක දැක්කට කමක් නෑ...එලියට ආවම තමයි ඩෝන් යන්නෙ... අහකට වෙන්න අනෙ..... මලකෝලන්...සෙනෝන් වගේම තමයි ...

මං බලන් උන්නා...පුක එලියෙ....!!!

ඩිකියට නැවීගන එයාගෙ බෑග් එක හද හද උන්න ඒකා අවසානෙදි කෙලින් වෙලා ඉනට අත් දෙක ගහගන්නකොට මං අන්දකාරෙ ඉදන් බලන් උන්නා අරූ ගිහින් මගෙ තේශිගෙ ඇගේ එල්ලෙනවා....වඩාගන්න කියනවා...චුම්චු දෙන්න අහනවා....ගන්න අහනවා ..මට දුවලා ගිහින් ඒකව උදුරන් මහ පාරට විසිකරන්න හිතුනා...

ඌට චුම්චු දෙන්න මන් ඉන්නවා උගෙන් බොන්නත් මන් ඉන්නවා මගුල....

ඒ පාර මට මගෙ වරත්තු අග්නියව වැහුනා...නිඛිල්ව වේලාසන නිදිකරවපන්කො මැනිකෙ ගගා කන්කෙදිරි ගාන මගෙ අග්නියව මැවුනා...

අනෙ උඹට අහම්බෙන් වත් මතක් වෙනව නම්.....

මගෙ නිතේස් අයියෙ....

ඇයි බන් ඇයි....

ඔයා හෙට ගිහින් ආය එන්නෙ කවදද ..

අවුරුදු ඉවර වෙලා...

එයා හෙට යනවලු..කීයටද දන්නෙ නෑ යන්නෙ...අර පොඩි යකා කුනුහරුප කියන වෙලේ වැදගත් දෙයක් අහන් නෑනෙ....මගුල.....

මං තවත් චුට්ට කන් දික් කරන් අහන් උන්නා.එයා හෙට යනවා නම්...මටත් ඒ පස්සෙම්ම යන්න තිබ්බා...දිසානයක හාමුවගෙ වලව්ව බලන්න...

ම්හුක්ක්ක්

මොකද

.මොකද කියන්නෙ ඩියෝන් බබාට පාලුයිනෙ අප්පාවෙ....

ඇයි උඹගෙ මිනිහා ඉන්නෙ...

මිනිහෙක් උන්නට වැඩක් නෑ ඒයි... ඒ මිනිහා අර බඩකඩිත්තුවම කනවා කොයිවෙලෙත් පබ් ජී පබ් ජී පබ් ජී....මට නම් දැන් ඔය පක් ජී ගැහිල්ල එපා වෙලා තියෙන්නෙ නිතේස්.....

ම්න්...උඹත් ඉතින් අර ඇස් චූටි උන් ඉන්න ඒවා බලන්නෙ....

මොන ඇස් චූටි...

අර...රයිගම් ටොපිනී.....ගාන්නෙ කොයි වෙලෙත්

යෝ....රයිගම් ටොපිනී නෙවෙ ඒයි කින්පුස්...කින් පුස්....

මොන මගුල හරි.....උන් ඔක්කොම එක වගෙ.... කොරියන් උන්

යෝහ්...අපෙ සෙනෝන් වෙන්න හදන්න එපා....ඇස් චූටි හැම එකාම කොරියන් නෙවෙ ඒයි...තායි....චීන...කොරියන් ජපන්.....ඔහොම

අර මෝඩයා මගුල් කියවනවනෙ....යන වෙලාව අහපියකො රයිගම් සෝයාමීට් එකක් ගැන කියව කියව ඉන්නෙ ලබ්බ.....

මොන මොනවද එක දිගට කියවමල්න් යන පොඩි ඇටයා මගෙ තේශිගෙ අතක් ඒකගෙ අර පොඩි කැහැටු අත් දෙකෙම්ම අල්ලන් ඉස්සරහා පස්සට වන වන කතා කරන හැටි මන් බලන් උන්නා...මට පේන්නෙ මූ ශෙනෝනයටත් වඩා නිතේශ්ට ආදරෙයි ද කොහෙද ...පාලුයිලු...අරකලු මේකලු...මගෙ එකාටත් අත පය තියන් ඉන්න බෑ මල්ලිගෙ කියලා නොබලා හුරතල් කරනවා වලත්ත කම නම් අඩු වෙලා නෑ...

නිතේස් අයි....යේ...

ඇයි බන් ඇයි ....

ම්හුක්....

මොකද

ඔයා හෙට කීයටද යන්නෙ ....

හයට හතට විතර...

ම්ම්ම්..පරිස්සමින් ගිහින් එන්න මගෙ නිතේස් අයියෙ...මොකක් හරි පස්නයක් උනොත් අපේ සෙනෝන්ට හරි ඩියෝන් බබාට හරි කියන්න.....පාරෙ යනකොට කල්පනාවෙන් පුතේ ....

ඇති යාන්තන් ....වෙලාව කිව්වා....හයට හතට යනවා නම්..මට පහමාරට වත් මෙතනට ඇවිත් ඉන්න වෙයි..ඇයි ඉතින් එක වෙලාවක් කියලා නෙවෙනේ කිව්වෙ..... 

ඒ දෙන්නා උඩට ගියා.....අවසානෙදි ඇවිලුන හැම ලයිට් එකක්ම නිවිලා ගියා හැබැයි මගෙ ඊරිසියාව උපරීමේටම එන ප්‍රශ්න ගොඩක් මගෙ ඔලුවෙ ඉතිරි කරලා.....අර පොඩි ඇටයා මගෙ නිතේශ් ගාව නිදියයිද ...නිදියයිද නිදියයිද...

මාව පුපුරන්න ආවා...ශෙනෝන්ව හොයාගන ගිහින් මරලා හංගන්න හිතුනා....

ඌ ඇගේ ඇතිල්ලෙනවා...

හිටපන් පොඩි මෑන්...මම දවසක උඹගෙ නිතේස් අයියගෙ ෆ්ලැට් ඒකෙ පදිංචි වෙලා උඹව එලියට විසික් කරනවා...එහෙම නොවුනොත්...මම විතේන් නෙවෙ.....

ටකස්....

මම පාරෙ අයිබෙ තිබුන ගල් කැටේකට පයින් ඇන්නා.....ඒකි බැදලලු.....

අවංකවම මට පුදුම සැනසීමක් දැනුනා...මොකී උනත් මට ඒ නම අහගන්න බැරි උනා..එකක් මම හිතලම අහගත්තෙ නෑ....මොකද මගෙ නිතේශ් ගාව උන්න ඒකිගෙ නම ඇහුවොත් මාව පිච්චිලා යයි...නැත්තන් මේ ලෝකෙ ඒ නම තියන හැමෝටම මම වෛරකරයි...

මම ආත්මාර්තකාමී ...ටිකක් නෙවෙ...නොසෑහෙන්න...නොසෑහෙන්න....ඒ වගේ ආදරයක් නැති කරගන්න මිනිස්සු එක්කො පිස්සො වෙන්න ඕනා.....

නිතේශ්....සෙයෝන්...ම්ම්ම්...සෙයෝන්....සෙයෝන්....ඒ ඔක්කොටම වඩා....තේශි කියන නම ආදරනීයයි.....

.පාරෙ ගල්මුල් වලට පයින් ඇන ඇන ආව මම හිමින් හිමින් පඩි නගින්න ගත්තා...එයාගෙ තැන මගෙ ගෙදරට පේනවා නම්....ඒ ඇති...සමහර විට පේන්නත් ඉඩ තියනවා...

.දැන් අද රෑට නින්ද යන එකක් නෑ...

ම්ම්ම්....ම්ම්ම්.....

හිමින් හිමින් උඩට ආව මම එයාගෙ කල්පනාවෙන්ම පඩි පෙලෙම්ම ඇවිත් තිබුනා.....පහල ගෙවල් වල මිනිස්සු නිදි...උන් ඉතින් මිනිස්සුන්ගෙ මූනක් බලන උන් නෙවෙනේ...උදේට දැක්කොත් ලාවට මෝර්නින් කියන් දුවන උන්.....සමහර එකිලා දුවනවා...මිනි ස්කර්ට් එක කොයි වෙලෙ පලු දෙක දෙකට වෙන් වෙයිද කියන්න බෑ...ලිෆ්ට් එකට නගින උන්ගෙ මේකප් එක දැක්කම මට ගිහින් පිහලා ඔහොම නෙවෙ මෙහෙමයි දාන්නෙ කියලා කොයන්න හිතෙන දවස් තිබුනා.....

අනුන්ගෙ ගෑනුන්ට අත තියලා මැරුන් කන්නද?

ටික්....ටික්.....ටික්....ටික්.....

පාස්වර්ඩ් එක ගැහුවා.....1715...

දාහතයි පහලව.....හේතුවක් දන්නෙ නෑ..එදා අතට ආව පලියට ඔබලා දැම්මා...

කවුරුත් නෑ...පට්ට පාලුයි.....කතා කරන්න බල්ලෙක් වත් නෑ.....එයාගෙ ඵොටෝ දෙක තුනක් තවමත් බිත්තියෙ එල්ලෙනවා....එයා හිනා වෙනවා....සමහර තැන් වල බුම්මන් ඉන්නවා.....

..අදීශ්...

මට මිමිනුනා...පාලුවට ගියපු ගෙදර එයා තනියෙන් ඉදලා.....

.ඔයා හොද තැනක කොතනක හරි ඉපදෙන්න....ඔය දුඹුරු ඇස්....

මම ඔය ඇස් වලට රැවටුනා...

මම ඔය හිනාවට...රැවටුනා....

මට සමාවෙන්න අදීශ් .....ඒත්.....මම කිසිම තැනක.....ඔයාව රැවැට්ටුවෙ නෑ....හුස්ම ගන්න අන්තිම තත්පරේ වෙනකන් ඔයාට මම ආදරේ දුන්නා...

එයාගෙ ඵොටෝ එක ඉස්සරහා ඉදන් මම මිමිනුවා....ඒ දුඹුරු පාටා ඇස් දෙක දිහා බලන් මම මිමිනුවා...අවසානෙදි ඒ ඔක්කොමත් පැත්තක දාලා ගිහින් හිමින් සැරේ ඝනකම්.ජනෙල් තිරේ එහාට කරලා බැලුවා...එයාගෙ ගෙදර පේනවද කියලා .....

.

සැනසීමයි.....

.ඒක පේනවා...!!

මගෙ මූනට හිනාවක් ආවා.....බට්න් එකෙන් බට්න් එක ශර්ට් එකෙ බොත්තම් ගැලවිලා යනකොට මම ඵෝන් එක අරන් එහෙම්ම සෝෆාවට වැටුනා...නලින් ගෙදර යන්න ඇති...ම්ම්..එයා ගෙදර ගියාට...ගොලු වෙන්නෙ නෑනෙ...නේ...අපි කතා කරලා බලමු....

සපත්තු දෙක ගලවලා පිලිවලට තියපු මම එහෙම්ම සෝෆාවෙ හරස් අතට දිගාවෙලා කකුල් දෙක එලියට දැම්මා....දාලා නලින්ගෙ නම්බර් එකට ඩයල් කෙරුවා ...

රින්ග් වෙනවා...මං දන්නවා...මිනිහා අනිවාර්යයෙන්ම මගෙ නම්බර් එක දකිනකොටම මගෙ හත්මුතු පරම්පරාවම මතක් කරනවා කියලා අව්ලක් නෑ..මාත් උඹේ සෙවන්ත් පාර්ල් ජෙනරේශන් එකම හැදිගෑවියන් කියලා ඒකාලෙ කිව්වා...ඔව්වා ඔහොම තමයි නලින්...කර්මය පඩ්සන් දෙනවා කියන්නෙ නිකන් නෙවෙ පන්න පන්න..පන්න පන්න....උඹට මම සාප කෙරුවත් ඉතින් උඹ හැදිගෑවිලා නෑනෙ...ඔය යස අගේට ඉන්නෙ...කුට්ටි පිටින් පඩි ගන්නවා....හොද කාර් එකක් තියනවා...උඹ මට මොනවද දුන්නෙ....උඹ මගෙ කොල්ලට බෙහෙත් ටිකක් ගන්න යන්න නිවාඩුවක් ගන්න ඇහුවම ගෑනිව යවන්න බැරිද අහපු මිනිහෙක්...

නලින්...නලින්...නලින්....මම..ඒතරම් තිරිසන් නෑ..හැබැයි.....මම උඹට රිටර්න් එක දෙන්නෙ වෙන වෙන විදිහවලට...මැරෙන්න ඕනා කම තිබ්බත් මැරෙන්න බැහැයි හිතෙන විදිහට...අපි බලමු...

මම රින්ග් වෙන ඵෝන් එක දිහා බලන් උන්නා..දැන් ආන්ස්වර් කරයි දැන් ආන්ස්වර් කර්යි කියලා .....

.හෙ....ලො.....මිස්ටර් විතේන්....

නලින්.....

.ඔය...මං කිව්වෙ කටහඩ වෙව්ලනවා....ඔය කිව්වට හිතින් සාප කරනවා...

කියන්න මිස්ටර් විතේන්

කොහෙද ඉන්නෙ....?

ගෙදර...මේ දැන් ආවා විතරයි...

ම්ම්ම්...ම්ම්....හරි.....මම දෙයක් ඉල්ලන්න ගත්තෙ.....

මගෙන්...මොනවද මිස්ටර් විතේන් ...

මට දුවව ඕනා....

කැහ්.....කැහ්...ද්...ද්....ද්...

ආන්‍යව...පැයකට දෙකකට වගේ .....

කැහ්.....මි.....ස්...( අප්පච්චි .....අප්පච්චි ....අම්මීහ්...ඉක්මනට වතුර එකක් ගේන්නකො...අප්පච්චි කලන්තෙ දැම්මා....)

මට හිනා ගියා ...නලියගෙන් දුවව පැයකට දෙකකට ඉල්ලුවා විතරයි මිනිහට කලන්තෙ දැම්මා...ගෑනියි ලමයිනුයිද කොහෙද අප්පච්චි අප්පච්චි ගගා නහින්න හදනවා...ඒත් මම නෙවෙ කෝල් එක කට් කෙරුවෙ....මං අහන් උන්නා.....

කව්ද දුව ලයින් එකේ...

මිස්ටර් ....විතේන් ...අප්පච්චි ගෙ බොස්...

.කතා කරලා බලන්න.

අන්න රයිට් ....මටත් ඕනෙ දුවව...මම උගුර පාදගත්‍තා ....

හෙලෝ..මිස්ටර් විතේන් ....

හෙලෝ....මේ...ආන්‍යද ..නැත්තන්....

ආන්‍යා .....

අප්පච්චිට මොකද උනේ?

අනේ අප්පච්චිට කලන්තෙ දැම්මනෙ....

පරිස්සමින් .....

මිස්ටර් විතේන් ...අප්පච්චිට කියන්න

නෑ...අප්පච්චිට කියන්න දෙයක් නෑ.....මට ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද ??

මම කෙල්ල එක්ක කතා කරන්න ගත්තා....නලියා වගේ නෙවෙ....ඒකි අංකුට්ටියෙක්...

ඔයාට ගාන කීයක් ඕනෙද....පැය දෙකයි...නැත්තන් තුනයි...මට ඕනෙ මම කියපු එක වෙන්න විතරයි අනික....ඔයාටත් ඒකෙන් හොදක්බෙ වෙන්නෙ මිස් ආන්‍යා නේද ....වෙඩින් එකලග එකේ.....මොකද හොද පැක් එකක් දාගත්තම....ම්ම්ම්

මම කෙල්ලව ගානට නම්ම ගත්තා. ..ඒකිට යන්ත විසි එකක්ද කොහෙද ..ඒ උනාට ඇගපත තියනවා පෙනුමයි ...මගෙ අක්කා කියන්න පුලුවන් ...මුට පොඩි කාලෙ කිකිලො පැටව්න්ට ගහන බෙහෙත් විදලද නැත්තන් සිලිකන් පුරවලද මන්දා...කොහොම උනත් නලියගෙ දුව ලස්සනයි .එච්චරයි ...

හරි මිස්ටර් විතේන් .....මං එන්නම්....අප්පච්චිට කිව්වට කමක් නෑනෙ නේද....

අනිවාර්යයෙන්ම ....අප්පච්චිට නොකියා බෑනෙ අප්පච්චි ඇස් ඇරියද...කොහොමද එයාට....

අ...අම්මි වතුර ගහලා ගහලා ඇස් ඇරියා....දැන් හොදයි .. .....අප්පච්චි .....මිස්ටර් විතේන් කිව්වා මාව එයාට පැය දෙක තුනකට ඕනා කියලා ....දහයක් දෙනවා කිව්වා පැය දෙකට...මං යනවා.....( අප්පච්චි .....අප්පච්චි .....අනේ අම්මී.....හ්....අප්පච්චි ට ආය කලන්තෙ දැම්මා....)

...මම යටි තොල් හපාගන කෝල් එක කට් කරලා දැම්මා..ඒකි ඊට හපන්....එක්කො කියන්න ඕනා සැලොන් එකකට යන්න එන්න කිව්වෙ කියලා ..ඒකිත් කිව්වෙ මම ඒකිට පැයදෙකට දහදහක් දෙන්නම් කිව්වා කියලා.....අරකට ආයම කලන්තෙ දැම්මා.....

හද පායලා.....

කලුපාට කෝපි එකක් හදාගත්තු මම හිමින් සැරෙ මගෙ කාමරෙන් බැල්කනි එකට ආවා...මගෙ ගෙදර ලයිට් ඇවිලෙන්නෙ නැති තරම්...පිටින් දකින් මිනිස්සුන් හිතන්නෙම මේ ගෙදර කවුරුත් නෑ කියලා .....

මම් අන්දකාරෙට හුරු උනා.....අදීශ් ගෙ මරනෙත් එක්ක.....එයා නෙවෙ අග්නි කියන්නෙ කියන දේත් එක්ක....මම වැටුනා...වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටුනා...

එයාගෙ ගෙදර කරුවලයි...පාරෙ තියන කහ ලයිට් එලි....බිල්ඩින් උඩ තියන ඇඩ්වටීස්ට්මන්ට් බෝර්ඩ් වල ලයිට් එලි....මේ එලිත් එක්ක එයා ඉන්න පැත්ත මට පැහැදිලිව පේනකොට මම ඔහේ බලන් උන්නා...ගරාදි වැටට හේත්තු උනා .....

මට උඹ එක්ක ඉක්මනට කතා කරන්න ඕනා නිතේශ් .....මට උඹ එක්ක ආයම ඉස්සර වගෙ ඉන්න ඕනා...උඹ පොරොන්දු උනානෙ....හැමදාකම ආදරේ කරන්නෙ මටයි කියලා ...ඒත් අද උඹ දුකෙන්නෙ....

උඹම කිව්වා මගෙ කදුලු බලන්න බැහැයි කියලා .....අඩන්න හදන ඇස්වලට හැම දාම හාදු තියපු උඹම අද නොසෑහෙන්න අඩනවා...

මනුස්සයෙක් වෙන එක ඒතරන් ලේසි නෑ මගෙ අග්නි...

මනුස්සයෙක් විදිහට ජීවත් වෙන එකත් ලේසි නෑ....

ඒකයි මිනිස්සුත් සමහර තැනවලදී යක්කු වෙන්නෙ...

"මොල්ලිගොඩ වලව්ව..." උඹලා වලව් කාරයොලු...වංශක්කාරයොලු.....

ඉන්න එකම පිරිමි පරානෙත් උඹලු ..උඹටයි කියලා ජීවිතයක් නෑලු....උඹටයි කියලා නිදහසක් නෑලු ...හැම දේකිම්ම හිර වෙලාලු...

එහෙමයි මට කාලි කිව්වෙ.....

කමක් නෑ...මම ඉන්නවනෙ....මම උඹ ගාව ඉන්නම්....අන්තීම මොහොතේ හරි මම ඔය වලව්ව කනපිට ගස්සවන්නම් නිතේශ් .....

අපිට අමරු වෙයි...වලව්වක් එක්ක හැප්පෙනවා කියන්නෙත්.....ඒතරන් ලේසි දෙයක් නෙවෙ.....උඹට වඩා මට අමාරුවෙයි ..ඒත්...අපි ප්‍රාර්තනා කෙරුවෙ අදක ඊයෙක නෙවෙනෙ මගෙ නිතේශ් .....

කෝපි කෝප්පෙ තිබුන කෝපි උගුරෙන් උගුර අඩුවෙලා යනකොට මම අවසානම අඩියෙ තිබුන දෙහි පෙති දෙකයි කෝපි මන්ඩියි දැක්කා ....

මිනිස්සුත් හරියටම කෝපි කෝප්පයක් වගේ...ගිලිලා බලන්නම ඕනා අවසානෙදි මොනවද තියෙන්නෙ කියලා ...ගෑනු හරිටයම තේ බෑග් වගේ...වතුරට දානකන් හොයන්න බෑ කොයි තරම් ඝණකම්ද කියලා ....

අග්නි.....මගෙ ආදරනීයම නිතේශ් ...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ...අවසානෙ වෙනකන් අල්ලන් ඉමු....

හිස් කෝප්පෙ දිහා බලන් උන්න මම එයාගෙ අන්දකාර වෙච්ච ගේ දිහා එක පාරක් බලලා ඇතුලට එන්න ආවා....

පහමාරටවත් යන්න වෙනවා....කව්ද දන්නෙ හයට හතට යනවා කිව්ව්ට මිනිහා හයවෙනකොට ගියෝතින්...

මොකටත් කියලා ලැහැස්ති කරපු මිනි බැගේජ් එකට තවත් ඇදුමක් දාන ගමන් කල්පනා කෙරුවා ....

මේ පැය ගාන ඉක්මනට ගෙවෙන්වා නම්....

ඇදුම් ලෑස්ති කරලා ඇදට වැටුන මම සිය වතාවක් එකම දේ හිතුවා...පැයෙන් පැය ගෙවෙන්නෙත් ඉබිගමනෙන් වෙනකොට මම පාන්දර තුනට විතර නැකිටන් එක එක විකාර බලන්න ගත්තා සින්දු ඇහුවා...මේ මහ පාන්දර ජොගිනුත් ගියාම්..ඒකත් එයාගෙ ගේ ඉස්සරහා.....

මිනිස්සු හිතයි මම පිස්සෙක් කියලා...නැත්තන් පාන්දර තුනහමාරට මොකාද ජොගින් යන්නෙ....??

මම එයාගෙ ගේ ඉස්සරහින් එහාට දිව්වා..මෙගාට දිව්වා.....වෙරලු ගහක් වත් තිබ්බා නම්...ගහ දිගේ බඩගාලා බැල්කනි එකට වත් නගින්න තිබ්බා.....

මම උරහිසේ තිබුන පොඩි ටවල් එක අරන් මූන පිහිදනවා එක්කම එයාගෙ ගෙදර ලයිට් එක පත්තු උනා.....

ඒ කියන්නෙ මෙයා නැගිට්ටා.....

හැබැයි ආයම නිව්වා...මොනවා හරි මගුලක් හොයන්න ලයිට් එක දැම්මා වත්ද???

වෙලාව හතරයි කාලයි...නාගන ඇදගන්නකොට වෙලාව යයි....

මම පාර පැනලා ආයාම දිව්වා...

ආ....යිශ්...මේක හරියන් නෑ....මේකත්.....එපා.....

මම් ඇදුම් සීයක් විතර ඇන්දා...ගාන්න පුලුවන් හැම දේම ගාල ගාලා නාපු මම ඇදුම් පන්සීයක් විතර ඇන්දා....

බිබික්කම් පාටයි....ශිහ්...

රෝස පාට ඇන්දම බිබික්කමක් වගේ....

මම ඇදන් උන්න ටී ශර්ට් එක් ගලවලා විසික් කරලා අවසානෙදි කලු ඇදුමක් ගත්තා...මැග්නට් කරාබුවයි...හරි.....ම්ම්ම්....ඔය ඉන්නෙ.....

ට්‍රැක් කිට් එකක් ඇදපු මම අවසානෙදි මගෙ දිහා බලන් ඉදලා එයාගෙ ලයිට් ඇවිලෙන ගේදිහා බලන් උන්නා....එයා තව චුට්ටෙන් ඒවි....මට කතා කරන්න බැරි උනත්....ඈතින් ඉදන් මුජ්න වත් බලන්න ඕනා මගෙ නිතේශ් ....

මම බලාගන උන්නා.....ඒ එක්කම මේසෙ උඩ තිබුන මගෙ ඵෝන් එක රින්ග් උනා...

Unknown number ....කාගෙද.....ශෙනෝන් ගෙ වෙන්න ඕනා...

මම එහෙම්ම ඵෝන් එක ආන්ස්වර් කරලා කනෙ තියා ගත්තා...

හෙලෝ.....ශ්...ශ්.....විතේන්.....

කියන්න ....

මන් හිතුවා...හරි...එයා කාලි....ශෙනෝන්.....ඒකගෙ කටහඩෙ නිදිමත බේරෙනවා...

මම...ගෙදර ආවා.....තව චුට්ටෙන්....නිතේශ් ...අග්....නි...අග්නී.....

මම යන්නම්.....වෙන්න ඕන මොනවද...කරන්න ඕනා කොහොමද .....ගියහම කියන්නම්....

මම කෝල් එක කට් කරල දැම්මා.....කට් කරල දාලා මම ඇදුම්.බෑග් එකත් අරන් අඩ අන්දකාරෙම කාර් එකට නැග්ගා...

විනාඩියයි.....

දෙකයි....

තුනයි....

හතරයි....

මම උන්නෙ එයාගෙ ගෙදරට පොඩ්ඩක් මෙහායින්....එයාගෙ කාර් එක තියනවා...ගෙදර ලයිට් පත්තු වෙනවා....තවමත් වෙලාව පහමාර හින්දම පාර දිගට තිබුන කහපාට ලයිට් එලි දිහා මම බලාගන උන්නා වගේම මාව පහු කරන් එයාෆෝර්ස් එකේ ට්‍රක් එකක් ගියා...

අතට ගත්තු බබල් ගම් එක කටේ දාගත්තු මම බලන් උන්නා....තවම නෑ.....

ම්ම්ම්ම්.....තව චූට්ටක් ඉස්සරහට යමු....බෑ...බෑ...එතකොට නෝට් වෙනවා...මෙහෙම්ම ඉමු.....

මම මා එක්කම කතා කරගන්නවා එක්කම එයාගෙ කාර් එකේ රතුපාට ලයිට් පත්තු උනා...

අන්නා ආවා.....

ම්ම්ම්...ම්ම්....අර ඉන්නෙ.....අර අර....ඔය උදෙම්ම කේ කෝප වෙනවා...අර පොඩි ඇටයා නේද ....බෙල්ලෙ එල්ලෙනවා...ඉඹිනවා ...ශෙනෝනයා...මූට ගානක් නැද්ද????

ඇහිබැම රැලි වෙලා යනකොට මම උන්ගෙ මලකෝලන් බලන් උන්නා.....අවසානෙදි නිතේශ් කාර් එකට නැගලා යන්න යනවා එක්කම මමත් කාර් එක ස්ටාර්ට් කරගන එහෙම්ම ඉස්සරහට ආවා...හැබැයි ආයම එයාගෙ සැලෝන් එක ගාවින් ස්ලෝ කෙරුවා ...වෙනමොකටවත් නෙවෙ අර පොඩි එකාගෙ මුනකට සමතලා කරල දාන්න.....ඒත් ..ඌව් තරහ කරගන්න බෑ...වෙන මොකටවත් නෙවෙ...ඌ නිතේශ්ට ආදරෙයි.....ඌව හොදින් තියාගත්තොත්....තමයි....මට නිතේශ්ව ගන්න පුලුවන් වෙන්නෙ...ම්ම්ම්...ම්ම්ම්

මම ශෙනෝන්ගෙ අතේ එලීගන යන ඇටයා දිහා බලලා එන්න ආවා.....

එයා යනවා....

මම එයාගෙ පස්සෙන් යනවා....සමහර තැන් වලදි මම එයාව පොඩ්ඩක් ඉස්සර කෙරුවා .....සමහර තැන්වලදි මම එයාට ඉස්සර වෙන්න දුන්නා...සමහර තැන්වලදි මම එයා සමානව ගියා.....ඒත් තත්පරයයි...මට ඒ මුන දිහා බලන්න ඉන්න පුලුවන් උනේ තත්පරයයි.....

චුට්ටක් වැවුන කොන්ඩෙ.....කන් දෙක් පුරාවටම එල්ලෙන හැට්ට කටු සිප්පිකටු එක්ක කලු පොරවන් උන්න් මගෙ නිතේශව මම දැක්කා...

ඒ මූනෙ කිසි හිනාවක් නෑ.....

උදෙ කියලා නෑ...අතේ සිගරට් එකක්.....

උඹ ඒකි මත්තෙ ඔහොම නැහෙන්න ගියෝතින්....මට දෙන්න ආදරයක් ඉතිරුවෙයිද මගෙ නිතේශ් ...

.උඹ මේ ටික දවසට අඩපන්...මම ආවට පස්සෙ...මා එක්ක ඇති තරම් හිනා වෙයන් මගෙ නිතේශ් ...උඹ නොදන්න ජීවිතේ...මම උඹට උගන්නන්නම්...

මට හුස්මක් පිට උනා...එයාගෙ මැල උන මූන දැකපු මට ලොකු හුස්මක් පිට උනා.....කමක් නෑ...සමහරක් වෙලාවට ලොකූ හුස්මක් අරන් හැම දෙම හරියයි කියලා හිත හදාගන්න වෙනවා....

මම එයාට ඉස්සර වෙන්න දීලා යන්න දුන්නා...සැරින් සැරේම එයාගෙ ස්පීඩ් ඒක වෙනස් වෙනවා .....

යකො!!!.....

මට කෑ ගැස්සුනා.....කොහෙ මගුලෙ බලන් යනවද මන්දා මම ස්‍ටියරින් වීල් එකට ගැහුවා....

තැනින් තැන්වල ඔහේ ගියපු එයාගෙ කාර් එක ටිපර් එකකට හැප්පෙන්න යනවත් එක්කම මම කෑ ගැහුවා.....එයාගෙ ඔලුව සම්පූරනම අවුල් වෙලා....

මට තේරෙනව...මාත් උඹ වගේම ඔය විදිහටම කාලයක් මැරෙන්න හැදුවා....මට තේරෙනවා මගෙ නිතේශ් ....

මම ආයම පාරක් ඉස්සර කරලා එයාගෙ මූන දිහා බැලුවා....එයා උන්නෙ කෝල් එකක...ශටර් එක ඇරගන.....මම හිමින් සැරෙ මගෙත් ශටර් එක ඇරියා.....එයා කෑ ගහනවා...අතපය ගහනවා.....

මගෙ ඔලුව කන්න එපා.....මගෙ ඔලුව කන්න එපා අම්මෙ ....මේ එනගමන්....ඇයි යකො.....

මම බලන් උන්නා..එයා ස්ටියරින් විීල් එකට ගගහා මොනවා හරි කියනවා.....මෙච්චර වෙලාම ඔහේ ආව ඒයා ඊලග පාර කාගන යන්න ගත්තා...මේ මනුසයා අවුරුදු දාම මැරෙන්න හදනවා....කොළඹින් නුවරට එනකොට එන්න එන්නම වාහන තදබදේ වැඩි උනා.....එයාගෙ කාර් එක මට මග ඇරිලා යනකොට මම ආයම වාහන අස්සෙනෙ එකා එකා ඉස්සරහා කරන් සුද්දා විදපු ගල පහු කරනවත් එක්කම එයාව හොයා ගත්තා.....

එයා ඩ්‍රයිව් කරනවා....තනි අතෙන්....අනිත් අත ඇරපු ශටර් එකේ.....

මොල්ලිගොඩ මැනිකෙලා එසේ මෙසේ උන් නෙවෙ වගේ...ශෙනෝන්ගෙ කතා දශමෙන් දශමෙ යතාර්තයක් වෙනකොට නුවර වැව රව්මෙදි එයාගෙ කාර් එක ස්ලෝ උනා....

මම බලන් උන්නා...

එයාගෙ කාර් එක නැවතුනා...

ගෙන්දගම් පොලවෙන් දුම් කාගන ආව එයා අවසානෙදි සෙංකඩගල දි හුස්මක් ගත්තා....

මම බලන් උන්නා..එයා දැන් බහීවි දැන් බහීවි කියලා .....

දොර ඇරුනා....එයා බැස්සා...හැබැයි නිකන් නෙවෙ...පපුව අල්ලගන.....පපුවට අත තියාගන.....

නිතේශ් ...ඇයි මේ...

මට දාඩිය දාන්න ගත්තා හයියෙන් හයියෙන් හුස්ම අල්ලන එයාව දැක්කම මට පපුවෙ අමාරුව ආව අදීශ්ව මතක් උනා.....එයා මැරිලා ගියේ මගෙ ඇස් පනාපිට වෙනකොට මට බලන් ඉන්න බය හිතුනා බලන් ඉන්න බැරි උනා...ශීට් බෙල්ට් එක පන්නපු මම කාර් එකෙන් බහින්න යනවත් එක්කම එයා ටික වෙලාවකින් එහෙම්ම පාර මාරු වෙලා වැව රවුමෙ බංකුවක ඉදගත්තා .....

ඔහේ බලන් උන්නා.....ඒ ඇස් කොහෙ බලන් ඉන්නවද කියන්න මට පෙනුන් නැති කොට මම හෙමින් සැරේම ගිහින් වම්පැත්තෙ කඩල කරත්තයක් තියන් උන්න මනුස්සයා ගාවින් ගිහින් හිටගත්තා ....කඩල සුවදයි....

තැම්බෙන කඩලවල සුවද වැව රව්ම වහගන්නකොට මම කඩල ගොට්ටකට සල්ලි දීලා කදුලු පිහ පිහ දලදාව දිහා බකන් උන්න මගෙ " දිසානායක හාමු" දිහා බලන් උන්නා....

.උඹ අඩනම තැන මට උරහිස දෙන්න බැරිව මමත් අසරනයි මගෙ තේශි.....ඔය වගේ චූට්ටම චුට්ටක් ඉවසපන්...උබ කිව්වා වගේම මම උඹව හොයා ගත්තා ...

තැම්බුන කඩල ඇටයක් දත් අස්සෙ පොඩි වෙලා යනකොට කූනිස්සගෙන් ආව ලුනු රස දිවට දැනුනා.. මෙච්චර වෙලාම දුකෙන් වගේ දලදාව දිහා බලන් උන්න එයා ආයම හිමින් හිමින් ගිහින් කාර් එකට නගිනකොට මමත් ගිහින් කාර් එකට නැග්ගා....

එයා යනවා.....ඔහේ යන්නම් වාලේ යනකොට මම එයාට යන්න දීලා හිමින් හිමින් ආවා...සැහෙම දුරක් ආවට පස්සෙ එයා එහෙම්ම කාර් එක හැරෙව්වා.....හරවලා ටික දුරක් ගිහින් එහෙම්ම ආයම පාරක් හැරෙව්වා ....

අර තියෙන්නෙ ....වලව්ව.....සුදුපාට රටහුනු ගාපු මොල්ලිගොඩ වලව්ව....

කාර් එක අයිනකින් නවත්තපු මම හිමින් සීරුවෙ බැස්සා.....රෙදි හැට්ටා ඇදගත්තු වයසක උන්දලා දෙන්නෙක් රබානක් උස්සන් හරි අමාරුවෙන් යනකොට මම ඉක්මනට ගිහින් රබාන ඉල්ල ගත්තා....

අත්‍තම්මෙ 

අනේ මන්දා...නුවර මිනිස්සුකතා කරන්නෙ එහෙමනෙ...අපිට අත්තම්මලා නෑ...ග්‍රැනීලා පප්පලා ඉන්නෙ.....

අත්තම්මෙ කියපු මා දිහා කටු ගැහුන නහර පෑදුන වයසක උන්දලා දෙන්නා ඇස් හීනි කරලා බලන් ඉදලා බුලත් කහට බැදුන දත් පෙන්නලා හරි බයාදු විදිහට හිනා වෙනකොට මම වලව්ව දිහා බලලා හිනා උන....

වලව්වටද යන්නෙ....දෙන්න මම ඕක ගිහින් දෙන්නම්...

ඔය මහත්තයා...පොඩි...බේබිගෙ...

ආ...ඔව්..ඔව්....පොඩි බේබිගෙ....යාලුවෙක්....

අනේ මහත්තයො...ලොකු මැනිකෙ ඔලුව කාවි.....

අනෙ උන්දලා බය උනා...පොඩි බේබිගෙ යාලුවෙක් කිව්වා විතරයි උන්දල බය වෙනකොට මම මගක් ගිහින් දෙන්න පොරොන්දු වෙල රබාන උස්සන් කන්ද නැග්ගා....

ගේට්ටුව.....

උගුරැස්ස ගහ....

මම උගුරැස්ස ගහ ගාවින් නැවතිලා රබාන තියලා වටපිට බැලුවා...

මොරිස්මයිනර් කර් එකක්...එයාගෙ කාර් එක ..තවත් කාර් දෙක තුනක්....

මම ආපිට හිමීට පස්සෙන් පස්සට ගියා...මෙතන ඉන්න බෑ....ඇහුවොත් දෙන්න උත්තරත් නැති වෙනවා.....වයසක උන්දල දෙන්නා දෙකට නැවීගන පිටිපසට යනකොට මම වලව්ව දිහා බලලා එන්න හැරුනා වගෙම කැරකොප්පුවක් එක්ක ඈතින් පේන වැව දැක්කා...

මොල්ලිගොඩ වලව්වා මෙකයි එහෙනම්...

දිසානයක හාමු....මම එන්නම්කො.....

රන්මලී ....බේබි හාමුගෙ කාර් එක හෝදපන්....!

🤭👉👈ජොබී....දැන්...නිදහස්....

පුම්චි පැටියා බයි කන්න යන්නෙ.....

ඔය ලමයිනුත් කන්ඩෝ.....

ආයම එන්නම් ඈ.

ටටා...

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters